Skip to main content

ආශ්චර්‍ය්ද්වීපයේ පලාත් සභා ඡන්දය


ආශ්චර්‍ය්ද්වීපයේ තවත් ඡන්දයක් අත ලඟය. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකටම නැති පක්ෂත් තම තමන්ට ඡන්දය දිය යුතු හේතු බොහෝ දුරට කියා අවසන්ය . මේ දවස් දෙකට අලුතෙන් මොකුත් කියන්නට ඉඩක් නැති නිසා මේ සුදානම ඒවා ගැනත් ඡන්ද ප්‍රථිපලයේ බලපැම පිලිබඳවත්  මදක් විමසා බැලීමටය .

ආණ්ඩුව මූලික සටන් පාඨ දෙකක් හරහා තම මැතිවරණ මෙහෙයවනා බවක් මැති ඇමති වරුන්ගේ ප්‍රකාශ සහ රාජ්‍ය මාධ්‍ය වල ප්‍රකාශයන් හරහා  නීරීක්ෂය කල හැක . ඉන් පලමු වැන්න නම් රජය ගෙනියන සංවර්ධන ක්‍රියා දාමය ඉදිරියට ගෙන ගොස් රට ආශ්චර්යයක් කීරීම සඳහා පලාත් සභා බලය ලබා දීමය . දෙවැන්න ජාත්‍යන්තර ප්‍රජාවට සහ දෙමල ඩයස්පෝරාවට පණිවුඩයක් දීමය . මින් පලමු වැන්න තාර්කික මැතිවරණ සටන් පාඨයකි .  බලයේ පවත්නා රජයක් හැටියට තමන් ගෙනයන ක්‍රියාදාමය අනුමත කරනා ලෙස ජනතාවගෙන් ඉල්ලා සීටීම යුක්ති සහගත වන අතර තමන් එය අනුමත් කරන්නේ නම් රජය වෙනුවන් ඡන්දය භාවිතා කිරීමේ හැකියාව ජනතාව සතුය . දෙවන සටන් පාඨය න්‍යායික වශයෙන් නැගෙනහිර පලාත් සභාව වෙනුවෙන් අදාල වුවත් එහි කිසිදු ප්‍රයෝගික  සත්‍යතාවයක් නොමැත . එදා මෙදා  තුර දෙමල ඩයස්පෝරාවේ හැසිරීම ශ්‍රි ලංකා රජයට තිබු ජන ප්‍රසාදය අනුව තීරණය වුයේ නැත . මේ දක්වාම නැගෙනහිර පලාත් සභාව රජය නියෝජනය කරනා හිටපු කොටි සාමාජිකයෙක් විසින් පාලනය කලත් දෙමල ඩයස්පෝරාවේ ක්‍රියාමාර්ග වලට එහි බලපැමක් තිබුනේ නැත .ශ්‍රි ලංකාව කෙරේ තීරණනාත්මකව බලපැ ජාත්‍යන්තර දේශපාලනික තත්වයන්හිදී ලෝකයේ රටවල් ක්‍රියා කල ආකාරය  නිරික්ෂය කල විට හුදෙක් එය ඔවුනගේ දේශපාලනික අවශ්‍යතාවයන් සහ ශ්‍රි ලංකාව හෝ තමන් නියෝජනය කරන දේශපාලනික කඳවුර මත මිස ශ්‍රි ලංකාවේ පවතින යථා තත්වය වෙනුවෙන් ගත් තීන්දු තීරණ නොවන බව පැහැදිලිය . ඉරානය චීනය වැනි ශ්‍රි ලංකාවට "මිතුරු" යැයි කියනා රටවල ස්ථාවරය මෙන්ම "හතුරු" යැයි කියනා රටවල ස්ථාවරයද ලංකාවේ ජනතාවගේ ඡන්දය නිසා කිසි ලෙසකින් හෝ වෙනස් වන්නේ නැත . අනෙක් රටවල් තබා මේ සිදුවීමෙදී වඩාත් සංවේදී රාජ්‍යය වන ඉන්දියාවේ මධ්‍යම රජය පමණක් නොව තමිල්නාඩු ප්‍රාදේශීය දේශපාලනයද ක්‍රියා කරන්නේ ශ්‍රි ලංකාවෙ දෙමල ජනතාව පිලිබඳ අනුකම්පාවෙනු නොව   වෙනුවෙන් නොව තම තමන්ගේ දේශපාලනික න්‍යායපත්‍රයන් වෙනුවෙනි .ජාත්‍යන්තර ප්‍රජාව ඡන්ද ව්‍යාපාරය තුල විකුණා කැම පසක තබා අවුල් වී ඇති විදේශ ප්‍රතිපත්තිය නිවැරදි කරගැනීමට රජය විසින් කටයුතු කල යුතුව ඇති අතර චීන ආරක්ෂක ඇමති මෙරටට පැමිනි පමණින් බොරුවට චූන් වී ඉන්දියාවට එරෙහිව චීනය සමඟ ආරක්ෂක ගිවිසුම් වලට එලඹීමට කථා කරන ගුණදාස අමරසේකරලා වැනි රජයේ පාර්ශව කරුවන් පිලිබඳ අවධානය යොමු කිරීම වඩාත් වැදගත්ය [චීන ආරක්ෂ ඇමති වරයා  මන් මෝහන් සිං සමග ඒකා බද්ධ යුධ අභ්‍යාස සඳහා කටයුතු සුදානම් කරගැනීමෙන් අමරසේකර මහතලාගේ  ආතල් එක දවස් කිහිපයකින් කුඩු පට්ටම් වීම  වෙනම කථාවකි ]

ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂයට  නිතැතින්ම හිමි වන ඡන්ද සටන් පටන් පාඨය එනම් රජයේ ක්‍රියාපිලිවෙත ට එරෙහිව අප වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න යන්න මෙවරත් විපක්ෂයේ සටන් පාටය වි ඇත . මෙහි ඇති විශේෂත්වය නම් පසුගිය සමයේ පැවති අනෙකුත් සියලුම මැතිවරණ වලට සාපේක්ෂව රජයේ ක්‍රියා පිලිවෙතට විරෝධය පල කල යුත්තේ ඇයි යන්න සාධාරණීකරනය කිරීමට අවැ සි  තර්ක වුවමනාවටත් වඩා විපක්ශය වෙනුවෙන් පැවැතීමයි .එහිදි වඩාත්ම වැදගත් කරුණ වන්නේ මෙම තර්කයන් බහුතරයක් ජනතාවට සමීප නොවන රජයේ බරපතල මට්ටමේ අනාගැනීම් වලට වඩා ජනතාවට හොඳින් දැනෙන , දේශපාලන වේදිකාවේ විකිණිය හැකි තර්කයන් වීමයි

රජයේ එක කකුලක්  තබා ගනිමින්ම මැතිවරණයට පිවිසි ඇති මුස්ලිම් කොංග්‍රසයත්  , ත්‍රිකුණාමලේදී ජානිපයත් සුපුරුදු පරිදි තමන්ගේ අන්තවාදි දේශපාලනය යහමින් විකුනමින් සිටිනා අතර බලයක් හිමි කරගත නොහැකි ජානිපේ සන්ධානය තුරුල්ලේම සිටිමින් කටයුතු කරත්දි මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර බලය හිමි කරගැනීම වෙනුවෙන් එලිපිටම රජය හා ගැටුමකට පිවිසී ඇත


මෙම මැතිවරණය සියලුම දේශපාලන බලවේගයන්ට එකසේ වැදගත් සහ අභියෝගාත්මකය . උතුරු මැද හා සබරගමු පලාත් සභා වල බලය රැක ගැනීම රජයේ පැවැත්ම වෙනුවෙන් අත්‍යාවශ්‍ය වන අතර පෙර මන්ත්‍රි දූර සංඛ්‍යාවට වඩා අඩු  පාලන බලය ලබාගැනීමක් හෝ රජයේ ගමනට අහිතකරය . නැගෙනහිරදී පාලන බලය ලබාගැනීම රජයට උදම් ඇනිය හැකි අවස්ථාවක් වනවා ඇත . රජයට එරෙහි බලවේගයක් ගොඩ නැගිය හැකි වටපිටාවක එජාපයෙ මන්ද ගාමි  ඡන්ද ව්‍යාපාරය කිසිසේත්ම සැහීමට පත්විය නොහැක . මැතිවරණය ආරම්භයේදී බොරුවට පෙන්වූ රනිල්-සජිත් සමඟිය ඉන්පසු දක්නට නොලැබුනු අතර රජයට එරෙහි ජන මතය ගොඬ නැංවීමේදී එජාපය සාර්ථක වූ බවක් දකින්නට නැත . ජයග්‍රහණය කල හැකිව තිබු මැතිවරණයක් වන මෙහිදී කලින් පලාත් සභා වල තිබු බලය එලෙසින්ම රැක ගැනීම එජාපයේ අනිවාර්ය අවශ්‍යතාවය(ඊට වඩා පහල බැසීමක් එජාපය බරපතල අර්බුධයකට ගෙන යනු ඇත )  වන අතර එජාපයේ වර්ථමාන හැල හැප්පීම් හා  ජාතික මට්ටමේ නොවන මැති වරණයක් වීම යන්න සලකා බැලු විට ජයග්‍රහණය නොකලත් 45% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් දිස්ත්‍රික්ක දෙකකවත් ලබාගත හැකි නම් තම අනාගත දේශපාලනය පිලිබඳ සුභ බලාපොරොත්තුවක් තබා ගත හැක . නැගෙනහිරදී සන්ධානය මුහුණ දී ඇති අභියෝගයට වඩා ප්‍රභල අභියෝගයකට එජාපය මුහුණ දෙන බවද පෙනෙන්ට ඇත , නැගෙනහිරදී පරාජය වුවත් සිංහල ජනතාව අතර ජාතිවාදය විකිණීම හරහා සන්ධානයට සිය පරාජය වසා ගත හැකි මුත් යම් හෙයකින් සන්ධානය නැගෙනහිර ජයගතහොත් එජාපයට පලාත් සභාවේ විපක්ෂයක් අහිමි වන අතර පලාත් සභාවක විපක්ෂ නායක කම හෝ රැක ගත නොහැකි ජාතික සංවිධායක වරයෙකු බවට දයා ගමගේ මහතා පත්වනු ඇත . මුස්ලිම් කොංග්‍රසයට මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීම තුල මුස්ලිම් ප්‍රජාව තුල සිය ආධිපත්‍ය නැවතත් ඉස්මතු කරගැනීමට අවස්ථාවක් හිමිවනු ඇත . එවන් අවස්ථාවකදී බොහෝ දුරට මධ්‍යම රජයෙන් ඉවත් වී දෙමල සංධානය හෝ එජාපය සමඟින් නැගෙනහිර බලය  පිහිට වනු ඇත . නමුත් යම් හෙයකින් නැගෙනහිරදී පරාජයට් පත් වී , දෙමල සංධානය සහ එජාපය සමඟින් රජයක් පිහිටු වීමට  හැකියාවක් හෝ නොලැබුන හොත් එය මුස්ලිම් කොංග්‍රසයේ අනාගත දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇත

දෙමල සංධානයේ ප්‍රභ්ලතම බල කොටු උතුර වුවත් නැගෙනහිරදී තීරණාත්මක බලයක් ගෙන   එජාපය හෝ මුස්ලිම් ක්ංග්‍රසය සමඟින්  බලය පිහිටවිය හැකි හැකි නම් එය ඔවුන් ලබන ප්‍රභ්ලතම ජයග්‍රහණයක් වනු ඇත .එමෙන්ම නැගෙනහිරදී (දෙමල ජනතාව බහුතරය වන ආසන වල ) ලබන දැවැන්ත පරාජයක් වේ නම් ඔවුනගේ පක්ෂ අභ්‍යන්තරය තුලින්ම ගැටුමක් නිර්මාණය වීමේ ඉඩ කඩක්ද ඇත . පෙරටු ගාමින් කැඩි ගිය පසුවත් තමන් ශක්තිමත් බව පෙන්වීමට නම් ජවිපයද අවම වශයෙන් කලින් තිබු මන්ත්‍රි ආසන ප්‍රමාණය රැක ගතයුතුය . එජාපය  දිස්ත්‍රික්කයක ජයක් හෝ කිහිපයක ඉහල ප්‍රතිශතයක්(>45% ) ලබා ගැනීම විකල්ප විපක්ෂයක් වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතා විසින් ගෙන යන වැඩ පිලිවෙලට බරපතල පහරක් වනවාක් මෙන්ම විපක්ෂයේ දරුණු පරාජයක් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු නව විපක්ෂ දේශපාලන බලවේගයක් වෙනුවෙන් හොඳ පදනමක්ද් වනු  නොඅනුමානය !

Comments

  1. නියම විග්‍රහයක් සහෝ..

    මනාපම.. //ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු නව විපක්ෂ දේශපාලන බලවේගයක් වෙනුවෙන් හොඳ පදනමක්ද් වනු නොඅනුමානය !// මේ ටිකට :)

    ජය !

    ReplyDelete
    Replies
    1. පවු බන් උඹේ ෆැන්ටසිය නේ.හැබැයි කොල්ලෝ ඩිංගක් ඉතර කල්පනා කොල්ල බලහන්.මේ පවතින සිස්ටම් එක තුල ඒ කියන්නේ 77 ඉඳන් අද වෙනකන් ආපු පාලකයෝ ටික ලිස්ට් කරල බැලුවම පේන දේ තමයි එකෙක් ගියාම ඊළඟට එන එකා හිටපු එකාට වඩා අන්තයි.ඉඟුරු දීල මිරිස් ගත්ත එක තමයි අපි කොරල තීන්නේ.ඉතින් පුතේ තියෙන ඔලුගෙඩිය වෙනුවට උඹලයි ලොක්ක ගෙනල්ල ඔතන හිටෙව්වත් එම සෙතමයි.එකම වෙනස අද නාමල් කුමාරය විඳින සැප ටික හෙට ධනුන තිලකරත්න විඳීවි.

      Delete
    2. ඔනම පක්ශයකකට ඵක දිගට බලය දුන්නොත් උන් හිතට ඵන ඔනම දහජරා වෑඩක් කිසිම පෑකිලීමකින් තොරව කරන්න පෙලඹෙනවා.
      නමුත් චබන්දයකදී ජනතාව පාලක පක්ශයේ කෙරුවාව කිරලා මෑනලා විපක්ශයට බලය දෙයි කියන අවදානම පාලක පක්ශය දකිනවනම් ජනතා විරෝදී වෑඩ කරන්න පාලක පක්ශයේ උන් පෙලබෙන්නේ අඩුවෙන්.මොනවා කරත් මිනිස්සුන්ගේ සහයෝගය නෑතුව ඉස්සරහා ඵන ජන්දය ගොඩදාගන්න බෑ කියලා උන් දන්න නිසා පිස්සුකෙලින්න පාලකයෝ පෙළබෙන්නේ නෑ.පාලක පක්ශයේ ගොන් වෑඩ ජනතාවට පාලනය කරන්න පුලුවන් චන්දයකදී විතරයි.
      ඵ් නිසා පාලක පක්ශය හරි නෑත්නම් විපක්ශයට චන්දය දීම අනිවාර්යෙන් කල යුතුයි.
      අනික ධනුන තිලකරත්නට ජෙනරාල් තුමා විසින් විශේශ වාසියක් දීලා තිබුනේ නෑ.කරුණාකර ITN ඵකේ සල්ලිවල්ට තප්පුලන ගොනෙක් වගේ ගොන් පාර්ට් දාන්නෑතුව හයි කෝප් නඩුවේ තීන්දුව කියවලා බලන්න.

      Delete
    3. @සැම් කැමතිම කොටසට මගේ නම් විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් නැ , කොහොම වුනත් ෆොන්සේකා මහත්තයා මේ මැතිවරනය පුරාවටම දරපු නිහඬ ස්ථාවරය නම් විපක්ෂයේ ප්‍රබලයෙකු වීමට සුදුසු කමක් විදිහට මම දකින්නේ නෑ , ඒ වගේම මට දැනෙන විදිහට විපක්ෂයේ දැවැන්ත පසු බැමක් නම් දකින්න ලැබෙන එකක් නැ , බොහෝ වෙලාවට පොඩි හෝ වර්ධනයක් තියේවී , එහෙම වුනොත් ෆොන්සේකා මහත්තයට හේම කුමාර , කරු ජයසුරිය වගේ අයට වඩා පිරිසක් එකතු කරගන්න ලැබේවිද?

      @ඇනො 1 - මට ඔබට කියන්න තියන උත්තරේ දෙවෙනි ඇනෝගෙ පිලිතුරේ තියනවා , මාත් දකින්නේ එකම දේ කලා වුනත් ඔලු ගෙඩි මාරුවක් හෝ කාලෙන් කාලෙට සිදුවිය යුතුයි කියන එක

      Delete
    4. දෙමළ ජාතික සංවිධානය ෆොන්සේකාට පුක පෙන්නා මාරු වී ගියේය. මනෝ ගනේෂන් සරම උස්සා පෙන්වා පොයිටු වාරේන් අයියා” කියා මාරු විය. හකීම් පැදුරටත් නොකියාම පොදු විපක්ෂයෙන් පැන්නේය. ජ.වි.පෙ. ෆොන්සේකාට නක්කලය දමමින් සිටින්නේය. එ.ජා.ප. ය ෆොන්සේකාට පා පහරක් දී පන්නා ගත්තේය. අද ෆොන්සේකා “ත්‍රී වීල්” පක්ෂයක නායකයකු බවට පත් වී ඇති අතර ඔහුගේ අන්තර්ජාල සහයක රෑන අති කුජීත භාවයට පත් වී ඇත.

      Delete
  2. බොහොම යතාර්තවාදීව තත්වේ විග්‍රහ කරලා තියෙනවා.

    ReplyDelete
  3. රනිල් ඉන්නකල් යූඑන්පීයට දිනන්න ලේසි නෑ. ජයග්‍රහනයට අවශ්‍ය වටපිටාව තිබුනත් ඇත් ගොව්වගෙ අවුල තියෙන්නෙ. මගේ කලින් පෝස්ට් එකක දැම්ම මේ කතාව තමයි කියන්න තියෙන්නෙ.

    ☺ සර්වඥ ධාතූන් වඩම්මා එයින්ද දේශපාලන වාසි ගැනීමට තරම් මහින්ද මහතා කපටිය. ධාතුවල "ජාතකය හෙවීමට ගොස්" පජාත වීමට තරම් රනිල් වික්‍රමසිංහ මහතා අඥානය.


    ReplyDelete
    Replies
    1. මම ඒ ලිපිය දැක්කෙත් නැද්ද කොහෙද , මේ දවස් වල සැහෙන බිසි නිසා කියවන්නේ සැහෙන්න අඩුවෙන් , ඇත්තටම රනිල් ලොක්කගේ බරපතල සන්නිවේදන දුර්වලතාවයක් තියනවා

      Delete
  4. එක දෙයක් ඇර අන් සියල්ලටම එකඟ විය හැකියි. සැකයක් තිබෙන්නේ මුස්ලිම් කොන්ග්‍රසය, එජාපය හා දෙමළ සංධානය එක්වී පාලනයක් ගෙන යාම. මගේ මතයේ හැටියට ලොක්කා මේ දේ නම් කීයටවත් වෙන්න දෙන්නේ නෑ. අනිත් පලාත් සභා දෙක පැරදුනත් සංධානෙට අවුලක් නෑ. ඒ දෙක කීයටවත් පරදින්නෙත් නෑ. පරද්දන්න පුළුවන් උන්ට ඒ ගැන් උවමනාවකුත් නෑ. මහ ඇමතිලත් උන්ම තමයි. නමුත් නැගෙනහිර තමයි ළෝකයාට පෙන්නන්න ඕන. ඉතින් ඒක හොඳින් හෝ නරකින් හෝ ලොක්කා ගන්න එක ගන්නවමයි. මුස්ලිම් කොන්ග්‍රස් එක ගෙනියන ගේම මම හිතන්නේ ලොක්කගේ ප්ලෑන් එකක්. වඩාත්ම සැක ඔඩොක්කුවේ හිටපු අසාද් සාලී නිසා. ඒ නිසා ගහෙන් ඉල්ලන අය ගහේ සෙවන කෙසේ වෙතත් සාටකේ සෙවනට සෙට් වෙනවාමයි. මුදලට හෝ. මතක තියාගන්න, මුස්ලිම් අය වෙළඳාමට කප් ගහපු අය කියන එක.

    ReplyDelete
    Replies
    1. ඔබේ තර්කය මාත් පිලිගන්නවා බලමු මොකෝ වෙන්නේ කියලා , කොහොම වුනත් සැලකිය යුතු බලයක් මුස්ලිම් කොංග්‍රසයට ලැබුනොත් සංධානයට හේත්තු වෙනවාට වඩා දෙමල සංධානය හෝ එජාපය එක්ක එකතු වෙන එක මුස්ලිම් කොංග්‍රසයට දිගු කාලීනව වාසියි

      Delete
  5. මමනං හිතන්නෙ මේ මැතිවරණවලට එජාපය නමට හිටියාම ඇති...විපක්ෂය විදියට දැඩි ලෙස සටන් කරන්න ඕනි මහ මැතිවරණයේදි සහ ජනාධිපතිවරණයෙදි විතරයි...විපක්ෂයට ශක්තිමත් මූල්‍ය පසුබිමක් නැති අවස්ථාවක රජයේ පාර්ශවයට මෙන් රාජ්‍ය දේපල භාවිත කරන්න බැරි අවස්ථාවක විශාල මුදලක් සහ විශාල කෝලහාලයක් පලාත් සබා සහ අනෙක් දේවල් වෙනුවෙන් වැයකිරීම වැදගත් නෑ...ආන්ඩුව දෙන හැම මැතිවරණයකටම චූන් වෙන්නෙ නැතුව ඕනි ඒවාට විතරක් බැහැලා වැඩ කරා නම් හරි...අනික වෙනත් වෘත්තියක් කරන මනුස්සයෙක්ට ඒ රස්සාව කරග්නන බැරි තරමට ලග ලග මැතිවරණ තියෙනවා....ඒ නිසා ජවිපෙ හෝ එජාප ආන්ඩවෙන් දාන හැම මැතිවරණයෙටම පැනලා දෙන්න ඕනි නෑ කියලයි මම හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක එක්තරා දුරකට නිවැරදියි විපක්ෂය සාමාන්‍ය මට්ටමක පවතිඅන අවස්ථාවක , නමුත් පහුගිය මැතිවරණ වලදි එජාපය ඉතාම දරුණු පසුබැමක හිටියේ , එතනින් එලියට ඇවිත් 40%ට එහා ප්‍රතිශතයක ඉන්න එක විපක්ෂය සමාන්‍ය මට්ටමේ පවතින්නත් අර්බුධ උත්සන්න නොවෙන්නත් අත්‍යාවශ්‍යයි

      Delete
  6. කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්න වෙනවා කියල කථාවක් තියෙනව නෙ. ආණ්ඩුව තාම කන්ද නගිනවා, එජාපය තාම බහිනවා. එජාපයට තීරණය කරන්න වෙන්නේ කන්දෙන් පහළට පනිනවා ද නැත්නම් හෙමින් බහිනවා ද කියන කාරණයයි. පනින එකේ වාසි වැඩියි කියලයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. එජාපයට මේ ඡන්දෙදි වත් පොඩ්ඩක් හෝ ඉහලට නැග ගන්න බැරි නම් සොරිම තමා

      Delete
  7. මොන රෙද්ද සිද්ද උනත් අපිට ලැබෙන කෙහෙල් ගෙඩියක් නැත.මහින්ද යුද්ධ කරන්ඩ දක්ෂයාය.දිනූ යුද්ධය කරේ තියාගෙන රට කෑම වලක්වා ගන්ඩ රනිල්ලාට හැකියාවක් හෝ උවමනාවක් නැත.ජනතාවාදී ආණ්ඩු නැත.ඇත්තේ බඩගෝස්තරවාදීන් පමණය.

    ReplyDelete
  8. දේසපාලනේනං එපා වෙලා තියෙන්නේ!!!!!!!!
    ඒත් හොද විග්‍රහයක්!!!!

    ReplyDelete
  9. සබරගමුව සහ උතුරු මැද ගැන නම් කථා කරන්න දෙයක් නැහැ..ඒක ආණ්ඩුව ජය ගන්න තියන ඉඩ කඩ වැඩියි..! නැගෙනහිර ඉස්මතු වෙමින් පවතින ජාතිවාදයත් ආන්ඩුව ඔවුන්ගේ වාසියට යොදා ගන්න බවක් තමයි ඔබ කියන හැටියටම පේන්න තියෙන්නේ....වෙනසක් උනොත් ඒ බලය කණපිට හරවන්න ආණ්ඩුව ඉක්මන් පිළියම් යොදන නිසා විපක්ෂයත් මේ වෙලාවේ ඕනෑවට වඩා මැතිවරණ ජය වෙනුවෙන් මහන්සි විය යුතු නැහැ කියන එකයි මගේ අදහස....වඩා වැදගත් ජාතික මට්ටමේ මැතිවරණ වලට සම්පූර්ණ බලය යෙදවිය හැකි වන ලෙස විපක්ෂය සංවිධානය වන්නට මේ මැතිවරණ ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් හොඳයි..

    ReplyDelete
    Replies
    1. //ඩා වැදගත් ජාතික මට්ටමේ මැතිවරණ වලට සම්පූර්ණ බලය යෙදවිය හැකි වන ලෙස විපක්ෂය සංවිධානය වන්නට මේ මැතිවරණ ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් හොඳයි//

      එකඟයි

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පවතින තත්ත්වය අනුවනම් සබරගමුවේ දී එ ජා ප යට ආසන දෙකක් වැඩි වෙයි. ඒත් සන්ධානයට කිසිම බල පෑමක් වෙන්නෙ නෑ.අඩුවෙන්නෙ ජ වි පෙට තිබූ ආසන දෙකයි.

      රනිල් රත්නපුර දිස්ත්‍රික්කයේ පොදු රැස්වීමට ගිහින් පුද්ගලිකව හසිත මුහන්දිරම්‍ නොහොත් "සර්පයා" ගෙ රැස්වීමටත් ගියා.(සර්පයා කියන්නෙ මහදවාලේ මිනිස්සු කීප දෙනෙක් මරපු ප්‍රසිද්ධ මිනීමරුවෙක්, හිටියෙ හිරේ.මෙවර මුගේ පෝස්ටර්වල තියෙන්නෙ "අවවාදයයි...සර්පයා නිදහස්"....)එහෙව් මිනීමරුවෙක්ගෙ රැස්වීමකට තමා රනිල් ගියේ,එහෙම ගිහින් රී ප්‍රෙෂ් කළේ එ ජා ප යේ මිනීමරු ඉතිහාසයයි. ඉතින් සන්ධානෙ ගැන අන්තෙටම කලකිරිලා ඉන්න එකාත් ගිහින් බුලත්කොළේටම ඡන්දෙ දෙනවා, පොදුවේ රටට කෙලවෙනවා.....

      Delete
    2. සර්පයා එජාපයේ මිනි මරු ඉතිහාසයට සම්බන්ධද ? පොර අනික් පැත්තෙ ලොක්කෙක්ගේ ගෝලයෙක් නේද ඉස්සර ? සර්පයා වැඩිම මනාප ගන්න යූඑන්පී කාරය වෙන්නත් ඉඩ තියෙයි(ගිය පාර දෙක නේ ) ! ජවිපෙට එකක්වත් නොලැබෙනවා නම් ඒක කණගාටු දායකයි

      Delete
  11. ආණ්ඩුව කොහොමත් මේ චන්දය දිනන බව පැහැදිලිය.රාජ්‍ය බලය නොයෙදුවත් මොන ජිල්මාට් එකක්වත් නොදා ලෙහෙසියෙන්ම ආණ්ඩුවට දිනන්න පුළුවන්ය යන්න යථාර්තයයි.හේතු දෙකකි එක මේ රටේ ජහමනයට තමන්ගේ ගෝත්‍රික අන්තවාදීතත්වයට ගැලපෙන හොඳම ආණ්ඩුව මේකය.දෙක රැල්ලකින් මිස නැගිට්ටුවන්ට බැරි ජහමනයව ආණ්ඩු පෙරලියක් සඳහා මෙහෙය විය හැකි විපක්ෂයක් නැත.ඒ මදිවට උන් මේ ආණ්ඩුවට දිනන වැඩි චන්ද ප්‍රමාණය ඉහල දමා ගැනීම සඳහා දෙන්නේ නොමද සහයෝගයකි.මංගල ලොක්කා සෙට් එකම එකතු වී පහු ගිය කාලේ තලු මැරූ ජිල්මාට් කතාව බොරුය කියයි.රනිල් ලොක්කා සුපුරුදු පරිදි සන්නිවේදන දුර්වලතා නිසා නා ගනී.ජෙප්පෝ ඉතුරු වී සිටින කාඩරයන් දෙතුන් දෙනා ලව්වා උන්ගේ ලීෆ් ලට් උන්ටම බෙදා ගනිති.ෆොන්සේකා ලොක්කා තමන්ගේ නෝනව පළාත් සභාවට රිංගවන්න දත මදියි.ඔය අස්සේ ආණ්ඩුවෙන් තාත්තිව මරාගත්තයි සුකුමාල විලාපයක් නැගු හිරුනිකා නංගියා ආණ්ඩුවේ වේදිකාවට ගොඩ වෙයි.මෙව්වා මෙහෙම වෙද්දී ආණ්ඩුවට වැටෙන චන්ද ගොඩ අඩු උනොත් තමයි පුදුම.මෙදා පාර පළාත් සභා වේදිකාවේ විපක්ෂයට බැට දෙන්නේ වෙනදා මෙන් විමලෙලා චම්පිකලා වැනි ආණ්ඩුවේ බෝක්කු කට වල් නොවේ .අනර්කලීලා පබා හිරුනිකා නංගියලා මේ විපක්ෂයට එරෙහිව හොඳටම ප්‍රමාණවත්ය.!

    ReplyDelete
    Replies
    1. විපක්ශය දුර්වල වෙලා තියෙන්නේ විපක්ශයේ වරදින්ම විතරක් නෙවෙයි යාලුවා.විදයක ජනාදිපති කම තියනකන් දියසේන කුමාරයා විපක්ශෙන් චන්දෙ ඉල්ලුවත් ඌටත් දිනන්න අමාරුයි.
      කොටින්ම ඔච්චර වෑඩකාරයා කියන මහිද්ද මහත්තයාටත් චන්ද්‍රිකා නෝනා යන්කන්ම අවුරුදු ඵකොලහක්ම අහින්සක විදියට ඉන්න උනානේ.අන්තිම මොහොතේ මෑඩම් අනුර මල්ලිට දීලා ගියානම් අද මහින්ද මහත්තයෙක් නෑතිය.

      Delete
    2. මේ කමෙන්ට් දෙක ඇතුලෙම එකඟ වෙන අදහස් තියනව , ස්තුතියි

      Delete
  12. හ්ම්ම්..හොඳ ලිපියක්!

    ReplyDelete
  13. මේ ලිපියෙත් කමෙන්ට්වලත් තියෙන ප්‍රධාන කාරනේ ආන්ඩුව දිනන්නේ විපක්ෂෙ දුර්වල හින්ද කියන එක. මේක පට්ට ‍බොරුවක්. විපක්ෂෙ දුර්වල නෑ. ජන පිලිගැනීමක් තියෙන දක්ෂ මිනිස්සු විපක්සෙ ඕන පදම් ඉන්නවා. ඒ්ත් ආන්ඩුවට අභියෝග කරන්න තරම් උන්ට බෑ. එක්කෝ නිවැරදි අභියෝගය කරන්න දන්නෙ නෑ.
    මිනිස්සුන්ට ඕනෙ දේ දන්නෙ නෑ. මිනිස්සු තීරන ගන්නෙ ඊනිවුස් කියෝලා නෙමේ. තමුන්ගෙ වටපිටාව බලලා. නැගෙනහිර ගිහින් ඔය වැදගත් මහත්තුරුත් වටපිට බලලම තීරනයක් ගන්ඩ.

    ReplyDelete
    Replies
    1. //එක්කෝ නිවැරදි අභියෝගය කරන්න දන්නෙ නෑ.//

      මේක නම් පැහැදීලිවම දකින්න තියෙයි

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව