Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

November 2011

අධිවේගය , කාලගුණය , ශ්‍රි පාද ඡන්දයේ සැඟවුනු කථා සමඟින් සිරි ලංකා ක්‍රිකට්

පොඩි පොඩි දේවල් කිහිපයක් ගැන කෙටියෙන් ලියල දාන්නයි සූදානම

පටන් ගමු අධිවේගයෙන් , ලංකාවේ පලමු අධිවේගී මාරගය අද ඉඳන් ජනතාවට විවෘතයි . මේ ගැන කථා ගොඩක් තිබුනත් දේශප්‍රේමී ශ්‍රි ලාංකික ජනතාව නම් අද ෆුල් හැපි එකේ ඉන්න දවසක් , අද විතරක් නම් මොකෝ තව සතියක් දෙකක් යන කන් ටිවි චැනල් වලත් එක එක කෝණ වලින් අධිවේගයම පෙන්වන නිසා ජනතාවට මුලු කාලය පුරාවටම පස්වනක් ප්‍රිතියෙන් ඉපිලෙමින් ඉන්න පුලුවන් කම තියනව . ඒ විතරක් නෙවෙයි කඩේ යනවට අමතරව යමක් කරගන්න පුලුවන් චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් ඉන්නව නම් අධිවේගයේ  ලුහුබැඳීම් එහෙම  අඩංගු "ඇක්ෂන්" චිත්‍රපටියක් හදලා ඊලඟ ඡන්දය කාලෙට රිලිස් කරල නැවතවතාවක් ජනතාවට අධිවේගී ආතල් එකක් ලබාදීමේ හැකියාව තියෙයි . අධිවේගී හදන කන් අනික් පාරවල් හැදුවම මොකෝ, ඕකට ආශ්චර්යයේ පිවිසුමය කියන්නෙ ආශ්චර්යය තියෙන්නේ ගාල්ලේද ? , ණය සහ  කොමිස් , ප්‍රමිතියක් නැ , වංගු වැඩියි ...ආදී නොයෙකුත් චෝදනා සියල්ලම අමතක කරලා මාත් අධිවේගය වෙනුවෙන් පොඩි අත්පුඩියක් ගහන්න  කැමතියි . ඒ  අධිවේගී මාර්ග කියන සංකල්පයට මාත් එකඟ නිසා (ප්‍රමුඛතාවය්න් තමයි වෙනස් වෙන්න ඕනි ) ,හැබැයි ඉතින් අද රැ ප්‍රවෘත්ති වලින් අධිවේගයේ  රූප දැකල අගය කරන අපේ සමහරක් ඇයින් සල්ලි දීල ඔකෙ  යන්න තියන කුණු කමට හෙට උදේ ගාල්ලට යන්න පුරුදු  ගාලු පාරම තෝරගැනීමේ හැකියාවකුත් තියනව කියල කියන්න ඕනි . මොකෝ ඉතින් පාරවල් හැදුවාට මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙනවායැ . අධිවේගයේ යන්න බලාපොරොත්තු වෙන අය අදාල නිති රිති ගැන හොඳින් දැනුවත් වෙලා යන එක හොඳයි මීට කලින් විදේස් රටකදී අධිවේගයක් භාවිතා කරල නැත්නම් , සේෆ්ට් පස්ට් කියල  කියනවනේ !


අධිවේගයේ යන අයව දැනුවත් කරන්න නම් වැඩපිලිවෙලවල් ගණනාවක් තිබුනත් , මුලු රටේම ජනතාවට බලපාන කාලගුණය ගැන දැනුවත් කරන්න නම් අපේ කාලගුණ බලාධාරීන්ට හැකියාවක් ලැබුනේ නැ . ධීවරයින් ඇතුලු ජිවිත ගණනාවක් බිලිගත්ත අවසනාවන්ත සිදුවීම වලක්වාගන්න හැකියාව තිබුනාය කියල අහන කොට අපේ ඇඟේ මාලු නටන්නෙ අදාල නිලධාරිගෙ පඩි පැකට් එකට අර මිය ගිය ධීරවයින්ගෙත් දායකත්වයක් තියනවාය කියන එක ඒ නිලධාරීන් අමතක කරල දාල තියන නිසා . මෙහෙම තත්වයක් ඇතිවෙන්න පුලුවන්ය කියල  අනතුරු ඇඟවීම ඇවිත් තියෙත්දි , ඉන්දියා බලධාරීන් තමන්ගේ ජනතාව දැනුවත් කරල තියෙත්දි අපේ කාලගුණයේ  කාල බුදිය ගත්ත උන්ටත "අකුරට ක්‍රියාත්මක " නීතිය බලපවත්වාවි කියලයි  අපි බලාපොරොත්තු වෙන්නෙ

කාලගුණය ගැන කථා කරන කොට අමතක නොවනම ඉසව්වක් තමයි සමනල අඩවිය හා ශ්‍රි පාදස්ථානය . ශ්‍රි පාදස්ථානය වෙනුවෙන් භාරකාර ස්වාමීන් වහන්සේ නමක් තොරාගැනීමේ ඡන්දය පහුගිය දාක පැවැත්වුනා . එතනටත් කඩා වැදුනු කැලණියේ  චණ්ඩියා වැඩේ දෙ ල් කලාය කියල තමයි මාධ්‍ය වල පලවුනේ .ඒ කථාව බොරුවක් නොවුනත් එතන සැඟවුනු තව කථාවකුත් තියනව . ඒ ගැනයි මේ කියන්නට යන්නේ . මේ තොරතුරු ඔක්කොම අහපු දැකපු අයගෙන් ලැබුන තොරතුරු . ඔය  ඡන්දය වෙනුවෙන් රජයේ ඇතැම් දේශපාලකයින්හා සම්බන්ධ තවත් පුද්ගලයින් එක් හිමි නමකට බැහැල වැඩ කලා , ඒ ඉතින් රත්නපුරේ පැත්තේ තියන භූමි සම්පත් හා සබැඳුනු මුල්‍යමය සහයෝගිතාවක් කියලයි කියන්නේ . මේ හිමි නමගේ ජයග්‍රහනය වෙනුවෙන් බැහැල වැඩ කරපු අය මුදල් , වාහන අල්ලස් වගේම සමහර හිමි වරුන්ට පෞද්ගලික රෝහල් වල නවාතැන් පවා  දුන්නාය කියල ආරංචියි . ආ... තව අලි ඇතුන් අල්ලසුත් තියනව . මේ වැඩේට සම්බන්ධ අය අතර "සිංහල බෞද්ධ " ගිහි පොරවල් සහ සමහර දේශපාලකයින් කිහිපදෙනෙක් විතරයි හිටියේ (රත්නපුරයේ  රජයේ දේශපාලන බවතුන් වැඩේට බැහැල හිටියේ නැතිලු )  . ඔය කතන්දර මාලාවේ අවසන් ජවනිකාවට හෙවත් ඡන්දය වෙලාවට තමයි කැලණි තිස්ස සම්බන්ධ වෙන්නෙ , පොරගේ සුපුරුදු පාතාල සෙට් එක අනික් පාර්ශවයේ හාමුදුරුවන්ට ඡන්දය දෙන්න ආපු ස්වාමීන් වහන්සේලාට සහ ගිහි ආධාරකරුවන්ට තග දාපු බව තමයි කියවෙන්නෙ , නම්බර් ප්ලේට්වත් නැති අති සුඛෝපබෝගී වාහන වලින් ආපු ඇතැම් හාමුදුරුවරුන්ගේ  කියකලාපය දැකපු එතන හිටපු අයට කියවුනේ "අනේ මුන්ටද අපි දානේ දෙන්න " කියලාලු . ඒ වගේම එලිපිට සංඝ බෙද පාපකර්මයට දායක වුනු සිංහල බෞද්ධ ගිහියන් හාමුදුරුවරුන්ට අමතපු විදිහ දැක්කාම "මේ  සිංහල බෞද්ධා රජ්‍යයි " කියන වාක්‍යට  බස් වලටම සීමා වෙලා කියලලු හිතෙන්නෙ . සමන් දෙවියන් ගැන මිනිස්සුන්ගෙ තියන විශ්වාසයන් හා ශ්‍රි පාදය ගැන තියන විශ්වාසයන් අනුව බැලුවාම නම් එදා සිදුවුනු අපරාද වල හැටියට  මේ  අයට රියල් ටයිම් දඬුවම් ලැබෙන්න ඕනි , එහෙම එකක්  වුනේ නැති නිසා , ඉදිරිය ගැනවත් බලාන ඉමු !. කතන්දර දලදා මාලිගාවට දතේ පන්සල කිව්වාය කියල සමහරක් අයට සැහෙන්න තදවෙලා තිබුනා, ඒ අයට මම කියන්නෙ මේ සිදුවීම ගැන හොඳට හොයල බලන්න (මම කිව්ව ඒවට වඩා සැහෙන්න තියනව කරුණු කාරණා ) , පිස්තෝල ඉනේ ගහන් ඉන්න චිවර දාරින් ,  අල්ලසට නැමෙන හාමුදුරුවරුන් ඇතුලු ඒ කාරණා දැක්කාම ඔබලාටම කලකිරීමක් ඇති වෙයි

ඔය මොන සීන් වුනත් රටේ මිනිස්සු ප්‍රශ්න අමතක කලේ ක්‍රිකට් මැච් බලලා , දැන් නම් ඒකටත් බබා හම්බ වෙගෙන යන්නෙ. මේ දවස් වල හොඳ ක්‍රිඩා ලොලියෙක් එක්ක ක්‍රිකට් ගැන ක්ථාවක් පටන් ගත්තොත් කියන්නෙ , "ඔස්ට්‍රේලියා - සවුත් අර්ෆිකා හරි  ඉන්දියා- වෙස්ට් ඉන්ඩීස්  හරි මැච් ගැන කථා කරමු අපේ උන් ගැන නම් කථා නොකර ඉමු" කියලයි .කවදාවත් නොතිබුන විදිහට පුහුණු කරුවො රොත්තක්ම දාල ඉත්දිත් කණ්ඩායම අසාර්ථක වෙන්නෙ  මොකක් හෝ පරහක් තියන නිසා . මොකද මේ ක්‍රිඩකයින්ම තමයි පහුගිය කාලයේ මැච් දිනවන්න කටයුතු කලේ . මම දකින ලොකුම පරහ නම් නායකත්වය , දෙක පරිපාලනය . ඔබ දකින පරහ මොකක්ද??

අය වැය සහ ගුටිකෙලිය ගැන මගේ අදහස

තවත් අයවැයක් ඉවරයි . හැමදාම වගේ ඉතින් අයවැයක් අවසන් උනාම දකින්න තියෙන්නෙ ආණ්ඩුව සහ හිතවතුන් අයවැයේ ගුන කියත්දි විපක්ෂයේ කට්ටියට මොකක් හරි  කොනකින් වරදක් අල්ලන් කැගහන එක . කොහොම වුනත් මෙදා පාර අය වැය ගැන මගේ  අදහස නම් විශේෂ හොඳක් හෝ නරකක් නැති පතෝල වගේ එකක්ය කියන එකයි . අයවැය කියන්නෙ සහන මල්ලක්ය කියල හිතාන ඉන්න ජනතාව වගේම  තමන්ගෙ පාලන කාලවලදි නොකලත් විපක්ෂයත් අයවැය විග්‍රහ කරන්නෙත් "අය වැයෙන් ලැබුනු සහන " කියන තැන ඉඳන් . ඒ තැන ඉඳන්ම බැලුවොත්  දහ දාහත් එපා කියල 2500ට ඡන්දය දීපු රජයේ සේවකයින්ටත් සංවේදී  කලා කරුවන්ට හා ලොන්ඩරි රස්සාවේ කෙල පැමිණි මාධ්‍ය වේදීන්ටත් (එහෙම කියාගන්න ) ජනාධිපති තුමා යුතුකම් ඉටු කරල තියනව .  රාජ්‍ය සේවකයින්ගෙ 2500 යේ ටෝටල් එක මේපාර 1000ත් එක්ක සම්පූර්ණ වෙන්න ඇති මයේ හිතේ .ඒ සහන ගැන කතාව . හැබැයි අයවැයක තියන වැදගත් කම සහන  නෙවෙයි. රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද සහ රජය ඊලඟ වර්ශය වෙනුවෙන් රජයේ ආදායම් හා වියදම් මොනවගේද කියන එකයි වැදගත් . මේ අතින් බැලුවාම රජය මේ දක්වා ගෙන ගිය වැඩ පිලිවෙලේම දිගුවක් විදිහට මෙ අය වැය හඳුවන්වන්න පුලුවන් කම තියනව . සුපුරුදු පරිදිම ආයෝජන ප්‍රවර්ධනයට හා සංචාරක කර්මාන්තයට වැඩි අවධානයක් යොමු කරල තියන බවත් පේන්න තියෙයි , නමුත් ගැටලුව තියෙන්නෙ රජය ගෙනියන වැඩ පිලිවෙල රට ආශ්චර්යය කරන්න එහෙමත් නැත්නම් ඉක්මනින් සංවර්ධිත රටක් බවට පත් කරන්න ප්‍රමාණවත්ද කියන එක

මම දකින විදිහට ඔය කියන ආකාරයේ ආශ්චර්යකට යන්න නම්  රැඩිකල් ආර්ථික තීරණ අරගන්න සිද්ධවෙනවා , නමුත් මේ අයවැය තුල ඒහෙම දෙයක් දකින්න නැ . ඒ වගේම ආර්ථික කාරණා වලට අමතරව රටේ දේශපාලනික සහ සමාජීය වටපිටාව  තුලත් මේ වෙනස් කම් සිද්ධ කරන්න වෙනව . උදාහරණයක් විදිහට විදේස් ආයෝජන  අරගත්තොත් ඉදිරි කාලයේදී ආයෝජකයින් ලබාගැනීම වෙනුවෙන් අපිට දැවැන්ත තරඟයක් තියනව අපේ අසල් වැසි "ලොකු අය්යා " එක්ක . විශාල සහ වර්ධනය වෙමින් පවතින වෙලඳ පොල , , ලාභ ශ්‍රමය සහ  ප්‍රධාන පක්ෂ දෙකම ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම (කොලේ වහල නෙවෙයි එලිපිට ) යන ආදී කාරණා නිසා ඉදිරි කාලයේදී ලෝකයේ  ආයෝජකයින් බොහොමයකගේ නවාතැන වීමට ඉඩ තියෙන්නෙ ඉන්දියාව . ඒ අතරින් අපේ රටට තියන අවස්ථා හඳුනාගෙන , අදාල අයෝජකයින් ආකර්ෂනය කරගන්න නම් ආර්ථික සහන වලට අමතරව රටේ ආර්තික , දේශපාලනික හා සමාජීය කාරනා තුල ආයෝකයින්ට හිතකර සහ  ආකර්ෂනීය වටපිටාවක් නිර්මාණය වෙලා තියෙන්න ඕනි . ඊලඟ කාරණය වෙන්නෙ ලංකාවේ බොහෝ වෙලාවට දකින්න තියන ගැටලුවක් වුනු සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම . අයවැයෙන් මොන ආකාරයෙන් මුදල් වෙන් කලත් ඒවා නිසි පරිදි අදාල අරමුණු සාක්ෂාත් කරගන්න වැය වෙනවාද කියන එක  නිරීක්ෂනය කරන්න , වාර්ථා කරන්න සහ නිවැරදි කරන්න ක්‍රමවේදයක් නැති තාක් කල්  කිසිම අයවැයක  නියම හරයන් රටට හෝ ජනතාවට ලැබෙන්නෙ නැහැ .

සංචාරක කර්මාන්තය  දිරිමත් කිරීම වෙනුවෙන් සංධාන රජය සාධනීය අවධානයක්  යොමු කරන බව පසුගිය කාලය පුරාවටම දකින්න තිබුනා .  මේ අයවැයෙනුත් ඒ පිලිබඳ අවධානය යොමු කරල තියන බව පේන්න තියනව . කොහොම උනත් මේ වෙනුවෙනුත් කල යුතු විපර්යාසයන් බොහොමයි .රටේ සමස්ථ ප්‍රතිරූපය ලෝකය තුල යහපත් එකක බවට පත්කරගැනීම වගේම වීවිධ ආකාරවල සංචාරකයින් මෙරටට ආකර්ෂනය කරගැනීම මේ  අතර ඉහලින්ම තියනව . සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න  කෙනෙක් වරක් සඳහන් කලා "ලංකාවට බහුලවම එන්නේ ඉන්දියාවේ සල්ලි කාරයින් සහ බ්‍රිතාන්‍යයේ (යුරෝපයේ )  මධ්‍යම පාන්තිකයින් " කියල . මේ කියමන කොයිතරම් දුරට නිවැරදිද කියල නම් මම දන්නෙ නැ ඒ වුනත් මැතකදි කියවපු ලිපියකට අනුව නම් ඔය රටවල් දෙකෙන් තමයි වැඩිම සංචාරකයින් ගානක් වාර්ථා වෙන්නෙ . ඒ වගේම ඒ ප්‍රකාශය සත්‍ය නම් ඉන්දියාවේ මධ්‍යම පාන්තිකයින්ගේ ඉඳන් යුරෝපයේ කෝටිපතියන් , ඇමරිකාවේ කෝටි පතියන් දක්වා සැම පරාසයකම සංචාරකයින් නිරන්තරයෙන් ගැවසෙන  සංචාරක කලාපයක්ල බවට ශ්‍රි ලංකාව පත් කිරිම තමයි ඒ අංශයෙන් තියන අභියෝගය . මේ කාරණයෙදිත් අයවැයකින් දෙන සහන වලට අමතරව ගුණාත්මක  වර්ධනයන් සඳහා නියාමනය කිරීමේ ක්‍රමවේදයන් සහ දැඩි ප්‍රතිපත්තිමය තීරණත් ගන්න අවශ්‍යයි

අයවැය තුල වඩාත්ම කථාබහට ලක්වුන  තීන්දුව වුනේ රුපියල අවප්‍රමාණය කිරීම . මේ ගැන වීවිධ  මත එල්ල වෙන බවක් දකින්න තියනව හොඳ නරක දෙයාකාරයෙන්ම . කොහොම උනත් රුපියලේ අගය නිදහසේ විචලනය වීමට ඉඩ හැරීම  වඩාත්ම හොඳ තත්වය  කියල විද්වතුන්ගේ සහ වෘත්තිකයින්ගේ අදහස් මම අහල තියෙයි . ඒ අනුව පහුගිය කාලයේ රජය විසින් බලහත්කාරයෙන් ඉහල අගයක තියාගෙන තිබුන රුපියලේ අගය නියම වටිනාකම දක්වා අවප්‍රමාණය වෙන්නට ඉඩ හැරීම හොඳ දෙයක්ය කියල මට හිතෙනව .මේ පිලිබඳව ඉදිරියේදී ඇතිවන සංවාද වලදි මේ ගැන වැඩි යමක් දැනගන්නට ලැබේවි

අය වැය යෝජනා එක්ක මේ පාර මුලින්ම එලියට ආවේ අයවැයේදි සිදුවෙච්ච ගුටිකෙලිය . අයවැය  කථාව වත්  අහන්න පාර්ලිමේන්තුවේ හිටිය නැති එජාපය එලියට ඇවිත් තමන්ට ගහපු එක ගැන මාධ්‍යට කිව්වේ හරියට දෙක වසරේ ලමයි ඉස්කෝලෙදි ගහගෙන ගෙදර ඇවිත් අම්මලාට කියනව වගේ . අයවැය  කථාවට  පාර්ලිමේන්තු සම්ප්‍රදායෙ තියෙන්නෙ ඉහලම වටිනා කමක් , ඒක සාමාන්‍ය පනතක් ඉදිරිපත් කිරීමක් වගේ නොවෙයි . මේ කාර්ණය දැන දැනත් , විශේෂයෙන්ම රටේ මූල්‍ය පාලනය වෙනුවෙන් පාරිලිමෙන්තුවට ඇති අයිති වාසිකම් ගැන ප්‍රභලව කථා කරන විපක්ෂනායකවරයෙක් ඉත්දිත් එජාපය අයවැය කථාවට එකතු වුනු විදිහ අනුමත කරන්න හැකියාවක් නැ , අයවැයට  විපක්ෂයේ විරෝධතාවය දක්වන්න ඕනි තරම් අවස්ථා තියනව අයවැය කියෙව්වාට පස්සෙ , ඒ අවස්ථා වෙනකන් ඉන්නෙ නැතුව ජනපතිවරය පාර්ලිමෙන්තුවට එනකොටම බෝඩ් ලැලි උස්සගෙන ඉන්න එකෙන් අදහස් කරන්නෙ   අයවැය පාරිලෙන්තුවට ඉදිරිපත් කරන එකෙන් වැඩක් නැහැය කියන එකද ? කියල ප්‍රශ්නයක් මතුවෙනවා .හාමුදුරුවරුන්ගෙත් අහවල් එක මිරිකපු මිනිස්සු ඉන්න පාර්ලිමෙන්තුවක අය වගේ සිද්දියකින් ගැටුමක් ඇති වෙනවාය කියන එකත් , වැඩියෙන් පිරිස් බලය තියන අයගෙන් ගුටි කන්න වෙනවාය කියන එකත් එජාපය  දැනගත යුතුව තියෙන්නෙ ඕනි . මොක්ද එජාපයත් පාරිලිමෙන්තුවේ සරම් උස්සගෙන ගුටි ගහගත්ත නාඩගම් වලට ඉහලින්ම දායක වෙච්ච නිසා .

අනවශ්‍ය වැඩක් කරල  වලියක් දාගෙන එලියට  ආවට පස්සෙ එජාපය   කරන්න අවශ්‍ය වෙන්නෙ පාර්ලිමෙන්තුවෙදී තමන්ට පහර දීම ගැන ජනතාව දැනවත්  කිරීම වෙනුවෙන් කටයුතු කරන එක සහ රජය වෙනුවෙන් තමන් පල කරන විරෝධයේ එක් අංගයක් විදිහට ඒක එකතු කරගන්න එක ,  හැබැයි එජාපය මේ ගැන දාපු මූලිකම අදහස තමයි ජාත්‍යන්තරයට යනවාය කියන එක . රට තුල විසඳගන්න බැරි ප්‍රශ්නයකදි ජාත්‍යන්තර සහය ලබාගැනීම පිලිබඳ ගැටලුවක්  නැ , ඒත් හැම රෙද්දකට ම ජාත්‍යන්තරයක් පස්සෙ යන්නේ එජාපයේ නායකයින්ගෙ මොලවලට හුලං බහින නිසාද කියලයි මට හිතෙන්නෙ . කොහොමින් හරි රටේ ප්‍රධාන පුරවැසියන් 4 දෙනාම ඉදිරිපිට ඒ අයගේ  යටත් සමාජිකයින් අන්තිම අසික්කිත හැසිරීමක් පෙන්නුවේ විදේස් තානාපති වරුනුත් ගෙනත් තියාගෙනය කියලයි වාර්ථා වෙන්නෙ . මේ අයත් ඇතුලු සමස්ථ ජනතාවගෙම ආකල්ප  සහ චර්යා වල පැහැදිලි වෙනසක් වෙනකන් මොන අයවැයක් ගෙනාවත් රට එකම තැනයි කියල අවසන් වශයෙන් සඳහන් කරන්න කැමතියි

Image From - prattvillerevolution.wordpress.com

සුදු කොඩි තීන්දුවේ සමාජිය බලපැම

බොහෝ දෙනා අවධානයෙන් බලාසිටි දිනයක් අවසන් වෙමින් පවති . දිනයේ වැදගත් කමට හේතුවු තීන්දුවද ප්‍රකාශයට පත්වී අවසන්ය . එය ඊට වඩා වෙනසක් වේයැයි කවුරුත් බලාපොරොත්තු නොවූ මුත් සියලු දෙනා ඒ ගැන කථා කරති , ඉදිරි දින කිහිපයෙත් කථා කරනු ඇති . නමුත් බොහෝ දෙනෙකුට ටික  දිනකින් සියල්ල අමතක වනු ඇත . සමහරෙක් අධිවේගී මාර්ගයේ අසිරියෙන් කුල්මත් වනු ඇත , තවත් අයෙක් සුපුරුදු ජීවන තරඟයේ සිරවනු ඇත . තවත් සමහරුන් නිහඬව සුසුම් ලමින් ශ්‍රි ලංකාවෙන් පිටවී යැමේ මාර්ගයක්  ගැන සිහින දකිමින් තම සුපුරුදු රිද්මයට එකතු වනු ඇත . නමුත් අදාල සිදුවීමෙන් ශ්‍රි ලාංකීය සමාජයට , ඉහත කී සියලුම වර්ගයේ ජනයාට  සිදුවන බලපැමේ ප්‍රභලත්වය නිසා ඒ පිලිබඳ කතිකාවක් ඇති කිරීම  අවශ්‍යය .මේ ඒ  උදේසා ආරම්භයක් ලෙස සටහන් කරන ඉතාමත් කෙටි සටහනකි

පෙර කී පරිද්දෙන්ම  අදාල තීන්දුව බලාපොරොත්තු නොවූ පුදුම සහගත එකක් නොවේ . දිනය නියම වූ දා පටන් ඒ ගැන කථා බස් කල සියලු දෙනා බලාපොරොත්තු තීන්දුව වූයේ මෙයයි , එනම් ශ්‍රි ලංකාවේ වර්ථමානයේ පවත්නා තත්වය තුල නීතිය  පිලිබඳ වූ විශ්වාසයක් ජනතාව තුල ඇත්තේ නැත . ඒ සඳහා අතිශයින් සාධාරන හෙතුන් රාශියක් ජනතාව  අත්විඳ ඇත . ෆොන්සේකා මහතා වරද කරුවා යැයි විශ්වාස නොකරන්නන් පවා දේශපාලනික හේතුන් මත අධිකරණයේ තීරණ රඳාපවතින්නේ යැයි අනාවැකි පලකරන්නේ අධිකරණ ක්‍රියාදාමයන් පිලිබඳ ඔවුනගේ විශ්වාසය බිඳ වැටී ඇති  නිසා වෙනි .

රටේ ඕනැම පුද්ගලයෙකුට සිදුවන අසාධාරනයක් වෙනුවෙන් ඇති අවසන් පිහිට වූ අධිකරනය පිලිබඳ  විශ්වාසය බිඳ වැටුනු තැන  ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රාමුවට සිදුවන හානිය ඉමහත්ය , ජනතාව විසින් නීතිය අතට ගන්නෙත් , ඒ හරහා ශිෂ්ට සමාජයට නොගැලපෙන ක්‍රියාවන් සමුදායක් සිදුවන්නෙත් ඒ තුලය .නමුත්  යතාර්තය ඊටත් බරපතලය . ජනතාව විසින් ඇති කරගන්නා සැකයන් තහවුරු  කරනා තැනට අධිකරනය පත්වී ඇත .


විනිසුරුවරුන් තුල අනිවාර්යයෙන් තිබිය යුතු පක්ශග්‍රාහී නොවීමේ ගුනයන්   ඇතැම් විනිසුරු වරුන් විසින් ප්‍රසිද්ධියේ කඩ කරමින්  එක් පාර්ශවයකට හිතවත් කම් දැක්වීම් මෙන්ම ඉරුණු සටහන් පොත් , හා සංස්කරනය කල විඩියෝ වැනි සාක්ෂි  වලට වලංගු භාවයන් ලබා දීමත්  ඇතුලු  අධිකරනය පිලිබඳ ජනතාවගේ සැකයන් තහවුරු වන ක්‍රියා මාර්ගයන් මේ සිදුවීම තුල ඇත . ජනතාව නීතිය පිලිබඳ විශ්වාසය අත්හරිත්දී , අධිකරනය එය සනාථ කරමින් සිටින්නේ නම් රට යන්නෙ ආශ්චර්යකට නොව ඒකාධිපතිවාදයකට බැව් පැහැදිලිය .  සරත් ෆොන්සේකා යන පුද්ගල චරිතය අමතක කලත් මේ  සිදුවීම තුලින් ලබාදෙන රතුඑලිය පිලිබඳ ජනතාව විසින් අවධානය යොමුකල යුතු බැව්  මෙසේ සටහන් කර තබන්නට කැමත්තෙමි !

  ඉහත විස්තර කල සමාජීය කාරණාව පසුපස ඇති දේශපාලනය බොහෝ දෙනෙකුට පැහැදිලිය (රෙදි නැතිව කඩේ යන්නන්ට හැර ) , ඒ ගැන දුකා සහ සබිත් ගෙ ලිපි සමඟින් එකතු වෙන්නේ ෆොන්සේකා මහතාගේ දේශපාලනය අනුමත කරනා නිසා නොව ඔහුට දේශපාලන මතයක් දැරීමේ අයිතියට ගරු කරන නිසාය . මේ සිදුවීමෙන් ලාංකීය දේශපාලනය තුල  සිදුවන්නේ මොනවාදැයි අවධානයෙන් බලා සිටීම ඒ පිලිබඳ උනන්දුවක් දක්වනා අයට වැදගත් වනු ඇත

ප.ලි -

 1) නිරුවතින් කඩේ යන්නන් මේ සිදුවීම තුල  මහජනයා වශයෙන් තමාට ඇති බලපැම දකින්නෙ නැත , ඔවුනට නිතියෙ දෙව් දුව දැස් බැඳි රෙදිකඩ පමනක් නොව ඇඳිවතද උනා දැම්මාට ඔවුන්ට කමක් නැත , දේශප්‍රේමී වෙබ් අඩවි වල (ලියාපදිංචි කල වෙබ් අඩවි ) මෙවන් පුද්ගලයින්ගේ කමෙන්ට් ඇති තරම් දක්නට ඇත 


2)අධිකරණයෙන් දුන් උපන් දින තැග්ග හෝ අවුරුද්දක් දිග මෙගා දන්සැල් අනුමත  නොකරත් ජනපති තුමට සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කිරීමට කැමතිය

වෘත්තීය ජිවිතයේ 50 වෙනි වසර සමරන පක්කලියාට සුභ පතමු !

තම වෘත්තීය ජිවිතයේ 50 වන වසර සැමරීමේ අවස්ථාව හිමි වන්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙකුට පමණි . බොහෝ වෘත්තීන් හි විශ්‍රාම වයස 60 වන නිසා  වසර 50ක වෘත්තීමය ජීවිතයක් යනු සැබවින්ම සුවිශේෂි කාරණයකි . මෙවන් සැමරුමක් කරන තැනැත්තෙක් බොහෝ විට තම වෘත්තිමය ජීවිතයේ අති සාර්ථකත්වය නිසා විශ්‍රාම වයසෙන් පසුවත් සේවය සපයන ඉහල විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්/ව්‍යාපාරිකයෙක් හෝ ළමා ශ්‍රමය පිලිබඳ නීති රීතින් ලිහිල් අවදියක කම්කරු  ශ්‍රේණියේ රැකියාවකින් වෘත්තීමය ජීවිතය ආරම්භ කල අයෙකි . ඉහත සඳහන් කල දෙවෙනි වරගයේ අයවලුන් අතර කම්කරු ශ්‍රේණියෙන් පටන් ගෙන ඉහලට නැගි අයෙකු මෙන්ම එම තත්වයේම වසර 50ක් සේවය කල අයකුද සිටිය හැක . ඒ  පුද්ගලයාගේ සමත් අසමත් කම් අනුවය . මේ කොයි ආකාරයේ කෙනෙකු වුවත් වසර 50ක වෘත්තිමය ජිවිතයක් ගත කල අයෙකුට තමාගේ කාර්යභාරය පිලිබඳ මෙනෙහි කර සතුටක් ලැබිය හැකි විය යුතුය . එහීදී ආයතන කලමණාකරුවෙකුටත් වැසිකිලි පිරිසිදු කරන්නෙකුටත් දැනෙනා සතුට එකමය . ඒ තමන් තමන්ගේ වගකීම් කොටස සාර්ථක ලෙස ඉටු කිරීම පිලිබඳ ලබනා ආත්ම තෘප්තියයි . කාර්යයේ මුල්‍යමය වටිනාමක් වෙනස් වුවත් ඒ තුල ගැබ්ව ඇති හරාත්මක වටිනා කම් වෙනස් වන්නේද නැත . මන්ද අදාල වපසරිය තුල වෘත්තියට , ආයතනයට  මෙන්ම සමස්ථ සමාජයටම ඔහුගෙන් ඉටු විය යුතුකම් කොටස ඉටුවී හමාරය

අද දින ලංකාවේ බොහෝ දෙනෙකු නම ඇසු පමණින් දන්නා කියන පුද්ගලයෙකු තමාගේ වෘත්තිමය ජීවිතයේ 50 වෙනි වසර සමරන බවක් දැන ගන්නට ඇත . එයට රටේ ඉහලම නායකාරකාදීන් සහභාගි වෙන බවක්ද දැනගන්නට ඇත . එහෙත් මේ පුද්ගලයා ඉහත සඳහන් කල  ආකාරයේ ආත්ම තෘප්තියක් ලැබිය හැකි වෘත්තිකයෙකු නම් නොවේ . ඔහු  ජනතාවගේ මුදලින් යැපෙන ආයතනයක එක් ප්‍රධාන නිෂ්පාදනයක් භාර ජනතාවගෙන් වැටපු ලබන නිලධාරියෙකි , නමුත්  අදාල  නිෂ්පාදනයෙන් ආයතනය ලාභ උපයන්නෙ නැත  එනයින් බැලු විට ඔහුගෙන් ආයතනයට  ඉටු විය යුතු යුතුකම් කොටස ඉටු වන්නෙ නැත .  ඔහුගේ  කාර්යය ඍජුව වගකිව යුත්තේ ජනතාවගේ සුභ සිද්ධියටය . නමුත් ඔහු එහිලා කිසිදු දායකත්වයක් දක්වන්නෙ නැත . ජනතාවගේ සුභ සිද්ධිය ඔහු විසින් සහමුලින්ම අමතක කර දමා ඇත . එනිසා ඔහුගෙන්  සමාජයට ඉටුවිය යුතු සමාජීය කාරයභාරයද  ඉටු වී නැත . ඔහුගේ වෘත්තිය ඉතාමත් ගෞරවාන්විතය ,රටක  හෝ රටවල් ගණනාවක අනාගතය වෙනස් කල හැකි මට්ටමේ බලයක්  අදාල වෘත්තිය සතුව ඇත , නමුත් මේ පුද්ගලයා අතින් දිගින් දිගටම සිදුවන්නෙ  එකී ගෞර්වනීය වෘත්තියේ ගෞරවය කෙලෙසීමය . ඒ අනුව ඔහුගෙන්  වෘත්තියට ඉටු විය යුතුකම ඉටුවී  නොමැත


ඉහත කාරණා අනුව ඔහු වසර 50 ක් සැපිරුවා යන්න තුල සැමරීමට තරම් දෙයක් නොමැත . වර්ථමානයේ ඔහු විසින් කරනා එකම කාර්යය වැසිකිලි වලවල් අතින් හාරා  දිගට හරහට අසුචි විසිකිරීම වැනි රටම ගඳගස්වනා  පක්කලි ක්‍රියාවක්  වුවත් ඔහුගේ සැමරුමට රටේ ඉහලම තැන්වල දායකත්වය ලැබී ඇත . ඒ ඔහුගේ වැසිකිලි කැඩීමේ ක්‍රියාවලිය තුලින් වාසී ලබනා එකම පිරිසය .මේ සිරි ලකේ ඔවැනි කාරණා පිලිබඳ සිත් තැවුල් ඇති කරගැනීමෙන් පලක් නැත . මේ අප ආශ්චර්යයේ  ස්වභාවයයි . 50 වසරක පක්කලි සේවය වෙනුවෙන් අද දින උපහාර ලබන්නානෙනි ඔබට මාගේ සුභ පැතුම්!!

ප.ලි - මේ පුද්ගලයා කව්දැයි යන්න හඳුනාගැනීමක ඔබට එතරම් අපහසු විය නොහැක , නොහැකි වුවහොත් මඳක් විපරම් කර බලන්න සොයාගත හැකි වනු ඇත . කෙසේ හෝ ඔහුගේ සැබැ නාමය  කමෙන්ටු තීරයේ වත් නොලියා සිටින මෙන් ඉල්ලා සිටිමි . පලමුවෙන් එවැනි පක්කලියෙකුගෙ නමක් මෙහි ලියවෙනවාට  මා අකමැතිය . දෙවැන්න බ්ලොග් අඩවිය දැන්ම ලියාපදිංචි කිරීමේ බලාපොරොත්තුවක් නොමැත

2018 කොමන් වෙල්ත් ඕස්ට්‍රේලියාවට .... අය්යෝ සල්ලි !!!

ඕස්ට්‍රේලියානුවන් 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය පැවැත්වීමේ අයිතිය දිනා ඇත . ඔවුන් ඡන්ද 43ක් ලබත්දි ශ්‍රි ලංකාව ලබා ඇත්තේ 27ක් පමණි .  යථාර්තය තේරුම් නොගෙන සිහින මැවීමෙන් සහ රටේ මිනිසුන් මෙන් විදේශිකයින්ද ගොනාට ඇන්දවිය හැකියයි සිතා ගත් නිසා තවත් බිලියන ගණනක් රටට අහිවිව ඇත . නාමල් රාජපක්ෂ , මුරලි දරන් , අනර්කලි ඇතුලු කණ්ඩායමට හිස් අතින් ශ්‍රි ලංකාවට පැමින කොමන් වෙලත් වෙනුවට වෙනත් සිහිනයක් දැකීමට සිදුවනු ඇත

මේ උත්සවය ශ්‍රි ලංකාවට ලැබුනා නම් එය රටක් වශයෙන් ලබනා ජයග්‍රහනයක් බැව් සැකයක් නැත , නමුත් ප්‍රයෝගික තලයේ ඉටු කරගත නොහැකි දෙයක් වෙනුවෙන්  කෝටි ගණනින් මුදල් නාස්ති කිරීමට තරම් ප්‍රමුඛතාවයක් පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවලියට නැත .

මේ සිද්ධියේ මුලින්ම පරහට සිටි කාරණාව වන්නේ 2010 තරඟාවලියයි(ආදරණීය ලොකු අය්යායි )  . ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වූ එම තරඟාවලි සංවිධායක කමිටුවේ දූෂණ ක්‍රියා නිසා ගැටලු රාශියක් මතුවූ අතර සාමාජික රටවලින් ප්‍රභල විවේචනයන්ද එල්ල විනි . මේ පිලිබඳ දිගට හරහට රජයට පහර ගැසූ ඉන්දියානු මාධ්‍ය(ඔව් ලංකාවේ බැරි උනාට ඉන්දියාවේ රජය ,මාධ්‍ය වලින් විවේචනය කරනව ) "Commonwealth Shame " ලෙස හැඳින්වූ මෙම සිදුවීමත් සම්ඟ තවත් දකුණු ආසියාතික රටකට ඡන්දය භාවිතා කිරිමේ සම්භාවිතාව සැහෙන්න අඩුවූ බව ශ්‍රි ලංකාව විසින් තේරුම් ගත යුතුව තිබිණි , ලෝකයේ දිදුලන ආර්ථික වර්ධනයක් අත්කරගත් රටක් වූ ඉන්දියාව විසින් අල කර ගත් කාර්යයක් දකුණු ආසියාවේ වෙනත් රටක් විසින් සාර්ථක කරගනිවි යැයි සමාජික රටවල් නොසිතනා බැව්  තේරුම් ගත යුතුව තිබිනි ..


ඕස්ට්‍රෙලියාවේ ගොල්ඩ් කෝස්ට්  තරඟවලිය පැවැත්වීමට අවශ්‍ය කරන මූලික පහසු කම් වලින් 80%ක් පමන අත්පත් කරගත් නගරයක් වෙත්දි හම්බන්තොට සිටියේ  සම්පූර්නයෙන්ම ඉදි කල යුතු තත්වයෙනි . ගෝල්ඩ් කෝස්ට් වලදී ඇහැට දකින්නට ඇති දේ වෙනුවට ශ්‍රි ලංකාවේ තිබුනේ සැලැස්මවල් හා නාමල් රාජපක්ෂ මහතාගෙ පොරොන්දු පමණි . එවන් තත්වයක් තුල හම්බන්තොට ගෝල්ඩ් කෝස්ට් පරයා ජයගනිවි යැයි සිතුවේ ඇයි ?. හම්බන්තොට ට වඩා ගව් ගානක් ඉදිරියෙන් සිටිනා නව දිල්ලියත්  ඉදිකිරීම් වලදි අනාගත් කොට (පාලමක් කඩා වැටුනු බවක් පවා මතකය )  හම්බන්තොට මුලු මනින්ම ඉදිකිරීම සාර්ථක වේ යැයි අදාල නියෝජිතයන් විශ්වාස කරාවිද .

 ශ්‍රි ලංකාව පිලිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපයද සුභදායි නොවන තත්වයක පැවැතීමත් මේ සඳහා බල පැ හැකි බව තේරුම් ගත යුතුව තිබිනි . කෙසේ හෝ මේ කිසිවක් ගැන නොසලකා  ප්‍රායොගික නොවන සිහිනයක් වෙන්වෙන් ශ්‍රි ලංකාව වෙහෙසුන අතර ,  සමාජික රටවල ඡන්දය ලබා ගැනීම සඳහා කලේ සුපුරුදු ඇන්දීමේ ක්‍රියාවලියයි , එය ලංකාවට මිසක ජාත්‍යන්තරයට නොගැලපෙන බැව් නැවතත් සනාථ වී ඇත

ප්‍රයෝගිකව ඉටු කරගත නොහැකි සිහින වෙනුවෙන් ජනතා මුදල් නාස්ති කිරීමට ප්‍රථමයෙන් දෙවරක් නොව දහ වරක්ම් හෝ කල්පනා කල යුතුබව ශ්‍රි ලංකා රජය විසින් තේරුම් ගත යුතුව ඇත

 හැකියාවක් තිබුනේ නම් 2022 තරඟා වලිය වෙනුවෙන් සටන් කලා නම් මීට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න ට හැකියාව තිබුනි . ඒ වන 2010 ඉන්දියාවේ නා ගැනීම යම් තාක්දුරට යටපත් වී  තිබෙනු ඇති අතර , සාර්ථක පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවක් පවත්වා සමාජික රටවල දුර්මතද නැති කර දැමීමට හැකිවනු ඇත . හමබන්තොට නගරයේ යටි තල පහසුකම් සංවර්ධනයේ දැවැන්ත  වර්ධනයක් කර සමුලුවට එන නායකයින්ට මෙන්ම 2014න් පසු පැවැත්වෙන ඡන්ද විමසීමේ නියෝජිතයින්ටද ඉදිරිපත් කර විශ්වාසය  දිනා ගත හැක . මෙයත් එතරම් පහසු ඉලක්කයක් නොවුනත් 2018ට වඩා නම් ප්‍රායොගිකය , වාර්ථා පලවෙන අන්දමට ශ්‍රි ලංකාව මේ වෙනුවෙන් බිලියන 2කට වඩා වියදම් කර ඇත . අයියෝ....සල්ලි !

දිණමිනේ වාර්ථා කරණය සහ ඇමති තුමාගේ හිනා කථා

සිනහ වීම සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් කියා පිලිගැනීමක් තිබේ , එනිසා දෝ අප රටේ දේශපාලකයින් හා මාධ්‍ය ආයතන දිගින් දිගටම ජනතාවට විහිලු සපයමින් සිටිති . සැමුවෙල් , ඇනල්සි බර්ටි ගියාට පසු හිනා යන විහිලුවක් කල හැකි අයෙක් දක්නට ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් නිසා රජය හා මාධ්‍ය විසින් එම වගකීම තමන් වෙත පවරාගෙන ඇත . මේ අද දිණමින පුවත් පතේ අන්තර්ජාල සංස්කරණයේ පලවී ඇති පුවතකි


පාලනයකින් තොර වෙබ් අඩවි රටේ කීර්තිනාමයට හානියක්
කිසිදු පාලනයකින් තොරව වෙබ් අඩවි ක්‍රියාත්මක විම තුළ ඒවායේ අසත්‍ය ප්‍රචාර හරහා රටේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බැවින් එම වෙබ් අඩවි පාලනය කිරීම කාලීන අවශ්‍යතාවක් බැව් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
විශේෂයෙන් ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් එම වෙබ් අඩවි පසුගිය වකවානුව තුළ සිදු කළ ක්‍රියාවක් හේතුවෙන් රටේ කීර්තිනාමයට හානි රැසක් සිදුව ඇතැයි ද අමාත්‍යවරයා කීය. මෙලෙස වාහන ලබා ගෙන මේ කල්ලිය විසින් අලෙවි කැර ඇති බවට තොරතුරු අනාවරණය වේ.
එලෙස ලබා ගත් වාහනයක් මහනුවරදී අලෙවි කිරීමට සැලසුම් කැර තිබියදී මෙම ජාවාරම පිළිබඳ කරුණු හෙළිකැර ගැනීමට පොලිසියට හැකි වී ඇත.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන් . බී. අඹන්වල, නියෝජ්‍ය පොලිස්පති නිහාල් සමරකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගුණරත්න බණ්ඩා, පොලිස් පරීක්‍ෂකවරුන් වන එම්. රෆයිතු, චින්තක බණ්ඩාර, එච්. ටී. සමරනායක, වසන්ත චන්ද්‍රසේකර යන නිලධාරීහු මෙහි පරීක්‍ෂණ පවත්වති.


අදාල පුවතේ කියවෙන්නේ අප රටේ මාධ්‍ය ඇමති වරයාගේ ප්‍රකාශයකි . ඔහුට අනුව අසත්‍ය පවසනා වෙබ් අඩවි ශ්‍රි ලංකාවේ කිර්ති නාමයට හානියකි එනිසා පාලනයක් අවැසිය . ලංකාවේ කිර්ති නාමයට හානි වන්නේ විදේස් රටවල මිනිසුන් එම වෙබ් අඩවි කියවීමේදීය , ලංකාවේ වෙබ් අඩවි පාලනය කලා කියා විදේස් රටවල මිනිසුන් ඒවා කියවීම වලකනු හැකිද ? පට්ට පල් බේගල් ඇදබාන ටැමිල් නෙට් ලංකාවේ තහනම් නොවේද ? ඔවුන් රටට එරෙහිව ගෙනිය ප්‍රචාරයන් විදෙස් රටවල මිනිසුන් නොකිය්වන්නේද ? රටේ කීර්ති නාමයට ඉන් හානියක් සිදු නොවේද ? අහෝ..... වෙබ් අඩවි පාලනය කරන්නට යන අප රටේ මාධ්‍ය ඇමති තුමාගෙ දැනුම් පරිචයේ තරම 


දිනමින කතුවරයා වෙබ් අඩවි පාලනය අනුමත කරමින් කතුවැකියක් පවා ලියා තිබුනා මතකය . එතුමා එහිදී කථා කරන්නෙ මාධ්‍ය සදාචාරය ගැනය . ඇමතිවරයාගේ ප්‍රකාශයේ ඉතිරිය වෙනුවට වාහන මංකොල්ලයක් ගැන සටහනක් දමා   රජයේ නිල ප්‍රකාශනයක් විහිලුවක් කිරීම මාධ්‍ය සදාචාරයට අයිතිද කියා නොසිතේද ? එජාපයේ විහිලු ගැන වෙනම සටහන් දමන ඔහුට , තමාගෙ පුවත් පතේ ඇති විහිලු නොපේනේද ? 




ඇමතිගේ ප්‍රකාශයත් , එය වාර්ථාකර ඇති දිනමින ලිපියත් දුටු විට කියන්නට ඇත්තේ එකම දෙයකි .





නොහොත් තදින් සිනා !!!!!



ප.ලි - තවත් දාර විහිලුවක් රජය විසින් කර ඇත , ඒ රජයේ ආයතන කෝටි ගනන් පාඩු ලබත්දි පුද්ගලික ආයතන රජයට පවරා ගැනීමයි . මෙය ගෙදර ගැනි පිට යත්දි අනුන්ගෙ ගැනුන් බලෙන්  ගැනීම වැනි වැඩක් බව පැහැදිලිය . පාඩු ලබන ආයතන හා ප්‍රමානයන් ගැන මා පෙර ලියූ මේ ලිපියේ සටහන්ව ඇත . අදාල පනත සාධාරණී කරනය කරන නෝෆ්‍රේම් 

"විදුලි බල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව, පොහොර සමාගම්, ශ්‍රි ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා සමාගම යන ආයතන පාඩු ලබන්නේ ඇයිද යන්නයි. මේ සියළුම ආයතන මහජන සේවාවන් වෙයි. මෙයට ලංගම, සෞඛ්ය සේවය, අධ්‍යාපන සේවය හා දුම් රිය දෙපාර්තමේන්තුවද එකතු කළ හැකිය. මේ සියල්ලම මහජන සේවා වන බව ........... අමතක කරයි "

 යනුවෙන් සටහනක් දමා ඇත .  දේශපාකයින් විසින්ම නැති බංගස්ථාන කල විදුලිය , ලංගම පාඩු ලැබීම ඔය යටතට ගත්තත් , ලාභ ලැබිය හැකි ගුවන් සමාගම් , මාධ්‍ය ආයතන බැංකු ආදිය පාඩු ලබන්නේ ඇයිද කියා නෝ ෆ්‍රේම්ට පැහැදිලි කිරීමක් තිබේද ? අඩුම තරමේ නෝ ෆ්‍රේම් පවසනා පරිදි මේ සියලු සේවා ලාභ ලැබීමට නොව සේවයට කැපවූ ආයතන නම් පාඩු ලබන එක් ගුවන් සේවයක් වෙනුවට දෙකක් පවත්වාගෙන යන්නෙ මොන අටමංගල්ලයකට දැයි පැහැදිලි කල යුතුය . එසේ නොමැති නම් නෝෆ්‍රේමුත් රජයේ මිනිසුන් හිනැස්විමේ ව්‍යාපාරයේ කොටස් කරුවෙකු බැව් සිතා ගත හැක . මේ දිනමින එජාපයේ විහිලු ගැන ලියන සටහනේ අවසන් වාක්‍යයි 

"අසාර්ථක ව්‍යාපාර 37 ක් පවරාගෙන ඒවා මුල්‍යමය වශයෙන් දියුණු කළ විට අද කෑ ගහන බොහෝ දෙනාගේ කටවල් වැසී යනු ඇත" 

මේ වසරේ හොඳම විහිලුව නොවේ නම්  අනිවාර්යයෙන්ම දෙවැන්න නොවේද ?

හොලිවුඩ් බොලිවුඩ් සංකලනය Ra.One සහ ඒත් එක්ක බලපු චිත්‍රපටි ට්‍රේලර්ස්

කලින් ලිපියෙදි චතුරංග සහෝදරය දීපු අවවාදය නිසා , දේශපාලනේ අතැරල ලඟදි බලපු චිත්‍රපටියක් ගැනයි ලියන්න හදන්නේ . සල්ලි දිල චිත්‍රපටියක් බලත්දි දේශීයත්වයට මුල් තැන දෙන්න තරම් දේශප්‍රේමියෙක් නොවන නිසා මම නම් මුල් තැන දෙන්නෙ කැමැත්තට , ඒ නිසා ගාමිණි , කිව්වද නහි ..... ඇතුලු මගේ රසයට  මැච් නොවෙන චිත්‍රපටි අත්හැරල ගියේ  පහුගිය කාලයේ සිනමා ලෝකයේ සැහෙන්න කථා බහට ලක්වුනු Ra - One චිත්‍රපටිය බලන්න










Ra one චිත්‍රපටිය  වගේම චිත්‍රපටියට කලින් පෙන්වන අනෙක්  ප්‍රචාරක පටිවලත්   ගත යුත්තක් තිබුන නිසා ඒ ගැනයි මේ කථා කරන්න හදන්නෙ . බොලිවුඩ් සිනමාවේ විශාලම මුදල වියදම් කරල හදපු රා.වන් ගැන ප්‍රචාරය කලේ  බොලිවුඩ් සිනමාවේ ඉහලම ගණයේ දෘෂ්‍ය ප්‍රයෝග සහ ක්‍රියාදාම අඩංගු චිත්‍රපටිය විදිහට . ඔය පහලින් තියෙන්නෙ ප්‍රචාරක පටිය .





ඕකේ තියන වැඩ කැලි සහ ඊට වඩා හොඳ තත්වයේ වැඩ කැලිත් එකතු වුනු රා.වන් චිත්‍රපටිය ප්‍රචාරය කරපු  කාරනා වලට සම්පූර්නයෙන්ම අනුකූලයි කියල කියන්න පුලුවන් . නිවැරදි වෙන්න ඕනි තැන් එහෙම නැත්නම් දෘෂ්‍ය ප්‍රයෝග භාවිතාවේදි සැලකිලි මත් වියයුතු තැන් තිබුනත් හොලිවුඩ් සිනමා නිර්මාණයක සාමාන්‍යයෙන් දකින්න ලැබුනු ආකාරායේ ලක්ෂන මේ චිත්‍රපටියේ දකින්න තියනව , ඒ වගේම ඒකට සුපුරුදු ඉන්දියානු සිනමාවේ ලක්ෂන වෙච්ච ගීත ජවනිකා සහ නර්තනයනුත් අඩංගුයි .  නැටමු ගැයුම් විතරක් නෙවෙයි සමස්ථ කථාව , හා චරිත තුලත් ඉන්දියනු  ෆ්ලේවර් එක තියන නිසා .  හොලිවුඩ් - බොලිවුඩ් සංකලනයක් දැක ගන්න ලැබුනාය කියල  කියන්න පුලුවන් . ඊලඟට මගේ සිත් ගත්ත කාරණය තමයි චිත්‍රපටියේ  එන කොමඩි රසය . ප්‍රචාරණයේ කොතනකවත්  චිත්‍රපටිය හාස්‍යයට බර බවක්  නොකියවුනාට මුලු චිත්‍රපටියේම (පටන් අරගෙන සුලු මොහොතක ඉඳන් අවසානය දක්වාම ) හාස්‍ය අඩුවක් නැතුවම තියනව .පහුගිය කාලයේ ආපු ගොඩක් බොලිවුඩ් කොමඩි චිත්‍රපටි වල තිබුන ඔවර් ඇක්ටින් වලින් බලෙන් හිනස්සන්න ට්‍රයි කිරීමෙ වෙනුවට බොහොම ලස්සනට හාස්‍ය මතු කරන්න චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියනව . ඒ වගේම ඒ සාර්ථකත්වයට ෂාරුක් ඛාන්ගෙ  අති දක්ෂ රංගනයත් හේතු වෙලා තියනව .  කොහොම උනත් මේ චිත්‍රපටියේ රසය විඳින්න නම් හොඳම ක්‍රමය  සිනමා ශාලවකටම ගිහින් බලන එක තමයි , නැත්නම් ඉතින් රූප - ශබ්ද රසයන් දෙකම නියමාකාරයෙන් විඳින්න බැරි වෙයි

මෙතෙක් කාලයක් මම බලපු චිත්‍රපටි අතරින් කැමතිම   චිත්‍රපටියක් වුනත් සමහර කෙනෙකුට මේක හරියන එකක් නැ , විශේෂයෙන්ම හොඳ කථාවක් තියන චිත්‍රපටි තෝරල බලන අයට සහ තාත්වික නිර්මාන හොයන අයට මේක හරි යන්නෙ නැ . හැබැයි මම වගේ  "පූර්ණ සිනමා අත්දැකීම " ගැන හිතල චිත්‍රපටි තෝරන අයට නම් ගැලපෙයි

ද්‍රෂ්‍ය ප්‍රයෝග සමහරක තියන අඩුපාඩු ඇරුණාම ලොකුම අඩුපාඩුව තියෙන්නෙ නගර මැද්දේ කුඩු පට්ටම් වෙන ගේම් දීලත් පොලිසියේ හෝ  ජනතාවගේ අවධානය යොමු වෙන බවක් කථාවේ නැති එක . එක අවස්ථාවක දුම් රිය ඇන්ජිමක්  ස්ටේසමත් කඩාගෙන ඇවිත් නතර වෙන්නෙ මහ පාර මැද , මෙහෙම එකක් උනාම ඉතින් කොච්චර දේවල් ටිකක් වෙන්න ඕනිද සමාජයේ , ඒත් ඒ ගැන කිසිම සටහනක් චිත්‍රපටියේ නැ . ඊලඟ අවුල හෙවත් ලොකුම ගොන් පාට් එක තමයි රැජිණි කාන්ත් අරගෙන කරල තියෙන්නෙ , ඒ කැල්ලෙන් නම් සත පහකට වැඩක් නැ .  රා.වන් ගැන ලියපු විචාරකයොත් වැඩියෙන්ම චෝදනා කරල තිබුනේ චිත්‍රපටියේ තිර රචනයට . මීට වඩා හොඳ තිර රචනයකින් අර ප්‍රයෝග සහ ඇක්ෂන් වලට මීටත් වඩා වටිනා කමක් දෙන්න තිබුනාය කියල මටත් හිතෙනව .

-----------------------------------------------------------------------

 ඒ රා.වන් ගැන කථාව , ඊලඟට එන්නෙ බලාපු ට්‍රේලර්ස් ගැන කථාව . චිත්‍රපටියක් ගියාම බලෙන්ම ඔව්ව පෙන්වනවනේ , ඒවා අතුරෙන් මගේ වඩාත්ම හිත ගත්තේ ඔය පහලින් තියන චිත්‍රපටි දෙක (ට්‍රේලරුත් ඔන්න මං දාල තියනව )

DON 2 :



ඩොන් චිත්‍රපටියේ පල්වෙනි කොටස බලපු අයට නම් මේ පාර කථාව යන්නෙ කොයි පැත්තටද කියල හිතාගන්න පුලුවන් ඇති , ට්‍රේලරයට අනුව නම් මට හිතෙන්නෙ ඩොන් 2 රා.වන් වලට වඩා ක්‍රියාදාම පැත්තෙන් වගේම කථාව පැත්තෙනුත් සාර්ථක  වෙයි කියල . දෙසැම්බර් 23 ඉඳන් ඕක මැජස්ටික් සිනමා එකේම පෙන්නන වලු ,  බලන්න ලැබෙන පලවෙනි චාන්ස් එකෙන්ම බලන්න තමයි හිතාන ඉන්නෙ

MI 4 : Ghost Protocol



මේ ගැන නම් අමුත්වෙන්  කියන්න ඕනි නැනේ , මෙකත් දෙසැම්බර් 16ද කොහෙද එනව (එක මාසෙට චිත්‍රපටි දෙකකට වියදම් කරන්න වෙයි වගේ ) . මේ  චිත්‍රපටියට අනිල් කපූර් ත් ඉන්නවාය කියල කියනව (ගරු රඟපැමක් ද දන්නෙ නැ විනාඩි දෙක තුනක ) . කොහොම උනත් ට්‍රේලරයෙන් හිතට වැදුනු ඇක්ෂන් ටික නිසා කොහොම හරි බලන්න ඕනි කියල තමයි හිතාන ඉන්නෙ ලංකාවේ පෙන්නුවොත්






ඊලඟ චිත්‍රපටිය තමයි සුපර් 6 , ප්‍රචාරණයේදි කියන විදිහට නම් ලංකාවේ වැඩිම වියදමක් දරපු චිත්‍රපටිය .  කොහොම උනත් වේනද දකින්න තියන චිත්‍රපටි වලට නම් වඩා සිනමා කරණ ගුනයන්ගෙන් නම් සුපර් 6 ඉදිරියෙන් ඉන්න බව පේන්න තියනව . ලංකාවේ වාණිජ සිනමාවේ සාමාන්‍යයෙන් සිනමා කරන ගති ලක්ෂන වල තියන ඌණතාවයත් එක්ක මම නම් මේ උත්සාහය අගය කරනව , ලස්සන ලස්සන පසුබිම් වල ගීත ජවනිකා කියන්නෙ නම් බොලිවුඩයෙනුත් දැන් ඉවත් වෙලා යන අවුට්ඩේටඩ් සංකල්පයක් , ඒ වුනත් ඒ දේ අලංකාරව කරන්න අරන් තියන උත්සාහය අගය කරන්න ඕනි . මට හරි යන්නෙ නැති ලයින් එක තමයි දෙමල සහ මැත කාලයේ ආපු හින්දි චිත්‍රපටි සමහරක (දෙමල කොපි ) දකින්න තියන  ඇක්ෂන් කොටස්  සුපර් 6 එකෙත් තියන එක . හැබැයි ඉතින් මම අකමැති උනාට ඒවාට කැමති රසික පිරිසකුත් ඉන්නව . අනික් අවුල තමයි රඟ පැම .පුබුදු චතුරංගත් , සුනෙත් චිත්‍රානන්දත් තමයි ට්‍රේලරයට අනුව නම් හරි රඟපැමක් කරන්නේ . කොයි හැටි වෙතත් මේකත් බලන්න තමයි ඉඩ කඩ වැඩි




ඊලඟ එක තමයි මාතා චිත්‍රපටිය , සිනමා ශාලාවේදි නම් දැක්කෙ ඔය දාල තියන එකට වඩා සම්පූර්ණ එකක් වගෙ තමයි මතක , කොහොම උනත් ප්‍රවීන සින්මා කරු බුඩි කීරිතිසේන සිනමා කරුවෙක්ගේ නිර්මාණය තව කවුරුන් හෝ හදන නිර්මාණයකට වඩා වෙනස් වෙන ආකාරය මනාව පෙන්නල තියනව ප්‍රචාරක පටයෙන්ම . විශේෂයෙන්ම දෙමල ජාතිකයින්ගෙ මානුෂීය බැඳිමක් එක්ක ත්‍රස්තවාදයෙ කුරිරු බව විග්‍රහ  කරන එක ඉතාමත් වැදගත් , මාතා ට්‍රේලරයේ මගේ වැඩියෙන්ම හිත් ගත් කොටස් මේ උඩින් තියන ට්‍රේලරයේ නම් නැ සම්පූර්ණ වර්ශන් එකට ලින්ක් එකක් තියන කෙනෙක් පල කරනවා නම් සතුටුයි . මේකත් අනිවාර්යයෙන්ම බලන්න ඉන්න චිත්‍රපටියක්

වෙබ් අඩවි ලියාපදිංචිය සහ අන්තර්ජාල වාරණය හෙවත් අන්තර්ජාලයෙ සිමා මායිම් හඳුනා නොගත් ආසියාවේ තොරතුරු තාක්ෂන කේන්ද්‍රස්ථානය

 ශ්‍රි ලංකාව පිලිබඳ  ලියවෙනා සියලුම වෙබ් අඩවින් ලියාපදිංචි කල යුතුයැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත . ඒ අනුව ශ්‍රි ලංකාවෙන් පිටත සිට සිට වුවත් ශ්‍රි ලංකාව පිලිබඳ පුවත් පල කරන්නන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුය . එසේ නොකලොත් කරන්නේ කුමක්දැයි මාධ්‍ය නිවේදනයේ සඳහන් නැතත් , කල හැකි මූලිකම දෙය ඒවා ශ්‍රි ලංකාව තුල නැරඹීම වාරණය කිරීමය . රජය ඇතැම් වෙබ් අඩවි සමබන්ධයෙන්(වෙබ් අඩවි 4ක් ) * මෙය දැනටමත් අනුගමය කර ඇති බවක් පෙනෙන්නට ඇති අතර අවැසි කෙනෙකුට "සෙල්ෆ් බ්ලොකින්" කියාද එය හැඳින්විය හැක .


ඒකාධිපතීත්වයක් කරා රටගෙනියන තීරණ නිතිපතා ගනු ලබන රජයක මෙම ක්‍රියාව අරුමයක් නොවුවත් සැබවින්ම විසුලු සහගතය .

රජයට විරුද්ධව දරුණු ප්‍රහාරයන් එල්ල කරමින් ලිපි පලකරනා වෙබ් අඩවි බොහොමයක් ක්‍රියාත්මක වන්නේ විදේශ රටවල සිටය , රජය මෙය නොදන්නවා නොවේ .  ඔවුන් කිසි සේත්ම ලියා පදිංචියක් නොකරනා බවත් රජය දැන සිටිය යුතුය . එසේ නම්  රජයට මඩ ගසනා වෙබ් අඩවි ලියාපදිංචි වී නීතියට වැඩ කරන තෙක් බලාසිටීම සහ නීති කැඩුව හොත් අධිකරන ක්‍රියාමාර්ග වලට එලඹීමට බලා සිටීම කිසිදු පලක් නොමැත . ඔවුන් ලියාපදිංචි නොකරන්නේ නම් රජයට  ඒ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇත .  ඒ අනුව දැනටමත් හොර පාරෙන් බ්ලොක් කර ඇති පරිද්දෙන් එම වෙබ් අඩවි වාරණය කිරීමට සිදුවනු ඇත  .  නමුත් හාස්‍යයට කාරණය වන්නේ වන්නේ  මෙම වාරණයන් තුලින්  කිසිදු ප්‍රයෝජනයක් නොලැබීමයි . මේ වන විට "ඇක්සස් ඩිනයිඩ්" පණිවුඩ ලැබෙන ප්‍රවෘත්ති වෙබ් අඩවි වලට මෙන්ම "අසභ්‍ය " කියා තහනම් කල වෙබ් අඩවි වලටද ශ්‍රි ලංකාවේ සිට පිවිසිමේ ක්‍රමවේදයන් ඕනැ තරම් ඇත . Great Firewall of China නමින් ප්‍රචලිත චීනයේ රජය විසින්ම ක්‍රියාත්මක ෆයර් වොල් එක  හෝ මේ දක්වා 100%ක සාර්ථකත්වයක් හිමි කරගෙන නැත . ටොරන්ට් වෙබ් අඩවි කිහිපයක් අරඹ්හයා ඇමරිකානු රජය කල පරිද්දෙන් ඩොමෙන් නාමයන් අත්පත් කරගැනීමේ ක්‍රියාමාර්ගයක් සිදු කල නොහැකීතාක් අන්තර්ජාල වාරණයන් යනු "පුස්සක්" වන බැව් පැහැදිලිය .
 එබැවින් තමාට එල්ලවන මඩ ප්‍රහාර වලට පිලිතුරක් ලෙස එම වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ තීරණයකට එලඹීමෙන් , ආසියාවේ තොරතුරු තාක්ෂන ආශ්චර්යය බිහි කොරන්නට කථා කරන රජය අන්තර්ජාලයේ සිමා මායිම් තෙරුම් ගෙන නොමැති බැව් සනාථ කර ඇත



මෙහි තවත් අතුරු ඵලයන් කිහිපයක්ද ඇත . රජය අනවශ්‍ය නීති ගෙන ඒම  හරහා වාරණයන්ට තැත් කිරීම තුල තව තවත් එවන් වෙබ් අඩවි බිහිවීම සිදුවන අතර  ශ්‍රි ලංකාවට එරෙහිව කටයුතු කරනා පුද්ගලයින්ට  ඒ සඳහා නව සාධකයක් සපයා දීමද සිදුවේ . වෙබ් වාරණය සාමාන්‍ය කරනය වූ සමාජයක ඒවා බිඳ යැමෙ ක්‍රමයන්ද ප්‍රචලිත වීම නිසා . කුඩා දරුවන්ට අහිතකර යැයි නවතා තබා ඇති වෙබ් අඩවි නැරඹීමට ක්‍රමයන් කුඩා දරුවන් අතර පවා ප්‍රචලිත වනු ඇත . විවිධා කාර අන්තර්ජාල වාරණයන් හා ඒවා බිඳ යැම්  නිසා  ජාල තදබදයන් ඇතිවී අන්තර්ජාල වේගයන් අඩුවන බවටද මතයක් ඇත( තොරතුරු තාක්ෂණ ආශ්චර්යයේ අන්තර්ජාල සබඳතා වල වේගයන් තවත් අඩුවූ විට ??? )  . මේ සියල්ල සිදුවෙත්දී රජයට අත්වෙනා කිසිදු වාසියක් නොමැත . රජයට එරෙහි ප්‍රහාරයන් පෙර පරිදිම ශ්‍රි ලාංකිකයින් අතර සංසරණය වනු ඇත . රජය විසින් ඒවා වරණය කර ඇති නිසා පෙර නොවූ විරු වටිනාකමක්ද ඒවාට එකතුවනු ඇත

 වාරණයෙන් තොරව , වැදගත් ලෙසින් යමක් කිරීමේ හැකියාවක් මෙහි ඇත . ඒ රජයේ ලියාපදිංචිය ඇති වෙබ් අඩවි සඳහා නිල වශයෙන් පිලිගත් පුවත් වෙබ් අඩවි වශයෙන් විශේෂ හැඳින්වීම් ලාංඡනයක් ප්‍රදර්ශයන කිරීමයි .අනෙක්වා නිල නොවන විකල්ප පුවත් මාධ්‍ය වශයෙන් පවතිනු ඇත . පුවත් වාර්ථාකරනයේ නිසි නිදහස නිල වශයෙන් පිලිගත් මාධ්‍ය වලට හිමි වේ නම් , අනෙක්වා  කිසිදු පිලිගැනීමක් නොමැති "කැලැ පත්තර" බවට පත්වනු ඇත .

 නමුත් පහත සඳහන් වෙබ් අඩවි  ටෙලිකොම් ජාලය හරහා  නෑරඹීම වලකා ඇති හෙයින් රජය එවන් වැදගත් මාවතක් ගන්නා බවක් පෙනෙන්නට නැත . බලයෙන් අන්ධ වූ විට "වැදගත්" කම්  කියා දෙයක් නොමැත

Lankaenews
Sri Lanka Mirror
Sri Lanka Gurdian 
Lankanewsweb 

එකපාරටම උඩ පනින්න කලින් මේ ගැනත් හිතල බලන්න වෙයි - පුරන් අප්පුගේ ඊ නිවුස් හෙලි දරව්වට පිලිතුරක්

පෙරමුණේ රාල බ්ලොග් අඩවියේ පුරන් අප්පු අද මහා හෙලි දරව්වක් කරල තිබුන ,  ඒ තමයි මේ දවස් වල ලංකාවේ ග්‍රාහකයින්ට ඇක්සස් කොරන්න බැරි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තමන්වම බැන් කරගෙන , අනුකම්පාව ලබා ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවාය කියන එක . ටිවි චැනල් තමන්ම ගිනි තියාගන්න රටේ , මාධ්‍ය වේදියෝ තමන්වම මරා ගන්න රටේ මේකත් ඇත්ත වෙන්න ඇති කියල මටත් හිතුනා . ඊට පස්සේ ඒ අය කරල තිබුන පරීක්ෂාවම කරල බැලුව ටෙලිකොම් සබඳතාවයකින් , වැඩේ ඇත්ත වගේ තමයි . හැබැයි ඩයලොග් සබඳතාවයදී ආවේ වෙන කතන්දරයක් . ඊට පස්සෙ මම කලේ  ඊ නිවුසියට අදාල අයිපි ඇඩ්‍රස් එක කෙලින්ම ටයිප් කරල වෙබ් අඩවියට යන්න හදපු එක . එතන්දිත් ටෙලිකොම් වැඩ ඩයලොග් වැඩ නැ . ඊට පස්සේ මම අන්තර්ජාලෙ කරක් ගැහුවා මේකට උත්තරයක් හොයාගෙන . ඒ අනුව මට තේරුණා මේ උඩ පැනිල්ලේ අඩු පාඩු කම් කිහිපයකුත් තියනව කියල . මෙන්න මෙහෙමයි කතන්දරේ


අන්තර්ජාලයේ සෙවුමක් කරල බලන ඕනි කෙනෙකුට දැකගන්න පුලුවන් දෙයක් තමයි , වෙබ් අඩවි බ්ලොක් කිරීම සහ ඒවට විසඳුම් අඩංගු ලිපි රාශියක් තියනවාය කියන එක . මේ ලිපි අනුව යම් කිසි වෙබ් අඩවියක් බ්ලොක් කිරීමට අනුගමනය කරන මූලිකම ක්‍රම දෙකක් තියනව

Ex - http://websearch.about.com/od/anonymoussurfingsafety/tp/unblock-blocked-sites.htm

01) අදාල වෙබ් අඩවියේ යූ ආර් එල් ඇඩ්‍රස් එක බ්ලොක් කිරීම

02) අයි පී ඇඩ්‍රස් එක බ්ලොක් කිරීම

 මේකෙන් පලවෙනි ක්‍රමය ඉතාම සරලයි , මේ ක්‍රමයට බ්ලොක් කරපු  අඩවියක් ඉතාම පහසුවෙන්  බලන්න පුලුවන් කෙලින්ම අයිපී ඇඩ්‍රස් එක ගහල .

නමුත් දෙවෙනි ක්‍රමයට බ්ලොක් කලොත් , ප්‍රොක්සි සර්වරයක් හෝ විපි එන්  එකක් හරහා යායුතු වෙනව .

අපේ කථාවෙදි ඊ නිවුසියට කෙලින්ම පිවිසෙන්න  අයි පි ඇඩ්‍රස් එක භාවිතා කරන්න පුලුවන් ටෙලිකොම් වලදි ඩයලොග් වලදි බැ , ඒ කියන්නේ මේ නෙට්වර්ක් දෙක බ්ලොක් කිරීම කරල තියෙන්නෙ උඩ තියන ආකාර දෙකටද ? කියන ප්‍රශනය මට ආව

ඒ අනුව මම මුලින්ම උත්සාහ කලේ ඩයලොග් හරහා ලංකා ඊ නිවුසියේ අයි පී ඇඩ්‍රස් එක හොයා ගන්න  




ඔය තියෙන්නෙ ප්‍රතිඵ්ලය  , අදාල උත්සාහය අසාර්ථකයි .

ඊලඟට කලේ පුරන් අප්පු කොරල තියන වැඩේ 




මේ තියෙන්නෙ ප්‍රතිඵලය , ඒ කියන්නේ අදාල අයිපි ඇඩ්‍රස් එකට සම්බන්ධ  වෙන්න ඩයලොග් එකෙන් ඉඩ දෙන්නෙ නැ . ඒ අනුව බ්ලොක් කිරීමක් කරල තියනව . මේ වැඩේම ලංකා නිවුස් වෙබ් අඩවියත් කලා ඒත් කතන්දරය අරකම තමයි , පහල රූපයෙ තියෙන්නෙ ලංකා නිවුස් වෙබ් අඩවියේ අයි පී ඇඩ්‍රස් එක හොයා ගැනීමට කරපු උත්සාහය





ඊලඟට මම ඔය වැඩ පිලිවෙලම කලා ටෙලිකොම් ජාලය හරහා , කිසිදු කරදරයක් නැතුව වෙබ් අඩවි දෙකේම අයි පී ලිපින හොයා ගන්නත් , සම්බන්ධයන් ට්‍රේස් කොරගන්නත් පුලුවන් ඒ කොරපු විදිහ තමයි පහල තියෙන්නෙ 














ඒ කියන්නේ ටෙලිකොම් ජාලය හරහා අදාල අඩවියට සම්බන්ධය සපයනව . අයි පී ඇඩ්‍රස් එක බලාගන්නත් පුලුවන් . ඊලඟට මම මේ අයිපි ඇඩ්‍රස් දෙක කෙලින්ම ටයිප් කරල බැලුවා , යස රඟේට වැඩ . ඒ අනුව ටෙලිකොම් හරහා යූ ආර් එල් පමණක් බ්ලොක් කරල තියන බවත් , ඩයලොග් අයිපි ඇඩ්‍රස් වලින්ම බ්ලොක් කරල තියන බවත් තමයි මගේ නිගමනය 

 මෙතනදි  පුරන් අප්පු ගේන තර්කය තමයි , ටෙලිකොම් ජාලය හරහා  අයිපී එක කරදරයක් නැතුව සම්බන්ධ වෙන නිසා . ලංකා ඊ නිවුස් තමාම බ්ලොග් කරගෙන කියන කාරණය . 


මෙතන්දි පොඩි පරහක් තියනව .

මොකද පුරන් අප්පු කියන්නෙ යම් රටක් , ප්‍රදේශයක ඉන්න අයට  බලන්න බැරිවෙන්න ඊ නිවුසයෙ අයට තමන්ගේ සර්වරය සකසන්න පුලුවන් කියලයි . ඔව් ඒ කථාව හරි නමුත්  එහෙම කලා නම් , ඍජුව අයි පී එකට එන රික්වෙස්ට් වලට ප්‍රතිචාර දක්වලා වෙබ් අඩවිය අපිට පෙන්වන්න හැකියාවක් නැහැ . මොකද අපිට වෙබ් අඩවියක යු ආර් එල් එක  බ්ලොක් කරන්න පුලුවන් වුනාට අදාල වෙබ් සර්වරයට ටෙලිකොම් එක හරහා යන රික්වෙස්ට් එක්ක ගණුදෙනුවෙන්නෙ අයි පී ඇඩ්‍රස් මත  . ඒ කියන්නෙ අපි යු ආර් එල් එක ගැහුවත් අයි පී එක ගැහුවත් වෙබ් සර්වරය ට තේරුම් යන්නෙ එකම විදිහට . ඒ අනුව අපේ රටේ අයට බලන්න බැරි වෙන්න බ්ලොක් කිරීමක් කරලා නම් අයි  පී එකට ඩිරෙක්ට් එන රික්වෙස්ට් වලට උත්තර සපයන්න හැකියාවක් නැ . ඒ අනුව හිතා ගන්න වෙන්නෙ ටෙලිකොම් අඩවිය අදාල යුආර් එල් එක පමණක් බ්ලොක් කරලා මිසක් අයි පී එක බ්ලොක් කරලා නැ කියන එකයි


ඊලඟ ප්‍රශ්නය ඊ නිවුසිය විතරක් නෙවෙයි , ලංකා නිවුස් වෙබ් අඩවියත් දක්වන්නෙ එකම ප්‍රතිචාරය . ඒ කියන්නේ අදාල වෙබ් අඩවි දෙකම එක සැරේ ලංකාව බ්ලොක් කරලා කියන එකද  කියල මතු කරන්නත් පුලුවන්



ඊලඟ කාරණය එටිසලාට් ජාලය කිසිම කරදරයක් නැතුව යු ආර් එකටත් අපිට වෙබ් අඩවිය පෙන්වනවා . එතකොට . ලංකා ඊ නිවුසිය , එටිසාලාට් ජාලය බ්ලොක් කලේ නැත්තේ ඇයි , කියන ප්‍රශනය ම්තුවෙනවා

  මේ කාරණා අනුව මගේ අවසන් නිගමනය (මගේ දැනුම් ප්‍රමාණයේ හැටියට ) ඩයලොග් ආයතනය පූර්න බ්ලොග් කීරිමක් කරල තියෙත්දි , ටෙලිකොම් කරල තියෙන්නෙ යු අර් එල් බ්ලොක් කිරීමක් විතරයි , එටිසලාට් එහෙමවත් බ්ලොක් කරල නැ .  මේ කාරණය තමයි පුරන් අප්පුගෙ ප්‍රතිඵ්ලයට හේතුව

 කොහොම උනත් මම  නොදන්න තාක්ෂණික පසුබිමක් මෙතන තියෙන්න පුලුවන් කියන කාරණය මම ප්‍රතික්ෂේප කරන්නෙ නැ මොකද මම ජාලකරණ ඉංජිනේරුවෙක් නොවෙන නිසා . හැබැයි ඒ වගේ තත්වයක් පුරන් අප්පු ගෙ ලිපියෙන් ඔප්පු කරල නැ .

මොකක් හරි කොනක් අල්ලගෙන ඒක තමයි හරි කියල උඩ පනින්නෙ නැතුව , අනික් විකල්ප වලට තියන අවස්ථා ගැනත් හිතල ලේඛණයේ යෙදන්නය කියල මම පුරන් අප්පු ගෙන් ඉල්ලන්න කැමතියි .

UPDATE - පහල රඛිත සහෝදරයා පල කරල තියන කමෙන්ටුවේ අදහස් මේ කාරණයේදී ඉතා වැදගත් , මම ඒ කියල දෙවෙනි කාරනය ඒ කියන්නෙ ඔන්ලයින් ටූල් එක හරහා , අදාල පරීක්ෂනය කරා ඊ නිවුසියේ අයි පී එකට  අදාලව . ඉතා සාර්ථකව ට්‍රේස් වීම සිදුවුනා . ඒ අනුව බාධකය සිදුවන්නේ ඩයලොග් අන්තයෙන් බව පැහැදිලියි


 UPDATE 2 - ඔය block කරලා තියෙන ADULT WEB SITES වලටත් SLT ADSL වලින් යන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ SLT DNS SERVERS වෙනුවට 4.2.2.2 වගේ එකක් දාගන්න. එතකොට ඔය 127.0.0.1 වලට DNS RESOLVE වෙන එක නැවතිලා TRACERT COMMAND එක ලස්සනට වැඩකරයි.

TRACERT COMMAND එක USE කරන්නේ ICMP ECHO REQUEST/REPLY කියන PACKETS වර්ගය. මේ PACKETS වර්ගය LANKAENEWS.COM හෝ ADULTS WEB SITES වලට යැවීමේදී කිසිම ගැටලුවක් ඇතිවෙන්නේ නෑ. SLT ICMP ECHO REQUEST/REPLY BLOCK කරන්නේ නෑ.

නමුත් අපි WEB SITE එකකට යනවිට භාවිතා කරන්නේ TCP කියන PACKETS වර්ගය. SLT එක කරලා තියෙන්නේ TCP PACKET එකේ HTTP HEADER එකේ තියෙන HOST: කියන FIELD එක බලල ඒක http://WWW.LANKAENEWS.COM නම් ඒ PACKET එක BLOCK කරනවා. නමුත් අපි 184.172.224.185 කියන LANKAENEWS.COM එකේ IP ADDRESS එක USE කලොත් කිසි කරදරයක් නැතුව WEB SITE එකට යන්න පුළුවන්.

TRACERT COMMAND එකෙන් තීරණය කරන්න බෑ WEB SITE එකක් BLOCK කරලා තියෙන්නේ කවුද කියල.



ඔය පාඨක කමෙන්ටුව ඔය විදිහටම පෙරමුණේ රාල අඩ්වියෙත් දාල තියනව , පෝස්ටය වෙනුවෙන් පෙනී සිටින වාර් - බයිනරි සහෝදරය ඒකට උත්තරත් දීල තියනව . අනිවාරයෙන්ම කියවන්න වටිනව 

 මගේ තාක්ෂනික නිගමනයන් වල අඩු පාඩු තිබෙන්න්  ඉඩ තියෙන  බවක් පෙන්න තියෙයි . එ කියන්නෙ අයි පි බ්ලොක් කිරීම හා යුආර් එල් බ්ලොක් කිරීම වෙනුට සමාගම් භාවිත කරන ක්‍රමයන් ගැන වඩා හොඳ මත ඉදිරිපත්වෙලා තියනව . කොහොම උනත් විකල්පයකට ඉඩ නොතිය මොකක් හරි කොනක් අල්ලගෙන විග්‍රහ කරන්න ගියාම අසාර්ථක වෙන බව නම් පෙන්න තියෙයි . ලෝකයේ ඉතා සුලභව සිද්ද වෙන අන්තර්ජාල වාරණය අමතක කරල "ලංකාවට ආවෙණික තමන් විසින් තමන්ට කෙලවා ගැනීම " මෙතනට ආදේශ කලත් ඒ තර්කයේ අඩු පාඩු රාශියක් තාක්ෂනිකව ඉදිරිපත් වෙලා තියනව , මට වඩා හොඳට , 


පහත දැක්වෙන්නෙ  පෙරමුනේ රාල අඩවියෙන් උපුටා ගත් ඉහත කී  එම සංවාදයයි 

Nuwan - (ඔය නිල් පාටින්  උඩ තියන කොටස )

Binary - SLT එකෙන් ඒ වගේ දෙයක් කරන්න නහිනවට වඩා ලේසියි නේ IP එක පිටින්ම බ්ලොක් කලානම්. Headers කියවල බ්ලොක් කරනවට වඩා කාර්‍යක්ෂමයි IP එක පිටින් බ්ලොක් කරන එක ඒත් SLT එකෙන් එහෙම කරල නෑ.

Nuwan - WEB SITES BLOCK කරන කොට IP ADDRESS වලින් BLOCK කරන්නේ නෑ. ඒකට හේතුව තමයි IP ADDRESS එක ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් වීම. නමුත් DOMAIN NAME එක වෙනස් වෙන්නේ නෑ.

Binary - මේ බ්ලොක් කිරීම IP packets කියවලා කරන එකක් කියල තර්ක කරන්න පුලුවන් එහි කාර්යක්ෂමතාවය ගැන කෙසේ වෙතත්. ඒත් ඇයි අපි ඊ නිවුස් කාරයට තමාවම බ්ලොක් කිරීමට ඇති හැකියාව ගැන කතා නොකරන්නෙ. ඒකත් සැලකිය යුතුයිනේ.

Nuwan - එහෙම කලානම් අපිට IP ADDRESS එකෙන් LANKAENEWS ACCESS කරන්න බැරි වෙන්න ඕනෙ. PORN WEBSITES හා LANKAENEWS අපිට IP ADDRESS එකෙන් බලන්න පුළුවන්. SLT එක මේ ඔක්කොම BLOCK කරලා තියෙන්නේ එකම විදියට. SLT එක CONTENT BLOCK කරන FIREWALL එකක් පාවිච්චි කලානම් මේ ඔක්කොම IP ADDRESS එකෙනුත් යන්න බැරි විදියට BLOCK කරන්න පුළුවන්.



UPDATE 3 - මචන් බොරු කියන්න එපා, මේවා ගොඩ කට්ටියට තේරෙන්නේ නැ. ලෝකේ හොදම firewall එක තියන චිනේ (china) youtube.com block කරලා නමුත් tracert කිසිම ප්‍රශ්නයක් නැ බ්ලොක් කරන්නේ වෙන විදීහකට. දන්නේ නැත්නම් දන්න කෙනෙක් කියලා විස්තර කරලා නැවත ලියන්න
මේ Comment එක publish කරයි කියල හිතනවා china වල තර tracert එකක් එවන්නම්
මම දැන් ගත්ත screen shot එකක් එවන්නේ ඉන්නේ China වල බොරු නම් comment IP එකෙන් බලා ගන්න
http://serversfinder.com/tracert.jpg

ඉහත දැක්වෙන්නෙ මේ ගැන , ලංකා c නිවුස් පාඨකයෙක් පලකල අදහසයි ,

tracert කමාන්ඩ් එකෙන් මෙහිදි කිසිදු කාරණයක් සනථා කල නොහැකි බැව් පෙනී යයි 
-----------------------------------------------------------------------------------------------------------------------------
UPDATE 4 - Deep Packet Inspection 


ඩයලොග් සමාගම මෙම ක්‍රමය හරහා  බ්ලොක් කිරීමක් කර ඇති බව c නිවුස් පාඨකයෙක් පවසා ඇත මේ ඔහුගේ අදහසයි 



Dialog වලට Deep Packet Inspection තියෙනවා. ඒකෙන් තමයි dialog block කරලා තියෙනේ. HTTP GET request එකට එන ප්‍රතිපලය මෙන්න dialog වල.
HTTP/1.1 200 OK
Cache-Control: no-cache
Pragma: no-cache
Content-Type: text/html; charset=utf-8
Connection: Keep-Alive
Content-Length: 439

<
මේක සුදු පිටුවක්.
නමුත් SLT වල block කරලා තියෙන්නේ URL Filter + DNS වලින්. එකයි IP එක ගැහුවම යන්නේ.


UPDATE 5 - ඕන කෙනෙකුට wireshark වලින් packet analysis එකක් කරලා ඇත්ත තේරුම් ගන්න පුළුවන්.

packet analysis එකේදී හොඳට පේනවා SLT එකෙන් TCP threeway handshake එකේ අන්තිම ACK එක බ්ලොක් කරන බව. විස්තර වශයෙන් කිව්වොත් අපි මුලින්ම (SYN) එකක් web server එකට යවනවා. web server එකෙන් (SYN, ACK) එකක් අපේ computer එකට එවනවා. නමුත් අපේ computer එකෙන් ඊලඟට යවන (ACK)එක SLT එකෙන් block කරනවා. TCP three way handshake එක හරියට වෙන්නේ නැති හින්ද request එක time out වෙනවා.

පාඨක ප්‍රතිචාරයකින් උපුටා ගන්නා ලද්දකි


බිලියන 7 වෙනි ලෝක පුරවැසියා සැමරීමේ විකාරය

ලෝක ජනගහනය බිලියන 7යි , ඉන්න ජනගහණයෙන් සැහෙන පිරිසක් අපා දුක් විඳිත්දි ඊයේ ලෝකය පුරාම try  කලේ හරියටම බිලියන 7 වෙනි දරුවා කව්ද කියල බලන්න . මේක මම දකින විදිහට නම් සියවසේ බැරිනම් දශකයේ හොඳම විහිලුව කරගන්න ඕනි වැඩක් . මුලු  ලෝකයේම ඉපදෙන්න ඉන්න දරුවන් දිහා නීරීක්ෂනය කරල හරියටම මෙන්න මූ තමයි බිලියන 7 වෙනියා කියල කියන්න පුලුවන්ද . එහෙම කරන්න නම් ඉතින් ලෝකයේ දරුවන් හම්බ වෙන්න ඉන්න හැම ඝර්භණී කාන්තාවක් ගැනම වාර්ථා තියාගෙන , එක මණ්ඩලයක් හදල ඒ අයව අදාල රටවල් වලට යවල නීරීක්ෂනය කරන්න සැහෙන්න ගේමක් දෙන්න ඕනි . එහෙම කිසිම දෙයක් නොකර කට්ටියම කටවල් ඇරගෙන බලාන හිටියෙ බිලියන 7 වෙනියා එලියට එනකන් . මේ බලන්නකො ඒ මෝඩ ආතල් එකේ ස්වාභාවය

මේ තියෙන්නෙ දිවයින් පත්තරේ තියන ලිපි දෙකක් , ලෝකයේ  බිලියන 7 කියල  නම් කරපු දරුවා ගැනයි ලංකාවේ එකෙක්නා ගැනයි .


01 ඉන්දියාවේ ලක්‌නව් නගරය ආසන්නයේ පිහිටි ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්‌ථානයක උපන් "නාර්ගීස්‌" බිළිඳිය බිලියන 07 ළදැරිය ලෙස නම් කර ඇත. 23 හැවිරිදි විනීතා හා අඡේ යුවළට දාව මේ දැරිය උපත ලැබුවේ ඊයේ පෙ.ව. 7.20 ටය. ලෝකයේ බිලියන හයේ දරුවා ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ බොස්‌නියා අගනුවර සරයේවෝ හි උපන් පිරිමි දරුවෙකි. මේ දරුවාගේ මව වූයේ ෆාතිමා නෙවික්‌ය. මේ දරුවා උපන්නේ 1999 දීය.


02 ලෝක ජනගහනය බිලියන 7 ක්‌ බවට පත්වීම වාර්තාගත කරමින් ඊයේ (31 දා) උදාවත් සමග අලුයම 12 පසු වී තත්ත්පර 01 ට (12.01 ට) ශ්‍රී ලංකාවේ ද දියණියක්‌ කොළඹ කාසල් රෝහලේදී උපත ලැබීය. කිරිබත්ගොඩ පමුණුවිල පදිංචි 23 හැවිරිදි ධනුෂිකා ඩිලානි පෙරේරා මව එම දියණිය ප්‍රසූත කළ අතර 24 හැවිරිදි පී. ඉෂාර මධුසංඛ එම දියණියගේ පියා විය. කොළඹ කාසල් රෝහලේ වෛද්‍ය ළහිරු හෙට්‌ටිගේ හෙද සොයුරිය එච්. එම්. පී. හේරත්, හෙද නිලධාරිනී ඩී. ඡේ. රූපසිංහ, පවුල් සෞඛ්‍ය නිලධාරිනී යූ. සී. ජී. පෙරේරා යන මහත්ම මහත්මීන් ප්‍රධාන රෝහල් කාර්ය මණ්‌ඩලය මෙම කාර්යයට දායක වී තිබිණි.

මෙම දරුවා ඉපදීමෙන් පසු ඊයේ උදෑසන 6.00 වන විට කොළඹ කාසල් රෝහලේ බිළිඳුන් 5 දෙනකු උපත ලබා තිබූ අතර එයින් දෙදෙනෙක්‌ පිරිමි දරුවෝ වෙති.

බිලියන 7 සම්පූර්ණ කිරීමට දායක වූ ශ්‍රී ලාංකික බිළිඳිය හා අනෙකුත් දරුවන්ගේ සුවදුක්‌ බැලීමට ඊයේ උදෑසන ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ද පැමිණි අතර එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙම අවස්‌ථාව සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කර තිබිණි.



(මට තේරෙන විදිහට ලංකාව එක්කෙනා ඉපදිලා තියෙන්නෙ කලින් , ඒයා බිලියන 6 පොයින්ට් ගානට වෙන්න ඇති අයිති ,)



කවුරු හරි හරියට ගණන් බැලුවාමය කියල කියමුකො , ඒත් හරි  රෝහල් පහසුකම් නැති රටවල් කොච්චර තියනවද , ඒවායෙ බොහෝ වෙලාවට ගෙවල් වලම ඉපදෙන දරුවන් ගැන වාර්ථා කරන්න නීරීක්ෂකයෝ හිටියද , වෙන එකක් තියා ඉන්දියාවෙම උනත් එහෙම ගෙවල් වල දරු ප්‍රසූති කියක් වෙන්න ඇතිද ඕවා ගැන හරියට හොයල බලලද මේ වාර්ථා කරන්නේ ?

කියන ප්‍රශ්නාර්ථ ටික මට නම් තියනව , ඔය බිලියන් 7 දැඟලිල්ල දශකයේ හොඳම විහිලුව කියන්නෙ ඒකයි

ඇත්තෙන්ම ලෝක ජනගහනය බිලියන 7 කියන ඉලක්කම වීමට වඩා වටින්නේ  අර වගේ අඩු සෞඛ්‍ය පහසුකම් මත දිවි ගෙවන්න වෙලා තීයන ජනතාවගෙ ජනගහණය වැඩී වීම අවධානය යොමු කිරීම . පවුල් සැලසුම් ක්‍රම ආදිය භාවිතා නොවෙන මේ මිනිස්සුන්ගේ ජනගහන වර්ධනය බොහොම වැඩියි , ලෝකයේ තුන්වෙනි ආර්ථික බලවතා බවට පත්වීම අභියස ඉන්න ඉන්දියාව මානව සංවර්ධන දර්ශකයේ ලංකාවටත් පහල තැනක ඉන්නේ , තමන්ගෙ අධික ජනගහනය සහ එ අයට ලැබිල තියන අවම පහසු කම් නිසා . ඒ වෙනුවෙන් යමක් කරනවා වෙනුවට බිලියන 7 දරුවා තමන්ගේය කියල සතුටු වෙන එකෙන් ඉන්දියාවට පලක් තියනවද , සමහර විට බිලියන 7 දරුවා ඉන්දියාවේ ම  කොතනක හරි සෞඛ්‍ය පහසුමක් වත් ලබා ගන්න බැරි තැනක ඉපදුනා වෙන්න බැරිද කියන කාරනය ඉන්දියානුවන්ට ප්‍රතික්ෂේප කරන්න පුලුවන්ද . හඳට යානා යවන්න කරන උත්සාහයන් අතරම තමන්ගේ රටේ ජනතාවගෙ සුභ විවරණය වෙනුවෙන් මීට වඩා උත්සහයෙන් කටයුතු නොකලොත් 2030දී ලෝකයේ වැඩිම ජනගනණ්ය වාර්ථා කරන ඉන්දියාව , ඔවුන්ගේ ආර්ථික විද්‍යා අනාවැකි අනුව 2050-2060 කාලයේදී ලෝක ආර්ථික බලවතා වෙන්නෙ හෝ 2040 න් පසු මොහොතක දෙවෙනි ආර්ථික බලවතා වෙන්නෙ , බොහොම කණගාටුදායක මානව සංවර්ධනයක් තියාගෙන වෙන්න පුලුවන් . ඒක ඉන්දියාවට විතරක් නෙවෙයි , සමස්ථ ලෝකයටම හිතකර තත්වයක් වෙන එකක් නැ


ඉන්දියාවේ තත්වයට වඩා අපේ තත්වය සැහෙන්න යහපත් උනත්  බිලියන 7 සැමරීමට එහා ගිය කාර්ය භාරයක් ලංකාවටත් තියනව . නිදහස් සෞඛ්‍ය සේවය නිසා හැමෝටම සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ සෛද්ධාන්තික හැකියාව තිබුනත් , ප්‍රායෝගිකව ලංකාවෙත් තියන ගැටලු බොහොමයි . වැඩි වෙන ජනගහණයත් එක්ක මේ තත්වය උග්‍ර වෙන්නෙ තාමත් ඒවට විසඳුම් හොයන්න උත්සාහයක් නොගන්නා නිසා.

 ඒ වගේම ආගමික කණ්ඩායම් වලට හා නායකයින්ට බම්බු ගහගන්න කියල උපත් පාලන නීති ක්‍රියාත්මක කිරීමත් අත්‍යාවශ්‍යයි . එක පවුලට  ඉන්න දරුවන් ගාන 2/3 කට සීමා කරන නීතිත් එක්කම . නිසි පරිදි උපත් පාලන  ක්‍රම භාවිතා කරන්න  ග්‍රාමීය මට්ටමේ ජනතාව දැනුවත් කිරීමත් අත්‍යාවශ්‍යයි .  කුඩා දූපත් රාජ්‍යක් වුනු අපි ජනගහනය අනවශ්‍ය ලෙස වර්ධනය කරගත්තොත් , ඒ ජනගහනයට අවශ්‍ය පහසුකම් උත්පාදනය කරගන්න එකත් අපහසු වෙන්න ඉඩ තියනව . මොකද අපිට තියන සම්පත් ප්‍රමාණය සීමිත නිසා .

 7 වෙනිය ඉපදුන තැන හොයනවට වඩා වැදගත් වෙන්නෙ , වැඩි වන ලෝක ජනගහණය සීමා කිරීම සහ ඉන්න ජනගහණයට අවශ්ය කරන පහසුකම් ලබදීමට ලෝක අවධානය යොමු වීම ,කියන කාරණය අවසන් වශයෙන් සටහන් කරන්න කැමතියි .



Image From - http://photographya.info/best-baby-photography/

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top