ඉන්දියානු කපුවන් ශ්‍රි ලංකාවට එරෙහිව මලායලි ගුරුකම් කොට භූම් බන්ධනයක්ද කර ඇති බවක් සී නිවුසිය කියා සිටී . එහි කියැවෙනා හැටියට නම් ආශ්චර්යය උදාකරගැනීමට බාධාවක් වී තිබෙන්නේද මේ ගුරුකම්ය . ඒ නිසා කෙසේ හෝ මේ ගුරුකම් වල බල බිඳ දැමිය යුතුය . මේ ගැන අදහස් දක්වන විෂ්ණු දේවාල කපුවෙක් කියා සිටින්නේ ජනතාව ආගමට දහමට නැඹුරු කර ගුරුකම් වල බලය බිඳ දැමිය හැකි බවය . පොර ඒවා කියන්නේ කෙලින්ම දෙය්යන්ගෙන් අසාගෙන නිසා ඇත්තක් තිබිය හැකි වුවත් කියනා තරම් ලේසියෙන් ජනතාවගේ ආගම් බක්තිය වැඩි කල නොහැක . කලත් සැහෙන කලක් ගත වීමට ඉඩ ඇත . එතෙක් කාලයක් බලාසිටිය හොත් අපිට ආශ්චර්යය ලබාගන්නට ද දිගු කාලයක් බලා සිටීමට සිදුවනු ඇත . අර්ධ මිත්‍යා දෘෂ්ටික , හින්දු භක්තික විෂ්ණු දෙවියන්ගෙ උපදේස් ක්‍රියාත්මක කරනවාට වඩා ඉක්මන් , ඵලදායි ක්‍රියාමාර්ගයක් අප සතුව ඇත . ඒ හරහා ඉක්මනින් ප්‍රථිපල ලබාගෙන ආශ්චර්යය කරා ගමන් කල හැකිවාක් මෙන්ම මලයාලි ගුරුකම් වලට සම්බන්ධ මිත්‍යා දෘශ්ටික දේව සභාවේ විෂ්ණු දෙවියන් විසින් ලබාදෙන 'වැරදි ' උපදෙස් ක්‍රියාත්මක කර කෙලවා ගැනීමේ අවදානමද ඉවත් වේ
කලින් ඡේදයේ සඳහන් කලාක් මෙන් මලයාලි ගුරුකම් හා සම්බන්ධව කටයුතු කරන්නේ මිත්‍යා දෘශ්ටික දේව සභාවේ හින්දු දෙපාර්ථමෙන්තුවේ මිත්‍යා දෘශ්ටික දෙවි වරුන් විසිනි . ඒ නිසා ඔවුනට විරුද්ධව කටයුතු කිරීමේ වඩාත් සාර්ථකම ක්‍රමය වන්නේ සම්‍යක් දෘශ්ටික දේව සභාවේ සහය ලබාගැනීමයි . ජාතියේ පිනට පහල වු අපේ මහාචාර්ය තුමා සහ සම්‍යක් දෘශ්ටික දේව සභාවේ නායක නාථ දෙවියන් අතර ඇති සමීප සබඳතාව මෙහිදී අපගේ වාසියට යොදාගැනීමට හැකියාවක් ඇති බව අපි අමතක නොකල යුතුය . මිත්‍යා දෘශ්ටික දේව සභාවේ වඩාත් ප්‍රභල දෙපාර්ථමෙන්තුව වූ සර්ව බලධාරි දේව අංශය සමඟින් නිරන්තරයෙන් ගැටෙනා නාථ දෙවියන්ට හින්දු දෙපාර්ථ මෙන්තුව සමඟින් ගැටීම ඉතාම පහසු කර්තව්‍යක් වන අතර අප විසින් ඒ සඳහා එතුන්ව පෙලඹවීම අර්බුධය වඩාත් පහසුවෙන් සමනය කරගැනීමට මහත් පිටුවහලක් වනු ඇත . මේ සඳහා සමස්ථ රට වැසියාම ආගමික කටයුතු වලට යෙදවීමේ අවශ්‍යතාවයක් නොමැත . අපගේ පින්වත් මහාචාර්ය තුමාට 'රාජ්‍ය - අනුග්‍රහය ' සහිතව භාවනාකිරීමේ ඉඩ පහසුකම් සලසා දීම පමනක් සැහේ . නාථ දෙවියන්ට ජය වේවා !!!! මිත්‍යා දෘශ්ටික දෙවියන් භංග වේවා !!!! . වැසිකිලි ඉන්දියාව භංග වේවා !!!!! ශ්‍රි ලංකාවට ජය වේවා !!!!!!!
ප.ලි - අධිවේගය ගිලා බහිනවාලු ! සමහරවිට ඒකත් භූමි බන්ධනය නිසාද දන්නේ නෑ
'I want to Meet' Saqib Saleem or Rhea Chakraborty Contest
-
It’s the season of love, and we’re offering you a chance to meet the Mere
Dad Ki Maruti stars, Saqib Saleem & Rhea Chakraborty!
All you’ve to do is fol...
3 months ago






