Skip to main content

Posts

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම
Recent posts

මූඩි අන්කල්ගේ ශ්‍රි ලංකා විසිට් එකේදි කල කිව යුතු දැ ලයිස්තුවක්

අපේ තුමා අල්ලපු වැටේ මුඩි අන්කල්ට විසිට් එකකට අඬගහලාය , අපේ තුමාට වැඩ රාජකාරි අස්සේ අමතක වුනොත් ප්‍රයෝජනයට ගන්නට පුලුවන් ලයිස්තුවක් (චෙක් ලිස්ට් එකක්) පහල තියනවාය . ඒ මූඩි අන්කල්ගේ විසිට් එක අතර තුරදී කල කිය යුතු දැ ගැනය 01) මූඩි අන්කල්ගේ ප්ලෙන් එක **තලින් ගොඩ බැස්ස වීම - වනාන්තරයක් මැද , හුදකලා වූ ගුවන් තොටුපොලක මහිමය මුඩි අන්කල්ට අවබෝධ කරදිය හැක 02) **බන්තොට වරායේ සංචාරය - තමන්ට කැමති තැනක වරායක් සාදා , එයට බලහත්කාරයෙන් නැව් ගෙන්නාගෙන සාර්ථක කර ගන්නා ආකාරය පිලිබඳ වැඩ මුලුව 03) දිවා ආහාරය - බිෆ් හොඳි සමඟ කුරහන් තලප (සුද්දන්ට දුන් ලුණු මිරිස් මෝඩිට වැඩ කරන්නේ නැත ) 04) අධිවේගය දිගේ කොලඹට - කොංග්‍රස් ආණ්ඩුවෙන් ආරම්භ කල ව්‍යාපෘති "මෝඩි-ෆයිඩ්" කර නම ගසා ගැනීම පිලිබඳ ක්‍රැශ් කෝස් එකක් 05) රාත්‍රි ආහාරය - බිෆ් කොත්තු 06) ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් සමඟ සුහද පිලිසඳර - කොංග්‍රසයේ ඉතුරුව ඇති මන්ත්‍රින් පනස් දෙනා ගෙන් විස්සක් ඇද ගන්නා ආකාරය පිලිබඳ රහසිගත වට්ටෝරුව හඳුන්වාදීම 07) අමතක සිල්වානන් සමඟින් කොලඹ නගර සංචාරය - වන්දි නොගෙවා පදිංචි කරුවන් ඉවත් කර ඉඩම් සමාගම් වලට බදු ද

ඇයි මීට කලින් වර්ල්ඩ් කප් එකක් දැකලා නැද්ද ?

දැකලා තියනවාය , ඒ අවුරුදු 18 කට කලින්ය . ෆයිනල් 4ක් පැරදීමෙන් පසුව , මැත කාලයේ භිතිකාවක්ව තිබු ඉන්දියාවටම ගසා 2011 රිවෙන්ජ් එකත් සමඟින් කප් එක ඉස්සීමේ ආතල් එක ගැන අටුවා ටිකා කියන්නට අවැසි වන්නේ නැය . ඒ නිසා මේ කියන්නට යන්නේ කප් එක ඉස්සීමේ අතුරු කථා කිහිපයක් ගැනය  අයි පි එල් විරෝධි ඕල්ඩ් ස්ටයිල් එකේ අර්ජුනගෙන් පසුව වර්ල්ඩ් කප් එකක් ලංකාවට ගෙනා නායකයා , ඔන්න මෙන්න දේශද්‍රෝහියෙක් වූ , අයි පි එල් සල්ලි වලට යට වුනා යැයි චෝදනා ලැබු මාලිංගයා වීමේ ආතල් එකද කප් එක ඉස්සිමෙ ආතල් එක තරම්ම  ලොකුය , මාලිංගට කුණු කථා කී එවුන් *ක මුට්ටු වී බලා සිටිත්දී උන්ගේ  අහවල් එකට මාලිංග යෝකරයක්ද දමා තිබුනාය ඒ අයි පි එල් නිසා ඉන්දියාවට ගහන්න ලේසි වුනා කියලාය . දෝනි ගේ ඇටෙම්ප්ටඩ් පොල් අඩි එකක්වත් හරි නොයන්නට මාලිංගට හේතු වුනේ අයි පි එල්මද , එපා වෙනකන් ඉන්දියාවත් එක්ක මැච් ගැහිල්ලද කියා දන්නේ නාථ දෙවියන් විතරය  හැබැයි , ඌ කියන එකට ප්‍රතිතර්ක ගෙන්න ට නම් ඉරිසියා කාර කුහකයින්ට බැරිය . බැරි වෙලා හෝ මැච් එක කැවා නම් මුන්ගේ පලවෙනිම ආඩාපාලිය වන්නේ කෝලියාගේ කැච් අතැරලා සල්ලි වලට තරඟය පාවා දුන්  එකා ගැන වීම නිසා මුන

I'm back with ක්‍රිකට් අනාවැකි

I'm back කීවාම ඉතින් අපිට **යැ කියන්නට හොඳටම ඉඩ ඇතත් මේ  අඩුම ගාණේ සතියකට එක ගාණේ වත් ලියන බලාපොරොත්තුවෙන් කරන පටන් ගැන්මක් නිසා නොකියාම බැරිය ,  හතරේ අතේ විවෘත වන අධිවේගි මාර්ග , අපේ තුමාට කෙලවන්නට විදුලි පුටුව රත්කරන  පර සුද්දන් , කොහේ ගියාද දන්නේ නැති ප්ලේන් එක , සංදියා ආච්චි , ෆෝම් වී ඇති  ජෙප්පන් , මණ්ඩලේ පිටින්ම කචල් අලි පාටිය ඇතුලු සියලු දේ අමතක කර මේ ලියන්නේ කිරි කැට් ගැනය . බුකියේ පෝස්ට් එක බ්ලොග් එකේ දැම්මාම හෙණ ගහණවාද ඇහුවේ අපේ මාතලන් බොසාය , මේ ගිනිකාශ්ටකේ හෙන ගහන්නේ නැති නිසා ඒ පොස්ට් එක  ගෙඩිය පිටින් මෙහි දමා තියනවාය 20-20 ලෝක කුසලාන අනාවැකි දිනයේ සාර්ථකත්වය ලබන එක ක්‍රිඩකයෙකු නිසා ප්‍රතිපලය වෙනස් විය හැකි අවිනිශ්චිත 20-20 තරඟ රටාව පිලිබඳ අනාවැකි කීම එතරම් සාර්ථක නොවුනත් , 20-20 ලෝක කුසලානයේ ශූරතාව ඒ ඒ රටට ඇති අවස්ථාව පහත පරිද්දෙන් ලයිස්තු ගත කල හැක දකුණු අප්‍රිකාව - මාගේ තේරීම අනුව මේ වන විට සිටින සාර්ථකම කණ්ඩායමයි . ලෝක කුසලාන තරඟවලි වලදි අසාර්ථක වීමේ සුපුරුදු සම්ප්‍රදායෙන් මිදීමට හැකි වුවහොත් සෛද්ධාන්තිකව කුසලානය සඳහා වඩාත්ම අවස්ථාව ඇත්තේ මොවුනටයි . ඩිවිල

සමනල සංධවනියට මුසු වීම

ඇල් මැරුණු සිනමාවකට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සිනමා කෘතියක් පිලිබඳ අව්‍යාජ සමාජ කතිකාවක් ඇතිවීම ඉතා විරලය . දේශපාලනික ඇජෙන්ඩාවන්ට යටවූ " රජකථා " රැල්ලත් , අති සිරියස් "රැඩිකල්" සිනමා  රැල්ලත්  සමාජය තුල යම් යම් කතිකාවන්ට මුල පිරුවත් ඒවා සිනමාත්මක්  හේතුන් පාදක  කර නොගත් එවා පමණක් වීම  කලාවක් වශයෙන් මෙන්ම කර්මාන්තයක් වශයෙන්ද සිනමාවට සුභ දායක වන්නේ නැත එනයින් බැලු කල ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධවනිය ශ්‍රි ලාංකීය සිනමා ලෝලින් අතර සැබෑ සිනමාත්මක කතිකාවකට මුල පිරු වීරල නිර්මාණාක් ලෙස සැලකිය හැක. සිංහල සිනමා පඨයක් නැරඹීමට සිනමා ශාලාවට පිය නගන ශ්‍රි ලාංකික සිනමා රසිකයා මුහුණ දෙන එක් ප්‍රධාන  අභියෝගයක් වන්නේ සිංහල සිනමාවේ සිමාවන්ට සාපේක්ෂ  මනෝභාවයක් සකසා ගැනීමට සිදුවීමය . අතිශයින් සීමිත වෙලඳ පොලක  කටයුතු කරන්නට සිදුවීම තුල  මුල්‍ය මය සිමාවකට යටත්ව කටයුතු කරන සිංහල සිනමා කරුවාට වෙනත් සිනමාවක ඉතා සමාන්‍ය වූ , සිය අභිමතය පරිදි රූපරාමු සකසා ගැනීම තුල පවා දුෂකරතාවයන්ට මුහුණ දෙන බව බොහෝ සිංහල සිනමා පට නැරඹීමේදී වටහා ගත හැක . මෙහි පසුබිම් කථාව පිලිබඳ උනන්දුවක් නොවන බහුතරයක්

ආදරණීය කෝලි කුට්ටු අය්යා වෙත ලියන වගනම් - තණමල් විල හිච්චි එකාගේ ලියුම්

ආදරණීය කෝලි කුට්ටු අය්යේ, අය්යා සැපෙන් ඉන්නවා කියා හිතනවාය . චැම්පියන්ස් ත්‍රෝපියත් උස්සපු නිසා දුකෙන්  ඉන්න හේතුවක් නැය . හැබැයි ඉතින් ඒ අය්යාගේ  ගැන්ගම් වර්ශන් එක ගැන ගේල් අය්යට තද වෙලා කණ පැලෙන්න දීලා නැත්නම්ය . අය්යා සතුටින් හිටියාට  ලංකාවේ නම් ගොඩක් එවුන් ඉන්නේ දුකෙන්ය ,ඒ  හැමදාම අය්යලාගෙන් කන නිසාය , ඊටත් හපන් අය්යා අවුට් ඔෆ් ෆෝර්ම් ඉඳලත් අපිට ගහලා ෆොර්ම් වෙන නිසාය . අවුරුදු 5ට මැච් 54ක් ගහලත් තාමත් අපිටත්  අය්යලාටත් ඇතිවෙලා නැති පාටය , ආයෙත් කොන් තුනක් ගහන්න පටන් අරන්ය . මැච් තියන කාලෙට අපේ එවුන්ට හිනෙනුත් පෙන්නේ අය්යාවම නිසා මෙහෙම ලියුමක් වත් ලියලා පොඩි උපදෙසක් දෙන්නට හිතුණාය . ක්‍රිකට් නැතත් රටේ අනික් එවුනත් කථා කරන්නේ අය්යලාගේ රට ගැනමය , ඒ 13ය කියල මකබාවක් නිසාය . මට නම් ඒ මොකක්ද කියා තෙරේන්නේ නැය , හැබැයි අපේ දේශප්‍රේමී අම්මා නම් 13 වැඩේ නිසා අය්යලාත් එක්ක තරහා වෙලාය . ඉස්සර බුදුන් උපන් දේශය කියලා මැච් වලදී අය්යලාට සපෝට් කලාට ,  නිදි මරාගෙන ෆයිනල් බලන ගමන් කිවේම එංගල්නය දිනපන් , එංගලන්තය දිනපන් කියලාමය ,ඒ අපේ දේශප්‍රේමි පචවංශ අන්කල්ගේ කථා අහලාය . පරිප්පු දාල බලෙන් දුන්න

ආශ්චර්ය දීපයේ චිත්‍රපට - 13 ත් එක්ක බෑ , හොඳ අන්කලුයි නරක ඇන්ටියි ,ප්ලෙන් එනකම්...........

හොලිවුඩයේ මේ දවස් වල කථා වෙන්නේ යකඩ මිනිහා 3 , පෙට්ටි කාර්යාල වාර්ථා කුඩු පට්ටම් කිරීම් ගැනය.යකඩ මිනිහාත් ඇතුලු මාවල් විරයෝ සෙට් එකම ඉන්න ඇවෙන්ජර්ස්  වලට විතරක් දෙවෙනි ආරම්භයක් යකඩ මිනිහා තුන අරගෙනය . ඒ කියන්නේ  හොඳම ආර්ම්භක සති අන්තයන් දෙකටම යකඩ මිනිහා සම්බන්ධ වෙලා කියන එකය. පලවෙනි දර්ශනේට නිලියක් ඇන්ද රෙද්ද නිසා අපේ අයටත් යකඩ 3 මිනිහා ගමේ එකෙක් ගානටම සමීපය. 45-50 අන්කල්ලා , 20-25 කෙල්ලන්ට ලව් කරන ඒවාත් , පයිට් , සින්දු , කොමඩි , නැටුම් , රේස් ඔක්කොම එකතු කරපු මසාලාවකුත් නොවන  , ආධුනිකයන් දෙදෙනෙක් රගපාන Aashiqui -2  වසරේ පලවෙනි සුපර් හිට් එක වීම බොලිවුඩයෙන් ඇහෙන හොඳම කථාව කිවාටද වරදක් නෑය . චිත්‍රපටිය කෙසේ වෙතත් සින්දු සෙට් එක නම් සුපිරිය .රසිකයෙකුට කණ පිරෙන්න අහන්නට වගේම හින්දුස්ථානි සංගීතයට "දේශීය සංගීතය" කියා ලේබල් ගසා මැරෙන්න හදනා මෙරට ඔස්තාද්ලාට බටහිර රොක් සංගීත සම්ප්‍රදාය සහ හින්දුස්ථානි සංගීතය එකතු කර රසවත් නිර්මානයක් කරන්නේ කෙසේදැයි ටියුශන් ගන්නටත් ඒ සෙට් එක වැදගත්ය කොලිවුඩ් නොහොත් තමිල්නාඩු සිනමාව ගැන නම් දැන් අපිට හිතන්නට දෙයක් නෑය , අපේ රාවණා බලකාය තමිල්නාඩු