Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

October 2012

පලාත් සභා වල ප්‍රායොගිකත්වය සහ පලාත් සභා අහෝසි කිරීමේ ප්‍රායෝගිකත්වය

13 වන සංශෝධනය නොහොත් පලාත් සභා ක්‍රමය අහෝසී කිරීම පිලිබඳ වූ කථා බහ නැවතත් මතුව ඇත . රජය විසින් ගෙන ඒමට නියමිත දිවි නැගුම පනත පලාත් සභා වල අනුමැතියට ලක්විය යුතු බවට ලැබුණු අධිකරණය නියෝගය සහ ඒ  ආශ්‍රිතව දෙමල සංධානයෙන් නැවතත් අධිකරණ පිහිට පැතිමත් ,ඒ පිලිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පලාත් සභා අහෝසි කල යුතු බවට ප්‍රකාශයක් පුවත්පතකට ප්‍රකාශ කිරීමත් මෙහි ආරම්බභය ලෙස සැලකිය හැක . ආරක්ෂක ලේකම් වරයාගේ ස්ථාවරය යුද්ධය අවසන් වූ කාලයේ සිටම ඒ තරම් වෙනසකට ලක්වී නැතත් පලාත් සභා අහෝසී කල යුතු යැයි ඔහුගෙන් ලැබුනු ඍජු ප්‍රකාශයත් සමඟ රජයට සම්බන්ධ පලාත් සභා විරෝධී අන්තවාදි දේශපාලන කණ්ඩායම්ද නැවතත් ඇවිස්සී ඇත . මෙම මතය වෙනුවෙන් වසර ගණනක් තිස්සේ පෙනී සිටි ඉරිදා පුවත්පතක් තම ප්‍රධාන පුවත ලෙස හුවා දක්වන්නේද රජයේ  ජේෂ්ඨ අමාත්‍ය වරයෙක් විසින් මේ පිලිබඳ දැක්වුවා යැයි පැවසෙන අදහස්ය . 13 වෙනි සංශෝධනයේ  භාවිතාවේ ප්‍රායෝගිකත්වය පිලිබඳව වෙන්ම එය අහෝසි කිරීමේ ප්‍රායෝගිකත්වය පිලිබඳවද අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි .


බලය බෙදීම

ඕනැම රටක සර්වත්‍ර වශයෙන් සැලකූ විට බලය බෙදා හැරීම යනු , ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් ශක්තිමත් කරනා අවස්ථාවක් ලෙස සැලකිය හැකිය . එක් පුද්ගලයෙකු අතවූ බලය බොහෝ පිරිසක් අත බෙදා හැරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය වන අතර අතීත රෝම පාලනය තුල මෙන්ම ලිච්ඡවී රජ දරුවන්ගේ පාලනය තුලද ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් මට්ටමේ ලක්ෂණ දක්නට ලැබුනේ යැයිද පැවැසිය හැක . එක් පුද්ගලයෙකුගෙන් කණ්ඩායමක් අතට පත්වූ බලය තවත්  ජනතාව විසින්ම තෝරාගන්නා කුඩා ඒකක වලට බෙදා වෙන්කට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නක් මෙන්ම අදාල ඒකක වල ජනතාව වෙනුවෙන් වඩා ඵලදායි සේවාවක් ඉටු කිරීමටත් බලය මධ්‍යගත වීම තුලින් ඉහල යන දූෂණ හා වංචා අවම කරගැනීටත් හේතුවක් ලෙස සැලකිය හැක . මෙවැනි විවිධා කාරයේ පාලන ඒකක ලෝකයේ සැම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යකම දක්නට ලැබෙනා අතර ඒතුල ලැබු ජයග්‍රහණයන් මෙන්ම ඇතැම් පසුබැම් ද දක්නට ඇත උදා - ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ඇතැම් නීති වෙනස් වීම් .

නිදහස ලැබූ දා පටන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ පාලනය වූ ශ්‍රි ලංකාවේ බලය බෙදා හැරීමේ සංදිස්ථානය ලෙස 1987 දී පිහිටවනු ලැබූ පලාත් සභා ක්‍රමය හඳුනාගත හැක . ජනවාර්ගික අර්බුධය වෙනුවෙන් ලබා දුන් විසඳුමක් ලෙස පිහිටවනු ලැබූ පලාත් සභා ක්‍රමය අසල් වැසි ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප මත පැටවූ ඔවුනගේ මොඩලයේ පාලන ක්‍රමයක් වීම නිසා ආරම්භයේ සිටම විවිධ විරෝධාවයන් පලාත් සභා වෙත එල්ල වුනු බව නිරීක්ෂනය කල හැක . පලාත් සභාවන්හී මුඛ්‍ය පරමාර්ථය වූන් ජනවාර්ගික අර්බුධය විසඳීමේ ලා පලාත් සභා වලින් කිසිදු දායකත්වයක් මේ දක්වාත් නොලැබුනා සේම දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයට අදාල සම්පුර්ණ බලතල කිසි  පූර්න වශයෙන්  පලාත් සභා වලට හිම්නි වුයේද නැත


පලාත් සභා ක්‍රමයේ භාවිතාව

ශ්‍රි ලංකාව මෙන් 65 ගුණයක් පමණ විශාල රාජ්‍යක දේශපාලනික මොඩලයක් වීම නිසා වෙන්  ආර්ම්භයේ සිටම පලාත් සභා ක්‍රමයේ දුර්වල තාවයන් රාශියක් නිරීක්ෂනය කල හැක , ඒවා අතරින් මා ප්‍රමුඛතාවය දෙන දුර්වලතාවයන් කිහිපයක් පමණක් පහත සාරංශ ගත කර ඇත


01) දිස්ත්‍රිකය පදනම් වූ පරිසරයක පලාත් ඒකකයේ ඇති නොගැලපීම - පලාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වී වසර 15කට පසුවත් ශ්‍රි ලාංකීය ජන සමාජයේ එදිනේදා කටයුතු සිදුවන්නේ දිස්ත්‍රික්කය මූලික කරගෙන මිස පලාත් මූලික කරගෙන නොවේ . බස්නාහිර පලාත , මධ්‍යම පලාත සහ උතුරු පලාත් හැරුණු විට අන් සියලුම පලාත් වල පලාතේ ප්‍රධාන නගරය ,පලාතට අයත්  අනෙත් දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගරයට වඩා විශේෂයන් නොදක්වන හෙයින්  අදාල දිස්ත්‍රික්ක වල ජනතාවගේ කේන්ද්‍රස්ථානය වන්නේ තම තමන්ගේ දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගරයයි ,පලාත් සභාවෙන් ඉටුකරගත යුත් පරිපාලනමය කටයුත්තකට හැර අනෙකුත් අවශ්‍යතා පලාතේ ප්‍රධාන නගරය වෙත යාමේ අවශ්‍ය තාවක් ජනතාවට නැත . එමෙන්ම ඇතැම් විට දිස්ත්‍රික්කයන්ගේ භෞතික පිහිටීම පලාත වශයෙන් කේන්ද්‍රීය වීම වලකාලන අවස්ථාද ඇත . උදා - සබගරමු පලාතේ කැගලු නගරයේ සිට මධ්‍යම පලාතේ ප්‍රධාන නගරය වූ මහ නුවරටත් මෙන්ම කොලඹට ඇති දුරද පලාතේ ප්‍රධාන නගරය වූ (පලාත් සභාව පිහිට ඇති ) රත්නපුරයට ඇති දුරට වඩා අවමය


02) නියෝජිතයන් තේරීම පලාත වශයෙන් සිදු නොකිරීම - ශ්‍රි ලංකාවේ පලාත් වලට සමාන ක්‍රම පවතිනා අනෙකුත් රටවල මැතිවරණ ක්‍රමයන් පිලිබඳ මාතුල හැදැරීමක් නැතත් , ශ්‍රි ලංකාවේ පලාත් සභා නියෝජිතයින් තේරීමේ ක්‍රමය දිස්ත්‍රික වශයෙන් වෙන්වී තිබීම තව දුරටත් ඉහල නංවන්නක් බැව් පැහැදිලිය . පලාත් සභාවක ප්‍රධානියා වන මහ ඇමති වරයා එක් දිස්ත්‍රික්කයක නියෝජනයක් පමණක් වන අතර , අනෙක් දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දෙන් ඔහුට කිසිදු බලපැමක් සිදුවන්නේ නැත . මේ හරහා පලාත් සභා වලින් සිදුවන සේවාවන්ද දිස්ත්‍රික්කය අනුව වෙනස් වන අතර ඊලඟ මැතිවරණය වෙනුවෙන් පමණක් සේවය කරනා දේශපාලනික වටපිටාවක ඉන් එහා යමක් බලාපොරොත්තු විය නොහැක

03)  වාර්ගික වශයෙන් බෙදා වෙන් කිරීම අර්බුධ විසඳනවා නොව උත්සන්න කරවයි - පලාත් සභා ක්‍රමය බිහි වන්නේ උතුරු නැගෙනහිර මතුවන ජනවාර්ගික අර්බුධයත් සමඟය . ඒ වන විට එය පලාත් සභා ක්‍රමය අප මත පැටවූ රජිව් ගාන්ධිටත් , සිංහල - දෙමල අන්තවාදීන්ටත් පින් සිදුවන්නට ත්‍රස්තවාදයක් බවට පෙරලී තිබුනි . පලාත් සභා ක්‍රමය එයට විසඳුම් යෝජනාවක් ලෙසින් ඉදිරිපත් වූවක් නිසා වෙනමක් රාජ්‍යක් වශෙය්න් ඉල්ලා සිටි මුලු බිම් ප්‍රදේශයම එක් පලාත් සභාවක් ලෙසින් නම් කරන ලදී . දිස්ත්‍රික්කා තුනක් විශයෙහිත් අසාර්ථක වන ක්‍රමයක් දැවැන්ත භූමි භාගයක්  කෙරෙහි අසාර්ථක වීමේ හැකියාවට අමතරව වාර්ගික පදනමෙන් බෙදා වෙන් කිරීම බෙදුම්වාදයට පෝර දමන්නක්ම පමණක් විය . පලාත් සභා ක්‍රමය පිටුපස සිටි බලවේගය වූ ඉන්දියාවේ ප්‍රාන්ථ වාර්ගික වශෙය්න් බෙදා තිබීම ඔවුන් මෙහීදීත් අනුමනය කල බවක් දක්නට ලැබෙන අතර එහිදී බටහිර ආක්‍රමණ වලට පෙර ඉන්දියාවෙ තිබු වාතාවරණය ශ්‍රි ලංකාවේ වාතාවරණයට සමාන නොවන බැව් ඔවුන් අමතක කර ඇත . විසඳුමක් ලෙස ඉදිරිපත් කල උතුරු -නැගෙනහිර පලාත් සභාව ප්‍රථම වටයේදීම වෙනම රාජ්‍යක් වශෙයෙන් ප්‍රකාශයට පත් කරන්නට ගොස් බිඳ වැටනු අතර වාර්ගික අර්බුධයකට විසඳුම වාර්ගික වශයෙන් බෙදා වෙන් කිරීම නොවනා බැව් පැහැද්ලිය .

04) බලය සමඟ දූෂණය හා නාස්තිය ද බෙදා හැරීම - එක් පුද්ගලයෙකු අත බලය මධ්යගත වන විට දූෂණ හා වංචා ඉහල යාම වලකානු පිණිස වැඩි පිරිසක් අත බලය බෙදා හැරීම න්‍යාත්මකව සාධාරණ වුවද , දූෂණය මුල් බැස ගත් සමාජ ක්‍රමයක බලය අතට ලැබෙන සියල්ලන්ම දූෂණයේ හා නාස්තියෙ කොටස් කරුවන් වීම වලකා ලිය නොහැක . මෙය අපට මෙන්ම පලාත් සභාව ඇඟේ ගැසූ ඉන්දියාවේද අපටත් වඩා දරුනවට දක්නට ලැබෙන තත්වයක් වන අතර , පලාත් සභා නොව ඕනැම පරිපාලන ඒකකයක් තුල මේ තත්වය  නීරීක්ෂණය කල හැක 

ඉහත දැක්වූ වූ කරුණු කාරණාත් සහිතව පලාත් සභා ක්‍රමයේ ඇති අවාසි දායක තත්වයන් සලකා බැලු විට එය අහෝසි කල යුතුය යන මතය සාධාරණ බවට කිසිදු සැකයක් නොමැත . නමුත් පලාත් සභා  ක්‍රමය අහෝසි කිරීමට යාමේදී මතුවිය හැකි ප්‍රායෝගික ගැටලු කිහිපයක්ද අවශ්‍යයෙන්ම සලකා බැලිය යුතුය 

පලාත් සභා ක්‍රමය අහෝසි කිරීමකදී මතුවිය හැකි ගැටලු 

01) ලොකු අය්යාගෙන් එලිපිට ගේම ඉල්ලීම - පලාත් සභා ක්‍රමය ශ්‍රිලංකාවට ගෙන ඒමට මුල් වූ බොහෝ විට ශ්‍රි ලංකාවේ ලොකු අය්යා වශයෙන් හඳුන්වාදී ඇති අසල්වැසි ඉන්දියාව තවමත් පලාත් සභා ක්‍රමය මත පදනම් වූ බලය බෙදීමක් කෙරෙහි රජයට පීඩනය එල්ල කරමින් සිටිනා බැව් නොරහසකි . එක් වරම පලාත් සභා ක්‍රමය අහෝසි කිරීම යනු මෙ වන විටත් යම්තාක් දුරටක අර්බුධයට ලක්වී ඇති ඉන්දු ලංකා සබඳතා සම්පූර්නයෙන් බිඳ දැමීමට හේතු වන්නක් විය හැකිය . ජේ.ආර් බිය වද්දා පලාත් සභා ක්‍රමය මෙරටට ගෙනා කාලයට වඩා සැහෙන ප්‍රභල ලෝක ආර්ථික හා දේශපාලන බලවතෙකු වන ඉන්දියාව ශ්‍රි ලංකාවේ මෙවෙනි ක්‍රියාමාර්ගයක් තමන්ගේ ආධිපත්‍යට එල්ලවු බලවත් අතුල් පහරක් ලෙස සලකනවා නොඅනුමානය . ශ්‍රි ලංකාවේ සිටිනා ඉන්දියානු විරෝධීන්ගේ ෆැන්ටස් වල ස්වාභාවය කෙසේ වුවත් ඉන්දියාවේ දරුණු ප්‍රතිචාරකට මුහුණු දීමේ කිස්දු හැකියාවක් ශ්‍රි ලංකාව සතුව නොමැත , අනෙක් අතින් NPT ගිවිසුමට එක් නොවී නිති විරෝධී න්‍යශ්ටික ආයුධ අත්පත් කරගෙන සිටිනා ඉන්දියාවේ අන්තර් මහත්දීවිපික මිසසයිල  අත්හදා බැලීම් වලටත් නොදුටුවා සේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනා ජාත්‍යන්තර ප්‍රජාව  එවන් අවස්ථාවක ශ්‍රි ලංකාව වෙනුවෙන් පෙනී සිටී යයි විශ්වාස කිරීමටද නොහැක . මේ වන විටත් විදේශ ප්‍රතිපත්තිය තුලින් හත් පොලේ ගාගෙන සිටිනා ශ්‍රි ලංකා රජයේ සුමිතුරන්ගෙන් රුසියාව තම යුධ ආයුධ ගැණුම් කරුවා සහ අභ්‍යවකාශ ගවේෂන සහයකයා අමතක කර ශ්‍රි ලංකාව කෙරේ  නැඹුරු විය නොහැකි අතර යම් කීසි බලාපොරොත්තුවක්  හෝ තබා ගන්නවා නම් ඒ චීනය පිලිබඳව පමණකි 

02)එක්සත් ජාතීන් ගේ සංවිධානය - ඉන්දියානු බලපැම මෙන්ම ශ්‍රි ලංකාවේ දේශපාලනික විසඳුමක් පිලිබඳ ඊලඟ පීඩනය එල්ල වී ඇත්තේ එක්සත් ජාතින්ගේ සංවිධානය හරහාය . මානව හිමිකම් කොමිසම විසින් දැනටමත් ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරගෙන සිටිනා අතර එය මෙතෙක් ශ්‍රි ලංකාව වෙනුවෙන් පෙනි සිටි ඉන්දියාව තම ස්ථාවරය වෙනස් කිරීමත් සමඟ සිදුවීම  විශේෂකොට සැලකිය යුතුය . එක්සත් ජාතින්ගේ සංවිධානයේ ස්ථාවරයද ශ්‍රි ලංකාවේ  දේශපාලන විසඳුමක් වන අතර මේ දක්වා ශ්‍රි ලංකා රජයට ඒ සඳහා  කැපවෙන බවට මවා පෙන්වා ඇති ස්ථාවරයද පලාත් සභා අහෝසි කිරීමත් සමඟම  අවලංගු වනු ඇත . ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර විසඳුමකට ඇති කැපවීම මෙහිදී බරපතල ලෙස ප්‍රශ්න කෙරෙන්නට ඇති ඉඩ කඩ මෙන්ම එහිදී ඉන්දියාව ශ්‍රි ලංකාවට එරෙහිව ඍජුව කටයුතු කරන්නටත් , දැනට ශ්‍රි ලංකාවට සහය ලැබෙනා මධ්‍යස්ථ රටවල සහය අහිමි කරන්නටත් මේහිදි ඉඩකඩක් ලැබෙනු ඇත .

03) රාජ්‍ය සේවක අතිරික්තය - 2001-2003 එජාප පාලන සමය තුල එවකට අතිරික්තයක්ව පැවැති රාජ්‍ය සේවකයින් ගණන සීමා කරන්නට ගත් උත්සාහය වලකා තමන් අලුතින් දෙතුන් ගුණයක රාජ්‍ය සේවකයින් ප්‍රමාණයක් බඳවා ගත් බව රජයේ අමාත්‍යවරුන්ද ඉතා ආඩම්භරයෙන් පවසනා කරුනකි , මෙසේ බඳවා ගත් රාජ්‍ය සේවකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් පලාත් රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති අතර මේ වන විට සියලුම පලාත් සභාවල පාහේ සේවක අතිරික්තයක් නිරීක්ෂනය කල හැකි බවද පැවසේ . පලාත් සභා ක්‍රමය අහෝසි කිරීමත් සමඟ මෙතරම් සේවකයින් පිරිසකගේ දායකත්වයක් කිසී සේත්ම අවැසි වන්නේ නැත .  අනවශ්‍ය රාජ්‍ය සේවකයින් පිරිසක් නඩත්තු කිරීම තුලින් පලාත් සභා  අහෝසි කිරීමකින් ලැබෙන පූර්න වාසිය අත් නොවෙනා අතර ඔවුන් සේවයෙන් ඉවත් කිරීමද ඩ් ගැටලු රාශියක්  මතු කරන්නක් විය හෑක 

04) පලාත් සභා දේශපාලකයින් - ශ්‍රි ලංකාවේ දේශපාලනය තුල පලාත් සභා දේශපාලනයටද මේ වන සැලකිය යුතු ස්ථානයක් හිමිවී ඇත . සංධානයේ මෙන්ම එජාපයේද ප්‍රභල චරිත ගණනාවක් පලාත් සභා දේශපාලනයේ නිරත් වනවාක් මෙන්ම බොහෝ දේශපාලකයින් පාරිලිමෙන්තු ගමනේ අතරමැදි සංදිස්ථානය ලෙස පලාත් සභා භාවිතා කරන බවක්ද නීරීක්ෂනය කල හැක . එක් වර පලාත් සභා අහෝසී කිරීමකදී  මේ දේශපාලකයින් සහ අනුගාමිකයින් අතර ප්‍රභල කැලඹීමක් හට ගැනීම වැලැක්විය නොහැකි අතර ප්‍රතිපත්තිමය වශයෙන් පලාත් සභා පිලිගන්නාඅ එජාපය පලාත් සභා වෙනුවෙන් පෙනී සිටීමත් නිසා රජයට ප්‍රභල දේශපාලනික අවාසියක් සිදුවීම ඉඩ කඩක්ද ඇත 

පලාත් සභා ක්‍රමයේ අවාසි සහගත තත්වයන් රාශියක් මැද වුවත් එය එක්වර අවලංගු කර දැමීමම වඩාත් බරපතල අභියෝග ඇති කරන්නක් බැව් ඉහත කාරණා අනුව පෙනී යයි . එනිසා පලාත් සභාවන් හී බලතල ක්‍රමයෙන් අඩු කිරීම විනා එක් වර අහෝසි කිරීමක් ප්‍රායෝගික යැයි මා නොසිතන අතර රජය පාර්ලිමෙන්තු බලය වෙනුවට ජනමත විචාරණයක් හරහා මෙය සිදුකිරිමෙන් අන්තර්ජාතික මඳක් හෝ සමනය කරගන්නට කටයුතු කරන්නටද ඉඩකඩක් ඇත  , උපක්‍රමශිලි රාජ්‍යතාන්ත්‍රික බාවයක් හරහා ඉන්දියානු සාධකයේ බලපැමද අවම කරගැනීමට උත්සහ කිරීමේ හැකියාවක් ඇති මුත්  මේ දක්වා රජය  රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයන්හී දක්වා ඇති දුබලතාවයන් නිසා එවැන්නක් ප්‍රායෝගිකව සිදුවීමේ ඉඩ කඩද ඉතාම අවමය !


අය්යෝ ෆොන්සේකා


ෆොන්සේකා මහතා ඒකාබද්ධ විපක්ෂයක් හදන්නත් භික්ෂු පෙරමුන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටත් කියූ රැලිය ඊයේ පැවැත්වින . නමින් ඒකාබද්ධ වූවත් විපක්ෂයේ කිසිදු දේශපාලන පක්ෂයක් එයට සහභාගී වූයේද නැත . පක්ෂ පිටින් නැතත් රැස්වීමට එනවා කියූ දයාසිරි ජයසේකර , හරීන් ප්‍රනාන්දු තබා එන බව අවසාන මොහොත තෙක් ශපත කල කරු ජයසුරියවත් අවසාන මොහොතේ රැලියට නැත . වෙනකක් තබා ෆොන්සේකා මහතාගේ පක්ෂයේ අර්ජුන රණතුංග සහ ටිරාන් අලසුත් නැත . මාදුලුවාවේ සොභීත හාමුදුරුවොත් දඹර අමිල හාමුදුරුවොත් එනවා කියා තිබුනාට ආවේ නැත .දේශපාලන නියෝජිතයින් පමණක් නොව සෙනඟ ද නැත . ප්‍රමාණයෙන් ඉතා කුඩා හයිඩ් පිටිය අතුරු සිදුරු නැතිව පිරෙන්නට  සෙනඟක්වත් හිටි බවක් ඡායාරූප වල දකින්නට නැත , ෆොන්සේකා මහතාගේ නිදහස වෙනුවෙන් මීට පෙර මෙම පිටියේදීම පැවැති රැලියට සහ භාගි වු සෙනඟ කොතෙක්දැයි ෆොන්සේකා මහතාටම  මතක් කර  බැලිය හැක . එවැනි ජාතික උද්ඝෝෂණයක තබා  ප්‍රධාන දේශපාලන පක්ෂ වල පලාත් සභා මැතිවරණ රැලි වලද මීට වඩා පිරිසක් දකින්නට ලැබෙනා බව පලාත් සභා මැතිවරණයෙදී ගෙදරටම වෙලා සිටි ෆොන්සේකා මහතා ටිවී එකෙන් හෝ දැක තිබිය යුතුය . එජාපයෙන් රැලියට ආවේ 5ය , පස් දෙනාම එජාපය තුල ගැටුම් ඇති කරගෙන තිබෙනා අයය . ඒකාබද්ධ විපක්ෂයට ඡන්ද අරන් දීමට තබා අවම වශයෙන්  එජාපයෙන් තොරව මැති වරණයකට ගොස් (රජයට එක් නොවී ) තමන්ගේ මන්ත්‍රි ආසනය රැක ගැනීමේ හැකියාවක් හෝ මොවුනට නැත .

ස්ටේජ් එකේ ලොකුවට විධායක ජනාධිපති කම ගැන තිබුනත් ඒ ගැන කිසිවෙක් කථා කරනවා දකින්නට ලැබුනේ නැත (එක් නීතීඥ මහතෙකු කථා කල වගක් එක් වාර්ථාවක ඇත ) . ෆොන්සේකාත් අනෙක් මන්ත්‍රිවරුනුත් බැන්නේ ඒජාපයටය .

කලින් ලිපිය ලියත්දී මා සිතුවේ ෆොන්සේකා මහතාගේ වැයමෙන් විපක්ෂය තව දුරටත් බේද බින්න වන බවය , නමුත් ඊයේ රැලියෙන් පෙනී යන්නේ ඔහුට ඒ තරම් හරියක් වත් කිරීමේ හැකීයාවක් නොමැති බවය . එයෙහින් විපක්ෂය බේද කිරීම් තවදුරටහ් රනිල් - සජිත් ඩබලටම බාරය .



මා හිතවත් බ්ලොග් කරු මාරයා කවියක් ලියා කියා සිටින්නේ ෆොන්සේකා මහතාට කැලෙන් එලියට එන්නට  කියායා . මාරයා එන්න කියන තැනට එන්නය කියා මා කිසි සේත් අදහස් නොකරන මුත්  ෆොන්සේකා මහතා කැලෙන් එලියට  විත් ඵලදායක ගමනකට එකතු  වන්නේ නම් යහපත් බවද කිව යුතුය .

 තීරණය ඔහු සතුය . තෝරා ගන්නා ගමන් මාර්ගයකදී කරනා කියනා දැ විවේචනය කරනවා විනා ඔහුගේ  ගමන් මාර්ගයක් තෝරා ගැනීම ප්‍රශ්න කිරීමේ හැකියාවක් අපට නැත . එදා ජනපතිවරණයට ඉල්ලීමට ඔහුට තිබූ අයිතිය අදටත් කැමති දේශපාලන මාවතක් තෝරාගැනීමට ඇති නිසාය .

ප.ලි - මේ අලකලංචි අස්සේ ශ්‍රි ලංකාව  කුමරන් පද්මනාදන් නිදහස් කරලාය ., දැන් ඉන්ටර්පෝල් එකෙ  තියෙන්නේ ඉන්දියාවේන් ඉල්ලු වරෙන්තුව පමණය . ඉන්දියාවට කේ.පී නිසා නැති වුනේ රජිව් ගාන්ධි පමණය (රාජ්‍ය නායකයෙකු ඝාතනය වීමේ ලැජ්ජාව හැරුණු විට රජිව් වැනි ඔල්මොට්ටල කම්බ හොරෙක් නැති වීම ඉන්දියනු ජනතාවට සැබවිනම  වාසි සහගතය ) , කේ.පී නිසා ශ්‍රි ලංකාවට අහිමි වූයේ මොනවාද කියා සියලුම දේශප්‍රේමීන් තම තමන්ගේ දේශප්‍රේමී ඔලුගෙඩි වලට ඇන ගෙන කල්පනා කරගත්තා නම් වඩාත් හොඳය 

ඒකාබද්ධ හෙවත් පොදු නොහොත් කැඩි බිඳි ගිය විපක්ෂය

පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතිනා ඕනැම රටක විපක්ෂය යනු මහජන ඡන්දයෙන් පත්ව ආණ්ඩුබලය පිහිටුවීමට නොහැකී පිරිසය . විපක්ෂය රටේ සැලකිය යුතු ජන ප්‍රමාණයක මතවාදය නියෝජනය කරන්නාක් මෙන්ම  පාලන බලය හොබවන්නන්ගෙ ප්‍රතිපත්ති වලට විකල්ප මතවාදයක් ගොඩ නඟන්නන්ද වන අතර  රජය විසින් ගෙන එනු ලබන පනත් කෙටුම් පත් වලට විවිධාකාරයේ සංශෝධන යෝජනා කරන්නන් මෙන්ම අවැසි විවේචනයන් සිදු කරන්නන්ද වේ . නිදහස  ලැබුදා පටන් ශ්‍රි ලංකාවද පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ  ක්‍රියාත්මක වූ රටකි . ලාංකීය ජනතාව යම් පක්ෂයක් බලයට පත් කරනා විට අනෙක් පක්ෂයට නැත්තටම නැති වෙන්න දෙන නිසා රටේ විපක්ෂය 1/6 ක් වැනි සුලුතරයකට පහල බැසි අවස්ථාද , එහිත් බහුතරය රටේ එක්තරා ප්‍රදේශයක්   පමණක් නියෝජනය කරන පක්ෂයකට හිමිවිමේ අවධානම ජේ. ආර් විසින් දුටු නිසා වර්ථමානයේ සම්බන්ධන් වෙනුවට ජේ.ආර්ගේ බැනාට විපක්ෂනායක ධුරය දැරීමේ වාසනාව හිමිවී ඇත . ආසන වශයෙන් පරාජයට පත්වුවත් ලක්ෂ ගණනක ජනතාවකගේ ඡන්දයට සරිලන නියෝජනයක් පාර්ලිමෙන්තුව තුල ලැබුනද , ඒ සමඟම ගෙන ආ විධායක ජනපති ධූරයෙන් විපක්ෂ නායක වරයාගේ කාර්ය පමණක් නොව අගමැති වරයා ඇතුලු සමස්ථ පාර්ලිමෙන්තුවේ කාර්යභාරයම දෙකේ කොලයට දමන්නටත් කටයුතු යෙදුනු බව පැහැදිලිය .එය සාම්ප්‍රදායික විපක්ෂයකට වඩා ප්‍රභල අභියෝග විපක්ෂයකට එල්ල කරන්නක් වන අතර  මේ  එහි ප්‍රතිවිපාකයන්හි උච්ඡතම අවස්ථාව යැයි හැඳින්වීමේද වරදක් නොමැත .

වත්මන් රජය එකිනෙක පරස්පර මත දැරූ (තවමත් ඉඳහිට පැරණි මතාවද සිහිපත් කරන ) පක්ෂ හා කණ්ඩායම් ගණනාවකින් සැදි තිබියදි , විපක්ෂය  පක්ෂ තුනකට සිමා වී ඇත . එයින් ජනතා විමුක්ති පෙරමුණ සිය  ඉතිහාසයේ දැවැන්තම සෝදා පාලුවට ලක්ව   පියවරක් පාසා වලපල්ලට ගමන් කරමින් සිටී, කලක ශ්‍රි ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය වූ එජාපය තමන්ගේ ඡන්ද පදනමෙන් සැහෙන පහල මට්ටමකදී ස්ථාවර වෙමින් පවතී . ඒ අනුව බැලු කල තමන්ගේ ආවේණික ඡන්ද පදනම ස්ථාවර තබා ගනිමින් සිටිනා දෙමල ජාතික සංධානය විපක්ෂයේ සාර්ථකම දේශපාලන බලවේගය ලෙස හැඳින්වීමේ වරදක් නොමැත . එජාපය හා ජනතා විමුක්ති පෙරමුණ(න්‍යායිකව ) රාජ්‍ය බලය අරමුණු කරගනිත්දී දෙමල සංධානය  විවිධ පාලන ඒකකයන් තුල තම නියෝජනය තීරණාත්ම සාධකයක් බවට පත් කර ගැනීම අරමුණු කොට ගෙන සිටී . එජාපයේ හා ජවිපේ දේශපාලනයේ මුඛ්‍ය අරමුණ වත්මන් රජය පෙරලීම වත්දී , දෙමල සංධානයේ ජනප්‍රිය දේශපාලනයටද වත්මන් රජය පෙරලීම අත්‍යාවශ්‍ය සාධකයකි . එනම් විපක්ෂයේ සියලු බලවේග වල අරමුණු සමපාතය .

දේශපාලනික අරමුණු  සමපාත වුවත් එකිනෙකට වෙනස් දේශපාලනික අන්ත දෙකක ගමන් ගන්නා එජාපයට හා ජවිපයට මෙන්ම , ජවිපය මැත ඉතිහාසයේ රට තුල ගෙන ගිය  මතවාදයන්ට අනුව  ඔවුනට හා දෙමල සංධානයට එක්වීමේ හැකියාවක්ද නොමැත . මේ විරසකයන් පසෙකලා ඔවුන් එක්ව සැදු එකම සංධානයද අතිශයින්ම අසාර්ථක එකක් වූ අතර ඔවුන් එක්ව කරලියට ගෙන ආ ජනපති අපේක්ෂයා 2005දී එජාපයේ පමණක් අපේක්ෂකයා වශයෙන් රනිල් ලබාගත් ඡන්ද ප්‍රමාණයට හෝ හිමිකම් කියන්නේ නැත . උක්ත ජනපතිවරණය වත්මන් ජනපති වරයාගේ ජනප්‍රියත්වයේ උපරිමයේදී  ලබාගත් ජයග්‍රහණයක් ලෙස හඳුනා ගත හැකිවාක් මෙන්ම මේ දක්වාත් ඔහුගේ ජනප්‍රියත්වය බරපතල හානියකට ලක්ව ඇතැයි පැවසිය නොහැක . එක් අතකින් සාමාන්‍ය ජනතාවට ගෝචර රජයේ නා ගැනීම් අධිරාජ්‍ය වාදි කුමන්ත්‍රණ හෝ ඇමතිවරුන්ගේ සහ නිලධාරින්ගේ ගිණුමට බැර වෙත්දී රජයේ සමස්ථ දේශපාලන ගමන් මග බහුතර ජනතාවකගේ සිතුම් පැතුම් වලට බොහෝ සෙයින් අනුකූලය. එනිසා බාහිර ලෝකයාට සාපේක්ෂව රටේ දිශානතිය කුමක් වුවත් ඡන්ද දායකයාට සාපේක්ෂව  රජයේ ආර්ථික , සමාජීය , සංස්කෘතික ගමන් මාර්ගය නිවැරදිය .

මේ පසුබිම තුල ජනපතිවරයාගේ ජනප්‍රියතාවය නොසැලෙමින් පැවතීම විපක්ෂයේ දේශපාලන වල අභියෝගය තව දුරටත් ඉහල දැමීමට  සමත්ව ඇත . තනිව රාජපක්ෂ ජනපතිවයා සමඟින් ගැටිය නොහැකි යන පසුගිය ජනපතිවරණයේ උපකල්පනයන් සමඟින් විපක්ෂය නැවතත් පොදු බලවේගයක් ගොඩ නැගීම කෙරේ උනන්දු වන බවක් දක්නට ඇත . එහිදී  "ඒකාබද්ධ විපක්ෂය " නමින් එජාපයේ මූලිකත්වයෙන් ගොඩ නැගු සංවිධානය තුල ඔවුනුත් දෙමල සංධානයත් හැරුණු විට සිටින්නෙ ජනපතිවරණයේ සිට සියලු මැතිවරණ  තරඟ කර යන්තම් නාගරික මන්ත්‍රිකමකින් සැනසුන වික්‍රමබාහු වැනි චරිතත් මුලු පක්ෂයම බස් එකක හෝ ඇතැම් විට ත්‍රීරෝද රථයක ගෙන යා හැකි පක්ෂත් පමණි . නොපැහෙන දීගයකින් තව දුරටත් තම ඡන්ද පදනම දෙදෙරා යාමේ අවදානම නිසාදෝ ජවිපය මෙම එකමුතුවේ නොමැත . නාමිකව පක්ෂ හා කණ්ඩායම් ගණනාවක් සිටියත් ඒකාබද්ධ විපක්ෂය නැමැති සංධානය රජයේ ඡන්ද පදනම කෙරේ කිසිදු බලපැමක් කිරීමේ හැකියාවකින් තොරය . පොදු ජන විඥ්ඤානයට අනුව දේශ ද්‍රෝහින් වූ වික්‍රමබාහු සහ දෙමල සංධානය සමඟින් එජාපයේ දේශද්‍රෝහී ලෙබල් වැදුනු  ජයලත් වැන්නන් එක වේදිකාව දැකීම සැබවින්ම රජය තව දුරටත් ශක්තිමත් කරන්නක්  ලෙසද සැලකිය හැක .

ලද ජනපති සමාවෙන් පසු දේශපාලනික වශයෙන් සැහෙන තරම් නිහඬ පිලිවෙතක් අනුගමනය කල , විශේෂයෙන්ම පසුගිය මැතිවරන සමයේ පුර්ණ වශයෙන් මුනිවත රැකි ෆොන්සේකා මහතාද විපක්ෂ බලවේග එක් කිරීමේ කාර්යයට අතගසා ඇත .  සියලු විපක්ෂ බලවේග වල පොදු අපේක්ෂකයා වශයෙන් දේශපාලනයට පිවිසියත් මෙවර ඔහුගේ ව්‍යායමය තුල පෙර ඔහු සමඟ සිටි දේශපාලන බලවේග කිසිවක් දක්නට නොමැත එජාපය හා දෙමල සංධානය පමණක් නොව  එකට පාර්ලිමේන්තුවට තරඟ කල ජනතා විමුක්ති පෙරමුනද 18 වෙනිදා ඇරඹීමට නියමිත අදාල එකමුතුව තුල නොමැත . ඒකාබද්ධ විපක්ෂයේ මෙන් ත්‍රිවිල් පක්ෂ හා කණ්ඩායමුත් එජාපයේ  පාර්ලිමෙන්තු හා පලාත් සභා මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුගේ එකතුවක් ලෙසින් දැකිය හැකි මෙහි එජාපය තුල විප්ලව කාරි ජනප්‍රිය මන්ත්‍රිවරුන් හෝ දක්නට ලැබේවි යැයි දැනට වාර්ථා වී ඇති තොරතුරු අනුව දැනගන්නට නැත .

නාමික වශයෙන් "ඒකාබද්ධ " හෝ රජයට එරෙහි "එකමුතු" විපක්ෂ බලවේගයක් ගොඩ නගන්නට තැත්කලත් සැබැවින්ම වර්ථමාන ශ්‍රි ලාංකීය විපක්ෂ බලවේගයන් සිටිනුයේ අන් කවරදාකටත් වඩා බිඳී විසිරි ගිය දුර්වල  තැනකය . එය  විපක්ෂ මන්ත්‍රි නියෝජනය ඉතාම අවම වූ ආසන මන්ත්‍රි ක්‍රමය තුලදී දක්නට තිබුනාටත් වඩා කණගාටුදායක තත්වයකය . වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ගොඩ නැඟී ඇති ඒකා බද්ධ විපක්ෂයට එජපය තුල සැහෙන ජනප්‍රියතාවයක් ඇති සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකවරයාගේ හෝ  ඔහුට හිතවත් මන්ත්‍රිවරුන්ගේ දායකත්වයක් ලැබෙන්නේ නැත .එජාපය තුල සිටිනා ජනප්‍රිය නායකයන් එසේ ඉවත් වෙත්දී ඒකාබද්ධ විපක්ෂය යනු බහුතර ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ (එම අප්‍රසාදයන් සාධාරණද අසාධාරණද යන්න වෙනම කතිකාවකි )  පුද්ගලයින් කිහිපදෙනෙක් පිරිවරාගෙන රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍ය වෙත වොයිස් කට් දීමක් පමණක් බවට පත්වී ඇත . රටේ  විපක්ෂය නියෝජනය කරන කිසිදු ප්‍රධාන දේශපාලන බලවේගයක සහය නොමැතිව ෆොන්සේකා මහතා ගොඩ නගන්නට යන එකමුතුව අර්බුධ මැද්දේ සිටිනා එජාපය තවත් කැබැලි වලට කැඩීමේ වැයමක් පමණක් බවට පත්වී ඇත . ත්‍රිවිල් පක්ෂ, පුද්ගල චරිත කිහිපයක් සමඟින් ආසාර්ථක එකමුතු  ගොඩ නගමින් සිටිනා විපක්ෂ කණ්ඩායම් සිහිතබා ගත යුතු වැදගත්ම කාරණය නම් එකතු වීම සිදුවිය යුත්තේ එජාප නායකත්වය සහ නියෝජ්‍ය නායකත්වයත් ෆොන්සේකා මහතාත් අතර බවය . ඒ හැර වෙන් වෙන්ම එකිනෙකා  ගොඩ නගන නාමික  විපක්ෂ එකමුතු වලින් රාජපක්ෂ ජනපතිවරයාට අබමල් රේනුවක හෝ බලපැමක් සිදුකල නොහැකි අතර විධායක ජනපතිවරයෙක් සහිත පාර්ලිමෙන්තු ක්‍රමයක විපක්ෂයක් හමුවේ ඇති බරපතලතම අභියෝගය වන පැවැත්මේ අභියෝග ය හෝ  ජයගත නොහැක

කුසලානය අභියස සිංහ පෝතකයින්




උණුසුම් තරඟාවලියක් අවසානයේ සිංහ පෝතකයින් ජයග්‍රහණයේ අභියසටම ඇවිත් . සාමාන්‍යයෙන් හැම ක්‍රිකට් තරඟාවලියක් ගැන වචනයක් හෝ සටහන් කලත් ,කථා කරන්න බොහෝ දේවල් තිබුන මේ තරඟාවලිය ගැන සඳහනක් හෝ කරන්න අධික කාර්ය බහුල කම නිසා මේ දක්වාම ඉඩක් ලැබුනේ නෑ , කොහොම වුනත් අපේ කොල්ලන් ජයග්‍රහණය පෙනි පෙනි ඉන්න වෙලාවක ඒ ගැන සුභ පතන්න කුඩා සටහනක් හෝ එකතු කරන එක ශ්‍රි ලාංකීය ක්‍රිකට් ලෝලියෙකු විදිහට මගේ වගකීමක් .

 20-20 තරඟාවලිය ට එකතු වුනු කණ්ඩායම් අතර සංඛ්‍යාත්මක හා තාර්කික  දත්ත අනුව පදනම්ව දක්ෂතා සංසන්දනය කිරීමක් කලොත් ශි ලංකා කණ්ඩායම හිටියේ ටිකක් පිටි පස්සෙන් . ඉතාම සමබර කණ්ඩායම විදිහට දකුණු අප්‍රිකාවත් , හොඳම පිතිකරුවන් එකතුව විදිහට ඉන්දියානු කණ්ඩායමත් , හොඳම පන්දුයවන්නන් එකතුව විදිහට පකිස්ථානු කණ්ඩායමත් දැක ගත හැකිව තිබුනා . නමුත් මේ සියල්ලන් අභිබවා අපේ කොල්ලන් අවසන් තරඟයට ගියේ කොහොමද ?

ඒ පිටුපස මම දකින එකම රහස තමයි , අපේ අය කණ්ඩායමක් විදිහට එකමුතු දක්ෂතාවය අනික් සියල්ලන්ටම වඩා සාර්ථක වීම . කොදෙව්වන් ක්‍රිස් ගේල් මත ඔස්ට්‍රේලියානුවන් වොට්සන් මත ඉන්දියානුවන් කෝලි සහ අශ්වින් මත , පකිස්ථානුවන් අජ්මල් මත වැඩි බරක් තියත්දි ශ්‍රි ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය අවස්ථානු කූලුව විවිධ ක්‍රිඩකයින් අතරත් , බොහෝ විට මුලු කණ්ඩායමේම ක්‍රිඩකයින්  අතරත් බේදී ගියා . මේකට හොඳම උදාහරණය  අවසන් පුර්‍රව  තරඟ දෙක . ලංකාවේ ජයග්‍රහනයට හේතුව මහේලද , රංගන ගේ කඩුලුද , මාලිංගගේ අඩු ලකුණු පන්දු වාරද , එහෙමත් නැති නම් තිසර අන්තිම ඕවරේදි නෙලපු 4 පාරවල් ටිකද කියල   හරියටම වෙන් කරන්න හැකියාවක් නැතත් , කොදෙව්වන්ගේ ජයග්‍රහණයේ වැඩිම බර සුපුරුදු විදිහටම දැරුවේ ක්‍රිස් ගේල් .

කණ්ඩායමක් විදිහට තරඟාවලිය පුරාවටම සුපිරි දක්ෂතා දක්වපු සිංහ පෝතකයින් මේ වන විටත් 20-20 ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක එකට පත්වෙලා ඉන්නේ දෙවෙනි කණ්ඩායමට වඩා  වැඩි (රේටින් ) ලකුණු 13 කින්


Reliance ICC T20 Ranking
TEAMMATCHESQFY
MATCHES
POINTSRATING
1Sri Lanka11141459133
2India11141322120
3England14201647118
4South Africa13181526117
5Pakistan18262088116
6West Indies11151267115
7Australia15201615108
8New Zealand1318126197
9Bangladesh71059785
10Ireland81265982
11Zimbabwe71030644
Developed by David KendixLast Updated: Fri, Oct 5, 201




ඊයේ කොදෙව්වන් ලබපු සුපිරි ජයග්‍රහණයත් එක්ක පොඩි තිගැස්මක් ඇති වුනත් තවමත් කුසලානයේ වැඩි වාසිය තියෙන්නේ අපේ කොල්ලන්ට .ඒ වගේම අවසන් තරඟයේදී පරාජයට පත්වුනු ආසන්නම අවස්ථා තුනට වඩා මේ වර අපිට  ජයග්‍රහයණය කිරීමට තියන  සම්භාවිතාවත් වැඩියි . ඒ අවසන් තරඟ වලදී අපි මුහුන දීපි ඕස්ට්‍රේලියානු , පකිස්ථානු සහ ඉන්දියානු කණ්ඩායම් වලට සාපේක්ෂව බටහිර ඉන්දිය කොදෙව්වන් පහසු ඉලක්කයක් නිසාත්  , අනෙක් අතින් 2011 ලෝක කුසලානයේදී ඉන්දියානුවන් එක්ක තිබුනු භූමි වාසිය සහ ප්‍රේක්ෂක සහය මෙවර තියෙන්නේ අපිට නිසාත්

එහෙම නම් සිංහ පැටවුනට මේදා සැරේ කප් එක උස්සන්න අවශ්‍ය කරන ශක්තිය , ධෛර්යය හා වාසනාව (ක්‍රිස්ගේල් ලකුණු 20කට අඩුවෙන් දැවී යාම ) ලැබේවා කියා මම මුලි හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා 

------------------------------------------------------------------------------------------------

රැන්කින් දත්ත - http://www.icc-cricket.com/match_zone/team_ranking.php
ඡායාරූපය - https://www.facebook.com/Slcfans

ප.ලි- මේ සතියත් බුවාට කාර්ය බහුලයි සැහෙන්න ඒ නිසා , ප්‍රතිචාර වලට පිලිතුරු දෙන්න අවස්ථාවක් නොලැබෙන්න පුලුවන් . ප්‍රතිචාර දක්වන සැමටම Thanks in Advance  !

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top