Skip to main content

මේ මොහොතේ කතිකාව 13 හෝ 13 + නොවිය යුත්තේ ඇයි ?

බලය බෙදීම , දේශපාලන විසඳුම්  13 + වැනි මාතෘකා නැවතත් කරලියට පැමිණ ඇත . ඉන්දීය විදේශ අමාත්‍ය වරයාගේ ශ්‍රිලංකා සංචාරය අතරතුර මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් කෙරේ යොමු වන බැව් තමාට පොරොන්දු වූ බවක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම මේ කතිකාව සඳහා හේතුවී තිබේ . දින කිහිපයකට ප්‍රථම දෙමල සංධානය සමඟ සාකච්ඡා අරභයා පොලිස් හෝ ඉඩ බලතල කිසිසේත් ලබා නොදෙමුයි ශපත කල රජය ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ඉදිරියේ 13+ එකක් පිලිබඳව පොරොන්දු වීමත් , රජය නියෝජනය කරන හෙල උරුමය හා ජනිපේ වැනි දේශපාලන බලවේගයන් දේශපාලනික විසඳුමක අවශ්‍යතාවක් හෝ නොදකින තත්වයත් මේ පිලිබඳ ව්‍යාකූලතාවයක් ඇතිකිරීමට සමත් වී ඇත . ඒ නිසා ඒ පිලිබඳ වඩාත් පුලුල් වූ සාකච්ඡාවක් කෙරේ යොමු වීම වැදගත්ය.


දේශපාලනික විසඳුමක් අවශ්‍යද ??


දේශපාලනික විසඳුමක අවශ්‍යතාවයක් තිබේද  යන්න රජය නියෝජනය කරන ඇතැම් දේශපාලන බලවේග හා බහුජන සංවිධාන වල පවා ප්‍රශ්නාර්ථයන් නැඟී ඇති  කාරණයකි . ශ්‍රි ලංකාවේ පැවැතියේ ත්‍රස්තවාදයක් පමණක් බවත් එය අවසන් නිසා සිංහල දෙමල ජනතාවගේ සහජීවනයට කිසිදු  බාධාවක් නොමැති බවත්  දේශපාලනික විසඳුමක අවශ්‍යතාවයක් නැතිය යන ස්ථාවරය දරන්නන්ගේ අදහසයි .ශ්‍රි ලංකාවේ පැවැතියේ ත්‍රස්තවාදයක් බවට කිසිදු සැකයක් නැතත් , එය පසුබිමේ  බ්‍රිතාන්‍ය පාලන යුගය දක්වා විහිදෙන දේශපාලනික පසුබිමක් ඇති බැව් අමතක කල නොහැක . උපතින් මිනිසත් වර්ගයට අයත්වූ මාතර සිරිදාසටත් , යාපනයේ රාමලිංගම්ටත් එකිනෙකාට වෛර කිරීමේ අවශ්‍යතාවයක් තිබුනේ නැත . ජාතිය ආගම හෝ භාෂාව මත කල්ලි  සදාගන්නා මිනිසුන් ඉන් පරිභාහිර මිනිසුන් කෙරේ දක්වන ප්‍රතිවිරෝධයන් මිනිසා නැමැති දේශපාලනික සත්වයා විසින් මානව ඉතිහාසය පුරාවටම පෙන්නුම් කල ප්‍රාථමික දේශපාලනික ගුණාංගයක් ලෙසින් සටහන් කල හැක . සිංහල -දෙමල ජනතාවන්ගේ දුරස් වීම තුලත් මේ තත්වය අඩු වැඩි වශයෙන්  පැවැතෙන්නට ඇති අතර බ්‍රිතාන්‍ය යුගයේ අවසන් භාගයේ සිට  සිංහල -දෙමල ජනනායකයින් තුලින් ඉතා පැහැදිලි වශයෙන් දක්නට ඇත . ආරම්භකයා කවුරුන්ද යන්න පිලිබඳ බොහෝ මතවාදයන් පැවැතිය හැකි වුවත් සිංහල -දෙමල ජනනායකයින්ගෙ විරසකයන් ඔවුන් තම ජන කොට්ඨාශයන් තුල ජාති වාදී විෂබීජයන් පැතිරවීමට හේතුවූ බව ඒන් සියලු දෙනාටම පිලිගත හැකි කාරණාවක්  බැව් සිතමි .ආරම්භකයා සිංහලයා හෝ දෙමලා ගෙන් කුමන වාර්ගිකයා වුවත් , දේශපාලකයින් විසින් ජනතාව තුල ඇති කල දේශපාලනික ගැටලුවකට දේශපාලනික විසඳුමක්ද තිබිය යුතුයි යන්නත් ඒලෙසින්ම පිලිගත හැකි කාරණාවක් විය යුතුය . දෙමල දේශපාලකයින් විසින් ඉතිහාසය පුරා මතුකල ගැටලු  සැබැවින්ම දෙමල ජනතාවට තිබේ යැයි විශ්වාස කරන්නන්ට මෙන්ම එවන්  ගැටලුවක්  දෙමල ජනතාවට නැතැයි විශ්වාස කරන්නන්ටද  ඉහත කී දේශපාලනික විසඳුමක් අවශ්‍යයය යන්නට  එකඟ වීමේ හැකියාවක් ඇත , ඒ  සැබැවින්ම නැතත් දේශපාලකයින් විසින් මවා පැ තත්වයක් මත හෝ දේශපාලනික විරසකයක් සිංහල - දෙමල ජනතාවන් අතර පවත්නා බැව් පිලිගැනීමෙනි . එම තත්වයත් ප්‍රතික්ෂේප කරනා අයෙක් වේ නම් එල්ටිටීයි සංවිධානයේ ත්‍රස්තවාදය නිසාවෙන්ම පමණක් දෙමල ජනතාව තුල කෙරුණු උසිගැන්වීම් හා සිංහල ජනතාව කෙර එල්ල වුනු ප්‍රහාරයන් නිසා වර්ථමානය වන විට  දේශපාලනික ගැටලුවක් නිර්මාණය වී  ඇති බවට හෝ නීරීක්ෂනයක් තිබේ නම් ඔහුටද  දේශපාලනික විසඳුමක අවශ්‍යතාවය කෙරේ තම එකඟතාවය පල කල හැක

දේශපාලනික විසඳුම කාටද ?

විවිධ පුද්ගල දෘෂ්ටි කෝණයන්ට සරිලන ආකාර කිහිපයකින් දේශපාලනික විසඳුමක අවශ්‍යතාවය මා ඉහත ඡේදයේ සඳහන් කර ඇත . ඒ සියලු මතවාදයන් තුල දක්නට ලැබෙනා පොදු කාරණාව නම් මූලික වශයෙන් ගැට්ලුවක් නිර්මාණය කිරීමේ ලා වගකිව යුත්තේ දේශපාලකයින් බවය .නමුත් අවසනාවන්ත කාරණය නම් දේශපාලකයින් විසින් පැතිරවූ විසබීජ සමාන්‍ය ජනසමාජය විසින් ඩැහැගෙන වර්ධනය කරගැනීම හේතුවෙන් මේ වන විට විසඳුමක් අවශ්‍ය වන්නේ සමාන්‍ය ජනතාවටම වීමය . පසුගිය ජනාධිපතිවරණයේ සිට පැවැති සියලු මැතිවරණ වලදී දෙමල ජනයා ඡන්දය භාවිතා කල ආකාරයෙන්  එම කාරණය තහවුරු වී ඇත  .දෙමල ජනතාව රට තුල සුලුතරය වීම නිසා ඔවුන් දෙමල-සිංහල  විරසකය තුල  පිඩිතයා තමන් බැව් විශ්වාස කරනා අතර බහුතරය තමා වීම හේතුවෙන් උක්ත විරසකයෙන් තමන්හට ඇති අලාභයක් සිංහල ජනයා දකින්නේ නැත . නමුත් සත්‍ය තත්වය නම් දෙපාර්ශවයම දේශපාලකයින්ගේ ක්‍රිඩාවේ ඉත්තන් වී විරසකයෙන් පීඩ වින්දින්නන් බවයි . වෙනස ඇත්තේ එය දැනෙනා ප්‍රමාණය තුල පමණී . විසඳුමක් අවශ්‍ය වන්නේ සමාන්‍ය ජනයා කෙරේ වුවත් ගැටලුවට මුල් වූ ඓතිහාසික බාධකය තවමත් එසේමය . එනම් සිංහල දමිල දේශපාලකයින් ජනතාවට ඉහලින් ජනතාවගෙ නාමයෙන් විසඳුම් පිලිබඳ කථාකරමින් ප්‍රශ්නය තව තවත් බැරැරුම් කරමින් සිටී . දෙමල ජනතාව තුල සිංහල ජනතාව කෙරේ වෛරය පතුරවන දෙමල සංධානයත් , එම කාර්යයම දකුණේදි සිදුකරන හෙල උරුමය , ජානිපේ , දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය වැනි සංවිධානත් මේ අතරින් රිංගා අලුත් ගැටලුවක් නිර්මාණය කරමින් සිටින හකීම් ඇතුලු මුස්ලිම් දේශපාලන පක්ෂත් සැබැ විසඳුමක් කරා යැමේ ඉහත කී ප්‍රධාන  බාධකයන් ලෙස හඳුනාගත හැක

දේශපාලනික විසඳුමකින් සිදුවිය යුත්තේ කුමක්ද ?


දේශපාලනික විසඳුමක් තුල සාකච්ඡාවට බඳුන්  විය යුතු මූලික කාරණාවන් කිහිපයක් හඳුනාගත හැක .

01)දෙමල-සිංහල ජනතාවන් අතර විරසකයේ සිංහල ජනසමාජීය පසුබිම හා විසඳුම්

02)  '" " " " " """""""""""""""""""""" දෙමල ජනසමාජීය පසුබිම හා විසඳුම්

03) භාෂාමය ගැටලු හා විසඳුම්

04) පාලන අයිතින් -  පාලන ව්‍යුහ හා ඒවායේ සංයුතීන්

05)  සංවර්ධනයේ සම ප්‍රතිලාභ

06) පශ්චාත් යුධ සමයේ සිවිල් ගැටලු හා විසඳුම්

07) ජන  සන්නිවේදන මාධ්‍යන් හා කලා නිර්මාණ තුලින් සහජීවනය



ලෙසින් මා එම අවශ්‍යතාවය්න් වර්ගීකරණය කර දක්වන අතර මේ පිලිබඳ වෙනස් ආකාරයේ අර්ථකතනයන්ද තිබිය හැක .

වර්ථමානයේ එම අවශ්‍යතාවයන් කෙරේ අවධානය යොමූ වී තිබේද ?

දේශපාලනික විසඳුම් පිලිබඳ කතිකාවන් කොතෙකුත් තිබුනත් මෙම මූලික කාරණා පිලිබඳ අවධානය යොමු කරනවාද යන්න සැක සහිතය . 01) හා 02) කාරණා පිලිබඳ  විශිෂ්ට ප්‍රවිශ්ඨයක් වශයෙන් සැලකිය හැකිව තිබු උගත් පාඩම් කොමිසම එම කාර්යය  අංග සම්පූර්ණව ඉටු කලා යැයි පැවසිය නොහැකි වුවත් එය යම් තාක් දුරකට හෝ යහපත් ප්‍රවණාතාවයක් ලෙස සැලකිය හැක .03) කාරණාව පිලිබඳ වසර ගණනාවක සිට විවිධා කාර විසඳුම් හා ක්‍රියාමාර්ග ගනිමින්  තිබුනත් ඒවායෙ ප්‍රගති සමාලෝචනයක් සිදුවෙනවාද යන්නත් විකල්ප භාවිතාවන් පිලිබඳ සැලකිල්ලක්  යොමු කර තිබෙනවාද යන්නත් ගැටලු සහගතය . විශේෂයෙන්ම සිංහලයාට දෙමල් ඉගැන්වීම හා දෙමලාට සිංහල ඉගැන්වීම වෙනුවට අන්තර් සන්නිවේදනය මාධ්‍යය ලෙස ඉංග්‍රිසි භාෂාව යොදා ගැනීම පිලිබඳ අවධානය යොමුවිය යුතු යැයි මාගේ විශ්වාසයයි .04) ආර්ම්භක අවධියේ සිටම වැඩි වශයෙන්ම කථා බහට ලක් කෙරෙන්නේ මේ පිලිබඳවය . ගැටලුව තුල දේශපාලකයාගේ ඍජු භුමිකාව දක්නට ලැබෙනා පාලන ව්‍යූහයන් පිලිබඳව අනන්තවත්  සාක්ච්ඡා කර ඇතත් ඒවා මූලික ගැටලුවට විසඳුමක් ලෙස නොව තම තමන්ට  වැඩි කුට්ටියක් ලබා ගැනීම වෙනුවෙන් කෙරෙනා තාක් කල් එයින් සිදුවෙනා යහපතක් නොමැත (වර්ථමානයෙ දෙමල සංධානය කරමින් සිටින්නේද මෙයයි ) . 05) මේ කාරණය කෙරෙහි රජය ඉහල අවධානයක් යොමු කර ඇතත් ඒ තුලින් පමණක් සාර්ථකත්වයක් ලබාගත නොහැකි බැව් මේ වන විට පැහැදිලි වී තිබේ . 06) වන කාරණයෙහිලා නම්  වර්ථමාන තත්වය අතිශයින් කණගාටුදායකය . උතුරේ තවමත් මිල්ටරි පාලනයක් දක්නට ලැබෙනා අතර දකුණේ ඇතිවන පශ්චාත් යුධ කාලීන සිදුවීම් කෙරේ ද නිසි අවධානයක් යොමුවන බවක් පෙනෙන්නට නැත . 07) ශ්‍රි ලංකාවේ මාධ්‍යය හෝ කලාවන් ප්‍රධාන දේශපාලන ධාරාවෙන් ස්වායක්ත වී නොමැත . එනිසා රජයකට අවශ්‍ය මතවාදය රටතුල ව්‍යාප්ත කිරීමේ ලා මේවා රිසිසේ භාවිතා කරනා බවක් පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණි . චන්ද්‍රිකා රජය සමයේ , සහ සටන් විරාම සමයෙත් සිවු වන ඊලාම් යුධ සමයේත් මේ තත්වය මැනවින් දක්නට ලැබුනි . නමුත් පශ්චාත් යුධ සමයේ පලුදූ සිත්  එක් කිරීම වෙනුවෙන් එසේ මාධ්‍ය පෙල ගැස්මක් දක්නට නොලැබෙන අතර කලා කරුවන්ද පශ්චාත් යුධ සමයක සාකච්ඡා විය යුතු දේට වඩා පසුගිය සමයේ රූපවාහිනි නාලිකා  හරහා යුද්ධය විකිණිමෙන් ඇතිවූ මානසිකත්වය තුල විකුණා ගත හැකි නිර්මාණ වල යොමුවෙනා බවක් දක්නට ඇත

13 හා 13+ නියමිත කතිකාව නොවන්නේ ඇයි ?


කලින්  ඡේදයේ විස්තර කල පරිද්දෙන් කල යුතු දැ රාශියක් අතරින් වඩාත්  ඉහලින් සාකච්ඡා කෙරෙනුයේ පාලන ව්‍යූහයන් හා සංයුතීන් පිලිබඳව පමණි . 13 හා 13+ වැනි මාතෘකාද අදාල වන්නේ ඒ සාක්ච්ඡා තුලයට .රජිව් ගාන්ධි නම් තකතිරු ඉන්දීය රාජ්‍ය නායකයා විසින් බලයෙන් අප මත පැටවූ ඉන්දියානු මොඩලයේ 13 වන සංශෝධනයෙන් ගැටලුවේ පාලන ව්‍යුහයන් පිලිබඳ අංශයටවත් නිසි විසඳමක් ලැබුනේ නැත (මාතලන්ගේ මේ ලිපියේ 13 පිලිබඳ වැඩි විස්තර අන්තර්ගතය  ) . වර්ථමානයේ 13 + ගැන කතාබහක් ඇතිවන්නේද ඉන්දියානු බලපැම් සහ ඉන්දීය සහය  අපේක්ෂාවෙන් 13හිම එල්ලී සිටිනා දෙමල සංධානය නිසාවෙනි .ජාත්‍යන්තර දේශපාලනයේ ඉන්දියානු බලය හා මානව හිමිකම් වැනි කාරණා වලදී ජාත්‍යන්තරව නාගැනීම නිසා ඉන්දියාව සතුවූ ශ්‍රි ලංකාව කෙරේ  ආරෝපිත බලය නිසාවෙන් රජයද 13 වටේම කැරකෙමින් සිටිනා බවක් දක්නට ඇත. යුධ තත්වය අවසන් වූ වහාම රජයේ මූලිකත්වයෙන් විසඳුමක් සෙවීමේ අවංක ක්‍රියාමාර්ගකට යොමු වී නම්    පාලන ව්‍යුහයන් පිලිබඳ පමණක් සාකච්ඡාවට ලක්කෙරෙනා 13 පිලිබඳ සාකච්ඡාවන්  හෝ ඉන්දියාවෙන් පස්සට අනින තෙක් සිට 13 + ගැන කතිකාවන් අවශ්‍ය වන්නේ නැත . ජාත්‍යන්තර දේශපාලනයේ නා ගැනීම් නිසා රජය මේ වන විට ඉන්දියානු මොඩලයේ සිරවී තොණ්ඩුවේ එක් කොනක් දෙමල සංධානයටත් අනෙක් කොන මන් මෝහන් සිංටත් ලබාදී උඩ බලාසිටින තත්වයක් පෙනෙන්නට ඇත . 13 /13+ හෝ වෙනත් පාලන ව්‍යුහයක් පිලිබඳ විසඳුමකින් පමණක් විරසකවූ සිංහල -දෙමල ජනයා එක්වන්නේ නැත , තව තවත් දුරස් වනවා පමණය . දේශපාලනික විසඳුමක් යනු පාලන ව්‍යුහයක් පමණක්ය යන සිතිවිල්ලෙන් මිදී සමස්ථ ගැටලුව කෙරේ අවධානය යොමු කෙරේ නම් සිංහල - දෙමල ලෙස නොව ශ්‍රි ලාංකීය ජාතියක් ලෙස නැගී සිටීමේ හැකියාවක් ලැබෙනු ඇත . දැනටමත් අප බොහෝ ප්‍රමාදය , තව තවත් ප්‍රමාද වීමෙන් පසුතැවිල්ලක් පමණක් ඉතිරිවනු ඇත

Image From Read sri Lanka 
------------------------------------------------------------------------------------------------------------
ආලකමන්දාවෙන්
01) A Porn Star in Bollywood
02) DON 2 in 3D  
03) Silhouettes
04)Jonny English

Comments

  1. මමත් ජනවාර්ගික ප්‍රශ්නයක් නොවේ යන මතයේ සිටිමි. 10% හෝ 15% වන ජනතාවක් සම අයිතිවසීකම් ඉල්ලීමම විහිළුවකි. ඇත්තේ දරිද්‍රතාවය පිළිබඳ ප්‍රශ්නයකි. මහ පොලොව මත දිවියළෝකයේ සිටින දෙමල පුද්ගලයන්ට යුද්ධයක් කියා දෙයක් තිබුනාදයි දැනුනේ නැත. ඔවුනට 83 දි යම් තිගැස්මක් ඇති වූවද කිසි සේත්ම හානියක් නොවීය. මන්ද සිංහල දෙවිවරුන් විසින් ඔවුන් ආරක්ෂා කරන ලදි. (එම පන්තියට ආදරය කරන පුද්ගලයෙක්මි.)කෙලවුනේ දුප්පත් දෙමලාටය. දකුනේ කැරළිවලදීද ගලා ගියේ දුප්පතුන්ගේ රුදිරයයි. කල යුත්තේ නිර්දන පන්තිය මරා දැමීම නොව. දරිද්‍රතාවය මරා දැමීමයි.

    ReplyDelete
    Replies
    1. මා විශ්වාස කරන්නේ පුද්ගල අයිතිවාසිකම් ජනවර්ගයෙන් ස්වායක්ත විය යුතු බවයි ,දේශපාලන විසඳුමක් යනු දෙමල ජනතාවට ඇති අඩුවක් පිරිමැහීම නොවේ ඒකීය ශ්‍රි ලාංකීය ජාතියක් බිහි කිරීමයි . 83 දී රටින් පිටපූ ඇතැම් දෙමල ජාතිකයන් විදෙස් රටවලදි දිව්‍ය ලෝකයන් සාදාගෙන ඇත . එම දක්ෂයින් රටින් එලවා නොදමා මෙරටේහිම සිටියා නම් ?

      Delete
  2. ඔබ කියනා පරිදිම උගත් පාඩම් හා ප්‍රතිසංස්කරන කොමිසම හොද ආරම්භයක් කරගැනීමේ හැකියාව ඇත.(නමුත් මා පුද්ගලිකවම අදාල කොමිසමේ නිර්දේශ හෝ සාරාංශය වත් තවම දැක නොමැති බැවින් ඒ ගැන කතා කිරීමට නොයමි.)

    කෙසේ වුවද ක්‍රිෂ්ණාට හෝ යශුෂි අකාශිට එක් දෙයකුත්, අපට සිංහලෙන් තව දෙයකුත් පවසමින් කල්මැරීම නම් කිසිසේත්ම යහපත් ප්‍රතිපල නොදෙන බැව් නොකියාම බැරිය.

    ReplyDelete
    Replies
    1. එකඟයි සහෝ ... මාත් උගත් පාඩම් වාර්ථාව භාගත්ත මිසක් තාම කියවන්න බැරිවුනා !

      Delete
  3. දේශපාලනයේ පදනම සෑබෑ මානව හිතවාදය පතුරවන බලයක් විය යුතු බව හැඟෙන මේ වියමන කියවා මා තුල ඉතාම ලොකු සතුටක් ඇති උනා, කියවන අනෙක් බොහෝ දෙනා තුලත් එසේ වන්නට ඇත.
    ජරා ජීර්‍ණ වී සැරව ගලන තුවාලයක් වී ඇති දේශපාලනයට ඔබ අදහස් ඔසු පැනක් බව නොකිව මනාය.
    මේ සඳහා ජරාව කෑම පිළිබඳ මඩ ගෑවී නැති දේශපාලන පක්ශ වන ජවිපෙ, වමේ පක්ශ, හෙල උරුමය ආදී පක්ශ මූලිකත්වය ගත යුතුව ඇත.
    ඒත් ප්‍රශ්නය නම් උන් තුල අරමුණ හා නොපෑහෙන උපන් ගෙයි සිට එන දේශපාලනික උපක්‍රම හා උපාය මාර්ගයන්ය.
    ඒ නිසා ලොකු මිලක් ගෙවා හෝ ගිය ණුවන 'ඇතුන්' ලවාවත් අද්දා ගැනීමට ප්‍රගතිශීලී ජනතාවට සිදු වනු ඇත.

    ReplyDelete
    Replies
    1. හෙල උරුමය (එතකොට රතනයගේ තට්ටු 7 පන්සල )?? ජවිපේ??? පැරණි වාමාංශික බලවේග තුල නම් සැබැ මානුශීය දේශපාලනයක් තියනවා , නමුත් ඔවුන් දුර්වලයි , ප්‍රයෝගිකත්වයෙන් ඇතයි , බලමු ! . බොහොම ස්තුතියි අදහසට

      Delete
  4. ඔය කියන මොනයම් ක්‍රමයෙන් හෝ සිංහල හා දෙමල ජාතීන් අතර ඇති මානසික බැම්ම ඉවත්කළ හැකි නම් හොඳය.අප පිළිගත්තද නැතද මෙය ජනවාර්ගික ගැටළුවකි.

    ReplyDelete
  5. මේ මාතෘකාව ගැන මම දන්න තරමින් කියන්නම්. මෙහෙමයි 13 ගැන නම් මගේ අදහස ඒක අවජාතක එකක්. තාත්තා ජෙ. ආර්. වුනාට ජාතක කලේ රජීව්. ඒකනේ කෑවේ. කොහොම වුනත් මගේ මේ අදහස නම් පලාත් විදියට බලය බෙදීම නැති ප්‍රශ්න රාශියක් ඇති කරනවා යන්නයි. නමුත් යම් බලය බෙදීමක් අපට අවශ්‍යයි කියන එකත් මගේ මතය. කොහොමද එතකොට බලය බෙදන්නේ. ඉන්දියාව්ට සාපේක්ෂව ලංකාව ඉතා කුඩායි. ඒක නිසා යම් පරිපාලන ඒකක කීපයක් තුනක් පමණ තිබුනා නම් ඇති කියන එකයි මගේ මතය. නැතුව මේ පැය කීපයකින් රටේ ඕනෙම තැනකට ගොඩබිමින් යන්න පුළුවන් රටක මහා පරිපාලන ඒකක රාශියක් ඇති කිරීම නාස්තියක්. උතුරේ වගේම මගේ පලාත වන දකුනේ මිනිස්සුන්ටත් නොයෙක් ප්‍රශ්න එනම් පරිපාලන ප්‍රශ්න තියනවා. මේවා සම්බන්ධීකරනය සඳහා යම් නිශ්චිත ක්‍රමවේදයක් ඇති වෙනවා නම්. සියළුම පරිපාලන කටයුතු ඔන් ලයින් වෙනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙනවා නම් කාටවත් බලය පිළිබඳ ගැටළුවක් නැහැ. අනික පලාත් ඇති කලේ සුද්දට ඕනෙවට මිසක් අපේ රටට ගැලපෙන ලෙස නෙමෙනෙ. ඒ නිසා මේ පලාත් සංකල්පය පැත්තකින් තියලා විද්‍යාත්මක ක්‍රමවේදයකට බලය බෙදීම ගැන නම් මගේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගමේ රස්තියාදු කාරයන්ට කසිප්පු කාරයන්ට මංත්‍රී වෙන ක්‍රම නම එපා.
    මම පිළ්ගන්නේ ජාතියක් නෙමෙයි. අපි එක රටක් ඒ ශ්‍රී ලාංකික රට. ඒ නිසා අපි ඔක්කොම ලාංකිකයෝ මිසක ජාතීන් ලෙස බෙදීම වැඩක් තියෙනවද්. සිංහල වීම මට ආඩම්බරයක්. ඒත් අනික් මිනිස්සුන්ටත් ඒ ජාතීන්වීම ආඩම්බරයක් කියන එක මම නම් පිළිගන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි , ඔබතුමාගේ අදහසට එකඟයි . ඉන්දියානු මොඩලයන් ක්‍රියාත්මක කරවන්න හදන ඇයින් තේරුම් කරගන්න ඕනි දෙයක් තමයි ලංකාව ඊට වඩා 65 ගුණයක් පුංචි රටක් කියන එක . බලය බෙදාගන්නය කියල දැනෙට සාකච්ඡා කරන්නේ දෙමල දේශපාලකයින් තමන්ට ලැබෙන දේ ගැන විතරයි . ඒවා දුන්නොත් ප්‍රශ්නය තව තවත් වැඩි වෙන එක විතරයි වෙන්නෙ

      Delete
  6. සැනසිල්ලේ කියවන්න ඕනේ පෝස්ටුවක් බුවා..

    ReplyDelete
    Replies
    1. සැනසිල්ලේ කියවල අදහසකුත් එකතු කරන්න පුලුවන් නම් බොහොම වටිනවා

      Delete
  7. දැං කතාකරන බලය බෙදීමෙන් සාමාන්‍ය ජනතාවට වෙන සෙතක් නං නෑ. එකම වෙනස දැං ඒ මිණිස්සු කරදර විදින්නෙ සිංහල පාලකයන්ගෙන්, බලය බෙදුවම ඒක දෙමළ පාලකයන්ට මාරුවෙනව. හැබැයි ඒකෙත් එක හොදක් තියනව, "මරාගෙන කෑවත් කමක් නෑ අපේම එවුන්නේ" කියල හිතන පිරිස වැඩි නිසා ප්‍රශ්න වලට විසදුමකුත් ඒක ඇතුලෙ තියනව.
    //මා විශ්වාස කරන්නේ පුද්ගල අයිතිවාසිකම් ජනවර්ගයෙන් ස්වායක්ත විය යුතු බවයි// 100% වෙන්න ඕනදේ මේක.

    ReplyDelete
    Replies
    1. ඇත්තට රාජ් මම නම් දකින විදිහට ඔය ජාතිකත්වය මුල් කරගත්ත පක්ෂ අහෝසි වෙන්න ඕනි . නිදහස් පක්ෂය එජාපය සහ ජවිපය හා වමේ අනෙකුත් පක්ෂ තුලින්ම දෙමල මුස්ලිම් නායකයින් බිහිවෙන්න ඕනි .එජාපයේ මුස්ලිම් ජාතිකයින් සම්බන්ධව මේ තත්වය යම්තාක් දුරකට තියනවා(ඉමිටියාස්, කබීර් හශීම්) ඒත් දෙමල ජාතික නායකයින් ප්‍රධාන දේශපාලන ධාරා දෙක තුලම නැ

      Delete
    2. දෙමළ මුස්ලිම් පක්ෂ කෙසේ වෙතත් මෙතනදි මම නං ඇගිල්ල දිගු කරන්නෙ හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. සිංහල ප්‍රධාන පක්ෂ, අඩුම ගානෙ හැම වර්ගයේම ජනතාවට ඡන්දය දෙන්න පුවවන් විදියට තියෙන්න ඕන. ඒ අතින් යූඑන්පී හොදයි. මට මතකයි ඒකාලෙ ගාමිණී දිසානායක නුවරඑලියෙන් එකට ආව. ඒත් දැන් තත්වය ගත්තොත් එක සිංහල නායකයකුට විතරයි එන්න පුළුවන්. ඒකත් අන්තිම ස්ථායනට. ජාතිවාදීන් මේවට වගකියන්න ඕන.

      Delete
  8. වෙනත් කාරණාවක්: උඹේ ආලකමන්දාවට ෆලෝපාරක් දාන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒක ෆලෝ කරන්න බැ මචන් ඩයිනමික් විව් නේ , ෆලෝවර්ස්ල දෙන්නෙක් කියල පෙන්වනවා කොහොම ෆලෝ කරපු අයද දන්නේ නැ :)

      Delete
  9. හ්ම්.. ජනවාර්ගික ගැටළුවක් තියෙය කියලා මං කියටවත් පිළිගන්නේ නැහැ.( එහෙම එකක් තියෙය කියලා කවුරුහරි මට ඔප්පු කරලා පෙන්නනකම්. ලොකුම විහිළුව එහෙම ගැටළුවක් තියෙයි කියන උන් ගැටළුව මොකක්ද කියලා කියන්නේ නැති එකයි.දෙමල දෙසපාලුවොවත්)

    නමුත් ප්‍රශ්නේ තියෙන්නේ "බලය බෙදීම".මේ ප්‍රශ්නේ ගැන ආණ්ඩුව වෙහෙසෙන්නෙත් ජාත්‍යන්තරව තියෙන පීඩනය නිසා.(වෙන මොන මගුලක්වත් හින්දා නෙමෙයි)බලය බෙදන්න තරම් ප්‍රශ්නයක් නැති උනත් ජාත්‍යන්තරය කියන උන්ට ඕනේ බලය බෙදන්නයි.වෙන මොන මගුලක් කරත් උන්ට වැඩක් නැහැ.

    මං හිතන්නේ කලයුත්තේ ඔබ දක්වා ඇති ගැටළුවලට විසදුම් සැපයීමයි. බලය බෙදීම පැත්තකට දාලා සැබෑ ජන මතය පිලිබුබුවන මැතිවරණ ක්‍රමයක් සහා පාලන ව්‍යුහයක් ගෙන ඒමයි.(ඔය මනාප කොරමේ එහෙමත් වෙනස් කොරලා) එක් ජනවර්ගයකට විශේෂිත බලයක් ලැබෙන ක්‍රමයක් උවමනා නැහැ.(මං සහ මං වගේ හිතන ලංකාවේ බහුතරය එහෙම දෙයකට ඉඩ දෙන්නෙත් නැහැ ගොයියෝ!!!)කරන අට මංගල්‍යයක් ඒකීය ලංකාවක් තුල කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. දෙමල දේසපාලුවන්ගේ තර්ක ඕනි තරම් තියෙයි , මතකද අපි ඔය ගැන විවාදයක් කලා සැහෙන දිග , එතනදි මම වැඩේ අත්හැරියෙත් ටික වෙලාවක් යනකොට මගේ ස්ථාවරය වෙනුවට දෙමල දේශපාලකයින්ගේ ස්ථාවරයන් මගේන් ඉදීරිපත් වීම නිසා . ජනවාර්ගික ගැටලුවක් නැය කියන ඔබේ අර්ථදැක්වීම කොහොම වුනත් , සිංහල දෙමල මිනිසුන් ඒකීය තමන්ගේ ජනවර්ගය අනුව බෙදීමක ඉන්නවාය කියන කාරණයවත් දකිනවා නම් හොඳයි . බලය බෙදීම පිටිපස්සෙ ඉන්න ජාත්‍යන්තර බලවේගය ඉන්දියාව , අනෙක් රටවල් බොහොමයක් ඔය ගැන සංවේදි නැ , ඒ අය ඉන්දියාවේ ස්ථාවරය එක්ක ඉන්නවා විතරයි . ගැටලුව තියෙන්නේ බලය නෙවෙයි මෙතන මම දකින මූලික ප්‍රශ්නය . මගේ යෝජනා වලට ඔබතුමා එකඟ වීම පිලිබඳ සතුටුයි.

      අතිරේක කාරනයක් - සමානුපාතික ක්‍රමය ඔය කියන තරම් නරක නැ(ඒක නොතිබුනා නම් අදටත් රටේ විපක්ෂය බිහිවෙන්නේ ඡන්ද ලක්ෂ 5-6ක් ගන්න දෙමල පක්ෂයකින්, ලක්ෂ තිස් ගානක් ඡන්ද තියන එජාපයට විපක්ෂයත් නැති වෙනවා ) , අවුල තියෙන්නෙ භාවිතාවේ අපේ ජයශ්‍රි මහත්තය ඔය ගැන හොඳ වීග්‍රහයක් කලා පුලුවන් නම් හොයාගෙන බලන්න

      Delete
  10. ඉස්සර වෙලා ම ඒකීය පුද්ගල අයිතිවාසිකම් කියන්නෙ මොකක් ද කියලා වැටහීමකට එන්න ඕනා. ඒක දන්නෙ නැතිව කොහොම ද අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බන් යන්න. උඹ දන්න අයිතිවාසිකම්.

      Delete
  11. ලිපිය සහ කොමෙන්ට් ඔක්කොම කියෙව්වා

    ReplyDelete
  12. අපේ රටේ ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ඕන බවයි මගේ අදහස. කොහොම වුණත් දැනට කතා වෙන 13+ යන්න මහින්දගේ පොඩි වචන හරඹයක් කියලයි මට හිතෙන්නේ. ඒ කියන්නේ 13+ කියපු ගමන් අපිට හිතෙන්නෙ 13 වැනි සංශෝධනයටත් එහා ගිහින් දෙන බලය බෙදීමක් කියලනේ. ඒ වගේ දේවල් නම් සිද්ධ නොවෙයි යන්නයි මගේ මතය. 13 වත් සම්පූර්ණයෙන්ම නොදෙන ආණ්ඩුවක් 13 ට එහා යනවයි කියන්නේ සම්පූර්ණයෙන්ම විහිළුවක්නේ. කොහොමවුණත් ඉඩම් සහ පොලිස් බලතල දුන්නය කියල වුණත් ඒවයින් රට දෙකඩ වෙයි කියල මං නම් හිතන්නේ නැහැ. මොකද ලංකාවේ ක්‍රියාත්මක වෙන දේශපාලන ක්‍රමය තුළ හැම බලයක්ම අවසාන වශයෙන් කේන්ද්‍රවෙලා තියෙන්නෙ නායකයට හින්ද ඔය වගේ දේවල් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

    මං කමෙන්ට්ස් නම් කියෙව්වේ නැහැ.....

    ReplyDelete
  13. ලංකාවේ ඉන්නේ එකම ජාතියයි ඒ ශ්‍රීලාංකීය ජාතියයි කියල හැමෝම පිළිගන්න දිනයක් එනවා නම බලය බෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.. එතෙන්ට යන්න මිනිස්සුන්ගේ මනස වෙනස් කිරීම මුලිකයි..

    ReplyDelete
    Replies
    1. අන්න හරි. මිනිස්සුන්ගේ මනස වෙනස් කිරීම තමයි කරන්න ඕනේ. බලය බෙදීමෙන් වෙන්නේ තියෙන බෙදීම තවත් වැඩිවෙන එක විතරයි.

      බලය බෙදුවොත් නැති ප්‍රශ්න ඇතිවෙනවා වගේම මහින්ද මාමාට රජකමත් නැතිවෙනවා...

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව