Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

March 2013

දිනමින කතු වැකියේ මඤ්ඤං කථා

මාතෘකාව දකිනා කෙනෙකු දිණමිනේ මඤඤං නොවන  යමක් පලවූයේ කවදා දැයි විමසා සිටියත් මා පුදුමයට පත්වන්නේ නැත . නමුත් රජයට සුදු හුණු ගැමෙන් නොනැවතී ලෝක දේශපාලනයත් ඇඳා ගත් කරුණු කාරණා සම්බන්ධයෙන් "මඤ්ඤං" කථා රාශියක් ඇතුලත් ලිපියක් අද දින කතු වැකිය වශයෙන් පලවී ඇත . මේ ඒ පිලිබඳ විග්‍රහයකි (කරුණු උපුටා ගන්නේ කතුවරයා සටහන් කර ඇති අනුපිලිවෙලට නොවේ )

//තායිලන්තය, පිලිපීනය, බ්‍රසීලය, චිලී, ආර්ජන්ටිනාව වැනි රාජ්‍යයන් ගැන අමුතුවෙන් කතාකළ යුතු නැත. එම රටවල් අමෙරිකාව හා යුරෝපය මත යැපෙන රාජ්‍යයෝය. //

ඉහත වාක්‍යය දුටු සිනහ පහල නොවනා කෙනෙක් සිටී නම් ඒ දිණමින , අයිටින් සහ ස්වාධීන රූපවාහිනියෙන් තොර ලෝකයක් නොදන්නා අයෙකු විය යුතුය .  බ්‍රික්ස් කණ්ඩායමට අයත් නැගී එන ආර්ථික බලවතෙකු වන බ්‍රසීලය  , අදාල සංගමේ වඩාත් පරිපූර්න  සංවර්ධනයක් අත්කරගත් සාමාජිකයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. එනිසා ආර්ථික හෝ දේශපාලනික වශයෙන් කිසිදු රාජ්‍යක් මත "යැපීමේ" අවශ්‍යතාවයක් බ්‍රසීලයට නැත . බ්‍රසීලය ලෝක දේශපාලනය තුල ක්‍රියාත්මක වී ඇති අන්දමෙන්ද ඔවුන් කිසිසේත්ම ඇමරිකන් හිතවාදීන් නොවෙනා බැව් නිරික්ෂණය කල හැක . බ්‍රසීලයේ  ප්‍රධාන ගැනුම් කරුවා වන්නේද චීනය මිස ඇමරිකාව නොවේ . ඇමරිකාව සමඟ වෙලඳ ගණුදෙනු ප්‍රතිශතය 10% කට ආසාන්නය . ආර්ජෙන්ටිනාව පසුගිය දිනවල  බ්‍රිතාන්‍ය සමඟින් ඇති කරගත් දේශපාලනික උණුසුම නිරික්ෂනය කලේ නම් ඔවුන්  බටහිරින් යැපෙන්නන් වශයෙන් හැඳින්වීමේ හැකියාවක් නොමැති බවද  තේරුම් ගත හැකිව තිබුනි . ආර්ජෙන්ටිනාවේ ප්‍රධාන වෙලඳ සහකරුවා වන්නේ බ්‍රසීලයයි . මෙහිදී වඩාත් හාස්‍ය ජනකම කාරණය වන්නේ අනෙක් රටවල යැපීම ගැන කථා කලත් ශ්‍රි ලංකාව  එක්සත් ජනපදයට පමණක් 22%ක ආසන්න ප්‍රමාණයක අපනයනයක් සිදු කරන , බ්‍රසිලයේ ආර්ථික ශක්තියට අලගු තැබීමට තරම්වත් හැකියාවක් නොමැති රටක් වීමයි 

ජපානය, ඉතියෝපියාව, මැලේසියාව, කසකස්ථානය, ඇන්ගෝලාව, බොට්ස්වානා, බුර්කිනා, කෙන්යාව යන රාජ්‍යයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නියම අර්ථයෙන් ගත හොත් ඔවුන් සහයෝගය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට ය. මෙහිදී මේ රාජ්‍යයන් අමෙරිකාව හා යුරෝපා සංගමය වැනි බලවත් ආයතනවලට අභියෝගාත්මක ලෙස හැසිරී ඇත. ජපානය කවදත් ශ්‍රී ලංකාවට හිතැති රාජ්‍යයෙකි.

මේ තිස්ස අත්තානයක /මංගල සමරවීර තියරියයි . මෙම තියරිය නිවැරදි නම් පසුගිය සමයේ සන්ධාන රජය විශ්ෂ්ට ලෙසින් ජයගත් කිසිදු  මැතිවරණයක් සැබවින්ම ජය ගෙන නැත . මන්ද ඡන්දය නොදී සිටි ජනතාවද රජයට විරුද්ධය . ජපානය ශ්‍රි ලංකාවේ සැබැ මිතුරෙකු බව සැබැය ,  සටන් විරාමය වෙනුවෙන්  පැමිණි ජපන් නියෝජිතයාට කොටි ලේබල් අලවා ජපානය සමඟින් පැවති සබඳතා හීන කරගෙන ජපානය "මධ්‍යස්ථ" වීම පිලිබඳ උදම් ඇනීමේ පලක් නැත , මන්ද ජපානය  ශ්‍රි ලංකාව වෙනුවෙන් පෙනි සිටිය හැකිව තිබු , එසේ වී නම් එය අනෙක් රටවල මතයටද බලපැම් කල හැකිය තිබූ රාජ්‍යයකි .   බ්‍රසීලය ඇමරිකාව මත යැපෙන්නේ යැයි  පවසන කතෘ වරයාට ජපාන- ඇමරිකානු සබඳතාවයන් සහ මුලින්ම අමතක වී ඇත .  භාහිරව නිරීක්ෂනය කල නොහැකි ඇමරිකානු -බ්‍රසිල සම්බන්ධය වෙනුවෙන් බ්‍රසීලය ඇමරිකාවේ ස්ථාවරය ගනී නම් , ඉතා පැහැදිලි සම්බන්ධාවන් (විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් )  සහිත ජපානය ඇමරිකානු ස්ථාවරය නොගන්නේ මන්ද ?

ඉන්දුනීසියාව, කුවේටය, මාලදිවයින, පාකිස්ථානය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ය, යන ඉස්ලාම් රටවල් සෘජු ලෙස ම ශ්‍රී ලංකාව සමඟ සිටියේ ය


කතෘ තුමාගේ යැපීම් සංකල්පය ආදේශ කර්න්නේ නම් කටාර් රාජ්‍යය සිටිය යුත්තේ ඇමරිකානු කඳවුරේය ඒ අපනයනයන් පමණක් සැලකීමෙනි . දේශපාලනික සබඳතා සැලකීමෙදී එමිර් රාජ්‍යය සහ කුවේටයත් සිටිය යුත්තේ මෙතනයි . නමුත් එම මුස්ලිම් රාජ්යන් ශ්‍රි ලංකාවට සහය දක්වා ඇත .ඒ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් පිලිබඳ අම්තු පැහැදිමකින් නොව ශ්‍රි ලංකාවෙ ව්‍යවස්ථාපිතව ඇති මූලික මානව හිමිකම් පවා මෙම මුස්ලිම් රාජ්‍යන් තුල නොමැති වීම නිසාවෙනි . දිණමින කතෘතුමාට මෙම තත්වය නොපෙනීම කණගාටුදායකය 

කෙසේ වෙතත් එතුමාගේ බටහිර මත යැපීමේ සංකල්පය , ආර්ථික වශයෙන් තදබල ලෙස බැඳි ඇති එක්සත් ජනපදය සහ චීනය හාත්පසින් වෙනස් දේශපාලනික තීන්දු තීරණ ගැනීම තුලම බිඳ වැටි බව සිහිපත් කල යුතුය 

ශ්‍රී ලංකාව මේ යෝජනාව සම්බන්ධයෙන් හෝ එහි නිර්දේශ සම්බන්ධයෙන් හෝ තැතිගැන්මකට ලක්විය යුතු නැත. එහෙත් මෙය හෑල්ලුවට ගත යුතු ද නැත. අප මෙතෙක් රටේ සාමය, නිදහස හා ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ ගෙන ඇති පියවර බොහෝ ය. උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ බොහොමයක් ද ක්‍රියාත්මක කොට තිබේ. එහි ප්‍රගතිය සම්බන්ධයෙන් බොහෝ රාජයයන් තෘප්තිමත් බවද ප්‍රකාශ වී තිබේ. ඒ අතර අමෙරිකාවට, යුරෝපා සංගමයට හා කැනඩාව වැනි රටවලට ශ්‍රී ලංකාව තවදුරටත් හිර කිරීමේ වුවමනාවක් ද තිබේ. මේ සියල්ලටම ඉතා බුද්ධිමත් ලෙස මුහුණදීම අප විසින් කළයුතුව තිබේ.

හැල්ලුවට  ගැනීමේ හැකියාවක් නොමැති නම් ඒ සඳහා කල යුත්තේ කුමක්ද යන්න හෝ හැල්ලුවට ගත නොහැකි වීමේ පදනම කුමක්ද යන්න පිලිබඳ ව හෝ කතෘවරයා මෙහිදී සඳහන් කිරීමට අපොහොසත්ව ඇත . එවිට  තැති නොගෙන සහ හැල්ලුවට නොගෙන සිටිම යන්න  හුදු වචන පෙලක් පමණක් බවට පත්වීම වැලැක්විය නොහැක 

අපට පෙනී යන වැදගත් ම සාධකයක් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් ප්‍රචාරණයක්ද අවශ්‍ය බව ය. එය දේශීය වශයෙන් සාර්ථකව සිදුවෙනවා ද යනු ප්‍රශ්නයකි. ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය


දේශීය වශයෙන් ප්‍රචාරණය කරනා තරම් ගැන  අම්තුවෙන් විස්තර කල යුතු නැත . සැබවින්ම දේශීය වශයෙන් ප්‍රචාරණය කීරීම වැදගත් වන්නේ රජය මුහුණ දෙන මැතිවරණ වලින් ජයගැනීමට මිස ජාත්‍යන්තර අභියෝග ජය ගැනීමට නොවේ . දේශීයව තමන්ගේ හොරනැ වැයු පමණින් ජාත්‍යන්තර අභියෝග ජයගත හැකිය යන මුග්ධ සිතුවිල්ල ජාතික පුවත්පතක කතෘ වරයෙකු විසින්  දරන්නේ නම් ෆොටෝ ශෙයා කරමින් ජාත්‍යන්තර ගේම් දෙන්නට දතකන ෆේස් බුක් වීරයන්ගේ දූපත් මානසිකත්වය  අරුමයක් නොවේ 

ජිනිවා අවසන් "යටතේ නොවෙනා" දේශප්‍රේමියනි අපි දැන් කුමක් කරමුද ?

ජිනිවා කෙලිය  සිතු පරිදිම අවසන්ය  ,රජයේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය නිසා සිදුවන බාගෙන නාගැනීම් පිලිබඳව  කථා කිරීමත් කාලය කා දැමීමක් පමණි. එනිසා මේ අද දින ඇමරිකානු කානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී "යටත් නොවෙමුය" කියා බෙරිහන් තැලූ දේශ හිතෛශීයින් ඇතුලු සමස්ථ දේශප්‍රේමීන්  ගේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ අදහස් දැනගැනීමට ඡන්දයකි . ඡන්දය ඉහලින් ඇත , ප්‍රශ්නය සහ පිලිතුරු පහලින් ඇත 

ජිනිවා හිදී ශ්‍රි ලංකාවට එරෙහිවූ පාහරයන්ට පාඩමක් උගන්වන්නේ කෙසේද ?


 A. සියලුම ඇමරිකන් භාණ්ඩ හා සේවා වර්ජනය කිරීම (අන්තර්ජාලයද ඇතුලුව ) 

B. සියලුම ඉන්දියානු භාණ්ඩ හා සේවා වර්ජනය කිරීම (ජපන් බස් පාරට දාන තෙක් පයින් යාම )

C. ඉන්දියාවට එරෙහිව යුධමය ක්‍රියා මාර්ගයකට යොමු වීම

 D.චීනය සහ රුසියාව සමඟින් එක්ව ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම 

E. ෆෙස් බුකියේ ඡායාරූප වලින් ඇමරිකාව , ඉන්දියාව , නවනීදන් පිල්ලේ පතුරු ඇරීම 

 F. ඇමරිකානු හෝ  ඉන්දියානු තානාපති කාර්යාල ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ඇරඹීම (ලෙමන් පෆ් භාවිතා කිරීමේ අවසරය ඇත ) 

G.ඔබාමාගේ , මන්මෝහන් ගේ පඹයින් ගිනි තැබීම 


මේ හැර කරන්නට  බලාපොරොත්තු වන වෙනත් දෙයක් වේ නම් කමෙන්ට් තීරයේ පල කරන්න ස්තුතියි 

තමිල්නාඩුවට එරෙහිව බ්‍රහ්ම දණ්ඩය .. බුවාගෙන "අර්ධ දේශප්‍රේමී" යෝජනාවක් !

වසර දෙකක් තිස්සේ ලියා  මෙහි ලියූ දේවලින් මෙන්ම අනෙකුත්  බ්ලොග් අඩවි තුල පල කල අදහස් තුලින් බුවා අයත් වන්නේ "දේශද්‍රෝහින්" කුලකයට කීවොත් නිවැරදිය .ඒ දේශප්‍රේමීන් , සහ දේශද්‍රොහින් නිර්ණය කරන නූතන ශ්‍රි ලාංකීය නිර්ණායකයන්ට අනුවයි . මේ වන විට දකින්නට නැතත් කලකට පෙර බ්ලොග් අවකාශයේ නිරන්තරයෙන් දක්නට ලැබුනු "දේශප්‍රේමීන්" විසින් මේ ලේබලය ඇලවූ අවස්ථාද නැත්තේ නොවේ . මේ සුදානම් වන්නේ ඒ ලේබලයෙන් මදක් බැහැරව යන "අර්ධ දේශප්‍රේමි" යෝජනවක් ඉදිරිපත් කිරීමය , ඒ තමිල්නාඩුවේදී ශ්‍රි ලාංකිය භික්ෂුන් වහන්සේ දෙනමක් පහර කැමට ලක්වීම අරභයා  ඔරිජිනල් "දේශප්‍රේමීන්" විසින් ලබාදෙන විසඳුම් වලට විකල්පයක් ලෙසිණි

භික්ෂූන් වහන්සේලාට පහර දීම සම්බන්ධයෙන් නොයෙකුත් තැන්හී අපගේ "දේශප්‍රේමින්" තැබු සටහන් වලින් උකහා ගත් යෝජනාවන් පහත සාරාංශ ගත කර ඇත . ඒ එම යෝජනාවන්හී ගැටලු සහගත භාවයන් පෙන්වා දී , මාගේ යෝජනාවේ අවශ්‍යතාවය මතු කිරිම උදෙසාය

ඉන්දියානු භාණ්ඩ වර්ජනය - මේ දේශප්‍රේමයේ උපරිම තලයේ යෝජනාවකි . හෙලයේ මහා දේශප්‍රේමී වීරවංශ මැතිදුන් ගේ ඇමරිකන් භාණ්ඩ වර්ජනයේම තවත් පියවරක් ලෙසද හැඳින්වුවාට වරදක් නැත . නමුත් ප්‍රශ්නය තියෙන්නෙ කරන්නට යැමේදීය . දේශප්‍රේමින්ද ඇතුලු සකල සබ්බ ශ්‍රි ලාංකිකයාම ගමන් යන්නේ ඉන්දියන්  බස් වලය , ජපන් බස් තියනවා නම් ඒ 1% විතරය . බස් නැතුව යන්නට තියන ත්‍රිවිලර් කටුද , පොඩි මිනිහාගේ බයිසිකලයද ඉන්දියන්ය . කොටින්ම හොන්ඩා , යමහා ඒව්වාත් දැන් එන්නේ ඉන්දියාවේ හදපුවාය . ජපන් බයිසිකලයක් ගන්නත් ඒකට තෙල් ගහන්නටත් වත් කමක් තියනා එකා ආතල් එකට බයිසිකල්   පදින එකෙක් මිස බයිසිකලයෙන් වැඩට යන එකෙක්  නොවේ . සාමාන්‍ය මිනිහා ගන්නා  රෝද 4 වාහන වලටද ඔය කථාව අදාලය , ඉදිරියේදී ප්‍රතිඅපනයන  කතන්දර නිසා ලොකු ලොකු වාහනත් ඉන්දියාවේ අඩුක් කරපුවා මෙහෙ එන්නට ඉඩ ඇත . වෙන මොන මලදානය නැතත් ඉන්දියන් භාණ්ඩ වර්ජනය කෙලවන්නට වාහන කතන්දරය විතරක් ප්‍රමාණවත්ය

ඉන්දියාවේ නොයා සිටීම - බැලු බැල්මට හොඳය ඒත් කරන්නට අමාරුය . ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන්ම ඉන්දියාවේ යන්නේ වන්දනාවේය . බැති සිතින් බුදුන්ගේ දේශය සොයා යන උපාසක අම්මලා , මත්තලට  ගිහින් නගින්න බැරි නම් බෝට්ටුවේ හරි දඹදිව යනවාමය . මේ ගමන වලක්වන්නට නම්  දේශප්‍රේමින් විසින් බුදු රජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියා උපාසක අම්මලාට සනාථ කල යුතුය . නැතිනම් බුදු හාමුදුරුවන් කාටවත් මොකටවත් වදින්නට කීවේ නැ කියා ඒත්තු ගැන්විය යුතුය . ඔය දෙකම ඉතා අමාරුය.නමුත් දේශප්‍රේමින්ගේ හැටියට පොඩ්ඩක් හෝ චාන්ස් එකක් තියෙන්නේ පලවෙනි එකටය . ඊලඟට යන්නේ ඉගෙන ගන්නට යන උන්ය . අපිට වැඩි පුරම ශිෂ්‍යත්ව දෙන්නේත් , මිල ගණන්  ලාභමත් ඉන්දියාවේ  නිසා ඉගෙන ගන්න උන් නතර කිරීම  ඇත්තෙන්ම අසාධාරණය . ඊලඟට ඉන්නේ බිස්නස් වලට හෝ රැකියා වලට යන ඇයින්ය . මේ අය සංඛ්‍යාවෙනුත් කුඩාය , ආණ්ඩුවෙන් ම නතර කලොත් මිසක් හොයාගෙන නතර කරන්නට බැරිය ( රටවල් දෙකක් අතර ගමනාගමනය සහමුලින් නතර කරන්නට ආණ්ඩුවකට ලේසියෙන් බැරිය ) . ඔය කතන්දර සියල්ලම නිසා මේකත් අමාරුය

මෙහේ ඉන්නා ඉන්දියන් කාරයින්ට නෙලීම - මේක නම් ඉතා පහසුය . ගොයම් කපන එකාගේ සිට කැසිනෝ ගහන්න ආපු එකා දක්වා හොයාගෙන නෙලාගෙන නෙලාගෙන ගිය හැක . හැබැයි ඉතින් ගැ හිල්ලේ  ප්‍රතිවිපාක ඔලුවේ තියාගෙන ගහන්න වෙනවාය . දේශප්‍රේමින්ට ඇතැයි මා නොසිතත් , කොමන් සෙන්ස් තියනා එකෙක් නම් ඔය ගැහිල්ලට කලින් දෙපාරක් සිතිය යුතුය

ඉන්දියාවත් සමඟ යුද්ධ කිරිම - මේ හා සමාන  යෝජනා කල දේශප්‍රේමින් කිහිප දෙනෙක්ද මට හමුවිය ඒ අයට කියන්නට තියෙන්නේ

 කියා පමණි 

දේශප්‍රේමින්ගේ ඉහත යෝජනා වල ඇති ගැටලුවලට විසඳුමක් වශයෙන් මා යෝජනා කරන්නේ මාතෘකාවේ සඳහන් කර ඇති පරිදි තමිල්නාඩුවට බ්‍රහ්ම දණ්ඩය පැනවීමයි . එනම් තමිල්නාඩුව හා පවතින සියලුම සබඳතා  අතැරීමයි . මෙහිදී 

01). කිසිදු ශ්‍රි ලාංකික (ද්‍රවිඩ නොවන ) යෙකුට  තමිල්නාඩුවේ සංචාරය නොකරන ලෙස උපදෙස් ලබාදීම . විශේෂයෙන්ම වන්දනා නඩ සියල්ල තම චාරිකා අනෙකුත් ප්‍රාන්තවල ගුවන් තොටුපලවල් සමඟ පමණක් සිදුකිරීමට අනිවාර්ය කිරීම 

02) ශ්‍රි ලාංකිකයින් රැඳි සිටිනා සියලුම ආයතන තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඉවත්  කිරීම 

03) .  ශ්‍රි ලංකන් සහ මිහින් එයා ගුවන් ගමන් අනෙකුත් ප්‍රාන්තවලට සිමා කිරීම සහ කිසිදු ගුවන් සේවයක් හරහා කොලඹ සිට චෙන්නායි දක්වා  ටිකට් පත්  ලබා ගැනීම වැලැක්වීම (හැකියාවක් තිබේ නම් ) 

04) අයිපීල් ඇතුලු කිසිදු ක්‍රිකට් තරඟයක් සඳහා ශ්‍රි ලාංකික ක්‍රිකට් ක්‍රිඩකයින් තමිල්නාඩුවට ඇතුලු නොවීම (මෙය අන් ක්‍රිඩා වලටද අදාලය ) 

05) සිනමා රසායනාගාර කටයුතු සඳහා වෙනත් ප්‍රාන්තයක රසායනාගාර තෝරා ගැනීමට යොමු කිරීම 

 ආදිය ආනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතුය.

සැම විටම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් පිලිබඳ අවධාරණය කරනා මා මෙවන් යෝජනාවක් කරන්නේ මන්ද යන්න පාඨකයින්ට ගැටලුවක් වනු නිසැකය . ඒ අය වෙනුවෙන් මෙහි පසුබිම් කාරණාවන් පහත ලෙසින් පෙල ගැස්විය හැක 

01) . තමිල්නාඩුවත් සමඟ  රාජ්‍යතාන්ත්‍රික ඇසුරක් පවත්වාගන්නට තිබු එකම ඉඩ කඩ කලකට පෙර කොටි විරෝදිනියක් වූ ජය ලලිතා ජයරාම් සමඟය . නමුත් එම අවස්ථාව පසුකර ශ්‍රි ලංකාවත් , ජයලලිතාත් බොහෝ දුර ගොස් ඇත . බොක්කෙන්ම කොටි හිතවාදින් වූ කරුණානිධි , වයිකෝ වැන්නන් විසින් අවුලවා ඇති "දෙමල ප්‍රේමය" තුල දේශපාලනය කිරීමට ජයලලිතාත් කොටි බෝට්ටුවට බැස ඇත . එනිසා  රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීමේ දොර සම්පූර්ණයෙන් වැසී ඇත 

02) ආගමික නායකයින්ටත් පහර දෙමින් අන් කවරදාකටත් වඩා අන්තවාදී ලෙසින් හැසිරෙන්නට  තමිල්නාඩුවේ "දෙමල ප්‍රේමය" උඩු දුවා ඇති බව පැහැදිලිය . දෙමල ප්‍රේමයේ පිස්සුව ඔලුවට ගසා   නූගත් දේශපාලන හෙන්චය්යන් පමණක් නොව විශ්ව විද්‍යාල ශිෂ්‍යන්  තුලද ශ්‍රි ලංකා විරෝධයක් පැන නැගී ඇති බව දක්නට ඇත . මේ තත්වය තුලදී ශ්‍රි ලාංකිකයෙකුගේ ජීවිතයකට යම් හානියක් සිදුවීමට ඇති ඉඩ කඩ කීසිසේත් ප්‍රතික්ශේප කල නොහැක . එවැන්නක අවසන් ප්‍රථිපලය කුමක් වන ඇති දැයි අමුතුවෙන් විග්‍රහ කල යුතු  නැත ,

එනිසවෙන් ආනගත ව්‍යවසනයක් වලක්වාලීම උදෙසා ඉහත කී බ්‍රහ්ම දණ්ඩ ක්‍රියාමාර්ගයේ කොටසක් හෝ (අවම වශයෙන් සංචාරක තහනමක් ) හෝ මේ මොහොතේ පැනවිය යුතුය . මෙහිදි වැදගත් වන්නේ  ශ්‍රි ලංකා රජය සහ ඉන්දිය මධ්යම රජය අතර ඇති සබඳතාවයේ සවිමත් භාවයය .  ශ්‍රි ලංකාවේ ක්‍රියාමාර්ගයන් පිලිබඳ  මිත්‍රශිලි සංඥාවක් ඉන්දියා මධ්‍යම රජය වෙත ලැබී ඇත්නම් , ශ්‍රි ලාංකීය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමිල්නාඩුවට එරෙහි බ්‍රහ්ම දණ්ඩය ක්‍රියාත්මක කිරීමේ කිසිදු අපහසුතාවයක් ඇත්තේ නැත .  නමුත් අවාසනාවකට දැනට ඇති එකම ගැටලුව ඒ පිලිබඳ ඇත්තේ අවිනිශ්චිත බාවයක් වීමයි ! 



කීර්ති වර්ණකුල සුරිය මහතා හෙලිකරණ ඩොලර් කාක්කන්ගේ යෝජනා

කීර්ති වර්ණකුල සුරිය යන අසා නැති  කෙනෙක් ශ්‍රි ලංකාවේ පුවත් පත් පාඨකයින් අතරින් සොයා ගැනිමට හැකිවේ යැයි මා සිතන්නේ නැත . දිවයින ඉරිදා සංග්‍රහයේ ආරක්ෂක තොරතුරු වාර්ථාකරු වූ  ඔහු මෙවර ජිනිවා හි සිට සිය සුපුරුදු ආරක්ෂක  විග්‍රහය දිවයින පුවත් පතට යොමු කර ඇත . ඒ තුල වැඩි ඉඩ කඩක් වෙන් වන්නේ ශ්‍රි ලංකාව පිලිබඳ විශ්ව කාලාන්තර සමාලෝචනය වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනා පිලිබඳ වයි . එම යෝජනා පිලිබඳ කතුවරයා මෙසේ කියා සිටියි 

ශ්‍රී ලංකාව ඉටු කළ යුතු යෑයි දක්‌වමින් නිර්දේශ 204 ක්‌ එකී වාර්තාවට ඇතුළත් කර තිබූ අතර ඉන් 94 ක්‌ රජය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

මෙලෙස ප්‍රතික්‍ෂේප වූ නිර්දේශ පිළිබඳව විමර්ශනය කරන විට හෙළි වූයේ ඩොලර් මුදල් ලබන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසින් විදේශ රටවල් ලවා එකී නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.
ඩොලර් සහ යුරෝ අරමුදල් ලබන කොළඹ එන්.ජී.ඕ. කල්ලිය විදේශ රටවල් නටවන අන්දම මෙකී නිර්දේශවලින් තවදුරටත් හෙළිවී තිබේ.

එන්.ජී.ඕ. කල්ලිය හෙවත් ඩොලර් කාක්‌කන් විසින් විදේශ රටවල් ලවා යොමු කරනු ලැබූ නිර්දේශ මෙසේය.
 රාජ්‍ය නොවන සංවිධාන හෝ "ඩොලර් කාක්කන්" විසින් යෝජනාවක් ඉදිරිපත් කරන යෝජනාවකට අප විරෝධය පල කල යුත්තේඑය ජාතික ආරක්ෂාව හෝ ශ්‍රි ලංකාවේ ස්වාධිපත්‍යට අභියෝගයක් වන යෝජනාවක් නම් පමණි . ඩොලර් කාක්කන් වැනි "ආදරණීය "  විශේෂණයකින් ඔවුන්ව ඇමතිය යුත්තේද ශ්‍රි ලංකාවට "අහිතක්" කරන්නේ නම් පමණි . පහතින් විමසා බලන්නේ කිර්ති වර්නකුලසුරිය මහතා විසින් ඉදිරිපත් කර ඇති "ඩොලර් කාක්කන්ගේ " යෝජනා පිලිබඳවයි 

මරණ දඬුවම අහෝසි කරනු - (ඉතාලිය, නවසීලන්තය, ස්‌පාඤ්ඤය)

ලෝකයේ බොහෝ රටවල මේ වට විට මරණ  දඬුවම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත . ඉතිව ඇති රටවලිනුත් සැහෙන ප්‍රමාණයක් ප්‍රායෝගිකව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත (ශ්‍රි ලංකාවද අයත් වන්නේ ඒ ගණයටයි ) . ඒ  නීතිය  නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ ආකල්ප වර්ධනයෙන් මිස දඬුවම දැඩි කිරීම තුලින් අපරාධ වැලැක්විය නොහැකි බවට ශිෂ්ටාරී මිනිසුන් අවබෝධ කරගෙන සිටීම නිසාවෙනි . පසුගියදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මේ පිලිබඳ පැවැති ඡන්ද විමසීමෙදී රටවල් බහුතරයක් මරණ දඬුවම ඉවත් කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කල බවද අවධාරණය කල යුතුය . ශ්‍රි ලංකාවට යෝජනාව ඉදිරිපත් කර ඇති රටවල්ද මරණ දඬුවම ඉවත් කර ඇති රටවල් වේ . එනිසා පරස්පරයක්ද නැත, ජාතික ආරක්ෂාවට හෝ ස්වාධීනත්වයට තර්ජයක්ද නැත 

 සමලිංගික සබඳතාවලට දඬුවම් කිරීමේ දණ්‌ඩ නීති සංග්‍රහය සංශෝධනය කරනු (කැනඩාව)

මෙයද ජාතික ආරක්ෂාව පිලිබඳ හෝ ස්වාධීනත්වය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ . මානව හිමිකම් යනු කුමක්දැයි හඳුනානොගත් සමාජයකට මෙය බරපතල වැඩි වුවත් , ලෝකයේ බොහෝ රටවල් අවම වශයෙන් සමලිංගික සබඳතා අපරාධයක් වශයෙන් සලකනා  නිතින් ඉවත් කර ඇත . සමලිංගික විවාහයන් පිලිගන්නා තරම් දුර යාතු නැතත්  ඩීක්‍රිමිනලයිස් කිරීම සාධාරණය . 2011 මානව හිමිකම් සැසියේදී මේ පිලිබඳ නියුට්‍රල් රටක්  ලෙසින් හැසිරි ඇති ශ්‍රි ලංකාවේ එසේ කිරීම ගැටලුවක් නොවේ . විකි පිඩියාවේ සිතියම් අනුව සම ලිංගික සබඳතා අපරාධයක් වශයෙන් සලකන එකම මුස්ලින් නොවන රාජ්‍ය ශ්‍රි ලංකාව දැයි මට සිතේ 

තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ නීතිරීති පනවනු (නෝර්වේ)

තොරතුරු දැනගැනීමේ පනතක් යනු ජනතාවට රජයේ ආයතන වල සංවෙදී නොවන ලබා ගැනීමට ඇති අයිතියයි . රජය යනු ජනතාව වශයෙන් සැලකෙන ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක මෙය කිසිසෙත් හානි දායක දෙයක් නොවේ . ලොව බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන්  මෙවනි පනත් සම්මත කර තිබේ 



 ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී සියයට 30 ක්‌ කාන්තාවන්ට නියෝජනය කිරීමට ඉඩ දෙනු. (නෝර්වේ)

මේ යෝජනාවේද කිසිදු වරදක් ඇත්තේ නැත. දේශපාලනය තුල කාන්තා නියෝජනය ඉහල නැංවීම කාන්තා අයිතිවාසිකම් ඉහලින් සුරැකීමක් නොවන අතර ,බෞද්ධ රාජ්‍යයකට මේ සඳහා කිසිදු ප්‍රතිරෝධයක් තිබිය නොහැක . කෙසේ වුවත් කාන්තාවන්ට නාම යෝජනා දෙත්දී පබා, අනර්, ගීතා වැනි අයට නොදි සිටිය යුතුයි කියා උපලේබනයක් ඇමිණුවා නම් යෝජනාව වඩාත් සම්පූර්නය 

 අධිකරණයේ ස්‌වාධීනත්වය රකිනු (පෝලන්තය හා ස්‌ලෝවැකියාව)

- මේ යෝජනාවේද කිසිදු හානිකර භාවයක් නොමැත , අධිකරණයේ ස්වාධීන බව රැකිම අන් සියලුම දෙනාට මෙන් කීර්ති වර්ණකුල සුරිය මහතාටත් හොඳය . යම් කිසි විදිහකින් කිර්ති මහතාට  කෙනෙක් පහර දුන්නොත් යන්නට තියෙන්නේද අධිකරණයටය , එහිදි කිර්ති මහතා විසින්ම  පහර දීගත්තාය කියා ඔප්පු නොවෙන්නට නම් අධිකරණය ස්වාධීන විය යුතුය 
වෙබ් අඩවියේ ලියාපදිංචි කළ යුතු බවට දක්‌වමින් 2011 නොවැම්බර් 5 දා පැනවූ නියෝගය අකුළා ගනු (නෙදර්ලන්තය)

වෙබ් අඩවි තහනමෙන් මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ කැත නමක් ගාගැනීම හැරුණු ප්‍රායෝගික ප්‍රථිපලයක් අත් නොවුනු බව මේ වන විටවත් රජයට තේරුම් ගොස් තිබිය යුතුය . ලියාපදිංචී නොවූ ඊ නිවුසිය හිතේ හැටියට මඩ ගසයි නම් , ඒවා මිනිසුන් විසින් කියවයි නම් තව දුරටත් වෙබ් අඩවි තහනමෙන් ඇති ඵලය කිම ?


උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විමර්ශන පවත්වනු (ඕස්‌ටි්‍රයාව)


 වන්නි මෙහෙයුමේදී සිදුවූ ම්ලේච්ඡ ක්‍රියා ගැන විමර්ශනය කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයට සහාය වෙනු (ටියුනීසියාව)

 උතුරු නැගෙනහිර බලය විමධ්‍යගත කරනු - හමුදාව සිවිල් කටයුතුවලින් ඉවත් කරනු (ඇමරිකාව)

 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කරනු (ස්‌විට්‌සර්ලන්තය)

රාජ්‍ය නොවන සංවිධානවල පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කර සිවිල් ආයතනයකට පවරනු - උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වනු (කැනඩාව)

මානව හිමිකම් ආරක්‍ෂකයන් රකිනු (චෙක්‌ රාජ්‍යය)

සියලු දෙනාටම නිදහස්‌ ලෙස අදහස්‌ ප්‍රකාශ කිරීමට ඉඩ දෙනු. ඒ ගැන සෙවීමට විශේෂ නියෝජිතයකුව ශ්‍රී ලංකාවට එමට ඉඩ දෙනු. (බ්‍රිතාන්‍යය)

 අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ (කොටින්ගේ) නම් සහ ඔවුන් රඳවා සිටින්නේ කුමන ස්‌ථානයක දී ද යන්න හෙළි කරනු (ප්‍රංශය, මෙක්‌සිකෝව)

 මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ක්‍රියා කිරීම සඳහා වරප්‍රසාද නීතිය ඉවතු කරනු (ඇමරිකාව)

 රැඳවියන් (කොටි සැකකරුවන්) සම්බන්ධව නිරීක්‍ෂණය කිරීමට ස්‌වාධීන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරනු (ඩෙන්මාර්කය)

රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සිවිල් සංවිධානයකට පවරනු (ඇමරිකාව)

 මානව හිමිකම් ආරක්‍ෂකයන්ට එරෙහිව විවිධ ප්‍රචාර දියත් කිරීමෙන් වළකිනු (නෙදර්ලන්තය - ස්‌ලෝවැකියාව)

 ත්‍රස්‌තවාදී මර්දන පනත සංශෝධනය කර අත්අඩංගුවේ සිටින අය පිළිගත් ස්‌ථානවල පමණක්‌ රඳවනු (කැනඩාව)


මෙවා ජාතික ආරක්ෂාව සහ ස්වාධීනත්වය පිලිබඳ ගැටලුවක් ලෙස සැලකිය හැක , ඒ රජයේ නිර්නායකයන් (මතවාදයන් ) අනුවය . මෙහි එන ඇත්ම් යෝජනා පිලිබඳ මාගේ ස්ථාවරය වෙනස් වුවත් , ලිපියේ අරමුණු කීර්ති වර්ණ කුලසුරිය මහතාගේ අදහස් දැක්වීම පිලිබඳ විවරණය කිරීම නිසා කලින් කී නිර්ණායකයන් එලෙසින්ම භාවිතා කර ඇත 

කෙසේ වුවත් රජය තම  නිර්ණායකයන් මදක් වෙනස් කරන්නට නම්‍ය ශිලි නම් , මේවායින් ඇතැම් ඒවා ක්‍රියාත්මක කර රටේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැති බව මාගේ විශ්වාසය බව අවසන් වශයෙන් අවධාරණය සිටීමට  කැමතිය . මා සිතන එම යෝජනා කහ වර්ණයෙන් සටහන් කර ඇත 



ජිනිවා............ නිහැඬියාව,ඩීල් සහ තවත් කථා

ජිනිවා සමුලුවට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. පසුගිය වසරේ ජිනිවා සමුලුව වෙත මෙවැනිම යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ ශ්‍රි ලංකාවේ වාතාවරණය සහ වර්ථමාන වාතාවරණය ඉතා පැහැදිලි වෙනසක් නීරීක්ෂණය කල හැක ."සුද්දන් අපිට කෙලවන්නට එනෝ..." යන ජනප්‍රිය  ශ්‍රි ලාංකීය තේමාවේ දිගුවක් වශයෙන් පශ්චාත් යුධ සමයේ ජාත්‍යන්තර  බලපැම් විස්තර කරන්නට යෙදුනු රජය, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය , සිවිල් ක්‍රියාකාරකම් ආදී නොයෙකුත් දෑ මගින් සමස්ථ රට වැසියා (බහුතරය ) ජිනිවා "ගැටලුව"  විශයෙහි සංවේදී කොට තැබීමටත් , ඒ හරහා රටේ අභ්‍යන්තර කටුක දේශපාලනික යථාර්තයන් අමතක කර රජය වටා ජනතාව එක් රැස් කර ගැනීමටත් කටයුතු යොදනා බවක් පසුගිය වතාවේ ඉතා පැහැදිලිව දක්නට ලැබිණි .


රට අභ්‍යන්තරයෙන් නඟනා කුමන හඬකින් හෝ අබමල් රේණුවක බලපැමක් ජිනිවා වෙත සිදු කල නොහැකි බව රජය විසින් සැබැවින්ම වටහා ගෙන නොතිබුනේද කියා සැකයක් මතුවන්නේ විදුලි ගාස්තු වැඩි කීරිම් , බස් ගාස්තු වැඩි කිරීම් ආදී දෑ ආවරණය කිරීම සඳහා ඉතා පහසුවෙන් යොදා ගත හැකිව තිබු ජිනිවා පිලිබඳ මෙවර සැහෙන නිහැඬියාවක් අනුගමනය කිරීම තුලිනි .

රුසියාව , චීනය ඇතුලු රජයට හිතවත් රාජ්‍යයන් මානව හිමිකම් කවුන්සියලය තුල සිටි පසුගිය යෝජනාව තමන්ට ජයග්‍රහණය කිරිමේ හැකියාවක් පිලිබඳ රජය අවංකවම විශ්වාස කරන්නටත් ඒ අනුව දේශීයව ඒ සඳහා ජනබලයක් ගොඩ නගන්නටත්  , මේවර මානව හිමිකම් කවුන්සියේ අවාසි සහගත සංයුතිය තුල පරාජය වලක්වා ගත නොහැකි නිසා ඒ වෙනුවෙන් නිහඬව සිටින්නටත් තීරණය කලාදෝයි සැකයක් මා තුල ඇත


කෙසේ වුවත් ජිනිවා ආශිර්වාදයක්  කොටගෙන ව්‍යාජ දේශප්‍රේමින් ලවා ඩෙඟා නටන්නට උත්සාහ නොකොට සිටීම බුද්ධිමත්  තීරණයක් ලෙස සැලකුවත් , සැබෑ අභියෝගය ජයගැනීමට රජය නිසි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් වෙත යොමුවෙනවාද යන්න තවමත් ගැටලු සහගතය

විශේෂ ජන පෙලගැස්මක් නොමැති වීමෙන් දේශප්‍රේමී , දේශහිතෛශී  කැගැසීම් , දේශන , උද්ඝෝෂණ නොමැතිවීමෙන් හිස් වූ පෞද්ගලික නාලිකාවන් හී ප්‍රවෘත්ති අවකාශය රජයේ විදේශ ප්‍රතිපත්තීන් සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් ප්‍රශ්න කරනා මාධ්‍ය හමු සහ සාකච්ඡා ආදීයට වෙන්වී ඇත , මෙහිදී   එජාප නියෝජිතයන්ගේ අදහස් මෙන්ම දයාන් ජයතිලක , ගෝමින් දයාසිරි වැනි කලක් රජයේ ආරක්ෂකයන් වූ විද්වතුන් විසින් රජයේ ක්‍රියාදාමයන් ප්‍රශ්න කරනා අදහස් ද ඉස්මතු වෙමින් ඇත . අයිටින් වලට සිමාවූ ග්‍රාමීය ජනතාවගේ සිතුම් පැතුම් කෙසේ වෙතත් නාගරික සහ අර්ධ නාගරික ජනතාවගේ  මතවාදයන් යම් පරිවර්ථනයකට ලක්කිරීමට මේ තත්වය හේතුවී ඇති බව මාගේ පුදගලික නිරීක්ෂණයයි .පෙර වසරේදී බටහිර විරෝධී දැඩි ස්ථාවරයක සිටි සමහරක් දෙනෙක් රජය පාර්ශවයෙ අඬුලුහුඬුකම් නිරීක්ෂනයට මෙවර පෙලඹී ඇති බව එම නීරික්ෂනයයි.  එය රජයට දේශපාලනික වශයෙන් අවාසි දායක වුවද රටක් වශයෙන් සාධනීය තත්වයක් ලෙස හැඳින්වීමට හැක . පහත විස්තර කෙරෙන්නේ මාගේ එවන් එක් අත්දැකීමකි


මා උපන් ප්‍රදේශයේ ප්‍රධාන නගරය ආශ්‍රිතව තම රැකියාවේ නියුතු ත්‍රිරෝද හිමි මිතුරෙක් සිටි . ඔහු  නිදහස් පක්ෂ , පොදු පෙරමුණු සමයේ සිටම කල පරිද්දෙන් මෙ වන විට සන්ධානයේ ක්‍රියාකාරි ආධාර කරුවෙකි . මැතිවරණ සමයන්හිදී දේශපාලන කටයුතු වල නිරත වීම හැරුණු විට සිය ත්‍රිරෝද රථයෙන් ගමන් ගන්නා නොයෙකුත් පුද්ගලයින් සමඟින් දේශපාලනය සා සබැඳි කථා බහක යෙදීමද ඔහුගේ දිගු කාලින පුරුද්දකි 

පසුගිය වසරේ ජිනිවා ඡන්ද විමසීම පැවතුනු දිනයේ මා සිටියේ  කොලඹත්  ගම් ප්‍රදේශයත් අතර ගමනේ යෙදෙමෙනි . මාගේ දේශපාලනික කියැවීම් අනුව රජය පරාජය වීමට ඉතා ඉහල සම්බාවිතාවක් ඇති බව දැන සිටියත් නිශ්චිතවම සිදුවූයේ කුමක්දැයි  දැන ගැනීමට තිබුනේ දැඩි ආශාවකි . වාසනාවකට මෙන් බසයෙන් බසින විටම මුණ ගැසුනේ පෙරකී  ත්‍රිවිල් මිතුරායි .

"මල්ලි .. ජිනිවා වලදි අපි පැරදිලා නේ ? "

නෑ.... (දේශප්‍රේමියෙකු ඉදිරියේ මාගේ දේශප්‍රේමිත්වය රැක ගත යුතු නිසා විශ්මයක් පල කර සිටියෙමි )

"ඒකනේ මල්ලි කියන්නේ ...ඉන්දියාවත් ඇමරිකාවට  *ක දීලනේ " ...

හ්ම්......


ඕකුන්ට ...... (මෙතැන් සිට මාගේ ගමනාන්තයට ලඟාවනතෙක් ඔහු කලේ ඇමරිකාවට, ඉන්දියාවට ඇතුලු "සියලුම රටට එරෙහි බලවේග වලට " නොනවත්වා බැන වැදීමයි , ඔහුගේ කථාව තුල එකල විවිධා මාධ්ය හරහා මතුවූ දේශපාලකයින්ගෙ අදහස් මෙන්ම , වාර්ථාකරනයෙන් නතර නොවී විචාර දෙන්නට යන ඇතැම් මාධ්‍යන්හි පලවූ දැද වරින් වර ඇසිනි ) 

ගතවූ වසරක කාලය තුල  ඔහු සමඟින්  බොහෝ කාලින මාතෘකාවන් කථා බහ කලත් අගවිනිසුරුවරිය සම්බන්ධ සිදුවිමේදී හැර ඔහු 100%ක් සිටීයේ රජයේ ස්ථාවරය තුලය . අගවිනිසුරුවරිය  පිලිබඳවද ඔහුගේ කියැවීම  කාන්තාවක් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ "කැත" කම නිසා සාකච්ඡා මාර්ගයෙන් අගවිනිසුරු වරිය ඉල්ලා අස්වීම  සිදුවූ වා නම් වඩා යහපත් බව පමණි 

මීට සති දෙකකට පමණ පෙර නැවතත් ඔහු සමඟින් කථා බහකට අවස්ථාක් ලැබුණි, එයද ජිනිවා පිලිබඳවමය . කලින් වතාවේ ඇමරිකානුවන් මරා කන්නට සිටි ඔහු මෙවර කථා කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික කථා බස් ගැනය , ආර්ථික සම්බාධක පැමිණිම වලක්වා ගැනීමේ අවශ්‍යතාවය ගැනද ඔහු කථා කරමින් සිටි . ඉන්දියානු විරෝධයක් ශේෂව ඇතත් (මූලික වශයෙන් තමිල්නාඩු දේශපාලකයින් පිලිබඳ ) කලින් වසරේදී වැලඳගෙන තිබූ ඇමරිකානු විරෝධය මෙවර දකින්නට නැත . ඒ වෙනුවට රජයේ නොයෙකුත් අඬු ලුහුඬු කම් දකින්නට ඔහු පෙලඹී ඇත .  ඔහුගේ මේ අදහස් තුලින්ද විද්‍යාමාන වන්නේ  ප්‍රභල බටහිර විරෝධයක් නොමැති වීමෙන් පෞද්ගලික මාධ්‍යන් හී විකාශය වූ  විකල්ප මතවාදයන්  ප්‍රහ්ල සන්ධාන පාක්ෂිකයෙකු වූ ඔහු තුලටද එක්තරා ප්‍රමාණයකින් අවශෝෂනය වී තිබීමයි . නොයෙක් විට *න්නයෙකු වශයෙන් ඔහු විසින් හඳුන්වනු ලබන විපක්ෂ නායකවරයා විසින් මතුකල අදහස්ද නොදැනුවත්වම ඔහුගේ අදහස් තුලින් නිරූපණය වේ  



ඉහත දක්වා ඇත්තේ එක් සිදුවීමක් පමණක් වුවත් ,මා ලැබු මේ සමාන අත්දැකීම් කිහිපයක් ඉහත සඳහන් කල නිරීක්ෂයට පාදක වූ බව සඳහන් කල යුතුය . කෙසේ වුවත් සමස්ථ ලාංකීය සමාජය අරභයා මාගේ නිරීක්ෂය වැරදි බැව් යමෙකු පවසන්නේ නම් ඒය නොපිලිගෙන සිටීමට තරම් ශක්තිමත් පදනමක් මා සතුව නොමැති බවද සඳහන් කල යුතුය .

ජනතාව පිලිබඳ නිරික්ෂනය කෙසේ වුවත් ජාත්‍යන්තර අභියෝග ජයගැනීමේ ලා සන්ධාන රජය දිගින් දිගටම අසාර්ථකය යන්න මාගේ මතයයි . එය දයාන් ජයතිලක වැනි තානාපති සේවයේ පලපුරුදු සැහෙන කාලයක් සන්ධාන රජය වෙනුවෙන් පෙනි සිටි නිලධාරින්ද මේ වන විට දක්වන අදහස් තුලින් සනාථ වේ .


ශ්‍රි ලංකාවේ රුසියානු තානාපතිවරයාද වරක් ප්‍රකාශ කල පරිද්දෙන් මෙවර ශ්‍රි ලංකාවට ජයග්‍රහණය කිරීමේ හැකියාව ඉතාමත් අල්පය . එනිසාවෙන් ඡන්ද වීමසීමකට ගොස් පරාද වීමට වඩා ඉදිරිපත්වෙන යෝජනාවක් වෙනස් කම් සහිතව භාර ගැනීමට ඇති හැකියාවක් පිලිබඳව නොහොත් "ඩීල් " එකක් දමා ගැනීම පිලිබඳවද පසුගිය සමයේ විවිධ මාධ්‍යන් හරහා අදහස් පලවී තිබෙනු දක්නට ලැබිනි . පසුගිය වතාවේ තීරණාත්මකම සාධකය වශයෙන් ශ්‍රි ලංකාවට එරෙහිව ඡන්දය භාවිතා කලත් , මෙවර එවන් තීරණාත්මක බලයක් හිමිව නොතිබීම  හෝ ශ්‍රි ලංකාව තව තවත් චීනය දෙසට තල්ලු කිරීමේ දිගු කාලීන අවාසියක් නිරීක්ෂනය කිරීම නිසා හෝ ඉන්දියානු රජය එවන් ඩීල් එකක් වෙනුවෙන් කපු කම් කිරීමේ සුදානමක් ඇති බවද ප්‍රකාශ වූ අදහස් අතර විය . මේ සැඟවු පරමාර්ථයන් අතර තුර ඉන්දියානු විදේශ අමාත්‍ය වරයා දක්වන " රටක අභ්‍යන්තර කටයුතු සඳහා  භාහිර පාර්ශව මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය" ද එවන් "ඩීල්" එකක් සඳහා කපු කම් කිරීමේ සුදානම පිලිබඳ එලිපිට මතුවී ඇති සාධකය්ක් ලෙස හැඳින්විය හැක (එම ප්‍රතිපත්තිය ඔවුන් ශ්‍රි ලංකාව අරඹයා අනුගමනය කල යුතුව  තිබුනේ දැන් නොව ඉන්දිරා ගාන්ධි , රජිවි ගාන්ධි පාලන යුගවලයි ) .
මේ දක්වා ශ්‍රි ලංකාව පිලිබඳ අදහස් දැක්වීම් වලදී නිහඬතාවය පලකරමින් සිටියත් තමිල්නාඩුවෙන් එල්ල වී ඇති තර්ජන නිසා වෙන් ඡන්දයෙන් වැලකී සිටීමද සිය රජයේ පැවැත්ම  අවධානමට ලක් කරනා කාරණයක්  විය හැකිවීමද ඉන්දියානු රජය "ඩීල්" එකක් වෙනුවෙන්  සහය දැක්වීමට මනා උත්තේජනයකි .


ඇමරිකාවට ඉන්දියාවට මෙන්ම ශ්‍රි ලංකාවටද මේ මොහොතේ "ඩීල්" එකකට යාමේ සැලකිය යුතු මට්ටමේ ප්‍රතිලාභයන් තිබේ . විශේෂයෙන්ම ඇමරිකානු යෝජනාව තුල ඇති වඩාත්ම අහිතකර කොටස් ඉවත් කර ඉතිරි කාරණා සඳහා එකඟවීම මත එම අහිතකර යෝජනාව  ක්‍රියාත්මක කිරීම මත ඇතිවිය හැකි පලවිපාක , ශ්‍රි ලංකා රජය එම යෝජනාවන් ක්‍රියාත්මක නොකිරීම නිසා ඉදිරියේදී මානව හිමිකම් කවුන්සියලය හරහා ගනු ලැබිය හැකි  අහිතකර ක්‍රියාමාර්ග ආදියෙන් ගැලවීමට හැකියාවක් ලැබෙනවාක් මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් පලු වී ඇති ප්‍රතිරූපය  ගොඩ නගා ගැනීමෙ හැකියාවක්ද ලැබේ


කෙසේ වුවත් ශ්‍රි ලංකා රජය එවන් ඩීල් එකක් වෙනුවෙන්  නම්‍යශිලි බාවයක් නොදක්වන බව මේ වන විට පෙනි ගොස් තිබේ . එකඟතාවයක් මත ඉදිරිපත් වන යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට වඩා බලහත්කාරයෙන් දෙනුලබන එකදු යෝජනාවක් හෝ ක්‍රියාත්මක නොකිරීමේ ස්ථාවරයකට රජය තල්ලුවී ඇති බවක් මෙයින් ගම්‍ය වේ . මේ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය වැනි රජයට සම්බන්ධ දේශපාලනික ලිං මැඬියන්ගේ මතය සමඟින් රජයේ ස්ථාවරය සමපාත වීමකි .  මේ හරහා රජය ලබා ගන්න කුමන ඉඩ ප්‍රස්ථාවක් වුවත් එය තාවකාලික සහ ඉදිරි අනාගතයේ වඩාත් බරපතල ගැටලුවලට මුහුණු දීමට හේතුවන්නක් බවත් මාගේ මතයයි

එනිසා දේශීය වශයෙන් දේශප්‍රේමය උලුප්පමින් හරඹ කිරීමේ වැරදි ප්‍රතිපත්තිය අත්හැරියත් , ජාත්‍යන්තරය තුලදී නිසි රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගයන් තෝරමින් කටයුතු කිරීමට රජය තවමත් සමත්ව නොමැති බව මාගේ අදහසයි . අවසාන මොහොතේ හෝ ඡන්ද විමසීමකට නොගොස් විසඳුමකට එලඹීමේ හැකියාවක් තිබේ නම් , රජය විසින් ඒ වෙත යොමුවේවායි පතන්නේ රජයේ යහපත වෙනුවෙන් පමණක් නොව සමස්ථ රට වැසියාගේම අනාගතය වෙනුවෙනි

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියට බලපෑ ඉස්ලාමීය අන්තවාදය - රන්ජන් රාමනායක හෙලි කරයි !!

ජනප්‍රිය සිනමා නලු රන්ජන් රාමනායක මහතා ගේ රංගනයන් පිලිබඳ මාගේ එතරම් පැහැදීමක් නැතත් දේශපාලකයෙකු වශයෙන් අගය කල හැකි සහ විශ්වාස කල හැකි පුද්ගලයෙකු බැව්  ඔහු පසුගිය සමයේ දක්වා ඇති අදහස් උදහස් සහ ක්‍රියා මාර්ගයන්ගෙන් පැහැදිලිවේ . දේශප්‍රේමී ලේබල් ගසා ගත් බොහෝ දේශපාලකයින්  කථා කිරීමට මැලි වන දේ ඉතා සෘජුව , බාධා කිරීම් මධ්‍යයේ පාර්ලිමේන්තුව තුල හඬගා කීමෙන්  තමා මුදලට යට නොවූ කොන්ද පණ ඇති දේශපාලකයෙකු බැව් සනාථ කිරීමට සමත් වී තිබේ

රාමනායක මහතා පිලිබඳ මේ සටහන තබන්නේ ඔහු විසින් පුවත්පතකට කලාය කියන සාකච්ඡාවකදී (ගොසිප් අඩවියක් තුල ඇස ගැටුණු )  හෙලිකරනා කාරණයක විශ්වාසනීයත්වය පිලිබඳ  මාගේ තක්සේරුව ලෙසිනි  . ගොසිප් අඩවියේ පරමාර්ථය  සිනමා තරුවකගේ තොරතුරු උපුටා දැක්වීම නිසාවෙන්  එම සාක්චාවේදී රාමනයක මහතා විසින් හෙලි කරනා ඉතා වැදගත් තොරතුරක් මෙසේ උපුටා දක්වමු
//
නමුත් රංගන ශිල්පියකු හැටියට ඔබට යම් අසාධාරණයක් වුණා මේ චිත්‍රපටයේදී?

ඔව්, ඒ ගැන මේ ප්‍රථම වරට පුවත්පතකට හෙළි කරන්නේ. සිද්ධාර්ථ කුමාරයාගේ ළමා කාලයේ මම ඔහුට ක්‍රීඩා කරන්න, සටන් කරන්න පුහුණු කරනවා ඔහු සමඟ සෙල්ලම් කරනවා. එතකොට වප් මඟුල් උත්සවයේදී ඇතුන් පිට යනවා. මේ දර්ශන සියල්ලම චිත්‍රපටයෙන් ඉවත් කරන්න සිදු වුණා. 


සිද්ධාර්ථ කුමරුගේ ළමා චරිතය රඟපෑවේ පකිස්ථාන් සෙකන්ඩ් චාන්ස්ල(ර්)ගේ පුතා. හිස්බුල්ලා, අල්ඛයිඩා වැනි සංවිධානවලින් මැර තර්ජන එල්ල වුණා මුස්ලිම් දරුවකු හැටියට මේ චරිතය කළොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඉතින් නිෂ්පාදක – අධ්‍යක්ෂවරුන්ට සිදු වුණා ඒ දර්ශන ඉවත්කර ගන්න. 

අර පොඩි දරුවා උස්සන දර්ශනය විතරයි තිබුණේ. හරිම ලස්සන දර්ශන ටිකක්. කලාකරුවෙක් හැටියට මට ලොකු වේදනාවක් තියෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ.

//

සිදූවී ඇති දේ ඉතා පැහැදිලි නිසා අමුතුවෙන් විස්තර කරන්නට  අවශ්‍යතාවයක් ඇත්තේ නැත . ආගමික සහජීවනය පිලිබඳ දෙසනා අවයලුන්ගෙන් සහ "සැම ආගමක්මය " එකය යන මතයේ සිටිනා "සර්වාගමිකයින්" සහ ඇතැම් "නිරාගමිකයින්ගෙන්" ගේ අවධානය මේවා දෙස යොමුවන්නේ නම් යහපත් බව පමණක් අවධාරණය කර සිටිමු 

http://www.hotandfastnews.com/2013/03/blog-post_226.html




----------------------------------------------------------------------------------------------------
ප.ලි-  බොලිවුඩ් නලු ෂාරුක් ඛාන් වීසින් කරන්නට යෙදුනු ප්‍රකාශයක් පදනම් කරගෙන ඔහුගේ ආරාක්ෂාව සලසන ලෙස ඉල්ලීමක් පකිස්ථානු ඇමතිවරයෙකු විසින් කරන්නට යෙදුනු බව පසුගිය සමයේ වාර්ථා විය . පකිස්ථාන දරුවෙකුට ශ්‍රි ලංකාවෙදී බෞද්ධාගමික සිනමා නිර්මාණයක රඟ පැම වෙනුවෙන් ඉස්ලාමීය අන්තවාදි සංවිධාන වල බලපැම් එල්ල වේ නම් , හින්දු බහුතර රාජ්‍යයක හින්දු , පන්ජාබි  චරිත මෙන්ම බෞද්ධ අධිරාජ්‍යකුගේ චරිතයත් නිරූපණය කරමින් කිසිදු කරදරයකින් තොරව ජීවත්  වන නලුවෙකුගේ ආරක්ෂාව සොයන්නට යන පකිස්ථානු ඇමතිවරයාටද සැහෙන දුරට වයර් පැටලී තිබිය යුතුය . කෙසේ නමුත් මේ නබි වරයාට අපහාස කලාය කියන චිත්‍රපටියේ අධ්‍යක්ෂකගේ හිසට තෑගි ඉල්ලා සිටි පකිස්ථානු ඇමති මණ්ඩලයේම තවත් සාමාජිකයෙකු නිසා එහි පුදුමයක් ඇත්තේද නැත  



මුදලට ක්‍රිකට්, මාලිංග, අයිපීල් සහ කුහක මාධ්‍යවෙදියෝ !

රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව යනුවෙන් "රුවන්" වැකියක් බස් රථ සහ ත්‍රිරෝද රථ වල පිටුපස සඳහන් කර තිබෙනු ඔබ විසින් දැක ඇතුවාට සැකයක් නැත . ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රිඩකයින් අතර හටගත් මත ගැටුමත් ,ඒ අවස්ථාවෙදී ලසිත් මාලිංග මාධ්‍ය වේදීන් පිරිසකට ලබා දුන් පිලිතුරත් සමඟින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යන් හි මෙන්ම අන්තර්ජාලය තුල නොයෙකුත් කතිකාවන් තුලද මතුවූ අදහස් දුටු විට මා හට  සිහියට නැගෙන්නේ ඉහත කී රුවන් වැකියයි .  මාලිංගව දරුණු ලෙස විවේචනය කරමින් මෙන්ම සහය දක්වමින් නොයෙකුත් අදහස් මතුවූ පසුගිය සතියේ අධික කාර්ය බහුලත්වය නිසා දැක්වීමට නොහැකී වූ අදහස් කිහිපය මෙලෙසින් ගොණු කරන්නේ පසුගිය ඉරිදා "ජාතික" පුවත්පත් වල  පලවූ අදහස් කිහිපයක් නිසාවෙන්  ලැබූ උත්තේජනය නිසාවෙනි . 





'හුදකලා සිදුවීමක් වශයෙන් සැලකූ කල ලසිත් මාලිංගගේ හැසිරීම මා අනුමත නොකලත් , ඒ හා සබැඳි පෙර කථා සහ පසු කථා අමතක කර දමා මාලිංග දඬු කඳේ ගැසීමට හැකියාවක් මා හට නැත 

සල්ලි වලට ක්‍රිකට් 

මාලිංග පිලිබඳ කෙරෙනා විවේචනයන් තුල මෙන්ම ක්‍රිඩකයින් සිය වැටුප් සහ දීමනා වෙනුවෙන් ක්‍රිකට් ආයතනය සමඟ ඇතිකරගත් මත ගැටුම පිලිබඳ ව වූ විවෙචනයන් තුලද ප්‍රධාන වශයෙන් ම කථා බහට ලක්වූ කාරණාවක් වන්නේ "ක්‍රිඩාව මුදලට යටවී " ඇති බවකි . සමස්ථ අර්ථ ක්‍රමය කෙරෙහිම "මලකින්" පසුවන සමාජවාදීන් හැරුණු කොට අන් කිසිවෙකුටත් ක්‍රිඩාව මුදලට යටවීමක් ගැන කථා කිරීමේ ශුද්ධ වූ අයිතියක් ඇතැයි මා සිතන්නේ නැත. මන්ද ඒ සියලු දෙනා  ලිබරල් ආර්ථික ක්‍රමයේ ප්‍රතිලාභ අත්විඳිමින් , එය ජීවිතයේ කොටසක් කරගත් බොහෝ විට  ලිබරල් ආර්ථික ක්‍රමය පිලිබඳ කිසිදු විවේචනයකින් තොරවූවන්ය ( බොරුවට උඩ පනිනා සමාජවාදීන්ද ලිබරල් ආර්ථිකයේ ප්‍රථිලාභ ලැබීම වෙනම කථාවකි ) .  තමන්ගේ ජීවිතයේ සියලුම දෑ මුදල මත තීරණය වෙත්දී , ක්‍රිඩාව පමණක් මුදලේ බලපැමෙන් තොර ශුද්ධ වූ භුමියක් වේ යැයි සිතන්නේ නම් එය ඉතා පැහැදිලි අමන කමකි . බොහෝ දෙනෙක් සිය විවේචනයන් සඳහා යොදා ගන්නා ෆෙස්බුක් හෝ බ්ලොගර් මෙන්ම ක්‍රිඩාවද මේ වන විට රඳා පවතින්නේ ව්‍යාපාරික අවශ්‍යතා  මතය .අනෙකුත් ක්ශේත්‍රයන් අමතක කොට ක්‍රිකට් ක්‍රිඩාව පිලිබඳව අවධානය යොමු කලත් , සියලුම ක්‍රිකට් ක්‍රිඩා තරඟ යථාර්ථයක් බවට පත්වන්නේ අනුග්‍රාහකයින් කෙනෙක් හෝ පිරිසකගේ දායකත්වයෙන් බව ඉතාමත් පැහැදිලි කරුණකි . අනුග්‍රාහකයින්ගේ දායකත්වය මත ක්‍රිකට් ක්‍රිඩාව පවතිනවා පමණක් නොව ඒ හා සබැඳි තාක්ෂණයන්ද , ක්‍රිඩාව පුද්ගල රසාස්වාදනයේ අංගයක් ලෙස වඩ වඩාත් සමීප කරලීමේද  පසුබිම් කථාව  මුදල්ය . මීට වසර ගණනාවකට පෙර ක්‍රිකට් තරඟයක රූප රාමු සහ වර්ථමාන ක්‍රිකට් තරඟයක රූප රාමු නිරීක්ෂණය කිරීමේදී මේ වෙනස මැනවින් හඳුනාගත හැක . තාක්ෂණ දියුණුවීම ක්‍රිඩාවෙන් ස්වායක්තව සැලකුවද ව්‍යාපාරික පසුබිමක් එහි  තිබෙනාවක් මෙන්ම , ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන්ම සංවර්ධිත තාක්ෂණයන්ද  දක්නට ඇත . මෙය මෙසේ  සිදුවන්නේ ක්‍රිකට් යනු ක්‍රිකට් පාලක මණ්ඩලවල මුදලින් කරනා "අතින් කා හරක් බැලීමක්" නොවී බාහිර වෙලඳ වටිනා කමක් ඒ  තුලට ආරෝපණය විම තුලය . ක්‍රිකට් තරඟයක් විකාශය කිරීමේ අයිතිය ලබා ගැනීමට මුදලක් වැය කරනා රූපවාහිනි සමාගම තවත්  මුදල් යොදවමින් නවීන තාක්ෂණය තමන්ගේ විකාශන කටයුතු සඳහා එක්කර ගන්නෙ *කේ අමාරුවකට නොව , ඒ හරහා වැඩි ප්‍රේක්ෂක අවධානයක් ලබාගෙන , වැඩි අනුග්‍රහකයින් පිරිසක් ලබාගැනීමේ ව්‍යාපාරික වුවමනාව තුලය . රූපවාහිනි ආයතනයන්හි අදාල වුවමනාව තුල ක්‍රිකට් ක්‍රිඩාව මෙන්ම ප්‍රේක්ෂකයාද  වාසි ලබනා අතර අනෙකුත් ක්ශේත්‍රයන් තුලද දක්නට ඇත්තේද මේ යථාර්තයයි . එනිසා මුදලේ බලපැමෙන් තොර ශුද්ධ වූ ක්‍රිකට් ක්‍රිඩාවක් යනු හුදු මනස්ගාතයක් පමණක් බව අවධාරණය කල යුතුය 


ලීග තරඟ සහ අයිපීල්

ලීග තරග ඔ නොහොත් ක්‍රිඩා සමාජයන් අතර දැවැන්ත තරඟාවලින් යනු ලොව බොහෝ ජනප්‍රිය කණ්ඩායම් ක්‍රිඩා සඳහා ආගනතුක දෙයක් නොවේ . වඩා ලිහිල් බැඳිම් සහිතව උපරිම ලාභයක් අපේක්ෂා කරමින් සිදුකෙරෙනා මෙවන් තරඟාවලි , ලොව පුරා කෝටි සංඛ්‍යාත ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන තිබීමත්  නොයෙකුත් රටවල් නියෝජනය කරනා ක්‍රිඩකයින් ඉතා ඉහල වටිනා කම් සහිත කොන්ත්‍රාත්තු සඳහා එම කණ්ඩායම් වල  ක්‍රිඩා කිරීමත් කිසිවෙකුටත් ප්‍රතික්ශේප කල නොහැකි තවත් යථාර්තයකි . නමුත් මේ පිලිබඳ නොදැනීම හෝ   ෆුට්බෝල් ලීග නිදිමරාගෙන බලන ඇතැම් දෙපිට කාට්ටුවනුත් මාලිංග සම්බන්ධ විවේචන සියල්ලටම ඇඳා ගන්නා අනෙක් කාරණය වන්නේ  අනෙකුත් ක්‍රිඩාවන්හී ලීගයන්  අනුගමනය කරමින් බිහිවූ අයිපීල් තරඟවලියයි 

ලීග මට්ටමේ තරඟාවලියක් සාර්ථක කරගැනීම සඳහා අවැසි මූල්‍ය ශක්තිය, උන්මාදනීය ප්‍රේක්ෂකයින් පිරිසක් සහිත දැවැන්ත වෙලඳ පොල , ආයෝජකයින් ආදී සියලු දැ ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් වේ නම් ඒ ඉන්දියාව  තුල පමණක්ය කීම සාධාරණය . මේ තුල සංසරණය වන මුදල් හේතුවෙන් ක්‍රිඩකයින් පමනක් නොව ලොව අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩලද ඒ වෙත ආකර්ෂණය වන්නේ ඔවුනටද මේ  තුලින් කොටසක් කඩා ගැනිමේ හැකියාව නිසාවෙනි 

කෝටි 2300ක් බදුගෙවන්නට සිදුවන මට්ටමට ධනවත් වීමේ හැකියාව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ලබත්දී , ක්‍රිඩකයින් , විස්තර විචාරකයින් , අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩල , විනිසුරන් මෙන්ම විශ්‍රාම ගීය ක්‍රිඩකයින් පවා මූල්‍ය මය ලාභයක් ලැබූ අයිපීල් ප්‍රේක්ෂකයාටද ආකර්ෂණීය අත්දැකීමක් වූ නිසාවෙන් වින්-වින්-වින් තත්වයක ලෙසින් හැඳින්වීමේ වරදක් නැත . නමුත් ඇතැම්  ශ්‍රි ලාංකික ප්‍රේක්ෂකයින් අයිපීල් හරහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට වාසි දායක තත්වයක් උදාවේය යන මතය තුල අනියත විරෝධයක් දක්වන බවක් නීරීක්ෂනය කල හැක . ශ්‍රි ලංකා කණ්ඩායම  20-20  තරඟ ක්‍රමය තුල සැම විටම ඉන්දියාවට වඩා  ඉදිරියෙන් සිටීමත් , අයිපීල් තුල දස්කම් දැක්වූ කොදෙව්වන් ලෝක කුසලානය දක්වා ගමන් කිරීමත් , අයිපීල් තුලින් කලාපීය තණතිලි හා පන්දු යවන්නන්ට මනා පුහුණුවක් ලැබූ දකුණු අප්‍රිකානු ක්‍රිඩක ඩුප්ලෙසීස් මෙවර ලෝක කුසලානයේදී ඉන්දියානු කණ්ඩායමට රිදෙන්න පහර දී අවස්න් පූර්ව තරඟය අහිමි කිරීමත් වැනි කාරණා අනුව එම  විරෝධයට පදනමක් තිබේද යන්න නැවතත් සිතා බැලිය යුතුය 

මාලිංග සහ අයිපීල් 

ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් රැසක් අයිපීල් ක්‍රිඩා කලත් , ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලින්ගේ අයිපීල් විරෝධයේ ගොඳුර බවට නිරන්තරයෙන් ලක්වන්නේ ලසිත් මාලිංග ය . ඒ අනෙකුත් ලංකික ක්‍රිඩකයින්ට සාපේක්ෂව ඔහුගේ දක්ෂතා ඉහලින් මතුවීමත් , සමස්ථ අයිපීල් තරඟාවලියේ සාර්ථකම පන්දු යවන්නා වීමත් තුලය .මේ තත්වය උග්‍ර වන්නේ මාලිංග අයිපීල් වලදී (මේ වන විට එය අයිපීල් +බිග් බැශ් වී තිබේ ) තරම් හොඳින් ජාත්‍යන්තර තරඟවලදී පන්දු නොයැවීමේ චෝදනාවත්  ඒ සමඟින් එකතු වීම තුලය . නමුත් මේ චෝදනා එල්ල කරනා පිරිස විසින්  අමතක කරන ලද කාරනා කිහිපයක් ඇත . එනම් අයිපීල් හෝ බිග් බැශ් ජාත්‍යන්තර මට්ටමට ලඟ නොවු  , මාලිංග වැනි ආක්‍රමණි ශිලි පන්දුයවන්නෙකුට පහසුවෙන්   ගොදුරු විය හැකි ක්‍රිඩකයින් පිරුණු තරඟාවලියක් බවත් ,කඩුලු ප්‍රමාණයේ වෙනසක් තිබුනත් මාලිංගගේ විශ්ෂ්ට පන්දු යැවීම් රාශියක් ජාත්‍යන්තර තලය තුලදීත් වාර්ථා වීමත්ය . උදා හරණයක් ලෙසින්  මාලිංගගේ කඩුලු ත්‍රිත්වයන් සියල්ල ලබාගෙන ඇත්තේ ජාත්යන්තර තරඟ තුලය . මාලිංග ලීග වලදී මුදලට දක්වනා දක්වනා දක්ෂතාවයන් රට වෙනුවෙන්  නොදක්වන්නේය යන්නට හොඳම පිලිතුරක් මෙවර ඊස්පීඑන්  හොඳම 20-20 පන්දු යවන්නා වශයෙන් මාලිංග තෝරා පත් කර ගැනීම තුල ඇත . එනිසා මාලිංගගේ අයිපීල් දක්ෂතා හා සබැඳි විරෝධයන් මා දකින්නේ හුදෙක් පදනමකින් තොර කුහකත්වයෙන් පිරුණු ඒවා බවයි 

මාධ්‍ය වේදියෝ සහ මාලිංග 

ක්‍රිඩකයින්ගේ මුදලට විදින්නට උත්සහ කරමින් ක්‍රිඩාවේ විනයක් ගැන කථා කරනා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොක්කන්ගේ සහ ක්‍රිඩා ඇමැත්තාගේ කෙරුවාවේ තරමත් , "විනයේ" තරමත් සිහි බුද්ධිය ඇත්තෙකුට අමුතුවෙන් විග්‍රහ කිරීමට අවැසි නොවන නිසා , මා සෘජුව පිවිසෙන්නේ මාලිංග සහ මාධ්‍ය  පිලිබඳ කථා බහටය . ක්‍රිඩකයින් විසින් සිය වැටුප් වෙනුවෙන් දැක්වූ විරෝධතාවයන්ගේ මුල සිටම ශ්‍රි ලංකාවේ සාතිශය බහුතරයක් මාධ්‍ය ආයතන සිදු කලේ ක්‍රිඩකයින්ගේ වැටුප් පිලිබඳ ගනන් මිනුම් සැඳීමය , අයිපීල් විරෝධී උණෙන් පෙනනා ඇතැම්  ක්‍රිඩා විචාරකයින්ය(කියාගන්නා ) මාධ්‍ය වේදීන්ට එය ක්‍රිඩකයින්ට දමා ගැසීමට අතිරේක මෙවලමක් විය . රටවෙනුන් ක්‍රිඩාකිරීම , මුදලට ක්‍රිඩා කිරීම පිලිබඳ බණ දෙසනා මාධ්‍යවේදීන්  තමන් මෙරට දේශපාලකයින්ගේත් , මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේත් පක්කලි කම් කරනා පිරිසක් මිස , ජනතාව වෙනුවෙන් පෙනි සිටිනා සැබැ මාධ්‍යකරුවන් නොවනා බැව් අමතක කරලීම පිලිබඳ මා පුදුමයට පත්වන්නේ නැත . එනිසා සිය පක්කලි කම් වෙනුවෙන් ලැප්ටොපයක් හෝ විස්කි විදුරුවකට එහා දෙයක් නොලබන මොවුන් ක්‍රිඩකයින් සිය දක්ෂතාවයන් පිලිබඳ උපයන මුදල් පිලිබඳ  කුහක කමක් , ඉරිසියාවක් ඇති කරගැනීමද මා හට වටහා ගත  හැක . නමුත් මා හට ඇතිපුදුමය නම් දිගින් දිගටම ක්‍රිඩකයින් පතුරු ගසමින් සිය අල්ජ්ජ ගතිය දැක්වූ මාධ්ය වේදීන් මාලිංග ගෙන් ලද ප්‍රතිචාරයට වඩා යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීමය . මාලිංගට හයේ පහර වදින විට සිනා සෙන්නේත් මාධ්‍ය ඉදිරියේ කඩා පනින්නේත් ඇයි දැයි අසනා මාධ්‍ය වෙදීන් තෙරුම් නොගන්නේ  ප්‍රතිවාදී කණ්ඩායමක සහෝදර ක්‍රිඩකයෙක්  තරඟය දිනිම වෙනුවෙන් ගසනා හයේ පහරකත් , මාධ්‍යවේදින් සිය කුහක කම හේතුවෙන් ගසනා පැන් පහරකත් වෙනස හඳුනාගැනීමට  තරම් හැකියාවක් මාලිංග සතු බවයි  

අංශ කිහිපයක් යටතෙ දැක්වුයේ මාලිංගා හා මාධ්‍ය අතර ගැටුමේ පෙර සහ පසු කථා පිලිබඳ මාගේ අදහසයි . මේ පිලිබඳවා සාරාංශගතව  අවධාරණය කිරීමට ඇත්තේ පහත සඳහන් කරුණුයි 

01) . මාධ්‍ය ඉදිරියේ මාලිංගගේ හැසිරීම , හුදකලා සිදුවීමක් නොවේ
02) . ක්‍රිඩාව මුදලෙන්  තොර වීම ෆැන්ටසියක් පමණි
03) . අයිපීල් යකෙකු නොවේ , ක්‍රිකට් පාලක මණ්ඩලය එසේ සිතන්නේ නම් විසඳුම ක්‍රිඩකයින් අයිපීල්  නොයැවීම මිස , ගිය පසු පඩි කැපීම නොවේ 
04) . දේශපාලකයින් වෙනුවෙන් , මාධ්ය ආයතන හිමිකරුවන් වෙනුවෙන් කඩේ යමින් සැම විටම ජනතාවට විරුද්ධ පස සිටිනා මාධ්‍යවේදීන් ක්‍රිඩාවෙදී පමනක් ජනතාව පැත්තේ සිට ගන්නවා යැයිපෙන්වීම මුලාවකි
05). ක්‍රිඩකයින් අසාධාරණ ලෙස පතුරු ගසමින් , ඔවුනගෙන් යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු වීම විහිලුවකි!


Related Posts Plugin for WordPress, Blogger...
Back to Top