මේ දවස් වල අන්තර්ජාලයේ කථා බහට ලක්වෙන්නේ කර්ම චිත්‍රපටිය . සෙනසුරු මාරුව ගැනත් ප්‍රවීන බ්ලොග් කරු මාරයා විසින් කථා බහක් ආරම්භ කරල තිබුනා . ඒවා පැත්තකින් තියෙත්දි මීට මාස කිහිපයකට කලින් තිරගත වුනු සහ අන්තර් ජාලයේ සාකච්ඡාවට බඳුන් වෙච්ච සුපර් සික්ස් චිත්‍රපටිය ගැනයි මේ කථා කරන්න සුදානම . අන්තර්ජාලයේ දැකපු සටහන් නිසාම සිනමා ශාලාවකට ගිහින් නැරඹීම වැලකුනත් ශ්‍රි ලාංකාවේ වැඩිම වියදමක් දරා නිපදවු චිත්‍රපටිය නිසා සුපර් සික්ස් ගැන කතිකාව සමස්ථ ශ්‍රි ලාංකීය සිනමාව පිලිබඳව පොඩි විමසුමක් විදිහට දකින්න පුලුවන් කම තියෙයි.
සම්ප්‍රදාය
සුපර් සිකිස් චිත්‍රපටයත් ,ශ්‍රි ලංකාවේ බොහොමයක් සිනමා නිර්මාණ විදිහට ඉන්දියානු සිනමා නිර්මාණ ශෛලිය අනුගමනය කරමින් තමයි නිර්මාණය වෙන්නේ. ගීත , නර්ථන සටන් , විහිලු ආදර ජවනිකා ආදී සියල්ල එක නිර්මාණයක අඩංගු වන "මසාල " වර්ගයේ කියල හඳුන්වන සිනමා නිර්මාණයක් ගණයට සුපර් සික්සුත් අයිති වෙනවා. මේ දක්වාත් ඉන්දියානු සිනමාව තුල ඔය ආකෘතියේ සිනමා නිර්මාණ දකින්න තිබුනත් , මේ වෙනකොට බොලිවුඩ් සිනමා නිර්මාණ ඔය ආකෘතියෙන් බැහැරව වර්ගිකරණයන් එකකට හෝ කිහිපයකට අදාල වන නිර්මාණ පිලිබඳ අවධානය යොමු කරමින් ඉන්න බව දකින්න තියනවා . විශේෂයෙන්ම "තරු සාධකයේ" බලපැමකින් තොරව සාර්ථකත්වයට පත්වුන මැත කාලීන බොලිවුඩ් නිර්මාණ ඔය "මසාල" වට්ටෝරුවෙන් වෙනස් ආරක් අනුගමනය කරපු ඒවා. මම දකින විදිහට සුපර් සික්ස් අධ්‍යක්ෂක වරයා වරද්ද ගන්න පලවෙනි තැන මේ සම්ප්‍රදාය . ඉන්දියානු සිනමාව වසර දහයකටත් එපිටදි සාර්ථකත්වයක් ලබපු සම්ප්‍රදායක් , හොලිවුඩ් චිත්‍රපට පවා සමගාමීව තිරගත වෙන වටපිටාවක ඉන්න නූතන ශ්‍රි ලාංකීය රසිකත්වය ආදාරයෙන් පිලිගනියි කියන උපකල්පනය . කොහොම වුනත් මේ වට්ටෝරුව ඇතුලෙම වුනත් සුපර් සික්ස් අධ්‍යකෂක සිදුකරන බොහෝ වැරදි නිසා වට්ටෝරුව ඇතුලේම 70-90 කාලවලදි නිර්මාණය වුනු සිනමා පටයක් තරම්වත් රසයක් මතු කරන්න හැකිවෙලා තියනවාද කියන එක ප්‍රශ්නයක් !
කථාව සහ තිර රචනය
සුපර් සික්ස් අනුගමනය කරන සම්ප්‍රදායේ සිනමා නිර්මාණයකට ඉතාම වැදගත් කාරණාවක් වෙන්නේ සරල ,ප්‍රේක්ෂකයා ආකර්ෂනය කර ගැනීමට සමත් කථා මූලයක් තිබීම . සුපර් සික්ස් චිත්‍රපටය මේ කාරණයේදීත් බරපතල අසාර්ථක බාවයකට පත් වෙන්නේ එවැනි ප්‍රභල කථා මූලයක් පදනම් කරගන්නට නොහැකි වීමෙන් . ක්‍රිකට් තරඟාවලියක් පදනම් කරගෙන වුනත් සාර්ථක කථාවක් ගොඩ නගන්න පුලුවන් කම තිබුනත් සමාන්‍යයෙන් හුදු විනෝදය උදෙසා කරන ටෙනිස් බෝල මැච් එකක ඒ සඳහා ඇති හැකියාව බොහොම අඩුයි වගේම , ඒතුලට වැදගත් කමක් ආරෝපණය කරන්නත් නිර්මාන කරුවා සමත් වෙලා නැ . චිත්‍රපටයේ හඳුන්වාදීමේ ගීතය සහ චරිත හඳුන්වාදීමේ ජවනිකාවෙන් පසුව එන චිත්‍රපටයේ සමස්ථයම ඉතාම දුර්වල තිර රචනයක් සඳහා හොඳම උදාහරණයක් විදිහට හඳුන්වාදෙන්න පුලුවන්. කිසිම පිලිවෙලක් නොමැතිව එහෙන් මෙහෙන් ඇමිනු රූපරාමු හා සිදුවීම් තුලින් දුර්වල කථා මුලය තුල වුනත් චිත්‍රපටයට දෙන්න තිබුනු අලංකාරය සහ මුලින්ම නැති කර තිබෙන බවක් තමයි දකින්න තියෙන්නේ.
රංගනය
කලින් ඡෙදයේ සඳහන් කරපු දුර්වල තාවයන් තවත් තීව්‍ර වෙන්නේ ඉතාම පහල මට්ටමක තියන රංගනය හේතුවෙන්. ප්‍රධාන චරිත අතරින් පබෝධා හැරුණු විට අනෙක් කිසි කෙනෙක් තමන්ට ලැබී ඇති ඉතාම පැතලි , සීමිත චරිතයට හෝ සාධාරණයක් ඉටු කරන බවක් දකින්න ලැබෙන්නේ නෑ . හේමාල් රණසිංහ විටක යම් මට්ටමක රංගන කෞෂ්‍යලයක් පෙන්නුවත් ඒක දිගින් දිගටම පවත්වාගන්න බවක් පේන්න නෑ . ප්‍රධාන චරිත අසාර්ථක වෙත්දි තමන්ට ලැබී ඇති වපසරිය තුල දුලිකා මාරපන, මහෙන්ද්‍ර පේරෙරා සහ සනත් ගුණතිලක වගේ අය දක්වන රංගනය කලින් කී ප්‍රධාන චරිත වල රංගනයේ තියන දුර්වලතාවන් වඩාත් ඉස්මතු කරන්නක් .
සටන්
චිත්‍රපටියේ අන්තර්ගත වන ප්‍රධාන සටන් ජවනිකාව චිත්‍රපටියේප්‍රධාන කථාවට තියන අදාලත්වය ගැන ප්‍රශ්නය කොහොම වුනත් ස් අනෙකුත් ලාංකීය සිනමා නිර්මාණ වලට සාපේක්ෂ එක් පියවරක් ඉදිරියට ගිහින් දකුණු ඉන්දියානු සිනමා ශෛලිය දක්වා ගිහින් තියන බව දකින්න පුලුවන් . කොහොම වුනත් ඇතැම් බොලිවුඩ් සිනමා පටවලත් දකින්න තියන මේ ආකරයේ සටන් මට පෞද්ගලිකව නම් විසුලු සහගතයි !
ගිත හා නර්ථනය
ගීත හා නර්තනයන් කියන්නේ ඉන්දියානු සිනමාවේ අනෙන්‍යතාවය කිව්වොත් නිවැරදියි . ආරම්භයේ සිටම ලාංකීය සිනමාවත් ඒ රටාවම අනුගමනය කල බව රහසක් නෙවෙයි . තුෂාරා හෝ රජ වැඩකාරයෝ චිත්‍රපටි වලට වගේම වගේම ආකාස කුසුම් , ගරිල්ලා මාකටින් වගේ චිත්‍රපට වලටත් ගීත එකතු වෙන්නෙ ඒ අනුව . මැත කාලීන සිංහල සිනමාවට සාපේක්ෂව සාර්ථකම නර්ථන ජවනිකා සුපර් සික්ස් හි අඩංගු වන බව සටහන් කරන්න පුලුවන් . විශේෂයෙන්ම සමූහ නර්ථන ජවනිකා දෙක සැහෙන්න ප්‍රශ්ස්ථ මට්ටමක තියනවා කියන එක තමයි මගේ හැඟීම . නමුත් යුවල නර්ථනයන් ඇතුලත් ගීතමය ජවනිකා වලදී , යම් තාක් දුරට හොඳ මට්ටමේ රූප රාමු සහිතව වුනත් නියම රසයක් මතු නොවෙන්න කලින් සඳහන් කල රංගනයේ දුර්වල තාවයන් තදින්ම බලපාල තියනවා . ඊට අමතරව සංගීතයේ තියන ආකර්ෂනය මඳ වීම වගේම අලංකාර පසුබිම් භාවිතා කලත් සංගීතයට සහ නර්තනයට අනුව මුසුවීමේ ගැටලුත් දකින්න පුලුවන්. ඒ අනුව තමයි පහලින් තියන සුපර් සික්ස් චිත්‍රපටයේ ගීතමය ජවනිකා , ඊට යටින් තියන ජවනිකා වලින් මවන රසය මවන්නට අසමත් වෙන්නේ (වෙනස ඔබටම වටහා ගත හැකියි ).ඒවගේම ගීත හා නර්ථන ජවනිකා ප්‍රමාණය සහ අදාලත්වය වගේම , ඉන්දියානු රසිකත්වයේ සහ ශ්‍රි ලාංකීය රසිකත්වයේ වෙනසත් අධ්‍යක්ෂක වරයා විසින් හඳුනාගත යුතුව තිබු බව පැවසිය යුතුමයි
Super Six
වියදම් කලේ මොනවටද ??
සුපර් සික්ස් හැම අතින් පාහේ අසාර්ථක නිර්මාණයක් බවට පත්වෙද්ති ඔය කියන තර්ම් වියදමක් ගියේ අහවල් එකකටද කියන එක සමහරක් දෙනෙකුට ප්‍රශ්නයක්.සුපර් සික්ස් හි වියදමට ප්‍රධානම සාධකයන් විදිහට මම දකින්නේ ගතික රූප රාමු වෙනුවෙන් වැයවුනු මුදල සහ විවිධ රූපගත කිරීම් ස්ථාන වෙනුවෙන් භාවිතා වුනු වියදම. හොලිවුඩ් හෝ බොලිවුඩ් නිර්මාණයකදි මූලිකාංග වුනත් ලංකාවේ සිනමා නිර්මාණ වලදි හොඳ ගතික රූපරාමු භාවිතා වෙන්නේ ඉතාම කලා තුරකින් . අදාල රූප ගත කිරීම් වලට අවශ්‍ය උපකරණ කුලියට ගැනීම සහ ප්‍රවාහනය ආදී දේ වෙනුවෙන් නිර්මාණ කරුවන් උනන්දු වෙන්නේ ඉතාම කලාතුරකින් . චිත්‍රපට තබා ඇමරිකානු ටෙලි නිර්මාණ පවා රූපයේ ගුණාත්මක භාවය උදෙසා කරනු ලබන යොදාගැනීම් වලින් තොරව , හැකිතාක් දුරට ස්ථිතික රූප රාමු වලින් පමණක් සිනමා නිර්මාණ බිහි වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ ශ්‍රි ලංකාවේ සිනමා වෙලඳ පොල ඉතාම කුඩාම එකක් වීම .
සුපර් සික්සිහි මේ රූප රාමු භාවිතයත් , විවිධ රූගත කිරීමේ ස්ථානත් සියල්ලම පාදක වෙන්නේ මූලික වශයෙන්ම ගීතමය ජවනිකා වෙනුවෙන් , බොලිවුඩ් සිනමා නිර්මාණ ගීතමය ජවනිකා වෙනුවෙන් දරන ඉහල වැය , සුපර් සික්ස් අධ්‍යක්ෂකවරයා ඊට පොලඹවපු බව පෙන්න තිබුනත් , බොලිවුඩ් සිනමා රසිකයින්ගේ රසිකත්වය සහ රටවල් ගණනාවක පැතිරුණු වෙලඳ පොලේ විශාලත්වයත් ශ්‍රි ලාංකීය රසිකත්වයේ ස්වාභාවය සහ වෙලඳ පොලේ ප්‍රමාණයත් අතර වෙනස අමතක කර දැමීමේ බරපතල වැරැද්ද ඔහු විසින් සිදුකර තිබෙන බව කිය යුතුයි .ඊට අමතරව අධ්‍යක්ෂක වරයා පවසන පරිදි භාවිතා කරන ලද කැමරාව කාචයන් සහ සිනමා පටයටත් , දකුණු ඉන්දියාවේ රසායනාගාර වෙනුවට බොලිවුඩයේ රසායනාගාර පසු නිෂ්පාදන කටයුතු වෙනුවෙන් භාවිතා කිරීමත් වියදම් ඉහල දැමීමට හේතුවක් වෙන්න පුලුවන්. මේ දේවල් චිත්‍රපටයක රසවින්දන මට්ටම ඉහල දන්න හේතුවුනත් , මේවායේ බලපැම රදාපවතින්නේ සිනමානිර්මාණයේ අනෙකුත් මූලිකාංග වල සාර්ථකත්වය මත පමණක් බවත් අධ්‍යක්ෂක වරයා විසින් අමතක කර තිබෙන බවක් සිනමා රසිකයෙකු වශයෙන් නීරික්ෂනය කරන්න පුලුවන්
මේ ආකාරයෙන් බැලුවාම සුපර් සික්ස් වරද්දා නොගත්තේ කොතනදැයි යන්න වඩාත්ම සාධාරණ පැණය බවත් , ශ්‍රි ලංකාවේ මේ දක්වා සිනමා නිර්මාණයක් වෙනුවෙන් කල ඉහලම වියදම පූර්ණ වශයෙන් නාස්තියක් පමණක් බවත් කියන්න පුලුවන්

බුවා කියන්නැහේ චිත්‍රපටියේ ගීතවල රූප රාමුවල අනිත් සිංහල චිත්‍රපටිවලට වඩා ලොකු වෙනසක් තියෙනවා තමයි. නිකංම පොළවේ හිටෝපු කැමරාවකින් එහෙං මෙහෙං ගන්න ෂොට් ටිකක් අමුණලා නෙවෙයි තමා තිබුණේ... අපේ සාමාන්‍යයෙන් කෙරෙන්නේ නළුවයි නිළියයි මැද්දේ තියලා ඒ වගේ ට්‍රැක් ඩ්‍රොලියක් හයි කරලා කැමරාව උන් දෙන්නා වටේ දුවවන එක විතරයිනේ... මේකේ එයිට වඩා ඇත්තටම හොඳ මට්ටමේ වැඩ තිබුනා... ඒත් කරුමේ තමා ගීතවල කැමරාව හොඳ උනාට අනිත් දේවල් බල්ලට ගිහින් තිබීම... ගීතයක පද මාලාව කොයි තරං ඒ කතාවට අදාල වෙනවද.. අවට පරිසරේට බද්ධ වෙනවද... නළු නිළියන්ගේ මූණුවල හැඩ තල ටිකවත් ගීතයේ අර්ථයට අනුව වෙනස් වෙනවද.. ගීතවලට සංගීතය සැපයීමේදී ඒ තනුවල මතක හිටින තරමේ රිද්මයක් තියෙනවද... (අපේ නළු නිඵියන්ගේ නර්ථනය ගැන කතා නොකර ඉමුකෝ) ඒ කිසිම දෙයක් ගැන අවධානයක් නැහැ.. එකම දේ කැමරා කෝණ ටිකයි... ගීතයක් ඇතුලත නිළියට සාරි හයක් මාරු කරන්න වෙන එකයි විතරයි... ඉතිං කොහොමද ගීතයක් හරි හිට් වෙන්නේ... (තාමත් ඈත කාලේ චිත්‍රපටි ගීත අපේ සමාජේ මුල් බැහැලා තියෙන්නයි.. දැන් තියෙන ඒවෑ ගීත ශාලාවෙන් එළියට එද්දී අමතක වෙන්නයි ඔය කාරණා බලපානවා...)
ReplyDeleteගීතවලට විතරක් වියදං කරලා මේක ගොඩ දාන්න හිතුවනං ඉතිං සොරිම තමා...
අර කිව්වත් වගේ සටන් ජවනිකාව යම් තරමකට හොඳ මට්ටමක තිබුනා..ඒත් ඉතිං අපි දෙමළ චිත්‍රපටි බැළුවේ දැන් කාලෙකට කලින් ඉඳලනේ.. :)
පබෝධගේ ගල විකුණගන්න එකවත් මුංට හරියට කරගන්න බැරි උනා..එච්චරයි...
නලු නිලියො මෆට්ලා වගේ උනාම මොනම ගීතයකින් වත් වැඩක් නෑ , අනිත් එක හැම ගීතෙකටම නැටුමක් දාන එක බොහොම පරණ ක්‍රමයක් ,දැන් හැදෙන ( කැත නැතුව බලා ඉන්න පුලුවන් මට්ටමේ) හින්දි ෆිල්ම් එකක උනත් ගීත භාවිතා කරන්නේ සිදුවීම් මාලාවක පසුබිමක් විදිහට , නැටුම් බලා ඉන්න පුලුවන් සීමාවක් තියනවා නෙව.ගීත වලට වියදම් කලත් උඹ ඔය මතු කරලා තියන කාරණා නිසා මම හිතන්නේ නැ අඩුම තරමේ ගීත ටිකවත් හිට් වුනාද කියල
Deleteසිංහල චිත්‍රපටි බලද්දි ඔය වගේ වානිජ ඒවා බලන එකේ ඇත්තටම තේරුමක් නෑ.අඩුම තරමේ ගෙවන ගානටවත් වින්දනයක් ලබන්ඩ බෑ.සුපර් සික්ස් බැලුවේ නැති උනත් නොබලාම කියන්ඩ පුලුවං 'කලර්' එයිට වඩා හොඳ බව.හැබැයි ඒකත් හොඳයි කියලා කටක් ඇරලා කියන්ඩ පුළුවං එකක්ම නෙමෙයි.
ReplyDeleteඅපේ කට්ටිය අනුන්ගේ ඒවා කොපි නොකර අපේ මිනිස්සුන්ට ගැලපෙන වෙනම ශෛලියක් අනුගමනය කරනවනම් හොඳයි.මොකද කොපි කළාට මුල් නිර්මාණවල අහලකටවත් එන විදිහේ ඒවා හදන්ඩ අපේ අයට බැරි නිසා.ඒකට ප්‍රධාන හේතුවක් විදිහට මම දකින්නේ ඒ අය නිර්මාණය කරන්නේ හරිම හදිස්සියෙන් වගේ පෙනෙන්ඩ තිබීම.
//අපේ කට්ටිය අනුන්ගේ ඒවා කොපි නොකර අපේ මිනිස්සුන්ට ගැලපෙන වෙනම ශෛලියක් අනුගමනය කරනවනම් හොඳයි.//
Deleteමාත් කැමතියි මේ අදහසට.
ලංකාවේ වාණිජ සිනමාව බලන එක සහමුලින්ම අත්හරින එක හොඳයි කියල හිතිලා සැහෙන කාලයක් ,කරන්නන් වාලේ කරනව මිසක් රහක් ඇතිදෙයක් කරන්න තියන හැකියාව සැහෙන අඩුයි .ප්‍රධානම හේතුව සිනමාව කර්මාන්තයක් නොවීම . ජැක්සන් ඇන්තනි කියනවා වගේ වරෙන් මචන් සිනමාවක් ලංකාවේ තියෙන්නේ , හිතවත් කමට ඇඳුනුම් කමට කට්ටියක් එකතු වෙලා කරනවා මිසක් වෘත්තිමය භාවයකින් වැඩක් කෙරෙන්නේ නෑ , එතකොට වැඩේට ආසාව තියන , දක්ෂතා තියන මිනිස්සුන්ට ක්ෂේත්‍රයට එන්න හැකියාවකුත් නෑ
Deleteඔබේ විචාරය හා හදවතින්ම එකගයි. වැඩි යමක් කියන්න බැරි මම මේ චිත්‍රපටය නොබලපු නිසයි.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
Thanks for the Comment
DeleteThis comment has been removed by the author.
ReplyDeleteආයේ මතක් උනා... බූඩිගේ මිල්ලේ සොයා එකේ සිංදු ටික තමා මටනං මෑතදී දැකපු ෆිල්ම් එහෙක තිබුන ටිකක් හරි මතක හිටින සිංදු ටික උනේ.. එයිනුත් අර මහේන්ද්‍ර පෙරේරා සුදුසරමට බැහැලා සංගීතා එක්ක වැල්ලේ ඉන්නේ "සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ.." එතනදී ජයශ්‍රීලා සෑහෙන වැඩක් කලා...
ReplyDeleteජය ශ්‍රී පට්ට උපරිම....
Deleteඔය සින්දුව ජයශ්‍රි ලා සැහෙන කාලෙකට කලින් කරපු එකක් මම හිතන්නේ
Deleteචිත්‍රපට ගීතවල මෑතක මගේ බොක්කටම වැදුන ගීතයක් තමයි "මතකද හැන්දෑවේ අපි දෙන්නා" හැම අතින්ම උපරිමයි.. චිත්‍රපටය සිංහාවළෝකනය. ෆ්ලිම් එක නම් මරු ඊ ළඟට බුදු වෙන කෙනාට සසර එපාවෙන්න පෙන්නන්න. සල්ලි අපරාදේ නෑ ගීතය නිසා. ඒකේ අන්තීමට යන ගීතයත් පට්ට. නමුත් ඒක ජනප්‍රිය උනේ නෑ. ඔය වගේම කක්කා ෆිල්ම් එකක තිබුන පට්ට ගීත දෙකක්. එකක් සුනිල් පෙරෙරාගේ "ලොරෙන්සෝද අල්මේදා" අනික රූකගෙ ගීතයේ නම මතකෙට එන්නේම නෑ මාර ලස්සනයි....
ReplyDelete"මතකද හැන්දෑවේ අපි දෙන්නා"
Deleteඒක සිංහාවලෝකනයේද..? මට ෆිල්ම් එක බලන්න උනේ නැහැනේ.. සිංදුවනං සෑහෙන්න ඇහුනා... හිත හදාගෙන ලගාන් සිංහලෙන් බලන්න යන්න කම්මැලි හිතුනා... :)
මං හිතන්නේ අර සප්තකන්‍යා එකේ "සුවඳ දැනී දැනෙනවා වෙන්න ඕන මාතලං කියන්නේ... ඒකත් ෆිල්ම් එකත් එක්කම ගියා නියමෙටම... තව දොරකඩ මාරාව එකෙත් ඒ වගේ එකක් රූකාන්තගේ හිට් උනා වගේ මතකයි..සිහියට එන්නේ නැහැ දැන්...
සියුමැලී... සියුමැලි රෝස මලේ...
Deleteරූකාන්ත ඇන්ජලීන්.. බලහං මේකද කියලා...
හරි ඔය තියෙන්නෙ බාන්ඩේ....
Delete"සියුමැලි රෝස මලේ"
සෝ එක "චිට්ටී"ද කොහෙද....
//සියුමැලී... සියුමැලි රෝස මලේ... රූකාන්ත ඇන්ජලීන්.. බලහං මේකද කියලා
Deleteඇන්ජලීන් නෙවෙයි, ලතා වල්පොල. චිත්‍රපටිය "චිට්ටී"
@ මාරයාගේ හෝරාව
Deleteෆිල්ම් එක නම් මමත් ෆිල්ම් හෝල් එකකින් නෙමෙයි බැලුවේ අයියා. ඒක ඔන්ලයින් තියෙනවා.
සිංහාවලෝකනයේ සින්දුව ඇරුණාම ආකස කුසුම් වල සින්දුවත් , ගරිල්ලා මකටින් වල "වැහි බිඳු " සින්දුවත් තමයි මගේ කැමතිම සිංහල චිත්‍රපට ගීත මැතකාලේ ආහපු . සිංහාවලෝකනය ලගාන්වලට වඩා වෙනස් , ඊට වඩා චාටර් !
Deleteසුපර් සික්ස් නම් බැලුවේ නැහැ. ඒත් හින්දි ෆිල්ම් එකක් වගේ ආකර්ශනීය ෆිල්ම් එකක් හදන්න, මෑත කාලීනව දරපු, යම් තරමකට සාර්ථක වුණු, උත්සහයක් කියලා හඳුන්වන්න පුළුවන්; චන්න පෙරේරා ගේ "අංජලිකා".
ReplyDeleteඔව් අංජලිකා යම් තරමට හොඳ මට්ටමක තිබුනා , නමුත් සිනමාත්මක රූප රාමු භාවිතයක් තිබුනද කියන ප්‍රශ්නය තියනවා
Deleteසාකච්ඡාව නිසා චිත්‍රපටය බලන්න හිතුනා.
ReplyDeleteඒ කියන්නෙ සාකච්ඡාව හොඳයි!
පිස්සුද බලන්න එපා , අපරාදේ කාලය .
Deleteසුපර් සික්ස් වරද්දගත්තේ කෙසේද?? ඔන්න මලේ පයිත්තියං කියනව. ඔය උඩ පින්තූරෙම තියෙන්නේ අගේට දාලා.. ගල් පෙන්නලම තමයි. උඹලට අපිට ඒක වැරදුනාට නිෂ්පාදතයා දිනුව නේ..
ReplyDelete:D
Deleteවාණික සිනමාවේ ආරම්භය කියලානේ සුපර් සික්ස් ෆිල්ම් කේ තේමා පාඨය වෙන්නේ. ඒක හරි වෙන්න ඇති. film එකේ කතාවක් නැහැ, තියෙන කතාවෙත් ගැලපීමක් නැහැ. ඒත් පට්ට පට පටනේ. කට්ටියට සුපර් සෙක්ස් බලන්න යනවා කියලනේ ගියේ :P
ReplyDelete//ඒත් පට්ට පට පටනේ. කට්ටියට සුපර් සෙක්ස් බලන්න යනවා කියලනේ ගියේ :P//
Deleteඑහෙමවත් දෙයක් තිබුනා නම් තව කමක් නැ
ඇත්තටම සුපර් සික්ස් සුපර් සෙක්ස් කියලා බලන්න ගියාට අන්තිමට තිබුණේ සුපර් ලෙග්ස් :D
Deleteමේ ඊයෙ පෙරේදා සුපර් සික්ස් බලන්න ලැබුනා. හෝල් එකකට ගිහින් නම් නෙමේ. බා ගත්ත එකක්.ෂික් විතරක්. මොනාද ඒකෙ තිබුනේ ? හරියට දෙකේ පන්තියෙ ළමයින්ට හදපු එකක් වගේ...හිනා වෙන්න තිබ්බට හිනා ගියෙත් නෑ.
ReplyDeleteදුලීකා මාරපන එක තැනකදී කියන එකම එක කතාවකට විතරක් මට බඩ පැලෙන්න හිනා ගියා. ඔය ගෙවල් මාරු කරන සිද්ධියෙදී... දුලීකගෙ හස්බන්ඩ් කියනවා...හැමදෙයකම විවිදත්වයක් තියෙන්නෙ ඕනෙ නැත්තම් වැඩල් නෑ කියලා. ඒ වෙලාවෙදි දුලීකා හස්බන්ඩ්ගෙ උඩ ඉඳන් පහලට වෙනකම් බලලා කියනවා
" අනේ...මම නොදන්නවයෑ තමුසෙගෙ විවිදත්වය " කියලා...ඔන්න ඕකට විතරයි මට හිනා ගියේ...හරියටම කිව්වොත් සුපර් සික්ස් කියන්නෙ මට නම් " ළාමක ටිං ටිං "
දූලිකා මාරපනලත් නැත්නම් මම බලපු ටිකවත් බලන්නේ නෑ , බාගත්ත කොපිය නිසා පලවෙනි විනාඩි 40න් පස්සේ ෆාස්ට් ෆෝවඩ් තමා . ඒකත් මේ ලිපිය ලියන්න ඕනි කමට
Deleteමේකෙ අධ්‍යක්ෂක කෙනෙක් ඉඳලද බන්? මං හිතුවෙ එහෙම එකෙක් නෑ කියල. අපරාදෙ සල්ලි!
ReplyDeleteකතිකාව නම් හොඳයි කාලීනයි.
ReplyDeleteඑත් බුවා පටන්ගන්න තැනම කියන විදිහට ෆිල්ම් එක හෝල් එකකට ගිහින් බැලුවේ නැත්නම් චිත්තරපටියක්( නිෂ්පාදක කියන විදිහට) විචාරය කරන්න කිසිම අය්තියක් නෑ කියලයි මට හිතෙන්නේ . සමහරවිට බුවාගේ ගෙදර මල්ටිමීඩියා හෝම් තියටර් එකක් ඇති වෙන්ඩැති කියලත් හිතුව. ඒ උනත් බලපු නැති කතාව නොකිය හිටියනම් මල් හතයි.