Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

July 2011

නාථ දෙවියන්ගේ සලුව යටින් ආසනික් හරහා මාකටින් !

නාථ හා විපස්සක දෙවි හාමුදුරුවරුන්ගේ පිහිටෙන් කෘෂි රසායන වල තිබෙන ආසනික් හෙවත් පාසානම් හොයා ගත් පින්බර පුවත මේ සුපින්වතුන් දන්නවා ඇතිනේ . සමහර අය තමන්ගේ බටහිර විරෝධී මතය ප්‍රචාරණය කොරගන්න , සටන් පාට නැතුව , හතුරෙක් නැතුව පාලුවේ හිටිය දේශප්‍රේමීන්ට අලුත් සටන් පාට අරන් දෙන්න විතරක් නෙවෙයි අපි වගේ විජාතික ඉත්තන් වෙච්ච බ්ලොග් කරුවන්ට ආතල් එකක් ගන්න අවස්ථාවකුත් මේ ආසනික් කෙලියෙන් ලැබුනාය කියලත් කියන්නම ඕනි . මේ කථාව කරලියට ගෙනාපු අය දිගින් දිගටම දේශීය විද්‍යාවක් ගැන පාර්ම් බාත්දි  රජය නම් කිව්වේ ආසනික් නෑම කියල තමයි . මතක ඇතිනෙ දිණමිනෙන් දීපූ නෝන්ඩිය .

අගමැති තුමා දක්වා ගිහින් අග්‍රමාත්‍ය කාර්යාලෙන් ආපු නිවේදනේකිනුත් ආසනික් නැතෝ බය නැතුව හිටපියෝ ! කියල කිව්වට සාමාන්‍ය ජනතාව අතරට ගිහින් තිබුන මතය (ගොඩක් වෙලාවට විකෘති වෙච්ච අදහස් ) නම් වෙනස් වුනේ නැ . ලංකාවේ වැඩ සිද්ද වෙන හැටියට රජයවත් කොම්පැනි කාරයින්වත් සත පහකට වත් විශ්වාස කරන්න බැරි නිසා එක අතකින් ජනතාව වැරදියි කියන්න බැ . තමන්ගේ අඩු පාඩු වහගන්න රජයම ගෙනාපු බිල්ලෙක් ය කියල චෝදනාවට ලක්වුන ආසනික් කතන්දරේ තවමත්  නිසි විසඳුමක් රජයෙන් පැහැදිල් අවසන් නිවේදනයක් , නීතිමය ක්‍රියාමාර්ගයක්, නැතුව ඉරිදා පත්තර වල ලිපි වලට විතරක් සීමා වෙලා තියෙනව . ඒ අතරම මේ ආසනික් මතවාදය රටට ගෙනාපු C නිවුස් වෙබ් අඩවිය හරහා මාකටින් වැඩකුත් පටන් අරන් තියනව


මෙතනින් ගිහින් බලන්නකො මොකක්ද සීන් එක කියල


කොහොමද වැඩේ? වගකීමකින් තොරව ප්‍රශ්න ඔහේ ඇදිල යන්න ඉඩ දුන්නාම වෙන්නේ ඔහොම දේවල් තමයි. එක එක්කෙනාගේ පුද්ගලික මාකටින් වලට යොදා ගන්නේ රටේ මුලු මහත් ජනතාවටම බලපාන ප්‍රශ්නයක්ය කියල මේ උන්නැහෙලා තේරුම් අරන් නැ . තමන් ගොඩ යන නිසා එහෙම තේරුම් ගන්න ඒ ඇයින්ට ඕනි කමකුත් නැ .  ආසනික් තියනවා නම් බල බල ඉන්නෙ නැතුව කොම්පැනි වලට නඩු දාන්නත් , අදාල ප්‍රමිතියෙන් තොර කෘෂි නාෂක රට තුලට ගේන ඒම වලක්වන්නත් රජය කටයුතු කරන්න ඕනි . මොකද කෘෂි රසායන භාවිතයෙන් තොර ගොවිතැන වඩා හොඳ වුනත් ප්‍රායෝගික නැති නිසා . ඊලඟට පාරිසරකයි කියල එක එකාගෙ නිෂ්පාදන මේ හරහා මාකට් කරන එක බර පතල වරදක් නිසා .

කෙනෙක් කියයි ඇයි පාරිසරික නිෂ්පාදන භාවිතය වැරදියි කියන්නෙ  කියල ?  නෑ ...මම කියන්නේ එහෙම දෙයක් නෙවෙයි . ශාක ආස්‍රයෙන් කෘෂි නිෂ්පාදන කරන්න උත්සහ කරන තව බොහෝ දෙනෙක් ඉන්නවා (මේ එක නිෂ්පාදකයෙක් විතරක් නෙවෙයි ) ඒ සියලුම දැනුම එකතු කරල රජයේ කෘෂි පර්යේෂන ආයතන හරහා සංවර්ධනය කරලා , වැඩි දියුණු කරලයි වෙලඳ පොලොට එන්න ඕනි . අනිත් එක ඒ දේවල්  ක්‍රමයෙන් පරික්ෂනාත්මකව පිවරෙන් පියවර තමයි රටට දෙන්න ඕනි . කෘෂි රසායන වල ආසනික් තියනවාය , ඒ නිසා දේශීය ක්‍රමයට වහාම යන්න ඕනිය කියල සමාජයෙ මතයක් හදල මොකක් හරි නිෂ්පාදනයක් මාකට්  කිරීමේන් සමාජයට වෙන්නෙ බරපතල හානියක්  !

කරූ පක්ෂ නායකත්වයට , සජිත් ජනපති අපේක්ෂක - එජාපයට හා රටට බලපාන අයුරු

කාලයක් තිස්සේ  අන්තයටම කුජීත වීමත් එක්ක සෝබරව ඉන්න එජාප පාක්ෂිකයින්ට චුට්ටක් විතර සුභ දායක පුවතක අද වාර්තා වෙනවා . මෙච්චර කාලයක් එජාපයේ වැඩ කටයුතු සිද්ද වුන දිහා බැලුවාම යමක් සිදුවෙලා අවසාන වෙනකන් බලාපොරොත්තු තියන්න බැරි උනත් ,කැපුවත් කොල එජාප පාක්ෂිකයින්ට නම් සුභ දායක යමක් ඇහුනත් ප්‍රිති ප්‍රමෝදයට පත්වෙන බ්ව පහුගිය කාලෙ අපි දැක්කා . සිදුවීම එජාපයේ නායකත්වයට කරු ජයසුරිය මහතා පත්කිරීම . එජාපයට සුභ දායකයි  කියල හිතෙන මේ වැඩෙ රටට බලපාන්නේ කොහොමද ????


එජාපයේ වැටීම දරුණුවට බලපාන්නේ පාක්ෂිකයාට උනත් , සාමාන්‍ය ජනතාවට හා රට වැසියාටත් එහි බලපැමක් තියනව . මූලිකම  විපාකය විපක්ෂය ඉතා දුර්වල වුනාම රජය පිස්සු නටන්න පටන් ගන්න එක . අමුතුවෙන් විග්‍රහ නොකලට අපිට ඒ දේ ඇස් පනා පිටම පේනවනේ . ඊලඟ අහිතකර බලපැම තමයි මිනිස්සුන්ට විකල්පයක් නොමැතිවීම හා විකල්ප්යක් නොපෙනීම . රජයක් කොච්චර පිස්සු නැටුවත් අන්තිමේදී යන්නේ ජනතාව ලඟට . ඒ වෙලාවේදී රජයට දැනෙන්න යමක් කරන්න ජනතාවට තියන  ක්‍රමය තමයි විපක්ෂ බලවේග වලට ඡන්දය භාවිතා කිරීම නමුත්  විපක්ෂය දුර්වල තත්වයේ පවතින කොට ජනතාවට විකල්පයක් විදිහට  විපක්ෂය පෙන්නේ නැ . ටික දෙනෙක් එහෙම දැක්කත්  ලංකාවේ පවතින ක්‍රමයත් එක්ක ජනතාව රජය ගැන තරම් වත් පැහැදීමක් විපක්ෂය ගැන නැ . ඉතින් ජනතාව පීස්සු කෙලිමින් ඉන්න රජයකට නැවතත් බලය ලබා  දුන්නාම ඒ රජය  තමන්ගෙ අඩුපාඩු හදාගන්නේ නැ , එහෙම උත්සහයක්වත් දරන්නේ නැ . මේක  ඉතාම අහිතකර තත්වයක් . විපක්ෂය දුර්වල වීමත් එක්ක ලංකාවේ ඇතිවන ඊලඟ තත්වය තමයි ඒකාධිපති පාලකයින් බිහිවීම . විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක තියන බලතල වල දුර්විපාක රාශියකට ජනතාවට මුහුණ දෙන්න ජනතාවට සිද්ද වෙන්නේ තමන්ට හිතුමතේ වැඩ කරගෙන යන්න පුලුවන්ය කියල අදාල බලතල තියන පුද්ගලයින්ට දැනුනාම . ඒහෙම තත්වයක් ඇතිවෙන්නේත් විපක්ෂය දුර්වල වීමත් එක්ක තමයි . ලංකාවේ ජනතාව වර්ථමානයේදී පලමු වෙනි දුර්විපාක 2ම විඳිමින් තුන්වෙනි  එකට ලඟවෙමින් ඉන්න බව පැහැදිලියි . අන්න ඒ නිසා තමයි විපක්ෂය ශක්තිමත් වීම රටේ ජනතාවට වැදගත් වෙන්නේ


රනිල් - සජිත් ගැටුමෙන් සජිත් පාර්ශවය දිනාවිය කියල බොහෝ එජාප පාක්ෂිකයින් බලාපොරොත්තු වුනෙත් තමන්ගෙ පක්ෂය ශක්තිමත් වේය කියන බලාපොරොත්තුවෙන් . පලාත් පාලන මැතිවර්ණයේ කලින් වටයේදී එජාපයේ  ඡන්ද පදනමේ  ප්‍රබෝධයක් දකින්න ලැබුනෙත් ඒ නිසා . හැබැයි ඉතින්   පාක්ෂිකයො බලාපොරොත්තු වුන දෙ ඉටු කරන්න තරම් ශක්‍යතාවක් සජිත් පාර්ශවයට තිබුනේ නැ . ඒ නිසා එජාපය තුල කිසිම වෙනසක් සිද්ද වුනෙත් නැ .  ඒ සිදුවීම්  වලට එජාප පාක්ෂිකයින් කලකීරිමට පත්වුන ස්වාභාවය  තමයි අපි මේ පාර මැතිවරණයේදි දැක්කේ .

බොරු දේශප්‍රේමී කණ්ණාඩි වලින් නොබලන කෙනෙක් නම් රනිල් වික්‍රම සිංහ  මහතා කියන්නේ ඉතාම  හොඳ දැක්මක් ,  අත්දැකීම් සහ ජාත්‍යන්තර සබඳතා තියන පුදගලයෙක් බව  දකිනව ඇති (මම නම් දකින්නෙ එහෙමයි ) . ඒ උනත් ප්‍රායෝගික තලයේ දේශපාලනය තුලදි එතුමා දිගින් දිගටම අසාර්ථකයි .  එජාපයේ වර්ථමාන තත්වයට පූර්ණ වශෙයෙන් වගකිව යුත්තා ඔහු නොවුනත් එහි සැහෙන බරක් ඔහු සතුයි . මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දැක්මට  වෙනස් විකල්පයක් ජනතාවට තෝරගන්න අව්ශ්‍ය නම් ඒ සඳහා තියන හොඳම  දැක්ම  රනිල් මහතාගේ  උනත් ජනතාව ඒකට සූදානම් බවක් පෙන්න නැ . තමන්ගේ මතය හරියාකාරයෙන් ජනතාව අතරට ගෙනියන්න බැරි වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත් , පක්ෂ නායකයා අනවශ්‍ය විදිහට හැල්ලු කිරීම සම්බන්ධයෙන් එජාප දේශපාලකයොත් ඊට වගකිව යුතුයි . කොහොම උනත් මේ වන විට තත්වය අනුව නම් එජාපයට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරි ගමනක් යැම ඉතාම අසීරු තත්වයක් තමයි දකින්න තියෙන්නෙ . විකල්ප දේශපාලන දැක්ම කියන කාරණයට ඉදිරියෙන් විපක්ෂය අධික ලෙස දුර්වල වීම තුල සිදුවන අහිතකර බලපැම් සැලකිය යුතුවෙන නිසා එජාපයේ නායකත්වයේ වෙනසකට යායුතුය කියන කාර්ණයට එකඟ වීමට සිදුවෙනවා.

නායකත්වය ලබා ගැනීමට දරපු උත්සහය තමන්ම නෝන්ඩි වීමෙන් අවසාන කරගත්ත සජිත් ප්‍රේමදාස මහතා  වෙනත් යෝජනාවක් එක්ක රටහමුවට ඇවිත් ඉන්නවා . ඒ කරු ජයසුරිය මහතා නායකත්වයට පත් කරන්නත් තමන් ඊලඟ ජනාධිපති අපේක්ෂක තමන් වෙන්නත්බ්(නොනිල වාර්තා අනුව සහ මටත් හිතෙන විදිහට ).
http://www.adaderana.lk/news.php?nid=14318
http://www.adaderana.lk/news.php?mode=head&nid=921
http://www.adaderana.lk/news.php?nid=14307

 රනිල් වික්‍රමසිංහගේ නායකත්වයක් යටතේ ඊලඟ වතාවේ කිසිසේත්ම  ලබාගන්න බැරි ජනාධිපති අපේක්ෂක කමට  තියන  තන්හාවෙන්   ගෙනාපු යෝජනාවක් බව පේන්න තිබුනත් (කරු ජයසූරිය මහතා තනතුරුවලට කැදර පුද්ගලයෙකු නොවන නිසා ජනප්ති අපේක්ෂකම සජිත් මහතාට නිතරගයෙන්ම ලබා දීමට බොහෝ දුරට ඉඩ කඩ පවතී ) මේ වෙලාවේ හැටියට ගත යුත්තක තියන යෝජනාවක් කියල කියන්න පුලුවන් , මොකද  මේ විදිහට  දිගටම කටයුතු සිද්ද වුනොත් ඊලඟ ජනාධිපතිවරණය කියල දෙයක් තියන්න අවශ්‍ය නොවෙන්නත් ඉඩ තියන නිසා .

පක්ෂ මාරු කිරීමේ අමන ක්‍රියාව ඇරුණාම සැහෙන තරම් වැදගත් , අත්දැකීම් බහුල දේශපාලඥ්යෙක් වුනු කරු ජයසුරිය මහතා එජාප නායකත්වයට ඉතාම සුදුසු පුද්ගලයෙක් කියල කියන්න පුලුවන් . ජාතික තලයේ දේශපාලනයට නොමේරූ ලදරුවෙන් වුනු  සජිත් ප්‍රේමදාස මහතාට වඩා  සැහෙන සුදුසු කම් ප්‍රමාණයක් කරු ජයසූරිය මහතා සතුව තියනව . ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාට  ආමන්ත්‍රණය කරන්න බැරි එජාපයේ බිම් මට්ටමේ පාක්ෂිකයින්ට වගේම ලංකාවේ  ග්‍රාමීයව වෙසෙන පාවෙන ඡන්ද වලටත් ආමන්ත්‍රණය කරන්න එතුමාට පුලුවන් . විශේෂයෙන්ම දෙකඩ වෙලා ඉන්න සහ කලකිරිල ඉන්න එජාප දේශපාලන නායකයින් , ප්‍රාදේශීය නායකයින් එකතු පහදු කරගන්නත් ඔහුට පුලුවන් . හරියාකාරව කටයුතු කලොත් එජාපයට වාසි දායක ස්වාභාවයක් තියන මහ නගර සභා ඇතුලත් මැතිවරණයේ බහුතර ආයතන ප්‍රමාණයක් ජයග්‍රනය කරල රජයට දැනෙන යමක් කරන්න වුනත් බැරි කමක් නැ .

මේ ක්‍රියාවලිය නිසා වඩාත්ම වාසි ලබන පුද්ගල සජිත් ප්‍රේමදාස මහත්තය තමයි බොහෝ දුරට . මොකද විකල්ප බලය ගොඩ නැඟීම හරහා රජය පිස්සු කෙලීම අවසන් උනත් මේ යන ක්‍රියා පටිපාටියත් එක්ක ඊලඟ ජනාධිපතිවරණයෙදි ජනතාව අලුත් නායකත්වයක් බලාපොරොත්තු වීමට ඉඩ ඇති නිසා . සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන දැක්ම රටට වැඩ දායකද ? වත්මන් ජනපතිතුමාට විකල්පයක් වෙන්න ඔහුට පුලුවන්ද කියන කාරණා  තවමත් ප්‍රශ්න කාරී තත්වයක තිබුනා උනත් විපක්ෂය මුලුමනින් දියවී යාම නිසා ජනතාවට , රටට වෙන්න පුලුවන් හානිය වැලැක්වීම  ඊට වඩා වැදගත් . ඒ අතරම සජිත්  ප්‍රේම දාස මහතා වෙනුවට කරු ජයසූරිය  වගේ  ජේෂ්ටයෙන් නායකත්වයට පත් වීමත්   හොඳයි . මොකද ජාතික දේශපාලනයේ අත්දැකීම් බහුල පුද්ගල්කයෙක් එක්ක ක්‍රියා කාරීව වැඩ කිරීමේ අවස්ථාවක් ලැබුනට පස්සෙ සජිත් ප්‍රේමදාස මහතා  රටට කියන දේවල් මොනව උනත් අඩුම තරමේ අභ්‍යන්තරයෙන් හරි වෙනස් වෙන්න ඉඩ තියන නිසා

 මේ එජාපයට හොඳ ඇරඹුමක් ගන්න පුලුවන් යෝජනාවක් ඉතා පැහැදිලිවම (සජිත් මහත්තය ජනාධිපති වෙනව නම් එජාප පාක්ෂිකයො ඒකටත් කැමතියිනේ ) , ඒ අතරම රටට හා සාමාන්‍ය න් ජනතාවටත් සැහෙන තරම් සුභ දායක තත්වයක් . හැබැයි පුතෝ ඔය කෝකටත් කලින් රනිල් මහත්තයව අයින් කරගෙන ඉන්න ඕනි . ඒක කරගන්න පුලුවන්ද ????

අහෝ දෙවියනේ මට වුනු වියෝයා.... බුද්ධෙ අයිය මහ පුටුවට ගියෝයා - මීට විකාරවංශ

අද ලියපු පල්වෙනි ලිපියත් ඡන්දෙ ගැන , මේකත් ඒ ගැනම තමයි .හැබැයි මේ සුදානම් වෙන්නේ බ්ලොග් ඉතිහාසයේ දෙවෙනි වතාවට හොඳවයින් හූවක් තියන්න . කලින් පාර හූ කිව්වේ පබා පැන්න වෙලාවෙ පබාට ඡන්දෙ දුන්න ඇයින්ට සහ විපක්ෂනායක තුමාට .මේ පාර නම් හූ කියන්නෙ එසේ මෙසේ පොරකට නෙවෙයි . මහා දේශප්‍රේමී ,උපවාස විශාරද , කොන්ඩම් පති, ලෙමන් පෆ් මුදියන්සෙලාගේ විකාරවංශට තමයි මේ පාර හූව ,

තමන්ගේ අමාත්‍යාංශයේ සම්පත් , බලතල සියල්ල භාවිතා කරල , ගිරිය කඩාගෙන කැගහල දීපු බුදු ගේම සත පහකට වැඩක් නැතිවෙලා , දේශප්‍රේමී තුමාගේ අපේක්ෂකයට වඩා දහස් ගානක් වැඩි මනාප බුද්ධදාසට හම්බ වෙලා .

ඇමති තුමාගේ පරාජය ගැන බුද්ධදාස මහත්තයගෙ අදහස් වලට පස්සෙ මේ පිලිබඳ විමල් වීරවංශ මහතාගෙන් විමසූ විට ඔහු පිලිතුරු දීම ප්‍රතික්ෂේප කලා කියල අද දෙරණෙ චතුර කියපු වෙලාවේ මට දැනුන සතුට නම් කියල නිම කරන්න බැ . විමල් තුමා ඇතුලු දේශප්‍රේමීන් හිතාන ඉන්න විදිහට රජයේ ප්‍රභල බලවේගය ඔවුන් නොවේය කියන දේ ඔප්පු වීම ඉතාම වැදගත් කාරණයක් . බුද්ධදාස කියන පුද්ගල චරිතයේ අඩු පාඩු තිබුනා උනත් කොයි තරම් දැඟලුවත්  විකාර වංශලාට නිදහස් පක්ෂය ඉක්මවා යන්න බැය කියන එක ඉතාම සුභ දායි කාරණයක් . ඉතින් විකාර වංශ මහත්තයෝ ඕං ඔබතුමාගේ කුජීත වීම සම්බන්ධයෙන් මගේන් හොඳ දේශප්‍රේමී හූවක් පල කර සිටිනවා..

 ආ ...  බ්ලොග් අවකාශයේ ඉන්න නිදහස් පක්ෂයට වඩා රටේ ජනතාව පිලිගන්නේ හොර දේශප්‍රේමීන්වය කියල හිතාන ඉන්න අයටත් ඒ හූව වලංගුයි කියල කියන්න ඕනි .


බුද්ධදාස ලොක්කටත් සුභ පතන්න ඕනි , ඇමති කෙනෙක්ගෙ බලතල, සම්පත් එක්ක හැප්පිලත් දිනුවට

කාගෙද ඩෝ බලවේගේ???? රජතුමාගේ බලවේගේ .........


ඕං පුංචි චන්දයේ දෙවෙනි අදියරත් ඉවරයි , ඡන්දෙට කලින් ලියපු ලිපියෙදි කිව්වා වගේම දේශප්‍රේමී ජනතාවට ස්තුතිය ඡන්දෙට කලින්ම කරල හිටියත් අවුලක් නෑ කියල නැවතත් වතාවක් ඔප්පු වෙලා තියනව . තිස්ස මහත්තය කොහොම හරි ප්‍රගතියක් පෙන්නුවත් එජාපය තවත් සුපුරුදු තැනමයි කියලයි පේන්නේ . ජවිපෙ නම් ඉතින් විජේවීර සහෝදරය ගිය දිහාවටම  නොනවතින ගමණක් ආරම්ඹ කරල නේ තියෙන්නෙ කොහොමටත්

හැමදාම ප්‍රතිඵලය මේ වගේ වෙන්නෙ ඇයි? පහුගිය කාලේ කරපු වැඩ ගොඩකින් හත්පොලේ ගාගෙනත් රජය ඉතාම ඉහලින් දිනන්නේ ඇයි ? මෙගා සමයම් නිසා අයිටීන් එකෙන් පිට ලෝකයක් මිනිස්සු නොදකින නිසාද,රජයට විකල්පයක් විපක්ෂයෙන් නොදකින නිසාද , මේ මැතිවරණයෙන් කල හැකි යමක් නොහැකි නිසාද , එහෙමත් නැත්නම් එජාප පාක්ෂිකයින් කලකිරීමෙන් ඉන්න නිසාද .. නැත්නම් වෙන මොකක් හරි හේතුවක්ද ?

මට වැටහෙන විදිහට නම් ඔය කිව්ව කාරණා හැම එකකම බලපැම සුලුවශෙයෙන් හරි මේ තත්වයට බලපාල තියනව .

ඉස්සර රාජ්‍ය මාධ්‍ය වලට යොමුවුන පිරිසට වඩා ඉතා වැඩි පිරිසක් ඒ වටා ගොනු කරගන්න මෙගා නාට්‍ය සමත් වෙලා තියනව . විශේෂයෙන්ම කාන්තා පාර්ශවය . ඒ ඉන්න බහුතරයක් දෙනා ආශ්චර්යට ඔන්න මෙන්න තියන ශ්‍රි ලංකාව මිසක් යථාර්තය දකින්නේ නැ . ඒ අයගේ ඡන්දය කුමන තත්වයක් යටතේ උනත් රජයෙන් පිට නොයන්නෙ ඒ නිසා.

රජයේ අඩුපාඩු දකින බොහෝ දෙනෙක් දරණ අදහසක් තමයි විකල්පයකුත් නැය කියන ඒක . රජයේ අඩුපාඩු නිවැරදිව ජනතාව අතරට ගෙනියන්නවත් , තමන් ඊට විකල්පයක් බව පෙන්නන්නවත් එජාපයට හැකියාවක් ලැබ්ලා නැ . එකෙක් නායකත්වයට කෙල හල ඉන්නත් අනිකා සුපුරුදු නිද්‍රා සුවයෙන් කල් ගෙවන්නත් කටයුතු කරනව මිසක් අඩුම තරමේ එකම වේදිකාවක ඉඳන් ඡන්ද රැස්වීමක්   තියන්නවත් කටයුතු නොකරන කොට සාමාන්‍ය ජනතාව  ඒ අය ගැන කල කිරීම ඉතාම ස්වාභාවිකයි


පලාත් පාලන මැතිවරණයක් හරහා රජයකට දැනෙන්න යමක් කරන්න බැය කියන එක අපේ සමාජයේ පිලිගත් මතයක් . ඒ නිසා ඉන්න රජයට ම ඡන්දය දීලා ගමට වැඩක් කරගන්න පෙලඹෙන  කොටසකුත් , රජය ගැන කල කිරිල නම් ඡන්ද නොදා ඉන්න පිරිසකුත්  දකින්න ලැබෙනවා

එජාප පාක්ෂිකයින් කල කිරීමෙන් ඉන්නේ සැහෙන කාලයක ඉඳල,සිංහල   අවුරුද්ද වෙනකොට තමන් නායකයා වෙලා එජාපය ගොඩ ගන්නවාය කියපු අයත් නිකන්ම කිච වෙලා යන කොට එජාප පාක්ෂිකය අන්තයටම කල කිරෙන ස්වාභාවිකයි . නායක මට්ටමේ තියා පාර්ලිමේන්තු මන්ත්‍රිල වත් සමහර ප්‍රදේශවල තමන්ගේ සහයට එන්නේ නැති කොට අපේක්ෂකයින් පවා අධෛර්යට පත්වුනා කිව්වොත් නිවැරදියි

ඔය ඔක්කොම කාරනා වල ප්‍රතිඵලය තමයි මේ පාර දකින්න ලැබුනේ කියලයි මම නම් හිතන්නේ

හැබැයි උතුරේ තත්වය නම් හාත්පසින් වෙනස් , දෙමල ජනතාව තමන් සමඟ ඉන්නවාය කියන දේ ජාත්‍යන්තරයට , විශේෂයෙන්ම ඉන්දියාවට පෙන්වීමේ අරමුණින් රජය තමන්ගේ සියලුම හැකියාවන් නිල වගේම  නොනිල විදිහට භාවිතා කරත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක වුනු බව තමයි පේන්න තියෙන්නේ . එල්ටිටිය පරාජය කලාට දේශපාලනික කාර්යභාරයක් තවමත් කරන්න තියනවාය කියන එක  ඉතා පැහැදිලිවම මේ මැතිවරණය හරහා පෙන්නුම් කරන්න දෙමල ජනතාව සමත් වෙලා තියනවා.දේශපාලන විසඳුම් ක්‍රියාවලියකදි තීරණාත්මකම සාධකය තමා බව දෙමල සංධානය නැවතත් ඔප්පු කරල තියනවා . ඒ නිසා මැතිවරණයෙන් පසු  ඇතිවන තත්ව වලදි රජයට දැවැන්ත අභියොගයක් වීමේ හැකියාවත් දෙමල සංධානය සතු කරගෙන ඉන්නවාය කියල කියන්න පුලුවන්





පක්ෂෙ ජයග්‍රහන යෙන් පස්සෙ තමන්ගේ සහය ලබපු කෙනාගේ ප්‍රිතිය සමරන්න ආධාර කරුවො පාරට බහින වෙලාව තමයි මේ ."කාගේද මේ බලවේගේ ? අහවලාගෙ බලවේගේ" "එනෝ එනෝ කොල්ලෝ එනෝ අහවලාගෙ කොල්ලො එනෝ " වගේ තේමා පාඨ  තමයි ඒ අයගෙ  භාව්තාව

එතකොට " කාගෙද ඩෝ බලවේගේ " පාඨය මොකක්ද ?

ඒක මම අහපු කථාවක් (සත්‍යතාව ශුවර් නැත ) 


එක්තරා ගම් පලාතක පුංචි ඡන්දෙකදි  ගමේ  ඒ වෙනකන් හිටපු පොරගේ ගෝලයෙකුත් තවත් පිරිසකුත් කඩාගෙන ගිහින් වෙනම ඡන්දේ ඉල්ලුවලු,හැබැයි ඉතින් ගමේ මිනිස්සු ඡන්දේ දීල තියෙන්නේ පුරුදු මිනිහටම තමයි (අපි මිනිහට ගුණේ අය්ය කියල කියමු ) . ඡන්ද දවසට පහුවදා ගුණේ අය්යගේ සෙට් එක ප්‍රිති ඝෝෂා කර කර ගමට එනවලු . ඒ එනකොට විරුද්ධ වාදියාට බැහැල වැඩ කරපු පොරක් උගේ මල්ලිත් එක්ක පාර අයිනේ ඉන්නවලු .  උන් දෙන්නව ආදරණීය විදිහට අමතල දාගත්තලු ලොරියට .  කමිස දෙකත් ගලවල දාලා ඉස්සරහියි ඉටි පස්සෙයි ගුණේ අය්යගේ මනාප අංකෙත් ලොකුවට ලිව්වලු . ඊට පස්සෙ .  ලොරියේ ඉස්සරහින් උන් දෙන්නව තියාගෙන අතට බැනර් එකක් දුන්නලු "ගුණේ අය්යට ජයවේවා " කියල ගහපු

 ..ඊට පස්සෙ ගුණේ අය්යගේ සෙට් එක  "කාගෙද ඩෝ බලවේගේ" කියල කියන කොට අරුන් දෙන්නා විතරක් "ගුනේ අය්යගෙ බලවේගේ "කියල කැගහන්න ඕනි

ඔය විදිහට අරුන් දෙන්නව ගම පුරාම එක්කගෙන ගිහින් තියනව

ප.ලි - අපේක්ෂකයො දෙන්නම එකම පක්ෂේ

මැත කාලීන මැතිවරණ වල පොදු ලක්ෂන

ඡන්දයක් ලඟ එනවාය කියල අඳුන ගන්න එක ලංකාවේ අපිට නම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. පාට කොඩි වැල් , දත් බේත් ඇඩ් වගේ පෝස්ටර් මග තොටේ දකින කොට දේශපාලන ලෝකෙ ගැන මෙලෝ උනන්දුවක් නැති කෙනෙකුට උනත් ඡන්දයක් කිට්ටුයි කියල තේරුම් යනව .මීට අමතරව මෑත කාලයේදී එකතු වුන අංග කිහිපයකුත් තියනව ඡන්දයක් කිට්ටුයි කියන එක අපිට දැනගන්න . ඊට අමතරව ඡන්දයක් ඉවර උනාට පස්සෙත් මේ වගේම ලක්ෂන කිහිපයක් තියනව.



මැතිවරණයට පෙර


ටිවි එකේ රසකථා



මැතිවරණයක් එන කොට දේශපාලන වේදිකා වල කෙරෙන කථා බහ නම් බොහොමයිනේ . හැබැයි ඉතින්  ඉස්සර නම් මාධ්‍යවල අවධානය යොමුවුනේ පක්ෂ නායකාරකාදීන්ගෙ කථා බහට විතරයි .අනික් කථා ඒ වෙලාවෙ අහගෙන ඉන්න අයට තමා . මැත කාලීනව මේ තත්වය  සහමුලින්ම වෙනස් වෙලා පොඩි පොඩි රැස්වීම් වල  කියන රසබර කථා බහ ඔක්කොම විකාශය කරන තත්වයක් ඇති වෙනව. මාධ්‍ය අතර තරඟකාරීත්වයත් එක්ක පටන් ගත්ත වැඩෙ මිනිස්සුන්ගෙත් හිතට අල්ලල ගිය නිසා දේශපාලකයොත්
රූපවාහින්යෙ පෙන්නන ජාතියේ කථා  කියන්නම වැඩියෙන් උනන්දු වුන බවකුත් පේන්න තිබුනා . විශේෂයෙන්ම සාමාන්‍යයෙන් රූපවාහිනි නාලිකාවක මූණ පෙන්න ගන්න ඉඩ කඩ ලැබෙන්නෙ නැති ප්‍රාදේශීය දේශපාලඥයො මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගත්ත බවකුත් පහුගිය කාලේ පේන්න තිබුනා . දේශපාලන වෙදිකා හරහා කරන විවාද , ගැටුම් , අභියෝග වගේම රටේ ජනප්‍රිය ප්‍රතිවිරුද්ධ දේශපාලඥයෙක් අල්ලගෙන වාදයකට පැටලීම වගේ දේවල් ඔය අතර තිබුනා . තාමත් තියනව

ජනපති ජනහමු


මේ පාර නම් තාම දකින්න ලැබුනෙ නැතත් පහුගිය ඡන්ද වලදි නම් අනිවාර්යයෙන්ම දකින්න ලැබුන අංගයක් තමයි මේක . ජනපතිතුමා තමන්ගේ පිරිවර සේනාවත් එක්ක ලංකාවේ තෝර ගත්ත තැන් කිහිපයක ජනතාව එක්ක සජීවීව සම්බන්ධ වෙලා ප්‍රශ්න කථා කරල රියල් ටයිම් ප්‍රශ්න විසඳන ආකාරයේ "ෂෝ" එකක් තමයි ඒක . හැම චැනල් එකේම පෙන්නන නිසා  කඩේ යන පස්ස උඩ දාගෙන බලන්නත් අනික් උන ටිවි එක වහල දාල නිදාගන්න තැනටත් ඒ වැඩසටහන නිසා කටයුතු යෙදුන කිව්වොත් නිවැරදියි.මේ පාර  නම් උතුරේ ගේමට බැහැල නිසා ඒ ෂෝ  එක දකින්න ලැබෙන එකක් නැහැ

රාජ්‍ය දේපල අයතා ලෙස පරිහරණය ගැන එජාපයේ  චෝදනා 



රාජ්‍ය දේපල අයථා විදිහට පරිහරනවාය කියන චෝදනාව , පහුගිය කාලේ තිබුන හැම මැතිවරනයකදිම ඉදිරිපත් වුනා . එජාපය වෙනුවෙන් බොහෝ වෙලාවට කරු ජයසූරිය මහත්තයත්, තිස්ස අත්තනායක මහත්තයත් තමයි මේ චෝදනාව ඉදිරිපත් කලේ .තමන් කොයි තරම් කිව්වත් වෙනස් වෙන්නේ නැ කියල දැනගෙනත් , තමන් බලයේ හිටියා නම් කරන්නෙත් ඔය දේම බව දැනගෙනත් හැමදාම එකම චෝදනාව මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියන එක එක්තරා විදිහක ජෝක් එකක් කියලයි මට නම් පේන්නෙ


මැතිවරණ කොමසාරිස් සහ පක්ෂ ලේකම් වරුන් අතර හමුව


මේකත් අර කලින් ජෝක් එකේම දිගුවක් විදිහට හඳුන්වන්න පුලුවන් , වෙන්සකට තියෙන්නෙ හැම පක්ෂෙම කට්ටිය සහභාගී වෙන එක .  කලින් කිව්ව රාජ්‍ය දේපල අයතා විදිහට පරිහරණය ඇතුලු මැතිවර අක්‍රමිකතා ගනනාවක් ගැන මෙතනදි විපක්ෂෙ කට්ටිය මැතිවරන කොමසාරිස් තුමාව දැනුවත් කරනව , එතුමාත් ඒවා පිලිගෙන මාධ්‍ය නිවේදනත් දානවා , එලියට ඇවිත් මැතිවරන කොමසාරිස් තුමා පොරොන්දු උනු ඒවා ගැන විපක්ෂෙ කට්ටියත් රටට කියන වා . හැබැයි ඒ වෙනකන් තිබුන තත්වයේ දශමයක වෙනසක්වත් වෙන්නේ නැ . කිසිම වැඩක් නැ කියල දැන දැනත් ඔය  වැඩේ හැමදාම කරනවා

මැතිවරණයෙන් පසු


දේශප්‍රේමී ජනතාවට ස්තුතියි


පහුගිය කාලේ තිබුන හැම මැතිවරනෙකට පස්සෙම රජය කිව්වේ ඕක. ඇත්තටම ඉතින් වෙන මොනව කියන්නද ? .මේ ප්‍රකාශය ඡන්දෙට කලින්ම කිව්වත් ගැටලුවක් නැතිවෙන තත්වයක් තමයි තියෙන්නේ

මැතිවරණ නිතී උල්ලංඝනය කිරීම් රාශියක් මැද  පැවැත්වූ මැතිවරණයක් වුවත් අපගේ ඡන්ද ප්‍රමාණයේ /ප්‍රතිශතයේ වැඩී වීමක් දකින්නට ලැබෙනවා - තිස්ස අත්තනායක 


හැම චන්දෙකටම පස්සෙ තිස්ස අත්තනායක මහත්තය කියන්නේ වර්ධනයක් තියනවා කියල තමයි .දවසෙන් දවස විපක්ෂය දියාරු වෙනවාය අපිට පෙනුනත් , අත්තනායක මහත්තය නම් මොකක් හරි මැතිවරණයක් අරගෙන ඊට සාපේක්ෂව වර්ධනයක් තිය්නවාය කියල ඔප්පු කරනව . අන්තිමට තිබුන පලාත් පලාන මැතිවරණයෙදි නම් ඕං යාන්තමට විතර එහෙම එකක් තිබුනාය කියල කියන්න පුලුව්න්

සමස්ථ ඡන්ද දායකයාගෙන් රජය ලබාගත් ප්‍රතිශතය - 


මේකත් බොහෝ වෙලාවට ගැටලුවක් වෙන්නෙ එජාපයට , එයිනුත් බොහෝ වෙලාවට මංගල සමරවීර මහත්තයට . ආණ්ඩුව දිනුවාය කිව්වට සමස්ථ ඡන්ද දායකයා අරන් බැලුවා රජයට පක්ෂ 30% විතර අඩු ගානක් කියල එතුමා සංඛ්‍යා ලේඛන එක්කම ඔප්පු කරල පෙන්නනවා . හැබැයි ඉති රජයට කැමති 30% නම් තමන්ට කැමති මුලු ඡන්ද දායකයින්ගෙන් කී දෙනාද කියල නම් මංගල මහත්තයාට කල්පනා වෙන්නේ නැ

මොනව උනත්   දිනුවේ අපි - ජවිපේ


ජවිපේ කට්ටිය නම් කොහොමත් මරු මරු කථා කියන අයනේ , තියන තියන හැම ඡන්දෙකදිම අන්තයටම කුජීත වෙලා ගියත් ඒ හැම ඡන්දෙකටම පස්සෙ මෙයාල කියන්නේ එයාල දිනුම් කියල . ඒ ගොල්ල ඒහෙම  දිනුම්ය කියන්න භාවිතා කරන ගණිතය සුද්දගෙ විද්‍යාවට තියා නාථ - විපස්සක දේශීය විද්‍යාවටවත් අනුගත එකක් නම් නෙවෙයි

ඕව තමයි ඉතින් මතක් වෙන්නේ , තව තියනවා නම් පහලින් එකතු කරන්නකො  .


එෆ් එම් දෙරණ අවකාශ සින්ඩිය බය සුද්දන්ගෙ හෙලුවටද ? දේශප්‍රේමීන්ටද ?

මගේ බ්ලොගයෙ අන්තිමට ලියපු මේ ලිපිය මේ පැත්තෙ යන එන අය කියවන්න ඇතිනේ . එෆ්. එම් දෙරණේ අවකාශ සින්ඩියෙ ලිපි ලියන්න ලියා පදිංචි වෙලා ඉන්න නිසා ඒ ලිපිය එතනටත් එකතු කලා .  හැබැයි ඉතින් දවස් කීපයක් යන කම් ලිපිය පලවුනේ නැති නිසා අවකාශයේ ඇඩ්මින් තුමාව සම්බඳ කලා . බොහොම සංවර විදිහට ඒ ගැන සොයා බලන්න කියල ඉල්ලීමකුත් කලා . අද බලන කොට එතුමා උත්තරයකුත් එවල තියනව මෙන්න මෙහෙම

අපගේ නීති හා රෙගුලාසි වලට අනුව මෙවැනි ලිපි පලකල නොහැක

ඔය පහලින් තියෙන්නෙ ඒ අයගේ කොන්දේසි

http://www.fmderana.lk/blog/?page_id=4444

එයින් අවසන් එක ඇරුණාම ඒ කියන්නේ පරිපාලකයාගේ තීරණය කියන එක ඇරුණාම වෙන එකම කොන්දේසියක්වත්  මගේ ලිපියෙන් කඩ වෙලාය කියල මම හිතන්නේ නැ . (කියවන ඔබතුමාලත් කල්පනා කරල බලන්නකො ) . ඒ නිසා මම මෙහෙම පිලිතුරක් එතුමාට යැවුවා

ඔබ විසින් ඔබගේ වෙබ් අඩවියේ පල කර ඇති රෙගුලාසි වලට අනුව මාගේ ලිපියේ වරදක් මා නොදකින මුත් ඔබගේ තීරණයට යටත් වීමට සිදුවේ . මා ඉදිරියටත්  ලිවීමට බලාපොරොත්තුවෙන්නෙ මෙවන් ලිපි  පමණක් නිසා මගේ බ්ලොග් අඩවිය දුරටත් අවකාශ සින්ඩියේ දිස් වීමේ අවශ්‍යතාවක්  නොමැති අතර . මා ලබා ගත් සමාජිකත්වයේද අවශ්‍යතාවක් නොමැත . එනිසා  මාගේ බ්ලොග් අඩවිය අවකාශයෙන් ඉවත් කර සමාජිකත්වයද අත්සිටුවන ලෙසට ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි . අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට ගරු නොකිරීම පිලිගත් මාධ්‍ය ආයතනයකින් සිදු වීම අතිශයින් කණගාටුදායකය ."

අවකාශ පරිපාලක වරයගෙ  ප්‍රතිචාරය මොකක් උනත්  අවකාශය සමඟ මගේ ගණුදෙනු මෙතනින් අහවරයි . මේ ලිපිය ලියන්නේ අවකාශය හරහා මෙහාට ආපු මගේ පාඨකයෙක් ඉන්නව නම් ඒ ගැන දැනුම් දෙන්න . ඒ වගේම මේ  ගැන  අනෙක් බ්ලොග් කරුවනුත් දැනුවත් කරන එකත් තව අරමුණක් . පිලිගත් මාධ්‍ය ආයතනයක් බ්ලොග් කරණය වෙනුවෙන්  යමක් කරන එක ගැන මම  සතුටු  වුනත් ඒ නිසාම ඒකට එකතු වුනත් . අනුන්ගෙ අදහස් වලට ගරු කිරීමේ මාධ්‍යක් සතු විය යුතු ගුණාංගය මොවුන් තුල නැහැය කියන එක ලස්සනට ඔප්පු කරල තියනව . තමන්ගේ මාධ්‍ය  භාවිතාවේ තියන බයාදු පක්ෂපාතීත්වයට වඩා දෙයක් බ්ලොග් කරුවෙකු අතින් ලියවුනාම ඒක පල කරන්න අකමැති කමෙන් පේන්නේ  මාධ්‍ය නිදහස ගැන , පිලිගත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල සදාචාරය ගැන පොර ටෝක් දෙන අපේ රටේ මාධ්‍ය කරුවන්ට මාධ්‍ය ආයතනයක තිබිය යුතු මූලිකම ලක්ෂනත් අමතකයි කියන එක . මහ ලොකු මාධ්‍ය කාරයින් නොවෙන එහෙත් සදාචාරයක් ඇති මිනිසුන් විසින් පවත්වාගෙන යන අනික් කිසිම සින්ඩියක් මගේ අදහස් වාරනය කරන්න කටයුතු කරල නැති නිසා . අවකාශය හරහා මගේ ලිපියක් පල නොවීම මහ ලොකු දෙයක් නම් නොවෙයි  . ඒත් වැරදි තැනක තවදුරටත් රැඳීමේ අවශ්‍යතාවක් නැති නිසා බුවා එතනින් ඉවත් වෙනව . මේ අත්දැකීම අනෙකුත් බ්ලොග් කරුවන්ටත් හිතන්න දෙයක් ඉතුරු කරාවි

අවසන් වශයෙන් අහන්න තියෙන්නෙ එෆ් එම් දෙරණ අවකාශ සින්ඩිය බය සුද්දන්ගෙ හෙලුවටද ? දේශප්‍රේමීන්ටද ?


සුද්දන් සමඟ හෙලුවෙන් දේශප්‍රේමීන්


දේශප්‍රේමී ගවයින්ගේ ගොන් පාට් එකක් ගැන ලියා අත අහකට ගත්තා විතරය , දේශප්‍රේමීන්ට  තමන්ගේ ගොන් කම් පෙන්විය හැකි තවත් දෙයක් ගැනක් ලිවීමේ අවස්ථාව උදාවී ඇත . ඒ කලුතර වෙරලාශ්‍රිතව   දැමීමට යනවාය කියනා නිරුවත් වෙරල තීරයක් ගැනය . මා උපුටා ඇත්තේ ගොසිප්9 වෙබ් අඩවියේ ලිපිය වුවත් දේශප්‍රේමීන් ගේ අඩවියේද එලෙසිම සිද්ධිය වාර්ථා කර තිබූ බවක් දක්නට ලැබුනි .
http://www.gossip9.com/2011/07/blog-post_10.html

මෙම සිද්ධිය  දේශප්‍රේමීන්ට ගොන් පාට් සිරිස් එකක්ම දැමීමට හේතු විය හැකි බව බැලුබැල්මට පෙනෙන්නට තිබේ . ලෙමන් පෆ් උපවාස, "වි කොන්ඩම් සුද්දන්ගෙ හෙලුව" වැනි  පුවරු රැගත් පෙලපාලි. හෙලුවෙන් සිටිමේ ආදීනව පිලිබඳ සම්‍යක් දෘශ්ටික දෙවි කෙනෙකුගෙන් ගත් උපදේශ ,හෙලුව වැසීමේ අදිශ්ටාන පූජා , 84,000හේ පහන් පූජා ,  සිවුර කරටගෙන පාරට බසිනා හාමුදුරුවරුන් ආගම්  බේද අතහැර එයට එකතුවෙන ලෙබ්බෙලා, ෆාදර්ලා, ස්වාමීලා ආදි දේශප්‍රේමී රැඟුම්  දැස් ඉදිරියෙ මැවී පෙනේ .

