Skip to main content

දුෂ්ටයා කෙල්ලව පැහැරගෙන යත්දී කොල්ලාගේ ප්‍රතිචාරය - හොලිවුඩ් , බොලිවුඩ් , කොලිවුඩ් හා හෙලවුඩ් (සිංහල ) සිනමාවෙන් පෙන්නන විදිහ

ඊයේ ලිව්ව ලිපියත් සිනමාව ගැන , මේකත් සිනමාවම තමයි . හැබැයි මේක මම ටික කාලෙකට කලින් අහපු කතාවක් . අතිනුත් ටිකක් දාල තමයි ඔන්න කියන්න හදන්නේ . දුෂ්ඨයා කෙල්ලව පැහැර ගෙන යාම සහ කොල්ලාගෙ ප්‍රතිචාරය තමයි දර්ශනය (චිත්‍රපටියේ අවසාන ජවනිකාව ) හොලිවුඩ් , බොලිවුඩ්, කොලිවුඩ් , සහ හෙල උඩ්(ලංකාවේ සිනමාව )  කියන සිනමා වන් වලදි මේක නිරූපනය වෙන්නේ කොහොමද කියන එකයි කතන්දරේ

හොලිවුඩ්


කොල්ලා ඇඟපත හොඳට හැදුණු දඩාර පොරක් , කෙල්ල සෙක්සි ලුක් එකක් තියන  කෙට්ටු පොරියක් .ඔන්න දැන් දුෂ්ටයාගෙ සෙට් එක කෙල්ලව හෙලිකොප්ටරයකින් පැහැර ගෙන යන්නයි සුදානම . කොල්ලගෙ උර හිසට වෙඩි වැදිලා බිම . දුෂ්ට ගැන්සියෙ ලොක්ක ගෝලය තුන් හතර දෙනාට උපදෙස් දෙමින් ඉන්නවා කෙල්ලවත් අල්ලගෙනම .. කෙල්ලත් බිම වැටිලා ඉන්න කොල්ල දිහා බල බල අරුගේ අතින් ගැලවෙන්න හදනව ඌට බැන බැන (සමහර වෙලාවට භාග කුණුහරුපෙනුත් ) . ඔන්න දැන් උපදෙස් දීල ඉවරයි දුෂ්ට බොසා කෙල්ල ඇදගෙන හෙලිකොප්ටරේ ගාවට යනව (මේ වෙලාවෙදි කෙල්ලගෙ ගවුම  හෙලිකොප්ටරේ හුලඟ නිසා සැහෙන උඩ යන්න එහෙම පුලුවන් ). ඔය අතරදි බිම වැටිල ඉන්න කොල්ලා ටිකක් එහාහින් තියන තුවක්කුවක් (ඔව් මැශින් ගන් එකක් තමයි ) දකිනව , හෙලිකොප්ටරේ ඉහල නගිනවාත් එක්කම කොල්ලා හෙනගේමක් දීල තුවක්කුව ගන්නව . හාන්සි වෙල ඉඳගෙනම දුෂ්ටයින්ගේ ගෝලයින්ට වෙඩි තියාගෙන යනව . ඒක දැකපු හෙලිකොප්ටරේ ඉන්න දුෂ්ට බොසා කොල්ලට වෙඩි තියනව කොල්ලත් ප්‍රතිචාර දෙනව . අහෝ ඛේදයකි ... කොල්ලගෙ වෙඩි පාර වදින්නේ හෙලි කොප්ටරේ පිටිපස්සෙ  තියන පෙතිටිකට , හෙලිය එතනම දොයි (ඒත් එක්කම මහා පිපුරුමක් ) . කොල්ලයි කෙල්ලයි දෙන්නම ආදරේ නාමෙන් ගෝටු හෙවන් කිව්වලු


බොලිවුඩ්

කොල්ල උස කෙට්ටු පැත්තට බර ඒත් කඩවසම් සිරුරක් තියන  සුදු පොරක් , කෙල්ලත් හින්දැරි සුදු ලස්සන කෙල්ලෙක්  ,කෙල්ල ඇඳල ඉන්නේ පාටි එකක්ට යන්න වගෙ ඇඳුමක් , ඒතරමටම මේකප් තොගයකුත් දාල ඉන්නේ . ඔන්න දැන් දුෂ්ට නායකය කලින් වගේම කෙල්ලව අරන් පනින්න තමයි සූදානම , පොරට ගෝලයන් 10 ක් 12ක් ඉන්නව . උන් සෙට් එක කොල්ලට ඇඩා නැති වෙන්න නෙලලා ඉන්නේ මේ වෙනකොට . කොල්ලගේ ශර්ට් එක ඉරිල , ඔලුව පැලිලා, නහයෙන් කටෙන් ලේ ඇවිල්ලා  හරහා වැටිලා ඉන්නේ හරියට සැන්ඩි නැතුවම ගල් බෝතලයක් ගහපු එකෙක් වගෙ . ඔන්න  දුශ්ට බොසා හෙලිකොප්ටරයට යනව කෙල්ලවත් ඇදගෙන යන ගමන් කෙල්ල දුක හිතෙන විදිහට අඩනව අරුත් බැන බැන ඇදගෙන යනව . ඔන්න හෙලියට නගින්න ඔන්න මෙන්න . කෙල්ල කොල්ලගෙ නම්  කියල කැගහනව (රාජ් හෝ රාහුල් තමයි ගොඩක් වෙලාවට ) රා.................ජ්(මේක දෙතුන් පාරක් එකෝ වෙන්නත් ඕනි ) .

කෙල්ලගෙ මේ කැගිල්ල ඇහුණාම තමයි අර මාස 6ක් ඇක්සිඩන්ඩ් වෝඩ් හිටියත් ගොඩ යන්න බැරි තරමට ගුටිකාල හිටපු කොල්ලට ගට එන්නේ පොර කැගහගෙන , ඔරෝගෙන දත්කිටි කාගෙන නැගිටිනව . දුෂ්ටයයි කෙල්ලයි දැන හෙලියට නැඟල හෙලිය ස්ටාර්ට් කරලත් ඉවරයි . කොල්ල දැන් හුසේන් බොල්ට් ගානට දුවනව , දුෂ්ටයගෙ ගෝලයො මැද්දට ආවත් උන් එක්කෙනාට දෙන්නෙ එක පාරයි බිම වැටෙනව කෙසෙල් ගස් වගේ , සමහර වෙලාවට  කොල්ල පිනුමක් දෙකකුත් ගහගෙනමයි එන්නේ  කොල්ල ලඟට එනකොටම ඕං හෙලිය උඩ යන්න පටන් ගන්නව . කොල්ල සැහෙන ගේම ක් දිල තනි අතින් හෙලියේ එල්ලෙනව . දැන් හෙලිය යඩ යනව කොල්ල හෙලියට නගින්න හදනව දුෂ්ටය ඒක වලක්වන්න හදනව , සමහර වෙලාවට කොල්ල වැටෙන්නත් යනව (කෙල්ල එතකොට කැගහනව ) , ටික වෙලාවක් ට්‍රයි කරල අන්තිමේදි කොල්ලා හෙලිය්ට ගොඩ වෙනව . දුෂ්ටයටයි  පයිලට් ටයි දෙන්නටම නෙලල බිමට දානව ,

අයි ලවු යු සන්ජනා .. අයි ලවු යූ රාජ්

කියල දෙන්නා බදාගන්නව (පයිලට් නැතත් හෙලිය යනව , ) ඔන්න හෙලිය වැටෙන්න් වගෙ යන්නෙ කොල්ල දඩි බිඩි ගාල  නියමු ආසනයට පනිනවා  . අවුරුදු 10ක එක්ස්පීරියන්ස් තියන නියමුවෙක් වගේ කෙල්ලත් එක්ක මුකුලු කර කර කොල්ල හෙලිය පැදගෙන යනව  . මේක ගිහින් ගොඩ බාන්නේ කෙල්ලගෙ අම්ම තාත්ත ,  චිත්‍රපටිය පුරාම ජෝක කර කර හිටපු ජෝකර්(ඌ මෙතනදි සිරියස් )මේක්ප් නාගෙන ඉන්න කෙල්ලගෙ යාලුව වගෙ සෙට් එකක් ඉන්න තැනකට



කොලිවුඩ්


මේකෙදි කොල්ලා තල එලලු කොන්ඩෙ ක්‍රේල් , උඩු රැවුලක් වවපු හාදයෙක් . සරම ගහල බැනියම පෙන්න ශර්ට් එකේ බොත්තම් සේරම ඇරල දාල තමයි ඉන්නේ . කෙල්ල සුදු ,ටිකක් විතර මහත පැත්තට බර කෙනෙක් . දුෂ්ටය ගෙ ගැන්සිය තිහ හතලිහක් ඉන්නව . ඔන්න දැන් දුශ්ඨය කෙල්ල අරන් මාරු වෙන්නයි හදන්නේ . කොල්ලා තාම අර සෙට් එකත් එක්ක වලිය (සෙල්ලංයැ තිහ හතලිහක් එක්ක තනියම ගේම දෙනකොට ) කොල්ල කොච්චර ගේමෙ හිටියත් තමන්ගේ තියන ඇක්ෂන් අමතක කරන්නෙ නැ (මුලු චිත්‍රපටිය පුරාවටම තිබුන ඇක්ෂන් ටික ) ඔන්න දැන් දුෂ්ටය කෙල්ල එක්ක හෙලිකොප්ටරේට ගොඩ වෙලා ඉවරයි . කොල්ලට ගානක් වත් නැ කොල්ල ගේමේ . හෙලිය උඩට ය්නකොටම වගේ හතර අතේ වැටිල ඉන්න දුශ්ට ගැන්සියෙන් උන් සේරම උන් පැනල කොල්ලව බිම දාගන්නව . දැන තමයි ලස්සනම හරිය ..කොල්ල අර සෙට් එකම උඩ විසික් කරග්න නැගිටිනව (ටික වේලාවක් ස්ලෝමෝශන් වලින් එක එක කෝන වලින් මේක පෙන්නනවා ) ඊට පස්සෙ තමන්ට පුරුදු ඇක්ෂන්  එක (කොණ්ඩය අත්ගැම වැනි ) දැම්මටත් පස්සෙ තමයි අර උඩ ගිය උන් ටික එකා දෙන්නා බිම වැටෙන්නේ , දැන් හෙලිය උඩ කොල්ලට ගානක් නැ .පොර හෙමින් සැරේ සරම කැහැපොට ගහල ආයෙමත් අර ඇක්ෂන් එක දාල එහෙම එක පාරටම පනිනව උඩ , කෙලින්ම හෙලිකොප්ටරේ ඇතුලේ . චූටි වලියකින් පස්සෙ දුෂ්ටය බිම . හැබැයි පයිලට්ව බිම දාන්නෙ නැ , එක පාරටම ඉනෙන් පිහියක් ඇදල අරන් පයිලට්ගෙ බෙල්ලට තියන ඌව බය කරගෙන බිමට එනව

හෙලවුඩ් (ලාංකාවෙ සිනමාව )


කොල්ල උසෙන් අඩු තල එලලු පොරක් හෝ මෙලේ හැඟීමක් දැනීමක් නැති ලාදුරු ලපයක් වගෙ උස  හාදයෙක් , කෙල්ල සුදු මහත අවුරුදු 40ක විතර ඇන්ටි කෙනෙක් . දුෂ්ටය දැන් කෙල්ලව අරන් යන්න හදන්නේ . හෙලිකොප්ටරෙන් ??? පිස්සුද ....නැ ත්‍රිවීල් එකෙන් . කොල්ල ම්ටි හාදයෙක් නම් රැවුල වවල ඉන්න දුෂ්ටයො දෙතුන් දෙනා එක්ක කැත විදිහට ගහ ගන්නව (තමන්ගෙ මූනටත් දෙකතුනක් ගහ ගන්නව ) ගහනවටත් වඩා කුණුහරුප වගේ ඒවා කිය කිය බනිනව . කොල්ල උස එකා නම් වැනි වැනි ඔහේ ගහගන්නව . ඒ අතරේ කෙල්ල එක්ක දුෂටය වීල් එකේ පැනල යන්න හදනව , යන්න වෙන්නේ ටික දුරයි පොලිස්  ජීප් එකක් ඇවිත් දඩස් ගාල නතර කරනව . දුශ්ටයව අල්ලනව .කොල්ලත් වැඩ්ඩ වගෙ අතට අහුවෙලා ඉන්න දුෂ්ටයගෙ ගෝලයෙක්ව  පොලිසියට භාර දීල කෙල්ල්ව බදා ගන්නව යාන්තමට . කෙල්ලත් යාන්තමින් කොල්ලගෙ පපුවට හේත්තු වෙනව  

---------------------------------------------------------------------------------------------


ඔන්න ඔහොමයි කථාව . හොලිවුඩ් සිනමාවේ නම් ඔය වගෙ ඒවා දකින්න තිබුනෙ මීට දශක 2කට එහා පැත්තේය කියලයි  මම හිතන්නේ , බොලිවුඩ් සිනමාවේ තාමත් ඔය වගේ සීන්වල නෂ්ටාවශේෂ ඉතිරිවෙලා තිබුනත් .ඔය තත්වයෙන් කණපිටගහපු චිත්‍රපටත්  දැන් දැන් හැදෙනව (මෙතනින් ගිහින්  අදාල ලිපියේ තියන චිත්‍රපටිය භාගත කරගෙන බැලුවොත් ඒ වෙනසට උදාහරණයක් වෙයි )

දෙමල සිනමාව ගැන මගේ උනන්දුවක් නැති නිසා ඒ ගැන නම් දන්නෙ නැ , හැබැයි අපේ සිනමාවේ නම් හෙට උනත් ඔය මොඩලයේ චිත්‍රපටියක් තිරගත වෙන්න ඉඩ කඩ තියනව

Comments

  1. හික් හික්....හිනාකාලා උතුරලා මැරෙනවා,,,
    අතරින් පතර හිතට වදින වෙනස් ඒවත් තියෙනවා හැබැයි...

    ReplyDelete
  2. @රත්ගමයා - ඔව් එහෙම එව්වා මාත් දැකල තියෙයි ........ ස්තුතියි මලේ ප්‍රතිචාරයට

    ReplyDelete
  3. @රත්ගමයා -ආ.. අර මම දීල තියන හින්දි ෆිල්ම් එකත් බලහන් පුලුවන් නම් අමුතුම විදිහේ ආතල් එකක් ගන්න පුලුවන්

    ReplyDelete
  4. සිංගල පිල්ම් නම් දැන් මේක මේ වාගෙය කියන්න බැරි තරමට අවුල් ඒවත් එනව...සමහර සිංහල චිතුපටිවල තියෙන ආතල් එක ගැම්ම මමනම් වෙන ෆිල්ම වල දැකල නෑ.

    .අග්නි දාහය,බඹරවලල්ල,කොළඹ සන්නිය,විදූ වාලෙ ඒව

    ReplyDelete
  5. @indi - හොඳ සිංහල ෆිල්මුත් තියනවා තමයි ..මගේ රසිකත්වයට අනුව නම් මම බලපු හොඳම සිංහල චිත්‍රපටිය - ගරිල්ලා මාකටින් වලට වඩා ගොඩක් හොඳ හොලිවුඩ් , බොලිවුඩ් නිර්මාන ගනනාවක් බලලා තියනව

    ReplyDelete
  6. මහත් ලොල්ස්ය (බහුවචන දෙකයි!). හික්ස්. ඉතිං බං, දේසපාලුවොන්ටැයි, සාස්තරකාරයොන්ටැයි, ආචාරිස්ලටැයි හොඳනං ජහමනයා ගොන්නුය කියල හිතන්න, චිත්තරපටිකාරයො එහෙම හිතුවම ඇදද?

    ReplyDelete
  7. @budhajeewa - ඒකත් හරි තමා බලාන ගියාම ..මිනිස්සු රහකරකර ඔව බලන්නෙත් පුරුද්දටම වෙන්න ඇති

    ReplyDelete
  8. මේක හොඳ ලිපියක්. ඒ වගේම විවිධ සිනමාවන් අතර තියෙන මේ වෙනස්කම් ටිකක් සීරියස් විදිහට ගත්තත් වරදක් නෑ මං හිතන්නෙ. විවිධ සංස්කෘතීන් අතර තියෙන වෙනස්කම් අපූරුවට පැහැදිලි වෙනවා. නිල් චිත්‍රපට වල පවා.

    ReplyDelete
  9. පට්ට සන්සන්දනේ.... ලංකාව සම්බන්ධ කෑල්ල තමයි එලම!

    ලංකාවෙ චිත්තරපටිවල මෑතක් වෙනකල් හිටියෙම ඇන්ටිලනේ... දැන් නම් කටක් ඇරල කෙල්ලො කියන්න පුළුවන් උන් ඉන්නව වුණාට උන් ඉන්දියන්..

    මම නම් ‍ප්‍රේම කතා ගැන ගත්තම කොයිකටත් ආසයි භාෂා බේදයක් නැතිව. හැබැයි හින්දි ඒවට වඩා දෙමළ ෆිල්ම් වල අමුතු ගතියක් තියෙනවා. දෙමළ ෆිල්මි වල තියෙන අමු ගතිය නිසා තමයි ඒ. දුකක් දැණුනම හොටු පෙරාගෙන අඬන, තද වුණාම මන්නෙ උස්සන් එන, සතුටකදි පැලෙන්න හිනාවෙන අමුම අමු මිනිස්සුන්ගෙ කතානෙ දෙමළ ෆිල්ම් වල තියෙන්නේ... (දැන් නම් ඒවත් හොලිවුඩ් වගේ වෙන්න අරන් තියෙන එක වෙනම කතාවක්)

    ReplyDelete
  10. බාන්න දැම්මා...අප්පිරිය එකක් නම් අපරාදේ හැබැයි ඔන්න මගේ ටොරන්ට් ලිස්ට් එක....

    ReplyDelete
  11. @Charmi - ඒක ඇත්ත මචන් ඉන්දියාවේ ම උනත් හින්දි හා දෙමල චිත්‍රපට අතර පැහැදිලි වෙනසක් තියෙයි

    @hare :-) - ප්‍රතිචාරයට ස්තුතියි ,මම නම් බොලිවුඩ් රසිකයෙක් තමයි මූලික වශයෙන් , විශේෂයෙන්ම ආදර කතාවක් නම් බොලිවුඩ් ම තමා , බොක්ක පතුලටම වදින සංගීතයක් එක්ක ඒ ව්ගේ චිත්‍රපට හොලිවුඩ් වලවත් නැ (වීර් - සාරා වගේ ) . ඇක්ෂන් නම් චීන එව්වා හොඳයි ඉංග්‍රිසි උනත් ජැකි චැන් වගෙ ඩයල් ඉන්න ඒවට තමයි කැමති මම නම් . ෆැන්ටසි නම් ඉතින් හොලිවුඩ් තමයි (ක්‍රිශ්, රොබොට් , ඉස්සරහට එන Ra.one ) වගෙ ඉන්දියාවේ ඒව තිබුනත් අර ගතිය නම් නැ

    ReplyDelete
  12. @රත්ගමයා-මගේ ටේස්ට් එකට අනුව නම් හොඳයි ,උඹට කොහොම වෙයිද මන්ද ඉතින් . කොහොම උනත් බොලිවුඩ් වලට ආගන්තුක කතා තේමාවක් . අනික ඕකේ ප්‍රධාන චරිතෙට ඉන්න කෙලි පොඩ්ඩත් ලස්සනයි ටිකක් :)

    මගේ ටොරන්ට් ලිස්ට් එකේ නම් X-files තමයි දුවන්නේ , තව Camelot කියල ඩ්‍රාමා සිරිස් එකකුත් යනව කතාව එල හැබැයි ටිවි සීරිස් එකක් උනාට ඇඩල්ස් ඔන්ලි

    ReplyDelete
  13. සිරා බන් සිරාම සිරා කතාව

    ReplyDelete
  14. හෙලවුඩ් නම් අප්පිරියයි බන්.....ඕක කියවද්දි මට තව සීන් එකක් මතක් වුනා සුජීව ප්‍රසන්න ආරච්චි ගේ දෙබස් ටිකකුත් ඕකට වෑටුනන්ම් කොහොමද කිය්ලා

    ReplyDelete
  15. හරිම රසවත්. බඩ පැලෙන්න හිනාවුනා !

    ReplyDelete
  16. @H Jay - Thanks Machan
    @අසoක - එහෙම උනානම් ඉතින් අප්පිරියාවෙ හොඳම එක , අර රත්ගමය කියනව වගෙ කුජීතයි
    @niroshinie - Thanks sis

    ReplyDelete
  17. පට්ටයි මචෝ හිනා කාලා මැරෙනවා.........

    ReplyDelete
  18. එළ එළ බුවා... උඹ දැන් නම් හෝඳ විචාරකයෙක්ගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. වැඩේ දිගටම කරගෙන පලයන්. ළඟදීම ක්‍රිකට් පාලක මණ්ඩලෙන් හරි චිත්‍රපට සංස්ථාවෙන් හරි උඹට පෝස්ට් එකක් ලැබෙන්නයි කියලා පතනවා. මෙහෙම ඉල ඇදෙන විචාර ලියන්න හැමෝටම බෑ ! බුවා ස්පෙෂල්... එළ ඈ...

    ReplyDelete
  19. @චතුරංග පෙරේරා - thanks macho ..මට ජොබ් එක දීපු ගමන් බාගෙට වැහීගන ඔය ආයතන දෙක සදහටම වහල දාන්නත් ඉඩ තියෙයි :D

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව