බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Sunday, July 8, 2012

    ඕං අවුරුදු දෙකයි !

    ක්ෂණික ප්‍රතිචාර : 

    බ්ලොග් කරණයට එකතු වෙලා  අදට අවුරුදු දෙකක් . බ්ලොග් රචකයෙක් වීමට  මාස කිහිපයකට කලින් ඉඳන් බ්ලොග් කියවීම සිදු කලත් පලවෙනි කමෙන්ටුව පල කලේ බ්ලොග් ලියන්න පටන් ගැනීමෙන් පස්සෙ නිසා සමස්ථ බ්ලොග් අවකාශයටම මගේ ආගමනය සිදුවුනේ වසර දෙකකට කලින්ය කියන්න පුලුවන් .බ්ලොග් කරණයට පිවිසෙන්න උදව් කරපු සියලු දෙනාටම වගේ එදා ඉඳන් අද දක්වා එක් වතාවක් හෝ මගේ බ්ලොග් අඩවියට පිවිසුන , කමෙන්ට් කරපු සියලු දෙනාටමත් සින්ඩිකේටර හිමිකරුවන්ට සහ තමන්ගේ බ්ලොග් රෝල වලට එකතු කල බ්ලොග් කරුවන්ටත්  මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නේ මේ කාර්යයේ සාර්ථකත්වයට ප්‍රභලතම හේතුව ඔවුන් නිසා .

    2010/7/8 වෙනිදා ඉඳන් අද දක්වා ලියවිලා තියන මුලු ලිපි සංඛ්‍යාව 145 කියල සටහන් වුනත් , මේ වගේ සැමරුම් , නිවේදන ආදී ලිපි ඉවත් කලාම වැදගත් (හෝ මම වැදගත්ය කියලා හිතාන ඉන්න ) ලිපි ගණන 135-140 අතර ගණනක් වෙන්න පුලුවන් . දැනට බ්ලොග් අඩවියේ  සටහන් වෙලා තියන මුලු පිවිසුම් සංඛ්‍යාව 85402 ක් . මගේ ප්‍රතිචාරත් ඇතුලුව මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 2812ක් .

     2010 වසරේ පටන් ගත්ත බ්ලොග් කරණය වඩාත් සාර්ථක වුනේ 2011 වසරේදි ,  මම ලියපු ජනප්‍රියතම ලිපි සියල්ල ලියවුනෙත් , එක මාසයක් තුල වැඩිම පිසිවුම් සංඛ්‍යාවක් සටහන් වුනෙත් 2011දී . එ වගේම 2011 වසරේ මැද භාගයේ ඉඳන් ලියවුනු බොහෝ ලිපි වලට 500-1000 අතර පිවිසුම් ප්‍රමාණයකුත් ලැබුනා . මේ වෙන කොට  ලිපි පල කිරීමේ සංඛ්‍යාතය අඩු නිසා හෝ ලියන දේවල  ගුණාත්මභාවයක් නැති නිසා හෝ එක ලිපියකට පිවිසෙන්නන් ගණන 300-500 අතර ප්‍රමාණයකයි රැඳිලා තියෙන්නෙ

    බුවාගේ සිතුවිලි බ්ලොග් අඩවියෙන් පටන් ගත්ත බ්ලොග් කරණයෙන්  ඊලඟට තියපු පියවර තමයි බ්ලොග් ප්‍රමෝ . ආරම්භයේදී බ්ලොග් කරුවන්ගෙන් හොඳ සහයක් ලැබුනත් පසුකාලීනව අසාර්ථක වුනු ව්‍යාපෘතියක් විදිහට මේක හඳුන්වාගන්න පුලුවන් . යොදන කාලයේ තරමට ආධුනික බ්ලොග් කරුවන්ට ප්‍රයෝජනයක් අත් නොවෙන බවක් පේන්න තිබුන නිසා බ්ලොග් හඳුන්වාදීමට වෙනම ලිපි පල කිරීම නොකලත්  තවමත් ඕනිම බ්ලොග් අඩවියක් එකතු කරගන්නවා පොඩි උදව්වක් ඒකෙන් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්



    ඊලඟට පටන් ගත්ත බ්ලොග් අඩවිය වුනේ ආලකමන්දාව , හිතු තරම් කාලයක් ආලකමන්දාව වෙනුවෙන් වෙන් කරන්න නොලැබුනත් හිතුවාටත් වඩා සාර්ථක වුනු ව්‍යාපෘතියක් විදිහටයි මට දැනෙන්නෙ , මාර්තු අප්‍රේල් මැයි මාස තුනට එක මාසයට එක බැගින් ලිපි පල වෙලත් මාස 6ක් තුල ලැබිල තියන සම්ස්ථ පිවිසුම් සංඛ්‍යාව සතුටු දායකයි ( ඩයිනමික් වීව් තුල තියන පිවිසුම් සංඛ්‍යා  ගැටලු සැලකිල්ලට අරගෙනත් )

     ඒ නිසා බ්ලොග් කරණයේ දෙවර්ශ පූර්නයත් එක්ක අලුත් වැඩක් ආලකමන්දාව වෙනුවෙන් පටන් ගන්නයි යන්නේ , ඒ ආලකමන්දාවේ ඵ්ලවෙන ලිපි ගැන දැනුවත් කරන්න වගේම වෙනම ලිපියක් ලියන්න තරම් නොවෙන කෙටි තොරතුරු බේදා හදාගන්න අරමුණෙන් සැකසුනු ආලකමන්දාවේ  ඒක . තවම පාඨකයින් වෙනුවෙන් ව්වෘත කිරීමක් නොකලත් දවස් කිහිපයක ඉඳන් යවත්කල් කරල තියෙන්නේ ඔබට යම් අදහසක් ඒ ගැන ගන්න පුලුවන් වෙන්න . පහල සබැඳියෙන් ඒකට පිවිසිලා ඒකේ සමාජිකයෙකු වෙන්න කියලත් , ඔබේ මිතුරු මිතුරියන්ටත් ඒ සඳහා ආරාධනා කරන්න කියලත්  ඉල්ලීමක් කරන්න කැමතියි

    https://www.facebook.com/Alakamandhawa




     ඒ වගේම මතක් කරන්න ඕනි ආලකමන්දාවට  ලිපි පල කරන්න ඕනිම කෙනෙකුට පුලුවන් ඒ සඳහා ස්ථීර සාමාජිකත්වය ගන්න හෝ  තමන්ගේ ලිපියක් ඊමෙල් මගින් එවන්න හෝ  alakamandhawa@gmail.com කිය ඊමෙල් ලිපිනය භාවිතා කරන්න පුලුවන් . සිංහල වගේම ඉංග්‍රිසි භාෂාවෙන් වුනත් ලිපි පල කිරීමේ හැකියාව තියනවා

    නැවත වතාවක් බ්ලොග් කරණයේදී සහය දැක්වූ සියලු දෙනාටම ස්තුතිය පුද කරලා , දෙවර්ශ සැමරුම් ලිපිය නිමා කරනවා !

    92 comments:

    1. සුභ පැතුම්. හැමදාම වගේ කමෙන්ට් නොකළත් මම ආසාවෙන් කියවන බ්ලොග් අඩවියක් තමා මේකත් :)

      ReplyDelete
    2. සංවත්සරයට සුබ පැතුම්! ඔබගේ අවංක අදහස් දැක්වීම් වලට මා හැමදාම ප්‍රිය කරනවා.

      ReplyDelete
    3. සුභපැතුම්.ඔබගේ ලේඛන රටාව සරලයි.මා කැමති එයටයි.දිගටම ලියන්න.

      ReplyDelete
    4. ආ තව එකක් කියන්න අමතක වුනා.ඉහල Raigama කිව්ව වගේ මෙහි අදහස් දැක්වීම අවංකයි.ඒකත් අගය කළ යුතුයි.

      ReplyDelete
    5. සුභපැතුම්! බොහොම සන්තෝෂයි. ඒ කාලයත් එක්ක බැලුවම දේශපාලන බ්ලොග් ප්‍රමාණය අඩුවෙනව කියල හිතෙන්නෙ. බලන්න ටැබූ බියොන්ඩ් ෆ්‍රේම් වගේ අඩවි මුලින්ම නැතිවුනා. ඊට පස්සෙ ඇටමැස්ස ගියා. මාතලන් ලියන්නෙ නෑ. රාමචන්ද්‍ර චාර්මි ඉඳහිට ලියන්නෙ. දේශපාලනයටම වෙන්වූ බ්ලොග් තියෙන්නෙ සුළු ප්‍රමාණයක්. අන්න ඒකයි බුවාගෙ භූමිකාව වැදගත්‍.

      අනෙක් කාරණාව දේශපාගන ලිපි වලට ලැබෙන හිටිස් ප්‍රමාණය අඩුයි. ඒත් ලිවිල්ල අඩු කරන්න එපා.

      බ්ලොග් ලියන්නන් අතර තමන්ගෙ අනන්‍යතාවය සඟවාගෙන "කල්ලි", "සංස්ථා" වලින් ඉවත්වෙලා බුවා යන ගමන හරි කියලත් කියන්න ඕන.

      ReplyDelete
      Replies
      1. සජීව ධනුද්ධරJuly 8, 2012 at 6:30 PM

        ඔව් රාජ්ගෙ කියමන මමත් අනුමත කරනවා.

        ඔබගේ දෙවසරක ගමන්මගට මගේ උණුසුම් සුභ පැතුම්!

        Delete
      2. රාජ් /සජීව බොහොම ස්තුතියි -

        @රාජ් - අනෙන්‍යතාවය හැංගිලා තියන කොට කල්ලිවලට එකතු වීම කොහොමත් අවමයි

        Delete
    6. එළ බුවා එළ....
      ඔහොම යං... සුබ පැතුම්....

      ඇලා

      ReplyDelete
    7. ඉතාමත් සාර්ථක දෙවසරක්. ඔබ කතා කළේ බුද්ධියට. හිට් ගණනෙන් වැඩක් නැහැ. තව දීර්ඝ කාලයක් බ්ලොග්කරණයේ සිටීමට ලැබේවා.

      මම ලියන්න හිතුව දේ රාජ අතින් ලියවිලා. රාජ්ගේ කමෙන්ටුව මගේත් කමෙන්ට් එක විදියට පිළිගන්න.

      පොඩි දෙයක් කියන්නම්. මට බුවාව මුණ ගැසුනේ අපූරු විදියකට. ඒ දැනට වසරකට පමණ පෙර දිනක මා ගැන විවේචනයක් ගියා. ඒ මම බ්ලොග්කරණයට ආ අලුත. එහි එක් කමෙන්ට් එකක් ගැන මට යම් සාධනීය බවක් හැඟුනු නිසා ඒ බ්ලොග්කරුවා ගැන සොයා බලද්දි මේ අඩවිය මට හමුවුනා. එතැන් සිට මම ඔබගේ නිත්‍ය පාඨකයෙක්.

      තව තවත් හොද ලිපි ලියවේවා!!!

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි,

        ඔබතුමා ගැන ගිය විවේචනයන් නම් මටත් මතකයි , ඒත් මම ඒකට දක්වපු ප්‍රතිචාරය තමයි දැන් අමතක :)

        Delete
    8. හැම දාම කමෙන්ට් නොකලත් පුළු පුළුවන් තරමින් කියවන්න අමතක කරන්නේ නැති බ්ලොග් එකක්...

      සුභ පැතුම්...!

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි, කමෙන්ට් නොකලත් කියවන එකත් සතුටට කාරණයක්

        Delete
    9. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි, රාජ සම්පත් වලින් අර අහවල් පුරේ විතරක් ඇති , අනික්වා ඕනි නෑ :)

        Delete
    10. මගෙත් උණුසුම් සුභ පැතුම් !

      ඔයාගෙ රයිටින් ස්ටයිල් එකට මම කැමතියි. අර රාජ් කිව්ව වගේ දේශපාලනය සම්බන්ධයෙන් ලියන බ්ලොග්වලට එල්ලීගෙන කමෙන්ට් නොකලත්, කියවන පිරිසක් තවමත් ඉන්නව. (මමත් සමහර බ්ලොග් කියෙව්වට කමෙන්ට් කරන්නෙ නෑ) ඒ නිසා දිගටම ලියන්න. ජය !

      ReplyDelete
    11. දිගටම මේ වැඩේ කරගෙන යමු..........
      ජයෙන් ජය.....

      ReplyDelete
    12. ජය වේවා අවුරුදු දෙකක් වගේම තව අවුරුදු ගානක් අපිත් එක්ක ඉන්න ලැබේවා!

      ReplyDelete
    13. ඔබගෙ මතයට එකඟ වෙමින් එකඟ නොවෙමින් රණ්ඩු වෙමින් කියවන බ්ලොගය... ටැබූ, ඇට මැස්සා වැනි වුන් බ්ලොග් වසා ගිය කල ඒ අඩුව යන්තමින් හෝ පිරවීමට හැකි බ්ලොගයක්... ජයශ්‍රී බුවා... තව ලියමු...

      ReplyDelete
      Replies
      1. මතයට එකඟ නොවෙන තැන් තිබිලත් දිගටම කියවන එක ගන සතුටුයි

        බොහොම ස්තුතියි

        Delete
    14. සුභ පැතුම් මගෙනුත්~

      ReplyDelete
    15. සුභ පැතුම් බුවා !...

      ආලකමන්දාවට ලියනව කියල සෙට් වුනාට තාම එකක්වත් ලියන්න බැරිවුන එක ගැන සොරි වෙන්න ඕන :)

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි , ලියන්න බැරි උනාට මොකෝ ෆෙස් බුක් පිටුවටවත් සහයක් දෙමුකො

        Delete
    16. සුබ පැතුම්....!

      දේශපාලනය ගැන කතා කරන බ්ලොග් හිට් නොවෙනවාම නෙවෙයි,Comments වලට Reply දීලා සංවාද ගොඩ නැගුවොත්....

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි කමෙන්ට් වලට රිප්ලයි නම් පුලුවන් හැම වෙලාවකම දෙනවා , ඒත් සංවාද ගොඩ නැගිලා තියෙන්නේ ටිකක් අඩුවෙන් , මම සම්බන්ධ නොවුනු සංවාදත් කෙරුණ බව මතකයි

        Delete
    17. Wish you all the best!!!

      ReplyDelete
    18. මමත් බුවාට සුභපතනවා!

      ReplyDelete
    19. මම බ්ලොග් ලියන්න ඇවිල්ලා මාස හතක් විතර තමයි වෙන්නේ.ඒ මාස හත ඇතුලත මම ඔයාගේ බ්ලොග් එකට ආවේ දෙපාරක් බව විශ්වාස කරන්න.මුල්ම පාර ඇවිල්ලා සාමාජිකත්වය අරගෙන ගියා ඊයේ හෝ පෙරේදා.... මේ දෙවෙනි පාර...

      දේශපාලනික මත ගැන හොඳ විවේචනාත්මක ලිපි කියවන්න නම් තාම ලැබුනේ නෑ තමයි.මම හිතනවා ඔබේ විචාරාත්මක හැකියාව එක්ක හොඳම මට්ටමේ ලිපි ඇති කියලා.කාලීන දේවල් ගැන මේඝවර්ණගේ බ්ලොග් එක කියෙව්වත් ඒකේ සංවාද වලට ඔබ එක්ක පැටළුණත් මට මේ බ්ලොග් එකට ගොඩවෙන්න බැරිවුනා...

      මේ ළඟකදි ඉඳලා හොඳ මට්ටමේ සංවාද ඔබත් එක්ක ඇතිවුනු නිසා මට හිතුනා බ්ලොග් එකක් තියේද කියලා හොයා බලන්න.ඒ සැමා ලියපු කිරිල්ලියකට ගල් ගැසීම ලිපිය නිසා තමයි විශේෂයෙන්ම.

      අවුරුදු දෙක පිරීම නිමිත්තෙන් මගේ හදවතින්ම සුභ පතනවා ඔබට... ජයවේවා මචෝ.මෙතෙක් කලක් මේ පැත්තට ගොඩ නොවැදීම සම්බන්ධයෙන් දුකත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා... තව අවුරුදු ගනනාවක් මේ ලිපි ලියන්න ශක්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා...

      සැමාගෙ පෝස්ටුවේ කිව්වා වගේ අපි දකින කෝණයට වඩා වෙනස් කෝණයකින් බලන කෙනෙක් දරන මති මතාන්තර සෑහෙන්න වැදගත්...

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි ,සතුටුයි බ්ලොග් එකත් එක්ක එකතු වීම ගැන , පරණ ලිපි පොඩ්ඩක් පෙරලලා බැලුවොත් දේශපාලන ලිපි සැහෙන්න මුන ගැහෙයි හොඳ ද නැද්ද තීරණය ඔබට බාරයි , සැහෙන කාලෙකින් ලොකු දේශපාලනික ලිපියක් ලියවුනේම නැ

        Delete
    20. මගෙනුත් සුභ පැතුම් අයියේ....

      ReplyDelete
    21. සුබ පැතුම් ..................
      විවිධ වූ අදහස් එක් තැන්වූ තැන රසවත් බවක් ඇත ...................

      ReplyDelete
    22. සුභ පැතුම් බුවා අයියේ...
      දිගටම ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!!!!!

      ReplyDelete
    23. බුවාට එක සිතින්ම සුබ පතමි !!!

      ReplyDelete
    24. උණුසුම් සුභ පැතුම් බුවා!
      henryblogwalker the Dude

      ReplyDelete
    25. සුභ පැතුම්!
      දැනට ඉතුරු වෙලා තියෙන අන්තිම දේශපාලන බ්ලොග් එක මේකවත් දිගටම ලියයි කියල හිතනව

      ReplyDelete
      Replies
      1. අන්තිම එකම නෙමේ තවත් කිහිපයක් තියෙයි

        Delete
    26. සුභ පැතුම්...!

      ReplyDelete
    27. බුවා.ඔබේ ලිපි සෑම එකක්ම වගේ කියවමි.එකඟ වීම, නොවීම ගැන කීම අවශ්‍ය වන්නේ නැහැ. වැදගත් වන්නේ සංවාදය. නිරන්තර දේශපාලනික සංවාදය අත්‍යවශ්‍යයි සමාජයට.
      ඔබ බ්ලොග් අවකාශයේ ඒ සංවාදය මැදහත් විදිහට ගොඩ නඟන කෙනෙක්.ඔබ ඒ සඳහා හැකියාවක් ඇති අයෙක් බව පෙනෙනවා.දිගටම ලියන්න සුබ පැතුම්.

      ReplyDelete
    28. සුබපැතුම් මචං. රාජ් කිව්ව වගේ 'කල්ලි' සංස්ථා' නැතුව මේ ගෙනියන වැඩේ ගොඩක් වටිනවා.
      දැන් ඉස්සර තරම් බ්ලොග් කියවන්න වෙලාවක් නොලැබුනත් ඉඩක් ලැබෙන හැම වෙලාවකම මේක කියවනවා.

      දිගටම ලියන්න.........

      ReplyDelete
    29. හැපී බ්ලොගිවසරි සහෝ..
      තවත් බොහෝ කල් ලියන්න හැකි වේවා කියා පතනවා!

      ReplyDelete
    30. මම අනිවා කියවන බ්ලොග් එකක් තමයි බුවා උඹගේ බ්ලොග් එක . නොදන්නා දේවල් වැඩි නිසා උඹ ලියන කියන දේවල් කියෝලා මම පාඩුවේ ඉන්නවා . දන්න කියන දෙයක් ගැන ලිපියක් ගියෝතින් අනිවා කමෙන්ට් එකකුත් දානවා ..

      ඉතින් බුවා මගෙනුත් සුබපැතුම් ..!!

      ReplyDelete
    31. ආරළු බුරළු නැතුව ඇනේ ඔලුවටම මිටියෙන් තඩිබාන බුවාගේ ලිපි මම බොහොම ආසාවෙන් කියවන්නේ. තව බොහෝ දුර යන්න ශක්තිය ලැබේවා කියල පතන්නම්..

      ReplyDelete
    32. උණුසුම් සුභපැතුමු මිත්‍රයා !

      ReplyDelete
    33. සුබ පැතුම් බුවා.......

      ලියන දෑ ගැන ප්‍රශ්න තිබ්බත් මම කියවන්න කැමති බ්ලොග් එකක්
      ජය

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි , අදහස් විරුද්ධ බව නම් මම බ්ලොග් අවකාශයේ ඔබේ කමෙන්ට් හරහා දන්නවා , එහෙම තිබියදීත් කියවීම ගැන සතුටුයි

        Delete
    34. පරක්කු වුනාට සමාවෙයන් සහෝ... හැමදාමත් වගේ උඹට ජය !

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි පරක්කු උනාට මොකෝ

        Delete
    35. ජයග්‍රාහී දෙවැනි වසරට මගෙන් සුභ පැතුම්.

      ReplyDelete
    36. කොන්ද පන නැති ඇනොගේ සුභ පැතුමත් බාරගන්න.තව දීර්ග කාලයක් බ්ලොග් ලියන්න සහ කොමෙන්ටු දමන්න දිරිය ලැබේවා කියා පතමි.

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි , හැබැයි ඔබතුමා නොදන්නවා ඇති මම ඇනෝ විරෝධියෙක් නොවෙන බව (ඇනෝලාගේ අයිතිය වෙනුවෙන් ලිපියකුත් ලියල තියන බව පොඩ්ඩක් පෙරලලා බැලුවොත් පෙනෙයි )

        Delete
    37. බුවා @ ඒ ලිපියට මගේ ඇති සම්බන්දය නිසයි අර විශේෂණය යෙදුවේ.

      ReplyDelete
    38. සුභ පැතුම්! වෙන රටකට ගියත් බුවාගේ සිතුවිලි කියවන එක අත ඇරියේ නැහැ...

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...