Skip to main content

Posts

Showing posts from November, 2012

රනිල් ගැන පෙත්සමට ඔබාමා ක්‍රියාකාරි වේ !

ස්ථානය ධවල මන්දිරය , දිනය 2012/11/27 . වේලාව උදැසන 7 ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ සම්බන්ධීකරණ ලේකම් වරිය කලබලයෙන් ඔබාමාගේ කාර්යාල කාමරය වෙත දිව ඒ . ලේකම් -  සර්..සර් මාර වැඩෙනේ වෙලා තියෙන්නේ ...!! ඔබාමා - මොකෝ කෙල්ලේ බයවෙලා , ඇයි ආයේ සැන්ඩිවත් එනවලුද ? ලේකම් - නෑ ..සර් සැන්ඩි කොහෙද ආයෙ එන්නේ , මේක ඉන්ටර්නැශනල් ප්‍රොබ්ලම් එකක් . ඔබාමා - ඉශ්‍රාල කාරයෝ ආයේ ගාසා තිරෙට ගහන්න අරගෙනද , මල කෙලියයි ! ලේකම් - අනේ  නැ සර් මේ ලංකාවේ කේස් එකක් . ඔබාමා - නෑ(විශ්මයෙන් ) ..,, අර යවපු සැටලයිට් කාගේ හරි ඔලුවකටවත් පත බැවිලද ? ලේකම් - නෑ සර් , පොඩ්ඩක් ඉන්නකො කියන කන් , අනික ඒ සැටලයිට් එක ලංකාවේ උනාට තියෙන්නේ චීනෙට උඩින්ලුනේ , ඉතින් වැටුනත් චීනෙක්ගේ ඔලුවට තමයි . මේක පොලිටිකල් කේස් එකක් . ලංකාවේ විපක්ෂ කායකය කමකට නෑය කියල එහෙ කට්ටියක් අපේ වෙබ් සයිට් එකේ පෙත්සමක් දාලා . ඒ විපක්ෂ නායක ආණ්ඩුවත් එක්ක ඩීල් දානවලු , විපක්ෂෙ අයව ආණ්ඩුවට එලවනවලු.මේ ආත්මෙට දිනන්න නම් බැලු   .. තව ගොඩාක් චෝදනා දාල තියනවා .. ඔබාමා - අප්පට හුඩු , කෝ බලමු (ඔබාමා ලැප්ටොපයක් දිග හරියි ) , ශික් විතරක් මේ මල බකබාව ඕ

ගාසා තීරයේ හමාස් අන්කල්ලාට තණමල්විල හිච්චි එකාගෙන් ලියුමක් !

ආදරණීය හමාස් අන්කල්ලා වෙතය මේ වෙනකොට නම් ඔයාලා ඩිංගක් සැනසීමෙන් ඉන්නවා ඇතිය කියා සිතමි . ඊජිතුවේ ජනාධිපති අන්කලුයි ක්ලින්ටන් ආච්චිටයි පින් සිද්ධ වෙන්නට හිතේ ගින්දරක් නැතුව බත් ඩිංගක් හෝ කන්නට  චාන්ස් එකක්  ටික දොහකට පස්සේ අන්කල්ලාට ලැබි ඇතැයි කියා මට හිතෙනවාය  , අන්කල් ලා ගැන මම හරියට දන්නේ නැති වුනාට පලස්තීයනය කියන්නේ අපේ ආඩම්බර කාර පියා අන්කල්ගේ හොඳම යාලුවෙක් කියා නම් දන්නවාය , අන්කල්ලා අල්ලන් ඉන්නේ පල්ස්තීනයෙන් කැල්ලක් විතරක් උනත් අන්කල් ලා කරන්නේත් අධිරාජ්‍ය විරෝධි සටනක්ය කියා , කොහොමටත් දේශප්‍රේමි අධිරාජ්‍ය විරෝධී හිච්චි එකාටත් හිතෙනවාය . මීට කලින් ගඩාෆි අන්කල් ටයි අසාද අන්කල්ටයිත් මම මෙහෙම ලියුම් යවලා තියනවාය . අන්කල්ලා පහුගිය සතියම කලේ ජල්ලි අල්ලපු එකය , ඇත්තටම කිව්වොත් ඊශ්‍රාලයෙන් කාපු එකය . ඒ වුනාට ආශ්චර්යයේ අපට නම් පහුගිය සතිය මාර සතුටුය . ඒ අපේ ආඩම්භර කාර චූටි අය්යා චන්ද්‍රිකාවක් උඩ යවන නිසාය , අන්කල් ලා වගේ නෙමේය එතකොට අපිත් අපේම කියලා චන්ද්‍රිකාවක් තියන රටක් වෙනවාය . අපේ තාත්තා නම් චන්ද්‍රිකා කෙලියට විරුද්ධය . තාත්තා කියන්නේ  ඔය යවන චන්ද්‍රිකාව චිනුන්ගේ කසි කබලක්

දේශද්‍රෝහී පාහරයන් විසින් ජනතාවගෙන් වසන් කරනු ලබන 2013 අය වැයේ සැබැ ප්‍රතිලාභ !

සන්ධාන රජයේ 2013 වසර අය වැය පිලිබඳව නොයෙකුත් මතවාදයන් , අන්තර්ජාලය පුරා දක්නට ඇත . මේවා දෙස විමසිල්ලෙන් බැලු විට පෙනී යන කරුණ නම්  රටේ සහ ජනතාවගේ අනාගත සුභ සිද්ධිය සඳහා වන අගනා යෝජනා රැසක් අන්තර්ගත උක්ත අය වැයෙ  අභිලාශයන් ජනතාවගෙන් වසන් කරණු වස් දේශද්‍රෝහි  පාහරයින් පිරිසක් විසින් පතුරවා හරිනු ලබන මිත්‍යාවන් පමණක් බවය. පහතින් දැක්වෙන්නේ එවන් චෝදනාවන් සහ ඒවායේ සැඟවුනු  යථාර්තයන්ය . රේසින් කාර් සඳහා බදු සහන  ශ්‍රි ලංකාවේ දැනට පවතින සහ ඉදිවෙමින් පවතින F1 ධාවන පත දක්ෂිණ ආසියාවේ පමණක් නොව සමස්ථ ආසියා කරයේම මෝටර් රථ ධාවන තරඟ සඳහා  හොඳම පහසුකම් සහිත රට  බවට  මෙරට පත්කෙරෙමින් පවතී. රේසින් මෝටර් රථ සඳහා ලබා දෙන බදු සහනය මඟින් මෙරට සිටින දහස් සංඛ්‍යාත තරඟ කරුවන්ට සහන මිලට මෝටර් රථ මිලදී ගෙන අදාල තරඟාවලි ජයග්‍රහණය කිරීමෙ හැකියාව ලැබෙන අතර , ඉදිවෙමින් පවතින ධාවන පත නිමවූ පසු  ඇතිවන ධාවන පත අතිරික්තය විදේශිකයින්ට ශ්‍රි ලංකාවේ අඩුමිල ගණන් යටතේ මෝටර් රථ මිලදී ගෙන තම පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමට අවකාශයද ලබා දේ.මොටර් රථ ධාවන තරඟ නැරඹීමට පැමිණෙන  සංචාරකයින්ගෙන් ලැබෙනා අදායම රුපියල් බිලියන 1000ක

සුපර් සික්ස් වරද්ද ගත්තේ කොතනද ?

මේ දවස් වල අන්තර්ජාලයේ කථා බහට ලක්වෙන්නේ  කර්ම චිත්‍රපටිය . සෙනසුරු මාරුව ගැනත් ප්‍රවීන බ්ලොග් කරු මාරයා විසින් කථා බහක් ආරම්භ කරල තිබුනා . ඒවා පැත්තකින් තියෙත්දි මීට මාස කිහිපයකට කලින් තිරගත වුනු සහ අන්තර් ජාලයේ  සාකච්ඡාවට බඳුන් වෙච්ච සුපර් සික්ස් චිත්‍රපටිය ගැනයි මේ කථා කරන්න සුදානම . අන්තර්ජාලයේ දැකපු සටහන් නිසාම සිනමා ශාලාවකට ගිහින් නැරඹීම වැලකුනත් ශ්‍රි ලාංකාවේ වැඩිම වියදමක් දරා නිපදවු චිත්‍රපටිය නිසා සුපර් සික්ස් ගැන කතිකාව සමස්ථ  ශ්‍රි ලාංකීය සිනමාව පිලිබඳව පොඩි විමසුමක් විදිහට දකින්න පුලුවන් කම තියෙයි. සම්ප්‍රදාය  සුපර් සිකිස් චිත්‍රපටයත් ,ශ්‍රි ලංකාවේ බොහොමයක් සිනමා නිර්මාණ විදිහට ඉන්දියානු සිනමා නිර්මාණ ශෛලි‍ය  අනුගමනය කරමින් තමයි නිර්මාණය වෙන්නේ. ගීත , නර්ථන සටන් , විහිලු ආදර ජවනිකා ආදී සියල්ල එක නිර්මාණයක අඩංගු වන "මසාල " වර්ගයේ කියල හඳුන්වන සිනමා නිර්මාණයක් ගණයට සුපර් සික්සුත් අයිති වෙනවා. මේ දක්වාත් ඉන්දියානු  සිනමාව තුල ඔය ආකෘතියේ සිනමා නිර්මාණ දකින්න තිබුනත් , මේ වෙනකොට බොලිවුඩ් සිනමා නිර්මාණ ඔය ආකෘතියෙන් බැහැරව වර්ගිකරණයන් එකකට හෝ කිහිපයකට අදාල වන නිර්

ඉස්ලාමයේ 9:5 - මනුෂ්‍ය ඝාතන දිරි ගැන්වීම සහ සාධාරණීකරණය - ඉස්ලාමිකයෙකුගේ ලිපියකට පිලිතුරක්

ආගම් පිලිබඳ වාදයන් කිසි විටකත් අවසන් වන්නක් නොවේ . ආගම් පිලිබඳ වාද විවාදයන් එක් ආගමක් තදින් වැලඳගත් ආගමේ කොතනක හෝ සටහන් වූ පමණින් ඕනැම ටොම් පචයක්  හිස් මුදුනින් පිලිගන්නා  පුද්ගලයින් අතර සිදුවන විට එක් මතයකට පැමිණ වාදයක් අවසන් වීමේ හැකියාවක්ද පවතින්නේද නැත . මැවුම් වාදය පිලිගන්නා වුන්  කිසි විටකත් මැවුම් කරු මැව්වේ මොකාදැයි නොඅසන්නා සේම හින්දුන්ට පියඹන වඳුරන් ඇතුලු සිය දේව සභාව තාර්කිකවන අතර බෞද්ධ "ආගමිකයින්ට" ජාතක කථා වලටද තාර්කික පැහැදිලි කිරීම් දිය හැක . තත්වය එසේ තිබියදීත් ඉස්ලාම් අන්තවාදීන් අතින් වෙඩි පහරට ලක්වුනු පකිස්ථාන දැරිය පිලිබඳ රාජ් සහෝදරයා විසින් ලියවුනු ලිපියේ  මතුවූ සංවාදයක් මඳක් ඉදිරියට රැගෙන යැමේ අවස්ථාවක් පැමිණ ඇත . මෙය කිසිදු ආගමික දෘශ්ටිකය සිට නොව නිර්-ආගමිකව , මානූශීය  කෝණයෙන් සංවාදයට ලක් කල හැක්කක් බවද සඳහන් කල යුතුය . ලොව පවතින ත්‍රස්තවාදී සංවිධාන අතුරින් සාතිශය බහුතරයක් මුස්ලිම්   ජාතිකයන් ඉස්ලාම් ධර්මයේ නාමයෙන් පවත්වාගෙන  යන්නන් වන බව පහත විකි පිඩියා ලිපියේ අන්තර්ගත තොරතුරු හරහා වටහා ගත හැක , http://en.wikipedia.org/wiki/List_of_designated_