Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

June 2011

සුද්දන්ගේ නිදිතම ක්‍රිකට් නග්ගල ගත් අපේ " සනා "

ක්‍රිකට් හැදුවේ එංගලන්ත සුද්දාය . පැත්තකට වෙලා හෙමින් සැරේ කොරපු සෙල්ලමක් නිසා එයට මහත්තුරුන්ගේ සෙල්ලම කියා නමක්ද හැදුනේය . මුලින් දවස් ගනන්  කාලය කැ සෙල්ලම තනි දවසේ සෙල්ලමකට හැරුණාය . මුලින් වැඩ පෙන්නු සුද්දන්ට අමතරව කල්ලන්ද , ඉන්දියානු හා පකිස්ථාන  සුදු-කල්ලන්ද තනි දවසේ සෙල්ලමේ වැඩ පෙන්නුවෝය . ඒත් සෙල්ලමේ කම්මැලි ගතිය නම් එලෙසමය . පලවෙනි පන්දු වාර 15දී   පිතිකරු වට කොට පන්දු රකින්නන්ය . උන් අතරින් පන්දුවක බැස්සීමට ක්‍රිකට් ශිල්පියේ කෙල පැමිණිය යුතුය . මුලින් ගහන්න එව්වේද එවන් වැඩ කරුවන්ය . මේ සියල්ල උඩු යටිකුරු කලේ ක්‍රිකට් වලට වැඩ්ඩන් නොවූ  පුංචි දිවයිනෙන් ආ කලු කොල්ලෙක්ය .

මුන් ඔක්කොම මා ලඟ නම් පිට්ටනියේ හතර වටේ ඉඩ තිබේ නම්  අස්සෙන් බස්සන්නෙ මොන _කේ අමාරුවකටදැයි කියා මුලින්ම හිතුනේ මේ කලු කොල්ලාටය .


ඌ වටේට උන්ගේ ඔලුවලට ඔඩින් හතර අතේ නෙලන්න පටන් ගත්තේය . කොල්ලාට යකඩ හය්යක්ද තිබුන නිසා ඒ සමහර එව්වා වැටුනේ පිට්ටනියෙන් එලියේය . මේ තියරියම යුස් කල දොඩම් ගෙඩි දෙකක් සයිස් කොලුවෙකුත් සෙට් උන නිසා වැඩෙ මාර ලස්සනය . අපේ කොල්ලන් දිගට හරහට නෙලත්දී සුද්දන්, කල්ලන් , සුදු-කල්ලන් සියල්ලෝ තක්කු මුක්කු වුණ හැටි තාමත් මතකය .

නගරයට සීමවූ ක්‍රිකට් අඩවියකට මාතරින් ආ මේ කලු කොල්ලා නමින් සනත් ජයසූරියය .කෙනෙකුට සනත් මල්ලීය , තවත් කෙනෙකුට සනත් අය්යාය ,  බොහෝ දෙනෙකුට  නිකන්ම "සනා" ය . ඔහු සුද්දාගෙ ක්‍රිකට් වල නිදිමත් රිද්මය වෙනස් කලේය . පිතිකරුවන් ට අසීරු ව තිබූ පන්දුවාර "පවර් ප්ලේ" විය . පුංචි දිවයිනත් ක්‍රිකට් වැඩ්ඩන් අතරට එක්වෙත්දී සුද්දන් , කල්ලන්, සුදු-කල්ලන්ද අපේ සනා කොපි කරන්නට පටන් ගත්තෝය . ක්‍රිකට් ක්‍රිඩාවට ජීවය එක්විය , ඇඟට දැනෙන රිද්මයක් එක්විය . පවර් ප්ලේ පන්දුවාර ගාන වැඩි විය . සනා පටන් ගත් නෙලිල්ල මැච් එක පුරාම වැඩ කරන විස්සයි විස්ස කියා තරඟ ජාතියක්ද ඇතිවිය . අල්ලපු රටේ සුදු-කල්ලන්  මෙ කෙලියෙන් බම්බු නොගහනවා විතරය .

මේ සියලු දේ වෙත්දී සනා සමු ගෙනය . සනා අපේ රටෙන් බිහිවූ සුපිරිතමයාය . ප්‍රහාරාත්මක පිතිකරණයේ ආරම්භකයාය  එනම් ක්‍රිකට් "ගැහිල්ලේ " ආරම්භකයාය . පිටියෙන් සමු ගත්තත්  ක්‍රිකට් ලෝලි හදවත්වල සදාරැව් දෙන  සුපිරි ක්‍රිඩකයානෙනි ඔබට මාගේ ආචාරය !


--------------------------------------------------------------------------------------------------------------


නායකයො වෙන්න කැමති අය ඉන්නව නම් මෙතනින් ගිහින් ඒ ගැන කියවන්න

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි



නායකයා


කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   .

නායකත්ව ලක්ෂණ  

කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකාව විවිධාකාර වීම නිසා නායකත්ව ලක්ෂණ පිලිබඳ අර්ථකථනයද විවිධාකාර වී ඇත . පොදු නායකත්ව ලක්ෂණ පිලිබඳ සාක්ච්ඡාවකදී  වුවත් අවශ්‍යතාව අනුව විග්‍රහ කෙරෙන කෝණය එකිනෙකට වෙනස්ය . එහෙත් අවසාන විග්‍රයේදී මේ සියලු කාරණා ගොනු වන්නෙ මූලික පදනමක් හරහා බවත් , එම මූලිකය කොටස් කිහිපයකට බෙදා විග්‍රහ කල හැකි බවත්ය යන්න මාගෙ විශ්වාසයයි .එම  කොටස් පහත  පරිදිවේ

01) පුද්ගල ගුණාංග
02) සමාජිය ගුණාංග
03) බුද්ධිය ,  උගත් බව හා අත්දැකීම්
04) වෘත්තීමය ගුණාංග

01) පුද්ගල ගුණාංග 


නායකත්ව ලක්ෂණ ලෙස ගැනෙන ගුණාංග වලින් සැලකිය යුතු කොටසක් ගැනෙන්නේ මේ යටතටය . ඕනැම පුද්ගලයෙකු තුල  වර්ධනය කරගත යුතු පුද්ගල ගුණාංග සියල්ලම නායකයෙක් කෙරේ වැදගත් වුවත් නායකයෙකු කෙරේ   අත්ශයින්ම වැදගත් වන ගුණාංගද ඒ අතර වේ . ඒ අතරින් කිහිපයක් පමණක් විමසා බලමු

  • සත්‍යවාදීබව 
        සත්‍යවාදීබව යනු ඔනැම මිනිසෙකු තුල තිබිය යුතු ගුණාංගයක් බවට සැකයක් නැත . නායකයෙකු වශයෙන් සත්‍යවාදීත්වය අතිශයින් වැදගත් වන්නේ කාර්යය කෙරෙහිත් , තම අනුගාමිකයින් පිරිස කෙරෙහිත්, තමන්ට ඉහලින්  සිටින නායකයින් කෙරෙහිත් , සම තත්වයෙහි සගයන් කෙරෙහිත් අවංක වීම මේ තුලින් ඇති වන නිසාය . එමන්ම සත්‍යවාදීත්වය තුල  භාහිර සමාජය කෙරේ දක්වන සබඳතාද ශක්තිමත් වීම සිදුවේ 
  • සාධාරණත්වය 
      සාධාරණත්වය ද පුද්ගලයෙකු තුල විශේෂයෙන්ම නායකයෙකුතුල වර්ධනය විය යුතුම ගුණාංගයක් විය යුතුය . තම අනුගාමිකයන්  සමඟ කටයුතු කිරීමේදීත් , අනෙකුත් පාර්ශ්ව සමඟ කටයුතු කිරීමේදීත් මේය ඉතාමත්ම වැදගත්ය 

 ඉහත කාරණා දෙක අනෙකුත් පුද්ගල ගුණාංග   හා සංසන්දනය කිරීමේදී වඩාත් සුවිශේෂීය . ඒ මේ ගුණාංග පුද්ගලයා තුල වර්ධනය  විය යුතු වුවත් භාවිතාව වඩාත් වැදගත් සමාජීය වට පිටාව තුල නිසාය . අනෙක් අතට ඕනැම කාර්යයක අදාල කණ්ඩායමට හෝ ආයතන ව්‍යුහයකට  සාපෙක්ෂව පමණක් නොව මුලු මහත් සමාජයට, මිනිස් වර්ගයාට  මෙන්ම විශ්වයටම  සාර්ථක හෝ යහපත් වීම රඳා පවතින්නේ නායකයාගේ ඉහත පුද්ගල ගුණාංග නිසාය , මීට අමතරව  අභියෝග ජය ගැනීමට දක්වන ප්‍රියතාවය ,නිර්මාණශීලීතාවය  , ආත්ම විශ්වාසය . කාල කලමණාකරය (කාලයට අනුව වැඩ කලමණාකරනය ) . ඉලක්ක තැබීම හා ඒවා ජය ගැනීම්,ආදී ගුණාංග රාශියක් ද තිබේ . ඒ අතර තවත් එක් සුවීශේෂ පුද්ගල ගුණාංගයක් පිලිබඳ සඳහන් කල යුතුව ඇත . එනම් " පැහැදිලි දැක්මක් සහිත වීමයි

නායකයා සතුව තමන්ගෙ කාර්යය පිලිබඳ දැක්මක් තිබිය යුතුය . එය නිවැරදි මෙන්ම නිරවුල්ද විය යුතුය . අදාල කාර්යයේ ආරම්ඹය අවසානය  ප්‍රතිඵල , මතුවිය හැටි බාධක . කාල රාමු , ඉලක්ක ආදි මේ සියල්ලම මේ දැක්ම අනුව සකස්වීම සිදුවේ . තමන් කරන්නෙ කුමක්ද ? කොහොමද? කුමකටද ? ප්‍රතිඵලය කුමක්ද ? කා වෙනුවෙනද? යන්න පිලිබඳ නිශ්චිත අදහසක් දැරීම මේ නිවැරදි දැකිම තුල අන්තර්ගතය නිවැරදි දැක්මක් නොමැති වීම මා කලින් සඳහන් කල මේ හා බැඳුණු සියලු කාර්යයන් අසාර්ථක වීම කෙරෙහි බල පැ හැක .  


02) සමාජිය ගුණාංග
තමන්ගේ අනුගාමිකයින් කෙරෙහිත් සගයන් කෙරෙහිත් , භාහිර සමාජය කෙරෙහිත් නායකයෙකුගේ ක්‍රියා කලාපයන් වල ස්වාභාවය යහපත් වීම කෙරෙහි බලපාන්නාවූ සාධක මේ යටතේ ගත හැක . කලින් විග්‍රහ කල පරිදි සත්‍යවාදී බාවය හා සාධාරණත්වය වර්ධනය කරගැනීමේ ප්‍රතිඵල (යහප්ත් ) මෙහිදී දැකිය හැකි අතර , අනුගාමිකයන් ඇගැයීම , දිරිමත් කිරීම , නම්‍යශිලීතාවය .  සම සමගයන් සමඟ සහ සම්බන්ඳය හා හොඳ සන්නිවේදන හැකියාවන් මේ අතර වේ . මේ යටතේ එන බැරැරුම්ම හා වැදගත්ම ගුණාංගය තීරණ ගැනිමයි  


තීරණ ගැනීමේදී දක්වන ශක්‍යතාවය නායකයෙකුගේ සාර්ථකත්වයේ මූලිකම මිණුම් දණ්ඩ වන අතර එය එක් එක් නායකයින්ගෙ කාර්ය භාරය අනුව පමණක් නොව අදාල අවස්ථාව අනුවද  සම්පූර්නයෙන් වෙනස් තත්වයන් ඇති කරවන සුලුය . එපමණක් නොව නායකයෙකුගේ තීරණ ගැනීම කෙරෙහි ඔහුගේ අනෙකුත් සියලුම ගුණාංග ද බලපාන බව දක්නට ලැබේ . ඇතැම් විටක සෘජු නොනැමෙන සුලු තීර්ණ ගැනීමට සිදුවිය හැකි අතර ඒවා ජනප්‍රිය ඒවා නොවීමටද ඉඩ ඇත .  නම්‍ය්ශීලීතාවය රැකගත යුතු තීරණ ගැනීමේ හැකියාවක්ද නායකයෙකු සතු විය යුතුමය . බොහෝ අවස්ථාවන් හිදී මේ අවස්ථාවන් අතර මැදි තත්වයකට නායකයාට මුහුණු දීමට  සිදුවෙ ,  එවන් අවස්ථාවලදී ගන්නා  තීරණ වල සාර්ථකත්වය නායකයාගේ සාර්ථකත්වය තීරණය  කීරීමටද හේතු වේ . කෙසේ වුවත් තමන්  අතින් ගත් වැරදි තීරණයක් වරද දුටු විගස නිවැරදි කරන්නටත් . අන් අයගේ විරෝධතා මධ්‍යයේ වුවත් නිවැරදි තීරණයක් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින්නටත් සැබැ නායකයෙකුට හැකිවිය යුතුය

03)බුද්ධිය ,  උගත් බව හා අත්දැකීම්



මෙහි එන උගත් කම හා  අත්දැකීම්  බොහෝ විට අදාල වනුයේ  අදාල වෘත්තිකයින්ටය , ඇතැම් විට ඒ  ඒ වෘත්තීන් තුල නායකත්ව තනතුරක් දැරීමට අවශ්‍ය කරන උගත් මට්ටමේ සිමා හා  අත්දැකීම ප්‍රමාණ  නියම කර තිබුනත් . දැනුමේ වපසරිය පුලුල් කරගැනීම හා අත්දැකීම් ලබාගැනිම්මට සිමාව මෙතෙකැයි කිව නොහැකි නිසා   තම තම්න්ගේ උගත් කම හා අත්දැකීම් අනුව එක් එක්  පුද්ගලයින් දරන නායකත්ව ගති ලක්ෂන වෙනස් වේ යැයි පැවසීම සාධාරණය  . කෙසේ වෙතත් බුද්ධිය යන්න නායකයෙකුට අතිශයින්ම වැදගත් සාධකයක් බව පැවසිය යුතුය . මෙහේදී බුද්ධිය යනු මහා ගණික කර්ම විසඳීමෙ තර්ක බුද්ධියක් හෝ දාර්ශනික බුද්ධිය නොවේ .

අදාල  කාර්යය පමණක් නොව එදිනෙද වට පිටාවට අදාල සාමාන්‍ය  අව්බෝධයක් මෙන්ම . යම් කිසි ක්‍රියාවක අරමුණු , ප්‍රතිඵල , ඉදිරියේදී විය හැකි දැ ආදිය අවබෝධ කරගැනීමේ විචාර බුද්ධියක් පැවැතීම මේ "බුද්ධිය " යනුවෙන් මා අදහස් කර ඇත . කාර්යයේ නිරත වෙත්දී මතුවනු ගැටලු නිරාකරණයට , ඉලක්ක සැදීමට ,විකල්ප හඳුනා ගැනීමට , අන් පාර්ශව සමඟ ගණුදෙනු කිරීම වැනි කටයුතු සඳහා නායකයා සතුව සාමන්‍ය අවබෝධයක් මෙන්ම සැලකිය යුතු මට්ටමෙ  විචාර බුද්ධියක්ද පැවැතීම අත්‍යවශ්‍යය  



04) වෘත්තීමය ගුණාංග 


මෙය හුදෙක් වෘත්තිකයන්ට පමණක්  අදාල කරුණක් වුවත් වර්ථමාන සමාජයේ නායකත්ව ලක්ෂණ කථා බහට ගනිත්දී වඩාත් සැලකිල්ලට ගැනෙන්නේ වෘත්තිකයින් නිසා මේ ගැන ද කථා කල යුතුය . මේ යටතේ වෘත්තිමය අඛණ්ඩතාවය , වෘත්තියට අදාලනොනවතින ඉගෙනුම , නව සංකල්ප හඳුන්වාදීම හා භාවිතය ඇතුලු කාරණා රාශියක් අන්තර්ගතවේ

සැබැ නායකයෝ 


නායකයින් රාශියක් අතර සිටින සැබැ නායකයා ඉහත සඳහන් කල ලක්ෂන ඇතුලු නායකත්ව ලක්ෂණ  වලින් (කිහිපයකින් හෝ ) යුතු පුද්ගලයා  ලෙස හැඳින්වීමද සාධාරණය .  මේ සැබැ නායකයින් බිහිවෙන්නෙ කෙසේද ?



ඇතැම් පුද්ගලයින් නායකත්ව ගති ලක්ෂණ උපතේ සිටම රැගෙන එන්නන් ය , එය සසර පුරුද්ද හෝ ජාන ලක්ෂන හෝ  විය හැකිය . මොවුන්ට තම හැකියාවන් වර්ධනය කිරිනට නිස අලුතින් එකතු කර්ගැනීමේ  තදබල අවශ්‍යතාවක්ද නොමැත . තම හැකියාවන් වර්ධනයය කරගැනීමටද  මොවුන්ට අවබෝධය ඇති නිසා සුලු මග පෙන්වීමක් හෝ මග පෙන්වීමක් නැතුවම වුවත් ජීවිතයෙ තමාට හිමි තැන වෙත ලඟාවීමේ හැකියාවද මොවුන් සතුය . ලොකය පුරා කථා බහට ලක්වූ විවිධ ක්ශේත්‍රවල නායකයින් මේ ගනයට  අයත් වන්නන්ය .

නායකත්ව ගුණාංග ඉතා අවම වශෙයන් දරන.  සමාජයෙ ඇත්ව වසන පුද්ගලයින් පිරිසක්ද සිටිති. මොවුන්ද උපතේ සිටම මේ ලක්ෂන දරන අතර මඟපෙන්වීමකින් හෝ නායකත්ව ලක්ෂණ මතු කරගැනීමේ හැකියාව අඩුය

ස්වාභාධර්මය කිසිදු විටෙක අන්තවාදි  නොවේ . එනිසා  ඉහත  දෙපිරිසම සිටින්නේ අතලොස්සකි . බහුතරයක් දෙනා තම ජීවිතය තුල ලබන අධ්‍යාපනය , මගපෙන්වීම් හා අත්දැකීම් අනුව නායකත්ව ලක්ෂන  තම ජීවිතයට එක තු කරගන්නවුනය . එනිසාම ඔවුනගේ ගුණාංගයන්ද විවිධාකාරය , සමාජයෙ විවිධ ස්ථරවල  නිරතුරුව මුණ ගැසෙන ඔබ අප සියලු දෙනා බොහෝ විට අයත් වන්නෙ මේ අවසාන කුලකයටය

පාසල හා කාර්යභාරය


ඉහත සඳහන් කල අවසන් කාණ්ඩයට අයත් පිරිසගේ නායකත්ව ගුණාංග වර්ධනයෙහිලා වැදගත් භූමිකාවක් ඉටු කල හැක්කේ පාසලටය .පුද්ගලයෙකුගේ කායික මානසික වෙනස් කම් සිදුවන අවදියේදී මෙම ගති ලක්ෂණ ජීවිතයට එකතු කීරීම පසු කාලීනව ගන්න සියලු උත්සාහයන්ට වඩා සාර්ථකය . අනෙක් අතට  කෙටි කාලීන දේශන වැඩ මුලු මෙන් නොව වසර ගනනාවක් තිස්සෙ  නිරන්තර අත්දැකීම තුලින් ලබනා ගුණාංග ඉතා පහසුවෙන් පුද්ගල ගුණාංග බවට පෙරලීමද සිදුවේ . මැටි බඳුනේ හැඩය සැකසිය යුත්තේ  එය  සාදන මොහොතේදී මිස . වෙලඳ පොලට යනව මොහොතේදී නොවේ

 ගැටලුව පාසල මෙයට සමත් වී ඇතිද යන්නයි . මේ වෙනුවෙන් සැකසුණු විවිධා කාර උපක්‍රම පාසල් පද්ධතිය තුල දක්නට ලැබේ ,  පන්ති නායක , ශිෂ්‍යනායක තනතුරු , ක්‍රිඩා ඉසව් , බාල දක්ෂ හා ශිෂ්‍ය භට වැඩසටහන් , යෞවණ තිලින ඒකක , තුර්ය වාදක හා සංගීත හා නැටුම් කටයුතු ආදී මේ සියල්ල අයත් වන්නෙ මෙතනටය . ඊට  අමතරව විද්‍යා දින , කලා දින ඇතුලු සංවිධාන කටයුතුත්  නා නා විධ සමිති සමාගමුත්  මෙතුලට අයත්ය . මේ තරම් වැඩ පිලිවෙල තිබියදීත් පාසල අසම්ත් වී ඇත්තේ ඇයි ????

මෙහි මූලිකම හේතුව නම් තරඟ කාරි අධ්‍යාපන ක්‍රම වේදයයි . පාසලක ඉහත මා සඳහන් කල කටයුතු වල නිරත වීම අධ්‍යාපනය කඩා කප්පල් වීමට හේතුවක්  ලෙස දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද දරන   මතයත් සැබැවින්ම එහි යම් කිසි සත්‍යතාවක් පැවතීමත් ළ්මයින් මේ ක්‍රියා  කාරකම් වලින් ඇත් කිරීමට් මූලිකම හේතුව වී ඇති බව පෙනේ . ළමුන්ගෙ කුසලතාවයට හෝ සැබැ දැනුමට නොව පැය තුනක  විභාගයට පමණක් තැන දෙන ක්‍රමයක එවන් දැ අරුමයක්ද නොවේ . මෙනිසාවෙන් පාසල් වල ඉහත ක්‍රියා කාරකම් එක්තරා පිරිසකට පමණක් සිමා වී ඇත . නායක තනතුරු දරන්නේත් , සංවිධායක වරුන් වන්නෙත් , සමිති වල නිල තල දරන්නෙත් එකම පිරිසක් බව බොහෝ පාසල් නිරීක්ෂනය කල විට දැක ගත හැක . මේ කටයුතු ත් නිවැරදී  ලෙස අදාල අරමුණු ඉටු කරගැනීම සිදුවන පරිදි කෙරෙනවාද යන්න අනෙක් ගැටලුවයි. බොහො විට හුදු විනෝදය තකා පමණක් මේ භාහිර ක්‍රියා වෙත සිසුන් යොමුවන  දැකිය හැකි අතර එනිසා වෙන් ඇතැම් විට නායකත්ව ලක්ෂන කේසේ වෙතත් දුෂ්චරිත ලක්ෂණ රාශියක් නම් ජීවිත වලට එකතු වන ආකාරය දැකිය හැකිය . තමන්ගෙ එකෙකුගේ වලියකට සෙට් එක පිටින් බැස ගුටි ගහගන්න සිසු නයුවන් , අණ කිරීම හා පොඩි උන් මැඩවීම මහා පෞර්ශයක් ලෙස සිතා ගත් ශිෂ්‍ය භටයින් දකින්නට ඇත්තේ මේ නිසාවෙන්ය  . මිනිසෙකුගේ  ජීවිතයේ හැඩතල තීන්දු කරන පාසල තුලින්ම නායකත්ව ලක්ෂන දරුවනට ලබා දීමේ නිවැරදි ක්‍රම වේදයක් සකසනවානම් , පොතට සීමාවූ අධ්‍යාපනය ප්‍රායෝගිකත්වයට කුසලතායට නිසි තැන ලැබෙන පරිදි සකසනවා නම් ,  අඩුම තරමේ දැනට ඇති උපාය මාර්ග හෝ විධිමත් කරනවා නම් මිලියන දහස් ගනන් වැය කර අමුතුවෙන් පුහුණු වැඩසටහන් පැවැත්විය යුතු   නැත .

රටේ නායකයින්
සමාජයෙ විවිධ ස්ථරවල් නායකයින් සිටියත් මුලු මහත් රටට පමණක් නොව , රට වල් කිහිපයකට හෝ මුලු ලෝකයටම බලපැමක් කිරීමේ හැකියාවක් රාජ්‍ය නායකයෙකු සතුව ඇත . ලිපියේ ඉහලින් විශ්ෂිට ගණයෙ රාජ්‍ය නායකයෙකුගෙ ඡායාරූපය ඇතුලු කලේ ද නායකත්වය ගැන කථා කිරීමේදී රාජ්‍ය නායකයාගෙ කාර්ය භාරයේ ඇති වැදගත්කම නිසාමය . වර්ථමානයේදී නායකයෙකු සතු විය යුතු උතුම් ගුණ ධර්ම රාශියක් ඔවුනගෙන් ගිලිහී ඇති අතර භාහිර ලෝකයාගේ සුභ සිද්ධිය කෙරේ බලපවත්නා   අය නම් නැතිම තරම්ය . කෙසේ වුවත් තමන්ගේ රාජ්‍ය කෙරේ බලපැවැත්වීම ගැන පමණක් සැලකූ  විට වර්ථමානයේද සුවිශේෂී නායකත්ව චරිත  ලෝක දේශපාලනය තුල දක්නට ඇත .


ඉහත රූපයේ සිටින්නේ ලංකිකයින් කෙරේ බලපාන්නාවු දේශපාලන නායකත්වයන්ය . එක් අයෙකුගෙ නායකත්වය ගැන ප්‍රශස්ති ගායනා බොහෝ ඇසෙන අතර අනෙකාගේ නායකත්වය අනුගාමිකයින් විසින්ම බරපතල ලෙසින් ප්‍රශ්න කරමින් පවතී . ලාංකීය ජන සමාජයෙ බොහෝ දෙනා එක් අයෙක් ඉතා හොඳ නායකයෙක් ලෙස හා අනෙකා ඉතා දුර්වල නායකයෙකු ලෙස දුටුවත් සැබැ නායකයෙකු ගෙ භූමිකාව හා සැසඳීමේදී මේ දෙදෙනා අතර (මතවාදීමය වෙනස් කම් හැරුණු විට )  ඇති  ඒවන් නායකත්ව ගුණාංගයන්ගෙ වෙනසක් මාහට නම් දිස් වන්නෙ නැත . සැබැ නායකයෙකුගේ භූමිකාව මේ දෙදෙනාටම වඩා සැහෙන  ඉහල බැව් වටහා ගැන්මට පහුගිය කාලයෙ බොහෝ  දෙනා අතර සංසරණය වූ "ලොක්කන් සහ නායකයන් අතර වෙනස " පිලිබඳ සටහන හා සංසන්දනය කිරීම පමණක් ප්‍රමාණවත්ය . මේ දෙදෙනා පසුපස  නායකත්වයට කැදර  ගම් මට්ටමේ නායකයින්, රාජ යෝග පිලිබඳ විශ්වාසයෙන් නායකත්වයට කෙල හලන්නවුන්,  ජේශ්ඨත්වය මත නායකත්වයට හීන දකින් කම්බ හොරුන් ආදී පිරිසක් සිටිති . මොවුනගේ නායකත්ව ගති ගුණයන් මේ දෙදෙනාටත් වඩා කණගාටුදායක නිසා ශ්‍රි ලාංකිකයින් සැබැ නායකත්වයක අත්දැකීම් ලබන දිනය නම් බොහෝ දුරය .

බස් කථා බස් - part 01

බස් මගීන්ගේ ආදරණීය ගැමුණු අංකල් කැඳවපු බස් වර්ජනය අන්තිමේදි  අත්  හිටෙව්වා නොවැ . මේ ඔහොම සන්තැසියක් උන (අ)පරාජිත කීවෙනි වතාවද කියල මට මතක නැති උනත් මැතක ඉඳන් ගැමුණු ලොක්කගෙ ස්ට්‍රයික් ඔක්කොම හබක් වෙන බව නම් පේනව . බස් මගීන්ගෙ හිතට ලොකු සහනයක් වුන ඒ කාරණාව ගැන නම් නෙවෙයි මම මේ කථා කරන්න සුදානම් වෙන්නෙ . බස් ඩ්‍රැයිවර මහත්තුරුන් සහ කොන්දොස්ත්‍ර මහත්තුරුන් ගැන මගෙ අත්දැකීම්  කිහිපයක ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි මේ  ලැස්තිය

ඉල්ලං කිච උන කොන්දොස්තර


මේ සිදුවීම උනේ අපේ ගම් පලාතේ ඉඳන් කොලඹ එන බස් රථයක . වෙලාව දහවල් 12 ට විතර ඇති . මේ වෙලාවට කොලඹ එන පිරිස්  ඉතාම අඩු නිසා බස් එකේ දහ පහලොස් දෙනෙකුට වඩා නැහැ . ඉතින් කොන්දොස්තරගෙ ට්‍රයි එක ලඟ ලඟ නගර වලට  යන සෙනඟ හරි පටව ගන එක . ප්‍රධාන  පාරට වැටෙන කම් බස් නැවතුම් පල වටේට යන ගමන ඇවිදිනවටත් වඩා හෙමින් කරපු බස් එකේ දොරේ ඉඳන් කොන්දෝසතර උන්නැහේ  පාරෙ ඉන්න අයගෙන් අහනව කොහේටද ? කොහේටද  ? කියල . සාමාන්‍යෙන් ඉතින් ලඟට යන අය දුර බස් වලට ගන්නෙ නැති නිසා නොනැග හිටපු මිනිස්සුත් කොන්දෝස්තර ගේ මේ වැඩෙ හින්ද බස් එකට ගොඩ උනා . දැන් බස් එක බස් නැවතුම් පොල ලඟින් ඉවත් වෙන්න ආසන්නම තැන තියාගේන මේය සෙනග ගෙන් අහ අහ ප්ටව ගන්නව . ඔතන කණුවකට හේත්තුවෙල ටිකක් මහත ඩයල් එකක් ඉන්නව . පොර වෙන පාරවල බස් ආවත් නගින්නෙ නැතුව බලාන ඉන්න නිසා කොන්ද හිතන්න ඇති තවත්  කැල්ලක් කියල (කොන් දොස්ත්‍ර භාෂාව අනුව ) . පොර ඇහුව අර මනුස්සයගෙන් අය්යේ කොහාටද කියල . ඒ මනුස්සය එතකොට නගරෙට කිලෝමීටර තුන හතරක්  එහා තැනක් කිව්වා . ඒ කියපු ගමන් කොන්ද කියපි ආ එහෙනම් නගින්න එපා කියල (අර ම්නුස්සය යැ  නගින්න ඇහුවෙ  ) . ඒ මනුස්සයට තද වෙල කොන්දගෙන් ඇහුව කව්ද _ _ _ _ පුතෝ නගින්න ඇහුවේ  කියල . කොන්ද දඩස් ගාල බස් එක ඇතුලේ, ඩ්‍රැයිවරත් විනාඩි 5කට වඩා හිටපු ඉඳිල්ල නතර  කරල බස් එක ඇද්දුව . ඊට පස්සෙත්  කොන්දොස්තර හෝල්ට් ගනනාවකදිම සෙනග පටව ගත්තා. හැබැයි ඉන්න මිනිස්සුන්ගෙන් යන්නෙ කොහෙටද කියල නම් ඇහුවෙම නැ . බස් එක නතර කරන නගරවල නම් විතරයි කිව්වෙ

මතට තිත තැබූ කොන්දෝස්තර
මේකත් කොලඹ ඉඳන් අපෙ ගම් පලාතට එන බස් රථයක සිද්ධ වුන සිදුවීමක් .  හවස 7න් විතර පස්සෙ අපේ නගරෙට  ඉඳන් ලඟාවෙන මේ බස් රථ වල පොදු ලක්ෂනය තමයි හදිස්සිය . අශ්ප වේගෙන් පාර පුරා යනවට අමතරව  අතරමග බහින මිනිස්සු වෙනුවෙන් තත්පර පහක් බස් එක නතර කරගෙන ඉන්නවත් මේ අය කැමති නැ . මිනිස්සුන්ව තල්ලු නොකරනවා විතරයි . මගේ කථාවට අදාල බස් රථයත් අපේ නගරෙට ලඟාවෙන්නෙ හවස 7.30ට විතර මේ බස් රථයෙ කොන්දෝස්තර මහත්තයත් අර ජාතියෙම තමා .  ඔන්න දවසක් මම ඔය බස් රථේ එනව කොළඹ ඉඳන් . අර කොන්දොස්තර මහත්තය වෙනුවට එදා ටිකට් කඩන්න හිටියෙත් වෙන පොරක් . ගමනේ භාගයක් දුර ආවට පස්සෙ සුපුරුදු කොන්ද මහත්තය බස් එකට නැග්ග . පොර ටිකට් පොත අතට ගත්තෙ නැතත් සෙනග පටවන වැඩවලට එහෙම උදව් කලා . ඒ වගේම වෙනද නැති පුදුමාකාර හැසිරීමක් තමයි මේ මනුස්සයගෙ එදා තිබුනේ . මෙන්න පොරගේ එදා  දවසෙ හැසිරීම කිහිපයක්


සෙනග පැටවීම -  නගින්න නගින්න _ _ _ _ _(අපේ ප්‍රදේශයේ නම ) . අය්යේ පොඩ්ඩක් ඉඳහන් මේ මාමා ගොඩ වෙනකන් , (වයසක මනුස්සයෙක් අල්ලාගෙන සීට් එක ලඟටම් ඇරලවයි ) 


සෙනග බහින අවස්ථා (1) - අක්කේ කෝ දෙන්න ඔය  බැග් එක . (කාන්තාවගෙ බැගය අතට ගනී ) . පුතේ එන්නකෝ (කුඩා දරුවාගේ අතින් අල්ලා බසයෙන් බස්සවයි) . ආ අක්කේ බැග් එක (කාන්තාව බසයෙන් බැස්ස පසු බැගය අතට දෙයි ) 


සෙනග බහින අවස්ථා (2) - (ක්ලාස් ගොස් එන ලමයෙකුට ) මල්ලි පුට් බොඩ් එකට බහින්න එපා , මේ යන වේගෙට වැටුනොත් කුඩු සංසාර වෙලා නවතින්නෙ . අය්යේ (ඩ්‍රැයිවරට ) මේ මල්ලිගේ ගේ ගාවින්ම දාල යං . මල්ලි නතර කරන කන් ඉඳල බැහැපන් , ඉස්සරහ පුට් බෝඩ් එකෙන්  පනින එක ඩේන්ජර් 


මේ මට මතක  හැසිරීම් දෙකතුනක් විතරයි තව ගොඩක් තිබුනා , බස් එකෙන් බහින වෙලාවෙ  පොර ලඟින් ආපු ගඳෙන් තමයි මේ වෙනසට හේතුව හරියටම මීටර් උනේ (කලින් ම සැක හිතිලා තිබුනත් ) . මේ ගැන හිත හිත බස් එකෙන් බහින වෙලාවේ පොර කලේ බස් එකෙන් බහින හැමෝටම ඇහෙන්න " එහෙනම් බුදු සරණයි , ඉක්මනින් ගෙවල් වලට යාගන්න වැස්සක් එන්න ලඟයි " කියල සුභ පතපු එක

නොහික්මුනු රියදුරා නිසා මල පැන්න ඩ්‍රැයිවර අන්කල් 

මේ මම ඉස්කෝලේ යන කාලෙ සිද්ද වුන දෙයක් . සීසන් කතන්දරේ නිසා සිටිබි ඩ්‍රැය්වරලා යුනිෆෝම් ලමයින්ට කෙනෙහෙලි කම් කරන එක සාමාන්‍ය් දෙයක් නේ . අපේ ගෙවල් පාරෙ බහුතර  ඩ්‍රැයිවර මහත්තුරු සංඛ්‍යාවක් එහෙම උනත් පාසල්  ලමයින්ට ආදරෙන් සලකපු ඩ්‍රැයිවර අන්කල් කෙනෙකුත් මේ අතර හිටිය .අපේ අම්මල ඉස්කෝලෙ යන කාලෙත් රියදුරෙක් විදිහට වැඩ කරල තියන මෙයා මේ කියන දවස් වෙන කොට වැඩ කලේ කොන්ත්‍රාත් පදනටම . පාර දිගේ ඉන්න හැම පාසල්  ලමයම බස් රථයට නග්ග ගන්න මේ ඩ්‍රැයිවර අංකල් කිසිම හදිසියක් නැතුව බොහොම ආරක්ෂිතව බස් රථය පදවන එක්කෙනෙක් . ඒ වගේම ළමයෙකුටවත් වෙනත් මගියෙකුටවත් කැකෝ ගහන කෙනෙකුත් නෙවෙයි . පිටිපස්සෙන් වාහන 10 විතර හෝන් ගහත්දිත් පාරෙ හිටපු බලු පැටව් ටිකක් බැල්ලිත් , කොන්දෝස්තර මහත්තයත්  එකතු වෙලා ආරක්ෂිත තැනකින් තියන කන් බස් එක පාර මැද නතර කරගෙන ඉන්න තරම් මනුස්සකමකුත් මේ ඩ්‍රැයිවර මහත්තයට තිබුනා

අපේ ගෙවල් පාර නගරය කෙලවරලදි ප්‍රධාන මාර්ගයට එකතු වෙනවා . ගොඩ දෙනෙක් බස් එකෙන් බහින්නෙ නගරය මැද උනත්  අපේ පාර ප්‍රධාන පාරට වැටුන  තැන ඉඳන් ඒ තැනත් අතර තවත් බස් හෝල්ට් දෙකකුත් තියනව . මේ කියන දවසෙත්  අපේ පාරෙන් ප්‍රධාන පාරට ඔය කියන බස් එක දැම්මා . වෙනද වගේම දෙපැත්තම බලලා සිග්නල් එහෙම දාල තමයි (උදේට වාහන ඒ තරම් නැනෙ ඔහොමත් ) . හැබැයි බස් එක සම්පූර්ණයෙන් හරව ගන්න කලින්   පිඹගෙන ආපු දුර ගමන් බස් එකක් දැම්මා අපෙ බස් එකට ඉස්සරහින් . අපේ ඩ්‍රැයිවර මහත්තය දඩස් ගාල  බ්‍රේක් නොගැහුව නම්  බස් දෙක වදිනවා . අනික් අතට  ෆුට් බෝඩ්  එකේ හිටපු සෙනගෙ හැටියට (වැඩිපුරම  ලමයි ) ඒ පැත්තෙන් අර බස් එක වැදුනා නම් සැහ්න ගානකට  ඩැමෙජ් වෙනවා .

එක පාරටම බ්‍රේක් කරපු නිසා බස් එක පාර මැද හිටිය . දෙතුන් පාරක් ට්‍රයි කරල බස් එක  ස්ටාර්ට්  කරගත්ත අපේ ඩ්‍රැය්වර අංකල් නම් සැහෙන්න මල පැනල හිටියේ . බස් එක පාරට දාගත්ත ගමන්  ජීවිතේ කවදාවත්ම කරල නැති  විදිහේ වේගයකින් බස් එක යන්න පටන් ගත්ත . කවදාවත් බනින්නෙ නැති මනුස්ස්ය බැනල ඉස්සරහ ෆුට් බෝඩ් එකේ සෙට් එකත් ඇතුලට දාගත්තා . අලුත ගත්ත ලේලන්ඩ් බස් එකක් උන දුර ගමන් බස් රථය පස්සෙන්  එලෝගෙන ගියත් අපේ බස් එක , කසි කබල් ටාටා කටුවක් . ඒත් අපේ ඩ්‍රැයිවර මහත්තය නම් ගේම අතැරියේ නැ .අර මග හෝල්ට් වල බහින්න මිනිස්සු බෙල් ගහත්දිත්  ඒව සත පහකට වත් මායිම් නොකරපු මෙයා අන්තිමේදී අර බස් එක  අල්ලගත්තා . උගේ ඉස්සරහට බස් එක  කපල නතර කරල , බස් එකෙන් බැහැල් ගිහින් අර ඒ ඩ්‍රැය්වර්ට කියපු දේවල් ටික නම් අපේ ඩ්‍රැයිවර මහත්තයගෙ කටින් කවදාවත් පිට වෙයි කියල හිතන්න බැරි තරම්

කොන්දා බස් එක පසුපස 


මේකත් සිද්ද වුනෙ දුර ගමන් බස් රථයක . මේ බස් එක අපේ ගම් පලාතටත් එහා යන බස් එකක් . අතර මැදනගර  වලදි විතරයි මේ වගෙ බස් සාමාන්‍ය්යෙන් නතර කරන්නෙ . ඔන්න එහෙම තැනක  බස් එක නතර කරල පිටත් උනා . නගරෙන් එලිය්ට ආපු ගමන්  ආයෙමත් සුපුරු වේවගයෙන් බස් එක යනව . ඔහොම ටික් වෙලාවක් යන කොට . පිටි පස්සෙ තවත්  දුර බස් එකක් පිඹගෙන එනව . එහෙම එකක් දැක්කාම අපේ ප්‍රයිවට් බස් ඩ්‍රැයිවර මහත්තුරු  කරන වැඩෙ දන්නවනෙව ඉතින් . ඕං දැන් බස් දෙක හෝ ගාලා තරඟේ හැබැයි අර පිටිපස්සෙන් එන බස් එක දිගින් දිගටම ලයිට් ගහනව හෝන් ගහනව අපිට පේනව . අපේ ඩ්‍රැයිවර මහත්තයත් ඒ මොකුත් බලන්නෙ නැතුව හිටු කියල පාගනව . ඔහොම යනකොට  ඊලඟට සෙනග බහින්න ඉන්න හන්දිය කිට්ටු වුනා . එතන බහින්න හිටපු නංගි  කෙනෙක් ඉතුරු සල්ලි ගන්න  කියල කොන්දොස්තරව හොයනව . ම්හු කෝ නැනේ බස් එකේ කට්ටියට එතකොට තමයි ඩයල් උනේ කොන්ද මිසින් කියල . කට්ටියම ඒ පාර ඩ්‍රැයිවරට ඒ ගැන කිව්වා . "හත්තිලව්වයි එහෙනම්  ඌ  එන නිසා තමයි අරූ කෙලගෙන එනව ඇත්තේ "කියල කියල බස් එක නතර කලා . එතකොට අර හන්දියටම  ඇවිත් . අනික් බස් එකෙන් බැහැල් ආපු කොන්දොස්තර අර නංගිගෙ ඉතුරු සල්ලිත් බේරලා බස් එකට නැග්ගා ඩ්‍රැයිවරට හොඳ කුණුහරුපෙකුත් කියාගෙන . හැබැයි  ඔය කෙලිඅස්සේ අර කොන්දව අරන් ආපු බස් එක විතරක් නෙවෙයි තවත් සිටිබියකුත් ඉස්සර කරගෙන ගියා . බස් එකට වැඩේ පාඩුයි .  ඒකට මුල ඩ්‍රැයිවර මහත්තයා . කොන්ද නගින කන් ඉන්නෙ නැතුව කඩි මුඩියේ බස් එක ඇද්ද එක . අනික  ප්‍රධාන පාරටත් " නෝ නෙට්වර්ක් " සිම් එකක් පාවිච්චි කරපු එක  

තවත් අත්දැකීම් ගොඩක් තියනවා . ලිපිය දිග වැඩි වෙන නිසා ඒ  ටික පසුවට කල් තිබ්බා

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා

හොලිවුඩ් 


ආරම්ඹය
හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව


පැවැත්ම 


අර ඇඳුම් නැතුව ඉන්න ටයිප් එකෙන් උනත් ජනප්‍රිය චිත්‍රපටියක් දෙකක් මුල් කාලෙදිම ගොඩ දාගත්තොත් ඉක්මනින්ම තරු ගනයට එකතු වෙන්න අවස්ථාව ලැබෙනව . මුලදි නිරන්තරයෙන් රඟපැවත් පහු වෙන කොට රඟපාන සංඛ්‍යාතය සැහෙන මට්ටමකින් අඩු වෙනව . තුන්වෙනි ලෝකේ රටක බජට් එක විතර මුදලක් එක ෆිල්ම් එකට ලැබෙන නිසා  එහෙම ඉන්නත් පුලුවන් .


පුද්ගලික හා සාමාජීය   ජීවිතය  
මේ පුද්ගලික ජීවිතය නම් ගොඩක් වෙලාවට සැහෙන්න කොම්ප්ලිකේටඩ් තමා කසාද දෙක තුනක් , එකට වාසය කිරීම් තුන හතරක් වගේ දේවල් මේ අයට බොහොම සාමාන්‍යයි . පෞද්ගලික ජිවිතයේදී සිදුවන දේවල් මාධ්‍ය හරහා ලෝකය පුරාම ගියත් ඒවා ගැටුම් කාරි අවස්ථා වෙනව අඩුයි . දෙන්න කැමති තරම් කල් හිටිය බැ කියල හිතුනාම වෙන්වුනා අයෙත් හිතුනොත් ආයෙත් සෙට් උනා වගෙ තත්වයක් තමයි එතන තියෙන්නෙ . ඒ වගේම  ළමයි අරන් හදාගැනීම , අප්‍රිකාව වගෙ දුප්පත් රටවල ළමයින්ට උදව් පදව් කිරීම , කොටි පැටව් වගෙ වන සත්තු ඇති කිරීම  හා තවත් සමාජ සුභ සාධන ක්‍රියා රාශියකට මේ අයගේ දායකත්වය ලැබෙනව.   පුද්ගලික කාරනා වැදගත් ඒ අයටනේ ඉතින් සමාජය පැත්තෙන් ගත්තාම නම් මේ අයගෙන් වන මේ දේවල් අගය කල හැකියි .නීතිය සාධාරනව ක්‍රියාත්මක වෙන නිසා එක එක සීන් වලට හිරේ ය්න අයත් මෙ අතර නැතුවාම නෙවෙයි

වෘත්තීය දියුණුව හා ඉදිරිජීවිතය


හොලිවුඩ් නිලියන්ගෙ වෘත්තීය ජීවිතය මියෙන තුරාවට පවතිනව උවමනාවෙන්ම සමු නොගත්තොත් . අවුරුදු 20 ගනන් වල ඉඳල 50 විතර වෙනකන් මේ අයට ප්‍රධාන චරීත වලට දායක වීමෙ අවස්ථාව ලැබෙනව .මේ නිසාම ඉතාම හොඳ සිනමා නිර්මාන ගනනාවකට සහභාගී වීමේ අවස්ථාවත් , විවිධ චරිත නිරුපණය කිරිමේ අවස්ථාවත් මේ අයට ලැබෙනව . වෘත්තීය ජීවිතයෙ මැද භාගයේ ඉඳන් අවසානය දක්වාම මේ අයට හොඳ සම්භාවනිය බවකුත් ලැබෙනව . සම්මාන උලෙලවල් , රූපවාහිනි වැඩසටහන් වගේ දේවලට සහභාගි කරගන්න ලැබුනත් විශාල  භාග්‍යක් කියල මිනිස්සු හිතන තැනට මේ සම්භාවනීය බව ප්‍රබලයි කියල කියන්න පුලුවන්






-----------------------------------------------------------------------------------------------------

බොලිවුඩ්
මගේ රසිකත්වය වැඩිපුර රැඳිල තියෙන්නෙ ඔතන නිසා උදාහරනත් එක්කම කථා කරන්න පුලුවන්


ආරම්ඹය
බොලිවුඩ් නිලියන් වෘත්තියට එලඹේන මූලිකම ක්‍රම තුනක් තියනව .
01) පවුල් පසුබිම 

බොලිවුඩය තරම් පවුල් බූදලයක් උන කලා මාධ්‍යක් ලොකේ කොහෙවත් නැ කියන්න පුලුවන් . බොලිවුඩය පටන් ගත්ත දා ඉඳලම වගේ තියන සිනමා පවුල් (කපූර් ) වගේම  පසු කාලීනව එකතු උන අයගේ සහෝදර සහෝදරියන් ආදී වශයෙනුත් රංගන ශිල්පිනියන් එකතු වෙනව . මේ අයට මහා ලොකු ලස්සනක් නැතත් මෙකප් එකකින් ගොඩ දාගන්න පුලුවන් තරමේ පෙනුමක් තිබුනාම හොඳටම ඇති . (උදා- රාණි , කාජල්, කරීනා )


02) රූප සුන්දරී තරඟ

තමයි දෙවනි ක්‍රමය .ලෝක රූ රැජින තරඟ හරහා වගේම ඉන්දියානු රැජින තරඟ හරහා ආපු අයත් ඉන්නව . ඒ විතරක් යැ අපේ ජැකොලයින් අක්ක සෙට් උනේ ලෝක රැජින තරඟටෙ නිකන් සහභාගි වෙලා විතරක්.ලෝක රූ රැජිනන් විදිහට අශ්වර්ය , ප්‍රියංකා වගේ අයත් ඉන්දිනු රූ රැජිනන් විදිහට ජුහි චව්ලත් උදාහරනයකට ගන්න පුලුවන් . මේ  අයගෙ ලස්සන ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ . හැබැයි ඉතින් රඟපැම නම් ආරම්ඹයේදී සාර්ථක වෙනව අඩුයි . මේ කැටගරියෙන් ආපු ගොඩ දෙනෙක් ටික කාලයක් ගියාට පස්සෙ තමයි සතුටු දායක රංගනයක් දක්වල තියෙන්නෙ

03) කාන්ඩෙට අයිති වෙන්නේ නිරූපන ශිල්පිනියන් හා අනෙකුත් අය


නිරූපන ක්ශේත්‍රයේ ඉන්න අය සිනමා සමාගම් වල ස්ක්‍රින් ටෙස්ට් සමත් වෙලා වෘත්තියට එන එක තමයි මෙතන තියෙන්නෙ ගොඩක් වෙලාවට (හොලිවුඩ් වලත් තියනව වගෙ  ) . මෙ අතර හිටි ගමන් අපූරු චාන්ස් ලැබෙන අයත් ඉන්නව ඒ සුපිරි නලුවොත් එක්ක පලවෙනි චිත්‍රපටියම රඟපාන්න ලැබෙන  අය . මේ යට පලමු චිත්‍රපටියෙන්ම ක්ශේත්‍රයේ නමක් හදාගන්න පුලුවන් (දීපිකා, අනුෂ්කා )



පැවැත්ම 


මේ අයගෙ පැවැත්ම තීරනය වෙන්නෙත් ගොඩක් වෙලාවට පටන් ගන්න විදිහ අනුව තමා . ඉස්සර නම් ප්‍රේක්ෂකයින් අතර ඉහලින් ජනප්‍රිය වෙන නිර්මානයකට දායක වෙන්න ලැබෙන එක තමයි මූලිකම දේ . ඒක රඟපාන මුල්ම නිර්මානයක් වෙන් තරමට ඇඟට ගුණයි . හැබැයි දැන්නම් අර හොලිවුඩ් පන්නයට ඇඳුම් නැති කතන්දරේ මෙහෙටත් හරි යාගෙන එන බව  Murder 1&2 , Ragini MMS , Jism වගේ චිත්‍රපටි අනුව හිතෙනව . කොහොම උනත් මේ අයගෙ වෘත්තිය ජීවිතය අවුර්දු 10-15 අතර කාලෙට තමයි මූලිකව සිමා වෙන්නෙ ඒ නිසා මුල ඉඳලම හැකිතාක් නිර්මාන ගානක ඉන්න තමයි කාගෙත් උත්සාහය  .සමහර අයට ඉතාම හොඳ නිර්මාන හම්බ වෙත්දි සමහර අයට එහෙම වාසනාව නැතිවෙන වෙලාවල් තියන වෘත්තීය ජිවිත්ය ගොඩාක් කෙටි නිසා . ජනප්‍රියත්වයෙ ප්‍රමානයත් එක්ක ඉන්දියාව පුරාමත් මේ වෙන කොට ලොකෙයෙ බොහෝ  රටවලත් ආවේක රසික පිරිසක් (බොහෝ වෙලාවට තරුණයින් ) මේ අයට හැදෙනව . නර්ථන හැකියාව මේ අයට ඉතාම වැදගත් වෙනව වගේම නා නා ප්‍රකාර දැන්වීම් හා රූප වාහිනි වැඩසටහන් වලිනුත් අඩුවක් නැහැ . වර්ථමානයේදි නම් අයිපීල් තරඟවාලියෙ මොකක් හරි කණ්ඩායමකට චියර් කරන එකත් මේ අයගෙ වෘත්තීය ජිවිතයට අයිතියි

පුද්ගලික හා සාමාජීය   ජීවිතය  
මේ ශක්ති කපූර්ගෙ දුව
මේ  අයගේ පුද්ගලික ජිව්තේ කොම්ප්ලිකේටඩ් වෙන්න ගන්නෙ කට කථාත් එක්ක . පලවෙනි යට රඟපාපු නලුව හොඳ විවාහ ජීවිතයක් ගත කර්න විවාහකයෙක් නෙවෙයි නම් මුල්ම කටකථාව හැදෙන්නෙ පොරව සම්බඳ කරල .එතනින් බේරුනත් දෙවන තුන්වන චිත්‍රපටියක ඉන කෙනෙක් ගැන හරි කතාවක් හැදෙනවාම තමා . එකක් නෙවෙයි රංගන ජීවිතය තුල අඩුම තරමෙ 3ක් වත් හැදෙනව . විශේෂයෙන්ම මේ ය කෙලින් තමන්ගෙ ආදර සම්බන්ධතා ගැන කථකරන්නෙ නැති නිසා කට කථාවලට ලැබෙන තැන වැඩියි. මෙතන විශේෂත්වය මේ කට කථාර පට්ට පල් බොරු වගේම සත්‍ය එකකුත් අනිවාර්යයෙන්ම  තියනව . සමහර විට ඒ නලු නිලියො ප්‍රතික්ෂේප කලත් පස්සෙ කාලෙක හරි ඇත්ත කියල ඔප්පු වෙන එව්වා හැම කෙනෙක්ගෙම වගෙ තියනව . තව දෙයක් මේ කට කථා නලුවන් විතරක් නෙවෙයි ක්‍රිඩකයින් ව්‍යාපාරිකයින් ආදිය පදනම් කරගෙනත් ගෙතෙනව . මේ කලබල  ඔක්කොම ඉවර වෙන්නෙ අදාල නිලිය විවාහ උනාම   බොහොම වෙලාවට මේ අය විවාහ වෙන්නෙ කෝටිපති ව්‍යාපාරිකයින් එක්ක (උදා- ජුහි , ශිල්පා ). මේ විවාහයත් එක්කම කට කතාවගෙම මේ අයගෙ වෘත්තීය ජීවිතයත් සැහෙන දුරට අවසන් වෙනව

සමාජිය ජීවිතයෙදි මේ අය හොලිවුඩ් නිලියන් තරම් දකින්න ලැබෙන්නෙ නැතත්  ඉන්දියාව ඇතුලෙ සමාජ සුභ සාදන ක්‍රියා කාරකම් වලට දායක වෙන වෙලාවල් තියනව . ගොඩක් වෙලාවට මේ කටයුතු වෙනත් සංවිධාන වලින් හෝ නලුවන් විසින් සංවිධානය කරන ඒව මිසක් මේ අයගේ මූලිකත්වයෙන් ගොඩ නැගෙන ඒවාම නෙවෙයි


වෘත්තීය දියුණුව හා ඉදිරිජීවිතය
 වෘත්තීය ජීවිතය කෙටි නිසා ලැබෙන අවස්ථාවනුත් අඩුයි . විශේෂයෙන්ම හොඳ නිර්මාන ගනනාවකට සහභාගි වෙන්න , සම්මාන ගනනාවකට හිමිකම්  කියන්න ලැබෙන්නෙ  කලාතුරකින් කෙනෙක්ට තමයි (ආශ්වර්යාරායි එහෙම කෙනෙක්ය කියන්න පුලුවන් ) . වයස තිස් ගනන් වලදි විවාහයත් එක්ක රංගනයෙන් ඇත්වෙලා ප්වුල් ජීවිතයට මුල් තැන මේ අය ඊට පස්සෙ දකින්න ලැබෙන්නෙ චිත්‍රපට වල ගරු රඟපැම් , උත්සව අවස්ථා හෝ පසු කාලීනව අම්මා චරිත වලින් තමයි ( හේමා මාලිනි , ජයා බච්චන් ) . සම්මාන උලෙලවලදී  , චිත්‍රපටි එලි දැක්වීම් වලදි මේයින් සමහරක් දෙනා සම්භාවනීයව දකින්න ලැබුනත් ඒ ගොඩක් දුරට සිනමා ක්ශේත්‍රයට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ උන අය විතරයි




-----------------------------------------------------------------------------------------------------


හෙලවුඩ්


හෙලවුඩ් වල ඉතින් ඉතින් සිනමාවක් කියල දෙයක් හරියටම නැති නිසා සිනමා ටෙලි  ඔක්කොම එකම ගනයට දාල තමයි ගනන් ගන්න වෙන්නෙ . උදාහර්ණ රූප එහෙම දාල දෙන එක ඉතින් හොඳ මදි නිසා  වෙන රටක කෙනෙක්ගෙ පොටො එක විතරක් දාලා (පොස්ට් එක සම්පූර්ණ වෙන්න ) විස්තරේ විතරක් ලියන්නම් , තම තමන්ගෙ දැනුවත් කම් අනුව උදාහරන හිතාගන්න පුලුවන්නෙ

ආරම්ඹය
හෙලවුඩ් වල කට්ටියගේ ආරම්ඹය විවිධා කාරයි කියන්න පුලුවන් . මීට කාලෙකට ඉහතදි නම් චිත්‍රපට ස්ක්‍රීන් ටෙස්ට් සහ වේදිකා නාට්‍ය හරහා තමයි ගොඩ දෙනෙක් ක්ශේත්‍රය ආවේ , ඒත් මේ වෙනකොට නිරූපණ ශිල්පිනියනුත් , එක එක තරඟ හරහාත් , දැන අඳුණුම් කම් මතත්, රූප රැජිනි තරඟ හරහාත් ක්ශේත්‍රයට එන අය ඉන්නව . අර ඉස්සර කිව්ව අයගෙ මාධ්‍ය ඉතින් වේදිකාව හා සිනමාව නේ . දැන් එන බහුතරයකගෙ මාධ්‍ය වෙන්නෙ ගීත විඩියෝ, සහ මෙගා ටෙලි නාට්‍ය . ප්‍රධාන චරිත වගේම මෙකප් ටිකක් තවර ගත්ත ඔහේ බලන් ඉන්න ජාතියේ චරිත වලටත් මෙගා නාට්‍ය වල මේ අයට ඉඩ තියනව .

පැවැත්ම 

අර කලින් කිව්ව පිරිස නම් ස්ථාවරත්වයට  පත්වෙන්නෙ සාර්ථක සිනමා නිර්මාන හෝ වේදිකා නිර්මාන හරහා . වෙදිකාව ආර්ථික අතින් අසීරු ස්ථානයක් නිසා ඒ තුල විතරක් ඉන්න අය පසු කාලීනව අපහසුතාවලට පත් උනත් සිනමාව තුල සාර්ථක චරිත නිරූපණයක් කරන්න ඉඩ ලැබුන අය ක්ශේත්‍රය තුල ස්ථාවර වෙනව . ඒ ඉස්සර ..

මෙගා නාට්‍ය හර්හා එන අයටව් වැදගත්ම දේ වෙන්නෙ මෙගා නාට්‍ය්ය පදනම් වෙන ප්‍රධාන කාන්තා චරිතය රඟපාන එක . මිනිස්සුන්ගෙ බොක්කට වදින මෙයින් එකක රඟපාපු ගමන් "ජනප්‍රිය" නිලියක් වීමෙ හැකියාව ලැබෙනව . ඒ අතර ඔය පොඩි චරිත වල ඉන්න අයටත් ඒ පාට් එකෙන් ස්ථාවර මෙගා සුලු චරිත නිලියක් බවට පත්වෙන්න පුලුවන්කම තියෙයි

පුද්ගලික හා සාමාජීය   ජීවිතය  
අර මුල් කොට්ටාශයෙ පුද්ගලික ජිවිතය නම් ගොඩාක් දුරට බොලිවුඩ් කට්ටියග වගේ කියන්නත් පුලුවන් හැබැයි දැන් කාලෙ අයගෙ නම් ඊට වඩා වෙනස් .මෙගා ශ්‍රේණියේ කට්ටියන තමන්ට නමක් හැදිගෙන එනකොටම කරන්නෙ විවාහපාත්‍ර වෙන එක .  බොහෝ වේලාවට ඉතින් ව්‍යාපාරිකයෙක් හෝ වෘත්තිකයෙක් තමයි කලා ක්ෂෙත්‍රයේ කෙනෙක් නෙවෙයි . හැබැයි එතනින් එහාට තමයි කතන්දර පටන් ගන්නේ  අනන් මනන් සීන් ගොඩකට පස්සෙ ගුටිකෙලිවලිනුත් වැඩෙ ඉවර වෙන වෙලාවල් තියනව . ඒ වගේම සම්හරක් අය රටේ ප්‍රසිද්ධ දේශපාලකයො එතකොට කලාකරුවොත් එක්කත් හුටපට හදා ගන්න වෙලාවල් තියනව. මේ අයගෙ සමාජ සේවාවක් නම් වෙන්නෙම නැති තරම් (අලුත් පරන දෙගොල්ලොම )  . සුනාමි වෙලාවෙ ඇරුණාම සාමාන්‍ය ජනයා වෙනුවෙන්  එකතු වුන වෙලාවක් තිබුනේම නැ . යුද්ධෙ වෙලාවෙ කට්ටිය එකතු උනත් ඒ යුද්ධ මාකට් කරන්න මිසක් යුද්ධෙන් පිඩාවට පත්වෙච්ච මිනිස්සු වෙනුවෙන් වත් , අබාධිත තත්වයට පත්වුන අපෙ රනවිරුවන්ගේ සුභ සාධනය වෙනුව්න්වත් නම් නෙවෙයි . ඊට අමතරව කරන සමාජ සේවාවක් විදිහට දේශපාලකයින්ට කඩේ යාමත් දක්වන්න පුලුවන් මේ කඩේ යාම අහිංසක පාට් , චණ්ඩි පාට් , බබා පාට් දක්වා පුලුල් පරාසයක විහිදෙනව විතරක් නෙවෙයි  දේශපාලනය ගැන මල පොතේ අකුරක්වත් නොදැන චන්දෙත් ඉල්ලනව .  සමාජයට වෑඩක් නොකරනවාට අමතරව හොරකම් , හොරවීසා , ගණිකා මඩම් වගේ සමාජ විරෝධී  දේවලටත් මෙයාල සම්බන්ධයි . ආ... තව දෙයක් තම්න්ගේ වහුටු වැඩ එලිදරව් කරන මාධ්‍ය වලට , වෙබ් අඩවි වලට අය්යා පාට් එක දාන්නත් මේ අයගෙන් සමහරක් අති දක්ෂයි



වෘත්තීය දියුණුව හා ඉදිරිජීවිතය

පරණ සෙට් එක ඇතුලෙ නම් ඉතාම ඉහල වෘත්තීය දියුණුවක් කරා ගියපු අය හිටිය , හැබැයි ඉතින් එයින් සමහර දෙනෙක් නම් පහුකාලීනව එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යාමත් එක්ක ලබා ගන්න තිබුන සම්භාවනීය භාවය නැති කරගත්ත .දැන් ඉන්න බොහෝදෙනෙක් නම් වෘත්තිය භාවයක් කියල දෙයක් පවත්වා ගන්නෙම නැති නිසා වෘත්තීය දියුණුවක්  කියල දෙයක් ගැන කථා කරලවත් වැඩක් නැහැ





ඔන්න ඔහොමයි කථාව . මේ ගැන ඔබතුමන්ලාගෙ අදහසත් එකතු කලා නම් වැඩෙ තවත් ලස්සනයි .අනුන්ගෙ ඕපදූප හොයන්නෙ නැතුව චූ කරල බුදිය ගනින් වගෙ දෙයක් කියන්න හිතෙනව නම් එහෙම යමක්  ලිව්වත් කමක් නැ ඕං 

චැනල් 4, ජාත්‍යන්තරය , ඉන්දියානු බලපැම්, දෙමල නායකයින් හා 13 වන සංශෝධනය සමඟින් රජය මුහුණ පා ඇති අභියෝග

ශ්‍රි ලංකාවෙ ජනවාර්ගික ගැටලුව , ශ්‍රි ලංකාවේ මැත කාලීනව පත්වූ සියලුම රජයන් මුහුණ පැ ප්‍රභලතම අභියෝගය බව නිසැකය.යුධ ගැටුම් , සාකච්ඡා , බලපැම් ආදි නොයෙකුත්  ස්වරූප ගත්තත්  ඒ තුල පසුබිම් කාරනය වුයේ ජනවාර්ගක අර්බුදයයි . සන්ධාන රජය එල්ටිටියි ත්‍රස්ත වාදය යුධමය වශයෙන් පරාජය කල හෙයින් අර්බුදයේ එක් අන්තයක් නිමාවුවත් එය එතනින් අවසන් නොවන බැව් වර්ථමානයෙ සිදුවන දැ වලින් පැහැදිලිය . යුද්ධය එකම විසඳුම යැයිද , ඉන් එහා අර්බුදයක් මෙහි නැතැයිද යන්න පැවසු  අදහස්ද දෝෂ සහිත බව මේ හරහා සනාථ වී තිබේ .

යුධ ජයග්‍රහයෙන් වසර දෙකක් ඉක්මවුන්න් තැන ඉතිහාසය පුරාවටම අතිශයින් වැදගත් වූ බලවේග තුනක අභියෝග රජය වෙත එල්ල වී ඇත . විදෙස් ගත දෙමල ජනතාව හා අන්තර්ජාතික ප්‍රජාව , ඉන්දියාව , දෙමල ජන නායකයින් ඒ බලවේග තුන යි .





විදෙස් ගත දෙමල ජනතාව හා අන්තර්ජාතික ප්‍රජාව
ශ්‍රි ලංකාවේ ගැටලුව සම්බඳයෙන්  අන්තර්ජාතික ප්‍රජාවේ බලපැම සමඟ ලෝක දේශපාලනයේ ඇතැම් සිදුවීම්, මතවාදයන් හා ආර්ථික කරුණු බද්ධ වී තිබුනත් ඒ සඳහා වන මූලිකම හේතු කාරකය  විදෙස් ගත දෙමල ප්‍රජාව බැව් මාගේ හැඟීමයි . මෙහි අලුත්ම අංගය චැනල් 4 නාලිකාවේ විඩියෝ පටය වුවත් ඒ සමඟම තවමත් නිශ්චිත ප්‍රතිපලයක් ලබා නොමැති  එක්සත් ජාතීන්ගෙ විද්වත් කමිටු වාර්ථාවද බද්ධ වී ඇත  . ආන්දෝලනාත්මක සිදුවීම් හරහා ජනතා අවධානය දිනාගන්නා බ්‍රිතාන්‍ය පදනම් වූ නාලිකාවක් වූ චැනල් 4 දිගින් දිගටම ශ්‍රි ලංකාව පසුපස පන්නන්නේත් , ඒ සඳහ දැවැන්ත අන්තර්ජාතික අවධානයක් ලැබී තිබෙන්නේත් විදෙස්ගත දෙමල ප්‍රජාව නිසා බව පැහැදිලිය . චැනල් 4 නාලිකාව ශ්‍රි ලංකාවේ යුධ සමයෙ සිදුවූවායැයි කියන මානව හිමිකම් කඩවීමේ චෝදනා පිලිබඳ විඩියෝ පට ඉදිරිපත් කලේ මේ වර පමණක් නොවේ . කලින් වතාවල   වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කල රූප රාමු කොටස් මෙවර එකතු කර ඇති අතර එය සම්පූර්ණ කථාවක් ලෙස ඉදිරිපත් කර ඇත . චැනල් 4 සම්බඳයෙන් සන්ධාන රජය මුල සිටම අනුගමනය කල ක්‍රියාමාර්ග සාර්ථකද යන ගැටලුව පැන නැඟෙන්නේ ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී දිගින් දිගටම දැක්වූ දුර්වල තාවන් මෙහිදීද දකින්නට ලැබෙන නිසාවෙනි .මුලදි ඉදිරිපත් කල අපැහැදිලි රූප රාමු  සහිත විඩියෝ පට පිලිබඳ  රජය විරෝධය දැක්වුවත් ඒවා ව්‍යාජ ඒවා බව නිසි ලෙස ඒත්තු ගන්වන්නට හෝ ඒ පිලිබඳ රජය නිසි විමර්ෂනයකට යන බව ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගන්වන්නට හෝ රජය සමත් වූයෙ නැත . එහි ප්‍රතිපලයක් ලෙස මෙවර විඩියෝ පටය බොහෝ දෙනෙකු විසින් පිලිගන්නා බව පෙනෙන්නට ඇති අතර  ඒ සඳහා පිලිතුරු බැඳීමද කලින් අවස්ථාවලදී තරම් පහසු බවක් පෙනෙන්නට නැත .අදාල විඩියෝ පටයේ ඇතැම්  කොටස් වල තාත්වික බව ,ඇතැම් තොරතුරු හා ඒවා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිලිබඳ හා තාක්ෂනික හැකියාවන් පිලිබඳ ගැටලු තිබුනත් මේ විඩියෝ පටයේ එන ඇතැම් දර්ශන  ඉතා බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරන අවස්ථාද නැත්තෙ නොවේ .  විශේෂයෙන්ම මේ විඩියෝ පටයේ එන කථාව එක්සත් ජාතීන්ගේ වාර්ථාවේ  එන සිද්දි මාලාවන් සාධාරණිකරනය කරන නිසා  ජාත්‍යන්තර ප්‍රජාව මෙම විඩියෝ පටය සත්‍යයක් ලෙස පිලිගැනීමේ හැකියාව වැඩිය . අදාල වාර්ථාවටත් නිසි පරිදි පිලිතිරු සපයා නැති රජය මේ සම්බන්දයෙන්ද සිය සුපුරුදු අසාර්ථක උත්සහයන් වල නිරතවෙනු දක්නට ඇත . කොටි රූපවාහිනියේ මාධ්‍ය වේදිනියක් යැයිඋ කියන ඉස්ප්‍රියා නැමති කාන්තාව කොටි කතක් යැයි රජය විසින් මාධ්‍ය හරහා පුන පුනා ප්‍රකාශ කලත් චැනල් 4 විඩියෝ පටයේ ඒ පිලිබඳ මූලික තර්කය ඇය කොටි කතක් නොවේ යන්න නොව ඇය දූෂනය කොට ඝාතනය කලා යන්නය . අනික් අතට චැනල් 4 විඩියෝවට සුපුරුදු පරිද්දෙන් කුමන්ත්‍රනයක් චෝදනා කිරීම හැර ඒ පිලිබඳ ලෝකයා පිලිගන්නා ආකරයේ විමර්ශනයකට යාමට හෝ අදාල තාක්ෂනික විමර්ශනයකට යාමේ  සූදානමක් රජයට ඇති  බවක්  පෙන්නුම් කරන්නේද නැත . ශ්‍රි ලංකාවට එරෙහි පාර්ශව තමන්ගේ වාසියටත් , ශ්‍රි ලංකාව පිලිබඳ එතරම් අවබෝධයක් නැති  පිරිස් ශ්‍රි ලංකාව ම්ලේච්ඡ රාජ්‍යක් ලෙස හඳුනාගැනීම ටත් මේ  විඩියෝව යොදාගත හැකි නිසා මේය සුලුවෙන් තැකිය නොහැකි කරුණක් බව රජය විසින් වටහා ගත යුතුව ඇත . එක්සත් ජාතින්ගෙ වාර්ථා ,  විවිධ සංවිධානවල ප්‍රකාශ , සිවිල් නඩු ආදී නොයෙකුත් ජාත්‍යන්තර අභියෝග රාශියකට මුහුණ දී ඇති අවස්ථාවක  ප්‍රති පාර්ශව ශක්තිමත් කිරීම හෝ නව අභියෝග එකතු කරගැනීම නුවණට හුරුනොවන බව අවසන් වශයෙන් කිව යුතුය

ඉන්දියාව හා බලපැම්


ශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයෙහි ලා බලපැ  සහ ඉදිරියටත් බලපැ හැකි ප්‍රධානතම සාධකයක් ලෙස  අසල්වැසි ඉන්දියාව හැඳින්විය හැක . එල්ටිටියි සංවිධානය පුහුණු කිරීම , අධාර කිරීම , ඒ වෙනුවෙන් ලාංකීය නායකයින්ට කල දැඩි දේශපාලනික බලපැම් වල සිට සිවුවන ඊලාම් යුද්ධයේදී ශ්‍රි ලංකා රජයට නිහඬ අනුබල දීම දක්වා මේ ඉන්දියානු බලපැම වීවිධා කාර ස්වරූප ගෙන ඇත . ඒ සඳහා දකුණු ඉන්දියානු දෙමල ජනතාව මෙන්ම  කලාපීය  දේශපානික සාධකද බලපා ඇත . නේපාලය හෝ භූතානය වැනි තම්න්ට යටහත්  රාජ්‍යක් බවට ශ්‍රි ලංකාව පත් කරගැනීම සඳහා  ඉන්දිරා ගාන්ධි හා රජිව් ගාන්ධි හිරිකිතයකින් තොරව  එලිපට අනුගමනය කල මැටි මෝල් උපායමාර්ග ලෝකයෙ රාජ්‍ය නායකයින් අතර සිටින උගත්ම  හා බුද්ධිමත් නායකයෙක් වන මන් මෝහන් සිං මහතා අනුගමනය නොකලත්  පෙරටත් වඩා ශ්‍රි ලංකාව කෙරේ බලපැම් කිරීමේ හැකියාවක් ඔවුන් සතුඅ ඇති බවත් ඔවුන් ඒ තුල උපරිම වාසිය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් පැහැදිලිය . ඇමරිකාව , බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර රටවලත් රුසියාවෙත් සමීප මිතුරෙකු වන ඉන්දියාව ලංකාව කෙරේ දක්වන ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රි ලංකාව කෙරේ දක්වන ආකල්පයන්ට මෙන්ම ලංකාව කෙරේ අනුගමනය කිරීමට බලාපොරොත්තු ක්‍රියාමාර්ගයන්ට සෘජු බලපැමක් ඇතිකල හැක . සරලව  විග්‍රහ කලහොත් මේ මොහොතේ ශ්‍රි ලංකාවට එරෙහී ජාත්‍යන්තර පරීක්ෂනයක් අවශ්‍යයි යන මතය ඉන්දියාව දැරුවහොත් එය  අනිවාර්යයෙන්ම ක්‍රියාවට නැගෙනු ඇති අතර රුසියාවද නිෂ්ක්‍රිය තත්වයට පත්වනු ඇත .ලංකාවේ අසල්වැසි රට සිටින මතයට එරෙහිව පෙනීසිටීමේ සදාචාරාත්මක ගැටලුව නිසා චීනයටද අකමැත්තෙන් වුවත් නිහඬ වීමට සිදුවනු ඇත .සෛද්ධාන්තිකව හැකියාවක් තිබුනත් ඉන්දියාව එවන් තැනකට යනු ඇතැයි සිතිය නොහැක . ඒ ඔවුනට එයින් අත්වෙන විශේෂ වාසියක් නැති නිසා මෙන්ම තමන්ගේ බල සිමාව තුලට වෙනත් බලවේගයන් අතපෙවීමට දක්වන අක්මැත්ත නිසාය . තමිල්නාඩුවෙන් එල්ල වන දැඩි බලපැම් හමුවේත් ඉන්දිය රජය දරන ස්ථාවරය එයම වන්නේ අදාල බලය භාවිතා කර ආර්ථික හා දේශපාලනික වාසි රාශියක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙන නිසා හා එය මේ වන විටත් සාර්ථකව ඉටු කරගනිමින් සිටින නිසාය . තමිල්නාඩු බලපැම්  සමනය කිරීම සඳහා ශ්‍රි ලංකාවේ දේශපාලන විසඳුමක් වෙත ඉන්දිය රජය  ලංකාව ට බලපැම් යොමුකලත් එය ඔවුන්ගේම නිර්මාණයක් වූ 13 වන සංශෝධනයට සිමාවී තිබේ . එහිදී ලංකීය දෙමල ජන්තාවගේ අභිලාෂයනට වඩා තම බලය ශ්‍රි ලංකාව කෙරෙහි  පවත්වාගැනීම කෙරෙහි ඉන්දියාව  වැඩි අවධානයක් යොමු කර ඇති බව පැහැදිලිය .සන්ධාන රජය තුලිනම නැගෙන විරෝධතා නිසා 13 වන සංශෝධනය  පමණක් නොව ඉන්දියාව සමඟ  ඇති බොහෝ ගණුදෙනු ප්‍රශ්න කෙරෙමින් පැවතීම රජය මුහුන දෙන ප්‍රභල අභියෝගයකිය . එක් අතකින්  ශ්‍රි ලංකාවේ අනාගතයට බරපතල ලෙස බලපැ හැකි බලයක් අතැතිව කෙරෙන ඉන්දියානු  යෝජනාද  ,අනික් අතින්  මෙතෙක් කල් රජයේ   දේශපාලනික මතවාදයේ දිශානතිය  තීරණය කලාවූ බලවේගද  අතර දෝලනය වීම එතරම් පහසු කාර්යක් නොවේ . කෙසේ වුවත් සන්ධාන රජය මෙතෙක් කල් නිසි ලෙස කලමණාකරනය කරගත් එකම   අභියෝගාත්මක  ජාත්‍යන්තර බලවේගය ඉන්දියාව නිසා යම් සුබදායි බවක් තිබුනත්  යුධ සමයේදී තිබුනාටත් වඩා හෙට්ටු කිරීමේ බලයක් අනෙකුත් අන්තර්ජාතික බලවේග නිසා ඉන්දියාව සතු වන බව මතක තබාගත යුතුය

දෙමල ජනනායකයින්


දේශපාලන විසඳුමක් ගැන කියවෙන සැම විටකම මතුවන ප්‍රධාන සාධකය ලාංකික දෙමල  ජනයා නියෝජනය කරන නායකයින්ය.අභ්‍යන්තර විරෝධතා මධ්‍යයේ පවා රජය කලක් කොටි හංවඩු ගැසූ දෙමල සංධානය සමඟ සාක්ච්ඡා වලට එලඹි ඇත්තේ  ඉන්දියානු බලපැම් නිසා විය යුතුය . එනිසාම මෙම සාක්ච්ඡා අලුත් දේශපාලන විසඳුමක් කරා නොව 13 වන සංශෝධනය වටාම කර්කැවෙන බවත් රජයේ පාර්ශව කරුවන් ගෙ මතවාදයන් නිසා නිශ්චිත එකඟතාවයක නැති බවත් පෙනෙන්නට ඇත . රජයේ දෙමල ජනයාගෙ නියෝජනය ලෙස  ක්‍රියා කරන ඩග්ලස් දේවානන්ද මහතා පවා 13 වන සංශෝධනය මතම රැඳී සිටින බවක් දකින්නට  ඇත්තේ  ඉන්දියානු ආශිර්වාදයෙන්  එය ක්‍රියාවට නංවා ගැනීමේ පහසුව සලකා විය යුතුය . එජාපයද උපක්‍රමශිලිව රජය තුලින් එන මතවාදයන් උරගා බලමින් සිටියත්  ඔවුනගේ ඉන්දියානු සබඳතා නිසා ප්‍රභල ලෙස 13 වන සංශෝධනය  කෙරේ විරෝධාකල්පයක් ගොඩනැගීමෙ හැකියාවක් නොමැතිවීමද දෙමල නායකයින් විසින් ප්‍රයෝජනයට ගන්නා බැව් පෙනෙන්නට ඇත . රජය පැත්තෙන් මේ සාක්ච්ඡා හරහා යම් විසඳුමකට්  යාම  අතිශයින්ම වැදගත්ය . එය ඉන්දියානු බලපැම් සමනය වීමට අමතරව මානව හිමිකම් කඩවීමෙ චෝදනා සමනයට ද භාවිතා කල හැකි අතර ඉන්දියාව හා අනෙකුත් මිත්‍ර රටවල් හරහා රජය දෙමල ජනතාව වෙනුවෙන් යමක් කරනා බව ලෝකයාට දැක්වීමටත් ඒ හරහා  ශ්‍රි ලංකාවට ඉඩ හසර ලබා දිය යුතු ය යන   මතය ජාත්‍යන්තරව ප්‍රචාරනය කරවා ගැනීමද සිදුකල හැක .නමුත්  මෙහෙදී රජය මුහුන දෙන අභියෝගය රට තුල  තම්න්ට සිදුවිය හැකි දේශපාලනික අවාසි සහගත තත්වයන්ය . එජාපය සෘජු විරෝධතාවකට නොගියත් රජයේ පාර්ශ්ව කරුවන් විසින්ම නගන මතවාදයක වාසිය ලබාගැනීමේ හැකියාව ඇති අතර රජය මෙතෙක් කල් රැක ගත් " දේශප්‍රේමී " ප්‍රතිරූපය හානි වීම ඉදිරි සියලු දේශපාලන කටයුතු වලදී අවාසියට හිටිමේ අවධානමක්ද ඇත

අකාර තුනක  අභියෝග තුනක් වුවත් මේ සියල්ල එකිනෙක් ගැටගැසී ඇතිවාක් මෙන්ම එක් තැනකින් ලබන සාර්ථකත්වයක් සියලු අභියෝගවලින් මිදීමේ මඟක් පැදීමටද  ඉඩ ඇත . එනිසා උපක්‍රම ශිලිව කටයුතු  කිරීම මෙන්ම යම් යම් කැපකිරීම් සිදුකිරීමටද ඉදිරියේදි රජයට සිදුවනු ඇත . මෙම අභියෝග තුල දේශපාලනයක්  ගැබ්ව තිබුනත් , රජය මෙහිලා සාර්ථක විම රටේ සමස්ථ ජනයාටම පක්ෂ  භේදයකින් තොරව වැදගත්ය . මන්ද මේ අභියෝග තුල රජය ගිලියාමේ අහිතකර ප්‍රතිඵල ලබන්නෙ  මෙන්ම රජය  ගන්නා අසාර්ථක තීන්දුවක හෝ  සිදුකරනා අන්වශ්‍ය කැපකිරීමක වන්දිය ගෙවීමට සිදුවන්නේ සමස්ථ ජනතාවටමය . මේ අභියෝග කෙරෙහි රජයේ ප්‍රතිචාරය ශ්‍රි ලාංකීය ජනයාගේ හෙට දවස තීරණය කිරීමේ ලා මූලිකම සාධකය වනු නොඅනුමානය


C නිවුස් කතුවරුන් කුඹුරට , මාරයා එලවලු හිටවයි , මහාචාර්යතුමා විද්‍යාවේ තවත් වරදක් පිටුපස .මෙවර උදව් වෙනත් දෙවි කෙනෙක්ගෙන්

ඉස්සර නම් වයර් පූට්ටු වැඩ කරපු පොරවල් වලට කිව්වෙ දෙය්යන්ගෙ හාල් කැවිලා කියල , ඒත් දැන් කතන්දරෙ නාථ දෙයියන්ගෙ ආසනික් හාල් කැවිලාය කියන තැනට පත්වෙලා . මේ කතන්දරේ ආරම්භ වෙන්නේ ජාතියේ පිනට ඵල වුන "දේශ්ප්‍රේමී", "දේශහිතෛශී" "දේශමාමක" මහ ඇදුරු තුමාගේ පරීක්ෂනයකුත් එක්ක . ඉතිහාසයේ පලවෙනි වතාවට දෙවිකෙනෙකුගෙ සහයත් ඇතුව කරපු මේ මාහැඟි පාරික්ෂනයට අනුව රජරට වකුගඩු රෝගයට හෙතුව ආසනික් කියලත් ලංකාවේ තියන බොහෝ කෘෂි රසායන වල ආසනික් තියනව කියලත් අන්තිමේදි ලංකාවේ භාවිතයට ගන්න සහල් වල ආසනික් තියනව කියලත් ඔප්පු වෙලා තිබුනා . ඒ වගේම ඊයෙ වෙනකොට  ඩෙංගු ඇතුලු තවත් රෝග ගණනාවකට ආසනික් වල තියන බලපැම හඳුනා ගන්න මේ උදාරතර පරීක්ෂකයින්ට හැකියාව ලැබුනා .

පරීක්ෂකයින්ටම ගැලපෙන දේශපාලන මතවාදයක ඉන්න ලංකා C නිවුස්  තමයි මේ ආසනික් කතාවට මූලිකම ප්‍රචාරනය ලබා දුන්නේ , කොටින්ම වෙනම තීරයකුත් වෙන් කරගෙන් මේ ගැන ලිපි පලකලා . මේ ලේඛකයින්ගෙත් මහ ඇදුරු තුමාගෙත් මතය උනේ මේතනින් බටහිර විද්‍යාව අවසාන වෙන බවත් මින් එහාට ස්වාභාවික විදිහට , දේශීය විදිහට අපේ කටයුතු කරගන්න ඕනැය කියන එකත්  .


මේ ආසනික් කථාවට තටු ලැබෙන්නෙ රේගුවෙ නිලධාරීන් පිරිසක් ආසනික් අඩංගු කෘෂි රසායන බහලුම් තොගයක් අතඩංගුවට ගත්තාය කියන එකත් ඒ සඳහා ජනපතිවරයාගෙ මැදිහත් වීමක් තිබුනාය කියන කතාවත් නිසා . පත්තර පිටු ගනන් ලියවෙන්න වගේම රටේ බොහෝ දෙනෙක් අතර එදිනෙදා කතාබහට මෙ දේවල් ලක්වෙන්නත් හේතු වුනේ ඔය සිද්දිය තමයි

මේකත් එක්කම සිංහල බ්ලොග් අවකාශයේ මහා දේශ්ප්‍රේමී බ්ලොග් කරු මාරයාත් වැඩේට බහිනව , ඒ ආසනික් නැතුව බත් ටිකක් කන්න තියන ආසාව නිසාම විතරක් නෙවෙයි , තමන් කඩේ යනවාය කියල ආඩම්භරයෙන් කියා ගන්න ජනපතිතුමාගෙ මැදිහත් වීමකුත් මෙතනට තියනවාය කියන විශ්වාසෙනුත් වෙන්න පුලුවන්

මාර තුමා සිද්ධිය ගැන මෙලෝ අවබෝධයකින් තොරව බාගෙන නාන්න යනව දැක්ක නිසා මම මෙන්න මේ අදහස එතනදි පල කලා

"ඔය c නිවුසියත් , නලින් ගොය්යගෙ පරීක්ෂනත් ඒ හරහා උන් ගන්න හදන දේශපාලන වසියත් ප්‍රමෝට් කරනවට වඩා නම් අපිට වැඩ තියනව . අර ලොකු ටෝකක් දුන්නේ මේ වගෙ ගොන්පාට් ලියන්නද ? මම හිතුව මේ රටේ අනන්තවත් සිද්ධවෙන අසාධාරනකම් දූෂන වංචා ගැන ලියන්න හදනව කියල . පරීක්ෂන නිවැරදි නම් එක පැන් පාරේන් ඔය සමාගම් වල නිෂ්පාදන විකිණීමත් තහන්ම් කරල , මෙච්චර කල් නීති විරෝධී නිශ්පාදන විකිණුවාට හා එයින් ජනතාවගෙ ජීවිත වලට කරපු හානි වලට ත් රජයට සිදුවූ හානියටත් එරෙහිව නඩු පවරල වන්දිත් අරගෙන . ඒ කොම්පැනිවල අදාල අංශ වහලම දාන්නත් පුලුවන්"


ඒකට මාර තුමා උත්තර දුන්නෙ මෙහෙම
@බුවා...

ලොකු ටෝකත් මගේනේ බුවා..ගොන් පාටුත් මගේම තමා...ඒ වගේම මේ බ්ලොග් එකත් මගේ නෙව..ඉතිං ඊට වඩා දෙයක් ගැන හිතන්න එපා..

අනිත් දේ තමා බුවා දකින දේ බුවාගේ බ්ලොග් එකේ බුවාට ඕන හැටියට ලියලා යනවා වගේ..මමත් මට පේන දේ මගේ ගොන් පාට් එකේ හැටියට ලියනවා...

මොකද ඕනවට වඩා ගොන් පාට් නැතිව ලියන්න ගත්තොත් අනිතිමට මාව කඩේ අරින්නේ වෙනම කට්ටියක්..මොන දේ කලත් එහෙම කඩේ යන තැනට වැටෙන්නේ නං නැහැ...

මොකද මං අපේ මිනිස්සුන්ව හොදට අදුරනවා..ඒ අයගේ වැඩ කිඩත් හොදට දන්නවා...1 2 කියන්න යන කොට මට එක පාරට 100ට යන්න කතා කලාට මං හොදටම දන්නවා ඒක කරන්නත් බැහැ..ප්‍රායෝගිකත් නැහැ..

ඒ හින්දා මං කොනක ඉඳලා මගේ තාලෙට එන්නං..මං ඉල්ලුවේ ඒකට තමන් දන්න තොරතුරුවලින් උදව් කරන්න කියලයි...

එහෙම නැතිව මාව වෙන අයගේ අරමුණු වලට කඩේ අරින්න ලෑස්ති වෙන්න කියලා නෙවෙයි...

අපේ අරමුණු වෙනස්නේ බුවා..ඒ හින්දා සමා වෙන්ට ඕන..මේ මගේ විදිය..ඒක ගොන්පාට් එකක් වෙන්න පුළුවන්..ඒත් ඒ ගොන් පාට් එකෙන්ම මම යන්නං...

මොකද මීට කලිනුත් මම ලියාගෙන ආව පන්සල් කතාවත් මම නවත්තලා දැම්මේ මාව කඩේ අරින්න ලෑස්ති වෙච්ච දෙතුන් දෙනෙක් හින්දම තමා..ඒ හින්දා මං දන්නවා ගොනා හැරෙන්නේ කොහාටද කියලා...

ඒ හින්දා මට උවමනා නැහැ අනවශ්‍ය වාදයක් ඇදගෙන අරමුණ වෙන අතක ගෙනියන්න..ඔබට කැමතිනං දායක වෙන්න පුළුවන් නැතිනං අල්ලලා දාලා නිකා ඉන්න පුළුවන්..අර ලංකා සී නිව්ස් එක ගැන කිව්වා වගේ...

හඳ පෙන්නද්දී ඇගිල්ල දිහා බලන්නත් ඕන වෙලාවල් තියෙනවා තමා..ඒත් ඒක හද බැලීමට වඩා වැදගත්නං විතරයි...



බ්ලොග් අවකාශයේ ප්‍රවින්නයෙක් ඔහොම කිවාම මං වගේ හිමිච්චෙක් මක්කොරන්නද කියල මාත් ඉතින් නිකා හිටියා 


http://www.dinamina.lk/2011/06/14/_art.asp?fn=n1106142


ඊයේ දවසෙදි දිනමිණ පත්තරේට අනුව රජයේ නිල ප්‍රකාශය ආවේ ඔන්න ඔය විදිහට (ඉහල ලින්ක් එක ) . ඒ වගේම අද දිනමිණ කියන්නේ මෙහෙම .


http://www.dinamina.lk/2011/06/15/_art.asp?fn=n1106151


 මේ දැක්කාම මහ ඇදුරු තුමාගේ බටහිර විද්‍යාව බොරු කිරීමෙ සිහිනයත් , ආසනික් නැතිව බත් කැමේ C නිවුස් හා මාර සිහිනයත් බොඳ වෙන්න ඇති . මොකද රජය මේ ආසනික් කථාව ඉතාම ප්‍රභල විදිහට ප්‍රතික්ෂේප කරල තියනව , ඒ විතරක් නෙවෙයි මාරයා ආදරයෙන් කඩෙ යන ජනාධිපති තුමාම සහල් වල ආසනික් නැ කියල ජනතාව දැනුවත් කරන්නය කියල කියල තියනව . කෘෂි කර්ම ඇමති වරායාගේම වචන වලින්


 "අද්භූත බලවේග ගැන නොව විශ්වාස කළ යුත්තේ නවීන තාක්ෂණයන් යටතේ විද්‍යාගාරවල පරීක්ෂණයන්ගෙන් ලැබුණු නිගමන බවද ඒ මහතා කීවේය." 


ඔහොමමත් කියල තියනව




දැන් මොකෝ කරන්නෙ ??? මහ ඇදුරු තුමා නම් බටහිර විද්‍යාවෙ වෙනත් අඩුපාඩුවක් පසුපස පන්නන්න පටන් ගනියි , මේ පාර නාථ දෙය්යන්ගෙ වැඩේ කිච උන නිසා වෙන දෙවි කෙනෙක්ගෙ සහය ගන්නත් ඉඩ තියනව. ඒ වගේම දේශ්ප්‍රේමී රජය අපහසුතාවයට පත්නොවෙන , බත් වගෙ ජනතාවට අතිශයින් සංවේදී  දෙයක්  නොවෙන , "දේශද්‍රෝහී" රනිල්ගේ පාලන කාලය තුලදි සිද්ද වෙච්ච වගේ දෙයක් ගැන එතුමා අවධානය යොමු කරන්නත් ඉඩ තියනව  . ආසනික් වස ගැන සැහෙන බයකින් ඉන්න C නිවුස් කතුවරුන්ට තාවකාලිකව බත් කැම අතැරල දාලා ආසනික් වලින්  තොර දේශීය කුඹුරු කෙටීමකට යන්නත් පුලුවන් . මේ සඳහා ඒ අඩවියේ කමෙන්ට් වලින් දායක වුන දෙශප්‍රේමී බලවේගත් එකතු වෙයි .  C නිවුසියේ කටයුතු වලට සැහෙන සප් එකක් දීපූ මාර තුමාට තමන්ගෙ අනුගාමිකයිනුත් එක්ක ආසනික් රහිත එලවලු හා පලතුරු වගාවට බහින්න පුලුවන් .මාර අඩ්වියේ සහ තවත් තැන් වල චූටි චූටි කමෙන්ට් වලින් දායක වුන  සහෝදර සහෝදරියන් පිරිසකුත් හිටිය . ඒ අයට ආසනික් රහිත විසිතුරු මල්පැල වගාව වගෙ දේකට යන්න පුලුවන් .

මේ කතන්දරේ ගැන හොඳ ලිපියක් ඇට මැස්සාගෙ අඩවියෙ තියනව , තාම කියෙව්වෙ නැත්නක් ගිහින් කියවන්න (කමෙන්ට් ටිකත් එක්කම ) .
http://gadflyzone.wordpress.com/2011/06/14/1375/


කිතිකවාගෙන වගෙ හිනාවෙන්න පුලුවන් මගේ කලින් කතන්දර ලිපියට මෙතනින් යන්න කැමති නම් 

දුෂ්ටයා කෙල්ලව පැහැරගෙන යත්දී කොල්ලාගේ ප්‍රතිචාරය - හොලිවුඩ් , බොලිවුඩ් , කොලිවුඩ් හා හෙලවුඩ් (සිංහල ) සිනමාවෙන් පෙන්නන විදිහ

ඊයේ ලිව්ව ලිපියත් සිනමාව ගැන , මේකත් සිනමාවම තමයි . හැබැයි මේක මම ටික කාලෙකට කලින් අහපු කතාවක් . අතිනුත් ටිකක් දාල තමයි ඔන්න කියන්න හදන්නේ . දුෂ්ඨයා කෙල්ලව පැහැර ගෙන යාම සහ කොල්ලාගෙ ප්‍රතිචාරය තමයි දර්ශනය (චිත්‍රපටියේ අවසාන ජවනිකාව ) හොලිවුඩ් , බොලිවුඩ්, කොලිවුඩ් , සහ හෙල උඩ්(ලංකාවේ සිනමාව )  කියන සිනමා වන් වලදි මේක නිරූපනය වෙන්නේ කොහොමද කියන එකයි කතන්දරේ

හොලිවුඩ්


කොල්ලා ඇඟපත හොඳට හැදුණු දඩාර පොරක් , කෙල්ල සෙක්සි ලුක් එකක් තියන  කෙට්ටු පොරියක් .ඔන්න දැන් දුෂ්ටයාගෙ සෙට් එක කෙල්ලව හෙලිකොප්ටරයකින් පැහැර ගෙන යන්නයි සුදානම . කොල්ලගෙ උර හිසට වෙඩි වැදිලා බිම . දුෂ්ට ගැන්සියෙ ලොක්ක ගෝලය තුන් හතර දෙනාට උපදෙස් දෙමින් ඉන්නවා කෙල්ලවත් අල්ලගෙනම .. කෙල්ලත් බිම වැටිලා ඉන්න කොල්ල දිහා බල බල අරුගේ අතින් ගැලවෙන්න හදනව ඌට බැන බැන (සමහර වෙලාවට භාග කුණුහරුපෙනුත් ) . ඔන්න දැන් උපදෙස් දීල ඉවරයි දුෂ්ට බොසා කෙල්ල ඇදගෙන හෙලිකොප්ටරේ ගාවට යනව (මේ වෙලාවෙදි කෙල්ලගෙ ගවුම  හෙලිකොප්ටරේ හුලඟ නිසා සැහෙන උඩ යන්න එහෙම පුලුවන් ). ඔය අතරදි බිම වැටිල ඉන්න කොල්ලා ටිකක් එහාහින් තියන තුවක්කුවක් (ඔව් මැශින් ගන් එකක් තමයි ) දකිනව , හෙලිකොප්ටරේ ඉහල නගිනවාත් එක්කම කොල්ලා හෙනගේමක් දීල තුවක්කුව ගන්නව . හාන්සි වෙල ඉඳගෙනම දුෂ්ටයින්ගේ ගෝලයින්ට වෙඩි තියාගෙන යනව . ඒක දැකපු හෙලිකොප්ටරේ ඉන්න දුෂ්ට බොසා කොල්ලට වෙඩි තියනව කොල්ලත් ප්‍රතිචාර දෙනව . අහෝ ඛේදයකි ... කොල්ලගෙ වෙඩි පාර වදින්නේ හෙලි කොප්ටරේ පිටිපස්සෙ  තියන පෙතිටිකට , හෙලිය එතනම දොයි (ඒත් එක්කම මහා පිපුරුමක් ) . කොල්ලයි කෙල්ලයි දෙන්නම ආදරේ නාමෙන් ගෝටු හෙවන් කිව්වලු


බොලිවුඩ්

කොල්ල උස කෙට්ටු පැත්තට බර ඒත් කඩවසම් සිරුරක් තියන  සුදු පොරක් , කෙල්ලත් හින්දැරි සුදු ලස්සන කෙල්ලෙක්  ,කෙල්ල ඇඳල ඉන්නේ පාටි එකක්ට යන්න වගෙ ඇඳුමක් , ඒතරමටම මේකප් තොගයකුත් දාල ඉන්නේ . ඔන්න දැන් දුෂ්ට නායකය කලින් වගේම කෙල්ලව අරන් පනින්න තමයි සූදානම , පොරට ගෝලයන් 10 ක් 12ක් ඉන්නව . උන් සෙට් එක කොල්ලට ඇඩා නැති වෙන්න නෙලලා ඉන්නේ මේ වෙනකොට . කොල්ලගේ ශර්ට් එක ඉරිල , ඔලුව පැලිලා, නහයෙන් කටෙන් ලේ ඇවිල්ලා  හරහා වැටිලා ඉන්නේ හරියට සැන්ඩි නැතුවම ගල් බෝතලයක් ගහපු එකෙක් වගෙ . ඔන්න  දුශ්ට බොසා හෙලිකොප්ටරයට යනව කෙල්ලවත් ඇදගෙන යන ගමන් කෙල්ල දුක හිතෙන විදිහට අඩනව අරුත් බැන බැන ඇදගෙන යනව . ඔන්න හෙලියට නගින්න ඔන්න මෙන්න . කෙල්ල කොල්ලගෙ නම්  කියල කැගහනව (රාජ් හෝ රාහුල් තමයි ගොඩක් වෙලාවට ) රා.................ජ්(මේක දෙතුන් පාරක් එකෝ වෙන්නත් ඕනි ) .

කෙල්ලගෙ මේ කැගිල්ල ඇහුණාම තමයි අර මාස 6ක් ඇක්සිඩන්ඩ් වෝඩ් හිටියත් ගොඩ යන්න බැරි තරමට ගුටිකාල හිටපු කොල්ලට ගට එන්නේ පොර කැගහගෙන , ඔරෝගෙන දත්කිටි කාගෙන නැගිටිනව . දුෂ්ටයයි කෙල්ලයි දැන හෙලියට නැඟල හෙලිය ස්ටාර්ට් කරලත් ඉවරයි . කොල්ල දැන් හුසේන් බොල්ට් ගානට දුවනව , දුෂ්ටයගෙ ගෝලයො මැද්දට ආවත් උන් එක්කෙනාට දෙන්නෙ එක පාරයි බිම වැටෙනව කෙසෙල් ගස් වගේ , සමහර වෙලාවට  කොල්ල පිනුමක් දෙකකුත් ගහගෙනමයි එන්නේ  කොල්ල ලඟට එනකොටම ඕං හෙලිය උඩ යන්න පටන් ගන්නව . කොල්ල සැහෙන ගේම ක් දිල තනි අතින් හෙලියේ එල්ලෙනව . දැන් හෙලිය යඩ යනව කොල්ල හෙලියට නගින්න හදනව දුෂ්ටය ඒක වලක්වන්න හදනව , සමහර වෙලාවට කොල්ල වැටෙන්නත් යනව (කෙල්ල එතකොට කැගහනව ) , ටික වෙලාවක් ට්‍රයි කරල අන්තිමේදි කොල්ලා හෙලිය්ට ගොඩ වෙනව . දුෂ්ටයටයි  පයිලට් ටයි දෙන්නටම නෙලල බිමට දානව ,

අයි ලවු යු සන්ජනා .. අයි ලවු යූ රාජ්

කියල දෙන්නා බදාගන්නව (පයිලට් නැතත් හෙලිය යනව , ) ඔන්න හෙලිය වැටෙන්න් වගෙ යන්නෙ කොල්ල දඩි බිඩි ගාල  නියමු ආසනයට පනිනවා  . අවුරුදු 10ක එක්ස්පීරියන්ස් තියන නියමුවෙක් වගේ කෙල්ලත් එක්ක මුකුලු කර කර කොල්ල හෙලිය පැදගෙන යනව  . මේක ගිහින් ගොඩ බාන්නේ කෙල්ලගෙ අම්ම තාත්ත ,  චිත්‍රපටිය පුරාම ජෝක කර කර හිටපු ජෝකර්(ඌ මෙතනදි සිරියස් )මේක්ප් නාගෙන ඉන්න කෙල්ලගෙ යාලුව වගෙ සෙට් එකක් ඉන්න තැනකට



කොලිවුඩ්


මේකෙදි කොල්ලා තල එලලු කොන්ඩෙ ක්‍රේල් , උඩු රැවුලක් වවපු හාදයෙක් . සරම ගහල බැනියම පෙන්න ශර්ට් එකේ බොත්තම් සේරම ඇරල දාල තමයි ඉන්නේ . කෙල්ල සුදු ,ටිකක් විතර මහත පැත්තට බර කෙනෙක් . දුෂ්ටය ගෙ ගැන්සිය තිහ හතලිහක් ඉන්නව . ඔන්න දැන් දුශ්ඨය කෙල්ල අරන් මාරු වෙන්නයි හදන්නේ . කොල්ලා තාම අර සෙට් එකත් එක්ක වලිය (සෙල්ලංයැ තිහ හතලිහක් එක්ක තනියම ගේම දෙනකොට ) කොල්ල කොච්චර ගේමෙ හිටියත් තමන්ගේ තියන ඇක්ෂන් අමතක කරන්නෙ නැ (මුලු චිත්‍රපටිය පුරාවටම තිබුන ඇක්ෂන් ටික ) ඔන්න දැන් දුෂ්ටය කෙල්ල එක්ක හෙලිකොප්ටරේට ගොඩ වෙලා ඉවරයි . කොල්ලට ගානක් වත් නැ කොල්ල ගේමේ . හෙලිය උඩට ය්නකොටම වගේ හතර අතේ වැටිල ඉන්න දුශ්ට ගැන්සියෙන් උන් සේරම උන් පැනල කොල්ලව බිම දාගන්නව . දැන තමයි ලස්සනම හරිය ..කොල්ල අර සෙට් එකම උඩ විසික් කරග්න නැගිටිනව (ටික වේලාවක් ස්ලෝමෝශන් වලින් එක එක කෝන වලින් මේක පෙන්නනවා ) ඊට පස්සෙ තමන්ට පුරුදු ඇක්ෂන්  එක (කොණ්ඩය අත්ගැම වැනි ) දැම්මටත් පස්සෙ තමයි අර උඩ ගිය උන් ටික එකා දෙන්නා බිම වැටෙන්නේ , දැන් හෙලිය උඩ කොල්ලට ගානක් නැ .පොර හෙමින් සැරේ සරම කැහැපොට ගහල ආයෙමත් අර ඇක්ෂන් එක දාල එහෙම එක පාරටම පනිනව උඩ , කෙලින්ම හෙලිකොප්ටරේ ඇතුලේ . චූටි වලියකින් පස්සෙ දුෂ්ටය බිම . හැබැයි පයිලට්ව බිම දාන්නෙ නැ , එක පාරටම ඉනෙන් පිහියක් ඇදල අරන් පයිලට්ගෙ බෙල්ලට තියන ඌව බය කරගෙන බිමට එනව

හෙලවුඩ් (ලාංකාවෙ සිනමාව )


කොල්ල උසෙන් අඩු තල එලලු පොරක් හෝ මෙලේ හැඟීමක් දැනීමක් නැති ලාදුරු ලපයක් වගෙ උස  හාදයෙක් , කෙල්ල සුදු මහත අවුරුදු 40ක විතර ඇන්ටි කෙනෙක් . දුෂ්ටය දැන් කෙල්ලව අරන් යන්න හදන්නේ . හෙලිකොප්ටරෙන් ??? පිස්සුද ....නැ ත්‍රිවීල් එකෙන් . කොල්ල ම්ටි හාදයෙක් නම් රැවුල වවල ඉන්න දුෂ්ටයො දෙතුන් දෙනා එක්ක කැත විදිහට ගහ ගන්නව (තමන්ගෙ මූනටත් දෙකතුනක් ගහ ගන්නව ) ගහනවටත් වඩා කුණුහරුප වගේ ඒවා කිය කිය බනිනව . කොල්ල උස එකා නම් වැනි වැනි ඔහේ ගහගන්නව . ඒ අතරේ කෙල්ල එක්ක දුෂටය වීල් එකේ පැනල යන්න හදනව , යන්න වෙන්නේ ටික දුරයි පොලිස්  ජීප් එකක් ඇවිත් දඩස් ගාල නතර කරනව . දුශ්ටයව අල්ලනව .කොල්ලත් වැඩ්ඩ වගෙ අතට අහුවෙලා ඉන්න දුෂ්ටයගෙ ගෝලයෙක්ව  පොලිසියට භාර දීල කෙල්ල්ව බදා ගන්නව යාන්තමට . කෙල්ලත් යාන්තමින් කොල්ලගෙ පපුවට හේත්තු වෙනව  

---------------------------------------------------------------------------------------------


ඔන්න ඔහොමයි කථාව . හොලිවුඩ් සිනමාවේ නම් ඔය වගෙ ඒවා දකින්න තිබුනෙ මීට දශක 2කට එහා පැත්තේය කියලයි  මම හිතන්නේ , බොලිවුඩ් සිනමාවේ තාමත් ඔය වගේ සීන්වල නෂ්ටාවශේෂ ඉතිරිවෙලා තිබුනත් .ඔය තත්වයෙන් කණපිටගහපු චිත්‍රපටත්  දැන් දැන් හැදෙනව (මෙතනින් ගිහින්  අදාල ලිපියේ තියන චිත්‍රපටිය භාගත කරගෙන බැලුවොත් ඒ වෙනසට උදාහරණයක් වෙයි )

දෙමල සිනමාව ගැන මගේ උනන්දුවක් නැති නිසා ඒ ගැන නම් දන්නෙ නැ , හැබැයි අපේ සිනමාවේ නම් හෙට උනත් ඔය මොඩලයේ චිත්‍රපටියක් තිරගත වෙන්න ඉඩ කඩ තියනව

කිං හන්තර් චිත්‍රපටය ගැන පසුවදනක්

මේ දවස් වල තිරගත වෙන කිං හන්තර් චිත්‍රපටිය ගැන පුංචි විචාරයක් ඉදිරිපත් කරන්න තමයි මේ සූදානම , ඒත් එක්කම ලාංකීය සිනමාවේ අනෙකුත් හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණ දිහාවටත් පොඩි අවධානයක් යොමු කරන්න පුලුවන්

කින් හන්තර් චිත්‍රපටියේ කථාවට පාදක වෙලා තියෙන්නේ අතීතයේ ඉඳන් බලගතු නිද්‍රාවක් හරහා වර්ථමාන කාලයට එන රජ කෙනෙක් , හැබැයි ඉතින් රජෙක් කිව්වට ඔරිජිනල් රජාම නෙවෙයි . රජාට නිද්‍රාගතවෙන්න සූදානම් කරපු කුටියට වැදිලා නිද්‍රාගත වෙන්නේ රජාගෙම පෙනුම තියන ඩුප්ලිකේට රජා . අමුතු ජාතියෙ ඉක්කාවකුත් එක්ක වර්ථමානෙට එන පොර ට සෙට්වෙන්නේ හොරකමක් කරල පොලිසියට අල්ලගෙන යන අතරෙදි මාංචු පිටින්ම පැනල යන හොරෙක් . මෙහෙව් ඩබලක් සෙට් උනාම ඉතින් අහන්න දෙයක් නැනෙ තියන ආතල් එක ...

ලංකාවේ  බිහිවුන ගොඩක් කොමඩි (කියා ගන්න ) නිර්මාන වල දකින්න තිබුන ලක්ෂනයක් තමයි හරි හමන් කතාවක් , වස්තු බීජයක් නැති එක . සිකුරු හතේ, බහු භූතයෝ වගේ චිත්‍රපට දෙකක තුනක ඇරුණාම ගොඩක් විකට චිත්‍රපටි එහෙන් මෙහෙන් ඔබ්බපු දේවල් වලින් තමයි සමන්විත වුනේ . ඒ අතින් නම් කින් හන්තර සාර්ථකයි කියන්න පුලුවන් . මොකද මේ කථා තේමාව හොඳ කොමඩියක් කරන්න ඉතාම හොඳ පදනමක්

කථාව හොඳ මට්ටමේ තිබුනත් තිර රචනය ගැන නම් එහෙමම කියන්න අමාරුයි , මොකද සිනමා නිර්මාණයක තියන්න ඕනි කිසිම ලක්ෂනයක් මේ චිත්‍රපටියේ දකින්න නැ . සිනමා මාධ්‍යය තුලින් නිර්මාණ කරුවාට ලබාදෙන අවස්ථාවන් හරිහැටියට භාවිතා කරපු බවක් පේන්න නැ , කලා අධ්‍යක්ෂනය, ආලෝකකරනය, ,කැමරාකර්නය , සංස්කරනය ආදී හැමදේම භාවිතා කරල තියෙන්නේ සිනමා නිර්මානයකට වඩා ටෙලි නිර්මානයකට සමීප ලක්ෂන ත්යන විදිහට .කොහොමටත් ලංකාවේ ගොඩක් සිනමානිර්මාන වල මේ ලක්ෂනය  සුලභව දකින්න ලැබෙනව .මෙ චිත්‍රපටියේ සංගීතය හා ගීත දර්ශන නම් අන්තිමයි කියල යි කියන්නෙ වෙන්නෙ.

කොමඩි චිත්‍රපටයක්දි හාස්‍ය උපද්දවන්න භාවිත කරන මූලිකම ක්‍රම දෙක වෙන්නේ හාස්‍ය ජනක සිදුවීම් , හා දෙබස් .අවස්ථානූ කූලව සංගීතයත් සමහර වෙලාවට (සම්භාව්‍ය නිර්මාවන වලදි බොහෝ දුරට ) සංකල්පය තුලත් හාස්‍ය උපදවන්න දායක වෙනව . ලංකාවෙ කොමඩි චිත්‍රපටිවල ප්‍රධානම ලක්ෂනයක් උනෙ  සිදුවීම් වලට වඩා දෙබස් හරහා හාස්‍ය මතු කරන්න උත්සහා කිරීම . බොහොම වෙලාවට මොනව හරි කුණුහරුප ටිකක් තමයි මේ දෙබස් අතරත් තිබුනෙ . සිදුවීම් වශෙයෙන් උනත් බොරුවට උඩ පනින . කැගහන , දඟලන දේවල් තමයි තිබුනේ (කලින් නම් සඳහන් කල චිත්‍රපටි 2 වැනි තවත් දෙක තුනක් ඇරුනාම ) කින් හන්තර් එතනිනුත් යම් තරමක් ඉදිරියෙන් ඉන්නව  සිදුවීම අඩංගු වෙන්නේ දෙක තුනක් උනත් ඒ  අතර මතක් කර කර හිනාවෙන්න පුලුවන් සිදුවීමුත් අන්තර්ගතයි . ඒ වගේම අන්තර්ගත වෙන දෙබස් කණ්ඩත් හොඳින් නිර්මානයට ගැලපෙනව

Image Hosted by ImageShack.us



සිනමාත්මක දුර්වලතා රාශියක් තිබුනත් චිත්‍රපටිය රසවිඳිය හැකි මට්ටමට පත්කරන්නෙ රංග්න ශිල්පීන්ගෙ දක්ෂතාව . විජය නන්දසිරිත්, මහෙන්ද්‍ර පෙරේරත් දක්වන සුවිශේෂි රංගනය තමයි මුලු චිත්‍රපටියට ජීවය පිඹින්නේ . චරිත වල අකණ්ඩතාව රැකගෙන ඉතාම තාත්වික විදිහට හාස්‍යෝත්පාදක රංගනයක් කරනවාය කියන්නෙ එතරම් ලේසි වැඩක් නොවුනත් මේ ප්‍රවිනයින් දෙන්නාට නම් ඒ දේ එච්චර අභියෝගයක් වෙලා නැති පාටක් තමයි ම්ම නම් දැක්කෙ . චිත්‍රපටියෙ අවසාන භාගයේදී මුණගැසෙන කුමාර තිරිමාදුර හා ගිරිරාජ් කෞශ්ල්‍යත් ඉතාම ඉහල රංගන දායකත්වයක් ලබාදෙනව .
Image Hosted by ImageShack.usImage Hosted by ImageShack.us                                               
By buwablog at 2011-06-13

අනික් රංගන ශිල්පීන් එක්ක සැලකුවාම ගතයුත්තක් නැතිම තරම් උනත් අනර්කලි ආකර්ෂාගේ රඟපැමෙත් කලින්ට වඩා ප්‍රගතියක් දකින්න තියනව .

හොලිවුඩ් හෝ බොලිවුඩ්  කොමඩි නිර්මාණයක් තියන නිර්මානාත්මක ගුණාත්මක බව දකින්න නැතත් සරල් විනෝදයක් ලබාගන්න සාමාන්‍යන් ලංකාවේ දකින්න ලැබෙන නිර්මාන වලට වඩා නම් හොඳ චිත්‍රපටියක් විදිහට කින් හන්තර් නම් කරන්න පුලුවන් . හැබැයි මම දකින විදිහට ලංකාවේ බිහිවුන හොඳම කොමඩිය සිකුරු හතේ  තරම් ම නම් හොඳ නැ !







සියලුම ඡායාරූප වල අයිතිය ඒවායෙ මුල්හිමිකරුවන් සතුය

ලබ්බ නැතුව හැදුනු ඇට ??







ඩ්‍රැයිවර නැතුව කාරෙක රේස් දින්නාද ??
දෝනි නැතුව වර්ල්ඩ් කප් එක ගැහුවාද ?? 
ලබ්බ නැතුව ඇට හැදෙනව දුටුවාද ??
_ _ _ නැතුව අපි _ _ ධය දින්නාද ??


හිස් තැන් පුරවා ගැනීම සඳහා පහත ලිපිය කියවන්න 
http://www.gossip9.com/2011/06/blog-post_08.html

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top