මෙවන් දෙයක් සැබවින්ම අරඹන්නේ නම් ඒ පිලිබඳ අවස්න් තීරණය ජනපතිතූමාගෙ වීම වැලැක්විය නොහැක . එනිසා මාගේ අවධානය මූලිකවම යොමු වන්නේ ඒ දෙසය .  තනි සිද්ධියක් ලෙස සැලකූ විට නිරුවත් තීරූවක ඇති  මහා වැදගත් කමක් නොමැති වුවත් එවැන්නකට ඉඩ දුනහොත් රට කැලැවට ඇදගෙන ග්‍රාම්‍ය මතවාදයන්ගේ දැවැන්ත පරාජයක් ලෙස එය සැලකිය හැකිය . එනිසා  කුමන විරොධතා මධ්‍යයේ හෝ අවසර දීමට ජනපතිවරයාට හැකියාවක් ලැබුනොත්  ඔහු තුල පවා සැලකිය යුතු මට්ටමේ චින්තන විප්ලවයක් ඇති වූවා යැයි සැලකිය හැකි නිසා බුවා ඒ වෙනුවෙන් පෙනී සීටීමටද සූදානම් ය . ජනපතිතුමනි දැන්වත් අන්තවාදයෙන් එලියට ඒමට ඔබතුමා කැමති නම් මේ ඊට හොඳම අවස්ථාවයි .  ඔබතුමා ඊට සුදානම් ශ්‍රි ලංකාව පාලම් හා පාරවල් වලින් පමණක් පිරුණු සංවර්ධනයකට එහා තැනකට අප රට  ගෙන යාමේ හැකියාවක් ඔබතුමාට ඇතැයි කියා විශ්වාසයක්ද ඇති කර ගත හැක .අප ඒ වෙනුවෙන් පෙනී සීටිමට වුවද සුදානම් එනිසාය .

 මේ තිරුව දැමු විට එහි හෙලුවෙන් සිටිනා සුද්දන් ට අමතරව එලිපිට නිරුවත් වීමට සිදුවෙනා පිරිසක්ද ඇත . ඒ අතර පිස්සු වැටුණු මහා චාරීන්, පිසා කන බටහිර/පාන්පිටි විරෝධීන් , ස්ත්‍රි හිංසනයේ යෙදෙනා දසසිල් උපාසකයින් , සත් මහල් ප්‍රාසාද තනන් චීවර ධාරීන් මෙන්ම බ්ලොග් කරුවන් පිරිසක්ද සිටී


ගැටලුව, මා මේ දකින්නෙ හිනයක් පමණක්මද ? 
------------------------------------------------------------------------------------------


ප.ලි  - අද දිවයින පුවත් පතට අනුව නම් ගෝඨාබය මහතා සංගාගේ දේශනය අගය කර ඇත(දක්වා ඇති හේතූන් අනුව ඔහු එසේ කිරීමේ පුදුමයක් නොමැත )  .එය ඇතැම් විටක මා දකිනා සිහිනය සැබැවීමක පෙරනිමිති විය හැක , නමුත් දේශපාලනික පසුබිම් මත නොසිට තීරණ ගන්නා ගෝඨාබය මහතාගේ තීරණත් තෙම්පරාදූ වූ දේශපාලකයෙකු වූ ජනපතිවරයාගේ තිරණත් අතර දැවැන්ත වෙනසක් තිබිමද සිදු විය හැක.එපමණක් නොව මෙවන් විප්ලව කාරි දෙයකදී ගෝඨාබය මහතා ගේ වුවත් ස්ථාවරය අනෙකක් වීමට ඉඩ ඇත 




Image From -Gossip9.com

දේශප්‍රේමීන් සංගාට එරෙහිව වැඩ අල්ලයි - සංගා වෙනුවෙන් බුවාගෙන් පිලිතුරු ලිපියක්

මේ ලියන්නට සූදානම් වන්නේ නැවතත් නොලියන්නට සිතාගත්, එසේම ම විසින්ම මෙම බ්ලොගය තුලම නැවත නොලියතියි සටහන් කල කරුණක් පිලිබඳවය . එනම් ශ්‍රි ලංකා ක්‍රිකට් පිලිබඳවය .පිට කොන්දක් ඇති මිනිසෙකුගේ ශ්‍රේෂ්ටත්වය ලොවටම විදහා පැ කුමාර සංගක්කාර ගේ  ඓතිහාසික කථාව පිලිබඳ නොදන්නා ශ්‍රි ලාංකිකයෙකු නැති තරම්ය .ක්‍රිඩා ඇමති ඇතුලු දේශපාලකයින්ගේ  රෙද්ද ගැලවූ සංගාට දේශද්‍රෝහී ලේබලය ඇලවෙනා බවට බොහෝ දෙනා පල කල අනාවැකි සත්‍ය වෙමින් පවතී . දේශ්ප්‍රේමීන්ගෙ වෙබ් අඩවිය එහේ පලමු වෙඩි මුරය තබා ඇති ආකාරය පහත ලිපියෙන් දැකගත හැක .

Link To the  Article 



ඔවුන්ට අනුව ලංකාවේ කුල වාදයක් තිබූ බවට හැඟෙන සේ සංගා කථා කර ඇත . සැබවින්ම එහි හැඟෙන්නට දෙයක් නැත . හැම මගුලකදීම පද්දා හෝ රදවා පිලිබඳ හොයනා මිනිසුන් අදත් සිටිනා රටක කුල වාදය තිබුනා යැයි කීමේ වරදක් නොමැත . අනෙක් අතට  එය සංගා නිසා ලොවට හෙලිවන කෘණක් නොව  දැන යුත්තන් හොඳින් දන්නා කාරනාවක්ය . එසේම මිෂනාරි හෝ මොකා නිසා හෝ කුලවාදය යම් තරමකට හෝ අඩු වීම ඉතා යහපත්ය .

මේ ලිපියට අනුව බටහිර ජාතීන් වසර 400ක් ලංකාව යටත් කර සිටියා යැයි කීම එම රටවල මිනිස්සුන්ට  මහත් විනෝදයක්ය . මෙවැනි ලිපි ලියනා දේශප්‍රේමී කල්ලියෙ වංශය කබල් ගානා උන්ට හැර ලොව අන් රටවල මිනිසුන්ට අතීතයේ තම රටට යටත්ව තිබූ ජාතියක් ගැන ඇසීමේ අමුතු ආතලයක් නැත .

සීනී කථාව තුලින් සංගා කිවේ අපගේ මිනිසුන් ආගන්තුක සත්කාරයට දක්වන ලැදිකම පිලිබඳවය . සීනි වැඩියෙන් දමා තේ දෙන්නේ අමුත්තා වඩාත්ම හොඳ දේ ලැබිය යුතු නිසාම බව සංගා එහිදී පැහැදිලිව කීවේය නමුත් මොවුනගේ ලිපියෙන් ඒවා දකින්නෙ නැත

වචන කිහිපයක් රතු කරමින් ජාත්‍යන්තර දේශපාලනික බලපැමක් ගැන ඉලිප්පුවත් සංගා කීවේ දේශපාලන අත්ගැසීම් වැලැක් වීමට අයිසිසිය අතගැසිය යුතුයැයි කියා බව සිහි බුද්ධියෙන් අසා සිටියා නම් තේරුම් යනු ඇත


ජාතික දේශපාලනික යැයි කියා ගන්නා මතවාද නිසා රට වල පල්ලට යන බැව් තේරුම් ගැනීමට සංගා එය පැවසීම කිසි සේත්ම අවශ්‍ය නැත .


එතනින් එහාට ලිපිය පුරාවට ම ඇත්තේ ඔවුනගේ සිතලුය . සංගා දේශද්‍රෝහී පිලට දමා ගැනීමට අවශ්‍ය උපකල්ප්න හා තර්කය . රනිල්ට හා ෆොන්සේකාට කලාක් මෙන් ඔවුන් මෙහිදීද සිදු කරන්නෙ එක් එක් වාක්‍ය කණ්ඩ වල තේරුම් සෙවීම හා ඒවා තමන් හදා ගත් මතවාදයකට ගැට ගැසීමය . දේශනයක අරුත ඇත්තේ සමස්ථ අදහසේ මිස එක් එක් වාක්‍ය කණ්ඩ වල නොවන මොවුන්  පිලිගන්නෙ නැත . අප එසේ පැවසුවත් ඔය බටහිර ක්‍රමය, දේශීය ක්‍රමයට කැලි වශයෙන් විග්‍රහ කලයුතුයැයි කියා කියනු ඇත . ඔවුනගේ අවස්න් වාක්‍ය සර්ව ආගමික වීමක් ගැනය , නමුත් සංගා කිවේ සියලු ආගම් වලට ඉහලින් තමා ශ්‍රි ලාංකිකයෙකු බවය . ආගම මත පදනම් වී අන්තවාදය පතුරන මොවුනට ඒවා වහ කදුරු වුවත් . ආගම් ජාති පරයා නැගී සිටිය යුතු ශ්‍රි ලාංකිකත්වය සංගාට පමණක් නොව අප සියලු දෙනාටම වැදගත්ය


 රනිල්ගේ හෝ ෆොන්සේකාගෙ කථා විකෘති කිරීමේ සුනඛ දේශපාලනය ක්‍රීඩකයෙකුට එහෙරිව , ඇත්ත කථා කිරීමට නිර්භීත වූ ක්‍රිඩකයෙකුට එරෙහිව භාවිතා කිරීමට බුවා විරුද්ධය . අතහැර දැමූ දෙයක් ගැන නැවත් ලියවුනේද එනිසාය .

ප.ලි - මොවුනගේ ආරම්භක ඡේදයේ  83දී සංගාගෙ පියා දෙමල ජනතාවගෙ දිවි බේරා ගැනීම සඳහන් කර ඇත්තේ එයත් වරදක් ලෙස සලකන නිසාද යැයි  ලිපියේ අනිකුත් කාරණා දෙස බැලුවිට හැඟී යයි , අප රටේ පැවතුනේ සිවිල් යුද්ධයක් නොවේ යන්න  දේශප්‍රේමී ගවයින්ගේ අදහස  වුවත් , ලෝකයා හමුවේ එවන් ගොන් පාට් දැමීමට සංගාට නොහැකි බවත් සඳහන් කල යුතුයි 


Update - http://www.divaina.com/2011/07/11/news10.html දක්වා ඇති සබැඳියට අනුව ගෝඨාබය රාජපක්ෂ මහතා සංගාගේ කථාව අගය කර ඇත . එය එසේ නම් එතුමාට මගේ ස්තුතිය පිරිනමන අතර දේශප්‍රේමීනී තොපට කියන්නට ඇත්තේ හොඳවයින් හූවක් පමනය

බ්ලොග් කරණයට වසරක් සම්පූර්ණවීම

මගේ බ්ලොග් කෙරුවාවට නිල වශයෙන් ජුලි 8 වෙනිදට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා . නිල වශයෙන් කියල විශේෂනයක් දැම්මෙ ඇයි කියල ලිපිය කියවන කොට තේරුම් යාවි .මේ ලිපිය ලියන්න පටන් ගත්තේ ඊයේ වුණත් අධික කාර්යබහුලතාවයක් නිසා අවසන් කරගන්න ලැබුනේ නැහැ

බ්ලොග් කියන වචනය මුලින්ම අහන්න ලැබුනේ ජංගම දුරකථනයක පහසුකම් ලයිස්තුව කියවාගෙන යත්දි . විඩියෝ බ්ලොගින්(හෝ එවැනි යමක් ) ඒ දුරකථනයෙ පහසුකම් ලයිස්තුවට එකතු කරල තිබුනා . නිකන් කියවාගෙන යත්දි කුතුහලයක් දැනුනත් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යාමට වඩා අන්තර්ජාලයක් ගැන දැන ගෙන නොසිටිය නිසා ඒ ගැන වැටහීමක් තිබෙනවත් , හොයන්න උනන්දුවක් ඇතිවුනේ වත් නැහැ.ඔය 2009 අවුරුද්දේ මුල් කාලය , ඔය වෙනකොට කොම්පුටර්  භාවිතය උපරිමයටම තිබුනත් අන්තර්ජාලය ගැන නම් මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නැ . ඒ නිසා බ්ලොග් කියන වචනයත් අතනින්ම හිතින් අයින් වෙලා ගියා . ඊට පස්සේ ආයෙමත් මට බ්ලොග් කියන වචනය දැනගන්න ලැබෙන්නෙ ,මිතුරෙක් ගෙන් 2009 අග භාගයේදී විතර , ඒ අන්තර්ජාල  භාවිතය ආරම්ඹ කරල සති දෙකතුනක් ඇතුලත .  අපි දෙන්නගේ කථා බහ (අන්තර්ජාල කථා බහක් ) තිබුනේ කඩ්ඩ ගැන . මොකද ඒ වෙන කොට ඒ මිත්‍රය කඩ්ඩෙන් සුද්දන්ටත් කොටන සයිස් ප්‍රවීනයෙක් වෙලා හිටියත් මම යන්තම් එහෙන් මෙහෙම් අහුලගෙන අමුණගෙන කඩ්ඩ ගැටගහගන්න තත්වයක තමයි හිටියේ .

"උඹ බ්ලොග් එකක් ලියපන්කො එතකොට කඩ්ඩ නිකන්ම හරි යයි"

 . මේ මගේ මිත්‍රයාගෙන් ලැබුණු උපදේසේ .

 " මොකක්ද බන් බ්ලොග් එකක් කියන්නේ ?" 

ඔන්න ඔය ප්‍රශ්නයත් එක්ක තමයි බ්ලොග් එකක් කියන දේ ගැන පැහැදිලි විස්තරයක් දැන ගන්න ලැබෙන්නේ.

ඒ විස්තරෙන් පස්සෙ යාලුවා එයාගේ ලිපියට ලින්ක් එකකුත් එව්වා . ඒ තිබුන කඩ්ඩෙන් භාගෙට භාගයක් නොතේරුණත් එල පට්ට  ලිපිය මචන් කියල .. ස්කයිප් හරහා ප්‍රතිචාරෙකුත් දුන්නා .

ඒත් මචෝ මට කඩ්ඩෙන් ලියන්න තරම් දැනුමක් නැනේ

එහෙනම් සිංහලෙන් ලියන්න පටන් ගනින් පස්සෙ කඩ්ඩට මාරු වෙයන් . මේ තමයි යාලුවගෙ උපදේශේ


බ්ලොග් ගැන හිතට  යම් අදහසක් වැටුණක් මගේම කියල බ්ලොගක් ලියනවාය කියල සිතුවිල්ලක් නම් ඒ වෙලාවේ ඇති වුනේ නැ .


ඊටත් ටික කාලෙකට පස්සෙ ජනාධිපතිවරණය කාලෙදී අර කලින් කිව්ව යාලුවම මට ලින්ක් එකක් එව්වා "මචන් මේක කියවල  බලපන් පට්ට "


ඒ තමයි මම කියවපු පලවෙනි සිංහල බ්ලොග් ලිපිය , ලිපිය ටැබු සබ්ජෙක්ට්ගේ "සංවේදී සිංහයා හා අසංවේදී සිංහයා "  ගැන ලියවුන ලිපිය . කිසිම පුවත්පතක , හෝ වෙනත් කිසිම තැනක නොදැක්ක  දේශපාලන උපහාසයක්  තිබුන ඒ ලිපිය තමයි සිංහල බ්ලොග් එකක් ලියන්න හිතේ ඇතිවුණ මුල්ම ආසාව ඇති කලේ . ඒ ලිපිය හරහා ටැබුගේ අනික් ලිපිවලටත් , බියොන්ඩ් ද ෆ්‍රේම් සහ තවත් බ්ලොග් කිහිපයකටත් යන්න ඒ දවස් වල හැකියාව ලැබුනා . ඒ අතරම බ්ලොග් එකක් ලියන්න ඇතිවුන ආසාව නිසා . වින්ඩෝස් 7 (හෝ විස්ටා මට දැන් මතක නැ හරියටම )  කෙලින්ම ලැබෙන සිංහල යුනිකේත  හරහා සිහල ටයිප් කරන්නත් උත්සාහයක් ගත්තා (මේ වෙනකොට යුනිකේත කියන වචනය නම් දැන ගෙන හිටියෙ නැ ). ඒත් "කො" වගේ අකුරු ලියන්න ගියාම අමුතු බින්දු වගයක් පෙන්න ගත් නිසාත් , මගේ බ්ලොග් ලියපු යාලුව සිංහල බ්ලොග් නොලියන නිසා ඒකට විසඳුමක් නොදැන හිටිය නිසත් වැඩෙ අතැරල දාන්න සිදුවුනා .

ජනාධිපතිවරනය වෙනකන් ආසාවෙන් බ්ලොග් කිහිපයක් කියව කියව හිටියත් එතනින් පස්සෙ  බී.එෆ්  ලියන්නෙ නැතය කීව නිසාත්, ටැබූ කඩ්ඩට බැස්ස නිසාත් බ්ලොග් කියවිල්ලත් ටිකක් දුරට අතැරුනා

 සිංහල බ්ලොග අවකාශයේ ප්‍රවීනයෙකු වුනු හසියා එක්ක බ්ලොග් කරණය ගැන කථාවක් අහම්ඹෙන් වගේ ඇති වෙන්නෙ ඊටත් පස්සේ . සිංහල බ්ලොග් කර්ණයට අදාල යුනිකේත , දැනටත් මම භාවිතා කරන යුනිකේත පරිවර්ථකය සින්ඩිකේටර , බ්ලොග්ගර් හා වර්ඩ්ප්‍රෙස් අතර වෙනස ආදී  බොහෝ දේවල් දැන කියා ගත්තෙ හසියාගෙන් . හසියාගෙන් ලැබුනු තොරතුරුත්  සැරින් සැරේ කරපු දිරිමත් කිරීමුත් නිසා 2010 ජුලි 8 වෙනිදා බුවාගේ සිතුවිලි බ්ලොගය  ආරම්භ වීම සිදු වුනා

ලියපු දේවල්


දේශපාලන බ්ලොග් හරහා උනන්දුවක් ඇතිවුනා වුනත් , මේ බ්ලොගය පටන් ගනිත්දි විවිධාකාර දේවල් ලියනවාය කියලයි හිතුවේ හැබැයි ඉතින් මටත් නොදැනිම ලියවුන  හැමලිපියක්ම යොමුවුනේ දේශපාලනික හෝ සමාජීය පැත්තට . ඒ නිසා ඒ දේවල් වලටම වැඩි අවධානයක් දීලා ලිපි ලියන්න  පටන් ගත්තාය  කිව්වොත් නිවැරදියි . ජූලී මාසයෙදි ලිපි කිහිපයක් අගෝස්තුවෙදි තවත් ටිකක් වශයෙන් ලිපි ලියවුණත් පාඨක අවදානයට හොඳින් ලක්වුන ලියක් ලියවුනේ ඔක්තෝබර් මාසෙදි මංජුගෙ ජයග්‍රහනය ගැන එක එක අය කියන කථා විදිහට . බොහොම හොඳ ප්‍රතිචාරයක් ඒ ලිපියට ලැබුනේ මම අනික් බ්ලොග් ෆලෝ කිරීමත් , ඒවායෙ කමෙන්ට් කිරීමත් ඉතාම අඩුවෙන් කරපු බුවා කියල චරිතයක් කිසිම කෙනෙක් නොදන්න කාලයක. අදටත් මම ලියපු ලිපි අතරින් 2 වෙනියට වැඩිම පිරිසක් කියවපු ලිපිය වෙලා තියෙන්නෙ ඒක   .එතනින් එහාට සාමාන්‍ය තත්වයෙන් තිබුන බ්ලොග් කරණයට අලුත් පනක් එකතු වුනේ "කරටි කැඩිල්ල ගැන වෙනස් භාෂා රටාවකින් ලියපු ලිපිය .වැඩිම නරබන්නන් සංඛ්‍යාව අතින් පලමු 10 අතර වත් නැති වුනත් මගේ ලිපියට ලැබුනු වැඩිම ප්‍රතිචාර සංඛ්‍යාව වෙච්ච ප්‍රතිචාර 34 ක් ඒ ලිපියට ලැබුනා . 2010 ජුලි වලදි නිල වශයෙන් ඇරඹුන බ්ලොග් කරනය සැබැවින්ම ඇරඹුනේ මෙතන්දිය කියලයි මට නම් හිතෙන්නෙ . ඊට පස්සේ ලියවුණු හැම ක්‍රිකට් ලිපියකට වගේම ලිපි 2 තුනක් ඇරුණාම ඉතිරි සියල්ලටම 200 ඉක්මවූ නරඹන්නන් ගානක් ලැබිල තියනව් . ඒ වගේම අනික් බ්ලොග් වල කමෙන්ට් කරන්නත් , ෆලෝ කරන්නත්  හරියාකාරව පටන් ගැනීම නිසා මගේ ලිපි නිරන්තරයෙන් බලන පිරිසක් (සංඛ්‍යාත්මකව ඉතා කුඩා වුනත් ) ඉන්නවාය කියලත් මට දැනිල තියනව. දැනට මුලු පිටු නැරඹුම් සංඛ්‍යාව 17 , 872ක් වෙත්දි එයින් 5000 කට ආසන්න ප්‍රමාණයක් ලැබිල තියෙන්නෙ පසුගිය මාසය ඇතුලත . ඒ වගේම මගේ මතකයේ හැටියට පසුගිය පෙබරවාරි මාසය වෙන කොට මුලු පිටි නැරඹුම් ගාන  තිබුනෙ 5000 ටත් අඩු මට්ටමක . ෆලොවර්සල ගැන කතන්දරයත් එහෙමම තමයි . එනිසා තමයි මගේ බ්ලොග්  කරනයේ සැබැ ආරම්ඹය ඒ කාලයේදී සිදු වුනාය කියල මට හිතෙන්නෙ .  මේ නැරඹුම් සංඛ්‍යාවට අදාලව ලියවිලා තියන මුලු ලිපි සංඛ්‍යාව 65ක්

මතවාදය හා නියෝජනය කරන පාර්ශව 


දේශපාලනය හෝ සමාජීය කාරණා වැඩියෙන් කථා බහ කෙරෙන බ්ලොග් අඩවියකට අදාල වෙන මූලික කාරණයක් තමයි නියෝජනය කරන මතවාදය  හා පාර්ශවය . මගේ ලිපි කියවීම තුලින් මගේ දේශපාලන මතවාදය තියෙන්නෙ නම් කොතනද කියල පාඨකයින්ට තේරුම් යන්නට ඇති කියල මම හිතනව . හැබැයි රටේ කිසිම දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් නම් සෘජුව පෙනී සීටීමක් මම මෙතෙක් කරල නැහැ . ලංකාවේ කිසිම දේශපාලන බලවේගයක් මම දරන  දේශපාලනික මතයට කොටු කරල දැකීමේ හැකියාවක් නැ . ඒ නිසා සාමාන්‍ය තත්වයන් යටතෙදි එක් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටීමෙ හැකියාවකුත් නැ . ජනාධිපතිවරණයක් වගේ තමන්ගෙ මතවාදයට ආසන්නතම බලවේගය වෙත යොමුවෙන තැනකදි නම් මමත් ඒ පාර්ශවය වෙනුවෙන් පෙනී ඉඳියි . ඒ කියන්නෙ තව සැහෙන කාලය කින් . ලියපු ලිපි දපු කමෙන්ට් ආදිය තුලින් මම දක්වපු මතවාදය ඉදිරියටත් බ්ලොග් අවකාශය තුල පවත්වා ගන්න එක තමයි බලාපොරොත්තුව




බුවා සහ ඉදිරිය


බුවා කියන්නෙ බ්ලොග් අවකාශයට නිර්ණාමික  චරිතයක් , හසියා ඇරුණාම කිසිම බ්ලොග් කරුවෙක් බුවා කියන චරිතය පුද්ගලිකව හඳුනන්නෙත් නැ . ඉදිරියටත් මෙතෙක් කල් ලියූ දේවල් ආකාරයේ දේ හැර  වෙනත් ආරයකට යොමු වෙන්න බලාපොරොත්තුවක් නැති නිසා ඒ තත්වය දිගටම තියා ගන්නයි බලාපොරොත්තු වෙන්නෙ . පුදගලික අත්දැකීම් වෘත්තීය කරුණු ආදිය ලියවුණු  ඉතා සංයමයකින් කලමණාකරනය කරන  තමන් ගැන හඳුන්වාදීමක් විදිහට ඕනි තැනක භාවිතා කරන්න  පුලුවන් බ්ලොග් අඩවි බ්ලොග් අවකාශයේ තියනව දැක්කාම එවැන්නකට ආසාවක් ඇති වුනත් මෙතෙක්  ලියල තියන දේ නිසාත් , බොක්කට දැනෙන දේ කෙලින්ම ලියන්න තියන කැමැත්තත් වගේම  අවශ්‍ය  නම් එවැනි ආකාරයේ බ්ලොගයක් වෙනම සාදාගැනීමේ හැකියාවක් තියන නිසාත් බුවාගේ සිතුවිලි  කලින් විදිහටම පවත්වා ගෙන යන්නයි හිතාන ඉන්නේ

ස්තුතිය


බ්ලොග් කරණයට මාව යොමු කරපු මිතුරාටත්  හසියාටත් මූලික ස්තුතිය පිලිගන්වන අතරේ . සියලුම සින්ඩිකේටර  හිමියන්ට , මේ බ්ලොගය බ්ලොග් රෝල තුල දක්වා ඇති සියලුම දෙනාට . එදා ඉඳන් මේ ලිපිය දක්වා මගේ ලියවිලි කියවපු සැම සියලු දෙනාටම . මගේ බ්ලොගය තුල නිතර දකින්න ඉන්න ඇනෝලා ඇතුලු ප්‍රතිචාර දක්වපු හැමෝටම මගේ  ආදරණීය ස්තුතිය පල කරන්න කැමතියි .  මෙතන සඳහන් කරපු එකදු පාර්ශවයක් හෝ නොතිබෙන්න මේ ලිපිය ලියවෙන්න බ්ලොගයක් ඉතුරු නොවෙන නිසා බුවා ඒ හැම කෙනාටම ඒ වෙනුවෙන් ණය ගැතියි . මේ ලැබුනු සහයෝගය ඒ අකාරයෙන්ම ඉදිරියේදිත් ලැබේවි කියලයි   මම බලාපොරොත්තු වෙන්නෙ .


අවසාන වශෙය්න් මගේ බ්ලොගයට පාඨකයින් ආපු විදිහ ගැනත් යමක් ලියන්න ඕනි . ලාංකීය සිතුවිලි හරහා වැඩිම පිරිසක් පැමිණිල තියෙත්දි කොත්තු තුලිනුත් ඊට ආසන්න පිරිසක් ඇවිත් තියනව . සිංහල බ්ලොග් කරුවන්ගෙ සංසදය හරහා ඒ ගානින් භාගයකට ආසන්න ප්‍රමාණයක් ඇවිත් තියනව .  ඊලඟ පිරිස හත්මාලුවෙනුත් , සින්ඩිය සින්ඩිකේටරය හරහාත් ඇවිත් තියෙයි . මූණු පොතට මම ලිපි එකතු නොකරත් අපු ආය කරපු එකතු කිරීම් වලින් මූණු පොතෙනුත් සැහෙන පිරිසක් ඇවිත් තියෙයි . ඒ වගෙම සත්සමුදුර හා රත්ගමයා හරහාත් ඉතා විශාල පිරිසත් ඇවිත් තියනව .

 ඉතින් ඒ අයටත් හැමෝටමත් බොහොම ස්තුතියි .  සක්‍ර භවනේ දෙවනි කොටසින් හමුවෙමු .  පලමු කොටස බලපු නැති අය මෙතනින් ගිහින් බලන්නකො එතකන් .


ප.ලි - මේ ලිපිය දවස් 2 ක් තිස්සේ ලියන්නෙ ගොඩක් කැලඹිලි සහිත පරිසරයක . ඒ නිසා හරියට අදහස් ගොනුවෙලා නම් නැතුව ඇති ඒ පිලිබඳ සමාවෙන්න

ලංකාව පිලිබඳ ප්‍රගති සමාලෝචනය සක්‍ර භවනේදී - Part 1

ලංකාව පිලිබඳ ප්‍රගති සමාලෝචනය සක්‍ර භවනේදී 


ස්ථානය - සක්‍ර භවන 



සක්‍රයා- මාතලී....මාතලි... මාතලී(වැරෙන් කැගසයි ) ,

මාතලි - එනවා .........(ඈතින් ඇසේ )

(මාතලි හති දමමින් සක්‍රයා අසලට පැමිණේ )

සක්‍රයා - මම බ්‍රහ්ම ලෝකෙට ඇහෙන්න බෙරිහන් දෙනකන් ඇහෙන්නෙ නැතිවෙන්න  තෝ කොහෙටද බොල චුත වෙලා  හිටියේ ඈ??

මාතලි- ස...ස..සර් මම මෙ..මේ..

සක්‍රයා - මගේ ප්‍රෙෂර් නග්ගන්නෙ නැතුව ඉක්මනට කියහන් ඕයි.

මාතලී-  සර් මම මේ..මේ ඩා...ඩා..ඩාන්සින් ස්ටාර් බල බල හිටියේ


සක්‍රයා - මොකක් ?? තමුසෙට ඔය ලංකාවේ ටිවි වල කසිකබල් බලන්නෙ නැතුව ඉන්නම බැරිද ඕයි

මාතලී - ඒ වට මාර ලස්සන ගැණු ළමයි එනවා සර් , ඒකයි

සක්‍රය - නොදකින් පොල් කවුඩා ... මනුස්ස ලෝකෙ ඉන්න වුන් දිව්‍යාංගනාවියෝ වගේ ගැනුන්ව පතනව , විශේෂයෙන්ම ඔය ලංකාවෙ උන් , දිව්‍යාංගනාවියො වට කරන් ඉන්න උඹ එහෙ ගැණුන්ට කෙල හලනව චික් විතරක්


මාතලී - ගැණු ලමයි විතරක්ම නෙමේ සර් එකේ හරි ජාති වැඩ වෙන්නෙ

සක්‍රයා - ඒ කියන්නෙ

මාතලී - ජජ් බෝඩ් එකේ උන් මරා ගන්නව , නයි එනව , ජජ්ලයි නිවේදකයොයි ගහගන්නව , ඊට පස්සෙ ජජ්ලම නිවේදනෙත් කොරනව . වැඩ කෝටියයි , ඇයි සර් අර මාරවින් තුමාත් එනවනේ ඕකට

සක්‍රය - මාරවින් කිව්වේ අර දේවාල එහෙම හදන ගොය්ය නේද ? අන්න මිනිස්සු අපි ගැනත් හිතල තමා වැඩක් කලොත් කරන්නෙ , මිනිහ එනවා නම් ඊලඟ සතියෙ ඉඳන් මාත්  ඔය අටමංගල්ලෙ බලන්න ඕනි . අර දොස්තරය දිනපු එකට පස්සෙ ලංකාවෙ රියලිටියක් බැලුවෙම නැ .. මේ  ඔය අනන් මනන් නෙවෙයි ගිහින් බලපන් අර ලංකාවේ ප්‍රගත් සමාලෝචන රැස්වීමට එන්නය කියපු දෙවිවරු සෙට් එක ඇවිත්ද කියල


(මාතලී පිටව යයි..සක්‍රතුමා සිවුරුහන් බායී )

ටික වේලාවකින් ....

මාතලී- සර් , කතරගම දෙය්යොයි ගණ දෙය්යොයි , දැඩි මුණ්ඩ  දෙය්යොයි නම් ඇවිල්ල ඉන්නේ අනික් අය නම් තාම නැ

සක්‍රය - චික් .. බලනව මාතලි මුන් ලංකාවට වෙලා ඉඳල එහෙ උන් වගේමයි වැඩ කවදාවත් වෙලාවට වැඩක් කරන්නෙ නැනේ , අරන් බලනව කෝල් හැමකෙනාටම

(මාතලී  දුරකථනය වෙත ගොස් ඇමතුම් කිහිපයක් ගනී , සක්‍රතුමා නැවතත් සුරුවම් බායි )

මාතලී - සර් නාථ දෙවියො නම් මඟ එනවලු , කාරෙකට බාල පෙට්‍රල් දාල මඟ හිටලලුනේ ටැක්සියක් අරන් එනවලු , විශ්ණු දෙය්යොයි , විභීෂන දෙවියොයි කැලණියේ බර ගේමක් ලු දැන්ම එන්න වෙයිද දන්නෙ නැලු


සක්‍රයා - කැලණියේ ගේමක් ඒ මොකක්ද ?

මාතලී -  අර මාරවින් තුමා සිය දිවි නසා ගන්නලු හදන්නෙ අර දෙන්න ඒක  කරන්න නොදී අල්ලන් ඉන්නවලු

සක්‍රයා - මොකක් කියන්නෙ , ඇයි දැන් තමුසේ ටිකකට කලින් කිව්වේ ඒ යකා විනිස්ස මණ්ඩලේක හිටියා කියල .

මාතලී - ඒවා රෙකෝඩ් කරපුවනෙ සර්  මොකක් හරි හුටපටයක් ඊට පස්සෙ පටලවා ගන්න ඇති . නාහෙට අහන්නෙ නැති එකානේ

සක්‍රයා - ඔය මනුස්සය අපිට හරි ප්‍රයෝජනයි , මැරෙන්න දීල බැ . තමුසේ අරුන් දෙන්නට කෝල් කරල කියනව මෙහෙ එන්න ඔනි නැතය , ඌට මැරෙන්න නොදී කොහොම හරි අල්ලගෙන ඉන්නය කියල හරිද
(මාතලී දුරකථනය වෙත යයි )

ටික දුරක් යනවිට

සක්‍රය -  එක්කො මාතලි.... දෙන්නගෙන් එකෙකුට එන්න කියනව . ඔය කිව්වට තව අවුරුදු 6ක් යන   කම් ඔව්වො මරල වලට දැම්මත් ආපහු ගොඩ එනව  . මනුස්ස ලෝකේ හිටියත් දිව්‍ය සම්පත් නොවැ තියෙන්නෙ . ඒ නිසා එකෙකුට එන්න කියනව . කෝකටත් කියල  විෂ්ණුව එතන හිටපුවාවේ.


සක්‍රයා- ආ .. ඒ ගමන් අර ඇවිල්ල  ඉන්න උන් තුන් දෙනාට ඇතුලට එන්න කියනවා . අනික් අය එනකන් වැඩෙ පටන් ගන්න පුලුවන්

මාතලී දුරකථන ඇමතුම දී , අනෙක් දෙවිවරුන්ද සමඟ සක්‍ර භවනට ඇතුල් වේ

සක්‍රය- මේ ....මාතලී තමුසේ සම්න් දෙවියන්ට කථා කලෙ නැද්ද ?

මාතලී - කථා කලා සර්.. සෙක්ට්‍රි ආන්ස්වර් කලේ .. සමන් දෙවියො  තාම භාවනා කොරනවලු , සමනල කන්දෙ

සක්‍රය - ඔයැයිගෙ භාවනාව ලේසියෙන් ඉවර වෙන්නෙ නැ . ඊලඟට ඇතා පිටේ බඩ ගාන කොට හෙට වෙයි . මාතලි තමුසේ ගිහින්  මක්ක කොරල හරි භාවනාවෙන් නැගිට්ටෝල . එක්කරගෙන එනව

මාතලී - එහෙමයි (පිටව යයි )

සක්‍රයා - (අනික් දෙවියන් දෙසට හැරී )  කොහොමද දැන් කට්ටියගෙ ආදායම් තත්වය , ගිය පාර ප්‍රගති සමාලෝචනයට වඩා වෙනසක් එහෙම තියනවද ?


දෙවිවරු තුන්දෙනාම - ඔව් සර් , හොඳ වර්ධනයක් තිය්නව . M ආර් මහත්තයගෙ ආණ්ඩුව ආපු දා ඉඳල කොහොමටත් ඉතින්  ආදායම නගින පැත්තට තමයි

සක්‍රය - ඒක තමයි මම මුල ඉඳලම කිව්වෙ , M ආර්  ආණ්ඩුවට උදව් කරන්නය කියල . කෝ දැන් දැන් තමුසෙල වැඩෙ කනවනේ .

කතරගම - ඇයි සර් එහෙම කියන්නෙ ?

සක්‍රයා (කේන්තියෙන් )- එහෙම කියන්නෙද ?

ශබ්ධයක් ඇසෙයි , සක්‍ර දෙවියන් හැරී බලයි නාථ දෙවියන් ශාලාවට ඇතුලුවේ ,

නාථ - ටැක්සියට දාල තියෙන්නෙත් බාල් පෙට්‍රෝල් සර් , ඒකත් මඟක් එන කොට හිටිය . ඉතුරු ටික පයින්ම  ආවා


සක්‍රයා - ආ.........තමුසෙ ආවද මට තමුසෙව තමයි අල්ල ගන්න ඕනි කරල තිබුනේ


නාථ - ඇයි සර් මොකුත් අවුලක්ද?

සක්‍රය - එක අවුලක් නෙවෙයි ඕයි තමුසේ මහ අවුල් ගොඩක් නේ . බලනව තමුසෙ මහ ලොකුවට මිනිස්සුන්ගේ වකුගඩු වල තියන ආසනික් කෙහෙල් මලක් ගැන කිව්වා මොකද උනේ අපිට උදව් කරපු , අපි වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු ටික කිච උනා . M ආර් තුමාගෙ ආණ්ඩුවටත් ප්‍රශ්න ආවා

නාථ - ඒ වුණාට සර් ආණ්ඩුවට අවුලක් උනෙ නැ ලොකුවට , අර මගෙන් අහගෙන් ගිය පරීක්ෂකයො ටිකට තමයි පොඩ්ඩක් අවුල් වුනේ

සක්‍රයා - ඒ මිනිස්සු තමයි  මී හරකො වැදගත්ම . උන් තමයි අපි  ගාවට මිනිස්සු එවන්නෙ . අණ්ඩුව ලවා එවන ඒව පිටිපස්සෙත් ඉන්නෙ ඒ මිනිස්සු , ඒ අය නැත්නම් M ආර් ආණ්ඩුවත් අර යැංකියගෙ ආණ්ඩුව වගේම වෙයි . අපිට වැදගත් අපේ  කලෙක්ෂන් එක වැඩි කරගන්න එකයි  ඕයි , තේරුම් ගන්නවකො

නාථ - ඒ වුනත් මම හොඳක් කරන්නනෙ හැදුවෙ සර් ,  බැරිවෙලාවත් ආසනික් තිබුන නම් එහෙම

සක්‍රය - අම්මප මට ගහන්න හිතෙනව උඹට පඬුපුල් ආසනෙන් ඔලු කට්ට කුඩු වෙන්න . බැරි වෙලා තියෙන්න පුලුවන් කෙහෙල් මලක් දෙවි කෙනෙක් කියන්න ඕනිද ? නොදන්න කෙහෙල් මල් වලට හොස්ස දන්න ගිහින් ලංකාවෙ උන් වගෙ නාගන්න එපා . අනික  කාරෙකට ගහන පෙට්‍රල් ටික බාලයි කියල පෙන්නෙ නැති එකා කොහොමද ආසනික් මඟුලක් දකින්නේ .මීට පස්සෙ ඔහොම  බූරු වැඩක් කරල තිබුනොත් තව්තිසාව පැත්ත පලාතෙ එන්න දෙන්නෙ නැ . අන්න ඒක මතක තියා ගනින් .ආ..ආ.. දැන් බොරුවට අඬන්නෙ නැතුව අතනින් වාඩිවෙයන්


ඉතිරිය පසුවට

දේශප්‍රේමී සිතාම්බර පටයෙන් වසාගන්නට තැත් කරනා අමනයින්ගේ නිරුවත

දේශප්‍රේමීයා හා දේශප්‍රේමීත්වය යනු පසු ගිය කාලයේ සෑහෙන තරම් කථාබහට ලක්වුන සහ අදටත් කථාබහට ලක්වෙන මතෘකාවකි.තමන්ට දේශප්‍රේමි ලේබල අලවා ගැනීම මෙන්ම අනුන්ට දේශද්‍රෝහී හංවඩු ගැසීමද , දේශප්‍රේමීත්වයේ පරිමාව වෙනුවෙන් සීතල යුද්ධද පසුගිය කාලයේ  ඕනැතරම් දක්නට ලැබිනි . මීට වසර දෙකකට පමණ පෙරදී නම් දේශප්‍රේමීයා හා දේශද්‍රෝහීයා ඉතා පහසුවෙන් හඳුනාගත හැකිව තිබින . රජයට පක්ෂ හිතවත් කඩේ යන සියලු දෙනාම දේශප්‍රේමී ගණයටත් , රජයට මොනයම් ආකාරයකින් විරුද්ධ බලවේග දේශද්‍රෝහීන් ලෙසත් ඉරක් ගසා තිබීම ඊට හේතුවයි . කොතරම් දේශප්‍රේමියෙක් වුවත් අර කලින් කී ඉර පැන්න විගස දේශද්‍රෝහියෙක් බවට පත්වෙන බව පසුගිය ජනාධිපතිවරන සමයේදී ඔප්පු විය . තවමත් එ තත්වය එලෙසින්ම  ඇතත් රජය තුල සිටිනා දේශප්‍රේමීන් රජය තුලින්ම  දේශද්‍රෝහින් දකිනා බවට උදාහරණද මැත කාලීනව දක්නට ලැබින . ජී එල් පිරිස් ,රජීව් විජේසිංහ, මහින්ද යාපා අබේවර්ධන හා අග්‍රාමාත්‍යවරයා වැනි  රජයේ මැති ඇමති තුමන්ලා, දේශද්‍රෝහී ගොඩෙහිලා සැලකීම එහි හොඳම උදාහරණයයි . එතනි නොනැවතුනු දේශප්‍රේමීන් තමන්ගේ දේශප්‍රේමීත්වයේ මූලිකම පදනම වූ සමස්ථ රජයට පවා " ඔබලා තව දේශප්‍රේමී විය යුතුයි " කියන්නට  සූදානම් බව පහත අකාරයේ ලිපි වලින් පැහැදිලිවේ

link


රජයට පක්ෂ සහ විරුද්ධ න්‍යායෙන් දේශප්‍රේමීන් සෙවිම අසීරු බව පෙනෙන්නට ඇති නිසා . දේශප්‍රේමීන්ගේ  දකින්නට ලැබෙනා ලක්ෂණ පිලිබඳ හඳුනා ගැනීම වැදගත්ය

ඇමෙරිකාව ඇතුලු බටහිර විරෝධය 


දේශප්‍රේමියෙකු හඳුනාගැනීමට ඇති පහසුම මාර්ගය මෙයයි . මොවුන් ඇමරිකාව හා බ්‍රිතාන්‍යයට ඉතා වැඩි බරක් සහිතව බටහිරට විරුද්ධය . ඔවුනගේ දේශපාලනය, සදාචාරය , ප්‍රජාතන්ත්‍රවාදය, කලාව , අධ්‍යාපනය පමණක් නොව විද්‍යාවද බටහිර කියා එයටත් විරුද්ධය


දෙමල හා මුස්ලිම් විරෝධය 


මෙය දෙවන සාධකයයි . දේශප්‍රේමීන් සිතන්නෙ ශ්‍රි ලංකාව සිංහල බෞද්ධයන්ගේ පමණක් කියාය. දෙමල හෝ මුස්ලිම් ජාතීන් පසු කාලීනව මෙහි පැමිණි උන් නිසා , උන්ට ඇත්තේ ඉතා අඩු අයිතියක් බවත් ඔවුන් මහ ජාතිය වූ සිංහලයින්ට අවශ්‍ය ලෙසින්  ජීවත් විය යුතුබව මොවුන්ගේ අදහසයි

නූතනවිරෝධය


නූතනත්වයට විරුද්ධ වීමද දේශප්‍රේමීන් සියලු දෙනාගේම පාහේ දක්නට ඇත . මොවුන්ට වර්ථමානයේ පවතින කිසිදු දෙයක් රුස්සන්නෙ නැත . සියල්ල  අතීතයේ ක්‍රමයට කිරීම යෝග්‍ය බව මොවුනගෙ හැඟීමය . මීට මූලීකම හෙතුව නූතන්වය බටහිරය කියා ලෙබලයක් ගසා ගෙන තිබීමය

ඉන්දියානු විරෝධය 

 මෙයත් දේශප්‍රේමීන් අතර සුලභය නමුත්   විරෝධතාවේ ප්‍රභලතාවය , ස්වාභාවය ඇතැම් විට වෙනස්ය . මොවුනට අනුව ඉන්දියාව බටහිර ගණයේම ලා සැලකිය හැකි සතුරෙකි . එනිසා  ඉන්දියාවත් සමඟ දේශපාලනික ගනුදෙනු වල නිරත් නොවිය යුතුය . අනෙක් අතින් ඉන්දියාවෙන් අපට  ලැබුන දේවල් ගැන ඉතිහාසයෙ ඇත්තේ නිවැරදි දැ නොවේ . එනිසා ඉන්දියානු දේශපාලනයට , කලාවට පමණක් නොව ක්‍රිකට් කණ්ඩායමටද මොවුන් විරුද්ධය . බුදුන් ඉපදුනේ ඉන්දියාවේ නොවේ යන්නද  මොවුනගේ තර්ක අතර ප්‍රධානය


රුසියානු හා චීන මිත්‍රත්වය 


දේශප්‍රේමීන් සියලුදෙනාගේම ප්‍රියතම රටවල් මේ දෙකය මීට අමතරව , උතුරු කොරියාව , කියුබාව වැනි රටවල්ද . ලංකාවේ සිටිනා මුස්ලිමුන් පෙන්නන්න බැරි උනත් ඉරානය ලිබියාව වැනි මුස්ලිම් රටවල්ද මොවුන්ට ප්‍රිය ජනකය

ඊනියා කුමන්ත්‍රණ

තමන්ගේ මතයට පිටින් යන සියල්ලම මොවුනට  අනුව රටට එරෙහි ඊනියා කුමන්ත්‍රණය . විපක්ෂය උද්ඝෝෂනය කලත් , පිටරටකට ගියත් , වෘත්තීය අයිතියක් වෙනුවෙන් මිනිසුන් නැගී සිටියත් , පත්තර කාරයෙක් ලිපියක් ලිව්වත් ඒ සියල්ල්ම කුමන්ත්‍රණය . මේ කුම්න්ත්‍රණ අහවල් එකයි කියා වෙන්කල නොහැක . මොවුනට අනුව  ලොව පවතින බොහෝ දැ ඊනියා කුමන්ත්‍රණය . විශේෂත්වය මේ කුමන්ත්‍රණ සියල්ලම පිටුපස සිටින්නේ අප රටේ දියුණුවට  එරෙහි   බටහිර බලවේග වීමයි


ඇදහිලි විශ්වාස 

බෞද්ධයයි කියා ලේබල් ගසා ගත්තත් මොවුන් තුල ඇදහිලි හා විශ්වාස පිලිබඳ විශාල භක්තියක්ද දකින්නට ඇත . අදිෂ්ඨාන පුජා, බලි තොවිල්, ශාන්තිකර්ම , දේව කන්නලව් , පිරිත් වලින් හාස්කම් , දෙවියන්ගෙ අනුහසින් කරනු ලබන පර්යේෂණ ආදී බොහෝ දැ ඔවුන් විසින් සිදුකරනු ලබන අතර ජනතාව ඒ සඳහා යොමු කරවීමද සිදු කරනු ලැබේ


දේශන සම්මන්ත්‍රණ, වෙබ් ප්‍රචාරන 

අන් සියලුම මතවාදි කණ්ඩායම් වල්ට මොවුනගේ ප්‍රචාරන ජාලය පුලුල්ය, දේශන සම්මන්ත්‍රණ , වාද විවාද ආදිය නිරන්තරවම පැවැත්වෙන බව දක්නට ලැබේ.අන්තර්ජාලය හරහා මොවුන්ගෙ ප්‍රචාරණයද සැහෙන තරම්  දැවැන්තය . ඉ මෙල් මගින් ප්‍රචාරණය , බ්ලොග් අඩවි , වෙබ් අඩවි ආදි ක්‍රම රාශියක් ඉතා සක්‍රියව භාවිතා කරන බවද දක්නට ඇත


රනිල්ට විරුද්ධ වීම 

මෙයත් සියලු දේශප්‍රේමීන්ගේ ලක්ෂනයක් ලෙස සැලකිය හැක . රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය පමණක් නොව පුද්ගලික ජීවිතයද දේශප්‍රේමීන්ට දිරවන්නෙ නැත , රනිල් ලංකාවේ හිට්යත් , රට ගියත් , කථා කල්ත්  , නොකලත් තබා මොකුත්ම නොකර නිකන්ම හිටියත්  මොවුන් එහි අඩු පාඩු දකින්නට සමත්ය . එජාපය තුල සිටින දේශප්‍රේමී වෙන්ට දඟලන අය පවා රනිල් විරෝධී ක්‍රමයක් අනුගමනය කරන නිසා ලංකාවේ සිටින්  සියලුම දේශප්‍රේමීන් ගේ පොදු හතුරා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්විය හැක


සරත් ෆොන්සේකාට විරුද්ධ වීම

එජාපයේ  දේශප්‍රේමීවීමට දඟලන්නන් හැර අන් සියලුම දේශප්‍රේමීන්  ෆොන්සේකා මහතාටද විරුද්ධය . ඔහුගේද දේශපාලනයට පමණක් නොව පෞද්ගලික ජීවිතයට පවා විරුද්ධය .



සැබවින්ම දේශප්‍රේමීයා යනු කව්ද ?
ඉහත දැක්වුයේ දේශප්‍රේමීන් කියා ලේබල් ගසා ගත් උන්ගේ ලක්ෂණ ගැනය . එහෙත් සැබැවිනම දේශප්‍රේමියෙක් යනු කවුරුන්ද යන්න  ඔවුනගේ ලක්ෂණ තුලින් නිරූපණය වන්නෙ නැත . දේශප්‍රේමීයා යන  වදනේ අරුත දේශයට ආදරය කරන්නාය . දේශයක් යනු එහි මහ පොලවත් , ගස්වැල් සතා සීපාවා ඇතුලු පරිසරයත් වාසය කරනා  ජනතාවත්ය . එනිසා දේශයට ආදරය කරන්න මේ සියල්ලන්ටම ආදරය කරන්නෙක් විය යුතුය . ආදරය  කිරීම යනු ඒ සියලු දේ වල යහපත ප්‍රාර්ථනා කිරීමය .

එසේ නම්  ඉහත දැක්වූ දේශප්‍රේමීන් සැබවින්ම දේශප්‍රේමීන්ද ? ඔවුන් එසේ නොවනවා පමණක් නොව , ඔවුනගේ දේශප්‍රේමය සිතාම්බර සලුවකින් හෙලුව වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක් බවද විමසිල්ලෙන් බැලු කල පෙනී යයි

දේශප්‍රේමීන්ගේ මුලිකම විරෝධය ඇත්තේ බටහිර සමඟය , කලින් කීවාක් මෙන් ඔවුන් බටහිරගේ සැම දෙයකටම විරුද්ධය . ඒ අතර විද්‍යාව හා තාක්ෂණයද ඇත . විද්‍යාව හා තාක්ෂනය සැලකූ විට එය 100% ක් බටහිරයන්ගෙ නොවූවත්  වැඩි ගෞරවය ඔවුන් සතු  නිසාදෝ දේශප්‍රේමීන්  විද්‍යාවට විරුද්ධය . නමුත් මෙසේ විරුද්ධ වන දේශප්‍රේමීන් සමහරක් දෙනා අතේ ලක්ෂ ගනන් වටිනා ජංගම දුරකථන ඇත , බටහිර විශ්ව විද්‍යාල වලින් ලැබූ මහා චාර්ය ,ආචාර්ය පට්ටම් ඇත , බටහිර අධ්‍යාපනයට විරුද්ධ වුවත් මේ බොහෝ දෙනාගෙ දරුවන් ඉගෙන ගන්නෙ බටහිර රටවලය .  දේශීය ගෘහ නිර්මාණ ශිලිපියේ  සුපිරිතම නිර්මාණයක් වූ සිගිරිය බලන්නටවත් නොගිය දේශප්‍රේමීන් නිවාඩු වට යන්නෙ ප්‍රංශයටය . එපමණක් නොව ප්‍රංශ  කාරයින්ගේ කරට අත දමා පොටෝද ගන්නවාය . එනමුත් ජනතවාට කියන්නේ බටහිර වැරදි ගැනය  බටහිර විද්‍යාවේ , හා අධ්‍යාපනයේ  වැරදි ගැනය . ඒ සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේද බටහිරයන්ගේ නිර්මානයන්ක්වූ අන්තර්ජාලයය  හා වෙබ්/බ්ලොග් අඩවිය . ඊ මෙල් සේවා යනු ඇමරිකන් කාරයාගේ ඔත්තු  සේවායැයි කියමින් ඊමෙල් ප්‍රචාරන සේවා කරන්නේද කිසිදු හිරිකිතයක් නැතිවය . කොටින්ම කියතහොත් සුද්දාට පලු යන්න බනිනා බහුතරයක් දේශප්‍රේමින් විලි වසාගන්නෙ සුද්දාගේ ඇඳුම වූ කලිසම හා කමිසයෙන්ය

නූතනත්වය පිලිබඳ කථාවද එසේමය මාධ්‍ය හර්හා පිටු ගනන් , පැය ගනන් දේශීය ක්‍රමයේ  පම්පෝරි ගැසුවත් නූතනත්වයේ ප්‍රතිලාභ අත්හරින්නට මොවුන් සුදානම් නැත , දුරකථන , පරිඝනක , සැප වාහන වැනි දැ අතහැර සන්දේශ වලින් වලින් පනිවුස යවන , පයින් හෝ ගොං කරත්තයෙන් ගමන් යන  දේශප්‍රේමීන් එකෙකුවත් ලංකාවෙ නැත . අනෙක් අතට නූතනත්වය යනු බටහිරය කියා සිමා පැනවිය නොහැකි මානව වර්ගයාගේ චින්තනයේ හා ජීවන ක්‍රමයේ සිදුවන පරිණාමනයයැයි තෙරුම් ගැනීමට මේ දේශප්‍රේමීන්ට හැකියාවක් නොමැත


දේශප්‍රේමය තුල මූලිකම අංගයක් ලෙස රටේ ජනතාව කෙරේ දක්වන් ආදරය හෙවත් ඔවුනගේ  යහපත  දැක්විය හැකි වුවත් මේ දේශ්ප්‍රේමීන්ගේ බොහෝ ක්‍රියා කලාපයන් නිසා ජනතාවට සිදුවන්නෙ අයහපතක්මය , මේ භුමිය තුලම ඉපදුනු දෙමල් හා මුස්ලිම් ජනයා පිලිබඳ දක්වන විරෝධා කල්ප කිසිලෙසකින්වත්  දෙශයට වැඩදායක  නොවන අතර මොවුනගේ බටහිර විරෝධයන් , හා ඉන්දියානු විරෝධයන් නිසා ඇතිවන  අහිතකර ඵල විපාක වලට මුහුණ දීමට සිදුවන්නේද ජනතාවටය .

මෝඩ දේව ඇදහිලි  බලි තොවිල් ශාන්තිකර්ම ආදිය වෙත ජනතාව ඇදගෙන යාම  නිසා ආත්ම විශ්වාසයක් හෝ විචාර බුද්ධියක් ඇති ජනතාවක් බිහිවීම වැලකීම රටට අහිතකර වුවත් මොවුනගේ ලිං මැඩි මතවාද ප්‍රචාරණයට නම් ඉතා යහපත්ය ,

ජනතාව තම වෘත්තීය  අයිතියක් වෙනුවෙන් පෙල  ගැසීම ඊනියා බටහිර කුමන්ත්‍රනයක් කියා හෙලා දකිනවාට වඩා දෙයක් කිරීමේ හැකියාවක්  මොවුන්ට නොමැත .  රට වෙනුවෙන් දහඩිය වගුරන ඇඟලුම් කම්හල් සේවකයාත් , රටට බුද්ධිමතුන් දායද කරනා සරසවි ඇදුරාත් කුමන්ත්‍රණ කරුවන් ලෙසින් දකිනවා විනා ඔවුන්ගේ   සැබැ පීඩාව හඳුනා ගැනීමේ හැකියාවක් මේ දේශයට ආදරය කරනවා යැයි කියා ගන්නා  උන් හට නොමැත

රටේ  මහජන දේපල , පරිසරය , සතා සීපාවා ගසා කන දේශපාලුවන් එකෙකුටවත් එහෙරිව  කට අරින්නට තරම් පිට කොන්දක් මේ දේශප්‍රේමීන්ට නොමැත . තමන්ගේ පාර්ශවයේ සිටිනා  ස්ත්‍රි  දූෂකයින් , කුඩු කාරයින් , බුකි කාරයින් හා මිනී මරුවන් ගැන කටක් නැරියත් රනිල්ගෙ කොල්ලන් ගැහිල්ල හෝ ෆොන්සේකාගෙ බඩු  ගැහිල්ල පිලිබඳ කථා හැදීමට නම් මොවුන් සමර්ථය


මේ අනුව බලනා විට මොවුන් කිසිසේත්ම දේශයට ආදරයක් ඇති පුද්ගලයින් නොවන අතරම තම්න්ගේ වාසිය වෙනුවෙන්  ජනතාව  නොමඟ යවමින් , රටේත් ජනතාවගෙත් අනාගතය බිල්ලට තබනා අමන පාහරයින් පිරිසක් බව නම් පැහැදිලිය . රජයේ රජයේ වගකිව යුතු ඉහල තැන් දේශපාලන වේදිකාවේදී දේශප්‍රේමය ආයුධයක් කරගත්තාට මට කම් නැත . එහි ඇත්තේ සදාචාරමය ගැටලුවක් පමණය . නමුත් ව්‍යාජ දේශ්ප්‍රේමීන්ගේ ක්‍රමයට රාජ්‍ය පාලනයට  යොමු වෙනවා නම් රටේ අනාගතය ඇත්තේ බරපතල අනතුරක බව කිව යුතුය


මේ ලිපිය දකිනා බ්ලොග් අවකාශයේ  දේශප්‍රේමීන් ගේන් මා හට  එල්ල විය හැකි චෝදනා . බටහිර ගැත්තා එන්ජිඕ කාරයා , බටහිර අධ්‍යාපනයේ ප්‍රතිපල .......ආදිය විය හැක . ඔවුන් වෙනුවෙන් ද යමක් කිව යුතුය 


බටහිරයන්ගෙ ඇතැම් දේශපාලනික ප්‍රතිපත්තීන් හැරැණු විට අන් කිසිදු කාරණාවක් පිලිබඳ මා හට බටහිරයන් පිලිබඳ ගැටලුවක් නොමැත . මේ අදහස් කොටන කී බෝඩයේ සිට ඔබලාත් මෙය කියවන  මොන්ටරය දක්වා නිමැවුම් සියල්ල නුඹලා විසින් බටහිරය කියා  හංවඩු ගසන විද්‍යාවේය , එනිසා බටහිර විද්‍යාව හෝ එය උගන්වන බටහිර අධ්‍යාපනයද මා  ඉහලින්ම  පිලිගන්නා කාරණාය  



විද්‍යාවේ නිර්මාණද ඇතුලු නූතනත්වය මා හට නම් ඉතාම ප්‍රියය . ගැටලුව ඇත්තේ ශ්‍රි ලංකාව ඉන් ඉවතට පියමැනීම පිලිබඳවය ,  ත්‍රස්තවාදයට විරුද්ධ මුත් මා දෙමල ජනයාට විරුද්ධ  නැත ,මුස්ලිම් ආගමික අන්තවාදයට  විරුද්ධ වුවත් මුස්ලිම් ජනයාට විරුද්ධ නොමැත .එනිසා ඔවුනටද මේ භූමියෙ අපහට ඇති අයිතියම ඇති බවද මගෙ විශ්වාසයයි . මෙය සිංහල බෞද්ධ රාජ්‍යයි කියා මා කියන්නේත් නැත .  එමෙන්ම රටේ  ජනතාවට ,  පරිසරයට හානි කරනා පුද්ගලයින්හෝ ක්‍රියාමාර්ග වලට මා සැම විටම විරුද්ධය . එම විරෝධතාව  වචනයෙන් මෙන්ම ක්‍රියාවෙනුත් ඇතැම් විට දක්වා ඇත . වැඩි වශයෙන්   ඇමරිකානු කොම්පැනියක සර්වරයක් තුල ගබඩාවන මෙ බ්ලොගය හරහාද එලි දක්වා ඇත .ඒන්සා මා පිලිබඳ ඔබේ අර්ථ දැක්වීම කුමක් වුවත් මා ජීවත් වන්නෙ මා අදහන දර්ශනය තුලය , අනික් අයට කියන්නෙද මා කරනා දෙය  පමණය .


නමුත් ඔබ ..


 බටහිර විද්‍යාවට  ,නූතනත්වයට විරුද්ධ දේශප්‍රේමියෙකු නම් ඔබ ජීවත් වන්නෙ එලෙසින්ද ? බටහිර ය කිය්න විද්‍යාවෙ හෝ නූතනත්වයෙ ප්‍රතිඵල කීයක් ඔබ මේ මොහොතේත් භුක්ති විදිනවාද ?


නූතන උපකරන , ඇඳුම් ආයිත්තම අතහැර , දේශීය ඇඳුම් පමණක් අඳින දේශිය ක්‍රමයට ගමන් බිමන් යන , සන්නිවේදන කටයුතු කරන කෙනෙකු සිටී නම් දේශප්‍රේමීත්වය තබා අඩුම තරමේ ප්‍රතිපත්ති ගරුක මිනිසෙක්ය යන  තැන සිට හෝ  ඔහු දෙස බැලිය හැක . එසේ නොවනා අනුනට බණ කියන්නට පමණක් දන්නා, ජනතාව නොමග යවා රටට වින කරනා  පණ්ඩිතයින් අයත් වන්නේ    කලින් කී පාහරයන්  ගණයට පමණක්ය . දේශප්‍රේමී  සිතාම්බර පටයෙන් වසා ගන්නට තැත් කරනා ඔබගේ හෙලුව ඔබගේ කල්ලියෙ නොවන ඕනැම එකෙකුට පෙනෙන්නේය 

FBI එක සහ කහවත්තේ ගැණු භූතයා


මාතෘකාව නිකන් අලු කෙහෙලුයි කොණ්ඩකටුයි වගේ වගේ ගැලපීමක් නැති එකක් වගේ තමා පේන්නේ . මොකද FBI එකෙන් ගැණු භූතයෝ අල්ලන්න එන එකක්යැ නේද ?  FBI එක ගාව ගත්තේ ඇයි කියල දැනගන්න කලින් කහවත්ත සිද්ධිය දිහාවට හැරෙමු . මේ වගේ සිද්දීන් අයත් වෙන්නේ Serial Killers ලා විසින් සිදු කරන ඝාතන වර්ගයට . ඒ කියන්නෙ කාලයක් පුරාවට එක සමානා ආකාරයේ මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදු කිරීම . ඝාතන සිදුකරන  ආකාරය එක සමාන වගේම  ඝාතනයට ලක්වන අය යම් කිසි සමාන තාවක් දක්වන බවකුත්  මේවායේ තියනව . කහවත්ත සිද්දියේදී නම් ඝාතකයා දිගින් දිගටම තෝරගන්නේ වයසක කාන්තාවන් . මේ ඝාතන එක් පුද්ගලයෙක් හෝ කිහිපදෙනෙක් අතින් වෙන්න පුලුවන් කම තිබුනත් . සාතිශය බහුතරයක් අවස්ථාවල මානසික විකෘතිතාවයට ලක්වුන තනි පුද්ගලයෙකුගේ අතින් තමයි ඝාතන සිද්ද වෙන්නේ .

සාමාන්‍යයෙන් මේ වගේ ඝාතන රැල්ලකදි අපරාධකරුවා ඝාතන 4-6 ක් දක්වා ප්‍රමාණයක්දි අල්ලාගැනීමේ හැකියාව ලැබෙනව . හැබැයි ඉතින් ඉතා සුක්ෂම  අපරාධකරුවන් ඊට වැඩි අවස්ථා ගානක් දක්වා බේරිලා ඉන්නව . ගොඩක් වෙලාවට ඝාතන දෙකක් අතර විරාමය වැඩි නම් හෝ එක් ඝාතන රැල්ලකින් පස්සේ ඝාතකය විරාම කාලයකට යනව නම් ඔහුව අල්ලා ගන්න ගතවෙන කාලය වැඩියි


කහවත්තේ සිද්ධිය  මේ වෙනකොට ඝාතන 9ක් දක්වා වර්ධනය වේලා තියෙන්නේ.  නමුත් අපරාධකරු පිලිබඳ නිශ්චිත සාක්ෂි නැහැයි කියලයි පොලිසිය කියන්නේ (කොහොමටත් මේ වගේ දෙයකදි නියම තොරතුරු මාධ්‍යට ලබාදෙන්නෙ නැ ) . හැබැයි ඉතින් ඝාතන 9ක් කියන්නෙ සුලු පටු නැ .අනික අතුරුදහන්වෙලා ඉඳලා ටික දවසකින් ඝාතනය කරනවාය කියන කාරණයේදී ඝාතන 9ක් දක්වා සිද්ධිය යන කන් පොලිසියට අපරාධ කරුවා කොටු කරගැනීමට නොහැකි වීම ඉතාම කණගාටු දායකයි . මේකට මූලිකම හේතුව මේ වගේ සිදුවීම් ලංකාවේ දුර්ලභ වීමත් පොලිස් නිලධාරීන්ට නිසි පුහුණුවක් නොමැති වීමත් කියලයි මම නම් හිතන්නේ .

ඇමරිකාව කියන්නේ Serial Killers ල ගැන බොහොම ප්‍රසිද්දියක් උසුලන රටක් . ඒ නිසාම  FBI ආයතනය කියන්නෙත් Serial Killers ල  කොටු කර ගැනීමට වගේම ඒ අයගේ මානසික තත්වය , හැසීරීම් රටා , ඝාතන පියවර වගේ ගොඩ ක් දේ ගැන පරීක්ෂන සිදුකරන ආයතනයක් . කොහොමටත් ඝාතන වල ස්වාභාවයන් පරීක්ෂා කිරීමේ වෙනම ඒකකයක් පවා FBI ආයතනය සතුව තියනව .FBI එක තරම් නම් නැති උනත් ලංකාවේ පොලිස් නිලධාරීන්ටත් අපරාධ පිලිබඳ විශේෂඥ දැනුමක් යම් පමණකින් ලබා දෙන්නෙත් , ඒ ඒ ක්ශේත්‍ර වල ප්‍රවීනයන්  අපරාධ පරීක්ෂන ක්‍රියාවලියට දායක කරගැනීමටත් ක්‍රමවේදයක් තිබුනා නම් ඉතාම වටිනව . පහලින් දීල තියෙන්නෙ FBI ආයතනයේ විශේෂ නියෝජිතයෙක් (Special Agent ) වෙන්න අවශ්‍ය සුදුසුකම් , ලංකාවෙ රහස් පොලිසියට බැඳෙන්න හෝ එහෙම සුදුසු කම් මාලාවක් තියන බවක් දන්න කෙනෙක් ඉන්නව නම් සටහන් කලොත් ගොඩක් වටිනව

මූලිකම සුදුසුකම් - වසර 4ක උපාධියක් සමගින් වසර තුනක රැකියා පලපුරුද්ද | වයස අවු 23-37 අතර වීම හා ඇමෙරිකානු පුරවැසියෙකු වීම


ඊට අමතරව පහත ක්ෂේත්‍ර යටතේ ප්‍රවීනයෙකු විය යුතු වෙනව (මෙවායින් එකක )



  • Accounting
  • Computer Science/Information Technology
  • Language
  • Law
  • Diversified
ඊට පස්සෙ මේ අයට ප්‍රමුක තාවය ලැබෙන්නෙ පහත තියන දක්ෂතා අනුව . මේවායින් වැඩි ගනන්ක් තියන කෙනාට තමයි මූලිකත්වය ලැබෙන්නෙ

  • Accounting
  • Finance
  • Computer Science/Information Technology Expertise
  • Engineering Expertise
  • Foreign Language(s) Proficiency
  • Intelligence Experience
  • Law Experience
  • Law Enforcement/Investigative Experience
  • Military Experience
  • Physical Sciences (e.g., physics, chemistry, biology, etc.) Expertise
  • Diversified Experience
මෙහෙම තෝරා ගන්න අයට FBI Academy   තුලදි සති 20ක පුහුණුවකුත් ලැබෙනව .  FBI Academy එක කියන්නේ ඉතාම ඉහල පහසුකම් සහිත පුහුණු ආයතනයක් . මේ වගේ තෝරගන්න පිරිසකට ඉතාම ඉහල තාක්ෂණික පහසුකමුත් එක්ක Serial Killers ල  විතරක් නෙවෙයි ඕනැම අපරාධ කාරයෙක් කොටුකරගැනීමේ හැකියාව ලැබෙන එක අහන්නත් දෙයක්ද නේද ? හැබැයි ඉතින් එක FBI ගේමට බහින්නේ ප්‍රාන්ත පොලිසී වලට නඩත්තු කරගන්න බැරි හෝ ජාතික ආරක්ෂාවට   ඍජුව සම්බන්ධ හෝ අමුතු ආකාරයේ සිද්දි වලට විතරයි 

FBI එක වගේ ලොකු මට්ටමෙන් බැරි උනත් යම්තාක් දුරකට හරි මේ වගෙ ක්‍රමවේදයක් සැකසෙනව නම් කහවත්ත සිද්ධිය වගේ අවාසනාවන්ත සිද්ධීන් වලක්වා ගන්න අපිටත් හැකියාව ලැබෙයි .
Serial Killers ල ගැන නිර්මානය වුන සිනමා හා ටෙලි නිර්මානත් බොහොමයි. ගොඩ දෙන්ක් ඒවගෙ ඒව කිහිපයක්වත් බලල ඇත්නේ . මේ මාසේ තිරගත වෙන අපේ ජැකොලයින් අක්ක රඟපාන Murder 2 චිත්‍රපටියත්  Serial Killer  කෙනෙක් ගැනලු තියෙන්නෙ . 

ආ.. තවත් දෙයක් FBI කිව්ව  ගමන් මම වගේ  X- Files රසිකයින්ට නම් මුලින්ම මතක් වෙන්නෙ Fox Mulder  ව තමයි . එයත් ඔය වගේ Serial Killers ල පසු පස යන කතන්දර ගොඩක් X Files  තුල තියනවා මතක ඇතිනේ , හැබැයි පොර කහවත්තේ සිද්ධියට සෙට් වුනා නම් මේ වෙනකොට මුලු කහවත්ත ප්‍රදේශයේම ජනතාව වගෙ විශ්වාස කරන භූතයෙක් හොයන්න ගිහින් I Want To Believe  තියරියටත් කෙලෝ ගන්නව :D

ආසනික් ගැටලුව පිලිබඳ මැදහත්ව සිතන , දිවයින පුවත්පතේ පාඨකයින් නොවන අයගේ දැන ගැනීම සඳහායි !

ආසනික් කථාව තවමත් යටගොස් නොමැත .නාථ දෙවි පිහිටෙන් ආසනික් සොයා ගත් පිරිස බටහිර විද්‍යාවට පලු යන්නට බනිමින් ආසනික් කථා පතුරවමින් ඇත , ජනපතිවරයා පවා කාර්මික තාක්ෂණ ආයතනයෙ ප්‍රතිඵලය තමන් පිලිගන්න බව පැවසුවත් මේ මහා දේශප්‍රේමීන්  රැල ආසනික් නාටකය අතහැර නොමැත . කණගාටුවට කරුණ නම් මෙහි මූලිකයා වූ මහාචාර්ය වරයාගෙ හීන ලෝකයෙ දේශන වලට රැවටුනු ජන සමූහයක්ද අප අතර ඇත . මොවුන්ද ආසනික් මංගල්ලය රට පුරා පතුරවමින් ඇත . විද්‍යාව බටහිරය කියා හංවඩු ගසමින් සිටිනා මේ පිස්සන් ගේ ඔලු හේදීමට අපට නොහැකි වුවත් . මැදහත්ව මේ දෙස බලනා අය වෙනුවෙන් යමක් කල යුතුව ඇත . ඒ වෙනුවෙන් වූ වැදගත් සාකච්ඡාවක් ඉරිදා දිවයින් පුවත් පත සිදු කර ඇත . ඒ මේ රසායන විද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික උගතෙකු වන ඔලිවර් ඒ . ඉලේපෙරුම මහතා සමඟය . ඔහු රසායන විද්‍යාව පිලිබඳ ජේෂ්ට මහාචාර්යවරයෙකු බවද මෙහිලා සඳහන් කලයුතුය


මා උපුටා ගෙන ඇත්තේ අදාල සාකාච්ඡාවෙන් බිඳක් පමණය . පහත සබැඳිය හරහා මුලු සාකච්ඡාවම කියවිය හැක
http://www.divaina.com/2011/07/03/feature09.html

උපුටනයන්


සම්මත ක්‍රමවේදයට අනුව කාර්මික හා තාක්‌ෂණ ආයතනය කළ පර්යේෂණවලට අනුව රජරට පානීය ජලයේ සහ පස්‌වල ආසනික්‌ නැහැ. නව ක්‍රමවේදයකට අනුව කැලණිය විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්‌ඩායම කළ පර්යේෂණයට අනුව එම සාම්පලවල ආසනික්‌ තිබෙනවා. මේ ගැටලුව නිරාකරණය කර ගන්නෙ කොහොමද?

කාර්මික හා තාක්‌ෂණ ආයතනය අයිඑස්‌ඕ තත්ත්ව සහතිකය පවා ලබාගත් ප්‍රමිතියකට අනුව පර්යේෂණ සිදුකරන ආයතනයක්‌. එහි පර්යේෂණ නිවැරැදිව සිදුකෙරෙන බව අත්දැකීමෙන් දන්නවා. මෑතකදී මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙනුත් ඔය ආසනික්‌ අඩංගු යෑයි කියන සාම්පල ජපානයට යවල අයිසීපී නම් ඉතාමත් සියුම් උපකරණය ඇසුරින් කළ පර්යේෂණවලිනුත් මේ සාම්පලවල ආසනික්‌ අඩංගු යෑයි අනාවරණය වී නැහැ. ඒ අනුවත් කාර්මික හා තාක්‌ෂණ ආයතනය සිදු කළ පර්යේෂණ නිවැරැදි බව සනාථ වී තිබෙනවා.
නමුත් විශේෂයෙන් රජරට ප්‍රදේශයේ කිවුල සහිත ජලය සමඟ ආසනික්‌ එකතුවී කැල්සියම් ආසනේට්‌ නම් අද්‍රdව්‍ය සංයෝගයත් සෑදීම කිවුල සහිත ජලය ඇති ප්‍රදේශවල මේ රෝගය බහුල වීමට හේතුවක්‌ බව කැලණිය විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්‌ඩායමේ අදහසක්‌.

ආසනික්‌ කිවුල ජලයේ ඇති කැල්සියම් සමග එකතුවී කැල්සියම් ආසනේට්‌ නම් අද්‍රdව්‍ය සංයෝගයක්‌ හැදෙනවා නම් අප දන්නා රසායන විද්‍යාව අනුව එම ජලයෙන් ආසනික්‌ ඉවත් වෙන්න ඕන. ඔවුන් පවසන ආකාරයට කැල්සියම් ආසනේට්‌ නිසා වකුගඩු රෝගය ඇතිවෙනවා නම් කිවුල ජලය අධික ලෙස ඇති පළිබෝධනාශකත් අධික ලෙස භාවිත කරන යාපන ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුල විය යුතුයි.
ඔබ දීර්ඝ කාලයක සිට පර්යේෂණ කටයුතුවල නියුතු අකාබනික රසායනික විද්‍යාඥයෙක්‌. ජලයේ හෝ මේ මහ පොළොවේ මිනිසුන්ට හානිකර මට්‌ටමක ආසනික්‌ ප්‍රතිශතයක්‌ තියෙනවද?

මම මෙතෙක්‌ කළ කිසිදු පර්යේෂණයකින් එබඳු නිගමනයකට එළඹෙන්න පුළුවන්කමක්‌ නැහැ. හානිකර මට්‌ටමකට ආසනික්‌ අඩංගු ඛනිජ අපේ රටෙන් සොයා ගෙන නැහැ. වෙනත් ඛනිජ සමග මුසු වුණු ඉතාමත් සුළු ප්‍රමාණයක්‌ ලෙස ආසනික්‌ තිබෙන්න පුළුවන්. අපේ පොළොවේ ආසනික්‌ තියෙනව කියල මුලින්ම කිව්ව කියන්නෙ දෙවි කෙනෙක්‌නෙ. නොපෙනෙන දෙවි කෙනෙක්‌ ගැන මා නම් විශ්වාස කරන්නෙ නෑ. දෙවියන් විශ්වාස කරන්න එපා කියලා මම කාටවත් කියන්නෙත් නෑ. විද්‍යාත්මක ක්‍රමයත්, යම් දෙයක්‌ දැකල එය විශ්ලේෂණය කරල ලබාගත් නිගමනත් මම විශ්වාස කරනවා. දෙවිවරුන්ට පුළුවන් නම් ඔහොම කියන්න අපට මොකටද විද්‍යාගාර. දෙවියො කියන දේ විතරක්‌ නෙමෙයි අපි ප්‍රායෝගික තත්ත්වයත් බලන්න ඕන. පළිබෝධනාශක නතර කරල අපේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර නිපදවන්න පුළුවන්ද? ඉස්‌සර වැද්දො කළා වගේ වනාන්තරවලට ගිහින් ආහාර සොයා ගෙන එන්න පුළුවන්ද? එහෙම වනාන්තර දැන් තියෙනවද? ආපසු ගල් යුගයට යන්න පුළුවන්ද? 
. ගණිත මහාචාර්ය තුමාගෙ රසායන විද්‍යා දැනුම ගැනත්  ඔහු ගැනත් අන්ධ විශ්වාසයෙන් යුතු කෙනෙකු නොවේනම් ,  බටහිර විද්‍යාව ලෙස විද්‍යාවට ලේබල් අලවන්නෙකු හෝ එය විශ්වාස නොකරන්නෙකු නොවේ නම් ඔබගේ  දැනුම වර්ධනය වෙනුවෙන් ඉහත සාකච්ඡාව අතිශයින් ප්‍රයෝජනවත් විය හැක . මාගේ දුප්පත් බ්ලොගයට වඩා දිවයින පුවත් පතට  සිටින පාඨකයින් ගණන අතිශයින් වැඩි බව දන්නා මුත් මේ උත්සාහය දිවයින් නොබලන්නෙකු  මේ වටිනා සාකච්ඡාවට යොමු කිරීමටය . මාතෘකාව තුලම එය ලියා ඇත්තේ  එනිසා වෙනි


Related Posts Plugin for WordPress, Blogger...
Back to Top