Skip to main content

උසස් අධ්‍යාපන ඇමතිගේ රෙදි ගැලවූ අධිකරණයට අපේ ප්‍රණාමය !


ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක්  කරන්නට ගිය ශ්‍රි ලංකාවේ උසස් පෙල ප්‍රථිපල ටික හෝ නිසි ආකාරව ලබා දීමට නොහැකි බව විශ්ව විද්‍යාල උපාධිදාරින් වූ  අධ්‍යාපන ඇමති හා උසස් අධ්‍යාපන ඇමතිවරයාත් උසස් අධ්‍යාපන අමාත්‍ය වරයාත් පසුගිය කාලයේ මැනවින් සනාථ කලහ .සැහෙන තරම් ප්‍රමාද වී , දෝෂ සහිත ප්‍රතිඵල නිකුත් කර ඒය සාධාරණී කරනය කරන්නට ගොස් හත් පොලේ ගාගත් උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා  ඔහු විසින්ම සොයා ගත් ජ්‍යාමිතිය සුත්‍රයකින්  Z ලකුණු එක් කර එයත් සාධාරණී කරනය කලේ Z ලකුණු ක්‍රමය ශ්‍රි ලංකාවේ විභාග ක්‍රමය සඳහා හඳුන්වා දුන්නේයැයි පැවසෙන  විද්වතාණන්ද එම ක්‍රමය ප්‍රතික්ශේප කර තිබියදීය .

සිසුන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් අධිකරණයට ගිය ගුරු සංගම් සහ සිසුන්ගේ උත්සාහය ඵල දරා ඇත . අධි මාන්නයෙන් යුතු ඇමතිවරුන්ගේ මාන්නය දෙපරංශයෙන් විසි වෙන තීන්දුවක් ශේෂ්ඨාධි කරණයෙන් ලබා දී ඇත , එනම් ඇමතිවරයාගේ "ජ්‍යාමිතික " සුත්‍රය වැරදි බවත් පැරණි  හා අලුත් විෂය නිර්දේශයන් යටතේ විභාගයට පෙනි සිටි සිසුන් වෙනුවෙන් වෙන වෙනම  Z අගයන් ගණනය කල යුතු බවත්ය . අධි කරණයේ ස්වාධිපත්‍යය පිලිබඳව පවා ප්‍රශ්න කෙරෙමින් තිබෙනා යුගයක ශ්‍රේෂ්ඨාදිකරණයේ මෙම තීන්දුවට මෙන්ම මේ සඳහා අධිකරණයේ පිහිට පැතු  සියලු දෙනාටද සමස්ථ ශ්‍රි ලංකා වාසින්ගේ ප්‍රණාමය  හිමි විය යුතුය . මන්ද දේශපාලකයින්ගේ මන්ද බුද්ධික ක්‍රියාමාර්ග වල අතුරු ඵලයන්ට එරෙහි වීමේ ඉතා සුලු අවකාශයක් තවමත් ඉතිරිව ඇති බව පෙන්වා දීම නිසාය


පමාවී වී හෝ සාධාරණය ඉටු වුවත් , මේ හේතුවෙන් විශ්ව  විද්‍යාල වලට ඇතුලත් වීමට සහ  ඇතැම් විට වෙනත් අධ්‍යාපනික මාවතක් තෝරා ගැනීමට ප්‍රමාද වන  ජව සම්පන්න තාරුණ්‍යයේ කාලය නිරපරාදේ විනාශ වන සිසුන්ට වූ අයුක්තිය ඉන් නිවැරදි වන්නේ නැත . තරුණ ජීවිත සමඟින් සෙල්ලම් කිරීම හෙණ  ගහන අපරාධයක් වුවත් මුන්ට හෙණ ගහන්නේ නැත , වෙනත් රටක නම් මේ වනවිටත් අදාල අමාත්‍යවරුන් ඉල්ලා අස්වී තිබුනත් ලැජ්ජාවක් කියා දෙයක් ගැවිලාවත් නැති මුන් ඉල්ලා අස් වෙන්නෙත් නැත . මුන් කොතරම් නා ගත්තත් මනාපය ගසනා  ගස් ගොබිලන් ලබන මහ මැතිවරණයේත් මුන්ටම මනාප ගැසීම වලකින්නෙත් නැත . වඩාත් කණගාටුදායක කරුණ එයය

 ඉහත රූපයේ බොරු ලැජ්ජාවකින් ඇඹරෙනා උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා සැබවින්ම ලැජ්ජා නැත්තෙකු බව අනේක වාරයක් ඔප්පු කර ඇති නිසා ඔහුගෙන් යමක් බලාපොරොත්තු නොවුවත් අවම වශයෙන් ජනපතිවරයාට හෝ ලැජ්ජාවක්  කියා දෙයක් තිබේ නම් දැන්වත් මේ පිස්සා රටේ තරුණ ජීවිත සමඟ සෙල්ලම් කිරීම වහා නැවැත්විය යුතුය . උපාධි කොලයක් තිබු පමණින් වැදගත් මිනිසෙකු නොවන බවට මනා උදාහරණයක් වන මේ පුද්ගලයා නැතුවාට උසස් අධ්‍යාපන විෂය භාර දීම සඳහා උගත් ,බුද්ධිමත් වැදගත් මිනිසුන් ඕනැ තරම් සංධාන රජය තුලම ඇත !

Comments

  1. පිටිපස්සේම ඉන්න කෙනා අද ඉන්න තත්වයට පත් වුනාම තමා අනිත් අයට හරි වැරැද්ද තේරුම් ගන්න වෙලාවක් ලැබෙන්නේ..

    ReplyDelete
  2. නඩු තීන්දුව ගැන හරියටම දන්නේ නැහැ. නමුත් වෙන වෙනම ගණනය කිරීම නම් හරියන වැඩක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යානය පිලිබඳ මගේ දැනුමෙන් මට හරි වැරැද්ද නිගමනය කරන්න බැ . මේ පිලිබඳ විද්වතුන් අතර මතගැටුමක් මුලදිම අපි දැක්කා . එහෙම අවස්ථාවක අංග සම්පුර්න විද්වත් මණ්ඩලයක් (තටිල් මහතාද ඇතුලු ) හරහා වඩාත් උචිත විදිහ තෝර ගන්නත් , ඒ තෝරා ගැනීම පිලිබඳ ගුරුවරු සිසුන් නිසි පරිදි දැනුවත් කරන්නත් රජය කටයුතු කල යුතුව තිබුනා . ඇමතිවරුන් තමන්ගේ පුරුදු අහංකාර කමෙන් වැඩ කරල චොර කරගත්ත එක තමා අන්තිමේදී සිද්ධ වුනේ

      Delete
  3. මම මේ මඟ බලන් හිටියේ ඔබගේ විග්‍රහය එනතුරු. මේ පුණ්‍ය ක්‍රියාවට දායක වූ සියල්ලන්ටම මාගේද ප්‍රණාමය මෙසේ පුදමි. මෙය ලියූ ඔබටද සමග. පුස්සන් රජකරනා රටක නිස්සන් මෙසේ හෝ කෙදිරියක් නැඟීමද, අතිගරු අධිකරණය ඒ පිළිගැනීමද ඇත්තෙන්ම පුදුම සහගත දෙයක් ලෙස මම දකිමි. කෙසේ හෝ කළු වලා අතර හෝ රිදී රේඛාවක් සේ මමද මේ තීණ්දුව දකිමි. ඉදිරියටත් උත්සාහ කර බැලීමට අපමණ අවස්ථා එනු ඇත. අපි බලමු....

    ReplyDelete
  4. http://www.uorunion.co.cc/

    ReplyDelete
    Replies
    1. ඔය බ්ලොග් අඩවිය මම කලින් දැකලා තියනවා ,මේ කාරණයේදී කෙසේ වෙතත් ඔවුන්ගේ මතවාදයන් සහ මගේ මතවාදයන් දෙපැත්තක තියන බවක් තමයි පේන්න තියෙන්නෙ

      Delete
  5. තරුණ ජීවිත සමඟින් සෙල්ලම් කිරීම හෙණ ගහන අපරාධයක් වුවත් මුන්ට හෙණ ගහන්නේ නැත...!

    නියමටම කියල තියනවා බුවා...!

    ReplyDelete
  6. අැති යන්තං රෙද්ද ගැලවෙන්න සෙට් උනා!

    ReplyDelete
  7. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්නට නැවත ගණනය කිරීම් කරන්නෙත් පරණ උන්ම වෙන්න ඇති. ආයිත් මොන මොන ජල්බරි දායිද මංද? කොහොම වුනත් සිසුන්ට දෙමාපියන්ට ගුරුවරුන්ට සියළු පාර්ශ්වවලට ක්‍රමය සම්බන්ධයෙන් තිබුණු විශ්වාසය බිඳවැටුණට පස්සෙ දැන් නැවත එය ගොඩනැගීම අසීරු වේවි. අපි සුභවාදීව බලන් ඉඳිමු.

    // අවම වශයෙන් ජනපතිවරයාට හෝ ලැජ්ජාවක් කියා දෙයක් තිබේ නම් දැන්වත් මේ පිස්සා රටේ තරුණ ජීවිත සමඟ සෙල්ලම් කිරීම වහා නැවැත්විය යුතුය //

    මේක ගැන ඔබට හරියටම සහතික වෙන්න පුළුවන් ද? මට නම් පේන්නෙ එස්බී ඇතුළු සියළුම දෙනා ජනාධිපතිවරයගෙ බෙර පදේට නටන රූකඩ බව විතරයි. අද ඉන්න ඇමතිවරු ගේන මුග්ධ යෝජනා සියල්ලම නිර්මාණය වෙන්නෙ එක තැනකින්, ඔවුන් ස්වාධීනව වැඩකරනව කියල හිතන්න අමාරුයි. ඒ යෝජනා නැගල ගියොත් ගෞරවේ ජනාධිපතිතුමාට, වැඩේ කෙළවුනොත් අපවාදෙ ඇමතිතුමාට. ඒ වගේ චා වෙච්ච වෙලාවට ඉතින් තමන්ගෙ කුණු අදින ඇමති තවත් පජාතකරල එතුම ප්‍රශ්නවලට විස‍ඳුම් දීල එක දාගන්නව. ඒක තමයි අද සිස්ටම් එක. ඔය අතරෙදි එස්බීල ජොනීල කැපිල පේන්නෙ ඔවුන්ට ලැබිල තියෙන අමාත්‍යංශයෙ වැදගත්කමත් ඔවුන්ගෙ වාචාලකම හේතුවෙන් කියනවටත් වැඩිය හයියෙන් බුරනනිසාත්.

    ReplyDelete
    Replies
    1. ඔබ කියල තියන කථාව හරි , හැබැයි උසස් පෙල ප්‍රථිපල වගේ දෛනික දෙයක් නාගනිද්දි නම් ලොකු තැනගේ සම්බන්දයක් නැතුව කියලයි මට හිතෙන්නේ

      Delete
  8. එස් බි , බන්දුල ඩබල ගැන කවර කතාද ? මුන් තම බඩගෝස්තරය වෙනුවෙන් සළුපිලි උනා දැමුවේ අද ඊයේද ? කිසිම ප්‍රමිතියක් නැති මාලබේ පුද්ගලික විශ්ව විද්‍යාලය වෙනුවෙන් කඩේ යාම මුගේ අලුත්ම බඩගොස්තරයයි.අර රාමා ගේ කොමෙන්ටුවෙන් කියන්නාක් මෙන් ලෝක දහමට අනුව පින්තුරයේ පිටිපස්සේ ඉන්න එක්කෙනාට වුනු දෙය මුන්ටද හොඳ පාඩමකි.මේ ආණ්ඩුව තරම් ඉතිහාසයේ අදාල විෂයට අදක්ෂතම ඇමතිවරුන් සිටි වෙනත් ආණ්ඩු සමයක් තිබේද ? මුන් දෙන්නා අධ්‍යාපනය කා දමයි..ජොනි වෙළදාම කා දමයි ....මෛත්‍රී සෞඛ්‍ය නා ගනී ...කෘෂිකර්මයට ඇමතියෙක් ඉන්නවද නැද්ද කියලවත් නැත...ලොක්කා භාරව සිටින මුදල් හා ආර්ථිකය හොම්බෙන් යන ගානට වැටී ඇත..විදේශ ඇමතියා ලෝකය ඉදිරියේ රටේ ප්‍රතිරූපය ගොඩ නැංවීම කෙසේවෙතත් තමන්ගේ ප්‍රතිරූපය වත් ගොඩ නගා ගත නොහැකි එකෙකි..ඉතින් මේ සිරිලක අසමතුන්ගේ රජදහනකි.....

    ReplyDelete
  9. විනිසුරු තුමාට / තුමන්ලාට තව කාලයක් යෙහෙන් වැජඹෙන්නට (රැකියාව කරන්නට) ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා !

    ReplyDelete
  10. ඉබ්බන්ට කොයින්ද බුවෝ පිහාටු ?

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි තමා , ඒත් ඔන්න ඔහේ නිකන් කට කහනවට වගේ පිහාටු ඉල්ලලා බලමු !

      Delete
  11. උ/පෙළ Z ලකුණු වැරදියි...මේ කියන්නේ මමවත් සිරස විමර්ශනවත් නෙමේ. 'ශ්‍රේෂ්ඨාධිකරණය' යි. ඔබට ලැජ්ජාවක් නැති බව දනිමි. දරු මුණුපුරන්ටත් ලැජ්ජා නොකර කරුණාකර ඉල්ලා අස් වුනොත් නරකෙයි?

    ReplyDelete
  12. //වෙනත් රටක නම් මේ වනවිටත් අදාල අමාත්‍යවරුන් ඉල්ලා අස්වී තිබුනත් ලැජ්ජාවක් කියා දෙයක් ගැවිලාවත් නැති මුන් ඉල්ලා අස් වෙන්නෙත් නැත . මුන් කොතරම් නා ගත්තත් මනාපය ගසනා ගස් ගොබිලන් ලබන මහ මැතිවරණයේත් මුන්ටම මනාප ගැසීම වලකින්නෙත් නැත//

    මේක තමයි ලොකුම ප්‍රශ්නෙ..අහිංසක කොල්ලො කෙල්ලන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන එක මුන්ට ජොලියක් වෙලා

    ReplyDelete
  13. //ඉහත රූපයේ බොරු ලැජ්ජාවකින් ඇඹරෙනා උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා සැබවින්ම ලැජ්ජා නැත්තෙකු බව අනේක වාරයක් ඔප්පු කර ඇති නිසා ඔහුගෙන් යමක් බලාපොරොත්තු නොවුවත් අවම වශයෙන් ජනපතිවරයාට හෝ ලැජ්ජාවක් කියා දෙයක් තිබේ නම්//
    උඹට පිස්සුද බුවෝ? මට නං ඒ ගැන කතාකරන්නත් ලැජ්ජයි.
    මේ කේස් එක නිසා ඉස්සරහට මොනව වෙයිද දන්නෙ නෑ. ළමයි/දෙමව්පියන් ඉන්නෙ අවිනිශ්චිතතාවයෙන්. මම නං කියන්නෙ විශ්ව විද්‍යාලවලට ගන්නා සිසුන් ප්‍රමාණය වෙනත් වාරවලට වඩා පොඩ්ඩක් වැඩිකරල හරි ප්‍රශ්නයට මැදිවුන අයට සහනයක් දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. //මම නං කියන්නෙ විශ්ව විද්‍යාලවලට ගන්නා සිසුන් ප්‍රමාණය වෙනත් වාරවලට වඩා පොඩ්ඩක් වැඩිකරල හරි ප්‍රශ්නයට මැදිවුන අයට සහනයක් දෙන්න ඕන//

      මතකද එක සැරයක් කොමා ප්‍රථිපල වරද්දලා (රසායන විද්‍යාව ) ලොකු තැන මැදිහත් වෙලා ඔය වැඩේ කලා . මට මතක විදිහට රජරට වෛද්‍ය පීඨය දැම්මේ ඔය සීන් එකෙන් , අන්තිමේදි ඒකත් ළමයින්ටම කෙලවීමක් උනා

      Delete
  14. "අවම වශයෙන් ජනපතිවරයාට හෝ ලැජ්ජාවක් කියා දෙයක් තිබේ නම් . . "

    උඹට පිස්සුද?

    ReplyDelete
  15. අඩේ රාජ්ටත් මට හිතුනු එක ම හිතිලා

    ReplyDelete
    Replies
    1. උඹලට විතරක් නෙවෙයි මටත් හිතෙනවා , නිකන් ලිපිය අවසන් කරන්න ලස්සන ඡේදයක් විදිහට දැම්මා කියලා හිතාගන්නකො . හැබැයි මෙහෙම දෙයක් තියනවා , මේ වැඩේට ලොක්කා මැදිහත් වෙලා සාධාරණ විසඳුමක් දිලා (දුන්නාය කියල ) හොඳ පබ්ලිසිටියක් ගන්න පුලුවන්

      Delete
  16. කියන්න තියන ටික නියමෙට කියලා තියනවා ! ඔහොම යමු !

    ReplyDelete
  17. රෙද්ද ගැලවුනත් මුන්ට ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් නෑ. හිස්වතින් ඉන්න උන්ට රෙදි ඇන්දත් එකයි නැතත් එකයි බුවා කොල්ලෝ.

    ReplyDelete
  18. ------------------------------ දැන්වීමකි ---------------
    මේගැන කළ විපරමක්.
    සමාවෙන්න මේ ලිපිය ටිකක් සංස්කරණය කළා නම් හොදයි.නමුත් අවිවේකය හරස් වෙනවා.

    http://meeghaya.wordpress.com/2012/01/28/z%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1-%E0%B7%80/

    -----------------Thank you--------------------- --------------

    ReplyDelete
  19. වැඩක් නැහැ අප්පා මේ ලංකාවේ වැඩ නම්!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව