පහුගිය සතියෙදි අපේ රටේ සිදුවුන සිදුවීම සහ අහපු දැකපු දේවල් කිහිපයක් ගැනල ලියන්න/කතාකරන්න යමක් තියනවාය කියලයි මට හිතෙන්නේ . ඒ එක එකක් වෙනුවෙන් සම්පූර්න ලිපියක් ලිවීම එතරම් ඵලදායක නොවන නිසා ඒ සියල්ලම ගැන මගේ අදහස කෙටියෙන් පවසන්න තමයි මේ ලිපිය ලියන්නේ
01) එජාප අර්බුදය
එජාපය කල බැගැනි වලින් පිරුණු මල විකාරයක් බවට පත්වෙලා දැනට සැහෙන්න කාලයක් . ඒ අතර දකින්න ලැබුනු සුවිශේෂීම සතියක් තමයි පහුගිය සතිය , නායකත්වය ලබාගැනීමේ උත්සාහයෙන් නින්දා සහගතව පසු බැසපු සජිත් ප්‍රේමදාස මහත්තය තවත් වටයකින් තමන්ගේ වාසියට හේතුවන යෝජනාවක් වුනු කරු ජයසූරිය මහතා නායකත්වයට පත්කිරීමේ යෝජනාව අරගෙන ඒම තමයි මේකට පසුබිම් කාරණය . ( කරු ජයසූරිය මහතා නායකත්වයට පතිවීම ගැන මගේ අදහස සවිස්තරාත්මකව
මෙතනින් ගිහින් බලන්න පුලුවන් ). මේ ඇතිවෙච්ච තත්වය අනු කොටස් කිහිපයක් යටතට අරන් කථා කරන්න පුලුවන්
රනිල් වික්‍රමසිංහ මහතාව නායකතවයෙන් ඉවත් කිරීම වෙනුවෙන් ජනතා මතය එතුමාට එරෙහි බව පෙන්නන්න සිරිකොත ඉදිරිපිටට විශාල ජනකායක් රැස් කිරීම තමයි සජිත් පාර්ශවයේ බලාපොරොත්තුව වුනේ . මාධ්‍ය වාර්ථා පලවුනු විදිහට නම් මේ සංඛ්‍යාව 10,000ක් . නමුත් රනිල් පාර්ශවයේ උත්සාහයන් නිසා මේ සත්‍ය ග්‍රහය සිරිකොත ගාවින් ඉවත් කරගන්න සිදු වුනා වගේම බලාපොරොත්තු වුන සංඛ්‍යාවෙන් අඩකවත් සෙනඟක් ගෙන්න හැකියාවක් ලැබුනේත් නැ . ස්ථානය මොකක් උනත් අඩුම තරමේ දහ පහලොස් දාහක්වත් එකතු කරගන්න බැරුව කරපු සත්‍ය ග්‍රහයත් , ඒකෙදි සජිත් මහතා ඇතුලු ඇවිත් හිටපු විදිහ හැසිරුන විදිහත් , කරු ජයසූරිය එක්ක නැවතත් එන බවක් කියල ගිහින් තමන්වත් ආපහුආවෙ නැති එකත් දිහා බැලුවාම මට නම් හිතෙන්නේ සජිත් මහත්තයා නැවත වතාවක් කිච උනා කියල තමයි
- ආණ්ඩුවෙන් රනිල්ට උදව් ?????
සජිත් ප්‍රේමදාස මහතාගෙ පාර්ශවයෙන් එල්ල වුනු ප්‍රධාන චෝදනාවක් වුනේ රජය රනිල් වික්‍රමසිංහ මහතාගෙ නායකත්වය දිගටම තියා ගැනීමට උද්ව් කරනවාය කියන එක . සිරිකොත විරෝධතාවට එරෙහිව අධිකරන නියෝගයක් ලබා ගැනීමත් , හිටි අඩියේ මග නැගුමේන් සිරිකොත ඉදිරිපිට පාර කාපට් කිරීමත් තමයි ඒකට මූලික පදනම , අධිකරණ තීන්දුව කෙසේ වෙතත් මඟ නැගුමෙන් පාර කාපට් කිරීම නම් සාධාරන සැකයක් මතු කරන කාරනාවක් . පාක්ෂිකයින්ගේ විශ්වාසය පලුදු කරගත්ත රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පහසුවෙන් පාරජය කල හැකි පුද්ගලයෙක් නිසා ඔහුව දිගටම නායකත්වය වෙනුවෙන් රජය ස්වේච්ඡාවෙන් ම උදව්වක් කලාද , රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් මත එහෙම කලාද . එහෙමත් නැත්නම් එජාප අර්බුධය තව දුරටත් වැඩි කරවීමේ අරමුණින් එහෙම කලාද කියන ප්‍රශ්නය මෙතනදි මතුවෙනව . මම නම් හිතන්නේ අවසාන කාරණය වඩාත් විය හැකි කාරනාව කියලයි . මේ ගැන W3lankaත් , ඇට මැස්සාත් අදහස් පල කරල තිබුනා
සැහෙන කාලයක් පුරාවට එජාපය වෙනුවෙන් පෙනී හිටපු මහරාජා ආයතනයට විරුද්ධව රනිල් වික්‍රමසිංහ මහතා යුධ ප්‍රකාශ කරන්නේත් මේ අතරේ . පහුගිය මාස කිහිපය පුරාවටම රනිල් විරෝධි ප්‍රතිපත්තියක් අනුගමනය කරපු සිරස මාධ්‍ය ජාලය වෙනුවෙන් එවන් විරෝධයක් පලවීම සාධාරණයි . විශේෂයෙන්ම සිරසෙන් කරන පහත
ලිපියේ සඳහන් ආකරයේ අනවශ්‍ය වැඩත් , පක්ෂයේ අභ්‍යන්තර කටයුතු වෙනුවෙන් දක්වපු අනවශ්‍ය උනන්දුවත් නිසා සිරසට එජාප නායකයාගේ විරෝධය පල කීරීම පිලිගන්න පුලුවන් , නමුත් එජාප නායකතුමා මේ තත්වයට හේතුව විදිහට දක්වන ජාතික ලයිස්තු මන්ත්‍රි දූර දෙකේ කථාව නම් ඉතාම බරපතලයි . ව්‍යාපාරිකයෙක් නිකන්ම ඉඳගෙන එහෙම මන්ත්‍රි ධූර ඉල්ලන්නේ කොහොමද ? ඒ අතර සැඟවුන වෙනත් ගණුදෙනුවක් තිබුනද ? ඇයි මේ ගැන කලින් නොකිව්වෙ වගේ ප්‍රශ්න ගොඩක් පැන නැගුනත් රනිල් වික්‍රමසිංහ මහතාත් තමන්ගේ පැහැදිලි කීරීමට මහරාජගෙන් පිලිතුරක් ලැබෙන කම් ඊට වඩා යමක් නොකියන බවත් , සිරස තමන් ඒවා නොසලකා හරින බව පමණක් පැවසීම නිසාත් ඒ ප්‍රශ්න වලට පිලිතුරක් ලැබෙන පාඨක් නම් නැ . කොහොම උනත් සිරසට වැදිලා තියන කොටි ලේබලත් එක්ක සජිත් පාර්ශවයට සිරසේ සහය හිමිවීම ඔවුනගේම අවාසියට හේතු කරවන්න නම් රනිල් මහත්තයගේ ප්‍රකාශයට හැකියාවක් ලැබුනා
සිරසේ විකාර සහ සජිත් ප්‍රේමදාස මහතාගේ (විශේෂයෙන්ම වටේ සිටින කැපීපේන්න දඟලන්නන්ගේ ) සමයම් කෙසේ වෙතත් , එජාපය ශක්තිමත් වීම සහා ඒ සඳහා එජාප නායකත්වයේ වෙනසක් බොහෝ දුරට අවශ්‍ය වෙනවාය කියන එක තමයි මගේ මතය . මේ දක්වා සැහෙන තරම් දුරට මහත්මා දේශපාලනයක් පෙන්වපු , එජාප පාක්ෂිකයින්ගේ විශේෂයෙන්ම මන්ත්‍රිවරුන්ගේ යම් පිලිගැනීමකට ලක්වුනු කරු ජයසූරිය මහතාට නායකත්වය ලැබීම මේ මොහොතේ සිදුවිය යුතු දෙයක් හැටියට තමයි මම හිතන්නේ , කොහොම උනත් ඒ දේ එකිනෙකා මරාගෙන සිදුනොවී එකඟතාවයකින් කරගන්න පුලුවන් නම් තමයි හොඳ . පාර්ලිමෙන්තු මන්ත්‍රි වරුන් බහුතරයක් ඇතුලුව , තමන්ගෙ පාක්ෂිකයින් සැහෙන ප්‍රමාණයක් තමන්ව ප්‍රතික්ෂේප කරත්දිත් ගානක් නැතුව ඉන්න එක රනිල් වික්‍රමසිංහ මහත්තයගේ හිතේ හය්යද , ලැජ්ජා නැති කමද ? නැතනම් ඒ දෙකමද ?
02)ග්‍රිස් යකා නාඩඟම
පහුගිය සතියට පමණක් සිමා වුනු දෙයක් නොවුනත් , ග්‍රිස් යකා නාඩගම සතිය පුරාම පැවතුනා සහ තවමත් පවතිනවාය කිව්වොත් වඩා නිවැරදියි . අත්බූත දේවල් , දෙවියෝ , භූතයො යක්කු ගැන අන්ධ විශ්වාස වල ඉන්න ජනතාවක් සහ තවදුරටත් එම මිත්‍යාවන්ම ජනතාව මත පතුරවන සමාජයක මේ වගේ සිද්දීන් පිලිබඳ ජනතාව අනියත බියකින් පසුවීම ස්වාභාවිකයි. ඒ වගෙම කිසිම වගකීමක් නැතුව තමන්ගේ ජන්ප්‍රියතාව ගැන විතරක් හිතල වාර්ථාකරනයේ යෙදෙන ඇතැම් මාධ්‍ය ආයතනත් මේ තත්වයට වග කියන්න ඕනි .වර්ථමාන තත්වය මැඩ පැවැත්වීමට රජය ක්‍රියා මාර්ග ගන්න අතරෙම ඉදිරියේදි මෙවන් සිදුවීම් ඇති නොවීමට වග බලා ගැනීමත් ඉතාම වැදගත් . ඒ සඳහා මිත්‍යා විශ්වාස වලින් ජනයා මුදාගැනීම අත්‍යාවශ්‍යයි . හොර සාස්තර කාරයෝ වෙනුවෙන් පෙනී සිටින් රාජ්‍ය මාධ්ය ප්‍රධානීන් ඉන්න රටක එහෙම සිදුවේද කියන එකයි ගැටලුව
භීතියෙන් ආතල් ගැනීම ගැන ලියන පොඩි ගමය , අනෙක් මිත්‍යා විශ්වාස වලට පහර ගහන කොට අඬන හැටි බලන්න කැමති නම්
මෙතනින් යන්න පුලුවන්
03) විද්‍යුත් හැඳුනුම් පත්‍රය
පහුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුනු වැඩ පිලිවෙලක් මේක . ඇත්තටම ඉතාම හොඳ වැඩක් කියල මේක හඳුන්වන්න පුලුවන් . මොකද තොරතුරු තාක්ෂන්යේ භාවිතාවත් එක්ක ජනතාවට සම්බන්ධ තොරතුරු පරිඝ්නක ආශ්‍රිත දත්ත පද්දති හරහා ගබඩා කරල තියන්නත් නැවත ලබා ගන්නත් , සංශෝධනයන් ඉතා පහසුවෙන් කරන්නත් මූලික පිවිසුමක් හැටියට මේ විද්‍ය්ත් හැඳුනුම් පත භාවිතා කරන්න පුලුවන් . විශේෂයෙන්ම රජය විසින් ජනතාවට ලබා දෙන පහසුකම් ලබා ගන්න , තමන්ගෙ තොරතුරු රහසිගතව තබා ගන්න , අපරාධ කරුවන් නීතියේ රැහැනට කොටු කරගන්න සහ තවත් වැඩ ගොඩක් මෙවන් හැඳුනුම් පතක් භාවිතයෙන් කරන්න පුලුවන් . කොල කැලි පුරවන්න යන කාලය , ශ්‍රමය ආදිය ඉතුරු කරගැනීමේ වාසියත් මෙතන් තියනව . මේ ගැන විරෝධතා එල්ල වෙන්න ඉඩ තියෙයි . ය ජංගම දුරකථන වෙනුවෙන් දාපු නීතයත් (මෙරටට ගෙන්වීමේදී ලියා පදිංචි කිරීම ) කෝල් ට්‍රේස් කරන්න කරපු දෙයක්ය කීව අය මේ ගැන මොනව නොකියාවිද . කොහොම උනත් අනා ගන්නෙ නැතුව පිලිවෙලකට හැඳුනුම් පත් බෙදා හැරීම නම් ඉතාම වැදගත්
04) කොටු වෙනුවට පණිවුඩ
මතට තිත තිබීමේ වැඩ පිලිවෙලත් එක්ක රූපවාහිනියට එකතුවුන දෙයක් තමයි , මත් පැන් , දුම් වැටි දර්ශන වලට උඩින් කොටු දාන එක . දුම් බොන වීර චරිත පාදක කරගත් කථා(චිත්‍රපට ) හැරුණාම මේ කිසි එකකින් පොඩි ලමයෙක් වත් මත්ද්‍රව්‍ය වලට යොමු නොවුනත් (බොන එකා කොහොමත් බොනවනේ ) මේ විකාර කොටු දැමිල්ල ජයටම කෙරීගෙන ගියා . බෝතලෙන් වීදුරුවට වක් කරල කට ලඟට ගන්න තැන වෙනකන් පෙන්නල , බොන ඩිංගට විතරක් කොටු දාලා ඊට උඩින් "රස නොමරා රස විඳින්න" කියල සෝඩ ඇඩ් දාන එකෙන් වැඩක් වෙන්නේ නැය කියල දැන් නම් ඕං තේරුම් අරගෙන . සැප්තැම්බර් ඉඳන් අදාල දර්ශන වලට යටින් ලේබලයක මත් ද්‍රවය භාවිතයේ අහිතකර ඵල විපාක සඳහන් කිරීම විතරක් කරනව ලු .ලොකු දෙයක් කියල තමයි කියන්න තියෙන්නේ
05)කොලඹ නගරාධිපති අපේක්ෂක ධූරය
පලාත් පාලන ආයතන විසි තුනකම මැතිවරනය තිබුනත් ගොඩක් දෙනෙක්ගෙ අවධානය යොමු වෙලා තියෙන්නේ කොළඹ මහ නගර සභාව ගැන . එජාපයේ සාම්ප්‍රදායික බලකොටුව වෙච්ච් කොලඹ ගැන මේ පාර රජයත් බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසයි වැඩියෙන්ම අවධානය යොමු වෙන්න හේතුව . මැතිවරණය ප්‍රකාශ වීමත් එක්ක සංගක්කාර , අනෝමා , දුමින්ද , තිලංග , මුසම්මිල් , ස්වාමිනාදන් ,මොරගොඩ , ඉමිටියාස් ආදි නම් ගොඩක් කියවුනා . ඒ අතරින් රජය තමන්ගේ අපේක්ෂකය විදිහට මොරගොඩ මහතාව තෝරගෙන තියනව , කොලඹට වැඩක් කල හැකි පුද්ගලයෙක් වශයෙන් බැලුවාම ඉතාම හොඳ තේරීමක් කියල කියන්න පුලුවන් , ඒත් ඉතින් ජිල්මාට් එකක් නොදැම්මොත් නම් කොලඹ දිනා ගන්න නම් මොරගොඩ මහත්තයට හැකිවෙයි කියල මම හිතන්නේ නැ .එජාපයේ අපේක්ෂකය විදිහට මුසම්මිල් මහතාගෙ නමත් , ඉමිටියාස් මාකර් මහතාගේ නමත් යෝජනාවෙලාය කියලයි කියන්නේ .ජාතික දේශපාලනයේ දීත් ඉතා හොඳ මහත්මා ගති ගුණ වලින් හැසිරුණු පුදගලයෙක් වුනි ඉමිටියාස් මහතාට සිංහල දෙමල ඡ්න්ද එකතු කරගන්න සහ සන්ධාන රජයත් එක්ක වැඩ කරල කොලඹට අවශ්‍ය කරන දේවල් කරගන්නත් (එජාපයේ අයකු වුනත් ) හැකියාව තියනව . ඒ වුනත් රනිල් මහත්තයට විරුද්ධ නිසා අපේක්ෂ කම නම් ලැබෙන එකක් නැහැ . කොහොම උනත් සංගක්කාර හෝ අනෝමා වගේ අහක යන චරිත වෙනුවට හොඳ යුඇන්පී කාරයෙක් වෙච්ච මුසම්මිල් ව දාන එකත් නරකම නැ
06)පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට UGC අනුමැතිය
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කියන්නේ දශක තුනක් පරන මාතෘකාවක් . දැන් ආයෙමත් කථා බහට් ඇවිත් තියෙන්නේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටලුව නිසා . අද (සෙනසුරාදා ) දිවයින වාර්ථා කරන විදිහට නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒ වෛද්‍ය උපාධිය නිල වශයෙන් පිලිගන්න සුදානම් .
මෙතනින් ඒ ලිපියට යන්න
ලෝකයේ හැම රටකම වගේ දකින්න තියන පෞද්ගලික උසස් අධ්‍යාපනය (හෝ බ්‍රිතන්‍යයේ විදිහට රාජ්‍ය අංශය වානිජ වශයෙන් සිදු කරන උසස් අධ්‍යාපනය ) අපේ රටටත් අත්‍යාවශ්‍ය දෙයක් විදිහටයි මම නම් දකින්නේ . අවුරුදු 30කට විතර කලින් ජේ . ආර් ලොක්කා කරන්න හදත්දි විරුද්ධ වුනු අයම දැන් ඒ දේම කරන එක නිකන් කැතයි වගේ උනත් වැඩේ නරක නැහැ . දැනටමත් කලමණාකරන , තොරතුරු තාක්ෂන , ඉංජිනේරු ආදි බොහෝ උපාධි පෞද්ගලිකව පවත්වන එකේ වෛද්‍ය උපාධියත් එහෙම කලාට එතරම් ගැටලුවක් නැ . හැබැයි ගුණාත්මක භාවය රැකගෙන .
විශේෂයෙන්ම වෛද්‍ය උපාධියකදි මේ ගුණාත්මක භාවය වඩාත් වැදගත් . පෞද්ගලික අංශය මගින් පැවැත්වුවත් ගුණාත්මක භාවය සම්බන්ධයෙන් රජයට වග කියන තත්වයක් අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඕනි , නැත්නම් වෙන්නේ ඉන්දියාවෙ වගෙ සත පහකට වැඩක් නැති උපාධි කඩ බිහි වෙන එක . උදා විදිහට SLIIT, NIBM , APIIT, IIT වගේ ආයතන ඉතාම හොඳ ගුණාත්මක භාවයකින් යුතුව තොරතුරු තාක්ෂන පාඨමාලා කරගෙන යත්දි (SLIIT එක ගැන නම් සමහර අය ගුණාත්මක නැය කියලත් කියනව මම අහල තියෙයි ) කිසිම වැඩකට නැති උපාධි ලබාදෙන ආයතනත් සැහෙන්න තියනව . මෙන්න දේවල් පිලිබඳ නියාමනය රජය නිවැරදිව කරන ගමන් ලබා දෙන පෞද්ගලික විශ්ව විද්‍යාල උපාධි වලින් රටට නිසි ප්‍රයෝජනය ගන්න පුලුවන්
මේ හැම කාරණාවක් ගැනම හරි , එක දෙයක් ගැන හරි ඔබගේ අදහසත් පහලින් එකතු කරන්න . ඵලදායි සංවාදයකට/කතිකාවකට යන්න අපිට පුලුවන්