Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

October 2011

පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉන්න ගම රාලයි ගම මහගෙවයි දැක්කද ?


ඔය උඩින් තියන  පොටෝ රාජයා මොකක්ද කියල දන්නවා ඇතිනේ . අපේ මහරජතුමා , එංගලන්තේ මහ රැජිණිව මුණ ගැසීම ( රාජකීය හමුවක්  ) . ඔය ෆෝටේ එකත් "ෆොටෝ සාප්පු" වික්‍රමයක්ය කියල කියනව , අනේ මන්ද මම නම් ඔය දේශද්‍රෝහි කථා කියන්න යන්නේ නැ .(මෙතනින් ගිහින් කැමති කෙනෙකුට ඒ කථාව බලාගන්න පුලුවන් . )

මම අවධානය යොමු කරන්නෙ ඔය ෆෝටෝ එකේ අපේ ජනාධිපති තුමාටත් ආර්යාවටත් පිටිපස්සෙන් ඉන්න රාජ්‍ය නායක කපල් එක ගැන . ඔය කැතට ඊතල දෙකක් ඇඳල තියෙන්නෙ ඒ දෙන්නට .


මොකද හිතෙන්නෙ  ලංකාවේ කපු මහත්තයෙකුයි නෝනා මහත්තයයි වගේ නේද . එහෙමත් නැත්නම් ගමරාලයි ගමමහගෙයි වගේ කියලත් කියන්න පුලුවන් නේද ?

මට නම් පේන්නේ ඒ විදිහට තමයි . ලංකාවේ ග්‍රාමීය ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසිලා ඉන්න මේ ඩබල මොන රටේ  අයද කියල කවුරු හරි කෙනෙක් දන්නවද  ?

ලංකා සී නිවුස් බයවෙලාද???

ශ්‍රි ලාංකීය දේශප්‍රේමී ජනයා අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ලංකා සී නිවුස් අඩවිය එහි ඵලවන රසවත් ප්‍රතිචාර නිසා වඩාත් ජනප්‍රියය . අහෝ ඛේදයකි !! ලංකා සී නිවුස් දැන් ඇතැම් ලිපි වලට ප්‍රතිචාර ඵ්ල කිරීම අත්හිටුවා ඇත . ගරු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශයක් පිලිබඳ සටහන් කර ඇති මෙම ලිපියට    2011 ඔක්තෝබර 25 දින උදැසන 10 42 වන තෙක්ම ප්‍රතිචාර පල කිරීමේ අවස්ථාවන් ලබා දී නැත . (පහත පලවන රූපයෙන් එම වෙබ් පිටුව එසේ ප්‍රතිචාර වාරණය කර ඇති ආකාරයත් , දෙවන රූපයෙන් , එම වෙබ් අඩවියේ ප්‍රතිචාර පල කල  හැකි එහෙත් ප්‍රතිචාර කිසිවක් මෙතෙක් සටහන් නොවූ  පිටුවක  රුපයකුත් දැක්වේ ) . තම පාඨකයින්ගේ නිදහස් අවංක හැඟීම් එලෙසින්ම සටහන් කිරීමට කවදත් ඉඩ ලබා දුන් සී නිවුස් කතෘ තුමනි ,මේසේ පාඨකයින්ගේ "ප්‍රතිචාර ඵ්ල කිරීමේ අයිතියට" වැට බඳින්නේ . ඔබතුමා බයවෙලා ද?බයකරලාද?



ගඩාෆි අන්කල් වෙත අපායට ලියුමක් !!!


ආදරණීය ගඩාෆි අන්කල් ,

මීට මාස දෙකකට කලින් මම අන්කල් ට එවූ ලියමන ලැබුනාද ? .  ලියුම  ඔහෙට එනකොට අන්කල් ටිරිපෝලියෙන් මාරු වෙලා නිසා ලැබෙන්න නැතුව ඇතිය . අන්කල් ලාට නොතේරේන මගෙ චූටි මොලේට තේරෙන උපදෙසුත් ඒකේ ලිව්වාය . අපරාදේ ඒක ලැබුනා නම් අන්කල්ට බේරෙන්නටත් තිබුනායා . කොහෙද අන්කල් බක පණ්ඩිතයා වී ඉල්ලං කා ගත්තාය . ලිබියාවට නම් ලියුම් එවන්නට පට්ට ලේසිය මුද්දර තොගයක් ගහල පෙට්ටියට දාන එක විතරය .අපායට එහෙම බැරිය. මේ ලියුම එවන්නේත් බුදු ගේමක් දීලාය . දීවිය ලෝකෙට නම් නාථ දෙවි අංකල් අතේ ලේසියෙන්ම ලියුමක් යැව්වැකිය . අපායට ලියුම් ගෙනියන බල්ලෙක් වත් අපේ ආශ්චර්ය දීපේ හොයා ගන්නට නැය . මේ ලියුම එවන්නේත් නාථ අංකල්ට ආසනික් බෝතලයක පගාවක් දීලාය .නැත්නම් ඌ මලාට අපායට ලියුම් ගෙනියන්නට කැමති නැය.

කලින් ලිපියේ කිව්වා වගේ මමත් අම්මාත් අන්කල්ට ගෝඩාක් ආදරේය , ඒ අන්කල් අපේ ආඩමබරකාර පියා අන්කල්ගෙ යාලුවෙක් නිසාමය . අන්කල් මැරුණ එක ඇහුව  වෙලේ අම්මාත් මාත් හොඳටම ඇඬුවෝය . අම්මා ඇමරිකාවට පලි නොගැහුවා විතරය . අඬන ගමන් හිල්ලුවේම "ලෝකෙට තවත් දේශප්‍රේමියෙක් අහිමි වුනා කියාය "

අලි පක්ෂේ නායක තුමා වගේම අපේ තාත්තාත් ගොට්ට ගහන්නේ ඇමරිකාවටමය .ඒ නිසා තාත්තා නම් අන්කල් මැරුණාට ෆුල් හැපිය . කොලඹ දින්න වෙලාවේ ගෙදර තිබුන ඔක්කොම රතිඤ්ඤා පත්තු කර තිබුනේ හොඳ වෙලාවටය , නැත්නම් අන්කල් මැරුණාම රතිඤ්ඤා පත්තු කරන්නට ගොස් තාත්තා අම්මගෙන් ගුටි කනවාය .ධනවාදී බටහිරට  එරෙහි අපේ අය්යාත් අන්කල්ට ආදරේ බව මම කලින් ලියුමේ කිව්වාය , ඒත් මේ  වෙනකොට නම් අය්යාට අන්කල් ගැන  වගක්වත් නැත . අය්යා මේ දවස් වල හීනෙනුත් කියන්නේ වාක්‍ය දෙකය . එකක් "පෞදගලික උපාධි කඩ ආරම්භ කිරීම වහාම නවතනු ය " අනෙක "සරසවි මිල්ටරීකරණය වහාම නවතනු ය " , ඒව්වා මිසක් අන්කල් ගැන සිහියක්  අය්යාට නැත

 කවුරු මොනවා කිව්වාත් මම නම් තාමත් අන්කල්ට බොක්කෙන්ය . කැරලි අය්යාලා අන්කල් ගෙ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරනවා දැක්කාම දුක හිතෙන්නේ ඒකය .

  අන්කල් ඉන්න අපායේම අපේ රටෙන් ආපු අන්කලාත් ඉන්නවා ඇතිය . නිදන් දාස (aka පන්සල් දාස ) අය්යාගේ පියතුමාත් ඇත්තේ  ඔහෙය . බොහෝ වෙලාවට අන්කල් ඉන්න ලෙවල් එකේමය . සුදු ඇඳලා දඩාර මල් වට්ටියක් උස්සන් ඉන්නවා නම් ඒ පොරය . ඒ අන්කල් නම් ලේන්සුව වනපු ගමන් කැලි වලට  කැඩී ගියාය . අන්කල් මැරුණාම කැරලි අය්යලා "අල්ලා හුඅක්බර්" කිව්වා වගේ මෙහේ අය  සිනියර් දාස අන්කල් මැරුණාම රතිඤ්ඤා ගැහුවාය .එයත් ඉන්න කල් කලේ අන්කල් කරපු ජාතියේ  හිපාටු වැඩමය

ආ තවත් අන්කල් කෙනෙක් ඇතිය ,  පොර ඇත්තේ අමුතු ජාතියේ තොප්පියක් දමාගෙනය . එයා නම් සමහර විට ඇත්තේ අන්කල් ඉන්න ලෙවල් එකට පහල ලෙවල් එකකය . මෙලෝ යකෙකුට තෙරෙන්නෙ නැති එව්වා කියවන පොරක් ඉන්නවා නම් කෙනා එයා තමයි ය . පොරට මෙහෙදී ගොඩ දෙනෙක් කිව්වේ "අජේවීර" කියලාය . දැන් මොකක් කියනවාද කියලා නම් දන්නේ නැත . මොකද ඔය වමේ අන්කල් ලාට නම් හැට හුටාමාරක් තියනවාය


අන්කල්ට පොරව මුණ ගැහුනොත් පොරගේ රැවුල තියනවාද කියා බලන්න පුලුවන් නම් ලොකු දෙයක්ය . අපේ අය්යා රැවුල වවන්නේ අජේවීර අන්කල්ගේ විදිහට කියාය . තාත්තා නම් කියන්නේ අජේවීර අන්කල් හමුදාවට මාට්ටු වෙන කොට හිටියේ රැවුල කපලා නිසා අය්යාත් රැවුල කැපිය යුතු බවය . මේ රැවුලේ සීන් එක මාර වාතයක් ය . අන්කල් අජේවීර අන්කල්ගෙ ගේ රැවුල ගැන බලලා කියන්නට පුලුවන් නම් එක්කෝ තාත්තා අය්යාට රැවුල වවන්නට දෙයිය , නැත්නම් අය්යාටම රැවුල එපාවී කපා දමයි ය .

මෙහෙන් ආපු තවත්  පොරකුත් ඔහේ ඉන්නවාය . එයා නම් ඇත්තේ අපායේ පහලම ලෙවල් එකේය . අන්කල් ලාගේම සෙට් එකේ පොරක් වූ ඔසාමා අන්කල්  ඉන්න අහක පොරත් ඉන්නවා ඇතිය . කඳ බඩ මහත  දෙමල් නලුවෙක් වාගේ රැවුලක් ඇති පොරක් ඉන්නවා  නම් ඒ මං කියන ඩයල් එකය . එයාගේ නම් පිරභාහරන් හෝ ප්‍රභාකරන්ය  ඔය කොයි එක උනත් ඇති වෙනසක් නැත . මිනිහා ඉන්නන් කල ඒවා හැටියට අන්කල් ගේ කෙරුවාව සැහෙන්න හොඳය


 අන්කල්ට ටික දවසලට කලින් කෙලවා ගත්ත "සූරත " අන්කලුත් ඇත්තේ ඔහේය . හැබැයි අන්කල්ට වඩා නම් උඩ ලෙවල් එකකය .  හැබැයි ගොඩ දෙනෙක් කියන විදිහට සූරත අන්කල්  හිත හොඳ පොරක් නම් ඔහේ නැවිත් දිවිය ලොකේ ගියාද දන්නේත් නැත . සමහර විටක අතරමැද තැනක හිරවෙලාද දන්නේත් නැත . අන්කල් සූරත අන්කල් හම්බවුනොත්  , එයාට ආතල් එකේ ඉන්නටය කියා කියන්නය . මොකද සූරත අන්කල්ගෙ දුව සුපුනිකා අක්කා ගේමට බැහැලාය , සහෝදර සෙට් එකත් ගේමට බැහැලාය .  සූරත අන්කල්ට ඒ ගැන සතුටු වෙන්න පුලුවන්ය .  ඒ අයගේ ට්‍රයි එක හරි නොගියත් අඩුම ගානේ මගේ උන්වත් මං වෙනුවෙන් හිටියා කියා  හිතහදා ගන්නවත් පුලුවන්ය .

 පොල්කුඩු සුමින්ද අය්යා ට   වැඩෙ පත්තු උනා නම් ශුවර් පිටම එන්නේ , අන්කල් ඉන්න දිහාවටය . ඒත් එයා නම් ඔහෙන පාටක් නැය . පොර දැන් යෝගටුත් කනවාය

 අදට ඇති වගේය , නාථ අන්කල් ආයෙත් පාරක් ආසනික් බෝතලයකට නම්මා ගන්න පුලුවන් උනොත් ආයෙත් ලියුමක් එවන්නම් ය .අන්කල්ට අල්ලාගේම පිහිටය


ප.ලි - අන්කල්ගේ ලිබියාවේ ගොත්තර 14 එකා එකා මරා ගන්න පටන් ගනී කියා සමහර  එය කියනවාය , එතකොට ඔය අල්ලා හුඅක්බර් කියූ  කැරලි අය්යාලාට අල්ලාගෙම පිහිටය . එහෙම වුනෝතින්   ලිබියාව  අපායට වඩා චාටර් වෙන නිසා අන්කල්ට ආපහු එහෙටම ට්‍රාන්ස්වර් එකක් ලැබිය හැක . එහෙම වුනෝතින් දිගටම ලියුම් එවන්නටත් පුලුවන්ය

                                           මීට තණමල්විල හිච්චි එකා






ලංකා ඊ නිවුස් සහා ලංකා නිවුස් වෙබ් වාරණය කරයි ......ලැජ්ජයි

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියටත් , ලංකා නිවුස් වෙබ් අඩවියටත් ශ්‍රි ලංකාවේ ග්‍රාහකයින් ඇතුල් වීම ප්‍රධාන අන්තර්ජාල සැපයුම් කරුවන් දෙදෙනා විසින් නවතා දමා ඇත, ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මේ පිලිබඳ ලිපියක්ද පල කර ඇති අතර , ඔවුන් සඳහන් කරනා එක් අන්තර්ජාල සම්පාදකයෙකු තුලින් ලංකා නිවුස් වෙබ් වලටද පිවිසිය නොහැක . මේවායේ මාධ්‍ය භාවිතාවන් පිලිබඳ ගැටලු තිබිය හැක.(මා හටද බොහෝ ප්‍රශ්නාර්ථයන් ඇත )  නමුත් අධිකරණ නියෝගයකයින් තොරව හොර පාරෙන් කරනා වාරණයන් යනු සැබවින්ම  අසික්කිත ක්‍රියාමාර්ගයන්ය , යම් වෙබ් අඩවියකින් සිදුකරනා මඩ ගැසීමක් වේ නම් අධිකරණය හරහා නියෝගයක් ලබාගෙන අදාල වෙබ් අඩවි  බාධා කල හැක . නමුත් එසේ නොකර සිදු කරනා මෙවැනි දැ වලින්  පැවසෙන්නේ ඒ  ප්‍රවෘත්තීන් සත්‍ය නිසා බියවී ඇති බවද?? .

දිගට හරහට අසභ්‍ය වෙබ් අඩවි බ්ලොක් කිරීම නිසා පොඩි එකෙකු වුවත් බාධක වලින් රිංගා යැමට ක්‍රමයන් දන්නා හෙයින් අදාල වෙබ් අඩවි වලට එතරම් පාඩුවක් සිදු නොවනු ඇත ,

 ( යම් හෙයකින් අදාල සමාගම් මෙසේ කරන්නේ තාක්ෂනික දෝෂකින් නම් ඒ බැව් වහා පැවසිය යුතුව ඇත )

කියන්නට ඇති එකම දෙය නම් "ලැජ්ජයි" යන වදනයි , ඊ නිවුස් , නිවුස් වෙබ්  එරෙහිව සිටින්නේ කාටද කියා සියල්ල්ලන්ම දන්නා නිසා ලැජ්ජා විය යුත්තේ කව්දැයි අමුතුවෙන් කිව යුතු නැත

මේ ලියවෙන්නෙ සියවෙනි සටහනයි




මේ සියවෙනි ලිපිය , අවුරුද්දකුත් මාස තුනක්  විතර වෙන බ්ලොග් කරණයේදී සියවෙනි ලිපිය කියන්න පුද්ගලිකව වැදගත් මොහොතක් , ඒ සතුට බෙදා හදාගන්න තමයි මේ සූදානම . වසරක් සම්පූර්ණ වෙච්ච වෙලාවෙදි මගේ බ්ලොග් කරණ අතීතය ගැන සටහනක් තිබ්බා , ඒ නිසා ඒ ගැන සඳහන් නොකර  වෙනත් කාරණා ටිකක් තමයි  සටහන් කරන්න යන්නේ 100 පිරීමේ සතුට නිමිත්තෙන්.


ඔය උඩින්ම දාල තියන රූපේ තමයි මගේ ස්ටැට් කවුන්ටරය , මේ ලිපිය ලියන්න පටන් ගන්න සුලු මොහොතකට කලින් දත්ත තමයි ඔය වාර්ථා වෙලා තියෙන්නෙ (ඡායාරූපය මත ක්ලික් කලාම විශාලනය වෙයි )

පහල තියෙන්නෙ රූපයේ ඇති/ නැති මූලිකම තොරතුරු

මේ දක්වා මුලු පිටු නැරඹුම් සංඛ්‍යාව 41 927
වැඩිම පාඨකයින් ගාන ලාංකීය සිතුවිලි හරහා 2620 ඊලඟ පාඨක සංඛ්‍යාව කොත්තුවෙන 1970 ,  ඊලඟට අනුපිලිවෙලින් සිංහල බ්ලොග් කරුවන්ගෙ සංසදය 1218 ,ඉතාම මැතකදි මම එකතු වුනු අඹගහයටින් 776, මූණු පොතෙන් 464(මේ සියල්ලම පාඨකයින් ශෙයා කරපුවා ) කතන්දර සුරින්ගෙන් 437 හත්මාලුවෙන් 302ක් සහ බ්ලොග් ගඩොල් වලින් 162 ක් තමයි ඉහලින්ම සටහන් වෙලා තියෙන්නෙ .ඊට අමතරව බ්ලොගයේ අඩංගු විජට් හරහා පරණ ලිපි වලට යොමුවීම් සංඛ්‍යාව 2000කට වැඩියි

මම දාපුවත් එක්ක මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 1235 ක්

 ඒ තමයි සංඛ්‍යාත්මක කාරණා , ඊලඟට බලමු මොනවද ජනප්‍රියම ලිපි කියල

01)නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ගැන , අනික් අයට හිතුන දේවල් 

නාමල් මහත්ත්යගෙ "මෝඩ" කථාව ගැන ලියපු ලිපිය තමයි එදා මෙදාතුර ජනප්‍රියම එක , මට විතරක් නෙවෙයි නාමල් මහත්තයගෙ කථාවෙන් එජාපයටත් වාසි උනාද මන්ද , කොලඹ එජාපය දිනනවාය කියන තැන හිටියත් මම නම් හිතාන හිටියේ බොරැල්ල සහ නැගෙනහිර කොලබ ආණ්ඩුව දිනාවි කියල , නාමල් මහත්තය මේ කථාව කිව්වෙත් බොරැල්ලෙදිමයි !

02)හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටප
 මේක තමයි දෙවෙනි ස්ථානය , මේ ලිපිය සරල විනෝදය අලලා ලිව්ව එකක් , ඒ වගේම අඩුපාඩුත් තියනව හොලිවුඩ් කතන්දරේදී , මොකද මම හොලිවුඩ් චිත්‍රපටි බැලුවට හොලිවුඩ් නිලියන් ගැන එතරම් උනන්දු නැහැ . සෙක්සි හොලිවුඩ් නිලයන්ට වඩා ලස්සනින් වගේම සරාගි බවෙනුත් මගේ රසය තියන්නෙ බොලිවුඩයේ කට්ටිය ගැන , ඒ නිසා හොලිවුඩ් ගැන  තොරතුරු සාර්ථකම නැ .


03) චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුරංගනී එල්ලාවල අසමත් වූ දෙය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනගනිවිද ?




මෙ ලිපිය මේ දවස් වල උණුසුම්ම මාතෘකාවට අදාල නිසා ජනප්‍රිය වීම පුදුමයක් නැ


04) සුද්දන් සමඟ හෙලුවෙන් දේශප්‍රේමීන්


මේ අර නිරුවත් වෙරල තීර කථාව , මම බොක්කෙන්ම මේකට සපෝට් අපේ ජනාධිපති තුමාට . එකක් වෙනුවට කිහිපයක්ම දානවාය කියලයි ආරංචිය 




ලංකාවේ මේ වෙනකොට ජනප්‍රියම දෙය්යො නාථනේ, නාථ දෙවියන්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිත නලින්ද සිල්වා මහතා වගේම තවත් පොරක් සහ මාධ්‍ය ප්‍රකාශක සී නිවුසියත් සෙට් වෙන වැඩක් තමයි මේක

06)ගොන් සිරසෙ.. ගොන් ආතල් !!

වෙන මොනව කියන්නද , එමමයි එපමණයි

07)ජැකොලයින්ගෙ නිරුවත, ඉන්දියානු සිනමාව හා අපි
08)පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු ...
09) ඇන්ඩ් කොම්පැනියේ සමහර වචන වලට හොටදාන්නේ මොකාද??මොක...
10) C නිවුස් කතුවරුන් කුඹුරට , මාරයා එලවලු හිටවයි , මහ...

අපේ ප්‍රවීන බ්ලොග් කරු මාරයා සෙට් වෙන්නෙ මේ කතන්දරේට , ඒ විතරක් නෙවෙයි අපේ නාථ දෙවියෝ කල එලි බසින සහ ලංකාවේ ජනප්‍රියම මූලද්‍රව්‍යය වෙච්ච ආසනික් කරලියට එන්නෙත් ඔය සීන් එකෙන් . ඒ ගැන මගේ විග්‍රහය තමය්ටි ඔය ලිපිය


ඒ තමයි මගේ "පම්පෝරිය" ... කොහොම උනත් මේ  පම්පෝරි ඔක්කොම ගහන්න අවස්ථාව සලසල දුන්න ඔබතුමන්ලා , තුමියන්ලා තමයි වැදගත්ම . සින්ඩිකේටර හිමිකරුවන් සියලු දෙනාම , මෙතෙක් කල් එක ලිපියක්  හරි කියවපු  හැම කෙනෙක්ම , තමන්ගේ බ්ලොග් රෝල් වලින් සහය දුන්න හැම කෙනෙක්ම , ඇනෝ තුමන්ලා  ඇතුලු ප්‍රතිචාර පල කල හැමකෙනෙක්ම තමයි මේ ලිපි සියය ලියන්න , පසුපස හිටිය ශක්තිය ඔබ සැමදෙනාටම බොහොමත්ම ස්තුතියි !!!!!!!!

ලේසිම සහ මෝඩම උත්තර දෙක- "ක්‍රමයේ වැරැද්ද " සහ " කොයි එකාත් එකයි"

මේ දවස් වල  මතුවෙලා තියන  වාතවරණයත් එක්ක ලංකාවේ දේශපාලනය ගැන විවිධ පාර්ශවයන් අදහස් දක්වන්නට පටන් අරගෙන තියනවා කිව්වොත් නිවරදියි . මෙතනදි මූලික වශයෙන්ම ඇහෙන පිලිතුරු දෙකක් තියෙයි  ඉන් පලවෙනි එක තමයි "ක්‍රමයේ වැරැද්ද" දෙවැන්න "කොයි එකත් එකයි" කියන එක . දේශපාලන ක්ශේත්‍රයේ ඉන්න අය විතරක් නෙවෙයි බ්ලොග් කරණයේ ඉන්න අයත් ඔය කාරණාවන් ගැන අදහස් දැක්වීම් කරල තිබුනා ඒ අතර මාතලන් ,මාරයා සාතන්  සහෝදරයින්ගේ   ලිපි ත් අන්තර්ගතයි (නමට සම්බන්ධ කර ඇත්තේ අදාල ලිපි වේ )  

මොකක්ද මේ වැරදියි කියන ක්‍රමේ ??

ජේ.ආර් ජනාධිපතිවරයා හඳුන්වාදීපු විධායක ජනාධිපති ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමය තමයි මේ ක්‍රමයේ වැරැද්දට බැනුම් අහන්නේ . ජනාධිපතිවරණයක් කිට්ටු වෙත්දී විවේචනයට ලක්වෙන විධායක ජනාධිපති ක්‍රමය නම් ඊට පස්සේ කරලියට  නොයෙන්නෙ දිනන පුද්ගලයා මොකා උනත් විධායක ජනාධිපති පෝස්ට් එකේ බලතල වලට ආශ කරන නිසා . විධායකය අයින් කරන්න කියල ආපු චන්ද්‍රිකා   මැතිණිය සහ රාජපක්ෂ මැතිතුමා ඒක නොකලෙත් , රාජපක්ෂ මහත්තය ඒක තවත් ශක්තිමත් කලෙත් අන්න ඒ නිසා . ඒ විතරක් නෙවෙයි ඕක අහෝසි කරනවා කියල උඩ පැන්න සරත් ෆෝන්සේක මහත්තයා දින්නා නම් එයත් කරන්නෙ අනික් අය කරපු දේම තමයි . විධායකය ගැන කථාව ඔහොම උනත් පහුගිය කාලය පුරාවටම මොකක් හරි දේශපාලනික ආරවුලක් ඇති වෙච්ච ගමන් කට්ටිය   සමානුපාතිකය ඡන්ද ක්‍රමයට බනින්න පටන් ගන්න එක නම් තවමත් එහෙමයි . භාරත දුමින්ද  ගැටුම ගැනත් කියන්නේ ඒකම තමයි ,


ඇයි ජේ . ආර් සමානුපාතික ක්‍රමයක් ගෙනාවේ ??

ජේ. ආර් ගේ නරකක් මිසක් හොඳක් නොකියන  ලාංකීය ජනතාව  මේ ගැන නොයෙක් හේතූන් දෙන්න පුලුවන් , විශේෂයෙන්ම ජේ . ආර්  මේක ගෙනාවේ තමන්ගේ බලය වැඩි කරගන්න හෝ රඳා පවත්වාගන්න කියල කියන්න තියන ඉඩ කඩ වැඩියි . නමුත් මම  දකින විදිහට නම් ජයවර්ධන ජනාධිපතිවරය මේ ක්‍රමය ගෙනාවේ දෙමල ජාතික විපක්ෂයක් රටේ බිහිවෙන එක වලක්වාගන්න . ඒක එතුමාගේ දකින්න තිබුනා ජාතිවාදී ලක්ෂනයක් කියල කෙනෙකුට කියන්න පුලුවන් වගේම බහුතර ජනතාවකට  සිද්ධවුනු අසාධාරණයක් වැලැක්වීම කියලත් තර්ක කරන්න පුලුවන් . කලින් පැවතුනු ක්‍රමය යටතේ රටේ සිංහල දෙමල මුස්ලිම් ලක්ෂ ගානක (වර්ථමානයෙ හැටියට නම් 30-40 ක් ) ඡන්ද ලබාගන්න ,. එහෙත් ආසන වශයෙන්  සීමීත ජයග්‍රහනයක්  පමණක් ලබන රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකකට සිද්ධවෙන්නේ සංඛ්‍යාත්මක වශයෙන් ලක්ෂ තුන හතරක් උන උතුරු  ප්‍රදේශයේ දෙමල ජාතික පක්ෂයකට විපක්ෂය භාර දෙන්න . දෙමලාට විපක්ෂය  දීම වැරදියි කියන පටු මානසිකත්වය අයින් කරල බැලුවත් පේන දෙයක් තමයි  රට පුරාම ලක්ෂ ගනනකගෙ මතවාදයට සරිලන නියෝජනයක් ඒ පැරණි ක්‍රමය  නිසා කවදාවත් ඇතිවෙන්නෙ නැ කියන කාරණය . ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම සඳහා අතිශයින්ම වැදගත් කාරණය්ක් විදිහට සමානුපාතික ක්‍රමය හැඳින්වුවාට වරදක් නැහැ

ඊලඟට විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක අධික බලතල ප්‍රමාණයක් එක් පුද්ගලෙයෙක් වටා ගොනු වෙත්දි , ඒ සැර බාල වෙන්නෙත් සමානුපාතික ක්‍රමය නිසා . සමානුපාතික ක්‍රමයත් එක්ක ලේසියෙන් ලබාගන්න බැරි 2/3 ක බලයක් නැතිව ව්‍යවස්ථා වෙනස් කම් කරන්න බැය කියන කාරණය ඇතුල් වෙන්නෙ විධායක ජනාධිපති වරයාගේ අත්තනෝමතික ක්‍රියා වලට යම් බලපැමක් පාර්ලිමේන්තුව හරහා එකතු කරන්න . විධායක ජනාධිපති බලතලත් එක්ක , 2/3 ,5/6 ආණ්ඩු හිටුකියල බිහිවෙන්න ගත්තා නම් මොකක් වෙයිද ?

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ යහපැවැත්ම උදෙසා  ඉදිරිපත් කෙරුණු සමානුපාතික ක්‍රමය අපේ අය භාවිතා කලේ නම් බොහොම කණ්ගාටුදායක විදිහට . ඒක  හරියට කැලේ ඉන්න වනචාරීන් පිරිසකට නූතන තාක්ෂනික උපකරනයක් ලබාදුන්නා වගේ වැඩක්ය කියල තමයි කියන්න වෙන්නේ. ඒ නිසා හොඳ දෙයක් වැරදි පුද්ගලයින්ට හඳුන්වාදීම නිසා ඇති උනු  දේශපාලන සංස්කෘතියට  ජේ. ආර් ටත් වගවීමක් තියනවාය කියල කියමු . එහෙම කියන්න අකමැති කෙනෙක්   ජේ . ආර් ගේ ක්‍රමයත් වැරදියි , ඒ නිසා ජේ. ආරුත් සහමුලින්ම වැරදියි කියල හිතා ගත්තත් ප්‍රශ්නයක් නැ (අනවශ්‍ය බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීම් කෙරේ නම් ජේ ආර් චූදිතයෙක්  මම දකින විදිහටත්  )

ජේ. ආර් සම්පූර්ණයෙන්ම වැරදියි ජේ.ආර් ගේ ක්‍රමයත් සම්පූර්නයෙන්ම වැරදියි  කියල කථාවට එන්ටර් වෙමුකො . ජේආර් සහ එයාගේ පාලනයත් , ඊට ඇඳුතු ප්‍රේමදාස පාලනයත් ඉවර උනේ මීට දශක දෙක හමාරකට කලින් . නමුත් එදා ඉඳන් අද මේ ලියන මොහොත වෙනකනුත් ඔය කියන ජරා ක්‍රමයේ වෙනසක් කරන්න කිසිම කෙනෙක් උත්සාහ කලේ නැ . අවුරුදු ගාණක් විවෙචනය කර කර ඉඳල  හදා ගත්තු විකල්පය වුන නව පලාත් පාලන  මැතිවරණ  පනතවත් නියම වෙලාවට සම්මත කරල ක්‍රියාත්මක  නොකලේ  බෝට්ටුවක්වත් එන්න බැරි වරායක් කඩිමුඩීයේ විවෘත කරන්න තරම් ඉක්මන් ආණ්ඩුව . නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයවත් , එජාපයේ වසර දෙකක භාග රජයවත් ඔය ඒ අයම කියන කියන වැරදි ක්‍රමය වෙනස් කරන්න කටයුතු  කරන්න අඩුම තරමේ උත්සහයක් වත් දැරුවේ නැ . හැම චන්දෙකදිම  මනාප ලකුණු කරල , අපේක්ෂකයින්ට  කැම්පේන් කරල සහය දෙන ඡන්ද දායකයො වගේම ඡන්දේ නොදා ගෙදරට වෙලා ඉඳන් නිහඬවම  ඔය කියන ක්‍රමය අනුමත කරන අයත් ක්‍රමය වැරදි නම් ඒ සඳහා වග කියන්න ඕනි .  ආසන්නම ප්‍රතිඵලය  උනු භාරතගේ මරණයට හේතුව ක්‍රමයේ වැරැද්ද කියල මේ වෙනකොටත් මාධ්‍ය හරහා කියන දේශපාලකයොත් , මහ ජනයාත්  පලමුව ටොකු ඇන ගන්න ඕනි කරන්නේ තමන්ටමයි . මොකද ඒ අයම කියන විදිහට "ජරා ක්‍රමයක් " දිගින් දිගටම පවත්වාගෙන ආවට   ...


ඊලඟට ඇහෙන කථාව තමයි "ඔක්කොම එකයි " කියන එක . මේක  කියන්නේ ජනතාව . රටේ මේ වෙනකොට දකින්න තියන දූෂණය , ප්‍රචණ්ඩත්වය , නාස්තිය වගේ කාරණා වලදි කොයි එකාත් එකයි කියලයි මේ අය කියන්නේ . ඇත්තටම එහෙමද ?

කොහෙත්ම නැ . එහෙම වෙන්න විදිහකුත් නැ . මොකද මේ ලොකේ  ඕනැම මිනිසුන් දෙන්නෙක් ගත්තොත් ඒකිනෙකාට වෙනස් , ගැනියි මිනිහයි සැලකුවත් , නිවුන්නු දෙන්නෙක් සැලකුවත් ඔය වෙනස දකින්න තියනව . එහෙම එකේ රටේම   ඉන්න දේශපාලකයො එක වගේ  වෙවිද ?. ගැටලුව තියෙන්න ජනතාව දකින විදිහේ . ඔය කාරණා වලදි කොයි එකාත් එකයි කියල හිතන මිනිස්සු  ඡන්දය දෙන්න භාවිතා කරන නිර්ණායක වෙන්නේ ජාත්‍යාලය , දේශප්‍රේමය  , සිංහල කම , පිරිමි කම වගේ කාරණා එහෙමත් නැත්නම් පුතාට රස්සාවක් , ගමට පාරක් වගේ සිල්ලර කාරණා . හැම එකාවම එක ගොඩේ දාගෙන ලේබල් එකක් ගහන මිනිස්සු වෙනත් කාරණා මත පදනම් වෙලා ඡන්දය දුන්නත් අන්තිමේදී  බනින්නෙ අර දූෂනය ,භීෂනය වගේ කාරණා පදනම් කරගෙන . ඒ කියන්නේ ඒ අයට උනත් වඩාත් වැදගත් වෙන්නෙ අර තමන්ගෙ නිර්ණායක නෙමෙයි , රටක් විදිහට වැදගත් මූලික කාරනා . නමුත්  සිද්ද්වෙන්නේ තමන්ගේ අනිකුත් නිර්ණායක මත පදනම් වෙලා ඉඳන් සමහර වෙලාවට තෝරල යවන්නේ ලෝක හොරෙක් , නැතනම් මැරයෙක් , එහෙමත් නැත්නම් ඔය දෙකටම ආශිර්වාද කරන කෙනෙක් . වැරදි කෙනාව යවල  හරි දේවල් බලාපොරොත්තු වෙන මිනිස්සු නම් එකම ගොඩකට දාල සලකන්න බැරි කමක් නැ .

 දූෂණය , නාස්තිය වගේ කාරණා වලදි  ඒ ඒ පුදගලයිම් සතු ඉතිහාසයක් තියනව . මේ  ඉතිහාසයන් තේරුම් අරන් සංසන්ධනය කරල බැලුවොත් තමයි පේන්නේ මේ යකා හොරෙක් එහෙමත් නැත්නම් මැරයෙක්ය කියල , ඒ වගේම මේ හොරකමේ සහ මැරකමේ ප්‍රමාණාත්මක නිර්නායකත් දකින්න පුලුවන් . උදා විදිහට දෙකේ දෙක් පොලු අරගෙන සරම කරට අරන් පාරට බැහැල ගෙවල් කුඩු කරන දේශපාලකයාත් , ටී 56 අරගෙන පාරට බැහැල මහ පාරෙදි මිනිස්සු මරන දේශපාලකයාත් එක සමාන නැ . දෙන්නම මැරයො තමයි , ඒත් ඒ අය සමාජයට කරන සමාජීය බලපැම පැහැදිලිවම වෙනස් . හොරකමත් එහෙමම තමයි , රාජ්‍ය ආයතන ගෙඩිය පිටින් කඩා වැටෙන්න බිලියන ගනන් හොරකම් කරන එකාත්  කොන්තරාත්  වලින් කුට්ටියක් කඩා ගන්න එකාත් එකිනෙකට වෙනස් . හොරකම් නොකරන මැරකම් නොකරන මිනිහෙක්  හොයා ගන්න බැරි නම් අඩුම තරමේ ඒවා අඩුවෙන් කරන එකෙක් හරි හොයාගෙන ඡන්දය දෙන්න ජනතාවට හැකියාව තියෙයි . ඒක දේශප්‍රේමයට හරි වෙන මොකක් හරි මල දානෙකට කතිරේ ගහලා මෙන්න මූ හොරකම් කරනෝ .... ,මිනි මරනෝ....කියල කැගහනවට වඩා සැහෙන්න හොඳයි

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ  පවතින ක්‍රමය ඇතිවුනේ ඇයි , එකෙන් තියන වාසි අවාසි මොනවද කියල හොයල බලන්නෙ නැතුව කියන්නන් වාලේ ක්‍රමයට බනින අයත් ,  වැරදියි කියන ගමන් ඒක පවත්වාගෙන යන්න උදව් කරන අයත් වගේම . ඔක්කොම එකයි කියන සරල නිගමනයේ ඉඳන් වැරදි නිර්ණායක මත කතිරේ ගහල  හොරකම් , මැරකම් නැති සමාජයක් ප්‍රාර්ථනා කරන අයත් වර්ථමාන ශ්‍රි ලංකාවේ ඛේදනීය ඉරණමට වගකියන්න ඕනි . එතනිදි මිය ලකී අය්යාත් , ඉස්පිරිතාලෙ ඉන්න දුමින්ද  සිල්වාත් අඩු වැඩි වශ්යෙන් වග කිව යුතු අය තමයි . ඒ විතරක් නෙවෙයි ඒවා එසේ වෙන්නේ දීල බලාගෙන ඉන්න . අනුබල දෙන පුද්ගලයොත් වගකිව යුත්තන් තමයි

ප.ලි - ලංකාවේ අධ්‍යාපනය ඇතුලු ක්ෂෙත්‍ර ගනනාවකම  ක්‍රමය බරපතල ලෙස අප්සෙට් , ඒත් මේ කථා කරේ මේ දවස් වල කථාවෙන දේශපාලන ක්‍රමය ගැන මිසක් ඒ වා ගැන නෙවෙයි . ඒවාටත් ව්ගකියන්න ඕනි . ඉහත කියපු කොට්ටාශයන්ම තමයි

චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුරංගනී එල්ලාවල අසමත් වූ දෙය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනගනිවිද ?


" ඒ ආදරණීය ජන නායකයා වෙනුවෙන් අපි නැගී සිටිමු, ලකී අයියා වෙනුවෙන් අපි නැගී සිටිමු,අපේ ආදරණීය පියාණන් වහන්සේ වෙනුවෙන් අපී නැගී සිටිමු . තීරණය ඔබ අතේ........"

ඉහතින් දැක්වෙන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය තම පියාණන් වෙනුවෙන් කල කථාවේ පල කල අදහස් බිඳකි  . අයුක්ති සහගත ලෙස මිය ගිය තම පියාණන් වෙනුවෙන් හඬ නැගීමේ   ඈ සතු ශුද්ධ වූ අයිතිය ප්‍රශ්න කිරීමේ හැකියාවක් මා හට නැතත් , මදකට අතීතය දෙස හැරී විමසීමක් කල යුතු යැයි සිතේ

භාරත ලක්ෂම්න් මහතාගේ ආරම්භක දේශපාලන සගයා වූ විජය කුමාරනතුංගයන් මියගියේ , ඔහුගේ සැබැ මානුෂවාදී දේශපාලනය නොරිස්සු ජවිපේ මිනිමරුවන් අතිනි . දස දහස් ගණන් ජනයා විජය වෙනුවෙන් එක්වූ අවමංගල්‍ය උත්සවයේදී , ඔහුගේ දේහය මත අත තබා චන්ද්‍රිකා කුමාරනතුංග මැතිණිය ශපථ කලේ විජයගේ දර්ශනය ඉදිරියට ගෙන යාම වෙනුවෙනි . කාලයාගේ ඇවැමෙන් ඇය සිරිලකෙහි ජනපතී වූ මුත් ඒ විජයගේ දේශපාලන ගමන් මග තුලින් නොව ඇයගේ මා පිය  උරුමය වූ නිදහස් පක්ෂයෙනි . නිදහස් පක්ෂයෙන් ජනපති පුටුව කරා පියමන් කලත් විජයගේ ප්‍රතිපත්තීන් ඉටු කිරීමේ ලා කිසිදු   බාධාවක් ඇය හට තිබුනේ නැත (භාරත ලක්ෂ්මන් මහතා ඇතුලු බොහෝ විජය අනුගාමිකයින්ද සිටියේ ඇය සමඟය ) . නමුත් විජයගේ සැබැ මානුෂීය දේශපාලනය තබා තම පියාණාන් හෝ මැණියන් ගේ ගෞරවය නිසි පරිදි ආරක්ෂා කර ගැනීමටවත් ඇය සමත් කම් දැක්වූයේ නැත . විජයගේ දේශපාලනය සුරැකීම වෙනුවෙන් ශපත කල ඇය , ඊට හාත්පසින්ම විරුද්ධ මාවතක් ගෙන රට ආඳුරට ගෙන යත්දී විජය  යනු සොඳුරු මිනිසෙකුගේ මතකයක් පමණක් ම විය

චන්ද්‍රිකා බණ්ඩාරනායක  පලමු රජයේ තරුණ ක්‍රියාකාරී මන්ත්‍රි වරයෙකු  වූ නාලන්ද එල්ලාවල  මහතා පලාත් පාලන ඡන්දයක් අභිමුවදී මහ මගදී ඝාතනය විනි . ඒ තමන්ගේම ප්‍රදේශයේ එජාප දේශපාලකයින් දෙදෙකෙකු අතිනි. කුරුවිට නගර මධ්‍යයේ සිය ගණන්ක් සෙනඟ මධ්‍යයේ සිදුවූ කුරිරු ඝාතනයෙන් රුවන්පුරය කැලඹිනි. හිත හොඳ කොල්ලෙකූ වූ නාලන්දයන් ගේ ඝාතනයෙන් කුපිත වූ ජනතාව අදාල එජාප දේශපාලකයින්ගේ පමණක් නොව ඔවුනට හිතවත් ව්‍යාපාරිකයින්ගේද දේපල ගිනිබත් කරත්දී නාලන්දට අවසන් බුහුමන් දැක්වීම  සඳහා කිලෝමීටර ගනන් දිගු පොලිම් දක්නට ලැබුනි . කලබැගැනි සියල්ල අවසානයේ නාලන්ද එල්ලාවල මහතාගේ මැණියන් වූ සුරංගනී එල්ලාවල මහත්මිය දේශපාලනයට පිවිසි අතර ඇය වෙනුවෙන් පොස්ටර ඇලවුනේ "අම්මා දිනවමු" වශයෙනි   .

සුරංගනී එල්ලාවල මහත්මිය සබරගමු පලාත් සභාවට තේරී පත්වූ මුත් ඇයගේ පුත්‍රයාගේ ඝාතකයන් නීතියේ රැහැනින් ගැලවුනි . සියක් ඇස් ඉදිරියේ සිදු කල ඝාතනයක ඝාතකයින් නිදහස් වූවා පමණක් නොව නාලන්දයන්  නියෝජනය කල සන්ධානයේ ආමාත්‍යදූර පවා ලබාගන්නට සමත් වුනි . නමුත් මේ කාලය වන තෙක්වත් සුරංගනී එල්ලාවල මැතිණියගේ දේශපාලන ජීවීතය රැඳී තිබුනේ නැත

පරම්පරාවෙන් ලද දේශපාලන  හය්ය  චන්ද්‍රිකා මැතිණිය රටේ නායිකාව කල  අතර ඇය සිය සැමියාගේ දේශපාලනය වෙනුවෙන් අබමල් රේණුවක දෙයක් ඉටු කලේ නැත . දේශපාලන පරම්පරාවක් වූ එල්ලාවල පවුලේ සමාජිකාවක් වුවත් තමන්ගේ පුත්‍රයා වෙනුවෙන් නීතීය ඉටු නොවෙත්දී නිහඬව විඳ දරාගන්නවාට එහා යමක් සුරංගනී මහත්මියට කල හැකී වූයේ නැත .

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ දේශපාලන ගමන් මගට මෙවන් පසුබිම් සවියක් නොමැත . ඇය සතු එකම ශක්තිය සිය පියාගේ නාමය හා පියා වෙනුවෙන් වන ජනතාවයි . පියා නියෝජනය කරන බලවේගය තුලින්ම මතුවූ අසාධාරනය වෙනුවෙන් හුදකලා සටනක් ඇයට අරඹන්නට සිදුවන්නේ ,  චන්ද්‍රිකා මැතිණිය හෝ සුරංගනී මැතිණිය සතුව තිබූ දේශපාලනික පසුබිම සහ තමන් සතු බලයේ  වාසීය යන කාරණා   තොරව ජීවන අත්දැකීම් වලින් හා වයසින් ඉතාමත් ලාබාල අවධියකය . අතීතයේ අසාර්ථක වූවන් දෙස බලා හිරුණිකා මෙනවියගේ ගමන් මග  ගැන පුරෝකථනයන් දීම අසාධාරණ වුවත් , ඇයගේ ගමන් මග අතිශයින් දුෂ්කර  එකක් වන බව නම් පැහැදිලිය . ඇය එම අභියෝගයන් ජයගනීවීද , කුමන මාවතක් තෝරාගනීවිද කියා කීමට තවමත් කල් වැඩිය .

එනිසා හිරුණිකා සොහොයුරියනි ඔබගේ ව්‍යායාමය සාර්ථක වේවා කියා හදවතින්ම සුභ පැතීමට වඩා යමක් මේ මොහොතේ සිදුකල නොහැක .

පලාත් පාලන ඡන්දයෙන් මහින්ද විතරක් නෙවෙයි රනිලුත් දිනුම්

පලාත් පාලන ඡන්දය අවසන් වුනත් ඒත් එක්ක ඇතිවුන දේශපාලනික උණුසුම නම් තාම  එහෙමමයි . ඡන්දය ගැන මගේ ස්ථාවරය කලින් ලිපි 2කින් ඉදිරිපත් කලත් ඉරිදා , සඳුදා සහ අද මුණගැසුනු වීවිධ පුද්ගලයින් එක්ක ඔය ගැන කරපු කථා බහ වලදී මතුවුනු කාරණාත් ඒත් එක්ක මට හිතුනු කරුණු කාරණාත් එකතු කරලා ඒ ගැන තවත් යමක් එකතු කලොත් හොඳයි කියල හිතුනා , ඒ තමයි ඡ්න්දයේ ජයග්‍රාහකයින් ගැන .  කොලඹ හැර රටේ අනිකුත් තැන් වලදී සන්ධානය ලබපු ජයග්‍රහනයේ ප්‍රධාන උරුමක්කාරයා වෙන්නේ මහින්ද  රාජපක්ෂ මහත්තය කියන එක අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නෙ නැ. නමුත් මහින්දගේ ජයග්‍රහණය අතරම තවත් කෙනෙක්ගේ ජයග්‍රහනයකුත් සටහන් වෙනව . ඒ රනිල් වික්‍රමසිංහ මහත්තය ගේ . කොහොමද එහෙම වෙන්නේ ?

රාජපක්ෂ පවුලේ උත්සහය  රනිල්ට පරදියි 

ඡන්ද විමසීම ආයතන විසි තුනකට පැවැත්වුනත් රටේම අවධානය යොමු වෙලා තිබුනේ කොලඹට . මොකද  සන්ධාන රජය තමන්ගේ පූර්ණ උත්සාහය දැරුවේ කොලඹ නගර සභාව ජයගන්න . දේශපාලනික කථා බස් වලදී වැඩ අනාගන්නේ නැති පුද්ගලයෙක් විදිහට ප්‍රසිද්ධ මහින්ද රාජපක්ෂ ජනාධිප්ති තුමාම තැන් කිහිපයකදිම අපි අනිවාර්යයෙන්ම කොලඹ දිනනවා කියල කියත්දි  බොහොම දෙනෙකුට හිතුනේ මේ පාර නම් කොලඹත් සන්ධානයට තමයි කියල . කිව්වා විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වගේම සහෝදර පිරිවරත් නාමල් රාජපක්ෂ මහත්තයත් සැහෙන උත්සහයක් දැරුවෙ කොලඹ ජයග්‍රහණය කරන්න .  තිලංග සුමතිපාල , අසාද සාලි වගේ කොලඹ ඡන්ද පදනමක් තියන අයගෙත් පූර්ණ  උත්සහය තිබුනේ ඒකට . නමුත් ඒ උත්සහායන් සියල්ලම අසාර්ථකයි . කොලඹදී එජාපයට තියන " පිටියේ වාසිය " පමණක්ම නෙමෙයි මේ ජයග්‍රහනයට එකම හේතුව   .

සාමාන්‍යයෙන් මැතිවරණ ක්‍රියාදාම වලදි නිද්‍රාශීලි රනිල් වික්‍රමසිංහ මහත්තය මේ පාර ඡ්න්දයට වැඩ කලේ අමුතුම උනන්දුවකින් . සාමාන්‍යයෙන් රනිල් ව දකින්න ලැබෙන්නේ නැති පැල්පත් නිවාස අද්දර , මහල් නිවාස අද්දර ත්‍රිවීල් වල පවා ඇවිදල කරපු සටන මුසම්මිල් මහත්තයගේ  සහ තව කිහිප දෙනෙක්ගෙ සහය මැද වුනත් "තනි අලි" ගේමක් විදිහට හඳුන්වන්න පුලුවන් , එජාපයට කොලඹ දි තියන පිටියේ වාසිය සහා මහින්දට තියන රාජ්‍ය බලයේ පවර් එක එකිනෙක කපල අයින් කරතොත් රනිල් ගේ   තනි ගේම රාජපක්ෂලාව පැරැද්දුවා කියල  විග්‍රහ කිරීමේ හැකියාව තියනව . මාධ්‍ය වල පෙන්වන විකාර වලට විතරක් අනුගත නොවෙන ජනතාවක් ඉන්න පලාතකදි  තමන්ගේ මතය ජනතාව අතර තහවුරු කිරීමේ හැකියාව රනිල් මේ පාර දක්වලා තියනවයි කියල කියන්න පුලුවන් . කොලඹ වාසිය  රාජ්‍ය බලයට කපා හරින්න බැරිම උනත් මොකුත්ම බැ කියල හිටපු රනිල්ට මොකක් හෝ කරගන්න පුලුවන්ය කියන එකත් එක්තරා ආකාරයක ජයග්‍රහනයක් තමයි



සජිත් අසාර්ථකයි ?

රනිල් කොලඹදි තමන්ට එල්ල වුනු අභියෝග ජය අරගෙන සාර්ථක වෙත්දි , රනිල්ගෙ ප්‍රධාන තරඟ කරුවා වෙච්ච සජිත් ප්‍රේමදාස මහත්තය සම්පූර්නයෙන්ම අසාර්ථකයි කියන්න පුලුවන් . හම්බන්තොට ජයග්‍රහනයන් ගැන නිතරම පුරසාරම් බාන සජිත් ප්‍රේමදාස මහත්තයාට සාර්ථක විපක්ෂයකට ප්‍රතිඵලයක් වත් ගන්න පුලුවන් වුනේ හම්බන්තොට නගර ස්භාවෙන් විතරයි . කෙනෙක් කියන්න පුලුවන් රනිල්ට තිබුන "පිටියේ වාසිය " සජිත්ට නැ නේද කියල . ඒ උනත් රටේ අනික් තැන් වල ප්‍රතිඵලයට වඩා දෙයක් හම්බන්තොටදි කරගන්න බැ කියන්නේ සජිත් කියන්නෙත් සාමාන්‍ය  එජාප මන්ත්‍රි කෙනෙක් මිසක් අමුතු වැඩ්ඩෙක් නෙවේය කියන තර්කය රනිල් පාර්ශවයට ගේන්න  හැකියාව තියනව

සජිත්ගේ ගෝලයොත් අසාර්ථකයි ?

සජිත් ප්‍රේමදාස මහත්තයෙගෙ අනුගාමිකයන් වුන ශිරාල් ලක්තිලක මහත්තයත් බුද්ධික පතිරණ මහත්තයත් වෙනම ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කලේ රනිල්ගේ එජාප කණ්ඩායම් වලට අභියෝගයක් විදිහට . මාතරදි එජාපයට වඩා තමන් ඡන්ද තමන් ලබා ගන්න බවක් මේ ස්වාධීන කණ්ඩායම් වලට මුල් වුනු මන්ත්‍රි තුමන්ලා  කිව්වාය කියලත් , ඒ වෙනුවෙන් සැරට වැඩ කලාය කියලත් කියවේනවා. කොටින්ම මාධ්‍ය වලිනුත් ප්‍රචාරනය වෙච්ච වීදිහට මේ අය භාවිතා කලෙත් සජිත් මහත්තයගෙ පින්තූර . හැබැයි ඉතින් මාතරදි ලබා ගන්න පුලුවන් වුනේ ඡ්න්ද 1086ක් විතරයි , කෝට්ටෙදිත් මහා ලොකු වෙනසක් නැ . මේ කතන්දරෙන් කියවෙන්නේ සජිත් ප්‍රේමදාස කියන චරිතයට මහ ලොකු තැනක් පාක්ෂිකයො අතර නැය කියන තර්කයත් රනිල් පාර්ශවයට ඉදිරිපත් කිරීමේ අයිතිය තියනව

ඔය සිද්දීන් දෙකම හරහා සජිත් ප්‍රේමදාස මහත්තයට ඉහලින් බැබලීමේ හැකියාව ලබාගන්නවාය කියන්නේ ඉතින් රනිල් ගේ ජයග්‍රනයක්ම තමයි

භාරත දුමින්ද ගැටුම 

සන්ධානයේ  දේශපාලකයින් දෙන්නෙක් එකිනෙකා මරාගත්තාම විරුද්ධ පක්ෂයට වාසී සහගත වීම ස්වාභාවිකයි . නමුත් මේ සිද්ධියෙ ඊට වඩා  ගැඹුරක් තියනව . මොකද මේ හරහා සන්ධානය තුල සැඟවිලා තියන ගැටලු කාරී තත්වයක් අලුත්වෙලා තියනව . තැන තැන හොර රහසේ   කථාබහ  වෙමින් තිබුනු දේවල් භාරතගේ ආධාර කරුවන් ජනාධිපති වරයාට විරෝධය පල කිරීම දක්වා තෑන්කට ඇවිත් තියනව . මේ  වගේ වෙලාවක තමන්ගේ මාමණ්ඩි විපක්ෂනායක වෙලා හිටියන ම් කරන්නෙ මොනවද කියල පොඩ්ඩක්  කල්පනා කරල බලල වැඩ කටයුතු කලොත් සැහෙන ජයග්‍රහනයක් ඒ  හරහා මතු කරගැනීමේ හැකියාව එජාප නායක තුමාට තියනව . එහෙම නැතිවුනත්  සමහරක් වෙලාවට පහුකාලකදි වාසි සහගත වෙන පලුද්දක් සන්ධානයේ අභ්‍යන්තරයට සිදු කරන්නේ මේ සිදුවීමට හැකියාවක් තියනව බව තමයි මේ වෙන කොට වටින් ගොඩින් පේන්න තියෙන්නෙ . විශේෂයෙන්ම අන්තර්ජාලයේ ඕපදූප වලට තටු ලැබිලා ගම් වලටත් යන මේ යුගයේ ඒක සන්ධානය පැත්තෙන් ලොකු අවාසියක්



ඔය අන්තිම කාරනය ඇරුණාම අනික් වාසි  ගැන අදහස් එජාපයට සම්බන්ධ පුද්ගලයින්ගේ . ඒ ගැන මගේ අදහසත් එක්කම එකතු කරල තමයි ලියල තියෙන්නෙ . ඔය ගැන  මගේ මතවාදය හදාගෙන ඉන්න අතරේ නිකමට මම ඒක ටෙස්ට් කරා සන්ධානයට බැහැල වැඩ කරන ත්‍රිවීල් අය්ය කෙනෙක් එක්ක හයර් එකක් යන ගමන් , ඒ ගැන එයා දුන්න පිලිතුර තමයි

" ඒකත් ඇත්ත තමයි නේද  , හැබැයි මල්ලි එහෙමනම් මෙහෙම දේකුත් තියනව ඔතන , මහින්ද මහත්තයත් කැමති ඇති කොලඹ පැරදුනු එකට "

මම : ඒ මොකෝ??

" ඇයි මල්ලි සජිතයව කපල රනිල් ලොක්කම යුඇන්පි එකේ නායකය වෙලා ඉන්නව කියන්නේ , මහින්ද මහත්තයට්මනේ වාසී"

අප්පට හුඩු ඒකට මොනව කියන්නද , ඒ  තර්කයත් හරි . මොකද කොලඹ ඡ්න්ද කරන විදිහ රටේ අනික් තැන්වලට හරි යන්නේ නැ වගේම ,  මුලු රටටම තමන්ගෙ මතය ගෙනියත්දි රනිල් මහත්තය සැහෙන්න අසාර්ථකයි . අනිත් අතට පක්ෂය ඇතුලේ උන්නැහෙගේ වැඩ නිසා කලකිරුණු පිරිසුත් බොහොමයි . ඒ නිසා මහින්දට මහත්තයට බොහොම පහසුවෙන් අතටම ලැබිලා තියන ජයග්‍රහනය තමන්ගේ කරගන්න රනිල් මහත්තය සැහෙන්න වෙහෙස වෙන්න ඕනි කියන කාරනයත් කල්පනා කරගෙන , ඡන්දේ දින්න සන්තෝසෙට ත්‍රිවිල් අය්යා  රුපියල් විස්සක් අඩුවෙන් හයර් එක ගත්ත එකටත් හිනා පාරක් දාගෙන වීල් එකෙන් බැස්සා .




ප.ලි- මම සාමාන්‍යයෙන් රටේ නායක මට්ටමේ අයට  ගරු නම්බු දීල තමයි යමක් ලියන්නේ , නමුත් හැමතැනදිම "මහත්තය " කැල්ල දාන්න බැරි නිසා තමයි නිකන්ම මහින්ද හෝ රනිල් කියල ලියවිලා තියෙන්නෙ

ඇන්දෙනවාද? අන්දනවාද ? - දෙවන කොටස

අන්දවන්නන් සහ ඇන්දෙන්නන් ගැන ලියූ  ලිපිය සම්පූර්ණ කල යුතුව ඇත , මන්ද මේ වන විට ඇන්දූවන්ගේ සහ ඇඳගත්තවුන්ගේ  කතන්දරය හමාර වී ඇත , එපමණක් නොව මා කලින් ලිපියේ අවසානයට සඳහන් කල ජාතික තලයෙ ඇන්දවීම් ගැනද දැන් කථා කල හැක

මහනුවර ජනතාව නම් තෙල් ළිං සහ අහස් යාත්තරා පිට්ටනි වල ඇන්දී ඇති බවක් පෙනෙන්නට ඇත . දැන් ඉතින්  නුවර වැවට යටින් අඩියකට ලක්ෂ 50 ක් වැය වෙනවා යැයි එස්.බී ඇමතිතුමා ගනන් බැලූ උමං මාර්ගය ඉදිවනු ඇත , නුවර වැසියන් කටුණායක නැවිත්  කටුගස්තොටින්ම ගුවන්ගත වනු ඇත

සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වූ පිරිස් සිටියේ බරපතල ඇඳගැනීමකය ,කට හැකර වූ පලියෙන් තමන් මාර පොරවල්  කියා ජාතික මට්ටමෙන් ඇඳගත් මොවුනට  දැන් ඒවා ගලවා දමා නිරුවත් වීමට සිදුව ඇත . කෝට්ටේ  සහ මාතරදී එජාපයට අලගු තබන්නටවත්  ඔවුනට හැකීවී නැත . එපාජයෙන් තොරව තමාගෙ ප්‍රතිරූපයට පැවැත්මක් ඇතැයි සජිත් මහතාත් ඇඳගෙන සිටියේ නම් ඔහුටද එම ඇඳුම් ගලවා දැමීමට සිදුවනු ඇත

රටේ  බොහොමයක් ප්‍රදේශවල නාගරික ජනතාවත් රජයේ ගමන් මග අනුමත කර ඇත ,  එ නිසා පාරවල්; කොන්ක්‍රිට්, වරායන් අධිවේගී මාර්ග මෙන්ම බාල් පෙට්‍රොල් , සිමෙන්ති ආදියද සභා සම්මතය .මේකට ඇඳගැනීමක්ම කියා අපහාස කිරීම එතරම් සුදුසු නැත , මන්ද ඔවුන් කිසිදු එකමුතු කමක් හෝ අරමුණක් නැති එජාපයට ඇන්ද්නොවුන නිසාය අනෙක් අතින්  පවතින රජයට බලය දී නගරය සංවර්ධනය කර ගැනිම සාමාන්‍ය සම්ප්‍රදාය නිසාය . රජයේ ගමන් මග ඉහලින්ම අනුමත කිරීමෙන් තමන් ඇන්දිලාද නැද්ද යන්න දැන ගැනීමට ඒ අයට කාලයක් ගත විය හැක , එතෙක් නිහඬව දෙන දෙයක් කා  වෙනදෙයක් බලා සිටීම යහපත්ය .එසේ නොමැතිව ලබන සතියේ සිටම නැවතත්  රාජපක්ෂ පවුල් වාදය ගැන , බඩු මිල ගැන  හෝ වෙනත් අනන් මනන් ගැන  අඩාපාලි කියවීමෙන් නම් ඇති පලක් නැත


කොලඹ ජනතාව නම් සුපුරුදු ලෙස රජයට ඇන්දී නැත , ලංකා  ඊ නිවුසියේ මේ ගැන ලියැවුනු  ප්‍රහසනයක ලියවුනේ

"අපි ගෙන්දගම් පොලවේ උපන්  එවුන්නේ , අපිට බුලත් කොලෙ පෙන්නුවට අපි දන්නවා බුලත් කොලයි ගම්මිරිස් කොලයි වෙන්ස "

 ලෙසයි (මෙම දෙබසේ ෆුල් වර්ෂන් එක වඩා රසවත් මුත්, සුදු වෑන් වලට කොල කොඩි  දැමීමට අකමැති නිසා මෙහි ලියන්නේ නැත , කැමති කෙනෙක් වේ නම් මෙතනින් ගොස් කියවන්න )

ගෙන්දගම් පොලවේ උන් බබාල හුරතල් කිරිලි හො මිලින්දගේ සිංගප්පූරවට හෝ  වීරවංශගේ ෆැලැට් වලට සම්පූර්නයෙන්ම ඇන්දුන බවක් පෙනෙන්නට නැත , නමුත් ගැටලුව ඇත්තේ ඔවුන්  මුසම්මිල්ට ඇන්දුනා නම්ය ,පාරම්පරික එජාප බලකොටුව නිසා ඒ ගැන හරියට යමක් කිව නොහැකි මුත් , මුසම්මිල් හෝ එජාපය විසින් තමන්ගේ ගෙවල් කැඩීම වලක්වා ගනිතියැයි සිතා යමෙකු එජාපයට ඡ්න්දය දුන්නා නම් ඔහුත් හෝ ඇයත් ඇන්දී ඇත , මන්ද එජාපය ඡන්දයෙන් ජය ගත්තත් නගරාධිපති වරයා මුසම්මිල් වේවිද කියාවත් තවම ස්ථීර නැත , මනෝ ගනේෂන් මහතාටත් තමන්ගෙ සොහොයුරා ගිය පාරේ යන්නට හිතුනොත් , මුසම්මිල් මහතාට ගෙවල් කැඩීම නවතනවා තබා නගරාධිප්ති කමවත් ලබා ගැනීමට හැකි වන්නේ නැත , නගරාධිප්ති කම ලබා ගත්තත් රජය ගෙවල් කඩනවා නම් එජාපයට  නැවැත්වීමටද හැකියාවක් ඇත්තේ නැත


තමන්ගේ දේශපාලන තුරුම්පු අකුරට වැඩ කිරීමේ වාසනාව  මහින්ද රාජපක්ෂ මහතා සතුය . තමන් කියනා  කරනා දේ පිලිබඳ අධිතක්සේරුව්න්  ඔහු කටයුතු කරනා බවක් දකින්නට ඇත්තේද මෙනිසාය . නමුත් මෙවර කොලඹදී නම් එය හබක් විය . අපි අනිවාර්යයෙන්ම කොලඹ දිනනවා යැයි සිංහ නාද  නොකොට සිටියා නම් කොලඹ පරාද වීමෙන් චාටර් වීමක් සිදුවන්නේ නැත .එජාපයට වාසි කොලඹ ගැන අනාවැකි නොකියා , තමන්ගෙ මුලු බලය නොයොදා සිටියා නම් "මහින්ද මහත්තයා දෙයක් කිව්වොත් ඒක හරියටම හරි තමයි " තේමා පාඨය වෙනස් වන්නේ නැත . කිසිදු පැකිලීමකින් තොරව එජාපයට හූ තබන්නටද හැකිය

කොලඹදී පොඩ්ඩක් අප්සැට් වූවත් රාජපක්ෂ මහතාට තමන් කරනා දෙය රටේ ජනතාව එක හෙලා අනුමත කරනා බවට සිතා ගැනීමේ හැකියාව නම්  අඩුවන්නේ නැත , කොලඹ නොවන බහුතර ජනතාවක් කියන්නේ රජය යන මග හරි කියා නිසා එලෙසින්ම  දිගටම කටයුතු කරගෙන යාමේ  කිසිදු ගැටලුවක් නැත ,  රටේ ජනතාව මේ කරන්නේ රජය ඇන්දවීමක්ද කියා නම් බලන්නට වන්නේ තව වසර කිහිපයකින් වන අතර ලංකාවේ ජනතාව ගැන එවන් අනියත බියක් ඇති කරගැනීම අවශ්‍යත් නැත

තමන් කොලඹ දිනුවා කියා එජාපයත් රනිල් වික්‍රමසිංහ මහතාත් මේ වන ඇඳගෙන සිටිනවා විය හැක , රජය නිකන් අහක යන බාල්දියක් පෙරලා නොගන්නට එජාපයට කොලඹ දිනීමේ ඇති කෙමනක් නැත . අනෙක  රනිල් වික්‍රමසිංහ නායකතුමා   දුන් ගේමේ හැටියට එජාපය ලැබූ චන්ද ප්‍රතිශතය ඉතාමත් කණගාටුදායකය . කොලඹ දිනු පමණින් චූන් වී ඇදගත්තොත් රටේ අනෙකුත් සියලුම තැන් ව්ලදී තමන්ට කෙලවූයේ මන්ද කියා වටහා නොගත්තොත් එජාපයට  ඊලඟ වතාවේ කොලඹත් අහිමිවෙන බැව් පැවසිය යුතුය

ඇන්දෙනවාද ? , අන්දනවාද ?


අන්දවන්නන්ගේ සහ ඇන්දෙන්නන්ගේ ඉරණම තීරණය වන්නේ හෙටයි

පැල්පත් නිවාස ෆ්ලැට් කරගැනීමට ඇන්දෙන පිරිසක්ද  හෙට සිටිති , ඔවුන් සන්ධානයට කතිරය ගසනු ඇත ,

තමන්ගෙ නිවාස කුඩු කිරීමට එරෙහිව පාරේ  බුදියගෙන තමන්ව බේරා ගන්නා වීර මුසම්මිල් ගැන සිහින දකින්නන් එජාපයට ඡ්න්දය දෙනු ඇත .

කුණු අරන් දාන්නම් , පාරවල් හදන්නම් , සිංගප්පූරුවක් කරන්නම් කථා බහට ත් ඇන්දෙන මිනිසුන් සිටිනු ඇත ඔවුන් අවුරුදු ගානක් ඡ්න්දය දුන් අලියා අත හැර බුලත් කොළයට බසිනු ඇත

වසර 50  ගනන්ක් තිස්සේ නගර සභාව පාලනය කලත්  නොකල දේවල් මුසම්මිල් කරනු ඇතැයි කියා ඇන්දෙන අය එජාපයටම ඡන්දය දීමට ඉඩ ඇත


නුවර නගරයේ තදබදය නගරයේ ස්වාභාවය නිසා ඇතිවූවක් බව දැන දැනත් එය නැති කිරීමට හැකියි සිත ඇන්දෙන අයත් , නුවර හදන  ගුවන් තොටුපලෙන් රට යැමට බලාගෙන ඇන්දෙන අයත් සංධානයට  කතිරය ගසනු ඇත

සජිත්  මහතාව නායක  කලොත් එජාපය දිනනවා කියා ඇන්දී ඇති  යුඇන්පී පොරවල් මාතරදී හා කෝට්ටේදී අදාල ස්වාධීන පක්ෂවලට කතිරය ගසනු ඇත . අනිල් පලාත්වල ගෙවල් වලට වී  තමන්ගෙ වැඩක් බලා ගනු ඇත


 තමන්ගේ කලින් පාලන කාලයෙදී නගර සභාවේ වැසිකිලියෙන් පවා  බකයා ගැසූ උන්ගේ "සුපිරිසිදු අවංක දේශපාලන" බයිලා වලට ඇන්දෙන පිරිස් මනාප තුනම ඔවුනට පුදනු ඇත

නැතහොත් කලින් උන් හොරකම් කලත් අප එසේ නොවේ කියා ගෙන ගෙට ගොඩ වෙන තරුණ කොලු ගැටවුන්ගේ චාටු කථා වලට රැවටී කතිරය පුදනු ඇත

මහින්ද චින්තන වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාමට නගර සභාවෙනුත් සප් එකක් දිය යුතුමයැයි සිතා ඇන්දෙන  උන් සංධානයටම නගර සභාව  පුදදෙනු ඇත

නායක කාරකාදීන්ට එක වේදිකාවට නැග ඡ්න්දයක් ඉල්ලීමට තරම් එකමුතු කමක් නැති එජාපය මේ ඡ්න්දයෙන් දින්නොත් ශක්තිමත් වේ යැයි කියා ඇන්දෙන උන් අලියාටම කතිරය ගසනු ඇත

තමන්ගේ ඡ්න්දය අරගෙන පිස්සු නටන හකීම්ලාට සහ මනෝ ගනේෂන් ලාට ඇන්දෙන උන් සන්ධානයේ හා එජාපයෙන් තරඟ වදිනා තම ජාතීයේ අපේක්ෂකයින් අමතක කර අරුන්ටම කතිරය පුදනු ඇත

ඇන්දෙන , අන්දන සියල්ලන්ගේම ඉරණම ඉරිදා වන විට තීන්දු වනු ඇත ,  මේ ඡන්දය කේරේ ජාතික මට්ටමේ ඇන්දිලිත් ඇතත් ඡන්දයෙන් පසුම ඒවා කථා කිරීම වඩා හොඳය

දක්ෂ කතා කරුවෙකු අවශ්‍ය කර තිබේ ....

ශ්‍රි ලංකා පොලිස් සේවයේ නිත්‍ය සේවය සඳහා , නිර්මාණශීලිත්වයෙන් පරීපුර්ණ පුද්ගලයෙකු "කථා නිර්මාණය කරන්නෙකු" වශයෙන් බඳවා ගැනීම සඳහා  අවශ්‍ය කර තිබේ . සිංහල ලිවීමේ සහ කියවීමේ හැකියාව තිබීම පමණක් සැහෙන අතර අවම වශයෙන් 8 වන ශ්‍රේණිය සමත්ව තිබිය යුතුය (ශිෂ්‍යත්වය සමත් වීම අනිවාර්ය නොවේ ) . උස හෝ පෙනීම පිලිබඳ නිර්ණායකයක් නොමැතිමුත් මේසයක පුටුවක වාඩීවී යමක් ලිවීමට තරම් උසත්, ලියන දෙයක් කියවා ගැනීමට තරම් පෙනීමත් තිබිය යුතුය


ජේම්ස් බොන්ඩ් හෝ එවැනි ත්‍රාසජනක චිත්‍රපට , නවකථා රසිකයෙකු වීම විශේෂ සිදුකමක් වන අතර සැක කරුවෙකු අත් අඩංගුවට පත්වූ පසු කරන කියන දැ පිලිබඳ පරිකල්පනය කිරීමේ  හැකියාවක්ද තිබිය යුතුය . ලියනා සැම කථාවකම අවසානය සැක කරුවා මිය යාම වන මුත් කථාව එකිනෙකට සම්පූර්නයෙන්ම වෙනස් විය යුතුය

ඉහත සුදුසු කම් සපුරන ඕනැම අයෙකුට තම  අයෙදුම් පත් පහත ලිපිනයට  එවිය හැක

කථා නිර්මාණ අංශය
ශ්‍රි ලංකා පොලිසිය
සියබලාණ්ඩුව


P.S - http://www.adaderana.lk/news.php?nid=15254

රාජකාරිය බල්ලාට දමා බලු වැඩ තම රාජකාරිය කරගත් "ලංකාවේ අපේ පොලිසිය "

සිවිල් සමාජයේ නීතිය හා සාමය වෙනුවෙන් ප්‍රධාන වගකීම හිමිවන්නේ පොලිසියටය . එය  මුදල් පසුම්බියක් හොරකම් කිරීමේ සිට මහා දැවැන්ත බැංකු මංකොල්ලයක් දක්වාත් , වාචිකව කරනා තර්ජනයක සිට  දරුණු මිනීමැරුම් දාමයක් දක්වාත් අති  විශාල පරාසයක විහිදෙන්නකි .  නමුත්  ජනතාවගේ අවාසනාවට මේ වගකීම් නිසි ආකාරව ඉටුවීමක් ශ්‍රි ලංකාවේ දක්නට නැත .

පර්ස් එකක් තබා රත්තරන් මාලයක් කැඩීම ගැනවත් පොලිස් පොතේ ලියවෙනා සටහන් වල ඇති කිසිදු ප්‍රායොගික වැදගත් කමක් වර්ථමානයේ දක්නට නැත . මෙවැනි පැමිණිලි වෙනුවෙන් පොලිසිය ක්‍රියාත්මක වීමට නම් පීඩිතයා අඩුම තරමෙ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රි කෙනෙකු හරහාවත් බලපැමක් කල හැකි අයෙකු විය යුතුය . නැතිනම්  ආර්ථික වශයෙන් හයි කාරයෙකුගේ සම්බන්ධයක් තිබුනය යුතුය . ඉන් මෙහා  කිසිදු පැමිණිල්ලක් වෙනුවෙන් පොලිසියේ ක්‍රියාත්මක වීමක් නැත . සමහර ප්‍රදේශ වල චේන් කඩන්නන් පොලිස් නිලධාරින්ගෙ ගජ මිතුරන් බවටද  රාවයන් ඇත

දැවැන්ත මංකොල්ලයන්  වල සැක කරුවන් ප්‍රමාද වී හෝ අත්  අඩංගුවට පත් වේ , ඒත් රහස් පොලිස් මැදිහත් වීම් ආදිය සමඟිනි , නමුත් සාමාන්‍ය මිනිසෙකුගේ නිවසක් කොල්ල කැ කල්ලියක් ලේසියෙන් අත්  අඩංගුවට  පත්වන්නේ නැත ,  මිනිසුන්ට අවසානයේ සිදුවන්නේ දේවාල ගානේ ගොස් තමන්ගෙ ගේ කැඩු සොරුන්ට පලි ගැසීම පමණය .


 සාමාන්ය මිනිසෙකුට එල්ලවන තර්ජනයන් ගැන පොලිසියේ ලියා තිබීමෙන් ඇත්තේද එකම ප්‍රයෝජනයක් පමනි , ඒ තර්ජනය කල එකා සැබවින්ම යමක් කලහොත් කලින් පැමිණිල්ල අනුව අත් අඩංගුවට ගන්නා නිසාවෙනි , එහෙත් එම පුද්ගලයා දේශපාලන බලවතෙකු නම් නීතිය ක්‍රියාත්මක වන්නේ නැත , එක්කෝ ඔහු රටින් පනින තෙක් බලා සිට අත් අඩංගුවට ගැනීමේ පරීක්ෂන ආරම්භ කරයි , නැතිනම් අත් අඩංගුවට ගත්තත් ඇප පිට නිදහස් වන ඔහු පොලිසියේ ඇතමුන්ගේම අනුග්‍රහය ඇතිව සාක්ෂි විනාශ කරයි , සාක්ෂි කරුවන් බිය ගන්වයි , අවසානයේ සාක්ෂි නොමැති වීම නිසා නඩුව අවසන් වේ .දෙපාර්ශවයම සාමාන්‍ය පැලැන්තියේ මිනිසුන් නම් ඇතැම් විට නීතිය ක්‍රියාත්මක වේ ,


තර්ජන ගර්ජන පමණක් නොව  ඇතැම් මිනිමැරුම් පිලිබඳ කථාවද එකමය , ඝාතකයා බල පුලුවම් කාරයෙක් නම් නීතිය ඉදිරියේ වරද කරුවෙක් වන්නේ සහ ඒ සඳහා පොලිසියේ සාධනීය කාර්ය භාරයක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතොරකිනි . එක්කෝ මිනිමරුවා සොයා ගැනීමට පොලිසියට නොහැක , පොලිසියට අහුවුනත් ඔහුට විරුද්ධව සාක්ෂි ඇත්තේද නැත .

සාමාන්‍ය  පැලැන්තියේ  ඝාතනයන් පිලිබඳව වුවද පොලිසිය අතිශයින් මන්ද ගාමීය , පසුගිය සමයේ කහවත්තෙන් ඇරඹි කණ්ගාටුදායක සීදුවීම් මාලාවේ මූලිකම වගකීම ඇත්තේ නිසි ලෙස ක්‍රියාත්මක වීම අතපසුකල කහවත්ත සහ රත්නපුර පොලිස් ස්ථාන සතුවය .

පාරේ සිටිනා පොලිස් නිලධාරින් හෙවත් ට්‍රැෆික් බාප්පලාගෙ කෙරුවාව පිලිබඳ අමුවෙන් විග්‍රහ කල යුතු නැත .  බාප්පලාගේ බඩගින්නට තේ තිබහට  සහනයක් ලබා ගැනීම වෙනුවෙන් තවත් අවස්ථාවක් ඊයේ සිට ලැබී ඇත .   ඒ ආසන බඳපටි නීතියයි . මෙම නීතිය සෛධාන්තිකව ඉතා  යහපත් වුවත් ක්‍රියාත්මක වීමේදී වාසිය ඇත්තේ බාප්පලාට පමණය . ලයිසම නැති වීමේ අවධානමක් ඇති නිසා තේකක් බීමට පමනක් නොව  වෙල් තුනම බුරියානි කැමේ අවස්ථාවක්ද මින් උදා කරගැනීමේ හැකියාවක් බාප්පලාට ඇත .  අදාල බාප්පාට දොල දුක සැදී ඇත්නම් වාහනයේ වර්ගය හෝ ඉංග්‍රිස් නොම්මර වල හෝ පුද්ගලයාගේ උසේ අදාලත්වයක් නැත  ආසන පටි නැත්නම් කොහු ලණුවක් හෝ පැලඳ සිටිමට සිදුවනු ඇත .

මේ රාජකාරිය බල්ලට දමා ඇති අවස්ථා ගැන කෙටි සටහනක් පමණය , වඩාත් බරපතල කාරණාව වන්නේ බලු වැඩ තම රාජකාරිය කරගැනීමය . දේශපාලුවන්ගෙ පක්කලි වැඩ වලට දායක වීම ඉන් එකක් පමනය . ඊට අමතරව  වෙරලේ ඇවිදින පෙම්වතුන් කූඩු කීරීම , කොල්ලන්ගෙ මොබියිල් ෆෝන් වලට හිතුමතෙ හොට දැමීම , කාමර වල දොර වසාගෙන නිරුවතින් සිටිනා මිනිසුන් ගැහැණුන් අත් අඩංගුවට ගැනීම මේ බලු වැඩ අතර  දක්නට ඇත . වඩාත් බරපතලම තත්වය මිනිස් ජීවීත ආරක්ෂා කිරීම වෙනුවෙන්  කැපවිය යුතු පොලිසිය මිනිසුන් මැරීමේ ආයතනයක් කර ගැනීමයි . අඟුලාන , බම්බලපිටිය හා ඊයේ පෙරේදා දෝම්පේ දක්නට ලැබුනේ එම ඛේදවාචකයයි . වාර්ථා නොවූ සිද්ධීන්ද ඕනැ තරම් ඇති අතර , අත්ඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව අයිතීන් බල්ලට දමමින් කරනා පහරදීම්  වල  ප්‍රමාණය මෙතෙකැයි කියා පෙන්වීමට බැරි තරම් විශාලය . පාතාල නායකයින් ආයුධ පෙන්වීමට ගොස් පැනයාමේ නාඩගමද පොලිසිය විසින් මිනිස් ජීවිත බිලි ගැනීමේ එක් අවස්ථාවක්  ලෙස සැලකිය හැක


රාජකාරිය බල්ලාට දමා බලු වැඩ තම රාජකාරිය කරගත් පොලිසිය නිසා  ඇතිවූ අහිතකර ප්‍රතිඵල ගනණාවක්  අද සමාජයේ දක්නට ඇත . මිනිසුන් බොහෝ දෙනෙක් පොලිස් ක්‍රියා මාර්ගයන් ගැන අවිශ්වාසයෙන් කටයුතු කිරීම නිසා රටේ සිදුවන අපරාධ සමහරක්  පොලිසි කරා වාර්ථා වන්නේ නැත . පොලිසියේන් හැංගී සීටිමේ ඇති ක්‍රමවේදයන් දන්නා සහ ඒ සඳහා බලපුලුවම් කාරකම් ඇත්තවුන් අපරාධ කිරීමට බියක් දක්වන්නේද නැත . පොලිසිය පිලිබඳ විශ්වාසය බිඳීම නිසා ජනතාව නීතියට අතටගෙන ක්‍රියා කිරීම කිසිසේත් සමාජයේ ප්‍රගමනයට සුභදායක නැති අතර ජනතාව පොලිසිය ප්‍රතික්ෂේප කර හමුදාව ඉල්ලා සිටීමේන් සිවිල් සමාජය මිල්ටරීකරණය වීමේ අවධානමද සුලු කොට තැකිය නොහැක . දිනෙන් දින ඉහල යන  අපරාධ , මාර්ග අනතුරු මෙන්ම පොලිස් ඝාතන සඳහා පොලිස් කොස්තාපල් වරයාගේ සිට (කකුල් හතරේ පොලිස් බල්ලන් හැරණු වි)ට සමස්ථ  පොලිස් දෙපාර්ථ මෙන්තුවමත්  , මූලිකම වගකීම සතු මෙතෙක් පැවැති සියලුම  රජයනුත්  පැහැදිලි ලෙසම වගකිව යුතුය



ඉරාජ්ගේ පොලිසිය  ගීතයට තහන්චි දැමුවාට ඇස් පනාපිට දක්නට ලැබෙන ඒ ගීතයෙන් මතුකරන යථාර්තය වසන් කල නොහැක , විජය , සනත් ජීවන් , සශි ගේ කාලයෙන් පසු අවංක පොලිස් නිලධාරියෙක් චිත්‍රපටියකින් පවා දක්නට ලැබෙන්නේ කලාතුරකිනි .

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top