Skip to main content

අය්යෝ ෆොන්සේකා


ෆොන්සේකා මහතා ඒකාබද්ධ විපක්ෂයක් හදන්නත් භික්ෂු පෙරමුන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටත් කියූ රැලිය ඊයේ පැවැත්වින . නමින් ඒකාබද්ධ වූවත් විපක්ෂයේ කිසිදු දේශපාලන පක්ෂයක් එයට සහභාගී වූයේද නැත . පක්ෂ පිටින් නැතත් රැස්වීමට එනවා කියූ දයාසිරි ජයසේකර , හරීන් ප්‍රනාන්දු තබා එන බව අවසාන මොහොත තෙක් ශපත කල කරු ජයසුරියවත් අවසාන මොහොතේ රැලියට නැත . වෙනකක් තබා ෆොන්සේකා මහතාගේ පක්ෂයේ අර්ජුන රණතුංග සහ ටිරාන් අලසුත් නැත . මාදුලුවාවේ සොභීත හාමුදුරුවොත් දඹර අමිල හාමුදුරුවොත් එනවා කියා තිබුනාට ආවේ නැත .දේශපාලන නියෝජිතයින් පමණක් නොව සෙනඟ ද නැත . ප්‍රමාණයෙන් ඉතා කුඩා හයිඩ් පිටිය අතුරු සිදුරු නැතිව පිරෙන්නට  සෙනඟක්වත් හිටි බවක් ඡායාරූප වල දකින්නට නැත , ෆොන්සේකා මහතාගේ නිදහස වෙනුවෙන් මීට පෙර මෙම පිටියේදීම පැවැති රැලියට සහ භාගි වු සෙනඟ කොතෙක්දැයි ෆොන්සේකා මහතාටම  මතක් කර  බැලිය හැක . එවැනි ජාතික උද්ඝෝෂණයක තබා  ප්‍රධාන දේශපාලන පක්ෂ වල පලාත් සභා මැතිවරණ රැලි වලද මීට වඩා පිරිසක් දකින්නට ලැබෙනා බව පලාත් සභා මැතිවරණයෙදී ගෙදරටම වෙලා සිටි ෆොන්සේකා මහතා ටිවී එකෙන් හෝ දැක තිබිය යුතුය . එජාපයෙන් රැලියට ආවේ 5ය , පස් දෙනාම එජාපය තුල ගැටුම් ඇති කරගෙන තිබෙනා අයය . ඒකාබද්ධ විපක්ෂයට ඡන්ද අරන් දීමට තබා අවම වශයෙන්  එජාපයෙන් තොරව මැති වරණයකට ගොස් (රජයට එක් නොවී ) තමන්ගේ මන්ත්‍රි ආසනය රැක ගැනීමේ හැකියාවක් හෝ මොවුනට නැත .

ස්ටේජ් එකේ ලොකුවට විධායක ජනාධිපති කම ගැන තිබුනත් ඒ ගැන කිසිවෙක් කථා කරනවා දකින්නට ලැබුනේ නැත (එක් නීතීඥ මහතෙකු කථා කල වගක් එක් වාර්ථාවක ඇත ) . ෆොන්සේකාත් අනෙක් මන්ත්‍රිවරුනුත් බැන්නේ ඒජාපයටය .

කලින් ලිපිය ලියත්දී මා සිතුවේ ෆොන්සේකා මහතාගේ වැයමෙන් විපක්ෂය තව දුරටත් බේද බින්න වන බවය , නමුත් ඊයේ රැලියෙන් පෙනී යන්නේ ඔහුට ඒ තරම් හරියක් වත් කිරීමේ හැකීයාවක් නොමැති බවය . එයෙහින් විපක්ෂය බේද කිරීම් තවදුරටහ් රනිල් - සජිත් ඩබලටම බාරය .



මා හිතවත් බ්ලොග් කරු මාරයා කවියක් ලියා කියා සිටින්නේ ෆොන්සේකා මහතාට කැලෙන් එලියට එන්නට  කියායා . මාරයා එන්න කියන තැනට එන්නය කියා මා කිසි සේත් අදහස් නොකරන මුත්  ෆොන්සේකා මහතා කැලෙන් එලියට  විත් ඵලදායක ගමනකට එකතු  වන්නේ නම් යහපත් බවද කිව යුතුය .

 තීරණය ඔහු සතුය . තෝරා ගන්නා ගමන් මාර්ගයකදී කරනා කියනා දැ විවේචනය කරනවා විනා ඔහුගේ  ගමන් මාර්ගයක් තෝරා ගැනීම ප්‍රශ්න කිරීමේ හැකියාවක් අපට නැත . එදා ජනපතිවරණයට ඉල්ලීමට ඔහුට තිබූ අයිතිය අදටත් කැමති දේශපාලන මාවතක් තෝරාගැනීමට ඇති නිසාය .

ප.ලි - මේ අලකලංචි අස්සේ ශ්‍රි ලංකාව  කුමරන් පද්මනාදන් නිදහස් කරලාය ., දැන් ඉන්ටර්පෝල් එකෙ  තියෙන්නේ ඉන්දියාවේන් ඉල්ලු වරෙන්තුව පමණය . ඉන්දියාවට කේ.පී නිසා නැති වුනේ රජිව් ගාන්ධි පමණය (රාජ්‍ය නායකයෙකු ඝාතනය වීමේ ලැජ්ජාව හැරුණු විට රජිව් වැනි ඔල්මොට්ටල කම්බ හොරෙක් නැති වීම ඉන්දියනු ජනතාවට සැබවිනම  වාසි සහගතය ) , කේ.පී නිසා ශ්‍රි ලංකාවට අහිමි වූයේ මොනවාද කියා සියලුම දේශප්‍රේමීන් තම තමන්ගේ දේශප්‍රේමී ඔලුගෙඩි වලට ඇන ගෙන කල්පනා කරගත්තා නම් වඩාත් හොඳය 

Comments

  1. බුවා ෆොන්සේකා ගැන නම් මටත් කියන්න ඇත්තේ "අයියෝ ෆොන්සේකා" කියාම පමණි. දේශපාලන නිල ඇල්ලීමේ කළාවෙන් ජනාධිපති මහින්දගේ කිට්ටුවටවත් එන්නට ෆොන්සේකාට බැරි වග නම් ඊයේත් අපූරුවට පෙනුනා.

    එ යට වඩා මගේ සිතට දැනෙන්නේ අර කේ. පී. ගොයියාගේ නිවුස් එකයි. මේ නිවුස් එක ඊයේ මම පෙන්නුවා එක කකුලක් අහිමි ඇත්තම රණ විරුවෙකුට මට හිතා ගන්න බැහැ ඔහුගේ මුහුණ වෙනස් වූ ආකාරය. මෙවැනි ඇත්තම රණ විරුවන්ට කළ මේ අපහාසය ගැන නම් මගේ හිත බොහෝ රිදුනා.

    ReplyDelete
    Replies
    1. දේශපාලන දැනුමට අමතරව ෆොන්සේකා මහත්තයගේ අහංකාර කමත් මේ තත්වයට එක හේතුවක් කියලයි මට හිතෙන්නේ

      Delete
  2. ෆොන්සේක කියන්නෙ යුධ ජයග්‍රහණයෙන් පස්සෙ මහින්දට විරුද්ධව ගහන්න තිබුන හොඳම තුරුම්පුව. ඒක එකසැරයක් ගැහුව. දැන් වැඩක් නෑ. එක්කෝ ෆොන්සේක මේ යනවිදියට ටික කලක් යයි. නැත්තං යූඑන්පීයට එකතු වෙයි. මොනව කලත් වැඩක් වෙන්නෙ නං නෑ. මොකද ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට අයෙකුට බලයට එන්නත් බෑ. යූඑන්පීයේ නායකත්වය (හෝ අඩුම තරමින් සහයෝගය) ලැබෙන්නෙත් නෑ. තමුන්ට කැමති ගමනක් එයාට යන්න පුළුවන්. ඒ අයිතියට ගරුකිරීම අනිත් අයගෙ යුතුකම.

    දැන් තියෙන්නෙ යූඑන්පී එකේ අවුලක්.

    ReplyDelete
  3. මමත් ඕකම කිව්ව ඔන්න මාරයාටත්. යුද්ධයට පුරුදු මිනිහාට මේවා මැජික්ය. කරන්නේ පිස්සුවෙන්ය. වීරයා මැරිලාය. වෙන කොරන්ට දෙයක් නැතිය. අයියෝ පොන්සේකා (වීරයා) මලාය.

    ReplyDelete
    Replies
    1. වීරයා මරා දේශපාලකයා මතුවිය යුතුය , වීරයා මැරෙන වීට එලියට එන්නේ අහංකාර දේශපාලනික ළදරුවෙක් වන විට වැඩේ චාටර් වෙනවාය

      Delete
  4. KP නිදහස් කලේ ඇයි. සෑහෙන කලකිරීමක් ඇති වුණා. පිල්ලෙයාන් හරි කරුණා හරි ආණ්ඩුවට ගත්ත එක වැරදි වුනත් ඒ වෙලාවේ කරන්න දෙයක් නැති නිසා කියමුකෝ. ජාත්‍යන්තර අපරාධකාරයෙක් වෙච්ච KP නිදහස් කිරීම අපි තේරුම් ගන්නේ කොහොමද .

    ReplyDelete
    Replies
    1. KP නිදහස් කලේ ඇයි?තේරුම් ගන්න මහා ලොකු දෙයක් නෑ. KP දන්නවා සල්ලි හොයන්නේ කොහොමද කියල. හැමෝම දන්නවා රහසක් නොවෙයි නොදන්නවා වගේ ඉන්නව. මෙතන මුකුත් රහස් නෑ. X files කතාවේ තේමාව මතකද truth is out there. බලයේ ඉහල ස්ථරයේ මුදල් හම්භ කිරීම කියන එකට අංචි අදින්නේ නැත්නම් එයට උදව් කල හැකි හැකි හෝ විරුද්ධ විය හැකි ප්‍රමාණයේ තරමට අනුලෝමව සහ ප්‍රතිලෝමව ඔබ දේශප්‍රේමීයකු හෝ දේශද්‍රෝහියකු වෙයි,නිදහස් මිනිසකු හෝ හිරකරුවකු වෙයි.ඔබට මේ දිනවල ලකාවේ නිදහස් මිනිසකු වීමට අවශ්‍යද හැකි තරම් කඩේ යන්න. ඕකත් ලොකු වරදක්ද? හාලු පාරේ තාර දාල බසුත් යනවා ලොරිත් යනවා බයිසිකලුත් යනවා මේ අපිත් යනවා. ලේසියෙන් යන්න පුළුවන් පාරවල් වල kp ත් යනවා විමලුත් යනවා මාධ්‍ය කාරයොත් යනවා. මොකටද ආතල් ඒක කඩන්නෙ. මුදල් සොයා ගැනීමට හිරේ නොගිහින් නිදහසේ ඉදීමට ලේසි පාරවල් තිබියදී කවුද අමාරු පාරවල් වල යන්නේ. නිකං දෙද්දී සල්ලි දීල මහන්සි වෙලා ගන්නේ කවුද? නිකං ඉල්ලං කන්නෙ හිරේ යන්නේ මොකටද? ඇත්තටම මේ ටික මේ කොමෙන්ට් ඒක දාපු බින්දී එතකොට ලංකාවේ ජනතාව දන්නේ නැද්ද? එහෙම සරල දෙයක් නොවෙයි මෙතන වෙන්නේ මහා තේරුම් ගත නොහැකි ගැටළුවක් අපරාධකාරයෙක් වෙච්ච KP නිදහස් කිරීම ඇතුලේ තියනවා කියල තමන් තමන්වම රවට්ට ගන්නේ ඇයි.

      Delete
    2. ඕකනේ බුවා ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාන්න බැරි . මේකේ විතරක් නෙමේ කිසිම දේශපාලන බ්ලොග් එකක අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක්ට කමෙන්ට් එකක් දාන්න බැහැ . අදාළ දේ නෙමේ කෙලින්ම මනුස්සයට පහර ගහන්න බලන් ඉන්නේ . උදිත මහතා ..මන් බබෙක් නෙමේ .. සමහර විට ඔබතුමාට වැඩිය වයසත් ඇති. ඒවගේම ලංකාවේ දේශපාලනය ගැන මන් හොඳට දන්නවා . කමෙන්ට් එකක උත්ප්‍රාසය තේරුම් ගන්න බැරිකමට ඉතින් කණගාටුයි.

      Delete
    3. හිත රිදුනා නම් සමාවෙන්න කිසිම පහර ගැසීමක් නැත. මං ඔයාට පහර ගහල කියල තියෙන්නේ කොහොමද කියල මට නම් තේරෙන්නේ නෑ,කෙනෙක් දරන අදහස් විවේචනය කරනවා කියන්නේ පුද්ගලික පුද්ගලයාට ගහන දෙයක් නොවෙයි. ඔයා කලබල වෙන්න එපා ඔන්න මම ඔයාගේ නම ඉල්ලලා අස් කර ගන්නවා කොමෙන්ට් එකෙක් බුවා.. බුවාගේ සිතුවිලි හැන්සාඩ් වාර්තාවේ මගේ කොමෙන්ට් එකෙන් බින්දී නම අයින් කරන්න.// ඒවගේම ලංකාවේ දේශපාලනය ගැන මන් හොඳට දන්නවා//
      ඔව් බින්දී ඒකම තමයි මාත් කියන්නේ වෙන්නේ මොකක්ක්ද කියල හැමෝම දන්නව රහසක් නොවෙයි නොදන්නවා වගේ ඉන්නව. සාමාන්‍යය මනුස්සයෝ මෝඩයෝ නොවෙයි දැන දැනම තමයි හැම දෙයක්ම කරන්නේ,චන්දෙ දෙන්නේ කියන එකයි මම කිව්වේ.

      Delete
    4. සුලු දේකට රණ්ඩු වෙන්න එපා ,

      @බින්දි - ඇත්තටම සමාන්‍ය ජනතාවට ඕක ප්‍රශ්නයක් , විශේෂයෙන්ම ආණ්ඩුවේ දේශප්‍රේමී සලුපිලි වලට ඇන්දිලා ඉන්න මිනිස්සුන්ට . හැබැයි තවමත් සාමාන්‍ය ජනතාව මේ ගැන දැනුවත් වෙලාද කියලත් හිතෙනවා , මොකද කේ.පී නිදහස් කලා කියල කිවාම "ආ ඇත්තද : අය ඕනි තරම් . &තරහ වෙන්න එපා දේශපාලනය කථා කරන තැන් වල වාද විවාද සුලභයි .

      @උදිත - කේ.පී ලේසි පාරෙ යන එක ගැන ගැටලුවක් නෑ , හැබැයි විමල් ගිය පාරේ කේ.පිත් යනවා බලාගෙන ඉන්න දේශප්‍රේමී ජනතාවගේ අත්පුඩි නම් සූලුවෙන් තකන්න බෑ ,

      Delete
  5. අපි ඕවා කලින්ම කිව්වා...

    ReplyDelete
    Replies
    1. අඩේ මාතලන් උබට බැරිද සරත් ෆොන්සේකාගේ KP, බැසිල්ගේ මහින්දගේ ඔය ප්‍රභූ පොරවල් ගේ ගේ උපන් වේලාවන් හොයාගෙන කේන්දරේ බලල බ්ලොග් එකේ දාන්න පොඩ්ඩක් වැඩ පෙන්නපන්කෝ

      Delete
    2. ඒවාට කේන්දර බලන්න ඕන නෑ පොලොවෙ පය ගහලා ජීවත් උනාම ඇති. ඔය ගුලි කන තරමක් කන්නෙත් කෙන්දරේ රාජ යෝගයක් තියෙනවයි කියලනේ. ඒකනේ ගොන් කරූ කිව්වේ රනිල් ඉවත් කරන්නේ නෑ කියලා. මෙයාලගේ රාජ යෝගවලට වඩා විමල්ගේ රාජ යෝගේ බලවත්..

      Delete
  6. පාළුව දෙවනත් කරලා
    නාඬන් කලවැද්දෝ
    කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
    කලවැද්දෝ ... කලවැද්දෝ ...

    සීත සුළං හිරිකඩයි
    කැලේ අපට උරුමේ
    උඹට අං තට්ටුවකුයි මට පැල්පතයි තියෙන්නේ
    කලවැද්දෝ ... කලවැද්දෝ ...

    ඉහිරුණ කිරි කොතලෙට
    ඉකි බිඳලා පල නෑ
    උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
    කලවැද්දෝ ... කලවැද්දෝ ...

    සංසාරේ හැටි තමයි
    වියෝග ඇතිවන්නේ
    නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ
    කලවැද්දෝ ... කලවැද්දෝ ...

    ReplyDelete
  7. අයියෝ පොන්සේකා!!

    ReplyDelete
  8. මහින්ද චිත්‍රපටයක හමුදා නිලධාරියකුගේ චරිතයක් රගපාලා ඉඩිඅමින් වගේ කටයුතු කරද්දී,දශක කීපයක් සටන් බිමේ ලේ දැක දැක හිටපු කෙනකු බලයට අවොත් කුමක් සිදුවෙයිද කියල මටනම් හිතාගන්න බැහැ.හරි හමන් හමුදා නායකුනම් අර රංගේ වගේ සල්ලිවලට දෙපැත්ත කන,දේසපාලනිකව අතරමන් උන අදබාලයකු බදාගනියිද?SF ට තියෙන්නේ පිදුරුගහේ හරි එල්ලිලා බලයට එන්න.හිරේ වැටුනම නම් අපිත් දුක් උනා,දැන්නම් ඒ දුක එයාගෙම බල්ලට දාල.

    ReplyDelete
    Replies
    1. විධායක ජනාධිපති කම අතට ආවාම කොයි කෙනෙත් කටයුතු කරන විදිහ සමාන විය හැකියි , නමුත් ඒ ඇතුලේ රටට කරන ප්‍රමාණය සහ තමන්ට කරගන්න ප්‍රමාණය අතර වෙනස අඩු වැඩි වීම අනුව හොඳම කෙනා තෝරන්න යි අපිට සිද්ධ වෙන්නේ , ගහගෙන යන මිනිහා පිදුරු ගහේ එල්ලෙන එක අනුමත කරන්න පුලුවන් , ඒත් ෆොන්සේකා මහත්තයා අහක යන පිදුරු ගස් බදාගෙන විහින් ගඟට පනිනවා

      Delete
  9. ඒකනෙ කියන්නෙ අයෙක් යම් දෙයකට සමත් වූ පමණින් තවත් දෙයකට ද ඉබේම සමත් වෙන්නෙ නැහැ කියල. නිදහස් ප්‍රකාශනයට අයිතියක් නැති, දැනුමට තැනක් නැති, යමක් කරලා ප්‍රතිඵල පෙන්වූ අවශ්‍යතාවයක් නැති ලංකාවේ දේශපාලනයේ ඉහළට යන්න අවශ්‍ය මගෝඩිස්කමයි!!!!

    අසහාය සෙන්පතියෙක් වුවත් දේශපාලනයේ යෙදෙන මගෝඩිස්තුමෙක් වෙන්න බැහැ!!!!

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා මහත්තයට හම්බු වුනේ ටිකක් අසාමාන්‍ය ආරම්භයක් , කෙනෙක්ට ලේසියෙන් නොලැබෙන දෙයක් . ඒක පවත්වගෙන යන්න උන්නැහේට තියන දැනුම මදි වගේ

      Delete
  10. අපේ චූන් අපිට චූන්...ඊට අමතරව උංගේ චූන් ද අපිට චූන් ය.චුනේ චූන් ය.

    ReplyDelete
  11. //එයෙහින් විපක්ෂය බේද කිරීම් තවදුරටහ් රනිල් - සජිත් ඩබලටම බාරය .//

    ReplyDelete
  12. මේකට කියන්නේ කාලතුවක්කු උණ්ඩ තියරිය කියලා.වෙඩි තිව්වට පස්සේ ඉතින් පිත්තල බර විතරයි.

    ReplyDelete
  13. aliyaa saha andayo wage moda ralak nodanna magulak gana wiwarana liyanawaa.

    ReplyDelete
    Replies
    1. දන්න මනුස්සය දන්න දේවල් කියන්න කො එහෙම නම්

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව