Skip to main content

යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂම භාවය වෙනුවෙන් තේරිම් කාරක සභාවට ජාතියේ හරසර !

බටහිරයන් හෙලුවෙන් සිටි සමයේ පටන් ලොව විශ්මයට පත්කල නිර්මාණයන් බිහිකල හෙලයන්ගේ ආශ්චර්ය ද්වීපයෙන් ඊනියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩ බඳුවු පාර්ලිමෙන්තු සම්ප්‍රදායට සහ අධිකරණ පද්ධතිය තුල තවත් නැවුම් සහ උත්කෘෂ්ට වූ හඳුන්වාදීමක් සිදුකොට ඇති බැව් දැනගන්නට ලැබී ඇත .





බටහිර අධ්‍යාපනයෙන් මොටවූ කලු කෝට් බමුණු කුලයේ කෙලිබිම වූ අධිකරණ පද්ධතිය තුල වසර ගණන් නොව දශක ගණන්  දිව යන නඩුහබ පවතිද්දී , විජාතික බලවේගයන්හි අවශ්‍යතාවයන් අනුව රජය අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩි පිලිවෙලක නිරත වූ , මෙතෙක් ශ්‍රි ලංකාවෙන් බිහිවූ දූෂිතම රාජ්‍ය නිලධරයා වන අග්‍රවිනිශ්චයකාර ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මිය පිලිබඳ  විමර්ෂණ කමිටුව ඉතා කෙටි කාලයක් තුල  තම වාර්ථාව කථා නායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමා වෙත බාරදීමට සමත්ව ඇත .

ප්‍රජාතන්ත්‍රවාදි  බැටලු හම් පොරවාගත් ත්‍රස්තවාදියෙකු වූ ආර්.සම්බන්ධන් , සහ දෙමල ඩයස්පෝරාවේ කුලිකරුවන් සහ බටහිර ඔත්තු සේවාවන්හි මෙරට ඒජනතයන් වූ ලක්ෂමන් කිරිඇල්ල ජෝන් අමතුංග සහ විජිත හේරත් වැන්නන් විසින් සිදු කල අනේක විධ බාධාවන් හමුවේ ඉතා කෙටි කලකින් තම වාර්ථාව සකස් කල  උක්ත කමිටුවේ සාමාජිකයින් වෙත ජාතියේ ආචාරය හිමිවිය යුතුය . බටහිර ඊනියා අධිකරණ පද්ධතිය තුල නව ප්‍රවේශයක් සකස් කරමින් චූදිතයා ගේ සහබාගිත්වයකින් තොරව  , පැමිණිල්ල විසින්ම සම්පූරණ විභාගය සිදුකර තීන්දුව ප්‍රකාශයට පත්කීරිමේ කාර්යක්ෂම ක්‍රමවේදය ලොවට හඳුන්වාදීම, වසර 5000කටත් අධික ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනා ජාතියක් වශයෙන් ආඩම්භර විය හැකි කරුණක් බැව් අවිවාදිතය

Comments

  1. හපන්න බැරි නම් දත් පෙන්නන්න එපා කියලා කථාවක් තියෙනවා....2/3 ක් තියෙන ආණ්ඩුවට , පාර්ලිමෙන්තූ තේරිම් කාරක සභාව කියන්නේ ද්වීතීක කාරණාවක් විතරයි.....ෆොන්සේකා වගේම ශිරාණී නෝනගේත් ටයිමින් අප්සෙට්...

    ReplyDelete
  2. බුවා අප කැමති වුවත් අකමැති වුවත් රටක ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථාව නම් ලියැවිල්ලයි.ඒ ලියැවිල්ලට පරිබාහිර යමක් සිදු වේ නම් එය වැරදිය. හරි හෝ වැරදි වේවා ව්‍යවස්ථාවෙන් ලබා දුන් බලතල ප්‍රකාරව යම් දෙයක් සිදුවෙයිද අග විනිසුරු නොව ජනපති තනතුරේ ඉන්නා තැනැත්තා හැරෙන්නට අන් සෑම ශ්‍රී ලංකිකයෙක්ම ඊට යටත් ය. ඒ අපේ ව්‍යවස්ථාව හදා ඇති අයුරුය.ජේ.ආර්. ජයවර්ධන මහතා රටට දුන් ව්‍යවස්ථාව එබඳුය.දැන් වැඩ සිදුවන්නේ එම ව්‍යවස්ථාවට අනුව නොවෙද. මේ ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත එකම චරිතය ජනපති පමණි. එහෙත් ජනපතිට එරෙහිව වුව දෝශාභියෝගයක් ගෙන ආ හැකිය. මතකනේ ප්‍රේමදස මහතාට එරෙහිව එවැන්නක් ගෙන ආ අයුරු හා විධායක බලතල මතම ඔහු ඉන් ගැලවූණු අයුරු.ජනපති තනතුරට එල්ලවන දෝශාභියෝගයකින් ගැලවෙන්නට තවත් ක්‍රමයක්ද ඇත. ඒ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනවිටම දින නැති ඉල්ලා අස්විමේ ලිපියක් සාක්කුවේ දමාගැනිමය.

    ReplyDelete
    Replies
    1. //ජනපති තනතුරේ ඉන්නා තැනැත්තා හැරෙන්නට අන් සෑම ශ්‍රී ලංකිකයෙක්ම ඊට යටත් ය//
      නලින් හොඳටම ෂුවර්ද ජනාධිපති ඉන්නේ ව්‍යවස්ථාවට පිටතින් ඊට යටත් නැතිව කියල?
      දන්නා කෙනෙක් කියන්න

      Delete
    2. සිරාවටම කිව්වේ මේ අද අපේ රටේ ක්‍රියාත්මක ව්‍යවස්ථාව අනුව විධායකය ජනපති තමා.ජනපතිව කිසිම උසාවියකට ගෙන්නන්න බෑ. මේක හැදුවේ ජේ ආර මහත්තයා තමයි

      Delete
    3. ඇත්ත, තනිව හෝ සාමූහිකව හෝ, කළ හෝ නොකළ හෝ වරදක් සම්බන්ධයෙන් විධායක ජනාධපති වරයා ප්‍රශ්න කිරීමකට හෝ ලක් කල නොහැකියි.(විපක්ෂයේ ඉන්න කාලේ බන්ධුල ගුණවර්ධන, “දිට්ඨදම්මවේදනීය කර්මය“ වත් පල දෙන්නේ නැති විධායක ජනපති ක්‍රමය කියල කීවේ ඒකයි)

      Delete
    4. ඔබ දන්නව ද හිටපු අමාත්‍ය සී. සිරිල් මැතුව් පිළිබඳව එතුමා එක් අවස්ථාවක ජේ. ආර් එක්ක හැප්පුනා. එහි එක් ප්‍රතිඵලයක් ලෙස එතුමාට ආන්ඩුවෙන් ඉවත් වීමට සිදු වුණා. නමුත් එතුමා කුමක් හෝ නීති තර්කයක් මත ජේ. ආර්ට විරුද්ධව උසාවි ගියා. අප කුඩාවුන් කළ සිදු වූ මේ සිද්ධිය මතක ඇති මුත් නීති තර්කය මට මතක නැහැ. ඒ අවස්ථාව එතුමාට හිමි වූයේ ජේ. ආර්. වැනි දැඩි ප්‍රජාතන්ත්‍රවාදියෙක් සමග හැප්පුනු නිසයි. එහි ප්‍රතිඵලයක් ලෙස මට මතක අයුරු එතුමා තම පාර්ලිමේන්තු කාලය සම්පූර්ණ කළා. හිතන්න අද නම් මොකද වෙන්නේ?

      මම දකින විදියට මේ සියල්ල වෙනස් කලේ සරත් නන්ද සිල්වා. එතෙක් මේ රටේ සී ජේල ඉතාමත් ගරු ගාම්භීරව සිටියා. ශිරාණි බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ ආකාරයත් වැරදි. එය කලේ චන්ද්‍රිකා.

      නමුත් මෙතැන ප්‍රශ්නය එසේ නොවේ යම් කාලයක දී මේ දේවල් වල ප්‍රතිඵ්ල රටට ලැබෙන්නේ කෙසේ දකියන එක. මින් පස්සේ එන සී ජේලගේ කාර්‍යභාරය සැකසෙන්නේ කෙසේ ද කියන එක.

      Delete
    5. ඔය කියන සිද්දිය නම් මම දන්නේ නෑ, නමුත් ඔබටත් මතක ඇති චන්ද්‍රිකා මැඩම්ට විකටර් අයිවන් නඩුවක් දාල මැඩම්ව උසාවි ගේන්න බැරිවුණා. හැබැයි මට මතක හැටියට නඩුව අයිවන් දින්න.(බත්තරමුල්ලේ වොටර්ස් එජ් ඉඩම සම්බන්ධ නඩුවක් වගේ තමයි මතක)

      Delete
    6. @Naleen Dilruksha
      //අප කැමති වුවත් අකමැති වුවත් රටක ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථාව නම් ලියැවිල්ලයි.ඒ ලියැවිල්ලට පරිබාහිර යමක් සිදු වේ නම් එය වැරදිය// මේ අදහස මම දැක්ක බ්ලොග් පෝස්ට් කිහිපයකම.

      ඉතිං වස්තුවේ කියන්නකො සරත් එන් සිල්ව දීපු, ආණ්ඩුව ක්‍රියාත්මක නොකරපු තීන්දු ගැනත්(හෙජින් තීන්දුව වගේ). ඒව දුන්නෙ ව්‍යවස්ථාවට එකඟවනෙ. ක්‍රියාත්මක නොකිරීම ගැන මොකද්ද ඔයාගෙ අදහස?
      මහජන නියෝජිතයො රජයේ සේවකයන්ව ගස් බැඳීම, ව්‍යවස්ථාවට එකඟද කියල කියන්නකෝ?
      සරත් ෆොන්සේකට එක නීතියකුත් කෝප් වාර්තාවෙන්(කලින් අවුරුද්දෙ) හෙලිකල දූෂිතයන්ට තවත් නීතියකිනුත් සලකන්න කියල තියෙන්නෙ ව්‍යවස්තාවෙ කොහේද කියලත් කියන්නකෝ?
      ව්‍යවස්තාවට එකඟව(ඊට මුවාවෙලා) කරන ජඩකම්, "ව්‍යවස්ථාපිතයිනේ" කියලත් කැලෑ නීතිය දාල කරන දේවල් ගැන "මුඛපූට්ටුකරගෙන" ඉන්නත් හේතුව මොකද්ද කියලත් කියන්නකෝ.

      Delete
    7. රාජ් ලංකාව වගේ ගෝත්‍රික සමාජයක ව්‍යවස්ථාව කියන්නේ නිකම්ම නිකන් ලියවිල්ලක් විතරයි. ඒකෙන් කෙරෙන්නේ තමන් කැමති කැමති විදියට ඕනෙම ජඩ වැඩක් ව්‍යවස්ථාපිතයි කියන එක විතරයි. මට නම් ඔය කෙහෙම්මල කිසිම වටිනාකමක් නැති ලියවිල්ලක් විතරයි. ඔබට මතක ද දැන් ටික දිනකට කලින් මට මතක හැටියට ඔබ ම තමා ලිව්වේ " මගේ මහජන නියොජිතභාවය අහෝසි කරගමි" කියලා මට කියන්න තියන්නේ මමත් මගේ ව්‍යස්ථාවත් එක්ක තියන බැඳීම අද පටන් නවතමි. මම මේ ලංකාවට අයිති කෙනෙක් විදියට නොසලකන්න කියලා, ඇයි දෙයියනේ මෙතරම් ජඩ ව්‍යවස්ථාවක්, මම හිතන්නේ ජේ. ආර් හිතන්නවත් නැහැ මේකෙන් මෙහෙම දේ කරන්න පුළුවන් කියලා. මෑන්ට දුක ඇති මේ වගේ කාලෙක ජනාධිපති වෙන්න බැරි වුනාට.

      Delete
  3. ශිරාණි බණ්ඩාරනායක කියන අර්ථයෙන් නම් මගේ ස්ථාවරය වන්නේ මට මොකද කියන එක වුවත්, මෙතැන දී නම් මම මෙයට මගේ සම්පූර්න විරෝධය පළ කරනවා. මෙහි අතුරු ප්‍රතිඵල තව කල් නොගොසින් බලාගත හැකි වනු ඇති. එවිට ........

    ReplyDelete
  4. නව ක්‍රම හදුන්වාදීමට අප සමතුන් බව මෙයින් සිහිපත් වන කාරණයකි. අනෙක් කරුණ නම් ව්‍යවස්ථාදායගේ සිටිනා විශ්ෂ්ඨ බුද්ධිමතුන් හට මෙවැනි කාරණා සුට්ටං කාර්යයක් වීමයි. ශිරානි නෝනාගේ කළුකබා කරුවන් යායුත්තේ උසාවියකට විනා මෙනැනි උත්තරීතර තැනකට නොවේ. මෙවැනි නඩු හබ ගෙන යන ආකාරයේ කටයුතු කරන්නට හැකි වන්නේ එවුන්ගේ නැටුම් මඩුව වන උසාවියේ පමණය. මෙවැනි උගතුන් වියතුන් ඇති උත්තරීතර පාර්ලිමේන්තුවේ ඒ සෙල්ලම් දාන්නට නොහැකි බව පෙන්වා දුන් තේරිම් කාරක සභවේ අතිගරු සභාපති ඇතුළු උත්තමයින්ට අපගේ උපරිම ආචාරය... ඉවත් වූ බකපණ්ඩිතයන් මෙලෝ දැනිමක් නැති ගොබ්බයන් බව පෙන්වා හමාරය. ඒ අනුව බලන කල්හි සිරානි නෝනාද අපේ ගොඩේ එකියක්ය.. ආස්චර්යයේ හීන් වැසි අපේ ලොක්කාගේ තුනෙන් බේරෙන හැටි අගනේය...

    ReplyDelete
  5. ලංකාවේ බහුතර ජනතාවට මේ අධිකරණය, ව්‍යවස්ථාදායකය තිබුනත් එකයි නැතත් එකයි වැනි දෙයක් නොවේද? සුද්දන් සිය පරිපාලනය සඳහා ස්ථාපිත කරන ලද ශිෂ්ඨ ආයතන, වත් පිළිවෙත්, සංස්කෘතිය (බටහිර විද්‍යාව පවා) අපේ ජාතිය නැති කිරීම සඳහා සදා ඇති කුමන්ත්‍රණකාරී දෙවල්යයි සිතන කියන සහ තදින් විශ්වාස කරන පිරිස නියෝජනය කරන පිරිසගේ සිහින සැබෑ කරමින් රාජාභිෂේකය ලැබූ ජනාධිපති වරයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. විද්‍යාව වෙනුවට දෙවියන් සහ කපුවා තෝරා ගත් ලංකාවට ඇති එකම විකල්පය දේවාලයට ගොස් කපුවාට ගානක් දී භාර හාර වී දෙවියන්ගේ පිහිට පැතීම පමණි. නඩු අහන එකත් ජනාධිපති තුමාටම සතියකට දවසක් හෙළ රජ ක්‍රමයට කරන්න බැරිද? සුළු නඩු විසදන්න මෙර්වින්ට දෙනවා. අග විනිසුරු ඕනමද? අපේ මුතුන්මිත්තන් කපාකොටා, බිලිදුන් උඩ විසිකර බයිනෙත්තුවට ඈල්ලපු මoකොල්ලකාර සුදු හෑතිකරය හැදු රෝම ලන්දේසි නීති වලට වඩා අපේ රාජ සභාව උසස් නැද්ද? පැරනොයියාව පාලන ක්‍රමයක් වූ රටක් මොන වගේද කියල කියන්න පුළුවන් ලෝකයේ එකම රට වීම ආඩම්බරයක් නොවේද?

    ReplyDelete
    Replies
    1. කරුණු කාරණා මොනවා වුවත් සමිතියක් හෝ රටක් හෝ ගෙන යන්නේ සම්මත ව්‍යවස්ථාව අනුවයි

      Delete
    2. @උදිත
      සහතික ඇත්ත‍. බටහිරයන්ගේ ක්‍රම විසිකරල දාල දැන් මේ කරගෙන යන විදිය වර්ධනය කරගැනීම ගැනයි අප සිතිය යුත්තේ.

      Delete
    3. අද දිවයින පත්තරේ සී ඒ චන්ද්‍රප්‍රේම ගේ වම් ඉවුර තීරු ලිපියේ (10/12/12) මෙහෙම කියල තියනවා "ලංකාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රඡ්ජුරුවන් අත දරුවන් වංගෙඩියේ දමා කොටන කාලයටත් පෙර සිටම මේ දෝෂාභියෝග ක්‍රියාපටිපාටිය ඇමරිකා එක්‌සත් ජනපදයේ ක්‍රියාත්මක වෙමින් පැවතියේය". දැක්කනේ ඒකනේ මං කිව්වේ දෝෂාභියෝග ඇමරිකන් කුමන්ත්‍රණයක්. 78 ව්‍යවස්ථාව කියන්නෙම ජේ ආර් ගෙනාපු ඇමරිකන් කොපියක්. අපි මේක අහෝසි කරලා සිංහල රජකාලේ වගේ වැරදි කරන රාජ ද්‍රෝහීන් අල්ලා වංගෙඩියේ දා කොටන සාර්ථක ක්‍රම සොයාගෙන අපේ ඉතිහාසයේ සාරය ආශ්චර්ය වර්තමානය වෙත නැවත කැඳවාගෙන ආයුතුයි.

      Delete
  6. අධිකරණය හා ව්‍යවස්ථාදායකය තම තමන්ගෙන් වඩා බලවන්තයා කවුරුන්දැයි පොදු ජනයාට පෙන්වීමේ අදහසෙන් මෙන්... දැනට කෙරී ගෙන යන මේ නාටකය අවසන් විය යුතුය... ආචාර්ය පදවියක් ඇති ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වැනි තැනැත්තියක්... හොර ආචාර්ය මර්වින් සිල්වා වැනි නරීන් විසින් නිර්දය ලෙස වවේචනය කිරීමද තරයේ හෙළා දකිමි.

    ReplyDelete
    Replies
    1. ඒත් මලේ රටක පැවැත්ම පවතින ව්‍යවස්ථාවට අනුවයි. තක්කඩි ගැන කතා නොවෙයි මා කියන්නේ අද වෙන්නේ ලබා දි ඇති බලතල මත යමක් සිදුවන බවයි.

      Delete
    2. Naleen Dilruksha
      හරි ඔයා තුන්වෙනි සැරේටත් කියල තියනව. මං අහන්නෙ ව්‍යවස්ථාව කියන්නෙ පරම සත්‍යය හරි විවේචනය නොකල යුතු/කතා නොකලයුතු දෙයක්ද? ව්‍යවස්තාව පැත්තක තියල කියන්නකෝ මේ සිද්ධවෙන දේ සාධාරණයිද නැද්ද කියල?

      Delete
    3. දන්න කෙනෙක් කියන්න ඔය කියන ව්‍යවස්ථාවෙන් සුදර්මන් රදලියගොඩ යකඩ හොරා නිරුපද්‍රිතව සිටීමේ රහස... හොරා තමන්ගෙ එකෙක්නම් නඩු නෑ... හෙන ගහපියව් මේ අවලං හැත්තට...

      Delete
    4. @Naleen Dilruksha
      නලින් එංගලන්තෙයේ ලිඛිත ව්‍යවස්ථාවක් නෑ. අපේ තියනවා. එංගලන්තයේ එතකොට මේ වගේ ගැටලුවකදී පොදු නිර්ණායකයක් ඒ කියන්නේ මිනිස්සු තුල තියනවා හරි වැරැද්ද නීතිය මොකද්ද කියල සමාජ සම්මතයක්. හැමෝම හර්ද සාක්ශියයට එකඟව නිවැරිදි දේ කිරීම . මෙතන ඔයා නැවත නැවත පෙන්වා දෙනවා මේකෙදි සියලු දේ වෙන්නේ ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව නිසා මේ වෙන දේ වැරද්දක් නෑ කියල නේද? මම අහන්නේ නලින් ඔයාගේ හර්ද සාක්ශියයට එකඟව මේ වෙන දේ හරිද? ව්‍යවස්ථාවට එකගයි කියල දැන් ඔයා කීප සැරයක් කිව්වා නේ ඒක හොදින් ඇහුනා තේරුණා. මම සරලව කියන්නේ මේකයි ලංකාවේ නීති,ව්‍යවස්ථා හැම දෙයක්ම පොතේ තියන දේවල් විතරයි මේවා බලයේ ඉන්න පාලකයාට ඕන වෙලාවට පාවිච්චි කරනවා නැති වෙලාවට නෑ. ඔතන විතරක් නොවෙයි හැම තැනම එහෙමයි. එහෙම වෙන්නේ ඇයි? මිනිස්සුන්ට හර්ද සාක්ශියක් නොමැති කමද? පොදු සමාජ සම්මතයක් නොමැති කමද? අයි ඩෝන්ට් නෝ වයි????

      Delete
  7. නඩුත් හාමුගේ - බඩුත් හාමුගේ

    ReplyDelete
  8. නම්බු පිටින් ඉල්ලා අස්වුනානම් ඉවරයිනෙ..හැමෝගෙම වගේ එයා‍ගෙ කිල්ලෝටෙත් හුනු ඩිංගක් හරි තියෙන බව දැන් කවුරුත් දන්න එකේ...

    ReplyDelete
    Replies
    1. සටනක් දීල ඉවත්වීම සහ කලින්ම තරගයෙන් ඉවත්වීම කියන්නෙ දෙකක්. අන්තිම විග්‍රහයේදී මේ දෙකේ ප්‍රතිඵල වල සෑහෙන අපගමනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

      Delete
    2. හැබැයි නිමල් අර ගල් ගහල මරන්න නියම කරපු ගැහැණියටජේසු තුමා කිවවලු පළමු ගල ගහන්න කිසි පවක් නොකරපු කෙනෙක්ට. කිල්ලෝට වල හුණු නැති අයට තමයි දඬුවම් දීමට අයිතිය තියෙන්නෙත්. කාල් මාර්ක්ස් කිව්වා ශික්ෂකයා ශික්ෂණය වී සිටිය යුතුයි කියල. මාක්ස්, ජේසු කියන්නේ බටහිර යුදෙව් කසි කබල් චින්තකයින් නිසා ඔවුන් කියපු දේවල් අපිට වැඩක් නෑ කියමුකෝ..නේද

      Delete
  9. ඇය වරදකරු කල චෝදනා 5 සරල බසින් මෙසේයි,
    1.ගෝල්ඩන් කී නඩුවට අදාල ට්‍රිලියම් නිවාස සංකීර්ණයෙන් ඔස්ට්‍රෙලියාවේ පදිංචි සහෝදරිය වෙනුවෙන් නිවසක් මිලදී ගැනීම.
    2.ඒ සඳහා රු මිලියන 19ක පමණ මුදලක් අදාල සමාගමට ගෙවීම.
    3.ඒ රුපියල් මිලියන 19ක පමණ මුදල වසරකට ආසන්න කාලයක් තම බැංකු ගිණුමේ තබාගැනීම.(වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීම)
    4.තවත් බැංකු ගිණුම් 20 ක ඇති මුදල් ගැන වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීම
    5.ඇයගේ ස්වාමියා සම්බන්ධ අල්ලස්/දූෂණ නඩුව හා සම්බන්ධ කරුණු

    ReplyDelete
  10. දැන් වෙනකොට තත්වේ නම් ට්‍රිලියම් එක , අපැහැදිලි කරන ලද බැංකු ගිණුම් සහ තමන්ගේ ස්වාමිගේ නඩුවට සම්බන්ද චෝදනා 3 ට අය වැරදීකරු වෙලා ඉවරයි.

    මට ප්‍රශ්න දෙකක් තියෙනව
    1. ලංකාවේ ජන්දවලට ඉදිරිපත් වෙන අය සහ ඔය ලොකු පුටුවල ඉන්න මැති / ඇමතිවරුන්ගෙන් කියෙන් කිදෙනාද වත්කම් හරියට කියලා තියෙන්නේ ?
    2. ඇමතිවරු / මන්ත්‍රීවරු සහ අපේ රගේ මාධ්‍ය මෙ ප්‍රශ්නේ වෙලාවේ හැසිරුණ විදිය හරිද

    ReplyDelete
    Replies
    1. 1. ලංකාවේ ජන්දවලට ඉදිරිපත් වෙන අය සහ ඔය ලොකු පුටුවල ඉන්න මැති / ඇමතිවරුන්ගෙන් කියෙන් කිදෙනාද වත්කම් හරියට කියලා තියෙන්නේ ?

      ඕකුන් කොහොමත් එන්නේ නීති කඩන්ට බලාගනමයි. කරන්න දෙයක් නෑ මොකද අපේ මැටි හරක්ම තමයි උන්ට ජන්දය දීල යවන්නේ. නමුත් CJ කෙනෙක් ව එතෙන්ට යවන්නේ නීතිය රැක ගන්න නිසා ඔහු හෝ ඇය පිරිසිදු විය යුතුයි.

      Delete
  11. කලන් හිටපු CJ ලව ඈදා ගෙක කියපු බොරු?

    ReplyDelete
  12. //චූදිතයා ගේ සහබාගිත්වයකින් තොරව , පැමිණිල්ල විසින්ම සම්පූරණ විභාගය සිදුකර තීන්දුව ප්‍රකාශයට පත්කීරිමේ

    මිනීමරුවෙක් නඩුව මග අරල හිටියම වෙන්නේ මොකද? නඩුව අහක යනවද? මෙවා ගොන් ජෝක්

    ReplyDelete
    Replies
    1. එතකොට කොයි මිනිමැරුම් නඩුවද පැමිණිල්ල දාපු එවුන්ම විභාග කලේ

      Delete
    2. ඇනෝ හරි...එහෙම ඒවත් වෙනවනේ බුවා. ඇයි පාතාලෙ...ඉතිං දැන් පාතාලෙ කවුද?

      Delete
  13. දෙපැත්තෙම වැරදි තියෙනවා. අවසානය ගැන උනත් එහෙමයි. නමුත් ගෝත්‍රික සමාජයක් කියලා ළෝකයාට ප්‍රදර්ශනය කර අවසානයි..... ඉදිරිය අඳුරුයි....

    ReplyDelete
  14. ජයවේවා ආණ්ඩුවට...
    අපේ ආච්චම්මලට නාගදීපේ වදින්න පුළුවං උනේ ජනාධිපති තුමා නිසා...
    එතුමා ගන්න තීරණ ඉතා නිවැරදියි....

    කියලා මං අදුරණ එකෙක් කිවුවලු..

    ReplyDelete
  15. යල් පැන ගිය ව්‍යවස්තා ඉරනු !

    කේස් බයි කේස් නැත්නම් තැනට ගැලපෙන කොත්තු ක්‍රමයට ව්‍යවස්තාව පූට්ටු කල හැකි විදියට ව්‍යවස්තාවේ වචන වෙන් කර ශබ්ද කෝශයකට ගනු.!

    පලාතෙන් පලාත අනුව තරාතිරම අනුව එහි වචන අර්ථ දැක්වීමට ඔය උගත් ආචාර්ය කස්ටියට භාර දෙනු !

    අර නෝනා අල්ලගෙන ඉන්න තරාදිය කොම්පුටරයිස් කර දේශීය මෘදුකාංගයක් සහිත ඉලෙක්ට්‍රොනික් තරාදියක් යොදනු!

    ReplyDelete
  16. කෝ මේ බුවා.. අපි ඔබ ඔබ ඉන්නවා ඒකා නෑ...

    ReplyDelete
    Replies
    1. කට්ටියටම උත්තර දෙන්න පොඩ්ඩක් අමාරුයි මෙ වෙලාවේ , . ප්‍රමාදය ගැන සමාවෙන්න .

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව