Skip to main content

අවාසනාවට ... ඇත්ත කථාවක් !

මහසෙන් සහ බණ්ඩාර කියන්නේ ශ්‍රි පුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල හදාරන  සමීප මිතුරන් දෙදෙනෙක්. සැහෙන කාලයක් පටන් තිබුනු මේ දෙදෙනාගේ මිත්‍රත්වය ශ්‍රි පුර විද්‍යාලයේ ගුරු සිසු කාටවත් රහසක් වුනේ නෑ . විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් තේරී පත්වුනු මහසෙන් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක කමක් බණ්ඩාරට අරන් දෙන්න සැහෙන මහන්සි වුනු බවත් හැමෝම දන්නවා . බණ්ඩාරගෙනුත් ඒ වෙනුවෙන් මහසෙන් ට ලැබුනු උදව් බොහොමයි ශිෂ්‍ය නායක වැඩ කටයුතුවල නිරත වෙත්දි . මහසෙන් සහ බණ්ඩාර අතර කෙරුනු මේ උදව් උපකාර ඒ අයගේ පවුල් වල සාමාජික සමාජිකාවන් වෙනුවෙන් පවා යෙදුනු අවස්ථාත් නැතුවා නොවෙයි .


මේ සුන්දර මිත්‍රත්වයට කණකොකා හඬන්න පටන් ගන්නේ  ශ්‍රි පුර විද්‍යාලයේ උසස් පෙල හදාරන්න  එකතුවුනු රූමත් තරුණියක් නිසා . ඇගේ නම කුමාරි . මහසෙනුත් බණ්ඩාරත් දෙදෙනාම කුමාරිගේ ආදරය වෙනුවෙන් සටන් කලත් කුමාරිගේ ආදරය හිමිවුනේ බණ්ඩාරට . මෙත් සමඟම තමයි මහසෙන් සහ බණ්ඩාර අතර තිබුන අතිජාත මිත්‍රත්වය ජන්මාන්තර වෛරයකට පෙරලෙන්නේ .තමන්ගේ මිතුරා තමන්ට පිටුපැම පිලිබඳ උරණු වූ මහසෙන් ඔහුගෙන් පලිගන්න තීරණය කරන්නේ අවසනාවන්ත විදිහට .මහසෙන් මේ සඳහා තෝරගත්ත පලවෙනි උපක්‍රමය වුනේ බණ්ඩාරව නියෝජ‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක කමෙන් පහකිරීම  

බණ්ඩාරව නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක කමට ගේන්න මහසෙන් මැදිහත් වුනත් බණ්ඩාරට ඒ තනතුර දරන්න වුවමනාවටත් වඩා සුදුසුකම් තියන බව මහසෙන් දැනගෙන හිටියා . ඒ නිසා ඔහු බණ්ඩාරට විරුද්ධ චෝදනා සමුහයක්  විද්‍යාලය පුරා පතුරවන්න පටන් ගත්තා . මේ වැඩේට ශිෂ්‍ය නායක සංසදයේ ඇතැම් සාමාජික සාමාජිකාව්න් වගේම පාසලේ බිත්ති පුවත් පත බාරව හිටිය  අබේවික්‍රමගේ සහය ගන්නත් මහසෙන්ට පුලුවන් වුනා . බණ්ඩාර කුඩා කාලයේදී බුද්ධ පුජාවට තබන පලතුරු පවා හොරෙන් කෑ අයෙකු බවත් , විද්‍යා සංගමේ වෙනුවෙන් එකතු කල බණ්ඩාර භාරයේ තිබුන මුදල් වලට වෙච්ච දෙයක් නැති බවත් , බණ්ඩාර තමන්ගේ අලුත් පාපැදිය ගත්තේ   ශිෂ්‍ය නායක අරමුදලින් වංචා ක ල මුදලින් බවත් ඒ චෝදනාවල කියවුනා . කොහොම වුනත් මේ සියලුම චෝදනා වලට වඩා ශ්‍රි පුර විද්‍යාලේ බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගන්න සමත් වුනේ  ශ්‍රි පුර විද්‍යාලයත් එක්ක නිතරම ගැටුම් ඇතිකරගත්ත අසල් වැසි පාසල් කිහිපයක් එක්ක බණ්ඩාර රහස් සබඳතා පවත්වන බවට  මතුව්නු චෝදනාව .

ශිෂ්‍ය නායක මණ්ඩලයේ හිටිය කටකාරයා වෙච්ච විමලදාසත් , අයහපත් කල්ක්‍රියාව මැද මහසෙන්ගේ හිතවතෙකු වීම නිසාම ශිෂ්‍යනායක මණ්ඩලයේ තනතුර රැකගෙන හිටි මාටිනුත් මේ චෝදනා පාසැල පුරාම ප්‍රචාරය කරන්න දායක වුනා .  කටකථා මට්ටමෙන් තිබුනු චෝදනා සියල්ල එකතු කරලා  ශිෂ්‍ය නායක සංසදයේ බහුතරයකගේ අත්සතින් බණ්ඩාරට විරුද්ධව යෝජනාවක් ගෙන්න  සමත් වීම මහසෙන් ලබපු විශාල ජයග්‍රහණයක් වුනා . මොකද ශිෂ්ය නායක සංසදය භාර ගුරුතුමා විසින් චෝදනා විභාගයට  පත්කරපු කමිටුවට තමන්ට හිතවත් ශිෂ්‍ය නායකයින් වැඩි දෙනෙක් ඇතුලු කරගන්න අවස්ථාවක් මහසෙන්ට තිබුන නිසා . පාසැල් නිවාඩු කාලය ඔන්න මෙන්න තියා  රැස් වුනු කමිටුව බණ්ඩාරට තිබුනු චෝදනා සත්‍ය වශයෙන් තහවුරු කරලා වාර්ථාවත් සකස් කරලා දුන්නා පාසල් නිවාඩුව පටන් ගන්න දවසේම . වාර්ථාව පිලිබඳ ආචාර්ය මණ්ඩලයට දන්වලා  අවසන් තීරණයක් ගැනීම ඊලඟ පාසැල් වාරයට කල් තියපු ශිෂ්‍ය නායක සංසදය භාර ගුරුතුමා බණ්ඩාරගේ නියෝජ්‍ය  ශිෂ්‍ය නායක තනතුර තාවකාලිකව අත්හිටෙව්වා .

පාසල් වාරය නිමා වුනත් මේ සිදුවීම ගැන කසුකුසුව නම් අඩුවුනේ නෑ , කඩපිලේ , පන්සලේ ටියුශන් ක්ලාස් එකේ මේ හැම තැනම ප්‍රධාන මාතෘකාව වුනේ මහසෙන් -බණ්ඩාර ගැටුම . මහසෙන් එක්ක හැප්පෙන්න බයෙන්  නිහඬව හිටපු බණ්ඩාරට බොහෝ දෙනෙක් අනුකම්පා කරන බවකුත් මේ අතරේදි දකින්න තිබුනා . බණ්ඩාර  අනුගමනය කරපු නිහඬ ප්‍රතිපත්තිය ගැන සැහීමකට පත් නොවුන බණ්ඩාරගේ බාල සොහොයුරා වුනු විජේපාල තමන්ගේ සහෝදරායට විරුද්ධව එල්ල වෙන චෝදනාවලට පිලිතුරු දෙන්න තමන්ගේ මිත්‍රයන් එක්ක  සංවිධාන වුනා .  ශිෂ්‍ය නායක මණ්ඩලය එක්කම තරහින් හිටපු විද්‍යාලයේ  දඟකාරයන් විදිහට නම් දරාපු සෝමසිරි , සමිත , රන්දික වගේ අයත්  තරහ අමතක කරල බණ්ඩාර වෙනුවෙන් පෙනිහිටියා . පාසැල් වාරය ආරම්භ වෙච්ච ගමන් මහසෙන්ට විරුද්ධව කටයුතු කරන්න යම්  එකඟතාවක් තමන්ගේ මිතරන් එක්ක ඇතිකරගන්න විජේපාල සමත් වෙන්නේ දහම් පාසැල අවසාන වෙලා තිබුන රැස්වීමකදී

දහම් පාසැලේ රැස්වීමෙන් දවස් දෙකකට පස්සේ හවස් යාමෙක ටියුෂන් ගිහින් ආපහු එමින් සිට්  විජේපාලට මඟරැකගෙන සිටි පිරිසකගෙන් ගල් ප්‍රහාරයක් එල්ල වුනා . ගල් පහරින් විජේපාලට හානියක් නොවුනත් , විජේපාලගේ මිතුරන් වගේම බණ්ඩාර වෙනුවෙන් පෙනීසිටි සියලු දෙනාමත්  පහුවදා උදේම විජේපාලලාගේ ගෙදරට ආවා . ඒ හැමෝම දරපු අදහස වුනේ මේක විජේපාලව බය කරන්න මහසෙන්ලා කරපු වැඩක්ය කියන එක . නමුහ් හැමෝම පුදුමයට පත්කරමින් මහසෙනුත් විජේපාලව බලන්න ආවේ අඹ පෙට්ට්යකුත් අරගෙන .  මේ නිසා ගමේ සමහරක් දෙනෙක් මහසෙන් ගැන තිබුන සැකය ඉවත් කරගත්තත් , අංක එකේ කපටියෙක් වෙච්ච  මහසෙන් ව විශ්වාස කරන්න  බණ්ඩාරගේ පාර්ශවයේ කවුරුවත් කැමති වුනේ නෑ .  මේ සිදුවීම කණවැකුණු විදුහල්පති තුමා නිවාඩු කාලය නොසලකා අදාල පාර්ශවයන් පාසැලට කැඳෙව්වේ ගැටුමේ මුල පාසල නිසා . විදුහල්පති තුමා ඉදිරියේදීම බණ්ඩාර පාර්ශවය විජේපාලට කරපු පහරදීම පිලිබඳ මහසෙන්ට චෝදනා කලා


විදුහල් පතිතුමා මහසෙන්ගෙන් මේ ගැන නිදහසට කරුණු විමසා සිටියා . ඊට පිලිතුරු දුන් මහසෙන්

"සර් . බණ්ඩාරයි විජේපාලයි එක්ක මාත් එක්ක ප්‍රශ්නයක් ඇතිකරගෙන ඉන්නාවය කියල මුලු ගමම දන්නවා , විජේපාලලා මට විරුද්ධව  පන්සලේ රැස්වීමක් තිබ්බේ දවස් දෙක තුනකට කලින් . ඒකත් ගමම දන්න දෙයක් . ඉතින් මේ වගේ වෙලාවක විජේපාලට ප්‍රහාරයක් එල්ල කලොත් ඒකේ චෝදනාව මට එල්ල කරන්න පුලුවන් බව ඕනි කෙනෙකුට තේරෙනවා . මේක තනිකරම මාව මේකට පටලවන්න විජේපාලලාම කරපු කුමන්ත්‍රණයක් . ඔය එල්ල කලාය කියන ගල් පහරෙන් විජේපාලට හිරුම් තුවාලයක්වත් වෙලා නැත්තේ ඒකයි . මට විජේපාලට ගස්සවන්න ඕනිකමක් තිබුනා නම් ඇයි විජේපාලට කරදරක් නොවෙන්න ගහන්න හේතුවක් නෑ  "

විදුහල්පතුතුමා මොකද කිවේ ????? ඔබට පිලිතුර අනුමාන කල හැකි නම් කථාව එතනින් නිමි .

සියලු දෙනාටම ප්‍රිතිමත් නත්තලක් !


Comments

  1. මේ වගේම කතාවක් කොහෙදි හරි අහලා තියෙනවා අප්පා.......ශිඃ මතක් වෙන්නෑනේ....

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම එකක් මතකයි ඒත් නිච්චියක් නෑ

      Delete
  2. මහසෙන්ලා, බණ්ඩාරල, විජේපාලලා ඔක්කෝමලා ඇවිත් ප්‍රින්සිපල්ගේ දෑත් ශක්තිමත් කරන්න....ප්‍රින්සිපල්ගේ කාමරේ දොර සැළුන් දොරක් වගේ.....

    ReplyDelete
  3. කතාවේ හැටියට නත්තල ප්‍රීතිමත් වෙන්නෙ නැහැ බුවා..

    කවදා මේක ප්‍රීතිමත් සුන්දර මායා රටක් වෙයිද ?

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත , පුරුද්දට කරපු සුභ පැතුමක් !

      Delete
  4. අනේ මචන් ඔය ඉස්කෝලේ  1 වසරේ ඉන්න පොඩි උන් ටික ගැන මුකුත්
    ලියල නැහැනේ...:D මේ යන විදිහට ගියොත් උන්ගේ පාසල් ගමන
    නවතියි බන් ... මචන් පොඩි අවුලක් ගිහින් මන් දාපු පොස්ට් එහෙකට
    කෙල උනා.ඒ නිසා මේ ලින්ක් එක use කරපන් මචෝ...
    මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමු වැන්න)"
    ( නියම කතාව මචන් , ඒ උනාට මාතෘකාව දැක්කම හිතුනේ
    වෙන දෙයක්.තව ටිකෙන් නොබලත් ඉන්නවා..)      ....

    ReplyDelete
    Replies
    1. එක වසරේ අය අසරණයි , පෙලක් උන් මෝඩයි , අනුකරණවාදියි ..ඉතින් මොකෝ කරන්නේ

      Delete
  5. මටත් බොහොම අහලා පුරුදු කතාවක්... බලාගෙන ගියාම මහසෙන් මහ කැලේ නරියෙක් නෙ...

    අනේ මන්දා... මහසෙන්ට මොන කල දසාවක් යයිද කියලා....
    මට දුක එක වසරෙ ලමයි ගැන....

    ReplyDelete
    Replies
    1. මහසෙන් ගේ කලදසාව හොඳයි , ඔබතුමාත් එක වසරේ ළමයෙක් වෙන්න එන එක ගැනයි දුක . අපිට නම් කොයි වෙලාවෙද වෙන ඉස්කෝලෙක එක වසරට යන්නේ කියල ඉන්නේ

      Delete
  6. අද නම් බුවා වටේ ගිහින් වගේ. ඇත්තටම බුවා බණ්ඩාර වැරදි කරලා තියනවාද නැද්ද.

    ReplyDelete
    Replies
    1. බණ්ඩාර වැරදි කරල තිබුනත් නැතත් , මහසෙන් වැඩේ කරන විදිහ කැතයි . අනික බණ්ඩාරට වඩා වැරදි කරපු උන් තොග පිටින් ඉන්නේ ආතල් එකේ ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුලේම

      Delete
  7. මේ දවස්වල ඔයවරද කරපු මෝඩකම කියල මහසෙන් දුක්වෙනවලු, අර උදවු කරපු යට බනිනවලු, එක වහගන්න පාට පාට එළි වැසි එහෙම පෙන්න පෙන්න ඉන්නකොට දෙන දෙයියෝ ගංවතුර ගලන්න දෙනවලු, එතකොට අර බන්ඩාරලගේ ප්‍රශ්නය මිනිස්සුන්ට අමතක වෙලා යනවලු
    එළකිරි බුවා උබ තමයි දවසකටවත් බුවා, එලට ප්‍රබන්ධ කරලා තියෙනවා

    ReplyDelete
  8. ඈ බොල කුමාරිට මොකද උනේ ?

    ReplyDelete
  9. මහසෙන් කලාප තරඟ වලදි ශ්‍රීපුර ඉස්කෝලෙට දිනුම අරන්දීපු සිද්දිය ඉස්කෝලෙ ළමයින්ගෙ හිතේ තියෙන තාක් මෑන්ට විරුද්දව ඉස්කෝලෙ ඇතුලෙ කිසිම දෙයක් කරනවා බොරු

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා හැමෝටම පොදු පාසල කාබාසිනියා කරනකන් බලන් ඉන්නේ අමනයින්නොවේද?

      Delete
    2. මහසෙන් ඒ ප්‍රතිරූපය නිසා තමයි අනික් වැරදි ඔක්කොම වැහෙන්නේ , වට් ටු ඩූ !

      Delete
  10. ප්‍රීතිමත් නත්තලක්!

    ReplyDelete
  11. බණ්ඩාර කියන් ඇති විජේපාලට වුණු පහරදීම ගැණ මහසෙන්ට චෝදනා කරන්න එපාය කියලා!

    ReplyDelete
  12. එළ! ශෛලිය වෙනස්!
    "සර් . බණ්ඩාරයි විජේපාලයි එක්ක මාත් එක්ක ප්‍රශ්නයක් ඇතිකරගෙන ඉන්නාවය කියල මුලු ගමම දන්නවා , විජේපාලලා මට විරුද්ධව පන්සලේ රැස්වීමක් තිබ්බේ දවස් දෙක තුනකට කලින් . ඒකත් ගමම දන්න දෙයක් . ඉතින් මේ වගේ වෙලාවක විජේපාලට ප්‍රහාරයක් එල්ල කලොත් ඒකේ චෝදනාව මට එල්ල කරන්න පුලුවන් බව ඕනි කෙනෙකුට තේරෙනවා"

    අන්න පොයින්ට්එක.

    ReplyDelete
  13. පින්සිපල් මුකුත් කියන්නෙ නෑ විජේපාලලයි ගෙදර ගිහින් තේ බීලා හිනාවෙලා පින්තූරෙකුත් අරගෙන එනවා බුකියේ දාන්න.

    ReplyDelete
  14. ප්‍රින්සිපල් විජේපාලට කියනවා මෙහෙම "ඈ බොල උඹ මේ සත්ගුණවත් දැහැමි කුරා කුඹියෙකුටවත් වරදක් කරන්නේ නැති මහසෙන් ගේ කීර්තිනාමය නැති කරන්න නේද මේ කුමන්ත්‍රණ කරන්නේ.හිටු උඹට..."
    එහෙම කියල විජේපාලවයි බණ්ඩාරවයි ඉස්කෝලෙන් අස් කරලා දානවා.

    ReplyDelete
    Replies

    1. ඔන්න ඕක තමා අන්තිමේට වෙන්න ගොඩක්ම ඉඩ තියන දේ

      Delete
  15. කෑලි බෑලි වලින් අවුලක් නැති සුභම සුභ නත්තලක් වේවා.

    ReplyDelete
  16. විජේපාල දෑත් ශක්තිමත් කරන්න යනව. එහෙම නොගියොත් සිද්ධිය කාටත් අමත වෙන්න කියල අර පොන්න බාලදක්ෂ නායකය අහින්සක කොල්ලෙක් වටේ එළවන්න පටන් ගන්නව.

    ReplyDelete
    Replies
    1. මේ මිස්ටර්
      කතා කරන්න ඉගෙන ගන්න
      ස්කවුට් කෙනෙක් කියන්නෙ පොන්නයෙක් නෙවෙයි

      Delete
    2. උපහාසයේ සහ අපහාසයේ තරම නොතේරීම ගැන කණගාටුයි මිත්‍රයා.

      Delete
    3. ඉන්දික - 'ශිෂ්‍ය නායකය', ඇනෝ - වැරදියට වැටහිලා තියන හැඩයි . ඉන්දික මහත්තයා පොයින්ට් අවුට් කරන්නේ එක්තරා කෙනෙක් ගැන පමණයි . අනේ මන්ද ඒ යෙදුම ගැලපෙනවද් කියල නම්

      Delete
  17. පඳුරකට ගලක් ගැහුවොත් බණ්ඩාරල, විජේපාලල රොත්තක් විසිවෙන එකේ මහසෙන්වම තමයි වටින්නේ කියල විදුහල්පතිතුමා පුරුදු විදිහට ඈනුමක් හෙම ඇරලා අහක බලාගත්තා.

    ReplyDelete
  18. අඩෝ පල නොකියා පලා බෙදිල්ල ගින්දර.............

    අවාසනාව උනාට කතාව ඇත්ත.........

    ReplyDelete
  19. අවාසනාවටම තමයි ඉතින්......

    ReplyDelete
  20. දැන් නම් මහසෙන්ට හිතිලා තියෙන්නේ අපරාදේ මම හදිසි වුණේ ..මට තිබුණේ බණ්ඩාරගෙ කරට වටින් අත දාගෙන හීන් නූලෙන් නියෝජ්‍ය ශිෂ්‍ය නායක කම ඉල්ලා ගන්න කියලා.

    ReplyDelete
  21. බොරු කියන්න එපා බොල... නොදකින් ඉලක්කෙට ගලක් ගහගන්න බැරි එකා...ගනිං මුගෙන් සමාව කියලා පිනා මාමා කියන්න ඇති...

    ReplyDelete
  22. මහසෙන් පව්....
    මට දුක එයා ගැන..

    ප.ලි.
    ඒක නෙවේ මේ මහසෙන් ද අර දම්සාරිව හප්පන්නේ ?? හික්ස්..

    ReplyDelete
  23. ඇයි ප්‍රින්සිපල් ස්වාධීන කමිටුවක් පත් කරන්නේ නැද්ද :D

    ReplyDelete
  24. ප්‍රින්සිපල් මොනව කලාද කිව්වද හිතාගන්න බෑ අප්පා.. :)

    ReplyDelete
  25. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව