සන්ධාන ආණ්ඩුව මෙවර බලයට ආවේ ලංකාව ආශ්චර්යක් කොරන්න කියාය.මුහුදෙන් වටවූ දූපතේ පොල් ගෙඩිය රු 60 ත් පනින විට ආශ්චර්යය ඉහින් කනින් මෝදු වන බවද පෙනෙන්න්ට තිබුනි.
ඒ වැනි දෙකයි පනහේ සිල්ලර වැඩ වලින් පමණක් ආශ්චර්යය කොරන්න බැරි නිසාදෝ ආණ්ඩුවේ ඇමැත්තෙක් ගැහැනුන්ගේ ඇඳුම නිසා රටට දැයට ආගමට වන හානිය වැලැක්වීමේ කර්ත්‍යවයට අත ගසා ඇත . වටින් ගොඩින් ඇහෙනා කාරණා වලට අනුව මේ ඇමැත්තාට මේ උදාරතර සිතුවිල්ල පහල වන්නට ඇත්තේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ දී වීමටද බොහෝ දුරට ඉඩ ඇත . හොර පොට් එකකදී ඇති උනත් අදහස නම් මරුය
අශිලාචාර මුස්ලිමුන් ගේ දැඩි පාලනයේ පවතින රටවල් හැරුණු විට ශිෂ්ටාචාරයට පත් මිනිසුන් මනුෂ්‍යාගේ වස්ත්‍රයට නීති පනවන්නේ නැත . කාන්තාව හා පුරුෂය වෙනස් කොට සැලකිම ශිෂ්ටාචාරී මිනිසුන් විසින් අතහැර දමන ලද්දේ මීට දශක ගණනාවකට පෙරය .ඉතින් ලෝකයම ඉස්සරහට යද්දී රටක් පිටුපසට ඇදගෙන යාමත් අවිහිංසාව හා මානව අයිතීන් මුල් කරගත් බෞද්ධ දර්ශනය ඉදිරියට දමා එය සිදු කිරීමත් ආශ්චර්යය දනවන කරුණු කාරණාමය .
කාන්තාවගේ අසභ්‍ය තැන් නිර්ණය කිරීමට කමිටුවක්ද පත් කර ඇත උන්ට අසභ්‍ය කුමක්ද යන්න අපි දන්නේ නැත කොහොම උනත් දැනට කියවෙන හැටියට නම් කොට සායවල් , කෙටි අත් සහිත හැට්ට අදිය තහනම් වනු ඇත . ඉන් පසු රටේ උදා වන තත්වය කෙබදුද ?
පලමුව අසභ්‍ය ඇඳුම් වැටලීමේ බලකායක් නිර්මාණය කර ඔවුනට අවශ්‍යකර ටේප් පටි, අතිරේක රෙදි , ඉඳිකටු ආදිය සැපයිය යුතුය . මෙම කණ්ඩායම් ප්‍රසිද්ධයයි සැලකෙන සැම තැනකම ( අමාත්‍යාංශ ගොඩනැගිලි , ජිනා මැඩම්ගේ පොට් එක වැනි තැන්ද ඇතුලුව ) පැය 24 පුරා රාජකාරියට යෙදිය යුතුය
මීට අමතරව ප්‍රසිද්ධ ස්ථාන වන කලා මාධ්‍යන්ට පහත කාරණා ගැන සැලකිල්ලට ගැනීම සිදුවනු ඇත
සියලුම රියලිටි වැඩසටහන්,සංගීත විඩියෝ, මෙගා නාට්‍ය ෆැෂන් ශෝ ආදි වැඩසටහන් බොහොමයක් සංශෝධනය කිරීමට සිදුවනු ඇත( කඩේ යන නොයන සියලු චැනල වල ) .අබා චිත්‍රපටය ටීවී එකේ දැමීමට පෙර සැහෙන දුරට සංස්කරණය කිරීමට සිදුවනු ඇත . බොහෝ විට කුම්භක බූතාගෙ චරිතය වෙනුවට කලු කොටු කැබැල්ලක් පෙන්වීමට සිදුවිය හැක
හින්දි, දෙමල , ඉංග්‍රීසි චිත්‍රපට පෙන්වීම තහනම් වන අතර සුපර් සික්ස් වැනි ඉස්සරහට එන්න තිබෙන චිත්‍රපට තිරගත නොකරම තිස්ස නාගොඩවිතානට භාර දිය හැක
ෆැෂන් ශෝ , සංගීත විඩියෝ , ටෙලි නාට්‍ය , චිත්‍රපට නියාමනයට වෙනම ඒකකයක් ස්ථාපිත කල යුතුය එහිදී කලු කොටු දමා කාන්තාවගේ වැහිය යුතු තැන් ඇමතිගේ කමිටුවේ නිර්දේශයන්ට අනුකූලව විය යුතුය . සියලුම ස්විමින් පූල් ලඟ දියරෙදි සැපයීමේ ඒකකයක් පිහිටවිය යුතු අතර හැකිනම් උරහිස කොටසත් වැසෙන සේ නව දිය රෙද්දක් නිර්මාණය කල හැක . මිස් ශ්‍රී ලංකා තරඟයේ නාන ඇදුම් වටයටත් මෙම දිය රෙද්දම භාවිතා කල හැක. ඇමතිගේ කමිටුව විසින් දණ හිසින් පහල කොටසත් අසභ්‍ය යැයි තීරණය කලහොත් පාසල් , පොලිස් .හෙද නිල ඇදුම්ද සංශෝධනය කල යුතුය .
මෙකි හා අදාල තවත් කරණා ඉටු කර ගැනීමට ඉරාන රජයේ පූර්න අනුග්‍රාහකත්වය ලබා ගත හැකි අතර අවශ්‍ය වුවහොත් ලිබියාවෙන් වුවත් උදව් ලබා ගත හැක .මෙම දේශප්‍රේමි යෝජනාව ක්‍රියාත්මක කිරිමේ අවසන් තීරණය ජනපතිවරයාගේය එතනින් වැඩේ නතර උනහොත් එහෙමය නැති උනොත් අනර්කලී නඟාට සාරිය ඇන්දවීමේ සුභ නැකතින්ම වැඩේ පටන් ගත හැක

හිහ්හී සහතික ඇත්ත.ඔය නීතිය සමාන්‍ය ජනයාට විතරද දන්නේ නෑ නේ.මොකෝ මැති ඇමතිලාගේ කස්ටිය දිගට අදින්න කැමති වෙයිද දන්නෑ නේ!
ReplyDeleteමැති ඇමතිලාගේ කට්ටිය ලංකාවෙ එලියට බහින්නෙ නැති 1එ.....වැඩෙ අව්ලක් නැ.කරගන යන්න කියමු.වැඩෙ වෙන්නෙ මුහුද අයිනෙ නැන්දලා ටික රෙද්ද උස්සගන බැස්සොත් ප්‍රව්‍ර්ති වල කොටු දාන්න වෙන 1අ තමා....................
ReplyDeleteඅදාල පුවතත් බලා ගන්න දැම්ම නම් මොකද වෙන්නෙ?
ReplyDeleteබොහෝ විට කුම්භක බූතාගෙ චරිතය වෙනුවට කලු කොටු කැබැල්ලක් පෙන්වීමට සිදුවිය හැක
ReplyDeleteMeka nam patta!
@1st Anno,
ReplyDeleteITN eke nam tama kiwwe na man hitanne, eke kiyanakam nadda
http://www.adaderana.lk/sinhala/
oke yata poll ekakut tiyena onnam try karanna
http://www.adaderana.lk/sinhala/poll_results.php?pollid=18
France News http://www.france24.com/en/20110103-sri-lanka-considers-banning-mini-skirts
ReplyDeleteIndian Express http://www.indianexpress.com/news/lanka-mulls-ban-on-miniskirts-dress-code-for-public-places/732707/
ReplyDeleteHindustan Times http://www.hindustantimes.com/Sri-Lanka-may-ban-mini-skirts/Article1-645915.aspx
ReplyDeletePakistan News http://www.pakistannews24.com/sri-lanka-mulls-ban-on-mini-skirts/
ReplyDeleteNDTV News http://www.ndtv.com/article/world/now-sri-lanka-mulls-ban-on-mini-skirts-76740
ReplyDeleteZeeTV News http://www.zeenews.com/news678353.html
ReplyDeleteOya mulinma inna Aniya, oge gedetta pattara karaya awilla kiyanakan wennathi oo inne danaganna mechchara mulu lokema danna deyak
ReplyDeleteඅප්පා මොකො මෙ ලින්ක් ටික කමෙන්ට් ගොඩක දාලා.........
ReplyDelete@1 ඇනෝ........ඈ ඔයි තමුන්නාන්සෙ මොන ලෝකෙද ඉන්නෙ ?
තව ටික දොහකින් ල0කාව = සෞදි අරාබිය.....
ReplyDeleteඅද දවසෙ මාධ්‍ය වාර්තා අනුව , කතාව බොරුවක් ලු එහෙමනම් ඇත්තටම හොඳයි . නමුත් මේ කතාව සම්පූර්ණ්යෙන් ගොතාපු එකක් නොවන බවයි පේන්නේ මොකද පත් කල කමිටුවක නිලධාරීන් පවා නම් කරල තිබුනා ජාත්‍යන්තර මාධ්‍ය වල පවා සටහන් වෙලා තිබුනා
ReplyDeleteමට නම් හිතෙන්නේ මේ ගොං යෝජනාවෙන් රටට වෙන හානිය කවුරු හරි පෙන්නන්න ඇති එකයි දැන් ඔය නැ කියන්නෙ
http://www.adaderana.lk/news.php?nid=11279
ReplyDeleteආන්ඩුවේ නිවේදනය හොඳයි. නමුත් දමා බැලූ මුට්ටිය කුඩු වීම නිසා, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සිය ස්තාවරය දැන් වෙනස් කොට ඇතිත නැද්ද යන්න පැහැදිලි නැත.
ReplyDeleteආණ්ඩුව මුට්ටියක් දමා බැලුවේම නැත. ආණ්ඩුව කියා ඇත්තේ ආගමික ස්ථාන වලට පමණක් මෙය අදාල කරන බවයි. දැනටම ඒ සම්බන්ධ රීති ඇති නිස මෙයින් විශාල වෙනසක් සිදු නොවනු ඇත.
ReplyDeleteමෙන්න මුල් පුවත
he government plans to introduce a dress code for places of cultural and religious interest.
The mechanism would especially be implemented for those who are visiting the sites of the Cultural Ministry and the Cultural Triangle.
The Minister of Culture and Aesthetic affairs, T. B. Ekanayake said that a special committee had been appointed to look into the matter and the dress code would be implemented from next year.
“Those who visit sites of the Cultural Ministry and the Cultural Triangle must maintain their discipline and as devotees, they must be dressed appropriately. We hope to inform visitors of this decision and plans are afoot to implement a programme in this regard,” said the minister.