සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි .සුභ අසුබ නැකත් පිලිබඳව හෝ එසේ නැකතට කටයුතු කිරීමෙන් අත්වෙන විශේෂ වාසියක් පිලිබඳ මාතුල කිසිදු විශ්වාසයක් නැතත් ජාතියක් වශයෙන් අනෙන්‍යවූ සංස්කෘතිකාංගයක් වූ අවුරුදු උත්සවයටත් ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ වැදගත් කමක් මා දකිමි . පවුලේ සියලු දෙනා හැකි පමණින් එකතුව අවුර්ද්ද සමරන්නටත් , පරණ තරහ මරහ අමතක කර ඥාති මිත්‍රාදීන් සහ අසල්වාසීන් සමඟින් සම්බන්දයන් අලුත් කරගන්නටත් , සංස්කෘතික අනෙන්‍යතාවයක් වශයෙන් සිංහල දෙමල අලුත් අවුරුදු සම්ප්‍රදායන් මතු පරපුර වෙත ගෙනයාමටත් සැම සියලු දෙනාම වග බලාගන්නේ නම් යහපත් බවද මේ මොහොතේ පවසනු කැමැත්තෙමි . සියලුම බ්ලොග් කරුවන්ටත් , සිංහල බ්ලොග් කරණය වර්ණවත් කරනා නිර්නාමික ප්‍රතිචාර කරුවන්ටත්, ප්‍රතිචාර නොදක්වන නිහඬ පාඨකයිනුත් ඇතුලු සිය්ලු දෙනාටම තම සිතු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු කරගන්නට ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දකට ආසිරි එක් කරනා අතරම ,මාගේ බ්ලොග් කරණය නිසා වෙන් කුමන හෝ සිත් අමනාපයක් ඇති කරගත්තෙක් මේ අතර වේ නම් , ඒ සිතේ කහට අමතක කර නව වසරේ නව ප්‍රවේශයක් වෙනුවෙන් එකතු වීමට අවස්ථාව ලැබේවා කියාද ප්‍රාර්ථනා කරමි
මේ සමස්ථ රට වැසියන් සහ ලෝක වාසින් වෙනුවෙන් මාගේ අලුත් අවුරුදු සුබ පැතුමයි
විදුලි ගාස්තු සුත්‍රයවත් (අඩු ගානේ ) වෙනස් නොවන, මත්තලට ප්ලේන් එන, එන ප්ලේන් වල කුරුල්ලො නොවදින, නැව් 400න් 40ක් හෝ හම්බන්තොට වරායාට පැමිණෙන , නොරොච්චෝලේ අවුරුද්දෙන් භාගයක් හෝ හරියට වැඩ කරන , ඇමති මණ්ඩලේ වැඩි නොවන , ඇමතිලා වැඩක් නොලකත් අඩුම ගානේ පිස්සු නොකෙලින ,ලොක්කාට තමන් ආයෙත් ඡන්දයකට යායුතු බව සිහි වෙන, රනිල්ට තමන් විපක්ෂ නායක බව මතක් වෙන , ෆොන්සේකාගේ අහංකාර කම් අඩුවෙන ,ජිනිවා වලදී නාගන්නේ නැති, ඇමරිකාවෙන් , යුරෝපයෙන් සහ ඉන්දියාවෙන් ගේම ඉල්ලන්නට නොසිතෙන, මුස්ලිමුන්ට අන්තවාදය එපා වෙන, බොදු බලසේනාවට තමන් "බෞද්ධ" බව මතක් වෙන , දෙමල සංධානයට ඊලම එපා වෙන , මූලධර්ම වාදි ක්‍රිස්තියානින් එලවන්නට කතෝලික සභාවම මැදිහත් වෙන , ගෝත්‍රික දූපත් මානසිකත්වයෙන් මිදී නූතන ලෝකයා හා පැහෙන ආකල්ප වර්ධනකයට බහුතර ශ්‍රි ලංකිකයින් පිරිසකට හැකි වෙන සුභ අලුත් අවුරුද්දක් වේවායි ශ්‍රි ලාංකිකයින් සියලු දෙනාටමත්
කිම් ජොන්ට මිසයිල ගහන්නට නොහිතෙන (*) ,ලෝක ආර්ථිකය වඩාත් වේගයෙන් අර්බුධයෙන් ගොඩ එන . ඒකාධිපතියන් , ආගමික අන්තවාදයන් සහ ත්‍රස්තවාදයන් ට එරෙහිවත් , පරිසර හිතකාමි ආර්ථික සංවර්ධනයක් කෙරේ පක්ෂවත් ලෝක ජනමතය ගොඩ නැගෙන කාල වකවාණුවක් සමස්ථ ලෝකයාටමත් ප්‍රාර්ථනා කර සිටිමි !
(* )බලයෙන් වියරුවූ ඒකාධිපතියෙකුගේ සියදිවි නසා ගැනීම හෝ එවැනි ඒකාධිපතියන්ට පුදසත්කාර කරමින් අනුබල දෙන උතුරු කොරියානු ජනතාව වෙනුවෙන් නොව , විපතට පත්වීමේ අවදානමක් ඇති දකුණු කොරියානු , ජපාන අහිංසක සිවිල් වැසියන් වෙනුවෙන් පමණි

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteesema weawa
Deleteසිහින පාර්ථන ාකරනවාට වඩා නිකං ඉන්න එක හොදය ිෙන්ද?
ReplyDeleteඑහම කියන්නත් පුලුවන්
Deleteබුවාගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා ඉටුවුනොත් එදාට ඉබ්බෝ ඉගිලෙනවා සහතිකයි.
ReplyDelete:D
Deleteජය වේවා !
ReplyDeleteජය වේවා !
DeleteSame 2 u boss!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteලංකාව ගැන තියෙන ප්‍රාර්ථනා නං එකක්වය් ඉෂ්ඨ වෙන්නෑ කියලා හොඳටම ෂුවර්.ඒත් උතුරු කොරියාව යුද්ධේ පටං ගන්න එකටනං මම පට්ට කැමතියි.ලොකෙ ජනගහනය ලක්ෂෙකට විතර අඩුවෙලා ගියොත් පට්ටම සිරා නෙමෙයිද? අඩුම තරමේ මිනිස්සු කරන විනාශයෙන් ලොකේ බේරිලා තියෙයි නේ.
ReplyDeleteමේ අවුරුද්දේ මේ හැමදේම ඉෂ්ට උනොත් එන අවුරුදුවලට පතන්න දේවල් නෑ නේ.:)
ReplyDeleteබුවාට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
බුවාටත් සුබම සුබ නව වසරක් වේවා ...
ReplyDelete( අනික් ඒවා ගැන අවුරුද්දෙන් පස්සේ කතා කරන්න
බැරියෑ .මොකෝ අපි හාමතේ මැරෙනවැයෑ ..)
උබේ පාර්ථනා සිහිනයක් නොවේවා කියන එකයි මගේ ප්‍රාර්ථනාව.........මේ වසරේ දේශපාලන නිදහස තියා, මානසික නිදහසවත් ලබේවා...!!!
ReplyDeleteහැබැයි ලැබෙන් නත් බැරි නැහැ බං. මොකද අපේ රටේ කේවට්ට මහා කලාකාරයෝ මහා අධිෂ්ටාන පුජාවක් කලානේ බං. ඔන්න කලාකරුවන්ගේ දාර්ශනික දැක්ම.......තාම ඉන්නේ මහා ප්‍රථමික යුගයක........අනේ කලේ වනේ වාසේ
මං කවුරු වගේද
බුවාටත්, පාඨක සැමටත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඑසේම වේවා එසේම වේවා :D
ReplyDeleteඔබටත් සුභ නව වසරක් වේවා!!
ReplyDeleteඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteපොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!
ReplyDeleteඔය පැතුම් සියල්ල ඉෂ්ඨ වෙන සුභ නව වසරක් වේවායි පතනවා ඔබටත්!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteඔබට් සහ ඔබ පව්ලේ සැමට සුභ අලුත් අව්රුද්දක් වේවා. ඔබේ පැතුම් සියල්ල සපිරේවා.එත් එක වැරද්දක් නිවැරදි කරන්න ඔබ ඉඩ දෙනවා නම් මේක සිංහල දෙමල අව්රුද්ද නෙමෙයි, මේක සිංහල හින්දු අව්රුද්ද. එහෙම නීති ගත කලේ අපි නෙමෙයි සුද්දෝ.කෙටියෙන් කිව්වොත් වෙසක් උත්සවේ තමයි බ්‍රිතාන්‍යන් විසින් පළමුව නිවාඩු දින ලෙස ප්‍රකාශ කලේ.හේතුව රටේ වැඩි දෙනා එදාට වැඩට නොපැමිනිම . එකට දෙමල අය විරෝධය පලකරලා ඒ ගොල්ලන්ටත් නිවාඩු දිනක් ඉල්ලුවා.වෙසක් ඇරුනකොට රටේ වැඩි දෙනා සේවයට නොඑන්නේ සිංහල අලුත් අවරුදු දිනට නිසා ඒක සිංහල අව්රුද්ද ලෙසද,දෙමල ජාතිකයන්ට සාධාරණයක් කරන්න එදින හින්දු අවරුදු දින ලෙසද ගෙන සිංහල හා හින්දු අව්රුද්ද ලෙසින් බ්‍රිතාන්‍යන් විසින් නම් කළා.
ReplyDeleteඒක හරියටම සමාන වන්නේ අපේ ජාතික කොඩිය ඉස්සරහ සුළු ජාතින් නියෝජනය කරන්න කියල කොලපාට සහ කහ පාට එකතු කරපු JR ගේ මෝඩ තීරණයට විතරයි,
සුර්යා මීනයෙන් මේසෙට යනවා වාගේ අපි නාදුනන ග්‍රහ අපල සැමගේ දුරුවේවා!
ReplyDelete