Skip to main content

Posts

Showing posts from March, 2012

BRICS සමුලුව සහ ලෝකය

BRICS සමුලුවේ සැසිවාරයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුනා. බ්‍රසීලය , රුසියාව , ඉන්දියාව චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් පහේ එකතුව නැගී එන ලෝක බලවතුන්ගේ එකතුව විදිහටත් හඳුන්වා දෙන්න පුලුවන් . සමුලුවේ සමාජික රටවල් මෙවර සමුලුවෙන් අනතුරුව නිකුත් කරපු ඒකාබද්ධ ප්‍රකාශයේ අන්තර්ගතය  ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් කමක් දරන නිසා ඒ ගැනත් සමස්ථයක් වශයෙන් BRICS ගැනත් පොඩි කථා බහක් කරන්නයි සුදානම. BRICS සැබැවින්ම ආරම්භ වෙන්නේ BRIC විදිහට . ඒ කියන්නේ දකුණු අප්‍රිකාවේ සහභාගීත්වයකින් තොරව . ආර්ථික වර්ධනයේ එක හා සමාන ස්ථරයක සිටින සහ එකම ආකාරයේ අභියෝගයන්ට මුහුණ දෙන රාජ්‍යයන්ගේ එකතුවක් විදිහට තමයි BRIC එකතුව ගොඩ නැගෙන්නේ . වසර 2050 වන විට මේ රටවල්  ලෝක ආර්ථිකයේ අත්කර ගත හැකියැයි සැලකෙන ස්ථාවරත්වය සලකලා බැලුවාම BRIC මේ සියවස තුල ඉතාමත් වැදගත් කාර්යභාරයක් කල හැකි එකතුවක් විදිහට සැලකීමේ වරදක් නැහැ                     2050   දක්වා  දල ජාතික නිෂ්පාදනයන් පිලිබඳ පුරෝකථනය  Gross Domestic Product  in 2006 US$ billions [24] Rank 2050 Country 2050 2045 2040 2035 2030 2025 2020 2015 2010 2006 1 C