බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Friday, June 22, 2012

    කැමතිම ක්‍රිකට් ක්‍රිඩකයින් ගැන (2S , 6M, 3P , 3S , 1D)

    ක්ෂණික ප්‍රතිචාර : 
    ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලීන්ට සතුටු දායක කාල වකවානුවක් ගෙවීගෙන යන වෙලාවක ආයෙමත් ක්‍රිකට් ගැන ලිපියකටයි මේ සුදානම් . අද කථා කරන්න හදන්නේ මම කැමතිම ක්‍රිකට් ක්‍රිඩයින් ගැන . සමාන්‍යයෙන් ජාත්‍යන්තර තරඟ බලත්දි රට වෙනුවෙන් සහයෝගය දුන්නත් ක්‍රිඩා විලාශය , පෞර්ශය , හැසිරීම් රටාව ආදි නොයෙකුත් හේතුන් නිසා අපේ කැමැත්ත හිමි වෙන ක්‍රිඩකයින් ඉන්නවා . මම සටහන් කරන්න හදන්නේ ඒ අතරින් මම  කැමතිම 15 දෙනා ගැන , සහ මම එහෙම කැමති වෙන්න හේතූන් ගැන . ඔබටත් මේ අය ගැනත් ඔඅබ කැමති වෙනත් ක්‍රිඩයින් ගැන අදහසුත් කමෙන්ටු තීරය හරහා එකතු කරන්න පුලුවන් . ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ ඡායාරූප අමුතුවෙන් පල නොකලට ඕනි කෙනෙක්  නම කියු පමණින් දන්නා නිසා අදාල ක්‍රිඩයින් සම්බන්ධ විඩියෝ  කණ්ඩයන් තමයි ලිපියට එකතු කරල තියෙන්නේ

    01) Sanath Jayasuriya


    සනත් ජයසුරිය ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද , ශ්‍රි ලාංකික ක්‍රිඩා ලෝලින් බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම ක්‍රිඩකයා වුනු සනා තමයි එදත් , අදත් මගේ ප්‍රියතම ක්‍රිඩකයින් ලයිස්තුවේ ඉහලින්ම ඉන්නේ . වේගවත් ආවෙණික පන්දුවට පහර දීමේ රටාව තමයි සනාට බොහෝ  ක්‍රිඩා ලෝලින්ගෙ වගේම මගෙත් ආදරය හිමි වෙන්න හේතුව

    පහල තියන විඩියෝව සනා , මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් දක්වපු දක්ෂතාවයක් . මේ සනා වයස 35ත් ඉක්මවුවාට පස්සේ දක්වපු  සුපිරි දක්ෂතාවයක්





    02) Sachin Tendulkar


    මම දකින විදිහට නම් සචින් කියන්නේ ලොව බිහිවෙච්ච දක්ෂතම පිතිකරුවා . ඉතාම අලංකාර තාක්ෂනයෙන් පිරිපුන් පහරවල් වගේම අවස්ථානුකුලව උපක්‍රමශිලි පහරවල් එල්ල කරන්නත් හපනෙක් වුනු සචින් ක්‍රිඩා පිටිය තුල දක්වන මහත්මා ලක්ෂනත් මම ඔහුව ප්‍රිය කරන්න හේතුවක් සචින් ගේ අලංකාර ක්‍රිකට් පොතේ පහරවල් බොහෝ දෙනෙකුට හුරු පුරුදු ඇති . ඒ නිසා මේ විඩියෝව සාමාන්‍යයෙන් සචින් දකින්න නොලැබෙන දැවැන්ත 6 පහරක අවස්ථාක්




    03 Lasith Malinga

    ලෝකයේ හොඳම 20-20 පන්දු යවන්න විදිහට බය නැතුවම හඳුන්වාදෙන්න පුලුවන් මාලිංග තමයි මගේ ලයිස්තුවේ ඊලඟට ඉන්නේ . කිසිම පන්දු යවන්නෙකුට බැරි තරම් හොඳට යෝකර් පන්දු යවන්නට පුලුවන් මාලිංගගේ අපුරු දක්ෂතාවය වගේම තමන්ගේ පන්දුවකට 6ක් වැදුනත් හිනා වෙලා ආපහු යන නිහතමානි ගතිලක්ෂනයත් මම බොහොම ප්‍රිය කරනවා . පහල තියෙන්නේ  ශ්‍රි ලාංකීය ක්‍රිඩා ලෝලින්ට කිසි දිනක අමතක නොවෙන  අවස්ථාවක් !




    04 Mahendra Singh Dhoni


    වර්ථමාන්යේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාව තුල සිටින දක්ෂතම නායකයා විදිහට මම හඳුන්වන්නේ . නායකයෙකු විදිහට දක්වන 'කූල්' හැසිරීමත් , කණ්ඩායම වැටුණු වෙලාවට ගොඩ දාන්න දක්වන දක්ෂ කමත් ඇරුණාම . අමුතුම විදිහේ පොල් අඩි වලින් ගහන 6 පාරවලටත් මම කැමතියි . පහල තියෙන්නේ  ජනප්‍රිය හෙලිකොප්ටර් ශොටත් ඇතුලු දෝනිගේ දැවැන්ත 6 පහර කිහිපයක්






    05) Mahela Jayawardana

    මේ වෙනකොට ශ්‍රි ලංකා කණ්ඩායෙමෙ ඉන්න දක්ෂතම පිතිකරුවා වගේම  අන්තර්ජාතික මට්ටමෙනුත් පිතිකරන තාක්ෂනය අතින් ඉහලම ඉන්න මහේල අති දක්ෂ නායකයෙකු බවත්  රහසක් නෙවෙයි . අවස්ථාවේ හැටියට බලාඉන්න ආස හිතෙන  විදිහේ පිතිකරනයක යෙදෙන මහේලගේ ටිකක් අපුරු පහරක් තමයි පහල තියෙන්නේ . මේකට හෙලිකොප්ටර් ස්කූප් එක කියන එකේ නම් කිසිම වරදක් නැ මම හිතන්නේ





    06) Angelo Mathews
    මෙ බ්ලොග් අඩවියේ කිහිප වතාවක්ම සඳහන් කරල තියන විදිහට මැතිව්ස් කියන්නේ අනාගත ක්‍රිකට් නායකත්වය විදිහටයි මම දකින්නේ . වැටෙන මැච් එකක් ගොඩ දාන්න ඕනි විදිහ අපුරුවට දන්න මැතිව්ස්   බය නැතුව 6 එකක් ගහන්න පුලුවන් අතලොස්සක් වූ වර්තමාන ලාංකීය ක්‍රිකට් ක්‍රිඩකයින්ගෙන් එක්කෙන්ක් . මැතිව්ස්ගේ තුන් ඉරියව් දක්ෂතා වලට වගේම වගකීම් සහගත බවටත් මම කැමතියි . පහල තියෙන්නෙ මැතිව්ස් ගේ දැවැන්ත 6 පහරක්





    07) Murali

    ක්‍රිකට් ලෙජන්ඩ් එකක් වුනු මුරලිට  කැමති නැත්තේ කව්ද ? . සුපිරි දක්ෂතාවය වගේම සිනහාවෙන් පිරුණු මුරලිගේ ක්‍රිඩාශිලි ගතියත් අගය කල යුතුමයි




    08) Albe Morkel

    ලැල්ල දාන පොරවල් වලට වඩා අත්දිගැරලා නෙලන උන්ට කැමත්තක් දක්වන මම මෝර්කල් ට කැමති හේතුවත් ඔහුගේ  6 පහර එල්ල කිරීමේ හැකියාවම තමයි . විශේෂයෙන්ම තමන් මූණ දෙන පලවෙනිම පන්දුව වුනත් ප්‍රේක්ෂකාගාරය මැද්දට විසි කරන එක මෝර්කල්ට සුලු දෙයක් . පහල තියෙන්නේ මොර්කල් එල්ල කරපු  මිටර් 124ක හයේ පහරක්



    09) Kiren Pollard

    කලින් කියූ පරිදිම පොලාඩ්ට කැමති වෙන්න හේතුවත් ප්‍රහාරක හැකියාවම තමයි . ඇඟට නොදැනෙන ගානට 6  පහර වල ගහන බටහිර ඉන්දිය කොදෙව්වන් අතර මම කැමතිම ක්‍රිඩකය වෙන්නේ පොලාර්ඩ්

    පොලාට් කැරිබියානු තරඟයක එක පන්දු වාරයකදි 6  ,5ක් ගහපු අවස්ථාවක් තමයි විඩියෝවේ තියෙන්නේ . විඩියෝවේ නාද සැහෙන අප්සෙට් වුනත් බලාන ඉන්න වටින පහරවල් ටිකක්






    10) Thisara Perera


     ජයසුරිය සහ අරවින්ද  ගියාට පස්සේ  අනික් කණ්ඩායම් වලට සාපේක්ෂව හයේ පහර ගැහීමේ හැකියාව තියන ක්‍රිඩකයින් ශ්‍රි ලංකා කණ්ඩායමට සෙල්ලම් කලේ අඩුවෙන් . මේ අතරින් ප්‍රේක්ෂකගාරය මැදට 6 පහර එල්ල කරන්න පුලුවන් ශක්තිවන්ත  තුන් ඉරියව් දක්ෂයෙක් තමයි තිසර 

    ඔය විඩියෝවේ තියෙන්නෙ තිසරගේ මීටර් 123ක හයේ පහරක්





    11) Kevin Peterson

    පීටර්සන්ට කැමතිවීම පිටුපස තියෙන්නෙ පරන කතන්දරයම තමයි . මහත්මා ලක්ෂන වලින් උපරිම වුනත් එංගලන්තේ බොහෝ ක්‍රිඩකයින් පන්දුවට පහර දෙත්දි මට නම් බලන් ඉන්න කම්මැලියි . එහෙම නොවෙන්නේ දිගට හරහට ගහන පිටර්සන් ගේ පිතිකරන දිහා බලා ඉන්න කොට විතරයි . පහල තියෙන්නේ ඔහුගේ ජනප්‍රියතම සහ ආවෙණික රිවස් (ස්විච්) පහරෙන් දක්වන දස්කමක්




    12) Shane Watson

    ශේන් වොට්සන් ගැනත් හේතුව නම් කලින් එකම තමයි . ඊට අමතරව බොහෝ ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයින්ට වඩා වොට්සන්ගේ හැසිරීම ප්‍රිය ජනකයි කියල කියන්න පුලුවන් . මෙ තියෙන්නෙ ඔහුගේ 6 පහර කිහිපයක්



    13) Virendra Shewag

    ශෙවාග් ගැන කතා කරත්දිත්  ප්‍රහාරත්මක පිතිකරණය තමයි මතක් වෙන්නේ . ඊට අමතරව ශෙවාග්  ගෙ දකින්න තියන විශේෂත්වය තමයි පිටියට අනුගත වෙන්න කාලය ගත නොකර පටන් ගත් තැන ඉඳන්ම වේගයෙන් පහර දෙන එක . බෝල විශාල ප්‍රමාණයක් නාස්ති කරල දැවී යාමෙ අවදානම මොහු නිසා  ඇති නොවෙන එක කණ්ඩායමට ලොකු වාසියක්





    14) Yuvraj Singh

    යුවරාජ්ට නම් බොහොමයක් ශ්‍රි ලාංකිකයින් කැමති නැ , මමත් ඔහුගේ හැසිරීමට අකමැති වුනත්  ප්‍රහාරාත්මක හැකියාවට නම් බොහොම කැමතියි . මේ කැමැත්ත  ඇතිවුනු 6*6 තමයි පහල විඩියෝව






    15) AB de villiers

    ඩිවිලියර්ස් ට කැමති වෙන හේතුවත් ප්‍රහාරක හැකියාවම තමයි කොහොම  වුනත් දැනට ලෝකේ ඉන්න ප්‍රහාරාත්ම ක පිතිකරුවන් අතින් වැඩිම පහරවල් සංඛ්‍යාවක් එල්ල කරන්න පුලුවන් ක්‍රිඩකයා මොහුය කියලයි මම හිතන්නේ






    ඔන්න ඔහොමයි කතන්දරේ , මුල් ක්‍රිඩකයින් කිහිපදෙනා කැමැත්තේ අනුපිලිවෙල වුනත්  ඊලඟ නම් ටික නම් පෙල ගැස්වුවේ නම් වල අකුරු අනුව . ඒ කියන්නේ මේ ක්‍රිඩකයින් 15 ලයිස්තුව  2S , 6M, 3P , 3S , 1D කියල පෙලගස්වන්න හැකියාව ලැබෙන නිසා . කැමතිම ක්‍රිඩකයින් වගේම අකමැතිම ක්‍රිඩකයිනුත් ලයිස්තුවක් ඉන්නවා පහල ඉන්නේ ඒ අය අතරින් කිහිප දෙනෙක්

    අෆ්‍රිඩි , ශෝන් ටේට් , සහිර් කාන් , ප්‍රවින් කුමර්, මුනාෆ් පටෙල් , දිල්ශාන් , දිල්හාර , චාමර සිල්වා , ශේන් වෝන්, ගංගුලි, කම්‍රන් අක්මල් ,

    38 comments:

    1. ක්‍රිකට් පිස්සො ! :)

      ReplyDelete
    2. මුරලිත් මාලිංගත් හැරුනම අනෙක් සියල්ලෝම පිතිකරුවන්. ප්‍රහාරක පිතිකරුවන්. බුවාගෙ චොයිස් එකට හේතු පැහැදිලියි.

      ReplyDelete
      Replies
      1. අනිවා ... මුරලි මාලිංගයි ඉඳල හිටලා හරි ගැහුවත් ගහන්නේ අර ස්ටයිල් එකටමනේ

        Delete
    3. කිරිකොස් රටක ඉපදිලාත් ක්‍රිකට් පිස්සෙක් වෙන්න බැරි වෙච්ච හැටි.

      ReplyDelete
      Replies
      1. ක්‍රිකට් නොගහන රටක පදිංචි වෙලා හිටියාම එහෙම තමයි

        Delete
    4. මම නම් මෙතනින් ආසම ඩිවිලියර්ස් ට ! ටැක්ටික්ක්ස් අතින් බැලුවත්, ටෙක්නික් අතින් බැලුවත් හොඳම හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක්... අනෙක් පඩ ෂෝ එහෙම නැති මූණ දිහා බලන්න පුළුවන් ප්‍රියමනාප ගතියක් තියෙන, හැම දිස්සෙම ගේමේම ඉන්න ක්‍රීඩකයෙක්...

      අනෙක් කෙනා තිසර... මිනිහා නම් මාරම ටැලන්ට් එකක්... අනිවා තව අවුරුදු 10 ක් ලංකාවට ගැහුවොත් මිනිහත් අපේ ලෙජන්ඩ් කෙනෙක් වෙනවා මයි !!!

      මහේල, සචින් දෙන්නටත් ආසයි. ඒ වගේම ගරු කරන ක්‍රීඩකයින් දෙන්නෙක්... අපේ තිසර වගේ තමා කොදෙව් පොලාර්ඩ්... ඕල් රවුන්ඩ් වැඩ්ඩෝ... බෝලෙයි පිත්තයි දෙකම ෆේල් වුනත් කැච් එකක් හරි අරන් දෙනවා...!!!

      බංගලිදේශේ ෂකීබ් සහ නායක බට්ටා රහීම් ටත් කැමතියි. පාකිස්ථානේ ඔක්කොම වගේ මට අරහං !

      බුවාගේ ක්‍රිකට් විචාරයක් අහන්නත් ආසයි ! සෑහෙන්න කාලෙකින් මාහිතේ... T20 කප් එකට කලින් මේ වගේ ලිපියක් බලාපොරොත්තු වෙනවා... ජය !!!

      ReplyDelete
      Replies
      1. ශකීබ් මාත් ටිකක් කැමති කෙනෙක් තමයි , ඩිවිලියර්ස් ගැන කථාවට මාත් එකඟයි , පොර ගහන්නේ ඇඟේ හය්යෙන්ම විතරක් නෙවෙයි

        Delete
    5. yako sanga thamai no 1 batsman uba cricket balala nadda

      ReplyDelete
      Replies
      1. සංඛ්‍යා ලේඛන අනුව නම් සංගා ඉදිරියෙන් ඉන්නවා කියල කියන්න පුලුවන් , ඒ වුනත් ඕනිම ස්ථානයක ඒ ඒ තැනට ගැලපෙන්න සෙල්ලම් කරන්න මහේල දක්වන දක්ෂතාවය (එක්දින හා 20-20 වල ) මම සංග ගෙන් දකින්නෙ නෑ

        Delete
    6. මං හිතන්නේ ලෝකයේ දක්ෂතම නායකයා ගත්තොත් ඒ මහේල/// dhoniට වඩා මහේල tactical ඒ වගේම aggressive!

      ReplyDelete
      Replies
      1. aggressive නොවී සාර්ථක නායකයෙක් වෙන්න පුලුවන් ය කියන එකට දෝනි හොඳම උදාහරණයක් කියල මම දකින්න ,උපක්‍රම ශිලි පැත්තෙන් මහේල තරන් නැතත් බොහොම නිහඬව ලස්සන ගේම් දිපු අවස්ථා මම දැකල තියෙයි , ජයග්‍රහණ( 2 world cups for india , 2 IPL championships , 1 T20 League Championships for CSK ) , සහ පිත්තෙන් දෙන දායකත්වය (Average 51.0 compared to 33 in ODI ) ත් එකතු කලාම මම හිතනව දෝනි ඉදිරියෙන් කියලා . කොහොම වුනත් දෝනිට වැඩි සම්පත් ප්‍රමාණයක් තියෙත්දි මහේල අඩු සම්ප්ත් ප්‍රමාණයකින් කටයුතු කරනවා කියලත් කියන්න පුලුවන්

        Delete
    7. මේක ඔයා පුද්ගලිකව ආස ක්‍රීඩකයෝ මිස දක්ෂතම ක්‍රීඩකයෝ ලැයිස්තුව නොවන නිසා අවුලක් නැහැ.ලංකාවෙන් මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතමයන් ( 96 න පස්සේ ) ගැන කතා කලොත් කතා දෙකක් නෑ සනා අංක එක මොකෝ ලෝක ක්‍රිකට් රටාව වෙනස් කරපු ක්‍රීඩකයෙක්.හැබැයි බුවාටත් අමතක උන වාස් කියන්නෙත් විශිෂ්ටයෙක්.මාලිංගට වගේ වේගයක්, ස්ලින්ගින් ඇක්ෂන් එකක් නැතුව මුරලිට හදපු ලංකාවේ විකට් වල වාස් පෙන්නපු දක්ෂතා විශිෂ්ටයි.අනික මහේල ගැන කතා කරන කොට සංගා ගැන කතා නොකර කොහොමද? ටෙස්ට් එක්දින ට අංශ තුනෙන්ම හොඳම පිතිකරුව මහේල, නමුත් අපිට මෙතෙක් බිහිවුන හොඳම ටෙස්ට් ඒ වගේම මෙතන ඔයා දාල තියෙන සමහර පිතිකරුවෝ t20 ක්‍රීඩකයෝ.හැබැයි සැබෑ දක්ෂයෝ කියන්නේ තුන් වර්ගයේම තරඟ වල දස්කම් පෙන්නන ක්‍රීඩකයෝ.උදාහරණයක් සචින්, ටෙස්ට් තරඟයක ඉවසිලිවන්තව 100 ක් ගහන සචින්ට ඕවර 50 තරඟයකත් ඒ දේම කරන්න පුළුවන්.ඒ වගේමයි සමහර විට පොලාර්ඩ් ටත් වඩා වේගෙන් T 20 ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන්.හැබැයි පොලාර්ඩ් ට එහෙම පුළුවන්ද ? පන්දුව හෙමින් එන තනතිල්ලක T 20 ඉනිමක්වත් ගහන්න පුලුවන්ද. ක්‍රිකට් කියන්නේ පොල් අඩි නෙමෙයි. තිසර පෙරේරගේත් තියෙන දුර්වලකම තමයි ඔහු ලේග්සයිඩ් බැට්මන් කෙනෙක් .පිට ඉන්න පැත්තේ පාරවල් අඩුයි.මේ දුර්වලකම හදා ගත්තොත් ඔහුටත් හොඳ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්..

      ReplyDelete
      Replies
      1. වාස් අමතක වුනේ නැහැ කැමැත්තෙ අනුපිලිවෙල තුල නැතුවා විතරයි , මම ටෙස්ට් තරඟයක් අවුරුදු ගනනාවකින් නරඹලා නැහැ .මම 70% 20-20 සහ 30% එක්දින වශයෙන් තමයි ක්‍රිකට් නරඹන්නේ ඒ නිසා ."පොල් අඩි" කාරයින් තමයි 'කැමතිම' ලයිස්තුවට එකතු වෙන්නේ . තිසර පොලාඩ් වගේ අයගේ දක්ෂතාවය පිතිකරනය , පන්දු යැවීම සහ පන්දු රැකීම කියන අංශ තුනෙන්ම එක වගේ කණ්ඩායමට ලැබෙන නිසා සෑකයකින් තොරවම ඉතාම වටිනා 20-20 ක්‍රිඩකයින් බව නම් කියන්න පුලුවන් . එක් දින තරඟ වලත් අවස්ථානුකූලව ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් . ටෙස්ට් තරඟ රටාවට තමා නොගැලපෙන්නේ

        ස්තුතියි අදහසට

        Delete
      2. cricket ක්‍රීඩාවේ සබැ දක්ෂයන් බලා ගැනීමට නම් Test cricket නැරබිය උතුය

        Delete
      3. අද හවස ගාල්ලෙ මැච්එකේ වගේ පන්දු යැවීමක් බලාගන්න 50,20 මැච් එකක කවදාවත් බෑ.

        Delete
    8. කෝ ක්‍රිස් ගේල්ස්?

      ReplyDelete
      Replies
      1. මාත් මේක අහන්නමයි ආවෙ..

        Delete
      2. මාත් මේක අහන්නමයි ආවෙ..

        Delete
      3. ගේල්ට තියන කැමැත්ත මේ 15 දෙනාට වඩා අඩුයි

        Delete
    9. මහේලගේ නායකත්වය හා වාස්ගේ මඳ වේග පන්දු, විවියන් රිචර්ඩ්ගේ පිතිකරණය, මේකෙ නැති එක අඩුවක් ඇයි මහානමගේ සහ පොන්ටින්ගේ ෆීල්ඩින්. අනෙක් සියල්ලන් ගැන මනාපයි.

      ReplyDelete
    10. තේරීම හොඳයි.... ජාක් කලිස් අමතක නොකල යුතු ක්‍රීඩකයෙක්... දැනට ඉන්න හොඳම ඕල්රවුන්ඩර්....

      ReplyDelete
      Replies
      1. //දැනට ඉන්න හොඳම ඕල්රවුන්ඩර්....//

        අනිවාර්යයෙන්ම

        Delete
    11. බුවාගේ කැමැත්ත මිසක් සැබෑ දක්ෂයෝ නෙවෙයි.

      ReplyDelete
      Replies
      1. මෙතන එකම 'සැබැ දක්ෂයෙකවත් ' නැහැ කියලද කියන්නේ

        Delete
    12. මං ආසම ක්‍රීඩාව ගැන ලිව්වට ස්තුතියි.

      ReplyDelete
    13. whaaattt??
      සංඝා නැති උනේ කොහොමද?

      ReplyDelete
      Replies
      1. සංගාගෙ මහත්මා ගති ගුණවලට , නිර්භීත කථාවට බොහොම ගරු කරන කෙනෙක් මම . එත් ඔහුගේ පිතිකරන ශෛලියට වඩා මේ ලිස්ට් එකේ අයගේ පිතිකරන යට කැමතියි

        Delete
    14. කළුවිතාරණ කෝ?අසංක ගුරුසිංහ (ගුරා)?
      අනික බ්‍රාවෝ,ගේල්?

      මම කිරිකොස් පිස්සෙක් නෙවි හරිය :ඩී

      ReplyDelete
      Replies
      1. කලුවා ත් ලිස්ට් එකේ ඉන්නවා මීට පහලින් , ගුරාට නම් මම ඒ තරම් කැමති නෑ

        Delete
      2. උන් දෙන්න එච්චරම වැටිලද ඈ?

        Delete
    15. මම ආසම කෙනා නැහැ !! :(

      ReplyDelete
      Replies
      1. කවුද ඔයා ආසම කෙනා? හෙන්රි ඔලොන්ගා ද?

        Delete
    16. සිත් ගන්නා සුළු ලිපියක්. මගෙත් No.1 සනා තමයි.

      ReplyDelete
    17. ටෙස් මැච් නම් බලන්න එපා වෙනවා
      වන් ඩේ නම් අව්ලක් නෑ
      20-20 නම් පට්ට ඉක්මනට ඉවර වෙනවා නේ
      මම නම්
      1.මාලිංග
      2.ක්‍රිස් ගේල්
      3.පෝලාඩ්

      ReplyDelete
    18. යාලු කො සංගා.ලංකාවෙ cricket post එකක සංගා නැ කියන්නෙ පුදුමයක් මගෙනම් අංක 2 සංගා සනා ඇරැනාම.

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...