Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

February 2011

ආශ්චර්යයේ අන්තර්ජාල මලගම - 512kbps පැකේජයටත් FUP

අපේ රට හෝ ගාල ආසියාවෙ ආශ්චර්යය බවට පත්වේගන යනව කියලනෙ අපෙ ඇමතිවරු කියන්නෙ . (හරි ශෝක් ) ඉතින් මේ ආශ්චර්යයෙ තවත් ලස්සන වැඩක් මම අද දැක්ක . තොරතුරු තාක්ෂණය පාදක කරගත් සංවර්ධනයක සැලසුම් හදන රටක, ජනාධිපති තුමා පවා එහෙම කියල තියන වෙලාවක අපේ රටෙ අන්තර්ජාල සේවා සපයන්නොත් ඔන්න ඒකට දායක වෙන්න හදනව .මේ තියෙන්නෙ එකේ ඒ ගැන සඳහන් වෙලා තියන ආකාරය

"TRCSL has received proposals from two fixed broadband operators to introduce FUP (Fair Usage Policy) on their unlimited broadband services together with supportive reasons. TRCSL has gathered usage details i.e. data consumption patterns, of the subscribers who use unlimited services for a variety of purposes.


TRCSL is now in the process of reviewing ISPs proposals to introduce FUP in unlimited broadband services. No approval has so far been given to any of the operators to introduce FUP onto their existing unlimited broadband services. The broadband operators are not allowed to apply FUP or any similar traffic throttling mechanism on subscriber services without obtaining prior approval from the TRCSL. "

(from TRC SL web Site )

 
ඔන්න අපේ රටේ ස්ථාවර අන්තර්ජාල සේවා සපයන උනුත් FUP එකක් ඉල්ලලා. තාම අනුමත වෙලා නොතිබුනත් පහු ගිය දවස් ටිකේ එක්තරා සමාගමක් අපේ අන්තර්ජාල සබඳතා හොඳටම slow  කරපු බව කට්ටිය අත් දකින්න ඇති නේ , ඉතින් ඒ සමාගමත් ඒ කියන්නෙ ලංකාවෙ අන්තර්ජාල පහසුකම් දෙන ප්‍රධානතම කෙනත් FUP ඉල්ලලයි තියෙන්නේ කියල අපිට හිතන්න පුලුවන් .

අපේ රටෙ අන්තර්ජාල වේගය කවුරුත් දන්නවනෙ ඉතින් 512kbps නැත්නම් 1Mbps නෙ උපරිමය  . ඔන්න ඔය මහලොකු වේගයෙන් , අපේ රටේ අය බාගත කරන දත්ත ප්‍රමාණය කොම්පැනි කාරයින්ට දරාගන්න බැරි තරම් ලොකුයි ලු , ඒ වගේම දැන්ට FUP දාල තියන Mobile Broadband කට්ටිය කියන්නේ වඩා හොඳ සේවාවක් දෙන්න ලු මෙහෙම කරන්නෙ (අනෙ මගෙ ...). 

ඉතින් අපි ආශ්චර්යෙට යන ගමනෙදි ගොඩක් ආදර්ශ ගන්න ( ඔය ජේෂ්ට ඇමතිල පත්කරත්දි එහෙමත් ආදර්ශයට ගත්ත ) සිංගප්පූරුවෙ අන්තර්ජාල තත්වය පොඩ්ඩක් බලමු


මේ තියෙන්නෙ සිංගප්පුරුවෙ එක ISP කෙනෙක් හා විස්තර. මම මොකුත් කියන්නෙ නැ ගිහිල්ලම බලන්න 


http://www.starhub.com/broadband/onthemove.html

http://www.starhub.com/broadband/athome.html 

මොකද හිතෙන්නෙ තොරතුරු තාක්ෂනය අතින් ආශ්චර්යය පේනව පේනව වගෙ නෙ . අපේ කාලකන්නින්ට 512kbps දීලත් නඩත්තු කර ගන්න බැ කියල FUP ඉල්ලනව නම් .ජංගමව 21Mbps ගෘහස්ථව 100Mbps ගැන කවර කතාද  


මම මෙහෙම කිව්වාම කෙනෙක් කියයි සිංගප්පූරව කියන්නෙ ලෝකයේ හොඳම අන්තර්ජාල පහසුකම් තියන රටක් ඕකත් එක්ක සංසන්දනය කරල වැඩක් නැතෙයි කියල . 

හරි අපි එහෙම නම් ඉන්දියාව අරන් බලමු .අන්තර්ජාල ය ගැන ඉන්දීයාව ගොඩක් පහලින් ඉන්න රටක් .
මේ මෑතක් වෙනකන් 256kbps ටත් broadband කිව්ව රටක් , සමාගම් ගොඩකට HSPA  බලපත්‍ර ලැබුනෙ ගිය අවුද්දෙ.

ඒත් ඒ අයගෙ Internet Packages දිහා බැලුවාම සැහෙන දුරකට සාධාරනයි කියල කියන්න පුලුවන් .මේ උදාහරනය රිලායන්ස් සමාගමෙන් විස්තර ගිල්ල බලන්න .


http://www.rcom.co.in/Rcom/personal/internet/wired_postpaidplans.html 

http://www.rcom.co.in/Rcom/personal/internet/postpaidcombo.html 

මේ තියෙන්නෙ අදාල සමාගමේ ස්ථාවර අන්තර්ජාල ගාස්තු. ඔය දෙවනි සබැඳියෙ තියන රු 749  Plan  එක ගැන හිතල බලන්න . සැහෙන තරම් දුරට සාධාරනයි කියල කියන්න පුලුවන් .

ඉන්දියාවෙ අනික් සමාගම් වල FUP තියනව . ඒව බලන්න කලින් අපේ අය ඉල්ලන්  FUP එක මොන වගෙද කියල හිතාගන්න පුලුවන් . මොකද ටෙක්කතාවල කාලිංග සහෝදරය කිව්ව විදිහට පහුගිය දවස් වල අර අන්තර්ජාල වේග සීමා කරල තිබුනෙ  Usage 35 GB ට වඩා වැඩි අයගෙ . ඒ කියන්නෙ ඒ අය බලාපොරොත්තු වන FUP එකත් ඒ වගෙ සීමාවක් . දැන් ආයෙත් ඉන්දියාවෙ FUP  වලට හැරෙමු 


http://www.tataindicombroadband.in/tariffs_business.html

ඔය තියෙන්නෙ ටාටා සමාගම .ලංකාවට වඩා. ගාස්තුව මදක් වැඩි උනත් ආස්න්න වශෙයෙන් 500kbps ට නැත්නම් 512kbps ට් අදාල FUP සිමාව 80GB (35*2+10) .ඒ වගේම වියදම් කරන්න පුලුවන් කෙනෙකුට 1 Mbps 150GB දක්වා ගන්න පුලුවන් 


ඒ වගේම මිල ඉතා අධික උනත් 100Mbps වේගයත් ඒ ගොල්ල සතුව තියනව . ඒ කියන්නෙ ඉදිරියට තාක්ෂනය ව්‍යාප්ත වෙනකොට සාධාරන මිල ගානක් දක්වා පැමිණීමෙ ඉඩ කඩක් තියනව .


ඊලඟට මේ තියෙන්නෙ පකිස්ථානය 


http://www.ptcl.com.pk/related_pages.php?pd_id=111&rp_id=28 

(කියවල බලන්න )
-----------------------------------------------------------------------------------------------------------
ඒත දකුණු ආසියාවෙ මුලින්ම අන්තර්ජාල තාක්ෂනයන් හඳුන්වල දීපු රටෙ තත්වෙ මොකක්ද ?. හඳුන්වාදීපු වෙගයන් වැඩිවෙලා තියනවද ? දශමයක් වත් ඉස්සරහට යන්නෙ නැතුව අපස්සට නේද මේ යන්නෙ ? ලෝකෙ අනික් රට වලට අයට පුලුවන් දේ මුන්ට විතරක් බැරි මොකද ?රජය මේ දේවල් වලට ඉඩ දෙනවාද ?  
පි මේ ගැන මොකුත් නොකර බලන් ඉන්නවාද ?

මම හිතනව අපි පුලුවන් තරමින් යමක් කරන්න ඕනි කියල . යම් විදිහකින්  TRC ය FUP එකට අනුමැතිය දුන්නොත් TRC එකට හා සමාගම් වලට Email විරෝධතාවයක් හරි  දක්වන්න සියලුම අන්තර්ජාල පාරිභෝගිකයින්ට් පුලුවන් නම් ඉතාම හොඳයි කියලයි මම හිතන්නෙ . මොකද අද ලෝකයා 1Gbps ගැන කතා කරන කොට අපි අඩු තරමින් 10Mbps වත් යන්නෙ නැතුව 512Kbps ටත් FUP දානව කියන්නෙ නම් මුලු රටටම මහම මහ ලැජ්ජාවක් . 
 
ලෝකය පුරා අන්තර්ජාල Packages ගැන විස්තරයක් එක්ක කාට හරි ජනාධිපතිවරායාව දැනුවත් කරන්න පුලුවන් නම් මේ වගෙ කොම්පැනිකාරයන්ගෙ වාසියට වැඩ කටයුත් සිද්ධ වෙන එක නතර කර ගන්න පුලුවන් වෙයි  .(ඇමතිල නහුතයක් හිටියත් ඕනිම වැඩකට තියන අන්තිම තුරුම්පුව ඒකනෙ )

පොල් ගස් වල කරටි කඩන එක නම් නතින්..,හකු පැන්නිලියි බජරි වැඩෙයිත් ශේප්.කඳුවල හිම තමා අබ්ලික් එක

ඉස්සරහට එන්නේ බජාර් එකට ෆුල් සොමියක් ගන්න පුලුවන් ආතල් කාලයක්ය.අපේ කොල්ලො සෙට් එක මෙදාපාර නම් කප් එක උස්සනවා සුවර්ය .කේස් එක තියෙන්නෙ අරවිද බොසා සනා අය්යයි වාස් මලයයි කැපුව එකය . අවුලක් නැත අපේ උන් කොහොමත් කප් එක ගහනවාය

මැච් ගොඩක් ඩේ ඇන් නයිට් නිසා ශේප්ය .දෙකක් නවාගෙන ඇලන්කියක් දාගෙනම බැලුවැකිය.මැච් එකක් බලන්නත් යන්න ඕනිය , මේ වැලන්ටයින් මගුලක් නිසා 14 ටිකැට් චාන්ස් එකත් මිස් උනාය . අයි ටිකට් දෙන දවසට නම්  සෙට් එකම බහිනවාය . මේ _ _ _ ලා ටිකට් රෙද්ද අස්සෙ ගහන්  ඉන්නේ හරියට උන්ගේ හනිමුන් එක බලන්න ටිකට් ඉල්ලුවා වගේය .මෙදා පාර දුන්නේ නැත්නම් එකෙක් දෙන්නෙක් බාවලා හරි බජාර් එකටම ටිකට් ගන්නවාය

මෙදා පාර ක්‍රිකට් සෝන්ග් එකත් පට්ටය .ලිව්වේ අනික් බජාර් එකේ එකෙක්ය . උන්ට නම් ටිකට් දීලා ඇතිය . අපේ එකාලට  සින්දු තියා කවියක්වත් ලියන්න බැරිය .අපේ එකෙක් ලිව්වා නම් අපිටත් ටිකට් ලැබෙනවාය

වෝම් අප් මැච් ඔක්කෝමත් අපි බැලුවාය , කොදෙව්වන්ගේ කරටි කඩන එක නම් නතින් පාටය .නිවුසිලන්ත හැත්තගෙත් හකු පැන්නියැකිය කැන්ගරු සෙට් එකට්ත් බජරි කවා ගත්තැකිය .අබ්ලික් එක තියෙන්නේ ඉන්දියාවේ හැතිකරයය . උන් නිවුසිලන්ත කාරයන්ට ගැහුවේ අම්මයෙ ගැහිල්ලක්ය ,අපෙ කොල්ලන්ට ගේමක් සෙට් උනොත් මුන්ගෙන්ය. අර දෝනියා මල ඇනයක්ය ඌ කෙල වෙනකොට ලැල්ල දානවය නෙලන්න ගියාම ඇඩ්‍රස් නැති වෙන්න නෙලනවාය . අනිකා සචින්ය ඌට හරියට සෙට් උනොත් ඉඳලා ඕනි නැය.මහින්ද දොරේ එලියන් බොසා ලවා මේකව සනීප කලේ මොන ලබ්බකටද මන්දාය . අනිකා සෙවාග් කියන එකාය ඌව ඕවර දෙක තුනෙන් කඩාගන්න ඕනැය . නැත්නම් ඌ සෙන්චරිය ගහන්නෙ දුන්නැ කියා අඬනවාය

මූණ දැක්කාම _ _ දෙක කුඩු වෙන්න දෙන්න හිතුනත් යුවරාජ් කාරයාත් සෙල්ලං නැත .ඌ හිතාන ඉන්නේ ඌ මාර පොරක් කියාය , මොන බාල්දියක් හරි පෙරලා අවුට් කර ගන්න ඕනාය , නැත්නම් ඌත් අම්බානක නෙලනවාය . ඌව තරහා ගස්වන්නද හොඳ නැය . එතකොට ඌ ගහන්නෙම සික්සර් මය , අර "රෙවිලා" ද මොකක්ද  කියන බට්ටාත් ටිකක් විතර වාතයක්ය . බල්ල හුජ්ජ කරන්නහෙ අන්ඩ උස්සල ඌත් කෙලින්නේම හයේ ඒවාය  .හරිබජන් වඳුරු මූනාගෙනුත් ශේප් වෙන්න ඕනාය , පස්ට් මැච් එකෙදීම කබ්බ පොරක් ලව්වා වඳුරු මූනා එක්ක ගුස්තියක් ඇල්ලෙව්වා නම් වැඩේ ගොඩය හරිබජනාට ටෝන්මන්ට් එකටම බඩු බනිස්ය.

පකිස්තාන් කාරයත් ටිකක් විතර වාතය ඒත් දැන් ගොඩක් උන් ජරාව කාල මාට්ටු වෙලා නිසා ශේප්ය . බැරිවෙලාවත් වාත උනොත් අලුතෙන් ගාපු 5000 නෝට්ටු මිටීයක් වැඩෙම්මුවා නම් හරිය.

එංගලන්තෙ පර සුද්දා නම් ගේමක් නැත .අපි උන්ට ගහන්නේ අටසිය ගනන්වල ඉඳලාය , අවුලකට ඉන්නේ "කහින්"ද මොකක්ද කියල නමක් තියන   පීටර්ය ඌ දෙපැත්තටම හරව හරවා ගහනවාය , ඒ ගහන්නෙත් හයේ එව්වාය , අපේ ගැන්සියේ පීටරයාත් හරව හරවා ගහනවාය ඒ ගහන ඒවා නම් මෙතන කියන්නත් බැරිය

අප්පිරිකාවත් වාතයක් වෙන්න පුලුවන්ය .උන්ගේ ජැකා කියලා එකෙක් ඉන්නවාය , ඌ අර මහා සංචාරේ යන එකා වගේ නෙවේය. ගහන්න සෙට් උනාම මෙහෙ බස් වල ජැක් ගහන උන්ටත් ඒහාය. පැල් බැඳගෙන ගහනවාය .තව රැවුලෙකුත් ඉන්නවාය , හෙන දඩාර සුද්දෙකුත් ඉන්න්වාය උගෙ නම "ගහපන් සිමිත් "ද මොකක්දය, මුන් දෙන්නාමත් හෙන පොරවල්ය.තව පොරවල් ගොඩක් ඉන්නවාය . ඒත් අප්පිරිකාවෙ උන්ට වල්ඩ් කප් බැ කියා කිව්වෙ අපේ අක්කාගෙ පොඩි එකාය . ඌට උගේ මාමා වෙච්ච මගේ නමවත් මතක නෑය.ඒ උනාට ක්‍රිකට් ගහන උන්ගේ උප්පැන්නෙත් කට පාඩම්ය.ඌ මේ පාර ඉතිහාසෙට ගත්තේ ලකුන් 4ය ඒ උනාට පරන මැච් වල ස්කෝර් කාඩුත් මතකය .ඒ නිසා ඌ කියන එක හරි ඇතිය

මොකා කොහොම උනත් කමක් නැත අපේ කොල්ලො ටික කප් එක ගන්නවාමය.අපෙ අක්කා මෙ දවස් වල චට්නි හදනවාය ඒ මැච් බලන්නය , වඩේ ටිකකුත් හදාගන්න ඕනිය , නැත්නම් ටොනික් වලින් ආශික් එකක් ගන්න බැරිය.අපේ කොල්ලන්ට බොක්කෙන්ම සුභ පතනවාය හිප් හිප් හුරේ.............................

ක්‍රිකැට් ගැන එච්චරය ඒත් මේ මඟුල කියවන තොපිට කියන්නට දෙයක් ඇත . මේකට එන එක ගස්බල්ලෙක් වත් කොමෙන්ට් දාන්නේ නැත . කලින් පොස්ට් එක 300 විතර බලලාය ඒත් කොමෙන්ට් එකය. මගේ මල් වඩමම පනින්නේ එතකොටය , හොඳ නැත්නම් අඩු තරමේ තෝ මකබැවියන්, තොට බ්ලොග් ලියන්න බැ,තෝ ලියන ඒවා අජූතයි කියලවත් කිව්වා නම් හරිය , එතකොට අඩු තරමේ මේ බ්ලොග් ලියැවිල්ල අතැරල රතුලුණු හිටවන්න හරි පුලුවන්ය (රතුලූන් කෙලිය මෙ බ්ලොග් කෙටිල්ල වගෙ නෙවේය, හරියට සෙට් උනොත් අර බස් වගෙ දිග "ලී මස්සිනා" කර් තඩියක් උනත් බැස්සිය හැක ). ඉතින් බලාන ඉන්නෙ,... දාපියව් කොමෙන්ට් එකක් මගෙන් දැලි පිහිපාරක් කන්නෙ නැතුව  .

(අනේ මේ දොරේල සමාවෙලා කොමෙන්ට් එකක් දාල යන්න ,බැනල හරි කමක් නැ.කලින් සද්දෙ දාපු එකට වෙරි ශොරි වෙන්න ඕනි . මම මෙහෙම කිව්වා කියල කාටවත් කියන්න එපා බුදු නෝන්ඩිය එහෙම උනොත් අරි ..ඔන්න ම්ං කැපුනා )

------------------------------------------------------------------------------------------------------------

*මෙවර ජයගෝෂා නිල ගීතයේ "නිල "භාෂාවම භාවිතා කලාට අපේ ක්‍රිකට් බෝර්ඩ් එක තරහා නොවෙ යැයි සිතමි.

*ශ්‍රිලංකා කණ්ඩායමට ඉත සිතින් සුභ පතන අතරම කුසාලානයෙන් පසු සමුගන්නා ලොව බිහිවූ  විශිෂටතම පන්දු යවන්නා වන මුරලිටත් බොහෝ දුරට සමු ගැනීමට ඉඩ ඇති ලොව විශිෂටතම පිතිකරු වා වූ සචින්ටත් හිස නමා ආචාර පුද කරමි ,

මේ සම්බන්ඳ කලින් ලිපිය මෙතනින්

ජැකොලයින්ගෙ නිරුවත, ඉන්දියානු සිනමාව හා අපි

 ශ්‍රි ලංකාවෙන් බිහිවූ එකම බොලිවුඩ් නිලිය වන ජැකොලයින් ෆරිඩිනැන්ඩ්ස් විසින් රඟපානවා යැයි කියනු ලබන නිරුවත්  දර්ශන ගැන ක්ථා බහක් මේ වන විව ඇතිවී තිබේ .පුවත් වෙබ් අඩවි, බ්ලොග් කරුවන්, ගොසිප් වෙබ් අඩ්වි ඇතුලු පාර්ශව ගණනාවක් මේ ගැන වාර්ථා කර ඇති අතර නා නා විධ වාර්ථාකරනයන්ද ඒ අතර වේ . නොයෙකුත් මතවාද ද රාශියක් ඉදිරිපත්වී ඇත . පහත සබැඳි වලින් දක්වා තිබෙන්නේ ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවියක් වන Gossip Lanka News හිත් , බොලිවුඩ් සිනමාව සම්බන්ධ  "බොලිවුඩ් සිංහලෙන්" බ්ලොග් අඩ්වියත් එය වාර්ථා කර තිබූ ආකාරයයි (වඩා අංග සම්පුර්ණ හා මධ්‍යස්ත වාර්ථා නිසා සබැඳි දී ඇත )

01)  http://www.gossiplankanews.com/2011/02/jacqueline-willing-to-drop-her-clothes.html

02) http://bollywood-sinhala.blogspot.com/2011/02/blog-post.html

මේ නිරුවත් දර්ශන කතාව බොහොම දෙනා අතර ජනප්‍රිය බවද පෙනෙන්නට ඇත . ගොසිප් ලංකා හි අදාල ලිපිය සඳහා කමෙන්ටු ගනන 100ද ඉකමවා ඇති අතර,බොලිවුඩ් සිංහලෙන් අඩවියට මා ලාංකීය සිතුවිලි හරහා පිවිසෙන විට "යාම්" සංඛ්‍යාව එකසිය ගණන්ක් බව මතකය .මේ විමසන්නට යන්නේ ඒගැනය .


කලාව සිනමාව  සහ නිරුවත


කලාව යනු මිනිසාගේ හැඟීම් වල භාවමය නිරූපනයයි , මිනිසාට දැනෙන දුක ,සතුට, වේදනාව, කේන්තිය ඇතුලු සියලු හැඟීම් කලාව තුල නිරූපනය වේ . විවිධා කාරයෙන්,ඇතැම් විට යතාර්තයෙන් මිදුන මනකල්පිතයන් ලෙස ඉදිරිපත් වේ.මිනිසාගෙ එක් මූලික හැඟීමක් වූ ශෘංගාරයට කලාව තුල ප්‍රධාන තැනක් හිමිවුයේ ඇත අතීතයේ සිටය. ඒ බොහෝ විට ශෘංගාරය අනිකුත් මිනිස් හැඟීම් කෙරෙහි ඉතා තදින් බලපාන නිසා විය හැක. ඈත අතීතයේ සිට මේ දක්වා බොහෝ කලා නිර්මාන ශෘංගාරය මුල් කරගෙන බිහි වී ඇත , එයින් චිත්‍ර හා මුර්ති වැනි දෘශ්‍ය කලා නිර්මාන වලට ලැබෙන්නේ ,මූලික තැනකි . එනිසා චිත්‍රකලාවේ විකාශනයක් වූ සිනමාව තුලත් බොහෝ විට ශෘංගාරය පාදක වී ඇත.ශෘංගාරය සිනමාවට ගෙන ඒමේදි විවිධ කලාකරුවන් විවිධ උපක්‍රම අනුගමනය කල අතර කාන්තා නිරුවතට ඉන් ප්‍රධාන තැනක් හිමි වෙන්නේ අතීත දෘශ්‍ය කලා අනුගමනය කරමිනි , හොලිවුඩ් සිනමාව ප්‍රංශ සිනමාව මෙන්ම චීන සිනමාව තුලත් කාන්තා නිරුවත භාවිතා වීම නිරන්තරයෙන් දක්නට ලැබුන අතර ඇතැම් විටක එය ඉතා ගැඹුරු භාවිතාවක් වූ අතර ඇතැම් විටක සරල වාණිජ භාවිතාවක් විය .නමුත් ලෝක සිනමාවේ ප්‍රධාන හවුල් කරුවෙක් වූ ඉන්දියානු සිනමාව විශේෂයෙන්ම උතුරු ඉන්දියානු බොලිවුඩ් සිනමාව නිරුවත තමන්ගේ නිර්මාන සඳහා යොදා ගන්නේ නැතිම තරම්ය .ඒ ඇයි ?

බොලිවුඩය හා නිරුවත
කාන්තා නිරුවත බොලිවුඩයේ භාවිතා නොවීමට ප්‍රධානතම හේතුව වන්නේ ඉන්දියානු සංස්කෘතික බලපැමය( කොහොම උනත් ඇතැම් පැරණි ඉන්දියානු කලා නිර්මාන නම් ශෘංගාරයේ හා නග්නත්වයේ සියලු ඉසව් කර දිවෙන බව ත් කිව යුතුය ) .බොලිවුඩ් සිනමා කරුවා තමන්ගේ නිර්මාන වල ආදරය හෝ ශෘංගාරය සඳහා යොදා ගන්නේ ඉන්දියානුවන්ගේ සංස්කෘතික දායාදයන්වූ සංගීතය හා නර්ථනයයි, එය ඉන්දියානු රසිකත්වය හා කදිමට පැහුන අතර ලෝක සිනමාවටද නව ආරක් විය.තරුන තරුණියන් පමනක් නොව වැඩිහිටියන් පවා වසඟයට ගත් සිනමා තරු පරම්පරාවක් බිහිවෙන නිසා සීමා මායිම් බිඳ දමා යැමේ අවශ්‍යතාවයක්ද නිර්මාන කරුවන්ට නොවීය..ඉඳහිට ඇතැම් අයෙක් මේ වැටකඩොලු බිඳ දැමීමට තැත් කරත් ,අන්තවාදී බලවේග හා ඒ හා බද්ධ වූ දේශපාලනය විසින් ඒවා යටපත් කෙරිනි,කාන්තා නිරුවත තබා දෙතොල් සිපගැනීම් දර්ශනයක් වත් ආන්දෝලනයකින් තොරව ඇතුලත් කල නොහැකි වූ නිසා නිර්මාන කරුවන්ගේ උපරිමය වුයේ තෙත් ඇඳුම් වලින් යුත් සරාගී නර්ථනයක් පමනි . මේ තත්වයට කදිම උදාහරණයක් ලෙස 1990 දශකයෙ මුල් භාගයේ තිරගත් වූ රාජා හින්දුස්ථාන් චිත්‍රපටිය හැඳින්විය හැකිය . අමීර් කාන් හා කරිෂ්මා කපූර් ගේ දෙතොල් සිප ගැනීමේ ගැනීමෙ දර්ශනය ඉන්දියාව තුල ඇති කල ආන්දෝලනය ඉමහත්ය.නමුත් ඇත්ත වශයෙන්ම මේ චිත්‍රපටයේ සිප ගැනීමෙන් අරුත්ගන්නෙ සිප ගැනීමක් නොව ලිංගික දර්ශනයකි.

බොලිවුඩය තුල පැවැති මේ තත්වය වෙනස් වීමට පටන් ගන්නේ පසුගිය දශකයේ අග භාගයෙ සිටය . අඩනිරුවත් දර්ශන දෙතොල් සිප ගැනීම් මෙන්ම ඉතා කලාත්මකව රූප හා අලෝකය භාවිතා කල ලිංගික හා ව්‍යංග නිරුවත් දර්ශනද මේ කාලය තුල සිනමාවට එක් විය . ඉන්දියානු ජන සමාජයෙ ඇතැම් ස්තර වලින් හා අන්තවාදින්ගෙන් බල පැම් එල්ල උනත් . මේවාට පක්ෂ වූ සමාජ තලයක් පැවතීම,මාධ්‍ය වල සහයෝගය ලැබීම , හා ප්‍රධාන දේශපාලන අධිකාරය අත නොපෙවීම හා ඇතැම් විටක අන්ත වාදි ප්‍රහාර හමුවෙ නිර්මාන තිරගත කිරීම්ට සහය දැක්වීම වැනි කරුනු නිසාත් ,නවක රංගන ශිල්පි ශිල්පිනියන් මේ දර්ශනව රඟපැම ප්‍රතිශේප නොකිරීමත් නිසා මේ බොලිවුඩ් සිනමාවේ ශෘංගාරාත්මක නිරූපනයේ පෙරලිකාර ද්ශකය බවට වුවත් නම් කල හැක

ජැකලයින් නිරුවත් දර්ශන හා Murder 2
මේ සිද්ධියේ සම්පූර්න කතාව දැනගැනීමට නම් ඔබ මා ලබා දී ඇති සබැඳි වලින් එක් ලිපියක් හෝ කියවිය යුතුය ඉන්දීයානු මාධ්‍ය හරහා පුවත් මැවු ජැකොල්යින් නිරුවතින් රඟපාන පුවත් ශ්‍රි ලාංකික වෙබ් අවකාශ්යද කලඹවන්නට සමත් විය . මෙහිදී ජැකොලයින් පවසන්නේ තිර පිටපත ඉල්ලන ඕනැම යමක් තමන් කීරීමට සුදානම් බවය, චිත්‍රපටයේ නිර්මාන කරුවා ඉතිහාසයේ ප්‍රභලම නිරුවත්/සරාගී දර්ශන පොරොන්දුවේ , මේ නිර්මානය වෙන්නේ ඉන්දියාන්ය් ශෘංගාරාත්මක සිනමා නිර්මානකරන්යේ හැරුම් ලක්ෂයක්වූ Murder හි දෙවන කොටසය , අධ්‍යක්ෂකවරයාද එකමය, ප්‍රධාන නලුවාද එකමය ඉතින්මේ ආන්දොලනයේ සාධාරනත්වයක්ද ඇත

අසාර්ථක වූ ඇලඩින් හා නමවත් මතක නොහිටන තත්වයේ නිර්මානයකට පමණක් දායක්වී ඇති ජැකොලයින් මේ සැරසෙන්නේ නව ප්‍රතිරූපයක් තනා ගැනීමටද ? ප්‍රේක්ෂක කුතුහලය අවුස්සමින් අධ්‍යක්ෂවරයා සැරසෙන්නේ ජැකොලයින් ගේ නිරුවත හරහා තම නිර්මාන විකිනීමටද? මේ පැන නැගෙන ප්‍රශ්නය

ජැකොලයින්ගෙ පැත්තෙන් නම් නව ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම ඉතා වැදගත්ය , ඒ ඇය මෙතෙක් අසාර්තක නිසාය (සැබවින්ම ඇය රූමත් වුවත් මෙතෙක් රංගනයේ විශෙෂ දක්ශතා පෙන්වා නැත ) අනික් අතට නිර්මාන කරුවා තමන්ගේ නිර්මානය විකිනීමට තැත් දැරීමත් සාධාරනය ඒ සිනමාව කර්මාන්තයක් නිසාය . වසර ගනනක් සිරගතව සිටි රූප රාමු නිර්මානය වෙත්දී බොලිවුඩය කැල්ඹීමේද වරදක් නැත . Murder 2 හි ජැකොලයින්ගේ නිරුවතෙ භාවිතය ගැන උනන්දුවද ඒ අනුව සාධාරනය. ඒ බොලිවුඩය පැත්තෙන්ය , නමුත් ශ්‍රි ලාංකික ජැකොල්යින් ගේ දායකත්වය නිසා ශ්‍රිලාංකීය අවධානයද Murder 2  විසින් දිනා ගෙන ඇත

ජැකොලයින්ගෙ නිරුවත හා අපි


මේ සිද්දිය සම්බන්ඳව ගොසිප් ලංකා හි මෙන්ම තවත් පුවත් වෙබ් අඩවි තුලත් පල වූ පාඨක අදහස් බොහෝය , සැලකිය යුතු පිරිසක් ජැකොලයින්ව  අනුමත කර තිබූ අතර, ඇතමුන් අස්භ‍ය වීඩියෝවක ජැකොලයින් දකින්නට කැමති යැයිද පවසා ඇත, ඇතමුන්ට අනුව ඇය ශ්‍රි ලාංකිකයෙක් නොවුනා නම්  ඕනි මඟුලක රඟපැවාට කමක් නැත, තවත් සමහරු කියන්නෙ ඇයට නමට් පමනක් ශ්‍රි ලාංකික නිසා අවුලක් නැත කියාය . සමහරෙක්ට අනුව ඇය සිංහල බෞද්ධ නොවේ ඒ නිසා කමක් නැත ......

මේ අදහස් දක්වන්නේ ලංකාවේ අන්තර්ජාල සාක්ෂරතාවය ඇති අයය , මෙය ලංකාවෙ ජීවත් වන් නිලියකගෙ කතාවක් නොවන නිසා අනෙක් මහජනතාවතත් "දේශප්‍රේමි" කණ්ඩායමුත් තවමත් නිහඩය . ඉතින් අනර්කලි, නෙහාරා , ශලනි තාරකා වැනි ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලාංකීය නිර්මානයක නිරුවත් දර්ශනයකට දායක උනා නම් මොනවගෙ තත්වයක් ඇති වෙයි ද? ඒ නිර්මානයේ නිර්මාන කරුවාට කුමක් වේවිද ? ඉතා ඉහල කලාත්මක නිර්මානයක් උදෙසාවත් අපේ රංගන ශිල්පිනියක් මෙවන් දර්ශනයකට පෙනී ඉඳියිද? ඔවුන් ඒ කැප කිරීමට සූදානම් ද? ඔවුන් කැමති වුවත් අපේ සමාජය එයට ඉඩ දෙනවාද ????? ඔබම සිතා බලන්න ...

වාසුදේව ඇමති සහෝදරයාගේ පීඩිත පන්තියේ "බිත්තර"

වාසුදේව නානායක්කාර ඇමතිතුමා ආහ්..සමාවෙන්න ඇමති සහෝදරයා කියන්නේ දුප්පත් මිනිහ එක්ක හිටපු, පීඩිත පන්තියේ ජනතාවගේ අයිතිවාසිකම්, දුක ගැන කතාකරපු මානව හිතවාදියෙක්ය කියලනෙ කියන්නේ . තමන්ගෙ ඡන්දේ අරගෙන කලින් වතාවක කරපු චක්ගුඩු පැනිල්ලත් අමතක කරල
, රතනපුරේ නිදහස් පාක්ෂිකයො මෙතුමව ආයිත් පාරක් පාර්ලිමෙන්තුවට එව්වෙත් ඒ නිසාමයිලුනෙ  .

ප්‍රජන්ත්‍රන්වාදයට ඉතාම අහිතකරයි කියල එතුමන්ලාම කියන 18 වෙනි සංශෝධනයට විරුද්ධත්වය පලකීරිමක් වශයෙන් "පක්ෂව චන්දය් " ලබාදීලා දේශපාලන ඉතිහාසයේ අලුත්ම පිටුවක් පෙරලුවෙත් වැඩි කලයකට කලින් නෙවෙයි නේ . ඒ විතරක්යැ මුලු ආමාථ්‍ය මණ්ඩලේටම ඉන්න එකම " ඇමති සහෝදරයත්" මෙතුමා විතරයිනෙ . ඉතින් මේ සුවිශේශ අමාත්‍ය සහෝදරය අපූරු හෙලි කිරීමක කරල තියනවා . ඒ අපේ රටෙ දුප්පත් ,පීඩිත ජනතාවගේ ප්‍රධානතම ආහාරය උන බිත්තර ගැන

නිලන්ත මදුරාවල මහත්තය එක්ක දිවයින පත්තරේ සාකච්චාවකට එකතු වෙලා තමයි මේ ගැන කියන්නේ මේ තියෙන්නේ උපුට ගත්ත කොටස

" ප්‍රශ්නය - අන් කවරදාකටත් වඩා අද ජීවන වියදම අහස උසට නැගලා නේද?

පිළිතුර - ජීවන වියදම ඉහළ ගොස්‌ තිබෙනවා. ජීවන වියදම ඉහළ යන්න විවිධ හේතු සාධක බලපෑවා. ජල ගැලීම් නිසා අස්‌වනු විශාල වශයෙන් විනාශ වුණා. සාමාන්‍යයෙන් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියන මාසවලද පොල් මිල වැඩිවෙනවා. මිල වැඩි වෙන්නෙ ඵලදාව අඩු වන නිසා. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විධියට වැඩ කරන්න මේ ආණ්‌ඩුවෙන් ඉඩක්‌ නැහැ. ඒ නිසයි අධික ලෙස ඉහළ ගිය බිත්තර මිල අඩු කරන්න ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළේ. සීඝ්‍රයෙන් ඉහළ යන පොල් මිල පාලනය කරන්න ඉන්දියාවෙන් පොල් ආනයනය කිරීමට තීරණය කළේ. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් කවදාවත් මේ වගේ ක්‍රියාමාර්ග අපේක්‍ෂා කරන්න බැහැ. එක්‌සත් ජාතික පක්‍ෂය හැම වෙලාවෙම කල්පනා කරන්නෙ ව්‍යාපාරිකයන්ගෙ පැත්තෙන්. නමුත් මේ ආණ්‌ඩුව කල්පනා කරන්නෙ ජනතාවගෙ පැත්තෙන්.

ප්‍රශ්නය - එක්‌තරා කාලයකදී ජීවන වියදම ඉහළ ගිය හැම වෙලාවෙම ඔබ ජනතාව සමඟ පාරට බැස්‌සා. නමුත් අද ඔබ විවිධ හේතු ඉදිරිපත් කරමින් ජීවන වියදම ඉහළ යැම සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. අද ඉන්නෙ එදා සිටි වාසුදේව සහෝදරයා නෙවෙයිද?

පිළිතුර - ජීවන වියදම ඉහළ යැමට විරුද්ධව අද කව්ද විරෝධය පළකරන්න පාරට බැහැලා ඉන්නෙ. ජනතාව පාරට බැහැලද? නෑ. ඇයි ඒ....? මේ ආණ්‌ඩුව ජීවන වියදම අඩු කරන්න විවිධ ක්‍රියාමාර්ග ගත්ත බව ජනතාව දන්නවා. ඒ ක්‍රියාමාර්ගයක්‌ හැටියට තමයි බිත්තර ආනයනය කළේ. ඒ ක්‍රියාමාර්ගයෙන් පස්‌සෙ බිත්තර මිල පාලනය වූ හැටි ඔවුන් දන්නවා. ජීවන වියදම ඉහළ යද්දී ආණ්‌ඩුව කිසිම පියවරකට නොයනවා නම් ජනතාව පාරට බැසිය යුතුයි. එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව සමයේ සිද්ධවුණේ ඒක. අපිත් එදා ජනතාව සමඟ පාරට බැස්‌සා. නමුත් අද එවැනි අවශ්‍යතාවක්‌ මා දකින්නේ නැහැ. "


සම්පූර්න ලිපිය මෙතනින් බලන්න පුලුවන්


අපේ පීඩිත පන්තියෙ විරුවට අනුව නම් මිල වැඩි උනෙ බිත්තර වල , පොල්වල විතරයි ඒකත් ඉතින් කේරලෙන් ගෙන්නල ලාබෙට දෙන නිසා ජනතාවට ගානක්වත් නැහැ .ඒක නිසයි ජනතාව පාරට බහින්නෙ නැත්තේ , අනේ ඒ නිසා එතුමත් ශේප් එකේ ඉන්නවා ලු .මාස කිහිපයකට කලින් රු 6 ට7ට තිබුන බිත්තරේ කේරලෙන්ම ගෙනල්ලත් රු 12ට දෙන එක එතුමාට අනුව නම් මාර ජනතාවාදි වැඩක්


එතුමා කියන විදිහට එතුමන්ලාට පුත්තලමෙ නාම යෝජනා දීල නැහැ. අපරාදේ අපේ මෛත්‍රිපාල මහත්තයා ගැලපෙන අයට ගැලපෙන තැන නාම යෝජනා දීල නැතෙයි කියල  උනත් කෙනෙක් කියන්න ඉඩ තියනව ඕං! අනෙ අපි නං ඕවට නැහැ

 

ඔහු වෙනුවෙන් අපි !!

මේ වෙන කොට බොහෝ දෙනෙක් දන්න කාරනයක් ඒත් නොදන්න කෙනෙක් හිටියොත් දැන  ගැනිමටත් එක්කයි මේ ලියන්නේ . මේ ගැන හොදින්ම ලියැවුනු ලිපියක උපුටනයක් තමයි මේ තියෙන්නේ . මගේ වචන වලට වඩා ඒක හොඳ වෙයි කිය හිතුන නිසයි පලකලේ .

උපුටා ගත්තේ  BLOG ගඩොල් අඩවියෙන්

"
                            අද බ්ලොගාවකාශයේ ඉලංදාරි දිනයයි



රැකියාවල්, ඉගෙනීම්, සයිබර් සැණකෙලි, ගෙට් ටුගෙදර්, පාර්ටි අතරින් අපේ ජීවිත ඉස්සරහට ඇදිල යද්දි බ්ලොග් අවකාශයෙ හමුවුන අපේම සොයුරෙක්ගේ ජීවි
තය අද එක තැනක නැවතිලා. ඔහු තනියම ජීවිතය ජය ගන්න සටන් කරන්න පටන් අරන්... එහෙව් ඌ තනිකරලා අපිට විනෝද වෙන්න පුළුවන්ද? ඔබට පුළුවන්ද?
අපි හිතන්නෙ බෑ.... මිනිස්කමේ සුවඳින් පිරිච්ච ශ්‍රී ලාංකික අපේ හදවත් ඉලංදාරියා අමතක කරලා විනෝද වෙන්න අපිට ඉඩ දෙන්නෙ නෑ කියලා අපි දන්නවා.....
ඉතින් අපි හැකි පමණින් ඔහුට හයියක් වෙමු. අපේ පොඩිම පොඩි උදව්වත් ඔහුට මහමෙරක් තරම් වටිනවා. අමතක කරන්න එපා, අද ඔහු ඉන්න තැන හෙට ඔබත් ඉන්න පුලුවනි.
අද දිනයේ අප තබන මේ කුඩා පියවර හෙට දිනයේ ඔහු තබන මහා පියවරක් වේවා!!!




                                                                                                                                             "
පුලුවන් හැම දෙනාම තමන් තමන්ට පුලු පුලු වන් විදිහට මේ උදාර කර්ත්‍යවයට දායක වෙමුයි කියල බුවා යෝජනා කරනව . කෙනෙකුගේ ජීවිතයට අහිමිවී ගිය දෙයක් ලඟා කරගන්න කරන උදව්වක වටිනා කම රුපියල් සත වලින් මනින්න බැහැ . ලබා දෙන සියලු උදව් උපකාර එක හා සමාන ව අමිල වටිනාකමකින් යුතු වෙනවා , එනිසා ඔබගේ මිතුරු මිතුරියන්, නැදැයන්, පාසල, විශ්ව විද්‍යාලය, උසස් අධ්‍යාපන ආයතනය , මෙකී නොකී හැම කෙනෙක්ම මේ සද්කාර්යට එකතු කරගන්න.

 ඔබ බෞද්ධයෙකු නම් , ඔබ මේ සිදුකරන්නේ මහත් ඵල මහානිසංශ ලබාදෙන්නාවූ පුණ්‍යකර්මයක් බවත්, දෙවියන් වහන්සේ අදහන්නෙක් නම් , දෙවියන් වහන්සේ වඩාත් ප්‍රිය කරන්නේ මෙවන් යහපත් වැඩ කරන්නාවු මනුෂ්‍යන්ට බ්වත් මතක තියා ගන්න

ඔහු වෙනුවෙන් අපි වෙමු !!!

Lanka E News ගිනි ගත්තාද ? ගිනි තිබ්බාද? ගිනි තියා ගත්තාද ?

ලංකා ඉ නිව්ස් කාර්යාලය ගිනි ගෙන විනාශ වී ඇත. එය ඉබේ ගිනි ගත්තාද?  තමන්ම ගිනි තියා ගත්තාද? ගිනි තිබ්බාද? තිබ්බා නම් කොයි එකාද? මොන එහෙකටද?? ප්‍රශ්න රාශියකි .ලංකා ඉ නිවුස් මෑත කාලයේ පහර කැමට ලක්වූ පලමු මාධ්‍ය ආයතනය නොවේ , ලංකා ඉ නිව්ස් මර්ධනයට ලක්වූ පලමු අවස්ථාවද මෙය නොවේ. රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මිණුම් දණ්ඩක් වූ මාධ්‍ය නිදහස මෙලෙසින් උල්ලංඝනය වන්නේ ඇයි ?  හැමදාම වන ලෙසින් පොලිස් පරීක්ෂණ පැවැත්වේ.මාධ්‍ය සංවිධාන දවසක් දෙකක් උද්ඝෝෂණ පවත්වයි ගහපු එකෙක් , ගහපු හේතුවක් මෙතෙක් නම් හොයාගෙන නැත ( මේකෙදිවත් හොයා ගත්තොත් ඉතා හොඳය )



මේ  සිද්දියේ මාධ්‍ය වාර්තා


පේන හැටියට නම් සිදුවී ඇත්තෙ ලංකා ඉ නිවුස් කාර්යාලය ගිනි ගැනීමය . නමුත් මාධ්‍ය වාර්ථා ගොඩකි. අනික් මාධ්‍ය සියල්ලම නාඳුනන පිරිසක් තැබු ගින්නක් ගැන වාර්ථා කරත්දී රජයෙ ඇමති වරයෙකුට සම්බන්ඳ යැයි පැවසෙන( පැවසෙනවා පමණක් නොව ඒ බව පෙනෙන )ලංකා c නිවුස් සිද්දිය වාර්ථා කරන්නේ  මෙලෙසය
http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=3631:-lanka-e-news-&catid=1:latest-news&Itemid=269

එයට අනුව නම් පහර දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධ පිරිසකි . එනම් විපක්ෂ නායකතුමා ගේ පිරිසක් විය යුතුය . ඒ අතරෙ දිනමින පුවත්පත කියන්නේ මෙහෙමය http://www.dinamina.lk/2011/02/01/_art.asp?fn=n1102013

එයට අනුව කාමරයේ කාන්තා යට ඇඳුම් , උපත් පාලන කොපු තිබී  ඇත . ඔවුනට වඩා වැදගත් ගිනි ගැනීම නොව හොයා ගත් ඒවාය  ( හයිලයිට් කර ඇත්තේ ඒ නිසා විය යුතුය ). පුදුමයට කාරණය නම් පරිගනක යන්ත්‍රත් ගිනි ගනිත් දී කොන්ඩම් ටිකයි , ජංගි ටිකයි බේරුන එකය .

 ජනපතිතුමා පරික්ෂන  පැවත්වීමට නියෝග දෙත්දී රාජ්‍ය හා රජයට හිතවත් මාධ්‍ය මෙලෙස හැසිරෙන්නේ ඇයි ?


ලංකා ඉ නිවුස් මත වාදය ගැටලුවක් වුයේ කාටද ?


ලංකා ඉ නිවුස් පසු කාලය පුරාවටම තම මත වාදය කර ගත්තේ රාජපක්ෂ රජයට විරුද්ධ වීමය . හරි වැරදි හැමදේම විවේචනය කල  ලංකා ඉ නිවුස් මතවාදයද බරපතල ප්‍රශ්නාර්ථයක් වුවත් එය ඔවුනගේ අයිතියකි . අනෙක් අතට මංගල සමරවීරගේ නම ලංකා ඉ නිවුස් සමග කිය උනත් එය එජාපයටත් හිතවත් නැත . පසු ගිය කාලය පුරාවටම ඔවුන් කලේ ටොම් පච කෙලමින් එජාපය දෙකඩ වන ආකරයේ පුවත් ඉස්මතු කිරීමය . නමුත් එයත් ඔවුනගේ අයිතියකි  . එතකොට ගිනි තිබ්බේ කව්ද ? පසු ගිය කාලයේ සිදූවූ සිදුවීම් නිසා පලමු ඇඟිල්ල දිගුවන්නේ රජය දෙසටය , අනෙක් අතට ලංකා c නිවුස් කියනා අකාරයේ වැඩක් කිරීමට තරම් හැකියාවක් එජාපයට තිබේද යන්නද සැක සහිතය . එනිසා තමන් පිරිසිදු විමේ වගකීම ඇත්තේ රජයටය . ඔවුනට ඒ සඳහා හැකියාවද ඇත   . කල යුතුවන්නේ මෙවරවත් වැඩේ කල උන් රටට ඉදිරිපත් කිරීමය . එවිට ප්‍රශ්නය අහවරය . නමුත් අතීත අත්දැකීම් අනුවත් , රජයට සම්බන්ද අයගේ හැසීරීම් වලිනුත් එසේ වන බවක් තවම නම් පෙන්නේ නැත.




ගහපු එකෙන් වැඩක් තියේද ? 

අවසානයට ඇතිවන   ප්‍රශ්නය මෙයයි  . මුද්‍රිත , හෝ විද්‍යුත් මාධ්‍යක් ගිනි තැබීමෙන් නම් ඔවුනගේ කටයුතු සැහන පරිදි අඩාල කල හැක . නමුත් පරිගනකයක් හා අන්තර්ජාල සබඳතාවයක් පමන අවැසි මාධ්‍යක් එලෙස අඩපන කල හැකි වන්නේ නැත . සිදූවූ ආර්ථික අලාබය හැරුනු මිසක ලංකා ඉ නිවුස් අඩපන වී නැත . ඉහල මට්ටමේ ප්‍රචාරයක් නම් ලැබී ඇත

අවසානයට ඉතිරි වන්නේ පසු ගිය කාලයෙ සුපුරුදු කතාවය ඒ " තමන්ම ගිනි තියා ගැනීමය " කඩේ යන උන් එකා දෙන්නා එවැනි අදහස් කීවත් වග කිව යුත්තෙක් තාම එවැන්නක් කියා නැත .

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මෙවන් සිදුවීම සිදු නොවිය යුතු බවය , සිදු නොකල යුතු බවය , සිදුවන එක වලක්වා ගත යුතු බවය . දැයට සැබැවින්ම කිරුලු පැලදෙන්නේ එවිටය

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top