බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Wednesday, July 28, 2010

    රියෙන්සි,එජාපය සහ අපි

    ක්ෂණික ප්‍රතිචාර : 
    ලංකා ඉතිහාසයෙ පලමු වතාවට පක්ෂයක් වෙනුවෙන් මිනිසෙක් සිය දිවි හානි කරගත්තේය.නෛතිකව බැලූ විට ඔහුගේ ක්‍රියාව වරදක් වුවත් ඔහු එමගින් සිය පක්ෂයට දුන් පණිවුඩය එජාපයට මෙන්ම රටටද ඉතා වැදගත් ය .
    දිගින් දිගටම අන්ත පරාජයන්ට පත්වූ එජාපයට ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව තදින්ම තිබුනත් ප්‍රතිසංවිධානය නමින් මේ වන විට සිදුවෙමින් පවතින්නේ කල්ලි බෙදී  එකිනෙකාට බැන ගැනීමත් නායකත්වය වෙනස් කිරීමට දරන් උත්සහයත් , වර්ථමාන නායකත්වය ඉන් බේරීමට කට්ටි පැනීමත්ය .පසු ගිය කාලය පුරාවට රටේ උද්ගතවූ  දේශපාලනමය  අවස්ථාවන් හිදී එජාපයෙන් පරස්පර අදහස් කිහිපයක් ඉදිරි පත්වීම එජාපයේ බෙදීමට කදිම නිදසුනකි.එක්ව මිස වෙන් වෙන් ව හිඳ ලැබිය හැකි ජයක් නොමැතිය යන හෝඩි පන්තියේ සිද්ධාන්තය තම පක්ෂයේ වග කිවයුතු  නායකයින්ට නොවැටහීම රියෙන්සි අල්ගම මහතා කලකිරවන්නට ඇත.
    එජාපය බෙදී වෙන් වී යැම රජයට නම් සතුටට කරුණක් වන මුත් රටේ සාමාන්‍ය ජනතාවට නම් එය සුභවාදී කාර්ණයක් නොවේ , මන්ද යත් විකල්ප  බලවේගයක් නොමැති තැන ඕනිම රජයක් පිස්සු කෙලිනා බැවිනි.නමුත් රජයට විකල්පයක් වනව තබා එක මතයක් දැරීමට තරම් වත් එකඟතාවයක් එජාපය තුල නොමැති වීම සැබවින්ම කණගාටුවට කරුණකි .

    බොහෝ එජාප පාක්ෂික යින් මෙන්ම සාමාන්‍ය ජනතාවත් එජාපයේ අර්බුදයට විසඳුම ලෙස දකින්නේ වර්ථමාන නායකයා එලවා දමා නව නායකත් වයක් පත් කර ගැනීමයි. වර්ථමාන එජාප නායකයාගේ බොහෝ අඩුපාඩු ඇතත් ඔහු වෙනුවට බොහෝ දෙනා සිතන විකල්පය එජාපයේ නායකත්වයට හෝ රටේ නායකත්වයට කෙතරම් සුදුසු කමක් මේ වන විට දක්වා ඇතිද යන්න ගැඹුරින් සිතා බැලිය යුතු කරුණකි . හම්බන්තොට කැඩුනු පාරකට වඩා වැඩි දෙයක් රජයෙන් විමසීමට නොහැකි/උනන්දුවක් නොමැති ඔහු ජාත්‍යන්තර කටයුතු මෙන්ම එජාපයේ හදවත බඳු දක්ෂිණාන්ශික ආර්ථික ප්‍රතිපත්තිය පිලිබඳ දරන මතය එජාප රජයකින් ජනතාව බලාපොරොත්තු වන හා ජනතාවට ලැබිය යුතු වාසීන් නොලැබී යාමට හේතුවක් විය හැකිය. මෙම තත්වය වඩාත් බරපතල වන්නේ මේ වන විටත් එජාපයේ අත්දැකීම් බහුල බොහෝ දෙනෙක් රජය සමඟ එකතු වී සිටීම නිසයි.රනිල් හා කරු ඉවත්ව ගිය පසු ඉතිරි වන්නේ තරුණ කණ්ඩායමක් සමඟ මුසුවු රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් අඩු ජේෂ්ටයින් පිරිසකි.
    සැබවින්ම එය ආධුනික කණ්ඩායමක් හා පලාත් කණ්ඩායම් වල ක්‍රිඩකයින් පිරිසක්, ආධුනික නායකත්වයක් යටතේ ලෝක කුසලාන තරගයකට ‍යැව්වා හා සමාන විය හැක.සහජ දක්ෂතාවක් හෝ,කනා පල්ලමක් හරි ගියොත් විනා එවන් කණ්ඩයමක් සාර්ථකත්වයට පත් වීමට ඇති ඉඩ අල්පය. නමුත් රට,ජනතාව මෙන්ම එජාපයත් එවන් අවධානමකට ලක් කල  යුතු නැත . සියලු දෙනා එක්වී තම පක්ෂය ගොඩනඟා ගැනීම, තම තමන් ගේ අඩු පාඩු කම් සකස් කර ගැනීම පක්ෂය වෙනුවෙන් මිය ගිය රියෙන්සි මහතාගේ මෙන්ම තිස් ලක්ෂයකට අධික එජාප පාක්ෂිකයින්ගේ  බලාපොරොත්තු  ඉටුකරලීමක් වන අතර රටේ බහුතර ජනතාවකගේ හිත සුව පිනිසද හේතු වනු ඇත.එසෙත් නොමැතිව දශක දෙකකට පෙර අවසන් වු, අදට කිසිසේත් නොගැලපෙන ප්‍රේමදාස යුගයක් යලි ගෙන එන්නට තැත් කිරීම රටට වත් එජාපයටවත් වැඩදායක නෝවේ !

    Thursday, July 22, 2010

    ආදරණීය මුරලි (He is a legend and He is the BEST)

    ක්ෂණික ප්‍රතිචාර : 
    ලොව බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ටෙස්ට් පිටියෙන් සමු ගත්තේය. විශිෂ්ටයෙකු විලසින්ම සමු ගත්තේ ය. තම අවසන් තරඟය සඳහා කිසිවෙකුත් බාර නොගන්නා තරමේ අභියෝගයක් කරට ගත් මුරලි, එය ජයගන්නේ තමා විශිෂ්ටතමයා බව යලිත් ලෝකයා හමුවේ තහවුරු කරමිනි  .
    ටෙස්ට් පිටියට සමු දුන්නත් පන්දු වාර 50  T20 හා  IPL තරඟ වලදී ඔබගේ දක්ෂතා දැකගන්නට ලැබීම ක්‍රීඩා ලෝලී සැමගේ බලාපොරොත්තුවයි . මවු බිමට සැබෑ අලෝකයක් ගෙන දුන් ආදරණීය ක්‍රිඩකයානෙනි ඔබට මාගේ උත්තමාචාරය !

    Photo From - dhaka-pic.blogspot.com

    Sunday, July 11, 2010

    අහෝ විමල්!

    ක්ෂණික ප්‍රතිචාර : 

    බඩ ගින්න වැඩි කමට මහරජතුමා "මූන්" ලෙසට පෙනුණු නිසා දෝ , මහා දේශප්‍රේමී විමල් මැතිදුන් සිය මාරාන්තික උපවාසය මැරෙනවා තියා ,මැරෙන්න හිතන්නත් කලින් අවසන් කලේය.ජනතවගේ පැත්තෙන් එය ඉතා යහපත් වුවත් විමලයා ගැන නම් දුකය .බඩ ගින්න කෙසේ වෙතත් මේ යකා දවස් 2ක් තුම්මුල්ලේ බුදිය ගත් එකට වත් වැඩක් නැත .මහරජ දුටු විගස සියල්ල අවසන්ය.මා කලින් බ්ලොග අවසන් කලේ විමල් ගැන නිදහස් පක්ෂය අවධානයෙන් සිටිය යුතු යැයි පවසමිනි , ඇතැම් විට මහරජ තුමාටත් එසේ සිතුනා විය හැක(රජයේ ඇතැම් අමත්‍ය වරුන් උපවසය  ගැන ප්‍රසාදයක් නොදක්වන බවටද මාධ්‍ය වාර්ථා පල විනි )
    එසේ නොමැතිව මෙය අයවැය අමතක කරවීමට රඟදැක් වූවක් නම් විමල් යනු බොක්කෙන්ම රාජපක්ෂියෙකි !

    ඡයාරූපය lanka thruth වෙතිනි

    Saturday, July 10, 2010

    උඩවලව

    ක්ෂණික ප්‍රතිචාර : 
    මෙ තියෙන්නෙ උඩවලව වැව. හැමෝම හොඳට දන්න තැනක් ,අඩු තරමින් අහල තියන තැනක්. මේ හවස 6.30 ට විතර මම හිතන්නෙ .ඒ වෙලවට වැව උඩ පාරෙ ගොඩක් දුර යන්න බෑ මේ හරියට නම් යන්න පුලුවන් . හරිම ලස්සනයි. මගේ phone එකෙන් ගන්න බෑ ඔයිට වඩා හොඳට.ඒත් වෘත්තීය ඡයාරූප කැමරාවක් තියනව නම් නියම photos ටිකක් ගන්න පුලුවන්,ආ.... තව එකක් ඔය 3 වන රූපයේ තියන පරිදි (ඊතල ) විදුලි වැට අහුවෙන්න ගන්න එපා ,ඒක මගඇරල ගන්න

    වැදගත්:- විදුලි වැට කිව්වට මේ වෙලාවට විදුලිය නැහැ..ඒත් පරිස්සම් වෙන්න විදුලිය නේ .... police Uncle ලා  ඉන්නව ඒ අය කියන දෙ අහන්න(අඩු තරමින් මේ වගෙ තමන් නොදන්න පලාතකදි )

    (නිසි අවසරයකින් තොරව ඡයාරූප උපුටා ගැනීම තහනම් !)

    Friday, July 9, 2010

    වීරයෙකු වු විමල් සහෝදරයා !

    ක්ෂණික ප්‍රතිචාර : 
    විමල් නැවතත් කරලියට පැමින ඇත,රූපවාහිනි ගුවන් විදුලි පුවත් පත් පමණක් නොව බ්ලොග් කරුවන් ද ඔහු ගැන කතා කරයි(අනුනට කියන ගමන් මම ද කතා කරයි ).මට හිතෙන හැටියට විමල් දැනටමත් තම අවශ්‍යතාවන් බොහෝ දුරට ඉටු කරගෙන හමාරය

    01) යුද්දෙන් පසු අවතැන් උන "දේශප්‍රේමය " නැවත විකුණා ගැනීම(මේ යකා විකුණන්න දන්නේ මෙච්චරය)
    02) ජාතික ලයිස්තු කතාවෙන් පසු මහරජතුමාගෙන් කැපුන ලකුණු ටික ලබාගැනීම
    03) රජයේ මාධ්‍ය වලින් පවා හැලෙමින් තිබුනු තමා ගේ රූපය, සියලු මාධ්‍යන්හි ප්‍රචාරය කරවා ගැනීම
    04)බහුතර ජනතවගේ අනුකම්පාව දිනා ගැනීම(ස්වර්ණවහිනිය මේ සඳහා පැල් බැඳගෙන වැඩය)

    සරලවම කියතහොත් "පොරක්" වීම ඉටුකරගෙන හමාරය,බ්ලොග් ලියන කියවන සමාජය ඇතුලු යම් පිරිසක් මේ සමයම අවබොධ කරගත්තත් ග්‍රමීය බහුතරයක් ජනතවට විමල් දැන් වීරයෙකි (මාධ්‍ය විසින් වීරයෙක් බවට පත් කරමින් සිටියි )

    නායකයකු සොයමින් පිස්සු නටමින් සිටින UNP යත් ඇදගෙන විරුද්ධ මතවාදයක්ද හදා ගැනීමට මොහු සමත්ව ඇත. මතයක් ජනප්‍රිය කරවීමට විරුද්ධ මතයක් අවශ්‍ය වන අතර UNP ය විසින් නොමිලේම සේවාව සපයයි.දෙශද්‍රොහි හංවඩුව හිසෙම ගසාගෙන සිටින විපක්ෂනායකතුමාම එම සෙවාව සපයන විට විමල් සහොදරයාට දැනෙන අතල් එකත් සුලුපටුනැතුව ඇති

    මේ යකා නටන මේ සමයමෙන් අපිට සිදුවනුයේ .නිදහසේ  පාරේ යන්නට බැරි වීම , හදිසියට වත් බත් කන ගමන් වත් NEWS බැලීමට නොහැකි වීම වැනි පොඩි කරදර 2 ක් 3 ක් පමණි(විමල් කියන විදිහට මාතෘභූමිය වෙනුවෙන් නිසා ඉවසා සිටීමට බැරිද නැත )
    නමුත් රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන මේ විකාරයෙන් රටේ කීර්ති නාමයට යම් පමණකට හෝ සිදුවන හානිය නම් රජය විසින් අවබෝධ කරගත යුතුව ඇත .
    ඒ නැතත් හෙට අනිද්දා විතර පොලිසියෙන් බලෙන් උස්සාගෙන යාම නිසා(මූන් කාරයා කමිටුව අයින් කරගනිවි යැයි නොසිතෙන නිසා)  ජීවිතය බේර ගන්නා විමල් මැතිදු ගෙන් නිදහස් පක්ෂය ප්‍රවෙශම් විය යුතුය

    තව හොඳ නැටුම් ඉදිරියටය !

    මේ photo එක නම් කවුරු ගත්ත එකක් ද දන්නෙ නැ, මම ගත්තෙ Taboo Subjects ගෙන්

    Thursday, July 8, 2010

    ආයුබෝවන් !

    ක්ෂණික ප්‍රතිචාර : 
    ආයුබෝවන් ! බුවත් Blog ලියන්න කියල හදන්නෙ. පුලුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිත්, තියන දෙයක් කියවල කමෙන්ටුවක් එහෙම දාන්න කියල මම හැමෝටම ආරාධනා කරනව .
    Related Posts Plugin for WordPress, Blogger...