Skip to main content

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියට බලපෑ ඉස්ලාමීය අන්තවාදය - රන්ජන් රාමනායක හෙලි කරයි !!

ජනප්‍රිය සිනමා නලු රන්ජන් රාමනායක මහතා ගේ රංගනයන් පිලිබඳ මාගේ එතරම් පැහැදීමක් නැතත් දේශපාලකයෙකු වශයෙන් අගය කල හැකි සහ විශ්වාස කල හැකි පුද්ගලයෙකු බැව්  ඔහු පසුගිය සමයේ දක්වා ඇති අදහස් උදහස් සහ ක්‍රියා මාර්ගයන්ගෙන් පැහැදිලිවේ . දේශප්‍රේමී ලේබල් ගසා ගත් බොහෝ දේශපාලකයින්  කථා කිරීමට මැලි වන දේ ඉතා සෘජුව , බාධා කිරීම් මධ්‍යයේ පාර්ලිමේන්තුව තුල හඬගා කීමෙන්  තමා මුදලට යට නොවූ කොන්ද පණ ඇති දේශපාලකයෙකු බැව් සනාථ කිරීමට සමත් වී තිබේ

රාමනායක මහතා පිලිබඳ මේ සටහන තබන්නේ ඔහු විසින් පුවත්පතකට කලාය කියන සාකච්ඡාවකදී (ගොසිප් අඩවියක් තුල ඇස ගැටුණු )  හෙලිකරනා කාරණයක විශ්වාසනීයත්වය පිලිබඳ  මාගේ තක්සේරුව ලෙසිනි  . ගොසිප් අඩවියේ පරමාර්ථය  සිනමා තරුවකගේ තොරතුරු උපුටා දැක්වීම නිසාවෙන්  එම සාක්චාවේදී රාමනයක මහතා විසින් හෙලි කරනා ඉතා වැදගත් තොරතුරක් මෙසේ උපුටා දක්වමු
//
නමුත් රංගන ශිල්පියකු හැටියට ඔබට යම් අසාධාරණයක් වුණා මේ චිත්‍රපටයේදී?

ඔව්, ඒ ගැන මේ ප්‍රථම වරට පුවත්පතකට හෙළි කරන්නේ. සිද්ධාර්ථ කුමාරයාගේ ළමා කාලයේ මම ඔහුට ක්‍රීඩා කරන්න, සටන් කරන්න පුහුණු කරනවා ඔහු සමඟ සෙල්ලම් කරනවා. එතකොට වප් මඟුල් උත්සවයේදී ඇතුන් පිට යනවා. මේ දර්ශන සියල්ලම චිත්‍රපටයෙන් ඉවත් කරන්න සිදු වුණා. 


සිද්ධාර්ථ කුමරුගේ ළමා චරිතය රඟපෑවේ පකිස්ථාන් සෙකන්ඩ් චාන්ස්ල(ර්)ගේ පුතා. හිස්බුල්ලා, අල්ඛයිඩා වැනි සංවිධානවලින් මැර තර්ජන එල්ල වුණා මුස්ලිම් දරුවකු හැටියට මේ චරිතය කළොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඉතින් නිෂ්පාදක – අධ්‍යක්ෂවරුන්ට සිදු වුණා ඒ දර්ශන ඉවත්කර ගන්න. 

අර පොඩි දරුවා උස්සන දර්ශනය විතරයි තිබුණේ. හරිම ලස්සන දර්ශන ටිකක්. කලාකරුවෙක් හැටියට මට ලොකු වේදනාවක් තියෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ.

//

සිදූවී ඇති දේ ඉතා පැහැදිලි නිසා අමුතුවෙන් විස්තර කරන්නට  අවශ්‍යතාවයක් ඇත්තේ නැත . ආගමික සහජීවනය පිලිබඳ දෙසනා අවයලුන්ගෙන් සහ "සැම ආගමක්මය " එකය යන මතයේ සිටිනා "සර්වාගමිකයින්" සහ ඇතැම් "නිරාගමිකයින්ගෙන්" ගේ අවධානය මේවා දෙස යොමුවන්නේ නම් යහපත් බව පමණක් අවධාරණය කර සිටිමු 

http://www.hotandfastnews.com/2013/03/blog-post_226.html




----------------------------------------------------------------------------------------------------
ප.ලි-  බොලිවුඩ් නලු ෂාරුක් ඛාන් වීසින් කරන්නට යෙදුනු ප්‍රකාශයක් පදනම් කරගෙන ඔහුගේ ආරාක්ෂාව සලසන ලෙස ඉල්ලීමක් පකිස්ථානු ඇමතිවරයෙකු විසින් කරන්නට යෙදුනු බව පසුගිය සමයේ වාර්ථා විය . පකිස්ථාන දරුවෙකුට ශ්‍රි ලංකාවෙදී බෞද්ධාගමික සිනමා නිර්මාණයක රඟ පැම වෙනුවෙන් ඉස්ලාමීය අන්තවාදි සංවිධාන වල බලපැම් එල්ල වේ නම් , හින්දු බහුතර රාජ්‍යයක හින්දු , පන්ජාබි  චරිත මෙන්ම බෞද්ධ අධිරාජ්‍යකුගේ චරිතයත් නිරූපණය කරමින් කිසිදු කරදරයකින් තොරව ජීවත්  වන නලුවෙකුගේ ආරක්ෂාව සොයන්නට යන පකිස්ථානු ඇමතිවරයාටද සැහෙන දුරට වයර් පැටලී තිබිය යුතුය . කෙසේ නමුත් මේ නබි වරයාට අපහාස කලාය කියන චිත්‍රපටියේ අධ්‍යක්ෂකගේ හිසට තෑගි ඉල්ලා සිටි පකිස්ථානු ඇමති මණ්ඩලයේම තවත් සාමාජිකයෙකු නිසා එහි පුදුමයක් ඇත්තේද නැත  



Comments

  1. අපිවත් දැනං හි‍ටුයේ නෑ මෙහෙම චිත්‍රපටියක් හැදෙනවා කියලා...ඒහ් මේ හිස්බුල්ලා එකයි අල්කයිඩාවයි දැනං ඉදලනේ...තමන්ගේ ඒවා පැත්තක් තියෙද්දී අනුන්ගේ කුණු හොයන්න ගිහිල්ලා තමයි ඊශ්‍රායෙල් වලින් ඉල්ලන් කන්නේ...:)..හැබයි තව දෙයක් තියෙනවා රනජන් ලොක්කටත් හිටපු ගමන් දවල් හීන පේනවා....හිගන්නගේ තුවාල වගේ දේවලුත් තියෙනවා...මොනා උනත් දේශපාලුවොනේ....

    ReplyDelete
    Replies
    1. මම නම් රන්ජන්ගේ "හීනෙන් බයවෙලා " කියපු දේශපාලන කථාවක් ගැන මතකයක් නෑ

      Delete
    2. රන්ජන් සිල්වෙස්ටර් අල්පෝන්සු නැතිනම් රන්ජන් රාමනායක මහත්තයගේ ලොකුම දවල් හීනේ තමයි සබරගමු ජන්දෙදි කොටි පරද්දන යුද්දේ නවත්වන්න ඕනා කිව්ව එක....ඊට පස්සේ අර දිල්කා සමන්මලී නෝනාගේ ඕස්ට්‍රලියාවේ හිටපු අම්මලට තර්ජනය කරපු එකත් එතුමාගේ දේශපාලනයට සම්භන්දයි...
      දේශපාලනය හරුනම අනිත් දවල් හීන නම් ඔය ස්ටාර් වැඩසටහන් ගොඩක තිබ්බා නේද?

      Delete
    3. දේශපාලනය නොවන දේවල් වෙනම කථන්දරයක් නේ .රන්ජන් එදා ඉඳන්ම යුධ විරෝධියි ,විජයත් එහෙමනේ . එජාපයේ මතයත් ඒකමනේ තිබුනේ ඒ නිසා එකේ වරදක් නෑ . ඒක දේශපාලනික මතයක් දැරීමේ අයිතිය . 42% ගාණක් එජාපයට රත්නපුරේ තිබුනා මතක විදිහට නම් (යුද්ධේ ආතල් එක විඳින ගමන් වුනත් )

      දිල්කා නෝනාගේ ඔය තර්ජන කථාව දේශපාලනිකද ? මොකද දෙරණෙන් අර නුවර ටීචර් අල්ලගෙන අමු බොරුවක්නේ කලේ , අන්තිමේදී නඩු වාර මඟ ඇර්ලා කිච වුනේ ඒ ටීචර්ම මිසක් රන්ජන් නෙවෙයිනෙ

      Delete
    4. ඒක දෙරණේ තවත් මෙගා නාට්‍යක් විතරයි ලොක්කා . දිල්කා විපක්ෂේ උන්ට ගෙම්බර් ආණ්ඩුවේ ලොක්කො ගාවට ගියාම කුක්කි වගේ අනේ ඕකුන්ගේ දේශපාලනේ

      Delete
    5. මම ටීචර් සීන් එකක් කියලා නෑනේ....මම ලියලා තියෙන්නේ ඩිල්කා ගේ කැරියර් එක විනාශ කරනවයි කියපු තර්ජනේ ගැනනේ...ටීචර් සීන් එකයි ඩිල්කාට තර්ජනය කරපු එකයි දෙකක්..ටීචර් සීන් එක බොරුයි කියලා ඒකට ඩිල්කට තර්ජනය කරල හරි යන්නේ නෑනේ..ඒක විසද ගන්න ශිශ්ඨ විදිහක් තියෙනවනේ...

      යුද්ධේ ගැන රන්ජන්ලගේ කථා දවල් හීන බව දැන් ඉතින් තර්ක කරන්න දෙයක් නෑනේ...

      Delete
    6. යුද්ධේ ගැන රන්ජන් දැකපු විදිහ වැරදියි කියමුකො ඒක යුද්ධෙන් අවසන් දෙයක් . අනික ඒක දේශපාලනික මතවාදයක් මේක " සිද්ධ වූ දෙයක්" ගැන කථා කිරීමක් යුද්ධෙ ගැන "හරියට" දැකපු මිනිස්සු දැන් කරන කියන ඒවා පේනවනේ . ටීචර් නිසා ඇතිවුනු සිද්ධිය පලවෙනියටම දේශපාලනික නෑ , අනික මඩ ගැහුවා කියල දෙරණෙන් උඩ පැන්න මිසක් නඩුවක් දාල, ඔප්පු වෙලා හෝ සමාව අරෙගෙනත් නෑ .

      Delete
    7. අනේ මචං දිල්කාගේ කැරියර් එක විනාශ කරනවා කියලා කිව්වේ වන්ශොට් එකේ පෙන්නුවා වගේ මස්ගොබ පෙන්නලා නෙවෙයිනේ...තමන්ගේ දේශපාලන බලපුලුවන්කාර කම පෙන්නලනේ...

      බුවා කියන විදිහර්ට ඒක දේශපාලන කථාවක් නෙමෙයිනම් ඕන්න ඒක එහෙමයි...

      මේවගේ සුලු කාරණයකට කමෙන්ට ලියන්න මං හිතන්නේ බුවගේයි මගෙයි කාලය ඊට වඩා වටිනවා...බුවා හරි නම් හරි ...ජය වේවා...

      Delete
    8. BTW if what Rannjan says is true, I do not want kill the messenger....

      Delete
    9. බුවා තවත් හොඳම උදාහරණ කීපයක්ම මා සතුයි.. ඒත් රන්ජන් කියන්නේ මගේ පෞද්ගලික යාලුවෙක්.. ඒ නිසා ඒ දේවල මෙතැන කියන එක හරි නෑ. කොහොම වුණත් රන්ජන් හිත හොද මනුස්සයෙක්.

      Delete
    10. මය්යා , නලින් - රන්ජන් ගැන මගේ පලමු ඡෙදය වැරදියි කියල කියමු ඒත් මතුකරන කාරණාව ඇත්ත නම් මම කියන්න හදන දේ පැහැදිලියිනේ


      Delete
    11. ඉතා පැහැදිලියි..

      Delete
  2. සෑහෙන කාලයක් තිස්සේ රන්ජන්ගේ ගොන් පාර්ට් දැකලා තියෙන නිසා එක සිදුවීමකින් මිනිහා කොන්ද පන තියෙන මාර දෙදපාලකයෙක් කියලා කියන්න දිව නැමෙන්නේ නෑ බුවා.

    අනික අර කලින් කොමෙන්ට් කරපු මයියා කිව්වත් වගේ රන්ජන් හීනෙන් බය වෙලා වගේ ප්‍රකාෂ නිකුත් කරනවා කියලා හිතිලා තියෙන නිසා මම නම් විස්වාස කරන්නේ නෑ මූ කියන ඒවා.

    ReplyDelete
    Replies
    1. දේශපාලනේදී රන්ජන් දාපු ගොන් පාට් ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?

      Delete
    2. කලා ෆීල්ඩ් එකේදි දැක්ක ගොං පාර්ට් තමා. එහෙව් එකෙක් දේශපාලනයෙදි සිරා වෙන්නේ කොහොමද කියලා මැච් කර ගන්න බැරුව ඉන්නේ.

      Delete
    3. දුකා - අනික් ක්ශේත්‍රවල හැසිරීම සහ දේශපාලනය දෙකක් නේද ? බලන්න සනත් සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයෙක් , ගොබ්බ දේශපාලකයෙක් . බන්ධුල , සුපිරි ටියුෂන් මාස්ටර් , හැබැයි හත්පොලේ ගාගන්න ඇමති කෙනෙක් . ඕකෙම ප්‍රතිලෝමය වෙන්නත් පුලුවන්නේද?

      Delete
    4. රංජන් විකට චිත්‍රපටිවල හිනාවෙන්නේ මෙහෙම නේද ?
      බු_වා_හ්_හා_හා_හා....
      හරියට නිකන් බුවා කියනවා වාගේ නේද?

      Delete
    5. දෙස්පාලනේදී මොන මිණිහත් පොඩි රැඟුමක් පානවා. රන්ජනුත් ඒ වගේ. නමුත් රන්ජන්ගේ කතාවල තාර බර ඇරලා ගත්තම ගන්න දෙයක් තියෙනවා. අන්න එතනයි මම දකින සාධනීය වෙනස.

      Delete
  3. විජයගෙ මතයට මම එකල කොහෙත්ම එකඟ වුනේ නැහැ. නමුත් ඔහුට මගේ විශාල ගෞරවයක් තිබ්බා. දේවබණ්ඩාර වගේ අයගේ ආශ්‍රය මත ඔහු හොද දේශපාලන ගමනක් යමින් සිටියා. මෙකල රන්ජන් ඉතාම ගැටවර වියේ. ඔහුට තම ඥාතියාගේ ආභාෂය එකල ලැබුනු බව මම දන්නවා. මගේ මතය නම් රන්ජන් විජය වගේ අවංකව දේශපාලනය කරයි. නමුත් ඔහුගේ අනෙක් ඥාතියා වන ජීවන් තරම් දුර නම් යයි කියලා මම හිතන්නෙ නැහැ. මොකද රන්ජන්ගේ කොන්ද ජීවන්ට වඩා හයියයි.

    ReplyDelete
  4. රන්ජන් කියන්නේ නිහතමානි හොඳ මනුස්සයෙක් , රත්නපුරෙන් පත්වෙලා අපු උන්ගෙන් හොඳම එකා මූ. මට තියන ප්‍රශ්නේ මූන් මොන මඟුලකටද තම්බි කොල්ලෙක් ඒ චරිතෙට ගන්න ගියේ කියලා . අනික ඔය චාන්ස්ලර්ටද මොකාටද හිතුනේ නැද්ද ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා . ඔක්කොම නලු නිලියො ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරපු එකේ පොඩි එකාවත් එහෙන්ම ගන්න තිබ්බනේ

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් ඒක ප්‍රශ්නයක් තමා

      Delete
    2. මම හිතන්නේ චරිතෙට ගැලපෙන රුපයක් සොයන්න යද්දී ඒ වගේ රටවල් වලිනුත් සොයන්න සිද්ද වෙන්න ඇති.

      Delete
  5. මෙතන ප්‍රශ්ණය රන්ජන්ම නෙමේ. ෂාරුක්ට ආරක්ෂාව ඉල්ලන පාකිස්තාන් ඇමතිවරයා ආරක්ෂාව මනින්නේ තමන්ගේ වටපිටාවට සාපේක්ෂව කරපු තක්සේරුවකින් බව පැහැදිලියි.

    ගිය බදාදා ජාතික රූපවාහිනියේ ඇතුලාන්තය බලපු අයට මේ ගැන පැහැදිලි ඇති.

    රන්ජන්ගේ කොන්ද ගැන තක්සේරු කරන්න නම් බුවා ඉක්මන් වැඩියි.

    ReplyDelete
    Replies
    1. The Modern Patriot - රන්ජන් ගැන ගොඩ දෙනෙකුට ප්‍රශ්න තියේ වගේ , නැන්ද ජනාධිපති වෙලා ඉත්දි ඕනි තරම් වාසි ගන්න අවස්ථා තියෙත්දි ආණ්ඩුවෙන් එලියට ආපු එකම හොඳ දේශපාලකයෙකුගේ ලක්ෂනයක් මට අනුව නම්

      Delete
  6. පලිය ගැන.. මට මතකයි ශාරුක් ඔය ගැන ප්‍රකාශයක් කරලා තිබ්බා කියලා... එයා කියලා තිබ්බා ඉන්දියාව එයාගේ රට, ඒ රට තුළ එයාට අවශ්‍ය ආරක්ෂාව ඉහලින්ම තියෙනවා, ඒ ගැන කරදර වෙන්න එපා වගේ අදහසක්...

    http://www.youtube.com/watch?v=nfbK3UEYJXY

    ReplyDelete
  7. අල් ඛයිඩා හෝ තලේබාන් සංවිධානය විසින් ඔය වගේ වැඩ අනන්තවත් කරනවා. ඒක ආගමික සහජීවනයට අදාළ කාරණයක් නෙවෙයි. උන් අන්තවාදීන්. උන්ව විනාශ කරන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. ඔය අන්තවාදින් ඉස්ලාමය තුලින්ම හැදුනු එකයි ප්‍රශ්නේ ,

      Delete
  8. මොන මගුලකට පිට රටක එකෙක්ව ඔය ෆිල්ම් එකට අරන් තියෙන්නේ.අපිට තියෙන්නේ ඔය සිනමා පටය වර්ජනය කරන්න පාකිස්තානේ එකෙක් රඟපාන නිසා.

    ReplyDelete
    Replies
    1. නිශාන් ඔයාට මඥ්ඤන්ද? පාකිස්තාන ළමය රඟපෑ කොටස් චිත්‍රපටයෙන් අයින් කරල ඒකයි මෙතන ප්‍රශ්නේ.

      Delete
    2. හරි ඉතින් ඇයි ඕකට වෙන රටවල් වලින්ම නළුවන්ව ගත්තේ?.ෆිල්ම් එක හදන්න දායක වුන කව්රු හරි වෙන රටකද?.

      Delete
    3. එතකොට යකෝ ආගම් 4ම මෙහාට ආවෙත් පිටරටින් නේ , ලංකාවේ ඔය චරිත වලට ගැලපෙන පෙනුම තියන නලු නිලියො ඉන්නවද ? ලංකාවෙන් ගත්ත උන් ටිකත් ගම කනව කියල නේ බලපු උන් කියන්නේ

      Delete
  9. ඕක මොකක්ද බන් අහමදිනිජාඩ් මහත්තයගෙත් බෙල්ල කපන්න සැට් වෙන්නේ චාවේස් ගේ අම්මා බදාගත්තා කියලා. සමහර විට චාවෙස්ගේ අම්මගේ බෙල්ලත් ෂරියා කොරලා දාන්නත් ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ , ඉස්ලාම් ලෝකයේ ඉන්න එකම උගත් රාජ්‍ය නායකයද කොහෙද ඔය මනුස්සය . උන්ගේ අධ්‍යාත්මික නායකය වගේම ගොබ්බයෙක් තමයි උන්ට ගැලපෙන්නේ

      Delete
  10. //සිදූවී ඇති දේ ඉතා පැහැදිලි නිසා අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍යතාවයක් ඇත්තේ නැත . ආගමික සහජීවනය පිලිබඳ දෙසනා අවයලුන්ගෙන් සහ "සැම ආගමක්මය " එකය යන මතයේ සිටිනා "සර්වාගමිකයින්" සහ ඇතැම් "නිරාගමිකයින්ගෙන්" ගේ අවධානය මේවා දෙස යොමුවන්නේ නම් යහපත් බව පමණක් අවධාරණය කර සිටිමු //

    මා කියවා ඇති ලිපි අනුව බුවා හදුනාගෙන සිටියේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙසයි.එජාපය හා රනිල් ගැන ඔහුට තිබෙන පැහැදිලි කිරීම මා වටහා ගත්තේත් ඒ තේරුමින්. බුවාගේ ඉහත ප්‍රකාශය ඔහුගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරය සමග අනුකූල වන්නේ කෙසේද යන්න ගැටලුවකි. අපි රන්ජන් සත්‍යය ප්‍රකාශ කරන බව උපකල්පනය කරන්නේ නම් - මෙතැනදී සිදුව තිබෙන්නේ ඉස්ලාම් ආගමික කන්ඩායමක් යම් කලා කෘතියකට එරෙහිව ආගමික තගක් දැමීමකි. ( මේ ප්‍රකාශයේ සත්‍යතාව ගැන නම් මට කෙසේ වුවද සැකයක් ඇත. ලංකාව වගේ රටක හැදෙන චිත්‍රපටයක් ගැන කරදර වෙනවාට වඩා වෙනත් වැඩ අල්කයිඩා වගේ සංවිධාන වලට මේ දවස්වල බඩ පිරෙන්න ඇති බවයි මගේ හැගීම )

    කෙසේවුවද මෙය සත්‍යයක් නම් එය හෙලාදැකිය යුත්තකි. එහෙත් ප්‍රශ්නය වන්නේ එය නොවේ. මෙය ඉස්ලාම් ආගම තුල පමනක් ඇති ප්‍රවනතාවයක්ද යන්නයි ගැටලුව. ලංකාවේදී ඩා වින්සි කෝඩ් චිත්‍රපටය තහනම් වන්නේ කෙසේද? ගල් පිලිමය සහ බොල් පිලිමය ටෙලි නාට්‍යය විකාශය වූ අවධියේ එහි එන බුදු පිලිමයක් පිපිරවීමේ සිදුවීම නිසා බුදු දහමට නිගා දෙන බවට විශාල ගාලගෝට්ටියක් ඇතිකල අන්දම මා මතකයේ තිබේ.සෑම ආගමකම මූලධර්මවාදය එක හා සමානය. එය ඉස්ලාම් වලට පමනක් සීමා වූ දෙයක් නොවේ. ආගමික මූලධර්මවාදය කලාවට ප්‍රශ්නයක් වන ආකාරය ගැන මේ පොදු තත්වය මග හැර බුවා ඉස්ලාම් ආගම පමනක් අල්ලා ගන්නේ ඇයි?

    නිරාගමිකයින් ගැන මෙතැන සදහනක් තිබේ.මේ ප්‍රශ්නය සමග නිරාගමිකයින් සම්බන්ධ වන්නේ කෙසේද? සර්වාගමිකයින් යන්නෙන් බුවා අදහස් කර ඇත්තේ මේ රට සිංහල බෞද්ධ යන අදහසට විරුද්ධව ඕනෑම ආගමකට මේ රටේ සම තැන තිබිය යුතුයි කියා යෝජනා කරන අය යැයි මා සිතමි.මා සිතන විදිහට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අදහස වන්නේ ද සිංහල-බෞද්ධ යන්න නොව බහුසංස්කෘතිකවාදය යන්නයි.බහුසංස්කෘතිකවාදය පිලිගත් පමනින් යමෙක් ඒ ඒ සංස්කෘතීන් තුල තිබෙන අන්තවාදී ප්‍රවනතා පිලිගන්නවා යැයි අදහස් නොවේ.

    ඒ වගේම කිව යුත්තේ අඩු තරමින් මේ මොහොත වන විට හෝ ලංකාවේ ඉස්ලාම් මූලධර්මවාදය පවතින්නේ ප්‍රාථමික අදියරක බවයි.මූලධර්මවාදී ප්‍රවනතා තවමත් මුස්ලිම් දේශපාලන සමාජයේ අධිපතී තත්වයට පැමින නැත.රවුෆ් හකීම් වැනි මුස්ලිම් ප්‍රභූ නායකයින් තවමත් සිටින්නේ සිංහල නායකයින් සමග සමගි වී දේශපාලනය කල යුතුයි කියන ස්ථාවරයේය.මොවුන් හා තලෙයිබාන්වරු අතර විශාල වෙනසක් තිබේ.

    කෙසේ වුවද මේ මොහොතේ දරුනු ලෙස ලංකාවේ පැතිරෙමින් තිබෙන්නේ සිංහල බෞද්ධ අන්තවාදයයි.මහජාතිය වඩ වඩා ජාතිවාදී වන විට සුලු ජාතික කොටස් සිය ගැලවීම තකා සුලු ජාතික ජාතිවාදය වෙත වඩ වඩා තල්ලු වේ. ලංකාවේ සිංහල- දෙමල ප්‍රතිවිරෝධයේ ඉතිහාසය සැලකූ විට මෙය හොදින්ම පැහැදිලි වනු ඇත.

    ලාභ ජාතිකවාදයට නොවැටී දිගටම යම් ප්‍රතිපත්තිමය පදනමක් මත අදහස් දැක්වූ බුවා වැනි ලේඛකයෝ මේ තත්වය සමස්තයක් ලෙස වටහා ගනු ඇතැයි මම සිතමි.ඉස්ලාම් ආගමේ අන්තවාදය පමනක් හුදෙකලා කොට ගැසීම මේ මොහොතේ සේවය කරන්නේ රාජපක්ෂගේ අනුග්‍රහය යටතේ දියත් වී ඇති වෙනත් ව්‍යාපෘතියකටය.

    ReplyDelete
    Replies
    1. මා දරනා ලිබරල් මතවාදයන් සමඟින් ඇති පරස්පරතාවයන් පිලිබඳ ඔබ මතුකරනා තර්කයේ පදනම මා හට වටහා ගත හැක . කෙසේ වුවත් ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව කෙරෙනා ලේඛනය (මෙය ඒ සඳහා වෙන්වූ බ්ලොග් අඩවියට ලියා වැරදිමකින් මෙහී පලවූවකි )ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝලීය හතුරෙකුට එරෙහිව කරනා ලේඛනයක් ලෙසින් හඳුන්වාදීමට මා කැමතිය

      කලාකරුවෙකුට සිය නිර්මාණ කරනයන් සඳහා තිබිය යුතු නිදහස මා මෙන්ම ඔබත් අගය කරනවාට සැකයක් නැත . එහිදී ආගමික පසුබිමකින් අන්තවාදි විරෝධයන් එල්ල කිරීමේ කුපක්‍රට ඉතිහාසයේ හිමිකරුවන් වන්නේ මුස්ලිම්වරුනුයි .ඔවුන් කෙටි චිත්‍රපටයක් මිනිස් ජීවිත බිලි ගැනීමක් දක්වා රැගෙන ගියේ ඉතාම මැතකදී නිසා ඒ පිලිබඳ අමුතුවෙන් මතක් කල යුතු නැතැයි සිතමි. (තවත් උදාහරණ අවැසි නම් විශ්වරූපම් ආශ්‍රිත සිදුවීම කියවා බලන්න )

      ශ්‍රි ලංකාවේ ඩාවින්සි කෝඩ් වාරණය මා සැහෙන කලක සිට විරෝධය පලකරන්නකි . ඒ කතෝලිකයන් බහුල රට වල හෝ තහනම් නොවූ චිත්‍රපටයක් තහනම් කිරිම හේතුවෙනි (ටෙලි නාට්‍ය පිලිබඳ මා හට මතකයක් නැත සමාවෙන්න ) . කෙසේ වුවත් ඩාවින්සි කෝඩ් වෙනුවෙන් ශ්‍රි ලංකාව තුල මතුවන්නේ "නිල විරෝධයකි " . එයද මා අනුමත නොකලත් , නිල වශයෙන් දක්වන සාමකාමී විරෝධයක් අන්තවාදි තර්ජනයකට වඩා ශිෂ්ටසම්පන්න යැයි විශ්වාස කරමි

      බහු සංස්කෘතවාදය මා ඉහලින්ම අගය කරන්නකි . නමුත් යම් සංස්කෘතික බලහත්කාරයන් ඉවසා දරා සිටීම ඒ යටතට නොගැනේ . මා සර්වාගමිකයින් යැයි චෝදනා කරන්නේද එම සංස්කෘත බලහත්කාරයන් අධි සමාන්‍යකරණය කරනා පුද්ගලයින්ටයි . ඔබතුමන්ට එම ගැටලුවම ඇති බව පෙනෙන්නේ ඉස්ලාමීය මූලධර්මවාදයන් හී මෙරට විකාශනය පිලිබඳ දක්වා ඇති අදහස අනුවයි . බොදු බලසේනා , සිංහල රාවය හැදෙන්නටත් , දෙමල සහ කතෝලික විරෝධයක සිටි හෙල උරුමය මුස්ලිම් විරෝධයක් පටලවා ගැනීමත් පිටුපස කාලයක් තිස්සේ වර්ධනය වූ ඉස්ලාමීය ව්‍යාප්තවාදයන් හේතු කාරණා වී ඇති බව මාගේ හැඟීමයි . ඔබට එක් පරීක්ෂනයක් යෝජනා කර සිටිමි සැලකිය යුතු මුස්ලිම් ජනඝහනයක් ඇති නගරයක හැකි නම් මුස්ලිම් වරයෙක්ගේ දේපලක් මිලඳී ගැනීමට මුස්ලිම් නොවනා ඕනැම අයෙකුට ඇති හැකියාව සොයා බලන්න . එම හැකියාව සහ අනිකුත් ආගමිකයන් අතර දේපල වෙලඳාමේ හැකියාව අතර වෙනස සංසන්දනය කර බලන්න . රවුෆ් හකීම් ඇතුලු මුස්ලිම් කොංග්‍රස නායකයින්සිංහල නායකයින් පසුපස යන්නේ සිය ව්‍යාප්තවාදි ව්‍යාපෘතින් සඳහා අවැසි බලය ලබාගැනීම වෙනුවෙන් පමණි . ජනපතිවරණයට පමණක් නොව එය දූෂිත එකක් බවට ගෙන ගිය මතයටද ෆොන්සේකා සමඟ සිටි හකීම් මාස ගණනකින් ආණ්ඩුවට රිංගන්නේ එම හේතුව නිසාය . ඉස්ලාම් ව්‍යාප්ත්වාදය වෙනුවෙන් පෙනි නොසිටින්නේ එජාපයේ සහ නිදහස් පක්ෂයේ අතලොස්සක් මුස්ලිම් දේශපාලකයින් පමණි . ඒ තුලත් අසාද සාලි වැන්නවුන් වැට පැන හමාරය . එනිසා මාගෙ අදහස නම් වර්තමාන සිංහල බෞද්ධ අන්තවාදය ඉස්ලාමීය අන්තවාදයට පිලිතුරක් පමණක් බවයි .

      ආගමක් ඇදහීම සම්බන්ධයෙන් සැලකූ විට මාද නිරාගමිකයෙකි මන්ද මා බෞද්ධ දර්ශනයක් මිස පිහිටක් යදිනා ආගමක් වශයෙන් හඳුනාගැනිමක් නොකරන නිසාය . මෙහිදී මා "ඇතැම්" නිරාගමිකයින් පිලිබඳ එල්ල කරන චෝදනාව සර්වාගමිකයන් වශයෙන් මා පෙරදී හැඳින්වූ පිරිස සේම ඔවුන්ද සිදුකරමින් සිටින අසාධාරණ සාමාන්‍ය කරනය යි . ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මා සිටින්නේ සිංහල බෞද්ධ අන්තවාදී කඳවුරේ නොව ඉස්ලාම් නොවන කඳවුරේය එයට බෞද්ධ කතෝලික හින්දු මෙන්ම ජෛන හෝ යුදෙව් ද ඇතුලත් විය හැක . එනිසා බොදු බලසේනාවේ අන්තවාදි ක්‍රියාවක් වුවද මෙලෙසින්ම විවේචනය කිරීමේ හැකියාවක්ද ඇත .
      මතු කරපු අදහසට ස්තුතුයි

      Delete
    2. මෙයා දන්නේ වචන ටිකක් මතක තියාගෙන වමාරන්න විතරයි...

      දැන් මෙයා කියනවා බුවා කියන පුද්ගලයව ලිබරල් ප්‍රජාත්‍රන්ත්‍රවාදීයෙක් විදියට ලු රාමචන්ද්‍ර අදුනගත්තේ..ඊලගට අහනවා මේ පෝස්ට් එකෙන් බුවා ලිබරල් ප්‍රජාත්‍රනවාදියෙක් ගෙන් වෙනස් වෙන්නේ ඇයි කියලා...මෙයාට ලේබල් හදලා දැන් අහනවා ඇයි මං හදපු ලේබලේට ඔයා කො‍ටුවෙලා ඉන්නේ නැත්තේ....

      මෙයාට තේරෙන්නේ නෑ එයා ගහන ලේබලේ වැරදියි කියලා...කොටින්ම එයා කට පාඩම කරනි ඉන්න දේ වැරදියි කියලා...

      Delete
    3. ඒක ඒ දෙන්නා බේර ගනීවි.අහක ඉන්න ඔයා මොකද මේ පුක දෙන්නේ :D

      Delete
  11. ඉතින් එහෙම තර්ජන ආවනම් ඒ ලමයව අයින් කරලා වෙන ළමයෙක් ගන්න තිබුනනේ ඒ චරිතෙට.
    අපේ අයගේ කොන්ද පන නැති කමනේ මේකෙන් පේන්නේ :/

    ReplyDelete
  12. ආගමිකයන්ට වඩා සර්වාගමික--නිරාගමික පිරිසට නෙව රිදිලා තියෙන්නේ.

    ReplyDelete
  13. ලංකාවේ ක්‍රිස්තු චරිතය චිත්‍රපටය නිශ්පාදනය වුණා. එහි අධ්‍යක්ෂකවරයා බෞද්ධයෙක් වන සුනිල් ආරියරත්නයන්.
    පුරන්අප්පු චිත්‍රපටයේ කඩහපොල හිමියන්ගේ චරිතය රඟපාන්නේ කිතුණුවෙකු වූ තිස්ස අබේසේකරයන්.
    අපේ රටේ ආගමික අන්තවාදයක් නැති බව කියන්න ඉහත උදාහරණ ප්‍රමාණවත් නේද?

    ReplyDelete
  14. ඉතින් යකඩෝ ඕකට තම්බි පැටියෙක්ම ගන්ඩ ඕනද? නියම සින්හල පැටියෙක් නැතුවැයි මෙ රටෙ? මෙතනින් පේන්නෙ බුවාගෙ මන්දමානසිකත්වය තම්බින් පිලිබද තියෙන ජන්ම වයිරය... ආගමික අන්තවාදය කියන දේ හැම ආගමකම තියෙන දෙයක් නමුත් මෙයා මෙ තම්බියෝ විතරක්මයි මෙහෙම කියලා පෙන්වන්න අසාර්තක උත්සහයක කුජීත විදිහට යෙදිලා ඉන්න එකනම් දුකයි

    පුද්ගලයෙකුට තමන්ට කැමති මතයක් දැරීය හැකිය එයට මා ගරු කරමී

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව