Skip to main content

මූඩි අන්කල්ගේ ශ්‍රි ලංකා විසිට් එකේදි කල කිව යුතු දැ ලයිස්තුවක්

අපේ තුමා අල්ලපු වැටේ මුඩි අන්කල්ට විසිට් එකකට අඬගහලාය , අපේ තුමාට වැඩ රාජකාරි අස්සේ අමතක වුනොත් ප්‍රයෝජනයට ගන්නට පුලුවන් ලයිස්තුවක් (චෙක් ලිස්ට් එකක්) පහල තියනවාය . ඒ මූඩි අන්කල්ගේ විසිට් එක අතර තුරදී කල කිය යුතු දැ ගැනය
01) මූඩි අන්කල්ගේ ප්ලෙන් එක **තලින් ගොඩ බැස්ස වීම - වනාන්තරයක් මැද , හුදකලා වූ ගුවන් තොටුපොලක මහිමය මුඩි අන්කල්ට අවබෝධ කරදිය හැක
02) **බන්තොට වරායේ සංචාරය - තමන්ට කැමති තැනක වරායක් සාදා , එයට බලහත්කාරයෙන් නැව් ගෙන්නාගෙන සාර්ථක කර ගන්නා ආකාරය පිලිබඳ වැඩමුලුව
03) දිවා ආහාරය - බිෆ් හොඳි සමඟ කුරහන් තලප (සුද්දන්ට දුන් ලුණු මිරිස් මෝඩිට වැඩ කරන්නේ නැත )
04) අධිවේගය දිගේ කොලඹට - කොංග්‍රස් ආණ්ඩුවෙන් ආරම්භ කල ව්‍යාපෘති "මෝඩි-ෆයිඩ්" කර නම ගසා ගැනීම පිලිබඳ ක්‍රැශ් කෝස් එකක්
05) රාත්‍රි ආහාරය - බිෆ් කොත්තු
06) ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් සමඟ සුහද පිලිසඳර - කොංග්‍රසයේ ඉතුරුව ඇති මන්ත්‍රින් පනස් දෙනා ගෙන් විස්සක් ඇද ගන්නා ආකාරය පිලිබඳ රහසිගත වට්ටෝරුව හඳුන්වාදීම
07) අමතක සිල්වානන් සමඟින් කොලඹ නගර සංචාරය - වන්දි නොගෙවා පදිංචි කරුවන් ඉවත් කර ඉඩම් සමාගම් වලට බදු දීමේ ක්‍රමවේදය සාකච්ඡා කිරීම (කනින් කොනින් ඇහෙන දැ අනුව මූඩි අන්කලද මේ ශිල්පයේ කෙල පැමිණියෙකි , එසේ වුවත් එම අදහස් හුවමාරු කරගැනීම )
08)කටුණායක අධිවේගය දිගේ - සංවර්ධන ව්‍යාපෘතියකින් "උපරිම ලාභ" ලබාගන්නා ආකාරය පිලිබඳ උදාහරණ අංක 01
09) කටුණායකින් **ච්චෝලේට - ඉහත කී කාරණය වෙනුවෙන් උදාහරණ අංක 02 | පාඩු ලබන රාජ්‍ය ආයතන , දිගින් දිගටම පාඩු ලබමින් කලමණාකරනය කර ගැනීම පිලිබඳ විශේෂ දේශනය
10) කටුනායකදි ****කන් එයාලයින් සහ *හින් ලංකා ගුවන් යානා නිරීක්ෂන චාරිකාව - පෞද්ගලික අංශය ලාබ ලැබු ව්‍යාපාරයක් , රජයට ගෙන පාඩු ලබනා ආකාරය සහ , එකම වර්ගයේ පාඩු ලබන ව්‍යාපාර දෙකක් එකවර පවත්වාගෙන යැමේ ක්‍රමවේදය හඳුන්වාදීම
11) පිටත්ව යත්දී - නියමාකාර "විසිට්" එකකට සහභාගි විය යුතු , පිරිසේ විශාලත්වය සහ ඔවුන් තෝරා ගැනීම පිලිබඳ උපදෙස් සහිත අත්පත්‍රිකාව බාර දීම 

සැ.යු 1 - මූඩි අන්කල්ගේ වියපත් මැනියන් සහ නමට බාරි ඇරුණාම පවුලක් කියා එකක් නැති නිසා , පවුල් සහයෝගීතාවය පිලිබඳ විශේෂ දේශනය අදාල වන්නේ නැත )
සැ.යූ 2 - විසා බැන් එක බල්ලට දමා , ඔබාමා අය්යා මූඩි අන්කල්ට කෝල් කරලාය , වැඩේ දෙල් වෙන්නට කලින් විසිට් එක සංවිධානය කල යුතුය

Comments

  1. බුකියේදී කියුවෙමි...
    "මුඩීඅන්කල්" ආවොත් උතුරට යන්ඩ ඉල්ලයි.චැනල් 4 තරම් ලෙහෙසි වෙන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. උතුරට යන එක නම් ලොකුම ප්‍රශ්නයක් වෙන එකක් නෑ , මට හිතෙන විදිහට උතුරේ දෙමල ජනතාව කියන්නේ මෝඩිට සංවේදි ප්‍රශ්නයක් නෙවෙයි

      Delete
  2. අද උදේම දයාන් J කාරය නාලිකාවක කිව්ව අපේ කෙනයි මුඩිය් ....ජාඩියට මුඩිය වගේ බොහෝ සමානයි කියල.......
    මම නම් දන්නෙ මනමෝහන්ට කියපු කෙබර මෙයාට කෙලින්න බැහැ කියලයි...

    ReplyDelete
    Replies
    1. දයාන්ට එතනදි වැරදිලා , මේ දෙන්නගේ සමාන කම් බොහොම අඩුයි මට නම්

      Delete
    2. අනිවා....ලලිතවත් නටවලා .... අපේ අයියටත් දෙනව ...දෙනව ...
      ඔබාමා එක්ක එයා දිග කනව ....

      Delete
  3. බොහොම කාලෙකින් බූවා ගේ ලිපියක් කියෙව්වේ..කොහොම වුණත් මූඩීගේ බලපෑම අපේ රටට කෙසේ බලපාවිද යන්න නම් කතා කළ යුතු දෙයක්. හින්දු අන්තවාදයේ සළකුණ මෝඩි. ඒ වගේම ආරන්චියේ හැටියට මෝඩි යනු ප්‍රේමදාස සළකුණක් වගේ කෙනෙක්. කතිකාවකට හොද දෙයක්. හැකි විදියටයි මේ ටික දැම්මේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස තරම් නම් විකාරයක් වේවි කියල මම හිතන්නේ නෑ , ලංකාවට මෝඩි බලපැම ගැන හරි අදහසක් ගන්න ටික කාලයක් බලා ඉන්න වේවි . මගේ අනාවැකිය නම් දෙමල ජනතාව ගැන මෝඩිගේ සංවේදිතාව අඩු වෙයි කියන එක

      Delete
    2. ඔව් ක්‍රිස්තියානි දෙමළ අය ගැන සංවේදීබව අනිවාර්යෙන්ම අඩුවෙනවා. ඒත් හින්දු දමිළ අය ගැන බොහෝ විට සිතනවා.....ඔහු..

      Delete
  4. මෝඩීගේ සමානතාවයකට තියෙන්නේ ජාතීවාදී කම විතරයි. අනෙක් ඒවයෙන් මෝඩිගේ අහලකටවත් එන්න බෑ අපේ එක්කෙනාට. මම හිතනවා මෝඩි ඉන්දියාව උඩු යටිකුරු කරයි කියලා. ජාතිවාදියෙක් නොවුනොත්. අශෝක අධිරාජ්‍යයාගේ රට නේ. චන්ඩාශෝක, ධර්මාශෝක වෙච්චි රට නේ.

    ReplyDelete
  5. ජාතිවාදි කම ගත්තත් මචන් , අපේ කෙනා පාට් ටයම් ජාති වාදියෙක් විතරයි , මුඩි බොක්කෙන්ම ජාතිවාදියි , ඒක විතරයි නරක දේකට මම දකින්නේ පොරගේ

    ReplyDelete
  6. තමිල්නාඩු‍වේ බලපෑම් නැතිව ආණ්ඩු කලහැකි තත්වයක් ඉන්දියාවට ඇතිවීමම මට නං ෆිට් එකක්.

    ReplyDelete
  7. ඇයි බුවා විධායක ජනාධිපතිකමක් පටං ගැනීම, ඒක ජීවිතකාලයටම භුක්ති විඳිය හැකි ක්‍රමවේද සකස් කිරීම පිළිබඳ විශේෂ වැඩමුළුව.ණයට පාටි දමා බිල ජනතාවට දීමේ හිස අතගා ටොකු ඇණීමේ විශේෂ ව්‍යාපෘතිය

    ReplyDelete
    Replies
    1. අම්මප ඒක කියල දුන්නා නම් මූ අනික් ටික තනියම කර ගනියි

      Delete
  8. බුවා = ඉන්දියන් බුවාම වෙලා :)
    ( ඉන්දියාව සංවේදී කාරනවක් එන්නම ඕනෙ මේකෙ පොසෙට් එකක් වැටෙන්න, ඒකයි )

    //ඉන්දිය ප්‍රාන්ත මැතිවරණයන්ගෙන් පාලක කොංග්‍රස් පක්ෂයට හතර ගාතයෙන් යාමට වැදී තිබේ , මෙහිදි වඩාත් රසවත් මැතිවරණ ප්‍රතිඵලය දක්නට ලැබෙන්නේ දිල්හි නගරයෙහි වසර 15ක කොංග්‍රස් පාලනය බිඳ වැටි විපක්ෂය බහුතරය ලබා ගනිත්දී කොංග්‍රසය තෙවෙනි තැනට ඇද දමමින් දෙවන තැන ලබා ගන්න වසරකට වඩා ආයු කාලයක් නොමැති "ආම් ජනතා පාට් " නම් වූ දූෂණ වංචාවන්ට එරෙහි අන්නා හසාරේගේ ව්‍යායාමයෙන් බිහිවු විකල්ප පක්ෂයයි , දූෂණයන්ට , වංචාවන්ට සහ නාස්තියට එරෙහි සමාජ ව්‍යාපාරයක් මෙන්ම දේශපාලනික වැයමක්ද ශ්‍රි ලංකාවේ කාලීන අවශ්‍යතාවයකි නමුත් බහුතරයක් ශ්‍රි ලාංකිකයින් ඇස් ඇරවීමට සමත් වෙන එවන් ව්‍යාපාරකට අවකාශයක් ලැබේවිද?

    ප.ලි- අන්නා හසාරේ පිලිබඳ සංවාදයකට එක්වු ප්‍රවීන බ්ලොග් කරු ඉන්දික උපශාන්ත මහතා වරක් ප්වසා සිටියේ , අන්නා යනු හුදු චොකා බයිලා කාරයෙක් පමණක් බවයි , එහිදි මා පවසා සිටියේ අන්නා විසින් ඇති කල හඬේ ප්‍රතිපලය 2014දී දැක ගත හැකිවනු ඇති බවයි , මෙය කියවන එතුමාගේ ෆෙස් බුක් මිතුරෙක් වේ නම් මෙය ඔහු සමඟින් ශෙයා කරන්නේ නම් බොහොමත්ම ස්තුතියි !//



    උඹ අන්නල ගියපාර දින්නම බොහොම මහත්මා ලීලවෙන් මේක මතක් කරල තිබ්බ බුකියෙ ( බුවාට මම කැමති උඹෙ වාද මිසක් වද නොකරන ඒ ගතිය නිසයි ).

    මට ඔය පණිවිඩේ දුකයි බුද්ධියි දුන්නම, මම උන්ට කියල යැව්වෙ

    " අන්නාගෙ රැළි වල උණුසුම තාම තියෙන්නෙ උඩ. ඒක යට යන්න පටන් ගන්න මුල තමයි ඔය චන්ද ප්‍රථිඵලය. හරියට හෙළ උරුමය සහ සෝම හිමි අභාවය එක්ක පිම්බිල දැන් සාදුල පාර්ලිමේන්තුවෙනුයි පක්ෂෙ රටෙනුයි චා වෙලා ගියා වගේ. මමත් අකමැති උනත් කරුමෙට ඒක තමයි ඇත්ත. අන්නටත් වෙන්නෙ තෘන මූල කට්ටියට උන දේම තමයි. ඊළඟ චන්දෙ වෙනකල් විතරයි ඉවසන්න වෙන්නෙ."

    කියල.

    අන්න මගෙ අනාවැකිය හරි ගිහින් අන්නා ජෝකර් එකෙනෙක් වෙන්න පටන් අරන්. දේශපාලනේ අතෑරල සිනමාවට යනවලු.

    විස්තරේ අද ටයිම් ඔෆ් ඉන්දියා එකේ තීනව.

    ReplyDelete
    Replies
    1. ඉන්දික මෙන්න මල් මිටක් ++++++++++++

      Delete
    2. මචන් ඉන්දික , ඔය වාදේ මුලින්ම යන වෙලාවේ 2014 දි මම බලාපොරොත්තු වෙච්ච දේ තමයි මේ ඡන්ද ප්‍රතිපලය , කොංග්‍රස් ආණ්ඩුව ගෙදර යන්න ප්‍රධානත හේතුව වෙච්ච දූෂණ වංචා ගැන සිවිල් බලයක් ගොඩ නැගුවේ අන්නා හසාරේගේ ව්‍යාපාරයෙන් තමයි , මෝඩිගේ ආණ්ඩුවත් පිලි පනින කොට ඒකට සද්දේ දාල විරෝධය පල කරන්න ආම් ආද්මි වගේ පක්ෂ ඉන්නවා , මේ අය වැදගත් වෙන්නේ ආණ්ඩු පිහිටවන්න නෙවෙයි , මතවාදයන් ගොඩ නගන්න

      Delete
  9. මේ බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න අපේ ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  10. ඉන්දීය අගමැති යනු ලෝක පාලක දෙවියෙක් යන්න මගේ විශ්වාසයයි. ඉන්දීය පාලකයා තමිල්නාඩුව මගින් පාලනය කිරීම අභාග්‍යයකි. එවිට නියම ඉන්දීය ලක්ෂණ දැකිය නොහැකි වන නිසාය. අපට ටිකක් බලා ඉන්නට සිදු වේවි.

    ReplyDelete
    Replies
    1. ඔන්න මේ පාර ඉන්නවා තමිල්නාඩුවට ඕනි විදිහට නටවන්න බැරි කෙනෙක් බලමු !

      Delete
  11. මම හිතන්නේ මෝඩි මෝඩයෙක් නෙමේයි අපිට වැඩ කරන්න වෙන්නේ බොහෝම පරිස්සමින්.මනමෝහන් එක්ක දාපු සෙල්ලං මෙයා එක්ක බැරි වේවි.

    ReplyDelete
  12. ජයලලිතාගේ පක්ෂය මධ්‍යම ආණ්ඩුවට හවුල්වුනත් නැතත්, තමිල්නාඩු ද්‍රවිඩ ජනතාවගේ අභිලාශයන්ට එකඟනොවී මෝදි රජය වැඩ කරයි කියලා හිතනවා නම්...එතන තමයි වැරද්දගන්න තැන.

    ඉන්දීය විදෙස් ප්‍රතිපත්තියේ ආපහු වෙනස් කරන්න දෙයක් තියෙනවාද? ඉන්දීය ඔතනින් වෙන කොහෙට හැරෙන්නද....ඒවා කියන්න කල් වැඩියි. නමුත් මහා ලොකු වෙනස්වීම් වෙන්න විදිහක් නැහැ. ඉන්දියාවේ... තීන්දු තීරන, පරිපාලනමය න්‍යායන් ගැන සාකච්ඡාවෙන්නේ ආණ්ඩු මාරුවෙනකොට මාරුවෙන්නේ නැති බුද්ධිමත් නිලධාරීන්ගේත් ප්‍රභල දායකත්වය මත බවයි මම අහලා තියෙන්නේ. ඉංදියානු රජය යනු දක්ෂ, බුද්ධිමත් නිලධාරීන් සුරක්ෂිතව රඳවාගන්නා සුරැකුම් පොළක්.

    ReplyDelete
  13. කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව