Skip to main content

කුසලානය අභියස සිංහ පෝතකයින්




උණුසුම් තරඟාවලියක් අවසානයේ සිංහ පෝතකයින් ජයග්‍රහණයේ අභියසටම ඇවිත් . සාමාන්‍යයෙන් හැම ක්‍රිකට් තරඟාවලියක් ගැන වචනයක් හෝ සටහන් කලත් ,කථා කරන්න බොහෝ දේවල් තිබුන මේ තරඟාවලිය ගැන සඳහනක් හෝ කරන්න අධික කාර්ය බහුල කම නිසා මේ දක්වාම ඉඩක් ලැබුනේ නෑ , කොහොම වුනත් අපේ කොල්ලන් ජයග්‍රහණය පෙනි පෙනි ඉන්න වෙලාවක ඒ ගැන සුභ පතන්න කුඩා සටහනක් හෝ එකතු කරන එක ශ්‍රි ලාංකීය ක්‍රිකට් ලෝලියෙකු විදිහට මගේ වගකීමක් .

 20-20 තරඟාවලිය ට එකතු වුනු කණ්ඩායම් අතර සංඛ්‍යාත්මක හා තාර්කික  දත්ත අනුව පදනම්ව දක්ෂතා සංසන්දනය කිරීමක් කලොත් ශි ලංකා කණ්ඩායම හිටියේ ටිකක් පිටි පස්සෙන් . ඉතාම සමබර කණ්ඩායම විදිහට දකුණු අප්‍රිකාවත් , හොඳම පිතිකරුවන් එකතුව විදිහට ඉන්දියානු කණ්ඩායමත් , හොඳම පන්දුයවන්නන් එකතුව විදිහට පකිස්ථානු කණ්ඩායමත් දැක ගත හැකිව තිබුනා . නමුත් මේ සියල්ලන් අභිබවා අපේ කොල්ලන් අවසන් තරඟයට ගියේ කොහොමද ?

ඒ පිටුපස මම දකින එකම රහස තමයි , අපේ අය කණ්ඩායමක් විදිහට එකමුතු දක්ෂතාවය අනික් සියල්ලන්ටම වඩා සාර්ථක වීම . කොදෙව්වන් ක්‍රිස් ගේල් මත ඔස්ට්‍රේලියානුවන් වොට්සන් මත ඉන්දියානුවන් කෝලි සහ අශ්වින් මත , පකිස්ථානුවන් අජ්මල් මත වැඩි බරක් තියත්දි ශ්‍රි ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය අවස්ථානු කූලුව විවිධ ක්‍රිඩකයින් අතරත් , බොහෝ විට මුලු කණ්ඩායමේම ක්‍රිඩකයින්  අතරත් බේදී ගියා . මේකට හොඳම උදාහරණය  අවසන් පුර්‍රව  තරඟ දෙක . ලංකාවේ ජයග්‍රහනයට හේතුව මහේලද , රංගන ගේ කඩුලුද , මාලිංගගේ අඩු ලකුණු පන්දු වාරද , එහෙමත් නැති නම් තිසර අන්තිම ඕවරේදි නෙලපු 4 පාරවල් ටිකද කියල   හරියටම වෙන් කරන්න හැකියාවක් නැතත් , කොදෙව්වන්ගේ ජයග්‍රහණයේ වැඩිම බර සුපුරුදු විදිහටම දැරුවේ ක්‍රිස් ගේල් .

කණ්ඩායමක් විදිහට තරඟාවලිය පුරාවටම සුපිරි දක්ෂතා දක්වපු සිංහ පෝතකයින් මේ වන විටත් 20-20 ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක එකට පත්වෙලා ඉන්නේ දෙවෙනි කණ්ඩායමට වඩා  වැඩි (රේටින් ) ලකුණු 13 කින්


Reliance ICC T20 Ranking
TEAMMATCHESQFY
MATCHES
POINTSRATING
1Sri Lanka11141459133
2India11141322120
3England14201647118
4South Africa13181526117
5Pakistan18262088116
6West Indies11151267115
7Australia15201615108
8New Zealand1318126197
9Bangladesh71059785
10Ireland81265982
11Zimbabwe71030644
Developed by David KendixLast Updated: Fri, Oct 5, 201




ඊයේ කොදෙව්වන් ලබපු සුපිරි ජයග්‍රහණයත් එක්ක පොඩි තිගැස්මක් ඇති වුනත් තවමත් කුසලානයේ වැඩි වාසිය තියෙන්නේ අපේ කොල්ලන්ට .ඒ වගේම අවසන් තරඟයේදී පරාජයට පත්වුනු ආසන්නම අවස්ථා තුනට වඩා මේ වර අපිට  ජයග්‍රහයණය කිරීමට තියන  සම්භාවිතාවත් වැඩියි . ඒ අවසන් තරඟ වලදී අපි මුහුන දීපි ඕස්ට්‍රේලියානු , පකිස්ථානු සහ ඉන්දියානු කණ්ඩායම් වලට සාපේක්ෂව බටහිර ඉන්දිය කොදෙව්වන් පහසු ඉලක්කයක් නිසාත්  , අනෙක් අතින් 2011 ලෝක කුසලානයේදී ඉන්දියානුවන් එක්ක තිබුනු භූමි වාසිය සහ ප්‍රේක්ෂක සහය මෙවර තියෙන්නේ අපිට නිසාත්

එහෙම නම් සිංහ පැටවුනට මේදා සැරේ කප් එක උස්සන්න අවශ්‍ය කරන ශක්තිය , ධෛර්යය හා වාසනාව (ක්‍රිස්ගේල් ලකුණු 20කට අඩුවෙන් දැවී යාම ) ලැබේවා කියා මම මුලි හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා 

------------------------------------------------------------------------------------------------

රැන්කින් දත්ත - http://www.icc-cricket.com/match_zone/team_ranking.php
ඡායාරූපය - https://www.facebook.com/Slcfans

ප.ලි- මේ සතියත් බුවාට කාර්ය බහුලයි සැහෙන්න ඒ නිසා , ප්‍රතිචාර වලට පිලිතුරු දෙන්න අවස්ථාවක් නොලැබෙන්න පුලුවන් . ප්‍රතිචාර දක්වන සැමටම Thanks in Advance  !

Comments

  1. බලමු බලමු! අපෙ කට්ටිය සුවර් නෑ! :D

    ReplyDelete
  2. එදිනට දක්ෂයින් හා වාසනාවතයින් දිනයි... ක්‍රිකට් දිණුවනම් ඒ ඇති.. ඒ කියන්නේ ඇඟ කිලි පොලා යන මැච් එකක්... නැත්නම් වැඩක් නෑ...

    ReplyDelete
  3. අර ක්‍රිස් ගේල් කිව්වේ I Love Sri Lankan Fans. But Sorry Sri Lanka. This time it is a West Indies Final කියලා අපිව බය කොරාන්ට හිතගෙන වෙන්ට ඇති. මීවන ජයේ කියා රාවණා පිල්ලියක්වත් යවමු නේද?

    ReplyDelete
  4. මම නං විදේශ කණ්ඩායම් වලින් වැඩියෙන්ම කැමති කණ්ඩායම තමයි වෙස්ට් ඉන්ඩීස්. රටවල් දහයක් පහලවක් එකතු වෙලා ඒකම කණ්ඩායමක ක්‍රීඩා කරන කොට පොඩි ජොලියක් තියෙනවා

    ReplyDelete
  5. බටහිර ඉන්දීය කොදෙව්වන් ෆයිනල් ආපු එකට සතුටුයි.

    ජය වේවා !

    ReplyDelete
  6. කෙ‍ාදෙව්වන්ට 20-20 ගැලපෙන බව මම කිව්වෙ කාලෙකට ඉස්සර. සාමාන්‍යයෙන් ලංකාවෙ, කොදෙව්වන්ට එරෙහි රෙකෝඩ් හොඳයි. ඒත් ලේසියෙන් හිතන්න නරකයි. මොකද ඔවුන් සියළුදෙනාම අධි-ප්‍රහාරාත්මක පිතිකරුවන්. මෙතෙක් ලකුණු අතර නොසිටි පොලාර්ඩ් එදා තරගයේදි හොඳට ගැහුව. තරගය දිනන්න නම් පලමු තරගයේදී මෙන්ම නිවැරදි සැලැස්මකට පන්දු යැවිය යුතුමයි. ඔවුන්ට වඩා අපිට තියන වාසිය තමයි කන්ඩායමක් විදියට දක්ෂතා දැක්වීම.

    ReplyDelete
  7. එදා වගේ සැලසුමකට අනුව විකට් ටු විකට් බෝල් කරා නම් හරි. ඇඟේ සයිස් එකට වඩා මොළේ සයිස් එක තමයි වටින්නේ!

    ReplyDelete
  8. ක්‍රිකට් ලෝලීයක් නොවුනත්, ලංකාවේ පිළ නිසා මගෙත් සුබ පැතුම්!!

    ReplyDelete
  9. අනිවා කප් එක අපි උස්සනවා

    ReplyDelete
  10. ශ්‍රී ලංකාවට ජය පතනවා.ක්‍රිස් ගේල් විතරක් නෙවෙයි,සැමුවෙල්ස්,චාල්ස් බ්‍රාවෝ සහ පොලාර්ඩ්වත් අඩුවෙන් හිතන්න හොඳ නෑ.තව මේක දිනන්නමනම් ලොකු උන්නැහේට ගෙදරම ඉන්න වෙනවා ග්‍රවුන්ඩ් එකට නෑවිත්.

    ReplyDelete
  11. ලංකාවට තරම් නැති උණත් වෙස්ට් ඉන්දිස් ලටත් ආසයි!උන් කොහොම හරි ෆයිනල් ආපු එක නම් හොඳයි අර පඩත්තලයෝ ටික එන්නේ නැතුව.
    කොහොම උණත් කප් එක අතේ වගේ තමයි!;)

    ReplyDelete
  12. මැච් ගැන දන්නේ නෑ අප්පා වැඩිය.ලගදි තමා ටිකක් ඉගෙනගත්තේ :)
    මොකෝ පේන්න නොහිටියේ??
    හ්ම්ම්..ජයවේවා!

    ReplyDelete
  13. අපට දිනන්න තියෙන අවස්ථාව වැඩියි. ඒත් ටොස් එක තීරණාත්මකයි.
    මුලින් ගහලා,140ක් දාගත්තත් ඇති.වැඩිබර වැටෙන්නෙ අපේ පැත්තෙන් බෝලස්ර්ස්ලටයි.

    ReplyDelete
  14. මං සාමාන්‍යෙයක් ක්‍රිකට් මැච් බලන්නේ නෑ.ඒත් කොදෙව් කාරයන්ගේ එක නම් බැලුවා හෙන ආසාවෙන්.

    ReplyDelete
  15. සිංහ පෝතකයන්? ආච්චිගේ රෙද්ද..
    ඔය පාහර හැත්ත ක්‍රිකට් ගහන්නේ සල්ලි කුට්ටි බලාගෙන.. උඹල වගේ මැට්ටෝ. යකෝ ඔය පැය කීපය අඩුගානේ වැදගත් පොතක් කියවපන්.. කාලකන්නිය.. !!
    බුත්සරණ , සකස්කඩේ, සුභාෂිතය.. මේවා මොනවද කියලවත් දන්නවද උඹ?වැහැල වැහැල ඔය මැච් එක කැන්සල් වෙයන් දෙයියනේ... !!!
    මැච් එක තිබ්බත් වෙස්ට් ඉන්ඩීස් දිනපා...න්..... !!!!

    ReplyDelete
    Replies
    1. තුක් නොදකින් !! තොගේ කටේ ගෙඩි දාන්න ඕනි. පර මුසලයා >:(

      Delete
    2. //රිකට් ගහන්නේ සල්ලි කුට්ටි බලාගෙන//

      ඒක නම් ඇත්ත

      Delete
  16. මේක ලියන්නෙ මචන් අපි පරදින්න යන හින්ද නෙමෙයි.ඇත්ත නම් අපි ඕවර් රේටඩ් කණ්ඩායමක්.අපි පෙන්නලා තියෙන දස්කම් අපිට හිතකර තත්වයන් තුල කීප දෙනෙකුගේ ඉස්මතු වීම් තුල වෙන දේවල්.හොඳට බලපන් ලෝකේ අනික් හැම රටකටම හොඳ දෙවැනි පෙළක් ඉන්නව.ඔසියන්ට මයිකල් ක්ලාක් වෙනුවට එකපාරටම එලියට දාන්න ලීඩර් කෙනෙක් හිටිය.හැබැයි අපිට මෙච්චර ගහලත් මැතිව්ස් තාම බබා!ලංකාවේ ක්රිකටුත් අපේ අනික් හැම දේම වගේ බොරු දේශප්‍රේමයට වැහිල තියෙන්නෙ.ඉස්සරහට නුදුරේදීම මහේල සංග රිටයර් වේවි.දිල්ෂාන් කොහොමත් දැන් වැට උඩ.මාලින්ගවත් ලස්සනට එක්ස්පෝස් වෙලා ඉවරයි.බලාගන්න පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් වල සිංහභිමානය තව ටික කලකින්.බංග්ලාදේශ් සහ අපි එක මට්ටමක ඉන්නවට මෙන්න කැට!

    ReplyDelete
    Replies
    1. තව එකක් අපි නියම T20 ශුරයෝ නෙමෙයි කොහොමත්.කොදෙව්වෝ අපිට වඩා මේකට හිමිකරුවෝ.අංක එක උන්ගේ එකේ ඉඳන් අටට යනකන් ඕනි බැට්ස්මන් කෙනෙකුට ඕනි වෙලාවට හයක් ගහන්න පුළුවන්.අපේ තිරිමාන්න වගේ ටෙස්ට් බැට්ස්මන් කෙනෙකුත් T20 ගහනවා.අනික අද මැච් එක ඕස්ට්‍රේලියාවේ ගැබා ග්‍රවුන්ඩ් එකේ ගැහුවත් කොදෙව්වෝ මේ විදිහට බැට් කරාවි බෝල් කරාවි.හැබැයි අපිට එතනට ඕනි බෝලර්ල ඉන්නවද අපිට ඒ වගේ තැනක මෙහෙමවත් බැට් කරන්න පුලුවන්ද ?

      Delete
  17. ජය පැරදුම අපි නිහතමානීව භාර ගත යුතුයි.ඔවුන් අපට වඩා ඉදිරිෙයන්.ඒක අපි පිළිගත යුතුය.වාසනාව ඔවුන් ළඟ තිබුෙන්

    ReplyDelete
  18. දැනුත් ඇඩේන්න වගේ ඕයි :(

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව