Skip to main content

ස්වර්ණවාහිනියේ විලි ලැජ්ජා නැති අභිමානය

ස්වර්ණවාහිනියේ මේගා තරු තේරීම අවසන් ය . අවසන්ය කිවාට මට නම් ෂුවර්ම නැත. මොකද මෙතෙක් පැවති රියලිටි වැඩසටහන් අවසන් වූයේ ප්‍රීති ගෝෂා මධ්‍යයේ වුවත් මෙගා තරු තෙරීම අවසන් වුයේ "Megastar වැඩසටහන අවසන් බව කරුනාවෙන් සලකන්න " කියමින්ය . ගුටි කෙලියක් යන බව පෙනුනත් මොකා කොයිකාට ගහනවාද කියාවත් බලාගන්න හැකියාවක් ලැබුනේ නැත
ඇතැම් විට අවසන් තීරණයෙන් උද්දාමයට පත් ප්‍රේක්ෂක ජනතාව කැමරා පොල්ලට 2 ක් වැඩැම්මවූවාද විය හැක නැතිනම් ගුටි කෙලිය බලන්න බැරි තරම් කැත වූවාද විය හැකිය.
කොයිහැටි වෙතත් ලාංකීය රියලිටි වැඩසටහන් ඉතිහාසයේ පලමු වරට ජයග්‍රාහකයාට තම ත්‍යාග හරි හැටි ලබාගන්නටත් ඒවා ලබාගෙන ජනතාවට ආචාර කරන්නටත්  නොහැකි වූ පලමු වැඩසටහන මෙයය . අනික් අතට එහෙම වීම සාධාරණය . මොකද සමස්ථ විනිශ්චය මණ්ඩලයත්, (කණ ඇහෙන ) ඕනිම පුද්ගලයෙකුත් අනුමත කරන්නාවු තීරණය ක් වෙනස් වූ පලමු අවස්ථාවත් මෙයය.


 කෙසේ නමුත් ශ්‍රි ලාංකීය අභිමානය යැයි කියා ගන්නා ස්වර්ණවාහිනිය ලාංකීය ප්‍රේක්ෂකයාට කල අවමානය නම්  සුලු පටු නැත ඒ සමඟම තමන්ට කරගත් " චාටර" ය  එසේමය. එනිසා ඔවුන් වැඩ සටහන අවසන් කිරීමට යොදා ගත් වාක්‍ය කණ්ඩයට යටින්


"මෙතෙක් කල් megastar  වැඩසටහන බැලු ඔබ ගොනාට ඇන්දුන බවත් වැඩසටහන කල අපි නප්පියටම "කිච" වූ බවත් කරුණාවෙන් සලකන්න"


යන වාක්‍ය කණ්ඩයත් විකාශය කලා නම් ඉතා අගනේය.


නමුත් මීට වසර කිහිපයකට පෙර යම් තාක් දුරකට මධ්‍යස්ථ හා කැතක් නැතුව බැලිය හැකිව තිබු ස්වර්ණවාහිනිය මේ තරම් පහත් තත්වයට ඇද දැමු වර්ථමාන  වැඩසටහන් අධ්‍යක්ෂක වරයාට හක්කට පහරක් එල්ල කරගන්නට ප්‍රේක්ෂකයෙකුට අද අවස්තාවක් ලැබී තිබුන හොත් නම් රටේ ප්‍රේක්ෂක ජනතාවගේ අභිමානය  යන්තම් හෝ බේරෙන බව නම් කිව යුතුමය.


අවසන් වශයෙන් සැබැ දක්ෂයා වු දයාසිරිටත්,වේදිකාව අරක් ගත් ප්‍රභල හඩක් වු සුරෙශ් ටත් . ගායනයේ දුර්වලතා ඇතත් අපූරු කටහඩක් හිමි උපේක්ෂාටත් සුභ පතන්නට බුවා කැමතිය ! .

Comments

  1. මෙන්න බුවා රත්ගමයගේ ලිපිය
    http://rathgamaya.blogspot.com/2010/10/blog-post_30.html

    ReplyDelete
  2. buddikata banala wadak na. oya okkoma basilkaranaya wela thiyenne

    ReplyDelete
  3. //නමුත් මීට වසර කිහිපයකට පෙර යම් තාක් දුරකට මධ්‍යස්ථ හා කැතක් නැතුව බැලිය හැකිව තිබු ස්වර්ණවාහිනිය//

    SORRY about U!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව