Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

December 2011

ආණ්ඩුව නරකයි,චම්පික හොඳයි ,විමල් හොඳා......යි

සියතින් ගෙල සිඳගැනීමේ එජාප ආදර්ශය සන්ධාන රජය විසින්ද අනුමනය කරන්නට යෙදී ඇති බවක් පෙනෙන්නට ඇත . නව තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී පමණක් නොව  රටක ඒදිනෙදා කර්තව්‍යයන් වූ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වැනි දැ වලදී පවා සන්ධාන රජය හත් පොලේ ගාගනිමින් සිටිනා බවක් පැහැදිලිව දක්නට ඇත . මේ අතර බොර දියේ මාලු බාන්නට සැරසෙනා කුහකයින් පිරිසකගෙ ක්‍රියාකාරීත්වයක් රජය තුලින්ම පැන නැගෙනා බවක් දක්නට ඇති නිසා ඒ පිලිබඳ  කෙටි සටහනක් එක් කල යුතු යැයි සිතුවෙමි


මුස්ලිම් , දෙම්ල අන්තවාදීන් සමඟින් සිංහල ජාතීවාදිනුත් ,සාම්ප්‍රදායික වාමාංශිකයින් සමඟින් නව ලිබරල් වාදීනුත් වශයෙන් විවිධාර මතවාදයන් දරන  පුද්ගලයින්ගේ සම්මිශ්‍රණයක් වූ රජයක් තුල විවිධා කාර ගැටුම් ඇතිවීම ස්වාභාවිකය . විශේෂයෙන් රජය තම ජනප්‍රියත්වයේ "පීක්" එකේ සිට පල්ලම බසිනා යුගයක එවන් තත්වයන් සුලභය . නමුත් වර්ථමානයේ  රජයේ ඇතැම් පාර්ශව ඉන් එහා ගොස් තමන් පමණක් පොරවීමේ ක්‍රියාවලියක සිටිනා බවක් දක්නට ඇත .රජයේ කැබිනට්  අමාත්‍යවරුන් වූ විමල් වීරවංශ  සහ චම්පික රනවක මහත්වරුන් සාමාජිකත්වය දරනා ජාතික නිදහස් පෙරමුණා හා හෙල උරුමය මේ පාර්ශවයන් ලෙස මූලිකව හඳුනාගත හැක . මේ අතරිනුත් ජාතික නිදහස් පෙරමුන මේ "පොර උන්මාදයෙන්" පෙලෙනා බැව් පැහැදිලිව දක්නට ඇත

විමල් වීරවංශ අමාත්‍යවරයා රජයේ ක්‍රියාපටිපාටින් කිහිපයක් විවේචනයට ලක් කර ඇත . ඒ අතර ප්ලාස්ටික් කූඩ නීතිය , අධිවේගී මාර්ගය , විභාග ප්‍රතිඵල , මෙන්ම ගෙන ඒමට නියමිත  නව උසස් අධ්‍යාපන පනතද ඇත . මේවා පිලිබඳ ඕනැම පුද්ගලයෙකුට විවේචනයන් තිබිය හැක  . එහි ගැටලුවක් නැත . නමුත් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු සතුව  කැබිනට් මණ්ඩලයේ තීරනයන් වෙනුවෙන් සාමූහික වගකීමක්ද ඇත . නව  නීතියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වෙදී විරෝධය පල කිරීමටත් ඒ පිලිබඳ තමාගේ තර්කයන්  කැබිනට් මණ්ඩලයේ අනෙකුත් සමාජිකයන්ට ඒත්තු ගැන්වීමටත්  ඕනැම කැබිනට් අමාත්‍යවරයෙකුට හැකියාවක් ඇත .කැබිනට් මණ්ඩලය තුලදී තම මතවාදය පරාජය වුවහොත්  පාර්ලිමෙන්තු මන්ත්‍රි වරයෙකු වශයෙන් තම විරෝධතාවය පාර්ලිමෙන්තුව තුලදී ප්‍රකාශ කරන්නටත් ඡන්දය දීමෙන් වෑලකිසිටිමටත් හැකියාවක් ඇත . නමුත් වීර වංශ ලා මේ අවකාශය ප්‍රයෝජනයට ගන්නා බවක් පෙනෙන්නට නැත . කැබිනට් මණ්ඩලය තුලදී  ජනපතිවරයාට බියෙන් නගුට දෙපරංශයේ ගසාගෙන සිටිනා මොවුන් පාර්ලිමෙන්තුවෙන්ද කට්ටි පනිනවා මිස පාර්ලිමෙන්තුව තුල රැඳි සිටිමින් විරෝධය පලකිරිමට තරම් එඩිතර බවක් පෙන්වා නැත


විරෝධය පල කල හැකි තැනදී නිහඬව සිටිනා මොවුන්  කැමරා හා මයික් පොලු ටිකක් ඉදිරියේදී දේශප්‍රේමය හා අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණද  සිදුවීමට පටලවා බෙරිහන් දෙන තත්වයක් දක්නට ඇත . කෙලින් කියන්නට බැරි තැනදී විකල්පයන් භාවිතා කරනා බවක්ද  දක්නට ඇත

 පලමුවෙනි විකල්පය පක්ෂයේ වෙනත් පුද්ගලයින්ලව කියවීමයි .ආසන්නතම උදාහරණය ඊයේ දක්නට ලැබිනි . ප්ලාස්ටික් කූඩ සිදුවීමෙදීත් මේම කාර්යය වෙනුවෙන්ම කරලියට පැමිනි පුද්ගලයෙකුත් ඊට පෙර දිනයේදී විභාග ලකුණු ගැටලුව අන්තරය හා රොබට් ඕ බ්ලෙක් මත පැටවීමට හාස්‍යජනක උත්සාහයක් ගත් පුද්ගලයෙකුත් එක්ව ඊයේ  මාධ්‍යට පැවසුවේ නිදහස් අධ්‍යාපනය ගැන කලකරිවා පුද්ගලික උසස් අධ්‍යාපනයට මිනිසුන් නැබුරුකරගැනීමේ උත්සාහයක් ලෙස අදාල ආමාත්‍යවරුන් විභාග ප්‍රතිඵල  වල විශ්වසනීයත්වය බිඳ දමා ඇති බවය . එක් අතකින් මෙම ප්‍රකාශය රජය අතින් සිදුවු බරපතල වරදකදී "අපි නම් ඕවට නැ " කියා අත සෝදා ගැනීමක් වන අතර අනෙක් අතින් රජයට එරෙහි මතවාදයක් සමාජ ගත කිරීමක්ද ලෙස සැලකිය හැක ( අදාල ආමාත්‍යවරුන්ට සැබවින්ම නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ අවශ්යතාවක් තිබුනත් ආන්දෝලානාත්මක පනතකට සති දෙකක් තිබියදි කුණු බාල්දි පෙරලා ගෙන එය කිරීමට තරම් මෝඩයින් නොවේ ) . රජයේ හවුල් කාර පක්ෂයක් ලෙස වගකීමෙන් කර ඇරීම , රජයට එරෙහි ජනමතයක් ගොඩ නැගීම මෙන්ම පදනම් විරහිතව අමාත්‍ය වරුන්ට චෝදනා එල්ල කිරීමද බරපතල වරදක් බව පැවසිය යුතුය . ජනපතිවරයා විසින් කමිටුවක් පත්කර තිබියදී , රජයේ ම හවුල්කාර පක්ෂයක් චූදිතයින් වරදකරුවන් කොට තීන්දු තීරණ දෙන්නේ නම් එය  රජයේ නායකයා වශයෙන් ජනපතිවරයා ගත් තීරණයක් එලිපිට නොසලකා හැරීමක්ද වේ .


දෙවන විකල්පය ලෙස ප්‍රසිද්ධියේ ලියුම් යැවීම  තෝරාගෙන ඇති බවක් පෙනෙන්නට ඇත . මෙය සජිත් ප්‍රේමදාස මහතාගෙන් උපුටා ගත් එකක් ලෙස සිතෙන්නෙ ඔහු මෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයාද ජනපතිවරයාට යැවු ලියුම මාධ්‍යයට ද ඉදිරිපත් කර ඇති නිසාවෙනි . එම ලිපිය මඟින් පක්ෂ  සමඟ සාක්ච්ඡාවක් ඉල්ලා සිටින්නේ කැබිනට් මණ්ඩලයේදී විරෝධය පල කිරීමට කොන්දක් නැතිකම නිසා හෝ පිරිස ඉදිරියේ බැනුම් අහනවාට වඩා තනියෙන් ගොස් බැනුම් අසාගැනීම ට ප්‍රිය නිසා මෙන්ම රජයට විරෝධයක් එල්ල වී ඇති කාරණයකදී නැවතත් "අපි නම් ඕවට නැ " ශේප් න්‍යාය දැමීමටය

මේ ආකර සියල්ලෙන්ම මොවුන් රජය අපහසුතාවයට පත්වෙන අවස්ථා වලදී සුදනන් විමේ "රජය නරකයි , එත් අපි නම් හොඳයි " තේමාව තුල රැඳි සිටිනා බැව් පැහැදිලිය . ශ්‍රි ලංකා රජයට උපායමාර්ගික වශයෙන් අතිශයින් වැදගත් උගත් පාඩම් කොමිසම් වාර්ථාව අරඹ්හයා හෙල උරුමය දැනටමත් විරෝධය පල කර ඇති අතර වීර වංශ මහතාගෙ පක්ෂයත් එම මගම ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත . රජය වශයෙන් පමනක් නොව රටක් වශයෙන් එකමුතුව සිටිය යුතු කාරනයක්දීත් තමන්ගේ ඡන්ද පදනම වෙනුවෙන් රජය අපහසුතාවයට ලක්කෙරෙනා ක්‍රියාමාර්ගයකට යන්නේ නම් එය හෙල උරුමය වැන්නවුන් පසුගිය සමයේ එජාපයට දුන් "පක්ෂයට පෙර රට"  අවවාදය ඔවුන් විසින්ම නොසලකා හැරීමකි .

රජය තුල රැඳි සිටිමින් (එලියට ගියොත් ඒ අවසානය බැව් ඔවුන්ද දනි ) , රජය වෙනුවෙන් පෙනී නොසිට තමන් පමණක් පොර බව පෙන්වීමට දඟලනා මොවුන් දෙස බලාසිටිනා විට පැවසිය හැක්කේ

"ආණ්ඩුව නරකයි,චම්පික හොඳයි ,විමල් හොඳා......යි" කියා පමණි

2011 වසරේ මගේ හිතට වැදුන සින්දු - එන්න ගීත අහන්න , අදහස් කියන්න

අවුරුද්දක් ගතවෙලා අවසන් වේගන එනකොට ආදාල කාලයේදි කරපු දේවල් ගැන හැරිල බලන එක සමහරක් දෙනෙක්ගේ පුරුද්දක් . මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක් . මහා වැදගත් දෙයක් නොවුනත් අපි කාගේ කාගේත් ජීවිත වල දකින්න තියන දෙයක් . ඒ තමයි මේ වසරේදි මම අහපු , හිතට වැදුනු සහ මතකයේ රැදුණු ගීත . ගීත රසාස්වාදය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන කාරණාවක් වුනත් මම  ගීත එකතුව ගැන අනික් අයගේ අදහස් දැනගන්නත් , මඟ හැරුණු ලස්සන ගීත දැන ගන්නත් එක්ක පොඩි සාක්ච්ඡාවක් ඇති කරගන්න එකයි බලාපොරොත්තුව . හැමගීතයකටම වගේ අදාල විඩියෝ පටි කැල්ලකුත් දාල තියෙන්නෙ කලින් අහල නැති කෙනෙක් වෙනුවෙන් . විඩියෝ පටි ටික නිසා ලිපිය ලෝඩ් වෙන්න නම් ටිකක් කාලය ගතවේවි


සිංහල ගීත 


01) මේ වසරේ මුල් කාලයේම වගේ අහපු අද දක්වාත් බොහොම ආසාවෙන් අහන සිංහල ගීතයක් තමයි "සිංහාවලෝකනය" චිත්‍රපටියේ . මතකද හැන්දැවේ කියන ගීතය . මේක හැම කෙනෙක්ම වගේ අහල ඇති . බොහොම නිස්කලංකව අහගෙන ඉන්න අපුරු ගීතයක් කියලයි මට හිතෙන්නෙ .ගායනා කරන රුවන් හෙට්ටිආරච්චිත් රයිනි චතුරිකාත් තමන්ගෙ උපරිමය ගීතයට දීල තියනව





02) ඊලඟට  බොහොම ප්‍රිය කරන ගීතයක් තමයි භාතිය සන්තුෂ්ලාගේ "දේදුන්න සේදී" ගීතය . ගීතයේ තනුවට , පදමාලාවට වගේම රූප රාමුවටත් බොහොම ආසයි . මේ ගීතය වගේම භාතියලගේ සරා සිහින ඇල්බමයේ බොහෝ ගීත  මේ වසර පුරාවටම රසවින්ඳාය කියල කියන්න පුලුවන් . කැමතිම ලාංකීය ගායකයා කියන ප්‍රශ්නයට මගේ එකම පිලිතුර වෙන්නෙ භාතිය සන්තුෂ් වීමත් සමහර විට ඒකට හේතුවක් වෙන්න ඇති






03) ඊලඟට මම සටහන් කරන ගීතය නම් මම හිතන්නේ සැහෙන්න පරනයි , යූ ටියුබයේ 2010 වසර කියලයි පෙන්වන්නේ . කොහොමින් හරි අහම්බයකින් වගේ  මට ඇහුනේ මේ වසරෙදි . ඒ ශිහාන් මිහිරංගගේ "පෙරදා මැවු" සිනා ගීතය .මේ වසරේ ගීත අතර විතරක් නෙවෙයි මගේ සිත්ගත් මුලු ගීත ලයිස්තුවෙත් ඉහලම ඉන්න ගීතයක්








බටහිර ගීත 




04) බටහිර ගීත ගැන කථාවේදි මුලින්ම එන්නෙ අරාශ් ගේ Broken Angel  ගීතය . ඇත්තට අරාශ් කියල කෙනෙක් ඉන්නව කියල  මම දැනගත්තෙත් ඔය ගීතයෙන් . ඔය ගීතයට වගේම විඩියෝවටත් මම බොහොම ආසයි , ඔය ගීතයෙන් හඳුනාගත්තා අරාශ්ගේගේ බොරො බොරො ගීතය ඇරුණාම වෙනත් කිසිම ගීතයක් කලින් අහල නොතිබුන නිසා ඒවා හොයාගෙන ගිය ගමනෙදි මුනගැහුන බොහොමයක් ගීත වල රසයක් තියනවාය කියල හිතෙනව . එයින් එකක් තමයි ට පහලින් තියෙන්නෙ Temptation ගීතයේ රුසියානු වර්ශන් එක







05) ඊලඟ ගීතය ජෙනිෆර් ලෝපෙස් සහ පිට්බුල් ගායනා කරන On the Floor ගීතය මේ ගීතයට පදනම් වෙච්ච මුල් ගීතයේ තනුවටත් මම සැහෙන කෑමතියි . පහලින් දාල තියෙන්නෙ ඒ ගීතයේ සජිවි සංදර්ශනය විඩියෝවක්







06) ඊලඟට ගීතය වෙන්නෙ පිට්බුල් , නායර් සහ මොහොම්බි ගේ එකතුවෙන් නිපදවුනු suvamenthe  ගීතය . මේ වසරේදි අහපු ලස්සනම ගීතයක් කියල කියන්න පුලුවන් . මේ ගීතයේ පිට්බුල්  ස්පාඤ්ඤ භාෂාවෙන් කරන  රැප් කොටස කාලයකින් අහපු කැමතිම රැප් සංගීත කණ්ඩයක්







07)ඊලඟ ගීතයටත් පිට්බුල් සම්බන්ධයි , මෙහෙම ගියාම කට්ටිය හිතයි මූ අහන්නේ මේ තට්ටයගේ ඒව විතරද කියල . එහෙම එකක් නැ ඇත්තටම . කොහොම වුනත් වඩාත් ජනප්‍රිය රැපර්ස්ලාට වඩා පිට්බුල් හාදයට මම කැමතියි . ඒ වගේම මොකක් හරි එකකින් පොරගේ  දායකත්වය තියන ගීත තුනක්ම මේ වසරෙදි හිතට වැදුනා . මේ ගීතය මාක් ඇනතනි එක්ක කියපු Rain over Me ගීතය






08)කම්ල්ජීත් සිංග් ජූති නොහොත් ජේ ශෝන් කියන ගායකය ගැන දැනගත්තෙත් මේ අවුරුද්දෙදිම තමයි . ඒ මගේ ඥාති සහෝදරයෙක්ගේ මාර්ගයෙන් (පිට්බුල් ගේ ට්‍රැක් සමහරක් මට හඳුන්වලා දුන්නෙත් පොරම තමා ) . ජේ ශෝන් ගේ හැම ගීතයකටම කැමති නැතත් Ride it  සහ down  ගීත වලට බොහොම කැමතියි එයින් Ride it ගීතයේ හින්දි වර්ශන් එක මේ වසරෙදි අහපු තවත් සිරාම කූල් ගීතයක්(ගීතය පරන වුනාට ඇහුවේ මේ අවුරුද්දෙදි  )






