Skip to main content

නිදහස් දින කථා සහ සරත් ෆොන්සේකා


සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට රූපවාහිනිය නරඹමින් සිටී , අද දෙරණ පුවත් විකාශ ඇරඹේ . නිදහස් දින කථා පෙලින් පෙලට විකාශය වෙත්දී ඒ පිලිබඳ ඔහුගේ සිතේ ඇතිවෙන්නේ මෙවන් අදහස් විය හැක








ගරු ජනපති තුමා - පිටරටින් ආනයනය කරන විසඳුම් අපිට අවශ්‍ය වෙන්නේ නැ ...........

S.F  - ඉන්දියන් කාරයෝ ආවම 13+ කිව්වෙ මමයැ

ගරු විපක්ෂ නායක තුමා - අද රටේ නිදහස නැ , මානව හිමිකම් නැ , නිතිය නැ ....... 

S.F - කාලෙකින් මේ පැත්තේ ආවෙත් නැ , මාව මතකද දන්නෙත් නැ

පා.ම සජිත් ප්‍රේමදාස - අපේ බලාපොරොත්තුව ඉක්මනින් එජාප රජයක් පිහිටුවලා , සරත් ෆොන්සේකා මහතාට පූර්ණ නිදහස ලබාදීමයි 

S.F - අනේ ..පුතේ එච්චර කාලයක් නම් මේක ඇතුලේ ඉන්න අමාරුයි !

--------------------------------------------------------------------------------------------

ප.ලි - ඔව් .. ඔහුට තවමත් නිදහස නැ , ඇත්තටම නිදහස නැත්තේ ඔහුට පමණද ?

Comments

  1. ඇත්ත...ඊළඟ දවසක ලබ්බට තිබ්බ අතමයි පුහුලටත් තියන්නේ!

    ReplyDelete
  2. නැහැ දරුවෝ. අපි හැමෝටම නිදහසක් නැහැ. නිදහස තියේ නම් අපි හැමෝටම දේශපාලකයින්ට, පාතාලයට, පොලිස්සියට බය නොවී ජිවත් වෙන්න පුළුවන් වෙන්න ඕන. අද එහෙම තත්වයක් නැහැ නෙව.අපිට එවුන් යටතේ ජිවත් වෙන්න වෙලා.

    කන්න දීපු අත හපා කාලා ෆොන්සේකා උන්නැහේ කරේ සදාචාරාත්මක පැත්තෙන් හොද වැඩක් නොවුනත්, ඕනෙම කෙනෙක්ට ජන්දය ඉල්ලන්න අයිතියක් තිට්යෙන්න ඕන. යුද්දය දිනන්න විශාල වැඩ කොටසක් ඉටු කරපු වීරයාව ආණ්ඩුව නිදහස් කරත්වා කියලා අපි පාර්ථනා කරමු...

    ReplyDelete
    Replies
    1. කන්න දීපු අත හපා කාලා කියන්නේ මොකද්ද ? පැහැදිලි කරනවද

      Delete
    2. කන්න දීපු අත හපා කෑවේ ජනරාල් නොව.. රට වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කල ජනරාල්ව හිර කලාම ඒක සාධාරනීකරනය කරපු, කට හින්ද තමා මෙහෙම වුනේ කියපු, අන්ධ දේශපාලනෙන් උමතු ජනතාව තමා.

      Delete
    3. කන්න දීපු ඇත හප කනවා කියන එකේ තේරුම දන්නේ නැත්නම් නැගපු ඉනිමගට පඉන් ගැහුවා කිව්වොත් තෙය්රෙවිද ? SF තිනියම පිම්බුනට එයා තිනියම යුද්ද කරේ නැහැනේ. Nevy එක මාළු බැවද, Air force එක සරුංගල් ඇරියද ? නෙවි , ගුවන් හමුදාපති වරු බල තණ්හාවෙන් පොර කාවේ නැහැනේ.

      එකම වෙනස SF ට , කොච්චර international බාද අවත කෙලින් තීරණ ගන්න නායකයෙක් හිටිය.මොකද කොබ්බකදුවගේ ඉදන් තව කොච්චර දක්ෂ හමුදාපතිවරු හිටියද ? අවස්ථාවේ හැටියට මොරාල් එක ගන්න හමුදාපති පිම්බුවේ , නැතුව යුද්දේ දින්නම ජනාදිපති වෙන්න නෙවි.

      Delete
    4. @කල්ප: ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙද්දී මං මහින්දගේ පැත්තෙත්ය කියලා හැගෙන්න පුළුවන්.එහෙම නැතුව මේ ප්‍රශ්නේට උත්තර දෙන්න අමාරු හින්දම ඒ විදියටම උත්තර දෙන්නම්.

      ෆොන්සේකා හමුදාපති වුනේ ආරක්ෂක ලේකම් හා ඔහු අතර තිබු මිත්‍රකම නිසායි.ෆොන්සේකාට වීරයෙක් වෙන්න අවස්ථාව දුන්නේ මහින්ද.ඉතින් එතකොට ෆොන්සේකා කරපු වැඩේ සදාචාරාත්මකව වැරදියි."කන්න දීපු අත හපා කනවා" යන උපමාව කෙනෙක් යම් පුද්ගලයෙකුගෙන් උපකාර ලබාගෙන පසුව ඔහුට එරෙහිව යෑමේදී යෙදෙ.

      සරත් ෆොන්සේකා කියන්නේ වීරයෙක්.එකේ සැකයක් නැහැ. එත් යුද ජයග්‍රහණයේ වැඩි කොටසක් ජනපතිට අයිතියි.නමුත් ජෙනරාල් නිදහස් වෙන්න ඕන කියන මතයේ මං දැඩිව ඉන්නවා.

      Delete
    5. අංකල් මයා එක්ක එකඟයි...

      Delete
    6. මේ ගැන මගේ මතය මේකයි - යුද්ධය පිලිබඳ ගෞර්වයෙන් වැඩි කොටස අයිති ජනපති වරයාට කියන මතයේ මම ඉන්නවා , නමුත් සරත් ෆොන්සේකාටත් තමන් කැමති දේශපාලනයක් කරන්න අයිතිය තියනවා . සිවිල් පුරවැසියෙක් වුනාට පස්සෙ.කාටවත් ඒ දේශපාලනයට දේශද්‍රෝහි, වැරදි පිලි කියා චෝදනා කිරීමට හැකියාවක් නැ , මොකද යම් කිසි පක්ෂයක් දේශද්‍රෝහි ක්‍රියාවක් සැබැවින්ම කරල තියනවා නම් ඔවුන්ගේ පක්ෂ ලියාපදිංචිය පවා අහෝසි කිරීමේ හැකියාවක් තියන නීතියෙන් .ඒ නිසා තමන්ගේ දේශපාලනික වුනමනාවන්ට හදාගත්ත දේශද්‍රෝහි රාමුවල ඉඳන් ෆොන්සේකා විග්‍රහ කිරීම වැරදියි . යුද්ධයේ වැඩි ගෞරවය මහින්දට හිමි වූ පමණින්, මහින්ද ඔහුව හමුදාපති කල පමණින් ෆොන්සේකාට දේශපාලනය කිරීමේ අයිතිය නැතිවෙන්නේ නැ

      Delete
    7. ඒකනෙව දරුවෝ මං උඩින්ම කිවේ ඕනෙම කෙනෙක්ට ජන්දය ඉල්ලන්න අයිතියක් තියෙන්න ඕනය කියලා.ජෙනරාල් දේශද්‍රෝහියෙක් කියලා කාටවත් කියන්න බැහැ.නමුත් ඔහු කරපුදේ සදාචාරාත්මකව වැරදියි.

      ඒ වගේම එළියේ හිටපු ෆොන්සේකාට වඩා ඇතුලේ ඉන්න ෆොන්සේකා ප්‍රබලයි.එහෙම බැලුවම ආණ්ඩුව ෆොන්සේකාට දේශපාලනිකව උදව්වක් කරන්නේ...

      Delete
    8. මං අන්කල් එහෙම කිව්වේ නැය කියල කිව්වායැ

      Delete
    9. මහින්දට ඕන තරම් අවස්ථාව තිබ්බ SF ට චන්දයට නොඑන තැනට වැඩ කරන්න (උදා: විශ්‍රාම යාම අනුමත නොකර සිටීම ) එහෙම බලපුහම මෝඩ කමක් කරගෙන තියෙන්නේ ... බුවාගේ දේශපාලනික කියවීම මොකක්ද මේ ගැන ?

      Delete
    10. ෆොන්සේක හමුදාපති උනේ යාළුකම හින්ද නෙමේ දක්ෂකම නිසා. නොනවිතන රැල්ල නවතපු ජානක ෆොන්සේක දෙන්නගෙන් ඒ වෙනකොට සේවයෙ හිටපු එක්කෙන නිසා චාන්ස් එක ලැබුන මිස යාළුකමට හමුදාපති කරේ නෑ. නොදන්න දේවල් කියවන්න එපා අංකල්!

      Delete
    11. @ AnonymousFeb 4, 2012 10:21 PM,


      විශ්‍රාමය ඉල්ලනකල් තමයි මහින්දත් බලං උන්නෙ මොකද පරාන බය නිසා. මිනිහට තිබ්බ තනතුර ඇති හමුදා කුමණ්ත්‍රනයක් කරන්න, නොකර හිටියට.

      Delete
    12. @ඉන්දික උපශාන්ත: ලංකාවේ දක්ෂ කමට හමුදාපති .. පොලිස්පති වගේ සන්වේදී තනතුරු දෙනවනම් මොනවා කරන්න බැරිද ? මම දන්න තරමට චන්ද්‍රිකා මෙයාව විශ්‍රාම යවන්න සැලසුම් කරලා තිබ්බේ
      "It was at Gotabhaya’s behest that Sarath Fonseka was made army chief. He was scheduled to retire as he would have reached the mandatory age 55 on December 6th 2005. But Gotabhaya persuaded his brother to make Sarath army chief because Fonseka was the best man to lead the army at that point of time." by D.B.S. Jeyaraj
      http://dbsjeyaraj.com/dbsj/archives/1227

      Delete
    13. But Gotabhaya persuaded his brother to make Sarath army chief because Fonseka was the best man to lead the army at that point of time." by D.B.S. Jeyaraj
      දක්ස කමට හමුදාපතිකම දෙනවා නම් මේ පළමු සහ අවසාන වාතාව වේවි (ආය මතක ඇති කලෙක නායකයෙක් මේ වැරැද්ද කරන එකක් නෑ) පේනවනේ දැන් ඉන්න හමුදාපති .... කීදෙනෙකුට මතකද උගේ නම ?

      Delete
    14. ""because Fonseka was the best man to lead the army at that point of time." "

      වෙන මොන කතාද ඉතින්?

      ඉහල කළමනාකාරී තනතුරු දරන උන් දන්නව, කොච්චර හොඳ වැඩ කාරයෙක්ට උනත් පස්ස ලෙවකන්නෙ නැත්තං ඉහළම පුටු දෙන්නෙ නෑ. ඒක ලෝකෙ කොහෙත් වෙන දෙයක්. මොකද කොන්ද පන තීන උන් එක්ක වැඩ කරන්න අමාරු නිසා ලොක්කන්ට. අන්න ඒ කේස් එක නිසා තමයි චන්ද්‍රිකා අර ජානකට වගේම මෙයාටත් එක්ස්ටෙන්ශන් එකක් නොදී ගෙදර යවන්න හිටියෙ. ලංකාවෙ හමුදා තුනේම හිටපු හොඳම ක්‍රීම් එකට හැමදාමත් උනේ ඕකම තමයි. දැන් ඉන්න හමුදාපති වගේම තමයි සරත්ට කලින් හිටි එක්කෙනත්, සිසිල් වෛද්‍යරත් කියන්නෙ නම වගේම සිසිල් පොරක්.

      Delete
    15. ඒ වෙනකොට සේවයෙ හිටපු එක්කෙන නිසා චාන්ස් එක ලැබුන මිස යාළුකමට හමුදාපති කරේ නෑ. නොදන්න දේවල් කියවන්න එපා අංකල්!

      -ඔබේ අදහස වෙනස් කරගැනීමට ඉස්තුතිය්

      ඉහල කළමනාකාරී තනතුරු දරන උන් දන්නව, කොච්චර හොඳ වැඩ කාරයෙක්ට උනත් පස්ස ලෙවකන්නෙ නැත්තං ඉහළම පුටු දෙන්නෙ නෑ. ඒක ලෝකෙ කොහෙත් වෙන දෙයක්. මොකද කොන්ද පන තීන උන් එක්ක වැඩ කරන්න අමාරු නිසා ලොක්කන්ට.

      -මේක කොන්ද පන නැතිකමක් නෙව්ය් .... තමන්ගේ පවුද්ගලික ආරක්ෂකයෙක් තෝරාගන්න ඉඩ දෙනවා නම් ඔබ තෝරාගන්නේ .... ගොඩාක් දක්ෂ එත් ප්‍රශ්නයක් ආපුහම තමන්ගේ පැත්තට වැඩ කරය් කියල හිතන්න බැරි කෙනෙකුට ද ... නැත්තම් තමන්ට පන උනත් දෙන කෙනෙකුට ද ?

      Delete
    16. @AnonymousFeb 5, 2012 11:39 AM,

      මම අදහස වෙනස් කරගත්ත කියන කතාව පැහැදිලි නැහැ!

      මම කියන්නෙ පාලකයගෙ කොන්ද ගැන නෙමෙයි, පාලිතයගෙ කොන්ද ගැනයි. ඔබට පුද්ගලික ආරක්ෂකයකු තොරාගැනීම මෙවන් තීරනාත්මක යුද්ධයක නායකයකු තෝරා ගැනීම හා සැසඳිය නොහැකි බව ෆොන්සේකාගේ උදාහරණයෙන්ම වැටහිය යුතුය. මහින්දටද ෆොන්සේකා ගැන විස්වාසයක් නොතිබුනද ඔහු පත් කලේ අදාල කාර්යය සඳහා වූ හොඳම සුදුස්සා නිසා මිස ඉතාම හිතවතා වූ නිසා නොවේ. එසේ නොවී නම් සෘජු හා විවාදාත්මක චරිතයක් වූ ෆොන්සේකාට ( සාම ගිවිසුම සමයේ උතුරේ තත්වය පිළිබඳ වාර්ථාව අගමැතිට එරෙහිව ජනපතිනියට යැවූ ) විශ්‍රාම යාමට ඉඩදී ජගත් ජයසූරියට හෝ නිධන් හොරාට හමුධාපති වීමට ඉඩදිය හැකිව තිබිනි.

      Delete
    17. @ඉන්දික උපශාන්ත://ෆොන්සේක හමුදාපති උනේ යාළුකම හින්ද නෙමේ දක්ෂකම නිසා// මේ ඔබේ පළවෙනි අදහස.

      //ඉහල කළමනාකාරී තනතුරු දරන උන් දන්නව, කොච්චර හොඳ වැඩ කාරයෙක්ට උනත් පස්ස ලෙවකන්නෙ නැත්තං ඉහළම පුටු දෙන්නෙ නෑ.// මේ ඔබේ දෙවැනි අදහස.

      ඒ අදහස් එකිනෙකට පරස්පරයි වගේම ඔය දරුවා ව්‍යංගයෙන් ජෙනරල්ට අපහස කරනවා.මොකද ජනාධිපති ජෙනරාල්ට ඉහළම පුටුවක්‌ දීපු නිසා.ඔය දරුවාට ජෙනරාල් ගැන ලොකු ආදරයක් තියෙනවා වෙන්න පුළුවන්.නමුත් කාරණා දිහා මධ්‍යස්තව බලන්න උත්සහා කරනවනම් හොදයි.(ඔය ඇනෝ කමෙන්ට්ස් මගේ නෙමෙයි ඈ..)

      Delete
    18. අංකල්,

      කොටසක් කපා එය ගෙන තර්කකිරීමේ "සිරස" ක්‍රමයට නොගොස් සම්ස්ථය විමසා අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි.

      ෆොන්සේකා හමුදාපති කලේ විකල්පයක් නොතිබූ නිසා පමණි. නැතිව ඔහු හා තිබූ පුද්ගලික සබ්බන්දතාවක් නිසා නොවේ. එහෙත් ලද පළවෙනි අවස්ථාවේම නොහොත් යුද්ධය ඉවර වූ හැටියේම ( ෆොන්සේකා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන පනත ගෙනෙනා විට ඔහු ලොව හොඳම හමුදාපතිය ) තටු කපා ඈත්කරන්නට ( නිළයෙන් පහත හෙලන්නට නොහැකි නිසා ) රජය කටයුතු කරන ලදි. කොටින්ම හමුදාවෙ හැටවන සැමරුම දක්වා ඉන්නට දෙන්න යැයි කී ඉල්ලීම පවා ඉවත දැමිණි. ඒ ඔහු වැන්නකු ( සෘජු චරිතයක් ) ඉහල පුටුවක තබා ගැනීම රජයට අසීරු නිසාවෙනි. මාණ්ඩලික තනතුරෙන් ව්ශ්‍රාමයන ෆොන්සේකා රජයට ආශිර්වාදයක් වූයේ එනිසාය.

      සතුරාගේ සතුරා මිතුරා සහ මිට නැති වුව තිබෙන එකම කඩුව ගෙන සතුරා කපා හෙලිය යුතුය න්‍යායන් මත සිදුකල ෆොන්සේකා තෝරා ගැනීම පරස්පර විරෝධී මෙන් පෙණුනද එය මුබාරක් එළවා හමුදා මණ්ඩලයට බලය දුන්නා වැනි විකල්පයක් නැති තැන ඇතිවෙන ආකල්පයකි.

      එනිසා අදහස පැහැදිලිය. ෆොන්සේකා හමුදාපති කලේ දක්ෂයා නිසා සහ එතරම් දක්ෂ වෙනත් අයකු නොසිටි බැවිනි.

      එමෙන්ම යුද්ධය ඉවරවූ වහා ෆොන්සේකාගේ තටු කපා අයින් කලේ එතුමා ව්ශ්වාසවන්ත කටු ලෙවකන්නකුද නොවූ බැවිනි.

      Delete
    19. සිරස ක්‍රමේ නොවෙයි දරුවෝ.ප්‍රශ්නය වුනේ ෆොන්සේකා හමුදාපතිවීමට පුද්ගලික සබදකම් බලනොපෑ බවට‍ ඔබ ගෙනෙනා තර්කය ලංකාවේ ඉහළ තනතුරු ලබා දීම සම්බන්ධයෙන් ඇති ඔබේ මතයට පටහැනි වීමයි.
      ෆොන්සේකාගේ දක්ෂතාව පිලිබදව මා හට කිසිදු සැකයක් නැතත් ඔහු හමුදාපති වුයේ විකල්පයක් නොමැතිවීම නිසා යන්නත්, පුද්ගලික සබදකම් බලනොපෑවේය යන්නත් කිසිලෙසකින්වත් පිළිගැනීමට නොහැක.

      පෙනෙන්න තිබුණ විදියට ෆොන්සේකා සහ ගෝඨාබය අතර හොද මිත්‍ර කමක් තිබුනත් යුද්දේ අන්තිම කාලයේදී පැණි වරකා ගහට හෙන ගැහුවා.ෆොන්සේකාව පුම්බන්න රාජ්‍යය මාධ්‍ය විශාල වැඩකොටසක් කළාය කියන එක අමතක කරන්න එපා.මුල ඉදන්ම අමනාපයක් තිබුනානම් එහෙම පබ්ලිසිටියක් දෙන්නේ නැහැ.මං නැවත නැවත නැවතත අවධාරණයෙන් කියන්නේ පුංච් හරි අමනාපයක් තිබුනානම්,අමනාපයක් නෙමෙයි සැකයක් හරි තිබුනනම් ෆොන්සේකා කියටවත් හමුදාපති වෙන්නේ නැහැ.පෙනුන විදියට ඔවුන් අමනාප වුනේ යුද්ධය අවසානයේදියි.ඒක පිටුපස ඉන්දියාව හෝ වෙනත් කවුරුන් හෝ හිටියද කියන්න මං දන්නේ නැහැ. නමුත් යුඑන්පි සහ ජේවීපී ලණු ෆොන්සේකා ගිල්ලා කියන ඒක පැහැදිලියි.

      "ලොව හොඳම හමුදාපතිය' කියලා කියපු ඒක ගැනනම් වැඩිය හිතන්න එපා.(අනිවාර්ය්‍යයෙන්ම ඔහු විශිෂ්ඨ හමුදාපතිවරයෙක්) ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන්, සැල්වේෂන් ආමි එකටවත් සුදුසු නැහැ කියපු උන් ජෙනරල් තමයි යුද්දේ දිනුවේ කියන කොට වීරයා කියපු උන් ද්‍රෝහියා කියනවා.කබරගොයා = තලගොයා, තලගොයා = කබරගොයා. ඕවා සාමාන්‍ය දේවල්

      Delete
    20. අංකල්ට සිදුවීම අමතකයි වගේ!


      1. වඩමාරච්චි, බලවේගය මෙහෙයුම් අත්දැකීම් පිරි,

      2. ඔපරේෂන් ඊගල් මගින් තුවාල කරුවන් ගෙනැවිත් ආහාර දී ධෛර්‍ය ඇතිකර ඔපරේෂන් මිඩ්නයිට් මගින් යාපනය කොටුව මුදා ගත්

      3. රිවිරැස නම් යාපනය යටත් කරගත් මෙහෙයුමෙහි දෙවැණි අණදෙන නිළධාරියා ( එක ජාන පෙරේරා - දළුවත්ත හිටියෙ නමට ),

      4. නොනවතින රැල්ල ජානක පෙරේරා සමඟ එක්ව නැවතූ

      5. සාමගිවිසුම හරහා කොටි තම බලය වඩවා ගන්න බව ජනපතිනියට වාර්ථාකල හා ඒ වන විට උතුරු ආඥාපති වශයෙන් මිලිටරි පටියක් වත් පැළඳ කොටියකුට හමුදා පාළන පෙදෙස් වලට එන්නට ඉඩ නොදී දැඩිව සිටි

      6. 2005 වනවිට හමුදාවේ දෙවණි නිළධරයා නොහොත් මාණ්ඩලික ප්‍රධාණී හැටියට සිටි

      සරත් ෆොන්සේකා හමුදාපති නොකර ඒ වෙලාවෙ පාරමී කුළතුංග හමුදාපති කරවන්න තිබ්බ කියලද කියන්නෙ?

      ඔබට ෆොන්සේකා යනු දක්ෂ හමුදා නිළධරයකු බව නොපෙනුනාට ඔහු කවුදැයි ඔහු විසින්ම අද ඉහල ඔසවා තැබූ ෂවීන්ද්‍ර සිල්ව (මෙයත් මහින්ද ෆොන්සේකාට තැන දුන්නාට සමානම සිද්ධියකි ), කරණල් ප්‍රසන්න සිල්වා, ලෙෆ් කරනල් හරේන්දර යන අය නම් දන්නවා ඇත. මේ සියල්ලන්ම ෆොන්සේකා යුද්ධයේ සිටි දක්ෂතම සෙනෙවියන් වූ අතර ඔවුන් ( ප්සන්න සිටියෙ හමුදාවෙන් අයින් වීමට ලියුම් පවා භාර දීය ) ඉහලට ගෙනැවිත් වගකීම් පවරා ජග්‍රහනය මෙහෙයවූයේ තමන්ගේ පැත්තේද අනික් පැත්තේද සිතා නොව ඒ වෙලාවේ ක්‍රීම් එක නොමැතිව ජයග්‍රහණ හීන පමණක් වූ නිසාවෙනි. මහින්ද ගැහුවේද එවැනිම ගේමකි.


      ගෝඨාභයත් මහින්දත් පසුව කියා තිබූ පරිදිම ඔවුන්ට බොහෝ දෙනා අනතුරු ඇඟවූ මුත් ෆොන්සේකාගේ දක්ෂකම ඉතා හොඳින් දැන සිටි ගෝඨාගේ බලවත් ඉල්ලීමට ඔහු හමුදාපති කල බවයි. එමෙන්ම ෆොන්සේකා සුදු කොඩි නඩුවේ තම සාක්කියෙ පැවසූ පරිදි ගෝඨා ඔහුට හමුදා සාමජිකයන්ගේ චන්දය ලබාගැනීමට උදව් ඉල්ලූ මුත් එය ප්‍රතික්ෂේප කර සිටි බවත් එයට හිත් නොහොඳින් ආපසු ගිය බවයි.

      මහින්ද යනු අවධානම් වලට බිය නැති හා ඒවා කළමණාකරනයේ දක්ෂ දේශපාලකයකු නිසා ෆොන්සේකා මහතා හමුදාපති කල මුත් චන්ද්‍රිකා නෝනා හට එම හැකියාව නැති බැවින් නොනවිතන රැල්ල නැවතූ වහා ඇය ජානක පෙරේරා හා ෆොන්සේකා නැවත් කොළඹ ගෙනවිත් මූලස්ථානයේ පෑන් තල්ලු කරන්නට යොදවන ලදි.

      ඔබට කෙතරම් කීවත් සාටකයේ කුරහන් පාටට වශී වී සිටිනා තුරු මහින්දට වඩා පොරවල් නොපෙනෙනා නිසා මි මතු ෆොන්සේකාගැන කීමට වෙහෙසීමට බලාපොරොත්තු නොවෙමි. එහෙත් ගෝඨා මෙන් පලා නොගොස් ( ග්‍රීන් කාර්ඩ් ලැබී තිබියදීත් )හමුදාවේම සිටි අතලොස්ස අතරේ ඔහුට තරඟයක් දෙන්නට නිළධරියෙකු නොසිටි බව හමුදාවට සම්භන්ධ සියල්ලෝ දනිති!

      Delete
    21. Dennis the menace

      As far as Sarath Fonseka was concerned he went on like a spoiled brat causing havoc. A latter day Dennis the menace! Gotabhaya was alike a tolerant mother cleaning up the mess made by her recalcitrant child. There was also Sarath’s selfishness that created a lot of heartburn within the Army too.

      Sarath Fonseka departed from tradition by withholding promotions and transferring officers whom the army chief regarded as not being efficient or up to the mark. In a noteworthy deviation from accepted norms several junior officers who proved themselves in battle were given rapid promotions.

      Fonseka justified these actions as promoting the “strong” and penalising the “weak” in the army so that the force could be transformed into a formidable fighting machine. This unorthodox approach was rather successful in extracting frontline results and had the support of Gotabhaya in principle.

      But the downside of this was growing discontentment against Fonseka among many officers. Several officers of Major, Lt. Col & Col rank were deprived of rightful promotions and sullenly harboured resentment. Again it was Gotabhaya’s lot to soothe hurt feelings.

      These feelings were exacerbated by the naked favouritism displayed by Fonseka towards certain officers and unconcealed antipathy towards some others.

      For instance Parakrama Pannipitiya the “conqueror” of the east was transferred and then removed from his post despite his military triumph. This was simply because he had fallen foul of Fonseka.

      Pannipitiya was treated very shabbily and denied security. He had to go to Courts to get it restored. Later Pannipitiya was “framed” on a frivolous treasure hunt charge and penalised. He is now being restored to grace after Fonseka’s fall from grace.

      On the other hand blue-eyed boys of Fonseka like Samantha Sooriyabandara were not subjected to penalties in spite of an abysmal military record as 53 division commander. Sooriyabandara suffered many reversals in his ill-fated attempts to break through LTTE defences along the Mhamaalai axis but was not axed. Eventually he got a plum assignment as defence attaché to the Washington embassy.

      DBSJ

      Delete
    22. The growing disenchantment within military officers towards the conduct of Sarath Fonseka was best encapsuled in a pithy comment attributed to battle-hardened Brigadier Rajaguru. “If we go front there is Johnny and if we fall back there is Fonny”. Johnny refers to the LTTE’s anti-personnel mine and Fonny of course is Fonseka.

      A glaring illustration of Fonseka’s tendency for self-aggrandizement on the one hand and denying honours to subordinate-colleagues was visible in 2007 when the Vishista Seva Vibushanaya (VSV) awards were conferred.The VSV is regarded as equivalent to the Distinguished Service order.

      In the case of the Army all officers above Lt.Col rank with 30 years of unblemished service were eligible for this. Incidently Sarath Fonseka who completed 30 years in 2000 was yet to be awarded a VSV due to perhaps the operative requirement “unblemished”.

      What the Army chief did in 2007 was to refrain from recommending any serving officer other than himself for the VSV. He also proposed that only retired or serving army commanders be given the VSV. To his credit Gotabhaya disagreed.

      Regulations forbade the recommendations of the army commander being disregarded in the case of serving officers. But the Defence secretary ensured that 11 retired army officers got the VSV. This infuriated Fonseka.

      Irritants between Sarath and Gotabhaya were not restricted within the defence establishment alone. Sarath Fonseka in media interviews would drop very heavy bricks causing adverse fall-out. On one occasion he called Tamil Nadu politicians “jokers in the pay of the LTTE”. When New Delhi remonstrated Fonseka was asked to issue an apology. He refused. It was left to Gotabhaya to patch up by issuing an apology for no fault of his own.

      Then there was the infamous interview given to the Canadian newspaper “National Post”. Fonseka said Sri Lanka belonged to the majority Sinhalese and that the minorities can stay but have no say.He was asked to do some damage control by clarifying matters in another interview to a state controlled newspaper. In that he was even worse saying the minority communities could not make “undue demands” like federalism.

      It could be seen therefore that relations between the Rajapakse’s and Fonseka had been under strain for quite sometime. The public “split” was not something sudden out of the blue but a logical culmination of simmering tensions.
      Emerging threat

      There was also a perceived shift in Sarath Fonseka’s outlook. The adulation received from the masses was affecting him.From being a person who spurned politics and ridiculed politicians the army chief began hinting at a political role for him in the future.

      DBSJ

      Delete
    23. On “spirited” occasions the General fires off like a loose cannon. Fonseka began talking of himself as the man who defeated the Tamils like the son of Ruhunu and began querying from friends and acquaintances in bantering tones “Why can’t I be the next president?”

      He was also critical of sycophantic attempts to project Mahinda as the great emperor who won the war and saved the country. As far as Sarath was concerned it was he and not Mahinda who won the war and saved the country.

      As news of this changed attitude was conveyed to the Rajapakse brothers the alarm bells started ringing. A real or imaginary threat to the president’s political fortunes was perceived.

      At least three separate intelligence reports were officially and unofficially commissioned. The essence of these reports stated that Fonseka was nursing political ambitions and that he enjoyed equal if not more popularity among the masses than Mahinda Rajapakse himself.

      There was thus a re-alignment within the triumvirate. The brothers Rajapakse saw an emerging threat in Sarath Fonseka. On the one hand Mahinda saw Sarath as someone who could usurp his political leadership. On the other Gotabhaya was miffed by the crudely blatant efforts of Fonseka to deny the important role played by the defence secretary.

      The Rajapakse regime that mollycoddled Sarath Fonseka and tolerated all his past idiosyncrasies and foibles was no longer prepared to do so. First came a rule by the defence secy that no service chief could give media interviews without permission or monitoring.This effectively restricted the media monopoly of Fonseka.

      Then came a swift transformation of public posters. The earlier ones with Mahinda and Sarath gave way to new ones with Mahinda,Gotabhaya and Basil. The old trinity was replaced with the new one based on blood ties.

      There was also an incident that caused a “rift” between Gotabhaya and Sarath. Two shipments of ammunition and artillery shells ordered earlier arrived after the war ended. Gotabhaya turned them back saying they were unnecessary as the war was over.

      According to knowledgeable circles the middleman was a Pakistani national who went by the name “Ahmed Nissar”. It was widely rumoured that Sarath Fonseka’s son in law Danuna Tillekaratne was associated with this middleman and received US 2 cents per bullet and US $20 dollars per shell as commission. These rumours have neither been confirmed, denied challenged or disproved.

      There continued various irritants between the Rajapakse’s and Fonseka. Some of the noteworthy ones included the one where first Lady Shiranthi Rajapakse and elder son Namal were stopped by the army on a journey to the north and were delayed unduly for hours. This was seen as being done at the behest of Fonseka himself.

      ON July 9th Fonseka spoke at a book launch about the war in which he heaped compliments upon himself lavishly. Token lip service was paid to the President’s role. Gotabhaya was virtually ignored. According to Sarath he and he alone had won the war with the President’s support. It was a one-man show. This inplied that Sarath and not Mahinda was the saviour of the nation.

      Another incident was the felicitation ceremony at Dharmasoka College , Ambalangoda on July 10th. All traffic was stopped along the Galle road for hours. There were massive security arrangements made arbitrarily by Sarath’s security personnel causing much hardship to people.

      Sarath waxed eloquent about his role in winning the war alone to an appreciative “home” audience. In the process he shot himself in the foot by allegedly admitting that tigers who surrendered with white flags were shot dead in cold blood.
      DBSJ

      Delete
    24. ඔය දරුවා මගෙත් එක්ක අමනාප වෙන්න එපා.ඔය දරුවාගේ කමෙන්ට් එක අතරයි මගේ කමෙන්ට්ස් අතරයි සම්බන්ධයක් නැහැ.මං මගේ හැම කමෙන්ට් එකකම ෆොන්සේකා දක්ෂයෙක් බවත්, වීරයෙක් බවත් මතුකරලා තියෙද්දීත්, ඔය දරුවා මං ජෙනරාල් අදක්ෂයෙක්,ද්‍රෝහියෙක්ය කිව්වා වගේ උත්තරදීලා තියෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බැහැ.මං ප්‍රකාශ නොකළ මතයක් ප්‍රකාශකළාය කියලා අගවන එක ලොකු වැරද්දක්.කාලවේලාව පිළිබධව ගැටළු තියෙන නිසා ඉදිරියේදීවත් අදාළවන කරුණු පමණක් මතුකරන්න කියලා ඉල්ලනවා

      කෙනෙකුගෙන් වැඩේ කරගෙන අතෑරලා දාන ගතියක් මහින්ද ලොක්කාගේ පෙන්න තියෙනවා.ඔහු ඕනෑ තරම් එවැනි උදාහරණ සපයා තිබෙනවා.නමුත් එයින් හැගෙන්නේ නැහැ හමුදාපති පදවිය ලැබීමට පුද්ගලික සබදකම් බල නොපෑබව.ඔහු දක්ෂයි.එත් ඔහු හමුදාපති වූ එකම කාරණය දක්ෂකම නොවෙයි.

      ෆොන්සේකා නැමති රණවිරුවා පිලිබදව විශාල ආදරයක් මාතුල තිබෙනවා.නමුත් ෆොන්සේකා නැමති දේශපාලකයා පිලිබදව පැහැදීමක් නැත.ඔබ ෆොන්සේකා නැමති රණවිරුවා පිලිබදව පෙනී සිටිනම් මාද ඔබද එකම බෝට්ටුවේ මිනිසුන් වෙමු.නමුත් ෆොන්සේකා නැමති දේශපාලකයා දෙස යම් කාලයක් බලා සිටීමෙන් මිස අදහසක් ඇති කරගැනීම අපහසුය.

      ඔබ හා සංවාදයෙ යෙදිමට ලැබීම සතුටක්.විවිධ අදහස් මතවාදීව ගැටීම වඩාත් යහපත් සමාජයකට මග පාදනවා..

      Delete
    25. //ෆොන්සේකා නැමති රණවිරුවා පිලිබදව විශාල ආදරයක් මාතුල තිබෙනවා.නමුත් ෆොන්සේකා නැමති දේශපාලකයා පිලිබදව පැහැදීමක් නැත//

      සේම් හියර්....

      ෆොන්සේකා මහතාගෙන් බලාපොරොත්තු වන දේශපාලනය හරියට පියාගෙන් ඉල්ලන මව් කිරි වැනිය. හැම කෙනෙකුටම යුද්ධ කිරීමට නොහැකිවාක් මෙන්ම හැම කෙනෙකුටම දේශපාලනය කිරීමටද නොහැකිය. දේශපාලන මඩ ගොහොරුවට බැසිය හැක්කේ ඒ මඩ ගොඩේ ජිවත් වීමට අවශ්‍ය වන සම්‍යක්/කූට ප්‍රයෝග හොඳින් දන්නා එහෙමත් කෙනෙකුටය. ෆොන්සේකා මහතා ට ඒ මඩ වල හරි යන්නේ නැත. ඔහු ඊට බොහෝ ඉහළින් සිටිය යුතු කෙනෙකි. කරන්නන් වාලේ මඩ ට පැනීම නිසා ඔහුට අත් වූ ඉරණම ගැන මට නම් ඇත්තේ දුකකි :(

      Delete
  3. ජෙනරල් උන්නැහේ පොලිටික්ස් දන්නේ නෑ. ඒක හොඳට පෙන්නුවා කැම්පේන් එකේදී. නමුත් දැන්නම් සෑහෙන ඉගෙනගෙන ඇත්තේ. සාකඡ්චාත් යනවයො කියන්නේ. හැබයි ඉතින් ජාතියක් වශයෙන් ලැජ්ජා වෙන්න ඕන. අඩුම ගානේ නිවාස අඩස්සියේවත්..

    ReplyDelete
    Replies
    1. අනේ ටිරාන් අලස්ගෙ සාකච්චා , නිදහස නම් පූර්න නිදහස නැත්නම් ඔය ඉන්න තැනම වැඩිය හොඳා , හිරේ ගියාට පස්සේ දේශපාලනිකව ප්‍රභලතාවයක් අත්කරගනිමින් ඉන්න බව පේනවා

      Delete
  4. නිදහස උදා කරලා දෙන්න මහන්සි වෙච්ච මනුස්සයාගේ නිදහස අහිමි කරලා සමරන නිදහසක් !

    ReplyDelete
    Replies
    1. හ්ම් ... ඒවගේම ඇත්තටම අපි කවුරුත් නිදහස්ද

      Delete
    2. ඇත්ත තමා මල්ලි ... හැබැයි අපේ හුග දෙනෙකුට දැන් මතක නැහැ ජෙනරල් ෆොන්සේකා යුද්දය දිනන කල දේවල්... හැබැයි පිල්ලෙයාන් ක්‍රිකට් ගැහුවම මහ ඉහලින් නිවුස් වල දානවා. . .

      අමිත්

      Delete
  5. බුවා,අන්කල් මහතා,මාතලන් හා ලහිරු ගේ අදහස් සමඟ මාත් එකඟයි.
    @බුවා ඇත්තටම අපටත් නිදහසක් නෑ කියලයි මට නම් හිතෙන්නේ.
    වෙලාව ඇත්නම් මේඝය යට රැස් වෙලා බලන්න.නිදහස ගැන මගේ අදහස් අකුරු කළා එතැන.

    ReplyDelete
  6. ඊයේ මගේ කවි බ්ලොග් එකේ මම ලිව්ව කවියක්....

    වැරදි කරන ලොකු ලොක්කෝ
    නීතියේ පිහිටෙන් බේරෙන
    වැරදි නැතත් පුංචි සොක්කෝ
    වසර ගණන් හිරේ ලගින

    ජනතාවගේ සල්ලි වලිං
    ඇමති පුත්තු බල්ටි ගහන
    අයුක්තියට අසාධාරනේට
    කාටත් බෑ කට අරින්න

    එහෙව් රටක ඉන්න අපිට
    කෝ නිදහස සමරන්නට?

    ReplyDelete
    Replies
    1. එහෙව් රටක ඉන්න අපිට
      කෝ නිදහස සමරන්නට ?

      :)

      Delete
  7. සිර කර ඇති රළ පහර
    දිනෙක බිදගෙන සියළු බැමි පවුරු
    නැගෙනු ඇත අදුරු අසත්‍යය සුන් කරවමින

    ReplyDelete
    Replies
    1. සෑම් මල්ලි ... අන්න ඒ දවස එනකන් තම අපිත් ඉන්නේ ... හැබැයි බය ඒ දවසට තව කොච්චර කල් බලන් ඉන්න වෙයිද කියන එකයි

      Delete
    2. සුනාමියක්ද ? ඔව්, පොන්සේකා දැන් ජාත්‍යන්තරේට පෙත්සන් ගහන විදිහට ලංකාවටම කෙළවෙන සුනාමියක් ඒවි

      Delete
  8. මේව නිදහස් බයිලා ළමයො නිදහස් බයිලා

    ReplyDelete
  9. BIG fish eats the small fish කිව්වලු. ලොකු එක පොඩි එකාව යටපත් කරගන ඉන්නවා. එක තමි ලෝක ස්වබාවය. එක වෙනස් කරනවා කියන්නේ ලෝක ස්වබාවය වෙනස් කරනවා කියන එකී. අපි ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ. වල යන පැත්තට මැස්ස ගහල. දැන් ඔය නිදහස නැහැ කියන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඉතින් ඔය ස්වාභාව ධර්මයේ නීති මනුස්සයා විසින් වෙනස් කරගෙන නේ ඉන්නෙ කොහොමත් නේද , ස්වභාව ධර්මයේ නීති වලට අනුව මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලිය එහෙම සකස් වුනා නම් කොහොමද ? එහෙම නැනේ නේද ? අපි නිත්‍ය සහකරුවෙක්/කාරියක් තෝර ගන්නව නෙව ඒකට , ඒකටනේ ශිෂ්ටාචාරය කියන්නේ .

      Delete
  10. ව හිරේ දාලා අපි හිරේ වැටිල. මේව ලියල අපිවත් හිරේ දාවි.

    ReplyDelete
    Replies
    1. තාම නම් එච්චරම නරක තත්වයක් නැහැ

      Delete
    2. පොන්සේකාට කඩේ යන එඋන් හිරේ දානවනම් මෙලහකට ඒ වැඩේ කරලා.. නමුත් මට ෂුවර් MR ට දැන් කඩේ යන එඋන්ටත් හිරේ යන්න වෙනවා පොන්සේකා ජනපති උනොත්

      Delete
  11. SF ගැන දුක් වෙන ගොඩක් අය කතා කරන්නේ කරුණු තේරුම් ගන්නේ නැතුවය් යුද්දය කරන්න හෝ නොකරන්න තීරණ ගත හැකිව තිබුනේ ජනදිපතිට විතරය් ... ජාත්‍යන්තර පීඩන දරාගත්තේ ජනාදිපති හා ආරක්ෂක ලේකම් ... ෆොන්සේකා වීරයෙක් බව සැබෑවක් එහෙත් ඔහු කලේ ඔහුගේ රාජකාරිය ... ඔහුට නිවහල් ලෙස තීරණ ගත හැකි වුනු විගස (හමුදාවෙන් ඉවත් වූ පසු ) ඔහු එකතු උනේ මෙන කණ්ඩායමත් එක්කද කියල අපිට මතකය් (රනිල් + ලක්ෂ්මන් කිරිඇල්ල +රවුෆ් හකීම් +TNA ) .... මේ දවස් වල මුනුපොතේ දාන ජනප්‍රිය දෙයක් තම ෆොන්සේකා සහ කරුණ අම්මාන් සංසන්දනය කරලා දාල තියන පින්තුර .... එකක් කියන්න ඕනි ... කරුණා අම්මාන් තමන්ගේ මතය වෙනස් කරලා ශ්‍රී ලංකා රාජ්‍ය වෙනුවෙන් සටන් කලා ... ඒ නිසාම ඔහු සතුරන්ගේ සතුරෙක් ... අපිට වීරයෙක් (මතකනේ අංගුලි මාල කතාව ?)... ෆොන්සේකාත් ඔය සුදුකොඩි කතාවලට එහෙම සමාව ගත්ත දාක අපහු සිංහල ජාතියේ වීරයෙක් වේවි

    ReplyDelete
    Replies
    1. මේ ගැන මගේ මතය මේකයි - යුද්ධය පිලිබඳ ගෞර්වයෙන් වැඩි කොටස අයිති ජනපති වරයාට කියන මතයේ මම ඉන්නවා , නමුත් සරත් ෆොන්සේකාටත් තමන් කැමති දේශපාලනයක් කරන්න අයිතිය තියනවා . සිවිල් පුරවැසියෙක් වුනාට පස්සෙ.කාටවත් ඒ දේශපාලනයට දේශද්‍රෝහි, වැරදි පිලි කියා චෝදනා කිරීමට හැකියාවක් නැ , මොකද යම් කිසි පක්ෂයක් දේශද්‍රෝහි ක්‍රියාවක් සැබැවින්ම කරල තියනවා නම් ඔවුන්ගේ පක්ෂ ලියාපදිංචිය පවා අහෝසි කිරීමේ හැකියාවක් තියන නීතියෙන් .ඒ නිසා තමන්ගේ දේශපාලනික වුනමනාවන්ට හදාගත්ත දේශද්‍රෝහි රාමුවල ඉඳන් ෆොන්සේකා විග්‍රහ කිරීම වැරදියි . යුද්ධයේ වැඩි ගෞරවය මහින්දට හිමි වූ පමණින්, මහින්ද ඔහුව හමුදාපති කල පමණින් ෆොන්සේකාට දේශපාලනය කිරීමේ අයිතිය නැතිවෙන්නේ නැ


      කරුණා කරපු සියලුම අපරාද ඔබට අමතක කරන්න පුලුවන් නම් ෆොන්සේකාට එජාපයත් එක්ක එකතු වෙන්න තියන නොහැකියාව මොකක්ද ? ෆොන්සේකා එකතු වුනු බලවේග වලට අකමැති නම් විරුද්ධ ඡන්දය භාවිතා කරන්න පුලුවන් . නමුත් ඔහුට දේශපාලනය කිරීමේ අයිතියක් තියනවා . ඔහු නීත්‍යානුකුල දේශපාලන පක්ෂයක් තොරාගන්නා තාක් කල් ඔහු දේශපාලනය කිරීම වැරදියි කියන්න බැ

      Delete
    2. ඔහුට දේශපාලනය කළ හැකිය්... පැහැදිලිවම මෙම භුමියේ ... නමුත් අන්තර්ජාතික සතුරන් සමග කුමන්ත්‍රණය කරලා නෙව්ය් .... මමත් යුද්දය කියන කරනාවේ දී ඇර අනික් කිසිම දෙකිදී මහින්දට සහයෝගය දෙන්නේ නෑ ... ඔහුට පක්ෂත් නෑ ... නමුත් ඔහු දේශපාලනිකව ගත්තම SF තරම් දුර්වල නෑ ... SF පහසුවෙන් manipulate කරන්න පුළුවන් ... ඔහුම දන්නේ නෑ ඔහු කගේ agenda වලටද වැඩකරන්නේ කියල ...... අනික් අතට මම ඔය ඔළුගෙඩි ගණන්කරන ප්‍රජාත්‍රන්තවාදය තඹ සතේකට විස්වාස කරන්නේ නෑ .... මේලෝකේ මිනිස්සුන්ට පහළවුණු බයානකම ව්‍යසනය ඕක තමා

      Delete
    3. මහින්ද ෆොන්සේකාට වඩා දේශපාලනිකව ප්‍රභලයි කියන එක අරුමයක් නෙවෙයි . ෆොන්සේකා හරහා අන්තර්ජාතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුනාය කියන එක මතයක් මිසක් ඔප්පු කල හැකි දෙයක් නෙවෙයි .ෆොන්සේකාට සැබවින්ම කුමන්ත්‍රණක් කරන්න අවශ්‍ය නම් අන්තර්ජාතික ප්‍රජාවේ මානව හිමිකම් චෝදනා තහවුරු කරන සාක්ෂිකරුවෙක් වෙන්න දැනටත් ඉඩ කඩ තියනවා . රනිල් වික්‍රමසිංහ නම් මහින්ද හදපු චරිතයකින් මහින්දටම ගහලා අපුරු කුමන්ත්‍රණයක් කරල පැත්තකට වෙලා ඉන්නවාය කියල පේනවා . මම ප්‍රජාතන්ත්‍රවාදය අගයන කෙනෙක් . එක් පුදගලයෙක් හෝ කණ්ඩායමලගේ අවශ්‍යතාවයන් වෙනුවට ප්‍රජා සහභාගිත්වයෙන් කෙරෙන පාලන ක්‍රමය තමයි මම අනුමත කරන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය තුල බොහෝ රටවල මිනිසුන් ලබාගෙන නිදහස බොහොම ඉහලයි . ලංකාව තුල විකෘති තත්වයක් තිබුනත් ඔබත් මමත් මහින්දට විරුද්ධ මෙහෙම අදහසක් හෝ ලියන්නේ ප්‍රජාතත්ත්‍රවාදයට පින් සිද්ද වෙන්න . ඒකාධිපති චීනය තුල බ්ලොග් ලිපියත් තියා ස්කයිප් හරහා යවන පුද්ගලික (?)පණිවුඩයකවත් පාලනය විවේචනය කරන්න හැකියාවක් නැ . ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ලියන්නත් පසුබිම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුල පමණයි කියන එක මතක් කර ගත්තඔත් හොඳයි

      දේශපාලනිකව දුර්වල ෆොන්සේකා සිරගත වුනායින් පස්සේ ප්‍රභල දේශපාලනික චරිතයක් බවට පත්වෙමින් තියනවාය කියලයි මගේ අදහස

      Delete
    4. ෆොන්සේකා හරහා අන්තර්ජාතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුනාය කියන එක මතයක් මිසක් ඔප්පු කල හැකි දෙයක් නෙවෙයි
      -ඔබ හිතනවද ලෝකේ බලවත් රටවල් කුමන්ත්රණය කරනකොට ඒවා ඔප්පු කරන්න පුළුවන් විදිහට කරනවා කියල ?

      ෆොන්සේකාට සැබවින්ම කුමන්ත්‍රණක් කරන්න අවශ්‍ය නම් අන්තර්ජාතික ප්‍රජාවේ මානව හිමිකම් චෝදනා තහවුරු කරන සාක්ෂිකරුවෙක් වෙන්න දැනටත් ඉඩ කඩ තියනවා
      -කුමන්ත්රණ කරුවා කවුද ,, අවශ්‍ය මොකක්ද කියන එක මත මේක රදාපවතිනවා

      අනික් එක ඔබ හිතනවද ඔය කියන ජාත්‍යන්තර ප්‍රජාවට ඒ සදහා ඇත්තම උනන්දුවක් තිබ්බ ... හෝ තියෙනවා කියල ?

      රනිල් වික්‍රමසිංහ නම් මහින්ද හදපු චරිතයකින් මහින්දටම ගහලා අපුරු කුමන්ත්‍රණයක් කරල පැත්තකට වෙලා ඉන්නවාය කියල පේනවා
      -රනිල් මහින්දට හා චන්ද්‍රිකාට පෙර නායකත්වයට අවේ .... පක්ෂක්ග්රහිව නොබලා ඕනි කෙනෙකුට තේරෙනවා UNP එකේ ඉතිරිවෙලා ඉන්න එකම ජාතික මට්ටමේ නායකයා ඔහු පමනය් කියල

      එක් පුදගලයෙක් හෝ කණ්ඩායමලගේ අවශ්‍යතාවයන් වෙනුවට ප්‍රජා සහභාගිත්වයෙන් කෙරෙන පාලන ක්‍රමය තමයි මම අනුමත කරන්නේ .
      -
      තර්කයක් විදිහට මේක හරිම හොදය්... නමුත් මිනිස්සු වැඩ කරන්නේ බොහෝ වෙලාවට බුද්දියට අනුව නෙවෙය් ... හැගීම් වලට අනුව ... එතැනදී ඔළුගෙඩි ගනිනකොට වැරදෙනවා... මම කියන්නේ නෑ එකාදිපතියෙක් ඕනි කියල ..... අඩුම ගානේ උගතුන් මගින් පාලනය වන කමිටුවක් වගේ දෙයක් ? ... පරිනාමිකව අපි තාමත් කැලෑවෙන් එලිය ඇවිත් ටික කාලයය් .. අපි හැමදාම පුරුදුවෙලා හිටියේ නායකයා අනුගමනය කරන්න ... අද ප්‍රජත්රන්තවාදයේ නාමයෙනුත් කරන්නේ ඕකම තමය් .. හැම රටේම ඔහොමය්

      Delete
    5. AnonymousFeb 4, 2012 06:58 PM
      එතකොට කේ.පී.? එයා සැපසේ ඉන්නෙ එයත් ආණ්ඩුව එක්ක ප්‍රභාට විරුද්ධව යුද්ධ කලාද?

      Delete
    6. නෑමචෝ කොටින්ගේ වෙන්න හිටිය නායකයා .... ඔහු ගැහුව කරනම නිසා දැන් කොටින්ට වෙන්නේ මොකද කියල හිතාගන්න බැරුව මස්ත බල්දුවෙලා ඉන්නේ .... තම උන්ට අනුප්‍රප්තිකයෙක් හොයාගන්න බැරිවෙලා ... මේක නිසා තමය් මම කියන්නේ අපි කවුරු ආරක්ස නොකලත් කේ පි සහ කරුණා ආරක්ස කල යුතුය් ..at any cost

      Delete
  12. //ඔබ හිතනවද ලෝකේ බලවත් රටවල් කුමන්ත්රණය කරනකොට ඒවා ඔප්පු කරන්න පුළුවන් විදිහට කරනවා කියල ?//

    //කුමන්ත්රණ කරුවා කවුද ,, අවශ්‍ය මොකක්ද කියන එක මත මේක රදාපවතිනවා //

    ඔව් ඒක හරි , නමුත් ෆොන්සේකාගේ සහභාගත්වයෙන් කෙරෙන කුමන්ත්‍රණය මොකක්ද , ඔහුගේ දායකත්වය මොකක්ද කියල ඔබට අදසක් තියනවද , කුමන්ත්‍රණයක් තියනවා කීම පමණක් ප්‍රමානවත් නැහැනේ , ඔබ දකින විදිහට ලංකාවට එරෙහිව යන කුමන්ත්‍රණය මොකක්ද ? ෆොන්සේකා එතනට සම්බන්ධ වෙලා තියෙන්නෙ කොහොමද ?

    //පක්ෂක්ග්රහිව නොබලා ඕනි කෙනෙකුට තේරෙනවා UNP එකේ ඉතිරිවෙලා ඉන්න එකම ජාතික මට්ටමේ නායකයා ඔහු පමනය් කියල //

    පැහැදිලිවම ... රනිල් ෆොන්සේකා හරහා දුන්න දේශපාලනික ගේමත් පරිනත බවේ ලක්ෂනයක් , ඒකට අසුවීම ෆොන්සේකාගේ දේශපාලනික ආධුනික බවේ ලක්ෂනයක්


    //උගතුන් මගින් පාලනය වන කමිටුවක් වගේ දෙයක් //

    හොඳ අදසක් , නමුත් මහජන නියෝජන ක්‍රමයත් සහිතව . දෙකේ සම්මිශ්‍රනයක් වඩාත් හොඳ වෙයි . ඒ වගේම රටේ අධ්‍යාපන මට්ටම ඉහල යනවා නම් උගතුන් පාර්ලිමෙන්තුවට එවන්න ජනතාවගේ දැනුම් මට්ටමත් දියුණු වෙයි . එක්සත් ජනපදයේ සෙන්ට් සමාජිකයින්ගේ සුදුසු කම් ගත්තොත් , හොඳ අධ්‍යාපන පසුබිමක් සහිත අය රාශියක් මුණ ගැහෙයි . එහෙම තත්වයක් ඇතිවෙන්න එක පැත්තකින් උසස් අධ්‍යාපනය දක්වා යන පිරිස වැඩි වෙන්න ඕනි . රස්සාවට , ගමේ පාරට වගේ දේවලට කුඩු කාරයින්ටත් ඡන්දය දෙන ජනතාවගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි . මේ සඳහා එක පැත්තකින් අධ්‍යාපනයත් , ජනතාවගේ දැනුවත් භාවයත් කියන දෙකම ඉහල යන්න ඕනි . ප්‍රජාතන්ත්‍රවාදය තුලම මේ ගමන යන්න පුලුවන් , නමුත් ලංකාවට ඒක ඒ තරම් ලේසි වෙන එකක් නැහැ

    ReplyDelete
    Replies
    1. //උගතුන් මගින් පාලනය වන කමිටුවක් වගේ දෙයක් //

      හෙ හෙ :D :D ජාතික ලැයිස්තුවට වෙලතියෙන දේ පේනවා නෙව.

      Delete
    2. ඔව් ඒක හරි , නමුත් ෆොන්සේකාගේ සහභාගත්වයෙන් කෙරෙන කුමන්ත්‍රණය මොකක්ද , ඔහුගේ දායකත්වය මොකක්ද කියල ඔබට අදසක් තියනවද

      -මහින්ද ඉන්දියාව ගොඩක් රිදවල කියල නම් පෙනෙනවා ... සරත් - මහින්ද බිදවීම පසුපස්සේ ඉන්දියාව හිටිය කියලය් පිළිගැනීම
      අනික් බටහිර රටවලට අවශ්‍ය දෙමල ප්‍රශ්නය ලංකාවට පීඩනයක් දෙන මට්ටමට තියාගනීමට... ඒ අතර බටහිර රටවල ඉන්න දෙමල චන්ද දායකයන් ට පෙනෙන්න පොඩි ෂෝ එකකුත් දානවා

      හොඳ අදසක් , නමුත් මහජන නියෝජන ක්‍රමයත් සහිතව . දෙකේ සම්මිශ්‍රනයක් වඩාත් හොඳ වෙයි .
      --පැහැදිලිවම ඔළුගෙඩි ගණන් කරනවට මගේ කැමැත්තක් නෑ .... මේක ජනප්‍රිය මතය නොවෙන්න පුළුවන් ... ස්වභාවික වරණය අනුව ශක්තිවන්තයා ට දුර්වලයා ට වඩා ප්‍රමුක තාවයක් දීල තියෙනවා ... ඒ පද්දතිය වසර මිලියන ගානක් පරීක්සන කරලා සාර්ථක බව ඔප්පු කරලා තියෙනවා ... ඔළුගෙඩි ගණන් කරන එකෙන් වෙන්නේ එක දියාරු වීමය් ... විකුර්ති වීමය්
      අනිත් එක- ඕනිම රටක චන්ද දායකය පහසුවෙන් නොමග යවන්න පුළුවන් ... රටක පාලනයට කිසිම සම්බන්දයක් නැති හේතු මත ....

      Delete
    3. පාලන ක්‍රමය පිලිබඳ ඔබේ මතය හා එකඟ නොවුනත් ඒ ගැන සඳහන් කිරීම වෙනුවෙන් ස්තුතියි .

      සරත් -මහින්ද බිඳවීම පිටුපස ඉන්දියාව සිටිනවාය කියල මාත් හිතනවා , ප්‍රශ්නය තියෙන්නේ බටහිර රටවල් ලංකාවට පීඩනය එල්ල කිරීම වෙනුවෙන් හෝ දෙමල ජනතාවට දාන ශෝ එක වෙනුවෙන් මේ දක්වා සරත් ෆොන්සේකාව භාවිතා කරල තියෙන්නෙ කොහොමද කියන එක ?

      Delete
    4. පාලන ක්‍රමය පිලිබඳ ඔබේ මතය හා එකඟ නොවුනත් ඒ ගැන සඳහන් කිරීම වෙනුවෙන් ස්තුතියි .
      -මහින්දගේ උඩු රැවුලට ලැබෙන චන්ද ප්‍රතිශතය කොපමණද ? රනිල් ට තාලෙකට අත්පුඩි ගැසීමට නොහැකි වීම නිසා නැතිවී යන චන්ද ප්‍රතිශතය කොපමණද ? ... මේවා මම දැනට ඉන්න කැනඩාවටත් පොදුය්

      අපිට දොස්තරලා ඉංජිනේරුවෝ වගේ දේශපාලකයොත් විබාගයකින් නිර්මාණය කළ නොහැක්කේ ඇයි ? (තවත් එක රස්සාවක් ලෙස ?)

      Delete
    5. බලාගෙන ගියාම අපේ චන්ද දායකයොත් කැනඩාවේ තරම්ම බුද්ධිමත් ! ,මහින්ද ගෙ රැවුලට එකතුවෙන ඡන්ද ප්‍රමාණයක් සහ රනිල්ගේ පෞර්ශයට අඩු වෙන ඡන්ද ප්‍රමාණයක් තියන බව ඇත්ත , නමුත් 2005 ජනාධිපතිවරණය ගත්තොත් ඔය සාධක ඔහොමම පවතිත්දිත් රනිල් -මහින්ද කරට කර සටනක හිටියේ . උතුරේ ඡන්ද ටික වැටුණා නම් තීන්දුව වෙනස් වෙන්නත් තිබුනා . නොවැදගත් සාධක සලකා බලන්නන් හිටියත් සමස්ථය වශයෙන් සැලකුවාම ඒ දේවල් ඒ තරම් බලපැමක් නැ කියලයි මම හිතන්නේ . නමුත් වර්ථමානයේදි ආණ්ඩුවත් එජාපයේම පිරිසුත් මාධ්‍ය හරහා දිගින් දිගටම රනිල් ට ගහල 'රනිල්ට බැ' මතය සමාජ ගත කරල තියන නිසා තත්වය වෙනස් . සියලුම මාධ්ය ඒක පාර්ශවීයව හැසිරෙන පරිසරයක ඇති වුනු විකෘති තත්වයක් තමයි ඒක

      Delete
  13. ඇත්තටම නිදහස නැත්තේ ඔහුට පමණද ??????
    මොකුත් නොකියමි බුවා..කියවන හැමෝම හිතෙන්ම ප්‍රශ්නෙට උත්තරේ හෙවිවොත් ( හිතට එකගව ) හරි උත්තරේ ලැබෙයි නේද ?

    ReplyDelete
  14. SF ගැන දුකයි.. ඒ ගැන කතා කරන එකත් බීරි අලින්ට වීණා වයනවා වගේ වැඩක්.... හැමෝම තමන්ගේ න්‍යාය පත්‍ර ඉහලට ගන්න SF ඔබා ගන්නවා විනා ඔහු වෙනුවෙන් අවංක හැඟීමකින් ක්‍රියා කරන්නේ නෑ කියන එක තමයි මගේ පුද්ගලික හැඟීම....

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකව දේශපාලනයට අරන් ආවෙම තමන්ගෙ දේශපාලනික අවශ්‍යතා සපුර ගන්න

      Delete
  15. නිදහස ගේන්න මහන්සි උන වීරයෙක්ගේ නිදහස අහිමි උන එක ගැන ඇත්තටම දුකයි..

    ReplyDelete
  16. ජෙනරාල් නිදහස් විය යුතුයි. එත් සුදු කොඩි නඩුව තමයි පරහකට තියෙන්නේ...
    තීන්දුව හරිද වැරදිද මං දන්නේ නැහැ.සුදු කොඩි කතාව ජෙනරාල් කියලානම් දඩුවම් විදින්න ඕන.

    ReplyDelete
    Replies
    1. //සුදු කොඩි කතාව ජෙනරාල් කියලානම් දඩුවම් විදින්න ඕන.//

      KC , Where were you living ?

      http://www.youtube.com/watch?v=oggCA19H9Oc

      Delete
    2. ඔය තියෙන්නෙ විඩියෝවේ භාගයයි ,ඔය කථාවෙදි ෆොන්සේකා කරන්නේ තමන්ගේ ප්‍රකාශය පැහැදිලි කරන එක . මුලු විඩියෝව ඔතන නැ . , අනෙවශ්‍ය කථාවක් පැහැදිලිවම , නමුත් සිර ගත කිරීමට තරම් වැරැද්දක්ද ?

      කේ.සී ගෙ අදහස මොකක්ද ඔය ගැන

      Delete
    3. ඔය video එක බැලුවම මට එක දෙයක් පැහැදිලි. ගෝටා තමයි හරි හෝ වැරදි හෝ යුද්දේ දිනන්න යුද බුමියට උපදෙස් දීල තියෙන්නේ. යුද හමුදාපති යුද බුමියේ සිදුවන දේවල් දැනගන තියෙන්නේ යුද බුමියේ හිටපු මාද්‍ය වෙයිදීන්ගෙන්

      Delete
  17. පෝස්ට් එක සහ කොමෙන්ට් ඔක්කොම කියෙව්වා. නොදන්න දේට කට නොදා, නිරීක්ෂණය කරල, මොනව හරි ඉගෙන ගන්න බලන්නං

    ReplyDelete
  18. @සියලු දෙනාටම - අදහස් දැක්වුවාව ,වාද කලාට බොහොම ස්තුතියි (තවත් අදහස් තියන එව්වා පහලින් සටහන් කරන්න පුලුවන් ) , ෆොන්සේකා නෝන මහත්තය කියන්නේ සාකච්ඡා සාර්ථකය කියලා . මේ තියෙන්නේ අද දිවයිනේ ඒ ගැන වාර්ථාකරනය

    http://www.divaina.com/2012/02/07/news01.html

    ReplyDelete
    Replies
    1. ඔය සාකච්ඡාවේ video එක මම බැලුවා. SF ගැන තවත් කල කිරුන. මොකද අනෝමා නෝනට ලගින්ම වාඩි වෙලා හිටියේ වික්‍රමබාහු

      Delete
    2. අප්පෝ වික්‍රමබාහු ලගින් හිටිය නම් ඕකත් හබක් තමා

      Delete
  19. අප්පා, දැනුයි කියවලා ඉවර උනේ .....
    පෝස්ට් එක මරු, කමෙන්ට් ටික මරේ මරු ......

    ReplyDelete
  20. පොන්නයා එහෙනම් මේකයි මේ උඹේ වැඩකට නැති කුණු බ්ලොග් අඩවිය.උඹේ පොන්න කම ඇයි බන් ලෝකෙටම කියන්නේ මේ විදියට.මීට වඩා හොඳයි පාරේ ඉඳගෙන හැමෝටම ඇහෙන්න කියපන් උඹ පොන්නයෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. වැඩකට නැති කුණු බ්ලොග් අඩවි වල කමෙන්ට් දන්න මොකට කාලේ නාස්ති කරනවද මන්ද

      Delete
  21. සමාවෙන්නමේ කතා බහ අතරේ මේ ලින්ක් එක දානවට

    මේ කමෙන්ට් එක පබ්ලිෂ් කරන්න එපා

    http://wasara67.blogspot.com එක බ්ලොග් ප්‍ර මෝ සින්ඩියට ඇතුලත් කරගන්නවද?

    ස්තුතියි
    වෙනුවට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව