Skip to main content

මර්ඩර් , බහු භාර්යා , එක මත් එක රටක සමඟින් දකුණු ආසියානු සිනමාවේ ශෘංගාරාත්මක රසවින්ඳනය

මාතෘකාවේ තියන චිත්‍රපටි නම් හොඳට අහල පුරුදු ඇති . මර්ඩර් 2 ගැන ඇතිවුනු ආන්දෝලනයත් එක්ක ඒ ගැනත් ඉන්දියානු සිනමාව හා අපේ සිනමාවේ ශෘංගාරාත්මක භාවිතාව ගැනත් මම කලින් වතාවක  ලිපියක් ලියුවා . ප්‍රතිචාර අඩු වුනත් ගොඩ දෙනෙක් බලපු ලිපියක් වුනු ඒ ලිපිය නොබලපු කෙනෙකුට මෙතනින් ගිහින් බලන්න පුලුවන් . ඒ ලිපියේ දිගුවක් විදිහට නොවුනත් ඒ කාරණාත් එකතු කරගෙන වඩාත් පුලුල්ව ශෘංගාරය හා  සිනමාවේ භාවිතාව  පිලිබඳ කථා කරන්නයි මේ සූදානම


ශෘංගාරාත්මක රසය කලාවේ මූලාරාම්භයේ  ඉඳන්ම පැවතගෙන එන අංගයක් . දීර්ඝ ශිෂ්ඨාචාරයකට උරුම කම් කියන ඕනැම තැනකදි පෙරදිග අපරදිග  බේදයකින් තොරව ශෘංගාරය භාවිතාවේ තිබුනාය කියන එක රෝම - ග්‍රීක  ශිෂ්ඨාචාර වල විතරක් නෙවෙයි ඉන්දියාවෙන් පවා හමුවෙලා තියන ඉපැරණි චිත්‍ර හා මුර්ති වලින් පැහැදිලියි . අතීත කලා මාධ්‍යන් වල තත්වය එහෙම උනත් සජීවී රූප රාමු සහිත සිනමාවේදී නම්  අදාල සංස්කෘතීන්ට අනුගතව ශෘංගාරයේ භාවිතාව වෙනස් වුනු බව දකින්න තියෙයි (ඉන්දියානු සිනමාව සම්බන්ධයෙන් කතන්දරේ කලින් ලිපියෙදි  විස්තර කරල තියනව )

 වැඩිහිටියන්ට පමනක් සීමා වුනු නිර්මාන ලාංකීය සිනමා ඉතිහාසයේ විටින් විට මුණ ගැහුනත් , ඒ සම්බන්ධ විශාල ආන්දෝලනයක් රටේ ඇති කරපු චිත්‍රපටිය තමයි බහු භාර්යා . ජනප්‍රිය නිලි සංගීතා වීරරත්න චිත්‍රපටියට රංගනයෙන් දායක වීමත් , ඇය චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා සමඟ ගැටුමක් ඇති කරගැනීමත්  තමයි ඒකට මූලිකම හෙතුව වුනේ . ලාංකීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලබපු වැඩිහි චිත්‍රපටිය උනත් බහුභාර්යා සමස්ත චිත්‍රපටයමත් , අදාල ශෘංගාරාත්මක දර්ශනත් සිනමාත්මක වශයෙන් පැවතුනේ ඉතාම ප්‍රාථමික තත්වයකය කිව්වොත් නිවැරදියි .නමුත්  බහු භාර්යාවල අධි සාර්ථකත්වයත් එක්ක ඇතිවුනු වැඩිහිටියන්ට පමණයි රැල්ලේ " මස් කඩ " වලට නම් වඩා  බහු භාර්යා යම් තැනක ඉන්නවාය කියල කියන්න පුලුවන්

ලාංකික සිනමාවේ මම  දැකපු කලාත්මකම වැඩිහිටි ගණයෙ නිර්මානය තමයි සුලඟ එනු පිනිස  චිත්‍රපටිය , සමස්ථ චිත්‍රපටිය වගේම අදාල දර්ශනත් අපුරු සිනමාත්මක ගුණයක් සහිතව නිර්මාණය වෙලා තිබුනත්  "සුලඟ එනු පිණිස " චිත්‍රපටිය ශෘංගාරය භාවිතා කරන්නේ සුන්දරත්වයත් එක්ක නොවෙයි(චිත්‍රපටියේ කථාවට අනුව )  . ඒ නිසා  ලාංකීය නිර්මාණයකින් ශෘංගාරයේ සුන්දරත්වයක් විඳීමට අපට තවමත් හැකියාවක් ලැබුනේ නැය කියලයි මම හිතන්නේ . එකමත් එක රටක චිත්‍රපටියේ කථා වස්තුවට ඒ හැකියාව තිබුනත් සමාජීය කාරණා නිසා අධ්‍යක්ෂක වරයා ඉන් මෙහා තැනක නතර වී තිබෙන බවක් තමයි දකින්න තියෙන්නෙ , ඒ ඇයි ? ඒක තමයි වැදගත් කාරණාව . අපි ඒ ගැන පසුවට කථා කරන්න ඉඩ තියල මර්ඩර් 2 චිත්‍රපටිය දිහාවට හැරෙමු

මම කලින් ලිපියෙදි විස්තර කලා වගේ ඉන්දියානු සිනමාව (බොලිවුඩ් ) ශෘංගාරය  තමන්ගෙ නිර්මාණ තුල භාවිතා කිරීම පැත්තේන් ආවේ ඉතාම දුෂ්කර ගමනක . වර්ථමානයේදි එතනින් එලියට  එබිකම් කිරීම ට පටන් අරගෙන තිබුනත් තවමත් ඉන්දීය සමාජය  තියා නිර්මාණ කරුවන්වත් ඒ සඳහා 100%ක් සුදානම්ද කියන සැකය මතුවෙනව , ඇත්තටම මර්ඩර් 2 කීයන්නෙත් ඒකට ඉතාම හොඳ උදාහරණයක් . චිත්‍රපටිය තිරගත වෙන්න කලින් සම්පූර්ණ නිරුවත් දර්ශන ඇතුලු බරපතල සරාගී දර්ශන ගැන මතවාදයක්  ගෙනිච්චත් ඒක  හුදු වෙලඳ උපක්‍රමයක්  පමණක් බව හොඳින්ම පැහැදිලියි . ඔය එකතු කරල තියන විඩියෝ පටියේ තියන දර්ශනය මට්ටමෙන් එහාට ගිය දෙයක් ශෘංගාරය පැත්තෙන් නැතුවා වගේම සමස්ථ චිත්‍රපටියම සැලකුවාමත් සත පහකට වැඩක් නැති මර්ඩර් 2  චිත්‍රපටිය ඉන්දියාවේ blockbuster ගනයට අයත් චිත්‍රපටියක් විදිහට වර්ග  වීමෙන් පෙන්නේ ඉන්දියානු සමාජය තවමත් ශෘංගාරය "රස විදීමේ "මට්ටමට පැමිනෙමින් පවතිනවාය කියන එකයි . අධ්‍යක්ෂක වරයා හෝ මාධ්‍ය විසින් පතුරවපු  උපක්‍රම ශිලි කටකථා නිසා  වගේම   මර්ඩර් 2 හි දකින්න තියන ශෘංගාරය සමහර බොලිවුඩ් රසිකයින්ට ආගන්තුක නිසාත් කථාවේ කිසිම  හරයක් නැතිවත් චිත්‍රපටිය සාර්ථකත්වයට ගියාය කියල හිතන්න පුලුවන් (මේ කැමරා කොපි විඩියෝවේ දකින්න නැතත් , ඒ දර්ශන වලදි වර්ණ , කැමරා කෝණ ආදියේ මෙන්ම සංගීතයෙ භාවිතාව නම්  හොඳ මට්ටමක තියනව කියල කියන්න පුලුවන් ) .

මෙච්චර ලොකු ටෝක් නොදැම්මත්  ශෘංගාරාත්මක වශයෙන් , සිනමාත්මක වශයෙන් වගේම සමස්ථ නිර්මාණයම වශයෙනුත් Kurbaan චිත්‍රපටිය ඉදිරියෙන් ඉන්නව මර්ඩර් 2 ට වඩා

Murder 2



Kurbaan



සමහර අංශ වලින් හොලිවුඩ් සිනමාවේ මානයන්ට සමීප වෙමින් ඉන්න බොලිවුඩ් සිනමාව ශෘංගාරය භාවිතාව අතින් නම් තවමත් ඉන්නේ ඉතාම අඩු තැනක . ඔවුන්ට සුපුරුදු  සිනමාත්මක බව ඒ දර්ශන වල ගැබ් නොවුනා නම් ශෘංගාරාත්මක රසවිඳිමක් කියා අල්පමාත්‍ර දෙයක්වත්  , ඒ ලේබල් ගසා ගත් ගොඩක් බොලිවුඩ් නිර්මාන වල නැහැය කිව්වොත් වඩාත් හරි (මම කථාව ප්‍රිය නොකලත්  මල්ලිකා ශෙරාවට් රඟපාපු  Hiss චිත්‍රපටිය නම් ඒ අතින් සාර්ථකයි ටිකක් විතර )

American Pie  වගේ චිත්‍රපටි වලදි ඉතාම සරල වින්දනාත්මක වත් , Jude , Reader , Original Sin වැනි නිර්මාණ වලදි ඉතාම කලාත්මකවත් , තවත් සමහර නිර්මාණ වලදි කටුක ලෙසත් ශෘංගාරය තමන්ගේ නිර්මාන වලට එකතු කරගන්න බටහිර සිනමා කරුවාට නම් හැකියාව තියනව , ඒ සමාජ වටපිටාව නිසා . නමුත්  ඉන්දියාවේ හෝ ලංකාවෙ සිනමා කරුවාට ඒ අවස්ථාව නැත්තේ ඇයි ??

ලෝකයේ  කොතනක හිටියත් මිනිසා හෝ මිනිසගෙ හැඟීම් දැනීම් හෝ වෙනස් වෙන්නේ නැ ,  මිනිසාගෙ හැඟීම් නිරූපනය කරන කලා මාධ්‍යන් තුලදි මිනිසාගෙ මූලිකම හැඟීමක් වුනු ශෘංගාරය රසවිඳින්නත් දේශ සීමා බාධක  ඇත්තේ නැ . නමුත් සංස්කෘතිය , සාම්ප්‍රදායික විශ්වාස  වගේ මිනිස්සුම මතුපිටින්  පෙරවාගෙන ඉන්න කඩතුරාවන්  නිසා තමන්ගෙ සත්‍ය හැඟීම් වලට ඉඩක් දෙන්න අපේ රටවල බහුතරයක් දෙනා තවමත් බයයි , ඒ විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් තරුන පරම්පරාවට ඉඩක් ලබාදෙන්නත් කැමැත්තක් නැහැ .  මේ වගේ පටු පරමාර්ථ වගේම සමහරක් ඇයින්ගේ කුහක දේශපාලනික අරමුණුත්  (උදා - ඉන්දියාවෙ සිව සේනා පක්ෂය , ලංකාවේ හෙල උරුමය, ජානිපේ , ) වැඩිහිටි පරම්පරාව තියා තාරුණ්‍යටවත් තමන්ගේ හැඟිම් කලාව තුලින්වත් විඳීමේ  අවස්ථාව උදා කරන්නේ නැ . මේ අය කියන විදිහට මේ නිසා සමාජය යහපත්විය යුතුව තිබුනත් අවසානයේ බිහිවෙලා තියෙන්නේ කාන්තාවකට බස් රථයක වත් යන්න නොදෙන මානසික රෝගීන් පිරිසක් , ස්ත්‍රි දූෂන , අඩත්තේට්ටම් බහුලව සිදුවන සමාජයක් විතරයි . ඉන්දියානු සිනමා කරුවා ඉතාම සුලු සරාගී දර්ශනය ලොකුවට මාකට්  කරන්නෙත් , ප්‍රේක්ෂකය උඩ පැන පැන ඒවා නරඹන්නේත් , කථා තේමාව අතේ තියාගෙන සනත් ගුණතිලක මග නතර වෙන්නේත් (එක මත් එක රටක හිදී )ඒකේ ප්‍රතිඵලයක් හැටියට  තමයි


මර්ඩර් 2 චිත්‍රපටියට හූ තබමින් බලන තත්වයක් තුල වුනත් ( මර්ඩර් 2 යූ ටියුබ් විඩියෝ කිහිපයකම ඔය හූ පාරවල් හොඳ ඇහෙනව , ඒව අඩුම එකක් තමයි මම දාල තියෙන්නෙ ) ඉන්දියානු සිනමා කරුවා ටිකෙන් ටික හෝ ඉදිරි පියවරක් තබන බවත් සමහර  රංගන ශිල්පිනියන් අදාල කැප කිරීම් කරන්න සුදානම් බවත් පෙන්න තියනව . ඒක තරමකට හෝ සුභ ලකුනක් (එහෙම වෙන්න හෙතු කාරණා කලින් ලිපියෙ විස්තර කරල තියනව )  , නමුත් අපේ රටේ නම් එහෙම තත්වයක් නැය කියල තමයි අපිට පෙන්න තියෙන්නෙ , ආසන්නතම උදාහරණය තමයි බහු භාර්යා දෙක චිත්‍රපටිය ගැන කට කථාව

. පහුගිය කාලයේ අන්තර්ජාලය හර්හා ඉතා වේගයෙන් පැතිර ගිය කට කථාවක් වුනේ බහු භාර්යා 2 කොටස්ක් නිපදවෙන බවත් ජන්ප්‍රිය නිලියක් ඒකේ රඟපාන බවත් . කිසිම හෙතුවක් නැතුව චිත්‍රපටියක් හදනවා වගේ කට කථා හැදෙන්නේ නැති නිසා මේකට යම් පදනමක් තිබේය කියල හිතන්න පුලුවන් . කොහොම උනත් අදාල නිලිය වහාම ප්‍රකාශයක් කලේ තමන් එහෙම චිත්‍රපටියක රඟ නොපාන බව කියල .  කට කථාවේ කියවුන විදිහේ සැබැවින්ම 2 කොටසක සැලසුමක්   තිබියදි ඇය කට ක්ථාවටම බියෙන් ඉවත් වුනා නම් ඒක ඉතාම කණගාටු දායක තත්වයක් . ජැකොලයින් මර්ඩර් 2 ගැන කට කථාවලට අනුබල  දීල ඒව දිරිමත් කරත්දි අපේ නිලියක් ඒවට බයේ පැන යන්නත්    සිදුවෙනවාය කියන්නේ මේ කාරණයේදි අපි ඉන්න තැන වටහා ගන්න හොඳම නිමිත්තක්, ඒ සිදුවීම සම්පූර්නයෙන් අතහැරියත් වැඩිහිටියන්ට පමනයි චිත්‍රපට තනහම් කරන්න පවා ගිය රටක , ප්‍රවීන සිනමා කරුවන් පවා මඟ නතර වෙනා තත්වයක සිනමාව තුලින් ශෘංගාරාත්මක වින්දනයක් සඳහා ශ්‍රි ලාංකිකයින්ට තියන විකල්පය විදෙස් සිනමා නිර්මාන   පමණක්  බව පැහැදිලියි .

අපේ  සමාජ වටපිටාව සැකසෙමින් තියෙන්නේ රිවස් එකට නිසා දෙතොල් සිප ගැනීමත් වැඩිහිටි ගනයට දාන අපේ රටේ සිනමාවේ කම්මුල සිප ගැනීමත් එතනටම තල්ලුවෙලා  ගියත්  පුදුමයක් නැ

පහතින් දැක්වෙන්නේ මා කලින් ලිපිය අවසන් කල ආකාරයයි , බහු භාර්යා 2 සිද්දිය සත්‍යක් නම්   මා එදා කියු දෙය නිවැරදි නොවේද ?


මේ සිද්දිය සම්බන්ඳව ගොසිප් ලංකා හි මෙන්ම තවත් පුවත් වෙබ් අඩවි තුලත් පල වූ පාඨක අදහස් බොහෝය , සැලකිය යුතු පිරිසක් ජැකොලයින්ව  අනුමත කර තිබූ අතර, ඇතමුන් අස්භ‍ය වීඩියෝවක ජැකොලයින් දකින්නට කැමති යැයිද පවසා ඇත, ඇතමුන්ට අනුව ඇය ශ්‍රි ලාංකිකයෙක් නොවුනා නම්  ඕනි මඟුලක රඟපැවාට කමක් නැත, තවත් සමහරු කියන්නෙ ඇයට නමට් පමනක් ශ්‍රි ලාංකික නිසා අවුලක් නැත කියාය . සමහරෙක්ට අනුව ඇය සිංහල බෞද්ධ නොවේ ඒ නිසා කමක් නැත ......

මේ අදහස් දක්වන්නේ ලංකාවේ අන්තර්ජාල සාක්ෂරතාවය ඇති අයය , මෙය ලංකාවෙ ජීවත් වන් නිලියකගෙ කතාවක් නොවන නිසා අනෙක් මහජනතාවතත් "දේශප්‍රේමි" කණ්ඩායමුත් තවමත් නිහඩය . ඉතින් අනර්කලි, නෙහාරා , ශලනි තාරකා වැනි ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලාංකීය නිර්මානයක නිරුවත් දර්ශනයකට දායක උනා නම් මොනවගෙ තත්වයක් ඇති වෙයි ද? ඒ නිර්මානයේ නිර්මාන කරුවාට කුමක් වේවිද ? ඉතා ඉහල කලාත්මක නිර්මානයක් උදෙසාවත් අපේ රංගන ශිල්පිනියක් මෙවන් දර්ශනයකට පෙනී ඉඳියිද? ඔවුන් ඒ කැප කිරීමට සූදානම් ද? ඔවුන් කැමති වුවත් අපේ සමාජය එයට ඉඩ දෙනවාද ????? ඔබම සිතා බලන්න ..

Comments

  1. Murder 2 kiyanne patta sira film ekak. Ehema kiayanne eke tgiyena oya scene nisa newey kathawa, music hama athinama. Oya scene nathi wunath eka janpriya wenawa. Kurbann kiyanne mona mala jarawakda? deke box office report baluwama wenasa therey.

    ReplyDelete
  2. @ano - ඒක ඔයාගේ රසවින්දනය වෙන්න පුලුවන් , ඒත් මට නම් මර්ඩර් 2 අසාර්ථක නිර්මාණයක් . සංගීතය නම් සුපිරියි ඒත් අනිත් දේවල් නම් අන්තිමයි , බොක්ස් ඔෆිස් වාර්ථා කෙසේ වෙතත් විචාරකයින් නම් මර්ඩර් 2 සාර්ථයි කියල කියන්නෙ නැ . කොහොම උනත් ප්‍රතිචාර දැක්වීමට ස්තුතියි

    ReplyDelete
  3. මට මර්ඩර් 2 නම් තාම බලන්න ලැබුනේ නැහැ..ඒත් කුර්බාන් නම් බැලුවා, ඒ ෆිල්ම් එක මටනම් පට්ට..කතාව නම් සිරාම සිරා .මම ඔය ඇනො කියපු බොක්ස් ඔෆිස් කේස් නම් දන්නේ නැහැ...මටනම් කුර්බාන් එක පට්ට...

    ඉන්දිගේ සිවසේනා - ලංකාවේ හෙළඋරුමය/ජානිපෙ : ඔය ගැලපිල්ලට නම් එකගයි...දෙගොල්ලන්ගේම වැඩ එකනේ..හිකිස්‌

    ReplyDelete
  4. ලංකාවේ තියන සංස්කෘතියත් එක්ක නිරුවත් දර්ශන වලට පෙනී ඉන්න නිලියන් අකමැති බව අපිට හිතා ගන්න පුළුවන්. එත් ඉන්දියාව අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ තව ටික කාලයක් යනකොට බටහිර චිත්‍රපටවල මෙන් නිරුවත් දර්ශන ඉන්දීය චිත්‍රපටවල අඩංගු වෙයි.

    ඇත්තම කියනවා නම් ශලනි තාරකා වගේ අය නිරුවත් දර්ශන වලට පෙනී සිටිනවාට මගේ නම් කිසිම අකමැත්තක් නැහැ , මම විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න කිසිම පිරිමියෙක් අකමැති වෙන එකක් නැහැ. හැබැයි කට්ටිය එළිපිට බනී , කාටවත් නොකියා රස කර කර බලයි. මෙන්න මේකයි අද යතාර්ථය.

    තාරක

    ReplyDelete
  5. lankawe apita ithin somarathna ankalge lama katha tikai agama market karana film kiyala kiyana marketing pati tikai thamai balanna thiyenne.Malata noena bambaru karumakkarayo wage theme ekka giyapu sinhala sinamawa ada baba hukun wela thiyena eka gena eththatama dukayi.Me situation ekedi ashoka handagama wage porakatath lama katha hadanna una ne...

    ReplyDelete
  6. The reader move eka me theme eken apu sirama movie ekak erotic kiyana eka wenama konayakin balapu film ekak apita ewage film ekak gahanna thawa awurudu siya ganak yawi.wena mokatawath nemei me watila inna "backward chinthanaya" lin walen goda enna!!!Bollywood movies godakama erotic kiyanne nikan akka pennala nangi denawa wege deyak...marketing wala kiyana tharam rahak films wala neha....

    ReplyDelete
  7. @chamma - අනිවා මටත් කුර්බාන් හොඳට හිතට ඇල්ලුවා , ඔය පක්ෂ කරන්නේ අපේ රටවල් පිටිපස්සට අදින එක තමයි

    @තාරක - සම්පූර්ණයෙන්ම එකඟයි

    ReplyDelete
  8. අනෝ කමෙන්ට් දෙකම එක්කෙනාගෙද , ඕනි එකක් වෙන වෙනම උත්තර දෙන්නම් කො

    @ano -හඳගම ලමා චිත්‍රප්ටි හඳනව , විමුක්ති සිංහල සිනමාව අතැරල මම හිතන්නේ , ප්‍රසන්න නිහඬයි

    @ano 2 -බොලිවුඩ් සිනමාවේ වෙලඳ පොලට (ටාගට් මාකට් ) ශෘංගාරය කියන්නේ මහා ලොකු දෙයක් ඒකයි ඒක ලොකුවට මාකටින් වෙන්නේ . තව ටික කාලයකින් හරි යයි . ඒවගේම මෙහෙම එකකුත් තියනව ඇමරිකාව , එංගලන්තය වගේ බටහිර රටවල ඉන්න ඉන්දියානුවන් ඇරුණාම අනික් අය බොලිවුඩ් නිර්මාන බලන්නේ හොලිවුඩ් වල නැති බොලිවුඩ් ස්ටයිල් එකට කැමති නිසා කියල මම අහල තියනව . ඒ නිසා බොලිවුඩ් ස්ටයිල් එක තියාගෙනම තමයි කරන දෙයක්

    ReplyDelete
  9. අද සිටින්නේ අසහනකාරී තරුන පරම්පරාවක් බව සක් සුදක් සේ පැහැදිලි!ගුනාත්මක ශෘංගාර කලාවක් නොතිබීම ඔබ කියන අයුරින් පැහැදිලි හේතුවක්!අද මේ අසහනයේ ප්‍රතිපල තමා ජැක් ගසන්නන්,ග්‍රීස් යකුන් ලෙස එලි බහින්නේ,හවසට හවසට කැෆේ වලට ගාටන ස්ංස්කෘතියක් බිහි කරන්නේ!

    ReplyDelete
  10. ඔබ කියන කාරණයේ දී ඉන්දියාවයි ලංකාවයි යම් පමණකට කොටුවෙලා ඉන්න බවක් තමයි පේන්න තියෙන්නේ. ඒත් යම් පමණකට විකල්ප සිනමා ධාරාවක් ඔස්සේ ගමන් කරන Mira Nair, deepa mehta වගේ සිනමාකරුවන් ශෘංගාරයත් එක්ක ටිකක් බය නැතුව ගනුදෙනු කරන බවක් තමයි දකින්න තියෙන්නේ. Fire(1996),Earth(1998),Kama Sutra(1996) ආදිය මේ යටතේ ඉදිරිපත් කරන්න පුළුවන් උදාහරණ කිහිපයක්.

    ReplyDelete
  11. @උදාර - ඒක ඇත්ත ,සම්භාව්‍ය සිනමා කරුවන් ලංකාවෙත් උත්සහ කලා නමුත් ඒවාට ගැරහුම් විතරයි ලැබුනේ , සරල සිනමාවෙදි නම් ලංකාවේ කලේ මස් කඩ , බොලිවුඩය හෙමින් හෙමින් සිනමාත්මක ප්‍රවේශයක් ගන්න බවක් තමයි පේන්න තියෙන්නෙ ,දකුණු ඉන්දියානු සිනමාවන්ගෙ නම් මස් කඩ බොහොමයි !. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

xxx xxxx මහතාගේ ඝාතනය පිලිබඳ දැක්වූ අදහස්

Mr .ලොකු තැන - ------------------------------------------{නිහැඬියාවක් පමණි } Mr . පැරකුම් - අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න වෙලා තියනවා . ලැටිමර් හවුස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා , රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා අපි ******** ගේ රජයට කියනවා . ලබන සිංහල අවුරුද්ද වෙනකන් විතරයි  අපි කල් දෙන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවුනොත් අපි මැයි මාසෙදි පාරට බැහැල 2014 දී ආණ්ඩුව ගෙදර යවනවා Mr. කලවැද්දා - අද රටේ නීතියක් නෑ , බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරනවා . මේක ඒකාධිපති පාලනයක් .සමහර බංකොලොත් දේශපාලන නායකයොත් මේ ඒකාධිපති පාලනයට කඩේ යනවා . එන්න මාත් එක්ක එකතු වෙලා මේවට විරුද්ධව සටන් කරන්න . ජයවේවා Mr.වෙනුර- ඕක තමයි මම කිව්වේ මාලු කඩේ කියලා .ඔය වැඩේ කරවපු  හොටු ගැමුණු උන්නැහේ මාලු කඩේ සමාජිකයෙක් . මාලු කඩවල උන් නෙවෙයිද ඔය වගේ ජරා වැඩ කරන්නේ Mr. බුරුවංශ - මේක තනිකරම බටහිර අධිරාජ්‍ය වාදි වලවේග වල කුමන්ත්‍රණයක් . යුද්ධෙන් පස්සේ අපි යන ගමන මේ අයට ඉවසගන්න බෑ මොකක් හරි බාල්දියක් පෙරලනවා . මාර්තුවල ජිනිවා සමුලුව ඉලක්ක කරගෙන කරන වැඩ මේවා . ලංකාවේ මන්ත්‍රි කෙනෙකුට වත් නි

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම