Skip to main content

තණමල්විල හිච්චි එකාගෙන් සිරියාවේ අසාද් අන්කල්ට ලියුමක්


ආදරණීය අසාද් අන්කල් ,

පවුලේ මල ගෙයකුත් වෙලා තියෙත්දී අන්කල් හොඳින් ඉන්නට විදිහක් නැති නිසා ඒ ගැන අහන්නේ නැය , හැබැයි මම නම් ඉතා හොඳින්ය . මම කලින් ගඩාෆි අන්කල් ට ලියුමක් ලියන කොට පරක්කු වුනා වැඩිය , දෙවෙනි එක යවන්න උනේ අපායටය . ඒ නිසා අන්කල් වැඩේ අල කරගන්නට කලින්ම ලිව්වොත් හොඳයි කියා හිතුනාය . ගඩාෆි අන්කල් ට අපි ආදරේ අපේ ආඩම්භර කාර තාත්තා අන්කල්ගේ  බොක්ක ෆිට් එකක් වුනු නිසාය , අන්කල් එහෙම ෆිට් එකක් නොවුනත්  අන්කලුත් අධිරාජ්‍ය විරෝධී කඳවුරේ නිසා අපේ  මිතුරෙක් කියා සලකන්න පුලුවන් කියා අපේ අම්මා කියනවාය .


අපේ අම්මා  ඇමරිකාවේ නම ඇහුනත් තදවෙන තරම් දේශප්‍රේමීය , එයා දේශප්‍රේමයෙන් දෙවෙනි වන්නෙ අපේ උපවාස වංශ අන්කල්ට විතරය . උපවාස වංශ අන්කල් ඇමරිකන් බඩු වර්ජනය කරන්නට කිව්ව දවසේ ගේ පෙරල පෙරලා ඇමරිකන් බඩු ගිනි තියන්න හෙව්වාය . හොඳ වෙලාවට අපේ ගෙදර තියෙන්නේ ඔක්කොම චීන - ඉන්දියන් බඩුය . අම්මා ගුගල් ගැන දන්නේ නැය . කේඑෆ්සී කන්නට තාත්තාගේ පඩියෙන් කොහොමත්  බැය , අන්තිමේදි අම්මා හිස් මෙගා බෝතල් ටිකක්  ගිනි තියා බතුත් නොකා නිදාගත්තාය . අම්මා හිතුවේ ගිනි තිබ්බේ කොකාකෝලා බොතල් කියාය , හැබැයි ඒ තාත්තා ගේ අලියා බීම සෝඩ බෝතල්ය . ආඩම්භර කාර   බාප්පාගේ දුව ඇමරිකන් කාරයෙක් බැන්ද එක ගැන අම්මාට මාර අප්සෙට්ය , ඔය ගැන කෝචොක් කොරන්න ගිය තාත්තා තව පොඩ්ඩෙන් මෝල් ගස් පාරකුත් කනවාය . 




තාත්තා නම් ඇමරිකන් හිතවාදීය . අන්කල්ගේ මස්සිනා පොඩ්ඩ වලකජු  ගැහුව නිවුස් එකට තාත්තා ගිය ආතල් එක  දෙදහස් මුල ගණන්වල රනිල් අන්කල් අගමැති වූදා ගිය ආතල් එකටත් වඩා ලොකුය කියා අම්මා කිවාය .  රුසියාවේ පුටින් අන්කල් ඉන්න කන් අන්කල්ට මොකුත් වෙන්නේ නෑ කියා අම්මා කිවාට තාත්ත නම් කියන්නේ නේටෝවෙන් බැරි උනාට ඔබාමා අන්කල් යටින් ගාණට වැඩෙ පත්තු කරලා කියාය. අධිරාජ්‍ය ගැත්තන්ගේ ප්‍රකාශ වලට සැලෙන්න හොඳ නැ වුනත් දැන් දැන් හිතෙන්නේ තාත්තා හරි කියාය . 


අපේ බටහිර විරෝධී අය්යාත් මේ දවස් වල ගෙදරය , මේ දවස් වල විතරක් නෙවෙ ඌ දැන් මාස ගාණක ඉඳන් ගෙදරය . දවසේම කකා බිබි නිදියන පොර දැන් විරුද්ධ එස්.බී අන්කල්ට විතරය ඒ නිසා අන්කල්ට සප් එකට අපේ ගෙදරින් ඉන්නේ මාත් අම්මාත් විතරය

අම්මා මොනවා කීවත් මට දැන් නම් හිතෙන්නේ ඕනිවට වඩා දේශප්‍රේමි වෙන්න ගියොත් කෙලවෙනවා කියාය . පුටින් අන්කලුයි ජින්තාවො අන්කලුයි බේරා ගනියි කියලා බලාහිටියාට වැඩක් වෙන්නේ නැ වගේය . ඔබාමා අන්කල් ලා හින් නුලෙන් වැඩේ දෙන්නට දන්නවාය . අපේ  ආඩම්භර කාර  පියා අන්කල් නම් වැඩේ තේරුම් අරන් පාටක් ලාවට පේන්න  තියනවාය ඒ ජිනිවා වලදී මන මෝහන සීයා කොකා පෙන්නුවායින් පසුවය . මං අන්කල්ටත් කියන්නේ පොඩ්ඩක් ශේප් වෙන්න බලන්න කියාය , අන්කල්ට  තාමත් ඔනිවටත් වඩා චැන්ස් තියනවාය .

 _ක-ගෙදර අය්යා ටීම් එකට එන්නත් කලින් මැච් එක පරදින එක ගැන දුකෙන් ඉන්න අපිට තවත් අධිරාජ්‍ය විරෝධියෙකුට කෙලවෙනවා බලන් ඉන්නට බැරිය , අන්කල්ට "රාමදාන් කරීම් "ය , නාථ දෙවි පිහිටය !

                           - මීට තණමල්විල හිච්චි එකා

Comments

  1. මරුය.අපිනං ඕං අධිරාජ්‍ය විරෝධීය.එනිසා අපිත් මාමාගේ පැත්තේය.

    ReplyDelete
  2. කොහොමත් බුවා අප හැමෝම හමු වන්නේ අපායේදී තමා. මට අසාද් අයිය පන්නන එක ගැන මහා සන්තෝෂයක් හෝ කනගාටුවක් නැහැ. හැබැයි, මේක වෙන්න තුබුන දෙයක්. මේ අයියා කලින් තේරුම් ගන්න ඕනේ කමක් දැක්කුවා නම් මේක මිට වඩා හොඳ විදිහකට අවසාන කර ගන්න තිබුනා. ඊශ්‍රායල් කාරයොත් අසාද්ව පන්නන එකට ලොකුවට නොවේ පොඩියට වත් සන්තෝෂ වෙනවා යයි හිතන්න බැහැ. මැදපෙරදිග තියන අන්තිම රුසියානු හිතවත් "වාම" ආණ්ඩුවේත් අවසානය අසාද්ගේ කඩා වැටීම සනිටුහන් කරාවි. මේක තමයි කියන්නේ බුවා "කොතරම් හොඳ" යයි කියන ඒකාධිපති පාලන ක්‍රමයක් වත් සමාජයට හොඳක් ඉතිරි කරන්නේ නැහැ. ඒ වගේ පාලන ක්‍රම අවුරුදු හැටක් හැත්තෑවක් තිබුනත්, කඩා වැටුණු දවසට අර කලින් ඉඳපු තැනමයි ඒ සමාජය ඉන්නේ. නැත්නම්, නාකි සියා කෙනෙක් උන ගඩාපිව මහා පාරේ පොලුවලින් ගහලා මරන්නේ නැහැ නොවැ. මේ වගේ රටවල් වර්ණනා කරන "දේශප්‍රේමියන්" ඕනේ කමින්ම අමතක කරන එක දෙයක් තමා ඒක. නමුත් ඊට වඩා ගොන් කමක් තමා ලංකාවේ වගේ රටක "අරාබි වසන්තය" බිහි වෙන කම් සිහින මැවීම. අපේ ආණ්ඩු අඩු වැඩි වශයෙන් "ජනතාවගේ කැමැත්ත" හැමදාම පිළිබිඹු කළා. "ජිල් මාර්ට්" වලට හිලව් කලාට මේවා පත් කර ගන්න ජනතාවට අවස්තාව අපේ රටේ තුබුණා. හැබැයි චන්දෙට තමන් වත් ලියා පදිංචි නොවී චන්දෙ ඉල්ලන කොට එතන ප්‍රජාතන්ත්‍ර වාදයට තමන්ගේ තියන කැප වීමත් පෙන්නුම් කරනවා.

    ReplyDelete
    Replies
    1. ""ජිල් මාර්ට්" වලට හිලව් කලාට මේවා පත් කර ගන්න ජනතාවට අවස්තාව අපේ රටේ තුබුණා. හැබැයි චන්දෙට තමන් වත් ලියා පදිංචි නොවී චන්දෙ ඉල්ලන කොට එතන ප්‍රජාතන්ත්‍ර වාදයට තමන්ගේ තියන කැප වීමත් පෙන්නුම් කරනවා."

      Ane, yata kaella kiyewwama Buwata tharaha yayi!

      Delete
    2. රයිගම - අදහසට එකඟයි , හිනියට ඇනල තියන ටොක්ක ගැනත් එහෙමම තමා

      ඇනෝ- මම ඔය ජිල් මාට් කථාවට පක්ෂව කථා කරපු තැනක් එහෙම දැකල තියනවද ?

      Delete
  3. හෙක්... හෙක්...ගඩාෆි අංකොල්ට කළ අසාධාරණය බුවා අසාද් අංකොල්ට නොකල එක පිළිබඳ මගේ ප්‍රණාමය.

    දැන්වත් හැදෙන්න අසාද් අංකොල්...

    අපේ ආඩම්බොරකාර පියා නම් හැදී ඇති බව පෙන්නනවාය.

    මොන පෙන්නනවා විතරය.

    ඇමරිකන් කාරයා නියමෙට රැවටෙනවාය. මන් මෝහන් සීයා රැවටුනේ නැහැ තමයි. ඒ වුනාට ඇමරිකන් කාරයන්ට රාවණා මුත්තා ආවහම වැඩේ දෙන්න අපි සෙට් වෙලා ඉන්නෙ. අංකොල්ටත් තියන්නේ අපේ ආඩම්බොරකාර පියාගෙන් අවසර ඉල්ලගෙන රාවණා මුත්තා අවහම අපිත් එක්ක සෙට් වෙනකන් පොඩ්ඩක් ෂේප් එකේ ඉන්න එකයි.

    බුවා රාවනා මුත්ත ගැන අංකොල්ට ලියලා නැහැ. අනේ මන්ද ඊරිසියාවද කොහෙද?

    ReplyDelete
    Replies
    1. අප්පා රාවණ මුත්තව අමතකම උනා නෙව

      Delete
  4. "අන්කල් එහෙම ෆිට් එකක් නොවුනත් අන්කලුත් අධිරාජ්‍ය විරෝධී කඳවුරේ නිසා අපේ මිතුරෙක් කියා සලකන්න පුලුවන් කියා අපේ අම්මා කියනවාය"
    :D
    "ආඩම්භර කාර පියා අන්කල් නම් වැඩේ තේරුම් අරන් පාටක් ලාවට පේන්න තියනවාය"
    පියා අංකොල්ගේ ඔය කියන විලෝදයක් නැත. ගෙදරදී පොඩ්ඩක් සැල පෙන්වීම විතරය. තාත්ත උනාම පොද්දක් සැලට ඉන්න ඕනනේ.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? ... ඒත් තාත්තා ගෙදරදි දාන සැර පාට් පිටට ඇහිලද මන්ද සමහරක් ලොකු ලොකු අන්කල් ලා තාත්තව එච්චර ගණන් ගන්නේ නැති පාටක් පේන්න තියනවා නේ

      Delete
  5. බුවා පැවසූ වදන් සිතට ගනු මැනවි...
    අසාද් අංකල්ට ජය වේවා..!!

    ReplyDelete
  6. හෙහ් හෙහ් .... ආඩම්බොරුකාර තාත්තාට මාගේ ප්‍රණාමය ! නැත්නම් අපිටත් කන්න වෙන්නෙ පස්යැ. (දැනට කියල වෙනසකුත් නැත, ඒ වුනත් ඒවා ඇමරිකන් පස් වගේ නොවේය, දේශප්‍රේමීය)

    // ඔය ගැන කෝචොක් කොරන්න ගිය තාත්තා තව පොඩ්ඩෙන් මෝල් ගස් පාරකුත් කනවාය //

    බුවාලගෙ ගෙදරත් හරි ජල්බරි නොවැ. මෝල් ගස් වංගෙඩි මිනී මරපු රටක් මේක. තව පොඩ්ඩෙන් සීරිස් 2, පරෙස්සමට හොඳේ.....

    ReplyDelete
    Replies
    1. මේ අපේ ගෙදර නෙවෙයි , හිච්චි එකාගේ ගෙදර නෙව

      Delete
  7. ඊළග ෂොට් එක ලැබෙන්න කලින් අන්කල්ට ලියපු එක හොදා..නැත්තම් ඉතින් අපායට තමා මේල් එක යවන්න වෙන්නේ

    ReplyDelete
  8. අම්මේ බුවාගේ අම්මා ඇමරිකාව එක්ක තියන තරහ
    බුවෝ අම්මගෙන් බ්ලොග පරිස්සම් කරගනින්

    ReplyDelete
    Replies
    1. මේ ඇවිල්ලා හිච්චි එකාගේ අම්ම නෙව

      Delete
  9. :) :) හි හි..:)

    ReplyDelete
  10. හැක්.. හැක්.. ටොප්ය.

    ReplyDelete
  11. හිච්චි එකෝ, ඊළඟ ලියුම අහමදිනේජාඩ් අංකල්ට නේද?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව මට බය තියෙන්නේ ලියන්නත් කලින් කෙලවිලා යයිද කියලා

      Delete
    2. එතරම් ලේසි වෙන්නේ නැහැ සුටි පුතේ. බෝලාගේ මහා උන් තාම ඉරාකෙනුයි ඇෆ්ගනිස්ථානයේනුයු ගැලවෙන්න බැරුව දඟලනවා

      Delete
    3. ගැලවෙන්න බැරිකමකට වඩා තියෙන්නේ ගලවගන්න අවශ්‍යතාවයක් නැති එක , ටයි නැතුව කෝට් අඳින බොලාගේ ලොක්කට පොඩ්ඩක් ඉන්ට කියාපන් ඡන්දේ අහවර වෙනකන්

      ප.ලි - කැමති නම් ඩික්ටේටර් ෆිල්ම් එක හොයාගෙන බලපන් ඒ අතරේ

      Delete
  12. ඇත්තටම හාස්‍ය රසය මතු වෙනවා :)

    ReplyDelete
  13. පූටින් අංකල් විකුණගෙන කන ස්වභාවික සම්පත් හිඳිලා, එහෙ අය අඩුවෙන සහනාධාර නිසා විප්ලව කරන්න නැඟිටින්න ගනිද්දි පූටින් අන්කල්ට වහාම සිරියාවේ ඊ ළඟ අන්කල්ලා උවමනා වෙනවා ය!!!!

    ReplyDelete
    Replies
    1. Ekata thawa godak kalaya yayi none!

      Delete
    2. Maath oba samagayi ano. Me repablikan aantilaa balaagena inne rusiyaave sampath hindena kam. Oyaalata godak kal balaagena inna veyi aanti! Don’t you have better things to do at your home(US)?

      Delete
    3. අරුණි - සම්පත් එකතු කර ගැනීමේ තරඟයේදි උපක්‍රමශීලි වෙන කෙනා දිනුම් , පුටින් අන්කල්ලා ගැන සාර්ථක අනාවැකි පල කරන එක නම් එච්චර සරල දෙයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ

      ඇනෝ 1&2 - රුසියාවෙන් හෝ චීනෙන් ඇමරිකාවට කෙලවෙන කන් බලාගෙන ඉඳිල්ලත් කාලාන්තරයක් බලා ඉන්න සිද්ධ වෙන කාරණයක් තමයි

      Delete
  14. සිරියාවේ ඇති මල මගුල් දේශප්‍රේමයක් නැත. ඇත්තේ ආගම අතර ප්‍රශ්නයකි. නැත්නම් සුළුතර බහුතර ජන කොටස් අතර ප්‍රශ්නයකි. ජනාදිපති (නැත්නම් ඒකාධිපති) අසාද්, ෂියා සුළුතරයේ සාමාජිකයෙක් වන අතර අනිත් පැත්ත සුන්නි බහතරය වේ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කාරණය නිවැරදි වෙන්න ඇති , පසුබිම මොකක් වුනත් රුසියානුවන් අසාද්ට උදව් කිරීම පිටුපස වගේම බටහිරයන් කැරලිකරුවන්ට උදව් කිරීම පිටුපස තියෙන්නේ ඔය පසුබිම් කාරණාවට එහා ගිය වෙනත් දේශපාලනික අරමුණු නේද ?

      Delete
  15. අපිනං ඕවා දන්නෑ ඈ..
    හික්ස්..

    ReplyDelete
  16. ආ.කාර. තාත්තා පාට් දාන්නේ ගෙදරදි නෙව...රටෙන් පිට ගියාම සොමි පොර.... :-)

    ReplyDelete
  17. @සියලු දෙනා - ප්‍රතිචාර දැක්වීමට පමා වීම පිලිබඳ මාගේ බලවත් කණගාටුව

    ReplyDelete
  18. මැදපෙරදිග සැබෑ තත්වය අපට දැන ගැනීමට ලැබෙනවා අඩුයි. අපව දැනුවත් කිරීම ගැන බුවාට ස්තූතියි. කරුනාකර හැකි වෙලාවට එවැනි ලිපි ගෙන එන්න.

    ReplyDelete
    Replies
    1. සැබැ තත්වය නම් අපි කවුරුත් දන්නවද කියන එක සැකයි , ප්‍රතිචාරයට බොහොම ස්තුතියි

      Delete
  19. හැබැයි ඔන්න කැරලි ලොක්කා නම් යටියන්තොට ගිහිල්ලලු... මාමත් අතාරින්නෑ නේද ගේම... ඔහොම යං

    ReplyDelete
    Replies
    1. අසාද් අන්කල් ට ගඩාෆි අන්කල්ට වඩා හොඳ සහයක් පුටින් අන්කල් ලාගෙන් ලැබෙනවානේ , ඒක නිසා ටිකක් තදින් අල්ලාගෙන ඉන්නවා වගේ තමයි පේන්න තියෙන්නේ බලමු !

      Delete
  20. අසාද් ගැන මෙලෝ මගුලක් මං දන්නේ නැහැ. ඒ නිසා අසාද්ට පක්ෂ හෝ විපක්ෂ මතවාදක් මට නැහැ. නමුත් ආසාද්ව පන්නන්න ඇමරිකාව ගෙනයන නින්දිත උත්සාහය දැඩිව හෙළා දකිනවා.

    මේ සම්බන්ධව බුවාගේ මතය දන්නේ නැහැ. සුපුරුදු විදියටම ඇමරිකාවේ පැත්තේ වෙන්න ඇති කියලා හිතෙනවා.

    සිරියානු මිනිස්සු තමුන්ගේ ප්‍රශ්න තමුන්ම බේරගත්තේ නැත්තම් ලිබියාවට වුනු එකේ අනිත් එකයි සිරියාවට වෙන්නෙත්. ඇමරිකාවෙන් හම්බවෙච්ච විමුක්තිය හින්දා ලිබියාවේ උන් දැන් පට්ට චුන් එකේලු ඉන්නේ :D

    ReplyDelete
    Replies
    1. //නමුත් ආසාද්ව පන්නන්න ඇමරිකාව ගෙනයන නින්දිත උත්සාහය දැඩිව හෙළා දකිනවා.//

      හෙලා දකිනවාට වඩා දෙයක් බොහෝ රටවලටත් කරනගන්න බැරි එකේ හෙලා දකින එක හොඳයි

      ඇමරිකාව කරන දේ නිවැරදියි කියල කියන්න හැකියාවක් නැතත් මහ පොලවේ යථාර්තය තේරුම් නොගන්න ගඩාෆිලා , අසාද්ලා , ඉල්ලං කන එක වල්ක්වන්න බැ (අන්න ඒකයි අපේ රජතුමා අන්කල් දැන් ශේප් එකේ ඉන්නේ චන්ඩි පාට් නොදා ) , අනිත් අතින් ඔය මුස්ලිම් රටවල ඇමරිකාවෙන් අවුලන වලි ඕනිවට වඩා පැටව් ගහල ජනගහනය වර්ධනය කරන්න හදන එක පාලනය වෙන්නත් හොඳයි

      Delete
  21. gadaffita liyu liuma wagema lassanata liyala thiyanawa.

    ReplyDelete
  22. ඔබ නිහඬයි!
    හැබැයි ඔබේ බ්ලොග් එක ඇක්ටිව්, ඒ බව මගේ ට්‍රැෆික්වලින් පේනවා!

    ReplyDelete
  23. මේක තමයි ලෝක යථාර්ථය. අපි හිතුවොත් අපි අධිරාජ්‍ය විරෝධී වුනාම චීනය, ඉන්දියාව හෝ රුසියාව අපිව බේරගන්නවා කියලා ඒක හීනයක්. ඒ රටවල් වලට ඇත්තටම මේක කරන්න පුළුවන් වුනත් කරන්නේ නැහැ. මොකද දැන් තියෙන්නේ තනිකරම ආර්ථික යුද්ධයක්. මේ කිසිම රටක් දැන් කැමති නැහැ මහා පරිමාණ යුද්ධයකට පැටලිලා ආර්ථික වශයෙන් අනාථ වෙන්න. හැමෝම කරන්න බලන්නේ බිස්නස් එකක්.

    චීනය ගඩාෆිට කිව්වේ බය වෙන්න එපා ඒ අය ඇමරිකාව මොනවා කිව්වත් ආයෝජන නවත්තන්නේ නැහැ කියලා. ඒත් අන්තිමට ගඩාෆි නැතිවෙලා අළුත් රජය ආව ගමන්ම මැසේජ් එකක් යැව්වා අළුත් රජයත් එක්ක ආයෝජන වලට කැමතියි කියලා. මේක අපි තේරුම් ගන්න ඕන.

    මම හිතන්නේ මහින්ද මාමා නම් මේක තේරුම් අරන් ඉන්නේ. රට ඇතුලේ මොන ඇමරිකන් විරෝධයක් පෙන්නුවත් පිටදී එහෙම නැහැ. ෂේප් එකේ ඉන්නවා.

    ReplyDelete
  24. අපිට සල්ලි තිබුනත් බටහිර බලුමැක්කො වගෙ කොකා කෝල බොන්නෙ නෑ.ඕව වහ බව හොයාගෙන තියෙනව.බෝ නොවන රෝග වලට හේතුව බටහිර ජීවන ක්‍රමය බව හොයා ගෙන තියෙනව

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව