Skip to main content

තමිල්නාඩුවට එරෙහිව බ්‍රහ්ම දණ්ඩය .. බුවාගෙන "අර්ධ දේශප්‍රේමී" යෝජනාවක් !

වසර දෙකක් තිස්සේ ලියා  මෙහි ලියූ දේවලින් මෙන්ම අනෙකුත්  බ්ලොග් අඩවි තුල පල කල අදහස් තුලින් බුවා අයත් වන්නේ "දේශද්‍රෝහින්" කුලකයට කීවොත් නිවැරදිය .ඒ දේශප්‍රේමීන් , සහ දේශද්‍රොහින් නිර්ණය කරන නූතන ශ්‍රි ලාංකීය නිර්ණායකයන්ට අනුවයි . මේ වන විට දකින්නට නැතත් කලකට පෙර බ්ලොග් අවකාශයේ නිරන්තරයෙන් දක්නට ලැබුනු "දේශප්‍රේමීන්" විසින් මේ ලේබලය ඇලවූ අවස්ථාද නැත්තේ නොවේ . මේ සුදානම් වන්නේ ඒ ලේබලයෙන් මදක් බැහැරව යන "අර්ධ දේශප්‍රේමි" යෝජනවක් ඉදිරිපත් කිරීමය , ඒ තමිල්නාඩුවේදී ශ්‍රි ලාංකිය භික්ෂුන් වහන්සේ දෙනමක් පහර කැමට ලක්වීම අරභයා  ඔරිජිනල් "දේශප්‍රේමීන්" විසින් ලබාදෙන විසඳුම් වලට විකල්පයක් ලෙසිණි

භික්ෂූන් වහන්සේලාට පහර දීම සම්බන්ධයෙන් නොයෙකුත් තැන්හී අපගේ "දේශප්‍රේමින්" තැබු සටහන් වලින් උකහා ගත් යෝජනාවන් පහත සාරාංශ ගත කර ඇත . ඒ එම යෝජනාවන්හී ගැටලු සහගත භාවයන් පෙන්වා දී , මාගේ යෝජනාවේ අවශ්‍යතාවය මතු කිරිම උදෙසාය

ඉන්දියානු භාණ්ඩ වර්ජනය - මේ දේශප්‍රේමයේ උපරිම තලයේ යෝජනාවකි . හෙලයේ මහා දේශප්‍රේමී වීරවංශ මැතිදුන් ගේ ඇමරිකන් භාණ්ඩ වර්ජනයේම තවත් පියවරක් ලෙසද හැඳින්වුවාට වරදක් නැත . නමුත් ප්‍රශ්නය තියෙන්නෙ කරන්නට යැමේදීය . දේශප්‍රේමින්ද ඇතුලු සකල සබ්බ ශ්‍රි ලාංකිකයාම ගමන් යන්නේ ඉන්දියන්  බස් වලය , ජපන් බස් තියනවා නම් ඒ 1% විතරය . බස් නැතුව යන්නට තියන ත්‍රිවිලර් කටුද , පොඩි මිනිහාගේ බයිසිකලයද ඉන්දියන්ය . කොටින්ම හොන්ඩා , යමහා ඒව්වාත් දැන් එන්නේ ඉන්දියාවේ හදපුවාය . ජපන් බයිසිකලයක් ගන්නත් ඒකට තෙල් ගහන්නටත් වත් කමක් තියනා එකා ආතල් එකට බයිසිකල්   පදින එකෙක් මිස බයිසිකලයෙන් වැඩට යන එකෙක්  නොවේ . සාමාන්‍ය මිනිහා ගන්නා  රෝද 4 වාහන වලටද ඔය කථාව අදාලය , ඉදිරියේදී ප්‍රතිඅපනයන  කතන්දර නිසා ලොකු ලොකු වාහනත් ඉන්දියාවේ අඩුක් කරපුවා මෙහෙ එන්නට ඉඩ ඇත . වෙන මොන මලදානය නැතත් ඉන්දියන් භාණ්ඩ වර්ජනය කෙලවන්නට වාහන කතන්දරය විතරක් ප්‍රමාණවත්ය

ඉන්දියාවේ නොයා සිටීම - බැලු බැල්මට හොඳය ඒත් කරන්නට අමාරුය . ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන්ම ඉන්දියාවේ යන්නේ වන්දනාවේය . බැති සිතින් බුදුන්ගේ දේශය සොයා යන උපාසක අම්මලා , මත්තලට  ගිහින් නගින්න බැරි නම් බෝට්ටුවේ හරි දඹදිව යනවාමය . මේ ගමන වලක්වන්නට නම්  දේශප්‍රේමින් විසින් බුදු රජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියා උපාසක අම්මලාට සනාථ කල යුතුය . නැතිනම් බුදු හාමුදුරුවන් කාටවත් මොකටවත් වදින්නට කීවේ නැ කියා ඒත්තු ගැන්විය යුතුය . ඔය දෙකම ඉතා අමාරුය.නමුත් දේශප්‍රේමින්ගේ හැටියට පොඩ්ඩක් හෝ චාන්ස් එකක් තියෙන්නේ පලවෙනි එකටය . ඊලඟට යන්නේ ඉගෙන ගන්නට යන උන්ය . අපිට වැඩි පුරම ශිෂ්‍යත්ව දෙන්නේත් , මිල ගණන්  ලාභමත් ඉන්දියාවේ  නිසා ඉගෙන ගන්න උන් නතර කිරීම  ඇත්තෙන්ම අසාධාරණය . ඊලඟට ඉන්නේ බිස්නස් වලට හෝ රැකියා වලට යන ඇයින්ය . මේ අය සංඛ්‍යාවෙනුත් කුඩාය , ආණ්ඩුවෙන් ම නතර කලොත් මිසක් හොයාගෙන නතර කරන්නට බැරිය ( රටවල් දෙකක් අතර ගමනාගමනය සහමුලින් නතර කරන්නට ආණ්ඩුවකට ලේසියෙන් බැරිය ) . ඔය කතන්දර සියල්ලම නිසා මේකත් අමාරුය

මෙහේ ඉන්නා ඉන්දියන් කාරයින්ට නෙලීම - මේක නම් ඉතා පහසුය . ගොයම් කපන එකාගේ සිට කැසිනෝ ගහන්න ආපු එකා දක්වා හොයාගෙන නෙලාගෙන නෙලාගෙන ගිය හැක . හැබැයි ඉතින් ගැ හිල්ලේ  ප්‍රතිවිපාක ඔලුවේ තියාගෙන ගහන්න වෙනවාය . දේශප්‍රේමින්ට ඇතැයි මා නොසිතත් , කොමන් සෙන්ස් තියනා එකෙක් නම් ඔය ගැහිල්ලට කලින් දෙපාරක් සිතිය යුතුය

ඉන්දියාවත් සමඟ යුද්ධ කිරිම - මේ හා සමාන  යෝජනා කල දේශප්‍රේමින් කිහිප දෙනෙක්ද මට හමුවිය ඒ අයට කියන්නට තියෙන්නේ
 කියා පමණි 

දේශප්‍රේමින්ගේ ඉහත යෝජනා වල ඇති ගැටලුවලට විසඳුමක් වශයෙන් මා යෝජනා කරන්නේ මාතෘකාවේ සඳහන් කර ඇති පරිදි තමිල්නාඩුවට බ්‍රහ්ම දණ්ඩය පැනවීමයි . එනම් තමිල්නාඩුව හා පවතින සියලුම සබඳතා  අතැරීමයි . මෙහිදී 

01). කිසිදු ශ්‍රි ලාංකික (ද්‍රවිඩ නොවන ) යෙකුට  තමිල්නාඩුවේ සංචාරය නොකරන ලෙස උපදෙස් ලබාදීම . විශේෂයෙන්ම වන්දනා නඩ සියල්ල තම චාරිකා අනෙකුත් ප්‍රාන්තවල ගුවන් තොටුපලවල් සමඟ පමණක් සිදුකිරීමට අනිවාර්ය කිරීම 

02) ශ්‍රි ලාංකිකයින් රැඳි සිටිනා සියලුම ආයතන තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඉවත්  කිරීම 

03) .  ශ්‍රි ලංකන් සහ මිහින් එයා ගුවන් ගමන් අනෙකුත් ප්‍රාන්තවලට සිමා කිරීම සහ කිසිදු ගුවන් සේවයක් හරහා කොලඹ සිට චෙන්නායි දක්වා  ටිකට් පත්  ලබා ගැනීම වැලැක්වීම (හැකියාවක් තිබේ නම් ) 

04) අයිපීල් ඇතුලු කිසිදු ක්‍රිකට් තරඟයක් සඳහා ශ්‍රි ලාංකික ක්‍රිකට් ක්‍රිඩකයින් තමිල්නාඩුවට ඇතුලු නොවීම (මෙය අන් ක්‍රිඩා වලටද අදාලය ) 

05) සිනමා රසායනාගාර කටයුතු සඳහා වෙනත් ප්‍රාන්තයක රසායනාගාර තෝරා ගැනීමට යොමු කිරීම 

 ආදිය ආනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතුය.

සැම විටම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් පිලිබඳ අවධාරණය කරනා මා මෙවන් යෝජනාවක් කරන්නේ මන්ද යන්න පාඨකයින්ට ගැටලුවක් වනු නිසැකය . ඒ අය වෙනුවෙන් මෙහි පසුබිම් කාරණාවන් පහත ලෙසින් පෙල ගැස්විය හැක 

01) . තමිල්නාඩුවත් සමඟ  රාජ්‍යතාන්ත්‍රික ඇසුරක් පවත්වාගන්නට තිබු එකම ඉඩ කඩ කලකට පෙර කොටි විරෝදිනියක් වූ ජය ලලිතා ජයරාම් සමඟය . නමුත් එම අවස්ථාව පසුකර ශ්‍රි ලංකාවත් , ජයලලිතාත් බොහෝ දුර ගොස් ඇත . බොක්කෙන්ම කොටි හිතවාදින් වූ කරුණානිධි , වයිකෝ වැන්නන් විසින් අවුලවා ඇති "දෙමල ප්‍රේමය" තුල දේශපාලනය කිරීමට ජයලලිතාත් කොටි බෝට්ටුවට බැස ඇත . එනිසා  රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීමේ දොර සම්පූර්ණයෙන් වැසී ඇත 

02) ආගමික නායකයින්ටත් පහර දෙමින් අන් කවරදාකටත් වඩා අන්තවාදී ලෙසින් හැසිරෙන්නට  තමිල්නාඩුවේ "දෙමල ප්‍රේමය" උඩු දුවා ඇති බව පැහැදිලිය . දෙමල ප්‍රේමයේ පිස්සුව ඔලුවට ගසා   නූගත් දේශපාලන හෙන්චය්යන් පමණක් නොව විශ්ව විද්‍යාල ශිෂ්‍යන්  තුලද ශ්‍රි ලංකා විරෝධයක් පැන නැගී ඇති බව දක්නට ඇත . මේ තත්වය තුලදී ශ්‍රි ලාංකිකයෙකුගේ ජීවිතයකට යම් හානියක් සිදුවීමට ඇති ඉඩ කඩ කීසිසේත් ප්‍රතික්ශේප කල නොහැක . එවැන්නක අවසන් ප්‍රථිපලය කුමක් වන ඇති දැයි අමුතුවෙන් විග්‍රහ කල යුතු  නැත ,

එනිසවෙන් ආනගත ව්‍යවසනයක් වලක්වාලීම උදෙසා ඉහත කී බ්‍රහ්ම දණ්ඩ ක්‍රියාමාර්ගයේ කොටසක් හෝ (අවම වශයෙන් සංචාරක තහනමක් ) හෝ මේ මොහොතේ පැනවිය යුතුය . මෙහිදි වැදගත් වන්නේ  ශ්‍රි ලංකා රජය සහ ඉන්දිය මධ්යම රජය අතර ඇති සබඳතාවයේ සවිමත් භාවයය .  ශ්‍රි ලංකාවේ ක්‍රියාමාර්ගයන් පිලිබඳ  මිත්‍රශිලි සංඥාවක් ඉන්දියා මධ්‍යම රජය වෙත ලැබී ඇත්නම් , ශ්‍රි ලාංකීය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමිල්නාඩුවට එරෙහි බ්‍රහ්ම දණ්ඩය ක්‍රියාත්මක කිරීමේ කිසිදු අපහසුතාවයක් ඇත්තේ නැත .  නමුත් අවාසනාවකට දැනට ඇති එකම ගැටලුව ඒ පිලිබඳ ඇත්තේ අවිනිශ්චිත බාවයක් වීමයි ! 



Comments

  1. ඔන්න බලහන් මත්තලින් තව ප්ලේන් එකකුත් දාන්නෙ නැද්ද කියල. අපේ උන්ටත් තව සතියක් මතක තියෙයි. ඔය ගහපු පලවෙනි පාර නෙමෙයිනේ. දැන් මාස දෙක තුනකට කලිනුත් ඕකම උනානේ. එහෙම වෙලත් තව යනවනේ ලැජ්ජ නැතුව

    ReplyDelete
  2. බුවා අප මතවාද දෙකකය. එහෙත් කිසිම විටක මට ඔබ දේශ ද්‍රෝහියෙක් නම් නොවේ. හොද හිත ඇති නොදුටු මිතුරෙකි.
    ඔබේ යෝජනා කදිමය. එහෙත් ලංකාවට අයත් ඉඩකඩක් තාමත් එග්මෝර් වල අපට ඇත. මහාබෝධි සමාගම අපට අයත් තමිල්නාඩුවේ එකම බිම් කඩයි.ඉතින් ඔබේ යෝජනා ක්‍රියාවට නංවන්නේ නම් ඒ සියල්ල අත්හරින්නට සිදුවනු ඇත.
    අමතක නොකළ යුතු කරුණ නම් මෝඩයන් අපේ රටට වඩා වැඩියි චෙන්නායිවල කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, දේශද්‍රොහී කියන වචනය වර්ථමානයේ නිර්වචනය වෙන විදිහ ගැනයි මම කීවේ නලින් සහෝදරයා . ෆොන්සේකා මහත්තයටත් දේශද්‍රොහිය කීව නම් මම මොකාදා , ඉඩම ගැන සිදුවීම මම දැනගෙන හිටියේ නෑ . කොහොම වුනත් ශ්‍රි ලාංකිකයින් තමිලානාඩුවේ සංචාරය කිරීමත් එක්ක ඉදිරියේදී බරපතල ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්

      Delete
  3. අයිපීල් ඇතුලු කිසිදු ක්‍රිකට් තරඟයක් සඳහා ශ්‍රි ලාංකික ක්‍රිකට් ක්‍රිඩකයින් තමිල්නාඩුවට ඇතුලු නොවීම// හෙහ් හෙහ් පිස්සුද හලෝ... ඔයිට වඩා ලොකූ සම්භාවිතාවක් තියනව "ඉන්දියාවත් සමඟ යුද්ධ කිරිමට". එහෙම යුද්දයක් තිබ්බත් IPL ගහන්න යනව, මොකෝ ප්‍රතිපාදනත් කපල නොවැ (අපේ කොල්ලන්ට මාසෙට ලස්ස අසූවක්‌ අනූවක් අරං මක් කොරන්නද)

    ReplyDelete
  4. මිලියන 72 කට වැඩියෙන් ජනගහණයක් ඉන්නා තමිල්නාඩුවට දැනෙන්න යමක් කරන්න ඔය අර්ධ දේශප්‍රේමී යෝජනා වලින් පුළුවන් වෙයි ද?

    නැත්නම් ඉන්දියාවට පාඩමක් උගන්වන්න චීනයට රට විකුණයි ද?!!!!

    බලාගෙනයි දේශප්‍රේමීන් දේශද්‍රෝහීන් බවට ක්ෂණිකව හැරෙන රටවල දී ලැබෙන්නේ නොසිතූ ප්‍රතිඵල බූවා .. නොසිතූ ප්‍රතිඵල!!!!!!

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවට පාඩම් උගන්වන්න චීනෙට හේත්තු වීම නම් කිසිසේත්ම සුභ දායක දෙයක් නෙවෙයි ( හැබැයි කරමින් ඉන්නේ ඒක ) , තමිල්නාඩු ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම අත්හැරල එකෙන් , තමිල්නාඩුව ලෝක මට්ටමෙන්ම අපකිරිතියට පත්වෙන සාක්ච්ඡාවක් ති කරන්න්න පුලුවන් කියල මම හිතනවා

      Delete
    2. බූවාගේ යෝජනා ක්‍රියාත්මක වෙන බවක් පත්තරේ ප්‍රවෘත්තියකින් දැක්කා. ජයවේවා!!! :)

      Delete
  5. මිලියන 72 කට වැඩියෙන් ජනගහණයක් ඉන්නා තමිල්නාඩුවට දැනෙන්න යමක් කරන්න බැරි විය හැක. මේ කෙනහිලි කරන්නේ ඒ මිලියන 72 කම නොව, අන්තවාදී සුළුතරයක් නිසා , දැනෙන්න යමක් කිරීමට අවශ්‍යත් නැත.එහෙත් යමක් කලයුව ඇත. මූණත් එක්ක තරහට , නහය කපා ගැනීම හෙවත් මේ ප්‍රශ්ණය උඩ මුළු ඉන්දියාව සමඟ පැටැලවීමට වඩා බුවාගේ හීන් සැරයට මා එකඟ ඒ නිසාය. එසේ ම, අප කැමති වූවාත් නැතත්, දුර ඉන්නා ඇමරිකාවට වඩා, අපට ඉන්දියාව අවශ්‍ය වේ

    ReplyDelete
  6. පට්ට බුවා පට්ට...
    +++++++++++++++

    ReplyDelete
  7. මෙතැන තියෙන අලුත්ම තත්වය,පෙර නොතිබූ විදියට තරුණ කොටස් වල මැදිහත් වීම නම් ඉතා භයානකය.

    ReplyDelete
  8. මම මේ දැනුයි දැක්කෙ වීඩියෝ එක අර හාමුදුරුවන්ට කෝච්චිය ඇතුලෙයි,එළියේදී එලව එලව ගහන විදිය.ඒ කියන්නෙ වීඩියෝ කරන්න ලොකු ප්ලෑන් එකක් තියෙන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විශ්ව විද්‍යා ශිෂ්‍යයෝ වගේ පිරිස් උපවාසයට එන්නේ අර මම කිව්ව දෙමල ප්‍රේමයේ උච්ඡතම අවස්ථාව නිසා . ඊට වඩා පහල මට්ටමේ උන් කරන්නේ අතින් පයින් පහර දෙන එක

      Delete
  9. යෝජනා ටික එල. ඒ අතරම පොඩ්ඩක් චීනෙට යාපනේ පැත්තෙන් මිලිටරි බේස් එකක් ගහන්න යෝජනාවක් කරලියට ගත්තත් ඇති .. ඔය ඔක්කොම් සෙල්ලන් නවතීවි සුටුස් ගාල ...

    කොහොම උනත් එකියව ස්වාධීනව රටකට පවතින්න අමාරු බව මගේ නම් මතය. ලෝකයේ බොහොමයක් රටවල් ( ඊශ්‍රායල් , ඇමරිකාව ) , (තායිවානය , ඇමරිකාව ) , (චීනය , වියට්නාමය ) මිතුරු රටවල් සමග ආරක්ෂක සහ රජතන්ත්රිය ගිවිසුම් වලින් බැඳිලා ඉන්නේ වෙන රටවල් වලින් ඔළුවට වෙන අතහෙදීම් වලක්වන්න. ලංකාවට එක නොකර බැරි වේවි ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඉන්දියාවට එරෙහිව චීනෙත් එක්ක අනවශ්‍ය බැඳිම් වලට යන එක මම නම් අනුමත කරන්නේ නෑ . ජේ.අර් ඇමරිකානු හිතවාදී වීම එදා රජිවිට ලොකු ප්‍රශ්නයක් වුනාට මේ වෙනකොට එහෙම ප්‍රශ්නයකුත් නෑ . මම හිතන්නේ චීනය ට වඩා ප්‍රමුඛතාවයක් ඉන්දියාවට සහ ඇමරිකාවට දියු යුතුයි කියල . නමුත් අපි කොච්චර හොඳ සබඳතාවක් තිබුනත් තමිල්නාඩුවට ඒ හිතවත් කමට එන්න බෑ "දෙමල ප්‍රේමය" සාමාන්‍ය ජනතාව අතර අවුලුවලා ඉවරයි . මගේ මේ යෝජනා රටවල් විදිහට සුහදාතාවය තියාගන්න ගමන් තමිල්නාඩුව පමණක් ප්‍රතික්ශේප කිරීමට යි

      Delete
    2. බුවා ප්‍රශ්නේ මේකයි. කිසිම කෙනෙක් තමන්ට ලාභයක් ප්‍රයෝජනයක් නැති ව කිසිවක් කරන්නේ නැහැ. ඉන්දියාවට වත් ඇමරිකාවට වත් ලංකාව සත පහකට වැඩක් නැහැ. ඔවුන්ට ලංකාවෙන් ගත හැකි ප්‍රයෝජනයක් නැහැ. එකයි යැංකි ඩිකී ඇමරිකාවට දීගෙන හිටියට උදවු ඕන වෙලාවේ ඇමරිකාව පස්ස හැරෙව්වේ. ඒ මෝඩ කම යලිත් කරන්න කියන ඔබගේ උපදෙස තාත්වික නැහැ.

      චීනයට මේ අවස්ථාවේ ලංකාවේ ආයෝජනය කිරීමෙන් , සහ වෙනත් දේශපාලනික සහ යුදමය ද්විපාර්ශවිය ගිවිසුම්වලට යාමෙන් ලබා ගත හැකි ප්‍රයෝජන තිබෙනවා... එසේ චීනය සමග සම්බන්ද වීමෙන් ලංකාවටද ලබාගත හැකි ආර්ථික වාසි තිබෙනවා. එකේ වරදක් දකින්නේ කොහොමද ?

      රටවල් අතර සුහද බවක් කියල එකක් නැහැ. තිබෙන්නේ අන්නොන්ය ප්‍රයෝජන ලබාගැනීමට සකස් වූ රාමුවක් තුල සිදුවෙන ගනුදෙනු පමණයි. මේ රාමුව තුල , අනේ ලංකාව පවු !!!! ඉන්නකෝ උදවු කරන්න කියල පැනගෙන එන රටවල් නම් නැත ...

      Delete
    3. චීනයට ශ්‍රි ලංකාව අවශ්‍ය වන වෙලඳ අවශ්‍යතාවයන් සියල්ල ඉන්දියාවටත් තියනවා , ප්‍රශ්නය රජය චීනයට ප්‍රමුඛතාවය ලබාදෙන එක .ඒ ඇරුණාම ඉන්දියාවට වගේම ඇමරිකාවටත් යුධමය අවශ්‍යතාවයන් තියනවා කලාපීය වශයෙන් වැදගත් වන . දකුණු ආසියානු කලාපයේ චීනය බලය තහවුරු කරන්න උදව් කිරීමෙන් ශ්‍රි ලංකාවට අත්වෙන සෙතක් නෑ . නමුත් පැත්තක් ගන්න අවශ්‍ය නම් ඉන්දියානු සහ ඇමරිකානු අවශ්‍යතාවයන් අපේ වාසියට හරවා ගැනීමයි කල යුත්තේ . ඇමරිකානු කඳවුරත් එක්ක අපේ සාම්ප්‍රදායික අසල්වැසියා වගේම යුරෝපය, දකුණු කොරියාව,ප්ජපානය ඕස්ට්‍රේලියාව ඇතුලු ලෝකේ බහුතරයක් රටවලින්නවා . බටහිරත් එක්ක ගැටුමක ඉන්න වෙලාවේ චීනයත් එක්ක ආරක්ෂක ගිවිසුම් වලට යනවා කියන්නේ ශ්‍රි ලංකාව හුදකලා වීමක් , කරන්න පුලුවන් ලොකුම ගොං කන් වලින් එකක් . චීනය හරි කැමතියි මෙහෙම අනෙක් රටවලින් හුදකලා වූ රටවල් සමඟ ගිවිසුම් වලට ,එකම පිහිට තමන් විතරක් වන නිසා

      Delete
    4. ලංකාවේ වෙළඳපොල ඉතාමත් කුඩායි. බිලියනයකට වැඩි ජනගහනයක්/වෙළඳපොළවල් තිබෙන රටවල් දෙකක් ලංකාවේ වෙළඳපොළට බැල්ම ගෙන ඉන්නවා කීම මදක් විසුළු සහගතයි. ඉන්දියාවට ලංකාවේ ආර්ථික වර්ධනය වී ඉන්දියාව අබිබව යාම වාසියක් නොව තර්ජනයක්. ඒ වගේම ඔවුන්ගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නිසා අනිත් බලවත් රටවල් ලංකාව සමග ගනුදෙනු කරනවටවත් ඔවුන් කැමති නැහැ. ඉන්දියාව සම්පුර්ණයෙන් බලන්නේ ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ගේ වාසිය පමණයි. අන්තිමේදී ලංකාවට ඔවුන් සමග විසීමෙන් ලැබෙන දෙයක් නැහැ. මෙචර කල් ලැබුන දෙයකුත් නැහැ. ද්‍රවිඩ ත්‍රස්තවාදය මුළුමනින්ම පහේ ලංකාවට කෙල කිරීමට කල ඉන්දියානු නිර්මාණයක් බව ඔබට අමතකද ?

      ඔබ රජයේ තීරණ ගන්න නිලධාරියෙක් නම් ඔබ කරන්නේ කුමක්ද ? යුද අවස්ථාවේදී කිසිදු උපකාරයක් නොදුන් , සංවර්ධන ආධාර කිසිවක් නොදෙන , UN වලදී ලංකාවට කිසිදු ආකාරයේ සහයෝගයක් නොදෙන ඉන්දියාව ට තවදුරටත් දීගෙන ඉන්දීමද , උදව් කරන චීනයට ප්‍රමුකත්වය දීමද ?

      කලාපයේ ඇමරිකානු යුද බලය සවිමත්. ස්ථාවරයි. ඔවුන්ට ලංකාවෙන් යුදබලය තවදුරටත් තහවුරු කර ගැනීමට උපකාරයක් අවශ්‍ය නැහැ. නමුත් චීනය නැගී එන බලවතෙක්. ඔවුනට කලාපයේ ස්ථාවර භාවය , ඔවුන්ගේ ප්‍රවාහන නැවු වලට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට දකුණු ආසියාවේ මුලස්ථානයක් අවශ්‍යයි. ඉන්දියාව එය දෙන්නේ නැහැ. ලංකාව මේ අවස්ථාවේ කල යුත්තේ ලින් මැඩි මානසිකත්වයේ නොසිට චීනයෙන් ගතහැකි සියල්ලම ද්විපර්ශිකව වාසි වනසේ ලබාගැනීමයි.

      ලෝකයේ දැන් බලකඳවුරු දෙකක් නැහැ. චීනය සිටින්නේ ඇමරිකානු පිලේ තමා. තියෙනවා නම් තිබෙන්නේ ආර්ථික යුද්ධයක්. චීනය සමග වැඩිපුරම ගනුදෙනු කරන්නේ සමාජවාදී කනදවුරුව තිබු සෝවියට් රුසියාව , උතුරු කොරියාව නොව ධනවාදී රටවල් බව ඔබට අමතකද ? බටහිර රටවල් සියල්ල ආර්ථික බැම්මෙන් චීනය සමග බැඳී සිටිනවා. එය දේශපාලන බැම්මකට වඩා බලවත්.

      ලංකාවේ මිනිසුන් තව දුරටත් රටවල් කඳවුරු වලට බෙදීම ඉතාමත් විසුළු සහගතයි.


      Delete
    5. ඉන්දියාව ලංකාවේ ආයෝජනයන් වෙනුවෙන් බලාපොරොත්තු තබා ගැනීම පහුගිය කාලයෙදී නොයෙකුත් අවස්ථාවන් තුල දකින්නට ලැබුනා . කොළඹ නගරය තුල දැනටමත් ඉන්දියානු සමාගම් ආයෝජන කටයුතු ආරම්භ කරලා තියනවා . ලංකාවේ වෙලඳ පොලක් නිෂ්පාදන හෝ සේවා විකුණන්න පමණක් අදාල වන දෙයක් නෙවෙයි (ඒ සම්බන්ධයෙන් කොහොමටත් මේ රටවල් දෙකට ශ්‍රි ලංකාව තුල ගැටලුවක් නැ ) , මේ ආයෝජන අවස්ථා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රි ලංකාවේ ඉදිකිරිම් , නව සේවා ඉපදීව් ඇතුලු යුද්ධයෙන් පසුව ඇතිවුනු අවකාශයෙන් ප්‍රයෝජන ගන්න . කොටින් පෝෂණය කල කාලයේ සහ අද ඉන්දියාව අනුගමනය කරන්නේ හාත්පසින්ම වෙනස් ආර්ථික සහ දේශපාලන මාවතක් .යුද්ධයේදී ඉන්දියාවේන් පමණක් නෙවෙයි ඇමරිකාවෙන් පවා ලැබුනු සහයන් තියනවා , ඒ ගැන ප්‍රසිද්ධ මාධ්‍යන්හී අවධානයක් යොමු නොවීම යි සිදුවුනේ . ඒ සියල්ල අමතක කලත් යුද්ධය අවසන් වෙනවාට ඉන්දියාවේ විරෝධයක් තිබුනා නම් 87 කරපු දේ ඔවුන් නැවතත් කරනවා , ඉන්දියාව ලංකාවට කරන මැදිහත් වීමකදී චීනය බේර ගන්න ඉඳියි කියල් හිතනවා නම් ඒක ඔයාගෙත් එහෙම හිතන අයගෙත් ෆැන්ටසියක් විතරයි . 2009 යෝජනාව ඇතුලුව පසුගිය වසර යෝජනාව දක්වා ඉන්දියාව එක්සත් ජාතින්ගේ සංවිධානය් තුල ශ්‍රි ලංකාවට සහය් දැක්වුවා , ඒ සහය අහිමි කරගන්න තැනට පත්වුනු එක ප්‍රධාන සාධකයක් තමයි චීන වාදී විදේශ ප්‍රතිපත්තිය . ආරක්ෂක මණ්ඩලය තුල ශ්‍රි ලංකාවේ සහයට රුසියාව සිටින නිසා එතනදී වුවත් චීනය අත්‍යාවශ්‍ය සාධකයක් නෙවෙයි

      සමාජවාදි , ධනවාදි වශයෙන් බෙදීම් නැතත් ඇමරිකාව සහ චීනය අතර බල අරගලයක් තියනවා ,(ආර්ථික වශයෙන් ඉන්දියාව සහ චීනයත් බැඳිලා ඉන්නේ චීනයට වඩාත් වාසි සහගත වෙලඳ වටිනා කමක් සහිතව නමුත් ඔවුන් අතරත් බලාරලගයක් තිබෙන බව ඉන්දියාවට එරෙහ්ව චීනය වැලද ගැනීමෙ ඔයාගෙ කථාවෙන්ම පැහැදිලියි ) ඇමරිකාවේ ඉදිරි ආරක්ෂක සැලසුම් ආසියා පැසිෆික් කලාප වලට ප්‍රමුඛතාවයක් දෙනවා කියන්නේ ආතල් එකට නෙවෙයිනේ . මේ ඇතුලේ චීනය පසුපස ගිහින් හුදකලා වෙනවද , බටහිර හිතවාදි වෙනවද නොබැඳි ප්‍රතිපත්තියක ඉන්නවද කියන එක යි වැදගත් . රජය අනුගමනය කරමින් ඉන්නේ ඔයා අගය කරන චීන හිතවාදී ප්‍රතිපත්තිය ඔයා කියන විදිහේ ද්වීපාර්ශවීක් ආරක්ෂක සබඳතා ඇතිකරගෙන ඒක තවත් වැඩි කිරිමේ ප්‍රතිඵල නොබෝ කලකින්ම දැක ගන්න හම්බුවෙයි

      Delete
    6. දිගින් දිගටම පිළිතුරු ලබාදෙනවාට ස්තුතියි බුවා.
      1. ඉන්දියාව කරන මැදිහත්විමකදී චීනය ඉදරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙන්නේ අනේ පවු කියල මම කලින් කියපු මානසිකත්වයෙන් නොවේ. චීනයේ ලංකාවේ ඇති ආයෝජන බේරාගැනීමේ අදහසින් . එකයි චීනයේ මහාපරිමාණ ආයෝජන ලංකාවට වැදගත් වෙන්නේ. ඉන්දියාව දෙසැරයක් හිතයි එවිට යුදමය අත පෙවීමකට ප්‍රථමයෙන් . තේරුනාද මන්ද. දිගට විස්තර කරන්න අපහසුයි බුවා වැඩ අතරේ.

      2. ඉන්දියාවේ ලංකාව සම්බන්ධයෙන් විදේශ ප්‍රතිපති වෙනස්වීමට චීනයට වඩා බලපෑවේ දකුණු ඉන්දීය සාධකය කියන එකයි මගේ නම් අදහස. අප දෙදෙනාම අභ්‍යන්තර රාජතාන්ත්‍රික රහස් දන්නේ නැති නිසා මේ ගැන වාද කරන එක එතරම් සාර්ථක නැහැ

      3. නොබැඳි ජාතින් කියන හැට ගණන් වල තිබ්බ සංකල්පය යල් පැනගිය එකක් බව ලෝකෙම දන්නවා. කුඩා රටකට විශාල රටක් සමග ආර්ථිකමය ( සහ ඇතැම් විට යුදමය ) වශයෙන් බැඳීමෙන් ලබාගත හැකි වාසි අපමණයි. අප තීරණය කල යුතුයි මාන්නේ තියාගෙන බඩගින්නේ ඉන්නවද නැත්නම් පුළුවන් විදියකින් බලවත් ආර්ථිකයක් සමග සම්බන්ධ වෙලා දියුණුවක් ලබනවද කියන එක.

      ඇමරිකාවට ලංකාව අවශ්‍ය නැහැ. ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේ ලංකාවට තැනක් නැහැ. ඔබට තිබෙන්නේ අනේ අයියේ මාවත් ඇට බෝල ගහන්න ගනින්කෝ .. අනේ ගනින් කෝ ... අනේ බන් .. ගනින්කෝ ඉතින් !! කියමින් වැඩිමහලු දරුවන් පිටුපස දිව යන බබෙකුගේ අදහස. එපා උනත් , වද නොදී පල කිව්වත් ඇඟම එල්ලෙන්න හදන්නේ කොහොමද ?

      Delete
    7. 01) ඔබේ තර්කය සාධාරණයි, නමුත් මා ඉන්දියානු මැදිහත් වීම පිලිබඳ කථා කලේ අනාගතය ගැන නෙවෙයි , කොටි සංවිධානය පිලිබඳ ඔවුන්ගේ ස්ථාවරයේ වෙනස අවසන් ඊලම් යුද්ධයේදී ප්‍රකාශ වූ ආකාරය . ඒ නිසා තාර්කිකව නිවැරදි වුනත් චීනයත් එක්ක එකතුවෙලා ඉන්දියාවෙන් එන යුධ තර්ජනයක් පිලිබඳ බලාඉඳීමේ තේරුමක් හෝ අවශ්‍යතාවයක් නෑ , අනික ප්‍රයෝගික තලයේදී චීනය මඟ හැර යැම් මිසක් ජාත්‍යන්තර මැදිහත් වීමක් කරපු අවස්ථාවක් පිලිබඳ මතකයකුත් මට නැ

      02) ඔබෙ මේ තර්කයේ පදනම බරපතල ලෙස අභියෝගයට ලක්වෙනවා අද දවසේ සිදුවීම් වලින් . කොංග්‍රස රජයේ ප්‍රධාන පාර්ශව කාරයෙක් වෙච්ච කරුණානිධි රජයෙන් ඉවත් වෙනවා , ලංකාව සම්බන්ධව ඉන්දියාවේ ස්ථාවරය ප්‍රභල නැ කියල . කොංග්‍රස් රජය මේ නිසා මායවතීගෙත් අනික් වාමාංශික පක්ෂයෙත් ඡන්ද මත තමයි මුලුමනින්ම රැඳිලා තියෙන්නේ මේ නිසා . ඉදිරියේදී ගෙන්න නියමිත ආර්ථික ප්‍රතිසංසකරණ (අනිවාර්යයෙන්ම වඩාත් ලිබරල් ආර්ථිකයක් කරායන ) අවධානමකට ලක්කරගෙන කරුණානිධි යන තැනට කටයුතු කරන්නේ නැ ඔබ කියන විදිහට දකුණු ඉන්දියාවට අවශ්‍ය විදිහට විදේශ ප්‍රතිපත්තිය සකස් වෙනවා නම් . අනික් අතින් පහල මය්යා කියල තියන විදිහට ඇමරිකානු යෝජනාවේ සැර ත දුරටත් බාල වෙලා තියනවා . ගිය වර වගේම මේ වරත් ඉන්දියාව ඒ සඳහා මැදිහත් වුනු බවක් පේනවා , චීනය , පකිස්ථානය යෝජනාව දැක්ක ගමන් උඩ පැනලා විරෝධය පල කරන එකට වඩා ඒක වටිනවා

      03) ඇමරිකාවට ලංකාව පිලිබඳ වැදගත් කමක් නැත්නම් දිගින් දිගටම මානව හිමිකම් යෝජනා ගෙන්නේ (තමන්ට හිතවත් නොවන රජයකට විරුද්ධව ) දෙමල ජනතාවට තියන ආදරේටද ?

      Delete
    8. 1. චීනය නමැති නිදා සිටින කොටියා නැගිටින්න පටන්ගත්තේ දශක දෙකක පමණ කාලයක ඉඳන්. එම නිසා අතීතයෙන් උදාහරණ වැඩිය නැහැ. නමුත් කොරියානු යුධයේදී ඔවුන් කල මැදිහත් වීම නිසා යුද්ධය සම්පුර්ණයෙන් කණපිට හැරුණු බව අමතක කරන්න එපා. ඒ මොහොතේදී ඇමරිකාව අම්බානට නොකා යන්තම පැනල ජාමේ බේරාගෙන ආව බව අමතක කරනන් එපා

      2. අද සිදුවුණ දේ සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් නැහැ. පසුව බලමු. නමුත් කොන්දේසි සහිතව නීති දාල සහයෝගය දෙනවට වඩා රටකට වැදගත් කොන්දේසි විරතිතව සහයෝගය දක්වන පාර්ශවයක්. ඊශ්‍රයලය දත් තිස්දෙකට මැදිවෙලා වගේ හිටගෙනත් ෆැසිස්ට්වාදී ඉස්ලාම් ම්ලේච්චත්වයට විරුද්ධව යුද්ධ කරන්නේ ඇමරිකාවෙන් ලැබෙන කොන්දේසි විරහිත සහයෝගය නිසා බව අමතකද ?

      3. ඔව්. එක ද්‍රවිඩ ඩයස්පෝරාවේ , ද්‍රවිඩ දේශපාලකයන්ගේ බලය. ඔවුන්ගේ බලය , පෙළඹවීම (influence ) ඉහලටම විහිදී තිබෙනවා. එක අතකින් ලංකාවේ නොවැදගත් කම. අනිත් අතින් ද්‍රවිඩ ඩයස්පෝරාවේ බලය.. දෙකේම එකතුව තමයි ඔය පෙන්නේ. වැඩිය මොකටද ? එන් පිල්ලේ කියන්නේ සිංහලයෙක්ද ?

      Delete
    9. ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් තියෙන්නේ ලව්-හේට් සම්බන්ධයක් කියල පහත කියපු එක සම්පුර්ණයෙන් ඇත්ත. ඒ කෙනා තම මතය පෙන්වන්න එක උපයෝගී කරගන්න හැදුවට එකෙන් පෙනෙන්නේ වෙන දෙයක්.

      ලව්-හේට් සම්බන්ධයක පිඩිත/වඩා දුර්වල පාර්ශවය කවදාවත් දියුණුවක් ලබනෙන් නැහැ. ලංකාව සමග හොද හිත තබා ගැනීමට යන්තම් මොනවා හරි කරනවා . තරහ නිසා වැඩිය කරන්නෙත් නැහැ. ඕක තමයි දශක ගානක් තිස්සේ ඇදී ඇදී ගියේ. ඉන්දියාව දෙන කටු ලොව ලොව බල්ලෙක් වගේ කීකරුව ඉන්නවා ඇරෙන්න ලංකාව වෙන මොනවාද කරේ ?

      පොඩ්ඩක් හරි අළු ගසා දාල සැටියට නගින්න හදනකොට ලංකා බල්ලට ඉන්දියන් අයිය මොකද කරන්නේ. දුප් කියල බිමට ඇදල දානවා.. එහෙම නේද වෙන්නේ ? :P

      Delete
    10. 01) කොරියානු යුද්ධය ගැන මගේ දැනීමක් නැ , කියවා බලන්නම්

      02) ඇමරිකා-ඉශ්‍රාල සම්බන්ධය තරම් ප්‍රභල සම්බන්ධයක් චීනය සහ ලංකාව අතර ඇතිවෙන්නේ නෑ . ඒක ලෝකෙටම එකක් වෙච්ච සුවේශේෂි සම්බන්ධයක් . එහෙම සම්බන්ධයක් පවත් වාගෙන යන්න ඊශ්‍රාලය තරම් ශ්‍රි ලංකාව වැඩ්ඩො නෙවෙයි , ඇමරිකාව තරම් චීනය ප්‍රභලයෙකුත් නෙවෙයි . යුරෝපෙත් විරුද්ධ වෙත්දි ඇමරිකාව තනියෙන් ඊශ්‍රාලය වෙනුවෙන් පෙනි හිටියට චීනයට එහෙම කරන්න තරම් ලෝක දේශපාලනික බලයක් නෑ අවම වශයෙන් තව වසර 50ක් වත් යනකන් . ඉන්දියානු සහය කොන්දේසි සහගත වෙලා තියෙන්නේ මේ තියන සංදර්භය ඇතුලේ ,ඒක ශ්‍රි ලංකාවෙන් නිසි ප්‍රතිචාර දක්වන වා නම් ඒක කොන්දේසි අවම තත්වයකට ගෙන්න පුලුවන්

      03) ඩයස්පෝරාවේ බලපැම ප්‍රභලව තියෙන්නේ යුරෝපයට , ඇමරිකාව ඉන්නේ නවි පිල්ලේගේ මතයෙත් නෙවෙයි . නවි පිල්ලෙ ඉන්නේ ලංකාව කොක්කෙ එල්ලන්න බලාගෙන . ඇමරිකාව තමන්ගේ යෝජනාවේ වාක්‍ය අකුල ගන්නත් ලැස්තියි , ලංකාව ඒ පැත්තට නම්‍යශිලි නම් යෝජනාවම වුනත් අකුල ගනියි . ඒ බවට සංඥා ඕනි තරම් දීලා තියනවා . ලංකාව පිලිබඳ කිසිදු වැදගත් කමක් නැත්නම් ඇමරිකාව ඕකට හොට දාන්නේ නෑ . දෙමල ඩයස්පෝරාවට මන්ත්‍රි වරුන් තීරණය කල හැකි කැනඩාව සහ යුරෝපය තමයි එහෙම නම් මුල් වෙන්නේ . ලංකාදීප පත්තරේ සහ තවත් තැන් දෙක තුනක පල වුනු සිවු වන ඊලාම් යුද්ධයේදය ගැන ලිපි කිහිපයක ඇමරිකාව සිවුවන ඊලාම් යුද්ධයේදී ලංකාවට දක්වපු සහයන් සටහන් වෙලා තිබුනා , මට මුලාශ්‍ර දෙන්න හැකියාවක් දැනට , හම්බ වුනොත් දෙන්නම්

      Delete
    11. ලංකාව එක්ක ඉන්දියාවට ආර්ථික හෝ යුධමය වශයෙන් තරඟයක් තියනවා කියල හිතන එක විහිලුවක් , ඒ මෝඩ මතයේ හිටිය ඉන්දියානු නායකයින් තමන්ගේ රටත් වල පල්ලට අරන් ගිය පිස්සො රැලක් දැන් කතන්දරේ වෙනස් . ඉන්දියාවේ ආර්ථික දේශපාලනික සහ යුධ ශක්තිය එක්ක ලංකාව වගේ චූටි රටක් ගලපන්න බෑ , ඒ වගේම ලංකාව අත්කරගෙන තියන , කරගන්න සාමාජීය සංවර්ධනයේදී ලංකාව පරද්දන්න ඉන්දියාවට අවුරුදු 50කටත් බෑ . කොටින්ම ආර්ථික බලවතෙක් වුන චීනයත් සමාජිය සංවර්ධනයේදී ලංකාව හා සමාන මට්ටමක ඉන්නේ ඉන්දියාවට තරඟය තියෙන්නේ ලංකාව එතනදි පරද්දන්නද ? මොකද අනික් අතින් කොහොමත් පරද්දලා ඉවරයි

      Delete
    12. http://rupeindia.wordpress.com/2013/03/13/whose-agenda-us-strategic-interests-india-and-sri-lankan-war-crimes/

      කියවල බලන්න මේ ලිපිය . ඇමරිකාවට ශ්‍රි ලංකාව වැදගත් වෙන්නේ ඇයි කියන එකට ප්‍රමාණවත් තරම් කරුණු අන්තර්ගත වෙලා තියනවා ,

      Delete
    13. කෝ බුවා එකේ කිසිම තැනක යුද්ධය නිසා දකුණේ ජනතාවට වෙච්ච විපත් , මානව හිමි කම් කඩවීම් නැහැ නේ. ඔක්කොම උනේ උතුරේ ලු. මෙතැන යුද්ධය ගැන වාද කරන්න තැනක් නෙමේ. එක ගැන ඕන තරම වාද කරලා තියෙනවා නේ. නමුත් එකපර්ශවිය ව ලියවුනු ලිපියක් ගැන විශ්වාසය තබන්න අපහසුයි.

      It is beyond doubt that the Sri Lankan Army committed war crimes on a very large scale, and that they did so on the instruction of, and with the protection of, Rajapakse. This makes him a war criminal, deserving of condemnation by the people of the world and punishment by the peoples of Sri Lanka.

      මේක දැක්කම වමනේ ආව ... මහින්දට සපෝර්ට් එක හින්ද නෙමේ. එකපර්ශවිය භාවය නිසා. මේකේ කිසිම තැනක LTTE එකේ කවුරුවත් යුධ අපරාධ කරුවන් කියල නැහැ නේ .. හි හි

      Delete
    14. ඒක ලියලා තියෙන්නේ මොන අරමුණෙන්ද කියල පැහැදිලියි , නමුත් සැහෙන කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියනවා මගේ පොයින්ට් එකට අදාලව .ඒ ගැන විතරයි කියන්න අවශ්‍ය වුනේ . මේවට ලේ කෝප කරගන්න කාරි නෑ .

      Delete
    15. Point noted. I will go through it again with some ice on my forehead. Thanks again. :)

      Delete
  10. තමිල්නාඩුවේ ඉන්න දෙමල අය ගොඩක් හිතාගෙන ඉන්නේ කොළඹ දෙමල අයට ගහනවා, මරනවා කියලා.. මං දවසක් කිව්වා කෝළඹ කොටුව, වරාය අවට වැඩිපුරම කඩ අයිති දෙමල සහ මුස්ලිම් අයට කියලා එයාලට අදහා ගන්න බෑ... උදේ හවස තමිල්නාඩු ටීවී වල කියන්නෙම ලංකාවේ යාපනේ සහ කොළඹ දෙමල අයව මරනවා කියලලු... මම කිව්වා නිකමට කොළඹට ආපු කෙනෙක්ගෙන් අහන්න කොටුවේ මේන් ස්ට්‍රීට් පැත්තට ගියා නම් ඒ පැත්තේ වැඩිපුරම ඇහෙන භාෂාව මොකද්ද කියලා.. ඔය ඉතිං අපිත් එක්ක කතා කරන කීප දෙනෙක්ගේ අදහස්... හැම කෙනාම එහෙම කතා කරන්නේ නෑ නේ.. ඒ අය හිතන්නේ ටීවී එකේ කියන්නේ ඇත්ත කියලා...

    ඔය තත්වය ඇති කරන්නේ තමිල්නාඩුවේ තියෙන පාලනය... ඒක නිසා දෙයක් කරනවා නම් කරන්න ඕනේ ඒකේ පාලනයට දනවන්න මිසක්, ඒ මිනිස්සුත් එක්ක, ඉන්දියාවත් එක්ක හැප්පෙන එක නෙවෙයි කියලා මාත් හිතනවා...

    ReplyDelete
    Replies
    1. එක තමයි හිරු කතන්දරේ , අපේ කට්ටිය දේශප්‍රේමේ අවුලන ගානටම එහෙ උන් "දෙමල ප්‍රේමෙ " අවුලනවා . උන්ගේ ප්‍රාන්තේ කන්න බොන්න නැතුව , *න්න විදිහක් නැතුව ඉන්න මිනිස්සු අමතක කරලා ලංකාවේ දෙමල මිනිස්සු ගැන බොරුවට අඩන්නේ ඒක හොඳම දේශපාලන තුරුම්පුවක් නිසා

      Delete
    2. තමිල්නාඩුවේ දුප්පත් අය වගේම පොහොසත් අයත් ඉන්නවා. මම කොළඹ කොටුවේ වැඩ කරන නිසා මේ අය යහමින් කොළඹට එන බව පේනවා. කව්රුන් හෝ මේ පැමිණීම නැවැත්වීමේ අරමුණින් මේක කරනවා වෙන්නත් පුළුවන්. මොකද අපේ දෙමල අය හා ඥාති සබඳතා පාවත්වන්න ඔවුනුත් කැමතියි. මේ විදියට ඉන්දියාවේ අනිත් ප්‍රදේශ වල සංචාරය කරනවාට වඩා ලාභ ලෙස මෙහි එන්න පුළුවන්. ඒක අපේ ආර්ථිකයට වටිනට.

      Delete
    3. හිරු

      ඔය කියන කතාව ඇත්ත. මම වැඩ කරන ආයතනයේත් ඉන්නවා ඉන්දියානු දෙමල ජාතිකයෙක්. ඔහුත් මගෙන් ඇහුවා ඔයාලා දෙමල මිනිස්සු දකින දකින වෙලාවට ගහනවද කියල. මෝඩ දෙමල මිනිස්සු හිතාගෙන ඉන්නේ ලංකාව ඒ වගේ ජාතියක් කියල. තමිල්නාඩු දේශපාලකයෝන් වැජඹෙන්නේ මෙන්න මේ බොරුව කියන නිසා.

      Delete
  11. හොඳම දේ නොගිහින් ඉන්න එක. උන් එක නැවැත්තුවොත් ටුවරිසම් ඉවරයි. ලංකාවට වැඩියෙන්ම සංචාරකයෝ එන්නේ තමිල්නාඩුවෙන්.. ඉන්දියාවෙ එක්ක හැප්පෙන්න ගිහිල්ලා කලින් උන්න නරියෙකුත් කෑවා පොරි හැලෙන්න.

    ReplyDelete
    Replies
    1. එහෙන් එන ටුවරිස්ට් ලා කියන්නේ ගොයං කපන්න එන එවුන්නේ බන්

      Delete
    2. පිස්සුද බන් වැඩිම එන්නේ චෙන්නායි වලින් . හැබයි මෙලෝ රහක් නෑ. ෆැෂන් හවුස් එකට නම් ඉස්ම බේරෙන්න වැදෙනවා.

      Delete
  12. මමත් කියන්නෙ ඉන්දියව එක්ක හැප්පෙන්න යනවට වඩා හොදයි බෙල්ලෙ ගලක් බැදන් ගඟේ මුහුදෙ පනිනවා. අනික ඉන්දියාව මොන අර්ථයෙන් හරි ජිනීවා වලදි අපිට විරුද්ද වුනත් යටින් අපි වෙනුවෙන් ගේමක ගහනවා. ඒ විතරයි අපිට ඇති පිහිට. කොහොම හරි තමිල්නාඩුව ෂේප් කරගන්න ඕනෙ. ඒකට වැඩ තියනවා. අපේ තියන උද්දච්ච කමට ඒ ගැන නොහිතා ඉන්නවා.

    මේ යන්නෙ කොටින්ගේ වැඩවල දිගුවක්. එය රාජ්‍යතාන්ත්‍රිකව විසදාගැනීමයි සුදුසු. නැතුව සේනා ලව්වා කෑගස්සලා නම් දන්නනවා බොරු

    ReplyDelete
    Replies
    1. Thanks බොදු බලසේනාව නම් ඒ තරම් ලොකු ඉන්දියානු විරෝදෙක නෑ .

      Delete
  13. හිනාත් යනවා සමහර කොමෙන්ට් දැක්කම...:)

    කවුරු කොහොම කිව්වත් ඉන්දියාවයි , ලංකාවයි අතරේ එලියට අඩබෙර ගහලා කියන්නේ නැති අන්‍යොන්‍ය අවබෝධයක් තියෙනවා...

    ලංකාව ඉන්දියානු මධ්‍ය රජයට තමිල්නාඩුවේ තියෙන බලපෑම හොදාකාරව තේරුම් අරං තියෙනවා..ඒ නිසා පොඩි පොඩි කෙණිත්තිලි ඇරෙන්න , සදහටම වෛර කර ගන්නා ස්ථාවරයකට ලංකාව යන්නේ නෑ...

    ඉන්දියාවත් ලංකාවේ මේ ස්ථාවරය හොදට තේරුම් අරං තියෙනවා..ඒක හින්දා තමයි ඇමෙරිකාවේ යෝජනා වල සැර බාල කරන්න ජීනීවා ඉන්න ඉන්දියන් නියෝජිත්ය්යන් උත්සහ කරන්නේ..

    ඔන්න දැන් අමෙරිකාව තමන්ගේ සැර බාල කරපු යෝජනවාඅ නැවත වරක් සභාගත කරලා..

    ලංකාවයි ඉන්දියවයි අතර තියෙන්නේ ලව් ඇන්ඩ් හේට් සි‍ටුවේශන් එකක්..මේක සමතුලිත තාවයක් තියෙනවා..මෙකේ සමතුලිතතාවය බිද ගන්න දෙපාරශවයටම ඕනා කමක් නෑ...

    දෙපැත්තම පොඩි පොඩි ගේම් ගැහැව්වත් කවදාවත් අචසාන සටනකට එන්නේ නෑ.....

    ReplyDelete
    Replies
    1. මය්යා , දාන්න පහක් . ඇමරිකාවෙන් ගේන ඕනිම යෝජනාවක සැර බාලකරගන්න අපිට භාවිතා කරන්න තිබුනු හොඳම සම්පත් තමයි ඉන්දියාව සහ ජපානය . අකාශි ට කොටියා කියල පන්නගෙන ඊට පස්සේ අලි උස්සන් ජපානේ දුවන්න කටයුතු නොකර තිබුනු යහපත් "ආදර" සම්බන්ධය ජපානයත් එක්ක දිගටම තියාගෙන ගියා නම් , "ලව් -හේට්" රිලේශන් ශිප් එක අස්සෙම ඉන්දියාවේ සහයත් අරගත්ත නම් හොඳයි කියල මම ගිය පාරත් කිව්වා . මේ පාර ඉන්දියානු නියෝජිතයින්ගේ මැදිහත් වීමක් තියේ නම් තව අවුරුද්දකට වැඩේ ගොඩ දාගන්න පුලුවන්(මම එහෙම දේයක් මුලින්ම ඇහුවේ ඔබගෙන ) . ඒත් ආණ්ඩුව චීනෙත් එක්ක තියන ආදර සම්බන්ධය නිසා ලව් -හේට් එකේ හේට් පැත්ත වැඩි වෙන්න ඉඩකඩ වැඩියි කියලයි මට හිතෙන්නෙ

      Delete
    2. The final draft tabled acknowledges the country’s progress in some areas of reconciliation and '''no longer notes a call for an international inquiry on war crimes allegations by the UN High Commissioner for Human Rights, Navi Pillay''''.



      The final draft '''welcomes the announcement of Northern Provincial Council polls in September 2013 and acknowledges Sri Lanka’s progress in rebuilding infrastructure, resettlement of IDPs and demining''''' but notes that much work lies ahead.

      The final draft of the US resolution on Promoting reconciliation and accountability in Sri Lanka tabled at the Council at 6 p.m. Geneva time yesterday, has 32 co-sponsors, including the United States

      Delete
    3. ඔය තියෙන්නේ නියමෙට . ස්තුතියි දැනුවත් කලාට .

      Delete
    4. ලොක්කගේ පොල් අඩි මේ පාරත් වැඩ කලා...:) out of the box thinking

      Delete
    5. මයියාගේ කතාවට එකඟයි. තමිල්නාඩුව ඉන්දියාවටත් හිසරදයක්. අනිත් ඉන්දියානුවන් ඔවුන්ව ඉන්දියානුවන් ලෙස වැළඳ ගන්නේ නෑ. මොහොතකට හිතන්න ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා, එහෙම වුනානම් වැඩියෙන් ආදරේ ලංකාවටද ? තමිල්නාදුවටද ? උතුරු ඉන්දියන් අය අපට කැමතියි දෙමල අයට වඩා.

      Delete
  14. බුවා කියන යොජනා අපට කරන්න පුළුවන් උනා නම් අද අපේ රට මේ ඉන්න තත්වයෙන් පියවර කිහිපයක් ගිහිං.එත් එම ශක්තිය අපි සතුව නැත.ඊට හේතුව අපි අතර සමඟියක් නැතිකම.ඒකාට එකා ඇන කොටා ගන්නවා.මොනවා බෙදා ගන්න බැරිවද?අන්තිමට ගත්ත දේකුත් නැ මිනිස් ජිවිතත් නැති කරලා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  15. තමිල්නාඩු ප්‍රාන්තයෙ තරම් දුප්පත් මිනිස්සු දූක් විඳින මිනිස්සු ඉන්දියාවෙ වෙන කොහෙවත් නැහැ කියල මම ඇහින් දැකල තියෙනවා. ඒ කේරලයෙ කොචින් ඉඳල මහාමාර්ගයේ තමිල්නාඩුවල මදුරෙයි දක්වාත් නැවත තූත්තුකුඩිය දක්වාත් ගිය ගමනේදි.. ඒ වගේම ඒ තරම් නූගත් ජනගහනයකුත් නැතුව ඇති.. ඉතිං එක පැත්තකින් මේ නූගත් මොට්ට ‍රැලව ගසා කනවා තුට්‍ටු දෙකේ චිත්‍රපටි හදන උනුයි නලු බට්ටොයි.. අනිත් පැත්තෙන් පරණ නලු බට්ටො බට්ටියො දේශපාලනෙ අරක් අරගෙන හොර මැර තක්කඩිකම් කර කර මහජන දේපල සූරාකනවා. ඔය දෙකම අතරේ සිංහල/ ලංකා විරෝධය අවුලුවනවා ජයලලිතයි කරුණයි අර වලහැඩි අපතයො ‍රැලකුයි එකතුවෙලා.
    ඔය විදිහට අර මෝඩ ‍රැල කවදාවත් තේරුම් ගන්නෙ නෑ උං දුක් විඳිනවා ඒකට වරද කාරයො මේ අපතයො කියලා.
    තමිල්නාඩුවෙ සුපිරි නලුවගෙ එක චිත්‍රපටියක පලමුදවසෙ අඩුම ගනනෙ එකෙක් දෙන්නෙක් මැරෙනවා ඇතුලට යන්නට පොරකාල පෑගිලා ගුටි කාලා.

    ReplyDelete
    Replies
    1. මෙහෙ කට්ටිය දේශප්‍රේමය අවුලන ගානට තමයි මුන් අමුතු දෙමල ප්‍රේමයක් අවුලවන්න පටන් අරන් තියෙන්නේ ,ස්තුතියි තොරතුරට

      Delete
  16. වරද තියෙන්නේ ඉන්දියාවේ නොව තමිල්නාඩුවේය.තමිල්නාඩුවෙන් අපිට ඇති වාසියකුත් නැත.තමිල්නාඩු චිත්‍රපට ලංකාවේ පෙන්වීම තහනම් කිරීමද හොඳ උපායකි.

    බෞද්ධ භික්ෂුන්ට පහර දීම කොමන් සෙන්ස් තියන රාජ්‍ය ත්‍රාන්තිකයකුට ජිනීවා හිදී ලංකාවේ වාසියට යොදාගත හැක.

    "මෙන්න මෙහෙමයි ඉස්සර LTTE එකෙන් අහිංසක සිංහල මිනිස්සුන්ට ගැහුවේ."

    ReplyDelete
  17. බුවා කවුරුවත් කලබල විය යුතු නැහැ.ලංකාව ඉන්දියාව වගේ ලොකු රටකින් නොවෙයි මාල දිවයින වහේ පොඩි රටක් එක්කවත් ගේම ඉල්ලිය යුතු නැහැ. කිසිම රටකින් කාගෙන්වත් ගේම ඉල්ලිය යුතු නැහැ. තමිල් නාඩු ගියාම ගහනවනම් යන්න එපා. ගුටිකන්න කැමැති අය ගියත් කමක් නැහැ. අපි බැලිය යුත්තේ හැම රටකම වෙළඳ පොළට මොනවා හරි දෙන්න විකුනන්න විතරයි. අපි අපේ ආර්ථික අරමුණ කරා සීග්‍රයෙන් යා යුතුයි වෙන ඇවුන් මොනවා කලත් ගනන් නොගෙන. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවෙන සිමාව දක්වා කිසිදේකට කලබල නොවී අපි අපේ ගමන යා යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට , තමිල්නාඩුවෙදි ගුටිකන එකම නෙවෙයි ප්‍රශ්නය මචන් , ඒක ලංකාවේ ආයෙමත් ප්‍රශ්නයක් ඇති කරන්න හේතුවෙයි කියන එක

      Delete
  18. ඉතාම ආශාවෙන් කියවූ ලිපියක් හා කොමෙන්ටු අඩංගු අවස්තාවක්, මෙන්ම බ්ලොග් කලාවේ ප්‍රභලතාවය පෙනවන අවස්තාවක් ලෙසට මා දකිනවා. මහසොහොන් පිල්ලිය අතුලු හැම විසින් ඉතා ප්‍රායෝගික වගේ පෙනෙන වැදගත් අදහස් සාකච්චාවට එකතු කලා.

    අපේ වාමාංශිකයින් තවමත් තමිල්නාඩුවේ වාමාංශිකයඉන් සමග සම්බන්ධකම් අත හැරලා නෑ. ඒ අය හරහා මේ පහර දීම් සම්බන්ධයෙන් තමිල්නාඩුව තුල විරෝධයක් සංවිධානය කළ යුතුයි.

    මං ඉතින් පොඩි විහිලුවක් කරන්න හිතුවා, ඔබ කියන යෝජනා වලට මේකත් එකතු කර ගන්න,
    දෙමල තමිල් නාඩුව මට්ටු කරන්න අපි සිංහල භාශාවේ තිබෙන දෙමල වචන සෙට් එක අත් හරිමු,
    දකුණු ඉන්දියානු කෑම නොකා ඉමු.
    දකුනු ඉන්දියානු ගොයම් කපන කම්කරුවන්ට වීසා නොදෙමු(හුටා අපි බත් කාල ඉවරයි, එතකොට )
    දෙමල ඇඳුම් අත් හරිමු
    දෙමල වාදන භාණ්ඩ වාදනය අත්හරිමු
    දෙමල තනු අඩංගු ගීත ගායනා නොකර ඉමු.
    දෙමල නම් සහිත සංගීතඥයන්ගේ ගීත වර්ජනය කරමු
    ලංකාවෙන් ඉන්දියාවට යන හැම වන්දාකරුවෙක්ම, සංචාරකයෙක්ම නලලේ අලුගා මොට්ටුවක් තැබීම අනිවාර්‍ය කරමු

    ReplyDelete
    Replies
    1. දෙමල වචන අත්හරින්න බැරිවෙනවා ඒක පැලපදියම් වෙලා ඉවරයි . අනික් යෝජනා නම් ලේසියි .අපි බොහොම වෙලාවට හින්දුස්ථනි සංගීතය මිසක් දකුණු ඉන්දියානු සංගීතය භාවිතා කරන්නේ නැනේ . දකුණු ඉන්දියාවෙ කෝවිල් පස්සේ යන්නේ නැත්නම් දඹදිව වඳින්න තමිල්නාඩුවේ යන එක අපරාදයක් , අනික් ප්‍රාන්ථ වලදි ලාංකිකයින්ට ප්‍රශ්න ඇතිවෙලා නැනේ

      Delete
  19. පෝස්ටුව කියෙව්වාට කමෙන්ට්ස් ටික කියවාගන්න වෙලාවක නැත. මගේ සිම්පල් ප්ලෑන් එක මේකය. දැන් යුද්ධය ඉවරය. කල යුත්තේ රජය සාධාරණ දෙමල පැමිණිලි වලට සවන්දීමය. දමලට තමා ජීවත්වූ සාම්ප්‍රදායික ඉිම්වල අවහිරයකින් තොරව ජීවත්වීමට අවස්ථාව සැලසීමය. ඔවුනගේ ජීවිත නගා සිටුවිමට උපකාර කිරීමය. උතුරේ ඉඩම් ඉලහත්කාරයෙන් අත්පත්කරගෙන සමාගම්වලට විකිණීම නැවැත්වීමය. තම ප්‍රශ්නවලට සාධාරණ ලෙස විරෝධය පාන උතුරේ දෙමළුන්ට අත්තනෝමතික ලෙස පහරදීම සහ අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීම/අතුරුදන්කිරීම නැවැත්වීමය.
    කොටින්ම තමිල්නාඩු අන්තවාදීන්ගේ සටන්පාඨ වල වලංගුතාවය බාල කිරීමය. ඒ හැර වෙනත් විසඳුමක් නැත.

    ReplyDelete
    Replies
    1. //කොටින්ම තමිල්නාඩු අන්තවාදීන්ගේ සටන්පාඨ වල වලංගුතාවය බාල කිරීමය. ඒ හැර වෙනත් විසඳුමක් නැත//

      මේ පිලිබඳ මාත් එකඟයි ඒත් අපි ඉන්නේ කොතනද කියන උඹත් මාත් දෙන්නම දන්නවා . මේ යෝජ්නා කරල තියෙන්නේ තවත් ව්‍යසනයක් වලක්වගන්න සන්ධාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක්ක "ඉන්ලයින්" වෙන යෝජනාවක් .ඒකනේ මම දේශප්‍රේමි යෝජනාවක්ය කීවේ

      Delete
  20. බුවා යන්තම් දේශප්‍රේමී වෙලා :)))

    අයි.පී.එල් නම් අපෙ උන් නවත්තයිද බං? අර පකිස්ථානෙදි වෙඩි නොකා බේරිලා ඇවිල්ලත්, අපේ රජය කිසිම පියවරක් ගත්තද ?

    ඉතිං ගුටි කන එක නම් මොනාද අයියෝ !

    ජය !

    ReplyDelete
    Replies
    1. අයිපි එල් යන එක නවත්වන්න ඕනි නෑ , තමිල්නාඩුවේ ගහන මැච් වලට නොයා ඉන්නයි තියෙන්නේ . කොහොමටත් ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක ලංකාවේ කිර්ඩකයින්ව චෙන්නයි වල ගහන මැච් වලට ගන්න එපාය කියල කියන කථාවක් තියනවා

      Delete
  21. සියලුම කමෙන්ට් කියවා නොබැලුවෙමි. මෙහි අඩංගු නොවූ තවත් කරුණක් නම් තමිල්නාඩු කිසිවකුට ශ්‍රී ලංකා වීසා ලබා නොදීම. ඇත්තටම ඉන්දියාව රටක් වුනාට මේ ප්‍රාන්ත අතර මහා බෙදීමක් තියෙනවා. උතුරු ඉන්දීය ඇය දකුණේ අයව ගණන් ගන්නේ නෑ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ බුවා කියනවා වගේ අනෙක් ප්‍රාන්ත වල ඇය සමග හොඳ රාජතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම. කරනවා නම් මේ යෝජනා ටිකද ඇත. මෑතකදී කියවූ චේතාන් භාගත් ගේ Two Estate පොතේ මේ ප්‍රාන්ත අතර වෙනස කදිමට පෙන්වා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. Two Estates නොව Two States විය යුතුයි.

      Delete
    2. ඉන්දියාවේ උතුරු දකුණු බේදය මාත් අහල තියනවා , ලඟදි දිල්ලියේ විශ්ව විද්‍යාලයකට ගිය කෙනෙකුත් ඔය කථාව තහවුරු කලා . ඔය පොතෙන් චිත්‍රපටිය එනවා මේ අවුරුද්දේ

      Delete
    3. අහන්න සතුටුයි. ඒක නියම චිත්‍රපටියක් වෙයි. ඇත්තටම හිනා යනවා ඒක කියවත්දී. හැබැයි මේ රචකයාගේ වෙනත් පොතක චිත්‍රපටිය නිකුත් වුනා විතරයි.

      Delete
  22. ඔබ ලෝක සිතියම (ගෝලය නොවේ) අනික් පැත්ත හරවල අපේ රට බලන්න. එතකොට පෙනේවි අපේ රටේ පිහිටීමේ වැදගත්කම. එබැවින් ඉන්දියාව,චීනය,පකිස්ථානය විතරක් නෙමෙයි බටහිර රටවලුත් අපිට බලපෑම් කරනවා. ඉන්දියාවේ සිතියමක් අඳින ලෙස ඕනෑම ඉන්දියන් ජාතිකයෙකුගෙන් ඉල්ලා සිටින්න. (මේක මම කීපවතාවක්ම ඉන්දියාවේදී අත්හදා බලා තිබීනවා) ඉන්දියාව ඇඳලා එකේ යටින් ලංකාවත් ඇන්දේ නැත්නම් ඔබ කියන ඕනෑම දඬුවමකට මම යටත් වෙනවා. මුළු ඉන්දියාව පුරාම ඉන්නා අය හිතන්නේ අපි ඒගොල්ලන්ට යටත් අය කියල තමයි. ඒ අපි බෞධයෝ වීම නිසා විතරක් නෙමෙයි අපි දුටු විගස රාවණා රජතුමා සහ යක්ෂයන් මතක් වන නිසා.ඉන්දියාව අපි සමග ඇති කරලා තියෙන වෙළඳ ගිවිසුම් වල ප්‍රතිඵල දෙස ඇස් ඇර බලන්න. ඒ ඔක්කොම තියෙන්නේ ඉන්දියාවේම වාසියට නෙමෙයිද? එබැවින් ඉන්දියාව සහ ඉන්දියන් බඩු වර්ජනය කිරීමෙන් පමණයි ඉඳියන් බලධාරීන්ට ඇහැ ඇරෙන්නේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව