Skip to main content

කරටි කඩමු, හකු පන්නමු [part2] - මෙහෙම ගියොත් නම් කරටි කැඩෙන්නෙ අපේය

කලින් කිව්ව ආතල් ටයිම් එක ඇවිල්ලාය . ඒත් තව පොඩ්ඩෙන් පොලිස් පති තුමා අපෙ ආතල් කුඩු කරනවාය. එ කිව්ව විදිහට මැච බලන්න ගියා නම් අපිටත් වෙන්නේ උන්නැහේ වගේම නිදාගන්නය   . දැන් යන්තම් ගෙනියන්න දෙන්නෙ නැත්තේ බොතල් විතරය. බෝතලයක්වත් නැතුව වැඩෙ ටිකක් අස්පැට් උනත් කලින් කිව්වාට නම් වඩා ශේප්ය .සෙට් එක හිටියේ අම්බානක බය වෙලාය , ඒ බුදු දුකක් විඳලා ගත්ත ටිකට් අපරාදෙ කියාය මෙලෝ රහක් නැතුව මැච් බලලා වැඩක් නැය . ඒ සල්ලි ටික එකතු කරලා අමු මිරිස් කිලෝවක් වත් ගන්න තිබුනා කියා අපේ උන් ඇඬුවාය . අන්තිමට ඇමතිතුමා ගේමට බැස්ස නිසා ගොඩ ගියාය .එතුමාට බොහොම ස්තුතුයිය...

මේ ටෝක් දුන්නාට මට ස්ටේඩියම් යන්න දුන්නෙ නැය , තුනේ ඉඳන් නැගිටල ගිහින් ගත්ත ටිකට් එක අපරාදේය .

අපේ මස්සිනාට ස්විප් එකක් ඇදිලාය , ඌ ඒකෙන් දාර සයිස් ටිවි එකක් ගෙනල්ලාය , ඉතින් අපෙ අක්කා මට ස්ටේඩියම් යන්න දුන්නෙත් නැය

 " මැච් බලන්න එන ගැනුන්ගෙ _ _වල් බලන්න යන්නෙ නැතුව , ඔන්න ඔයෙ හිටු . ඉටෙඩියං එකේ හූණු බිජ්ජ වගෙ බලන්න ඔනිද  මේ තියන්නෙ පිචැර් හෝල් එකෙ වගෙ "

       කියා අක්කා සත්තමක්  දැම්මාය .මමත් ඉතින් පොඩි චරුචුරු වක් දැම්මාය .

 "තොට ඔනි මගුලක් කරපිය හැබැයි පුතො ලගින්න තැනකුත් හොයාගෙන , ඔවයෙ ගිහිල්ල අයෙත් මේ පැත්තෙ පලාතෙ එන්න එපා"  අක්කා පයිනල් ඕඩරයත් දුන්න නිසා මම ගෙදර නතර උනාය .

එක අතකට අක්කා කියන්නෙත් ඇත්තය මස්සිනා ගෙනාපු ටීවී තඩිය පිචැර් හොල් එකක් වගේය , අම්බානක පලලය .එක සැරේ බලා ගන්නත් බැය . එකට කියන්නෙ වයිෆ් ස්කීන් ද මොකක්ද කියාය . අක්කාගේ පොඩි එකත් මැච් බලන්න සෙට් උනාය . කලින් කිවා වගේ ඌ අර ටීවී එකේ ඉන්න සුදු මහත්තුරුන්ටත් වඩා දන්නවාය . මට නොතේරෙන් එව්වා කියා දෙන්නෙත් ඌය.ඒක නම් හොඳය , ඒත් පොඩි එකා ලඟ ඉන්න නිසා දෙකක් නවාගන්නවත් බැරිය

ඔය අස්සේ අක්කාගේ ලොකු එකත් ගෙදර ආවාය . ඌ ඉන්නෙ විස්ස විද්දාලේය . එහෙ ඉන්නවා කිව්වාට ඌ වැඩියම ඉන්නෙ ගෙදරය . ඌ ආවෙ මැච් බලන්නම නෙවේය ස්විප් එක ඇඳුන ආරංචියට තාත්තාගෙ දතක් ගලවන්න බලාගෙනය . මස්සිනා කරයත් ගල් ආඳාය උගේ දත් ගලවන්න ලේසි නැය ඒ නිසා ලොකු එකත් මැච් බැලිල්ලට සෙට් උනාය  .

ඒ අස්සෙ අර ආතල් ක්‍රිකට් සින්දුවත් මහින්ද දොරේ තහනම් කරලාය. බජාර් එකේ උන්ට පුල්ම අස්පෙට්ය , ඒ සින්දුව පට්ට ආතල්ය . ඒත් සමහර උන් කියන්නෙ ඒ සින්දුවන් අපෙ රටේ මොකක්ද එකකට හානි වෙනවා කියාය. ඒ මොකක්ද කියා නම් මම දන්නෙ නැය . ඒත් මටත් දැන් හිතෙන්නේ සින්දුව සැර වැඩිය කියාය .අපෙ පොඩි එකා නම් කියන්නෙ නිල කැල්ල අයින් කලා නම් හරි කියාය .තහනම් කරන්නම ඕනැ නෑලුය . ලොකු එකා කියන්නෙ මේ මොකක්ද වාදී සමාජ ක්‍රමයෙ අතුරු පලයක් කියාය , ඒ නිසා ක්‍රමය වෙනස් නොකර සින්දුව තහනම් කරලා වැඩක් නැලුය .   ඌ කියන්නෙ මොකක්ද කියල මට හරියටම ඩයල් නැය . කොහොමටත් ඌ විස්ස විද්දාලෙ ගියා දා ඉඳන් ට්‍රයි කරන්නෙ හැම මඟුලම වෙනස් කරන්නය  ඒත් උගෙ "කැල්ලව" වත් වෙනස් කරගන්න උට තාම  බැරි උනාය .සින්දුව තහනම් කිව්ව දා ට පහුවදා පොඩි එකා සින්දුව සීඩී එකක දාගෙන ගෙනාවාය . හන්දියෙ කොමිනිකේශන් එකේ මලයා හිටු කියල සින්දු සීඩී ගහනවාය . ඌ දැන් "තහනම් උන ක්‍රිකට් සින්දුව තිබෙ" කියලා බෝඩ් එකකුත් ගහලාය . දැන් රීලෝඩ් දාගන්නවත් කොමිනිකෙශන් එකට යන්න බැය එච්චරට සෙනඟය .

කලින් කියන්න අමතක උනාය. මස්සිනා අර ටීවී බලන තැටියකුත් ගෙනාවාය . ටීවී එක් ගන්න කොට ඒක නිකන් ලුය . තිබුන ඇන්ටනා කටුව ගලවා ඒක දැම්මාය ,ඒත් එකේ මැච් එක නැය. 199 දීලා මොකක්ද කරගන්න කියල වැටෙනවාය . පලවෙනි දවසෙ මැච් එක බලන්න ගිහින් අපි ඔක්කොටම මල පැන්නාය . පස්සෙ කොමිනිකේශන් මලය ලවා මැච් බලන්න සෙට් කර ගත්තාය,දැන් අපි සල්ලි දීල මැච් බලනවාය

ඉන්දියාවෙ චැනල් ලංකාවෙ චැනල් වලට වඩා ලස්සනය , ඇඩුත් එහෙමය පට්ට කොලිටිය . සමහර ඒවායෙ හින්දි නලුවොත් ඉන්නවාය . අර ක්‍රිකට් ශොට් වලට හදලා තියන එක නම් මාරය ,එලම කිරිය. ඒ උනාට සමහර ඇඩ් නම් මට තෙරේන්නෙ නැය . අර දෝනි කාරය හොටු පෙරාගෙන ක්‍රිකට් ගහනවා පෙන්නලා ටීවී එකක් ගන්න කියන්නෙ ඇයි කියල මම ත්වම කල්පනා කරනවාය . පොඩි උන්ගෙන් අහන්නත් බැරිය උන් කින්ඩි දානවාය

කොහොම හරි අපි ගොඩක් මැච් බැලුවාය . කොහොම උනත් මුලු මැච් එකම බැලුවෙ සති අන්තයෙ මැච් දෙකේ විතරය . අපි දිනනවාම කියල හිතපු පකිස්ථාන් මැච් එකත් පැරදුනාය . නෝන්ඩි හතය. උන් හොඳට සෙල්ලම් කලා නම් දුකක් නැය . ඒත් එහෙමත් නැය. උන්ට බෝලයක් හරියට අල්ල ගන්න , එවා ගන්න බෑය . උන්ටත් පැරදුන එක නම් අජූතය .අර අප්‍රිඩියා මල පණ්ඩිතයෙක්ය .ඌ පිට්ටනිය පුර දඟලන්නෙ පිස්සුවෙන් වගේය , අපෙ මස්සිනා නම් කියන්නෙ ඌගෙ කොන වැඩියෙනුත් එක්ක කැපිලා ඇති නිසා දඟලනවා ඇති කියලාය .ඌව ව දැක්කාම කොන විතරක් නෙවෙ සෙට් එකම ගැලවෙන්න ගහන්න හිතෙනෙවාය , ඒත් අපෙ උන් අවුට් වෙන්නෙත් උගේ බෝල වලටමය .

අර චා......මර සිල්වා ටීම් එකට ගත්ත එකාගෙ  මොලේට හුලං බහිනවා ඇතිය . චාමරයා බෝල 50 කට ලකුණු 17ය.සංගාට කෙල උනෙත් චාමරයා නොගහපු නිසාය . පස්සෙ නෙලන්න ගත්තාට වැඩක් නැය එක බෝලෙකට එකක් හරි දාගන්න පුලුවන් වෙන්න ඕනැය . අනිකා තිලාන්ය ලැල්ල දාන්න ශෝක් කිව්වාට ඒක වත් හරියට් කරගන්න බැය . සනා කොල්ලා මුන් දෙන්නා තරම් හොඳ නැ කියන එකාට නම් පිස්සුය . සනා 5/6 වෙනියාට එව්වා නම් එක බෝලෙකට එකක් දා ගන්න එක අමාරුවක් වෙන්නෙ නැය . අර "බැටින් පව පෙලේ " ද මොකක්ද එකෙදී නෙලන්නත් පුලුවන්ය . මෙහෙම නම් හරි යන්නෙ නැය සංගා , මහෙල , ඩිල්ශාන්ට විතරක් මැච් දිනවන්න බෑය  .

ඉන්දියා එංගලන්ත මැච් එකත් සිරාය .ඉන්දියාවෙ  එක එක දව්සට සෙන්චරි ගහන්නෙ එක එක උන්ය . අපේ පොඩි එකා නම් කියන්නෙ ඉන්දියාව 300 ට කලින් අවුට් කරගන්න බැරි නිසා කට්ටිය ට්‍රයීක දෙන්න ඕනි 350 ට කලින් අවුට කරගන්න කියාය . ඉන්දියාවෙ බෝල දාන උන් හරි නැති නිසා දිනන ට්‍රයි එකක් දෙන්න පුලුවන් කියාත් ඌ කියනවාය . ඌගෙ කතාවත් වැරදිම නැය . එංගලන්ත කාරයත් කලේ ඒකමය . එංගලන්තෙ මාලිගාවෙ උලු ගලවන්න හැදුවාට තව පොඩ්ඩෙන් උලු ගැලවෙන්නෙ ටජ් මහලේය .  එංගලන්තෙ උන් පටන් ගත්ත තැන ඉඳන්ම හොඳය. ඉල්ලුව රන් රේට් එකටත් වඩා තියාගත්තාය .අපේ උන් පටන් ගත්තෙ 2 ගාණක රේට් එකකකින්ය . අපිට කෙල උනෙත් රේට් එක අප්සෙට් ගිහිල්ලාය (ඉස්සර නම් ඔය කොයි එකාටත් වඩා රන් රේට් හොඳ අපේය ) .

 එංගලන්ත කාරයා ලස්සනට ගැහුවාය .කැප්ටන් කාරයා නියමය .අනික ඉන්දියාවෙ උන්ගෙ ෆිලිඩින්ද නරක නැය , රටත් එංගලන්තෙ උන්ගෙ නෙවේය , පොඩ්ඩ බැරි උනාම ඉන්දියාවෙ බලන්න ආපු උන් හූ කියනවාය . ඇවිල්ල හිටිය් උන්ගෙන් ඉන්දියාවෙ උන්ට මාර සපෝර්ට්ය , එක ලකුනක් නතර කලත් චියර් කරනවාය ,  ඉන්දියාවෙ හෙන ප්‍රසිද්ධ නලු නිලියොත් මැච් බලන්න ඇවිල්ලා හිටියාය. උනුත් හැමබෝලෙකටම අප්පුඩි ගහනවාය . එංගල්න්ත කාරය ගැහුවෙ මේ ඔක්කොම මැදය .ඉන්දියාවෙ උන් අන්තිමට ටිකෙ හොඳට බෝල් කරපු නිසා ඩ්‍රෝ උනත් ඒ ක හරියට දින්න වගේමය .

 ඒත් අපිට චේස් කොරන්නත තිබුන ස්කෝ එකත් අඩුය , අපෙ පිට්ටනිය , අපේ සපෝර් ලාය. අනික පකිස්තානය ඉන්දියාව තරම් කොර ටීම් එකකුත් නෙවේ.ය එහෙම තියෙත්දී අපේ උන් සෙල්ලම් කරපු විදිහ එංගලන්තකාරය එක්ක බලත්දී වස චා..ය.මෙහෙම ගියොත් නම් අනුන්ගෙ කරටි කඩන්න , හකු පන්නන හම්බ්වෙනෑය  කරටි කැඩෙන්නේ අපේය .එනිසා පරිස්සමෙන්ය.

සුද්ද්ගෙ ටැක්නොලොගියෙන් බ්ලොග් ලිව්වත් සුද්දගෙ හොඳක් කිව්වාම _ ක ඉරාගෙන දඟලන උන්ට , එංගල්න්ත කාරයාගෙ හොඳ කිව්වම තද වෙන්න පුලුවන්ය . මම උන්ට කියන්නෙ . මේ ලියන්නෙ එංගලන්තෙ උන් දිනවන්න නෙවේය අපේ උන්ගෙ අඩු පාඩු කියලා කොහොම හරි දිනවා ගන්න ය .

පත්තර කාර පාහරයෙක් අපෙ උන් ලක්ස 20 කට තරඟ පාවා දුන් කතාවක් කියා තියනවාය . ඒ බල්ලා හිතාන ඉන්නෙ ලක්ස 20 හෙන ගානක් කියලාය . දෙසපාලුවන්ට _ ක දෙන දෙකයි පනහෙ පත්තර කාරයෙකුට  ලක්ස 20 හෙන ගානක් උනත් අයිපීඑල් ගිහින් කෝටි ගනනින් හොයන අපෙ කොල්ලන්ට ලක්ස විස්ස කජ්ජක්ය. අපේ උන් තරඟ පැරදෙන්නේ බැරි කමටය . මෙතෙක් කල ලංකාවෙ එකෙක් සල්ලි වලට පාවා දුන්නා කියා චාටර් වී නැය . එහෙව් එකෙ එක තරඟයක් පැරදෙන කොටම මෙහෙම කියන්නෙ මූ කොහේ හරි රටකින් ජරාවක් කාලා වෙන්න ඕනිය . ඌට අපි කියන්නෙ . පැරදිච්ච එකට බැන්නාට කමක් නැය, නිකන් පද හදන්න එපාය.හදන පදයක් වෙනදා වගෙ විපක්ස නායක තුමාට හදන්නය , අපේ ක්‍රීඩකයින්ට එපාය . අයෙත් ඔය වගෙ අසම්ජ්ජාති පාහර බලු කතාවක් කිව්වොත් ලේක් හවුසියෙන් එලියට ඇදලා බේරේ වැවට ඔබනවාය ( ඔය වගෙ කුණු ගොඩවල් වලට ගැලපෙන තැන එතනය )
-------------------------------------------------------------------------------------------------------
කලින් ලිපියට කට්ටිය දුන් ප්‍රතිචාර වලට බොහොම ස්තුත්යි ,මේ පාර සද්ද දාන්නෙ නැතුවම මම කියන්නෙ කමෙන්ට් එකක් දාල යන්න හොඳේ :D

Comments

  1. මැක්ස ලිපිය බ්‍රෝ..එල..

    ReplyDelete
  2. කතාව නම් හරියට හරි මචෝ.අනික අපේ බෑටින් සයිඩ් එක තනිකරම රතියේන්නේ මහෙලයි,ස0ගයි අතේහඩිසියෙවත් උන් දෙන්නා ෆේල් වුනොත් බඩුම තමයි.හෑබයි බෝලින් සයිඩ් එකනම් එල,එත් ටීම් එකක් විදියට බෑලුවත් අපේ ටීම් එක බෑලන්ස් මදි කියල තමා මටනම් හිතෙන්නේ...

    ReplyDelete
  3. හදන පදයක් වෙනදා වගෙ විපක්ස නායක තුමාට හදන්නය...Niyamai machan මහින්ද අබේ(අ)සුන්දර ගේ අසුන්දර කතාව

    ReplyDelete
  4. @අසoක ඒක ඇත්ත මචන් ටීම් එක බැලන්ස් නැති එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් තම්යි, දැක්කනෙ හොඳම බැටින් ලයින් අප් එක තිබිලත් ඉන්දියාවට වෙච්චි දේ.

    @kamal ඔය කාලකන්නිය නම් මහ ජරාවක් බන් ,
    --------------------------------------------------
    Thanks For comments

    ReplyDelete
  5. http://www.youtube.cඔම්/වට්ච්?ව්=ක්_උහ්ෆ්ES2Xඪ්‍ය්&ව්=480&හ්=390


    බලපන්කො මේ බල්ල කියන කතාව

    ReplyDelete
  6. http://www.youtube.com/watch?v=k_uhfES2XDY&w=480&h=390

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව