Skip to main content

ආශ්චර්ය දීපයේ චිත්‍රපට - 13 ත් එක්ක බෑ , හොඳ අන්කලුයි නරක ඇන්ටියි ,ප්ලෙන් එනකම්...........

හොලිවුඩයේ මේ දවස් වල කථා වෙන්නේ යකඩ මිනිහා 3 , පෙට්ටි කාර්යාල වාර්ථා කුඩු පට්ටම් කිරීම් ගැනය.යකඩ මිනිහාත් ඇතුලු මාවල් විරයෝ සෙට් එකම ඉන්න ඇවෙන්ජර්ස්  වලට විතරක් දෙවෙනි ආරම්භයක් යකඩ මිනිහා තුන අරගෙනය . ඒ කියන්නේ  හොඳම ආර්ම්භක සති අන්තයන් දෙකටම යකඩ මිනිහා සම්බන්ධ වෙලා කියන එකය. පලවෙනි දර්ශනේට නිලියක් ඇන්ද රෙද්ද නිසා අපේ අයටත් යකඩ 3 මිනිහා ගමේ එකෙක් ගානටම සමීපය. 45-50 අන්කල්ලා , 20-25 කෙල්ලන්ට ලව් කරන ඒවාත් , පයිට් , සින්දු , කොමඩි , නැටුම් , රේස් ඔක්කොම එකතු කරපු මසාලාවකුත් නොවන  , ආධුනිකයන් දෙදෙනෙක් රගපාන Aashiqui -2  වසරේ පලවෙනි සුපර් හිට් එක වීම බොලිවුඩයෙන් ඇහෙන හොඳම කථාව කිවාටද වරදක් නෑය . චිත්‍රපටිය කෙසේ වෙතත් සින්දු සෙට් එක නම් සුපිරිය .රසිකයෙකුට කණ පිරෙන්න අහන්නට වගේම හින්දුස්ථානි සංගීතයට "දේශීය සංගීතය" කියා ලේබල් ගසා මැරෙන්න හදනා මෙරට ඔස්තාද්ලාට බටහිර රොක් සංගීත සම්ප්‍රදාය සහ හින්දුස්ථානි සංගීතය එකතු කර රසවත් නිර්මානයක් කරන්නේ කෙසේදැයි ටියුශන් ගන්නටත් ඒ සෙට් එක වැදගත්ය


කොලිවුඩ් නොහොත් තමිල්නාඩු සිනමාව ගැන නම් දැන් අපිට හිතන්නට දෙයක් නෑය , අපේ රාවණා බලකාය තමිල්නාඩු චිත්‍රපටි ලංකාවට ගෙන්වීම තහනම් කරලාලුය . දැන්  දෙමල ජනතාවටත් 'සිරි පැරකුම්" බලා දේශප්‍රේමය උපද්දවා ගන්නට පුලුවන්ය . රාවණා බලකාය මෙදා පාර වාඩුව ගත්තේ අවුරුදු දහස් ගාණක ඇරියස් එකක්ය.වෙනස තියෙන්නේ රාවණා රජතුමා පැරදුනේ නෝත් ඉන්දියන් හිරෝස් ලට (පැරදුනා නොව එකකුස උපන් එකා ගම කෑවාය )   වීමත් මෙදා රාවණා බලකාය ඇට්ටි හැලෙන්ට දුන්නේ සවුත් ඉන්දියන් හීරෝස් ලට වීමත්ය .රාවණා බලකායේ තීරණය නිසා දැන්   කොලිවුඩ් නලුවෝ හිඟමනටම වැටිලාය (මේකට අර ආශිර්වාද පුජාවෙත් බලපැමක් තියෙන්නට පුලුවන්ය ) , මේකප් ගැලවූ විට කොහොමත් හිඟන පාට රැජිනි කාන්ත්ට නම් හිඟා කැම ගොඩක් ලේසි ඇතිය

මේච්චර වෙලා කිවේ වල්පල්ය , ඔය හැමවුඩ් එකක්ම පරදන අපුරු චිත්‍රපටි සෙට් එකක්ම ආශ්චර්ය ද්වීපයේ තියනවාය . මේ තියෙන්නේ ඒ අති සාර්ථක නිර්මාණ කිහිපයක්  ගැන කෙටි හැඳින්වීමක්ය
----------------------------------------------------------------------------------------------------------

හොඳ අන්කලුයි නරක ඇන්ටියි - ළමා කතන්දර පොතක නමක් තිබුනාට මේක ලමා චිත්‍රපටියක්  කියා කියන්නට බැරිය . පහුගිය මැයි පලවෙනිදා රූගත කිරීම් අවසන් කර , ඒ මොහොතේ සිටම තිරගත කිරීමත් ආරම්භ කලාය . නරක ඇන්ටිගෙන් පිඩා විඳින බබාලා බේර ගන්නට  හොඳ අන්කල් කෙනෙක්  පහල වීම චිත්‍රපටියේ ක්ලයි මැක්ස් එකය . අන්කල් ගේ පැමිණීම චිත්‍රපටියේ තැනින් තැන ඉඟි කරන නිසා  කුතුහලය අඩුවුනා කියා ඇතැම් කුහක විචාරකයින් විසින් මත පලකලත් , චිත්‍රපටිය තවමත් පෙට්ටි කාර්යාල වාර්ථාවේ දෙවෙනි , තුන්වෙනි තැන්වල ඉන්නවාය

13 ත් එක්ක බෑ -  . අතිදක්ශ විකට නලුවෙකුත් , ක්‍රියාදාම නලුවෙකුත් රඟපාන නිසා චිත්‍රපටිය පටන් ගත්තේම පෙට්ටි කාර්යාලවාර්ථා කුඩු පට්ටම් කරගෙනය. ක්‍රියාදාම නලුවා අතීතයේදී සැහෙන හපන් කම් පෙන්නුවත් (සමහර චිත්‍රපටි අවසන් වුයේ බෝම්බ ගසා දුශ්ටයන් රටෙනුත් පන්නා දැමීමෙන්ය ) දැන් දැන් ඔහුගේ ක්‍රියාදාම හැකියාවන් මොටවී ඇති බවක් විචාරකයින් විසින් පෙන්වා දී ඇත . කලින් කී හොඳ අන්කල් චිත්‍රපටියේද ආරාධිත චරිතයක් රඟපෑ මේ ක්‍රියාදාම නලුවා ඒතුලින් හෝ බලාපොරොත්තු වූ මට්ටමේ දක්ෂතා දැක්වීමට සමත් වූයේ නැත . කෙසේ වුවත් විකට නලුවාගේ දක්ශතාවයන් චාලි චැප්ලින්ගේ මට්ටමටම ආසන්න නිසාවෙන් චිත්‍රපටිය අති සාර්ථකය . කෙසේ වුවත් ඇතැන් විචාරකයින් පවසන්නේ මෙය වෙනත් රටක සම්මාන උලෙලක් සඳහා විශේෂයෙන් සුදානම් කල චිත්‍රපටියක් බවය . කලින් චිත්‍රපටියේ හොඳ අන්කල්ගේ චරිතය රඟපෑ රංගන ශිල්පියා විසින් මෙම චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන ලදී

මට මතක නෑ - මෙය සැහෙන කාලයකට පෙර තිරගත කිරීම ආර්මභ කල (තිරගත කල දිනය මටත් මතක නැත ) එදා සිට මේ දක්වා පෙට්ටි කාර්යාල වාර්ථාවේ පලවෙනි 10ය අතර නිරන්තරයෙන්ම රැඳි සිටි අති සාර්ථක චිත්‍රපටියකි . මෙය කලින් කී බොලිවුඩ් මසාල චිත්‍රපටියක් මෙන් පයිට් , සින්දු , කොමඩ් , ත්‍රිලර් ආදී සියල්ලෙන්ම සපිරි චිත්‍රපටියක් වන අතර චිත්‍රපටියේ ආර්ම්භයේදීම අවසානය කුමක්දැයි අනුමාන කල හැක.  , බොලිවුඩ් මසලාවක් මෙන් නොව  ආර්ම්භ ජවනිකාව හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටියක මෙන්  ඇක්ශන් සිකුවෙන්ස් එකක් වීම මෙම චිත්‍රපටියේ සුවිශේශත්වය ලෙස සඳහන් කිරීම නිවැරදිය.  චිත්‍රපටියේ නිල ප්‍රචාරක කටයුතු සුප්‍රද්ධ මාධ්‍ය ආයතන දෙකකින් තරඟ කාරීව සිදු කිරීමද චිත්‍රපටියේ සාර්ථකත්වයට  එක් හේතුවක් බව තතු දත් ආරංචි මාර්ග පවසති


ආලි  හොරා, ආලි හිරේ , ආලි ගෙදර - මෙම තුන් ඇඳුතු චිත්‍රපට පෙල  ලෝක සිනමාවේ පලමු වතාවට එක පෙලට තිරගත කොට ඉක්මනින්ම අවසන් වීමෙන් වාර්ථාවක්ද්  තබා ඇත . එක පෙලට තිරගත කරලීම නිසා ප්‍රේක්ශකයින් අන්දුන් කුන්දුන් වීම නිසා එතරම් සාර්ථකත්වයක් නොලැබුවත් ආර්ම්භ සතියේදී පෙට්ටි කාර්යාල වාර්ථාවේ මුල් ස්ථාන අතර රැඳි සිටීමට සමත් විය . තරඟකාරි නිශ්පාදන සමාගම් දෙකක් විස්න් හවුලේ නිශ්පාද්නය කිරිම නිසා චිත්‍රපටියේ මඤ්ඤං ස්වාභාවය වැඩිවූ බව ඇත්ම් විචාරකයින් විස්න් පවසා ඇත

ප්ලෙන්  එනකම් නොහොත් සකලයන් හඹන්නන්ගේ කථා වස්තුව - මෙය එම නිශ්පාදකයින්ගේම "නැවක් එනකන් නොහොත් මාලු බාන්නන්ගේ කථා වස්තුව " චිත්‍රපටියේ දෙවන කොටස ලෙස ඉදිරිපත් කර ඇත . බජ්ට් ප්‍රශ්න නිසා අවැසි කරන ගුවන් යානා සොයා ගැනීමට නොහැකි වුවත් ඉතා විශ්ෂ්ට ගණයේ ප්‍රචාරණ  ව්‍යාපාරය නිසා මාර්තු මස සිට මේ දක්වාම  පෙට්ටි කාර්යාල වාර්ථාවේ ඉහලින්ම රැඳී සිටිමට සමත්ව ඇත . මේ චිත්‍රපටියේ නිල අන්තර්ජාල ප්‍රවර්ධකයින් ලෙස . සමකය වටේ , ඇවිද්ද පය සහ මාරයා  යන අය  තෝරා පත් කරගෙන තිබුනි

ගහන්න බැරි නම් ගෙදර වර ! - මෙය  ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරීමේ ලා සැකසුනු ඩොකියු -ඩ්‍රාමා වකි . නමුත් අවශ්‍ය කරන නලුවන් තවමත් විදේශ ගත වී සිටීම නිසා , අතිරේක නලුවන් යොදාගෙන  රූගත කිරීම සිදුකරන ලදී . පෙට්ටි කාර්යාල ප්‍රතිපල තවමත් අවිනිශ්චිතය

අපේ චූන් අපිට හොඳා- මෙය මෙම නිශ්පාදකයන් විසින් කලකට පෙර නිශ්පාදනය කල "අපේ ගොනා අපිට හොඳා" චිත්‍රපටියේ ආදර්ශයෙන් නිමවූවකි. කිසිදු සම්බන්ධයක් නැති කථා කිහිපයක් එකට ගැටගැහීමේ අප්බ්‍රංශ  රිතියක් අනුගමනය කිරීම සහ වයස් ගත ප්‍රේක්ෂකයින් අතින් ප්‍රතික්ශේප වූ නලුවන්  පමනක් රංගනයේ යෙදීම හේතුවෙන් පෙට්ටි කාර්යාල වාර්ථාවේ සාර්තකත්වයක් ලැබීමට  මේ දක්වාත් සමත් වී නැත . දශක කිහිපයකට කලින් අති සාර්ථක නිශ්පාදකයින් වූ මොවුන්ගේ මෝඩ ආතල් වෙනුවට සැබෑ  නිර්මානයක් එලියට දමන තෙක් බලා සිටිනා ලෝයල් ෆැන්ස්ලා සැලකිය යුතු පිරිසක්ද තවමත් සිටිති

මම විතරයි රජා - හිටපු ක්‍රියාදාම නලුවෙකු විසින් අධ්‍යක්ෂණය කර රංගනයේ යෙදෙන මෙහි ඔහු හැරුණු විට සිටින්නේ තවත් එක් රංගන ශිල්පියෙක් පමණි . අපේ චූන් චිත්‍රපටියේ නිශ්පාදකයින්ගෙන් වෙනුවුනු පිරිසක් ද මේ සඳහා අතිරේක රංගනයෙන් දායක් වුවත් ප්‍රධාන නලුවාගේ හුදකලා බාවය නිසා අසාර්ථක බාවයට පත්වී ඇත . ඔහු විසින්ම රචනා කොට භාවිතා කරන   කිසිදු පාලනයක් නැති දෙබස් කණ්ඩද චිත්‍රපටියේ අසාර්ථක භාවයට ප්‍රධානතම හේතුවක් බව විචාරකයෝ පවසා සිටියි

එදා සුරිය අද ???????????? මෙය හිටපු නිලි රැජිනක් විසින් වසර කිහිපයකට පසු තම ආගමනය සනිටුහන් කරන්නට දරනා වැයමකි . ඉතා ජනප්‍රිය නිලියකව සිට , ජනප්‍රියත්වයේ අන්තිම අඩිය දක්වා පහල බැසි ඇයට කුමන හෝ සාර්ථකත්වයක් අත් කරගන්නට ලැබේද යන්න පුරෝකථනය කිරීමට තවමත් කල් වැඩි බව විචාරක මතයයි .  කෙසෙ වුවත් කාලයක් ඇය විසින්  පරිපාලන කටයුතු කල නිශ්පාදන සමාගමේ ඇයගේ හිතවතුන් කොටසක් ඉන් ඉවත් වී ඇය සම්ඟ එකතු වේ යැයි දූශමාන ආරංචියක් පවතිනා අතර , එය දැනට වඩාත් ප්‍රභලතම නිශ්පාදන සමාගමේ බිඳ වැටීමක් වන නිසා අනෙකුත් නිශ්පාදකයින්ටද සුභාරංශියක් වනු ඇත

අපි ගෙවන්නේ නෑ - මෙය ඇරඹෙන්නේ  නිදහස් කෙටි චිත්‍රපටියක් ලෙසින් වුවත් මේ වන විට මේන්ස්ට්‍රිම්  කොමර්ශල් චිත්‍රපටියක් දක්වා වර්ධනය වී ඇත . ලබන 21 වෙනිදා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටිය  හිට් එකක්ද ෆ්ලොප් එකක්ද කියා තවමත් හරියටම කියන්නට බැරිය . නිශ්පාදකයින් රාශිකයක් එක්ව නිශ්පාදනය කලත් ප්‍රධාන  නිශ්පාදක කණ්ඩායම මින් පෙර සද්ද දමා තිරගත කල ඇතැම් චිත්‍රපට අතිශයින් අසාර්ථක වීමත් . චිත්‍රපටියේ තරඟකාරී නිශ්පාදන සමාගම් චිත්‍රපටිය ලත් තැනම ලොප් කරන්නට සියලු උත්සාහයන් දරන්නට ඉඩ තිබීමත් නිසා මෙම අවිනිශ්චිත බාවය උද්ගතව ඇත

දේශප්‍රේමීයෝ - මෙය ආශ්චර්ය ද්වීපයේ පමණක් නොව , ලෝකයේම මේ දක්වා තිරගතවූ සාර්ථකම සිනමා නිර්මාණය ලෙස හැඳින්වීමේ වරදක් නැත . 2005දී තිරගත  කිරීම් ආර්ම්භ කර 2009දී උච්ඡතම අවස්ථාවට පත්වූ මෙය තවමත්  සැලකිය යුතු ජනප්‍රසාදයක් අත්කරගෙන සිටින නිසා පෙට්ටි කාර්යාල වාර්ථා ගණනය කරන්නේ මේම චිත්‍රපටියට  අතැරය. චිත්‍රපටියේ අධ්‍යක්ෂනය ,  නිශ්පාදනය සහ රංගනය ඇතුලු සැහෙන අංශප්‍රමාණයකට ශිල්පිය දායකත්වය එකම පවුලේ සාමාජිකයින්ගෙන් ලැබී තිබීම සුවිශේය. මෙය කලින්  සඳහන් කර ඇති ප්‍රභලතම සිනමා නිශ්පාදන සමාගමේ සාර්ථකත්යේ රහස ලෙසද  හැඳින්විය හැක

Comments

  1. නැවක් එනකන් නොහොත් මාලු බාන්නන්ගේ කථා වස්තුව ...
    හික්...! හික්..! නියම කෑල්ල

    ReplyDelete
  2. ෂිඃ එග්සෑම් අස්සේ ෆිල්ම් ෆෙස්ටිවල් එකක්ම මිස්වෙලා වගේ.

    ReplyDelete
  3. ප්ලෙන් එනකම් නොහොත් සකලයන් හඹන්නන්ගේ කථා වස්තුව :D මේකේ ප්‍රවර්දකයෝ නම් පට්ට......සුපිරියට රෙදි නැතුව මල්ල අරන් කඩේ යනවා.......

    ReplyDelete
  4. මේ චිත්‍රපටියේ නිල අන්තර්ජාල ප්‍රවර්ධකයින් ලෙස . සමකය වටේ , ඇවිද්ද පය සහ මාරයා යන අය තෝරා පත් කරගෙන තිබුනි
    welsaid

    ReplyDelete
  5. මම නම් ආසම එක - මට මතක නෑ
    දැන් අවුරුදු එකහමාරක් වෙලත් නොකඩවා අති සාර්ථක ලෙස තිරගත වනවා පෙට්ටි කාර්යාල කුඩූ, අන්තීමට ප්‍රධාන නිලියගේ බොක්ස් එකත් කඩලා දායිද දන්නෙ නෑ. මේ ලව් ඉස්ටෝරි එක අනෙක් ඒවට වඩා වෙනස්... කොහොමත්..
    "අපේ රටේ මිනිස්සු, අනිත් රටවල මිනිස්සුන්ට වඩා වෙනස්නේ"
    අර කල්‍යාණි ගංගාට පෙම්කල දුටුගැමුණු සෝ එක ගැනත් විචාරයක් ලිව්ව නම් තමා හොඳ,,,,, ගැලවිලා ගියාට ඒකේ දවන කොටස තිරගත වෙන්න ළඟයි වගේ....
    මකුළු දැල් කඩලා පේන්ට් කරාට බොහෝම ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ඒ බොක්ස් එකේ නම් ගන්න කඩන්න දෙයක් නැතුව ඇති. තව ටික දවසකින් ප්‍රදාන නලුව එක්ක එකට රඟපෑවත් මේ ප්‍රෙක්ශක ජනතාව පුදුම වෙන්නෙ නෑ කියල ශුවර්

      Delete
  6. හොලිවුඩ්>>>>බොලිවුඩ්>>>>කොලිවුඩ්

    ආශ්චර්යද්වීපයේ තියෙන්නෙ "සොරිවුඩ්"

    ReplyDelete
  7. මගෙනම් ආසම එක කවදත් එක දේශප්‍රේමියෝ.....
    අන්න පික්චෝර්....කවදත් යවත්කලිනයි....

    ReplyDelete
  8. ///හොඳ අන්කලුයි නරක ඇන්ටියි // මං හිතං හිටියේ සාජන් නල්ලතම්බි එකේ අලුත් වර්ශන් එක කියලා මේක... හි හි..

    බුවාට මොකද අප්පා වෙලා තිබ්බේ පහුගිය ටිකේ.. ෆිල්ම් බල බල හිටියද....

    ReplyDelete
  9. හෙක් හෙක් ආයෙම ආයෙම බලන්න වටින පිචෑර් ටික. මෙන්න විසිල් පාර

    ReplyDelete
  10. මේ 'පිචෑර්' වල අපි දන්නෙම නැතුව පොඩි පොඩි කෑලි වලට අපිත් වැටිලා ඉන්නවා. කාටද ආඩම්බර.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  11. හොඳ උපහාසාත්මක ලිපියක් මම නම් කැමතිම චිත්‍ර පටිය "මට මතක නැහැ" ඒකෙ ඇක්ටර් තමයි මෙතුවක් කාලෙට ලෝකෙට බිහිවුන දක්ෂතම නළුවා.

    ReplyDelete
  12. අනිත් දේවල් ගැන ආයෙත් දේවල් කියන්න දෙයක් නෑ. ඒත් 'අපි ගෙවන්නේ නෑ' හි සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට මට කියන්න තියෙන්නේ, මීට සම්බන්ධ අය යම් යම් ව්‍යාපාරවලට සහයෝගය දක්වපු පිරිසක් වුනාට ඒවායේ සංවිධායකයන් නොවුන බවයි.

    ඒ වගේම බොහොම වගකීමෙන් මම කියනවා මේ පිටුපස ප්‍රධාන ධාරාවේ කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන ව්‍යාපරයක් නොමැතිබව.

    මේ ප්‍රයත්නය තුළ අඩුපාඩු තියෙන්න පුළුවන්. අත්දැකීම් අවම වීම මිට හේතුව වෙන්නත් පුළුවන්. නමුත් ගේ ඇතුලේ ආණ්ඩුවට විරෝධය දක්වා එතනින් සතියකට පසු ආණ්ඩුවේ අමන වැඩවලින් සිදුවෙච්ච පාඩුව දරා ගැනීමෙන් එහාට යමක් සිද්ධ කරන්නයි අපිට අවශ්‍ය වුනේ. මේ දේ සයිබරය තුළ පමණක් සිද්ධ වෙන 'කී බෝඩ් විප්ලවයක්' විදිහට අර්ථකතනය කළ අයට බොහොම හොද පිළිතුරු මේ වෙනකොට දෙන්නත් අපිට පුළුවන් වුනා. ඒ වගේම සමාජ මතයට සුළු හෝ බලපෑමක් එල්ල කරන්න මෙයින් නොහැකිවුනා යැයි පවසනවානම් එය හුදෙක් ද්වේෂ සහගත ප්‍රකාශයක් විතරයි.

    අපිට ආණ්ඩු පෙරලන්න බෑ. අපි අපි ගැන නිවැරදි තක්සේරුවක ඉන්නේ. ඒත් මේ පුංචි පියවර හැමදාමත් පුංචි වෙන එකක් නෑ. ඒ වගෙම ඒ පිටිපස්සේ ව්‍යාපාරික අරමුණු නෑ.

    මේ ගැන බොහොම වගකීමෙන් කියන්නේ.

    බුවා සමාවෙන්න - 'අපි ගෙවන්නේ නෑ' පේජ් එකට ලිංක් එක මෙතන දාන්න ඉඩ දෙන්න.

    https://www.facebook.com/apigewannene

    ReplyDelete
  13. අනේ බුවා මේ වෙන දේවල්වල හැටියට කවුරුහරි "දෙවියනි ඔබ කොහිද" චිත්‍රපටියත් අයෙත් හැදුවනම් හොඳයි .

    ReplyDelete
  14. බුවාව දැක්කේ සෑහෙන කාලෙකින්නේ.... තැංකුමචං

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න සිලිදු මත්තලින් ගොඩ බැහැලා.

      Delete
  15. බොක්ස් ඔෆීස් වාර්තා තැබූ “මීට කලින් මාව දැකල නැද්ද?“

    ReplyDelete
  16. මෙවැනි දැවැන්ත සිනමා නිර්මාණ නොමිලේ නරඹන්න තරම් අපි භාග්‍යවන්තයෝ වී ඇත :D

    ReplyDelete
  17. බුවා ගොඩ දවසකින්.
    සොරිවුඩ් සිනමා උළෙල නියමයි. ඕකට තව දාන්න පුළුවන් බොදු සිනමා සමාගමේ ‘අහිංසා ගිණි පූජා‘ චිත්‍රපටිය ගැනත්...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව