tag:blogger.com,1999:blog-83072955503175814792024-03-14T10:55:15.034+05:30බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comBlogger186125tag:blogger.com,1999:blog-8307295550317581479.post-28606781633661337982014-10-04T12:46:00.001+05:302014-10-04T12:46:06.347+05:30රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ

රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි

සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාමත් වලව්වේ වැඩ කටයුතු වලදි පෙරමුණ ගත් හරමානිස් දිවා රැ නොබලා වෙහෙස වන්නේ සාදය උත්කර්ශවත් ලෙසින් පැවැත් වීමටයි

දෙස් විදෙස් රහ මෙර යහමින් තිබු සාදයේ උණුසුම අතර තුර හරමානිස් ද වීදුරුවක් කටට හලාගන්නේ හාමුලාට නොපෙනන ලෙසිනි . රැය පහන්වෙත්දී , මධුවිතින් පදමට සප්පායම් වූ පර්සි හාමුගේ මිතුරෙක් හරමානිස් සමඟ දබරයකි ඇති කරගන්නේ , වෙරි මතින් වැසිකිලිය හොයා ගැනීමට නොහැකිව ඇති කල කලබැගැනියක් හේතුකරගෙනයි . මදක් සප්පායම් වී සිටි හරමානිස් දබරයට ගියත් , තමාට බිම දාගෙන ගැසු හාමුගේ මිතුරාට එරෙහිව අතක් වත් නොඋස්සන්නේ වලව්ව කෙරේ ඇති භය පක්ෂ පාතීත්වය නිසාය . මුලු සිදුවීමම දුටුවත් , ඒ දෙස නැසු කන්ව සිටි පර්සි හාමු කිසිත් නොකර සිය මිතුරාගේ පැත්ත ගත්තේ ජීවිත කාලයක් , වලව්වටත් තමාටත් අවංකව සේවය කල හරමානිස් අමතක කර දමමිනි .

කල කිරුණු හරමානිස් සිය රෙදි පොට්ටනියද රැගෙන වලව්වෙන් එලිය්ට බැස්සේය . කෙමෙන් කෙම්න් වලව්වේ ගේට්ටුව වෙත පියමන් කරමින් ආපසු හැරි බලන්නේ , දැන්වත් හාමු තමන්ට නවතින්නට කියාවි දො යන අහිංසක බලා පොරොත්තුවද සමඟිනි !

සැ.යු . නම් ගම් පමණක් මන: කල්පිත වේ

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com6tag:blogger.com,1999:blog-8307295550317581479.post-78645229925993142132014-05-17T07:45:00.004+05:302014-05-17T07:48:44.420+05:30මූඩි අන්කල්ගේ ශ්‍රි ලංකා විසිට් එකේදි කල කිව යුතු දැ ලයිස්තුවක්

අපේ තුමා අල්ලපු වැටේ මුඩි අන්කල්ට විසිට් එකකට අඬගහලාය , අපේ තුමාට වැඩ රාජකාරි අස්සේ අමතක වුනොත් ප්‍රයෝජනයට ගන්නට පුලුවන් ලයිස්තුවක් (චෙක් ලිස්ට් එකක්) පහල තියනවාය . ඒ මූඩි අන්කල්ගේ විසිට් එක අතර තුරදී කල කිය යුතු දැ ගැනය

01) මූඩි අන්කල්ගේ ප්ලෙන් එක **තලින් ගොඩ බැස්ස වීම - වනාන්තරයක් මැද , හුදකලා වූ ගුවන් තොටුපොලක මහිමය මුඩි අන්කල්ට අවබෝධ කරදිය හැක

02) **බන්තොට වරායේ සංචාරය - තමන්ට කැමති තැනක වරායක් සාදා , එයට බලහත්කාරයෙන් නැව් ගෙන්නාගෙන සාර්ථක කර ගන්නා ආකාරය පිලිබඳ වැඩමුලුව

03) දිවා ආහාරය - බිෆ් හොඳි සමඟ කුරහන් තලප (සුද්දන්ට දුන් ලුණු මිරිස් මෝඩිට වැඩ කරන්නේ නැත )

04) අධිවේගය දිගේ කොලඹට - කොංග්රස් ආණ්ඩුවෙන් ආරම්භ කල ව්‍යාපෘති "මෝඩි-ෆයිඩ්" කර නම ගසා ගැනීම පිලිබඳ ක්‍රැශ් කෝස් එකක්

05) රාත්‍රි ආහාරය - බිෆ් කොත්තු

06) ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් සමඟ සුහද පිලිසඳර - කොංග්‍රසයේ ඉතුරුව ඇති මන්ත්‍රින් පනස් දෙනා ගෙන් විස්සක් ඇද ගන්නා ආකාරය පිලිබඳ රහසිගත වට්ටෝරුව හඳුන්වාදීම

07) අමතක සිල්වානන් සමඟින් කොලඹ නගර සංචාරය - වන්දි නොගෙවා පදිංචි කරුවන් ඉවත් කර ඉඩම් සමාගම් වලට බදු දීමේ ක්‍රමවේදය සාකච්ඡා කිරීම (කනින් කොනින් ඇහෙන දැ අනුව මූඩි අන්කලද මේ ශිල්පයේ කෙල පැමිණියෙකි , එසේ වුවත් එම අදහස් හුවමාරු කරගැනීම )

08)කටුණායක අධිවේගය දිගේ - සංවර්ධන ව්‍යාපෘතියකින් "උපරිම ලාභ" ලබාගන්නා ආකාරය පිලිබඳ උදාහරණ අංක 01

09) කටුණායකින් **ච්චෝලේට - ඉහත කී කාරණය වෙනුවෙන් උදාහරණ අංක 02 | පාඩු ලබන රාජ්‍ය ආයතන , දිගින් දිගටම පාඩු ලබමින් කලමණාකරනය කර ගැනීම පිලිබඳ විශේෂ දේශනය

10) කටුනායකදි ****කන් එයාලයින් සහ *හින් ලංකා ගුවන් යානා නිරීක්ෂන චාරිකාව - පෞද්ගලික අංශය ලාබ ලැබු ව්‍යාපාරයක් , රජයට ගෙන පාඩු ලබනා ආකාරය සහ , එකම වර්ගයේ පාඩු ලබන ව්‍යාපාර දෙකක් එකවර පවත්වාගෙන යැමේ ක්‍රමවේදය හඳුන්වාදීම

11) පිටත්ව යත්දී - නියමාකාර "විසිට්" එකකට සහභාගි විය යුතු , පිරිසේ විශාලත්වය සහ ඔවුන් තෝරා ගැනීම පිලිබඳ උපදෙස් සහිත අත්පත්‍රිකාව බාර දීම

සැ.යු 1 - මූඩි අන්කල්ගේ වියපත් මැනියන් සහ නමට බාරි ඇරුණාම පවුලක් කියා එකක් නැති නිසා , පවුල් සහයෝගීතාවය පිලිබඳ විශේෂ දේශනය අදාල වන්නේ නැත )

සැ.යූ 2 - විසා බැන් එක බල්ලට දමා , ඔබාමා අය්යා මූඩි අන්කල්ට කෝල් කරලාය , වැඩේ දෙල් වෙන්නට කලින් විසිට් එක සංවිධානය කල යුතුය

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com23tag:blogger.com,1999:blog-8307295550317581479.post-43605009131687439452014-04-08T20:56:00.000+05:302014-04-08T21:01:26.159+05:30ඇයි මීට කලින් වර්ල්ඩ් කප් එකක් දැකලා නැද්ද ?

දැකලා තියනවාය , ඒ අවුරුදු 18 කට කලින්ය . ෆයිනල් 4ක් පැරදීමෙන් පසුව , මැත කාලයේ භිතිකාවක්ව තිබු ඉන්දියාවටම ගසා 2011 රිවෙන්ජ් එකත් සමඟින් කප් එක ඉස්සීමේ ආතල් එක ගැන අටුවා ටිකා කියන්නට අවැසි වන්නේ නැය . ඒ නිසා මේ කියන්නට යන්නේ කප් එක ඉස්සීමේ අතුරු කථා කිහිපයක් ගැනය

අයි පි එල් විරෝධි ඕල්ඩ් ස්ටයිල් එකේ අර්ජුනගෙන් පසුව වර්ල්ඩ් කප් එකක් ලංකාවට ගෙනා නායකයා , ඔන්න මෙන්න දේශද්‍රෝහියෙක් වූ , අයි පි එල් සල්ලි වලට යට වුනා යැයි චෝදනා ලැබු මාලිංගයා වීමේ ආතල් එකද කප් එක ඉස්සිමෙ ආතල් එක තරම්ම ලොකුය , මාලිංගට කුණු කථා කී එවුන් *ක මුට්ටු වී බලා සිටිත්දී උන්ගේ අහවල් එකට මාලිංග යෝකරයක්ද දමා තිබුනාය ඒ අයි පි එල් නිසා ඉන්දියාවට ගහන්න ලේසි වුනා කියලාය . දෝනි ගේ ඇටෙම්ප්ටඩ් පොල් අඩි එකක්වත් හරි නොයන්නට මාලිංගට හේතු වුනේ අයි පි එල්මද , එපා වෙනකන් ඉන්දියාවත් එක්ක මැච් ගැහිල්ලද කියා දන්නේ නාථ දෙවියන් විතරය හැබැයි , ඌ කියන එකට ප්රතිතර්ක ගෙන්න ට නම් ඉරිසියා කාර කුහකයින්ට බැරිය . බැරි වෙලා හෝ මැච් එක කැවා නම් මුන්ගේ පලවෙනිම ආඩාපාලිය වන්නේ කෝලියාගේ කැච් අතැරලා සල්ලි වලට තරඟය පාවා දුන් එකා ගැන වීම නිසා මුන්ට ඔහොම වෙලා මදිය

කොයි තරම් කුණු කථා කියතත් අපේ එකාලා අපේ අසල් වැසි රටේ සමහර මී ගවයින්ට වඩා නම් සැහෙන ශිෂ්ටාචාරි බව කිව යුතුමය . තරඟ ගොන්නක් තම රට වෙනුවෙන් දිනවා එක් දිනයක අසාර්ථකතක වූ යුවරාජ්ගේ ගෙදරට ගල්ගැසූ ගස් කුට්ටන්ද , ශ්‍රි ලංකාවේ නම ගැසු මඩුවකට ගිනි තියන පාහරයින්ද ක්‍රිකට් වලට ගැලපෙන්නේ නැය , උන් ගැලපෙන්නේ ගිනි මැලය වටේ නැටීමට විතරය . මේ දේවල් කල උන් පිරිස සමස්ථ ජනඝහනයෙන් කුඩා කොටසක් විය හැක ,නමුත් රටක් අපකිරිතියට පත් කිරීමට දහ පහලොස් දෙනෙකුට වුවත් පුලුවන්ය .

කුණු කථා කී අපේ එකාලා හොඳ කීවේ ඉහත ගොබිලන්ට සාපේක්ෂවය , ඊලඟට කථා කල යුත්තේ ඉන්දිය ක්‍රිකට් විචාරකයින් ගැනය . මිනිහෙක් විචාරයක් කරත්දී තමන්ගේ රටට ඩිංගක් ඇද්දාට කමක් නෑය , ඒත් එලිපිට හිරිකිතකින් තොරව , අනෙක් පිල සහමුලින්ම අමතක කර දමා විචාරය දෙන්නට යාම ගවස්කාර්, ගංගුලි වැන්න වුන්ගේ දීප්තිමත් ක්‍රිකට් කැරියර් එකටත් නිගාවක්ය .

මෙවන් පිරිසක් අතරේ තනිවම ශ්‍රි ලංකාව වෙනුවෙන් පෙනි සිටි රසල් ආනල්ඩ්ට මාගේ ගෞර්වය හිමි වන්නේ ඒ නිසාය

අවසන් වශයෙන් කියන්නට තියෙන්නේ අවසන් තරඟයේදී ක්‍රිඩා ලොලියෙකු වශයෙන් සිත් ගත් සිදුවීමක්ය . ඒ ඉහත ඡායාරූපයේ සඳහන් මොහත ආශ්‍රිතව සිදුවු දැ සහ පරාජයෙන් කම්පනයට පත්වේ යැයි බොහෝ දෙනා සිතු විරාත් කෝලි තම පරාජය නිවැරදිව ඇනලයිස් කරමින් කල කථාවයි . අති දක්ෂයෙක් බවට අවිවාදිත විරාත් කෝලි යනු ශ්‍රි ලාංකිකයින් වඩාත් වෛර කල ක්‍රිඩකයා කිම අතිශෝක්තියක් වන්නේ නැත . මා ක්‍රිඩයින්ට වෛර නොකරත් ඉහත සිදුවීම දක්වාම මොහු සිටියේ මාගේ අප්‍රියතම ක්‍රිඩකයින් ලයිස්තුවේය . සිංහ පෝතක්යින්ට කුසලානය හිමි කරදුන් අවසන් තරඟය කෝලිට ශ්‍රි ලාංකාවෙන් අවම වශයෙන් ඒක් ෆැන් කෙනෙක් එක් කල බවත් , ඔහුට වෛර කල කිහිප දෙනෙකු හෝ තම සිතුවිලි වෙනස් කල බවත් සඳහන් කල යුතුය !

කණ්ඩායම් දක්ෂතාවයෙන් ලබා ගත් ජයක් මිස කිසිදු දේව බලයක් හෝ බලපැමක් ශ්‍රි ලංකාවේ ජයග්‍රහණය පිටුපස ඇතැයි මා කිසිසේත්ම විශ්වාස කරන්නේ නැත . නමුත් සිය විශ්වාසයන් අනුව එවැනි සුන්දර අදහසක් පල කල ඩැරන් සැමීටත් මාගේ ගෞරවය පිරිනැමීමට කැමතිය !

P.S - 20 -20 න් සමුගත් ශ්‍රේෂ්ට ශ්‍රි ලාංකික පිතිකරු යුගලය සංගා- මහේල , රටට ලබා දුන් ත්‍යාගය මෙන්ම මාලිංග ඇතුලු සගයින් නික්ම යන සහෘදයින්ට ලබා දුන් ත්‍යාගයද කිසිදා මේ කිසිවෙකුටත් අමතක නොවෙනා බැව් නිසැකය

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com13tag:blogger.com,1999:blog-8307295550317581479.post-45023426573409208732014-03-16T12:14:00.000+05:302014-03-16T12:17:25.078+05:30I'm back with ක්‍රිකට් අනාවැකි

I'm back කීවාම ඉතින් අපිට **යැ කියන්නට හොඳටම ඉඩ ඇතත් මේ අඩුම ගාණේ සතියකට එක ගාණේ වත් ලියන බලාපොරොත්තුවෙන් කරන පටන් ගැන්මක් නිසා නොකියාම බැරිය ,

හතරේ අතේ විවෘත වන අධිවේගි මාර්ග , අපේ තුමාට කෙලවන්නට විදුලි පුටුව රත්කරන පර සුද්දන් , කොහේ ගියාද දන්නේ නැති ප්ලේන් එක , සංදියා ආච්චි , ෆෝම් වී ඇති ජෙප්පන් , මණ්ඩලේ පිටින්ම කචල් අලි පාටිය ඇතුලු සියලු දේ අමතක කර මේ ලියන්නේ කිරි කැට් ගැනය . බුකියේ පෝස්ට් එක බ්ලොග් එකේ දැම්මාම හෙණ ගහණවාද ඇහුවේ අපේ මාතලන් බොසාය , මේ ගිනිකාශ්ටකේ හෙන ගහන්නේ නැති නිසා ඒ පොස්ට් එක ගෙඩිය පිටින් මෙහි දමා තියනවාය

20-20 ලෝක කුසලාන අනාවැකි

දිනයේ සාර්ථකත්වය ලබන එක ක්‍රිඩකයෙකු නිසා ප්‍රතිපලය වෙනස් විය හැකි අවිනිශ්චිත 20-20 තරඟ රටාව පිලිබඳ අනාවැකි කීම එතරම් සාර්ථක නොවුනත් , 20-20 ලෝක කුසලානයේ ශූරතාව ඒ ඒ රටට ඇති අවස්ථාව පහත පරිද්දෙන් ලයිස්තු ගත කල හැක

දකුණු අප්‍රිකාව - මාගේ තේරීම අනුව මේ වන විට සිටින සාර්ථකම කණ්ඩායමයි . ලෝක කුසලාන තරඟවලි වලදි අසාර්ථක වීමේ සුපුරුදු සම්ප්‍රදායෙන් මිදීමට හැකි වුවහොත් සෛද්ධාන්තිකව කුසලානය සඳහා වඩාත්ම අවස්ථාව ඇත්තේ මොවුනටයි . ඩිවිලියර්ස් , ඩුප්ලසිස්, මිලර් සහ ස්ටෙන් කී ප්ලේයර්ස්ලා ලෙස හැඳින්විය හැක

පකිස්ථානය - 20-20 ලෝක කුසලාන වලදි වඩාත්ම සාර්ථකත්වය දැක්වූ කණ්ඩායමයි , මේ දක්වා පැවති සියලුම තරඟා වලි වලදී අර්ධ අවසන් තරඟ මට්ටම දක්වා පැමිණ ඇත . වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් යන දේංශයෙන්ම සුපිරි පන්දු යවන්නන් ලයිස්තුවක් සීටීමත් එයින් අෆ්රිඩි සහ හෆිස් තුන් ඉරියව් ක්‍රිඩයින් වීමත් විශේෂ වාසියකි . සඳහන් කල ක්‍රිඩකයින් හැරුණු විට අජ්මාල් සහ උම් රන් අක්මාල් කී ප්ලේයර්ස්ලා ලෙස හැඳින්විය හැක

ශ්‍රි ලංකාව - 20 -20 තරඟ රටාවේ සාර්ථකම කණ්ඩායම ලෙස හැඳින්විය හැක (ජයග්‍රහණ ප්‍රතිශතයෙන් ) , දැවැන්ත ප්‍රහාරකයින් නැතත් සමබර කණ්ඩායමක් වීමේ වාසියත් බංග්ලාදේශය තුලදී මැතකදී දැක්වූ දක්ෂතාවයත් අතිරේක වාසියක් කණ්ඩායමට ලබාදී ඇත . මාලිංග, මහේල , අජන්ත සහ සංගා කී ප්ලේයර්ස්ලා වේ

බටහිර ඉන්දිය කොදෙව් - කණ්ඩායමක් වශයෙන් දක්ෂතා ඉස්මතු වුයේ අවසන් ලෝක කුසලානයේ වුවත් , අයි පි එල් තරඟ මාලාවෙ පෙන්වන දක්ෂතා අනුව ඉතා ප්‍රභල 20-20 ක්‍රිඩකයින් රැගත් කණ්ඩායමක් ලෙස හැඳින්විය හැක . දඟපන්දු යවන්නන්ට ක්‍රිඩාංගන ඉහල සහයෝගයක් දැක්වීම මොවුන් ඇතිවිය හැකි ප්‍රධාන බාධකය විය හැකි අතර , ගේල්, පොලාඩ් , සැමුවෙල්, බ්රාවෝ සහ සුනිල් නරායන් ,කී ප්ලේයර්ස් ලා වේ

ඉන්දියාව - 2011 ලෝක කුසලානය තරම් නොමැති වුවත් ඉතා ප්‍රභල පිතිකරුවන් ලයිස්තුවක් ඇති කණ්ඩායමක් ලෙස හැඳින්විය හැක ,නමුත් ඉතාම දුර්වල පන්දු යැවීම හමුවේ එම පිතිකරණ දක්ෂතාවයන් ඉස්මතු නොවිමේ අවධානම මොවුන් සතු ප්‍රධාන බාධකයයි , කෝලි , දෝනි ,, යුවරාජ් සහ ජඩේජා කී ප්ලේයර්ස් ලා වන අතර පසුව කී දෙදෙනා පන්දු යැවීමෙන්ද සාර්ථකත්වයට පත් වීම අනිවාර්යය

තරඟයේ දිනුම පැරදුම කෙසේ වෙතත් තමන්ගේ වරදින් මකබැවුනු කිරිකැට් මණ්ඩලේ පව් වලට ක්රිඩකයින්ගේන් වන්දි ගැනීමට දතකන පාහර ක්‍රිකට් බලධාරින් මෙන්ම ක්‍රිඩකයින් ශයිලොක්ලාට උපමා කරන පඩත්තර මාධ්‍යවේදින්ද ක්‍රිඩා ලෝලින් සියලු දෙනා විසින් හෙලා දැකිය යුතු වුවත් , ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ පඩියෙන්දේශප්රේමය හොයන්නට එවුන් එකෙක් දෙන්නෙක්ද සිටිම කණගාටුදායකය

20-20 කුසලානයේදි වත් අපේ 20 - 20 නායකතුමට ඇවරේජ් එක 15ට උඩින් දාගන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කර සිටිමින් පොස්ටුව අහවර කරනවාය . කලින් කීව වගේ සතියකට වතාවක් වත් මොකක් හො හරුපයක් ලියන්නට හිතාගෙන ඉන්නවාය , ඒවගේම බ්ලොග් ලෝකයේ අලුත් වලි , පවු කාරයාට ගල් ගැහිලි , ගේම ඉල්ලිලි ආදිය තියේ නම් දැනුවත් කරන්නය ඒවා මොකවත් ගැන දැනුමක් නෑයබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com21tag:blogger.com,1999:blog-8307295550317581479.post-68780666033661152642013-10-26T04:21:00.001+05:302013-10-26T04:24:24.416+05:30සමනල සංධවනියට මුසු වීම

ඇල් මැරුණු සිනමාවකට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සිනමා කෘතියක් පිලිබඳ අව්‍යාජ සමාජ කතිකාවක් ඇතිවීම ඉතා විරලය . දේශපාලනික ඇජෙන්ඩාවන්ට යටවූ " රජකථා " රැල්ලත් , අති සිරියස් "රැඩිකල්" සිනමා රැල්ලත් සමාජය තුල යම් යම් කතිකාවන්ට මුල පිරුවත් ඒවා සිනමාත්මක් හේතුන් පාදක කර නොගත් එවා පමණක් වීම කලාවක් වශයෙන් මෙන්ම කර්මාන්තයක් වශයෙන්ද සිනමාවට සුභ දායක වන්නේ නැත

එනයින් බැලු කල ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධවනිය ශ්‍රි ලාංකීය සිනමා ලෝලින් අතර සැබෑ සිනමාත්මක කතිකාවකට මුල පිරු වීරල නිර්මාණාක් ලෙස සැලකිය හැක.

සිංහල සිනමා පඨයක් නැරඹීමට සිනමා ශාලාවට පිය නගන ශ්‍රි ලාංකික සිනමා රසිකයා මුහුණ දෙන එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ සිංහල සිනමාවේ සිමාවන්ට සාපේක්ෂ මනෝභාවයක් සකසා ගැනීමට සිදුවීමය . අතිශයින් සීමිත වෙලඳ පොලක කටයුතු කරන්නට සිදුවීම තුල මුල්‍ය මය සිමාවකට යටත්ව කටයුතු කරන සිංහල සිනමා කරුවාට වෙනත් සිනමාවක ඉතා සමාන්‍ය වූ , සිය අභිමතය පරිදි රූපරාමු සකසා ගැනීම තුල පවා දුෂකරතාවයන්ට මුහුණ දෙන බව බොහෝ සිංහල සිනමා පට නැරඹීමේදී වටහා ගත හැක . මෙහි පසුබිම් කථාව පිලිබඳ උනන්දුවක් නොවන බහුතරයක් සිනමා රසිකයාට සිංහල සිනමාව යනු ජාත්‍යන්තර සිනමා නිර්මාණයන්ට සාපේක්ෂව සිමා සහිත රසාස්වාදයක් වීම බිඳ වැටි ඇති සිංහල සිනමාව තව දුරටත් රසිකයාගෙන් ඇත් කිරීමට හේතුවක් වී ඇත

සමනල සංධවනිය යනු මේ අභියෝගය වඩාත්ම සාර්ථක ලෙස ජයගත් මැත යුගයේ සිනමා නිර්මාණය ලෙස මා නම් කරන්නේ ප්‍රධාන කාරණා ත්‍රිත්වයක් පදනමක් කරගෙනයි ඒ

01) සංගීතය

02) රිද්මය

03) තිර නාටකය

යන අංශයි

මාගේ පෞද්ගලික රසාස්වාදය අනුව නම් සමනල සංධවනියේ සංගීතය මෙතෙක් සිංහල සිනමා පඨයක භාවිතා වු විශිෂ්ඨතම සංගීතයයි . ඒහිදී සංගීත නිර්මාපකයා , ගායක ගායිකාවන් ගේ දක්ෂතාවය මෙන්ම නූතන සිනමා තාක්ෂණයේ නාද සංකලනයන්හි භාවිතයද මේ විශිෂ්ටත්වයට හේතු සාධක වී ඇති බව මා ගේ අදහසයි . විශ්ෂ්ටතම සංගීතය ලෙසින් විග්රහ කර නොගත්තත් සමනල සංධවනියේ සංගීතයේ උසස් සිනමා සංගීතයකට කදිම නිදසුනක්ය යන්නට නම් සිනමා පඨය නැරඹූ බොහෝ දෙනෙකු මෙන්ම මේ වන විට අතිශයින් ජනප්‍රිය වී ඇති චිත්‍රපටයේ ගීත පමණක් හෝ රසවිඳි අයද එකඟ වනු ඇතැයි සිතමි

සිනමා පටයක රිද්මය යනු බොහෝ දෙනෙකු වෙන්කර දැකීමට අසමත් එහෙත් සිනමා පටයේ අන්තර්ගතය ප්‍රේක්ෂකයාට කා වැද්දවීමේ මුලිකත්වය ගන්නා සාධකය ලෙස හැඳින්වීමේ වරදක් නැත . මේ සඳහා භාවිතා කරන කැමරා කෝණ, කාලයේ සහ අවකාශයේ භාවිතාව මෙන්ම සංස්කරණයද එකෙසේ සාර්ථකවීම අතිශයින් වැදගත්ය

සිනමා නිර්මාණයේ තේමාවට මෙන්ම සිය සුපුරුදු සිනමා භාවිතාවටත් අනුකුල වන පරිද්දෙන් මේ සියලු අංශයන්ගෙන් සාර්ථකත්වය ලබන්නට ජයන්ත චන්ද්‍රසිරිත් අදාල අංශයන් භාරව සිටි ශිල්පිනුත් සමත් වීම තුලින් උසස් ගණයේ Romance - Drama ගණයේ සිනමා නිර්මාණයක් රසවිඳීමේ හැකියාව සමනල සංධවනියේ ප්‍රේක්ෂයාට ලැබී ඇත

සමනල සංධවනිය සඳහා පාදක වන්නේ ඉතාම සුවිශේෂී සියුම් කථා තේමාවක් වන මුත් ඒ වටා අලංකාර සිනමා පටයක් ගොඩ නංවා තිබීම තිර රචනයේ සුවීශේෂත්වය විදහා දක්වන්නක් ලෙස සැලකිය හැක . වඩාත් පුලුල් කථා තේමාවක් තුලදී සාර්ථක තිර රචනයක් සඳහා අවැසි තරම් අමුද්‍රව්‍ය තිබුනත් , සියුම් කථා තේමාවක් තුලදී සාර්ථක තිර රචනයක් ගොඩ නැගීම වඩාත් ආයාසයකින් කල යුතු කර්තව්‍යයකි , සමාන්‍ය තත්වයන් යටතේ කිසිදු හරයක් නොදකින කථා තේමාවක් ගැබ් සමනල සංධවනිය ආසාවෙන් රසවිඳින සිනමා නිර්මාණයක් වීම නිසාවෙන් තිරචනයද සුවිශේෂ සාර්ථකත්වයක් අත් කරගත්තක්ය යන්න මාගේ විශ්වාසයයි

සමස්ථ සිනමා රසවින්දනය සැලකීමෙදී සමනල සංධවනිය මා මැත යුගයේදී රසවිඳි හොඳම සිනමා පටය ලෙස නම් කිරීමට කැමති අතර උද්‍යානයේ කරදර කාරයන්ගේ චරිත දෙකත් , තරුණයාගේ සොහොයුරාගේ චරිතයක් අධිරංගනයෙන් බැහැරව වඩාත් තාත්වික වුවා නම් අනැගි බවද , ජනප්‍රිය සංගීතඥයෙකුගේ ප්‍රසංගයක දැවැන්ත භාවය ඉස්මතු වෙන ආකාරයෙන් අවසන්/ ආරම්භක සංගීත ප්‍රසංගය රූපයට නැගුවා නම් වඩාත් ඉහල රසවින්දනයක් ලබාදීමට හැකියාව තිබු බවද සඳහන් කල යුතුය .බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com21tag:blogger.com,1999:blog-8307295550317581479.post-85091361545470679352013-06-29T19:53:00.001+05:302013-06-29T19:53:56.260+05:30ආදරණීය කෝලි කුට්ටු අය්යා වෙත ලියන වගනම් - තණමල් විල හිච්චි එකාගේ ලියුම්

ආදරණීය කෝලි කුට්ටු අය්යේ, අය්යා සැපෙන් ඉන්නවා කියා හිතනවාය . චැම්පියන්ස් ත්‍රෝපියත් උස්සපු නිසා දුකෙන් ඉන්න හේතුවක් නැය . හැබැයි ඉතින් ඒ අය්යාගේ ගැන්ගම් වර්ශන් එක ගැන ගේල් අය්යට තද වෙලා කණ පැලෙන්න දීලා නැත්නම්ය . අය්යා සතුටින් හිටියාට ලංකාවේ නම් ගොඩක් එවුන් ඉන්නේ දුකෙන්ය ,ඒ හැමදාම අය්යලාගෙන් කන නිසාය , ඊටත් හපන් අය්යා අවුට් ඔෆ් ෆෝර්ම් ඉඳලත් අපිට ගහලා ෆොර්ම් වෙන නිසාය . අවුරුදු 5ට මැච් 54ක් ගහලත් තාමත් අපිටත් අය්යලාටත් ඇතිවෙලා නැති පාටය , ආයෙත් කොන් තුනක් ගහන්න පටන් අරන්ය . මැච් තියන කාලෙට අපේ එවුන්ට හිනෙනුත් පෙන්නේ අය්යාවම නිසා මෙහෙම ලියුමක් වත් ලියලා පොඩි උපදෙසක් දෙන්නට හිතුණාය .

ක්‍රිකට් නැතත් රටේ අනික් එවුනත් කථා කරන්නේ අය්යලාගේ රට ගැනමය , ඒ 13ය කියල මකබාවක් නිසාය . මට නම් ඒ මොකක්ද කියා තෙරේන්නේ නැය , හැබැයි අපේ දේශප්‍රේමී අම්මා නම් 13 වැඩේ නිසා අය්යලාත් එක්ක තරහා වෙලාය . ඉස්සර බුදුන් උපන් දේශය කියලා මැච් වලදී අය්යලාට සපෝට් කලාට , නිදි මරාගෙන ෆයිනල් බලන ගමන් කිවේම එංගල්නය දිනපන් , එංගලන්තය දිනපන් කියලාමය ,ඒ අපේ දේශප්‍රේමි පචවංශ අන්කල්ගේ කථා අහලාය . පරිප්පු දාල බලෙන් දුන්න 13 ට දේශප්‍රේමියෙක් වෙච්ච මටත් ඒ නිසා එකඟ වෙන්න බැය .

ලේත් කොල පාට අපේ තාත්තා කවදත් ඉන්නේ දේශද්‍රෝහි පිලේය . තාත්තා නම් කියන්නේ 13 වගේ ඒවා සංවේදී රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්න නිසා බුද්ධිමත්ව විසඳා ගන්න ඕනිය කියලාය .

තාත්තා එහෙම කීවත් අපේ සංවේදී මහරජතුමා අන්කල් නොදන්න සංවේදී ප්‍රශ්නයක් තියනවාය කියලා නම් මම හිතන්නේ නෑය . තාත්තා කියන්නේ මහරජතුමා අන්කල්ට මේ දවස් වල පරිප්පු ගෝනියේ ඉඳන් අග්නි මිසයිලය දක්වාම හිනෙන් පේනවා ඇතිය කියලාය

අපේ මහරජතුමා අන්කල් ඔබමා අන්කල්ගෙන් සිරාවට ගේම ඉල්ලන්නේ නැත්තේ හොඳ වෙලාවටලූය . එහෙම වුනා නම් මහරජතුමා අන්කල්ට රැට නිදා ගන්න වෙන්නේම නැය කියලා තාත්තා කියනවාය .

තාත්තා මොන දේශද්‍රෝහි කථාව කිවත් අම්මා නම් කියන්නේ අය්යලා ඕනිවට වඩා දඟලන්න ආවොත් චීනේ මාමලා අපිව බේර ගන්න එනවා කියලයා , ටැන්සානියාවෙන් උගන්ඩාවෙන් එහෙමත් අපිට උදව් තියනවා කියලා නයිටීන් එකේ මෙගා නාට්‍යය බලන අස්සේ අම්මාට ඇහිලාය .

චීනයෙන් අපිව බේරගන්න එන්නැති එක පැහැදිලි කොරන්න ගිහින් තව පොඩ්ඩෙන් තාත්තාට රෑ කැමත් වරදිනවාය . ඉස්සර නම් මෙහෙම වෙලාවට තාත්තා අපිත් එක්ක කොත්තු කන්න යනවාය , ඒත් අලුත් ලයිට් බිල ගෙව්වාට පස්සේ කොත්තුවක් කන්නවත් තාත්තා අතේ පිච්චියක් නෑය . ඒ නිසා අම්මටත් චීනෙටත් දිනුම දීලා තාත්තා සම්බෝලයි බතුයි කාලා 360 බැලුවාය . ඒකත් බලන්න වුනේ විනාඩි පහය දේශප්‍රේමි සාධු කෙනෙක්ගෙන් නෝටි ප්‍රශ්න වගයක් අහපු දා ඉඳන් අම්මා 360ත් එක්ක තරහාය , දඩං ගාලා ටිවි එක වහලා දැම්මේ දිල්කා ඇන්ටිගේ මොකක්ද එක දැකලා තාත්තා නරක් වෙයිදෝ කියලාය .

ක්‍රිකට් ෆැන්ලට නම් 13න් වැඩක් නැය , හැබැයි ක්‍රිකට් පිටුවල මරාගැනිල්ලේ ඉවරකතු නැය . ජොබ් එකට ගියාට පස්සේ කඩ්ඩ පොලිශ් අපේ අය්යා කියන විදිහට නම් අය්යලාගේ රටෙත් අපේ රටෙත් එවුන් අම්බානක බැන ගන්නවාලුය . වැඩේ ලෙසටම අදින්නේ තමිල්නාඩු අය්යලාලුය . පකිස්ථානෙ අය්යලාත් , අපේ රටේ සමහර මොහොමඩ් අය්යලාත් වැඩේට පෝරදාන වාලුය .

කැම්පස් ඉන්න කාලේ බල්ලො දෙන්නෙක් ගහගත්තත් මැද්දට පනින අය්යා ජොබට ගියාට පස්සෙ තැන්පත් වෙලාය . ඒ නිසා අනික් එවුන් බැන ගන්න ඒවා බල බලා අතල් ගන්නවා විතරය . වැඩේ තියෙන්නේ මට ඒ ආතල් එක ගන්න නම් කඩ්ඩ දන්න අය්යා එනකන් ම ඉන්න වෙන එකය , අවුරුදු 2ක් තිස්සේ අපේ ඉන්ග්‍රිසි මිසි ප්‍රසූත නිවාඩුය .

කොහොමින් හරි මේ වලි ටික අස්සේ අය්යාට පොන්නයා නොහොත් ඩිස්ට්‍රෝයර් කියල නමකුත් සෙට් වුනාය . ඔය ඩ්ස්ට්රෝයර් කැල්ල අය්යලාගේ රටේ ගොබ්බයක් දාගත්ත එකක් විතරය ,ඇත්තටම පොන්නයා කියන්නේ මොකාටද කියලා දැනගත්තොත් අය්යා බඩ කපා ගන්නවාය . පුලුවන් නම් මැච් එක අස්සේ අපේ ටීම් එකේ අය්යා කෙනෙක් ගෙන් අහලා බැලුවාට කමක් නැය . හැබැයි කීයටවත් මාලිංග අය්යාගෙන් නම් අහන්න එපාය

"ඇයි මීට කලින් පොන්නයෙක් දැකලා නැද්ද" කියලා , අය්යගේ අතට මූණ බලන කන්නාඩියක් දෙන්නට ඉඩ තියන නිසාය

තිස්සේම මරා ගත්තාත් අය්යලාගේ රටේ එවුනත් අපේ සනා අය්යාට නම් තාම ආදරේය , නිකන් නෙවේ හාටුත් දාලා ආදරේ පෙන්නලා තිබුනාය මේ තියෙන්නේ එහෙම දාපුවායින් ටිකක්ය . හැබැයි ඉතින් මොකෙක් හරි එකෙක් shitlankans හෝ shitindians කියා වැඩේ කාපු වෙලාවට ඔයා සාමේ ඉවරයි කියා අපේ අය්යා කියනවාය

කොච්චර පැරදුනත් අපි මැච් බලන එක නම් නවත්තන්නේ නැය , ඒත් අවුලකට තියෙන්නේ අය්යලාගේ මේ පාර මැච් සෙට් එක තියෙන්නේ පට්ට රෑ වෙච්ච එකය . ඉස්කෝල වෙලාවේ තිබුනා නම් ෆෝන් එකෙන් හරි ස්කෝර් එක බලන්න තිබුනාය . දණ ගහන්න බය නිසා දැන් ටීචර්ලත් ඒවට හොට දාන්න එන්නේ නෑය

මේ තකහනියක් මේ ලිපිය ලිව්වේ අය්යාට මේ වල් පල් කියන්නට නෙවේය , අය්යාට වටිනා උපදේසක් දෙන්නටය .ඒ අය්යා මේ ටෝනමන්ට් එකේ මැන් ඔෆ්ද සිරිස් වුනොත් ධවාන් අය්යා වගේ ඒ සල්ලි ගංවතුර ආධාර වලට නොදී , මූණට හොඳ ප්ලාස්ටික් සර්ජරියක් කරවා ගන්නට කියන්නටය . අලි අල්ලන්න යන්ට ඕනෑ නැය , මනුස්සයෙකුට බලන්ට පුලුවන් තරමේ ගාණට තිබුනාම ඇතිය . ඉතුරු සල්ලි වලින් ඇන්ගර් මැනේජ්මන්ට් කෝස් එකක් කලා නම් හරිය . අය්යාගේ මජර චරියාව හදාගන්නවා නම් අය්යලාගෙ උන් හාර්ට් දාන් සනත් අය්යා වගේම සචින් ඩ්‍රාවිඩ් , දෝනි වගේ අය්යලාගෙන් උනත් ආදර්ශේ ගන්නට පුලුවන්ය

එතකොට අය්යාට *කෙනුත් කිවිසුම් යන තරමට අය්යාත් එක්ක මලෙන් ඉන්න අපේ රටේ එවුන් ගෙන් වගේම වන්කඩේදී වුනා වගේ අය්යලාගේ රටේම උන්ගෙනුත් හූ පාරවල් අහගන්නට වෙන්නේ නෑය . මට ආයෙම ලියුමක් ලියන්න බැරි නිසා පුලුවන් නම් ගවස්කාර් අන්කල්ට පහල තියෙන පණිවුඩේ දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්ය . ඒ කමෙන්ට්‍රි දෙන්නට එනවා නම් කට වහගෙන පැත්තකට වෙලා ඉන්න කියලාය . මොකද ලෙජන්ඩරි ක්‍රිකටර්ස් ලා කිච වෙන කොට ඒක ක්‍රිඩාවටත් හොඳ නැය . ෆස්ට් ක්ලාස් ගහපු ශාස්ත්‍රි අන්කල්ගේ වැසිකිලි කට විතරක් අය්යලාගේ සප් එකට තිබුනාම ඇතිය . එහෙනම් අය්යේ මම නවතිනවාය . අය්යාට කැමති දෙවියෙක්ගේ පිහිටය !

- මීට තණමල්විල හිච්චි එකා

හිච්චි එකාගේ අන්තිම ලිපිය - ගාසා තීරයේ හමාස් අන්කල්ලාට තණමල්විල හිච්චි එකාගෙන් ලියුමක් !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com18tag:blogger.com,1999:blog-8307295550317581479.post-34191720658191980932013-05-13T09:08:00.000+05:302013-05-13T09:08:03.554+05:30ආශ්චර්ය දීපයේ චිත්‍රපට - 13 ත් එක්ක බෑ , හොඳ අන්කලුයි නරක ඇන්ටියි ,ප්ලෙන් එනකම්...........

හොලිවුඩයේ මේ දවස් වල කථා වෙන්නේ යකඩ මිනිහා 3 , පෙට්ටි කාර්යාල වාර්ථා කුඩු පට්ටම් කිරීම් ගැනය.යකඩ මිනිහාත් ඇතුලු මාවල් විරයෝ සෙට් එකම ඉන්න ඇවෙන්ජර්ස් වලට විතරක් දෙවෙනි ආරම්භයක් යකඩ මිනිහා තුන අරගෙනය . ඒ කියන්නේ හොඳම ආර්ම්භක සති අන්තයන් දෙකටම යකඩ මිනිහා සම්බන්ධ වෙලා කියන එකය. පලවෙනි දර්ශනේට නිලියක් ඇන්ද රෙද්ද නිසා අපේ අයටත් යකඩ 3 මිනිහා ගමේ එකෙක් ගානටම සමීපය. 45-50 අන්කල්ලා , 20-25 කෙල්ලන්ට ලව් කරන ඒවාත් , පයිට් , සින්දු , කොමඩි , නැටුම් , රේස් ඔක්කොම එකතු කරපු මසාලාවකුත් නොවන , ආධුනිකයන් දෙදෙනෙක් රගපාන Aashiqui -2  වසරේ පලවෙනි සුපර් හිට් එක වීම බොලිවුඩයෙන් ඇහෙන හොඳම කථාව කිවාටද වරදක් නෑය . චිත්‍රපටිය කෙසේ වෙතත් සින්දු සෙට් එක නම් සුපිරිය .රසිකයෙකුට කණ පිරෙන්න අහන්නට වගේම හින්දුස්ථානි සංගීතයට "දේශීය සංගීතය" කියා ලේබල් ගසා මැරෙන්න හදනා මෙරට ඔස්තාද්ලාට බටහිර රොක් සංගීත සම්ප්රදාය සහ හින්දුස්ථානි සංගීතය එකතු කර රසවත් නිර්මානයක් කරන්නේ කෙසේදැයි ටියුශන් ගන්නටත් ඒ සෙට් එක වැදගත්ය

කොලිවුඩ් නොහොත් තමිල්නාඩු සිනමාව ගැන නම් දැන් අපිට හිතන්නට දෙයක් නෑය , අපේ රාවණා බලකාය තමිල්නාඩු චිත්‍රපටි ලංකාවට ගෙන්වීම තහනම් කරලාලුය . දැන් දෙමල ජනතාවටත් 'සිරි පැරකුම්" බලා දේශප්‍රේමය උපද්දවා ගන්නට පුලුවන්ය . රාවණා බලකාය මෙදා පාර වාඩුව ගත්තේ අවුරුදු දහස් ගාණක ඇරියස් එකක්ය.වෙනස තියෙන්නේ රාවණා රජතුමා පැරදුනේ නෝත් ඉන්දියන් හිරෝස් ලට (පැරදුනා නොව එකකුස උපන් එකා ගම කෑවාය ) වීමත් මෙදා රාවණා බලකාය ඇට්ටි හැලෙන්ට දුන්නේ සවුත් ඉන්දියන් හීරෝස් ලට වීමත්ය .රාවණා බලකායේ තීරණය නිසා දැන් කොලිවුඩ් නලුවෝ හිඟමනටම වැටිලාය (මේකට අර ආශිර්වාද පුජාවෙත් බලපැමක් තියෙන්නට පුලුවන්ය ) , මේකප් ගැලවූ විට කොහොමත් හිඟන පාට රැජිනි කාන්ත්ට නම් හිඟා කැම ගොඩක් ලේසි ඇතිය

මේච්චර වෙලා කිවේ වල්පල්ය , ඔය හැමවුඩ් එකක්ම පරදන අපුරු චිත්‍රපටි සෙට් එකක්ම ආශ්චර්ය ද්වීපයේ තියනවාය . මේ තියෙන්නේ ඒ අති සාර්ථක නිර්මාණ කිහිපයක් ගැන කෙටි හැඳින්වීමක්ය

හොඳ අන්කලුයි නරක ඇන්ටියි - ළමා කතන්දර පොතක නමක් තිබුනාට මේක ලමා චිත්‍රපටියක් කියා කියන්නට බැරිය . පහුගිය මැයි පලවෙනිදා රූගත කිරීම් අවසන් කර , ඒ මොහොතේ සිටම තිරගත කිරීමත් ආරම්භ කලාය . නරක ඇන්ටිගෙන් පිඩා විඳින බබාලා බේර ගන්නට හොඳ අන්කල් කෙනෙක් පහල වීම චිත්‍රපටියේ ක්ලයි මැක්ස් එකය . අන්කල් ගේ පැමිණීම චිත්‍රපටියේ තැනින් තැන ඉඟි කරන නිසා කුතුහලය අඩුවුනා කියා ඇතැම් කුහක විචාරකයින් විසින් මත පලකලත් , චිත්‍රපටිය තවමත් පෙට්ටි කාර්යාල වාර්ථාවේ දෙවෙනි , තුන්වෙනි තැන්වල ඉන්නවාය

13 ත් එක්ක බෑ - . අතිදක්ශ විකට නලුවෙකුත් , ක්‍රියාදාම නලුවෙකුත් රඟපාන නිසා චිත්‍රපටිය පටන් ගත්තේම පෙට්ටි කාර්යාලවාර්ථා කුඩු පට්ටම් කරගෙනය. ක්‍රියාදාම නලුවා අතීතයේදී සැහෙන හපන් කම් පෙන්නුවත් (සමහර චිත්‍රපටි අවසන් වුයේ බෝම්බ ගසා දුශ්ටයන් රටෙනුත් පන්නා දැමීමෙන්ය ) දැන් දැන් ඔහුගේ ක්‍රියාදාම හැකියාවන් මොටවී ඇති බවක් විචාරකයින් විසින් පෙන්වා දී ඇත . කලින් කී හොඳ අන්කල් චිත්‍රපටියේද ආරාධිත චරිතයක් රඟපෑ මේ ක්‍රියාදාම නලුවා ඒතුලින් හෝ බලාපොරොත්තු වූ මට්ටමේ දක්ෂතා දැක්වීමට සමත් වූයේ නැත . කෙසේ වුවත් විකට නලුවාගේ දක්ශතාවයන් චාලි චැප්ලින්ගේ මට්ටමටම ආසන්න නිසාවෙන් චිත්‍රපටිය අති සාර්ථකය . කෙසේ වුවත් ඇතැන් විචාරකයින් පවසන්නේ මෙය වෙනත් රටක සම්මාන උලෙලක් සඳහා විශේෂයෙන් සුදානම් කල චිත්‍රපටියක් බවය . කලින් චිත්‍රපටියේ හොඳ අන්කල්ගේ චරිතය රඟපෑ රංගන ශිල්පියා විසින් මෙම චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන ලදී

මට මතක නෑ - මෙය සැහෙන කාලයකට පෙර තිරගත කිරීම ආර්මභ කල (තිරගත කල දිනය මටත් මතක නැත ) එදා සිට මේ දක්වා පෙට්ටි කාර්යාල වාර්ථාවේ පලවෙනි 10ය අතර නිරන්තරයෙන්ම රැඳි සිටි අති සාර්ථක චිත්‍රපටියකි . මෙය කලින් කී බොලිවුඩ් මසාල චිත්‍රපටියක් මෙන් පයිට් , සින්දු , කොමඩ් , ත්‍රිලර් ආදී සියල්ලෙන්ම සපිරි චිත්‍රපටියක් වන අතර චිත්‍රපටියේ ආර්ම්භයේදීම අවසානය කුමක්දැයි අනුමාන කල හැක. , බොලිවුඩ් මසලාවක් මෙන් නොව ආර්ම්භ ජවනිකාව හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටියක මෙන් ඇක්ශන් සිකුවෙන්ස් එකක් වීම මෙම චිත්‍රපටියේ සුවිශේශත්වය ලෙස සඳහන් කිරීම නිවැරදිය. චිත්‍රපටියේ නිල ප්රචාරක කටයුතු සුප්රද්ධ මාධ්‍ය ආයතන දෙකකින් තරඟ කාරීව සිදු කිරීමද චිත්‍රපටියේ සාර්ථකත්වයට එක් හේතුවක් බව තතු දත් ආරංචි මාර්ග පවසති

ආලි හොරා, ආලි හිරේ , ආලි ගෙදර - මෙම තුන් ඇඳුතු චිත්‍රපට පෙල ලෝක සිනමාවේ පලමු වතාවට එක පෙලට තිරගත කොට ඉක්මනින්ම අවසන් වීමෙන් වාර්ථාවක්ද් තබා ඇත . එක පෙලට තිරගත කරලීම නිසා ප්‍රේක්ශකයින් අන්දුන් කුන්දුන් වීම නිසා එතරම් සාර්ථකත්වයක් නොලැබුවත් ආර්ම්භ සතියේදී පෙට්ටි කාර්යාල වාර්ථාවේ මුල් ස්ථාන අතර රැඳි සිටීමට සමත් විය . තරඟකාරි නිශ්පාදන සමාගම් දෙකක් විස්න් හවුලේ නිශ්පාද්නය කිරිම නිසා චිත්‍රපටියේ මඤ්ඤං ස්වාභාවය වැඩිවූ බව ඇත්ම් විචාරකයින් විස්න් පවසා ඇත

ප්ලෙන් එනකම් නොහොත් සකලයන් හඹන්නන්ගේ කථා වස්තුව - මෙය එම නිශ්පාදකයින්ගේම "නැවක් එනකන් නොහොත් මාලු බාන්නන්ගේ කථා වස්තුව " චිත්‍රපටියේ දෙවන කොටස ලෙස ඉදිරිපත් කර ඇත . බජ්ට් ප්‍රශ්න නිසා අවැසි කරන ගුවන් යානා සොයා ගැනීමට නොහැකි වුවත් ඉතා විශ්ෂ්ට ගණයේ ප්‍රචාරණ ව්‍යාපාරය නිසා මාර්තු මස සිට මේ දක්වාම පෙට්ටි කාර්යාල වාර්ථාවේ ඉහලින්ම රැඳී සිටිමට සමත්ව ඇත . මේ චිත්‍රපටියේ නිල අන්තර්ජාල ප්‍රවර්ධකයින් ලෙස . සමකය වටේ , ඇවිද්ද පය සහ මාරයා යන අය තෝරා පත් කරගෙන තිබුනි

ගහන්න බැරි නම් ගෙදර වර ! - මෙය ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරීමේ ලා සැකසුනු ඩොකියු -ඩ්‍රාමා වකි . නමුත් අවශ්‍ය කරන නලුවන් තවමත් විදේශ ගත වී සිටීම නිසා , අතිරේක නලුවන් යොදාගෙන රූගත කිරීම සිදුකරන ලදී . පෙට්ටි කාර්යාල ප්‍රතිපල තවමත් අවිනිශ්චිතය

අපේ චූන් අපිට හොඳා- මෙය මෙම නිශ්පාදකයන් විසින් කලකට පෙර නිශ්පාදනය කල "අපේ ගොනා අපිට හොඳා" චිත්‍රපටියේ ආදර්ශයෙන් නිමවූවකි. කිසිදු සම්බන්ධයක් නැති කථා කිහිපයක් එකට ගැටගැහීමේ අප්බ්රංශ රිතියක් අනුගමනය කිරීම සහ වයස් ගත ප්‍රේක්ෂකයින් අතින් ප්‍රතික්ශේප වූ නලුවන් පමනක් රංගනයේ යෙදීම හේතුවෙන් පෙට්ටි කාර්යාල වාර්ථාවේ සාර්තකත්වයක් ලැබීමට මේ දක්වාත් සමත් වී නැත . දශක කිහිපයකට කලින් අති සාර්ථක නිශ්පාදකයින් වූ මොවුන්ගේ මෝඩ ආතල් වෙනුවට සැබෑ නිර්මානයක් එලියට දමන තෙක් බලා සිටිනා ලෝයල් ෆැන්ස්ලා සැලකිය යුතු පිරිසක්ද තවමත් සිටිති

මම විතරයි රජා - හිටපු ක්‍රියාදාම නලුවෙකු විසින් අධ්‍යක්ෂණය කර රංගනයේ යෙදෙන මෙහි ඔහු හැරුණු විට සිටින්නේ තවත් එක් රංගන ශිල්පියෙක් පමණි . අපේ චූන් චිත්‍රපටියේ නිශ්පාදකයින්ගෙන් වෙනුවුනු පිරිසක් ද මේ සඳහා අතිරේක රංගනයෙන් දායක් වුවත් ප්‍රධාන නලුවාගේ හුදකලා බාවය නිසා අසාර්ථක බාවයට පත්වී ඇත . ඔහු විසින්ම රචනා කොට භාවිතා කරන කිසිදු පාලනයක් නැති දෙබස් කණ්ඩද චිත්‍රපටියේ අසාර්ථක භාවයට ප්‍රධානතම හේතුවක් බව විචාරකයෝ පවසා සිටියි

එදා සුරිය අද ???????????? මෙය හිටපු නිලි රැජිනක් විසින් වසර කිහිපයකට පසු තම ආගමනය සනිටුහන් කරන්නට දරනා වැයමකි . ඉතා ජනප්‍රිය නිලියකව සිට , ජනප්‍රියත්වයේ අන්තිම අඩිය දක්වා පහල බැසි ඇයට කුමන හෝ සාර්ථකත්වයක් අත් කරගන්නට ලැබේද යන්න පුරෝකථනය කිරීමට තවමත් කල් වැඩි බව විචාරක මතයයි . කෙසෙ වුවත් කාලයක් ඇය විසින් පරිපාලන කටයුතු කල නිශ්පාදන සමාගමේ ඇයගේ හිතවතුන් කොටසක් ඉන් ඉවත් වී ඇය සම්ඟ එකතු වේ යැයි දූශමාන ආරංචියක් පවතිනා අතර , එය දැනට වඩාත් ප්‍රභලතම නිශ්පාදන සමාගමේ බිඳ වැටීමක් වන නිසා අනෙකුත් නිශ්පාදකයින්ටද සුභාරංශියක් වනු ඇත

අපි ගෙවන්නේ නෑ - මෙය ඇරඹෙන්නේ නිදහස් කෙටි චිත්‍රපටියක් ලෙසින් වුවත් මේ වන විට මේන්ස්ට්‍රිම් කොමර්ශල් චිත්‍රපටියක් දක්වා වර්ධනය වී ඇත . ලබන 21 වෙනිදා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටිය හිට් එකක්ද ෆ්ලොප් එකක්ද කියා තවමත් හරියටම කියන්නට බැරිය . නිශ්පාදකයින් රාශිකයක් එක්ව නිශ්පාදනය කලත් ප්‍රධාන නිශ්පාදක කණ්ඩායම මින් පෙර සද්ද දමා තිරගත කල ඇතැම් චිත්‍රපට අතිශයින් අසාර්ථක වීමත් . චිත්‍රපටියේ තරඟකාරී නිශ්පාදන සමාගම් චිත්‍රපටිය ලත් තැනම ලොප් කරන්නට සියලු උත්සාහයන් දරන්නට ඉඩ තිබීමත් නිසා මෙම අවිනිශ්චිත බාවය උද්ගතව ඇත

දේශප්‍රේමීයෝ - මෙය ආශ්චර්ය ද්වීපයේ පමණක් නොව , ලෝකයේම මේ දක්වා තිරගතවූ සාර්ථකම සිනමා නිර්මාණය ලෙස හැඳින්වීමේ වරදක් නැත . 2005දී තිරගත කිරීම් ආර්ම්භ කර 2009දී උච්ඡතම අවස්ථාවට පත්වූ මෙය තවමත් සැලකිය යුතු ජනප්‍රසාදයක් අත්කරගෙන සිටින නිසා පෙට්ටි කාර්යාල වාර්ථා ගණනය කරන්නේ මේම චිත්‍රපටියට අතැරය. චිත්‍රපටියේ අධ්‍යක්ෂනය , නිශ්පාදනය සහ රංගනය ඇතුලු සැහෙන අංශප්රමාණයකට ශිල්පිය දායකත්වය එකම පවුලේ සාමාජිකයින්ගෙන් ලැබී තිබීම සුවිශේය. මෙය කලින් සඳහන් කර ඇති ප්‍රභලතම සිනමා නිශ්පාදන සමාගමේ සාර්ථකත්යේ රහස ලෙසද හැඳින්විය හැක

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com19tag:blogger.com,1999:blog-8307295550317581479.post-22565219882283659572013-04-13T10:22:00.000+05:302013-04-13T10:25:27.836+05:30සුභ නව අලුත් අවුරුද්දක් - (මේ විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන )

සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි .සුභ අසුබ නැකත් පිලිබඳව හෝ එසේ නැකතට කටයුතු කිරීමෙන් අත්වෙන විශේෂ වාසියක් පිලිබඳ මාතුල කිසිදු විශ්වාසයක් නැතත් ජාතියක් වශයෙන් අනෙන්‍යවූ සංස්කෘතිකාංගයක් වූ අවුරුදු උත්සවයටත් ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ වැදගත් කමක් මා දකිමි . පවුලේ සියලු දෙනා හැකි පමණින් එකතුව අවුර්ද්ද සමරන්නටත් , පරණ තරහ මරහ අමතක කර ඥාති මිත්‍රාදීන් සහ අසල්වාසීන් සමඟින් සම්බන්දයන් අලුත් කරගන්නටත් , සංස්කෘතික අනෙන්‍යතාවයක් වශයෙන් සිංහල දෙමල අලුත් අවුරුදු සම්ප්‍රදායන් මතු පරපුර වෙත ගෙනයාමටත් සැම සියලු දෙනාම වග බලාගන්නේ නම් යහපත් බවද මේ මොහොතේ පවසනු කැමැත්තෙමි . සියලුම බ්ලොග් කරුවන්ටත් , සිංහල බ්ලොග් කරණය වර්ණවත් කරනා නිර්නාමික ප්‍රතිචාර කරුවන්ටත්, ප්‍රතිචාර නොදක්වන නිහඬ පාඨකයිනුත් ඇතුලු සිය්ලු දෙනාටම  තම සිතු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු කරගන්නට ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දකට ආසිරි එක් කරනා අතරම ,මාගේ බ්ලොග් කරණය නිසා වෙන් කුමන හෝ සිත් අමනාපයක් ඇති කරගත්තෙක් මේ අතර වේ නම් , ඒ සිතේ කහට අමතක කර නව වසරේ නව ප්‍රවේශයක් වෙනුවෙන් එකතු වීමට අවස්ථාව ලැබේවා කියාද ප්‍රාර්ථනා කරමි

මේ සමස්ථ රට වැසියන් සහ ලෝක වාසින් වෙනුවෙන් මාගේ අලුත් අවුරුදු සුබ පැතුමයි

විදුලි ගාස්තු සුත්‍රයවත් (අඩු ගානේ ) වෙනස් නොවන, මත්තලට ප්ලේන් එන, එන ප්ලේන් වල කුරුල්ලො නොවදින, නැව් 400න් 40ක් හෝ හම්බන්තොට වරායාට පැමිණෙන , නොරොච්චෝලේ අවුරුද්දෙන් භාගයක් හෝ හරියට වැඩ කරන , ඇමති මණ්ඩලේ වැඩි නොවන , ඇමතිලා වැඩක් නොලකත් අඩුම ගානේ පිස්සු නොකෙලින ,ලොක්කාට තමන් ආයෙත් ඡන්දයකට යායුතු බව සිහි වෙන, රනිල්ට තමන් විපක්ෂ නායක බව මතක් වෙන , ෆොන්සේකාගේ අහංකාර කම් අඩුවෙන ,ජිනිවා වලදී නාගන්නේ නැති, ඇමරිකාවෙන් , යුරෝපයෙන් සහ ඉන්දියාවෙන් ගේම ඉල්ලන්නට නොසිතෙන, මුස්ලිමුන්ට අන්තවාදය එපා වෙන, බොදු බලසේනාවට තමන් "බෞද්ධ" බව මතක් වෙන , දෙමල සංධානයට ඊලම එපා වෙන , මූලධර්ම වාදි ක්‍රිස්තියානින් එලවන්නට කතෝලික සභාවම මැදිහත් වෙන , ගෝත්‍රික දූපත් මානසිකත්වයෙන් මිදී නූතන ලෝකයා හා පැහෙන ආකල්ප වර්ධනකයට බහුතර ශ්‍රි ලංකිකයින් පිරිසකට හැකි වෙන සුභ අලුත් අවුරුද්දක් වේවායි ශ්‍රි ලාංකිකයින් සියලු දෙනාටමත්

කිම් ජොන්ට මිසයිල ගහන්නට නොහිතෙන (*) ,ලෝක ආර්ථිකය වඩාත් වේගයෙන් අර්බුධයෙන් ගොඩ එන . ඒකාධිපතියන් , ආගමික අන්තවාදයන් සහ ත්රස්තවාදයන් ට එරෙහිවත් , පරිසර හිතකාමි ආර්ථික සංවර්ධනයක් කෙරේ පක්ෂවත් ලෝක ජනමතය ගොඩ නැගෙන කාල වකවාණුවක් සමස්ථ ලෝකයාටමත් ප්‍රාර්ථනා කර සිටිමි !

(* )බලයෙන් වියරුවූ ඒකාධිපතියෙකුගේ සියදිවි නසා ගැනීම හෝ එවැනි ඒකාධිපතියන්ට පුදසත්කාර කරමින් අනුබල දෙන උතුරු කොරියානු ජනතාව වෙනුවෙන් නොව , විපතට පත්වීමේ අවදානමක් ඇති දකුණු කොරියානු , ජපාන අහිංසක සිවිල් වැසියන් වෙනුවෙන් පමණි බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com24tag:blogger.com,1999:blog-8307295550317581479.post-26258638996893574662013-04-02T09:00:00.000+05:302013-04-02T09:06:58.308+05:30IPL6 , විරෝධතා , ක්‍රිඩාව සහ දේශපාලනය , චන්දිමාල් & අර්ජුන

අයි පි එල් තරඟ මාලාවේ 6 වෙනි අදියර උත්සවශ්‍රියෙන් අද දින ආරම්භ වීමට නියමිතය. දැඩි ආන්දෝලනයකින් පසු නුවන් කුලසේකරත් , අකිල ධනංජයත් හැර අන් සියලුම ක්‍රිඩකයින් මෙම තරඟාවලිය සඳහා සහභාගී වන බැව් මේ වන දැන ගන්නට ඇත . ඇතැම් මාධ්‍ය දිනේශ් චන්දිමාලුත් මෙම ගොඩට දමා අයි පි එල් යන්නේ ක්‍රිඩකයින් 10 ක් පමණක් යැයි පවසමින් සිය සමාන්‍ය දැනීමේ සහ අංක ගණිත දැනුමේ ප්‍රමාණය පල කලත් චන්දිමාල් යනු වෙනමම කථා කල යුතු මාතෘකාවකි .

පසුගිය දින කිහිපය තුල මුහුණු පොතේ වැඩියෙන්ම ශෙයා වූ කාරණා අතර ඉහලින්ම තිබෙන්නේ ශ්‍රි ලාංකීය ක්‍රිඩකයින් අයි පි එල් තරඟ සඳහා සහභාගී නොවිය යුතු බවයි . විශේෂයෙන්ම මුහුණු පොත හරහා සිංහල- බෞද්ධ උරුමය රැක ගැනීමට වෙහෙසෙන බුකි ප්‍රේමින් අතර මේ විරෝධතාවයන් වැඩි වශයෙන් දක්නට ලැබුනි. ජයලලිතා, වයිකෝ, රැජිනි කාන්ත් වැනි අන්තවාදි ගොබ්බයින් සහ තමන් අතර කිසිදු වෙනසක් නොමැති බව සනාථ කල බොදු බලසේනාවේ ඥාණ සාර හිමියන් ගේ කුණු බිත්තර ප්‍රකාශයෙන් , මෙමෙ විරෝධතාවයන්ගේ පසුබිම කුමක් දැයි වටහා ගැනීමේ හැකියාව තිබේ

ක්‍රිඩාව දේශපාලනය සහ ජයලලිතා

"ආසියාවේ ආශ්චර්ය" වීමට දඟලන ශ්‍රි ලංකාවෙ මෙන්ම , සුපිරි බලවතෙක් වීමට වලිකන "ඉන්ක්‍රෙඩිබල් ඉන්ඩියා" වේත් ජරා ජීර්න දූෂිත දේශපාලනය නොගැවුනු ඉසව්වක් සෙවීම යනු කිසිවෙකු නොමල ගෙයකින් අබ ඇට සෙවිම හා සමාන ක්‍රියාවකි . ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේශපාලනීකරණය වූ ක්‍රියාවන්ට හොඳම උදාරණය නම් පකිස්ථාන ක්‍රිඩකයින් අයි පි එල් තරඟාවලියෙන් එලවා දැමීමයි . මුම්බායි ප්‍රහාරයට පකිස්ථාන ඔත්තු සේවාවේ මිස ක්‍රිඩකයින්ගේ සම්බන්ධයක් නොමැති නිසාවෙන් එය ඉතා පැහැදිලිවම දේශපාලනික තීරණයකි

සිය දේශපාලන අභිලාශයන් උදෙසා තමිල්නාඩුව තුල "සිංහල විරෝධයක්" අවුලවමින් සිටිනා ජයලලිතා මහ ඇමතිණියද , අයි පි එල් තරඟා වලියට ශ්‍රි ලාංකික ක්‍රිඩකයින්ගේ සහභාගීත්වය තහනම් කරමින් නැවත වතාවක් ක්‍රිඩාව සහ දේශපාලනය මුසු කරන්නට සමත් ව තිබේ . තමිල්නාඩුව තුල ශ්‍රි ලාංකිකයින්ට එරෙහිව ගොඩ නැඟි ඇති මතවාදයන් සැලකිල්ලට ගත් විට කිසිදු ශ්‍රි ලංකිකයෙක් තමිල්නාඩුවේ පය තැබීම නුසුදුසු වන බැව් මා කලින් ලිපියකදී සඳහන් කලෙමි . එහිදී ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින්ද තමිල්නාඩුව මඟ හැරිය යුතු බව යෝජනා කලේ ගෝත්‍රිකයින් සමඟින් ශිෂ්ට සම්පන්න ලෙස ගණුදෙනු කිරීමේ අවස්ථාවක් නොමැති හෙයිනි . ශ්‍රි ලංකා රජයද ක්‍රමානුකුලව තමිල්නාඩුව ශ්‍රි ලාංකිකයින්ට තහනම් කලාපයක් බවට පත් කරමින් සිටියදී , චෙන්නායි හි පැවැත්වෙන අයි පි එල් තරඟ පිලිබඳ ශ්‍රි ලංකා රජයට දේශපාලනික තීන්දුවකට එලඹීමට පෙර ජය ලලිතා විසින්ම එම තීන්දුව ගැනීම එක්තරා දුරකට වාසී දායක තත්වයකි

ජය ලලිතාගේ ඝර්ජනය හමුවේ ඒයට අනුකුලතාවයක් දක්වමින් චෙන්නායි හි පැවැත්වෙන තරඟ වලින් ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් ඉවත් කිරීමේ තීරණයට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එලඹෙන්නේ , ඉන්දිය මාධ්‍ය මෙන්ම ,අනෙකුත් ප්‍රාන්තවල ජනතාවගේද(අන්තර්ජාලය තුල නියෝජ්නය වන ) විරෝධයන් හමුවේ වීම විශේෂත්වයකි ( ඉන්දියානු පුවත් වෙබ් අඩවි වල කමෙන්ට් කරුවන්ගේ අදහස් අනුව ) . ඒ වඩාත් සාධාරණ විකල්පය වූ චෙන්නායි වෙනුවට වෙනත් ප්‍රාන්තයක් තෝරා ගැනීමේ විකල්පය තෝරා නොගැනීම සහ එම විකල්පය දැනටමත් හයිද්‍රාබාද් කණ්ඩායම සම්බන්දයෙන් තෝරා තිබියදී චෙන්නායි කණ්ඩායමට සුවිශේෂි වාසියක් අත්වෙන පරිද්දෙන් කටයුතු කිරීම හේතුවෙන් , මෙම තීරණය හේතුවෙන් කණ්ඩායම් තුනකට සිය නායකයා නොමැතිව වෙන්නායි තරඟ සඳහා මුහුණු දීමට සිදුවීමත් , තවත් කණ්ඩායම් දෙකකට තමන්ගේ තීරණාත්මක ක්‍රිඩකයින් නොමැතිව ක්‍රිඩා කිරීමට සිදුවීමත් (කුසල් ජනිත් ගේ දක්ෂතාවන් අනුව මේ ගණ න කණ්ඩායම් තුනක් දක්වා ඉහල යා හැක ) මෙම විරෝධයන්ගේ මූලික පදනම ලෙස සැලකිය හැක . අයිපි එල් විධායක වරයා විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනත් මේ තීරණය පිටුපස ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම චෙන්නායි කණ්ඩායමේ හිමිකරු වන සිරිනිවාසන් ගේ බලපැමක් ඇතැයි යන සාධාරණ සැකයද මෙහිදී මතුවේ

Results of a Poll From NDTV

කෙසේ වුවත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ එම අසාධාරණය අනෙකුත් කණ්ඩායම් හිමිකරුවන්ගේ ප්‍රශ්නයක් මිස රටක් වශයෙන් ශ්‍රි ලංකාවේ ප්‍රශ්නයක් නොවන බවද අවධාරණය කල යුතුය

අයිපි එල් විරෝධය

දේශපාලනික පසුබිම් වලින් ස්වායක්තවත් අයි පි එල් විරෝධයක් ඇතැම් ශ්‍රි ලාංකිකයින් තුල දක්නට ලැබේ . ඒ පිලිබඳ කලින් ලිපියකදී පැහැදිලි කර ඇති නිසා මෙහිදි අවධානය යොමු කරන්නේ මෙවර එල්ල වූ දේශපාලනික විරෝධය පිලිබඳව පමණි . ජාතිකත්වය මත පදනම් වූ ෆෙඩරල් රාජ්‍යක් වූ ඉන්දියාව පිලිබඳ නිසි දේශපාලන අවබෝධයක් බහුතරයක් ශ්‍රි ලාංකිකයින්ට ඇති බවක් දකින්නට නැත . මෙම තත්වය අන්තර්ජාල සමාජය තුලද බහුලව නිරික්ෂනය කිරීමට ලැබෙන්නේ මුහුණු පොතටත් , ගොසිප් අඩවි වලටත් සීමාවු , භාහිර ලෝකයාට විවර නොවූ පරම්පරාවක් සහ ලෝකයේ අන් සියල්ල ශ්‍රි ලංකාවට එරෙහි කුමන්ත්‍රණ කරුවන්ය යන දූපත් මානසිකත්වයෙන් යුත් පිරිසත් නිසා යැයි සිතමි .

මෙම පිරිස් විසින් සිදු කරනා මූලික වරද නම් ඉන්දිය මධ්‍යම රජය සහ තමිල්නාඩුව වෙන්කොට දැකීමේ හැකියාවක් නොමැති වීමයි . ඉන්දිය මධ්‍යම රජය සහ ශ්‍රි ලංකාව අතර ඇති සංකීර්ණ සබඳතාවය වෙනම විග්රහ කරගත යුතු මාතෘකාවක් වන අතර මෙම අවස්ථාවේදී අදාල නොවන්නකි .ඒ මේ වන ශ්‍රි ලංකා විරෝධයක් දක්නට ලැබෙන්නේ තමිල්නාඩුව තුල පමණක් වීම නිසාවෙනි . තමිල්නාඩු රජය ශ්‍රි ලංකා විරෝධයේ උච්ඡතම අවස්ථාවට යමින් ඉදිරිපත් කල යෝජනා මාලාව ඉන්දිය මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති වටපිටාවක , තමිල්නාඩුව සහ මධ්‍යම රජය වෙන් කර වටහා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි . ඉන්දිය රජය විසින් ආරක්ෂාව සහතික කර තිබීම මෙන්ම ශ්‍රි ලාංකික ක්‍රිඩකයින්ට තමන්ගේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රිඩා කිරිම වෙනුවෙන් ආදරය කිරිම හැර වෛර කිරිම ට කිසිදු හේතුවක් නොමැති අනෙකුත් ප්‍රාන්ත වලදී ආරක්ෂාව පිලිබඳ තර්ජනයක් නොමැති වීමත් අයි පි එල් තරඟ සඳහා ක්‍රිඩකයින් යොමු කරවීමේ බාධක ඉවත් කර ලීමකි . එමෙන්ම ඔස්ට්‍රේලියානුවන් , කොදෙව්වන් ශ්‍රි ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කල මොහොතක පකිස්ථානයත් සමඟින් ශ්‍රි ලංකාවේ සුහද තරඟයකට එකතු විමට තීරණ්ය කල ඉන්දියා ක්‍රිකට් පරිපාලනයට කෘත ගුණ දැක්වීමක් ලෙසද මේ මොහොතේ ක්‍රිඩකයින් යැවීම සැලකිය හැක

ප්රශ්නය නැට්ටෙන් අල්ලා ගත් ඇතැමුන්ට නම් මෙය රටේ ගෞරවය පිලිබඳ ප්රශ්නයකි . හාමුදුරුවන්ට පහර දීම ඇතුලු ශ්‍රි ලංකා විරෝධයන් නිසා වෙන් අයි පි එල් නොයා වර්ජනය කිරීම යනු මොවුනට අනුව රටේ ගෞරවය රැකීමකි . අසල්වාසී දැවැන්ත නිවසක , අප පැමිණීමට විරෝධය පල කරනා මානසික විකෘති තාවයකින් පෙලෙන්නෙක් වේ නම් අප එහි යාමට පෙර දෙවතාවක් සිතිය යුතු බව සැබැය , එහෙත් එම පිස්සා ඔහුගේ කාමරයට කොටුවී සිටී නම් , අනෙකුත් නිවැසියන් සුහද ශීලී නම් එම නිවසට යාමට පැකිලීමක් ඇති කරගත යුතු යැය් මා සිතන්නේ නැත . එයින් අපගේ අභිමානයට ගැටලුවක් වන්නේද නැත . නමුත් එක් කාමරයකට කොටු වූ පිස්සෙකුට බියෙන් එම නිවසට යාම ප්‍රතික්ෂේප කරන්නේ නම් එය නිවට බිය ගුලු කමකි . එලෙසින්ම මේ මොහොතේදී අයි පි එල් වර්ජනය කිරීම යනු අභිමානවත් ක්‍රියාවක් නොව බිය ගුලුකමක් සහ ජය ලලිතා ඇතුලු ඊලම් වාදි දේශපාලුවන් සහ රැජිනි කාන්ත විජේ ප්‍රමුක නලු බට්ටන්ගේ මතවාදයන් ට ජය ග්‍රහණය ලබා දීමකි

අයි පි එල් නිසා ශ්‍රි ලංකා ක්‍රිකට් වලට හානියක් වේ නම් බලන වසරේ සිට ක්‍රිඩකයින් අයි පි එල් නොයැවීමේ තීරණයක් ගෙන , අර්ධ අයි පි එල් විරෝධයක් පෙන්වන එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා ඉදිරි පියවරක් ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දැක්විය හැක . නමුත් තමිල්නාඩුවේ විරෝධතාවයන්ට යට නොවී මෙවර නම් අනිවාර්යයෙන්ම අයි පි එල් සඳහා සහභාගීත්වය පල කල යුතුය . මේ සංගක්කාර විසින් මේ පිලිබඳ දැක් වූ අදහසයි

India is much more than Chennai and Tamil Nadu and I think the rest of India has been very welcoming of us. We are here to play cricket on behalf of Sri Lanka as well as our franchisee - Sanga

දිනේෂ චන්දිමාල්

දිනේශ් චන්දිමාල් මෙවර වෙන්දේසියේදී තේරී පත්වූ ක්‍රිඩකයින් 13 දෙනා අතරට අයත් වූවෙකු නොවේ . මේ දක්වාත් ඉතා දුර්වල 20-20 පිතිකරණයක් දක්වා ඇති චන්දිමාල් එසේ වීමද අරුමයක් නොවේ . චන්දිමාල් වෙත අයි පි එල් ඇරයුමක් ලැබෙන්නේ ආබාධයට ලක්වූ ක්‍රිඩකයින් දෙදෙනෙක් වෙනුවෙන් ආදේශකයක් ලෙසිනි . චන්දිමාල් විසින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නේ සිය ආත්ම ගරුත්වය පිලිබඳ ප්‍රශ්නයක් වන හෙයිනි , එමෙන්ම මෙවන් අවස්ථාවකදී ආරම්භක ලන්සුවට වඩා මිලක් නොලැබීමත් , කලින් වතාවල සිදු පරිද්දෙන් බංකුවට පමණක් සීමා වුවහොත් එම මුදලෙන්ද කොටසක් අහිමි වීමත් මෙම තීරණයට බලපැවා විය හැක . කෙසේ හෝ එය චන්දිමාල් ගේ අයිතියයි . සිදුවූ දෙය වටහා නොගත්/වසන් කල දේශප්‍රේමි/ෆේස් බුක් දේශ ප්‍රේමින් සහ ඇතැම් මාධ්‍ය විසින් චන්දිමාල් ගෙ තීරණය සිය අයි පි එල් විරෝධය සමඟින් එක් කර ගැනීම පිලිබඳ අනුකම්පා කරනවා හැර අන් විකල්පයක් නැත

අර්ජුන රණතුංග

වර්ථමාන ක්‍රිකට් ක්රිඩකයින්ගෙ මුදල් පසුම්බියේ බර කිරන්නට යන රණතුංග මහතාගේ කෙරුවාවල් පිලිබඳ කියන්නට තිබෙන්නේ දන්නෝ දනිති කියා පමණි . අර්ජුන මහතා ගේ ප්‍රකාශයන් පුරුෂාර්ථයන් කරගන්නා ක්‍රිඩා ලෝලින් හට මතක් කර දීමට තිබෙන්නේ 2007 ලෝක කුසලානයේදී බංග්ලාදේශයෙන් සහ ශ්‍රි ලංකාවෙන් පරාජයට පත්වී මුල් වටයෙන් ව්ලියට විසිවූ ඉන්දියාව ලෝක කුසලානය ලබා ගන්නවා යැයි ප්‍රකාශ කරමින් රණතුංග මහතා විසින් බා ගෙන නා ගැනීමේ සිදු වීමයි .තවමත් තමන් ක්‍රිකට් ගැසු 90 දශකයේ මානසිකත්වයෙල් එලියට පැමිණීමට නොහැකිව 20-20 විරෝධය සිටිනා රණතුංග මහතා ගේ අයි පි එල් විරෝධය , නිසැකයෙන්ම ලොව ජන ප්‍රියතම ක්‍රිකට් විලාශයට එරෙහි හණමිටි මතවාදයන්ගේ ප්‍රතිපලයකි

පසුගිය වතාවන් හී මා නිරික්ෂනය කල දෙයක් නම් ස්වභාවික අයි පි එල් විරෝධීන්ද අයි පි එල් තරඟ නැරඹීම වර්ජනය නොකරනා බවයි . එය ෆේස් බුකියේ ඉන්දියානු විරෝධී ෆෝටෝ ශෙයා කරමින් හින්දි - දමිල චිත්‍රපට බැලීමට , මරුටියේ , ලේලන්ඩ් බසයේ ගමන් යැමට සමානය . එනිසා මෙවරද අයි පි එල් විරෝධීන් සැලකිය යුතු පිරිසක්ද අද සමාරම්භක උත්සවයේ සිටම අයි පි එල් නරඹනු ඇත

මේ ඔවුන් ඇතුලු සියල්ලන්ම වෙනුවෙන්

01) සමාරම්භක උලේලේ තොරතුරු

02) තරඟ කාල සටහන

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com40tag:blogger.com,1999:blog-8307295550317581479.post-12348798546690212762013-03-25T08:36:00.002+05:302013-03-25T08:40:05.341+05:30දිනමින කතු වැකියේ මඤ්ඤං කථා මාතෘකාව දකිනා කෙනෙකු දිණමිනේ මඤඤං නොවන යමක් පලවූයේ කවදා දැයි විමසා සිටියත් මා පුදුමයට පත්වන්නේ නැත . නමුත් රජයට සුදු හුණු ගැමෙන් නොනැවතී ලෝක දේශපාලනයත් ඇඳා ගත් කරුණු කාරණා සම්බන්ධයෙන් "මඤ්ඤං" කථා රාශියක් ඇතුලත් ලිපියක් අද දින කතු වැකිය වශයෙන් පලවී ඇත . මේ ඒ පිලිබඳ විග්රහයකි (කරුණු උපුටා ගන්නේ කතුවරයා සටහන් කර ඇති අනුපිලිවෙලට නොවේ )

//තායිලන්තය, පිලිපීනය, බ්‍රසීලය, චිලී, ආර්ජන්ටිනාව වැනි රාජ්‍යයන් ගැන අමුතුවෙන් කතාකළ යුතු නැත. එම රටවල් අමෙරිකාව හා යුරෝපය මත යැපෙන රාජ්‍යයෝය. //

ඉහත වාක්‍යය දුටු සිනහ පහල නොවනා කෙනෙක් සිටී නම් ඒ දිණමින , අයිටින් සහ ස්වාධීන රූපවාහිනියෙන් තොර ලෝකයක් නොදන්නා අයෙකු විය යුතුය . බ්‍රික්ස් කණ්ඩායමට අයත් නැගී එන ආර්ථික බලවතෙකු වන බ්‍රසීලය , අදාල සංගමේ වඩාත් පරිපූර්න සංවර්ධනයක් අත්කරගත් සාමාජිකයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. එනිසා ආර්ථික හෝ දේශපාලනික වශයෙන් කිසිදු රාජ්‍යක් මත "යැපීමේ" අවශ්‍යතාවයක් බ්‍රසීලයට නැත . බ්‍රසීලය ලෝක දේශපාලනය තුල ක්‍රියාත්මක වී ඇති අන්දමෙන්ද ඔවුන් කිසිසේත්ම ඇමරිකන් හිතවාදීන් නොවෙනා බැව් නිරික්ෂණය කල හැක . බ්‍රසීලයේ ප්‍රධාන ගැනුම් කරුවා වන්නේද චීනය මිස ඇමරිකාව නොවේ . ඇමරිකාව සමඟ වෙලඳ ගණුදෙනු ප්‍රතිශතය 10% කට ආසාන්නය . ආර්ජෙන්ටිනාව පසුගිය දිනවල බ්‍රිතාන්‍ය සමඟින් ඇති කරගත් දේශපාලනික උණුසුම නිරික්ෂනය කලේ නම් ඔවුන් බටහිරින් යැපෙන්නන් වශයෙන් හැඳින්වීමේ හැකියාවක් නොමැති බවද තේරුම් ගත හැකිව තිබුනි . ආර්ජෙන්ටිනාවේ ප්‍රධාන වෙලඳ සහකරුවා වන්නේ බ්‍රසීලයයි . මෙහිදී වඩාත් හාස්‍ය ජනකම කාරණය වන්නේ අනෙක් රටවල යැපීම ගැන කථා කලත් ශ්‍රි ලංකාව එක්සත් ජනපදයට පමණක් 22%ක ආසන්න ප්‍රමාණයක අපනයනයක් සිදු කරන , බ්රසිලයේ ආර්ථික ශක්තියට අලගු තැබීමට තරම්වත් හැකියාවක් නොමැති රටක් වීමයි

ජපානය, ඉතියෝපියාව, මැලේසියාව, කසකස්ථානය, ඇන්ගෝලාව, බොට්ස්වානා, බුර්කිනා, කෙන්යාව යන රාජ්‍යයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නියම අර්ථයෙන් ගත හොත් ඔවුන් සහයෝගය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට ය. මෙහිදී මේ රාජ්‍යයන් අමෙරිකාව හා යුරෝපා සංගමය වැනි බලවත් ආයතනවලට අභියෝගාත්මක ලෙස හැසිරී ඇත. ජපානය කවදත් ශ්‍රී ලංකාවට හිතැති රාජ්‍යයෙකි.

මේ තිස්ස අත්තානයක /මංගල සමරවීර තියරියයි . මෙම තියරිය නිවැරදි නම් පසුගිය සමයේ සන්ධාන රජය විශ්ෂ්ට ලෙසින් ජයගත් කිසිදු මැතිවරණයක් සැබවින්ම ජය ගෙන නැත . මන්ද ඡන්දය නොදී සිටි ජනතාවද රජයට විරුද්ධය . ජපානය ශ්‍රි ලංකාවේ සැබැ මිතුරෙකු බව සැබැය , සටන් විරාමය වෙනුවෙන් පැමිණි ජපන් නියෝජිතයාට කොටි ලේබල් අලවා ජපානය සමඟින් පැවති සබඳතා හීන කරගෙන ජපානය "මධ්‍යස්ථ" වීම පිලිබඳ උදම් ඇනීමේ පලක් නැත , මන්ද ජපානය ශ්‍රි ලංකාව වෙනුවෙන් පෙනි සිටිය හැකිව තිබු , එසේ වී නම් එය අනෙක් රටවල මතයටද බලපැම් කල හැකිය තිබූ රාජ්‍යයකි . බ්‍රසීලය ඇමරිකාව මත යැපෙන්නේ යැයි පවසන කතෘ වරයාට ජපාන- ඇමරිකානු සබඳතාවයන් සහ මුලින්ම අමතක වී ඇත . භාහිරව නිරීක්ෂනය කල නොහැකි ඇමරිකානු -බ්රසිල සම්බන්ධය වෙනුවෙන් බ්‍රසීලය ඇමරිකාවේ ස්ථාවරය ගනී නම් , ඉතා පැහැදිලි සම්බන්ධාවන් (විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ) සහිත ජපානය ඇමරිකානු ස්ථාවරය නොගන්නේ මන්ද ?

ඉන්දුනීසියාව, කුවේටය, මාලදිවයින, පාකිස්ථානය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ය, යන ඉස්ලාම් රටවල් සෘජු ලෙස ම ශ්‍රී ලංකාව සමඟ සිටියේ ය

කතෘ තුමාගේ යැපීම් සංකල්පය ආදේශ කර්න්නේ නම් කටාර් රාජ්‍යය සිටිය යුත්තේ ඇමරිකානු කඳවුරේය ඒ අපනයනයන් පමණක් සැලකීමෙනි . දේශපාලනික සබඳතා සැලකීමෙදී එමිර් රාජ්‍යය සහ කුවේටයත් සිටිය යුත්තේ මෙතනයි . නමුත් එම මුස්ලිම් රාජ්‍යන් ශ්‍රි ලංකාවට සහය දක්වා ඇත .ඒ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් පිලිබඳ අම්තු පැහැදිමකින් නොව ශ්‍රි ලංකාවෙ ව්‍යවස්ථාපිතව ඇති මූලික මානව හිමිකම් පවා මෙම මුස්ලිම් රාජ්‍යන් තුල නොමැති වීම නිසාවෙනි . දිණමින කතෘතුමාට මෙම තත්වය නොපෙනීම කණගාටුදායකය

කෙසේ වෙතත් එතුමාගේ බටහිර මත යැපීමේ සංකල්පය , ආර්ථික වශයෙන් තදබල ලෙස බැඳි ඇති එක්සත් ජනපදය සහ චීනය හාත්පසින් වෙනස් දේශපාලනික තීන්දු තීරණ ගැනීම තුලම බිඳ වැටි බව සිහිපත් කල යුතුය

ශ්‍රී ලංකාව මේ යෝජනාව සම්බන්ධයෙන් හෝ එහි නිර්දේශ සම්බන්ධයෙන් හෝ තැතිගැන්මකට ලක්විය යුතු නැත. එහෙත් මෙය හෑල්ලුවට ගත යුතු ද නැත. අප මෙතෙක් රටේ සාමය, නිදහස හා ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ ගෙන ඇති පියවර බොහෝ ය. උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ බොහොමයක් ද ක්‍රියාත්මක කොට තිබේ. එහි ප්‍රගතිය සම්බන්ධයෙන් බොහෝ රාජයයන් තෘප්තිමත් බවද ප්‍රකාශ වී තිබේ. ඒ අතර අමෙරිකාවට, යුරෝපා සංගමයට හා කැනඩාව වැනි රටවලට ශ්‍රී ලංකාව තවදුරටත් හිර කිරීමේ වුවමනාවක් ද තිබේ. මේ සියල්ලටම ඉතා බුද්ධිමත් ලෙස මුහුණදීම අප විසින් කළයුතුව තිබේ.

හැල්ලුවට ගැනීමේ හැකියාවක් නොමැති නම් ඒ සඳහා කල යුත්තේ කුමක්ද යන්න හෝ හැල්ලුවට ගත නොහැකි වීමේ පදනම කුමක්ද යන්න පිලිබඳ ව හෝ කතෘවරයා මෙහිදී සඳහන් කිරීමට අපොහොසත්ව ඇත . එවිට තැති නොගෙන සහ හැල්ලුවට නොගෙන සිටිම යන්න හුදු වචන පෙලක් පමණක් බවට පත්වීම වැලැක්විය නොහැක

අපට පෙනී යන වැදගත් ම සාධකයක් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් ප්‍රචාරණයක්ද අවශ්‍ය බව ය. එය දේශීය වශයෙන් සාර්ථකව සිදුවෙනවා ද යනු ප්රශ්නයකි. ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය

දේශීය වශයෙන් ප්‍රචාරණය කරනා තරම් ගැන අම්තුවෙන් විස්තර කල යුතු නැත . සැබවින්ම දේශීය වශයෙන් ප්‍රචාරණය කීරීම වැදගත් වන්නේ රජය මුහුණ දෙන මැතිවරණ වලින් ජයගැනීමට මිස ජාත්‍යන්තර අභියෝග ජය ගැනීමට නොවේ . දේශීයව තමන්ගේ හොරනැ වැයු පමණින් ජාත්‍යන්තර අභියෝග ජයගත හැකිය යන මුග්ධ සිතුවිල්ල ජාතික පුවත්පතක කතෘ වරයෙකු විසින් දරන්නේ නම් ෆොටෝ ශෙයා කරමින් ජාත්‍යන්තර ගේම් දෙන්නට දතකන ෆේස් බුක් වීරයන්ගේ දූපත් මානසිකත්වය අරුමයක් නොවේ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com46tag:blogger.com,1999:blog-8307295550317581479.post-7274346168878458032013-03-21T20:21:00.001+05:302013-03-21T20:21:57.728+05:30ජිනිවා අවසන් "යටතේ නොවෙනා" දේශප්‍රේමියනි අපි දැන් කුමක් කරමුද ?ජිනිවා කෙලිය සිතු පරිදිම අවසන්ය ,රජයේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය නිසා සිදුවන බාගෙන නාගැනීම් පිලිබඳව කථා කිරීමත් කාලය කා දැමීමක් පමණි. එනිසා මේ අද දින ඇමරිකානු කානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී "යටත් නොවෙමුය" කියා බෙරිහන් තැලූ දේශ හිතෛශීයින් ඇතුලු සමස්ථ දේශප්‍රේමීන් ගේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ අදහස් දැනගැනීමට ඡන්දයකි . ඡන්දය ඉහලින් ඇත , ප්රශ්නය සහ පිලිතුරු පහලින් ඇත

ජිනිවා හිදී ශ්‍රි ලංකාවට එරෙහිවූ පාහරයන්ට පාඩමක් උගන්වන්නේ කෙසේද ?

A. සියලුම ඇමරිකන් භාණ්ඩ හා සේවා වර්ජනය කිරීම (අන්තර්ජාලයද ඇතුලුව )

B. සියලුම ඉන්දියානු භාණ්ඩ හා සේවා වර්ජනය කිරීම (ජපන් බස් පාරට දාන තෙක් පයින් යාම )

C. ඉන්දියාවට එරෙහිව යුධමය ක්‍රියා මාර්ගයකට යොමු වීම

D.චීනය සහ රුසියාව සමඟින් එක්ව ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම

E. ෆෙස් බුකියේ ඡායාරූප වලින් ඇමරිකාව , ඉන්දියාව , නවනීදන් පිල්ලේ පතුරු ඇරීම

F. ඇමරිකානු හෝ ඉන්දියානු තානාපති කාර්යාල ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ඇරඹීම (ලෙමන් පෆ් භාවිතා කිරීමේ අවසරය ඇත )

G.ඔබාමාගේ , මන්මෝහන් ගේ පඹයින් ගිනි තැබීම

මේ හැර කරන්නට බලාපොරොත්තු වන වෙනත් දෙයක් වේ නම් කමෙන්ට් තීරයේ පල කරන්න ස්තුතියි

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com35tag:blogger.com,1999:blog-8307295550317581479.post-48623321628969761622013-03-18T21:16:00.001+05:302013-03-18T21:16:54.871+05:30තමිල්නාඩුවට එරෙහිව බ්‍රහ්ම දණ්ඩය .. බුවාගෙන "අර්ධ දේශප්‍රේමී" යෝජනාවක් !වසර දෙකක් තිස්සේ ලියා මෙහි ලියූ දේවලින් මෙන්ම අනෙකුත් බ්ලොග් අඩවි තුල පල කල අදහස් තුලින් බුවා අයත් වන්නේ "දේශද්‍රෝහින්" කුලකයට කීවොත් නිවැරදිය .ඒ දේශප්‍රේමීන් , සහ දේශද්‍රොහින් නිර්ණය කරන නූතන ශ්‍රි ලාංකීය නිර්ණායකයන්ට අනුවයි . මේ වන විට දකින්නට නැතත් කලකට පෙර බ්ලොග් අවකාශයේ නිරන්තරයෙන් දක්නට ලැබුනු "දේශප්‍රේමීන්" විසින් මේ ලේබලය ඇලවූ අවස්ථාද නැත්තේ නොවේ . මේ සුදානම් වන්නේ ඒ ලේබලයෙන් මදක් බැහැරව යන "අර්ධ දේශප්‍රේමි" යෝජනවක් ඉදිරිපත් කිරීමය , ඒ තමිල්නාඩුවේදී ශ්‍රි ලාංකිය භික්ෂුන් වහන්සේ දෙනමක් පහර කැමට ලක්වීම අරභයා ඔරිජිනල් "දේශප්‍රේමීන්" විසින් ලබාදෙන විසඳුම් වලට විකල්පයක් ලෙසිණි

භික්ෂූන් වහන්සේලාට පහර දීම සම්බන්ධයෙන් නොයෙකුත් තැන්හී අපගේ "දේශප්‍රේමින්" තැබු සටහන් වලින් උකහා ගත් යෝජනාවන් පහත සාරාංශ ගත කර ඇත . ඒ එම යෝජනාවන්හී ගැටලු සහගත භාවයන් පෙන්වා දී , මාගේ යෝජනාවේ අවශ්‍යතාවය මතු කිරිම උදෙසාය

ඉන්දියානු භාණ්ඩ වර්ජනය - මේ දේශප්‍රේමයේ උපරිම තලයේ යෝජනාවකි . හෙලයේ මහා දේශප්‍රේමී වීරවංශ මැතිදුන් ගේ ඇමරිකන් භාණ්ඩ වර්ජනයේම තවත් පියවරක් ලෙසද හැඳින්වුවාට වරදක් නැත . නමුත් ප්රශ්නය තියෙන්නෙ කරන්නට යැමේදීය . දේශප්‍රේමින්ද ඇතුලු සකල සබ්බ ශ්‍රි ලාංකිකයාම ගමන් යන්නේ ඉන්දියන් බස් වලය , ජපන් බස් තියනවා නම් ඒ 1% විතරය . බස් නැතුව යන්නට තියන ත්‍රිවිලර් කටුද , පොඩි මිනිහාගේ බයිසිකලයද ඉන්දියන්ය . කොටින්ම හොන්ඩා , යමහා ඒව්වාත් දැන් එන්නේ ඉන්දියාවේ හදපුවාය . ජපන් බයිසිකලයක් ගන්නත් ඒකට තෙල් ගහන්නටත් වත් කමක් තියනා එකා ආතල් එකට බයිසිකල් පදින එකෙක් මිස බයිසිකලයෙන් වැඩට යන එකෙක් නොවේ . සාමාන්‍ය මිනිහා ගන්නා රෝද 4 වාහන වලටද ඔය කථාව අදාලය , ඉදිරියේදී ප්‍රතිඅපනයන කතන්දර නිසා ලොකු ලොකු වාහනත් ඉන්දියාවේ අඩුක් කරපුවා මෙහෙ එන්නට ඉඩ ඇත . වෙන මොන මලදානය නැතත් ඉන්දියන් භාණ්ඩ වර්ජනය කෙලවන්නට වාහන කතන්දරය විතරක් ප්රමාණවත්ය

ඉන්දියාවේ නොයා සිටීම - බැලු බැල්මට හොඳය ඒත් කරන්නට අමාරුය . ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන්ම ඉන්දියාවේ යන්නේ වන්දනාවේය . බැති සිතින් බුදුන්ගේ දේශය සොයා යන උපාසක අම්මලා , මත්තලට ගිහින් නගින්න බැරි නම් බෝට්ටුවේ හරි දඹදිව යනවාමය . මේ ගමන වලක්වන්නට නම් දේශප්‍රේමින් විසින් බුදු රජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියා උපාසක අම්මලාට සනාථ කල යුතුය . නැතිනම් බුදු හාමුදුරුවන් කාටවත් මොකටවත් වදින්නට කීවේ නැ කියා ඒත්තු ගැන්විය යුතුය . ඔය දෙකම ඉතා අමාරුය.නමුත් දේශප්‍රේමින්ගේ හැටියට පොඩ්ඩක් හෝ චාන්ස් එකක් තියෙන්නේ පලවෙනි එකටය . ඊලඟට යන්නේ ඉගෙන ගන්නට යන උන්ය . අපිට වැඩි පුරම ශිෂ්‍යත්ව දෙන්නේත් , මිල ගණන් ලාභමත් ඉන්දියාවේ නිසා ඉගෙන ගන්න උන් නතර කිරීම ඇත්තෙන්ම අසාධාරණය . ඊලඟට ඉන්නේ බිස්නස් වලට හෝ රැකියා වලට යන ඇයින්ය . මේ අය සංඛ්යාවෙනුත් කුඩාය , ආණ්ඩුවෙන් ම නතර කලොත් මිසක් හොයාගෙන නතර කරන්නට බැරිය ( රටවල් දෙකක් අතර ගමනාගමනය සහමුලින් නතර කරන්නට ආණ්ඩුවකට ලේසියෙන් බැරිය ) . ඔය කතන්දර සියල්ලම නිසා මේකත් අමාරුය

මෙහේ ඉන්නා ඉන්දියන් කාරයින්ට නෙලීම - මේක නම් ඉතා පහසුය . ගොයම් කපන එකාගේ සිට කැසිනෝ ගහන්න ආපු එකා දක්වා හොයාගෙන නෙලාගෙන නෙලාගෙන ගිය හැක . හැබැයි ඉතින් ගැ හිල්ලේ ප්‍රතිවිපාක ඔලුවේ තියාගෙන ගහන්න වෙනවාය . දේශප්‍රේමින්ට ඇතැයි මා නොසිතත් , කොමන් සෙන්ස් තියනා එකෙක් නම් ඔය ගැහිල්ලට කලින් දෙපාරක් සිතිය යුතුය

ඉන්දියාවත් සමඟ යුද්ධ කිරිම - මේ හා සමාන යෝජනා කල දේශප්‍රේමින් කිහිප දෙනෙක්ද මට හමුවිය ඒ අයට කියන්නට තියෙන්නේ

කියා පමණි

දේශප්‍රේමින්ගේ ඉහත යෝජනා වල ඇති ගැටලුවලට විසඳුමක් වශයෙන් මා යෝජනා කරන්නේ මාතෘකාවේ සඳහන් කර ඇති පරිදි තමිල්නාඩුවට බ්‍රහ්ම දණ්ඩය පැනවීමයි . එනම් තමිල්නාඩුව හා පවතින සියලුම සබඳතා අතැරීමයි . මෙහිදී

01). කිසිදු ශ්‍රි ලාංකික (ද්‍රවිඩ නොවන ) යෙකුට තමිල්නාඩුවේ සංචාරය නොකරන ලෙස උපදෙස් ලබාදීම . විශේෂයෙන්ම වන්දනා නඩ සියල්ල තම චාරිකා අනෙකුත් ප්‍රාන්තවල ගුවන් තොටුපලවල් සමඟ පමණක් සිදුකිරීමට අනිවාර්ය කිරීම

02) ශ්‍රි ලාංකිකයින් රැඳි සිටිනා සියලුම ආයතන තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඉවත් කිරීම

03) . ශ්‍රි ලංකන් සහ මිහින් එයා ගුවන් ගමන් අනෙකුත් ප්‍රාන්තවලට සිමා කිරීම සහ කිසිදු ගුවන් සේවයක් හරහා කොලඹ සිට චෙන්නායි දක්වා ටිකට් පත් ලබා ගැනීම වැලැක්වීම (හැකියාවක් තිබේ නම් )

04) අයිපීල් ඇතුලු කිසිදු ක්‍රිකට් තරඟයක් සඳහා ශ්‍රි ලාංකික ක්‍රිකට් ක්‍රිඩකයින් තමිල්නාඩුවට ඇතුලු නොවීම (මෙය අන් ක්‍රිඩා වලටද අදාලය )

05) සිනමා රසායනාගාර කටයුතු සඳහා වෙනත් ප්‍රාන්තයක රසායනාගාර තෝරා ගැනීමට යොමු කිරීම

ආදිය ආනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතුය.

සැම විටම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් පිලිබඳ අවධාරණය කරනා මා මෙවන් යෝජනාවක් කරන්නේ මන්ද යන්න පාඨකයින්ට ගැටලුවක් වනු නිසැකය . ඒ අය වෙනුවෙන් මෙහි පසුබිම් කාරණාවන් පහත ලෙසින් පෙල ගැස්විය හැක

01) . තමිල්නාඩුවත් සමඟ රාජ්‍යතාන්ත්‍රික ඇසුරක් පවත්වාගන්නට තිබු එකම ඉඩ කඩ කලකට පෙර කොටි විරෝදිනියක් වූ ජය ලලිතා ජයරාම් සමඟය . නමුත් එම අවස්ථාව පසුකර ශ්‍රි ලංකාවත් , ජයලලිතාත් බොහෝ දුර ගොස් ඇත . බොක්කෙන්ම කොටි හිතවාදින් වූ කරුණානිධි , වයිකෝ වැන්නන් විසින් අවුලවා ඇති "දෙමල ප්‍රේමය" තුල දේශපාලනය කිරීමට ජයලලිතාත් කොටි බෝට්ටුවට බැස ඇත . එනිසා රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීමේ දොර සම්පූර්ණයෙන් වැසී ඇත

02) ආගමික නායකයින්ටත් පහර දෙමින් අන් කවරදාකටත් වඩා අන්තවාදී ලෙසින් හැසිරෙන්නට තමිල්නාඩුවේ "දෙමල ප්‍රේමය" උඩු දුවා ඇති බව පැහැදිලිය . දෙමල ප්‍රේමයේ පිස්සුව ඔලුවට ගසා නූගත් දේශපාලන හෙන්චය්යන් පමණක් නොව විශ්ව විද්‍යාල ශිෂ්‍යන් තුලද ශ්‍රි ලංකා විරෝධයක් පැන නැගී ඇති බව දක්නට ඇත . මේ තත්වය තුලදී ශ්‍රි ලාංකිකයෙකුගේ ජීවිතයකට යම් හානියක් සිදුවීමට ඇති ඉඩ කඩ කීසිසේත් ප්‍රතික්ශේප කල නොහැක . එවැන්නක අවසන් ප්‍රථිපලය කුමක් වන ඇති දැයි අමුතුවෙන් විග්රහ කල යුතු නැත ,

එනිසවෙන් ආනගත ව්‍යවසනයක් වලක්වාලීම උදෙසා ඉහත කී බ්‍රහ්ම දණ්ඩ ක්‍රියාමාර්ගයේ කොටසක් හෝ (අවම වශයෙන් සංචාරක තහනමක් ) හෝ මේ මොහොතේ පැනවිය යුතුය . මෙහිදි වැදගත් වන්නේ ශ්‍රි ලංකා රජය සහ ඉන්දිය මධ්‍යම රජය අතර ඇති සබඳතාවයේ සවිමත් භාවයය . ශ්‍රි ලංකාවේ ක්‍රියාමාර්ගයන් පිලිබඳ මිත්‍රශිලි සංඥාවක් ඉන්දියා මධ්‍යම රජය වෙත ලැබී ඇත්නම් , ශ්‍රි ලාංකීය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමිල්නාඩුවට එරෙහි බ්‍රහ්ම දණ්ඩය ක්‍රියාත්මක කිරීමේ කිසිදු අපහසුතාවයක් ඇත්තේ නැත . නමුත් අවාසනාවකට දැනට ඇති එකම ගැටලුව ඒ පිලිබඳ ඇත්තේ අවිනිශ්චිත බාවයක් වීමයි !

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com68tag:blogger.com,1999:blog-8307295550317581479.post-46634168952501349322013-03-18T07:05:00.001+05:302013-03-18T07:05:54.271+05:30කීර්ති වර්ණකුල සුරිය මහතා හෙලිකරණ ඩොලර් කාක්කන්ගේ යෝජනා

කීර්ති වර්ණකුල සුරිය යන අසා නැති කෙනෙක් ශ්‍රි ලංකාවේ පුවත් පත් පාඨකයින් අතරින් සොයා ගැනිමට හැකිවේ යැයි මා සිතන්නේ නැත . දිවයින ඉරිදා සංග්‍රහයේ ආරක්ෂක තොරතුරු වාර්ථාකරු වූ ඔහු මෙවර ජිනිවා හි සිට සිය සුපුරුදු ආරක්ෂක විග්‍රහය දිවයින පුවත් පතට යොමු කර ඇත . ඒ තුල වැඩි ඉඩ කඩක් වෙන් වන්නේ ශ්‍රි ලංකාව පිලිබඳ විශ්ව කාලාන්තර සමාලෝචනය වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනා පිලිබඳ වයි . එම යෝජනා පිලිබඳ කතුවරයා මෙසේ කියා සිටියි

ශ්‍රී ලංකාව ඉටු කළ යුතු යෑයි දක්වමින් නිර්දේශ 204 ක් එකී වාර්තාවට ඇතුළත් කර තිබූ අතර ඉන් 94 ක් රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙලෙස ප්‍රතික්ෂේප වූ නිර්දේශ පිළිබඳව විමර්ශනය කරන විට හෙළි වූයේ ඩොලර් මුදල් ලබන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසින් විදේශ රටවල් ලවා එකී නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.

ඩොලර් සහ යුරෝ අරමුදල් ලබන කොළඹ එන්.ජී.ඕ. කල්ලිය විදේශ රටවල් නටවන අන්දම මෙකී නිර්දේශවලින් තවදුරටත් හෙළිවී තිබේ.

එන්.ජී.ඕ. කල්ලිය හෙවත් ඩොලර් කාක්කන් විසින් විදේශ රටවල් ලවා යොමු කරනු ලැබූ නිර්දේශ මෙසේය.

රාජ්‍ය නොවන සංවිධාන හෝ "ඩොලර් කාක්කන්" විසින් යෝජනාවක් ඉදිරිපත් කරන යෝජනාවකට අප විරෝධය පල කල යුත්තේඑය ජාතික ආරක්ෂාව හෝ ශ්‍රි ලංකාවේ ස්වාධිපත්‍යට අභියෝගයක් වන යෝජනාවක් නම් පමණි . ඩොලර් කාක්කන් වැනි "ආදරණීය " විශේෂණයකින් ඔවුන්ව ඇමතිය යුත්තේද ශ්‍රි ලංකාවට "අහිතක්" කරන්නේ නම් පමණි . පහතින් විමසා බලන්නේ කිර්ති වර්නකුලසුරිය මහතා විසින් ඉදිරිපත් කර ඇති "ඩොලර් කාක්කන්ගේ " යෝජනා පිලිබඳවයි

මරණ දඬුවම අහෝසි කරනු - (ඉතාලිය, නවසීලන්තය, ස්පාඤ්ඤය)

- ලෝකයේ බොහෝ රටවල මේ වට විට මරණ දඬුවම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත . ඉතිව ඇති රටවලිනුත් සැහෙන ප්‍රමාණයක් ප්‍රායෝගිකව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත (ශ්‍රි ලංකාවද අයත් වන්නේ ඒ ගණයටයි ) . ඒ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ ආකල්ප වර්ධනයෙන් මිස දඬුවම දැඩි කිරීම තුලින් අපරාධ වැලැක්විය නොහැකි බවට ශිෂ්ටාරී මිනිසුන් අවබෝධ කරගෙන සිටීම නිසාවෙනි . පසුගියදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මේ පිලිබඳ පැවැති ඡන්ද විමසීමෙදී රටවල් බහුතරයක් මරණ දඬුවම ඉවත් කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කල බවද අවධාරණය කල යුතුය . ශ්‍රි ලංකාවට යෝජනාව ඉදිරිපත් කර ඇති රටවල්ද මරණ දඬුවම ඉවත් කර ඇති රටවල් වේ . එනිසා පරස්පරයක්ද නැත, ජාතික ආරක්ෂාවට හෝ ස්වාධීනත්වයට තර්ජයක්ද නැත

සමලිංගික සබඳතාවලට දඬුවම් කිරීමේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරනු (කැනඩාව)

- මෙයද ජාතික ආරක්ෂාව පිලිබඳ හෝ ස්වාධීනත්වය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ . මානව හිමිකම් යනු කුමක්දැයි හඳුනානොගත් සමාජයකට මෙය බරපතල වැඩි වුවත් , ලෝකයේ බොහෝ රටවල් අවම වශයෙන් සමලිංගික සබඳතා අපරාධයක් වශයෙන් සලකනා නිතින් ඉවත් කර ඇත . සමලිංගික විවාහයන් පිලිගන්නා තරම් දුර යාතු නැතත් ඩීක්රිමිනලයිස් කිරීම සාධාරණය . 2011 මානව හිමිකම් සැසියේදී මේ පිලිබඳ නියුට්‍රල් රටක් ලෙසින් හැසිරි ඇති ශ්‍රි ලංකාවේ එසේ කිරීම ගැටලුවක් නොවේ . විකි පිඩියාවේ සිතියම් අනුව සම ලිංගික සබඳතා අපරාධයක් වශයෙන් සලකන එකම මුස්ලින් නොවන රාජ්‍ය ශ්‍රි ලංකාව දැයි මට සිතේ

තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ නීතිරීති පනවනු (නෝර්වේ)

තොරතුරු දැනගැනීමේ පනතක් යනු ජනතාවට රජයේ ආයතන වල සංවෙදී නොවන ලබා ගැනීමට ඇති අයිතියයි . රජය යනු ජනතාව වශයෙන් සැලකෙන ප්රජාතන්ත්රවාදි රාජ්‍යක මෙය කිසිසෙත් හානි දායක දෙයක් නොවේ . ලොව බොහෝ ප්රජාතන්ත්රවාදී රාජ්‍යන් මෙවනි පනත් සම්මත කර තිබේ

ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී සියයට 30 ක් කාන්තාවන්ට නියෝජනය කිරීමට ඉඩ දෙනු. (නෝර්වේ)

මේ යෝජනාවේද කිසිදු වරදක් ඇත්තේ නැත. දේශපාලනය තුල කාන්තා නියෝජනය ඉහල නැංවීම කාන්තා අයිතිවාසිකම් ඉහලින් සුරැකීමක් නොවන අතර ,බෞද්ධ රාජ්‍යයකට මේ සඳහා කිසිදු ප්‍රතිරෝධයක් තිබිය නොහැක . කෙසේ වුවත් කාන්තාවන්ට නාම යෝජනා දෙත්දී පබා, අනර්, ගීතා වැනි අයට නොදි සිටිය යුතුයි කියා උපලේබනයක් ඇමිණුවා නම් යෝජනාව වඩාත් සම්පූර්නය

අධිකරණයේ ස්වාධීනත්වය රකිනු (පෝලන්තය හා ස්ලෝවැකියාව)

- මේ යෝජනාවේද කිසිදු හානිකර භාවයක් නොමැත , අධිකරණයේ ස්වාධීන බව රැකිම අන් සියලුම දෙනාට මෙන් කීර්ති වර්ණකුල සුරිය මහතාටත් හොඳය . යම් කිසි විදිහකින් කිර්ති මහතාට කෙනෙක් පහර දුන්නොත් යන්නට තියෙන්නේද අධිකරණයටය , එහිදි කිර්ති මහතා විසින්ම පහර දීගත්තාය කියා ඔප්පු නොවෙන්නට නම් අධිකරණය ස්වාධීන විය යුතුය
වෙබ් අඩවියේ ලියාපදිංචි කළ යුතු බවට දක්වමින් 2011 නොවැම්බර් 5 දා පැනවූ නියෝගය අකුළා ගනු (නෙදර්ලන්තය)

වෙබ් අඩවි තහනමෙන් මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ කැත නමක් ගාගැනීම හැරුණු ප්‍රායෝගික ප්‍රථිපලයක් අත් නොවුනු බව මේ වන විටවත් රජයට තේරුම් ගොස් තිබිය යුතුය . ලියාපදිංචී නොවූ ඊ නිවුසිය හිතේ හැටියට මඩ ගසයි නම් , ඒවා මිනිසුන් විසින් කියවයි නම් තව දුරටත් වෙබ් අඩවි තහනමෙන් ඇති ඵලය කිම ?

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විමර්ශන පවත්වනු (ඕස්ටි්රයාව)

වන්නි මෙහෙයුමේදී සිදුවූ ම්ලේච්ඡ ක්‍රියා ගැන විමර්ශනය කිරීමේ ජාත්‍යන්තර යාන්ත්රණයට සහාය වෙනු (ටියුනීසියාව)

උතුරු නැගෙනහිර බලය විමධ්‍යගත කරනු - හමුදාව සිවිල් කටයුතුවලින් ඉවත් කරනු (ඇමරිකාව)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනු (ස්විට්සර්ලන්තය)

රාජ්‍ය නොවන සංවිධානවල පාලනය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කර සිවිල් ආයතනයකට පවරනු - උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වනු (කැනඩාව)

මානව හිමිකම් ආරක්ෂකයන් රකිනු (චෙක් රාජ්‍යය)

සියලු දෙනාටම නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙනු. ඒ ගැන සෙවීමට විශේෂ නියෝජිතයකුව ශ්‍රී ලංකාවට එමට ඉඩ දෙනු. (බ්‍රිතාන්‍යය)

අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ (කොටින්ගේ) නම් සහ ඔවුන් රඳවා සිටින්නේ කුමන ස්ථානයක දී ද යන්න හෙළි කරනු (ප්‍රංශය, මෙක්සිකෝව)

මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ක්‍රියා කිරීම සඳහා වරප්‍රසාද නීතිය ඉවතු කරනු (ඇමරිකාව)

රැඳවියන් (කොටි සැකකරුවන්) සම්බන්ධව නිරීක්ෂණය කිරීමට ස්වාධීන යාන්ත්‍රණයක් ස්ථාපිත කරනු (ඩෙන්මාර්කය)

රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සිවිල් සංවිධානයකට පවරනු (ඇමරිකාව)

මානව හිමිකම් ආරක්ෂකයන්ට එරෙහිව විවිධ ප්‍රචාර දියත් කිරීමෙන් වළකිනු (නෙදර්ලන්තය - ස්ලෝවැකියාව)

ත්‍රස්තවාදී මර්දන පනත සංශෝධනය කර අත්අඩංගුවේ සිටින අය පිළිගත් ස්ථානවල පමණක් රඳවනු (කැනඩාව)

- මෙවා ජාතික ආරක්ෂාව සහ ස්වාධීනත්වය පිලිබඳ ගැටලුවක් ලෙස සැලකිය හැක , ඒ රජයේ නිර්නායකයන් (මතවාදයන් ) අනුවය . මෙහි එන ඇත්ම් යෝජනා පිලිබඳ මාගේ ස්ථාවරය වෙනස් වුවත් , ලිපියේ අරමුණු කීර්ති වර්ණ කුලසුරිය මහතාගේ අදහස් දැක්වීම පිලිබඳ විවරණය කිරීම නිසා කලින් කී නිර්ණායකයන් එලෙසින්ම භාවිතා කර ඇත

කෙසේ වුවත් රජය තම නිර්ණායකයන් මදක් වෙනස් කරන්නට නම්ය ශිලි නම් , මේවායින් ඇතැම් ඒවා ක්‍රියාත්මක කර රටේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැති බව මාගේ විශ්වාසය බව අවසන් වශයෙන් අවධාරණය සිටීමට කැමතිය . මා සිතන එම යෝජනා කහ වර්ණයෙන් සටහන් කර ඇත

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com21tag:blogger.com,1999:blog-8307295550317581479.post-77620838703316458322013-03-16T07:25:00.001+05:302013-03-16T07:25:25.375+05:30ජිනිවා............ නිහැඬියාව,ඩීල් සහ තවත් කථා

ජිනිවා සමුලුවට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. පසුගිය වසරේ ජිනිවා සමුලුව වෙත මෙවැනිම යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ ශ්‍රි ලංකාවේ වාතාවරණය සහ වර්ථමාන වාතාවරණය ඉතා පැහැදිලි වෙනසක් නීරීක්ෂණය කල හැක ."සුද්දන් අපිට කෙලවන්නට එනෝ..." යන ජනප්‍රිය ශ්‍රි ලාංකීය තේමාවේ දිගුවක් වශයෙන් පශ්චාත් යුධ සමයේ ජාත්‍යන්තර බලපැම් විස්තර කරන්නට යෙදුනු රජය, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය , සිවිල් ක්‍රියාකාරකම් ආදී නොයෙකුත් දෑ මගින් සමස්ථ රට වැසියා (බහුතරය ) ජිනිවා "ගැටලුව" විශයෙහි සංවේදී කොට තැබීමටත් , ඒ හරහා රටේ අභ්‍යන්තර කටුක දේශපාලනික යථාර්තයන් අමතක කර රජය වටා ජනතාව එක් රැස් කර ගැනීමටත් කටයුතු යොදනා බවක් පසුගිය වතාවේ ඉතා පැහැදිලිව දක්නට ලැබිණි .

රට අභ්‍යන්තරයෙන් නඟනා කුමන හඬකින් හෝ අබමල් රේණුවක බලපැමක් ජිනිවා වෙත සිදු කල නොහැකි බව රජය විසින් සැබැවින්ම වටහා ගෙන නොතිබුනේද කියා සැකයක් මතුවන්නේ විදුලි ගාස්තු වැඩි කීරිම් , බස් ගාස්තු වැඩි කිරීම් ආදී දෑ ආවරණය කිරීම සඳහා ඉතා පහසුවෙන් යොදා ගත හැකිව තිබු ජිනිවා පිලිබඳ මෙවර සැහෙන නිහැඬියාවක් අනුගමනය කිරීම තුලිනි .

රුසියාව , චීනය ඇතුලු රජයට හිතවත් රාජ්‍යයන් මානව හිමිකම් කවුන්සියලය තුල සිටි පසුගිය යෝජනාව තමන්ට ජයග්‍රහණය කිරිමේ හැකියාවක් පිලිබඳ රජය අවංකවම විශ්වාස කරන්නටත් ඒ අනුව දේශීයව ඒ සඳහා ජනබලයක් ගොඩ නගන්නටත් , මේවර මානව හිමිකම් කවුන්සියේ අවාසි සහගත සංයුතිය තුල පරාජය වලක්වා ගත නොහැකි නිසා ඒ වෙනුවෙන් නිහඬව සිටින්නටත් තීරණය කලාදෝයි සැකයක් මා තුල ඇත

කෙසේ වුවත් ජිනිවා ආශිර්වාදයක් කොටගෙන ව්‍යාජ දේශප්‍රේමින් ලවා ඩෙඟා නටන්නට උත්සාහ නොකොට සිටීම බුද්ධිමත් තීරණයක් ලෙස සැලකුවත් , සැබෑ අභියෝගය ජයගැනීමට රජය නිසි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් වෙත යොමුවෙනවාද යන්න තවමත් ගැටලු සහගතය

විශේෂ ජන පෙලගැස්මක් නොමැති වීමෙන් දේශප්‍රේමී , දේශහිතෛශී කැගැසීම් , දේශන , උද්ඝෝෂණ නොමැතිවීමෙන් හිස් වූ පෞද්ගලික නාලිකාවන් හී ප්රවෘත්ති අවකාශය රජයේ විදේශ ප්රතිපත්තීන් සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් ප්‍රශ්න කරනා මාධ්‍ය හමු සහ සාකච්ඡා ආදීයට වෙන්වී ඇත , මෙහිදී එජාප නියෝජිතයන්ගේ අදහස් මෙන්ම දයාන් ජයතිලක , ගෝමින් දයාසිරි වැනි කලක් රජයේ ආරක්ෂකයන් වූ විද්වතුන් විසින් රජයේ ක්‍රියාදාමයන් ප්‍රශ්න කරනා අදහස් ද ඉස්මතු වෙමින් ඇත . අයිටින් වලට සිමාවූ ග්‍රාමීය ජනතාවගේ සිතුම් පැතුම් කෙසේ වෙතත් නාගරික සහ අර්ධ නාගරික ජනතාවගේ මතවාදයන් යම් පරිවර්ථනයකට ලක්කිරීමට මේ තත්වය හේතුවී ඇති බව මාගේ පුදගලික නිරීක්ෂණයයි .පෙර වසරේදී බටහිර විරෝධී දැඩි ස්ථාවරයක සිටි සමහරක් දෙනෙක් රජය පාර්ශවයෙ අඬුලුහුඬුකම් නිරීක්ෂනයට මෙවර පෙලඹී ඇති බව එම නීරික්ෂනයයි. එය රජයට දේශපාලනික වශයෙන් අවාසි දායක වුවද රටක් වශයෙන් සාධනීය තත්වයක් ලෙස හැඳින්වීමට හැක . පහත විස්තර කෙරෙන්නේ මාගේ එවන් එක් අත්දැකීමකි

මා උපන් ප්‍රදේශයේ ප්‍රධාන නගරය ආශ්‍රිතව තම රැකියාවේ නියුතු ත්‍රිරෝද හිමි මිතුරෙක් සිටි . ඔහු නිදහස් පක්ෂ , පොදු පෙරමුණු සමයේ සිටම කල පරිද්දෙන් මෙ වන විට සන්ධානයේ ක්‍රියාකාරි ආධාර කරුවෙකි . මැතිවරණ සමයන්හිදී දේශපාලන කටයුතු වල නිරත වීම හැරුණු විට සිය ත්‍රිරෝද රථයෙන් ගමන් ගන්නා නොයෙකුත් පුද්ගලයින් සමඟින් දේශපාලනය සා සබැඳි කථා බහක යෙදීමද ඔහුගේ දිගු කාලින පුරුද්දකි

පසුගිය වසරේ ජිනිවා ඡන්ද විමසීම පැවතුනු දිනයේ මා සිටියේ කොලඹත් ගම් ප්‍රදේශයත් අතර ගමනේ යෙදෙමෙනි . මාගේ දේශපාලනික කියැවීම් අනුව රජය පරාජය වීමට ඉතා ඉහල සම්බාවිතාවක් ඇති බව දැන සිටියත් නිශ්චිතවම සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට තිබුනේ දැඩි ආශාවකි . වාසනාවකට මෙන් බසයෙන් බසින විටම මුණ ගැසුනේ පෙරකී ත්‍රිවිල් මිතුරායි .

"මල්ලි .. ජිනිවා වලදි අපි පැරදිලා නේ ? "

නෑ.... (දේශප්‍රේමියෙකු ඉදිරියේ මාගේ දේශප්‍රේමිත්වය රැක ගත යුතු නිසා විශ්මයක් පල කර සිටියෙමි )

"ඒකනේ මල්ලි කියන්නේ ...ඉන්දියාවත් ඇමරිකාවට *ක දීලනේ " ...

හ්ම්......

ඕකුන්ට ...... (මෙතැන් සිට මාගේ ගමනාන්තයට ලඟාවනතෙක් ඔහු කලේ ඇමරිකාවට, ඉන්දියාවට ඇතුලු "සියලුම රටට එරෙහි බලවේග වලට " නොනවත්වා බැන වැදීමයි , ඔහුගේ කථාව තුල එකල විවිධා මාධ්‍ය හරහා මතුවූ දේශපාලකයින්ගෙ අදහස් මෙන්ම , වාර්ථාකරනයෙන් නතර නොවී විචාර දෙන්නට යන ඇතැම් මාධ්‍යන්හි පලවූ දැද වරින් වර ඇසිනි )

ගතවූ වසරක කාලය තුල ඔහු සමඟින් බොහෝ කාලින මාතෘකාවන් කථා බහ කලත් අගවිනිසුරුවරිය සම්බන්ධ සිදුවිමේදී හැර ඔහු 100%ක් සිටීයේ රජයේ ස්ථාවරය තුලය . අගවිනිසුරුවරිය පිලිබඳවද ඔහුගේ කියැවීම කාන්තාවක් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ "කැත" කම නිසා සාකච්ඡා මාර්ගයෙන් අගවිනිසුරු වරිය ඉල්ලා අස්වීම සිදුවූ වා නම් වඩා යහපත් බව පමණි

මීට සති දෙකකට පමණ පෙර නැවතත් ඔහු සමඟින් කථා බහකට අවස්ථාක් ලැබුණි, එයද ජිනිවා පිලිබඳවමය . කලින් වතාවේ ඇමරිකානුවන් මරා කන්නට සිටි ඔහු මෙවර කථා කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික කථා බස් ගැනය , ආර්ථික සම්බාධක පැමිණිම වලක්වා ගැනීමේ අවශ්‍යතාවය ගැනද ඔහු කථා කරමින් සිටි . ඉන්දියානු විරෝධයක් ශේෂව ඇතත් (මූලික වශයෙන් තමිල්නාඩු දේශපාලකයින් පිලිබඳ ) කලින් වසරේදී වැලඳගෙන තිබූ ඇමරිකානු විරෝධය මෙවර දකින්නට නැත . ඒ වෙනුවට රජයේ නොයෙකුත් අඬු ලුහුඬු කම් දකින්නට ඔහු පෙලඹී ඇත . ඔහුගේ මේ අදහස් තුලින්ද විද්‍යාමාන වන්නේ ප්‍රභල බටහිර විරෝධයක් නොමැති වීමෙන් පෞද්ගලික මාධ්‍යන් හී විකාශය වූ විකල්ප මතවාදයන් ප්රහ්ල සන්ධාන පාක්ෂිකයෙකු වූ ඔහු තුලටද එක්තරා ප්‍රමාණයකින් අවශෝෂනය වී තිබීමයි . නොයෙක් විට *න්නයෙකු වශයෙන් ඔහු විසින් හඳුන්වනු ලබන විපක්ෂ නායකවරයා විසින් මතුකල අදහස්ද නොදැනුවත්වම ඔහුගේ අදහස් තුලින් නිරූපණය වේ

ඉහත දක්වා ඇත්තේ එක් සිදුවීමක් පමණක් වුවත් ,මා ලැබු මේ සමාන අත්දැකීම් කිහිපයක් ඉහත සඳහන් කල නිරීක්ෂයට පාදක වූ බව සඳහන් කල යුතුය . කෙසේ වුවත් සමස්ථ ලාංකීය සමාජය අරභයා මාගේ නිරීක්ෂය වැරදි බැව් යමෙකු පවසන්නේ නම් ඒය නොපිලිගෙන සිටීමට තරම් ශක්තිමත් පදනමක් මා සතුව නොමැති බවද සඳහන් කල යුතුය .

ජනතාව පිලිබඳ නිරික්ෂනය කෙසේ වුවත් ජාත්‍යන්තර අභියෝග ජයගැනීමේ ලා සන්ධාන රජය දිගින් දිගටම අසාර්ථකය යන්න මාගේ මතයයි . එය දයාන් ජයතිලක වැනි තානාපති සේවයේ පලපුරුදු සැහෙන කාලයක් සන්ධාන රජය වෙනුවෙන් පෙනි සිටි නිලධාරින්ද මේ වන විට දක්වන අදහස් තුලින් සනාථ වේ .

ශ්‍රි ලංකාවේ රුසියානු තානාපතිවරයාද වරක් ප්‍රකාශ කල පරිද්දෙන් මෙවර ශ්‍රි ලංකාවට ජයග්‍රහණය කිරීමේ හැකියාව ඉතාමත් අල්පය . එනිසාවෙන් ඡන්ද වීමසීමකට ගොස් පරාද වීමට වඩා ඉදිරිපත්වෙන යෝජනාවක් වෙනස් කම් සහිතව භාර ගැනීමට ඇති හැකියාවක් පිලිබඳව නොහොත් "ඩීල් " එකක් දමා ගැනීම පිලිබඳවද පසුගිය සමයේ විවිධ මාධ්‍යන් හරහා අදහස් පලවී තිබෙනු දක්නට ලැබිනි . පසුගිය වතාවේ තීරණාත්මකම සාධකය වශයෙන් ශ්‍රි ලංකාවට එරෙහිව ඡන්දය භාවිතා කලත් , මෙවර එවන් තීරණාත්මක බලයක් හිමිව නොතිබීම හෝ ශ්‍රි ලංකාව තව තවත් චීනය දෙසට තල්ලු කිරීමේ දිගු කාලීන අවාසියක් නිරීක්ෂනය කිරීම නිසා හෝ ඉන්දියානු රජය එවන් ඩීල් එකක් වෙනුවෙන් කපු කම් කිරීමේ සුදානමක් ඇති බවද ප්‍රකාශ වූ අදහස් අතර විය . මේ සැඟවු පරමාර්ථයන් අතර තුර ඉන්දියානු විදේශ අමාත්‍ය වරයා දක්වන " රටක අභ්‍යන්තර කටයුතු සඳහා භාහිර පාර්ශව මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය" ද එවන් "ඩීල්" එකක් සඳහා කපු කම් කිරීමේ සුදානම පිලිබඳ එලිපිට මතුවී ඇති සාධකය්ක් ලෙස හැඳින්විය හැක (එම ප්‍රතිපත්තිය ඔවුන් ශ්‍රි ලංකාව අරඹයා අනුගමනය කල යුතුව තිබුනේ දැන් නොව ඉන්දිරා ගාන්ධි , රජිවි ගාන්ධි පාලන යුගවලයි ) .

මේ දක්වා ශ්‍රි ලංකාව පිලිබඳ අදහස් දැක්වීම් වලදී නිහඬතාවය පලකරමින් සිටියත් තමිල්නාඩුවෙන් එල්ල වී ඇති තර්ජන නිසා වෙන් ඡන්දයෙන් වැලකී සිටීමද සිය රජයේ පැවැත්ම අවධානමට ලක් කරනා කාරණයක් විය හැකිවීමද ඉන්දියානු රජය "ඩීල්" එකක් වෙනුවෙන් සහය දැක්වීමට මනා උත්තේජනයකි .

ඇමරිකාවට ඉන්දියාවට මෙන්ම ශ්‍රි ලංකාවටද මේ මොහොතේ "ඩීල්" එකකට යාමේ සැලකිය යුතු මට්ටමේ ප්රතිලාභයන් තිබේ . විශේෂයෙන්ම ඇමරිකානු යෝජනාව තුල ඇති වඩාත්ම අහිතකර කොටස් ඉවත් කර ඉතිරි කාරණා සඳහා එකඟවීම මත එම අහිතකර යෝජනාව ක්‍රියාත්මක කිරීම මත ඇතිවිය හැකි පලවිපාක , ශ්‍රි ලංකා රජය එම යෝජනාවන් ක්‍රියාත්මක නොකිරීම නිසා ඉදිරියේදී මානව හිමිකම් කවුන්සියලය හරහා ගනු ලැබිය හැකි අහිතකර ක්‍රියාමාර්ග ආදියෙන් ගැලවීමට හැකියාවක් ලැබෙනවාක් මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් පලු වී ඇති ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමෙ හැකියාවක්ද ලැබේ

කෙසේ වුවත් ශ්‍රි ලංකා රජය එවන් ඩීල් එකක් වෙනුවෙන් නම්‍යශිලි බාවයක් නොදක්වන බව මේ වන විට පෙනි ගොස් තිබේ . එකඟතාවයක් මත ඉදිරිපත් වන යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට වඩා බලහත්කාරයෙන් දෙනුලබන එකදු යෝජනාවක් හෝ ක්‍රියාත්මක නොකිරීමේ ස්ථාවරයකට රජය තල්ලුවී ඇති බවක් මෙයින් ගම්‍ය වේ . මේ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය වැනි රජයට සම්බන්ධ දේශපාලනික ලිං මැඬියන්ගේ මතය සමඟින් රජයේ ස්ථාවරය සමපාත වීමකි . මේ හරහා රජය ලබා ගන්න කුමන ඉඩ ප්‍රස්ථාවක් වුවත් එය තාවකාලික සහ ඉදිරි අනාගතයේ වඩාත් බරපතල ගැටලුවලට මුහුණු දීමට හේතුවන්නක් බවත් මාගේ මතයයි

එනිසා දේශීය වශයෙන් දේශප්‍රේමය උලුප්පමින් හරඹ කිරීමේ වැරදි ප්‍රතිපත්තිය අත්හැරියත් , ජාත්‍යන්තරය තුලදී නිසි රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගයන් තෝරමින් කටයුතු කිරීමට රජය තවමත් සමත්ව නොමැති බව මාගේ අදහසයි . අවසාන මොහොතේ හෝ ඡන්ද විමසීමකට නොගොස් විසඳුමකට එලඹීමේ හැකියාවක් තිබේ නම් , රජය විසින් ඒ වෙත යොමුවේවායි පතන්නේ රජයේ යහපත වෙනුවෙන් පමණක් නොව සමස්ථ රට වැසියාගේම අනාගතය වෙනුවෙනි

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com20tag:blogger.com,1999:blog-8307295550317581479.post-38938389404534380862013-03-14T09:49:00.000+05:302013-03-14T09:49:26.283+05:30සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියට බලපෑ ඉස්ලාමීය අන්තවාදය - රන්ජන් රාමනායක හෙලි කරයි !!

ජනප්‍රිය සිනමා නලු රන්ජන් රාමනායක මහතා ගේ රංගනයන් පිලිබඳ මාගේ එතරම් පැහැදීමක් නැතත් දේශපාලකයෙකු වශයෙන් අගය කල හැකි සහ විශ්වාස කල හැකි පුද්ගලයෙකු බැව් ඔහු පසුගිය සමයේ දක්වා ඇති අදහස් උදහස් සහ ක්‍රියා මාර්ගයන්ගෙන් පැහැදිලිවේ . දේශප්‍රේමී ලේබල් ගසා ගත් බොහෝ දේශපාලකයින් කථා කිරීමට මැලි වන දේ ඉතා සෘජුව , බාධා කිරීම් මධ්‍යයේ පාර්ලිමේන්තුව තුල හඬගා කීමෙන් තමා මුදලට යට නොවූ කොන්ද පණ ඇති දේශපාලකයෙකු බැව් සනාථ කිරීමට සමත් වී තිබේ

රාමනායක මහතා පිලිබඳ මේ සටහන තබන්නේ ඔහු විසින් පුවත්පතකට කලාය කියන සාකච්ඡාවකදී (ගොසිප් අඩවියක් තුල ඇස ගැටුණු ) හෙලිකරනා කාරණයක විශ්වාසනීයත්වය පිලිබඳ මාගේ තක්සේරුව ලෙසිනි . ගොසිප් අඩවියේ පරමාර්ථය සිනමා තරුවකගේ තොරතුරු උපුටා දැක්වීම නිසාවෙන් එම සාක්චාවේදී රාමනයක මහතා විසින් හෙලි කරනා ඉතා වැදගත් තොරතුරක් මෙසේ උපුටා දක්වමු

නමුත් රංගන ශිල්පියකු හැටියට ඔබට යම් අසාධාරණයක් වුණා මේ චිත්‍රපටයේදී?

ඔව්, ඒ ගැන මේ ප්‍රථම වරට පුවත්පතකට හෙළි කරන්නේ. සිද්ධාර්ථ කුමාරයාගේ ළමා කාලයේ මම ඔහුට ක්‍රීඩා කරන්න, සටන් කරන්න පුහුණු කරනවා ඔහු සමඟ සෙල්ලම් කරනවා. එතකොට වප් මඟුල් උත්සවයේදී ඇතුන් පිට යනවා. මේ දර්ශන සියල්ලම චිත්‍රපටයෙන් ඉවත් කරන්න සිදු වුණා.

සිද්ධාර්ථ කුමරුගේ ළමා චරිතය රඟපෑවේ පකිස්ථාන් සෙකන්ඩ් චාන්ස්ල(ර්)ගේ පුතා. හිස්බුල්ලා, අල්ඛයිඩා වැනි සංවිධානවලින් මැර තර්ජන එල්ල වුණා මුස්ලිම් දරුවකු හැටියට මේ චරිතය කළොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඉතින් නිෂ්පාදක – අධ්‍යක්ෂවරුන්ට සිදු වුණා ඒ දර්ශන ඉවත්කර ගන්න.

අර පොඩි දරුවා උස්සන දර්ශනය විතරයි තිබුණේ. හරිම ලස්සන දර්ශන ටිකක්. කලාකරුවෙක් හැටියට මට ලොකු වේදනාවක් තියෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ.

සිදූවී ඇති දේ ඉතා පැහැදිලි නිසා අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍යතාවයක් ඇත්තේ නැත . ආගමික සහජීවනය පිලිබඳ දෙසනා අවයලුන්ගෙන් සහ "සැම ආගමක්මය " එකය යන මතයේ සිටිනා "සර්වාගමිකයින්" සහ ඇතැම් "නිරාගමිකයින්ගෙන්" ගේ අවධානය මේවා දෙස යොමුවන්නේ නම් යහපත් බව පමණක් අවධාරණය කර සිටිමු

http://www.hotandfastnews.com/2013/03/blog-post_226.html

ප.ලි- බොලිවුඩ් නලු ෂාරුක් ඛාන් වීසින් කරන්නට යෙදුනු ප්‍රකාශයක් පදනම් කරගෙන ඔහුගේ ආරාක්ෂාව සලසන ලෙස ඉල්ලීමක් පකිස්ථානු ඇමතිවරයෙකු විසින් කරන්නට යෙදුනු බව පසුගිය සමයේ වාර්ථා විය . පකිස්ථාන දරුවෙකුට ශ්‍රි ලංකාවෙදී බෞද්ධාගමික සිනමා නිර්මාණයක රඟ පැම වෙනුවෙන් ඉස්ලාමීය අන්තවාදි සංවිධාන වල බලපැම් එල්ල වේ නම් , හින්දු බහුතර රාජ්‍යයක හින්දු , පන්ජාබි චරිත මෙන්ම බෞද්ධ අධිරාජ්යකුගේ චරිතයත් නිරූපණය කරමින් කිසිදු කරදරයකින් තොරව ජීවත් වන නලුවෙකුගේ ආරක්ෂාව සොයන්නට යන පකිස්ථානු ඇමතිවරයාටද සැහෙන දුරට වයර් පැටලී තිබිය යුතුය . කෙසේ නමුත් මේ නබි වරයාට අපහාස කලාය කියන චිත්‍රපටියේ අධ්‍යක්ෂකගේ හිසට තෑගි ඉල්ලා සිටි පකිස්ථානු ඇමති මණ්ඩලයේම තවත් සාමාජිකයෙකු නිසා එහි පුදුමයක් ඇත්තේද නැත

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com44tag:blogger.com,1999:blog-8307295550317581479.post-52622241560328862622013-03-11T21:10:00.001+05:302013-03-11T21:10:15.051+05:30මුදලට ක්‍රිකට්, මාලිංග, අයිපීල් සහ කුහක මාධ්‍යවෙදියෝ !

රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව යනුවෙන් "රුවන්" වැකියක් බස් රථ සහ ත්‍රිරෝද රථ වල පිටුපස සඳහන් කර තිබෙනු ඔබ විසින් දැක ඇතුවාට සැකයක් නැත . ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රිඩකයින් අතර හටගත් මත ගැටුමත් ,ඒ අවස්ථාවෙදී ලසිත් මාලිංග මාධ්‍ය වේදීන් පිරිසකට ලබා දුන් පිලිතුරත් සමඟින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යන් හි මෙන්ම අන්තර්ජාලය තුල නොයෙකුත් කතිකාවන් තුලද මතුවූ අදහස් දුටු විට මා හට සිහියට නැගෙන්නේ ඉහත කී රුවන් වැකියයි . මාලිංගව දරුණු ලෙස විවේචනය කරමින් මෙන්ම සහය දක්වමින් නොයෙකුත් අදහස් මතුවූ පසුගිය සතියේ අධික කාර්ය බහුලත්වය නිසා දැක්වීමට නොහැකී වූ අදහස් කිහිපය මෙලෙසින් ගොණු කරන්නේ පසුගිය ඉරිදා "ජාතික" පුවත්පත් වල පලවූ අදහස් කිහිපයක් නිසාවෙන් ලැබූ උත්තේජනය නිසාවෙනි .

'හුදකලා සිදුවීමක් වශයෙන් සැලකූ කල ලසිත් මාලිංගගේ හැසිරීම මා අනුමත නොකලත් , ඒ හා සබැඳි පෙර කථා සහ පසු කථා අමතක කර දමා මාලිංග දඬු කඳේ ගැසීමට හැකියාවක් මා හට නැත

සල්ලි වලට ක්‍රිකට්

මාලිංග පිලිබඳ කෙරෙනා විවේචනයන් තුල මෙන්ම ක්‍රිඩකයින් සිය වැටුප් සහ දීමනා වෙනුවෙන් ක්‍රිකට් ආයතනය සමඟ ඇතිකරගත් මත ගැටුම පිලිබඳ ව වූ විවෙචනයන් තුලද ප්‍රධාන වශයෙන් ම කථා බහට ලක්වූ කාරණාවක් වන්නේ "ක්‍රිඩාව මුදලට යටවී " ඇති බවකි . සමස්ථ අර්ථ ක්‍රමය කෙරෙහිම "මලකින්" පසුවන සමාජවාදීන් හැරුණු කොට අන් කිසිවෙකුටත් ක්‍රිඩාව මුදලට යටවීමක් ගැන කථා කිරීමේ ශුද්ධ වූ අයිතියක් ඇතැයි මා සිතන්නේ නැත. මන්ද ඒ සියලු දෙනා ලිබරල් ආර්ථික ක්රමයේ ප්රතිලාභ අත්විඳිමින් , එය ජීවිතයේ කොටසක් කරගත් බොහෝ විට ලිබරල් ආර්ථික ක්‍රමය පිලිබඳ කිසිදු විවේචනයකින් තොරවූවන්ය ( බොරුවට උඩ පනිනා සමාජවාදීන්ද ලිබරල් ආර්ථිකයේ ප්‍රථිලාභ ලැබීම වෙනම කථාවකි ) . තමන්ගේ ජීවිතයේ සියලුම දෑ මුදල මත තීරණය වෙත්දී , ක්‍රිඩාව පමණක් මුදලේ බලපැමෙන් තොර ශුද්ධ වූ භුමියක් වේ යැයි සිතන්නේ නම් එය ඉතා පැහැදිලි අමන කමකි . බොහෝ දෙනෙක් සිය විවේචනයන් සඳහා යොදා ගන්නා ෆෙස්බුක් හෝ බ්ලොගර් මෙන්ම ක්‍රිඩාවද මේ වන විට රඳා පවතින්නේ ව්‍යාපාරික අවශ්‍යතා මතය .අනෙකුත් ක්ශේත්‍රයන් අමතක කොට ක්‍රිකට් ක්‍රිඩාව පිලිබඳව අවධානය යොමු කලත් , සියලුම ක්‍රිකට් ක්‍රිඩා තරඟ යථාර්ථයක් බවට පත්වන්නේ අනුග්‍රාහකයින් කෙනෙක් හෝ පිරිසකගේ දායකත්වයෙන් බව ඉතාමත් පැහැදිලි කරුණකි . අනුග්‍රාහකයින්ගේ දායකත්වය මත ක්‍රිකට් ක්‍රිඩාව පවතිනවා පමණක් නොව ඒ හා සබැඳි තාක්ෂණයන්ද , ක්‍රිඩාව පුද්ගල රසාස්වාදනයේ අංගයක් ලෙස වඩ වඩාත් සමීප කරලීමේද පසුබිම් කථාව මුදල්ය . මීට වසර ගණනාවකට පෙර ක්‍රිකට් තරඟයක රූප රාමු සහ වර්ථමාන ක්‍රිකට් තරඟයක රූප රාමු නිරීක්ෂණය කිරීමේදී මේ වෙනස මැනවින් හඳුනාගත හැක . තාක්ෂණ දියුණුවීම ක්‍රිඩාවෙන් ස්වායක්තව සැලකුවද ව්‍යාපාරික පසුබිමක් එහි තිබෙනාවක් මෙන්ම , ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන්ම සංවර්ධිත තාක්ෂණයන්ද දක්නට ඇත . මෙය මෙසේ සිදුවන්නේ ක්‍රිකට් යනු ක්‍රිකට් පාලක මණ්ඩලවල මුදලින් කරනා "අතින් කා හරක් බැලීමක්" නොවී බාහිර වෙලඳ වටිනා කමක් ඒ තුලට ආරෝපණය විම තුලය . ක්‍රිකට් තරඟයක් විකාශය කිරීමේ අයිතිය ලබා ගැනීමට මුදලක් වැය කරනා රූපවාහිනි සමාගම තවත් මුදල් යොදවමින් නවීන තාක්ෂණය තමන්ගේ විකාශන කටයුතු සඳහා එක්කර ගන්නෙ *කේ අමාරුවකට නොව , ඒ හරහා වැඩි ප්‍රේක්ෂක අවධානයක් ලබාගෙන , වැඩි අනුග්රහකයින් පිරිසක් ලබාගැනීමේ ව්‍යාපාරික වුවමනාව තුලය . රූපවාහිනි ආයතනයන්හි අදාල වුවමනාව තුල ක්‍රිකට් ක්‍රිඩාව මෙන්ම ප්රේක්ෂකයාද වාසි ලබනා අතර අනෙකුත් ක්ශේත්‍රයන් තුලද දක්නට ඇත්තේද මේ යථාර්තයයි . එනිසා මුදලේ බලපැමෙන් තොර ශුද්ධ වූ ක්‍රිකට් ක්‍රිඩාවක් යනු හුදු මනස්ගාතයක් පමණක් බව අවධාරණය කල යුතුය

ලීග තරඟ සහ අයිපීල්

ලීග තරග ඔ නොහොත් ක්‍රිඩා සමාජයන් අතර දැවැන්ත තරඟාවලින් යනු ලොව බොහෝ ජනප්‍රිය කණ්ඩායම් ක්‍රිඩා සඳහා ආගනතුක දෙයක් නොවේ . වඩා ලිහිල් බැඳිම් සහිතව උපරිම ලාභයක් අපේක්ෂා කරමින් සිදුකෙරෙනා මෙවන් තරඟාවලි , ලොව පුරා කෝටි සංඛ්‍යාත ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන තිබීමත් නොයෙකුත් රටවල් නියෝජනය කරනා ක්‍රිඩකයින් ඉතා ඉහල වටිනා කම් සහිත කොන්ත්‍රාත්තු සඳහා එම කණ්ඩායම් වල ක්‍රිඩා කිරීමත් කිසිවෙකුටත් ප්‍රතික්ශේප කල නොහැකි තවත් යථාර්තයකි . නමුත් මේ පිලිබඳ නොදැනීම හෝ ෆුට්බෝල් ලීග නිදිමරාගෙන බලන ඇතැම් දෙපිට කාට්ටුවනුත් මාලිංග සම්බන්ධ විවේචන සියල්ලටම ඇඳා ගන්නා අනෙක් කාරණය වන්නේ අනෙකුත් ක්‍රිඩාවන්හී ලීගයන් අනුගමනය කරමින් බිහිවූ අයිපීල් තරඟවලියයි

ලීග මට්ටමේ තරඟාවලියක් සාර්ථක කරගැනීම සඳහා අවැසි මූල්‍ය ශක්තිය, උන්මාදනීය ප්‍රේක්ෂකයින් පිරිසක් සහිත දැවැන්ත වෙලඳ පොල , ආයෝජකයින් ආදී සියලු දැ ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් වේ නම් ඒ ඉන්දියාව තුල පමණක්ය කීම සාධාරණය . මේ තුල සංසරණය වන මුදල් හේතුවෙන් ක්‍රිඩකයින් පමනක් නොව ලොව අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩලද ඒ වෙත ආකර්ෂණය වන්නේ ඔවුනටද මේ තුලින් කොටසක් කඩා ගැනිමේ හැකියාව නිසාවෙනි

කෝටි 2300ක් බදුගෙවන්නට සිදුවන මට්ටමට ධනවත් වීමේ හැකියාව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ලබත්දී , ක්‍රිඩකයින් , විස්තර විචාරකයින් , අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩල , විනිසුරන් මෙන්ම විශ්‍රාම ගීය ක්‍රිඩකයින් පවා මූල්‍ය මය ලාභයක් ලැබූ අයිපීල් ප්රේක්ෂකයාටද ආකර්ෂණීය අත්දැකීමක් වූ නිසාවෙන් වින්-වින්-වින් තත්වයක ලෙසින් හැඳින්වීමේ වරදක් නැත . නමුත් ඇතැම් ශ්‍රි ලාංකික ප්‍රේක්ෂකයින් අයිපීල් හරහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට වාසි දායක තත්වයක් උදාවේය යන මතය තුල අනියත විරෝධයක් දක්වන බවක් නීරීක්ෂනය කල හැක . ශ්‍රි ලංකා කණ්ඩායම 20-20 තරඟ ක්‍රමය තුල සැම විටම ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටීමත් , අයිපීල් තුල දස්කම් දැක්වූ කොදෙව්වන් ලෝක කුසලානය දක්වා ගමන් කිරීමත් , අයිපීල් තුලින් කලාපීය තණතිලි හා පන්දු යවන්නන්ට මනා පුහුණුවක් ලැබූ දකුණු අප්‍රිකානු ක්‍රිඩක ඩුප්ලෙසීස් මෙවර ලෝක කුසලානයේදී ඉන්දියානු කණ්ඩායමට රිදෙන්න පහර දී අවස්න් පූර්ව තරඟය අහිමි කිරීමත් වැනි කාරණා අනුව එම විරෝධයට පදනමක් තිබේද යන්න නැවතත් සිතා බැලිය යුතුය

මාලිංග සහ අයිපීල්

ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් රැසක් අයිපීල් ක්‍රිඩා කලත් , ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලින්ගේ අයිපීල් විරෝධයේ ගොඳුර බවට නිරන්තරයෙන් ලක්වන්නේ ලසිත් මාලිංග ය . ඒ අනෙකුත් ලංකික ක්‍රිඩකයින්ට සාපේක්ෂව ඔහුගේ දක්ෂතා ඉහලින් මතුවීමත් , සමස්ථ අයිපීල් තරඟාවලියේ සාර්ථකම පන්දු යවන්නා වීමත් තුලය .මේ තත්වය උග්‍ර වන්නේ මාලිංග අයිපීල් වලදී (මේ වන විට එය අයිපීල් +බිග් බැශ් වී තිබේ ) තරම් හොඳින් ජාත්‍යන්තර තරඟවලදී පන්දු නොයැවීමේ චෝදනාවත් ඒ සමඟින් එකතු වීම තුලය . නමුත් මේ චෝදනා එල්ල කරනා පිරිස විසින් අමතක කරන ලද කාරනා කිහිපයක් ඇත . එනම් අයිපීල් හෝ බිග් බැශ් ජාත්‍යන්තර මට්ටමට ලඟ නොවු , මාලිංග වැනි ආක්‍රමණි ශිලි පන්දුයවන්නෙකුට පහසුවෙන් ගොදුරු විය හැකි ක්‍රිඩකයින් පිරුණු තරඟාවලියක් බවත් ,කඩුලු ප්‍රමාණයේ වෙනසක් තිබුනත් මාලිංගගේ විශ්ෂ්ට පන්දු යැවීම් රාශියක් ජාත්‍යන්තර තලය තුලදීත් වාර්ථා වීමත්ය . උදා හරණයක් ලෙසින් මාලිංගගේ කඩුලු ත්‍රිත්වයන් සියල්ල ලබාගෙන ඇත්තේ ජාත්‍යන්තර තරඟ තුලය . මාලිංග ලීග වලදී මුදලට දක්වනා දක්වනා දක්ෂතාවයන් රට වෙනුවෙන් නොදක්වන්නේය යන්නට හොඳම පිලිතුරක් මෙවර ඊස්පීඑන් හොඳම 20-20 පන්දු යවන්නා වශයෙන් මාලිංග තෝරා පත් කර ගැනීම තුල ඇත . එනිසා මාලිංගගේ අයිපීල් දක්ෂතා හා සබැඳි විරෝධයන් මා දකින්නේ හුදෙක් පදනමකින් තොර කුහකත්වයෙන් පිරුණු ඒවා බවයි

මාධ්‍ය වේදියෝ සහ මාලිංග

ක්‍රිඩකයින්ගේ මුදලට විදින්නට උත්සහ කරමින් ක්‍රිඩාවේ විනයක් ගැන කථා කරනා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොක්කන්ගේ සහ ක්‍රිඩා ඇමැත්තාගේ කෙරුවාවේ තරමත් , "විනයේ" තරමත් සිහි බුද්ධිය ඇත්තෙකුට අමුතුවෙන් විග්රහ කිරීමට අවැසි නොවන නිසා , මා සෘජුව පිවිසෙන්නේ මාලිංග සහ මාධ්‍ය පිලිබඳ කථා බහටය . ක්‍රිඩකයින් විසින් සිය වැටුප් වෙනුවෙන් දැක්වූ විරෝධතාවයන්ගේ මුල සිටම ශ්‍රි ලංකාවේ සාතිශය බහුතරයක් මාධ්‍ය ආයතන සිදු කලේ ක්‍රිඩකයින්ගේ වැටුප් පිලිබඳ ගනන් මිනුම් සැඳීමය , අයිපීල් විරෝධී උණෙන් පෙනනා ඇතැම් ක්‍රිඩා විචාරකයින්ය(කියාගන්නා ) මාධ්‍ය වේදීන්ට එය ක්‍රිඩකයින්ට දමා ගැසීමට අතිරේක මෙවලමක් විය . රටවෙනුන් ක්‍රිඩාකිරීම , මුදලට ක්‍රිඩා කිරීම පිලිබඳ බණ දෙසනා මාධ්‍යවේදීන් තමන් මෙරට දේශපාලකයින්ගේත් , මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේත් පක්කලි කම් කරනා පිරිසක් මිස , ජනතාව වෙනුවෙන් පෙනි සිටිනා සැබැ මාධ්‍යකරුවන් නොවනා බැව් අමතක කරලීම පිලිබඳ මා පුදුමයට පත්වන්නේ නැත . එනිසා සිය පක්කලි කම් වෙනුවෙන් ලැප්ටොපයක් හෝ විස්කි විදුරුවකට එහා දෙයක් නොලබන මොවුන් ක්‍රිඩකයින් සිය දක්ෂතාවයන් පිලිබඳ උපයන මුදල් පිලිබඳ කුහක කමක් , ඉරිසියාවක් ඇති කරගැනීමද මා හට වටහා ගත හැක . නමුත් මා හට ඇතිපුදුමය නම් දිගින් දිගටම ක්‍රිඩකයින් පතුරු ගසමින් සිය අල්ජ්ජ ගතිය දැක්වූ මාධ්‍ය වේදීන් මාලිංග ගෙන් ලද ප්‍රතිචාරයට වඩා යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීමය . මාලිංගට හයේ පහර වදින විට සිනා සෙන්නේත් මාධ්‍ය ඉදිරියේ කඩා පනින්නේත් ඇයි දැයි අසනා මාධ්‍ය වෙදීන් තෙරුම් නොගන්නේ ප්‍රතිවාදී කණ්ඩායමක සහෝදර ක්‍රිඩකයෙක් තරඟය දිනිම වෙනුවෙන් ගසනා හයේ පහරකත් , මාධ්‍යවේදින් සිය කුහක කම හේතුවෙන් ගසනා පැන් පහරකත් වෙනස හඳුනාගැනීමට තරම් හැකියාවක් මාලිංග සතු බවයි

අංශ කිහිපයක් යටතෙ දැක්වුයේ මාලිංගා හා මාධ්‍ය අතර ගැටුමේ පෙර සහ පසු කථා පිලිබඳ මාගේ අදහසයි . මේ පිලිබඳවා සාරාංශගතව අවධාරණය කිරීමට ඇත්තේ පහත සඳහන් කරුණුයි

01) . මාධ්‍ය ඉදිරියේ මාලිංගගේ හැසිරීම , හුදකලා සිදුවීමක් නොවේ

02) . ක්‍රිඩාව මුදලෙන් තොර වීම ෆැන්ටසියක් පමණි

03) . අයිපීල් යකෙකු නොවේ , ක්‍රිකට් පාලක මණ්ඩලය එසේ සිතන්නේ නම් විසඳුම ක්‍රිඩකයින් අයිපීල් නොයැවීම මිස , ගිය පසු පඩි කැපීම නොවේ

04) . දේශපාලකයින් වෙනුවෙන් , මාධ්‍ය ආයතන හිමිකරුවන් වෙනුවෙන් කඩේ යමින් සැම විටම ජනතාවට විරුද්ධ පස සිටිනා මාධ්‍යවේදීන් ක්‍රිඩාවෙදී පමනක් ජනතාව පැත්තේ සිට ගන්නවා යැයිපෙන්වීම මුලාවකි

05). ක්‍රිඩකයින් අසාධාරණ ලෙස පතුරු ගසමින් , ඔවුනගෙන් යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු වීම විහිලුවකි!

Image From Sri Lankan Meme

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com47tag:blogger.com,1999:blog-8307295550317581479.post-26270822618819702562013-01-28T17:58:00.001+05:302013-01-28T18:02:21.198+05:30නව අමාත්‍යධූර සඳහා දේශප්‍රේමි යෝජනා ! ආශ්චර්ය ද්වීපයට අලුතෙන් ඇමති තුමන්ලා පිරිසක් පත්ව තිබේ . රට ආශ්චර්යමත් කිරීමට දායක වන අමාත්‍යවරුන් තව තවත් පත්කල යුතු යැයි අපි සිතමු . විද්‍යා තාක්ෂණ සහ තාක්ෂණ පර්යේෂන කියා ඇමති කම් දෙකක් තිබීම ගැන අවලාද නගන විජාතික බලවේග වල බලල් අතක් වූ ඊ නිවුසිය වැනි දේශද්‍රෝහි පාහරයන්ගේ නම් පටලැවිලි චෝදනාවලට ලක්නොවී අනාගතයේදී පත්කල හැකි අමාත්‍ය වරුන් ලයිස්තුවක් මෙසේ පලකර සිටින්නේමු

සිනි කර්මාන්ත අමාත්‍යාංශය අනුව යමින්

පැණි කර්මාන්ත

හකුරු කර්මාන්ත

නියෝජ්‍ය අමාත්‍යදූර වශයෙන් -

මි පැණි භාර නියෝජ්‍ය ඇමති

කිතුල් පැණි භාර නියෝජ්‍ය ඇමති

කිතුල් හකුරු භාර නියෝජ්‍ය ඇමති

තල් හකුරු භාර නියෝජ්‍ය ඇමති

පොල් සංවර්ධන අමාත්‍යාංශය අනුව යමින්

කොස් සංවර්ධන

දෙල් සංවර්ධන

එලවලු සංවර්ධන

කොස් සංවර්ධන අමාත්‍යාංශය යටතේ

කොස් , වරකා , වැල සහ පොලොස් වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ධූර 4ක්

දෙල් සංවර්ධන අමාත්‍යාංශය යටතේ

නිකන් දෙල් සහ කැලෑ දෙල් වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය දූර 2ක්

එජාපයෙන් ඉදිරියෙදී පැමිණෙන්නන් සඳහා එලවලු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය දූර හිස්ව තබා ගත යුතුය

අධ්‍යාපන සේවා අමාත්‍යාංශය අනුව යමින්

කෘෂිකාර්මික සේවා

සෞඛ්‍ය සේවා

වාරි මාර්ග සේවා

උසස් අධ්‍යාපන සේවා

යටිතල පහසුකම් සේවා....

ආදී වශයෙන් සේවා අමාත්‍යංශ පිහිටිවා ගත හැක

ඊට අමතරව පහත අමාත්‍ය ධූරද යෝජනා කර සිටින්නෙමු

දියවැඩියා මර්ධන අමාත්‍යංශය

මහජන නොවන ව්‍යාපාර අමාත්‍යංශය

ලමා උද්‍යාන සහ ප්‍රේම උද්‍යාන අමාත්‍යාංශය

ගෘහස්ත ජීවී සංරක්ෂණ අමාත්‍යාංශය

ඔබ සැමට සුභ අනාගතයක් !

ප.ලි- දේශප්‍රේමි ඔබටත් නව අමාත්යදූරයන් යෝජනා කර සිටිය හැක

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com47tag:blogger.com,1999:blog-8307295550317581479.post-29300475844098140942013-01-27T07:42:00.000+05:302013-01-27T08:23:12.400+05:30අනේ මන් බබා - ආචාරියා , ඔව් ඔව් එයා බබා තමයි -අ.මනතුංග අත්වැරදීමකින් මෙහි පලවූවකි . සිදුවූ අපහසුතාවය පිලිබඳ සමාවන්න . සම්පූර්න ලිපිය සඳහා

http://anveranswers.blogspot.com/2013/01/blog-post_26.htmlබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com2tag:blogger.com,1999:blog-8307295550317581479.post-80239970030815044822013-01-25T08:26:00.001+05:302013-01-25T08:26:42.820+05:3013 එපා එපා - විමල් , 13 ඕනි ඕනි -ජී .එල් සමඟින් ආගමික සහජීවනය

මීට මාස කිහිපයකට පෙර විමල් වීරවංශ , දේශ හිතෛශීන් , හෙල උරුමය ඇතුලු රජයේ නිල "දේශප්‍රේමීන්ට" තිබු එකම ගැටලුව වූයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පමණි . අගවිනිසුරු වරිය එලවීමේ අධිකරණ වසන්තයේ කොටස් කරුවන් වීමට ගිය නිසාදෝ පසුව ඔවුනට එය සහමුලින්ම අමතක බවක් දක්නට ලැබුණි . දැන් නැවතත් රජය විසින් 13 එලියට ඇදගෙන තිබේ ඒ ජී.එල් පිරිස් අමාත්‍ය වරයායි . ඉන්දියාවේ සංචාරයක නිරත වෙන ඔහු 13 වන සංශෝධනය වෙනුවෙන් රජයේ ඇති කැපවීම පිලිබඳ සහතිකයක් ඉන්දියානු රජයට ලබාදී තිබේ

විමල් වීරවංශගේ හෝ දේශ හිතෛශීන්ගේ *කේ අමාරුවට 13 අහෝසි කිරීම මෙන්ම ඉන්දියාවේ වුවමනාව වෙනුවෙන් පමණක් 13 තබා ගැනීමද විකාරයකි . යුද්ධයෙන් පසුව සිදුවිය යුතුව තිබුනේ දෙමල ජනතාවගේ දේශපාලනික අයිතිවාසි කම් ලබාදීමේ ක්‍රමවේදයක් පිලිබඳ පුලුල් සාක්ච්ඡාවක් ඇතිවීම වුවත් යුද්ධයෙන් වසර 4කට ආසන්න කාලයක් ගතවී ඇතත් , රජය ජාත්‍යන්තරය සමඟින් ඔට්ටු සෙල්ලම් කරනවා විනා එවැනි ප්‍රවේශයක් ලබාගත් බවක් දැකගන්නට නොලැබේ . 13 වන සංශෝධනයේ ප්‍රතිපාදන ප්‍රමාණවත් වේ නම් උතුරු පලාත් සභා ඡන්දය පැවැත්වීම සිදු කර එමගින් ජාත්‍යන්තර පීඩනයත් සැහෙන පමණ අඩුකර ගැනීමට අවකාශ තිබුනත් , රජය 13+ යොදා ගත්තේ ඉන්දිය නියෝජිතයින් රැවටීමට පමණි . ශ්‍රි ලංකා රජය දිගින් දිගටම තමන් රවටන බැව් තේරුම් ගත් ඉන්දියානුවන් පසුගිය ජිනිවා සමුලුවේදී දැවැන්ත කනේ පහරක් දුන් නමුත් , එයින්හෝ පාඩමක් ඉගෙන ගත් බවක් දකින්නට නොලැබෙන්නේ බටහිරත් ඉන්දියාවත් ප්‍රතික්ෂේප කරමින් තව තවත් චීනය දෙසට ලං වීමට කටයුතු කිරීමත් වීරවංශලා වැනි රජයේ නියෝජිතයින් තිබෙන 13ත් අහෝසි කරන්නට කථා කරත්දී විකල්ප දේශපාලනික විසඳුමක් හෝ ජාතින් අතර සංහිඳියාව ඇති කිරීමේ වැඩපිලිවෙලක් යෝජනා නොකිරීමත් තුලිනි

වසරක් පුරා තම සුපුරුදු ක්රියාදාමයේ නිරත වුනු රජය හිටි අඩියේ කලබල වී ඉන්දියාවේ දුවගොස් 13 ට ඇති කැපවීමක් ගැන කියන්නේ ලබන මස ආරම්භ වන ජිනිවා සමුලුවේදී ඉන්දියානු සහය ලබාගැනීම වෙනුවෙන් බව උපකල්පනය කල හැක . කලින් වතාවේ ශ්‍රි ලංකාව පැරදීමට කටයුතු කල ඉන්දියානු රජය ජී එල් පිරිස් මහතාගේ සහතික කිරීම විශ්වාසයට ගෙන තම ප්‍රතිපත්තියේ දැවැන්ත වෙනසක් කරාවි සිතිය නොහැක . කෙසේ වුවත් ඉන්දියානු සහය නොමැතිව හෝ එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවලින් ගෙනනා යෝජනාවක් සම්මත වීමේ අවකාශයක් ඇත්නම් ඔවුන් නිහඬ ප්රපත්තියක් අනුගමනය කරන්නටත් තමන්ගේ කලාපීය ආධිපත්‍යට හානිදායක යෝජනාවක සැර බාල කරගැනීමට පමණක් කටයුතු කරන්නටත් ඉඩ ඇත

ඉන්දියාව රැවටීමට 13+ කිමෙත් , ශ්‍රි ලාංකීය ජනතාව රැවටීමට 13 එපා කීමෙනුත් රටට මෙන්ම රජයටත් අත්වන සෙතක් නොමැත. රජය ජාත්‍යන්තරව නා ගන්නා සෑම විටකටම එහි අහිතකර ප්‍රථිපල භුක්ති විඳින්නට වන්නේ සමස්ථ රටවැසියාටමය . දෙමල ජනතාවගේ දේශපාලනික අයිතීන් සුරැකීමේ ක්‍රමවේදයක් මෙන්ම දේශපාලකයින් විසින් ඇති කල සිංහල දෙමල විරසකය දුරලීමේ දිගුකාලීන වැඩපිලිවෙලකට යාම රජය මේ දක්වාත් පැහැර ඇති වගකීමයි .සැබැ වුවමනාවකින් මෙවැනි ප්‍රවේශයක් ලබාගත්තා නම් , විරවංශලාගේ සක්කිලි කට්වල් පාලනය කරගත්තා නම් 13 ගැන කියමින් ඉන්දියාව රවටන්නට (රවටන්න තැන්කිරීමට ) හෝ අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ ගැන කියමින් බටහිර රටවල් සමඟින් ගැටෙන්නට හෝ අවශ්‍ය වන්නේ නැත .

රටේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් ලෝකයා පිලිගන්නා ක්‍රමවේදකයට කටයුතු කිරීමටත් බොරු චණ්ඩි කම් පසකා ලා , තමන් සිටින්නේ හුදකලා වී සිටිය නොහැකි ලෝකයක බව අවබෝධ කරගන්නටත් යොමූ වූවා නම් අභ්‍යන්තර ප්‍රශ්න වලට සාර්ථක විසඳුම් ලබාගැනීමත් ජාත්‍යන්තර පීඩනයන් අවම කරගැනීමත් එක් වරම කර ගැනීමේ හැකියාවක් ඇත . එම මහඟු අවස්ථාව පසෙකලා ජාත්‍යන්තර ප්‍රජාව රැවීමටීමට පමණක් විසඳුම් පෙන්වීමෙන් රටේ ප්‍රශ්න වලට විසඳුමක් හෝ ජාත්‍යන්තර පීඩිනය අවම වීමක් හෝ සිදුනොවෙනා බව වසර 4ක් කට පසුවත් අවබෝධ කරගත් බවක් පෙන්නට නැත

දිගුකාලීන සහජිවන ක්‍රියාවලි පසෙකලා හිටි අඩියේ ජාතික ගීයට දෙමල එබ්බවීමට කටයුතු කිරීමෙන් හෝ ,මුස්ලිමුන් බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් කරත්දී , සිංහලයාගෙන් මුස්ලිමුන්ට සිදුවෙන අකටයුතුකම් සොයන්නට පමණක් කමිටු පත්කීරීමෙන් හෝ තමිල්නාඩු රජයේ ගොබ්බ තීරණ අනුව යමින් චිත්‍රපට තහනම් කිරීමෙන් ජාතීන් අතර සහජීවනයක් ඇතිනොවෙනවා මෙන්ම අලුතින් ප්‍රශ්න ඇති කරන්නටද මේ ඇතැම් තීරණයන් හේතුපාදක විය හැකබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com24tag:blogger.com,1999:blog-8307295550317581479.post-33328638360568230482013-01-19T07:32:00.000+05:302013-01-19T07:32:19.154+05:30ඊනියා බටහිරයන් ප්‍රතික්ෂේප කර චීනයටම දීමේ ක්‍රමවේදය

ඇමරිකාවේ බෑ කියනවා නම් අපේ හමුදාවන්ට පුහුණු පාඨමාලා චිනෙන් දෙන්නට පුලුවන්ය කියා ඊයේ නිවුස් වල කියනවා ඇසුනි . සැබැවින්ම හමුදා පුහුණුව පමණක් නොව ඊනියා බටහිර අධිරාජ්‍ය වාදීන්ට නොදී චීනයට දිය හැකි ගොඩක් දේවල් අපිට තිබේ .

01) ඇඟලුම් - දේශද්‍රෝහි එජාප පාලන කාලය තුලදී කල තවත් එක් අවලම් වැඩක් වන්නේ අපේ කෙල්ලන් ලවා සුද්දන්ට ජංගි මැස්සවීම බව නොදන්නා කෙනෙක් නැත . වහාම ක්‍රියාත්මක වන පරිදි සුද්දන්ට සහ සුද්දියන්ට මසහ ජංගි වෙනුවෙට චීනන්ට ජංගි මැස්සවීම අප විසින් ආරම්භ කල යුතුය . හැඩි දැඩි සුද්දන්ට වඩා චූටි චීනන්ට මසන ජංගි කුඩා හෙයින් , අඩු කාලයක් තුල වැඩි ජංගි ප්‍රමාණයක් මසා නිම කල හැකිය. ආර්ථික අවපාතය හමුවේ ඉදිරියේදී බටහිරයන්ට හෙලුවෙන් සිටීමට සිදුවන නිසා දැන් සිටම චීනයට ඇඳුම් පැටවීම දූර් දර්ශි ක්‍රියාවකි

02) මෘදුකාංග - දැනට ලංකාවේ මෘදුකාංග සේවා සියල්ලම පාහේ සපයන්නේද බටහිර රටවලට . ආර්ථික වශයෙන් බංකොලොත් වෙමින් සිටිනා බටහිර වෙනුවට ඉතා ඉහල මෘදුකාංග වෙලඳ පොලක් සහිත චීනය අප විසින් තෝරා ගත යුතුය . ලොව මිලෙන් අඩුම විශාලතම මෘදුකාංග සේවා සපයන රට වශයෙන් ශ්‍රි ලංකාවේ මෘදුකාංග ක්ශේත්‍රය චීනය දෙසට නැඹුරු වීම බටහිරයන්ට දරාගත නොහැකි පාඩුවක් වනු නොඅනුමානය

03) අන්තර්ජාලය - අන්තර්ජාලයේ පාලනය සහ අයිතිය තියෙන්නේ ඇමරිකාවටය . ඩොමේන වල අයිතිය මෙන්ම බොහෝ විට අනෙකුත් අන්තර්ජාල සේවා වලටද පදනම් වන්නේ ඇමරිකාවය . චීනය හා රුසියාව විසින් අන්තර්ජාලයේ පාලනය ඇමරිකාවෙන් වෙන් කිරීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත . එනිසා අන්තර්ජාලය භාවිතා කරන මොහොතක් පසා අපවිසින් කරනුයේ ඊනියා බටහිර ව්‍යාප්තවාදයට උල්පන්දම් දීමය . එනිසා වහා අන්තර්ජාල භාවිතය අත්හැර චීනය හා රුසියාව විසින් ගෙන ඒමට නියමිත උතුරු කොරියානු පන්නයේ විකල්ප අන්තර්ජාල ව්‍යාපෘතිය සමඟින් එක් විය යුතුය . ශ්‍රි ලංකාවේ අති විශාල අන්තර්ජාල වාණිජ්‍ය වෙලඳ පොල අහිමි වීම බටහිරයන්ට ඉතා විශාල ආර්ථිකමය පහරක් වනු ඇති බවට උපකල්පනය කල හැක

04) මූල්‍ය කටයුතු- කඩාවැටෙන ඇමරිකන් ඩොලරය වෙනුවට චීන යුආන් ජාත්‍යන්තර වෙලඳ කටයුතු සඳහා භාවිතා කිරීම හැකි ඉක්මනින් සිදු කල යුතුය . බටහිර බැංකු වෙනුවට චීන බැංකු හරහා අන්තර්ජාතික මුල්‍ය කටයුතු වලට සම්බන්ධ වීමෙන් බටහිරයින් විසින් විවිධ රටවලට පනවන ඊනියා සම්බාධක වලට අවනත වීමේ අවශ්‍ය තාවයද ඉවත්ව යනු ඇත . ශ්‍රි ලංකාව වැනි දැවැන්ත ආර්ථිකයක් මෙසේ බටහිර ආර්ථිකය සමඟින් ඇති "ප්ලග්" ගැලවීමෙන් තවත් වටයක දැවැන්ත ආර්ථික අර්බූධයකට මුහුණ දීමට බටහිරයන්ට සිදුවනු ඇත

05) තානපති සබඳතා - සියලුම බටහිර රටවල් සමඟින් පවත්වන තානාපති සබඳතා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිය යුතුය . බටහිර රටවල සංචාරය කිරීම එක්සත් ජාතින්ගේ සමුලුවට සහභාගී වීමට පමණක් සීමා කල යුතුය . බටහිර සංචාරකයින් මෙරටට පැමිණීම වලක්වා ඒ වෙනුවට චීන සංචාරකයින් පමණක් ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කල යුතුය . කිසිදු හේතුවකට බටහිර රටවල පුරවැසියන්ට ,මෙරට විසා ලබාදීම සිදු නොකල යුතු අතර . මෙරට සිටිනා බටහිර රටවල පුරවැසියන් වහා ක්‍රියාත්මක වන පරිදි පිටුවහල් කල යුතුය .

ඉහත සඳහන් කල පස් ආකරයට බටහිරයන් ප්‍රතික්ෂේප කර මහජන චීනයට දීමෙන් බටහිරයන්ට දැනෙන පාඩමක් ඉගැන්විය හැකි අතර , මෙහි අවශ්‍යතාවය අදටද් වඩා තදින් මාර්තු මස පැවැත්වීමට නියමිත මානව හිමිකම් සමුලුවෙන් පසුව ඒත්තු යනු ඇත . ඇතැම් විට බටහිර වෙනුවෙන් අනුගමනය කරනා මෙම ප්‍රතිපත්තියේ අදාල කොටස් වැසිකිලි ඉන්දියාව වෙනුවෙන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවද ඒ වනවිට පැණ නගිනු ඇත !

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com33tag:blogger.com,1999:blog-8307295550317581479.post-40120412450056068342013-01-10T22:59:00.000+05:302013-01-10T23:24:52.690+05:30රිසානාගේ ගෙලසිඳි ම්ලේච්ඡයන් සහ බ්ලොග් කරු මාතලන් !මිනිසත් කම නොහඳුනනා පාපතර ම්ලේච්ඡයන් විසින් රිසානා නසීක් මෙනෙවිය ඝාතනය කල පුවත බොහෝ තැන්හී සාක්ච්ඡාවට ලක්වී ඇත . ජනප්‍රිය බ්ලොග් කරු මාතලන්ගේ බ්ලොග් සටහනක තැබු කමෙන්ටුව මකා දමන්නට ඔහු විසින් කටයුතු කල නිසා ඉතාම කෙටියෙන් හෝ මේ ගැන යමක් කිව යුතුව ඇත .

01) අඩු වයස් තරුණියක් හොර වීසා සාදා රට පැටවූ ඒජෙන්සිකරුවන් , මෙන්ම එවැනි ඒජෙන්සි කරුවන්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩ දුන් රජයන්ද මෙහි පාර්ශ්ව කරුවෙකු බවට සැකයක් නොමැත

02) නමුත් මෙහි බරපතල සහ කෲරතර සිදුවීම වන්නේ ඇයව ඝාතනය කිරීම සහ එය සිදු කල ආකාරය වන අතර කලින් කී පාර්ශවකරුවන් මත පමණක් වරදා පටවා අත් පිසදා ගැනීමේ හැකියාවක් නොමැත

03) ලොව බොහෝ රටවල් මේ වන විටත් මරණ දඬුවම ක්‍රියාවට නැංවීම අත්හිටුවා ඇත (මරණ දඬුවම ක්‍රියාත්මක වූ පමණින් අපරාද නොනවතින බැව් ශිෂ්ටාරි මිනිසුන් වටහාගෙන ඇත ) . . මෙසේ ක්‍රියාත්මක රටවල් අතුරින්ද ම්ලේච්ඡතම ක්‍රමවේදයක් ඒ සඳහා අනුගමනය කරන රටවල් අතුරින් ඉදිරියේ සිටින්නේ සෞදි අරාබියයි

04) මිනිසුන් වශයෙන් පලමුව එරෙහිව යුත්තේ මිනිස් කමට එරෙහි ම්ලේච්ඡත්වයටය . දේශපාලනය ගැන කථා කල යුත්තේ ඉන් පසුවය

05) සෞදියේ නිතිය සහ ඉස්ලාමය අතර සම්බන්ධයක් නොමැති බව පෙන්වන්නටද ඇතමුන් උත්සාහ කරමින් සිටියි . මේ සෞදියේ නිතිය පිලිබඳ විකි පිඩියා ලිපියයි . සුදු හුණු ගාන්නන් කුමක් කීවත් සෞදි රජයටම අනුව ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඉස්ලාමීය නිතියයි

http://en.wikipedia.org/wiki/Legal_system_of_Saudi_Arabia

06) එනිසා මේ ම්ලේච්ඡ ඝාතන වල වගකීමෙන් ඉස්ලාමයට නිදහස් විය හැකි යැයි සිතන්නේ නම් එය විහිලුවක් පමණි , අන්තර්ජාලය පිරික්සා බලන ඕනැම අයෙකුට සරලව වටහා ගත හැකි දේ නම් සෞදිය හැරුණු විට ම්ලේච්ඡ මනුෂ්‍ය ඝාතන නීතිගත කර ඇති අන් සියලු රටවල්ද ඉස්ලාමීය රාජ්‍යන් වන බවයි

07) ගෙලසිඳ මිනිසුන් මරණා මොවුන්ට මා සතුව ඇති ශිෂ්ටතම හැඳින්වීම නම් " පාහර බල්ලන්" යනුයි . එම ඝාතන අනුමත කරනා ආගමක් සහ එහි දෙවියන් ගැනද ඊට වඩා ශිෂ්ටව ඇමතීමේ අවශ්‍යතාවයක් මා දකින්නේ නැත .

08) මා කුමන දෙවියෙක් හෝ අදහන්නේ නැත , නමුත් සතුරාටත් ප්‍රේම කරන්නටය කියූ ජේසුතුමන් වෙනුවෙන් දල්වන ඉටි පහන්ද විශ්ණු සමන් කතරගම දෙවේයන් වෙනුවෙන් පුද කරන පුජාවන් ගැනද ප්‍රශ්න කරන්නට යන්නේ නැත . එහෙත් කුමන හෝ දෙවියෙකුගේ නාමයෙන් මිනි මරන්නේ නම් අදාල දෙවියන්ද අදාල අනුගාමිකයන්සේම පාහරයෙකු බව කියන්නට මැලි වන්නේද නැත

09) රිසානාට අල්ලාගේ පිහිටියි කිවූ මාතලන්ගේ ලිපියට මා දුන් පිලිතුර (මාතලන් විසින් මකා දැමූ ) ඔය අවසන් ටිකය . වැලිකඩ සිරකරුවන් ඝාතනය කරත්දී අත්පුඩි ගැසූ මාතලන් ට රිසානා තවත් එක් ඝාතනයක් පමණක් විය හැක . එනිසා මහින්දට සහ රජයට වරද පටවා නිහඬ වීමේ හැකියාවක් ඔහුට තිබුනත් මාහට එසේ නොවේ . ඇස් පනාපිට දකින්නට ඇති සත්‍ය නොපෙනෙන්නට "ආගමික සහජීවන" රෙදි කඩකින් දැස් බැඳ ගන්නට මාගේ සුදානමක් නැත . ඒ නිසා මිනිමරු අරාබින් සහ මිනි මරන්නට අනුබල දෙන ඔවුනගේ ශරියාව මත පදනම් වූ නිතියත් , ශරියාව ලොවට හඳුන්වා දුන්නාය කියන දෙවියන්වත් එක සේ හෙලා දකින්නට මා මැලි වන්නේද නැත

10) නුගත් පාහර අරාබින්ට කඹුරන්නට තම ගැනුන්ව යවන්නට සිතනා කොන්දක් නැති ස්වාමි පුරුෂයින්ටත් , ගැණුන්ව අරාබින්ට විකුණා විදේශ විනිමය සොයන්නට සිතනා රජයන්ටත් දැන් වත් සිය වරද නොපෙනෙන්නේ නම් රිසානා ලා තව දහසක් අරාබින්ගේ දංගෙඩියට යෑම වලක්වන්නට ලැබෙන්නේ නැත . තම සිහින වෙනුවෙන් විදෙස් ගතවන ශ්‍රි ලාංකීය සහෝදරයින්ගෙන්ද මා ආදරයෙන් ඉල්ලා සිටින්නේ ශිෂ්ටාචාරි මිනිසුන් සිටිනා රටක් තමන්ගේ සිහින සැබෑ කරගැනීමට යොදා ගන්නා ලෙසය . මන්ද මිනිසත් කමට නූසුදුසු වනචාරින් යටතේ සේවය කරන්නට යන ඔබ කරන්නේ ඔබගේ මනුෂ්‍යත්වය හැල්ලුවට ලක්කිරීමකි .

11) රිසාන සොහොයුරියනි , ඔබගේ ගෙල සිඳින්නට වරම් දුන් අල්ලා දෙවියන්ගේ පිහිට ඔබවෙනුන් අයදින්නට තරම් මා සාහසික වන්නේ නැත . ම හට කල හැකි එකම ප්‍රාර්ථනාව නම් ඔබට අත්වූ ඉරණම වෙනත් කිසිවෙකුටත් අත්නොවේවා යන්න පමණය .

12) ස්වාභාවයෙන් සන්ධාන රජයේ දේශපාලනික ප්රතිපත්තීන් පිලිබඳ බරපතල විවේචනයන් මා සතුව ඇත . එහෙත් සෞදි රජයට විරෝධය පල කරමින් සෞදි තනාපතිවරය කැඳවීමට ගත් තීරණයට මාගේ සම්පුර්ණ ස්තුතිය පලකර සිටිනා අතර .මින් මතු මිලේච්ඡයින්ට කඹුරන්නට ශ්‍රි ලංකික කාන්තාවන් නොයවන්නට තීරණය කරන්නට හැකි නම් වඩාත් අගනේය

පහත ගොසිප් 9 ලිපිය , සාමාන්ය්යෙන් ගොස්ප් අඩවි වෙත නොපිවිසෙන කෙනෙකුගේ අවධානයට ලක්වීම පිණිසය .

http://www.gossip9.com/2013/01/blog-post_10.html

Notice- කලින් ලිපියේ ප්‍රතිචාර සඳහා පිලිතුරු හෙට දෙනයේ ලබාදෙමි . ප්‍රමාදය පිලිබඳ සමාවන්නබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com96tag:blogger.com,1999:blog-8307295550317581479.post-5932492252549216652013-01-07T07:23:00.001+05:302013-01-07T07:23:16.415+05:30xxx xxxx මහතාගේ ඝාතනය පිලිබඳ දැක්වූ අදහස් Mr .ලොකු තැන - ------------------------------------------{නිහැඬියාවක් පමණි }

Mr . පැරකුම් - අපිට රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න වෙලා තියනවා . ලැටිමර් හවුස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා , රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න කියලා අපි ******** ගේ රජයට කියනවා . ලබන සිංහල අවුරුද්ද වෙනකන් විතරයි අපි කල් දෙන්නේ . ප්රජාතන්ත්රවාදය ස්ථාපිත නොවුනොත් අපි මැයි මාසෙදි පාරට බැහැල 2014 දී ආණ්ඩුව ගෙදර යවනවා

Mr. කලවැද්දා - අද රටේ නීතියක් නෑ , බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරනවා . මේක ඒකාධිපති පාලනයක් .සමහර බංකොලොත් දේශපාලන නායකයොත් මේ ඒකාධිපති පාලනයට කඩේ යනවා . එන්න මාත් එක්ක එකතු වෙලා මේවට විරුද්ධව සටන් කරන්න . ජයවේවා

Mr.වෙනුර- ඕක තමයි මම කිව්වේ මාලු කඩේ කියලා .ඔය වැඩේ කරවපු හොටු ගැමුණු උන්නැහේ මාලු කඩේ සමාජිකයෙක් . මාලු කඩවල උන් නෙවෙයිද ඔය වගේ ජරා වැඩ කරන්නේ

Mr. බුරුවංශ - මේක තනිකරම බටහිර අධිරාජ්‍ය වාදි වලවේග වල කුමන්ත්‍රණයක් . යුද්ධෙන් පස්සේ අපි යන ගමන මේ අයට ඉවසගන්න බෑ මොකක් හරි බාල්දියක් පෙරලනවා . මාර්තුවල ජිනිවා සමුලුව ඉලක්ක කරගෙන කරන වැඩ මේවා . ලංකාවේ මන්ත්‍රි කෙනෙකුට වත් නිදහසේ ජීවත් වෙන්න බැය කියල ජාත්‍යන්තරේට පෙන්වන්න මේ හදන්නේ . මම රජයෙන් ඉල්ලා සිටිනවා වහාම සාධාරණ පොලිස් පරීක්ෂණයක් කරල මේක පිටිපස්සේ ඉන්න රටට හතුරු දුෂ්ට බලවේග හෙලිදරව් කරන්න කියලා .

Dr. මාරසේකර- මේ අලුත්ම වසන්තය, කලින් කැමපස් වසන්තය, අධිකරණ වසන්තය ගෙනල්ලා කරගන්න බැරි වෙච්ච එක තමයි මිනි මරන වසන්තයක් ගෙනල්ලා මේ ගොල්ල කරගන්න හදන්නේ . මේක පිටිපස්සේ ඉන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි . මේ අයට ඕනි රජය අපහසුතාවයට පත්කරලා ඒ ගොල්ලන්ගේ ඉත්තෙක් බලයට ගේන්න

Prof - මැන්ඩලීන් - මෙය කලු කෝට් බමුණු කුලයේ නිරුවත හෙලිකරන්නාවූ සිදුවීමක් ලෙස සැළකීමෙ වරදක් නැත . බටහිර අධ්‍යාපනයේ මොල සේදීමට ලක්වූ කලු කෝට් බමුණන්නට රටේ නිතිය හා සාමය ක්‍රියාත්මක කරවීමේ හැකියාවක් නැති බව තහවුරු වී ඇත . බටහිර ඊනියා නීතිය වෙනුවෙට දේශීය සම්ප්‍රදායන් මත පදනම් වූ නීතියක අවශ්‍යතාවය මේ මොහොතේ බලවත්ව මතුව ඇත

එක් ෆේස් බුක් පිටුවක් - මේක තනිකරම හම්බ කුමන්ත්‍රණයක් . **** ***වා ඇමති තුමා හම්බයින්ට එරෙහිව ගෙන ගිය ව්‍යාපාරයට එරෙහිව එතුමාව අපහසුතාවයට පත්කරන්න , අපේ කැලණිය පුදබිම ලේ වලින් කිලිටි කරන්න හම්බයො කරපු කුමන්ත්‍රණයක් . කොහොමත් ඔලුව වහගෙන ගේම් දෙන්නේ හම්බයොම තමා . හම්බයින්ට විරුද්ධ නම් ල්යික් කරන්න .**** *** ඇමති තුමාට සපෝට් එක් දෙන්න ශෙයා කරන්න

තවත් ෆේස් බුක් පිටුවක් - ඔන්න තොපේ සිංහල බෞද්ධ රටේ හැටි . බුදුහාමුදුරුවො වැඩිය කැලණියෙත් මිනි මරනවා .අපේ ශරියා නිතිය ගෙනාව නම් ඕව වෙන්නේ නෑ . අපි ඕව කරන උන්ගේ අත් කපනව , බෙලි කපනවා එතකොට කවුරුත් මිනිමරන්නේ නෑ . ලංකාවට ශරියාව ඔනි කියන අය ලයික් කරන්න , ඕනිමයි කියන අය ශෙයා කරන්න .

ජනප්‍රිය සිංහල බ්ලොග් කරුවෙක් - ඕං බලහන් **** ***නියම වැඩකරුවා නෙවෙයිද කියලා . උන්නැහේ ඔය බාසුල වගේ දෙපැත්තට ඇද ඇද වැනි වැනි ඉන්නේ නෑ . හිතුනද කලා . අන්න එහෙමයි නිර්භීත නායකයො වැඩ කරන්න ඕනි .XXX XXXXලත් හොඳ මිනිස්සු නෙවෙයිනේ . උන්ට ඔහොමම තමයි වෙන්න ඕනි . මොනව උනත් ලොක්කා **** ***ව තියාගෙන ඉන්නේ ඒකයි . ලොක්කා දන්නව කවුද නියම වැඩකරු කියලා

අන්වර් මනතුංගගේ ආචාර්ය වරයා ඉස්ලාමයට දුන්න විශේෂණ

http://anveranswers.blogspot.com/2013/01/blog-post_5.html

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com28tag:blogger.com,1999:blog-8307295550317581479.post-80612828393160218372013-01-04T21:22:00.001+05:302013-01-04T21:22:06.380+05:30අන්වර් මනතුංගගේ ප්‍රතිචාර වාරණයට පිලියමක් - පිලිතුරු දැක්වීමට වෙන්වූ බ්ලොග් අඩවියක් !

කලින් ලිපිය පටන් ගනිත්දි සටහන් කලේ දිගින් දිගටම ලියන්න අකමැති බවක් වුනත් නැවතත් ඒ ගැනම ලියන්න සිදුවෙලා තියනවා . නමුත් මේ බුවාගේ සීතුවිලි බ්ලොග් අඩවිය අන්වර් මනතුංග ගැන හෝ ඉස්ලාම් අන්තවාදය ගැන දරන අවසන් ලිපිය බවට නම් සැකයක් නෑ . මොකද මේ ලිපියේ පරමාර්ථය වෙන්නේ ඒ සඳහා යෙදුනු අලුත් වැඩපිලිවෙල පාඨකයාට හඳුන්වාදීම නිසා .

අන්වර් මනතුංග "සිංහල බෞද්ධ ආචාර්ය " වරයෙක් යොදාගෙන සිංහල කාන්තාවන් ඉස්ලාම් කරණය කිරීමට ගත් උත්සාහයේදී , අදාල ආචාර්ය වරයාගේ සැබැ ස්වරූපය හෙලි කිරීම වෙනුවෙන් ලියවුනු ලිපියට අදහස් දක්වපු පාඨකයින් අතරින් මතුවුනු එක් අදහසක් වුනේ අදහස් වාරණය කරනා අන්වර් මනතුංගගේ බ්ලොග් අඩවිය තුල තර්ක කිරීමෙන් පලක් නොමැතිය කියන එක .

අන්වර් මනතුංග තමන්ට එරෙහිව එන කිස්දු ප්‍රතිචාරයක් පල නොකරන බව දැන සිටියත් ඔහුගේම වචන වලට අනුව " මට විශේෂ අවසරයක්" ලබා දීමත් , අන්වර් පතුරවන ආගමික අන්තවාදය බලාගෙන නිහඬවම සිටීමේ හැකියාවක් නැති විමත් නිසා මේ දක්වාත් ඔහුගේ බොහෝ ලිපි වලට ප්‍රතිචාර දක්වන්නත් , අන්වර් ඇතුලු මුස්ලිම් කෙමෙන්ට් කරුවන් රාශියක් සමඟ තනිවම සංවාදයේ යෙදෙන්නත් කටයුතු කලා . කාලය කා දමන කටයුත්තක් වුනත් , අන්වර් මගේ කමෙන්ට් වාරනය නොකිරීමෙන් ලැබුනු වාසිය මත කොහොමින් හරි කමෙන්ට් පලකලේ මුස්ලිමුන් පිරිසක් එක්ව "තනියෙන් ගත්ත ආතල් එකට " එරෙහිව යමක් එහි ලියන්න අන්වර් සමාන්‍යයෙන් අවස්ථාව ලබා නොදුන් නිසා

කොහොම වුනත් ඒ කතන්දරය තව දුරටත් කරගෙන යාම දුෂ්කර වුනේ අන්වර් ඔහුගේ ආචාර්ය වරයාගේ මට එරෙහි කමෙන්ටුවක් සංවාදයක් අතර මැදින් අරන් ගිහින් පෝස්ට් එකක් විදිහට පල කිරීමත් එක්ක . එක පැත්තකින් සංවාදයක් කරගෙන යන්නත් , අලුත් පෝස්ට් එකක් දැම්මාම එකම මාතෘකාව ගැන එකම සෙට් එකක් එක්ක නැවත නැවතත් සංවාද කරන්නත් යාම කාලය කා දැමීමක් පමණක්ම වන නිසා . අදාල ආචාර්ය වරයා එක්ක සංවාදයෙන් පසු අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ කමෙන්ට් පල නොකරන්න තීරණයකට ආවා

නමුත් ඒ තීරණය වඩාත් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න සිදුවෙන්නේ අන්වර් මගේ කමෙන්ටුවක් පලමු වතාවට වාරණය කිරීමත් එක්ක . අන්වර් මනතුංග ට අවශ්‍ය විදිහට කපන්න කොටන්න අවකාශය තියන තැනින් එලියට ඇවිත් ඔහුගේ මතවාදයන්ට විරෝධය පල කිරීමේ ක්‍රමවේදයක් විදිහට කලින් ලිපියේදි පාඨකයෙක් යොජනා කලෙ මේ බ්ලොග් අඩවියෙන් පිලිතුරු සැපයීම . නමුත් දිගින් දිගටම මේ දේවල් සටහන් කිරීම මගේ සාමාන්‍ය පාඨකයින්ට හිසරදයක් විය හැකි නිසාත් , අන්වර් මනතුංගගේ වාරණයට ලක්වෙන එහෙත් මුස්ලිම් අන්තවාදයට පිලිතුරු සැපයීමේ අවශ්‍යතාවය තියන අයට අවකාශයක් සලසන්න පුලුවන් නිසාත් ඒ වෙනුවෙන් වෙනමම බ්ලොහ් අඩවියක් ආරම්භ කරන්න තීරණය කලා

http://anveranswers.blogspot.com/

අන්වර් මනතුංගට පිලිතුරු නම් වු මේ බ්ලොග් අඩවිය , අන්වර් මනතුංගගේ ලිපි වලට පිලිතුරු දිය යුතුයි කියල සිතෙන අවස්ථාවලදී පිලිතුරු දීමට යොදාගන්නයි බලාපොරොත්තුව . ඒ වගේම anver.reply@yahoo.com කියන ඊමෙල් ලිපිනය ඔස්සේ අන්වර් ගේ බ්ලොගය තුලා වාරණයට ලක්වුන , විය හැකි ඔනිම ප්‍රතිචාරයක් ලිපියක් ආකාරයෙන් පලකරනවා ගන්න හැකියාව තියෙයි . ඒ වගේම කමෙන්ටු හරහා ඕනිම අදහසක් දක්වන්නත් සුපුරුදු පරිදිම අවස්ථාව තියෙයි . අන්වර් තමන්ට එරෙහි මතවාදයන් සඟවන්න කටයුතු කලත් මේ පිලිතුරු බ්ලොග් අඩවිය මුස්ලිම් වරුන් ඇතුලු ඕනිම කෙනෙක්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම උදෙසා එකසේ විවර බව අවධාරණය කරන්න කැමතියි

අන්වර්ට දෙන්න තියන උත්තර ඉහත ඊමෙල් ලිපිනය ඔස්සේ එවන ලෙසත් , අන්වර්ලාගේ ඉස්ලාම් අන්තවාදී වාදී මතයන්ට විරෝධය පලකරන්න කැමති සියලු දෙනා අතර මේ පිලිතුරු බ්ලොග් අඩවිය ප්‍රචලිත කර්න්න දායක වෙන ලෙසත් මම බොහොම ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මේ පිලිතුරු බ්ලොග් අඩවිය මුස්ලිමුන්ට එරෙහිව සිංහල බෞද්ධ ව්‍යායාමයක් නොවන බවත් , ඉස්ලාම් අන්තවාදයට සහ අන්වර් මනතුංග නැමැත්තාගේ වාරණයට එරෙහි මුස්ලිම් නොවන සියලුම දෙනා වෙනුවෙන් වගේම , තමන්ගේ මතය වෙනුවෙන් සංවාද කරන්න කැමති මුස්ලිම් සහෝදරයින් වෙනුවෙනුත් එකසේ විවර අවකාශයක් බව නැවතත් අවධාරණය කර සිටිනවා

ඉස්ලාම් අන්තවාදය ගැන ලිපි පිලිතුරු බ්ලොගයට බාර කරල ඊලඟ ලිපියේ ඉඳන් ආශ්චර්ය දීපයේ පොලිටික්ස් ඇතුලු සුපුරුදු ලිපි වලින් ඔබ හමුවට එන්නයි බලාපොරොත්තුව සුභ දවසක් !

ලිපි එවන ඔබේ ඊමෙල් ලිපිනයන්ගේ අනෙන්‍යතාව 100%ක් සුරකින්න මම බැඳිලා ඉන්නවා . ඔබට ලිපිය පලකරන්න අවශ්‍ය අන්වර්ථ නාමය(එවැන්නක් අවශ්‍ය නම් ) ලිපිය සමඟින් එවන්න පුලුවන් . ඊමෙල් ලිපිනය කුමන ආකාරයකින් හෝ නිරාවරනය වීම ප්‍රශ්නයක් නම් කලින් ලිපියක ඇනෝනිමස් කමෙන්ටුවක් හරහා අදාල පිලිතුර පලකරලා එය ලිපියක් ලෙස පලකරන ලෙස ඉල්ලා සිටීමත් ප්‍රමාණවත් !

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com38tag:blogger.com,1999:blog-8307295550317581479.post-84926484430949719242012-12-29T17:54:00.002+05:302012-12-29T18:02:10.382+05:30සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....

ආගමික ප්රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න "සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා

කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම්

"කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය කාන්තාව සතුයි " කියන එක . ඒ මතවාදය තුල නොඉන්නවා නම්

කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත් බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැයි සිතනවා නම්

[ඉන්දියාවේ දහස් ගණනක් පාරට බැහැලා කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කරන්න රජයට බලකරන උද්ඝෝෂණ මාලාවක් දියත් කරන්න හේතුවුනු වෛද්‍ය සිසුවියක් මුහුණ දුන්න අවසනාවන්ත ඉරණමත් ඇයගේ ඇඳුමේ වරදින් සිදුවුනාය-] කියන ඇතැම් මුස්ලිමුන් ගේ පහත් මානසිකත්වයම තියනවා නම් ඒ අයට කෙමෙන්ට් තීරය හරහා අදහස් පලකරලා සංවාදයකට එකතු වෙන්න පුලුවන් .

අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පාඨක ප්‍රතිචාරයක්

ඒ වගේම මේ පිලිබඳ කලින් අන්වර් මනතුංග බ්ලොග් අඩවියෙ ඇතිවුනු සංවාදයන්ට පහත ලින්ක් වලින් එකතු වෙන්නත් පුලුවන් .අන්වර් ප්‍රතිචාර වාරණය කරන නිසා ඔවුන්ගේ මතවාදයට එරෙහිව අදහස් දක්වන්න නම් ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න වේවි . (මුස්ලිම් රටවල නිති වගෙම තමා )

http://www.anvermanatunga.com/2012/12/23/wasthra-sinhala-doc/

http://www.anvermanatunga.com/2012/12/21/kantha-wasthraya-sinhala-doc/

කොහොම වුනත් ඉස්ලාමිකයන් පලකරපු ඒ ලිපි එක්ක මතවාදීමය වශයෙන් ගැටෙත්දි , අන්වර් මනතුංග සිංහල බෞද්ධ උගතෙකුගේ කියල ලිපියක් ඊයේ දවස තුල පලකරනවා . අන්වර්ගේ පිට කැසීමට අමතරව මේ ලිපිය පුරාම දකින්න තියන මතවාදය අන්තවාදී ඉස්ලාමිකයෙකුටත් එහා ගිය , සිංහල සමාජයේ කාන්තාවන් තුට්ටුවට දාල කථාකරන ස්වාභාවයෙන් යුක්තයි . අන්වර් විසින් පහත ආකාරයට දක්වලා තියන අදාල බුද්ධිමතා දක්වපු අදහස් කිහිපයක් තමයි පහලින් උපුටා දක්වලා තියෙන්නේ

Anver - //අද අන්තර්ජාල අඩවි ලිපි වලට ලැබෙන ප්රතිචාරයන්ගේ ගුණාත්මක බව විශාල වශයෙන් පිරිහී ඇති යුගයකි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යනු අන්තර්ජාල අඩවි තුල ඉතාමත් ගුණාත්මක පාඨක ප්රතිචාරයන් දමන්නාවු මධ්‍යස්ථ මතධාරී බෞද්ධ විද්වතෙකි. ඔහු අපගේ අඩවියේද පාඨකයෙක් වන අතර විශේෂ අවස්ථාවන්හිදී තමන්ගේ බුද්ධිමත් අදහස් සංවාදයන්ට යොමුකර ඇත.//

විද්වතාගේ අදහස් කිහිපයක් -

01) //. ඉතින් ඇයි මේ සිංහල බෞද්ධ යුවතියන් තමන්ගේ සිරුර නිරාවරණය කරගෙන මේ විදිහට පිරිමින්ගේ යටපත් වෙලා තිබෙන හැඟීම් ආශාවල් අවදි කරවලා අවුස්සලා දාලා මේ විදිහට කටයුතු කරන්නේ. ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඇත්තටම මට නම් තේරෙන්නේ නැහැ. බොරුවට පිරිමියෙකුව කාමාශාවෙන් අවුස්සන විදිහට ඇඳුම් ඇඳලා ඊට පස්සේ බොරුවට ඒක සිංහල බෞද්ධ කාන්තා අපේ අයිතිවාසිකමක් අපිට ඒකට සම අයිතියක් තියනවා කියලා කිව්වට වැඩක් නැහැ. ඒ වගේ අසික්කිත ඇඳුමක් ඇඳගෙන ගිහින් පිරිමියෙකු හෝ පිරිමි පිරිසක් අතින් දූෂණය වුනාට පස්සේ බොරුවට ඒ පිරිමියට හරි පිරිමි පිරිසට හරි බැනලා පලි ගහලා හෙන ඉල්ලලා නඩු දාලා වැඩක් ඇත්තෙම නැහැ. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයිනේ. පිරිමියා හා පිරිමි පිරිස හරි තමන්ගේ ඕන දේ ඒ සිංහල බෞද්ධ යුවතියගෙන් කැමැත්තෙන් හරි බලහත්කාරයෙන් හරි අරගෙන ඉවරයි එතකොට. පෙරහැර ගියාට පස්සේ මොනවා කලත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ පොලිසී ගිහිල්ලා පෙරකදෝරුවෝ පස්සේ ගිහිල්ලා උසාවි ගිහිල්ලා නීතිඥයෝ අහන ප්‍රශ්න නිසා කලින් සිදුවුනු කායික දූෂණය වගේ කීප ගුණයක් මානසික දූෂණයට පත් වෙලා නඩු කියලා හොඳ පණ ගිහිල්ලා නින්දා අපහාස විඳලා තමන්ගේ චරිතව හොඳ නම කැළැල් කරගෙන වෙන්න ඕන හැමදේම වෙලා ඒ විත්තිකරුවට හෝ විත්තිකරුවන්ට දඬුවම් කලාට වැඩක් නැහැ. මොකද ඒ වෙනකොට ඒ සිංහල බෞද්ධ යුවතියට වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. ඉතින් මේකය සිංහල බෞද්ධ යුවතියන්ටත් කරන්න ඕන වෙලා තියෙන්නේ. යස අපූරුවට හොඳට ඉන්න පිරිමින්ව අඩ නිරුවත හා නිරුවත පෙනෙන ඇඳුම් පැළඳුම් මඟින් අවුස්සලා ඔවුන්ට කියලා තමන්ව දූෂණය කරගෙන බොරුවට ඒ අයට පස්සේ චෝදනා කරන්නද සිංහල බෞද්ධ යුවතියන්ට ඕන//

02) //මොකද අද ඉතාම වේගවෙන් සිංහල බෞද්ධ පිරිමි අය මුස්ලිම් යුවතියන්ට ආකර්ශණය වෙමින් ඉන්නවා. නමුත් මුස්ලිම් යුවතියන් ඉතාම ලැජ්ජාශීලිව යහගුණවත්ව ආගමානුකූලව හැඳෙන වැඩෙන යුවතියන් නිසා ඔවුන් සිංහල බෞද්ධ තරුණයන්ට වඩා මුස්ලිම් තරුණයන්ට කැමති වෙන්න පුලුවන්. ඒත් සිංහල බෞද්ධ තරුණයන් මුස්ලිම් යුවතියන්ගේ ඒ හැදියාවට කැමති වෙන්න ප්‍රධානතම හේතුව මුස්ලිම් යුවතියකගේ බාහිරව ඇඳුමින් පැළඳුමින් ප්‍රදර්ශනය වන සංවර කම හා හැදියාවටයි. ඒක සිංහල බෞද්ධ යුවතිකගේ අඩනිරුවත් ඇඳුම් පැළඳුමකට ලබාගත නොහැකි ආකර්ශණයක්. මේක නිසා දැන් බොහෝ සිංහල බෞද්ධ යුවතියන් ඉතාම දැඩි විදිහට ඊර්ෂ්‍යාවට පත් වෙලා ඉන්නේ මුස්ලිම් යුවතියන් සමඟ කියලා ආරංචියි. සමහර සිංහල බෞද්ධ යුවතියන් මුස්ලිම් යුවති යන් හිස ආවරණය කරගැනීම සඳහා භාවිතා කරන මුහුණු හා හිස් ආවරණයට සමානවම පැළඳුමක් මසා ගෙන අලංකාරය පිණිස පළඳින බව දැක ගැනීමට ලැබෙනවා මඟතොට යද්දී//

විද්වතාගේ විද්වත් අදහස් ගැන වැඩි විස්තර ඕනි නම් අදාල ලිපියටම ගිහින් බලාගන්න පුලුවන් . ඔය විද්වත්ය කියන මහත්තයගේ සම්පූර්ණ නමම ගුගල් කලේ ඔහුගේ අදහස් වල "හොඳ" කම නිසාත් , සාමාන්යෙන් අන්තර්ජාලය තුලදි පුද්ගලයන් භාවිතා නොකරන ආචාර්ය පට්ටම් සහ සම්පූර්න නාමයමත් භාවිතා කරල තිබීම නිසා .

ඔබටත් ඒ දේම කරල ඒ පුද්ගලයාගේ නමින් තියන විවිධාකාරයේ හිස් බ්ලොග් අඩවි රාශියක් වගේම සමහර තැන්වලදී දක්වලා තියන පාඨක ප්‍රතිචාරත් දැකගන්න පුලුවන් . ඒ වගේම සිංහල කාන්තාව මුස්ලිම් කරණය කරන්න හදන අදාල පුද්ගලයාගේ ෆෙස්බුක් සහ ගුගල්+ පිටුත් නරඹන්න හැකියාව තියනවා . කාන්තාවක් දූෂණය වීමේ වරද කාන්තාව මතම පටවන්න තරම් " ශ්‍රේෂ්ඨ " බුද්ධියක් තියන මේ විද්වතා අපුරුම චරිතයක් බව දැනගන්න ලැබෙන්නේ ඔය සෙවිමෙන් . පහලින් දක්වලා තියෙන්නේ සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කරන්න අන්වර් උන්නැහේ යොදාගත්ත "සිංහල බෞද්ධ විද්වතාගේ " ප්‍රසිද්ධ අන්තර්ජාල භාවිතාවන් වලට සාක්ෂි කිහිපයක් , ඒවා කියවීමම බුද්ධිමත් බ්ලොග් පාඨකයෙකුට ප්‍රමාණවත් නිසා අමුතුවෙන් විග්රහ කරන්න යන්නේ නෑ

Facebook Page - https://www.facebook.com/dr.snhewage

ෆේස් බුක් පිටුවේ කමෙන්ට් සහිතව පහලට ටිකක් කියවාගෙන ගියා නම් පුද්ගලයා ගැන අදහසක් ගන්න පුලුවන්

අදාල පුද්ගලයාගේ නමින් බ්ලොග් අඩවි රාශියක් ක්‍රියාත්මකයි , බහුතරයක් හිස් . මේ බුදු දහම පිලිබඳ ලියවුනු බ්ලොග් අඩවියක් . ගැනුන්ගේ ඇඳුම් නිසා ලිංගික ආශාවන් උත්දීපනය වෙනවාය කියන මේ විද්වතා බුදු දහම ගැන ලියන අස්සේ දාල තියන ඡායාරූප මොනවගේද කියල මදක් පිරික්සුවොත් දැනගන්න පුලුවන්

http://ananthayadakva.blogspot.com/

අදාල පුද්ගලයාගේ නමින් ලංකාදීප වෙබ් අඩවියේ නිතරම කමෙන්ටු පලවෙලා තියන බව පේනවා , පහල සබැඳිවල තියන ලිපි වල ඔහුගේ නමින් තියන ඇතැම් කමෙන්ටුත් ඔහු ගැන අදහසක් ලබාගන්න ප්‍රයෝජනවත් වෙනවා

http://www.lankadeepa.lk/index.php/articles/45272

http://www.lankadeepa.lk/index.php/articles/46054

සිහි බුද්ධියක් ඇතිව කමෙන්ටු කියවාගෙන ගියොත් වෙන්න මොකක්ද කියල තේරුම් ගන්න පුලුවන් . මේ පුද්ගලයා තරුණ රංගන ශිල්පිනියන් දෙදෙනෙක්ගේ නමුත් භාවිතා කරල තියන බව පේන්න තියනවා . මේ එක් රංගන ශිල්පිනියක් ගැන තවත් තැනක දක්වපු අදහස් තමයි මේ තියෙන්නේ . එතනදි කමෙන්ට් එක ගුගල් + ප්‍රොෆයිල් එකෙන්ම දාලා තියනවා බලාගන්න පුලුවන් .

http://gossiplankanewsnow.blogspot.com/2010/12/blog-post_8419.html

අන්වර් මනතුංගට එවපු ලිපියේ කාන්තාවන්ට ඔලොගු පෙරවන්න කථා කරපු කෙනා අදාල රංගන ශිල්පිනියගේ රංගනයන් අනුමත කරන්නේ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක් . ඒ වගේම ඔහු පෙන්වන්න හදන මිත්‍රකම ගැනත් අදාල නිලියව පෞද්ගලිකව දන්න කෙනෙක් ඉන්නවා නම් ඔය ලින්ක් එකේ තියන ලිපිය පෙන්වලා අහගන්න පුලුවන්

.ඉතා ලාබාල රංගන ශිල්පිනියක් ගැන ඔහුගේ ෆේස්බුකිය තුල සඳහන් කරල තියෙන්නෙ මෙහෙම

ඔයිට අමතරව , මේ පුද්ගලයා අරුණි ශපිරෝ බ්ලොග් අඩවියෙත් වාතයක් වෙන්න බවට සාධකයක් තමයි මේ

LINK

අන්වර් මනතුංගගේ "බෞද්ධ විදවතා" මොන වගේ පොරක්ද කියල හඳුනාගන්න ඔය තොරතුරු ප්‍රමාණවත් කියල මම හිතනවා . තමන්ගේ ආගමික ඉගැන්වීම් ගැන අදහස් පලකරන්න අන්වර් මනතුංග මහත්තයට වගේම ඔහුගේ අඩවියේ ලිපි පලකරන මුස්ලිම් ජාතික සහෝදර සහෝදරියන්ට තියන අයිතියට ගරු කරන්නත් , ඒවාට එකඟ නොවන වෙලාවලදි සංවාදයකට එකතු වෙන්නත් බුවා සුදානම් . නමුත් සිංහල බෞද්ධ විද්වතෙක්ය කියල "නට් කේස්" එකක් උලුප්පලා අරන් තමන්ගේ මතය තහවුරු කරන්න වෙනත් ආගමක් සහ ජාතියක මතවාදයක් විදිහට භාවිතා කිරීම නම් තරයේ හෙලාදකිනවා .

ප.ලි- මේ සිදුවීම් පිටුපස කාගේ හෝ පුද්ගල අනෙන්‍යතාවයක් හොරකම් කිරීමක් සිදුවෙලා තියෙන්න පුලුවන් බවත් අමතක කරන්න බෑ

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com82tag:blogger.com,1999:blog-8307295550317581479.post-8520262532248030322012-12-24T19:39:00.000+05:302012-12-24T19:39:06.209+05:30අවාසනාවට ... ඇත්ත කථාවක් !මහසෙන් සහ බණ්ඩාර කියන්නේ ශ්‍රි පුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල හදාරන සමීප මිතුරන් දෙදෙනෙක්. සැහෙන කාලයක් පටන් තිබුනු මේ දෙදෙනාගේ මිත්‍රත්වය ශ්‍රි පුර විද්‍යාලයේ ගුරු සිසු කාටවත් රහසක් වුනේ නෑ . විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් තේරී පත්වුනු මහසෙන් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක කමක් බණ්ඩාරට අරන් දෙන්න සැහෙන මහන්සි වුනු බවත් හැමෝම දන්නවා . බණ්ඩාරගෙනුත් ඒ වෙනුවෙන් මහසෙන් ට ලැබුනු උදව් බොහොමයි ශිෂ්‍ය නායක වැඩ කටයුතුවල නිරත වෙත්දි . මහසෙන් සහ බණ්ඩාර අතර කෙරුනු මේ උදව් උපකාර ඒ අයගේ පවුල් වල සාමාජික සමාජිකාවන් වෙනුවෙන් පවා යෙදුනු අවස්ථාත් නැතුවා නොවෙයි .

මේ සුන්දර මිත්‍රත්වයට කණකොකා හඬන්න පටන් ගන්නේ ශ්‍රි පුර විද්‍යාලයේ උසස් පෙල හදාරන්න එකතුවුනු රූමත් තරුණියක් නිසා . ඇගේ නම කුමාරි . මහසෙනුත් බණ්ඩාරත් දෙදෙනාම කුමාරිගේ ආදරය වෙනුවෙන් සටන් කලත් කුමාරිගේ ආදරය හිමිවුනේ බණ්ඩාරට . මෙත් සමඟම තමයි මහසෙන් සහ බණ්ඩාර අතර තිබුන අතිජාත මිත්‍රත්වය ජන්මාන්තර වෛරයකට පෙරලෙන්නේ .තමන්ගේ මිතුරා තමන්ට පිටුපැම පිලිබඳ උරණු වූ මහසෙන් ඔහුගෙන් පලිගන්න තීරණය කරන්නේ අවසනාවන්ත විදිහට .මහසෙන් මේ සඳහා තෝරගත්ත පලවෙනි උපක්‍රමය වුනේ බණ්ඩාරව නියෝජය ප්‍රධාන ශිෂ්‍ය නායක කමෙන් පහකිරීම

බණ්ඩාරව නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක කමට ගේන්න මහසෙන් මැදිහත් වුනත් බණ්ඩාරට ඒ තනතුර දරන්න වුවමනාවටත් වඩා සුදුසුකම් තියන බව මහසෙන් දැනගෙන හිටියා . ඒ නිසා ඔහු බණ්ඩාරට විරුද්ධ චෝදනා සමුහයක් විද්‍යාලය පුරා පතුරවන්න පටන් ගත්තා . මේ වැඩේට ශිෂ්‍ය නායක සංසදයේ ඇතැම් සාමාජික සාමාජිකාව්න් වගේම පාසලේ බිත්ති පුවත් පත බාරව හිටිය අබේවික්රමගේ සහය ගන්නත් මහසෙන්ට පුලුවන් වුනා . බණ්ඩාර කුඩා කාලයේදී බුද්ධ පුජාවට තබන පලතුරු පවා හොරෙන් කෑ අයෙකු බවත් , විද්‍යා සංගමේ වෙනුවෙන් එකතු කල බණ්ඩාර භාරයේ තිබුන මුදල් වලට වෙච්ච දෙයක් නැති බවත් , බණ්ඩාර තමන්ගේ අලුත් පාපැදිය ගත්තේ ශිෂ්‍ය නායක අරමුදලින් වංචා ක ල මුදලින් බවත් ඒ චෝදනාවල කියවුනා . කොහොම වුනත් මේ සියලුම චෝදනා වලට වඩා ශ්‍රි පුර විද්‍යාලේ බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගන්න සමත් වුනේ ශ්‍රි පුර විද්‍යාලයත් එක්ක නිතරම ගැටුම් ඇතිකරගත්ත අසල් වැසි පාසල් කිහිපයක් එක්ක බණ්ඩාර රහස් සබඳතා පවත්වන බවට මතුව්නු චෝදනාව .

ශිෂ්‍ය නායක මණ්ඩලයේ හිටිය කටකාරයා වෙච්ච විමලදාසත් , අයහපත් කල්ක්‍රියාව මැද මහසෙන්ගේ හිතවතෙකු වීම නිසාම ශිෂ්‍යනායක මණ්ඩලයේ තනතුර රැකගෙන හිටි මාටිනුත් මේ චෝදනා පාසැල පුරාම ප්‍රචාරය කරන්න දායක වුනා . කටකථා මට්ටමෙන් තිබුනු චෝදනා සියල්ල එකතු කරලා ශිෂ්‍ය නායක සංසදයේ බහුතරයකගේ අත්සතින් බණ්ඩාරට විරුද්ධව යෝජනාවක් ගෙන්න සමත් වීම මහසෙන් ලබපු විශාල ජයග්‍රහණයක් වුනා . මොකද ශිෂ්‍ය නායක සංසදය භාර ගුරුතුමා විසින් චෝදනා විභාගයට පත්කරපු කමිටුවට තමන්ට හිතවත් ශිෂ්‍ය නායකයින් වැඩි දෙනෙක් ඇතුලු කරගන්න අවස්ථාවක් මහසෙන්ට තිබුන නිසා . පාසැල් නිවාඩු කාලය ඔන්න මෙන්න තියා රැස් වුනු කමිටුව බණ්ඩාරට තිබුනු චෝදනා සත්‍ය වශයෙන් තහවුරු කරලා වාර්ථාවත් සකස් කරලා දුන්නා පාසල් නිවාඩුව පටන් ගන්න දවසේම . වාර්ථාව පිලිබඳ ආචාර්ය මණ්ඩලයට දන්වලා අවසන් තීරණයක් ගැනීම ඊලඟ පාසැල් වාරයට කල් තියපු ශිෂ්‍ය නායක සංසදය භාර ගුරුතුමා බණ්ඩාරගේ නියෝජ්‍ය ශිෂ්‍ය නායක තනතුර තාවකාලිකව අත්හිටෙව්වා .

පාසල් වාරය නිමා වුනත් මේ සිදුවීම ගැන කසුකුසුව නම් අඩුවුනේ නෑ , කඩපිලේ , පන්සලේ ටියුශන් ක්ලාස් එකේ මේ හැම තැනම ප්‍රධාන මාතෘකාව වුනේ මහසෙන් -බණ්ඩාර ගැටුම . මහසෙන් එක්ක හැප්පෙන්න බයෙන් නිහඬව හිටපු බණ්ඩාරට බොහෝ දෙනෙක් අනුකම්පා කරන බවකුත් මේ අතරේදි දකින්න තිබුනා . බණ්ඩාර අනුගමනය කරපු නිහඬ ප්‍රතිපත්තිය ගැන සැහීමකට පත් නොවුන බණ්ඩාරගේ බාල සොහොයුරා වුනු විජේපාල තමන්ගේ සහෝදරායට විරුද්ධව එල්ල වෙන චෝදනාවලට පිලිතුරු දෙන්න තමන්ගේ මිත්‍රයන් එක්ක සංවිධාන වුනා . ශිෂ්‍ය නායක මණ්ඩලය එක්කම තරහින් හිටපු විද්‍යාලයේ දඟකාරයන් විදිහට නම් දරාපු සෝමසිරි , සමිත , රන්දික වගේ අයත් තරහ අමතක කරල බණ්ඩාර වෙනුවෙන් පෙනිහිටියා . පාසැල් වාරය ආරම්භ වෙච්ච ගමන් මහසෙන්ට විරුද්ධව කටයුතු කරන්න යම් එකඟතාවක් තමන්ගේ මිතරන් එක්ක ඇතිකරගන්න විජේපාල සමත් වෙන්නේ දහම් පාසැල අවසාන වෙලා තිබුන රැස්වීමකදී

දහම් පාසැලේ රැස්වීමෙන් දවස් දෙකකට පස්සේ හවස් යාමෙක ටියුෂන් ගිහින් ආපහු එමින් සිට් විජේපාලට මඟරැකගෙන සිටි පිරිසකගෙන් ගල් ප්‍රහාරයක් එල්ල වුනා . ගල් පහරින් විජේපාලට හානියක් නොවුනත් , විජේපාලගේ මිතුරන් වගේම බණ්ඩාර වෙනුවෙන් පෙනීසිටි සියලු දෙනාමත් පහුවදා උදේම විජේපාලලාගේ ගෙදරට ආවා . ඒ හැමෝම දරපු අදහස වුනේ මේක විජේපාලව බය කරන්න මහසෙන්ලා කරපු වැඩක්ය කියන එක . නමුහ් හැමෝම පුදුමයට පත්කරමින් මහසෙනුත් විජේපාලව බලන්න ආවේ අඹ පෙට්ට්යකුත් අරගෙන . මේ නිසා ගමේ සමහරක් දෙනෙක් මහසෙන් ගැන තිබුන සැකය ඉවත් කරගත්තත් , අංක එකේ කපටියෙක් වෙච්ච මහසෙන් ව විශ්වාස කරන්න බණ්ඩාරගේ පාර්ශවයේ කවුරුවත් කැමති වුනේ නෑ . මේ සිදුවීම කණවැකුණු විදුහල්පති තුමා නිවාඩු කාලය නොසලකා අදාල පාර්ශවයන් පාසැලට කැඳෙව්වේ ගැටුමේ මුල පාසල නිසා . විදුහල්පති තුමා ඉදිරියේදීම බණ්ඩාර පාර්ශවය විජේපාලට කරපු පහරදීම පිලිබඳ මහසෙන්ට චෝදනා කලා

විදුහල් පතිතුමා මහසෙන්ගෙන් මේ ගැන නිදහසට කරුණු විමසා සිටියා . ඊට පිලිතුරු දුන් මහසෙන්

"සර් . බණ්ඩාරයි විජේපාලයි එක්ක මාත් එක්ක ප්‍රශ්නයක් ඇතිකරගෙන ඉන්නාවය කියල මුලු ගමම දන්නවා , විජේපාලලා මට විරුද්ධව පන්සලේ රැස්වීමක් තිබ්බේ දවස් දෙක තුනකට කලින් . ඒකත් ගමම දන්න දෙයක් . ඉතින් මේ වගේ වෙලාවක විජේපාලට ප්‍රහාරයක් එල්ල කලොත් ඒකේ චෝදනාව මට එල්ල කරන්න පුලුවන් බව ඕනි කෙනෙකුට තේරෙනවා . මේක තනිකරම මාව මේකට පටලවන්න විජේපාලලාම කරපු කුමන්ත්‍රණයක් . ඔය එල්ල කලාය කියන ගල් පහරෙන් විජේපාලට හිරුම් තුවාලයක්වත් වෙලා නැත්තේ ඒකයි . මට විජේපාලට ගස්සවන්න ඕනිකමක් තිබුනා නම් ඇයි විජේපාලට කරදරක් නොවෙන්න ගහන්න හේතුවක් නෑ "

විදුහල්පතුතුමා මොකද කිවේ ????? ඔබට පිලිතුර අනුමාන කල හැකි නම් කථාව එතනින් නිමි .

සියලු දෙනාටම ප්රිතිමත් නත්තලක් !

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com48