Skip to main content

ජාවා මගඩි ,IT සහ තරුණ පරපුර

IJTS ආයතනයේ හිමිකරු විසින් කරගෙන යනු ලබන්නේ යැයි කියනු ලබන වංචනික ක්‍රියාමාර්ග පිලිබඳව සිංහල බ්ලොග් අවකාශය තුල මේ දිනවල බහුලව දක්නට ලැබේ.බුවාට මේ ආයතනය ගැන දැනගන්නට ලැබෙන්නේ මීට වසර 1 1/2 කට පමණ පෙර තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට පිවිසීමට සූදානම් වන විටයි.වාසනාවකට කේෂෙත්‍රයේ පලපුරුදු කිහිප දෙනෙකු ගෙන් ලැබුනු උපදෙස් නිසා බුවා IJTS යන්නේ නැත . නමුත් අදාල ආයතනය කතන්දරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යන්නේත් නැත . බෝහෝ දිනවල ඉරිදා පුවත් පත් වල රු50,000 වැටුප් ගැනීමට කල යුතු යැයි කියන ඔවුන්ගේ පාඨමාලාව පිලිබඳ දැනිවීම ඊට එක් හේතුවකි,අනික් හේතුව නම් IJTS හි ඉගෙන ගත් අය නොයෙකුත් අවස්ථාවල විවිධ ස්ථාන වලදී මුන ගැසීමයි.මේ හමුවීම් නිසා බුවා තුල මුලින්ම ඇතිවන්නේ අදාල ආයතනය ගැන දැඩි අප්‍රසාදයකි. ඒ ඔවුන් විසින් සිසුන් තුලට ඔබ්බවා ඇති සම්පූර්ණයෙන්ම වැරදි මතවාද නිසාවෙනි .කාලයත් සමඟ IJTS  හි සිදුවු අලුත් වෙනස් කම් ද සමඟ ආයතනය පිලිබඳ සැකයක්ද බුවා තුල ඇතිවේ .මේ ගැන බ්ලොග් සටහනක් දමන්නට බොහෝ සේ සිත් වුවත් කාරණා දෙකක් නිසා එය සිදු නොවේ
පලමුවැන්න නම් ජාවා පමණක් දත් අදාල ආයතනයේ අති පණ්ඩිත සිසුන් විසින් නැගිය හැකිව තිබු ජාවා තර්ක වලට ජාවා වලින්ම පිලිතුරු දීමට තරම් ජාවා දැනුමක් බුවා තුල නොවීමයි දෙවැන්න යම් වංචාවක් සිදුවන බව දැනුනත් එය ඔප්පු කිරීමේ සාධක බුවා සතුව නොවීමයි.
උක්ත කාරණා දෙකම සපුරාලන බ්ලොග් අඩවියක් බුවා විසින් අහම්ඹකින් මෙන් දකින ලද්දේ අතරතුරයි .පහත සබැඳියෙන් දැක්වෙනනේ එම බ්ලොගයයි




http://ranarala.blogspot.com/


එහි රචකයා ජාවා පිලිබඳ හසල දැනුමක් ඇත්තෙක් බව පෙනෙන අතර ආයතනයේ වංචනික ක්‍රියා පිලිබඳව මැනවින් සාධක සහිතව හෙලිදරව් කර ඇත.
මේ ගැන කතා කිරීමේ ඇති ප්‍රයෝජනය කුමක්දැයි ඇතමෙකුට සිතෙනු ඇත . සැබවිනම දැනටමත් අදාල ආයතනයේ මුලාවට අසුවී ඇති අයට නම් Sorry  කියනවට වඩා දෙයක් අපට කියන්නට නැත .නමුත් තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයට යොමු වන්නට සිටින තරුණ පරපුර මේ මගඩි වලින් බේරා ගත යුතුය 

අප රටට තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ හොඳ ඉදිරි ගමනක් පෙනෙන්නට තිබෙන අතර රජයේ ඉලක්කගත වැඩ පිලිවෙලවල් තුලත් මේ ක්ෂෙත්‍රය ඉදිරියෙන් තිබෙන පෙනිගොස් තිබේ . එහි වාසිය හිමිවිය යුත්තේ අසරණ දරුවන් දෙමව්පියන් මුලාකරන මෙවැනි හොරුන්ට නොව රටේ අනාගත පරපුරටයි.රටේ තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රෙයේ උන්නතියත් , වංචනිකයන්ට මුලාවූවන් වෙනුවට සැබෑ වෘත්තීය ශිල්පීන් බිහිවනු දැකීමත් ඔබගේ බලාපොරොත්තුව නම් කරුණාකර ඉහත සබැඳියේ අති ලිපි කියවා බලන්න ඒවා සත්‍යය යැයි හැඟෙන්නේ නම් ඒ පිලිබඳ    ඔබගේ මිතුරන් දැනුවත් කරන්න ඒ සඳහා පහත Facebook pages දෙකද ඔබට භාවිතා කල හැක
අදාල ආයතනය විසින් සිසුන් මත පටවා ඇති මතවාද වල සාවද්‍ය බාවයත් ක්ෂේත්‍රයට එන්නට සිටින අයට උපදෙස් ටිකකුත් ඊලඟ ලිපියෙන් ඉදිරිපත්  කිරීමට බලාපොරොත්තු වෙමි 



01) http://www.facebook.com/ijts.scam
02) http://www.facebook.com/pages/It-Force-against-IJTS-Hora-Degree/153428271363283?v=wall

[ Disclaimer - 
This article is written based on common sense regarding to the relevant scenario and there is No intend of insulting a   specific person or institution But to give some information to younger IT generation of Sri lanka

මෙම ලිපිය අදාල කාරණය පිලිබඳ පොදු ඥානය පදනම් කරගෙන රචනා කොට ඇති අතර යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට අපහාස කිරීමක් අදහස් නොකරන අතර තරුණ පරපුරට තොරතුරු ලබාදීම පමණක් අදහස් කෙරේ ]

Comments

  1. මමත් java කරල තියෙනව. හැබැයි IJTS නම් නෙවෙයි, තනියම. කිසිම ඔප්පු කළ හැකි සුදුසු කමක් නැති මමත් ඔය ඇඩ් එකේ කියන ගානට කිට්ටු ගනන් හෙවුව. ඒ අතරෙ මට හමුවෙච්ච IJTS කට්ටියත් හිටියත් මට පැහැදිලිවම ඔවුන්ගේ දුර්වලතා කිහිපයක් දැක්ක.
    1. දන්න දේවල් අළුත් නොවීම.
    2. තමන් ගැන අධි තක්සේරුව.
    3. සාදන මෘදුකාංග වල අයිතිය පිළිබඳ ගැටළු පැවතීම.(වෙනත් මෘදුකාංග වෙනස් කර මෘදුකාංග ලිවීම, මෘදුකාංග වංචනික ලෙස අලෙවි කිරීම.)
    4.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව