බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Sunday, May 13, 2012

    නාමේ නොදිරනා !

    ක්ෂණික ප්‍රතිචාර : 


    බ්ලොග් අවකාශයේ හමුවූ සොඳුරු සහෘදයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා !


    කිසි දිනෙක මුණ ගැසී , සිනහා වී , කථා බහ කර නැතත් ඔබගේ වියෝව  හදවත තුල ජනිත කරන සංවේගය සයිබරය තුලින් ඔබ දැක්වූ මිත්‍රත්වයේ මහිමයේ සලකුණක් .

    //පෝස්ට් එක සහ සියලුම කොමෙන්ට් කියෙව්වා// 

    වාද විවාද වලට මැදි නොවු , හිතහොඳ මිනිසෙකු  අතින් වාද විවාද මැද්දේදි නිරන්තරයෙන් ලියැවුනු සටහනක් ! . ඔබා අය්යේ නුඹගේ සටහන් හරහා නුඹ තුල වූ සොඳුරු මිනිසාව කියැවූ ,සිංහල බ්ලොග් කරුවන්/ කාරිනියන් අතරේ ඔබගේ මතකය සදා අමරණීයයි !

    ----------------------------------------------------------------------------------------------------------------------

    ////මොකෝ කාලෙකින් මුකුත් ලියල නැත්තෙ, සුදු වෑන් එකක් වත් ගෙවල් පැත්තෙ කරකෙනවද ?//


    //ලංගම බස් වලට, අයින් කරපු බස් වල කොටස් හයි කරන එක නම් හුඟාක් කාලෙක ඉඳන් කෙරුන වැඩක්, ඒ කියල ලංගමට අපහාසෙ දාන්න එපා බුවා {:-)//

                             
                             - නුඹගේ මේ කමෙන්ටුවලට උත්තර දෙන්නට නම් මම පමාවුනා වැඩියි අය්යේ





    30 comments:

    1. ඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

      ReplyDelete
    2. ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

      ReplyDelete
    3. අනේ දෙවියනේ මගේ හිතට දැනෙන දුකක්.ඔහුගේ බ්ලොග් අඩවියේ කිසිදාක කොමෙන්ටුවක් දමා නැත්තෙමි.එහෙත් මට මහා ශෝකයක් දැනේ.ඔහුට නිවන් සුව පතමි

      ReplyDelete
    4. ඔව් බූවා ඔබ හරි මමත් ඔහුගේ දැකපු වටිනාම දෙයක් තමයි කවදාවත් බ්ලොග් අවකාශයේ ගැටුම් වලට මැදි නොවීම. මටත් නිතර දුරකථනයෙන් පවා අවවාද කර තිබෙනවා. එක් වරක් මා බ්ලොග් අවකාශයෙන් යාමට සිතද්දී මට දිරි දී රඳවා ගන්න ඔහු වෙහෙස වූවා. ඒ අතින් වියදම් කරගෙන ලංකාවට ඇමතුම් දී.

      ඔබට නිවන් සුවම අත් වේවා සහෘදය!!!

      ReplyDelete
    5. මගේ ඔලුව කරකවිලා ගියා වගේ.. කවදාවත් බලාපොරොත්තු වුනේ නැහැ ඔබා මාමා මෙච්චර ඉක්මනට අපිව දාලා යාවි කියල..

      ReplyDelete
    6. අයියෝ දෙයියනේ ඔබාට මොකද උනේ , බක් මහා උළෙලටත් ආව නේද , ඔබ‍ට අමාමහ නිවන් සැප ලැබේවා

      ReplyDelete
    7. යහපත් සොදුරු මිනිසුන් ගේ නික්මයාම අදහාගත නොහැකි ශෝකයක්. ඇතෙන්ම ජීවිතය මොනතරම් අස්ථිරද? සනත් විජේවර්ධන, ඔබට නිවන් සුව ලැබේවා!

      ReplyDelete
    8. හිතාගන්නවත් බැරි සමුගැනීමක්. මම මුලින්ම දැනගත්තෙ මාරයගෙ බ්ලොග් එකෙන්. තවමත් ඒ කම්පනය දැනෙනව දැනෙනව වගේ. මම වසර ගණනාවක් සිංහල බ්ලොග් ෆලෝ කරත් මෑතක් වනතුරුම කමෙන්ට් කරේ නෑ. ඔබා මාමා බ්ලොග් එක පටන් ගන්නත් කලින් ඉඳලම අන්තිම පේළියට ලියපු ලිපි කියවල රස වින්ද. ඒ වගේ සරල සුන්දර අත්දැකීම් බහුල මනුස්සයෙක් ආයෙත් අපිට ලැබෙනකන් නෑ. ඔබ නැති අඩුව හැමදාම අපිට දැනේවි. ඔහුව මුණගැහෙන්නත් අවස්ථාවක් ලැබිල ඒක මිස් වෙච්ච එක ගැන මට එදාටත් වැඩිය අද කණගාටුවක් ඇති වෙනව. ජීවිතේ මහ පුදුමාකාරයි. අපි හිතන පතන දේවල් නෙවෙයි වෙන්නෙ. ඔබ අද අපෙන් සමු අරන් නොඑනගමන් ගිහින්. මේ සංසාරගමනේ කවදා හරි නැවත ඔබ මුණ ගැහේවි. එතෙක් සුබ ගමන්.

      සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

      ReplyDelete
    9. තමන් මුලින් බ්ලෙගා බලන්න පටන්ගත් එක ෆගැනත්, ලියන්නට පටන්ගත් එක ගැනත් ඔබ්සෝවර් හිටියේ හරිම සතුටින් බවත්, ඒ මගින් අඳුණාගත් පිරිසේ මිතුරු සමගම ගැන ඊටත් වඩා සතුටින් සිටි බවත් ඔහු සිය පවුලේ අය සමග පවසා සිටිනවා.
      මිනිසසෙකුගේ අකාල නික්ම යාම දුකක්.
      නමුත් දුකක් නොවිඳම අනිවාර්ය අවසානය දැකීම එක්තරා පිනක්!
      ඔබා ට නිවන් සුව ලැබේවා!්

      ReplyDelete
    10. කියලා වැඩක් නෑ.. හරිම කණගා‍ටුයි! මම ලියපු බොහොම ටික කාලෙදි උනත් හැම පෝස්ට් එකක්ම වගේ කියවලා කොමෙන්‍ටුවක් දාල යන්න අමතක නොකරපු නොදු‍ටු හිතවතෙක් ඔබ...

      ReplyDelete
    11. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

      ReplyDelete
    12. Memories don't leave like people do...
      henryblogwalker the Dude

      ReplyDelete
    13. ඔබට නිවන් සුව අත්වේවා !

      ReplyDelete
    14. සනත් මහතා (ඔබා මාමා) වෙනුවෙන් ශෝක වන පිරිස අතරට මම ද එක් වෙමි.

      ReplyDelete
    15. Sanath Wijewardhane mahathata "Nivan suva athweva!" pauwle samata mage sokaya!

      ReplyDelete
    16. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

      ReplyDelete
    17. ඇත්ත බුවා ...ඔබා මාම එක්තරා අපට අමතක යුගයක් වර්තමානයට යාකල පාලමක් වගේ . මම කැමතිම වුනේ ඒ පරණ ලංගම කතා අහන්න . නොකිව්ව කතා ගොඩක් එක්කම ඔහු යන්න ගිහින් .

      ReplyDelete
    18. ලංකාවට යන ගමනේත් ආපහු එනකොටත් මගේ නිවහන හරහා ගියා.. අපි කතාකරකර පැය ගණන් ගතකලේ අවුරුදු විසි තිස් ගණනක් දන්නා පවුලේ අය වගෙයි.. මිතුරෙක් හැටියට දුරින් දැනගෙන සොහොයුරෙක් හැටියට ලංවෙලා යන්නගියා. අවාසනාවන්තයා මමයි ඔබා.. අද අපේ ගෙදර කඳුලින් පිරිලා. ජීවිතේ ගැන ලොකු පාඩමක් අපිට කියාදුන්නා කිසිම බරපතල වාක්‍ය නොයොදා හැමදාම .. නිහඬවම කලයුතු සේවාවන් කළා දිය යුත්තන්ට නිහඬවම දුන්නා.. යන්න හිතුනාම නිහඬවම ගියා. බ්ලොග් අවකාශය මල ගෙදරක් වගේ පාලුයි ඔබා..

      ReplyDelete
    19. ඔබා දේශපාලනේදි වාද නොකලට ඔහුගෙ වාද සහ උපහාස හරිම රසවත් උනා සමහර තැන් වල.

      මොන තරම් වැඩ තිබ්බත්, බ්ලොග් බැලිල්ලයි ලිවිල්ලයි එහෙම පිටිම්ම නැවතිල තිබ්බත් මේ කමෙන්ට් කීපය දාන්නෙ උඹ වෙනුවෙන් මට කරන්න පුලුවන් එකම දේ ඒ හින්දයි ලොක්ක.

      ReplyDelete
    20. හිතා ගන්න බෑ... හැබැහින් නොදැකපු... කතානොකල කෙනෙක් වෙන් වෙලා ගියහම දුකක් දැනුනු පලමු අවස්ථාව... ඒ බ්ලොග් ලෝකයේ ඔබ මගේ සමීප මිතුරෙක් නිසා වන්නට ඇති... වයස් පරතරය නොදැනුනේ ඒක නිසා වෙන්න ඇති. මම බ්ලොග් කියවන්න පටන් ගත් දවසේ මුලින්ම මතකයේ රැඳුනු චරිතය ඔබයි...
      ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා....!!!
      යලිත් සිංහල බ්ලොග් ලෝකය සරසන්න අප අතරම යලි ඉපදේවා...
      එදාට අපි මාමලා වෙලා ඉදිවී... නැවත හමුවන තුරු..........................................................

      ReplyDelete
    21. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

      ReplyDelete
    22. my deepest sympathies...Mayya

      ReplyDelete
    23. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

      ReplyDelete
    24. හ්ම්ම් ඔබා අයියා සමුගත්ත බව දැන ගත්තේ දැන් මේ බුවාගෙ ලිපියෙන්. විහිඵවක් තහඵවක් සමග විවේචන, සිත් රිදවන වචන නැතුව කා එක්කත් සුහදව සිටි යහපත් මනුෂ්‍යයෙක් නැතිවීම දුකක්. පුද්ගලිකව හැඳිනගෙන නැතත් බ්ලොග් හරහා ඇතිවුණ මිත්‍රත්වයක් ඔහු සමග තිබුණා. අනපේක්ෂිත මේ පණිවුඩය දුකක් ගෙන එන්නේ එනිසයි.
      එතුමන් යහපත් අලුත් ජීවිතයක සැනසේවා !

      ReplyDelete
    25. ආදරණීය ඔබා මාමගේ මරනයෙන් දුකට පත්වූ පවුලේ සැමටත් විශේශයෙන්ම ඔබී නැන්දාට සංවේගය පල කරමි ......
      ඒ සොදුරු මිනිසා ට නිවන් සුව පතමි

      ReplyDelete
    26. වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

      මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

      විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

      ඔබා මාමාට නිවන් සුව.

      (මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)

      ReplyDelete
    27. ඔබට නිවන් සුව ඔබා මාමේ....

      ReplyDelete
    28. ඔබට නිවන් සුව ඔබා මාමේ....

      ReplyDelete
    29. මම එන්න කලින් ඔහු ගිහින්...

      ඔබා මාමාට නිවන් සුව !

      ReplyDelete
    30. http://mothagamanaya.wordpress.com/2012/05/15/%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%94%E0%B6%B6%E0%B7%8F-%E0%B6%B8%E0%B7%8F/

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...