නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු තරමෙ අවධානයක් මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ කථාබහ කිරීම නොව සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි
නායකයා
කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක .
නායකත්ව ලක්ෂණ
කලින් සඳහන් කල පරිදි නායකයාගේ භූමිකාව විවිධාකාර වීම නිසා නායකත්ව ලක්ෂණ පිලිබඳ අර්ථකථනයද විවිධාකාර වී ඇත . පොදු නායකත්ව ලක්ෂණ පිලිබඳ සාක්ච්ඡාවකදී වුවත් අවශ්‍යතාව අනුව විග්‍රහ කෙරෙන කෝණය එකිනෙකට වෙනස්ය . එහෙත් අවසාන විග්‍රයේදී මේ සියලු කාරණා ගොනු වන්නෙ මූලික පදනමක් හරහා බවත් , එම මූලිකය කොටස් කිහිපයකට බෙදා විග්‍රහ කල හැකි බවත්ය යන්න මාගෙ විශ්වාසයයි .එම කොටස් පහත පරිදිවේ
01) පුද්ගල ගුණාංග
02) සමාජිය ගුණාංග
03) බුද්ධිය , උගත් බව හා අත්දැකීම්
04) වෘත්තීමය ගුණාංග
01) පුද්ගල ගුණාංග
නායකත්ව ලක්ෂණ ලෙස ගැනෙන ගුණාංග වලින් සැලකිය යුතු කොටසක් ගැනෙන්නේ මේ යටතටය . ඕනැම පුද්ගලයෙකු තුල වර්ධනය කරගත යුතු පුද්ගල ගුණාංග සියල්ලම නායකයෙක් කෙරේ වැදගත් වුවත් නායකයෙකු කෙරේ අත්ශයින්ම වැදගත් වන ගුණාංගද ඒ අතර වේ . ඒ අතරින් කිහිපයක් පමණක් විමසා බලමු
02) සමාජිය ගුණාංග
තමන්ගේ අනුගාමිකයින් කෙරෙහිත් සගයන් කෙරෙහිත් , භාහිර සමාජය කෙරෙහිත් නායකයෙකුගේ ක්‍රියා කලාපයන් වල ස්වාභාවය යහපත් වීම කෙරෙහි බලපාන්නාවූ සාධක මේ යටතේ ගත හැක . කලින් විග්‍රහ කල පරිදි සත්‍යවාදී බාවය හා සාධාරණත්වය වර්ධනය කරගැනීමේ ප්‍රතිඵල (යහප්ත් ) මෙහිදී දැකිය හැකි අතර , අනුගාමිකයන් ඇගැයීම , දිරිමත් කිරීම , නම්‍යශිලීතාවය . සම සමගයන් සමඟ සහ සම්බන්ඳය හා හොඳ සන්නිවේදන හැකියාවන් මේ අතර වේ . මේ යටතේ එන බැරැරුම්ම හා වැදගත්ම ගුණාංගය තීරණ ගැනිමයි
තීරණ ගැනීමේදී දක්වන ශක්‍යතාවය නායකයෙකුගේ සාර්ථකත්වයේ මූලිකම මිණුම් දණ්ඩ වන අතර එය එක් එක් නායකයින්ගෙ කාර්ය භාරය අනුව පමණක් නොව අදාල අවස්ථාව අනුවද සම්පූර්නයෙන් වෙනස් තත්වයන් ඇති කරවන සුලුය . එපමණක් නොව නායකයෙකුගේ තීරණ ගැනීම කෙරෙහි ඔහුගේ අනෙකුත් සියලුම ගුණාංග ද බලපාන බව දක්නට ලැබේ . ඇතැම් විටක සෘජු නොනැමෙන සුලු තීර්ණ ගැනීමට සිදුවිය හැකි අතර ඒවා ජනප්‍රිය ඒවා නොවීමටද ඉඩ ඇත . නම්‍ය්ශීලීතාවය රැකගත යුතු තීරණ ගැනීමේ හැකියාවක්ද නායකයෙකු සතු විය යුතුමය . බොහෝ අවස්ථාවන් හිදී මේ අවස්ථාවන් අතර මැදි තත්වයකට නායකයාට මුහුණු දීමට සිදුවෙ , එවන් අවස්ථාවලදී ගන්නා තීරණ වල සාර්ථකත්වය නායකයාගේ සාර්ථකත්වය තීරණය කීරීමටද හේතු වේ . කෙසේ වුවත් තමන් අතින් ගත් වැරදි තීරණයක් වරද දුටු විගස නිවැරදි කරන්නටත් . අන් අයගේ විරෝධතා මධ්‍යයේ වුවත් නිවැරදි තීරණයක් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින්නටත් සැබැ නායකයෙකුට හැකිවිය යුතුය
03)බුද්ධිය , උගත් බව හා අත්දැකීම්
මෙහි එන උගත් කම හා අත්දැකීම් බොහෝ විට අදාල වනුයේ අදාල වෘත්තිකයින්ටය , ඇතැම් විට ඒ ඒ වෘත්තීන් තුල නායකත්ව තනතුරක් දැරීමට අවශ්‍ය කරන උගත් මට්ටමේ සිමා හා අත්දැකීම ප්‍රමාණ නියම කර තිබුනත් . දැනුමේ වපසරිය පුලුල් කරගැනීම හා අත්දැකීම් ලබාගැනිම්මට සිමාව මෙතෙකැයි කිව නොහැකි නිසා තම තම්න්ගේ උගත් කම හා අත්දැකීම් අනුව එක් එක් පුද්ගලයින් දරන නායකත්ව ගති ලක්ෂන වෙනස් වේ යැයි පැවසීම සාධාරණය . කෙසේ වෙතත් බුද්ධිය යන්න නායකයෙකුට අතිශයින්ම වැදගත් සාධකයක් බව පැවසිය යුතුය . මෙහේදී බුද්ධිය යනු මහා ගණික කර්ම විසඳීමෙ තර්ක බුද්ධියක් හෝ දාර්ශනික බුද්ධිය නොවේ .
අදාල කාර්යය පමණක් නොව එදිනෙද වට පිටාවට අදාල සාමාන්‍ය අව්බෝධයක් මෙන්ම . යම් කිසි ක්‍රියාවක අරමුණු , ප්‍රතිඵල , ඉදිරියේදී විය හැකි දැ ආදිය අවබෝධ කරගැනීමේ විචාර බුද්ධියක් පැවැතීම මේ "බුද්ධිය " යනුවෙන් මා අදහස් කර ඇත . කාර්යයේ නිරත වෙත්දී මතුවනු ගැටලු නිරාකරණයට , ඉලක්ක සැදීමට ,විකල්ප හඳුනා ගැනීමට , අන් පාර්ශව සමඟ ගණුදෙනු කිරීම වැනි කටයුතු සඳහා නායකයා සතුව සාමන්‍ය අවබෝධයක් මෙන්ම සැලකිය යුතු මට්ටමෙ විචාර බුද්ධියක්ද පැවැතීම අත්‍යවශ්‍යය
04) වෘත්තීමය ගුණාංග
මෙය හුදෙක් වෘත්තිකයන්ට පමණක් අදාල කරුණක් වුවත් වර්ථමාන සමාජයේ නායකත්ව ලක්ෂණ කථා බහට ගනිත්දී වඩාත් සැලකිල්ලට ගැනෙන්නේ වෘත්තිකයින් නිසා මේ ගැන ද කථා කල යුතුය . මේ යටතේ වෘත්තිමය අඛණ්ඩතාවය , වෘත්තියට අදාලනොනවතින ඉගෙනුම , නව සංකල්ප හඳුන්වාදීම හා භාවිතය ඇතුලු කාරණා රාශියක් අන්තර්ගතවේ
සැබැ නායකයෝ
නායකයින් රාශියක් අතර සිටින සැබැ නායකයා ඉහත සඳහන් කල ලක්ෂන ඇතුලු නායකත්ව ලක්ෂණ වලින් (කිහිපයකින් හෝ ) යුතු පුද්ගලයා ලෙස හැඳින්වීමද සාධාරණය . මේ සැබැ නායකයින් බිහිවෙන්නෙ කෙසේද ?
ඇතැම් පුද්ගලයින් නායකත්ව ගති ලක්ෂණ උපතේ සිටම රැගෙන එන්නන් ය , එය සසර පුරුද්ද හෝ ජාන ලක්ෂන හෝ විය හැකිය . මොවුන්ට තම හැකියාවන් වර්ධනය කිරිනට නිස අලුතින් එකතු කර්ගැනීමේ තදබල අවශ්‍යතාවක්ද නොමැත . තම හැකියාවන් වර්ධනයය කරගැනීමටද මොවුන්ට අවබෝධය ඇති නිසා සුලු මග පෙන්වීමක් හෝ මග පෙන්වීමක් නැතුවම වුවත් ජීවිතයෙ තමාට හිමි තැන වෙත ලඟාවීමේ හැකියාවද මොවුන් සතුය . ලොකය පුරා කථා බහට ලක්වූ විවිධ ක්ශේත්‍රවල නායකයින් මේ ගනයට අයත් වන්නන්ය .
නායකත්ව ගුණාංග ඉතා අවම වශෙයන් දරන. සමාජයෙ ඇත්ව වසන පුද්ගලයින් පිරිසක්ද සිටිති. මොවුන්ද උපතේ සිටම මේ ලක්ෂන දරන අතර මඟපෙන්වීමකින් හෝ නායකත්ව ලක්ෂණ මතු කරගැනීමේ හැකියාව අඩුය
ස්වාභාධර්මය කිසිදු විටෙක අන්තවාදි නොවේ . එනිසා ඉහත දෙපිරිසම සිටින්නේ අතලොස්සකි . බහුතරයක් දෙනා තම ජීවිතය තුල ලබන අධ්‍යාපනය , මගපෙන්වීම් හා අත්දැකීම් අනුව නායකත්ව ලක්ෂන තම ජීවිතයට එක තු කරගන්නවුනය . එනිසාම ඔවුනගේ ගුණාංගයන්ද විවිධාකාරය , සමාජයෙ විවිධ ස්ථරවල නිරතුරුව මුණ ගැසෙන ඔබ අප සියලු දෙනා බොහෝ විට අයත් වන්නෙ මේ අවසාන කුලකයටය
පාසල හා කාර්යභාරය
ඉහත සඳහන් කල අවසන් කාණ්ඩයට අයත් පිරිසගේ නායකත්ව ගුණාංග වර්ධනයෙහිලා වැදගත් භූමිකාවක් ඉටු කල හැක්කේ පාසලටය .පුද්ගලයෙකුගේ කායික මානසික වෙනස් කම් සිදුවන අවදියේදී මෙම ගති ලක්ෂණ ජීවිතයට එකතු කීරීම පසු කාලීනව ගන්න සියලු උත්සාහයන්ට වඩා සාර්ථකය . අනෙක් අතට කෙටි කාලීන දේශන වැඩ මුලු මෙන් නොව වසර ගනනාවක් තිස්සෙ නිරන්තර අත්දැකීම තුලින් ලබනා ගුණාංග ඉතා පහසුවෙන් පුද්ගල ගුණාංග බවට පෙරලීමද සිදුවේ . මැටි බඳුනේ හැඩය සැකසිය යුත්තේ එය සාදන මොහොතේදී මිස . වෙලඳ පොලට යනව මොහොතේදී නොවේ
ගැටලුව පාසල මෙයට සමත් වී ඇතිද යන්නයි . මේ වෙනුවෙන් සැකසුණු විවිධා කාර උපක්‍රම පාසල් පද්ධතිය තුල දක්නට ලැබේ , පන්ති නායක , ශිෂ්‍යනායක තනතුරු , ක්‍රිඩා ඉසව් , බාල දක්ෂ හා ශිෂ්‍ය භට වැඩසටහන් , යෞවණ තිලින ඒකක , තුර්ය වාදක හා සංගීත හා නැටුම් කටයුතු ආදී මේ සියල්ල අයත් වන්නෙ මෙතනටය . ඊට අමතරව විද්‍යා දින , කලා දින ඇතුලු සංවිධාන කටයුතුත් නා නා විධ සමිති සමාගමුත් මෙතුලට අයත්ය . මේ තරම් වැඩ පිලිවෙල තිබියදීත් පාසල අසම්ත් වී ඇත්තේ ඇයි ????
මෙහි මූලිකම හේතුව නම් තරඟ කාරි අධ්‍යාපන ක්‍රම වේදයයි . පාසලක ඉහත මා සඳහන් කල කටයුතු වල නිරත වීම අධ්‍යාපනය කඩා කප්පල් වීමට හේතුවක් ලෙස දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද දරන මතයත් සැබැවින්ම එහි යම් කිසි සත්‍යතාවක් පැවතීමත් ළ්මයින් මේ ක්‍රියා කාරකම් වලින් ඇත් කිරීමට් මූලිකම හේතුව වී ඇති බව පෙනේ . ළමුන්ගෙ කුසලතාවයට හෝ සැබැ දැනුමට නොව පැය තුනක විභාගයට පමණක් තැන දෙන ක්‍රමයක එවන් දැ අරුමයක්ද නොවේ . මෙනිසාවෙන් පාසල් වල ඉහත ක්‍රියා කාරකම් එක්තරා පිරිසකට පමණක් සිමා වී ඇත . නායක තනතුරු දරන්නේත් , සංවිධායක වරුන් වන්නෙත් , සමිති වල නිල තල දරන්නෙත් එකම පිරිසක් බව බොහෝ පාසල් නිරීක්ෂනය කල විට දැක ගත හැක . මේ කටයුතු ත් නිවැරදී ලෙස අදාල අරමුණු ඉටු කරගැනීම සිදුවන පරිදි කෙරෙනවාද යන්න අනෙක් ගැටලුවයි. බොහො විට හුදු විනෝදය තකා පමණක් මේ භාහිර ක්‍රියා වෙත සිසුන් යොමුවන දැකිය හැකි අතර එනිසා වෙන් ඇතැම් විට නායකත්ව ලක්ෂන කේසේ වෙතත් දුෂ්චරිත ලක්ෂණ රාශියක් නම් ජීවිත වලට එකතු වන ආකාරය දැකිය හැකිය . තමන්ගෙ එකෙකුගේ වලියකට සෙට් එක පිටින් බැස ගුටි ගහගන්න සිසු නයුවන් , අණ කිරීම හා පොඩි උන් මැඩවීම මහා පෞර්ශයක් ලෙස සිතා ගත් ශිෂ්‍ය භටයින් දකින්නට ඇත්තේ මේ නිසාවෙන්ය . මිනිසෙකුගේ ජීවිතයේ හැඩතල තීන්දු කරන පාසල තුලින්ම නායකත්ව ලක්ෂන දරුවනට ලබා දීමේ නිවැරදි ක්‍රම වේදයක් සකසනවානම් , පොතට සීමාවූ අධ්‍යාපනය ප්‍රායෝගිකත්වයට කුසලතායට නිසි තැන ලැබෙන පරිදි සකසනවා නම් , අඩුම තරමේ දැනට ඇති උපාය මාර්ග හෝ විධිමත් කරනවා නම් මිලියන දහස් ගනන් වැය කර අමුතුවෙන් පුහුණු වැඩසටහන් පැවැත්විය යුතු නැත .
රටේ නායකයින්
සමාජයෙ විවිධ ස්ථරවල් නායකයින් සිටියත් මුලු මහත් රටට පමණක් නොව , රට වල් කිහිපයකට හෝ මුලු ලෝකයටම බලපැමක් කිරීමේ හැකියාවක් රාජ්‍ය නායකයෙකු සතුව ඇත . ලිපියේ ඉහලින් විශ්ෂිට ගණයෙ රාජ්‍ය නායකයෙකුගෙ ඡායාරූපය ඇතුලු කලේ ද නායකත්වය ගැන කථා කිරීමේදී රාජ්‍ය නායකයාගෙ කාර්ය භාරයේ ඇති වැදගත්කම නිසාමය . වර්ථමානයේදී නායකයෙකු සතු විය යුතු උතුම් ගුණ ධර්ම රාශියක් ඔවුනගෙන් ගිලිහී ඇති අතර භාහිර ලෝකයාගේ සුභ සිද්ධිය කෙරේ බලපවත්නා අය නම් නැතිම තරම්ය . කෙසේ වුවත් තමන්ගේ රාජ්‍ය කෙරේ බලපැවැත්වීම ගැන පමණක් සැලකූ විට වර්ථමානයේද සුවිශේෂී නායකත්ව චරිත ලෝක දේශපාලනය තුල දක්නට ඇත .
ඉහත රූපයේ සිටින්නේ ලංකිකයින් කෙරේ බලපාන්නාවු දේශපාලන නායකත්වයන්ය . එක් අයෙකුගෙ නායකත්වය ගැන ප්‍රශස්ති ගායනා බොහෝ ඇසෙන අතර අනෙකාගේ නායකත්වය අනුගාමිකයින් විසින්ම බරපතල ලෙසින් ප්‍රශ්න කරමින් පවතී . ලාංකීය ජන සමාජයෙ බොහෝ දෙනා එක් අයෙක් ඉතා හොඳ නායකයෙක් ලෙස හා අනෙකා ඉතා දුර්වල නායකයෙකු ලෙස දුටුවත් සැබැ නායකයෙකු ගෙ භූමිකාව හා සැසඳීමේදී මේ දෙදෙනා අතර (මතවාදීමය වෙනස් කම් හැරුණු විට ) ඇති ඒවන් නායකත්ව ගුණාංගයන්ගෙ වෙනසක් මාහට නම් දිස් වන්නෙ නැත . සැබැ නායකයෙකුගේ භූමිකාව මේ දෙදෙනාටම වඩා සැහෙන ඉහල බැව් වටහා ගැන්මට පහුගිය කාලයෙ බොහෝ දෙනා අතර සංසරණය වූ "ලොක්කන් සහ නායකයන් අතර වෙනස " පිලිබඳ සටහන හා සංසන්දනය කිරීම පමණක් ප්‍රමාණවත්ය . මේ දෙදෙනා පසුපස නායකත්වයට කැදර ගම් මට්ටමේ නායකයින්, රාජ යෝග පිලිබඳ විශ්වාසයෙන් නායකත්වයට කෙල හලන්නවුන්, ජේශ්ඨත්වය මත නායකත්වයට හීන දකින් කම්බ හොරුන් ආදී පිරිසක් සිටිති . මොවුනගේ නායකත්ව ගති ගුණයන් මේ දෙදෙනාටත් වඩා කණගාටුදායක නිසා ශ්‍රි ලාංකිකයින් සැබැ නායකත්වයක අත්දැකීම් ලබන දිනය නම් බොහෝ දුරය .

- සත්‍යවාදීබව
සත්‍යවාදීබව යනු ඔනැම මිනිසෙකු තුල තිබිය යුතු ගුණාංගයක් බවට සැකයක් නැත . නායකයෙකු වශයෙන් සත්‍යවාදීත්වය අතිශයින් වැදගත් වන්නේ කාර්යය කෙරෙහිත් , තම අනුගාමිකයින් පිරිස කෙරෙහිත්, තමන්ට ඉහලින් සිටින නායකයින් කෙරෙහිත් , සම තත්වයෙහි සගයන් කෙරෙහිත් අවංක වීම මේ තුලින් ඇති වන නිසාය . එමන්ම සත්‍යවාදීත්වය තුල භාහිර සමාජය කෙරේ දක්වන සබඳතාද ශක්තිමත් වීම සිදුවේ
- සාධාරණත්වය
සාධාරණත්වය ද පුද්ගලයෙකු තුල විශේෂයෙන්ම නායකයෙකුතුල වර්ධනය විය යුතුම ගුණාංගයක් විය යුතුය . තම අනුගාමිකයන් සමඟ කටයුතු කිරීමේදීත් , අනෙකුත් පාර්ශ්ව සමඟ කටයුතු කිරීමේදීත් මේය ඉතාමත්ම වැදගත්ය
ඉහත කාරණා දෙක අනෙකුත් පුද්ගල ගුණාංග හා සංසන්දනය කිරීමේදී වඩාත් සුවිශේෂීය . ඒ මේ ගුණාංග පුද්ගලයා තුල වර්ධනය විය යුතු වුවත් භාවිතාව වඩාත් වැදගත් සමාජීය වට පිටාව තුල නිසාය . අනෙක් අතට ඕනැම කාර්යයක අදාල කණ්ඩායමට හෝ ආයතන ව්‍යුහයකට සාපෙක්ෂව පමණක් නොව මුලු මහත් සමාජයට, මිනිස් වර්ගයාට මෙන්ම විශ්වයටම සාර්ථක හෝ යහපත් වීම රඳා පවතින්නේ නායකයාගේ ඉහත පුද්ගල ගුණාංග නිසාය , මීට අමතරව අභියෝග ජය ගැනීමට දක්වන ප්‍රියතාවය ,නිර්මාණශීලීතාවය , ආත්ම විශ්වාසය . කාල කලමණාකරය (කාලයට අනුව වැඩ කලමණාකරනය ) . ඉලක්ක තැබීම හා ඒවා ජය ගැනීම්,ආදී ගුණාංග රාශියක් ද තිබේ . ඒ අතර තවත් එක් සුවීශේෂ පුද්ගල ගුණාංගයක් පිලිබඳ සඳහන් කල යුතුව ඇත . එනම් " පැහැදිලි දැක්මක් සහිත වීමයි "
නායකයා සතුව තමන්ගෙ කාර්යය පිලිබඳ දැක්මක් තිබිය යුතුය . එය නිවැරදි මෙන්ම නිරවුල්ද විය යුතුය . අදාල කාර්යයේ ආරම්ඹය අවසානය ප්‍රතිඵල , මතුවිය හැටි බාධක . කාල රාමු , ඉලක්ක ආදි මේ සියල්ලම මේ දැක්ම අනුව සකස්වීම සිදුවේ . තමන් කරන්නෙ කුමක්ද ? කොහොමද? කුමකටද ? ප්‍රතිඵලය කුමක්ද ? කා වෙනුවෙනද? යන්න පිලිබඳ නිශ්චිත අදහසක් දැරීම මේ නිවැරදි දැකිම තුල අන්තර්ගතය නිවැරදි දැක්මක් නොමැති වීම මා කලින් සඳහන් කල මේ හා බැඳුණු සියලු කාර්යයන් අසාර්ථක වීම කෙරෙහි බල පැ හැක .
02) සමාජිය ගුණාංග
තමන්ගේ අනුගාමිකයින් කෙරෙහිත් සගයන් කෙරෙහිත් , භාහිර සමාජය කෙරෙහිත් නායකයෙකුගේ ක්‍රියා කලාපයන් වල ස්වාභාවය යහපත් වීම කෙරෙහි බලපාන්නාවූ සාධක මේ යටතේ ගත හැක . කලින් විග්‍රහ කල පරිදි සත්‍යවාදී බාවය හා සාධාරණත්වය වර්ධනය කරගැනීමේ ප්‍රතිඵල (යහප්ත් ) මෙහිදී දැකිය හැකි අතර , අනුගාමිකයන් ඇගැයීම , දිරිමත් කිරීම , නම්‍යශිලීතාවය . සම සමගයන් සමඟ සහ සම්බන්ඳය හා හොඳ සන්නිවේදන හැකියාවන් මේ අතර වේ . මේ යටතේ එන බැරැරුම්ම හා වැදගත්ම ගුණාංගය තීරණ ගැනිමයි
තීරණ ගැනීමේදී දක්වන ශක්‍යතාවය නායකයෙකුගේ සාර්ථකත්වයේ මූලිකම මිණුම් දණ්ඩ වන අතර එය එක් එක් නායකයින්ගෙ කාර්ය භාරය අනුව පමණක් නොව අදාල අවස්ථාව අනුවද සම්පූර්නයෙන් වෙනස් තත්වයන් ඇති කරවන සුලුය . එපමණක් නොව නායකයෙකුගේ තීරණ ගැනීම කෙරෙහි ඔහුගේ අනෙකුත් සියලුම ගුණාංග ද බලපාන බව දක්නට ලැබේ . ඇතැම් විටක සෘජු නොනැමෙන සුලු තීර්ණ ගැනීමට සිදුවිය හැකි අතර ඒවා ජනප්‍රිය ඒවා නොවීමටද ඉඩ ඇත . නම්‍ය්ශීලීතාවය රැකගත යුතු තීරණ ගැනීමේ හැකියාවක්ද නායකයෙකු සතු විය යුතුමය . බොහෝ අවස්ථාවන් හිදී මේ අවස්ථාවන් අතර මැදි තත්වයකට නායකයාට මුහුණු දීමට සිදුවෙ , එවන් අවස්ථාවලදී ගන්නා තීරණ වල සාර්ථකත්වය නායකයාගේ සාර්ථකත්වය තීරණය කීරීමටද හේතු වේ . කෙසේ වුවත් තමන් අතින් ගත් වැරදි තීරණයක් වරද දුටු විගස නිවැරදි කරන්නටත් . අන් අයගේ විරෝධතා මධ්‍යයේ වුවත් නිවැරදි තීරණයක් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින්නටත් සැබැ නායකයෙකුට හැකිවිය යුතුය
03)බුද්ධිය , උගත් බව හා අත්දැකීම්
මෙහි එන උගත් කම හා අත්දැකීම් බොහෝ විට අදාල වනුයේ අදාල වෘත්තිකයින්ටය , ඇතැම් විට ඒ ඒ වෘත්තීන් තුල නායකත්ව තනතුරක් දැරීමට අවශ්‍ය කරන උගත් මට්ටමේ සිමා හා අත්දැකීම ප්‍රමාණ නියම කර තිබුනත් . දැනුමේ වපසරිය පුලුල් කරගැනීම හා අත්දැකීම් ලබාගැනිම්මට සිමාව මෙතෙකැයි කිව නොහැකි නිසා තම තම්න්ගේ උගත් කම හා අත්දැකීම් අනුව එක් එක් පුද්ගලයින් දරන නායකත්ව ගති ලක්ෂන වෙනස් වේ යැයි පැවසීම සාධාරණය . කෙසේ වෙතත් බුද්ධිය යන්න නායකයෙකුට අතිශයින්ම වැදගත් සාධකයක් බව පැවසිය යුතුය . මෙහේදී බුද්ධිය යනු මහා ගණික කර්ම විසඳීමෙ තර්ක බුද්ධියක් හෝ දාර්ශනික බුද්ධිය නොවේ .
අදාල කාර්යය පමණක් නොව එදිනෙද වට පිටාවට අදාල සාමාන්‍ය අව්බෝධයක් මෙන්ම . යම් කිසි ක්‍රියාවක අරමුණු , ප්‍රතිඵල , ඉදිරියේදී විය හැකි දැ ආදිය අවබෝධ කරගැනීමේ විචාර බුද්ධියක් පැවැතීම මේ "බුද්ධිය " යනුවෙන් මා අදහස් කර ඇත . කාර්යයේ නිරත වෙත්දී මතුවනු ගැටලු නිරාකරණයට , ඉලක්ක සැදීමට ,විකල්ප හඳුනා ගැනීමට , අන් පාර්ශව සමඟ ගණුදෙනු කිරීම වැනි කටයුතු සඳහා නායකයා සතුව සාමන්‍ය අවබෝධයක් මෙන්ම සැලකිය යුතු මට්ටමෙ විචාර බුද්ධියක්ද පැවැතීම අත්‍යවශ්‍යය
04) වෘත්තීමය ගුණාංග
මෙය හුදෙක් වෘත්තිකයන්ට පමණක් අදාල කරුණක් වුවත් වර්ථමාන සමාජයේ නායකත්ව ලක්ෂණ කථා බහට ගනිත්දී වඩාත් සැලකිල්ලට ගැනෙන්නේ වෘත්තිකයින් නිසා මේ ගැන ද කථා කල යුතුය . මේ යටතේ වෘත්තිමය අඛණ්ඩතාවය , වෘත්තියට අදාලනොනවතින ඉගෙනුම , නව සංකල්ප හඳුන්වාදීම හා භාවිතය ඇතුලු කාරණා රාශියක් අන්තර්ගතවේ
සැබැ නායකයෝ
නායකයින් රාශියක් අතර සිටින සැබැ නායකයා ඉහත සඳහන් කල ලක්ෂන ඇතුලු නායකත්ව ලක්ෂණ වලින් (කිහිපයකින් හෝ ) යුතු පුද්ගලයා ලෙස හැඳින්වීමද සාධාරණය . මේ සැබැ නායකයින් බිහිවෙන්නෙ කෙසේද ?
ඇතැම් පුද්ගලයින් නායකත්ව ගති ලක්ෂණ උපතේ සිටම රැගෙන එන්නන් ය , එය සසර පුරුද්ද හෝ ජාන ලක්ෂන හෝ විය හැකිය . මොවුන්ට තම හැකියාවන් වර්ධනය කිරිනට නිස අලුතින් එකතු කර්ගැනීමේ තදබල අවශ්‍යතාවක්ද නොමැත . තම හැකියාවන් වර්ධනයය කරගැනීමටද මොවුන්ට අවබෝධය ඇති නිසා සුලු මග පෙන්වීමක් හෝ මග පෙන්වීමක් නැතුවම වුවත් ජීවිතයෙ තමාට හිමි තැන වෙත ලඟාවීමේ හැකියාවද මොවුන් සතුය . ලොකය පුරා කථා බහට ලක්වූ විවිධ ක්ශේත්‍රවල නායකයින් මේ ගනයට අයත් වන්නන්ය .
නායකත්ව ගුණාංග ඉතා අවම වශෙයන් දරන. සමාජයෙ ඇත්ව වසන පුද්ගලයින් පිරිසක්ද සිටිති. මොවුන්ද උපතේ සිටම මේ ලක්ෂන දරන අතර මඟපෙන්වීමකින් හෝ නායකත්ව ලක්ෂණ මතු කරගැනීමේ හැකියාව අඩුය
ස්වාභාධර්මය කිසිදු විටෙක අන්තවාදි නොවේ . එනිසා ඉහත දෙපිරිසම සිටින්නේ අතලොස්සකි . බහුතරයක් දෙනා තම ජීවිතය තුල ලබන අධ්‍යාපනය , මගපෙන්වීම් හා අත්දැකීම් අනුව නායකත්ව ලක්ෂන තම ජීවිතයට එක තු කරගන්නවුනය . එනිසාම ඔවුනගේ ගුණාංගයන්ද විවිධාකාරය , සමාජයෙ විවිධ ස්ථරවල නිරතුරුව මුණ ගැසෙන ඔබ අප සියලු දෙනා බොහෝ විට අයත් වන්නෙ මේ අවසාන කුලකයටය
පාසල හා කාර්යභාරය
ඉහත සඳහන් කල අවසන් කාණ්ඩයට අයත් පිරිසගේ නායකත්ව ගුණාංග වර්ධනයෙහිලා වැදගත් භූමිකාවක් ඉටු කල හැක්කේ පාසලටය .පුද්ගලයෙකුගේ කායික මානසික වෙනස් කම් සිදුවන අවදියේදී මෙම ගති ලක්ෂණ ජීවිතයට එකතු කීරීම පසු කාලීනව ගන්න සියලු උත්සාහයන්ට වඩා සාර්ථකය . අනෙක් අතට කෙටි කාලීන දේශන වැඩ මුලු මෙන් නොව වසර ගනනාවක් තිස්සෙ නිරන්තර අත්දැකීම තුලින් ලබනා ගුණාංග ඉතා පහසුවෙන් පුද්ගල ගුණාංග බවට පෙරලීමද සිදුවේ . මැටි බඳුනේ හැඩය සැකසිය යුත්තේ එය සාදන මොහොතේදී මිස . වෙලඳ පොලට යනව මොහොතේදී නොවේ
ගැටලුව පාසල මෙයට සමත් වී ඇතිද යන්නයි . මේ වෙනුවෙන් සැකසුණු විවිධා කාර උපක්‍රම පාසල් පද්ධතිය තුල දක්නට ලැබේ , පන්ති නායක , ශිෂ්‍යනායක තනතුරු , ක්‍රිඩා ඉසව් , බාල දක්ෂ හා ශිෂ්‍ය භට වැඩසටහන් , යෞවණ තිලින ඒකක , තුර්ය වාදක හා සංගීත හා නැටුම් කටයුතු ආදී මේ සියල්ල අයත් වන්නෙ මෙතනටය . ඊට අමතරව විද්‍යා දින , කලා දින ඇතුලු සංවිධාන කටයුතුත් නා නා විධ සමිති සමාගමුත් මෙතුලට අයත්ය . මේ තරම් වැඩ පිලිවෙල තිබියදීත් පාසල අසම්ත් වී ඇත්තේ ඇයි ????
මෙහි මූලිකම හේතුව නම් තරඟ කාරි අධ්‍යාපන ක්‍රම වේදයයි . පාසලක ඉහත මා සඳහන් කල කටයුතු වල නිරත වීම අධ්‍යාපනය කඩා කප්පල් වීමට හේතුවක් ලෙස දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද දරන මතයත් සැබැවින්ම එහි යම් කිසි සත්‍යතාවක් පැවතීමත් ළ්මයින් මේ ක්‍රියා කාරකම් වලින් ඇත් කිරීමට් මූලිකම හේතුව වී ඇති බව පෙනේ . ළමුන්ගෙ කුසලතාවයට හෝ සැබැ දැනුමට නොව පැය තුනක විභාගයට පමණක් තැන දෙන ක්‍රමයක එවන් දැ අරුමයක්ද නොවේ . මෙනිසාවෙන් පාසල් වල ඉහත ක්‍රියා කාරකම් එක්තරා පිරිසකට පමණක් සිමා වී ඇත . නායක තනතුරු දරන්නේත් , සංවිධායක වරුන් වන්නෙත් , සමිති වල නිල තල දරන්නෙත් එකම පිරිසක් බව බොහෝ පාසල් නිරීක්ෂනය කල විට දැක ගත හැක . මේ කටයුතු ත් නිවැරදී ලෙස අදාල අරමුණු ඉටු කරගැනීම සිදුවන පරිදි කෙරෙනවාද යන්න අනෙක් ගැටලුවයි. බොහො විට හුදු විනෝදය තකා පමණක් මේ භාහිර ක්‍රියා වෙත සිසුන් යොමුවන දැකිය හැකි අතර එනිසා වෙන් ඇතැම් විට නායකත්ව ලක්ෂන කේසේ වෙතත් දුෂ්චරිත ලක්ෂණ රාශියක් නම් ජීවිත වලට එකතු වන ආකාරය දැකිය හැකිය . තමන්ගෙ එකෙකුගේ වලියකට සෙට් එක පිටින් බැස ගුටි ගහගන්න සිසු නයුවන් , අණ කිරීම හා පොඩි උන් මැඩවීම මහා පෞර්ශයක් ලෙස සිතා ගත් ශිෂ්‍ය භටයින් දකින්නට ඇත්තේ මේ නිසාවෙන්ය . මිනිසෙකුගේ ජීවිතයේ හැඩතල තීන්දු කරන පාසල තුලින්ම නායකත්ව ලක්ෂන දරුවනට ලබා දීමේ නිවැරදි ක්‍රම වේදයක් සකසනවානම් , පොතට සීමාවූ අධ්‍යාපනය ප්‍රායෝගිකත්වයට කුසලතායට නිසි තැන ලැබෙන පරිදි සකසනවා නම් , අඩුම තරමේ දැනට ඇති උපාය මාර්ග හෝ විධිමත් කරනවා නම් මිලියන දහස් ගනන් වැය කර අමුතුවෙන් පුහුණු වැඩසටහන් පැවැත්විය යුතු නැත .
රටේ නායකයින්
සමාජයෙ විවිධ ස්ථරවල් නායකයින් සිටියත් මුලු මහත් රටට පමණක් නොව , රට වල් කිහිපයකට හෝ මුලු ලෝකයටම බලපැමක් කිරීමේ හැකියාවක් රාජ්‍ය නායකයෙකු සතුව ඇත . ලිපියේ ඉහලින් විශ්ෂිට ගණයෙ රාජ්‍ය නායකයෙකුගෙ ඡායාරූපය ඇතුලු කලේ ද නායකත්වය ගැන කථා කිරීමේදී රාජ්‍ය නායකයාගෙ කාර්ය භාරයේ ඇති වැදගත්කම නිසාමය . වර්ථමානයේදී නායකයෙකු සතු විය යුතු උතුම් ගුණ ධර්ම රාශියක් ඔවුනගෙන් ගිලිහී ඇති අතර භාහිර ලෝකයාගේ සුභ සිද්ධිය කෙරේ බලපවත්නා අය නම් නැතිම තරම්ය . කෙසේ වුවත් තමන්ගේ රාජ්‍ය කෙරේ බලපැවැත්වීම ගැන පමණක් සැලකූ විට වර්ථමානයේද සුවිශේෂී නායකත්ව චරිත ලෝක දේශපාලනය තුල දක්නට ඇත .
ඉහත රූපයේ සිටින්නේ ලංකිකයින් කෙරේ බලපාන්නාවු දේශපාලන නායකත්වයන්ය . එක් අයෙකුගෙ නායකත්වය ගැන ප්‍රශස්ති ගායනා බොහෝ ඇසෙන අතර අනෙකාගේ නායකත්වය අනුගාමිකයින් විසින්ම බරපතල ලෙසින් ප්‍රශ්න කරමින් පවතී . ලාංකීය ජන සමාජයෙ බොහෝ දෙනා එක් අයෙක් ඉතා හොඳ නායකයෙක් ලෙස හා අනෙකා ඉතා දුර්වල නායකයෙකු ලෙස දුටුවත් සැබැ නායකයෙකු ගෙ භූමිකාව හා සැසඳීමේදී මේ දෙදෙනා අතර (මතවාදීමය වෙනස් කම් හැරුණු විට ) ඇති ඒවන් නායකත්ව ගුණාංගයන්ගෙ වෙනසක් මාහට නම් දිස් වන්නෙ නැත . සැබැ නායකයෙකුගේ භූමිකාව මේ දෙදෙනාටම වඩා සැහෙන ඉහල බැව් වටහා ගැන්මට පහුගිය කාලයෙ බොහෝ දෙනා අතර සංසරණය වූ "ලොක්කන් සහ නායකයන් අතර වෙනස " පිලිබඳ සටහන හා සංසන්දනය කිරීම පමණක් ප්‍රමාණවත්ය . මේ දෙදෙනා පසුපස නායකත්වයට කැදර ගම් මට්ටමේ නායකයින්, රාජ යෝග පිලිබඳ විශ්වාසයෙන් නායකත්වයට කෙල හලන්නවුන්, ජේශ්ඨත්වය මත නායකත්වයට හීන දකින් කම්බ හොරුන් ආදී පිරිසක් සිටිති . මොවුනගේ නායකත්ව ගති ගුණයන් මේ දෙදෙනාටත් වඩා කණගාටුදායක නිසා ශ්‍රි ලාංකිකයින් සැබැ නායකත්වයක අත්දැකීම් ලබන දිනය නම් බොහෝ දුරය .
නියම ලිපියක් බුවා... දැන් සහෝදරයා පූර්ණ කාලීනවම විචාරයට බැහැලා වගේ. එළ... උඹට හරියන්නේ විචාරයම තමා. ඒක උඹ නියමෙටම තැනටම දෙනවා. උඹේ දේශපාලන ලිපි කෙස් වුවත් මේ වගේ විචාරශීලී ලිපි නම් මම ආසාවෙන් කියවනවා. බ්ලොග් ස්ටැට් බැලුවොත් උඹටත් ඒක පෙනෙයි..
ReplyDeleteඑළ මචං. දැන් ආයෙත් දිගටම පෝස්ට් දාන එක හොඳයි...ජයවේවා...!
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. මගෙ විචාර ගැන ඔය තරම් හොඳ ප්‍රතිචාර දෙන්නෙ කවදත් චතුරංග තමයි
ReplyDelete