මම වෙමිද - නොවෙමිද - නොවෙමි
මම බැතිමතෙක්ද නොවෙමි,මිසදෙටුවෙක්ද නොවෙමි
මම සික පද අනුව හෝ මගේ බුද්ධිය අනුව හෝ ජීවත් නොවෙමි
මම දේශකයෙක්ද ශ්‍රාවකයෙක්ද නොවෙමි
මම ස්වාමියෙක්ද සේවකයෙක්ද නොවෙමි
මම නිදහස් ද නොනිදහස් ද නොවෙමි
මම කිසිවෙකුගෙන් දුරස්තර හෝ කිසිවෙකුට ලං ද නොවෙමි
මම දෙව්ලොවටද අපායටද නොයන්නෙමි
මම සියලු කාර්යයන්හි ව්‍යාවෘත වන අතර සියලු කාර්යය කින්ම පිටස්තර වෙමි
මා වටහා ගන්නන් නැති තරම් ය
මා වටහා ගන්නා තැනැත්තේ සාමය භජනය කරන්නේය
-රබීන්ද්‍රනාථ ඨාකූර්
පර්වර්ථනය - මඩවල පංඤ්ඤාවංශ හිමි
උපුටුනය - ගෝරා නවකතාව(රවීන්ද්‍රනාථ් ඨාකූර් ) සිංහල පරිවර්ථනය - චින්තා ලක්ෂිමි සිංහාරච්චි
