Skip to main content

Posts

Showing posts from December, 2011

ආණ්ඩුව නරකයි,චම්පික හොඳයි ,විමල් හොඳා......යි

සියතින් ගෙල සිඳගැනීමේ එජාප ආදර්ශය සන්ධාන රජය විසින්ද අනුමනය කරන්නට යෙදී ඇති බවක් පෙනෙන්නට ඇත . නව තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී පමණක් නොව  රටක ඒදිනෙදා කර්තව්‍යයන් වූ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වැනි දැ වලදී පවා සන්ධාන රජය හත් පොලේ ගාගනිමින් සිටිනා බවක් පැහැදිලිව දක්නට ඇත . මේ අතර බොර දියේ මාලු බාන්නට සැරසෙනා කුහකයින් පිරිසකගෙ ක්‍රියාකාරීත්වයක් රජය තුලින්ම පැන නැගෙනා බවක් දක්නට ඇති නිසා ඒ පිලිබඳ  කෙටි සටහනක් එක් කල යුතු යැයි සිතුවෙමි මුස්ලිම් , දෙම්ල අන්තවාදීන් සමඟින් සිංහල ජාතීවාදිනුත් ,සාම්ප්‍රදායික වාමාංශිකයින් සමඟින් නව ලිබරල් වාදීනුත් වශයෙන් විවිධාර මතවාදයන් දරන  පුද්ගලයින්ගේ සම්මිශ්‍රණයක් වූ රජයක් තුල විවිධා කාර ගැටුම් ඇතිවීම ස්වාභාවිකය . විශේෂයෙන් රජය තම ජනප්‍රියත්වයේ "පීක්" එකේ සිට පල්ලම බසිනා යුගයක එවන් තත්වයන් සුලභය . නමුත් වර්ථමානයේ  රජයේ ඇතැම් පාර්ශව ඉන් එහා ගොස් තමන් පමණක් පොරවීමේ ක්‍රියාවලියක සිටිනා බවක් දක්නට ඇත .රජයේ කැබිනට්  අමාත්‍යවරුන් වූ විමල් වීරවංශ  සහ චම්පික රනවක මහත්වරුන් සාමාජිකත්වය දරනා ජාතික නිදහස් පෙරමුණා හා හෙල උරුමය මේ පාර්ශවයන් ලෙස මූලිකව

2011 වසරේ මගේ හිතට වැදුන සින්දු - එන්න ගීත අහන්න , අදහස් කියන්න

අවුරුද්දක් ගතවෙලා අවසන් වේගන එනකොට ආදාල කාලයේදි කරපු දේවල් ගැන හැරිල බලන එක සමහරක් දෙනෙක්ගේ පුරුද්දක් . මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක් . මහා වැදගත් දෙයක් නොවුනත් අපි කාගේ කාගේත් ජීවිත වල දකින්න තියන දෙයක් . ඒ තමයි මේ වසරේදි මම අහපු , හිතට වැදුනු සහ මතකයේ රැදුණු ගීත . ගීත රසාස්වාදය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන කාරණාවක් වුනත් මම  ගීත එකතුව ගැන අනික් අයගේ අදහස් දැනගන්නත් , මඟ හැරුණු ලස්සන ගීත දැන ගන්නත් එක්ක පොඩි සාක්ච්ඡාවක් ඇති කරගන්න එකයි බලාපොරොත්තුව . හැමගීතයකටම වගේ අදාල විඩියෝ පටි කැල්ලකුත් දාල තියෙන්නෙ කලින් අහල නැති කෙනෙක් වෙනුවෙන් . විඩියෝ පටි ටික නිසා ලිපිය ලෝඩ් වෙන්න නම් ටිකක් කාලය ගතවේවි සිංහල ගීත  01) මේ වසරේ මුල් කාලයේම වගේ අහපු අද දක්වාත් බොහොම ආසාවෙන් අහන සිංහල ගීතයක් තමයි "සිංහාවලෝකනය" චිත්‍රපටියේ . මතකද හැන්දැවේ කියන ගීතය . මේක හැම කෙනෙක්ම වගේ අහල ඇති . බොහොම නිස්කලංකව අහගෙන ඉන්න අපුරු ගීතයක් කියලයි මට හිතෙන්නෙ .ගායනා කරන රුවන් හෙට්ටිආරච්චිත් රයිනි චතුරිකාත් තමන්ගෙ උපරිමය ගීතයට දීල තියනව 02) ඊලඟට  බොහොම ප්‍රිය කරන ගීතයක් තමයි භාතිය සන්තුෂ්

විභාග ප්‍රතිඵල අනන දැනුම් කේන්ද්‍රය සහ සංචාරකයින් මරන සංචාරක කේන්ද්‍රය

ලංකාවට 'ආසියාවේ අමුතු ඇටේ 'කියා කිවේ මොකාද කියා මතකයක් නැතත් ඌ කීවේ සත්‍යයක් බව නම් පෙනෙන්නට ඇත . රටක පරපුරක අනා ගතයට වග කිව යුතු අධ්‍යාපන අමාත්‍යාංශය (එකක් නොව දෙකම ) , වර්ථමාන  සීසු පරපුරේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් වැඩ අනාගන්නා බැව් මැනවින් සනාථ කර අවසන්ය . විශය නිර්දේශයන් 2ක්  යටතේ විභාගය පැවැත්වෙනා බැව් විශය නිර්දේශය වෙනස් වූ දා පටන් බලධාරීන් දැන සිටි කරුණකි .එනම් z-අගයන් පිලිබඳ ගැටලුවක් එහිදී මතුවන්නේ නම් ඒ පිලිබඳ බලධාරින්ගේ අවධානය යොමු කිරීමට වසර දෙකක පමණ කාලයක් තිබිනි . නමුත් ඔවුන් z අගයන් පිලිබඳ සාකච්ඡාවක් කරමින් කල් මරන්නේ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන් වීමෙනුත් පසුවය  . එය හෝ නිසි ජවයක් සහිතව සිදු නොවූ නිසා අවසානයෙ ප්‍රතිඵල නිකුත් කරන්නේ නත්තල් නිවාඩුව තුල කඩිමුඩියේය . එයත් උසස් අධ්‍යාපන ඇමතිවරයාම හිරිකිතයකින් තොරව පවසනා පරිදි ජනපතිවරයා බැන වැදීමෙන් පසුය . ජනපතිවරයාගේ බැන වැදීමකින් පසු සති ගානක් කෙකර ගාමිනි සිටි ගැටලුව සුටුස් ගා විසඳුනේ අමාත්‍යවරයා පවසනා "ජ්‍යාමිතික සූත්‍රයකින්" z අගය සෙවීම නිසා විය හැක .කෙසේ හෝ  අවසානයේ නිකුත් ප්‍රතිඵලයද දෝෂ සහගතය . 

පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක අවශ්‍යතාවය

රජය විසින් ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත සහ ඊට විරෝධය පල කරනා  විශ්ව විද්‍යාල සිසුන් මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ . දශක  තුනකටත් එහා ගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ වැයමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ආදාල පනත හැඳින්විය හැක . එම පනනේ සංයුතිය හා අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා කිරීමට මත්තෙන් සුපුරුදු පෞද්ගලික විශ්ව විද්‍යාල "යහපත්ද -අයහපත්ද " යන විවාදය පිලිබඳ යමක් සටහන් කල යුතුය . උක්ත විවාදය කෙලවරක් නොමැතිව දිවෙන්නක් වුවත් ඒ පිලිබඳ මාගේ පැහැදිලි අදහස ඉදිරිපත් කර තැබීම වැදගත්ය . පෞද්ගලික විශ්ව විද්‍යාල සහ/හෝ  මුදලට රාජ්‍ය අංශය විසින් සපයන උසස් අධ්‍යාපනය යන සංකල්පය මා සම්පූර්නයෙන්ම එකඟය . එනිසා පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරෝධය පලකරන්නන්ගේ සමහරක්  තර්කයන්ට පිලිතුරු සැපයීම මාගේ ස්ථාවරයට හේතුන් පාඨකයාට අවබෝධ වීමෙහිලා උපකාරි වනු ඇත . දුප්පත් සිසුනට සිදු කරනා අසාධාරණයක් - යම් පිරිසකට අසාධාරණයක් සිදුවන බව සැබැය . නමුත් වර්ථමානයේ පවතින්නාවු ක්‍රමය තුලද තත්වය ඒසේමය . දිස්ත්‍රික් පදනම නිසා විභාගයේදී වැඩි දක්ෂතාවයන් දැක්වූ සිසුනට  බලාපොරොත්තු වන පාඨමාලා වලට ඇ

ඒකාධිපති ආතල් !

උතුරු කොරියාවෙ නායක කිම් ජොන් උන්නැහෙගේ අවමංගල්‍යය මේ දවස්  ප්‍රවෘත්ති මාධ්‍ය වල උණුසුම් මාතෘකාවක් .ඒකාධිපති පවුල් පාලනයක පුරුකක් වෙච්ච නායකයෙක් මැරුණ කියල ඒ රටේ මිනිස්සු පොලවෙ පස් කන්න හදන හැටි දැක්කාම මඤ්ඤං වගේ දැනෙන්නේ , මීට  ටික දොහකට කලින් ලෝකේ වෙනත් තැනක් මිනිස්සු ඒකාධිපතියෙක්ගෙ මරණය වෙනුවෙන් ගත්ත ආතල් එක දැක්කාම . ජාත්‍යන්තර මාධ්‍ය වල පවා දාන උතුරු කොරියානු රූප රාමු ඒහෙන්ම රූගත කරල එන ඒවා නිසා අඬන බව පෙන්වන්න දාන ශෝ එකක් වෙන්න පුලුවන් කියල හිතුනත් , භාහිර ලෝකයෙන්  සම්පූර්ණයෙන්  හුදකලා වුනු උතුරු කොරියානු ජනතාව සිරාවටම අඬනවා වෙන්නත් බැරි කමක් නෑ ජාත්‍යන්තර මාධ්‍ය , අන්තර්ජාලය වගේ දේවල් භාවිතා කරනවා තියා අහලවත් නැති උතුරු කොරියානු ජනතාවට තමන්ගේ පාලකයා විසින් ඔලුවට පටවන දේවල්  පමණක් සත්‍යයි කියා සිතෙනවා ඇති . ප්‍රජාතන්ත්‍රවාදය කියල දෙයක් ලෝකෙ තියනවා කියලත් බහුතරයක් උතුරු කොරියානුවන් නොදන්නවා වෙන්නත් පුලුවන් . ලංකාවේ දේශපාලකයින් පාතලය පෝෂණය කරනවා වගේ රුසියාව හා චිනය උතුරු කොරියාවට යටින් දෙන සප් එක නිසා උතුරු කොරියාව පෙන්වන යුධමය හැකියාවන් ඒරටේ ජනතාවට මැජික් වගේ වෙන්න පුලුවන් . ස

සිරිකොතේ වැට සහ චිරං ජයතු මහරජ !

වික්‍රමසිංහ මහතා නැවතත් ගේම ගසා ඇත . සෙල්ලම් නැත   මාතලන් කියන්නා සේ කරුට තරු පෙනෙන්නට දී ඇත . කොලඹ දිනිල්ලෙන් වික්‍රමසිංහ මහතා ඡන්ද දිනන්නට පටන් ගත්තා විය හැක . සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද ගණනින් භාගයක්වත් කරුට ලැබී නැත . රවි කරුණානායකටත් ඡන්ද හතලිස් ගණනක් ලැබෙනා සංගමයක එහි ඇති පුදුමයක් නැත . ඊ නිවුසියට ආතල් ගොස් ඇත . සිරසට බඩ ගොස් ඇත . එජාප පාක්ෂිකයින්ටත් මොකක් හෝ හිතෙන්නට ඇත . සිරිකොතේ වැටත් ගලවාගෙන ගොස් ගල් ගැසුවේ ඒ හිතුනු ඒවා අනුව විය හැක . වික්‍රමසිංහ මහතාගේ කාරයට ඉන්සුවරන්ස් ඇත ,සිරිකොතටත් එහෙම එකක් ඇත්නම් වැටද නොමිලේ හදා ගත හැක . නැතත් නව ජාතික සංවිධායක වරයා විසින් හදා දෙනු ඇත . සීනි කම්හල යකාට ගියත් ඔහුට වැටක් සදා දීම මහ ලොකු කාර්යයක් නොවනු ඇත . නායක කෙරුවාව අහවරය . ඡන්දයක් ඕනි කිවේ සජිත් ප්‍රේමදාස මහතාමය . නමුත්  ඔහුගේ නායකත්ව අපේක්ෂකයා එම ඡන්දයෙන්ම පරාද වී ඇත . තව ඩිංගෙන් ප්‍රේමදාස මහතාගේ කථාවද එයම වීමට ඉඩ තිබුනි . එජාප නායකත්වය වෙනස් කිරිමේ සටන අවසන් වී ඇත . මන්ද කල හැකි සියල්ල කර අවසන්ය . සිරසෙන් වීරයා වූ මෛත්‍රි ගුනරත්න මහතා දිවිහිමියෙන් සටන් කරන බවක් පවසා ඇත .

නාකි සහ තරුණ රාජ්‍ය නායකයින්

එජාපයේ නායකය හොයන්න ගිය කලින් ලිපියට ප්‍රතිචාරයක් එක් කරපු අපේ ජයශ්‍රි සහෝදරය  මතක් කරපු කාරණාවක් තමයි කරුගේ වයස . ඒ කමෙන්ටුවට උත්තර බඳින්නත් කලින් ආපු අයිඩියාවක් තමයි ලියන්න හදන්නේ . ඒ  රාජ්‍ය නායකයින්ගේ වයස සහ ඒ අයගේ වැඩකිඩ ගැන . හැමදාම දේශද්‍රෝහී එව්වා ලියන්න ගිහින් අන්තිමේදි අර කලින් ලිපියෙදි ඇනෝ කෙනෙක් කිව්වා වගේ රනිල්ගේ"ඇහින්ද අසුන්දර" පෝස්ට් එකට රෙජිස්ටර් වෙන නිසා (හැබැයි ඒ ලිපියෙන් සප් එක දුන්නෙ කරු උන්නැහේට ) එව්වායින් පොඩ්ඩක් ඇත්වෙන්නත් එක්ක තමයි  දේශද්‍රෝහි නොවන මාතෘකාවක් තෝරගත්තේ රාජ්‍ය නායකයෙක් කියන්නෙ ඉතින් සුලු පටු පොරක් නෙවෙයි  . අනිවාර්යයෙන්ම පාලනය කරන රටේ හැම එකාගෙම  අනාගතය තීරණය කොරන්න ඉහලින්ම ඉන්න කෙනා . ඒ විතරක් නෙවෙයි සමහරක් වෙලාවට මේ අය ලොකේ අනික් රටවල සමස්ථ ලෝකයේම ඉරණම තීන්දු කොරන්නත් හේතු  වෙනවා . ඒ කියන්නේ ඉතාම භාරදූර කර්තව්‍යයක් කරන කෙනෙක් . මේ වගේ පොරකට  බුද්ධිමත් කම , පල පුරුද්ද , තීරණ ගැනිමේ හැකියාව  ඇතුලු නායකත්ව ලක්ෂන වගේම හොඳ ශාරිරික  හා මානසික සෞඛ්‍යකුත් තියන එක  අත්‍යාවශ්‍යයි . එතනදි තමයි රාජ්‍ය නායකයාගෙ වයස ගැන කථාව මතුවෙන්නේ , මොකද මන

රනිල් vs කරු

එජාපයෙ නායකත්ව අර්බුධය නැවත වතාවක් කරලියට පැමිණ තිබේ . ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්ය භාරය ඉටු කල යුතුවූ එජාපය එම වගකීම් සහමුලින් අමතක කරදමා තමන්ගේ අභ්‍යන්තර අවුල් ජාලය විසඳීමට උත්සහ කරමින් හෙවත් තව තවත් එය අවුල් කරමින් සිටින්නේ වසර ගණනාවක සිටයි . සැබවින්ම මෙම නායකත්ව අර්බුධයේ මුල් ගාමිනි අතුකෝරාල මහතා ජීවත්ව සිටි යුගය දක්වා දිවෙයි . පසුගිය කාලයේ සජිත්-රනිල් වලියක් වූ නායකත්ව අර්බුධය මෙවර නව මුහුණු වරක් ගෙන තිබේ . ඒ කරු ජයසුරිය මහතා නායකත්ව සටනට සක්‍රියව අවතීර්ණ වීමත් සමඟයි . ඒ අනුව එජාපයේ නායකත්වය වෙනුවෙන් අපේක්ෂකයෙන් දෙදෙනෙකු ඉදිරිපත්වී අතර මැතකදි සම්මත කරගත් පක්ෂ ව්‍යවස්තාව අනුව පක්ෂ නායකත්වය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමේ අභියෝගය ට අද එජාපය මුහුණ දී තිබේ . මේ පිලිබඳ කතිකාවේ ආරම්භය ලෙස නායකත්ව අපේක්ෂකයින් දෙදෙනාගේ දේශපාලන ප්‍රොෆයිලයන් වෙත අවධානය යොමු කරමු .  ප්‍රභල දේශපාලන පවුල් පසුබිමක් සහිත රනිල් වික්‍රමසිංහ මහතා කොලඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු කොලඹ විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යනාංශයට ඇතුල්වේ . ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලත් එකම නායක තලයේ දේශපාලඥයා වන ඔහු නීත

සෙවාග් ගේ 219 සහ අපිට කොයින්ද බූල් බල්ලෝ !!

එක්දින තරඟයකදී 219 ක් බෝල 147ට , සෙවාග් මචෝ උඹ නම් රියල් වැඩ්ඩෙකි . මගේ උණු සුම් සුභපැතුම් . ! ගොඩක් දෙනෙක් කියන්නේ උඹලාගේ රටෙන් බිහිවු  වැඩ්ඩා සචින් ලොක්කා කියාය , දෙකක් නැත . පොරගේ තාක්ෂණය එලකිරිය . බලා හිටියත් ක්‍රිකට් ඉගෙන ගත හැකිය . ඒත් ටෙස්ට් , එක්දින , විස්සයි විස්ස කියා වෙනසක් නැතුව , බෝල දාන එකා මොකාද , 100ක් 50ක් ලඟයිද , අද මැච් එක පැරදුනොත් ගෙවල් ටිකට ගිනි තියයිද  වගේ අනන් මනන් ඔලුවට ගන්නේ නැතුව  දිගට හරහට නෙලනා උඹේ ගැහිල්ල නම් සචින් ලොක්කාට කොරන්නට බැරිය . ඒ නිසා කෙටිල්ලට වඩා ගැහිල්ලට කැමති මට නම් උඹ සචින්  ලොක්කාටත් වඩා පොරකි  සනත් අය්යා තරුණ කාලයේ නම්  උඹේ ඔය රැකෝඩ් එක අපේ එකෙක් අතින් බිඳ දැම්මා කියා සතුටු වෙන්නට  චැන්ස් එකක් අපිටත් ලැබෙන්නට ඉඩ තිබුනි .අරවින්ද අය්යාටත් වෙලාසන ග්‍රවුන්ඩ් එකට එන්නට චැන්ස් එකක් ලැබුනා නම් 219ට 249 ගහනව ශුවර්ය .පොරත් උඹ වගේම මෙලෝ පීඩනයක් නැතුව ගහනා එකෙක් බව උඹත් දන්නවා ඇතිය . ඒත් දැන් සනත් අය්යා ක්‍රිකර් ගහන්නේ නැත , අරවින්ද අය්යා ඉන්න තැනක් වත් හොයාගන්නට නැත , ලංකාවේ අරවින්දලා , සනත්ලා ආයෙත් නම්  බිහි වන්නේ නැත . ඒ එහෙව් දක්ෂයෙකුට ඉදිර

ගාමනි ගැන මගේ අදහස

පහුගිය දවස් වල රටේ තොටේ බොහෝ තැන්වල වගේම සිංහල බ්ලොග් අවකාශයෙත් කථා බහට ලක්වුනු මාතෘකාවක් තමයි ගාමනි චිත්‍රපටිය .බ්ලොග් කරුවන් කිහිප දෙනෙක්ම මේ ගැන ලියල තිබුනා . ඒ ලිපි වලදි බොහෝ දෙනෙක් තමන්ගේ අදහසුත් දක්වලා තිබුනා . මේ ලිපියෙන් කථා කරන්නේ චිත්‍රපටිය ගැන මගේ අදහස . එතනදි චිත්‍රපටියේ විවිධ අංගයන්  පිලිබඳව වෙන වෙනම කථා කිරීම වඩාත් හොඳයි කියලයි මට හිතෙන්නෙ කථා තේමාව  ගාමනි ගැන කථා කරපු බොහෝ දෙනෙක්ගෙ  මූලික අවධානයට ලක්වෙච්ච කාරණයක් තමයි චිත්‍රපටියේ කථා තේමාව . චිත්‍රපටියේ ප්‍රචාරණයට භාවිතා කරපු ආකාරයෙන්ම කථාව පදනම් කරගන්නේ ලංකාවේ  යම්කිසි කාලයක සිදුවුනු සත්‍ය සිදුවීමක් ,කොටි ත්‍රස්තවාදීන්  විසින් සිදුකරපු අතිශයින් ම්ලේච්ඡ ඝාතනයක් පාදක කරගෙන ඊට එරෙහිව සටන් වදින ගම් වැසියන් පිරිසක් පිලිබඳව තමයි කථාව ගොඩ නැගෙන්නෙ , මේ එරෙහිව සටන් වැදීමේ කොටස කෙසේ වෙතත් මූලික කාරණය ඒ කියන්නේ කොටි සංවිධානයේ කෘරත්වය නෑවතත් සිහි ගන්වමින්  රිදි තිරයට නිර්මානයක් ගෙන ඒම පිලිබඳ සමහර පිරිස් සතුට පලකරත්දි තවත් පිරිසක් ඒ ගැන කථා කලේ මේ වගේ නිර්මාණයෙන් කරන්නේ  යුධ මානසිකත්වය සහ සහ ජාතිවාද්ය  ඇවිස්සීම නිසා පශ්චාත් යුධ