Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

ලංකා සී නිවුස් බයවෙලාද???

ශ්‍රි ලාංකීය දේශප්‍රේමී ජනයා අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ලංකා සී නිවුස් අඩවිය එහි ඵලවන රසවත් ප්‍රතිචාර නිසා වඩාත් ජනප්‍රියය . අහෝ ඛේදයකි !! ලංකා සී නිවුස් දැන් ඇතැම් ලිපි වලට ප්‍රතිචාර ඵ්ල කිරීම අත්හිටුවා ඇත . ගරු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශයක් පිලිබඳ සටහන් කර ඇති මෙම ලිපියට    2011 ඔක්තෝබර 25 දින උදැසන 10 42 වන තෙක්ම ප්‍රතිචාර පල කිරීමේ අවස්ථාවන් ලබා දී නැත . (පහත පලවන රූපයෙන් එම වෙබ් පිටුව එසේ ප්‍රතිචාර වාරණය කර ඇති ආකාරයත් , දෙවන රූපයෙන් , එම වෙබ් අඩවියේ ප්‍රතිචාර පල කල  හැකි එහෙත් ප්‍රතිචාර කිසිවක් මෙතෙක් සටහන් නොවූ  පිටුවක  රුපයකුත් දැක්වේ ) . තම පාඨකයින්ගේ නිදහස් අවංක හැඟීම් එලෙසින්ම සටහන් කිරීමට කවදත් ඉඩ ලබා දුන් සී නිවුස් කතෘ තුමනි ,මේසේ පාඨකයින්ගේ "ප්‍රතිචාර ඵ්ල කිරීමේ අයිතියට" වැට බඳින්නේ . ඔබතුමා බයවෙලා ද?බයකරලාද?



14 Comments

  1. කවුද කැමතිවෙන්නේ lankaenews වලට වෙච්ච සංතෑසිය තමන්ගේ සයිට් එකටත් වෙනවට :D

    ReplyDelete
  2. ලංකාcනිවුස් කියන්නේ වෙනත් වෙබ් අඩ්විවල පලවන ලිපි දාන 2.50 සයිට් එකක්...

    ReplyDelete
  3. "තම පාඨකයින්ගේ නිදහස් අවංක හැඟීම්"

    එනම් වංක ලෙස පච හැලීම් සහ බොරු විදීම්

    ReplyDelete
  4. අනේ බං මම සී නිව්ස් වලට යන්නෙ සින්ඩියෙ විහිළු කතා අඩු දවසට, ඒකෙ තියන කොමෙන්ටු බලල ආතල් එකක් ගන්න. දැං ඒ ආතල් එකටත් කෙලලද?

    ReplyDelete
  5. ඒ දෙකම නෙමෙයි උඹ වගේ නැහැදිච්ච උන් දාබ කොමෙන්ට්ස් නිසා. ඌ බෑන් කීන් චූන් ටත් ගේම ඉල්ලන පොර...

    ReplyDelete
  6. මාත් ඔය නිවුස් එක බැලුවා. ඔය පහලින් තියෙන හේතුව තමයි ලොක්කා දාල තියෙන්නේ.
    (අති විශාල පාඨක ප‍්‍රතිචාර ප‍්‍රමණයක් ලැබෙමින් පවතින බැවින් පාඨක ප‍්‍රතිචාර දැක්වීම අත්හිටවූ බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
  7. සිරාවට මචන් මමත් ඔය ලිපිය කියෙව්වා පස්සේ මොනවා හරි ලියන්න බලද්දි යකෝ කොමෙන්ට් දාන්න විදියක් නෑනේ.ඔය උඩින් දාලා තියන ලිපියේ කියලා තියන කතාවනම් වෑඩක් නෑ,ඕකට මොනවත් කියනවට වඩා හොදයි පු* පොලොවේ ගහන් මෑරෙනවා,අපි ජීවත් වෙන්නේ මේවගේ රටකනේ ඉතින්,

    ReplyDelete
  8. මෙහෙම ගියොත් ළඟදීම පචවංශලා පවා ළඟදීම නන්නත්තාර වෙනවා... හත් දෙවියනේ මහින්ද අයියා මොකෝ මේ කුඩ්ඩොත් එක්ක කරන්නේ..

    ReplyDelete
  9. අඩේ මාර සීන් එකනෙ, එතකොට පාඨක ප්‍රතිචාර වැඩි ලිපි වලට කමෙන්ට් වානා .......

    ReplyDelete
  10. සී නිවුස් කියන සයිට් එකට එබිකම් කරලම නැහැ මං, ගිහින් බලන්න ඕනෙ

    ReplyDelete
  11. ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වීම ගැන බොහොම කණගාටුයි !

    ප්‍රතිචාර දක්වපු සියලු දෙනාටම බොහොම ස්තුතියි

    ReplyDelete
  12. nathuwa nathuwa....

    mage kathava

    ReplyDelete
  13. C news wala thiyenne WANSA NEWS pamani. Dan comment karanneth e golloma withari

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top