Skip to main content

ආශ්චර්යයේ අන්තර්ජාල මලගම - 512kbps පැකේජයටත් FUP

අපේ රට හෝ ගාල ආසියාවෙ ආශ්චර්යය බවට පත්වේගන යනව කියලනෙ අපෙ ඇමතිවරු කියන්නෙ . (හරි ශෝක් ) ඉතින් මේ ආශ්චර්යයෙ තවත් ලස්සන වැඩක් මම අද දැක්ක . තොරතුරු තාක්ෂණය පාදක කරගත් සංවර්ධනයක සැලසුම් හදන රටක, ජනාධිපති තුමා පවා එහෙම කියල තියන වෙලාවක අපේ රටෙ අන්තර්ජාල සේවා සපයන්නොත් ඔන්න ඒකට දායක වෙන්න හදනව .මේ තියෙන්නෙ එකේ ඒ ගැන සඳහන් වෙලා තියන ආකාරය

"TRCSL has received proposals from two fixed broadband operators to introduce FUP (Fair Usage Policy) on their unlimited broadband services together with supportive reasons. TRCSL has gathered usage details i.e. data consumption patterns, of the subscribers who use unlimited services for a variety of purposes.

TRCSL is now in the process of reviewing ISPs proposals to introduce FUP in unlimited broadband services. No approval has so far been given to any of the operators to introduce FUP onto their existing unlimited broadband services. The broadband operators are not allowed to apply FUP or any similar traffic throttling mechanism on subscriber services without obtaining prior approval from the TRCSL. "

(from TRC SL web Site )

 
ඔන්න අපේ රටේ ස්ථාවර අන්තර්ජාල සේවා සපයන උනුත් FUP එකක් ඉල්ලලා. තාම අනුමත වෙලා නොතිබුනත් පහු ගිය දවස් ටිකේ එක්තරා සමාගමක් අපේ අන්තර්ජාල සබඳතා හොඳටම slow  කරපු බව කට්ටිය අත් දකින්න ඇති නේ , ඉතින් ඒ සමාගමත් ඒ කියන්නෙ ලංකාවෙ අන්තර්ජාල පහසුකම් දෙන ප්‍රධානතම කෙනත් FUP ඉල්ලලයි තියෙන්නේ කියල අපිට හිතන්න පුලුවන් .

අපේ රටෙ අන්තර්ජාල වේගය කවුරුත් දන්නවනෙ ඉතින් 512kbps නැත්නම් 1Mbps නෙ උපරිමය  . ඔන්න ඔය මහලොකු වේගයෙන් , අපේ රටේ අය බාගත කරන දත්ත ප්‍රමාණය කොම්පැනි කාරයින්ට දරාගන්න බැරි තරම් ලොකුයි ලු , ඒ වගේම දැන්ට FUP දාල තියන Mobile Broadband කට්ටිය කියන්නේ වඩා හොඳ සේවාවක් දෙන්න ලු මෙහෙම කරන්නෙ (අනෙ මගෙ ...). 

ඉතින් අපි ආශ්චර්යෙට යන ගමනෙදි ගොඩක් ආදර්ශ ගන්න ( ඔය ජේෂ්ට ඇමතිල පත්කරත්දි එහෙමත් ආදර්ශයට ගත්ත ) සිංගප්පූරුවෙ අන්තර්ජාල තත්වය පොඩ්ඩක් බලමු


මේ තියෙන්නෙ සිංගප්පුරුවෙ එක ISP කෙනෙක් හා විස්තර. මම මොකුත් කියන්නෙ නැ ගිහිල්ලම බලන්න 


http://www.starhub.com/broadband/onthemove.html

http://www.starhub.com/broadband/athome.html 

මොකද හිතෙන්නෙ තොරතුරු තාක්ෂනය අතින් ආශ්චර්යය පේනව පේනව වගෙ නෙ . අපේ කාලකන්නින්ට 512kbps දීලත් නඩත්තු කර ගන්න බැ කියල FUP ඉල්ලනව නම් .ජංගමව 21Mbps ගෘහස්ථව 100Mbps ගැන කවර කතාද  


මම මෙහෙම කිව්වාම කෙනෙක් කියයි සිංගප්පූරව කියන්නෙ ලෝකයේ හොඳම අන්තර්ජාල පහසුකම් තියන රටක් ඕකත් එක්ක සංසන්දනය කරල වැඩක් නැතෙයි කියල . 

හරි අපි එහෙම නම් ඉන්දියාව අරන් බලමු .අන්තර්ජාල ය ගැන ඉන්දීයාව ගොඩක් පහලින් ඉන්න රටක් .
මේ මෑතක් වෙනකන් 256kbps ටත් broadband කිව්ව රටක් , සමාගම් ගොඩකට HSPA  බලපත්‍ර ලැබුනෙ ගිය අවුද්දෙ.

ඒත් ඒ අයගෙ Internet Packages දිහා බැලුවාම සැහෙන දුරකට සාධාරනයි කියල කියන්න පුලුවන් .මේ උදාහරනය රිලායන්ස් සමාගමෙන් විස්තර ගිල්ල බලන්න .


http://www.rcom.co.in/Rcom/personal/internet/wired_postpaidplans.html 

http://www.rcom.co.in/Rcom/personal/internet/postpaidcombo.html 

මේ තියෙන්නෙ අදාල සමාගමේ ස්ථාවර අන්තර්ජාල ගාස්තු. ඔය දෙවනි සබැඳියෙ තියන රු 749  Plan  එක ගැන හිතල බලන්න . සැහෙන තරම් දුරට සාධාරනයි කියල කියන්න පුලුවන් .

ඉන්දියාවෙ අනික් සමාගම් වල FUP තියනව . ඒව බලන්න කලින් අපේ අය ඉල්ලන්  FUP එක මොන වගෙද කියල හිතාගන්න පුලුවන් . මොකද ටෙක්කතාවල කාලිංග සහෝදරය කිව්ව විදිහට පහුගිය දවස් වල අර අන්තර්ජාල වේග සීමා කරල තිබුනෙ  Usage 35 GB ට වඩා වැඩි අයගෙ . ඒ කියන්නෙ ඒ අය බලාපොරොත්තු වන FUP එකත් ඒ වගෙ සීමාවක් . දැන් ආයෙත් ඉන්දියාවෙ FUP  වලට හැරෙමු 


http://www.tataindicombroadband.in/tariffs_business.html

ඔය තියෙන්නෙ ටාටා සමාගම .ලංකාවට වඩා. ගාස්තුව මදක් වැඩි උනත් ආස්න්න වශෙයෙන් 500kbps ට නැත්නම් 512kbps ට් අදාල FUP සිමාව 80GB (35*2+10) .ඒ වගේම වියදම් කරන්න පුලුවන් කෙනෙකුට 1 Mbps 150GB දක්වා ගන්න පුලුවන් 


ඒ වගේම මිල ඉතා අධික උනත් 100Mbps වේගයත් ඒ ගොල්ල සතුව තියනව . ඒ කියන්නෙ ඉදිරියට තාක්ෂනය ව්‍යාප්ත වෙනකොට සාධාරන මිල ගානක් දක්වා පැමිණීමෙ ඉඩ කඩක් තියනව .


ඊලඟට මේ තියෙන්නෙ පකිස්ථානය 


http://www.ptcl.com.pk/related_pages.php?pd_id=111&rp_id=28 

(කියවල බලන්න )
-----------------------------------------------------------------------------------------------------------
ඒත දකුණු ආසියාවෙ මුලින්ම අන්තර්ජාල තාක්ෂනයන් හඳුන්වල දීපු රටෙ තත්වෙ මොකක්ද ?. හඳුන්වාදීපු වෙගයන් වැඩිවෙලා තියනවද ? දශමයක් වත් ඉස්සරහට යන්නෙ නැතුව අපස්සට නේද මේ යන්නෙ ? ලෝකෙ අනික් රට වලට අයට පුලුවන් දේ මුන්ට විතරක් බැරි මොකද ?රජය මේ දේවල් වලට ඉඩ දෙනවාද ?  
පි මේ ගැන මොකුත් නොකර බලන් ඉන්නවාද ?

මම හිතනව අපි පුලුවන් තරමින් යමක් කරන්න ඕනි කියල . යම් විදිහකින්  TRC ය FUP එකට අනුමැතිය දුන්නොත් TRC එකට හා සමාගම් වලට Email විරෝධතාවයක් හරි  දක්වන්න සියලුම අන්තර්ජාල පාරිභෝගිකයින්ට් පුලුවන් නම් ඉතාම හොඳයි කියලයි මම හිතන්නෙ . මොකද අද ලෝකයා 1Gbps ගැන කතා කරන කොට අපි අඩු තරමින් 10Mbps වත් යන්නෙ නැතුව 512Kbps ටත් FUP දානව කියන්නෙ නම් මුලු රටටම මහම මහ ලැජ්ජාවක් . 
 
ලෝකය පුරා අන්තර්ජාල Packages ගැන විස්තරයක් එක්ක කාට හරි ජනාධිපතිවරායාව දැනුවත් කරන්න පුලුවන් නම් මේ වගෙ කොම්පැනිකාරයන්ගෙ වාසියට වැඩ කටයුත් සිද්ධ වෙන එක නතර කර ගන්න පුලුවන් වෙයි  .(ඇමතිල නහුතයක් හිටියත් ඕනිම වැඩකට තියන අන්තිම තුරුම්පුව ඒකනෙ )

Comments

  1. හිකි හිකි,ගනං ගන්න එපා.මේක ලංකාවනේ!
    හැමදාම ඉතිං රට පෙරට අපි වලට.අනේ නොදකිං මේ කාලකණ්නි රැල හදන්නම බෑ බං.1+1=2යි කිව්වට අහන්නෑ.3මයි කියන්නේ!

    ReplyDelete
  2. ela ma ela bro kathawa

    ReplyDelete
  3. @karesblogකියල වැඩක් නැ බන් ...ඒත් නොකිය ඉන්නත් බැ
    @මෝල්ඩර් ෆයිල්ස් Thanks

    ReplyDelete
  4. 100% ඇත්ත කතාවක්. ලංකාවේ Broadband ගැන කතා කරන්නත් ලැජ්ජයි. මහ ලොකු සමාගමක් වෙලත් කරන්නෙ ලදරු වැඩ.

    ReplyDelete
  5. @ano ඇත්තටම එක සමාගමක් ඇරුණාම Broadband දෙන සමාගම් ඔක්කොම ජාත්‍යන්තර සමාගම් වල අනුබද්ද ඒව . ඒත් වැඩ නම් දෙකයි පනහේ ඒව . ඕකට හේතුව නිසි පරිපාලනයක් නැහැ උන්ට ඕනි ඒව කරන්න ඉඩ දෙනව ,

    ReplyDelete
  6. ආන් මන්දා බං බුවා... mobile broadband එකේ පට්ට ස්පීඩ් එකෙන් ඉන්ටර්නෙට් යන එවුන්ට හරි නම් ඔය කොම්පැනි මල් තියලා වඳින්න ඔනෙ බං. ඒ අතින් අපි ඉන්ටර්නෙට් යන්නේ නොයා බැරි කමට කිව්වැකි. ලංකාවේ උපන්න එක වාසනාවක් වුනත් ඔය වගේ සබ්ජෙක්ට් වලට නම් හිතෙන්නේ වෙන කොහේ හරි උපන්නනම් හොඳයි කියලා.

    ReplyDelete
  7. මගේ කනෙක්ෂන් එකටත් මුන් දැන්මම මේටික කරල තියෙන්නෙ මේකට මොකද්ද කරන්න පුලුවන් කියල කව්රුවත් දන්නවද උන්ගෙන් ඇහුවම කියන්න TRC එකෙන් කියපු නිසා කරනව කියල

    ReplyDelete
  8. @siraඅමූලික බොරු.TRC එක පැහැදිලව කියල තියනව තාම කාටවත් එහෙම අවසරයක් දීල නැහැ කියල.TRC එකට කතා කරල පැමිණිලි කරන්න . මටත් ඔය වැඩෙ තිබුන Customer Care කතා කරල පැමිනිල්ලක් දැම්ම දැන් හරි

    @චතු ඇත්ත කථාව

    ReplyDelete
  9. මේ ගැන එලකිරි එකේ ත්‍රෙඩ් එකක මම දැක්කා. TRC එක e-mail ගණන් ගන්නෙ නෑ;ඒ හින්දා අත්සන සහිත ලියුමක් හෝ ෆැක්ස් එකක් යවන්න කියලා. (ලියුමක ආකෘතියකුත් දාලා තියෙනවා)

    මෙන්න ඒ ලින්ක් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1049138

    ReplyDelete
  10. @buwa
    Customer Care කිව්වෙ SLT Customer Care එකද එකටනම් කතාකරන්න හිතෙන්නෙත් නැහැ නිකම් ලේ පිච්චෙන එකවිතරයි වