BRICS සැබැවින්ම ආරම්භ වෙන්නේ BRIC විදිහට . ඒ කියන්නේ දකුණු අප්‍රිකාවේ සහභාගීත්වයකින් තොරව . ආර්ථික වර්ධනයේ එක හා සමාන ස්ථරයක සිටින සහ එකම ආකාරයේ අභියෝගයන්ට මුහුණ දෙන රාජ්‍යයන්ගේ එකතුවක් විදිහට තමයි BRIC එකතුව ගොඩ නැගෙන්නේ . වසර 2050 වන විට මේ රටවල් ලෝක ආර්ථිකයේ අත්කර ගත හැකියැයි සැලකෙන ස්ථාවරත්වය සලකලා බැලුවාම BRIC මේ සියවස තුල ඉතාමත් වැදගත් කාර්යභාරයක් කල හැකි එකතුවක් විදිහට සැලකීමේ වරදක් නැහැ
2050 දක්වා දල ජාතික නිෂ්පාදනයන් පිලිබඳ පුරෝකථනය
| Rank 2050 | Country | 2050 | 2045 | 2040 | 2035 | 2030 | 2025 | 2020 | 2015 | 2010 | 2006 |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1 | China | 70,710 | 57,310 | 45,022 | 34,348 | 25,610 | 18,437 | 12,630 | 8,133 | 4,667 | 2,682 |
| 2 | United States | 38,514 | 33,904 | 29,823 | 26,097 | 22,817 | 20,087 | 17,978 | 16,194 | 14,535 | 13,245 |
| 3 | India | 37,668 | 25,278 | 16,510 | 10,514 | 6,683 | 4,316 | 2,848 | 1,900 | 1,256 | 909 |
| 4 | Brazil | 11,366 | 8,740 | 6,631 | 4,963 | 3,720 | 2,831 | 2,194 | 1,720 | 1,346 | 1,064 |
| 5 | Mexico | 9,340 | 7,204 | 5,471 | 4,102 | 3,068 | 2,303 | 1,742 | 1,327 | 1,009 | 851 |
| 6 | Russia | 8,580 | 7,420 | 6,320 | 5,265 | 4,265 | 3,341 | 2,554 | 1,900 | 1,371 | 982 |
| 7 | Indonesia | 7,010 | 4,846 | 3,286 | 2,192 | 1,479 | 1,033 | 752 | 562 | 419 | 350 |
| 8 | Japan | 6,677 | 6,300 | 6,042 | 5,886 | 5,814 | 5,570 | 5,224 | 4,861 | 4,604 | 4,336 |
| 9 | United Kingdom | 5,133 | 4,744 | 4,344 | 3,937 | 3,595 | 3,333 | 3,101 | 2,835 | 2,546 | 2,310 |
| 10 | Germany | 5,024 | 4,714 | 4,388 | 4,048 | 3,761 | 3,631 | 3,519 | 3,326 | 3,083 | 2,851 |
| 11 | Nigeria | 4,640 | 2,870 | 1,765 | 1,083 | 680 | 445 | 306 | 218 | 158 | 121 |
| 12 | France | 4,592 | 4,227 | 3,892 | 3,567 | 3,306 | 3,055 | 2,815 | 2,577 | 2,366 | 2,194 |
| 13 | South Korea | 4,083 | 3,562 | 3,089 | 2,644 | 2,241 | 1,861 | 1,508 | 1,305 | 1,071 | 887 |
| 14 | Turkey | 3,943 | 3,033 | 2,300 | 1,716 | 1,279 | 965 | 740 | 572 | 440 | 390 |
| 15 | Vietnam | 3,607 | 2,569 | 1,768 | 1,169 | 745 | 458 | 273 | 157 | 88 | 55 |
| 16 | Canada | 3,149 | 2,849 | 2,569 | 2,302 | 2,061 | 1,856 | 1,700 | 1,549 | 1,389 | 1,260 |
| 17 | Pakistan | 3,070 | 2,085 | 1,472 | 1,026 | 709 | 497 | 359 | 268 | 161 | 129 |
| 18 | Philippines | 3,010 | 2,040 | 1,353 | 882 | 582 | 400 | 289 | 215 | 162 | 117 |
| 19 | Italy | 2,950 | 2,737 | 2,559 | 2,444 | 2,391 | 2,326 | 2,224 | 2,072 | 1,914 | 1,809 |
| 20 | Iran | 2,663 | 2,133 | 1,673 | 1,273 | 953 | 716 | 544 | 415 | 312 | 245 |
| 21 | Egypt | 2,602 | 1,728 | 1,124 | 718 | 467 | 318 | 229 | 171 | 129 | 101 |
| 22 | Bangladesh | 1,466 | 1,001 | 676 | 451 | 304 | 210 | 150 | 110 | 81 | 63 |
| Groups | Countries | 2050 | 2045 | 2040 | 2035 | 2030 | 2025 | 2020 | 2015 | 2010 | 2006 |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| BRIC | Brazil, Russia, India, China | 128,324 | 98,757 | 74,483 | 55,090 | 40,278 | 28,925 | 20,226 | 13,653 | 8,640 | 5,637 |
| G7 | Canada, France, Germany, Italy, Japan, United Kingdom, USA | 66,039 | 59,475 | 53,617 | 48,281 | 43,745 | 39,858 | 36,781 | 33,414 | 30,437 | 28,005 |
ඉදිරියේදී ලෝක ආර්ථිකය ඔය වගුවල දැක්වෙන ආකාරයේ බලයක් ලබාගනිතියි කියල විශ්වාස කරන BRIC රටවල් ගොන්න අතරට දකුණු අප්‍රිකාව එකතු වෙලා BRICS සමුලුව බවට පත් වෙන්නේ පහුගිය අවුරුද්දෙදි . අනාගත ආර්ථික අනාවැකි තුල අරවගේ බලවතෙක් වීමේ ස්වභාවයක් දකුනු අප්‍රිකාව වෙනුවෙන් කිය නොවුනත් , වර්ථමාන ආර්ථික වර්ධනය තුල BRIC සමාජිකයන් හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් එකිනෙක පැහෙන නිසා BRIC(S) බවට පත් වුනාය කියල කියන්න පුලුවන්
මේ ආකාරයෙන් සැදුනු BRICS මේ වෙනකොට ලෝක ජනඝහනයෙන් හරි අඩක් නියෝජනය කරන සමුලුවක් බවට පත්වෙලා තියනවා . 2012 සමුලුවේ ඒකාබද්ධ ප්‍රකාශනයේ අන්තර්ගතය තුල ඒ ජනගහනය වෙනුවෙන් වගේම පරිභාහිර ජනකොට්ටාශයන් වෙනුවෙනුත් බලපාන්නාවු තීන්දු තීරණ තියන බවක් නීරික්ෂනය කරන්න පුලුවන්
2012 ඒකාබද්ධ ප්‍රකාශයේ අන්තර්ගතය(කොටසක් ) ඉතාම සැකවින් පහත සඳහන් කරල තියනවා
01)සාමකාමි න්‍යශ්ටික පර්යේෂන සඳහා ඉරානයට ඇති අයිතියට ගරු කරන අතර බටහිර මැදිහත් වීමේ අර්බුධය වඩාත් තිව්‍ර කරනු ඇත යන්න විශ්වාස කරයි , රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග හරහ විසඳුමකට එලඹීම පිලිබදව සහය පල කර සිටි
02)සිරියාවේ සිදුවෙන මානව හිමිකම් උල්ලංඝනය වීම අවසන් විය යුතු බව අවධාරණය කරන අතරම , සිරියානු දේශපාලනික විසඳුමක් වෙනුවෙන් සහය පල කර සිටීම
03)සමාජික රටවල මුලිකත්වයෙන් ලෝක බැංකුව පන්නයේ විකල්ප මූල්‍ය ආයතනයක් සඳහා කටයුතු යෙදීම
04) ලෝක ආර්ථික අර්බුධය වෙනුවෙන් ධනවත් රටවල ක්‍රියකාලපය විවේචනය කර සිටි
05) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුල සංවර්ධනය වෙමින් පවතිනා රටවල නියෝජනය ශක්තිමත් කිරීමට කටයුතු යෙදීම , ඉන්දියාව හා බ්‍රසීලය එක්සත් ජාතින්ගෙ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය අසුන් ලබා ගැනීම පිලිබඳව අවධානය යොමු කිරීම
06) යුරෝපයට හා ඇමරිකාවට හිමිව ඇති ලෝක බැංකු සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නායකත්වයන් සඳහා තෝරාගැනීම් ක්‍රමවේදයක් යෝජනා කිරීම
07)ජාත්‍යන්තර මුල්‍ය අරමුදල , ලෝක බැංකුව සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රතිසංස්කරනයන් දිරිමත් කිරීම
08) ඩොලර් වෙනුවට සමාජික රටවල මුල්‍ය ඒකක හරහ ගණුදෙනු කිරීමේ පහසුකම් ඇති කිරීම
ඔය ආදි වශයෙන් ඉදිරිපත් වෙලා තියන සමුලු යෝජනා සමාජික රටවලට විතරක් නෙවෙයි දියුණු වෙමින් පවතින සෑම රටකටම පාහේ වැදගත් බව නිරික්ෂනය කරන්න පුලුව්න් . ඒ වගේම සිරියාව සහ ඉරනය තමන්ගේ අර්බුධ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න කැමති නම් මේ හරහා ඒ වෙනුවෙන් නව ප්‍රවේශයක් ගැනීමේ හැකියාවකුත් පවතිනවා . ජාත්‍යන්තර අරමුදලේ සහ එක්සත් ජාතින්ගේ සිදුවන ප්‍රතිසංස්කරණයක් දියුණු වෙමින් පවතින රටවලට ලැබෙන හොඳ අවස්ථාවක් වීමේ හැකියාක්ද පවතිනවා . ඒ වගේම ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් ප්‍රමාණය ඉහල යාම සහ BRICS සමුලුවේ සමාජිකයන් සිව් දෙනෙක් ඒ තුල අන්තර්ගත වීම ලෝක දේශපාලනික බලතුලනයේ පැහැදිලි වෙනසක් කිරීමට සමත් වෙවි කියලත් හිතන්න පුලුවන් . කොහොම වුනත් සමාජික රටවල් මේ යෝජනා සාර්ථක කරගැනීමට දක්වන කැපවීම වගේම මේ වනවිට ලෝකයේ අධිකාරි බලය හොබවන එක්සත් ජනපදය හා බටහිර සමඟ අනුගත වීමේ ස්වාභාවය අනුව මේ යොජනා වල ප්‍රයෝගිකත්වය රඳ පවතිවි
BRICS සම්බන්ධ ගැටලු !
අනාගත ආර්ථික තත්වයන් පිලිබඳ පුරෝකථනයන් පිලිබඳ තත්වය කොහොම වුනත් BRICS සමාජික රටවල් සම්බන්ධව මතුව තියෙන ගැටලුත් බොහොමයි . අධි සම්පත් පරියෝජනය සහ පරිසර දූෂනය වලක්වාලීමේ විකල්ප අනුගමනය නොකිරීමත් මේ රටවල් නිසා ලෝකය මුහුණ දෙන ප්‍රභ්ලතම අභියෝග විදිහට හඳුන්වාදෙන්න පුලුවන් . මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝන කරන චීනය හා රුසියාව අතට ලෝක දේශපාලනික බලය ධ්‍රැවීකරනය වීමක් සිදුවීමත් ලෝකයාට ඒ තරම් හිතකර නෑ . මීට අමතරව චීනය හා ඉන්දියාව අතර විශ්වාසනීයත්වය පිලිබඳ ගැටලු කාරි තත්වයක් පැවැතීම , ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව බටහිර හිතවාදි ස්වරුපයෙන් කටයුතු කිරීම ආදි ගැටලුත් පවතිනවා . ඒ වගේම තනි රටවල් වශයෙන් චීනයේ ශ්‍රමයේ වටිනාකම් ඉහල යාමත් එක්ක කලින් නිගමනය කල කාලයට පෙර චීන ආර්ථික වර්ධනය අඩාල වීම ,සිඝ්‍ර ආර්ථික සංවර්ධනයක් දකින්න තිබුනත් ඉන්දියාව තුල බරපතල සමාජීය ගැටලු රාශියක් පැවැතීම , ත්‍රස්තවාදය සහ අනෙකුත් රටවල් සමඟ ඇතිවන මතබේදකාරි තත්වයන් ආදියත් ඔවුන් හමුවේ තියන අභියෝග විදිහට හඳුවන්න පුලුවන් . (මේ කාරණා සැලකුවාම BRICS දැවැන්තයන් සිවු දෙනා අතුරින් වඩාත්ම ස්ථාවර බ්‍රසීලය බව තමයි සමහර විශේෂඥයින්ගේ අදහස වෙන්නේ) . මීට අමතරව ඇතිව්ය හැකි දේශගුණික බලපැම් සහ දේශපාලනික සහ ආර්ථික අර්බුධත් සමාජික රටවල අභිලාෂයන් සපුරා ගැනීමේදි මතුවන අභියෝගයන් විය හැකියි
BRICS සහ ශ්‍රි ලංකාව
බටහිරත් සමඟ ගැටුමක ඉන්න ශ්‍රි ලංකාවේ දේශපාලකයින් ඇතැමෙක් මේ සමාජික රටවල් සමඟ මිත්‍රත්වය තුලුන් ශ්‍රි ලංකාවට වාසි සහගත තත්වයක් උදාවේය කියන මතයක ඉන්න බව පේන්න තියනවා .නමුත් සමුලුවේ තීරන නිසා පොදුවේ සිදුවන යහපතක් ඇරුණාම චීනයේ ආර්ථික ආධිපත්‍යයට හා ඉන්දියාවේ දේශපාලනික / ආර්ථික ආධිපත්‍යයට යටවීමත් මිසක් වෙනත් යහපතක් සිදුවේද සහ ඒ සඳහා අපේ දේශපාලන නායකයින් කටයුතු කරනවාද කියන එක නම් ප්‍රශ්නාර්ථයක් !

.jpg)



