Choose your skin:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Monday, May 13, 2013

    ආශ්චර්ය දීපයේ චිත්‍රපට - 13 ත් එක්ක බෑ , හොඳ අන්කලුයි නරක ඇන්ටියි ,ප්ලෙන් එනකම්...........

    ක්ෂණික ප්‍රතිචාර : 
    හොලිවුඩයේ මේ දවස් වල කථා වෙන්නේ යකඩ මිනිහා 3 , පෙට්ටි කාර්යාල වාර්ථා කුඩු පට්ටම් කිරීම් ගැනය.යකඩ මිනිහාත් ඇතුලු මාවල් විරයෝ සෙට් එකම ඉන්න ඇවෙන්ජර්ස්  වලට විතරක් දෙවෙනි ආරම්භයක් යකඩ මිනිහා තුන අරගෙනය . ඒ කියන්නේ  හොඳම ආර්ම්භක සති අන්තයන් දෙකටම යකඩ මිනිහා සම්බන්ධ වෙලා කියන එකය. පලවෙනි දර්ශනේට නිලියක් ඇන්ද රෙද්ද නිසා අපේ අයටත් යකඩ 3 මිනිහා ගමේ එකෙක් ගානටම සමීපය. 45-50 අන්කල්ලා , 20-25 කෙල්ලන්ට ලව් කරන ඒවාත් , පයිට් , සින්දු , කොමඩි , නැටුම් , රේස් ඔක්කොම එකතු කරපු මසාලාවකුත් නොවන  , ආධුනිකයන් දෙදෙනෙක් රගපාන Aashiqui -2  වසරේ පලවෙනි සුපර් හිට් එක වීම බොලිවුඩයෙන් ඇහෙන හොඳම කථාව කිවාටද වරදක් නෑය . චිත්‍රපටිය කෙසේ වෙතත් සින්දු සෙට් එක නම් සුපිරිය .රසිකයෙකුට කණ පිරෙන්න අහන්නට වගේම හින්දුස්ථානි සංගීතයට "දේශීය සංගීතය" කියා ලේබල් ගසා මැරෙන්න හදනා මෙරට ඔස්තාද්ලාට බටහිර රොක් සංගීත සම්ප්‍රදාය සහ හින්දුස්ථානි සංගීතය එකතු කර රසවත් නිර්මානයක් කරන්නේ කෙසේදැයි ටියුශන් ගන්නටත් ඒ සෙට් එක වැදගත්ය


    කොලිවුඩ් නොහොත් තමිල්නාඩු සිනමාව ගැන නම් දැන් අපිට හිතන්නට දෙයක් නෑය , අපේ රාවණා බලකාය තමිල්නාඩු චිත්‍රපටි ලංකාවට ගෙන්වීම තහනම් කරලාලුය . දැන්  දෙමල ජනතාවටත් 'සිරි පැරකුම්" බලා දේශප්‍රේමය උපද්දවා ගන්නට පුලුවන්ය . රාවණා බලකාය මෙදා පාර වාඩුව ගත්තේ අවුරුදු දහස් ගාණක ඇරියස් එකක්ය.වෙනස තියෙන්නේ රාවණා රජතුමා පැරදුනේ නෝත් ඉන්දියන් හිරෝස් ලට (පැරදුනා නොව එකකුස උපන් එකා ගම කෑවාය )   වීමත් මෙදා රාවණා බලකාය ඇට්ටි හැලෙන්ට දුන්නේ සවුත් ඉන්දියන් හීරෝස් ලට වීමත්ය .රාවණා බලකායේ තීරණය නිසා දැන්   කොලිවුඩ් නලුවෝ හිඟමනටම වැටිලාය (මේකට අර ආශිර්වාද පුජාවෙත් බලපැමක් තියෙන්නට පුලුවන්ය ) , මේකප් ගැලවූ විට කොහොමත් හිඟන පාට රැජිනි කාන්ත්ට නම් හිඟා කැම ගොඩක් ලේසි ඇතිය

    මේච්චර වෙලා කිවේ වල්පල්ය , ඔය හැමවුඩ් එකක්ම පරදන අපුරු චිත්‍රපටි සෙට් එකක්ම ආශ්චර්ය ද්වීපයේ තියනවාය . මේ තියෙන්නේ ඒ අති සාර්ථක නිර්මාණ කිහිපයක්  ගැන කෙටි හැඳින්වීමක්ය
    ----------------------------------------------------------------------------------------------------------

    හොඳ අන්කලුයි නරක ඇන්ටියි - ළමා කතන්දර පොතක නමක් තිබුනාට මේක ලමා චිත්‍රපටියක්  කියා කියන්නට බැරිය . පහුගිය මැයි පලවෙනිදා රූගත කිරීම් අවසන් කර , ඒ මොහොතේ සිටම තිරගත කිරීමත් ආරම්භ කලාය . නරක ඇන්ටිගෙන් පිඩා විඳින බබාලා බේර ගන්නට  හොඳ අන්කල් කෙනෙක්  පහල වීම චිත්‍රපටියේ ක්ලයි මැක්ස් එකය . අන්කල් ගේ පැමිණීම චිත්‍රපටියේ තැනින් තැන ඉඟි කරන නිසා  කුතුහලය අඩුවුනා කියා ඇතැම් කුහක විචාරකයින් විසින් මත පලකලත් , චිත්‍රපටිය තවමත් පෙට්ටි කාර්යාල වාර්ථාවේ දෙවෙනි , තුන්වෙනි තැන්වල ඉන්නවාය

    13 ත් එක්ක බෑ -  . අතිදක්ශ විකට නලුවෙකුත් , ක්‍රියාදාම නලුවෙකුත් රඟපාන නිසා චිත්‍රපටිය පටන් ගත්තේම පෙට්ටි කාර්යාලවාර්ථා කුඩු පට්ටම් කරගෙනය. ක්‍රියාදාම නලුවා අතීතයේදී සැහෙන හපන් කම් පෙන්නුවත් (සමහර චිත්‍රපටි අවසන් වුයේ බෝම්බ ගසා දුශ්ටයන් රටෙනුත් පන්නා දැමීමෙන්ය ) දැන් දැන් ඔහුගේ ක්‍රියාදාම හැකියාවන් මොටවී ඇති බවක් විචාරකයින් විසින් පෙන්වා දී ඇත . කලින් කී හොඳ අන්කල් චිත්‍රපටියේද ආරාධිත චරිතයක් රඟපෑ මේ ක්‍රියාදාම නලුවා ඒතුලින් හෝ බලාපොරොත්තු වූ මට්ටමේ දක්ෂතා දැක්වීමට සමත් වූයේ නැත . කෙසේ වුවත් විකට නලුවාගේ දක්ශතාවයන් චාලි චැප්ලින්ගේ මට්ටමටම ආසන්න නිසාවෙන් චිත්‍රපටිය අති සාර්ථකය . කෙසේ වුවත් ඇතැන් විචාරකයින් පවසන්නේ මෙය වෙනත් රටක සම්මාන උලෙලක් සඳහා විශේෂයෙන් සුදානම් කල චිත්‍රපටියක් බවය . කලින් චිත්‍රපටියේ හොඳ අන්කල්ගේ චරිතය රඟපෑ රංගන ශිල්පියා විසින් මෙම චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන ලදී

    මට මතක නෑ - මෙය සැහෙන කාලයකට පෙර තිරගත කිරීම ආර්මභ කල (තිරගත කල දිනය මටත් මතක නැත ) එදා සිට මේ දක්වා පෙට්ටි කාර්යාල වාර්ථාවේ පලවෙනි 10ය අතර නිරන්තරයෙන්ම රැඳි සිටි අති සාර්ථක චිත්‍රපටියකි . මෙය කලින් කී බොලිවුඩ් මසාල චිත්‍රපටියක් මෙන් පයිට් , සින්දු , කොමඩ් , ත්‍රිලර් ආදී සියල්ලෙන්ම සපිරි චිත්‍රපටියක් වන අතර චිත්‍රපටියේ ආර්ම්භයේදීම අවසානය කුමක්දැයි අනුමාන කල හැක.  , බොලිවුඩ් මසලාවක් මෙන් නොව  ආර්ම්භ ජවනිකාව හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටියක මෙන්  ඇක්ශන් සිකුවෙන්ස් එකක් වීම මෙම චිත්‍රපටියේ සුවිශේශත්වය ලෙස සඳහන් කිරීම නිවැරදිය.  චිත්‍රපටියේ නිල ප්‍රචාරක කටයුතු සුප්‍රද්ධ මාධ්‍ය ආයතන දෙකකින් තරඟ කාරීව සිදු කිරීමද චිත්‍රපටියේ සාර්ථකත්වයට  එක් හේතුවක් බව තතු දත් ආරංචි මාර්ග පවසති


    ආලි  හොරා, ආලි හිරේ , ආලි ගෙදර - මෙම තුන් ඇඳුතු චිත්‍රපට පෙල  ලෝක සිනමාවේ පලමු වතාවට එක පෙලට තිරගත කොට ඉක්මනින්ම අවසන් වීමෙන් වාර්ථාවක්ද්  තබා ඇත . එක පෙලට තිරගත කරලීම නිසා ප්‍රේක්ශකයින් අන්දුන් කුන්දුන් වීම නිසා එතරම් සාර්ථකත්වයක් නොලැබුවත් ආර්ම්භ සතියේදී පෙට්ටි කාර්යාල වාර්ථාවේ මුල් ස්ථාන අතර රැඳි සිටීමට සමත් විය . තරඟකාරි නිශ්පාදන සමාගම් දෙකක් විස්න් හවුලේ නිශ්පාද්නය කිරිම නිසා චිත්‍රපටියේ මඤ්ඤං ස්වාභාවය වැඩිවූ බව ඇත්ම් විචාරකයින් විස්න් පවසා ඇත

    ප්ලෙන්  එනකම් නොහොත් සකලයන් හඹන්නන්ගේ කථා වස්තුව - මෙය එම නිශ්පාදකයින්ගේම "නැවක් එනකන් නොහොත් මාලු බාන්නන්ගේ කථා වස්තුව " චිත්‍රපටියේ දෙවන කොටස ලෙස ඉදිරිපත් කර ඇත . බජ්ට් ප්‍රශ්න නිසා අවැසි කරන ගුවන් යානා සොයා ගැනීමට නොහැකි වුවත් ඉතා විශ්ෂ්ට ගණයේ ප්‍රචාරණ  ව්‍යාපාරය නිසා මාර්තු මස සිට මේ දක්වාම  පෙට්ටි කාර්යාල වාර්ථාවේ ඉහලින්ම රැඳී සිටිමට සමත්ව ඇත . මේ චිත්‍රපටියේ නිල අන්තර්ජාල ප්‍රවර්ධකයින් ලෙස . සමකය වටේ , ඇවිද්ද පය සහ මාරයා  යන අය  තෝරා පත් කරගෙන තිබුනි

    ගහන්න බැරි නම් ගෙදර වර ! - මෙය  ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරීමේ ලා සැකසුනු ඩොකියු -ඩ්‍රාමා වකි . නමුත් අවශ්‍ය කරන නලුවන් තවමත් විදේශ ගත වී සිටීම නිසා , අතිරේක නලුවන් යොදාගෙන  රූගත කිරීම සිදුකරන ලදී . පෙට්ටි කාර්යාල ප්‍රතිපල තවමත් අවිනිශ්චිතය

    අපේ චූන් අපිට හොඳා- මෙය මෙම නිශ්පාදකයන් විසින් කලකට පෙර නිශ්පාදනය කල "අපේ ගොනා අපිට හොඳා" චිත්‍රපටියේ ආදර්ශයෙන් නිමවූවකි. කිසිදු සම්බන්ධයක් නැති කථා කිහිපයක් එකට ගැටගැහීමේ අප්බ්‍රංශ  රිතියක් අනුගමනය කිරීම සහ වයස් ගත ප්‍රේක්ෂකයින් අතින් ප්‍රතික්ශේප වූ නලුවන්  පමනක් රංගනයේ යෙදීම හේතුවෙන් පෙට්ටි කාර්යාල වාර්ථාවේ සාර්තකත්වයක් ලැබීමට  මේ දක්වාත් සමත් වී නැත . දශක කිහිපයකට කලින් අති සාර්ථක නිශ්පාදකයින් වූ මොවුන්ගේ මෝඩ ආතල් වෙනුවට සැබෑ  නිර්මානයක් එලියට දමන තෙක් බලා සිටිනා ලෝයල් ෆැන්ස්ලා සැලකිය යුතු පිරිසක්ද තවමත් සිටිති

    මම විතරයි රජා - හිටපු ක්‍රියාදාම නලුවෙකු විසින් අධ්‍යක්ෂණය කර රංගනයේ යෙදෙන මෙහි ඔහු හැරුණු විට සිටින්නේ තවත් එක් රංගන ශිල්පියෙක් පමණි . අපේ චූන් චිත්‍රපටියේ නිශ්පාදකයින්ගෙන් වෙනුවුනු පිරිසක් ද මේ සඳහා අතිරේක රංගනයෙන් දායක් වුවත් ප්‍රධාන නලුවාගේ හුදකලා බාවය නිසා අසාර්ථක බාවයට පත්වී ඇත . ඔහු විසින්ම රචනා කොට භාවිතා කරන   කිසිදු පාලනයක් නැති දෙබස් කණ්ඩද චිත්‍රපටියේ අසාර්ථක භාවයට ප්‍රධානතම හේතුවක් බව විචාරකයෝ පවසා සිටියි

    එදා සුරිය අද ???????????? මෙය හිටපු නිලි රැජිනක් විසින් වසර කිහිපයකට පසු තම ආගමනය සනිටුහන් කරන්නට දරනා වැයමකි . ඉතා ජනප්‍රිය නිලියකව සිට , ජනප්‍රියත්වයේ අන්තිම අඩිය දක්වා පහල බැසි ඇයට කුමන හෝ සාර්ථකත්වයක් අත් කරගන්නට ලැබේද යන්න පුරෝකථනය කිරීමට තවමත් කල් වැඩි බව විචාරක මතයයි .  කෙසෙ වුවත් කාලයක් ඇය විසින්  පරිපාලන කටයුතු කල නිශ්පාදන සමාගමේ ඇයගේ හිතවතුන් කොටසක් ඉන් ඉවත් වී ඇය සම්ඟ එකතු වේ යැයි දූශමාන ආරංචියක් පවතිනා අතර , එය දැනට වඩාත් ප්‍රභලතම නිශ්පාදන සමාගමේ බිඳ වැටීමක් වන නිසා අනෙකුත් නිශ්පාදකයින්ටද සුභාරංශියක් වනු ඇත

    අපි ගෙවන්නේ නෑ - මෙය ඇරඹෙන්නේ  නිදහස් කෙටි චිත්‍රපටියක් ලෙසින් වුවත් මේ වන විට මේන්ස්ට්‍රිම්  කොමර්ශල් චිත්‍රපටියක් දක්වා වර්ධනය වී ඇත . ලබන 21 වෙනිදා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටිය  හිට් එකක්ද ෆ්ලොප් එකක්ද කියා තවමත් හරියටම කියන්නට බැරිය . නිශ්පාදකයින් රාශිකයක් එක්ව නිශ්පාදනය කලත් ප්‍රධාන  නිශ්පාදක කණ්ඩායම මින් පෙර සද්ද දමා තිරගත කල ඇතැම් චිත්‍රපට අතිශයින් අසාර්ථක වීමත් . චිත්‍රපටියේ තරඟකාරී නිශ්පාදන සමාගම් චිත්‍රපටිය ලත් තැනම ලොප් කරන්නට සියලු උත්සාහයන් දරන්නට ඉඩ තිබීමත් නිසා මෙම අවිනිශ්චිත බාවය උද්ගතව ඇත

    දේශප්‍රේමීයෝ - මෙය ආශ්චර්ය ද්වීපයේ පමණක් නොව , ලෝකයේම මේ දක්වා තිරගතවූ සාර්ථකම සිනමා නිර්මාණය ලෙස හැඳින්වීමේ වරදක් නැත . 2005දී තිරගත  කිරීම් ආර්ම්භ කර 2009දී උච්ඡතම අවස්ථාවට පත්වූ මෙය තවමත්  සැලකිය යුතු ජනප්‍රසාදයක් අත්කරගෙන සිටින නිසා පෙට්ටි කාර්යාල වාර්ථා ගණනය කරන්නේ මේම චිත්‍රපටියට  අතැරය. චිත්‍රපටියේ අධ්‍යක්ෂනය ,  නිශ්පාදනය සහ රංගනය ඇතුලු සැහෙන අංශප්‍රමාණයකට ශිල්පිය දායකත්වය එකම පවුලේ සාමාජිකයින්ගෙන් ලැබී තිබීම සුවිශේය. මෙය කලින්  සඳහන් කර ඇති ප්‍රභලතම සිනමා නිශ්පාදන සමාගමේ සාර්ථකත්යේ රහස ලෙසද  හැඳින්විය හැක

    Saturday, April 13, 2013

    සුභ නව අලුත් අවුරුද්දක් - (මේ විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන )

    ක්ෂණික ප්‍රතිචාර : 
    සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි .සුභ අසුබ නැකත් පිලිබඳව හෝ එසේ නැකතට කටයුතු කිරීමෙන් අත්වෙන විශේෂ වාසියක්  පිලිබඳ මාතුල කිසිදු විශ්වාසයක් නැතත් ජාතියක් වශයෙන් අනෙන්‍යවූ සංස්කෘතිකාංගයක් වූ අවුරුදු උත්සවයටත් ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ වැදගත් කමක් මා දකිමි .  පවුලේ සියලු දෙනා හැකි පමණින් එකතුව අවුර්ද්ද සමරන්නටත්  , පරණ තරහ මරහ අමතක කර ඥාති මිත්‍රාදීන් සහ අසල්වාසීන් සමඟින් සම්බන්දයන් අලුත් කරගන්නටත් , සංස්කෘතික අනෙන්‍යතාවයක් වශයෙන් සිංහල දෙමල අලුත් අවුරුදු  සම්ප්‍රදායන් මතු පරපුර වෙත ගෙනයාමටත්  සැම සියලු දෙනාම වග බලාගන්නේ නම් යහපත් බවද මේ මොහොතේ පවසනු කැමැත්තෙමි . සියලුම බ්ලොග් කරුවන්ටත්   , සිංහල බ්ලොග් කරණය වර්ණවත් කරනා නිර්නාමික ප්‍රතිචාර කරුවන්ටත්, ප්‍රතිචාර නොදක්වන නිහඬ පාඨකයිනුත් ඇතුලු  සිය්ලු දෙනාටම  තම සිතු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු කරගන්නට ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දකට ආසිරි එක් කරනා අතරම ,මාගේ බ්ලොග් කරණය නිසා වෙන් කුමන හෝ සිත් අමනාපයක් ඇති කරගත්තෙක් මේ අතර වේ නම් , ඒ සිතේ කහට අමතක කර නව වසරේ නව ප්‍රවේශයක් වෙනුවෙන් එකතු වීමට  අවස්ථාව ලැබේවා කියාද ප්‍රාර්ථනා කරමි 

    මේ සමස්ථ රට වැසියන් සහ ලෝක වාසින් වෙනුවෙන් මාගේ අලුත් අවුරුදු සුබ පැතුමයි 


    විදුලි ගාස්තු සුත්‍රයවත් (අඩු ගානේ ) වෙනස් නොවන, මත්තලට ප්ලේන් එන, එන ප්ලේන් වල කුරුල්ලො නොවදින, නැව් 400න් 40ක් හෝ හම්බන්තොට වරායාට පැමිණෙන  , නොරොච්චෝලේ  අවුරුද්දෙන් භාගයක් හෝ හරියට වැඩ කරන , ඇමති මණ්ඩලේ වැඩි නොවන , ඇමතිලා වැඩක් නොලකත් අඩුම ගානේ පිස්සු නොකෙලින ,ලොක්කාට තමන් ආයෙත් ඡන්දයකට යායුතු බව සිහි වෙන, රනිල්ට තමන් විපක්ෂ නායක බව මතක් වෙන , ෆොන්සේකාගේ අහංකාර කම් අඩුවෙන ,ජිනිවා වලදී නාගන්නේ නැති, ඇමරිකාවෙන් , යුරෝපයෙන් සහ ඉන්දියාවෙන් ගේම ඉල්ලන්නට නොසිතෙන,  මුස්ලිමුන්ට  අන්තවාදය එපා වෙන, බොදු බලසේනාවට තමන් "බෞද්ධ" බව මතක් වෙන , දෙමල සංධානයට ඊලම එපා වෙන , මූලධර්ම වාදි ක්‍රිස්තියානින් එලවන්නට කතෝලික සභාවම මැදිහත් වෙන , ගෝත්‍රික දූපත් මානසිකත්වයෙන් මිදී නූතන ලෝකයා හා පැහෙන ආකල්ප වර්ධනකයට බහුතර ශ්‍රි ලංකිකයින් පිරිසකට හැකි වෙන   සුභ  අලුත් අවුරුද්දක් වේවායි ශ්‍රි ලාංකිකයින් සියලු දෙනාටමත් 

    කිම් ජොන්ට මිසයිල ගහන්නට නොහිතෙන (*) ,ලෝක ආර්ථිකය වඩාත් වේගයෙන් අර්බුධයෙන් ගොඩ එන . ඒකාධිපතියන් , ආගමික අන්තවාදයන් සහ ත්‍රස්තවාදයන් ට එරෙහිවත් , පරිසර හිතකාමි ආර්ථික සංවර්ධනයක් කෙරේ පක්ෂවත් ලෝක ජනමතය ගොඩ නැගෙන   කාල වකවාණුවක් සමස්ථ ලෝකයාටමත් ප්‍රාර්ථනා කර සිටිමි !

    (* )බලයෙන් වියරුවූ ඒකාධිපතියෙකුගේ සියදිවි නසා ගැනීම හෝ එවැනි ඒකාධිපතියන්ට පුදසත්කාර කරමින් අනුබල දෙන උතුරු කොරියානු ජනතාව වෙනුවෙන් නොව , විපතට පත්වීමේ අවදානමක් ඇති දකුණු කොරියානු , ජපාන  අහිංසක සිවිල් වැසියන් වෙනුවෙන් පමණි 

    Tuesday, April 2, 2013

    IPL6 , විරෝධතා , ක්‍රිඩාව සහ දේශපාලනය , චන්දිමාල් & අර්ජුන

    ක්ෂණික ප්‍රතිචාර : 
    අයි පි එල් තරඟ මාලාවේ 6 වෙනි අදියර උත්සවශ්‍රියෙන් අද දින ආරම්භ වීමට නියමිතය. දැඩි ආන්දෝලනයකින් පසු නුවන් කුලසේකරත් , අකිල ධනංජයත් හැර අන් සියලුම ක්‍රිඩකයින් මෙම තරඟාවලිය සඳහා සහභාගී වන බැව් මේ වන දැන ගන්නට ඇත . ඇතැම් මාධ්‍ය දිනේශ් චන්දිමාලුත් මෙම ගොඩට දමා අයි පි එල් යන්නේ ක්‍රිඩකයින් 10 ක් පමණක් යැයි පවසමින් සිය සමාන්‍ය දැනීමේ සහ අංක ගණිත දැනුමේ ප්‍රමාණය පල කලත් චන්දිමාල් යනු වෙනමම කථා කල යුතු මාතෘකාවකි .

    පසුගිය දින කිහිපය තුල මුහුණු පොතේ වැඩියෙන්ම ශෙයා වූ කාරණා අතර ඉහලින්ම තිබෙන්නේ ශ්‍රි ලාංකීය ක්‍රිඩකයින් අයි පි එල් තරඟ සඳහා සහභාගී නොවිය යුතු බවයි . විශේෂයෙන්ම මුහුණු පොත හරහා සිංහල- බෞද්ධ උරුමය රැක ගැනීමට වෙහෙසෙන බුකි ප්‍රේමින් අතර මේ විරෝධතාවයන් වැඩි වශයෙන් දක්නට ලැබුනි. ජයලලිතා, වයිකෝ, රැජිනි කාන්ත් වැනි අන්තවාදි ගොබ්බයින් සහ තමන් අතර කිසිදු වෙනසක් නොමැති බව සනාථ කල බොදු බලසේනාවේ ඥාණ සාර හිමියන් ගේ කුණු බිත්තර ප්‍රකාශයෙන් , මෙමෙ  විරෝධතාවයන්ගේ  පසුබිම කුමක් දැයි වටහා ගැනීමේ හැකියාව තිබේ

    ක්‍රිඩාව දේශපාලනය සහ ජයලලිතා 

    "ආසියාවේ ආශ්චර්ය" වීමට දඟලන ශ්‍රි ලංකාවෙ මෙන්ම ,  සුපිරි බලවතෙක් වීමට වලිකන "ඉන්ක්‍රෙඩිබල් ඉන්ඩියා" වේත් ජරා ජීර්න දූෂිත දේශපාලනය නොගැවුනු  ඉසව්වක් සෙවීම යනු කිසිවෙකු නොමල ගෙයකින් අබ ඇට සෙවිම හා සමාන ක්‍රියාවකි . ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේශපාලනීකරණය වූ ක්‍රියාවන්ට හොඳම උදාරණය නම් පකිස්ථාන ක්‍රිඩකයින් අයි පි එල් තරඟාවලියෙන් එලවා දැමීමයි . මුම්බායි ප්‍රහාරයට පකිස්ථාන ඔත්තු සේවාවේ මිස ක්‍රිඩකයින්ගේ සම්බන්ධයක් නොමැති නිසාවෙන් එය ඉතා පැහැදිලිවම දේශපාලනික තීරණයකි

    සිය දේශපාලන අභිලාශයන් උදෙසා තමිල්නාඩුව තුල "සිංහල විරෝධයක්" අවුලවමින් සිටිනා ජයලලිතා මහ ඇමතිණියද , අයි පි එල් තරඟා වලියට ශ්‍රි ලාංකික ක්‍රිඩකයින්ගේ සහභාගීත්වය තහනම් කරමින් නැවත වතාවක් ක්‍රිඩාව සහ දේශපාලනය මුසු කරන්නට සමත් ව තිබේ . තමිල්නාඩුව තුල ශ්‍රි ලාංකිකයින්ට එරෙහිව ගොඩ නැඟි ඇති මතවාදයන් සැලකිල්ලට ගත් විට කිසිදු ශ්‍රි ලංකිකයෙක් තමිල්නාඩුවේ පය තැබීම නුසුදුසු වන බැව් මා කලින් ලිපියකදී සඳහන් කලෙමි . එහිදී ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින්ද තමිල්නාඩුව මඟ හැරිය යුතු බව යෝජනා කලේ ගෝත්‍රිකයින් සමඟින්  ශිෂ්ට සම්පන්න ලෙස ගණුදෙනු කිරීමේ අවස්ථාවක් නොමැති හෙයිනි . ශ්‍රි ලංකා රජයද ක්‍රමානුකුලව තමිල්නාඩුව  ශ්‍රි ලාංකිකයින්ට තහනම් කලාපයක් බවට පත් කරමින් සිටියදී , චෙන්නායි හි පැවැත්වෙන අයි පි එල් තරඟ පිලිබඳ ශ්‍රි ලංකා රජයට දේශපාලනික තීන්දුවකට එලඹීමට පෙර ජය ලලිතා විසින්ම එම තීන්දුව ගැනීම එක්තරා දුරකට වාසී දායක තත්වයකි

    ජය ලලිතාගේ ඝර්ජනය හමුවේ ඒයට අනුකුලතාවයක් දක්වමින්  චෙන්නායි හි පැවැත්වෙන තරඟ වලින් ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් ඉවත් කිරීමේ තීරණයට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එලඹෙන්නේ , ඉන්දිය මාධ්‍ය මෙන්ම ,අනෙකුත් ප්‍රාන්තවල ජනතාවගේද(අන්තර්ජාලය තුල නියෝජ්නය වන )  විරෝධයන් හමුවේ වීම විශේෂත්වයකි ( ඉන්දියානු පුවත් වෙබ් අඩවි වල කමෙන්ට් කරුවන්ගේ අදහස් අනුව ) . ඒ වඩාත් සාධාරණ විකල්පය වූ චෙන්නායි වෙනුවට වෙනත් ප්‍රාන්තයක් තෝරා ගැනීමේ විකල්පය තෝරා නොගැනීම සහ එම විකල්පය දැනටමත් හයිද්‍රාබාද් කණ්ඩායම  සම්බන්දයෙන් තෝරා තිබියදී  චෙන්නායි කණ්ඩායමට සුවිශේෂි වාසියක් අත්වෙන පරිද්දෙන් කටයුතු කිරීම හේතුවෙන් , මෙම තීරණය හේතුවෙන් කණ්ඩායම් තුනකට සිය නායකයා නොමැතිව වෙන්නායි තරඟ සඳහා මුහුණු දීමට සිදුවීමත් , තවත් කණ්ඩායම් දෙකකට තමන්ගේ තීරණාත්මක ක්‍රිඩකයින් නොමැතිව ක්‍රිඩා කිරීමට සිදුවීමත් (කුසල් ජනිත් ගේ දක්ෂතාවන් අනුව  මේ ගණ න කණ්ඩායම් තුනක් දක්වා ඉහල යා හැක ) මෙම විරෝධයන්ගේ මූලික පදනම ලෙස සැලකිය හැක . අයිපි එල්  විධායක වරයා විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනත් මේ තීරණය පිටුපස ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම චෙන්නායි කණ්ඩායමේ හිමිකරු වන සිරිනිවාසන් ගේ බලපැමක් ඇතැයි  යන සාධාරණ සැකයද මෙහිදී මතුවේ

      Results of a Poll From NDTV




    කෙසේ වුවත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ එම අසාධාරණය අනෙකුත් කණ්ඩායම් හිමිකරුවන්ගේ ප්‍රශ්නයක් මිස රටක් වශයෙන් ශ්‍රි ලංකාවේ ප්‍රශ්නයක් නොවන බවද අවධාරණය කල යුතුය

    අයිපි එල් විරෝධය 

    දේශපාලනික පසුබිම් වලින් ස්වායක්තවත් අයි පි එල් විරෝධයක් ඇතැම් ශ්‍රි ලාංකිකයින් තුල දක්නට ලැබේ . ඒ පිලිබඳ කලින් ලිපියකදී පැහැදිලි කර ඇති නිසා මෙහිදි අවධානය යොමු කරන්නේ මෙවර එල්ල වූ දේශපාලනික විරෝධය පිලිබඳව පමණි .  ජාතිකත්වය මත පදනම් වූ ෆෙඩරල් රාජ්‍යක් වූ ඉන්දියාව පිලිබඳ නිසි දේශපාලන අවබෝධයක් බහුතරයක් ශ්‍රි ලාංකිකයින්ට ඇති බවක්  දකින්නට නැත . මෙම තත්වය  අන්තර්ජාල සමාජය තුලද බහුලව නිරික්ෂනය කිරීමට ලැබෙන්නේ  මුහුණු පොතටත් , ගොසිප් අඩවි වලටත් සීමාවු , භාහිර ලෝකයාට විවර නොවූ පරම්පරාවක් සහ ලෝකයේ අන් සියල්ල ශ්‍රි ලංකාවට එරෙහි කුමන්ත්‍රණ කරුවන්ය යන දූපත් මානසිකත්වයෙන් යුත් පිරිසත් නිසා යැයි සිතමි .

    මෙම පිරිස් විසින් සිදු කරනා මූලික වරද නම් ඉන්දිය මධ්‍යම රජය සහ තමිල්නාඩුව වෙන්කොට  දැකීමේ හැකියාවක් නොමැති වීමයි . ඉන්දිය මධ්‍යම රජය සහ ශ්‍රි ලංකාව අතර ඇති සංකීර්ණ සබඳතාවය වෙනම විග්‍රහ කරගත යුතු මාතෘකාවක් වන අතර මෙම අවස්ථාවේදී අදාල නොවන්නකි .ඒ  මේ වන ශ්‍රි ලංකා විරෝධයක් දක්නට ලැබෙන්නේ තමිල්නාඩුව තුල පමණක් වීම නිසාවෙනි . තමිල්නාඩු රජය ශ්‍රි ලංකා විරෝධයේ  උච්ඡතම අවස්ථාවට යමින්  ඉදිරිපත් කල යෝජනා මාලාව ඉන්දිය මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති වටපිටාවක , තමිල්නාඩුව සහ මධ්‍යම රජය වෙන් කර  වටහා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි . ඉන්දිය රජය විසින් ආරක්ෂාව සහතික කර තිබීම මෙන්ම ශ්‍රි ලාංකික ක්‍රිඩකයින්ට තමන්ගේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රිඩා කිරිම වෙනුවෙන් ආදරය කිරිම හැර වෛර කිරිම ට කිසිදු හේතුවක් නොමැති අනෙකුත් ප්‍රාන්ත වලදී ආරක්ෂාව පිලිබඳ  තර්ජනයක් නොමැති වීමත් අයි පි එල් තරඟ සඳහා ක්‍රිඩකයින් යොමු කරවීමේ බාධක ඉවත් කර ලීමකි . එමෙන්ම ඔස්ට්‍රේලියානුවන්  , කොදෙව්වන් ශ්‍රි ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කල මොහොතක පකිස්ථානයත් සමඟින් ශ්‍රි ලංකාවේ සුහද තරඟයකට එකතු විමට තීරණ්ය කල ඉන්දියා ක්‍රිකට් පරිපාලනයට කෘත ගුණ දැක්වීමක් ලෙසද මේ මොහොතේ ක්‍රිඩකයින් යැවීම  සැලකිය හැක

    ප්‍රශ්නය නැට්ටෙන් අල්ලා ගත් ඇතැමුන්ට නම් මෙය රටේ ගෞරවය පිලිබඳ ප්‍රශ්නයකි . හාමුදුරුවන්ට පහර දීම ඇතුලු ශ්‍රි ලංකා විරෝධයන් නිසා වෙන් අයි පි එල් නොයා වර්ජනය කිරීම යනු මොවුනට අනුව රටේ ගෞරවය රැකීමකි . අසල්වාසී දැවැන්ත  නිවසක , අප පැමිණීමට විරෝධය පල කරනා මානසික විකෘති තාවයකින් පෙලෙන්නෙක් වේ නම් අප එහි යාමට පෙර දෙවතාවක් සිතිය යුතු බව සැබැය , එහෙත් එම පිස්සා  ඔහුගේ කාමරයට කොටුවී සිටී නම් , අනෙකුත් නිවැසියන් සුහද ශීලී නම් එම නිවසට යාමට පැකිලීමක් ඇති කරගත යුතු යැය් මා සිතන්නේ නැත . එයින් අපගේ අභිමානයට ගැටලුවක් වන්නේද නැත . නමුත්   එක් කාමරයකට කොටු වූ පිස්සෙකුට බියෙන් එම නිවසට යාම ප්‍රතික්ෂේප කරන්නේ නම් එය නිවට බිය ගුලු කමකි . එලෙසින්ම මේ මොහොතේදී අයි පි එල් වර්ජනය කිරීම යනු අභිමානවත් ක්‍රියාවක් නොව බිය ගුලුකමක් සහ ජය ලලිතා ඇතුලු ඊලම් වාදි දේශපාලුවන් සහ රැජිනි කාන්ත විජේ ප්‍රමුක නලු බට්ටන්ගේ මතවාදයන් ට ජය ග්‍රහණය ලබා දීමකි

    අයි පි එල් නිසා ශ්‍රි ලංකා ක්‍රිකට් වලට හානියක් වේ නම් බලන වසරේ සිට ක්‍රිඩකයින් අයි පි එල් නොයැවීමේ තීරණයක් ගෙන , අර්ධ අයි පි එල් විරෝධයක්  පෙන්වන එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා ඉදිරි පියවරක් ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දැක්විය හැක . නමුත්  තමිල්නාඩුවේ විරෝධතාවයන්ට යට නොවී මෙවර නම් අනිවාර්යයෙන්ම අයි පි එල්  සඳහා සහභාගීත්වය පල කල යුතුය . මේ  සංගක්කාර විසින් මේ පිලිබඳ දැක් වූ අදහසයි
    India is much more than Chennai and Tamil Nadu and I think the rest of India has been very welcoming of us. We are here to play cricket on behalf of Sri Lanka as well as our franchisee - Sanga 

     දිනේෂ චන්දිමාල් 

    දිනේශ් චන්දිමාල් මෙවර වෙන්දේසියේදී තේරී පත්වූ ක්‍රිඩකයින් 13 දෙනා අතරට අයත් වූවෙකු නොවේ . මේ දක්වාත් ඉතා දුර්වල 20-20 පිතිකරණයක් දක්වා ඇති චන්දිමාල්  එසේ වීමද  අරුමයක් නොවේ .  චන්දිමාල් වෙත අයි පි එල් ඇරයුමක් ලැබෙන්නේ ආබාධයට ලක්වූ ක්‍රිඩකයින් දෙදෙනෙක්  වෙනුවෙන් ආදේශකයක් ලෙසිනි . චන්දිමාල් විසින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නේ සිය ආත්ම ගරුත්වය පිලිබඳ ප්‍රශ්නයක් වන හෙයිනි , එමෙන්ම මෙවන් අවස්ථාවකදී ආරම්භක ලන්සුවට වඩා මිලක් නොලැබීමත් , කලින් වතාවල සිදු පරිද්දෙන් බංකුවට පමණක් සීමා වුවහොත් එම මුදලෙන්ද කොටසක් අහිමි වීමත් මෙම තීරණයට බලපැවා විය හැක . කෙසේ හෝ එය චන්දිමාල් ගේ අයිතියයි . සිදුවූ දෙය වටහා නොගත්/වසන් කල  දේශප්‍රේමි/ෆේස් බුක් දේශ ප්‍රේමින් සහ ඇතැම් මාධ්‍ය විසින් චන්දිමාල් ගෙ තීරණය සිය අයි පි එල් විරෝධය සමඟින් එක් කර ගැනීම  පිලිබඳ අනුකම්පා කරනවා හැර අන් විකල්පයක් නැත


    අර්ජුන රණතුංග 

     වර්ථමාන ක්‍රිකට් ක්‍රිඩකයින්ගෙ මුදල් පසුම්බියේ බර කිරන්නට යන රණතුංග මහතාගේ කෙරුවාවල් පිලිබඳ  කියන්නට තිබෙන්නේ දන්නෝ දනිති කියා පමණි . අර්ජුන මහතා ගේ ප්‍රකාශයන් පුරුෂාර්ථයන් කරගන්නා  ක්‍රිඩා ලෝලින් හට මතක් කර දීමට තිබෙන්නේ 2007 ලෝක කුසලානයේදී බංග්ලාදේශයෙන් සහ ශ්‍රි ලංකාවෙන් පරාජයට පත්වී මුල් වටයෙන් ව්ලියට විසිවූ ඉන්දියාව ලෝක කුසලානය ලබා ගන්නවා යැයි  ප්‍රකාශ කරමින් රණතුංග මහතා විසින් බා ගෙන නා ගැනීමේ සිදු වීමයි .තවමත් තමන් ක්‍රිකට් ගැසු 90 දශකයේ මානසිකත්වයෙල් එලියට පැමිණීමට නොහැකිව 20-20 විරෝධය සිටිනා රණතුංග මහතා ගේ අයි පි එල් විරෝධය , නිසැකයෙන්ම ලොව ජන ප්‍රියතම ක්‍රිකට් විලාශයට එරෙහි හණමිටි මතවාදයන්ගේ ප්‍රතිපලයකි


    පසුගිය වතාවන් හී මා නිරික්ෂනය කල දෙයක් නම් ස්වභාවික අයි පි එල් විරෝධීන්ද අයි පි එල් තරඟ නැරඹීම වර්ජනය නොකරනා බවයි . එය ෆේස් බුකියේ ඉන්දියානු විරෝධී ෆෝටෝ ශෙයා කරමින් හින්දි - දමිල චිත්‍රපට බැලීමට , මරුටියේ , ලේලන්ඩ් බසයේ ගමන් යැමට සමානය . එනිසා මෙවරද අයි පි එල් විරෝධීන් සැලකිය යුතු පිරිසක්ද  අද සමාරම්භක උත්සවයේ සිටම අයි පි එල් නරඹනු ඇත

    මේ ඔවුන්  ඇතුලු සියල්ලන්ම වෙනුවෙන්

    01) සමාරම්භක උලේලේ තොරතුරු 

    02) තරඟ කාල සටහන



















    Related Posts Plugin for WordPress, Blogger...