Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

September 2011

පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු රිමාන්ඩ් ....එය එසේ නම් අනික් රටවල තහනම් විඩියෝ මෙසේ වේ!!

පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු රිමාන්ඩ්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව විකෘති කර සකස් කරන ලද වීඩියෝ කොටසක් සහිත ජංගම දුරකථනයක් ළග තබාගෙන සිටි තරුණයකු ගාල්ල යක්කලමුල්ල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු බද්දේගම වැඩබලන මහේස්ත‍්‍රාත්වරය වෙත ඉදිරිපත් කර ඇත. එම පුද්ගලයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කර තිබේ.


එක්සත් ජාතින්ගේ සැසියෙදී හඬනඟා කිවූ පරිදි අපේ රට

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයයි !!!!

 ඒ අනුව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෙ පුරවැසියෙකුට පහත විඩියෝව ලඟ තබා ගැනීම තහනම්ය 




ප්‍රජාතන්ත්‍රවාදයේ  මහගෙදර පුරවැසියාට පහත විඩියෝ පට ලඟ තබා ගැනීම තහනම්ය 










මානව හිමිකම් , යුධ අපරාද චෝදනා සහ අපට කලහැකි දැ ......

මානව් හිමිකම් හා යුධ අපරාධ පිලිබඳ කථා බහ නැවතත් මතුවී ඇත . ජීනිවා මානව හිමිකම් සමුළුව ආරම්ඹ වීමට නියමිත එක්සත් ජාතීගේ මහ සභා රැස්වීම . රොබල් ඔ බ්ලෙක් ගේ සංචාරය මෙන්ම බැන් කි මූන් විසින් අභිනවයෙන් පත්කල විමර්ශන නිලධාරිනිය යන මූලික කාරණා මේ කථාබහ යලි කරලියට පැමිණීමට හේතුවී ඇත .සුපුරුදු පරිද්දෙන් බටහිර විරෝධී කැගැසීම් , අදෝනා , චෝදනා මෙන්ම තර්කානුකූල විග්‍රහයන්ද පුවත්පත් ප්‍රමුඛ ජනමාධ්‍යන් හරහා ජනතාවවෙත ඉදිරිපත් කරමින් ඇත . වසර දෙකකටත් වැඩි කාලයක් තිස්සේ එක තැන කැරකෙනා ගැටලුවක් වුවත් , සැබැ තත්වය හා කලයුතු දැ පිලිබඳ නිවරදි කථිකාවක් මෙරට තුල ඇතිවී තිබේද යන්න සැක සහිතය .

අසාධාරණ චෝදනා

මෙරටට එල්ලවන මානව හිමිකම් චෝදනා නිවැරදි නොවේය යන්න ශ්‍රි ලාංකිකයින්ගේ බහුතර පිලිගැනීමය . නමුත් දරුණු යුධ ගැටුමක්දි මානව හිමිකම් කිසිසේත් උල්ලංඝනය නොවුවායැයි යමෙකු සිතනවා නම් එය ශ්‍රි ලංකීය රූපවාහිනි නාලිකා හරහා දුටු යුධ නාටක පමණක් යථාර්තයයැයි  සිතන්නෙකු විය යුතුය  . මානව හිමිකම් චෝදනා කිසිසේත් 100%ක් අසත්‍ය නොවිය හැකි අතර ,එල්ටිටියි හිතවාදීන් විසින් ජාත්‍යන්තර මතය සකස් කර ඇති පරිද්දෙන් මහා මිනිස් සංහාරයක් මෙරට සිදුවූවා යැයි පැවසීමටද නොහැක . මාගෙ විශ්වාසය නම් මෙම චෝදනා පිලිබඳ ඇති මූලිකම ගැටලුව ඒවායේ නිවරදිද යන්න නොව  නිරවද්‍යතාවයේ ප්‍රමාණය  සහ ඒවා කෙතෙක් දුරට සාධාරණද යන්නය

චෝදනා එල්ලවන පාර්ශවය හා චෝදනා එල්ල කරන්නන් සැලකූවිට පහත සඳහන් කරුණු කාරණා නිසා අදාල චෝදනා  කිසිසේත් සාධාරණ හෝ සදාචාරාත්මක නොවන බැව් පැවසිය හැක

  • ශ්‍රි ලංකා රජය යුධ වැදුනේ ලොව පුරා රටවල් ගණනාවක තහනමට ලක්වූ ත්‍රස්තවාදි සංවිධානයක් සමඟය . එය කිසිසේත් මහජන කැරැල්ලක්  නොවීය .  අතිශයින් දරුණු ත්‍රස්ථවාදි සංවිධානයක් වූ එල්ටිටිය සාමාන්‍ය යුධ සම්ප්‍රදායන් කිසිවක් මායිම් නොකල අතර ඔවුනගේ  ඉතා පැහැදිලිවම වාර්ථා වී ඇති ක්‍රියාකාරකම් නිසා ශ්‍රි ලංකා යුධ හමුදාවට වැලැක්විය නොහැකි අවසනාවන්ත සිදුවීම් කෙරේ  යොමු වීමට ඇති ඉඩ කඩ   චෝදනා කරන පාර්ශවයන් සලකා බලන බවක් පෙනෙන්නට නැත , බලහත්කාරයෙන් බඳවා ගත් සිවිල් වැසියන් භාවිතය , සිවිල් වැසියන් පලිහක් ලෙස භාවිතා කිරීම , කුඩා දරුවන් මිනිස් බෝම්බ ලෙස භාවිතය . රෝහල් වැනි  ස්ථාන යුධ කටයුතු සඳහා භාවිතය වැනි කාරණා නිසා යුධ හමුදාව මගින් සිවිල් ජනතාවන්ට යම් හානියක් සිදුවි නම් එහි මුලීක වගකීම එල්ටිටිය සතුය .නමුත් චෝදනා එල්ලවන්නේ රජයේ හමුදාවන්ට පමණය 
  • චෝදනා සඳහා පදනම් වී ඇති සමහර සාක්ෂි හා මුලාශ්‍ර පිලිබඳවද ගැටලු කාරී තත්වයන් ඇත .  එල්ටිටියි  සංවිධානයට සම්බන්ධව සිටි හෝ සහය දුන් පුදගලයන්  බවට සාධක සහිත පුද්ගලයින් සාක්ෂි කරුවන් සාක්ෂි ලෙස යොදා ගැනීමත් , කිසිදු වලංගුතාවයක් හෝ පදනම් නැති  ප්‍රකාශයන් සාක්ෂි ලෙස භාවිතා කිරීමත් කිසිසේත් සදාචාරත්මක නැත 
  • ශ්‍රි ලංකාව කෙරේ චෝදනා ගොනු කරවන  ඇතැම් සංවිධාන හා පුද්ගලයින් එල්ටිටියි සංවිධානයට සම්බන්ධකම් ඇති පුද්ගලයින් බවට චෝදනා ඇතත් , ඒවා මත පදනම්ව ශ්‍රි ලංකාවට බලපැම් එල්ල කරනා රාජ්‍යයන් ඒ පිලිබඳ තැකීමක් කරනා බවක් පෙනෙන්නට  නැත  
  • ශ්‍රි ලංකාවට බලපැම් එල්ල කරනා ඇමරිකාව , බ්‍රිතාන්‍ය වැනි රාජ්‍යන් ත්‍රස්තවාදීන්ට  එරෙහිව ප්මණක් නොව වෙනත් රාජ්‍යන්ට එරෙහිවත් සිදුකල යුධ ක්‍රියාමාර්ග වලදීත් දැවැන්ත මට්ටමේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවී ඇත . මේවා පිලිබඳ කිසිදු අකාරයක පරීක්ෂනයක් එම රටවල් හෝ එක්සත් ජාතීන් විසින් සිදුකර  නොමැත . එවන් තත්වයක් සිට ශ්‍රි ලංකා රජය අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් ත්‍රස්තවාදීන්ට එරෙහිව  සිදු කල යුධ ක්‍රියාමාර්ගය පිලිබඳව පමණක්  පරීක්ෂන ඉල්ලා සිටීම කිසිසේත් යුක්ති සහගත නැත 
චෝදනා යුක්ති සහගත නොවේ , කියා හෝ අප නිවැරදියි කියා උඩ බලා සිටීමෙන් ගැටලුව නිරාකරණය වන්නෙ නැත . ලෝක දේශපාලනය යනු එකිනෙකාගේ  හැකියාවන් , අවශ්‍යතාවන් අනුව පදනම් වූවක් නිසා කුඩා රටක් වශෙයෙන් ලෝක දේශපාලනය තුල සර්ව සාධාරණත්වයක්   බලාපොරොත්තු වීමද තේරුමක් නැත , අපගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනිම සඳහා උපක්‍රම ශිලීවත්  නිවැරදි මොහොතේ ක්‍රියාත්මක වීමත් තුල වාසි ලබා ගැනීමට උත්සහා කිරීම ලෝක දේශපාලනය තුල හැසිරිමේ සාර්ථකම ක්‍රමය ලෙස හඳුන්වා දිය හැක . කුඩා රටක් වශෙයෙන් දේශපාලන කඳවුරු වලට අයත් නොවීම සහ අනෙකුත් රටවල් සමඟ ගැටුම් ඇති කර නොගැනීම  මෙහිලා අතිශයින් වැදගත්ය . එනිසා බටහිර කුඩු පට්ටම්වී චීනය බලවත් වනතුරු කටබලියන් සිටීම හෝ අසල් වැසි ඉන්දියාව තබා පකිස්ථානය සමඟ වත් පැහිය නොහැකි යුධ ශක්තියක්  ඇතිව ඇමරිකානු ගුවන් යානා බිම හෙලීමට  පැලැන් ගැසීමට වඩා  මේ අවස්ථාවේ කලයුතු , කල හැකි දැ පිලිබඳ අවධානය යොමු කිරීම ඵ්ලදායක බැව් පැවසිය යුතුය  .

මේ සම්බන්ධයෙන් කල හැකිව තිබු දැ නම් අතිමහත්ය , සිවුවන ඊලාම් යුද්ධය ආරම්භයයේදී  එයට අනවශ්‍ය  ජාතිවාදී ස්වරූපයක් ජාත්‍යන්තරය තුල ඇතිවීම වැලැක්වීමේ සිට මේ දක්වාම කල හැකිව තිබූ දැ බොහෝය . නමුත් ඒ අතීතය ගැන කථා කරමින් සිටීම හෝද හෝදා මඩේ දැමීමක් නිසා ඒවා අතහැර වර්ථමානයේ හා අනාගතයේ කල හැකි දැ පිලිබඳ පමණක් අවධානය යොමු කිරීම වැදගත්ය .

මේ වන විට මතුව ඇති තත්වයන් හමුවේ රජයට විකල්ප රාශියක් ඉතිරිව නැතත් , පහත සඳහන් දැ  වෙත අවධානය යොමු කිරීම තුල යම් සාර්ථකත්වයක් ලබා ගත හැකි බව මාගේ අදහසයි

  • ඉන්දියානු සාධකය නිවැරදිව වටහාගැනීම  නැවත වතාවක් ප්‍රධානතම ආයුධය බවට පත්වෙමින් තිබෙනා බවක් දක්නට ඇත . මහින්ද රාජපක්ෂ මහතා සිවු වැනි ඊලාම් යුද්ධය සාර්ථකව අවසන් කිරීම තුලත් අති දක්ෂ  දේශපාලඥයෙකු වූ ජේ ආර් ජයවර්ධන මහතා ජනවාර්ගික අර්බුධය තුල අතරමං වීමත් පසුපසු ඇති  නිහඬ සාධකය ඉන්දියාවයි . අතීතයේදි හුදු දේශපාලනික චණ්ඩියෙකු පමණක් වූ ඉන්දියාව මේ වන  ආර්ථික බලවතෙකු වශයෙන් ලෝකය තුල ස්ථාවරත්වය නිසා ඔවුන් ශ්‍රි ලංකාව කෙරේ එල්ල කල හැකි  බලපැමද  අතිශයින් ප්‍රභල හා තීරණාත්මකය . මැතක් වන තෙක් ශ්‍රි ලංකාවෙ වෙනුවෙන් පෙනී සිටි ඉන්දියාව මේ වන විට නිහඬ  ස්ථාවරයක් දැරීම ඉන්දියානු සාධකය පිලිබඳ නැවතත් සිතීමට කාලය එලඹ ඇතැයි අනතුරු ඇඟවීමක් බඳුය .මන්ද ශ්‍රි ලංකාව කෙරේ ඉන්දියානු ස්ථාවරය නිහඬතාවයෙ සිට විරෝධය දක්වා ගමන් කලහොත් වෙනත්  රුසියානු හෝ චීන හො වෙනත් කිසිදු ජාත්‍යන්තර බලවේගයකට ශ්‍රි ලංකාව බේරා ගැනීම එතරම් පහසු නොවන නිසාය 
  • දේශපාලන විසඳුම යන්න ගතවූ වසර දෙකතුරාවටම කිසිදු ප්‍රගතියක් නොලඹා එක තැන කැරකෙන එහෙත් අත්‍යාවශ්‍යයෙන්ම ඉටුවිය යුතු කාරණාවකි . ඉහත කී ඉන්දියානු සාධකය කලමණාකරනය කරගැනීමේ ප්‍රධානතම අවියත් දේශපාලන විසඳුමකට එලඹීම වන අතර ඒ සඳහා රජයේ සක්‍රිය  මැදිහත් වීමක් හා කැපවීමක් අත්‍යාවශ්‍යය , නමුත් තමන් වටා සිටින් අන්තවාදීන්ගේ බලපැම් නිසා රජය එම  කාර්‍ය්භාරය මග හැර දෙමල සංධානයට හා ඉන්දියාවට වුවමනාවට පමණක් ඒ ගැන උනන්දුවන බවක් දක්නට ඇත . දෙමල ජනතාව අතර ජාතිවාදය පතුරවමින් සිටිනා දෙමල සංධානයට හෝ දශක දෙකක් පරන 13මත පමණක් යැපෙන ඉන්දියාවට මූලිකත්වය  නොදීමට නම් රජය තමන්ගේම යෝජනාවලියක් සමඟින් ඉහල මට්ටමේ කැපවීමක් පල කලයුතුය . 13ට අදාල නොවුවත් යහපත් යෝජනාවලියක් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ඉන්දියාවට නොමැති අතර රජයේ ඇතැම් කණ්ඩායම් විරෝධය පල කලත්  එජාපයෙ සහය රජයට ලබාගැනීම එතරම් ගැටලුවක් නොවනු ඇත 
  • අභ්‍යන්තර පරීක්ෂන යනු දරුස්මාන් වාර්ථාව නිකුත් වූ සමයෙ සිටිම ජාත්‍යන්තරයේ බොහෝ රටවල්  ශ්‍රි ලංකාව කෙරේ දැක්වූ ස්ථාවරයි , ඉන් ඇතමෙක් උගත් පාඩම් කොමිසම ඒ සඳහා වන සාධනීය  උත්සාහයක් ලෙස නමුත් බොහො දෙනෙක්  ඊට  වෙනස් ස්ථාවරයන් දරනා බවත් දක්නට ඇත . කෙසේ වෙතත් ශ්‍රි ලංකා රජය දිගින් දිග්ටම උගත් පාඩම් කොමිසම කෙරේ විශ්වාසය පල කිරීම  නිසා ඇමරිකාව , බ්‍රිතාන්‍යය ඉන්දියාව ඇතුලු බොහෝ දෙනෙක් එම කොමිසමේ වාර්ථාව දෙස අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට ඇත . එම වාර්ථාව කුමන ආකාරයක් ගනීදැයි කිව නොහැකි මුත් , එය නිකුත් වූ පසු එය මෙම පිරිස් විසින්  පිලිගනීයැයි සිතීම දුෂ්කරය .එක් අතකින් කොමිසමේ සංයුතිය ප්‍රශ්නාර්ථයකට  ලක්වී ඇති අතර ඔවුනගේ වාර්ථාව රජය මෙතෙක් දැරු ස්ථාවරයට  පටහැනි වුවොහොත් එයම බරපතල ගැටලුවක් නිර්මාණය කිරීමට හේතුවිය හැක . චෝදනා එල්ලවූ මුල් සමයේ මධ්‍යස්ථ අභ්‍යන්තර පරීක්ෂනයකට ගියා නම් (කරු ජයසූරිය මහතා මෙය යෝජනා කලවිට ඔහුත් දේශද්‍රෝහියෙක් කල බවක් නම් මතකය ) තත්වය අපහට වාසි සහගත වනවාට කිසිදු සැකයක් නැතත් . උගත් පාඩම් කොමිසමේ වාර්ථාව ප්‍රතික්ෂේප වීමක් වුවහොත් , නැවත එවැන්නකට යාමෙන් වාසියක් ලැබේයැයි සිතිය නොහැක .එනිසා උගත් පාඩම් කොමිසම යම් තාක් දුරකට හෝ ජාත්‍යන්තරය මතුකරන ගැටලු කෙරේ අවධානය යොමු කර ඇති බවක් පෙන්වා  තිබීම  හැර මේ සම්බන්ධයෙන් වෙනත් විකල්පයක් මේ මොහොතේ නැත . නමුත් එවැන්නකදි රජයට තමන්ගේ ස්ථාවරයේ ඇති වැරදි පිලි ගැනීමකට සිදුවෙන නිසා එසේ සිදුවේද යන්න සැක සහිතය 
  • රජයට සම්බන්ධ අන්තවාදීන්ගේ ප්‍රකාශ  යම් පාලනයකට ලක්කිරීම අත්‍යාවශ්‍යය . රජයෙන් පිට සිට ඕනැම මතයක් දැරීමේ ගැටලුවක් නැති වුවත් , රජය තුල සිටිමින් අදාල ප්‍රකාශයන් නිකුත්  කිරීම ඒවාට නිල ස්ථාවරයක් ලබා දීමක් වැනිය . රජයේ ස්ථාවරය එය නොවේ මෙසේ යැයි කොතරම් මාධ්‍ය නිවේදන නිකුත් කලත් රජයට සම්බන්ධ ඇමැත්තන්ගෙ ප්‍රකාශත් රජයේ සාමුහික වගකීම යටතේ රජයේ ප්‍රකාශයන් ලෙස ව්‍යාප්තවීම වැලැක්විය නොහැක . ශ්‍රි ලංකා රජය දෙමල ජනතාවට එරෙහි ස්ථාවරයක සිටිනා බැව් ලොව පුරා පතුරවන්නට සුදානම් , ඒ සඳහා සාර්ථක ප්‍රචාරක ජාලයක් සහිත සංවිධාන රාශියක් සිටිනා වටපිටාවක මේ පිලිබඳ සැලකිලිමත් වීම වඩාත් වැදගත්ය .එක්සත් ජාතීන්ගේ සංවිධානය , එහි මහලේකම් , ඉන්දියානු අගමැති , රොබට් ඕ බ්ලෙක්, දෙමල ජාතික දේශපාලකයින් වැනි  කාරණා සම්බන්ධයෙන් මොවුනගේ ප්‍රකාශයන් හා හැසිරීම් පිලිබඳ විශේෂයෙන් සැලකිමත් විය යුතුය
  • විදෙස් නියෝජිතයන්ට දැක්වූ ප්‍රතිචාරද  රජය ජාත්‍යන්තර දේශපාලන්යේදී සිදුකල බරපතල වරදක් ලෙස හැඳින්විය හැක , එම නියෝජිතයන්ගේ සද්භාවයන් පිලිබඳ ගැටලුවක් වේ නම් අදාල නියෝජිතයා නියෝජනය කරනා පාර්ශවයන් වෙත ලිඛිතව දැනුම් දෙනවා විනා , එක් එක් පුදගලයින්ලවා මඩ ගසා ජාත්‍යතර මාධ්‍ය හරහා ඒවා ලංකාවට අවාසිවන අයුරින් ප්‍රචාරනය වීමට ඉඩ හැරීම දැන්  වත් අත්හැරගත යුතුය . පසුගිය කාලයේ කොටි ලේබල් ගැසු යසුශි අකාෂි මහතා දරුස්මාන් වාර්ථාව නිකුත් වූ වෙලේ දැරූ ස්ථාවරය (සෝල්හයිම් මහතාද මෙම ස්ථාවරය දැරු බවක්  එක් වාර්ථාවක ප්ලවිය ) ශ්‍රි ලංකාව කේරේ සැහෙන තරම් වාසිසහගත වූ නමුත් එවන් අවස්ථාවක අප වෙනුවෙන් පෙනී සිටිය හැකි එම පුද්ගලයින් කොටි ලේබල් ගසා හතුරන් කරගෙන අවසන්ය
එල්ලවන චෝදනා  වැරදිද නිවැරදිද යන්න මත නොව ශ්‍රි ලංකාවෙත් ජනතාවගේත් අනාගතය තීරණය වන්නේ රජයේ ඒ කෙරේ දක්වන ප්‍රතිචාරයන් මත බව ත් අවසාන වශයෙන් සඳහන් කල යුතුය !!!!

කෝටි ගණන් මුදල් වනසමින් ආශ්චර්යයට පියනැගීම

රාජ්‍ය ආයතන රැසක් පාඩු ලබමින් සිටිනා බැව්  හෙලිවී ඇතැයි ඩේලි මිර් ර්  පුවත්පත වාර්ථා  කර ඇත . මේම පාඩු ලැබීම් බිලියන ගණනින් සිදුවන ඒවා වන අතර ඉන් බොහොමයක් රට කරවන්නන්ගේ ක්‍රියාකලාපයන් නිසා සිදුවන බවක්ද දක්නට ඇත .

පලමුවැනි ආයතනය මිහින් ලංකා ආයතනයයි , ආරම්භයේ සිටම  සම්පූර්න නාස්තියක්වූ මිහින් ලංකා මේ වන විට රුපියල් බිලියන 2.4ක ණය වීමක් වාර්ථා කිරීමට සමත්ව ඇත . එක ගුවන් සේවයක් පාඩු ලබන නිසා විකුණා  දමා තිබියදී තවත් කෙහෙල්මලක් පටන්ගෙන මහජන මුදල් විනාශ කිරීමට තීරණයේ කලේ කුමක් නිසාද යන්න බරපතල ගැටලුවක් බව පැවසිය යුතුය . එයාර් ලංකා , ශ්‍රි ලංකන් එයාලයින් වූ  පරිද්දෙන් මිහින් ලංකා කියා එහිම නම වෙනස් කරගත්තා න්ම් මෙසේ මහජන මුදල් තොග පිටින්  විනාශ වන්නෙ නැත ((ශ්‍රි ලංකන් එයාර් ලයිනුත්  පාඩු  ලබනා නිසා එයත් ෂුවර් නැත )

මැණික් හා ස්වර්ණාභරන අධිකාරියද , උකස් හා අයෝජන බැංකුවද ලයිස්තුවේ ඇත . ගිවිසුම් කඩ කිරීමක් නිසා ස්වර්ණාභර අධිකාරිය කෙලවා ගෙන ඇති බවත් , බැංකුවේ  ලාභ ලැබීම් 2005 සිට 2008 වන විට මිලියන 312ක සිට මිලියන 21 ක් දක්වා අඩුවී ඇති බවත් සඳහන් වී ඇත .


විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්  ගැටලු රාශියක් මැද ඉගෙන ගනිත්දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තම සේවකයින්ගේ භාෂා ප්‍රවීනතාවයන් සඳහා පමනක් මිලියන 360ක් වියදම් කර ඇත

ඉතා පැහැදිලි ලාභයක් ලැබිය යුතු ජාතික රූපවාහිනිය ද දුවන්නෙ පාඩුවටය . 2010 වර්ශයේදී දේශපාලන පක්ෂ  දැන්වීම් සඳහා ලැබිය යුතු මිලියන 42ක් තවමත් ලැබී නැත , ජාතික රූපවාහිනියෙ  ඇඩ් දැම්මේ කොයි පක්ෂය දැයි අමුතුවෙන් කිව යුතු නැත . මිහින් ලංකා සමාගමෙන්ද මිලියන 10ක පොල්ලක් තියා ඇති බවක් සඳහන් වී ඇත . මේ අතර "ප්‍රධාන විධායක නිලධාරි තනතුරක් රූපවාහිනියට දමා ඇත්තේ අදාල පනතටත් පිටිනි , මෙවැනි තනතුරක වැටුප වශයෙන් අයතා ලෙස කොපමණ මුදලක් ගෙවනවා  ඇතිද ? 2006 දී මිලියන 137ක ශුද්ධ ලාභයක් ලැබූ රූපවාහිනිය 2009 වන විට මිලියන 4.7 ක ශුද්ධ ලාභයකට බැස ඇත


ශ්‍රි ලංකා ටෙලිකොම් හී බදු පොල්ල බිලියන 6කි , ශ්‍රි ලංකන් එයාර් ලයින් බිලියන 9.ක පාඩුවක් 2998/2009දී වාර්ථා කර ඇත . ඒ පම්පෝරි ගසමින් එහි පාලනය රජය වෙත පවරාගත් පසුය

ජපුර විශ්ව විද්‍යාලය ඇතුලු තවත් දූෂන කිහිපයක්ද අදාල ලිපියේ සඳහන් කර ඇත . මේ හෙලිවි ඇති මගඩි පමණක් බවත් හෙලි නොවන සහ  කිසිසේත් හෙලිනොවන ගැහිලිද එලිපිට සිදුකරනා නාස්තීන්ද (මෙගා සවාරි , සංදර්ශන .....)  ලංකාවේ ඇති බවත් මතක තබා ගත යුතුය . හෙලිවන දූෂන වලට හෝ  විසඳුමක් ඇති බවක්ද  පේන්නට නැත .මිහින් ලංකා තවමත් ණයට දුවන්නේ ඒ නිසා විය යුතුය

අප ආසියාවේ නොව ලෝකයේම ආශ්චර්යය බවට පත්වෙමින් සිටිනා බව නම් පැහැදිලිය , ඔබටත් ඒ සඳහා උදව්  කිරීමේ අවස්ථාවක් ඔක්තෝබර් 8 වෙනිදාට ලැබෙනු ඇත , ආශ්චර්‍රයය උදාකිරීමට ඇති එකම බාධාව දුරුකරලනු පිණිස වන කොලඹ ඇතුලු මහ නගර සභා සියල්ල දිනවා දීමෙන් ඔබටට්  මේ ලිපියේ සඳහන්  ආකාරයේ ආශ්චර්යමත් ක්‍රියා සඳහා දායකත්වය  සැපයිය හැකිය

Image and Source -  Daily Mirror

ඇන්ඩ් කොම්පැනියේ සමහර වචන වලට හොටදාන්නේ මොකාද??මොකටද ??


ඇන්ඩ් කොම්පැනි යනු ශ්‍රි ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට ආගන්තුක නමක් නොවේ . සමබර දේශපාලන ප්‍රහසනයක් කියා දෙයක් දක්නට නොමැති තරම් වන ශ්‍රි ලංකාවේ රූපවාහිනි මාධ්‍ය තුල විකාශය සැහෙන තරම් ගුණාත්මක බවක් රැඳි දේශපාලන ප්‍රහසනයක් ලෙස මෙම වැඩසටහන හැඳින්වූවාට වරදක් නොමැත . ආරම්ඹක සමයේ අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් වූ ඇන්ඩ් කොම්පැනියෙන් චින්තන සභාපති ඇතුලු චරිත හා රඟපැ පුද්ගලයින් හැලියාමත් සමඟින් ජනප්‍රියතාවය සැහෙන තරම් අඩු වුවත් මේ වන විටත් කැත නැතුව බලා සිටිය හැකි තරමේ දේශපාලන ප්‍රහසනයක තත්වය රැකගැනීමට සමත්ව  ඇති බවක් දක්නට ඇත .වර්ථාමන සමාජීය පරිසරය තුල  ඍජුව පහරදිය නොහැකිවිට ඉතා සියුම්ව පහර ගසනා අවස්ථාවන්ද ඇති නිසා රටේ ඇතැම් ඉහල තැන්වලටත් පහර  නොවදින්නේමත් නැත

එම පහර සැබවින්ම වදිනවා හෝ පහර වැදීම ගැන අදාල මාධ්‍ය ආයතනය බියක් දක්වනා බැව් හැඟවෙන සිදුවිමක් දැන් සති කිහිපයක සිට දක්නට ඇත .


ප්‍රධාන නාට්‍ය අංගය වූ රවීන්ද්‍ර යසස්ගෙ ඇතැම් වචන විකෘති කරමින් නියම අදහස ප්‍රේක්ෂකයාගෙන් වසන් කිරීම එම සිදුවීමයි . මෙය පසුගිය අංග වලදී කිහිපවිටක් දක්වන ලැබුනු අතර ගිය සතියේ කවියක් භාගෙට කියා නතර කරමින්
"එක්කො ඕනි නැ ...කිව්වට වැඩක් නැ $^%^^%&^&  දාල වෙනස් කරනවනේ "

කියා රවීන්ද්‍ර යසස් ගේ දෙබසක් අන්තර්ගතවීම එම සිදුවීම අධ්‍යක්ෂක වරයාට දැනී ඇති අන්දම විය හැක . මේ සතියේද එම සෙල්ලම දකින්නට  ලැබුනේ සිංහරාජය හර්හා ඉදිකරන මාර්ගය සම්බන්ධයෙනි . සිංහරාජයේ මහ පාරක් නොව වරායක් හැදුවත් සංවේදී නොවනා සමාජ ස්ථරයන් හැර අන් සියල්ලෝම  මේ පාර සැදීම පිටුපස සිටින්නේ කව්දැයි දැනුවත්ය . මේ ගැන රජයට සම්බන්ධ ඇමැත්ත්න්ගේ වෙබ් අඩවිවල පවා දැක්වෙත්දී මේ වසන් කරන්නේ පෙර සඳහන් කල "අසංවේදී " (එහෙත් සංවේදී නායකයින් පමණක් සොයනා ) ජනතාවගෙන් විය යුතුය

වසන් කරන බැව් පැහැදිලිව පෙනුනත් ඒ ලොකු තැන්වලින් එන බලපැමක් නිසාද , නැතිනම් එවැන්නක් ඇතිවේ යැයි බියෙන් අදාල මාධ්‍ය ආයතනයේ නිවට ස්වාභාවය නිසාද යන්න ප්‍රශ්නාර්ථයක්ය . මීට පෙර ලිපියේ මාසඳහස් කල සිදුවීම මලමීනි ප්‍රවෘත්ති විකාශයේ   හෝ සත්‍යය ප්‍රථමන්යෙන් කියා ගන්නා වුන්ගේ ප්‍රවෘත්ති විකාශයෙන් කියවුනේ නැත . එක්කො මුන් සියලු දෙනා නිවට බියගුලු මාධ්‍ය පඹයින් ය නැතිනම් එසේ වීමට ඉහල ගණයේ බලපැමක් ඇත . මාගෙ විශ්වාසය නම්  මේ හේතුන් දෙකම  යම් පමණකට බලපා ඇති බවයි

ප.ලි - නැති වාරණයක් පෙනිවීමේ මාකටින් කලාවක්ද ඇත , සිරස කාලයක් එය යොදාගත් බවට මතකයක් ඇත . නමුත් සිද්දීන් පෙල ගැසෙනා ආකාරයට මෙය එවැන්නක් විය නොහැක . අනෙක් එවැන්නක්දි වාරණයක් පෙන්නුම් කිරීමට "බීප්" වැනි පැහැදිලි ශබ්ධයක් මිසක් &^$% විකෘතියක් ගැලපෙන්නේ නැත

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ගැන , අනික් අයට හිතුන දේවල්

එකම ලඟ ලිපි  දෙකක් පල කරන එක මගේ සාමාන්‍ය ක්‍රමය නොවුනත් මේ වගේ දෙයක් ගැන මොකුත්  නොලියම ඉන්නත් බැ . අපේ ජනාධිපති තුමාගේ පුත් නාමල් රාජපක්ෂ මහත්තය කොලඹ පැල්පත්වාසීන් ගැන කරපු කථාව  හැමෝම වගේ දකින්න ඇතිනේ . නොදැක්ක නම් මෙතනින් ගිහින් බලාගන්න පුලුවන් .  මේ ලියන්න හදන්නෙ ඔය ප්‍රකාශය ගැන මගේ අදහස්ම නෙවෙයි ඕක අහපුවාම රටේ ලොකු ලොකු ඇයින්ට හිතුන දේවල් ගැන (හිතුනාය කියල මට හිතෙන දේවල් )



අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා - නොදකින් , පොල් බුරුවා .. මූව ජනාධිපති කොරන්න නම් මට තව අවුරුදු 50ක් වත් අල්ලගෙන ඉන්න වෙනවා (එච්චර ඉන්න බැරි එකනේ වැඩේ )

ගරු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා - ඊලඟ පාර ජනාධිපති අපේක්ෂක කම............   :)


ගරු විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා - මම විතරයැ , කට ඇරියාම ඡන්ද කඩන අය තවත්  ඔය ඉන්නේ .. :D

ජනරාල් සරත් ෆොන්සේකා මහතා - හු හූ ... යස වැඩෙ ,ඔය ගොං කථා කියවල  ඕකුන්ට කෙලවෙලාම පල (මටත්  උනේ ඒකමද මන්දා.........)

මිලින්ද මොරගොඩ මහතා -මෙහෙම ගියොත් මේ පාරත් ඉල්ලං කැමක්ද ????

පා.ම සජිත් ප්‍රේමදාස මහතා -  මෙයා ජනාධිපති අපේක්ෂක වෙච්ච දාට නම් දළමටම දිනන්න පුලුවන් වෙයි

මුසම්මිල් (එජාප )  මහතා  - අප්පට ශිරි , වැඩෙ ගොඩ යයි වගේ , නාමල් බේබිට උම්මා එකක් දෙන්න හිතෙනවා

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා - ලපයි සිපයි ඔක්කොම එකතු කරගෙන සංවර්ධන ප්ලැන් ගහන්න බැ . මීට පස්සේ කිසිම එකෙකුට මොකක්වත් කියන්න නරකයි

කොලඹ පැල්පත් වාසියෙක් - ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට .....

-----------------------------------------------------------------------------------------------------

මෙය මනකල්පිත ලියවිල්ලක් පමණි , කිසිදු පුද්ගලයෙකුට අපහාස කිරීමේ චේතනාවක් නොමැත | This Article is a fiction,  Not any kind of Defamation Intended  


ඔන්න ඡන්දෙකුත්  එකතු කලා , ලිපිය කියවන අය ඡන්දයත් පල කරල යන්නකො (දකුණු පස උඩ ) 
                      

සංගාට සුභ පැතීම සහ ICC එක්දින පිල ගැන මගේ අදහස

අපේ කුමාර සංගක්කාර වසරේ හොඳම එක්දින ක්‍රිඩකයා විදිහට සම්මාන ලබපු පුවත මේ වෙනකොට හැමකෙනෙක්ම දන්නාවා ඇති .පසුගිය වසර පුරා ලකුණු සාමාන්‍යය 55 ක විතරග අගයක තියාගන්න සමත් වෙච්ච සංගා මේ සම්මානය ඉහලින්ම සුදුස්සෙක් බව සැකයක් නැ . ඇත්තට වඩාත්ම විශේෂිත වෙන්නේ වසරේ ජනප්‍රියම ක්‍රිඩකයා විදිහට ලබාගත්තු සම්මානය . මොකද සංගා එක්ක මේ තරඟෙට නම් යෝජනා වෙලා තිබුනේ දෝනි, ගේල් , අම්ලා ,ට්‍රොට් කියන අතිශයන්ම ජනප්‍රිය ක්‍රිඩකයින් . ඒ අතරිනුත් දෝනි කියන්නේ ක්‍රිකට් පිස්සන් වෙච්ච ඉන්දියානුවන්ට ලෝක කුසලානය ලබා දුන්න  නායකයා . ඒ වගේම  ප්‍රහාරාත්ම පිතිකරණය නිසා ගේලුත්  ලෝ පුරාම අවධානය දිනා ගත්තා ක්‍රිඩකයෙක් . මේ වගේ පිරිසක් අතරින් අපේ පුංචි දිවයිනේ ක්‍රිඩකයෙකු වන සංගාට මේ සම්මානය ලැබුනාය කියන්නේ අපේ ක්‍රිකට් ලෝලීන් වගේම සංගාගේ පිතිකරණය ,පෞර්ශත්වය අගය කරන විදේස් ක්‍රිඩා ලෝලීනුත්  සංගාට මනාපය පල කරල තියනවාය කියන එකයි


මහින්ද සමරසිංහ , දයාන් ජයතිලක වගේ කිහිප දෙනෙක් ඇරුණාම ශ්‍රි ලංකාව වෙනුවෙන් මුදල් ගෙවල පත්කරල  ඉන්න නියෝජිතයින්ට වසර ගානක් තිස්සේ කරගන්න බැරි උන තරමින් ශ්‍රි ලංකාවේ අභිමානය ලෝකය හමුවේ කියා පාන්න වගේම ඉතාම නිර්භීතව විවෙචනය කල යුතු දේ විවේචනය කරන්නත්  සංගා දක්වපු "පිරිමිකම " ලංකාවේ වගේම වෙනත් රටවලත් ඉන්න ක්‍රිඩාලෝලීන්  සංගාවෙනුවෙන් මනාපයක් පල කරන්න හෙතුවෙන්න ඇති . සංගාගේ දේශනය ගැන දේශද්‍රෝහී ලේබල් ගැසූවන්ටත් , සංගලාගෙ අයිපීල්; සල්ලි ගැන ඉරිසියාවේන් මඤ්ඤං කියවන දේශපාලන කහල ගොඩවල් වුනු ඇතැම් පැරණී ක්‍රිඩයකයින්ටත් සංගා  ලබපු මේ සම්මානයන් ඉතාම හොඳ උත්තරයක්

 ආදරණීය සංගා ඔබට මාගේ සුභ පැතුම් !! 




සංගා ලබපු සම්මානය ගැන කථාවෙන අතරෙම තවත් දෙයක් ගැන කථා කලයුතුයි කියල හිතුනා . ඒ තමයි අයිසීසිය නම් කරපු ලෝක එක්දින කණ්ඩායම . මේ කණ්ඩායමට අපේ සංගාත් , දිල්ශානුත් දොලොස් වෙනි ක්‍රිඩකය විදිහට  මාලිංගත් ඇතුලත් . මේ කණ්ඩායම සෛධාන්තිකව හොඳම කණ්ඩායම බවට සැකයක් නැ . නමුත් ප්‍රායෝගිකව මට හිතෙන වෙනස් කම් කිහිපයකුත් තියනව . ඒ ගැන සඳහන් කරන්නයි මේ සූදානම් වෙන්නෙ . ඔබගේ  අදහසුත් කමෙන්ටුවක් විදිහට පල කරන්න කියලත් මම ඉල්ලා සිටිනව 


පහලින් ඉන්නෙ ඒ කණ්ඩායම 


ICC ODI Team of the Year (in batting order): Tillakaratne Dilshan, Virender Sehwag, Kumar Sangakkara, AB de Villiers, Shane Watson, Yuvraj Singh, MS Dhoni (wicketkeeper/captain), Graeme Swann, Umar Gul, Dale Steyn, Zaheer Khan.

12th Man: Lasith Malinga





මූලිකම කාරණය තමයි ශේන් වොට්සන්ගේ පිතිකරන ස්ථානය , ආරම්භක පිතිකරුවෙකු විදිහට අතිසාර්ථක   වොට්සන්ට මැද පෙල ක්‍රිඩා කරන්න පුලුවන්ද ??  ඒ නිසා මම නම් හිතන්නෙ හොඳම ආරම්භක පිතිකරු යුගලය වෙන්නෙ වොට්සන් සහ ශෙවාග් 


එතකොට දිල්ශාන් ?? පසුගිය වසරේදි අසමාන්‍ය විද්හට සාර්ථක උනත් දිල්ශාන් කියන්නේ එතරම් හොඳ පිතිකරුවෙක් නෙවෙයි . මුල් ඔවර වලදි නෙලන්න පුලුවන් උනත් හොඳ "ෂොට් " තියන ක්‍රිඩකයෙකුත් නෙවෙයි . මම දකින විදිහට නම් දිල්ශාන් කියන්නෙ වැඩි හරියක් කනා ශොට් වලට බර ක්‍රිඩකයෙක් . ඒ නිසා මැදපෙල ට  නම් දිල්ශාන් හරි යන්නෙ නැ . ඒ වගේම වොට්සන් ගේ ප්‍රහාරක වෙගය 90(ට ආසන්න ) සහ ශෙවාග් ගේ 100 ටත් වැඩි ප්‍රහාරක වේගය (strike Rate )සැලකුවාම  දිල්ශාන්ගෙ නෙලිල්ලත් ඒ දෙන්නාට වඩා අඩුයි . ඒ නිසා ආරම්භක පිතිකරුවකු විදිහටත් මදි .ඒ නිසා මම නම් හිතන්නේ දිල්ශාන් වෙනුවට  හොඳ මැදපෙල පිතිකරුවෙකු එකතු වුනා නම් හොඳයි . සචින්ට පමණක් දෙවෙනි පිතිකරණ තාක්ෂනයක් තියන  අවශ්‍යතාවය අනුව ඕනිම විදිහකට සෙල්ලම් කරන්න පුලුවන් මහේල තමයි මම මැදපෙලට සුදුස්සා විදිහට දකින්නේ . 





ඊලඟ තුන්දෙනා ඒ කියන්නෙ ඩිවිලියර්ස් , යුවරාජ් සහ දෝනි  තුන්දෙනා ගැන නම් ප්‍රශ්නයක් මතු කරන්න  බැහැ , ඒ වගේම දැනට ඉන්න කූල්ම කැප්ටන් වෙච්ච දෝනි කණ්ඩායමෙ නායකත්වයටත් සුදුසුයි . යුවරාජ්ගේ පිතිකරණය හැමවෙලේම සාර්ථක නොවුනත් දඟපන්දු යවන්නන් දෙදෙන්ක් ඇතුලත් වෙන විදිහට සකස් කරන්න අවශ්‍ය නිසා ඔහුවත් ඇතුලත් කලාය කියල හිතන්න පුලුවන් 


 ඊලඟ ගැටලුව තියෙන්නෙ සහිර් සහ මාලිංග සම්න්බන්ධයෙන් . සහීර් කියන්නෙ ඉතාම දක්ෂ පන්දු යවන්නෙක් වුනත් මම නම් හිතන්නෙ මාලිංග ඊටත් වඩා දක්ෂයෙක් කියලයි . ශේන් වොට්සන් සැහෙන තරම් දක්ෂ මඳ වෙග පන්දු යවන්නෙක් නිසා මඳ වේග පන්දු යවන සහීර්ට වඩා මාලිංග එතනට  සුදුසුයි  කියලයි මඟේ හැඟීම . නායකයෙකුට සහීර්ව්  යොදාගෙන කරන්න පුලුවන්  වැඩ ශේන් වොට්සන් හා උමාර් ගුල්  හරහා කරගැනීමේ හැකියාව බොහෝ දුරට තිබුනත් . ලෝකයටම ආවෙණික මාලිංගගෙන් ගන්න පුලුවන් වැඩ කරන්න පුලුවන් මාලිංගටම විතරයි 

නාථ දෙවියන්ගෙන් තවත් සුපිරි ආතල් එකක් (ගොන් ආතල් වලට ප්‍රිය කරන්නන් සඳහා පමණි )

ආසියාවේ ආශ්චර්යය කරා එක පිම්මේ ඇදී යන අපගේ සිරි ලංකාවේ ගොන් ආතල්  වනාහි  අතිශයින් සාමාන්‍යය දෙයකි .  දේශපාලුවන් , මාධ්‍යවේදීන් , කලාකරුවන් පමණක් නොව ඇතැම්  ආචාර්ය මහා චාර්යාදීන්ද කරන්නේ ජනතාවට ගොන් ආතල් සැපයීමයි . මේ කාර්යයේ ප්‍රමුඛයින් වශයෙන් සැලකිය හැකි  දේශප්‍රේමී සී නිවුසිය  තවත් සුපිරි වර්ගයේ  ගොන් ආතල් එකක් ලබා දීමට උත්සහා කර තිබේ . එය කොතරම් සාර්ථකද යත් මා මේ ලියන මොහත වන විටත්  ලිපිය කියවූ පසු ඇතිවූ සිනහව නවතා ගත නොහැකිය

ආසනික් කථාවෙන් කල එලි බැසි නාථ දෙවියන් මෙවර ගේමට බසින්නෙ ලෝක විනාශයට ආසන්න කේස් එකක් සමඟින්ය . කලින් වතාවේ ගෙනා ආසනික් කතන්දරේ තවමත් එක තැන කැරකෙත්දී මෙවර ගෙන එන්නේ වඩාත් බරපතල සීන් එකක්ය . මේ  දෙවියන් සැහෙන ප්‍රමාණයක් සමඟින් ගනුදෙනු කරනා පුද්ගලයෙකු සමඟින් සී නිවුසිය කල කථා බහකි

මෙතනින් අදාල ලිපියට පිවිසෙන්න


මුලු ආතල් එකම ගැනීමට ඔබ ලිපිය දෙතුන් වථාවක් කියවිය යුතුමය . මා පහතින් මතු කරන්නේ එහෙන් මෙහෙන් අහුලා ගත් කැලි පමණය

"සක්‍ර දිව්‍ය රාජයා සම්‍යක් දෘෂ්ටික දේව විමාන වලට අධිපතිව වැඩ වසනවා. නාථ දෙවියන් කියන්නේ සුවිශේෂ දෙවි කෙනෙක්. උන්වහන්සේට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික සෑම දිව්‍ය විමානයකටම බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල නාථ දෙවියන්ගේ බලය වසවර්ති දිව්‍ය පුත්‍රයන්ගේ සහ සක්‍ර දෙවියන්ගේ බලය ඉක්මවා යනවා"


කාල වරෙන්කො ... සක්‍රයටයි වයිමාටයිත් වඩා පොරවල් ඉන්නවනේ බලාන ගියාම 


උදාහරණයක් ලෙස වසවර්ති දිව්‍ය පුත්‍රයා ලෙස දැන් සිටින දෙවියන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ කාලයේත් එම තනතුරේ සිටියා. ඔහුගේ කුසල් ශක්තිය හමාර වූ පසු ඊලඟට ලෞකික කුසල් ශක්කිය වැඩිම කෙනා වසවර්ති දිව්‍ය තනතුරට පත් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි නාථ දෙවියන් ඊට පසුව වසර 1,000 ක් පමණ එම තනතුරේ රැදී සිටියා. උන්වහන්සේත් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්. නමුත් ඊට පසුව නාථ දෙවියන් ‍බවට පත්වූයේ මිත්‍යා දෘෂ්ඨික දෙවි කෙනෙක්. එම දෙවියන් අකුසලයට බර වූ කෙනෙක්. දැනට වසර කිහිපයකට පෙර නාථ දිව්‍ය තනතුරෙන් එම දෙවියන් චුත වෙනකම් අවුරුදු 1,000 කටත් වැඩි කාලයක් ඔහු එම තනතුරේ රැදී සිටියා. එම මිත්‍යා දෘෂ්ටික නාථ දෙවියන්ගේ බලපෑමෙන් මනුෂ්‍ය ලෝකයත් අකුසලය දෙසට යොමු වුණා. ධර්මයේ ශක්තිය හීන වුණා. නමුත්, වසර කිහිපයකට පෙර නැවතත් සම්‍යක් දෘෂ්ටික දෙවි දෙනෙක් නාථ දිව්‍ය තනතුරට පත් වුණා. උන්වහන්සේ අතිශය ප්‍රබල, බලගතු කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ.



දෙවිය ලොකේත් මෙහෙ වගේමයි ..ප්‍රමෝෂන් එහෙමත් තියෙයි . හැබැයි ඉතින් මෙහෙ හොඳයිනේ . මොකද සුදුසු කම් නැතත් පෝස්ට් වල ගිය හැකිනේ ??


ආ... තව එකක් ඔච්චර බල ගතු නාථ දෙවියන් ගැන අපේ බෞද්ධ සාහිත්‍යයෙ  පැරණි කථාවල සඳහන් වෙලා නැත්තේ මොකෝ දන්නේ නැනේ 



  1. සීනිව්ස්:- මෑතකදී නාථ දෙවියන් බවට පත් වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ බලපෑම මනුෂ්‍ය ලෝකයටත් ඇති වෙනවාද?
භාවනානුයෝගීයා:- උන්වහන්සේ නිකම් සිටියොත් එහෙම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. නමුත්, නාථ දෙවියන් ලෙස දැන් වසර කිහිපයක ඉදන් කටයුතු කරන්නේ සොලොස් කල්ප ලක්‍ෂයක් පාරමි පිරූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේයි. උන්වහන්සේ දැන් වඩාත් සක්‍රියව මානුෂ්‍ය ලෝකයට බලපෑම් කරනවා.
  1. සීනිව්ස්:- මොනවද ඒ බලපෑම්?
භාවනානුයෝගීයා:- ඇයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සිදුවුණු මහා මනුෂ්‍ය ඝාතනය නතර කන්න උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීම.

අපරාදේ මහින්ද මහත්තය  කොහේවත් යන පොන්සේකෙක් දාගෙන යුද්ධ කලේ , අන්තිමේදී තමන්ට වාතයක් කරගන්න . අපිට දිවිය ලෝකෙනුත් සප් එක තිබුන එකේ ෆොන්සේකා තියා ශවෙන්ද්‍ර සිල්වා මහත්තය නැතුව උනත් යුද්ධේ ගොඩ දාගන්න තිබුනා

අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට එක මිසයිලයක් හරි පාත් වෙනවා. ආර්ථික සම්බාධක පැනවෙනවා. නාථ දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් උත්සහා දරන්නේ මේ ව්‍යසනයෙන් අපේ රටට වෙන හානිය අවම කරන්නයි.



එක්සත් ජාතිගේ සැසිය අද , ඕං සම්බාධක එහෙම දානවලු . පිටරට කොම්පැනිවල වැඩ කරන උන් වෙන ජොබ් හොයා ගනිල්ලා . ඉගෙන ගන්න උන් අතැරල දාපල්ලා . වැඩක් නැ ජොබ් ගන්න වෙන්නෙ නැ . එලවලු එහෙම වවන්න පටන් ගනිල්ලා
සෙල්ලං නැ ඕං , මේ නාථ දෙවියන්ගේ අනාවැකියක් 


ඔව්; 8 ඉදන් 9 වෙනකන්වත් සෙත් පිරිත් කියන්න. එතකොට තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට තමන්ගේ ශක්තිය ලංකාවට දෙන්න පුළුවන්. මතකද මාවිල්ආරු සටන පටන් ගන්න කොට බුදු පිළිමවලින් බුදුරැස් විහිදුණා. සමහර භෞතිකවාදී පිරිස් විවිධ කතා ගොඩාක් කිව්වා. කෝ දැන් එහෙම බුදුරැස් විහිදෙනවාද? ඒ වෙලාවෙත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අධිෂ්ඨාන පූජාවක් කළා. “සම්බුද්ධ ශාසනයේ චිරස්තීය සඳහා මේ රටේ යුධ ගිනි නිවේවා” කියලා. ඒ අධිෂ්ඨානයේ ශක්තිය නිසා තමයි බුදු පිලිම වලින් බුදුරැස් විහිදුනේ



අප්පා අයිටීන් එකට බඩු ... කට්ටියම පිරිත් කියනවනෙ . පිරිත් පොත් විකිණිල ඉවර වෙන්න කලින් ඉක්මනට එකක් ගන්න වෙයි 


ම්ම්..........අර බුදු රැස් සුදු පාට පිලිම වලින් , ගල්විහාරේ වගේ ගල් පිලිම වලින් විදිදුනේ නැත්තේ , මොකෝ දන්නේ නැ , සම්‍යක් දෘෂ්ටික දෙය්යන්ට  සුදු පාට පිලිම අකැපද දන්නෙ නැ . ඔය කාලේදි පේරදෙනිය කැම්පස් එකේ ලෙචාල සෙට් එකක්  ප්‍රොජෙක්ටරයක් ආධාරයෙනුත් අපිට බුදු රැස් පෙන්නුවා  සෙමිනා එකකදි  . සම්‍යක් දෘශ්ටික දෙවිවරු බටහිර විද්‍යාවෙන් හොයාගත්ත කොම්පීතර, ප්‍රොජෙක්ටර වලට එහෙමත් බලපානාවද දන්නේ නැ 



etc...........................




ඔබට  සම්පූර්ණ ලිපියේ වැඩියෙන්ම හිනා ගිය කොටස කුමක්ද ? පත් ඉරුවක ලියා දේශීය ක්‍රමයට හංසයෙකු (සමාවෙන්න , හංසයා නෙවෙයි පරවියා ) අතේ අප වෙත එවන්න . ඔබ හිතන කොටස අප හිතන කොටසට සමාන නම් වටිනා ත්‍යාගයන් පිරිනැමේ . කුසපත් ඇදීම සම්‍යක් දෘශ්ටික දෙවිවරුනේ  මූලිකත්වයෙන් තව්තිසාවේදී  සිදුවන අතර . පලමු ජයග්‍රාහකයාට තව්තිසාවේ දින 7ක සවාරියක්ද, දෙවැන්නාට නාථ දෙවියන් විසින් රචිත පිරිත් පුස්ථකයක්ද . තුන් වැන්නාට   ආසනික් රහිත දේශීය වල් නාශක කුප්පියක්ද හිමිවේ . ඉක්මන් කරන්න මේ දීමනාව . මේ සම්‍යක් ශෘෂ්ටික දෙවිවරුන් සෙට් එක පෝස්ට් වල ඉන්නකන් පමනයි

ආගමේ නාමයෙන් සත්ව ඝාතනයට , මනුෂ්‍යත්වයෙ නාමයෙන් එරෙහි විය යුතුය

හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ මිලේච්ඡ සත්ව ඝාතනය මෙවරත් සිදුවන බැව් වාර්ථා වී තිබේ . පසුගිය වසරේත් දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිදුවීම සිංහල බ්ලොග් අවකාශය තුලද සැහෙන  තරමේ සංවාදයක් මතුකල බවක්ද මතකයේ තිබේ . මෙයට පක්ෂපාතීත්වය දක්වනා පිරිස් මතුකරන මූලිකම තර්කය වන්නේ ආගමික නිදහසයි .

ශ්‍රි ලංකාව තුල ඕනැම පුද්ගලයෙකුට තම ආගම නිදහසේ ඇදහිය හැකි බවට කිසිදු විවාදයක් නැත . එම අයිතියට බාධා කිරීමේ  හැකියාවක් කිසිවෙකුටත් නොමැත . නමුත් යම් ආගමකින් සමාජයට අහිතකර බලපැමක් සිදුවෙනවා නම් ආගම ඇදහීමේ අයිතියේ නාමයෙන් ඊට ඉඩ දිය නොහැක . බිලි පුජාවන් යනු මිනිසාගේ පරිණාමනයේ එක්තරා අවධියකදී බහුලව භාවිතා කල පුජා විදි ක්‍රමයක් මුත් නූතන ශිෂ්ඨාරවත් මිනිසාට කිසිසේත් නොගැලපෙන්නකි . අද ලෝකයේ භාවිතා වන  ප්‍රධාන ආගම් කිසිවක බිලි පූජාවන් දක්නට ලැබෙන්නේද නැත . හලාවත සිදුකරන්නාවු මේ කියනා බිලි පුජාවත් අවිහිංසාව මුල් කරගත්  බහුතර හින්දු භක්තිකයින්ගේ පූජා ක්‍රමයක්ද නොවේ . ආගමකින් මිනිසාට , සත්වයාට , මහ පොලවට සිදුවිය යුතු සුභ සිද්ධිය පසකලා අහිංසක සතුන් දහස් ගණනකගේ  ජීවිත තොර කිරීම  යම කෙනෙකු අනුමත කරනවා නම් ඒ ඔහුගේ  සිතුවිලි මිලේච්ඡත්වයේ සිට ශිෂ්ඨාචරයට පරිණාමය වී නොමැති නිසාවෙන් විය යුතුය

 මීට විරෝධය පල කිරීම බෞද්ධයන් විසින් හින්දූන්ට එරෙහිව  කරනා බලපැමක් හෝ මේ සිංහල බෞද්ධා රාජ්‍යය නිසා  සිදුකරන විරෝධයක් නොව මනුෂ්‍යත්වයට නිගා දෙන ක්‍රියාවක් වෙනුවෙන් මිනිසුන් ලෙස එරෙහි වීමක් විය යුතුය . සිංහල බෞද්ධ (යැයි කියා ගන්නා ) අන්තවාදීන් එරෙහිවන දෙයකට එරෙහිවීම පිලිබඳ ගැටලුවක් තිබෙනා බවක්ද දක්නට ඇතත් , නිවැරදි දේ වෙනුවෙන් පෙනිසිටීමට ඒ වෙනුවෙන් පෙනී සිටිනා අනෙක් පුදගලයින් හෝ ඔවුනගේ දේශපාලනික අරමුණු බාධාවක් කරනොගත යුතුය

පසුගිය වසරේ මේ පිලිබඳ ඇතිවුන කථා බහේදී මස් මාංශ අනුභවය හා මේ සිදුවීම එකට ගැටගසනා තත්වයක්ද දක්නට ලැබුනි .  නිර්මාංශික වීම මේ වෙන විට එකතරා දුරකට "ශෝ" එකක් බවටපත්ව ඇතත්  මාංශ අනුභයට වඩා නිසි ලෙස පිලිපදිනා නිර්මාංශිකත්වය යහපත් බැව් පැහැදිලිය . එනම් මාංශ අනුභය යහපත් දෙයක් නොවන අතර මාංශ අනුභව කිරීමට හොඳ නම් බිලි පූජා කෙරුවාට කමක් නැත යන තර්කයටද පදනම්ක් නැත . අනෙක් අතට පාරිබෝජනය වෙනුවෙන් සිදු කරනා සත්ව ඝාතනය (මෙය හලාල් වැනි ම්ලේච්ඡ ක්‍රම වල සිට , ඇතැම් රටවල භාවිතා කරන අමානුෂිකත්වය සැහෙන තරම් අවම  ක්‍රම දක්වා විහිදෙන බවද දක්නට ඇත )  . එක්වර සතුන් රාශියක් ඝාතනය  කරමින් සිදු කරනා බිලිපූජාවන් අතර එහි අරමුන , සමාජීය බලපැම , ප්‍රතිඵලය යන කාරණා මතපදනම් විශාල වෙනස් කමක්ද දක්නට ඇත .

ආගමික බේදයකින් නොව , ජපානයේ තල්මසුන් දඩයමට , ස්පාඤඤයේ ගොන් පොර  ආදියට  විරෝධය පල කරනා මනුෂ්‍යත්වයේ නාමයෙන් මීට විරෝධය පල කිරීම සියලුම ශ්‍රි ලාංකීය පුරවැසියන්ගේ /ලෝ වැසියන්ගේ යුතුකමකි

අලින්ගේ නොවන අල කලංචි !!!

අලින්ගේ අල කලංචි නම් දැන්  දැකලාම එපා වෙලාය . උන් මුන්ගේත්, මුන් උන්ගේත් කලිසම් ගලවන නිසා (රෙද්ද බැනියම ගැන ලොකු ටෝක් දෙන උන් අඳින්නේද කලිසම් ය ) දෙගොල්ලම සිටින්නේ හෙලුවෙන්ය . ඒත් උන්ට ගානවත් නැත . බලා ඉන්න අපිට ගානකුත් නැත . අලින්ගේ හෙලුවට හිනා වෙන බුලත් කාරයින්ගේද අලකලංචි බොහෝමය .  මහ තැනගේ බල පරාක්‍රමය නිසාත් , දැනට බලය අතේ තියන නිසාත් එව්වා අර තරම් ලොකුවට එලියට එන්නේ නැත .

මේ අලකලංචි හොඳටම දකින්න තිබුනේ බුලත් කාරයින්ට පට්ටම් දුන් කාලයේය . අලුතින් පට්ටම් ගත්ත උන් , කලින් පට්ටම් කල උන් පතුරු ගැසුවේ  හරියට  කලින් පට්ටම් කලේ අලි සෙට් එකේ උන්දලා වගේය . ලොකු  තැන සද්දයක් දමා වැඩේ ශේප් නොකලා නම් තව ගොඩ දෙනෙකුගේ රෙදි ගැලවෙනවා බලා ගන්නට තිබුනා කියා සිතෙනවාය .  දැනටත් ඒවා නැත්තේම නැත . අහවල් නරුවේ පාල තුමාත්  ඉඳහිට මරු කථා කියනවාය . එක වරක් කිවේ තමන්ගෙ පවුලේ සැහෙන සෙට් එකක් හිටියත් කාව වත් පොලිටික්ස් වලට ගෙනාවේ නැ කියාය . ඒ නැමුවේ කාටද කියා රටම දන්නා නිසා අමුතුවෙන් කියන්නට ඕනැ නැය . උන්නැහේ ඊයේත් මරු කථාවක් කියා ඇත . ඒ බුලත්විට කාරයින් වගේ දොස්තරලා හදන්න බැ කියාය . ඒ  බණ්ඩා තුමා මොකක්ද එකකට උඩින් දකිනා දොස්තරලා පුද්ගලිකව  හදන්නටත් දත කත්දීය (හරියට වැඩෙ කරනවා නම් බුවා මෙතන්දී බණ්ඩා තුමාට සපෝට් බවත් කිව යුතුය )

හත්පොලේ ගාගන්නා ගොං වංශ තුමාත් හරියට කචල් දාගන්නවාය . මුලින්ම ඇවිලුණේ (බාල)තෙල් ජයන්ත තුමා සම්ඟය . ඒ තමන්ගේ පොරකට ලයිස්තුවෙන් එන්න දුන්නේ නැ කියායා . කොයි තරම් දැඟලුවත් ජයන්ත තුමා අන්තිමේදී දින්නාය . ඊලඟට හැප්පුනේ කඩුවෙල දාස තුමා සමඟය . ඇමති කෙනෙක් වෙලාත්  නගර සභාවේ දාස තුමාට කිචවී පල්ලම් බැසීමට වංශ තුමාට සිදුවුනාය . වංශ තුමා පෙලපාලි යන්නටත් රුසියාය (ඒවායේ ගොන් පාට්  දමා නාගන්නටත් එලෙසින්ම රුසියාය ) . මේ පෙලපාලි වලදී උන්නැහෙ ගෙනියන්නේ හුසේන් අන්කල් ,  ගඩාෆි අන්කල් වගේ අයගේ රූප අපේ රජතුමාගෙ රූපයත් එක්ක පෙලට තබා ගෙනය . උන්නැහේ වගේම ෆුල් බටහිර විරෝධියෙකු වන මණ්ඩලයේ පික තුමා මේකට කැමති නැය . උන්නැහේ කියන්නේ  වංශ තුමා කරන්නේ මෝඩ වැඩක් කියාය . වංශ තුමා මේ දවස්වල පොලවේ පස් කන්නේ 13 එපා කියාය , ඒත් බුලත් පිලේම ඩග්- අලස් තුමා කියන්නේ ෆුල් බලතල සහිත  13 හෝ පුලුවන් නම් 13+ ඕනැ කියායා . බුලත් සෙට් එකේම රතු උන්නැහෙලා කියන්නේම 13+ කියලාය (13 හැදුවේ ලංකාවේ ධනපතියන් "මංකියන්" සමඟ එකතුව කියා උන්නැහෙලාව මතක නැතුවා වගේය ) . අත පැත්තෙන් ආ බුලත් කාරයින් එහෙම කියන්නේ දැනට තියෙන විදිහට 13 තිබුනාම ඇති කියායා . එකම සෙට් එකේ අයම එක එක ඒව්වා කියන්නේ විපක්ෂයෙන් උන් මොකුත් නොකියනා නිසා විය හැක . කොහොම උනත් මණ්ඩලයේ පික තුමා මෙතන්දී වංශ තුමාගේ පැත්තේය


පික තුමාලාගෙ සෙට් එක හැමවෙලේම කියන්නේ ලංකාව සිංහල බෞද්ධයින්ගේ පමණක්ය කියාය (වංශ තුමාලාද එහෙමය ) ඒ නිසා උන්නැහෙලා මුස්ලිමුන්ට කැමැත්තක් ඇත්තේම නැත . ඒත් අහිංසක පොලිස් නිලධරයෙකුට පහර දී මරා දැමු අන්තවාදී මුස්ලිමුන් නිදහස් කිරීම පිටුපස ඉන්නේත් බුලත් පැත්තේම   පට්ටම් ධාරි මුස්ලිම් තුමෙක්ය . මේ දෙගොල්ලන්ට වගේම රතු තුමන්ලාටත් ලිබරල් ආර්ථිකය ඇස් දෙකට පේන්නට බැරිය . ඒත් බුලත් ආණ්ඩුවේ බොහෝ වැඩ ලිබරල් ය (භාගෙට ) . දැන් කොලඹට  දමා ඉන්නෙත් ෆුල් ලිව්බරල් වාදියෙක්ය . ජාතික ආර්ථිකයක් ගැන කථා කරන්නෙත් , පිරටටට ඉඩම් විකුනන්නේත් එකම සෙට් එකේ අයමය


තව තව සීන් ගොඩක් තිබේය මේ ලිව්වේ මතක් වෙන ටික විතරය . ඔබලාටත් මතක්වෙන දෙයක් තිබේ නම් පහලින් ලියා තැබිය හැක . බුවාලාට මෙවර ඡන්දය ඇත , නගරයේ සමහර පාරවල් කොල - නිල් මාරුවෙන් මාරුවට කොඩි වැල් ඇද ඇත .  කාගේවත් කොඩි වැල් කැපෙන්නේ නැත . කොල නිල් පොස්ටර් එක එක ලඟ පිරිලාය . (කොටින්ම සාමුහිකව පරිසරය දූෂණය කරමින් ඇත ) . කිසිම වලියක් කොල -නිල් අතර නැත . අනේ ඒත් තමන්ගේ ඒරියා  එකේ තමන්ගේ පිලේ වෙනත් එකකුට පෝස්ටරයක්වත් ගහන්න දෙන්නේ නැත . බැරිවෙලා ගැහුවොත් එදා රැම වහනවාය . ගහත්දී අහුවුනොත් ඉතින් වලියක්ය . මේවා දකින්න තියෙන්නෙත් (වැඩිපුරම ) බුලත් සෙට් එකේ අය අතරය

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිනමා වර්ගීකරණය

අවසාන ලිපියට කලින් ලිපිය ලියවුනේත් සිනමාව ගැන , සිනමාවේ දුම් වැටි භාවිතාව සම්බන්ඳව . ඒ ලිපිය කියවපු සමහර දෙනෙක්  මම  අදහස් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් වාරනයක් කලයුතුය කියලාද කියල ප්‍රශ්නය මතු කලා . ඇත්තෙන්ම මගේ අරමුණ වුනේ වාණිජ වශයෙන් දුම් වැටි සිනමා නිර්මාණ හරහා ප්‍රදර්ශනය කිරීමේ  තියන වැරැද්ද පෙන්වන එකත් . නිර්මානාත්මක අවශ්‍යතාවයන්ට අනුව භාවිතා කරන්න සිද්ධ වෙනවා නම් ප්‍රේක්ෂකයා කවුද කියන එක පිලිබඳව සැලකිය යුතුයි කියන කාරණය මතුකරන එකත් . ඒ මිසක "නිර්මාණ කරුවාගේ අදහස් වාරණය " නම් මම අනුමත කරන්නේ නැ කියන එකත් කියන්න ඕනි . මේ ප්‍රේක්ෂකයා තෝරාගැනීම කියන කාරණයේදී තමයි සිනමා නිර්මාණ වර්ගීකරණය(Rating )  කියන දේ වැදගත් වෙන්නේ . කලින් ලිපියට තියන පුංචි සම්බන්ධය ඇරුණාම අහම්ඹෙන් දකින්න ලැබුනු ටෙලි නාට්‍ය කුත් තමයි මේ වර්ගීකරණය කියන දේ ගැන කථා කරන්න පෙලඹීමක් ඇති කලේ .

ලංකාවේ දකින්න තියෙන්නෙ ඉතාම ප්‍රාථමික මට්ටමේ සිනමා වර්ගීකරනයක් /ශ්‍රේණිගත කීරිමක් නිසා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයේ දකින්න තියන වර්ගීකරනය තමයි මම මේ සඳහා පාදක කරගන්නේ , (ඔව්.... බුවා බටහිර ගැත්තා තමයි , හැබැයි ඒ නිසා නෙවෙයි ඉතාම ක්‍රමානුකූල වර්ගීකරනයක් දකින්න ලැබෙන නිසා ). මේකට යොදාගන්න මුලාශ්‍ර වෙන්නෙ බ්‍රිතාන්‍යයේ මේ කටයුතු සම්බන්ධව කටයුතු කරන British Board of Film Classification  ආයතනය එක්සත් ජනපදයේ Motion Picture association of America ආයතනය සහ විකි පිඩියාව

මුලින්ම බලමු බ්‍රිතාන්‍යයේ කොහොමද කෙරෙන්නෙ කියල 



  • U කාණ්ඩය කියන්නේ ඕනැම කෙනෙකුට බලන්න කිසිම ගැටලුවක් නැති කාණ්ඩය . ඒ කියන්නේ "පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි "


  • PG කියන කාණ්ඩය අවුරුදු 8ට වඩා වැඩි ලමුන්ට හානි දායක නොවෙන තත්වයේ ඒවා , හැබැයි ඊට අඩු ලමයින්ට සහ ටිකක් සංවේදි ලමයින්ට අහිතකර දර්ශන තියෙන්නෙ පුලුවන් . ඒ ගැන දෙමව්පියන් අවධානයෙන් සිටිය යුතුයි Ex -The Simpsons Movie.
  • 12 A කියන කාණ්ඩය බලපාන්නේ  සිනමා ශාලා වල තිරගත වීම වලට පමනයි . අවුරුදු 12 ට අඩු ලමුන් සඳහා මේ චිත්‍රපට සුදුසු නැ . නමුත් වැඩිහිටියෙකුට පුලුවන් 12ට අඩු දරුවෙක් තමන් එක්ක සිනමා ශාලාවට එක්ක යන්න , හැබැයි දරුවාට චිත්‍රපටිය පෙන්වීම සම්බන්ධ වගකීම වැඩිහිටියා සතුයි ex - Spider Man 3 
  • 12 කියන්නේ විඩියෝ පට සඳහා වෙන්වුන එකක් . අවුරුදු 12ට අඩු කිසිම කෙනෙකුට මේ වර්ගීකරනය සහිත චිත්‍රපට මිලට හෝ කුලියට ගන්න බැ 
  • 15 රැන්ක් එක දරන චිත්‍රපට අවුරුදු 15කට අඩු කිසිම කෙනෙකුට නැරඹීමේ හැකියාවක් නැ , ඒ වගේම විඩියෝ පට මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට හැකියාවකුත් නැ Ex - Girl Next Door 
  • 18 ත් කලින් එක වගේම තමයි වයස් සිමාව 18 වීම තමයි වෙනස
  • R18 වර්ගයේ ඒව තිරගත කරන්න පුලුවන් තෝරාගත් විශේෂ බලප්ත්‍ර සහිත සිනමා ශාලාවල පමනයි , ඒ වගේම විඩියෝ විකුනන්න පුලුවන් බලප්ත්‍ර ලාභී සෙක්ස් ශොප් වල විතරයි . අනිවාර්යයෙන්ම 18 ට වැඩි අයට පමණයි 
බලමු ඇමෙරිකාව ගැන

  • G - කියන්නේ සියලුම දෙනාට විවෘත චිත්‍රපටි , මේවායේ අදහස ලමා චිත්‍රපටි කියන එක නෙවෙයි , ලමයින්ටත් සුදුසුයි කියන එක , නිරුවත් දර්ශන , ලිංගික දර්ශන , හිංසාකාරී දර්ශන , මත්ද්‍රව්‍ය ආදී කිසි දෙයක් මේ චිත්‍රපටි වල අඩංගු වෙන්නෙ නැ . හිංසා කාරී දර්ශන ඉතාම සුලු වශයෙන් තියෙන්නෙ පුලුවන් රුධිරය වගේ දේවල් නැතුව 
  • PG - කියන්නේ බාලවයස් කාර දරුවන්ට නොගැලෙපෙන දේවල් තියෙන්න  ඉඩ තියෙන චිත්‍රපටි . හිංසා කාරි දර්ශන හෝ සුලු නිරුවත් දර්ශන සමහර විටක අඩංගු වෙන්න පුලුවන් . කොහොම උනත් දෙමව්පියන් තමයි තීරනය කරන්නෙ තමන්ගේ දරුවාට සුදුසුද නැද්ද කියල . මත්ද්‍රව‍ය භාවිතා කරන දර්ශන අඩංගු වෙන්නෙ නැ
  • PG - 13 - කියන වර්ගයේදී දෙමව්පියන්ගේ අවධානය අනිවාර්ය කරල තියනව (කලින් එකේ යෝජනා කරනව විතරයි ) කලින්  වර්ගයට තියනවාය කිව්ව දේවල් ඊට වැඩි මට්ටමිනුත් මත්ද්‍රව්‍ය දර්ශනත් මෙවායේ ඇතුල් වෙන්න පුලුවන් . කොහොම උනත් හිංසාකාරි දර්ශන සාමාන්ය මට්ටමෙනුත් නිරුවත් දර්ශන අඩංගු වෙනවා නම් ඒවා ලිංගික දර්ශන නොවෙන්නත් පුලුවන් . ඊට අමතරව කථා තේමාව , Tදෙබස් ආදියත් කලින් ඒවාට වඩා වැඩිහිටි පැත්තට බර විය හැකියි . නමුත් යම් කිසී සීමාවක් තුල Ex -Thor 
  • R - චිත්‍රපටි අවුරුදු 17ට අඩු අයට තනියම ගිහින් බැලීමේ හැකියාවක් නැ , හිතාමතා කරන හිංසා දර්ශන , ලිංගික ක්‍රියාකාරකම් අශ්‍රිත නිරුවත් දර්ශන , බරපතල දෙබස් , ප්‍රභල මත්ද්‍රව‍ය් භාවිතයන් මේවායෙ අඩංගු වෙන්න පුලුවන් . අවුරුදු 17ට අඩු එක්කෙනෙකුට දෙමව්පියන් හෝ වැඩිහිටියෙක් එක්ක ගිහින් නැරඹීමේ හැකියාව තියනව . කොහොම උනත් දෙමව්පියන් ඉතාම තදින් සැලකිල්ලට ගන්න ඕනි , චිත්‍රපටි තමන්ගෙ දරුවට ගැලපෙනවද කියල . කුඩා දරුවන් එක්ක ගෙන යාම අනුමත කරන්නේ නැ Ex Godfather 
  • NC - 17 -  අවුරුදු 17ට අඩු කිසිම කෙනෙකුට නැරඹීමේ හැකියාවක් නැ .  ලිංගික හෝ නිරුවත් දර්ශන විතරක්ම නෙවෙයි  තදබල හිංසාකාරි දර්ශන , මත්ද්‍රව‍ය භාවිතාවන් (තදබල ) වගේම කථා තේමාව අනුවත් මේ වර්ගීකරනයට චිත්‍රපට අයත් වෙන්න පුලුවන් 
ඒ සිනමාව ගැන . විකි පිඩියාවේ  තොරතුරු සමහරක් මීට වෙනස් . කොහොම උනත් මම උදාහරණ දාල තියෙන්නෙ විකියෙන් තමයි . බ්‍රිතාන්‍යයේ අදාල  දර්ශන ගැන හැඳින්වීමක් වෙබ් අඩවියේ නැ . නමුත් ඇමරිකාවේ එකට අනුව හිතාගන්න පුලුවන්නෙ . ඊලඟට බලමු රූපවාහිනි වර්ගීකරනය 

බ්‍රිතාන්‍යය තුල රූපවාහිනි වැඩසටහන් සඳහා කාල සීමාවක් තමයිදක්වලා තියෙන්නෙ . (ඒ කියන්නේ රාත්‍රි 9න් පසු විකාශය කරන වැඩසටහන් විදිහට වර්ගයක් වෙන් කරල ...etc ) .හැබැයි එහම නොවෙන සරල වර්ගීකරනයකුත් සමහර වෙලාවට තියෙනේව . මොකද ඒ ඒ රූපවාහිනි නාලිකා තමයි තමන්ගේ වර්ගීකරනය තීරණය කරන්නේ නෙ , නමුත් ඇමරිකාවේ ඒ සඳහාත් වෙනමම වර්ගීකරණයක් තියනව .

  • TV- Y - මේ ශ්‍රේනියට අයිති වෙන්නේ පොඩිම කට්ටියට අදාල නිර්මාන , ක්‍රියාදාම මොනව හරි තිබුනත් පොඩි අය බය නොවෙන ගානට තමයි (වයස 0-6) Ex -  Sesame Street,
  • TV - Y7 - මේක අවුරුදු 7න් උඩ අයට , අර වගේ නෙවෙයි පොඩ්ඩක් විතර හිංසා කාරි දර්ශනත් ෆැන්ටසි වර්ගයේ ඒවත් තියෙන්න පුලුවන්  ex - jimmy two shoes
  • TV - Y7- FV - මේකත් අවුරුදු 7ට වැඩි අයට තමයි , නමුත් ෆැන්ටසි පැත්තේන් ටිකක් වැඩිපුර හිංසාකාරි දර්ශන අඩ්ංගුයි කලින් එකට වඩා  ex - The Power puff Girls
  • TV -G - මේක ඉතින් හැමෝටම බලන්න පුලුවන් , ළමයින්ට කියල විශේෂයක් නැ හැබැයි . ඉතාම සුලු හිංසාකාරි දර්ශනයක් (හෝ නොමැති )   , සරාගී දේවල් හෝ හිංසා කාරි නොවන දෙබස් තමයි  තමයි අන්තර්ගත වෙන්න පුලුවන්  ex - Looney Toons 
  • TV - PG - කියන්නෙ දෙමව්පියන්ගේ අවධානය යෝජනා කරන කාණ්ඩය , විශේෂයෙන්ම ප්‍රයිම් ටයිම් ෂෝ ( වැඩි දෙනා බලන වේලාවේ වැඩසටහන් ) , ස්ංගීත විඩියෝ වැඩසටහන් අයත් වෙන්නෙ මේ කාණ්ඩයට 
  • TV - 14 - මෙතනදි දෙමව්පියන්ගෙ අවධානය තදින්ම යෝජනා කර සිටිනව . CSI  වගේ නාට්‍ය මාලා එහෙම අයිති මෙතනට . සමහර විට 14 ට අඩු ලමයින්ට නුසුදුසු වෙන්න ත් පුලුවන් දේවල් මෙතන අන්තර්ගතයි . ඒ වගේම රාත්‍රි කාලයට විකාශය වෙන සංගීත විඩියෝත් TNA රෙස්ට්ලිනුත් මෙතනට අයත් . WWE කලින් කාණ්ඩයට අයත් වෙත්දි TNA මේකට අය්ත් වෙන්නෙ දරුණු හිංසා කාරි , සහ සරාගි දෙබස් කණ්ඩ නිසා
  • TV - MA - කියන්නෙ 17ට අඩු අයට බැලීමට තහනම් ඒවා . නිරුවත් දර්ශන (ඉදිරිපස ) ප්‍රභල හිංසාකාරි දර්ශන . ඇඩ්වෙන්චර් ගනයේ ප්‍රභල රියලිටි , නිදහසේ වචන භාවිතා කරන කොමඩි ආදි ගොඩක් දේවල් මේ වර්ගයට අයත් Ex - Camelot 
ඔය අන්තිම තුනට තවත් සබ් රැන්කිනුත් තියනව ඒ පහත විදිහට 
  • L - රලු හා අවිනීත වචන 
  • S -විස්තරාත්මක ශෘංගාරය
  • V - හිංසාකාරි දර්ශන 
  • D - ප්‍රභල දෙබස් (ශෘගාරාත්මක /හිංසාකාරි )

පුලුවන් තරම් කෙටියෙන් ඔය වර්ගීකරනය ඉදිරිපත් කලේ , දැවැන්ත සිනමා කර්මාන්තයක් සහිත රටක් වෙලත් ඉන්දියාවෙ නම් මෙහෙම පැහැදිලි (විසිරුණු ) රේටින් ක්‍රමයක් දකින්න නැ (විකියට අනුව ) . අපේ රටේ නම් තියෙන්නෙ 18 ට වැඩි අඩු  විතරයි නේ . රූපවාහිනියට මොකුත්ම නැනේ . අපේ රටේ පවුලේ සැමට කියල බලන . ඉස්කෝලවලින් පවා පොඩි උන් ඇදගෙන යන නිර්මාණ කීයක් එහෙම නොවේනවාද ? 

මම මුලින් සඳහන් කරපු ටෙලි නාට්‍ය තමයි අමරපුරය , දැන් තියන අනික් ජරාවල් වලට වඩා යමක් කියන්න උත්සාහ කරන කථාවක් . හැබැයි මොන්ටිසෝරි යන එකාව බත් ටික කවන ගමන් ඉරිදා රැ 8.30 ට බලන්න හොඳ එකක් නම් නෙවෙයි . අපේ දෙමව්පියො පුංචි එවුන්ව ඇදෙගන ගිහින් පෙන්නපු අබා ගැන කියන්න තියෙන්නෙත්  ඒකම තමයි . මේ ගැන ඔබගේ අදහස් මොනවාද ? පහලින් එකතු කරන්න . ඒ වගේම  මම කියපු දේවල් වල වැරදි හදන්නත් , තමන් ඉන්න රටවල තත්වය ගැන පුංචි හැඳිවීමක් දෙන්නත් අපේ පිටරටවල ඉන්න සහෝදර සහෝදරියන්ට පුලුවන් කම තියනව .. 

Blog Promo ඊමෙල් ලිපිනය මකබැවිය , මෙන්න අලුත් ලිපිනය

 අලුත් බ්ලොග් කරුවන්ට අතදීමක් විදිහට බුවා පටන් ගත්ත Blog Promo ගැන සමහර අය නම් දන්නවාත් ඇති . නොදන්න කෙනෙක්ට මෙතනින් ගිහින් බලන්න  පුලුවන් . ඒ වෙනුවෙන් මාව සම්බන්ධ කරගන්න දීපු ඊ මෙල් ලිපිනය වුනේ buwa7@yahoo.com . බ්‍රවුසරේ ඔටො ලොගින් පිහිටෙන් පාවිච්චි කරපු ඒ  ඊ මේල් ලිපිනයේ මුරපදය අමතකයි (ඔන්න මතක ශක්තියේ තරම ) . වෙන කෙනෙක්  ඊ මෙල් චෙක් කොරන්න ගිහින් ලොගවුට් වුනා වුනාමයි මට ලොග් වෙන්න බැ . රිකවරි වලට දීපු ප්‍රශ්න වල්ට උත්තර ,මතකත් නැ (ශෝක් නේ ) . ඒ නිසා අලුත්  ඊ මේලයක් හැදුවා  ඔන්න ලිපිනය buwa74@yahoo.com . ඕක නම් මුරපදය කොලේක ලියල තියෙන්නෙ ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැ .  බ්ලොග්  ප්‍රමො එක්ක එකතු වෙන්න  කැමති අලුත් බ්ලොග් කරුවන්ට ඔය ලිපිනය භාවිතා කරන්න පුලුවන් . පහුගිය සතිය ඇතුලත කලින් ලිපිනයට  ඊමෙල් කල කෙනෙක් ඉන්නවා නම් සමාවේලා අලුත් ඊමෙල් ලිපිනයට ආයෙමත් ඊමෙලයක් එවන්න . පුලුවන් අය තමන්ගෙ බ්ලොග් අඩවි හරහා බ්ලොග් ප්‍රමෝ වලට සහයක් දෙන්න , පහලින් තියනව කෝඩ් එක


  <a href="http://buwa-blogpromo.blogspot.com/" ><img src="http://1.bp.blogspot.com/-FkF1__-smj8/TlB3esfQQuI/AAAAAAAAAPg/ncn2C6_3Z_s/s1600/Untitled-1.gif" alt="Blog Promo" title="Blog Promo" width="200" height="120" border="0" /></a>

කලාවේ දුම්වැටි ප්‍රචාරණය , වාරණය ෂර්ලොක් හෝම්ස් සමඟින් ෂාරුක් ඛාන්

මත්පැන් හා දුම්වැටි අඩංගු දර්ශනවලදී කොටු  දැමීමේ ක්‍රමය වෙනුවට බැනර්  ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් මේ මාසේ ඉඳන් හඳුන්වාදීල තියන බවක් තමයි කියන්නේ . හැබැයි ඒ අදාල පනතට කලින් නිර්මාණය වුනු නිර්මාණ වලටලු , අනෙක්වාට කරන්නෙ මොකක්ද කියන එක  මට නම් පැහැදිලි නැ , මොකද මේ  ගැන එක එක අය පල කරපු වාර්ථා එකෙනෙකට වෙනස් . කොහොම උනත් කොටු දැම්මට වඩා නම් බැනර් ප්‍රදර්ශනය හොඳයි කියල තමයි මම දකින්නේ . මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ  මේ ලංකාවේ වාරණයන් ගැන නම් නෙවෙයි කලා මාධ්‍ය වල දුම් වැටි භාවිතාව හා බලපැම සම්බන්ධව .

.සිනමාවේ මධ්‍යය අවදියේ ඉඳන්ම වගේ සිනමාව හරහා දුම්වැටි ප්‍රචාරණය කිරීම් සිදුවුනාය කිව්වොත් මං හිතන්නෙ මම නිවැරදියි , තමන්ගේ කථා තේමාවට අදාලව චරිත ගොඩ නැඟීමෙදී දුම්වැටි දර්ශන ඇතුල් කිරීමට අමතරව දුම්වැටි නිෂ්පාදකයින්ගේ  මුල්‍යාධාර මත  සිනමා පට නිපදවන්නත් ඒ හරහා චිත්‍රපටියේ වීර චරිත දුම්පානය  කරන්නන් විදිහට ඉස්මතු කරන්නත් 40/50 දශක වලදී පවා සිනමා කරුවන් කටයුතු කරල තියනව . වීර චරිත විතරක්ම නෙවෙයි සමහර සම්භාව්‍ය සිනමා නිර්මාණ හරහාත් දුම් පානය ආශ්වාද ජනක දෙයක් ලෙස රසිකයාට ඉදිරිපත් කරන්න කටයුතු කලාය කියලයි කියවෙන්නේ .පහල තියෙන්නෙ ඒ කාලයට අදාල ඡායාරූප කිහිපයක්

  Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire

කාලයත් එක්ක සිනමාව වර්ධනය වෙත්දි සුපිරි වීරයින් සහිත ක්‍රියාදාම චිත්‍රපට බිහිවෙත්දි ඒ වීරයින්ගේ (බොහෝ දෙනෙකුගේ) අනිවාර්ය ලක්ෂණයක් විදිහට දුම් පානය ඉස්මතු වුනෙත් සිනමා නිර්මාන හා ඇතැම් රංගන ශිලිපි ශිල්පිනියන් වෙනුවෙන් දුම් වැටි සමගම් අතදිගැරල වියදම් කල නිසාය කියලයි කියවෙන්නෙ

වීර චරිතවලටම පණ පොවපු සටැලෝන් ඊට කදිම නිදසුනක් . ඔහුගේ සැම සිනමා නිර්මානයකම වගෙ දුම් වැටි සඳහා ප්‍රචාරණයක් ලබා  දුන්නේ ප්‍රසිද්දියේ එකඟතාවලට එලඹිලා .  පහලින් තියෙන්නෙ  ඒ ආශ්‍රිත ලිපියක් .මෙයා විතරක් නෙවෙයි බොහොමයක් හොලිවුඩ් නලු නිලියන් සිනමා සමාගම් දුම්වැටි සමාගම් එක්ක එකතුව වැඩ කලා විතරක් නෙවෙයි ඉන්දියානු සිනමාවේ සහ අපේ සිනමාවෙත් ඒ සම්බන්ධකම් තිබුනාදෝ කියලත් මට නම් හිතෙනෙව .අපේ සුපිරි රංගන ශිල්පින් 70/80 දශක වලදි රඟපාපු සිනමා නිර්මාණ දිහා බැලුවාම ඒ කාරණය ඔබටත් වැටහෙයි










Source - tobaccodocuments.org

සිනමාව විතරක් නෙවෙයි රේඩියෝ වැඩසටහන් , ඒවාට අදාල පෝස්ටර් ,  රූපවාහිනි ආදි නොයෙකුත් මාධ්‍ය හරහා කෙරුණු දුම් වැටි ප්‍රචාරණයන් මේ වෙනකොට නම් යම් තාක් දුරකට අඩු කරගෙන යන බව තමයි කියවෙන්නෙ . ප්‍රධාන පෙලේ සිනමා සමාගම් තමන්ගේ සිනමා නිර්මාණ සඳහා දුම් වැටි  සමාගම් වල අනුග්‍රහය ලබා නොගැනීමත් , සිනමාරූපී අවශ්‍යතාවයන්ට විනා හුදු ප්‍රචාරක මාධ්‍යක් වශයෙන් පමණක් දුම් වැටි යොදා නොගන්නත් , කුඩා ලමුන් හා යෞවනයින් ඉලක්ක ගත කරගෙන නිර්මාණය කරන සිනමා නිර්මාණ සඳහා දුම් වැටි දර්ශන කිසිසේත් ඇතුලත් නොකරන්නත් කටයුතු කරගෙන යනවා . තමන්ගේ නිර්මාණයට අදාල චරිතවලට අදාල ලක්ෂන සමහර වෙලාවට ඉවත් කරල හරි කරන මේ දේ  සමජායට ඉතාම හිතකර වෙන්නෙ අතීතයට සාපේක්ෂව දැනුවත් තරුන පරම්පරාවක් ඉන්න වර්ථමානයේ පවා සිනමා/ටෙලි නිර්මාණ නිසා තාරුන තරුනියන් දුම් පානයට/ මත් පැන්වලට යොමු වෙනවාය කියල සමීක්ෂන වලින් තහවුරු වෙලා තියන නිසා . මත්පැන් වලට වඩා සිය ගුණයක් හානි දායක දුම් වැටි වලින් තාරුණ්යය බෙරා ගැනීම සඳහා අඩුම වශයෙන් දුම් වැටි වලට "වීරත්වයන් " ආරෝපණය කිරීම වත් නතර  කිරීම ඉතාම වැදගත් 

බොලිවුඩ් සිනමාවේ දුම්වැටි ප්‍රචාරණය ගැන චෝදනා එල්ල වෙන්නෙ 90 දශකයෙදි . ඉන්දියාවට විවෘත ආර්ථිකය   හඳුන්වාදුන්නායින් පසු මේ තත්වය ඇතිවුනා කියල හිතන්න පුලුවන් . අනුව දශකයේදී බිහිවුන "කිලාඩි" පන්නයේ චිත්‍රපටි වලින් දුම් බීමට වීරත්වයක් ආරෝපණය කරලා තියන බව ඒ නිර්මාණ බැලුවාම හඳුනාගන්න පුලුවන් . සිනමා නලුවන් දේවත්වයෙන් අදහන ඉන්දියාවේ බොහොමයක් දෙනා (තරුණයින්) දුම් පානයට යොමු කරන්න මේවාට හැකිවෙන්නත් ඇති .  ඉන්දියානු රජය දුම්වැටි ප්‍රචාරක දර්ශන වලින් ඉවත් වෙන්න  කියල  රංගන ශිල්පීන්ගෙන් මැතකදි ඉල්ලීමකුත් කරල තිබුනේ ඒ බලපැම ගැන අවබෝධයෙන් විය යුතුයිත . ඒ ඉල්ලීමට ඉතා හොඳ ප්‍රතිචාර සමහර රංගන ශිල්පීන්ගෙන් ලැබුනත් විරුද්ධ වුනු අයත් හිටියා . ඒ වගේම අතීතයේ හොලිවුඩ් නිර්මාණ වගේ ප්‍රචාරක පෝස්ටරයෙනුත් දුම්වැටි හුවා දක්වන බොලිවුඩ් නිර්මාණ වලට තාමත් ඉඩ කඩ තියනවාය කියන එක , ඉතාම ඉහල කලාත්මක ගුණයකින් යුතු නිර්මාණයක් වුන ගුෂාරිශ් චිත්‍රපටියෙ පහත ප්‍රචාරක පොස්ටරයෙන් පේනවා ඇති



මේ චිත්‍රපටියේ ප්‍රචාරක පටීයේ ත් දුම්බීම අන්තර්ගත බවක් තමයි මට නම් මතක 

ඒ සිනමාව හරහා දුම්වැටි වලට ලැබුන ප්‍රචාරය . ෂර්ලොක් හොම්ස් කියන්නෙත්  දුම් වැටි එක්කම කියවෙන නමක් .කොනන් ඩොයිල්ගේ දුම්බීමට තියන ප්‍රියතාවය නිසා මිසක දුම්කොල සමාගමක් නිසා එකතු වුන දෙයක් නොවුනත් ෂර්ලොක් හෝම්ස් ගේ පයිප්පය හා දුම්කොලත් , ගැටලුවක් විසඳීමට හොඳවයින් ෂොට් දෙකක් ඇදීමත් නිසා ෂර්ලෝක් හෝම්ස් චරිතයට ආදරය කරන   තරුණයින්ගෙන් කෙනෙකුත් ඒ නිසා දුම් බීමට යොමු වෙනවාය කියලත් කෙනෙකුට තර්ක කරන්න පුලුවන් . දුම් බීම ප්‍රචාරය කිරීමේ අරමුණක් නැතුව , ඉතා විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයක සුවිශේෂී චරිතයක්  නිර්මාණය කිරීමේ අරමුණින් කරපු දෙයක් නිසා ඒ ගැන චෝදනාවක් එල්ල කරන්න බැරි වුනත් . ස්ටැන්ඩර්ඩ් සඟරාවේ ඉඳන් අන්තිමට ආපු චිත්‍රපටිය දක්වාම ෂර්ලොක්ගේ  දුම්බීම භාවිතා වුනේ ඒක චරිතයෙන් වෙන් කරන්න බැරි තරමට බද්ධ වුන ආවෙනික ලක්ෂනයක් නිසා ව් වෙන්න ඕනි   



ශාරුක් ඛාන් කියන්නෙත් දුම්බීම සම්බන්ධයෙන් නිතරම නම කියවෙන චරිතයක් . ඒ ඔහු පෞද්ගලික ජිවිතයේදිත් දුම් පානයට අධික ලෙස ඇබ්බැහිවෙච්ච කෙනෙක් නිසා .


පේනවනේ මයික් පොල්ල අතේ තියාගෙනත් බටේ කටේ ගහගෙන ඉන්නේ ....

ඒ විතරක්ම නෙවෙයි ඉන්දියානු රජයේ දුම් පානයට   එරෙහි ඉල්ලීමටත් විරුද්ධව අදහස් පල කල කෙනෙක් තමයි ෂාරුක් ඒ  ගැන ඔහු කිව්වෙ මෙන්නෙ මෙහෙම

""I want to tell on behalf of every actor, director and producer that anything negative in movies like, fighting, firing, smoking, drinking and rapes are not for their glorification, but they are a part of characters. Films can't be all about good things or god and goddess," 

                                                                                     Source - bharatwaves.com


ෂාරුක්ගේ  කථාවේ ඇත්තක් තිබුනත් සිනමාවේ යහපත් ය කියල උලුප්ප්න චරිතවල අංගයක් විදිහට  දුම්පානය එකතු කරල දුම්බීම ප්‍රචාරණය කිරීම නම් සිනමා කලාවට අයත් දෙයක් නෙවෙයි . ෂාරුක් රඟපාන ඩොන් - 2 චිත්‍රපටිය (මට හිතෙන විදිහට හොඳම බොලිවුඩ් ක්‍රියාදාම  චිත්‍රපටිය ) තුලත් ෂාරුක් දුම්පානය කරන දර්ශන තියනවාය කියල පහත ප්‍රචාරක විඩියෝවෙන් පේන්න තියනව




ඒ පතාල ලෝක්යේ මැර චරිතයක් වශයෙන් ගොඬ නගපු ඩොන්ගෙ චරිතයට අවශ්‍ය අංගයක් නිසාද නැතිනම් පාතාල නායකයෙකු වුනත් චිත්‍රපටියට අදාලව "වීරයා " නිසා තවත් ප්‍රචාරණයක්ද කියල හිතන්න බැරි ෂාරුක් තවමත් දුම් පානයට පක්ෂ තැනක ඉන්න නිසා . ඩොන් වගේ පාතාල චරිතයක කෙසේ වෙතත් වෙනත් චරිතයකදි ඔය  දේ කලොත් නම් ෂාරුක් ඒ කරන්නේ ඉතාම බරපතල හානියක් (ඉන්දියානු තාරුණයට  ) බව  සඳහන් කරන්න ඕනි .


ක්‍රිඩාවේන් , වෙලඳ ප්‍රචාරණයෙන් ඇත් කරල තියන  , තමනුත් මැරෙන ගමන් අනුන්ත් මරන දුම් වැටිය කලාව තුලිනුත් ප්‍රචාරණය කිරීම නවත්වන්නට හැකි වුනොත් දැනටමත් අඩු වෙලා ඉන්න දුම් බොන්නන්ගෙ සංඛ්‍යාව තවත් අඩු කරගන්න ඉඩ කඩ ලැබෙයි . ගාමිනි - විජය වගේ කොල්ලන්ට ඇගෙනට දැනෙන  ප්‍රතිරූප දැන් නැති නිසා ලංකාවෙ සිනමාවේ දුම් පානයට නම් දැන් යමක් කරන්න හැකියාවක් ඇතියි කියල මම හිතන්නෙ නැ , ඒ වුනත් මහ දවල් 12 ටත් පෙල්න්ටියයි සිගරට් එකයි ගහන උන්ගේ "අමුතු ආතල් "එක ආතල් එකක් නොවේය කියල පෙන්නන්න ටෙලි නාට්‍ය   (කලාව??? ) නම් යොදා ගන්න හැකිවේවේ !!!

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top