09) ඊලඟ ගීතය (ඇත්තෙන්ම කිව්වොත් මේ ලියන්නෙ මතක් වුනු පිලිවෙල ) Nickel Black සංගීත කණ්ඩායමේ When we stand together ගීතය සංගීතය  ගායනය වගේම අර්ථයත් ඉතාම ඉහලයි . මේ වසරෙදි අහපු හොඳම ඉංග්‍රිසි ගීතය කිව්වොත් නිවැරදියි






10) ඊලඟ ගීතය Avril Lagvine ගේ wish you were here  ගීතය , මේකත් ඉතාම කැමති ගීතයක් මේ වසරේ අහපු . ගායනය වගේම සංගීතයත් බොහොම කැමතියි , නමුත් විඩියෝව නම් එච්චර වැදුනේ නැහැ




11) අවසාන  ඉංග්‍රිසි ගීතය වශයෙන් තෝරගත්තෙ මේ වසරෙ අවසාන භාගයේ උන්මාදය වුනු කොලවරි ..ඩි ගීතය .  දෙමල චිත්‍රපටියක ගීතයක් වුනත් ඉංග්‍රිසියෙන් කියන නිසා මෙතනදි සටහන් කලා . මුලින්ම මේ ගීතය ඇහුවේ අනික් අය අහන නිසා රැල්ලට වුනත්  දෙතුන් පාරක් අහන කොට බොහොම සරල සුන්දරත්වයක් තියනව කියල හිතුනා






හින්දි ගීත 


12) හින්දි ගීත අතරින් මුලින්ම තෝරගත්තෙ මීට කලින් වතාවක් මගේ ලිපියකටත් පාදක වුනු  Dum maro Dum ගීතයේ නව නිෂ්පාදනය . පැරනි සරාගි ගීතයක් නව සංගීත නාද එක්ක අපුරුවට මිශ්‍ර වුනු අවස්ථාවක් විදිහට තමයි මේ ගීතය දකින්නේ . ගීතයේ විඩ්යෝවටත් සැහෙන්න  කැමතියි (දීපිකා පාදුකොනේ ඉන්න නිසා නෙවෙයි ඇ )






13) ඊලඟ ගීතය වෙන්නෙ luv ka the end  චිත්‍රපටියේ තේමා ගිතය . සාම්ප්‍රදායික හින්දි සිනමාවට එහා ගිහින් තාරුණ්‍යයට ගැලපෙන නිර්මාණ බිහි කරන Y- Films සමාගමේ ලින්කුවකුත් බ්ලොග් එකේ පැත්තක එල්ලුවේ ඔය චිත්‍රපටියෙන් පස්සෙ ගීතය මේකයි






14) ඊලඟට එන්නෙ අපේ  ජැකලින් අක්කගේ ආන්දෝලනාත්මක (ඒත් මට නම් මෙලෝ රහක් නැති ) මර්ඩර් චිත්‍රපටියේ ගීත . මුලු චිත්‍රපටියේම මට ගත යුත්තකට තිබුනේ  ඔය ගීත දෙක විතරයි . එයින් සුනිදි චව්හාන් ගායනා කරන ආ.සරා ගීතයේ ගායන ශෛලියේ තියන වෙනසට නිසා ඒකට වඩාත් කැමතියි

Aa Zara





Hare dil






15) ඊලඟට තෝරගත්තේ මේ වසරේ තිරගත වුනු වෙනස්ම මාදිලියෙ හින්දි චිත්‍රපටියක් වුනු දිල්හි බෙලි චිත්‍රපටියේ ගීතයක් . චිත්‍රපටිය නොබලපු කෙනෙක් ඉන්නව බලන්න කියල බය නැතුව නිර්දේශ කරනව . මොකද ජිවිතේටම හින්දි චිත්‍රපටියක් බලල නැති කෙනෙකුට වුනත් රසවිඳින්න පුලුවන් (හැබැයි පොඩි වුන්ට එච්චරම හොඳ නැ ) .මේ ගීතය චිත්‍රපටියේ මේ විදිහට නැ (පසුබිම් ගායනයක් විතරයි ) මේ ඒ  වෙනුවෙන්ම හදපු විඩියොවක් මම හිතන්නේ




Movie Trailer - Delhi Belly





16)ඊලඟට තෝරගත්තේ තවත් මම කැමතිම බොලිවුඩ් චිත්‍රපටියක ගීතයක් , ඇත්තෙන්ම මේ චිත්‍රපටියට වගේම ගීත සියල්ලටත් බොහොම කැමතියි .කැමතිම ගීත දෙක තමයි  තියෙන්නෙ





ඔය උඩින් තියන ගීතයේ තනුව සහ ගායන ශෛලිය වගේම චිත්‍රපටියේ එන උපසිරැසි අනුව තේරුමත් ලස්සනයි . ඒ වගේම රයිම් වෙන විදිහෙ පදමාලවක් තමයි යොදාගෙන තියෙන්නෙ





17) ඊලඟට තෝරගන්නේ වැඩකට නැති චිත්‍රපටියක ලස්සන ගීතයක් . චිත්‍රපටිය බොඩි ගාඩ් , මගෙ ප්‍රියතම ගායිකාව වුනු ශ්‍රෙයා ගෝසාල්  (සිංහල හින්දි බටහිර ඔක්කොගෙන්ම )  සහ රාෆත් අලි ගායනා කරන ගීතය මම මේ වසරේ කැමතිම වුනු හින්දි ගීත වලින් එකක් (විඩියෝව අමතක කරල සින්දුව විතරක් අහන්න )





18) ඊලඟ එන්නෙ මම විචාරයකුත් දාපු රා. වන් චිත්‍රපටියේ ඒකෝන්ගේ ගීතය . ඒකොන් ගෙ ගීත එකකට දෙකකට හැර මම කැමැත්තක් නොදැක්වුනත් මේ ගීතයට නම් කැමතියි




19) ඊලඟට එන්නෙ මේ දවස් වල තිරගත වෙන (මාත් බලන්න හිතාන ඉන්න ) ඩොන් 2 චිත්‍රපටියේ මම කැමතිම ගීතය




20) අවසාන වශයෙන් තෝරගත්තේ ලබන වසරෙ එන්න තියන චිත්‍රපටියක පහල තියන ගීතය . ගීතයේ නර්ථනයට කත්‍රිනාව නම් ගැලපෙන්නෙ නැ , ඒ වුනත් ඒ ගීතයෙන් එන කික් එකට මම මාර ආසයි . කලිනුත් සඳහන් කරපු මගේ ප්‍රිය්තම ගායිකාව වුනු ශ්‍රේයා ගෝසාල් තමයි මේ ගීතයත් ගායනා කරන්නෙ , දෙව්දාස් වගේ චිත්‍රපටි වල එන රාගධාරි ගීතත් , කලින් බොඩිගාඩ් සින්දුව වගේ මෘදු  ස්වරයෙන් ගීතත් ගායනා කරපු ශ්‍රේයා ගෙන් මේ වගේ වේගවත් ගීතයක් මම අහල නැ . මෙච්චර  ඉහල රිද්මයිකින්   ගායන කරත්දී  ගීතය ගායනා කරන් ඉහල ස්වර පරාසය තුල  අකණ්ඩව රැඳි ඉන්නවාය කියන එකත් සැහෙන දක්ෂ කමක්







ඔය තමයි මගේ කැමැත්ත තියන මතකයේ රැඳුනු මේ වසරේ අහපු සින්දු . ඔබලාගේ රසවින්දනය මීට වඩා වෙනස් ඇති , සමහර ගීත වලට ඔබත් කැමති ඇති . සමහර ගීත මුලින්ම ඇහුවේ අද වෙන්න ඇති එන්න අදහස් දක්වන්න . 

ප.ලි - සමහර හින්දි සින්දුවල නිල වර්ශන් එක දාපු නිසා සම්පූර්න ගීතයවත් , චිත්‍රපටියේ එන සම්පූර්න විඩියෝව වත් නැතුව ඇති . එහෙම කලේ  පිටස්තර පුද්ගලයින් අප්ලෝඩ් කරන සමහර ඒවා ටික කාලයකදි බ්ලොක් වෙන නිසා

විභාග ප්‍රතිඵල අනන දැනුම් කේන්ද්‍රය සහ සංචාරකයින් මරන සංචාරක කේන්ද්‍රය

ලංකාවට 'ආසියාවේ අමුතු ඇටේ 'කියා කිවේ මොකාද කියා මතකයක් නැතත් ඌ කීවේ සත්‍යයක් බව නම් පෙනෙන්නට ඇත . රටක පරපුරක අනාගතයට වග කිව යුතු අධ්‍යාපන අමාත්‍යාංශය (එකක් නොව දෙකම ) , වර්ථමාන  සීසු පරපුරේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් වැඩ අනාගන්නා බැව් මැනවින් සනාථ කර අවසන්ය . විශය නිර්දේශයන් 2ක්  යටතේ විභාගය පැවැත්වෙනා බැව් විශය නිර්දේශය වෙනස් වූ දා පටන් බලධාරීන් දැන සිටි කරුණකි .එනම් z-අගයන් පිලිබඳ ගැටලුවක් එහිදී මතුවන්නේ නම් ඒ පිලිබඳ බලධාරින්ගේ අවධානය යොමු කිරීමට වසර දෙකක පමණ කාලයක් තිබිනි . නමුත් ඔවුන් z අගයන් පිලිබඳ සාකච්ඡාවක් කරමින් කල් මරන්නේ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන් වීමෙනුත් පසුවය  . එය හෝ නිසි ජවයක් සහිතව සිදු නොවූ නිසා අවසානයෙ ප්‍රතිඵල නිකුත් කරන්නේ නත්තල් නිවාඩුව තුල කඩිමුඩියේය .

එයත් උසස් අධ්‍යාපන ඇමතිවරයාම හිරිකිතයකින් තොරව පවසනා පරිදි ජනපතිවරයා බැන වැදීමෙන් පසුය . ජනපතිවරයාගේ බැන වැදීමකින් පසු සති ගානක් කෙකර ගාමිනි සිටි ගැටලුව සුටුස් ගා විසඳුනේ අමාත්‍යවරයා පවසනා "ජ්‍යාමිතික සූත්‍රයකින්" z අගය සෙවීම නිසා විය හැක .කෙසේ හෝ  අවසානයේ නිකුත් ප්‍රතිඵලයද දෝෂ සහගතය . විසුලු සහගත දිස්ත්‍රික් හා ජාතික ශේණිගත කිරීම් වල දෝෂයන් අමාත්‍යාංශය විසින් පිලිගෙන ඇතත් එයින් සියල්ල අවසන් වන්නේ නැත . රජය විසින් z අගයේ හෝ ප්‍රථිපල වල ගැටලුවක් නැතැයි පැවසුවත් ඒ පිලිබඳ වද චෝදනා එල්ල වී ඇත  . උසස් පෙල වැනි තීරණාත්ම විභාගයක ප්‍රතිඵල එලි දැක්වීමෙදී තිබිය යුතු විශ්වාසනීයත්වය අමු අමුවේ බිඳ දමා ඇති වටපිටාවක  ප්‍රතිඵල සම්බන්ධයෙන් සිසුන්  සැක පහල කිරීම ආසාධරණය කියා පැවසිය නොහැක . ආසියාවේ දැනුම් කේන්ද්‍රයට විභාග ප්‍රතිඵලයක් නිසි පරිදි නිකුත් කරගන්න නොහැකි වීම සැබවින්ම ආශ්චර්යමත්ය

දැනුමේ කෙන්ද්‍රයට එලෙසින් බබා හම්බුවෙත්දී , සංචාරක කේන්ද්‍රයටද එම සන්තැසියම සිදුවීමේ පුවතක් ඊයේ වාර්ථා විය . විදෙස් සංචාරක යුවලක් ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ ප්‍රහාරයට ගොදුරු වී ඇති අතර  ඇතැම් මාධ්‍යයන් හරහා වාර්ථා වී ඇති තොරතුරු අනුව ඒ පිටුපස දේශපාලකයාගේ වලත්තකම මුල්වූ සිදුවීමක් පාදක වී ඇත .තම ඉහල සබඳතා  නිසා මේ වන විටත් නීතියේ රැහැනට අසු වී නැති ඔහු ගෙ නම හෝ බොහෝ මාධ්‍යයන් විසින් වසන් කරමින් ඇත . සිදුවීමද යටපත් කිරිමක් ගැන සැක කල හැක්කේ මේ පුද්ගලයා පසුගිය මැතිවරණ සමයක එජාප ආධාර කරුවෙකු ඝාතනයට සම්බන්ධ වී ත් කිසිදු  චෝදනාවකින් තොරව සිටිනා බවක් පලවී ඇති නිසාය . එක් වෙබ් අඩවියක කමෙන්ට් කරුවන් පවසා ඇති පරිද්දෙන්  මෙහිදී සුද්දා විසින් පලමුව වෙඩි තැබුවා කියා හෝ සුද්දාගෙන් වෙඩි පහරින් අදාල දේශපාලකයාගේ මොලයට බරපතල තුවලා සිදුවූ නිසා සිංගප්පුරුවේ ගෙන ගිය බවත් වාර්ථා වුවත් එය ශ්‍රි ලංකාවට අරුමයක් නොවන මුත් සංචාරකයින් මෙරටට පැමිනෙනා රටවලට නම් එය ගැටලුවක් වනවා නොඅනුමානය . විනිවිද භාවයෙන් යුත් පරීක්ෂනයකින් අදාල පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් , නැවතත් මෙවන් සිදුවීම් නොවන්නට රජය විසින් දෙන සහතිකයත් අනාගතයේ සංචාරකයින් ගෙන්වා ගැනීමෙදී වැදගත් වනු ඇත . චින්නුන්ට හෝ ඉන්දියානුවන්ට මෙරට ඉඩ කඩම් හෝටල් හෝ කැසිනෝ සඳහා විකුණු පමණින් සංචාරක කර්මාන්තය දියුණු වන්නේ නැත .මන්ද  කැසිනෝ කෙලින්නට පෙර සංචාරකයින්ගේ ජීවිත ආරක්ෂාව සැලසී තිබිය යුතුය .මෙවන් සිදුවීම් හරහා දැනට ශ්‍රි ලංකාවට බහුලව එන"අඩු වියදම් ආතල් " සංචාරකයා පවා අහිමි වුවහොත් සංචාරක කේන්ද්‍රයටත් දෙය්යන්ගේම පිහිටය !


UPDATE - පහතින් ඇත්තේ මේ පිලිබඳ මුනු පොතේදී දූටු ඡායාරූපයකි


පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක අවශ්‍යතාවය

රජය විසින් ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත සහ ඊට විරෝධය පල කරනා  විශ්ව විද්‍යාල සිසුන් මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ . දශක  තුනකටත් එහා ගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ වැයමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ආදාල පනත හැඳින්විය හැක . එම පනනේ සංයුතිය හා අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා කිරීමට මත්තෙන් සුපුරුදු පෞද්ගලික විශ්ව විද්‍යාල "යහපත්ද -අයහපත්ද " යන විවාදය පිලිබඳ යමක් සටහන් කල යුතුය . උක්ත විවාදය කෙලවරක් නොමැතිව දිවෙන්නක් වුවත් ඒ පිලිබඳ මාගේ පැහැදිලි අදහස ඉදිරිපත් කර තැබීම වැදගත්ය . පෞද්ගලික විශ්ව විද්‍යාල සහ/හෝ  මුදලට රාජ්‍ය අංශය විසින් සපයන උසස් අධ්‍යාපනය යන සංකල්පය මා සම්පූර්නයෙන්ම එකඟය . එනිසා පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරෝධය පලකරන්නන්ගේ සමහරක්  තර්කයන්ට පිලිතුරු සැපයීම මාගේ ස්ථාවරයට හේතුන් පාඨකයාට අවබෝධ වීමෙහිලා උපකාරි වනු ඇත .

දුප්පත් සිසුනට සිදු කරනා අසාධාරණයක් - යම් පිරිසකට අසාධාරණයක් සිදුවන බව සැබැය . නමුත් වර්ථමානයේ පවතින්නාවු ක්‍රමය තුලද තත්වය ඒසේමය . දිස්ත්‍රික් පදනම නිසා විභාගයේදී වැඩි දක්ෂතාවයන් දැක්වූ සිසුනට  බලාපොරොත්තු වන පාඨමාලා වලට ඇතුලත් වීමේ හැකියාව වැලකී  යාම , උසස් පෙල සාමාර්ථය විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසු කමක් ලෙස සැලකුවත් ( ලංකාවේ මෙන්ම ලෝකය පුරාමත් ) උසස් පෙල සමත් වන  බහුතරයකට විශ්ව විද්‍යාල වරම් අහිමි වීම යන අසාධාරණයන් වර්ථමානයෙත් දක්නට ඇත .කිසිදු පාර්ශවයකට අසාධාරණයක් නොවෙනා ක්‍රියාමාර්ගයන් ලොව ප්‍රායෝගික නැත . නමුත්  පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක් හරහා ඔය කියනා අසාධාරණයන් යම් තාක් දුරකට අඩු කිරීමේ හැකියාවක් ඇත (පසුවට කථා කරමු )

ශ්‍රි ලංකාවේ  තවමත් පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා සූදානම් නොමැත - මේ තර්කය  ගෙන එන්නන් මතු කරනා කාරනය වන්නේ ශ්‍රි ලංකාවේ බහුතරයක් ජනතාවගේ ආදයාම් තත්වය තුල උසස් අධ්‍යාපනයේ බර පැන දැරිය නොහැකි බවය . එනිසා ශ්‍රි ලංකාවට තවමත් පෞද්ගලික විශ්ව විද්‍යාලයන් නොගැලපෙනා බවය . ලෝකයේ බහුතරයක් රටවල පෞද්ගලික විශ්ව විද්‍යාල/මුදලට උසස් අධ්‍යාපනය  ක්‍රියාත්මක වන අතර එම රටවල් සියල්ලම සංවර්ධිත රටවල් නොවේ . ඒක පුද්ගල ආදායම ශ්‍රි ලංකාවට වඩා අඩු රටවල , දරිද්‍රතාවයෙන් පෙලෙනා ජන අනුපාතය ශ්‍රි ලංකාවට සැහෙන ඉහල අගයක් ගන්නා රටවලද පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වේ . එවන් තත්වයක් තුල ශ්‍රි ලංකාව පමනක් සුදානම් නොමැතිය යන්න වලංගු නොවේ .මේ සඳහා විකල්පයන්ද ඇත ,පනතක අවශ්‍යතාව යටතේ  පසුවට කථා කල හැක

සල්ලිකාර මෝඩයින්ට උපාධි හෙවත් ගුණාත්ම ගැටලු - පනතක් තුලින් නියාමනය කිරීමේ බලතල සහිත ආයතනයක් යෝජනා වන්නේ මේ උදෙසාය . ගුණාතමක බව පවත්වා ගැනීම නියාමනයක් තුලදී අපහසු කාර්යයක් නොවේ

නිදහස් අධ්‍යාපනයේ මලගම - නිදහස් අධ්‍යාපනය තෘතියික මට්ටම දක්වා ලබාදීම අතිශයින් වැදගත්ය . සාක්ෂරතාව ඉහල ජාතියක් බිහි කිරීමට එය ඉවහල්ව ඇතිවාක් මෙන්ම වඩාත් දැනුවත්  කාර්මික වෘත්තිකයන් බිහි කිරීමටද දායක කර ගත හැක . ඉතා ඉහල පිරිවැයක් සහිත උසස් අධ්‍යාපනය නොමිලේ සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැත .  ලොව බහුතරයක් රටවල එසේ සිදුවන්නේත් නැත . එනිසා විශ්ෂඨ අධ්‍යාපනික ජයග්‍රහනයන් ලැබු සිසු සිසුවියන් 20,000 ක ප්‍රමාණයකට නොමිලයේ උසස් අධ්‍යාපනය ලබාදීම ශ්‍රි ලංකා රජය විසින් පමණක් ලබා දෙන සුවිශේෂි වරප්‍රසාදයක් ලෙස සැලකිය යුතුය . එම පිරිස පමණක් උසස් අධ්‍යාපනය ලැබිය යුතුයි හෝ රජය විසින් සියලු දෙනාටම උසස් අධ්‍යාපනය නොමිලේ ලබාදිය යුතුය යන්න අසාධාරණය . තමන් දැක්වූ දක්ෂතාවයන්ට තැග්ගක් ලෙසින් නොමිලයේ උසස් අධ්‍යාප්නය ලබාගනිමින් එවැනි අසාධරණ ඉල්ලීම් රජයේන් ඉල්ලා සිටීමේ කිසි සේත්ම සදාචාරාත්මක වන්නෙ නැත

දැනටමත් ලංකාවේ මුදලට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇත ?? -  රජය විසින් ගෙන ඒමට නියමිත පනතට දැඩි සේ විරෝධය පල කරනා සිසුන් අමතක කර දමා ඇති කාරණයක් ලෙස මෙය හැඳින්විය හැක . මේ වන ලංකාවේ  විදේස් උපාධි ලබාදෙන ආයතන රාශියක් මෙන්ම දේශිය උපාධි ප්‍රධානය කරන ආයතනයන්ද කිහිපයක් ඇත . වෛද්‍ය වෘත්තිකයින්ගේ ශක්තිය නිසා ආන්දෝලනයට තුඩු දුන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හැරුණු විට අන් කිසිදු ආයතනයක් වෙනුවෙන් සිසුන්ගේ හෝ වෙනයම් පාර්ශවයක විරෝධතා  දක්නන නැත . කෝටි පතියන්ගේ ලමයින්ටත් වඩා මධ්‍යම පාන්තිකයින්ගෙ දරුවන් අධ්‍යාපනය ලබනා මෙවන් ආයතන වර්ථමානයේ ක්‍රියාත්මක වෙමින් පවතිත්දි අලුතින්ම ඇති කිරීමක් වශයෙන් විරෝධය දැක්වීම හාස්‍ය ජනකය . කෙසේ වුවත් වර්ථමානයේ පවතිනා මෙම ආයතන  නියාමනයක අවශ්‍යතාවය තදින් අවධාරනය කරනා බව පැවසිය හැක  .


රජය විසින් ගෙන එන්නට නියමිත පනතේ අන්තර්ගතය නිසි ආකාරයෙන් කිසිවෙකුත්  නොදනිතත්  රජය පාර්ශවයෙන් ඒ පිලිබඳ මතුව ඇති කරුණු කාරනා සමඟින්  ඉදිරිපත් කල හැකි  ,  අංග සම්පූර්න  මොඩලයක් ආශ්‍රයෙන්   එවැන්නක අවශ්‍යතාවය විග්‍රහ කල හැක . ගෙන එන පනත සියලුම පැති ආවරනය කරන්නක් වීම රජයේ වගකීමක් වන අතර ආරම්භක අවස්ථාවේ නැතත් පසුව හෝ සංශෝධනය වීමේ  අවස්ථාවක්ද මේ තුල ඇත


 යෝජිත පනතේ මූලිකම පියවරක් ලෙස පවතිනා ආයතන නියාමනයටත් , නව ආයතන සඳහා උපාධි ප්‍රදානය කිරීමේ බලය ලබාදීම සඳහාත් බලතල සහිත නියාමක ආයතනයක් යෝජනා කර ඇති බවක් දැනගන්නට ඇත . වර්ථමානයේ උපාධි ප්‍රදානය කිරීමේ අවස්ථාව ඇති ආයතන  පමණක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට වගවන අතර විදෙස් උපාධි ප්‍රධානය කරන්නන් ගේ ගුණාත්මක භාවය පිලිබඳ  ශ්‍රි ලංකාවේ නියාමනයක්  නැත . එමෙන්ම මෙම ආයතන ජාතික තරුන සේවා සභාව, ආයෝජන මණ්ඩලය වැනි විවිධාකාර  ආමාත්‍යාංශ හර්හා ලියාපදිංචිය ලබාගත් ඒවාය . නව නියාමන ඒකකයක් තුලින් මේ සියලුම ආයතනයන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඒවායේ ගුණාත්මක භාවය  නිර්ණය  කිරීමට හා නිර්‍රික්ෂනය කිරිමට ක්‍රමවේදයක් පහසුවෙන් සකස් කල හැක .  දැනට පවත්නා ඇතැම් ආයතවල  උපාධිපාඨමාල ඉතාම ඉහල ගුණාත්මක භාවයකින් පවත්වාගෙන යත්දී සමහරක් ආයතනයන්හි ක්‍රියාකාරිත්වය ගැටලු කාරිය . විදෙස්  උපාධි පිරිනමන විශ්ව විද්‍යාලයට ඇති පිලිගැනීම මත පමණක් අවසර ලබා දීම සිදු කිරීමත් දේශකයින්, දේශන ශාලා ගාස්තු  ආදිය පිලිබඳ නිර්නායක සැකසීම හා ක්‍රියාත්මක කිරීම ත් අදාල නියාමන ආයතන තුලින් සිදු කිරීමෙන් මෙම විෂමතාවය්න්  ඉවත් කරගෙන දැනට පවත්නා ආයතනවල ගුණාත්මක භාවය ඉහල දැමිය හෑක . තමන්ගේම උපාධි ප්‍රදානය කිරීමට ඉල්ලුම්  කරනා ආයතන වෙනුවෙන්ද මෙවැනිම  ගුණාත්මක බව රැක ගැනීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල හැක . පෞද්ගලික උසස් අධ්‍යාපනය පවත්නා බොහෝ රටවල මෙවනි නියාමන කාර්යයන් දැකිය හැක .  එනම් මෙම වැඩපිලිවෙල තුලින් සිසුන් මතුකරනා "සල්ලිකාර මෝඩයින්ට උපාධි ගැනීමේ " හැකියාව  වැලැක්විය හැක

මෙම මූලික පරමාර්ථයට අමතරව පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු වලටද විසඳුම්  මෙවන් පනතක් හරහා ලබා ගත හැක .  දුප්පත් සිසුන්ට වන අසාධාරණයන් හා බහුතරයක් ශ්‍රි ලාංකිකයින්ගෙ ආදායම් තත්වය ප්‍රමාණාවත් නොවීම යන කාරණා සඳහා ඇමතිවරය යෝජනා කර ඇති පරිද්දෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වාදිය හැක . මේ අතර පූර්ණ  හා අර්ධ ශිෂ්‍යත්ව මෙන්ම  විවිධා කාර සිසු ණය ක්‍රමද ඇතුලත් විය හැක . උපාධි ප්‍රධානය සඳහා අවසර ලබන ආයතනයකට  යම් සිසුන් ප්‍රතිශතයක් ඉහත පදනම් මත ලබා ගැනීමට අනිවාර්ය කිරීමේ හැකියාවක් ඇත . මේවා ලෝකයේ  බොහෝ තැන් වල දක්නට ඇති සංකල්පයන් නිසාත් බලප්ත්‍රය ලැබීම තුල ඔවුන් ලබන්නාවූ වාණිජමය වාසියත් නිසා  පෞද්ගලික විශ්ව විද්‍යාල මේ සඳහා යොමු කරවා ගැනීම එතරම් අපහසුවක් නොවනු ඇත .

පෞද්ගලික විශ්ව විද්‍යාල වල වැඩි පඩියට සේවයට යාමට ආචාර්ය වරුන් පෙලඹීම නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල කඩා වැටෙවි යැයි චෝදනාවක් ඇත .මේ සම්බන්ධයෙන්ද නීති රෙගුලාසි පනත තුල අන්තර්ගත කල හැක . උදාහරණයක් ලෙස රජයේ විශ්ව විද්‍යාලයකින් ඉවත් වී යම් නිශ්චිත කාලයක් යන තෙක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බැඳීම තහනම් කිරීම ආදිය සැලකිය හැක . සැබවින්ම මෙය කෙටි කාලීන ප්‍රශ්නයක් පමණක් වනු ඇත . වසර දහයක් පමන ගතවන විට  ලංකාවේ උසස් අධ්‍යාපන වටපිටාව දැනට පවත්නා ඌනතා වලින් මිදෙනු ඇත .පෞද්ගලික විශ්ව විද්‍යාල ආගමනයත් සමඟ රට තුලම ආචාර්ය උපාධිය දක්වා ඉගෙනුම ලබන පිරිස වැඩී වීම , පූර්න කාලීන් පශ්චාත් උපාධි පාඨමාලා ඇතිවීම , රාජ්‍ය විශ්ව විද්‍යාල වල  පශ්චාත් උපාධි පාඨමාලා වලට  ඉහල වටිනාකමක් ලැබීම වැනි තත්වයන් උසස් අධ්‍යාපනය සුලභ වටපිටාවකින් අපේක්ෂා කල හැක

මේ ආකාරයෙන් පෞද්ගලික උසස් අධ්‍යාපන පනතක් හරහා රටක් වශයෙන් අත් කර ගත හැකි බොහෝ වාසි ඇති බැව් විග්‍රහ කල හැක . අවශ්‍ය වන්නේ සියලුම කෝණයන් ආවර්නය කල  පරිපූර්න පනතක් සහ එය නිවැරදිව ක්‍රියාත්මක වීමයි ! එක්වරකදී නොහැකි නම් පියවරෙන් පියවර හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වල ගුණාත්මභාවය  සුරැකීමේ පියවරයන් සහ රටේ සියලු ජනකොටස් වලට ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාවන් ඇති කිරිම යන මූලික අංග දෙකම ආවරණය  යුතුය !

ඒකාධිපති ආතල් !

උතුරු කොරියාවෙ නායක කිම් ජොන් උන්නැහෙගේ අවමංගල්‍යය මේ දවස්  ප්‍රවෘත්ති මාධ්‍ය වල උණුසුම් මාතෘකාවක් .ඒකාධිපති පවුල් පාලනයක පුරුකක් වෙච්ච නායකයෙක් මැරුණ කියල ඒ රටේ මිනිස්සු පොලවෙ පස් කන්න හදන හැටි දැක්කාම මඤ්ඤං වගේ දැනෙන්නේ , මීට  ටික දොහකට කලින් ලෝකේ වෙනත් තැනක් මිනිස්සු ඒකාධිපතියෙක්ගෙ මරණය වෙනුවෙන් ගත්ත ආතල් එක දැක්කාම . ජාත්‍යන්තර මාධ්‍ය වල පවා දාන උතුරු කොරියානු රූප රාමු ඒහෙන්ම රූගත කරල එන ඒවා නිසා අඬන බව පෙන්වන්න දාන ශෝ එකක් වෙන්න පුලුවන් කියල හිතුනත් , භාහිර ලෝකයෙන්  සම්පූර්ණයෙන්  හුදකලා වුනු උතුරු කොරියානු ජනතාව සිරාවටම අඬනවා වෙන්නත් බැරි කමක් නෑ

ජාත්‍යන්තර මාධ්‍ය , අන්තර්ජාලය වගේ දේවල් භාවිතා කරනවා තියා අහලවත් නැති උතුරු කොරියානු ජනතාවට තමන්ගේ පාලකයා විසින් ඔලුවට පටවන දේවල්  පමණක් සත්‍යයි කියා සිතෙනවා ඇති . ප්‍රජාතන්ත්‍රවාදය කියල දෙයක් ලෝකෙ තියනවා කියලත් බහුතරයක් උතුරු කොරියානුවන් නොදන්නවා වෙන්නත් පුලුවන් . ලංකාවේ දේශපාලකයින් පාතලය පෝෂණය කරනවා වගේ රුසියාව හා චිනය උතුරු කොරියාවට යටින් දෙන සප් එක නිසා උතුරු කොරියාව පෙන්වන යුධමය හැකියාවන් ඒරටේ ජනතාවට මැජික් වගේ වෙන්න පුලුවන් . සමහර විට උතුරු කොරියානු නායකයා එක මිසලයක් හදලා මාස ගානක් පම්පෝරිය ගහනවා  ඇති දැන් මුලු ලෝකෙම අපිට බයයි කියල . විකල්ප මතවාදයක් ඇහෙන්නෙත් නැති නිසා මිනිස්සුත් අපි තමා පොරවල් කියල චූන් එකේ ඇති .

කිම් ජොන්ගෙ දිනචරියාව පවා මාධ්‍ය හරහා පෙන්වන  වාය කියලයි විකියෙ තියෙන්නෙ . වෙනත් රටවල උන් නලු නිලියන්ගෙ දින චරියා  හොයත්දි , උතුරු කොරියානු ජනතාව තමන්ගෙ ලෝකේ ලොකුම වීරයා වෙච්ච ජිම් ජොන්ගෙ දිනචරියාව දිහා බලාන සතුටු වෙනවා ඇති . ලෝකේ අනික් රටවල පහසු කම් , හෝ දියුණුව ගැන නොදන්නා නිසා අපි ඉන්නෙ සුරපුරේක ඒක හදල දුන්නෙ කිම් ජොන්ය කියලත් හිතාන ඇති . එහෙම හිතාන ඉන්න මිනිස්සු කොට්ටාශයක් ඒකාධිපතියෙක් යටතෙ ලබන්නෙ එක්තරා විදිහක ආතල් එකක් . මොකද හැම වෙලේම තමන් ට තියන දේ ගැන සතුටෙන් ඉන්නේ , ලැබිය යුතු තවත් දේවල් ලෝකේ තියනව කියල නොදන්න නිසා ඒවා නැය කියල කණගාටුවකුත් නැ . ඒහෙම ආතල් එකේ ඉන්න ජනතාවකට තමන්ට ඒ ආතල් එක දුන්න නායකය  වල කජු ගැහුවාය කියන්නෙ පොලවේ පස් කන සීන් එකක් වෙන එකේ පුදුමයක් නැ නේද ?


භූමීයෙන් ඇත , සම්භවය වෙනස් ජනතාවක් වුනත් ලංකාවෙත් ඒකාධිපති කමෙන් ආතල් ගන්න කැමති අය සැහෙන්න ඉන්නවාය කියල මට හිතෙනව . හැමවෙලේම රජකාලේ ගැන පම්පෝරි ගහන මේ අය  තමන්ගෙ ඡන්දෙන් පත්වුනු ජනාධිපති වරයවත් රජෙක් ය කියලා හිතාන "අපටත් රජෙක් පහලව ඇතේ " කියල සිංදුත්  කියනව .  ඔය දිනචරියාවෙන් කැලි පෙන්වන ඒවා ,කියන ඕනි පචයක් හිස් මුදුනින් පිලිගන්න ඒවා , ලෝකෙටම ගහන්න තරම් අපි පොරවල් කියල හිතාන ඉන්නෙ ඒවා (මේ වගෙ අය දැක ගන්න C නිවුස් බලන්න ) , එහෙම ලංකාවෙත් ටික ටික දකින්න තියන නිසා ,කවදා හරි දවසක අද අපි උතුරු කොරියාවේ දකින දේවල් මෙහෙත් දැකගන්න පුලුවන් වෙයි . අපිත් ඒකාධිපති ආතල් එක ගන්නා ජනතාවක් බවට පත්වෙයි

ඔය පහලින් දාල තියෙන්නෙ The Dictator චිත්‍රපටියේ ප්‍රචාරක පටිය . දැකල නැත්නම් පොඩ්ඩක් බලන්න . ඒක නම් සැබැම ඒකාධිපති ආතල් එකක් වගේ තමයි පෙන්න තියෙන්නෙ

සිරිකොතේ වැට සහ චිරං ජයතු මහරජ !


වික්‍රමසිංහ මහතා නැවතත් ගේම ගසා ඇත . සෙල්ලම් නැත  මාතලන් කියන්නා සේ කරුට තරු පෙනෙන්නට දී ඇත . කොලඹ දිනිල්ලෙන් වික්‍රමසිංහ මහතා ඡන්ද දිනන්නට පටන් ගත්තා විය හැක . සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද ගණනින් භාගයක්වත් කරුට ලැබී නැත . රවි කරුණානායකටත් ඡන්ද හතලිස් ගණනක් ලැබෙනා සංගමයක එහි ඇති පුදුමයක් නැත . ඊ නිවුසියට ආතල් ගොස් ඇත . සිරසට බඩ ගොස් ඇත . එජාප පාක්ෂිකයින්ටත් මොකක් හෝ හිතෙන්නට ඇත . සිරිකොතේ වැටත් ගලවාගෙන ගොස් ගල් ගැසුවේ ඒ හිතුනු ඒවා අනුව විය හැක .

වික්‍රමසිංහ මහතාගේ කාරයට ඉන්සුවරන්ස් ඇත ,සිරිකොතටත් එහෙම එකක් ඇත්නම් වැටද නොමිලේ හදා ගත හැක . නැතත් නව ජාතික සංවිධායක වරයා විසින් හදා දෙනු ඇත . සීනි කම්හල යකාට ගියත් ඔහුට වැටක් සදා දීම මහ ලොකු කාර්යයක් නොවනු ඇත .

නායක කෙරුවාව අහවරය . ඡන්දයක් ඕනි කිවේ සජිත් ප්‍රේමදාස මහතාමය . නමුත්  ඔහුගේ නායකත්ව අපේක්ෂකයා එම ඡන්දයෙන්ම පරාද වී ඇත . තව ඩිංගෙන් ප්‍රේමදාස මහතාගේ කථාවද එයම වීමට ඉඩ තිබුනි . එජාප නායකත්වය වෙනස් කිරිමේ සටන අවසන් වී ඇත . මන්ද කල හැකි සියල්ල කර අවසන්ය . සිරසෙන් වීරයා වූ මෛත්‍රි ගුනරත්න මහතා දිවිහිමියෙන් සටන් කරන බවක් පවසා ඇත .නමුත් දිවිය නොව  මොක හිමියෙන් සටන් කලත් කල හැකි උපරිමය ඔච්චරය . එනිසා තවත් දැඟලීමෙන් පලක් නොවනු ඇත .  සිරිකොතේ වැටෙන් එලියේ සිටි හඬ ඇතුලට ගෙන යන්නට කරු ජයසුරිය උත්සහා කලා විය හැක . නමුත් එය අසාර්ථකය . දැන් ඉතිරිව ඇත්තේ වැටෙන් ඇතුලේ අයගේ මතය වැටෙන් එලියේ අයට ගෙනයාමය . එනම් කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතාව (සහ ඔහුව අනුමත කල කෘත්‍යාදිකාරියේ මතය ) පාක්ෂිකය්න් අතරට ගෙන යාමය . රනිල් මහින්දට විකල්පයක් වන වන හැටි පාක්ෂිකයාට කීමය . රනිල්ගෙ මාකට් කල හැකි ගුනයන් පාක්ෂිකයින්ට පෙන්වා දීමය .


එසේ නොමැතිව රනිල්ට කොලු කාරයා හෝ  නිවුස් පස්ට් එකෙන් කොටලුවා කිමෙන්  ඵලක් නොවනු ඇත . සිරිකොතේ යකඩ වැඩ ගැලවුවත් වැටෙන් එලියේ සිටි මිනිසුන් හා ඇතුලේ සිටි මිනිසුන් අතර මහා දැවැන්ත වැටක් තවමත් ඇත . මේ වැට උගුලන තාක් කල් . එජාපයට නාථ දෙවියන්ගෙ පිහිටය . අපට කියන්නට ඇත්තේ චිරං ජයතු මහ රජ කියා පමණය  !

නාකි සහ තරුණ රාජ්‍ය නායකයින්

එජාපයේ නායකය හොයන්න ගිය කලින් ලිපියට ප්‍රතිචාරයක් එක් කරපු අපේ ජයශ්‍රි සහෝදරය  මතක් කරපු කාරණාවක් තමයි කරුගේ වයස . ඒ කමෙන්ටුවට උත්තර බඳින්නත් කලින් ආපු අයිඩියාවක් තමයි ලියන්න හදන්නේ . ඒ  රාජ්‍ය නායකයින්ගේ වයස සහ ඒ අයගේ වැඩකිඩ ගැන . හැමදාම දේශද්‍රෝහී එව්වා ලියන්න ගිහින් අන්තිමේදි අර කලින් ලිපියෙදි ඇනෝ කෙනෙක් කිව්වා වගේ රනිල්ගේ"ඇහින්ද අසුන්දර" පෝස්ට් එකට රෙජිස්ටර් වෙන නිසා (හැබැයි ඒ ලිපියෙන් සප් එක දුන්නෙ කරු උන්නැහේට ) එව්වායින් පොඩ්ඩක් ඇත්වෙන්නත් එක්ක තමයි  දේශද්‍රෝහි නොවන මාතෘකාවක් තෝරගත්තේ

රාජ්‍ය නායකයෙක් කියන්නෙ ඉතින් සුලු පටු පොරක් නෙවෙයි  . අනිවාර්යයෙන්ම පාලනය කරන රටේ හැම එකාගෙම  අනාගතය තීරණය කොරන්න ඉහලින්ම ඉන්න කෙනා . ඒ විතරක් නෙවෙයි සමහරක් වෙලාවට මේ අය ලොකේ අනික් රටවල සමස්ථ ලෝකයේම ඉරණම තීන්දු කොරන්නත් හේතු  වෙනවා . ඒ කියන්නේ ඉතාම භාරදූර කර්තව්‍යයක් කරන කෙනෙක් . මේ වගේ පොරකට  බුද්ධිමත් කම , පල පුරුද්ද , තීරණ ගැනිමේ හැකියාව  ඇතුලු නායකත්ව ලක්ෂන වගේම හොඳ ශාරිරික  හා මානසික සෞඛ්‍යකුත් තියන එක  අත්‍යාවශ්‍යයි . එතනදි තමයි රාජ්‍ය නායකයාගෙ වයස ගැන කථාව මතුවෙන්නේ , මොකද මනුස්සයෙකුගෙ වයසත් එක්ක  ශරීර සෞඛ්‍යය පිරිහිමකට ලක් වෙනව වගේම බුද්ධිය මෙහෙය වලා කරන කාර්යනුත් අඩපන වෙන නිසා . මේතන  තියන වෛද්‍ය විද්‍යාත්මක පසුබිම අපේ මිගාර දොස්තර මහත්තය හරි වෙද මහත්තය හරි වෙන්ට දොස්තර සබිත් සහෝදරය හරි හොඳින්ම දන්නවා ඇති .


අනන් මනන් විවෘත කිරීම් , සම්මන්ත්‍රණ සාකච්ඡා , පොර ටෝක් වගේ නා නා ප්‍රකාර දේවල් මැද්දේ රාජ්‍ය නායකයෙකුට තියන ලොකුම වැදගත් කාර්ය භාරය තමයි තීරණ ගැනීම . ඇත්තට අර මුලින් කිව්වා වගේ රටක ජනතාවක , ලෝකයේ ඉරණම තීන්දු කරන රාජ්‍ය නායකයෙකු සතු බලය තමයි ඔය තීරණ ගැනීම . තීරණ ගැනීමේ කාර්යයෙදි ඉන්පුට් වෙන්නේ දැනුම , අත්දැකීම් , විචාර බුද්ධිය වගේ දේවල් ඒ දේවල් ප්‍රොසෙස් කරල නිවැරදි අවුට් පුට් එක හෙවත් නිවැරදි තීරණයක් ගන්න ඔනි වෙන මානසික හැකියාව හෙවත් මීටරය තමයි වැදගත්ම දේ . දැනුම කියන එක නම් වයස අනුව වෙනස් වෙන්නෙ නැ , ඒත් අත්දැකීම් නම්  නම් සම්පූර්නයෙන්ම රඳා පවතින්නෙ වයසත් එක්ක . වයසට යන කොට පොඩි පොඩි ඇදකුද තිබුනත් කෙනෙක් උපතින් අරන් එන විචාර බුද්ධියත් වයසට ගියා කියල නැත්තටම නැති වෙන්නෙ නැ , ප්‍රශ්නෙ තියෙන්නෙ වැදගත්ම පාට් එක හෙවත් මීටරයට වයසත් එක්ක මොකෝ වෙන්නෙ කියන එක . ඉන්පුට් මොනව වුනත් ප්‍රොසෙසරය අවුල් නම් ඉතින් අවුට් පුට් එක ගැන කවර කථාද ඒ නිසා  වයසට යත්දී  සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ දකින තියන මීටරය අප්සැට් ගැහිල්ල රාජ්‍ය නායකයින්ට කරන බලපැම කියන්නෙ ටිකක් විතර වැදගත් මාතෘකාවක් කියල මට හිතෙනවා . මීටරේට අමතරව ක්‍රියාශිලිතාවය , පෞර්ශය  වගේ ඒවත් වයසට යන කොට ටිකක් දියවෙන පැත්තට තමයි යන්නේ .

වයසට යත්දි සිදුවෙන මේ විපර්යාස නිසා තමයි රාජ්‍ය /පෞද්ගලික බොහෝ සේවකයින්ට විශ්‍රාම වයසක් කියල එකක්  නියම වෙලා තියෙන්නෙ , නමුත් රාජ්‍ය නායකයින්ට හෝ දේශපාලකයින්ට විශ්‍රාම වයසක් කියල එකක් දකින්න නැ . රටක සමස්ථ ක්‍රියාවලින් තුල පුංචි කොටසකට දායක වෙන මනුස්සයෙක් වයස නිසා සේවයට සුදුසු නැති වෙත්දි , මුලු රටක් ගැන තිරණ ගන්න ඇයින්ට වයස නිසා ඒ බලපැම ඇති නොවී තියෙන්න පුලුවන්ද ?


ඇත්තට වයසෙන් රාජ්‍ය පාලනයට බලපැමක් තියනවාද කියල බලාගන්නත් එක්ක අපි ලෝකය දිහාවට හැරෙමු . මුලින්ම බලමු ලෝකෙට ලොක්කා ඇමරිකාව ගැන (අපි වගේ බටහිර ගැතියෝ මුලින්ම හැරෙන්නෙ ඇමරිකාව පැත්තට නේ කොහොමටත් )

කොල්ල ඒ කාලේ හැන්ඩිය නේ ?
මතක ඇතිනේ කව්ද කියල , ලෝක දේශපාලනයේ දකින්න හිටපු "ඔලුවෙන් වැඩගැනීමේ " කෙල පැමිනියෙක් වෙච්ච ක්ලින්ටන් මහත්තය (එයා වෙන වෙන ඒවයින් වැඩ ගන්න ඒවත්  ලෝක ප්‍රසිද්ද වුනා නේ ) . උන්නැහේ රාජ්‍ය නායකත්වයට පත්වෙන්නේ වයස 46දී , උන්නැහෙගෙ කාලයේ ඇමරිකාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ . පොරගෙන් පස්සෙ ලෝකෙට ලොක්කා පෝස්ට් එකට පත් වෙන ජෝජ් බුෂ් ගේ වයස ඒ වෙන කොට 55ක්   , එයාගෙ කෙරුවාව තරම  ඔබාම කාරය දැන් වැටිලා තියන අමාරුවෙන්ම පේනවනේ . එතකොට  ඔබාම ලොක්කගෙ ජනාධිපති වෙනකොට වයස 47ක් , මේ තුන්දෙනා ඇතුලු ඇමරිකාවේ අපි දන්න නොදන්න බොහොමයක් ජනාධිපතිලා රාජ්‍ය පාලනයට ඇවිත් තියෙන්නෙ වයස 60ට අඩුවෙන්(33/44)  .   ගොඩ දෙනෙක් ප්ලිගන්න අක්මැති වුනත් බොහොම කෙටි  කාලයක් ඇතුලතදි ඉතාමත් විශාල රාජ්‍යයක් ලෝකේ දියුණුම රාජ්‍යයක් බවට , ආර්ථික, තාක්ෂනික  හා යුධමය වශයෙන් ලෝක බලවතා බවට පත් කරන්න හේතු වුනේ  මේ ජනාධිපතිලා  සෙට් එක තමයි (අඩු වැඩි වශයෙන් )

චිත්‍රපටියකට වුනත් නරක නැ 
ඊලඟ හැරෙමු ලෝකේ ඊලඟ වැඩ්ඩට හෙවත් රුසියාවට . වැඩිය නැ ජනාධිප්තිලා තුන් දෙනයි ඉන්නේ . මුල්ම කෙනා ගැන නම් එච්චරම අයිඩියාවක් මට නැ . ඊලඟ දෙන්නා ඒ කියන්නේ ඇමරිකාවට ඉඳල හිටල හරි කෝචොක් පාරක් දාන පුටින් මහත්තය(ඔය ඉන්නෙ අස්පය පිටේ නිකන් රංජන් රාමනායක වගේ )  හා දිමිත්‍රි .....(මොකාද මන්ද මම ඉතුරු කැල්ල ලියන්න දන්නෙ නැ ) දෙන්න ගැන තමයි ටිකක් හරි දන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් කෙසේ වෙතත් ලෝක දේශපාලනයේදී මේ දෙන්නගේ(විශේෂයෙන්ම පුටින් ලොක්කගේ ) භුමිකාව වැදගත් කාර්යක් ඉටු කරනවාය කියල  හැමෝම දන්නවනේ . පොර ජනාධිපති කමට පත් වෙන්නෙ වයස 47දී , පොරගෙ ගෝලය වෙච්ච දිමිත්‍රි වයස 40දී




මෙයා 'ගේ' රයිට්ස් ප්‍රමෝට් කරන්නේ  .....?
ඊලඟට හැරෙමු බ්‍රිතාන්‍ය දිහාවට . බ්‍රිතාන්‍යය පාලනය කරපු අගමැති වරුන්ගෙන් බහුතරයත් වයස 60ට අඩු අය 14 දෙනයි ඊට වැඩි අය ඉන්නේ .  වර්ථමාන අගමැති කැමරන් මහත්තයත් 40 ගණනෙ පොරක් තමයි . ප්‍රංශයෙ නම්  තරුණ වයස් දෙගොල්ලන්ම රාජ්‍ය පාලනය කරල තියන බව තමයි දකින්න තියෙන්නෙ . හැබැයි සර්කෝස් මහත්තය නම් ජනාධිපති පුටුවට එන්නෙ 52දි . වර්ථමාන ඔස්ට්‍රේලියානු අගමැති තු නෝනාත් වයස 50 ගණනක කෙනෙක් .ජපාන අගමැති තුමා වයස 54ක කෙනෙක් . ඔය විදිහට ලෝකයේ බලවත්  රටවල් බලාගෙන යත්දි වැඩිපුරම දකින්න ඉන්නෙ වයස 40-60 පොරවල්ය කියල මට හිතෙන්නෙ .නොවේ , ස්වීඩන් , ස්විස්ටර්ලන්තය වගේ ලෝකයේ දියුණුවේ(සැම අතින්ම ) හිනි පෙත්තෙ ඉන්න රටවලත් තත්වයත් මේ වගේ කියලයි පේන්න තියෙන්නෙ

සූර පප්පා - අන්නා හසාරේ
 ඊලඟ හැරෙමු ලෝකයේ නැගී එන ආර්ථික බලවතුන් හෙවත් පවර් හවුසස් දිහාවට . චීනයේ  ජනාධිපති මහ ජනතාව තෝරන කෙනෙක් නෙවෙයි නේ ඉතින් රාජ්‍ය නායකය විදිහට පොල් පිත්තක් වුනත් එන්න පුලුවන් . අපේ අසල් වාසියා නම් නිකන් "පප්පා ලන්තය " වගේ  . මන් මෝහන් ලොක්කාට වයස 79ක් (මූගෙ නම් වයස ගියා කියල මීටරය අවුල් නැ ) , මැතක් වෙනකන් හිටපු විපක්ෂ නායක අද්වානිට වයස 80 ගණන්ක් , කලින් අගමැති අතර් බිහාර් බජ්පායි අගමැති වෙන්නෙ වයස 74දී ,ඒ තියා ඉන්දියාවේ ආණ්ඩුවේ දූෂන නවතන්න කියල උපවාස කරන අන්නා හසාරේ කාරයට 74ක් , (74 කියන්නෙ උපවාස කරන වයසක්ද , අපේ වගේ කොන්ඩේ ජෙල් ගාන වයසෙ පොරවල්නෙ උපවාස කරන්න හොඳ ) .

ඒ අනුව බැලුවාම සුර පප්පලගෙ පප්ප ගම වගේ තමා . ඊලඟ කෙනා හෙවත් බ්‍රසිලය ගත්තාම බොහොමයක් ජනාධිපතිල වයස 60 ගණන් වල බලයට පත් වුනු අය බව තමයි දකින්න තියෙන්නෙ .


ඊලඟට අපි බලමුකො අපේ කට්ටිය ගැන, සැටලයිට් නෝනා ඇරුණාම අපේ රටේ හිටපු අනික් විධායක ජනාධිපතිල සියලු දෙනාම 60 පැනපු අය(අපේ වර්ථමාන ජනාධිපති තුමාත් ඇතුලුව) . ඒ වගේම වර්ථමාන විපක්ෂ නායක තුමාත් එහෙමයි , වෙන්ට විපක්ෂනායක(හෝ රනිල්ට පෑරදිලා දොට්ට විසිවෙන ) කරු ජයසුරිය මහත්තය 70වත් ඉක්මවල ඉන්නේ . එතකොට  ගියවර ජනපති අපේක්ෂක අනුශුරයා වුනු ෆොන්සේකා මහත්තයට ත් දැන් 61ක්(අදට , ඕං හැපි බරත් ඩේ කිව්වා එහෙම නම් ) . ඒ වගේම අපේ අග්‍රමාත්‍ය තුමාට 80ක් .තව ඉන්න කැබිනට් ,කනප්පු ඇමතිල සහ එජාපයේ ජේෂ්ටයන් කියන අයත් මේ වයස්ගත කාණ්ඩයෙ පොරවල් තමයි (එජාපයේ උන් සැහෙන්න පැන්න නිසා තමයි ටිකක් හරි තරුණ සෙට් එකක් ඉන්නෙ ) , එතකොට ජවිපෙ..... තේරුමක් නැනේ රාජ්‍ය නායක කම තියා පලාත් සභාවක් වත් මේ සහස්‍රකයෙදිවත් දිනන්නෙ නැනේ . ඔන්න ඔය වගේ "පප්පා ලන්තය" තරම් නැතත් ලංකාවේත් පාලනය තියෙන්නෙ වයස්ගත පුද්ගලයින් අතේ


දියුණු රටවල රාජ්‍ය නායකයින්  බහුතරයක් තරුණ නිසා තමයි ඒ රටවල් දියුණු වුනේ කියල හෝ තරුන වූ පමණින් සියලුම නායකයින් සාර්ථකයි හෝ කියල කියනව නම් ඒක සම්පූර්නයෙන්ම වැරදියි . විශේෂයෙන්ම රටක් දියුණුවෙන්න බලපාන කාරණා අතර රාජ්‍ය නායකයාගේ වයස කියන කාරණය තියෙන්නෙ (එහෙම බලපැමක් තියේ නම් ) බොහොම පහලින් . නමුත් මගේ පෞද්ගලික අදහස නම් සාපේක්ෂව තරුණ නායකත්වයක් තියනවා නම් රටක් දියුණුවීම වඩාත් සාර්ථකයි කියලයි . එතනදි මම අර කලින් කියපු වයස් ගත වෙන කොට මීටරය අප්සෙට් වීම කියන කාරනය ඇරුණාම තවත් කාරණා දෙකකුත් දකින්න තියෙයි . පලවෙනි එක තරුණ නායකයින් වෙනස් වීම් වලට දක්වන අනුකූලතාවය වැඩි එක . විද්‍යාවේ හා තාක්ෂනයේ දියුණුවත් එක්ක ලෝකය සැහෙන ඉක්මනින් වෙනස් වෙමින් පවතින්නෙ . රැකියා වලට පවා "ඩයිනමික් පොරවල්" හොයන්නෙ ඒ නිසා . තීරණ ගැනීමේදී නායකයෙක් සතුව ස්ථායි බවක් තියෙන්න ඕනි වුනත් අලුත් වෙන සමාජීය වටපිටාවන්ට , තාක්ෂනික පසුබිම් වලට , නව ලෝක ප්‍රවනතාවයන්ට අනුගත වීමේදි රාජ්‍ය නායකයෙක් සතුව වෙගයෙන් වෙනස් වීම් වලට හැඩගැසීමෙ හැකියාව තියෙන්නෙ ඕනි . එහෙම  නායකයින් අලුත් තාක්ෂනියන් එක්ක 70 දශකයේ මෙතඩ් වලින් හැප්පෙන ජාතියේ ගොං වැඩ කරන්නෙ හෝ හැමදාමත් සංස්කෘතිය සභ්‍යත්වය හැඳිගගා හණමිටි අදහස් වල ඉන්නෙ හෝ නැහැ /

ඊලඟ කාරණය තමයි රාජ්‍ය නායකත්වය වඩාත් තරුණ කෙනෙක් කෙනෙකුට ලැබීමත් එක්ක සමස්ථ පාලන පද්ධතියේම නැවුම් භාවයක් ඇතිවීම . මේක ටිකක් සංකීර්ණ කාරණයක් .මොකද රාජ්‍ය නායකය තරුණයෙක් වූ පමණින් සියලුම ඇමතිලා සහ නිලධාරින් තරුන අය වෙන්නෙ නැහැ . ඒ වුනත් නායකයා ගේන් පහලට එන තීන්දු තීරණ  ආදියත් එක්ක වයසින් වියපත් වුනත් පහල ඉන්න අය අතින් රටට ලැබෙන දේ තුල දකින්න ලැබෙන්නෙ  නැවුම් බවක් . නමුත් වයස්ගත නායකත්වයක් හා වයස්ගත ම  වටපිටාවක හෝ වයස්ගත නායකත්වයක් යටතෙ ඉන්න තරුණ්යින් හරහා හෝ ඒ නැවුම් දේවල් රටට ලැබෙන්නෙ නැ . තාරුණ්‍යයේ හඬත් අර වියපත් නායකත්වයේ  තීන්දුත් එක්ක යටපත් වෙන එකයි වෙන්නෙ . මේ කාරණා අනුව මම නම් හිතන්නේ රාජ්‍ය නායකත්වයට වඩාත්ම සුදුසු 40-60 අතර පුද්ගලයින් කියලයි . රාජ්‍ය නායකත්වය 60 අඩුවෙන් ලබා ගත්තාට පසුව වුනත් වයස 65-70 වෙන කොට සමුගැනීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නෙ .  මේ වයස්   සීමාවේ ඉන්න කෙනෙකුට ප්‍රමාණාවත් අත්දැකීම් හා දැනුම් සම්භාරයක් එකතු කරගන්න  කාලය ප්‍රමානවත් , ඒ වගේම ඒ දේවල් හරහා නිවැරදි තීන්දු තීරණ වලට එන්නත් මානසික ශක්තියත් , ක්‍රියාශිලි භාවයත්, වෙනස් වීම වලට හැඩ ගැසීමෙ හැකියාවත් (50ට අඩු අයට වගේ )  තියනවාය කියල කියන්න පුලුවන් .

මේ  වයස් සීමාව ඇහුවාම ලංකාවේ හිටපු ඇතැම් නායකයො සහ නායකයො වෙන්ට ට්‍රයි කරන පොරවල් ගැන ඔබටත් මතක් වෙයි . දෙමව්පියන්ගෙ පොරත්වය විකුනල අඩු වයසෙන් නායකත්වයට පත්වීම නම් කිසිම තේරුමක් නැ . ඊට වඩා අත්දැකීම් බහුල වයස්ගත අය හොඳයි . මේ වයස් සීමාව තුල නායකත්වයට සුදුසු අය වෙන්නෙ , ඒ කාලය තුලදි  අංග සම්පූර්‍න  අත්දැකීම් සමුදායක් , දැනුම් සම්භාරයක් (උපාධි කොල විතරක් නෙවෙයි ) එක්ක කැපී පෙනෙන දේශපාලන ගමනක් එන්න සමත් වෙච්ච කෙනෙක් . ලංකාවේ හිටපු සහ වෙන්න දඟලන අයගෙ නැත්තේ ඒ ගුණාංග

මගේ මේ වයස් වීම කතන්දරයට පිටින් යන පොරවල් අනන්තවත් ඉන්නව(කලින් ඡේදයේ කිව්වේ එක කට්ටියක් ගැන ) , ඒ වගේම ජෝජ් බුෂ් උන්නාන්සෙත් එක් උදාහරණයක් ,මෝඩයාට වයස් බේදයක් නැ කියන එකට . ඒ වගේම වයස 70 ගණන්වලදි ජනාධිපති වුනත් මීටරය ඉතාම හොඳින් වැඩ කරපු , ක්‍රියාශිලි , වගේම තමන්ට වඩා වයසින් අඩු සියලුම රාජ්ය නායකයින්ට වඩා වෙනස් වීම් වලට හැඩ ගැහෙන්න, නව ජාත්‍යන්තර ප්‍රවනතා හඳුනාගන්න හැකියාවක් තිබුනු අපේ ජේ.ආර් පප්පා ත් එක් උදාහරණයක් ,ජේ.ආර් ට පලු යන්න බැනල  ලියන්න පුලුවන් බ්ලොග් කෙරුවාවත් ලංකාවේ බහුතරයකට මැජික් එකක් මේ වෙනකොටත් සිරිමා- ප්‍රේමදාස අතර මැද ජේ.ආර් කියන චරිතය නොතිබුනා නම් .


[නිකමට හිතල බ්ලන්න  ජේ.ආර් නැතුව අනික් කට්ටියව පෙල ගස්වලා ඒ අයගේ මතවාදයන් එක්ක ලංකාව අද මොන වගේ තැනක් ඉඳීද කියල (මෙතන්දි , ජේ.ආර්ව ෆලෝ කරපු ප්‍රේමේ නෙවෙයි , සිරිමාගෙන් පස්සෙ කෙලින්ම බලයට එන ප්‍රේමදාස කෙන්ක් ගැන මවා ගන්න ) .]

 කොහොම වුනත් උප්පත්තියෙන්ම  එන ගොන් කම් සහිත පොරවල් වගෙම , ජේ,ආර් ල වගේ වැඩ්ඩොත්  මුණ ගැහෙන්නෙ කලාතුරකින් . ඒ නිසා සාමාන්ය තත්වයන් යටතේ , වයස් සිමාව කියන එකේ වැදගත් කම මම විශ්වාස කරනව . ඔබගේ අදහස  ඊට වෙනස් වෙන්න පුලුවන් . සමහර විට ඔබ රාජ්‍ය නායකයින්ගෙ සාර්ථකත්වයට වයසේ බල්පැමක්  නැ කියල විශ්වාස කරනවාත් ඇති , ඔබෙ ඒ  අදහසත් පහලින් එකතු කරන්න  , මේ කතාව සම්පූර්න වෙන්න

NOTE :- මෙහි රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් යොදා ඇති යෙදුම් තුලින් බලාපොරොත්තු වුයේ උපහාසයක් එක් කිරීම පමණි , එය අපහාසයක් ලෙස හැඟේ නම් සමාවන්න !!

රනිල් vs කරු


එජාපයෙ නායකත්ව අර්බුධය නැවත වතාවක් කරලියට පැමිණ තිබේ . ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්ය භාරය ඉටු කල යුතුවූ එජාපය එම වගකීම් සහමුලින් අමතක කරදමා තමන්ගේ අභ්‍යන්තර අවුල් ජාලය විසඳීමට උත්සහ කරමින් හෙවත් තව තවත් එය අවුල් කරමින් සිටින්නේ වසර ගණනාවක සිටයි . සැබවින්ම මෙම නායකත්ව අර්බුධයේ මුල් ගාමිනි අතුකෝරාල මහතා ජීවත්ව සිටි යුගය දක්වා දිවෙයි . පසුගිය කාලයේ සජිත්-රනිල් වලියක් වූ නායකත්ව අර්බුධය මෙවර නව මුහුණු වරක් ගෙන තිබේ . ඒ කරු ජයසුරිය මහතා නායකත්ව සටනට සක්‍රියව අවතීර්ණ වීමත් සමඟයි . ඒ අනුව එජාපයේ නායකත්වය වෙනුවෙන් අපේක්ෂකයෙන් දෙදෙනෙකු ඉදිරිපත්වී අතර මැතකදි සම්මත කරගත් පක්ෂ ව්‍යවස්තාව අනුව පක්ෂ නායකත්වය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමේ අභියෝගය ට අද එජාපය මුහුණ දී තිබේ . මේ පිලිබඳ කතිකාවේ ආරම්භය ලෙස නායකත්ව අපේක්ෂකයින් දෙදෙනාගේ දේශපාලන ප්‍රොෆයිලයන් වෙත අවධානය යොමු කරමු .

 ප්‍රභල දේශපාලන පවුල් පසුබිමක් සහිත රනිල් වික්‍රමසිංහ මහතා කොලඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු කොලඹ විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යනාංශයට ඇතුල්වේ . ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලත් එකම නායක තලයේ දේශපාලඥයා වන ඔහු නීති විද්‍යාලය හරහා වෘත්තිමය නිතිවේදියෙකු බවට පත්වේ . මාමණ්ඩියගේ ආශිර්වාදයෙන් දේශපාලනයට පිවිස ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන වික්‍රමසිංහ මහතා විසින් බිහි කල තරුණ සේවා සභාව ඔහුගේ අමාත්‍ය ධුර කාලයේ  ඉටුකල  කාර්යයන් අතරින් වඩාත් ප්‍රචලිතය . දෙවරක් රටේ අග්‍රාමාත්‍ය ධූරය හොබවා ඇති ඔහුට දූෂණ චෝදනාවක් එල්ලවී නොතිබීම විශේෂත්වයකි . පාතාල නායකයින් හා බටලන්ද වධකාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවත් ඒවා ඔප්පු වී නොමැත .  වාර්ගික ගැටලුව හා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඔහුගේ අගමැති ධූර කාලය තුලත් සිවු වන ඊලාම් යුධ සමයෙත් කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රභල විරෝධතා එල්ලවී තිබේ

 කෙටි යුධ හමුදා   ජිවිතයක් ඇති කරු ජයසුරිය මහතා වෘත්තිය ව්‍යාපාරිකයෙකි. ප්‍රේමදාස ජනපතිවරයාගෙ සමයේ ජර්මනියේ ශ්‍රි ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරන ඔහු ක්‍රියාකාරි දේශපාලනයට පිවිසෙන්නේ කොලඹ නගර සභාව තුලිනි . ඉන්පසු පලාත් සභාවේ විපක්ෂ නායක  ධූරය හා කැබිනට් අමාත්‍ය ධූර හොබවා ඇති ජයසුරිය මහතා ට එරෙහිව  දූෂණා චෝදනා හෝ මැර දේශපාලනය පිලිබඳ චෝදනා එල්ලවී නොමැත . ඔහු විසින් තවත් එජාප ප්‍රභලයින් 17ක් සමඟ සිදු කල පක්ෂ මාරුව ඔහුගේ දේශපාලන ජීවිතයේ කලු පැල්ලම ලෙස සටහන් කල හැක

 ඉහත සඳහන් දේශපාලන ප්‍රොෆයිලයන් දේස බැලු විට ඉදිරියෙන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවට කිසිදු සැකයක් නැත . සැබවින්ම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සංසන්ධනය කිරීමට  හැකි එකම දේශපාලකයා මහින්ද රාජපක්ෂ මහතා පමණි . රනිල් වික්‍රමසිංහ මහතා මෙන් උපාධිධාරියෙකු නොවුනත් රාජපක්ෂ මහතාද වෘත්තිමය නිතිඥයෙකු වන අතර වික්‍රමසිංහ මහතාගේ පහසු සහ අහඹු අවස්ථාවන් සහිත දේශපාලන ජීවිතය වෙනුවට කටුක බාධක වලින් පිරිණු දේශපාලන ජීවිතයක් ගත කල රාජප්ක්ෂ මහතා ශ්‍රි ලාංකීය දේශපාලනයේ උපරිමයෙන් තෙම්පරාදු වූ චරිතයක් ලෙස සැලකිය හැක . ආර්ථික ප්‍රතිපත්ති හා සමාජීය ආකල්ප අතින්  වික්‍රමසිංහ මහතා රාජපක්ෂ මහතාට වඩා කාර්යක්ෂම බැව් ඔහුගේ අග්‍රමාත්‍ය ධූර කාලය තුල වසරක් තුලදී -1.5%ක්ව පැවති ආර්ථික වර්ධන වේගය 4.0% දක්වා ගෙන ඒමත් උද්දමනය 10%ට අඩු අගයක පවත්වාගැනීමත් තුලින් හෙලිවේ . විදෙස් සබඳතා තුලද රාජප්ක්ෂ මහතාට ඉදිරියෙන් වික්‍රමසිංහ මහතාගේ ශක්‍යතාවන් දක්නට ඇති අතර අනික් අතින් මහින්ද රාජපක්ෂ මහතා විවිධ දෙශපාලන පක්ෂ , තමාට හිතවත්  එකිනෙකට වෙනස් බහුජන සංවිධාන ආදිය මනා ලෙස කලමණාකරනය කරගැනීමටත් මහජන ප්‍රසාදය දිගින් දිගටම පවත්වාගැනීමටත් ඉහල දක්ෂතාවයක් දක්වා ඇත . එමෙන්ම වික්‍රමසිංහ මහතාගේ ඇතැම් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් පවා ජනතා අප්‍රසාදයක් ඇති නොවන පරිද්දෙන්  උපාය ශිලිව ක්‍රියාවට නැංවීමට හා රටේ යටිතල පහසුකම් වර්ධනයෙ කිරීමෙදිත් වික්‍රමසිංහ මහතා අභිබවා යන දක්ෂතාවයන් රාජපක්ෂ මහතා සතුව ඇත

මේ අයුරින් සලකන විට රටේ වර්ථමාන නායකත්වයට සැසඳිය හැකි  නායකත්වයක් එජාපය තුල දක්නට ඇත . නමුත් ගැටලුවක් ඇත . ඒ ඉහත සඳහන් කරන ලද සෛද්ධාන්තික කාරණා ඉක්මවා යන වෙනත් කාරණා රාශියක් නිසා රනිල් වික්‍රමසිංහ යනු මහින්ද රාජපක්ෂට කිසිදු අභියෝගයක් කල හැකි නායකයෙකු නොව් යන තත්වයක් මතුවී ඇත

 එම කාරණා මොනවාද ?

01) සන්නිවේදන දුර්වලතා - වික්‍රමසිංහ මහතාගේ දක්නට ඇති ප්‍රධානතම දුර්වලතාවය වන්නේ මෙයයි . තමන්ගේ ප්‍රතිපත්තීන් හෝ තමා විසින් අරගත් තීන්දු තීරණ පිලිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමේ හැකියාවක් නොමැති වීම තුලින් ඊට එරෙහිව නැගෙන  මතවාදයන් සමාජ ගත වීම වැලැක්විය නොහැක . අග්‍රාමාත්‍ය ධූර කාලයෙදී තමන් කල කී දැ පිලිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට , රාජපක්ෂ රජය විවේචනයේදී එය ජනතාවට දැනෙන අයුරින් එය සිදුකිරීමට අපොහොසත් වීම  බොහෝ සෙයින් දක්නට ලැබුනු අතර ඇතැම් විට ඔහු ජනතාව ඉදිරියෙ විහිලු කාරයෙකු වන ආකාරයක්ද දක්නට ලැබින. මංගල සමරවීර වැන්න වුන්ගේ "රනිල්ට බැ" පාඨය ජනතාව අතර සම්මතයක් බවට පත් වූයේද මේ සන්නිවේදන දුර්වලතාවය හේතුවෙනි

02) වාර්ගික අර්බුධය සම්බන්ධ හැසිරීම් - වාර්ගික අර්බුධය සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියකලාපය ප්‍රධානතම ඍණ සාධකය බවට පත් වී ඇත . ඔහු රජය භාරගත් අවස්ථාවේ රටේ පැවැති තත්වය තුල යුධමය වාතාවරණයකට යැමේ හැකියාවක් නොතිබුනු නිසා සටන් විරාමයකට යාමේ ගැටලුවක් නැති වුවත් , සටන් විරාමය පවත්වාගෙන යාමෙදී රාජ්‍ය නායකයෙකු වශයෙන්  අවස්ථානු කූල ඍජු තීරණයන්ට එලඹීම ඔහු අතින් සිදුවූයේ නැත . සටන් විරාමය තුල කොටි සංවිධානයට එරෙහිව උපක්‍රම ශිලි ක්‍රියාමාර්ග අරගනු ලැබුවත් පසු කාලීනව සටන් විරාමය පිලිබඳ චෝදනා එල්ලවත්දී ඒවා හෝ තමන් සටන් විරාමයකට ගිය හේතු සාධක නිවැරදිව ජනතාව අතරට ගෙනයාමට හැකි වුයේ නැත . යුධ විරෝධියෙක් වීම දේශපාලන පක්ෂ නායකයෙකුගේ අයිතිය වුවත් රටේ ප්‍රධාන විපක්ෂයේ නායක වරයා ලෙසින් ඒ පිලිබඳ උපාය ශිලි විය යුතුව  තිබුනින් . එමෙන්ම යුධ විරෝධතාවන් අපහාසාත්ම අයුරින් (අලි මංකඩ -පාමංකඩ වැනි )රට හමුවේ ඉදිරිපත් වීම වැලැක්වීමටද ඔහු සතුව වගකීමක් තිබුනි .

03) පාක්ෂිකයින් සමඟ ඝට්ටනයන් - රනිල් වික්‍රමසිංහ මහතාගේ අසාර්ථකත්වයට බලපැ තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් ඇතුලු පාක්ෂිකයින් සමඟ ඇතිකර ගත් ගැටලු කාරි තත්වයයි . පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් 61ක් ඇතුලු එජාප පාක්ෂිකයින් රාශියක් සන්ධානයට එකතුවන්නේ මූලිකම වශයෙන්ම මේ  නිසායි . හිතවතුන්ට සලකමින් අනෙක් අය නොසලකා හැරීම , පුදගලයින්ගේ සිත් නොසතුටු වන ආකරයේ පත් කිරීම් හා ඉවත් කිරීම් , ඇහුම් කන් නොදීම් , සුලු ජාතික පක්ෂ සහ 'ම 'පාර්ශවය වැනි අය වෙනුවෙන්  එජාප පාක්ෂිකයින් අපහසුතාවයට ලක් කිරීම  ආදී නොයෙකුත් කාරණා නිසා එජාප පාක්ෂිකයා තුල රනිල් වික්‍රමසිංහ මහතා පිලිබඳ යහපත් චිත්‍රයක් නොමැත . පක්ෂ මාරු කිරීම් වලට අමතරව මැතිවරන වලදි කර ඇරීම , රනිල් ට බැ  මතය ජනතාව අතර සම්මතයක් වීම වැනි කාරණා  සඳහාද පාක්ෂිකයින් සමඟ ඇති කරගත් ගැටුම් බලපා ඇත


04) ලාංකීය ජන සමාජය බලාපොරොත්තුවන ලක්ෂණ වලින් තොරවීම - ලාංකීය ජන සමාජය නායකයෙකුට කිසිදු ප්‍රයෝජනයකින් තොර පිරිමිකම ,මහජනතාව සමඟ සුහදත්වය , දරුවන් සිටීද නොසීටීද වැනි ලක්ෂන මෙන්ම "සිංහල බෞද්ධ" කම පෙනෙන්නට තිබීම වැනිලක්ෂන  බලාපොරොත්තු වන ප්‍රවනතාවයක් දක්නට ඇත . සැබැ ලෙසම රටක් ගොඩ  නැඟිමට මේවායේ ඇති වැදගැම්මක් නැතත් , ඕවා නොමැතිව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රභල තරඟයක් දුන් 2005ට  සාපේක්ෂව වර්තමානයේ ඒවාට ඇති වටිනාකම සැහෙන ප්‍රමාණයකින් ඉහල ගොස් ඇත ,බලයට පත් වූ පසු ක්‍රියාකාලාපය තුලින් රටේ ජනතාවගේ  ග්‍රාම්‍ය චින්තනයන් වෙනස් කිරීමේ හැකියාවක් නායකයෙකුට තිබුනත් ,බලය ලබා ගැනීම සඳහා  ඡන්දය  ලබාගැනීමේදි අදාල චින්තන ධාරාවට යම් තාක් දුරකට හෝ අනුගත විය යුතුය . වික්‍රමසිංහ මහතා මෙතනදි අසාර්ථකය

05)ජාත්‍යන්තරය මත අනවශ්‍ය ලෙස යැපීම - කලින් විස්තර කල පරිද්දෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ ප්‍රත්පත්තිය සැහෙන තරම් රටට සුභ දායකය . ඉන්දියාව චීනය හා ඉරානයෙන්  එපිට ලෝකය තුලින් ශ්‍රි ලංකාවට වාසි ලබා ගැනීම වෙනුවෙන් ඔහුගේ සබඳතා අතිශයින් වැදගත්ය . නමුත් රාජ්‍ය නායකයෙකු වශයෙන් රටට වැඩදායක වන එම සබඳතා විපක්ෂ නායකවරයා වශයෙන් එලෙසින්ම වැදගත් වන්නේ නැත . විශේෂයෙන්ම ජාත්‍යන්තර බලවේග යනු රට ගිල ගැනීමට බලා සිටිනා බහිරවයෙකු ලෙසින් මවා ඇති සමාජයක  තමන්ගේ ජාත්‍යන්තර කටයුතු ප්‍රවේසම් සහගත ව කල යුතුය . එමෙන්ම රට තුල කථා කල යුතු  මතෘකා සියල්ලක්ම ජාත්‍යන්තර තුලට ගෙන යාමේ අවශ්‍ය තාවයක්ද නැත .  නමුත් වික්‍රමසිංහ මහතා ගෙ හැසිරීම මීට ප්‍රතිවිරුද්ධය . ජාත්‍යන්තර ෆෝබියාවෙන් පෙලෙනා සමාජය තුල ඔහුව තව දුරටත් ප්‍රතික්ෂේප වීමට එම හැසීරීම් බලපා ඇත



ඉහත දැක්වූ හේතුන් ඇතුලු සාධක ගණනාවක් නිසා වික්‍රමසිංහ මහතා සතු  මැතිවරණ ජයග්‍රහණය කිරීමේ හැකියාව  සෛද්ධාන්තික වශයෙන් සමාන ප්‍රතිවාදියෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාට වඩා බොහෝ සෙයින් අඩුවී ඇත . ඔහු එජාපයේ නායකයා වශයෙන් කටයුතු කරන නිසා එජාපයද මැතිවරණ තුලදී එම දුර්වලතාවයම දක්වා ඇත . කොලඹ ජයග්‍රහනය වැනි අවස්ථානුකුල සිදුවිම් හරහා යම් පිබිදීම් දක්නට ලැබුනත් ඒවා දිගු කාලීනව පවත්වාගැනීමට වික්‍රමසිංහ මහතාට  තමන්ගේ ක්‍රියා කලාපය නිසා හැකියාවක් නැති අතර වික්‍රමසිංහ මහතා සැහෙන පමණ වගකිව යුතු එජාපයේ අසමඟිය ද ඊට තදින් බලපා ඇත .

එජාපය තුල දක්නට ඇති මෙම කඩා වැටීමෙන් ගොඩ ඒම සඳහා විකල්ප නායකත්වයක අවශ්‍යතාව අවධාරන කෙරෙන්නෙ ඒ පසුබිම තුලය . එහිදී මින් පෙරදී නායකත්වය වෙනුවෙන් තරඟ කල සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙ දුර්වලතාවයන්ට විකල්පයක් වුවත් මහින්ද රාජපක්ෂ මහතාට විකල්පයක් වීමේ හැකියාවක් තිබේද යන්නත්, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රදර්ශනය කල දේශපාලනික නොමේරුම් ස්වභාවයත්  රනිල් වෙනුවට සජිත් ගෙන ආවාට වැඩක් වේද යන්න ප්‍රශ්නයත් මතු කරන ලදී . එය ජන සමාජය තුල පමණක් නොව එජාපය තුලද මැදිහත් පුද්ගලයින් තුල  නැගුනු ප්‍රශ්නයක් බැව් දක්නට ලැබිනි .කරු ජයසුරිය මහතා කරලියට එන්නේ ඒ අනුවය . මුල් වටයේදී එය සජිත් ප්‍රේමදාස මහතාගේ ගේමක් පමණක් බැව් දක්නට තිබුනත් මේ වන විට එජාප පාක්ෂිකයින් බහුතරයකගේ  සහ සිවිල් සමාජයේ බොහෝ දෙනෙකුගේ ආශිර්වාදය ලබන්නක් බවය පත් වෙමින් ඇත

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ප්‍රොෆයිලය සමඟින් නොගැලපුනත් කරු ජයසුරිය මහතාගේ දේශපාලන ගමන සැලකූ විට රනිල් වික්‍රමසිංහ මහතා සතු  විදේස් සබඳතා , ආර්තික ප්‍රතිපත්තීන් වැනි එජාපයේ ශක්තීන් වල නිසි ප්‍රයෝජනයන් ගැනීමේ හැකියාවක් ඔහු සතුව නැතැයි කිව නොහැක . තැන්පත් සහ නම්‍යශීලි දේශපාලකයෙකු වන ජයසුරිය මහතාට ආකර්ෂනීය වාග් විලාසයක් නැතත් ජනතාව ඉදිරියේ ජෝකර් කෙනෙකු නොවී මතය ප්‍රකාශ කිරීමේ හැකියාවක්  ඇත . මේ දක්වා එජාපයේ සියලු පාර්ශවයන් සමඟ  එකමතුව කටයුතු කල ඔහුට පක්ෂයේ සමඟිය යලි ඇති කිරීමටත් හැකියාවක් ඇති බව පැහැදිලිය.

වාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ද කරු ජයසුරිය මහතා තම ප්‍රතිරූපය කෙලෙසා ගෙන නොමැත . (ඇතැම්  දේශපාලන විචාරකයින් ජයසුරිය මහතා කල අභ්‍යන්තර පරීක්ෂන කථාව නම් විකෘති කරමින් පතුරු ගැසීමට ඉඩ ඇත ) .

රනිල් වික්‍රම සිංහ මහතා මෙන් ජාත්‍යන්තර  සංවිධානවල සමාජිකත්වය නොදැරුවත් , රජයක්  බිහිකල විට සාර්ථක විදේස් ප්‍රතිපත්තියක් ගෙන යාටම බාධාවක් නොමැත . එජාපයේ සුපුරුදු ධනවාදි නැඹුරුව සහ බටහිර විරෝධි අන්තවාදීන් නොමැතිවීම තුල  එය ගැටලුවක් වන්නේ නැත . වඩාත් වැදගත් වන්නෙ කරු ජයසුරිය මහතා විපක්ෂ දේශපාලනය තුල ජාත්‍යන්තරය මත යැපෙන්නෙක් නොවීමය . සිංහල බෞද්ධ ප්‍රතිරුපය ඇතුලු ජනතාව බලාපොරොත්තු වන අවශේෂ කාරණාද කරු ජයසුරිය මහතා සතුය . මහින්ද රාජපක්ෂ ජනපතිවරයා තරම් ජනතාව අතර නොගැවසුනත් එජාප පාක්ෂිකයින් සමඟ සුහදව වැඩ කිරීමේ හැකියාව ඔහු  සතුබව දක්නට ඇත . ඒ අනුව කරු ජයසුරිය යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපත් ලක්ෂණ යම් තාක් දුරට  රැකගත් ඔහුගේ දුර්වලතාවයන්ගෙන් තොර එජාපයට මේ මොහොතේ අවශ්‍ය කරන අන්දමේ නායකයෙකු බැව් පැවසිය හැක .

කරු ජයසුරිය මහතාගේ කලු පැල්ලම වන්නේ පක්ෂ මාරුවයි , ඒ පිලිබඳ ඔහුගේ පැහැදිලි කිරීම කුමක් වුවත් එය නොකල යුතුව තිබු කාරණයක් බව මාගේ අදහසයි . නමුත් වර්ථමාන එජාපය පත්වී ඇති තත්වය තුල එම මාරුව නොසලකා හැරිය හැකි වන්නේ , වෙනස්ක් සිදු නොවුනහොත් තවත් එජාප මන්ත්‍රි වරුන් රාශියක් කරු ජයසුරිය මහතා ගිය පාරේම යා හැකි බැවිනි .වරක් පක්ෂයෙන් එලියට ගියත් ගාමිනි දිසානායකයන්ට  ජනපති අපේක්ෂකත්වය ලැබුනා සේ  කටයුතු කිරීමේ  හැකියාව එජාපයට ඇත .   එජාපයේ සමස්ථයට  වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුල ඉදිරියේදී සදා නොමැකිය හැකි කලු පැල්ලමක් ඇතිවී පක්ෂය ලාංකීය දේශපාලනයේ  සදාතනික විපක්ෂය වීමේ අවධානමක් ඇත . රටටම බලපානා ඒම තත්වය වැලැක්වීමට කටයුතු යෙදීම කරුගෙ කලු පැල්ලමට වඩා වැදගත්ය


කරු ජයසුරිය ආගමනයත් සමඟ රජයේ මාධ්‍ය ඔහුට එරෙහිව මඩ ප්‍රහාර දියත් කරමින් ඇත . ඔවුනට අනුව සජිත් ප්‍රේමදාස මහතාට තරම්වත් සහයක් කරුට එපාපය තුල නොමැත .රනිල් වික්‍රමසිංහ වඩාත් සුදුස්සාය . දේශද්‍රෝහි කොටි ලේබල් අලවා කුජීත කර ඇති රනිල් වික්‍රමසිංහ කරුට වඩා හොඳ වීම පිලිබඳ හාස්‍යක් මතුවුනත් සැබැවින්ම එතන දක්නට ඇත්තේ , කරුගේ ආගමනය රජයට සුලුවෙන් හෝ දැනී තිබිමය . නායකත්වය ගත්තත් රජයක් පිහිටුවීම තබා ශක්තිමත් විපක්ෂයක් බිහි කිරීම දක්වාත් ජයසුරිය මහතා විසින් කල යුතු දැ බොහෝ තිබුනත් , තමාට මෙතෙක් කාලයක් නොතිබුනු අභියෝගයක් එජාපයෙන් එල්ලවේයැයි පෙර සලකුණු රජයට දැනී මෙන් පෙන්නුම් කෙරෙන්නේ  රනිල්ට වඩා යමක් කරුට එජාපය තුල කල හැකි බැව් රජයද විශ්වාස කරනා බවයි .


 කරු ගැන රජයේ කලබලවීම හා රාජ්‍ය මාධ්‍ය වල හැසිරීම විස්තර කරගත්තත් ලංකා ඊ නිවුසියේ හැසිරීම නම් සම්පූර්ණයෙන්ම විසිලු සහගතය . රාජපක්ෂ පාලනයට  මඩ ගැසීම තම එකම මාධ්‍ය භාවිතාව කරගත් ඊ නිවුසිය හා එහි කමෙන්ට් හමුදාව ( මේ පුවත් වෙබ් අඩවි වලට ආවෙණික කමෙන්ට් කරුවන් ගැන වෙනම සටහනක් ලිවිය හැක ) කරු ජයසුරිය මහතා පතුරු අරිමින් සිටින්නේ ඇයිද යන්න පාඨ්කයින්ටත් ප්‍රශ්නාර්ථයක් බැව් ඔවුන් වටහා ගත යුතුය . මහින්ද් රාජපක්ෂ මහතාට හා ආරක්ෂක ලේකම් වරයාට මඩ ගැසීමෙන් හෝ රනිල් වික්‍රමසිංහ මහතාට හා ෆොන්සේකා මහතාට කඩේ යාමෙන් පමණක්  ඔවුන්ගේ පරම උත්සහය වන ආණ්ඩුව පෙරලීම කෙරෙන්නෙ නැති තේරුම් ගත යුතුය . විශේෂයෙන්ම රටේ බහුතරයකගේ මේ මොහොතේ අපේක්ෂාව වන්නේ ශක්තිමත් විපක්ෂයක් බවත් , එජාප පාක්ෂිකයින්ගේ අපේක්ෂාව නැවතත් ගොඩ නැංවුනු පක්ෂයක් බවත් ආණ්ඩු පෙරලීම එන්නේ ඊලඟට බවත් තේරුම් ගත යුතුය

 රනිල් වික්‍රමසිංහ මහතාගේ දහං ගැට වලින් බේරී නායකත්වයට පත් වෙන්නට ලැබේවා යන්න කරු ජයසුරිය මහතා වෙනුවෙන් මාගේ පැතුමය .



පුහු ආටෝපයන් , පම්පෝරි සහ ගෝත්‍රික මතවාදයන් කරපින්නා  නොගත් මහත්මා දේශපාලකයෙකු වන කරු ජයසුරිය මහතා රටේ නායකත්වයටත් සුදුස්සෙක්  බව මාගේ විශ්වාසයයි (නායකයා වූ පසු වෙනස් වේ දැයි මා දන්නේ නැත , නමුත් පක්ෂය මාරු කල අවස්ථාවේ පවා ඔහුගේ දේශපාලනයේ වෙනසක් නොවු නිසා යම් විශ්වාසයක් තැබීමට කැමතිය ). ඔබගේ අදහස මීට ඉඳුරාම  වෙනස් විය හැක . ඒ ගැන කමෙන්ටුවකින් හෝ ඉහලින් ඇති ඡන්දයෙන් හෝ ප්‍රකාශ කරනා මෙන් ඉල්ලා සිටිමි !

සෙවාග් ගේ 219 සහ අපිට කොයින්ද බූල් බල්ලෝ !!


එක්දින තරඟයකදී 219 ක් බෝල 147ට , සෙවාග් මචෝ උඹ නම් රියල් වැඩ්ඩෙකි . මගේ උණු සුම් සුභපැතුම් . !

ගොඩක් දෙනෙක් කියන්නේ උඹලාගේ රටෙන් බිහිවු  වැඩ්ඩා සචින් ලොක්කා කියාය , දෙකක් නැත . පොරගේ තාක්ෂණය එලකිරිය . බලා හිටියත් ක්‍රිකට් ඉගෙන ගත හැකිය . ඒත් ටෙස්ට් , එක්දින , විස්සයි විස්ස කියා වෙනසක් නැතුව , බෝල දාන එකා මොකාද , 100ක් 50ක් ලඟයිද , අද මැච් එක පැරදුනොත් ගෙවල් ටිකට ගිනි තියයිද  වගේ අනන් මනන් ඔලුවට ගන්නේ නැතුව  දිගට හරහට නෙලනා උඹේ ගැහිල්ල නම් සචින් ලොක්කාට කොරන්නට බැරිය . ඒ නිසා කෙටිල්ලට වඩා ගැහිල්ලට කැමති මට නම් උඹ සචින්  ලොක්කාටත් වඩා පොරකි


 සනත් අය්යා තරුණ කාලයේ නම්  උඹේ ඔය රැකෝඩ් එක අපේ එකෙක් අතින් බිඳ දැම්මා කියා සතුටු වෙන්නට  චැන්ස් එකක් අපිටත් ලැබෙන්නට ඉඩ තිබුනි .අරවින්ද අය්යාටත් වෙලාසන ග්‍රවුන්ඩ් එකට එන්නට චැන්ස් එකක් ලැබුනා නම් 219ට 249 ගහනව ශුවර්ය .පොරත් උඹ වගේම මෙලෝ පීඩනයක් නැතුව ගහනා එකෙක් බව උඹත් දන්නවා ඇතිය . ඒත් දැන් සනත් අය්යා ක්‍රිකර් ගහන්නේ නැත , අරවින්ද අය්යා ඉන්න තැනක් වත් හොයාගන්නට නැත , ලංකාවේ අරවින්දලා , සනත්ලා ආයෙත් නම්  බිහි වන්නේ නැත . ඒ එහෙව් දක්ෂයෙකුට ඉදිරියට එන්නට තැනක් දෙන්නේ නැති නිසාය . ලොකු මහත්තැන් කිහිප  දෙනෙක් ක්‍රිකට් සින්නක්කර ලියාගෙනය . අරවින්දලා හදනවා තියා ඉන්න උන්ට පඩි ගෙවා ගන්නටත් බැරිය . උන් ටිකට දැන් මොකක් හෝ මල දානයක් නිසා  රැකෝඩ් කඩනවා තබා මැච් එකක් දිනා ගන්නටවත් බැරිය . අපේ සමහරෙක් කියන විදිහට අය්යලාගෙ රටේ ඉන්නේ හෙලුවෙන් නටනා පූජකයින් , මිනි පාවෙන වතුරෙන් ජීවත් වෙන පිසාචයින් හා පාරේ රෙන (ඒක නම් ලෝකෙම දන්න සීන් එකක් නේ ) පොරවල් විතරය .  හැබැයි අය්යලාගේ ක්‍රිකට් ටීම් එකට ගැලපෙන උන් සෙට් එකක් හදාගන්නට උන්ට හැකිවි ඇත . කොටින්ම සචින් ලොක්කාත් , අය්යාත් ටීම් එකෙන් ගිය දවසකටත් ටීම් එක වැටෙන්නේ නැති වෙන සෙට් එකක් දැනටමත් ඉන්නා බව මෙහෙ ඉන්නා අපටත් පෙනෙන්නට ඇත .හෙලුවෙන් නටන පූජකයින් නැති, ලැට් වල  විතරක් රෙන අපේ උන්ට තාමත් ඒ ටික කොරගන්නට බැරිය , වැඩි විස්තර මාතලන් අය්යාත් , කමෙන්ට් දැමූ අයත් කියා ඇත .දුකෙන් උනත් කියන්නට තියෙන්නෙ අපිට කොයින්දෝ බුල් බල්ලන් කියා පමණක්ය


ප.ලි - අය්යාගෙ රැකෝඩ් එකට සුභ පතා ලඟට දුවගෙනා බටහිර ඉන්දීය කොල්ලන්ගේ ක්‍රිඩා ශීලීතාවයට හිස නමා ආචාර කරමි , වෙන රටක එකෙකුගේ ජයක් වෙනුවෙන් සුභ පතන්ට හැකී තරමට අය්යලාගේ ටීම් එකේ අලි ඔලු  ටිකත් ක්‍රිකට් ගැහිල්ල තරමට හැදෙනවා නම් සතුටුය

ගාමනි ගැන මගේ අදහස

පහුගිය දවස් වල රටේ තොටේ බොහෝ තැන්වල වගේම සිංහල බ්ලොග් අවකාශයෙත් කථා බහට ලක්වුනු මාතෘකාවක් තමයි ගාමනි චිත්‍රපටිය .බ්ලොග් කරුවන් කිහිප දෙනෙක්ම මේ ගැන ලියල තිබුනා . ඒ ලිපි වලදි බොහෝ දෙනෙක් තමන්ගේ අදහසුත් දක්වලා තිබුනා . මේ ලිපියෙන් කථා කරන්නේ චිත්‍රපටිය ගැන මගේ අදහස . එතනදි චිත්‍රපටියේ විවිධ අංගයන්  පිලිබඳව වෙන වෙනම කථා කිරීම වඩාත් හොඳයි කියලයි මට හිතෙන්නෙ

කථා තේමාව 

ගාමනි ගැන කථා කරපු බොහෝ දෙනෙක්ගෙ  මූලික අවධානයට ලක්වෙච්ච කාරණයක් තමයි චිත්‍රපටියේ කථා තේමාව . චිත්‍රපටියේ ප්‍රචාරණයට භාවිතා කරපු ආකාරයෙන්ම කථාව පදනම් කරගන්නේ ලංකාවේ  යම්කිසි කාලයක සිදුවුනු සත්‍ය සිදුවීමක් ,කොටි ත්‍රස්තවාදීන්  විසින් සිදුකරපු අතිශයින් ම්ලේච්ඡ ඝාතනයක් පාදක කරගෙන ඊට එරෙහිව සටන් වදින ගම් වැසියන් පිරිසක් පිලිබඳව තමයි කථාව ගොඩ නැගෙන්නෙ , මේ එරෙහිව සටන් වැදීමේ කොටස කෙසේ වෙතත් මූලික කාරණය ඒ කියන්නේ කොටි සංවිධානයේ කෘරත්වය නෑවතත් සිහි ගන්වමින්  රිදි තිරයට නිර්මානයක් ගෙන ඒම පිලිබඳ සමහර පිරිස් සතුට පලකරත්දි තවත් පිරිසක් ඒ ගැන කථා කලේ මේ වගේ නිර්මාණයෙන් කරන්නේ  යුධ මානසිකත්වය සහ සහ ජාතිවාද්ය  ඇවිස්සීම නිසා පශ්චාත් යුධ සමයකට යෝග්‍ය වෙන්නෙ  නැ කියලයි . ඇත්තටම ගාමනි ජාතිවාදීද ?? ඔව් , කෙනෙකුට එහෙම විග්‍රහ කරන්න  හැකියාව තියනව , විශේෂයෙන්ම ලංකාවේ ත්‍රස්තාවදයට අමතරව  ජනවාර්ගික අර්බුධයක් තියනවාය කියල විශ්වාස කරන කෙනෙකුට . (අනික් අයට  ගැටලුවක් ඇති වෙන්නේ නැ ) .  සමස්ථ රට වශයෙන් සැලකුවාම මේ කථා තේමාව කාලීනව නොගැලපෙනවාය කියන්න පුලුවන් වුනත් ඒක සදාචාරාත්මක ප්‍රශ්නයක් විතරයි , ඒ කියන්නේ යුධයක් පවතින වෙලාවක හමුදාවේ සොල්දාදුවන්ගේ මානසිකත්වයට හානි කරන චිත්‍රපටියක් තිරගත කරන එක ගැලපෙන්නෙ නැ වගෙ තත්වයක් .  නමුත් ඒ මත ඉඳන් නිර්මාණ කරුවාගේ ප්ලොට් එක  අභියෝගයට  ලක්කිරීම  යෝග්‍ය වෙන්නේ නැ .මොකද ගාමනි තුල ජනතාව  ප්‍රකෝප ගැන්වීමක් වගේ ව්‍යසන කාරි දෙයක් සිදු නොවෙන නිසා . ගාමනි කියන්නේ ලංකාවේ සිදුවුනු සමස්ථ සිදුවීම පිලිබඳ සාධාරණ  හෝ ගැඹුරු හෝ විග්‍රහයක් නොවෙන , එක්තරා නිර්මාණ කරුවෙකුගේ දෘෂ්ටි කෝණය වශයෙන්  හඳුන්වා දෙන්න පුලුවන්





කලාත්මක ? වාණිජ ?

කලාත්මක සහ වාණිජ වශයෙන් සිනමාව බෙදා වෙන්කිරීම ගැන බොහොම විවාදයන් තියනව . මොකද වාණිජය කියන චිත්‍රපටි වලත් කලාත්මක සිනමා ලක්ෂන දකින්න තියන නිසා . සිනමා නිර්මාණ සියල්ලක්ම ඉරි ගහල දෙපැත්තකට දාන්න හැකියාවක් නැතත් සම්භාව්‍ය හා සරල වශයෙන් බෙදීමක් කිරීමේ හැකියාවක් තියෙයි , මේ සරල කැල්ලටම තමයි වාණිජ සිනමාව කියලත් හැඳින්වෙන්නෙ . සරල සහ සම්භාව්‍ය සිනමාව වෙන් කිරීමේදී නිර්ණායක කිහිපයක් හඳුනාගන්න පුලුවන් , එකම කථා තේමාව වුනත් සම්භාව්‍ය සිනමාව තුල සහ සරල සිනමාව තුල කථා බහට ලක්වෙන විදිහ සහමුලින්ම වෙනස් නිසා . උදාහරණයක් විදිහට තුන් කොන් ආදර සම්බන්ධයක් සැලකුවොත් සම්භාව්‍ය සිනමාවේදී අදාල පුද්ගල සම්බන්ධයන් ඇතිවේමේ  කායික මානසික සමාජීය හේතූන් , ඒ ඒ පුදගලයින්ගේ  අභ්‍යන්තර ගති ලක්ෂනයන් සහ සිතුම් පැතිම් ආදිය  පිලිබඳ විග්‍රහයක් සමඟින් කථාව ගොඩ නැගෙත්දි සරල සිනමාවෙදි   අදාල සබඳතාවයන් නිසා ඇති වෙන ප්‍රථිපල ආදියට වැඩි අවධානයක් යොමු කරල ආකර්ෂනීය කථාවක්  ගොඩ නැගීම වෙන්න පුලුවන් . ඔය අතරමැදි තැනක ඉඳන් කෙරෙන නිර්මානත් තියෙන්නෙ පුලුවන්. එකම  කථා තේමාව තුල  ගැඹුරක් සහිත නිර්මානයක් ගොඩ නැගීම සඳහා සම්භාව්‍ය සිනමාවේදී  භාවිතා වෙන සිනමාකරණ ලක්ෂනත් සුවිශේෂියි . රූපමය භාෂාවේ කැමරා කෝණ , රුපරාමු සංයුතිය , වර්ණ භාවිතාව , සංස්කරන්  රීති  වගේ  දේවල් සම්භාව්‍ය සිනමාවේදී යොදා ගන්නේ ඉතාම සැලකිල්ලෙන් , හැමරූප රාමුවක් තුලින්ම තමන්ගේ කතිකාව රූපමය වශයෙන් ගොඩ නැංවීමතමයි දකින්න තියෙන්නෙ . නාද හා සංගීතයත්  පුද්ගල අභිනයන් හා රූපමය සංකලනයන් තුලිනුත් තමන්ගේ කථාව මතු කිරීම තමයි සම්භාව්‍ය සිනමාවේ ලක්ෂනය . අනික් අතින් සරල සිනමාව තුල රුපමය භාෂාව භාවිතා වෙන්නෙ ප්‍රේක්ෂය්න් ආකර්ෂනය වෙන ආකාරයේ අලංකාරයක් මතු කිරීමට . ඒ තුලත් රූපමය පණිවුඩයන් භාවිතා වුනත් , කථාවේ හරය  ඉදිරිපත් කිරීමේදී  ඒ වෙනුවෙන් සකස් වුනු   පැතලි සිදුවීම්  දෙබස් කණ්ඩ ආදිය තමයි යොදා ගන්නේ . නිර්මාණ කරුවාගේ දක්ෂතාවය මත  ඉතාම ඉහල රූපමය භාෂා සන්නිවේදනයක් සරල සිනමාව තුල රදවා ගන්නත් හැකියාව තියෙයි . එතකොට අපේ ගාමනි ඉන්නේ කොතනද  ???


ගාමනි චිත්‍රපටිය තුල අර මම කිව්ව සම්භාව්‍ය සිනමාවේ රූපමය ලක්ෂන කිසිවක්ම අඩංගු වෙන්නෙ නැ . නාද  භාවිතාව තුලත් චරිත ගොඩ නැංවීම හා පුද්ගල අභිනයන් තුලත් ගාමනි සම්භාව්‍ය සිනමා ලක්ෂන කිසිවක් දරන්නෙ නැ . එතකොට ගාමනි වාණිජ එහෙමත් නැත්නම් සරල සිනමා නිර්මානයක්ද ?  අන්න එතනත් ගැටලුවක් තියනව , මොකද සරල සිනමාවේ රූපමය භාවිතාවන් වත් ගාමණි තුල දකින්න ලැබෙන්නෙ නැ .  චිත්‍රපටියේ එන කිසිම රූපා රාමුවක සංයුතිය සකස් කිරීමේදී සරල  සිනමා ලක්ෂනයන් , ශ්‍රි ලංකාවේ සිනමාවට හුරුපුරුදු ඉන්දියානු ශෛලිය  හෝ බටහිර සිනමාවේ  ශෛලිය  යොදාගෙන නැ . සාම්න්‍ය ටෙලි නාට්‍යක දකිනා රූප රාමු තමයි බොහෝ වෙලාවට දකින්න තියෙන්නෙ . සරල සිනමාවේ මෙවලම් විදිහට සැලකෙන ක්‍රියාදාම සහ හාස්‍යෝත්පාදක අංග සහ ගීත ඇතුලත් වෙලා තිබුනත් හාස්‍යය  හැරුණාම අනික් තැන් දෙකේදීම අසාර්ථකයි කියල කියන්න පුලුවන් . ගීතමය ජවනිකාවේන් තියන කම්මැලිකම වැඩි වෙනවා මිසක් ප්‍රේක්ෂකයාට හෝ නිර්මාණයට එකතු වෙන දෙයක් නැහැ  වගේම  වෙඩි හුවමාරු සහ සටන් ජවනිකා තුලත්  රූපයෙන් දිය හැකි ජවය හෝ ආකර්ෂනීයත්වය නැහැ . පන්සලේ ඇබිත්තයාගේ සටන් ජවනිකා වලදි නිවැරදි රූප රාමු සහ සංස්කරන ක්‍රමවේදයන් භාවිතා කලා නම් සැහෙන්න අපූර්වත්වයක් ම්වන්න හැකියාව තිබුනා  . ඒ වගෙම ප්‍රාණ ඇපකරුවෙක් සිටියදි හමුදා නිලධාරියා තුවක්කුව බිම තියල පිස්තෝලයෙන් වෙඩි තියන දර්ශනය (සැහෙන්න සිනමා නිර්මාන ප්‍රමාණයක කලින්  ඉදිරිපත් වෙලා තියන ) මීට වඩා සාර්ථකව කරන්න තිබුනා . ඇත්තට අදාල දර්ශනයේ  පිස්තෝලය ගන්න ගත කරන කාලය පවා වැඩියි . ඒ වගේම පැති කැමරා කෝණ යන්ගෙන් විතරක් නැතුව රූප රාමු කිහිපයක් හරහා ඒ සිදුවීමට ජවයක් දීමේ හැකියාව තියනව . එතනදි අදාල අවස්ථාවේ ත්‍රස්තවාදියාගේ , ප්‍රාණ ඇපකරුවාගේ සෙබලාගේ යන අයගේ  හැඟීම් හා අභිනයන්ට සැලකිය යුතු අවධානයක් දෙන්නෙ ඕනි .

දෙපිට කැපෙන විහිලු වුනත් ඒ තුලින් චිත්‍රපටියේ  රසයට යමක් එකතු වෙන බව කියන්න ඕනි . මට නම් චිත්‍රපටිය නරඹත්දි පුටුව උඩම නින්ද යැම වැලකුනේ අදාල විහිලු තහලු නිසා . ගොඩක්ම පොඩි උන්ට නම් ඒවා නොතේරෙන නිසා අවුලක් නැතත් , ඒවා තෙරෙන වයසෙ ලමයෙක් එක්ක බලන්න ගියපු දෙමව්පියන් නම් සමහර විට අපහසුතාවයට ලක් වෙන්න ඇති .මේ කාරණා අනුව  කියන්න තියෙන්නෙ ගාමනි තුල සම්භාව්‍ය හෝ සරල සිනමා ලක්ෂන වෙනුවට ලංකාවේ ටෙලි නාට්‍ය වල ලක්ෂ ඉස්මතු වෙනවාය කියන එක

කථාව දෙබස්  තිර රචනය සහ අධ්‍යක්ෂනය


චිත්‍රපටියේ තිරරචනය සහ අධ්‍යක්ෂනය එකම පුද්ගලයාගේ නිසා එකම කාරණාවක් විදිහට කථා කිරීමේ හැකියාව තියනව . ගාමනි ගැන යහපත් ප්‍රතිචාර දක්වපු අයගේ පවා අදහසක් වුනේ චිත්‍රපටියේ දෙබස් භාවිතාව ගැන , විශේෂයෙන්ම  ප්‍රධානතම චරිතයක් වුනු පාසල් ගුරුවරියගේ චරිතයේ දෙබස් ගැන ගැටලු තියනවාය කියලයි . සාමාන්‍යයෙන් දක්ෂ රංගන ශ්ල්පිනියක් වුනු දිල්හානි  ගෙන්  මේ වගේ අබලන් චරිතයක් මතුවෙන්න මූලිකම හේතුව වෙන්නෙ අදාල දෙබස් කණ්ඩ , ඒවායේ අන්තර්ගතය වගේම උච්චාරණයත් සම්පූර්නයෙන්ම අසාර්ථකයි . කථාව ගොඩ නැගීම තුල දකින්න තියන මූලිකව අඩුපාඩුවක් වෙන්නෙ එකම කාරණය නැවත නැවතත් අවධාරණය වෙන්න සැලැස්වීම . මේක තුලින් වෙන්නෙ ප්‍රේක්ශකයා වෙහෙසට පත් කිරීමක් විතරයි . රූපමය භාෂාව තුලින් ඉදිරිපත් කල හැකි බොහො දෙවල් සිදුවීම් වලට හා දෙබස් වලට භාර දීමෙන් තමයි මේ තත්වය ඇතිවෙලා තියෙන්නෙ .

 චරිත ගොඩ නැංවීම සහ චරිත වල අඛණ්ඩතාවය පවත්වා ගැනීම කියන්නෙ සිනමාවේදී ඉතාම වැදගත් කාරණයක් . සරල සිනමාවේදි දකින්න ලැබෙන ව්‍ය්වහාරයේදී "පැතලි චරිත" වශයෙන් හඳුන්වන චරිතයක් වුනත් ගොඩ නැංවීමෙදිත් අඛණ්ඩතාවය පවත්වා ගැනීමෙදිත් සැහෙන අභියෝගයක් නිර්මාණ කරුවාටත් අදාල චරිතය කරනු ලබන රංගන ශිල්පියාටත් භාර ගන්න සිද්ධවෙනව . මේ කාරණයේදී ගාමනි තුල සාර්ථකත්වය ඉහලින්ම දක්වන්නෙ හාමුදුරුවන්ගේ චරිතය . මුලු චිත්‍රපටිය පුරාවටම එක විදිහට දිවෙන ඒ අපුරු චරිතයේ සාර්ථකත්වය පිලිබඳ සැහෙන ගෞර්වයක් ඩබ්.ජයසිරි රංගන ශිල්පියාට හිමිවෙන්න ඕනි . මීට අමතරව  තිරිමාදුරගේ සහ ජගත් චමිලගෙ චරිතයත් සාර්ථක ගොඩ නැංවුනු සහ පවත්වාගෙන ගිය චරිත විදිහට හඳුවන්වන්න පුලුවන් . අධ්‍යක්ෂනය පිලිබඳ කථාවේදී මම කලින් කාරණය යටතේ සඳහන් කල දෝෂ සහගත  භාවයන් සියල්ලම අධ්‍යක්ෂක වරයාගෙ බව පැහැද්ලියි . නිර්මාණයට අදාලව රූපය නාදය සහ සංස්කරණය නිසි විදිහට යෝදා ගෙන රසයක් නිර්මාණය කිරීම යන කාරණයේදී අධ්‍යක්ෂක වරයා ඉන්නෙ බොහොම පහල තැනක . කථා තේමාව තුල ගොඩ නංවන කථාව හෙවත්  සත්‍ය සිදුවීමෙන් පසුව ගෙතෙන කථාව ඉතාම සාර්ථක සිනමා නිර්මාණයකට , බොහොම පහසුවෙන්  සාර්ථක වාණිජ සිනමා නිර්මානයකට යොදා ගැනීමේ හැකියාව තිබුනත් ,ඒ ලස්සන කථාව ඇතුලේ ගොඩ නගන තිරනාටකය සහ නිර්මාණාත්මක ලක්ෂන හරහා එවැනි සාර්ථක නිර්මාණයක් බිහිවීම වැලකිලා තියනව

අනෙකුත් කාරණා

සිනමා නිර්මානයක් ගැන ක්ථා කිරිමෙදි අනෙකුත් අංශ රාශියක් ගැන කථා කරන්න පුලුවන් වුනත් මෙතන්දි තිර රචනය තුල ලබා දීල තියන සීමිත ඉඩ කඩත් එක්ක ඒවායින් ඇතිවුනු අඩුපාඩු ගැන කථා කිරීම එතරම් සාධාරණ නැහැය කියලයි මම හිතන්නෙ . උදාහරණයක් විදිහට සාර්ථක සංස්කරනයකට අවකාශ ලැබෙන්නේ ඒ වෙනුවෙන් සකස්  වුනු තිර නාටකයකදි විතරයි . චිත්‍රපටියේ ස්ංගීතය නම් මධ්‍ය ප්‍රමාණයේ තත්වයක තියනව කියල කියන්න පුලුවන්


මම කැමතිම 


කලින් විග්‍රහ කරපු සිනමාත්මක දුර්වලතා මැද වටිනා කම් සහ රසය අඩුවුනු එහෙත් මම බොහොම ප්‍රිය කරන සිදුවීම් දෙකක් මේ චිත්‍රපටියේ තියනව . පලමුවෙනි එක මහෙන්ද්‍ර පේරේරාගේ සහ කුඩා දෙමල දැරියගේ සහෝදර ප්‍රේමයේ  කථාව . ජාති ආගම් භාෂා මොන බෙදීම් ඇතුලත් වුනත් ඒ සියල්ලම අභිබවා නැගෙන උතුම් මනුෂ්‍යත්වයේ  සටහනක් ඒ තුල තියනව , කෙනෙක් කියන දේ අනිකාට නොතේරෙන භාෂා බාධකය බිඳ දමා නැගෙන සහෝදර ප්‍රේමයේ  අන්දරය මුලු සමාජයටම  ලොකු පණිවුඩයක්  දෙනවාය කියල කියන්න පුලුවන් ,  මේ සම්බන්ධ චිත්‍රපටියේ අවසාන ජවනිකාව මම මුලු චිත්‍රපටියෙන්ම වඩාත්ම කැමති දර්ශනය කියල කියන්න පුලුවන් .

දෙවැන්න වෙන්නෙ ඈමති ගෝලයාගේ ගෙම්බර හමුවේ ග්‍රාමා රක්ෂක නිලධාරීන් අවස්ථා දෙකෙදී දක්වන ප්‍රතිචාරය , නිර්මානයට අනුව  මේ සිදුවීම තුලින් ග්‍රාමා රක්ෂයින් තුල ඇතිවෙච්ච ආත්මාභිමානයේ විපර්යාසය හොඳින් නිරූපණය කරල තියනවා කියල  මට හිතෙනව . ප්‍රයෝගික ජිවිතයේදී ග්‍රාමා රක්ෂක නිලධරයෙකුට තියා ඉහල හමුදා නිලධරයෙකුටවත් දේශපාලන හෙන්චය්යන්ගේ බලයට ඉහලින් යා නොහැකි වටපිටාවක , අදාල ග්‍රමාරක්ෂක නිලධාරින්ගෙ ක්‍රියාව තුලින් අපි  බොහෝ දෙනෙක් දකින්නට කැමති ෆැන්ටසියක්  මම දකිනවාය කියලයි හිතන්නෙ , කොහොම වුනත් මම ඒ ෆැන්ටසියට ආදරෙයි

ගාමනි ගැන  නරක පැති ගැන කථා කරත්දි කෙනෙක් කියන්න පුලුවන් හොලිවුඩ් , බොලිවුඩ් චිත්‍රපටි වල ලක්ෂන සිංහල චිත්‍රපටි වල හොයන එක වැරදියි කියල . ඒ කාරනයේ සත්‍යතාවයක් තිබුනත් සිනමාවේ මූලික රිතින්  ලෝකේ ඔනිම සිනමා නිර්මානයකදි එකම බවත් කියන්න ඕනි .  සිනමා නිර්මාණයක් "සිනමා පටයක මුද්‍රණය කිරීම" කියන කාරණයට අමතරව ටෙලි නිර්මානයකින් වෙනස් වෙන්නෙ මේ සිනමාකරන ගති ලක්ෂන නිසා .

ගාමනි චිත්‍රපටියේ හාමුදුරුවන් හරහා හෙමීට පහරක් ගසන "ලංකාවේ යූද්ධය ගැන ප්‍රංශයෙ ඉඳන් හදපු චිත්‍රපටිය" මේ සිනමා කරණයේ විවිධ  ඉසව් වල භාවිතාවෙන් දක්වන්න පුලුවන් විශිෂ්ටත්වය ගැන ඉතාමත් හොඳ උදාහරනයක් . පුද්ගලිකව මම ඒ සිනමා නිර්මානයට එතරම් කැමැත්තක් නොදැක්වුවත් ඒ නිර්මාන කරුවාගෙ සිනමා කරන ශක්‍යතාවය අගය කල යුතුමයි . රූපමය භාෂාව තුලින් දෙබස් හො සිදුවීම් වලින් කියන්න බැරි බොහෝ දේවල් ඉතාම අපුරුවට කියන නිර්මානයක් විදිහට" සංඛාරා"හඳුන්වන්න පුලුවන් . යුද්ධය පිලිබඳම කථා වුනු අතිසාර්ථක සිනමා නිර්මාණයක් වුනු "සරෝජා" ත් සිනමාව කියන්නෙ මොකක්ද කියන එකට කදිම උදාහරණයක් . ඒ වගේම සිනමා නිර්මානයක   දෙබස් තුලින් කරන්න පුලුවන් බොහෝ දේ, , සංගීතයට , රුපයට , සංස්කරනයට හා සුවිශ්ෂට රංගනයට  පුංචි කථාවක් හරහා දැවැන්ත අදහසක් මතු කරන්න හැකියාව -  "ගරිල්ලා මාකටින් " චිත්‍රපටියෙනුත් දැක ගන්න පුලුවන් . තවමත් බලන්න නොලැබුනු "ආකාස කුසුම්" චිත්‍රපටිය තුලත් මේ ලක්ෂන දකින්න ඇතිය කියල මම හිතනව .

මේ වගේ සිනමා නිර්මාණත් එක්ක  බැලුවාම සිනමාත්මක අතින් ගාමනි ඉන්නේ කොතනද  කියන එක බරපතල ප්‍රශ්නයක් . මේ  නිර්මාණ වලට අමතරව උදය කාන්ත (සමහර )සහ සෙනේෂ් බණ්ඩාර දිසානයකගේ  ඉතාම සරල නිර්මාණවලත් ගාමනි ව්ල දකින්න නැති සිනමා  රූපි ලක්ෂන දකින්න තියෙයි . ඒ අනුව මගේ රසවින්දන සීමාවන්ට හා දැනුම් සීමාවන්ට අනුව ගාමනි සාර්ථක හෝ රහක් තියන සිනමා නිර්මානයක් නෙවෙයි , නමුත් බලාඉන්න පුලුවන් "ටෙලියක්" මට්ටමේ හෙවත් ලංකාවේ චිත්‍රපටි නමින් හදන බොහෝ අසුචි ගොඩවල් වලට වඩා ඉහලින් ඉන්නවාය කියල කියන්න පුලුවන්

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top