බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Thursday, January 5, 2012

    බල්ලන් සහ මැක්කන්

    ක්ෂණික ප්‍රතිචාර : 
    ආචාර්ය සිල්වා ගේ ගෝලබාලයන් පිරිස ඔහුට එරෙහී වී ඇත . "අපිට ඒ ගැන ලැජ්ජයි" , "අපි ඒ දවස් වල කොන්දක් තිබුනේ නැ" වැනි දේශපාලකයෙකුගේ මුවින් කිසිලෙසකින් හෝ පිටවිය නොහැකි වැකි ඔවුන්ගෙන් පිට වනවා දක්නට ලැබිනි . ආචාර්ය සිල්වාගේ ගෝලයන් අහවල් පාට වැන් වලින් උස්සන් යෑම ඇතුලු රංගනයන් කිහිපයක් පසුගිය සමයේ දක්නට ලැබුනු අතර තිරය පිටුපසද ඊට වඩා සැහෙන කෙලියක් සිදුවී ඇති බවටද උපකල්පනය කල හැක . මන්ද බල්ලාගෙන්  යැපෙන මැක්කන් ලේසියෙන් බල්ලාට විරුද්ධ වන්නේ නැත . ආචාර්ය සිල්වා පැවැත්වූ  මාධ්‍ය හමුවේදී සුපුරුදු පරිදි තම ගොන්කම ප්‍රදර්ශනය කරමින් පැවැසුවේද බල්ලන් හා මැක්කන් ගැනය . ඔහු  කියන්නේ බල්ලන් සමඟ නිදියන්නට ගොස් මැක්කන් සමඟ නැගිටීමට තමන්ට සිදුවී ඇති බවකි . බල්ලන් හෝ බල්ලන් සමඟ ලගින්නන් තුරුලට ගත්විට සිදුවන්නේ කුමක්ද යන්න  ආචාර්ය  නොවන සිල්වා අපුරුවට පෙන්වා ඇති වටපිටාවක බල්ලන් සහ බල්ලන් සමඟ ලගින උන් ගැන බරපතල ලෙස සිතීමට ලොකු තැනට සිදුවනු නියතය . මන්ද බල්ලන්ගේ පමණක් නොව මැක්කන්ගේ කෙරුවාවෙන්ද කෙලවෙන්නේ එතුමානණ්ටය , තංගල්ලේදී එයද අපුරුවට රඟදක්වා ඇත . බල්ලන් පිලිබඳ නිසි පියවර ගතහොත් මැක්කන්ගේද කෙරුවාවද අවසන් වනු ඇත . පසුගිය දිනක යාපා (ජුනියර් ) අමාත්‍ය තුමාද අවධාරනය කලේ බල්ලන්ගේ කෙරුවාවන් ගැන ය .රජතුමනි මේ බල්ලන් පිලිබඳ සෙවීමට කාලයයි !

    සැ,යූ - මෙහි බල්ලා යනුවෙන් අදහස් කර ඇත්තේ කකුල් හතරේ ක්ෂිරපායි සතෙකු වූ මිනිසාගේ හොඳම මිතුරා නොවේ , සිහල ජන වහරේ එන අනික් 'බල්ලා' ය

    ------------------------------------------------------------------------------------

    සිනමාවට සංගීතයට ආදරය කරන ඔබවෙනුවෙන් සැකසුන ආලකමන්දාව ගැන වැඩිවිස්තර දැනගන්න පහත සබැඳිය භාවිතා කරන්න  , 



    http://buwagesithuvili.blogspot.com/2012/01/blog-post.html

    13 comments:

    1. මම ළඟදී මරු නාට්ටියක් බැලුවා. බල්ලොත් එක්ක බෑ. බලන්න ඉන්නේ අන්දරේලා..

      ReplyDelete
    2. බල්ලො ලංකරගැනීමෙන් අත්වන සුළු වාසියට වඩා අවාසිය ලොකුයි කියල ලොක්කට තේරෙනකම් "බල්ලට ගිය රට" ලේබලේ ගලවන්න බෑ. ඒ දිනේ වැඩි ඈතක නොවේවා කියල ප්‍රාර්තනා කරන්න විතරයි අපිවගේ හුදී ජනයට ඉඩ තියෙන්නෙ.

      ReplyDelete
    3. බල්ලා යනුවෙන් අදහස් කර ඇත්තේ කකුල් හතරේ ක්ෂිරපායි සතෙකු වූ මිනිසාගේ හොඳම මිතුරා නොවේ යැයි ඔබ විශේෂයෙන් සදහන් කර ඇති හෙයින් "බල්ලන්ට" අපහස කිරීම සම්බන්ධයෙන් ඔබට‍ දොස් නොනගා සිටින්නෙමි.

      ReplyDelete
    4. මම නම් කියන්නෙ බල්ලොත් එක්ක බෑ කියලා :)

      ReplyDelete
    5. මෙහෙමයි මැක්කන් ඇති කර ගත්තෙත්, දඩාවතේ යන බල්ලන් අහවල් එක අස්සේ ගහ ගත්තෙත් උන්මයි. දැන් ඒ බල්ලන් කන්න පටන්ගෙන. ඉස්සෙල්ලම උන් කන්නේත් උන්ගේ උන්මයි. තිස්ස පැත්තේ අය දන්නවා කාලෙකට කලින් අවුරුදු 30 - 35 විතර කලින් මේ බල්ලො හිටියේ කොහෙද කියලා. අනේ බල්ලන්ට ගිය කල, එහෙමත් නැත්නම් රට.

      ReplyDelete
    6. පිට කොන්ද දුන්නේ කව්ද? දත් දොස්තරද?

      ReplyDelete
    7. මැක්කා හුදෙක්ම බල්ලාගෙන් පෝෂණය වන්නෙකි..අහේතුවට මේ බල්ලන් මැක්කන්ට පෝෂණ ශිෂ්‍යත්ව ලබාදී පෝෂණය කරයි..!!

      ReplyDelete
    8. @මාතලන් - ඒක් හරි බල්ලොත් එක්ක නම් කොහොමටවත් බැ

      @රාජ් - එච්චර තමයි අපිට පුලුවන්

      කේසී - ඒක තමයි පලි යක් දැම්මේ අහිංසක සත්තුන්ට අපහාස කරන්න හොඳ නැනේ

      මාත් කියන්නෙ ඒකම තමයි

      මහ වෙදනා - හා හා පරිස්සමෙන් ඕව කියන්නේ

      ජයශ්‍රි - අනේ මන්ද , කවුරු දුන්න පිට කොන්දක්ද කියල

      චමින්ද ගුණරත්න - මසුරං කථාව

      ReplyDelete
    9. ෂෙහ්... ඔය බල්ලොයි මැක්කොයි එක සැරේ ම නැති කරන්න පුලුවන් බලු වෑන් එකක් ආවා නම්, ඒත් දැන් බලු වෑන් කෙසේ වෙතත් සුදු වෑන් එන හැඩයි!

      ReplyDelete
    10. මැක්කො කොහොමත් පරපෝෂිතයෝ

      ReplyDelete
    11. බල්ලොත් එක්ක බෑ!

      ReplyDelete
    12. ඇයි ඕවා තේරුම් යන්න කල්ගියේ මෙච්චර...

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...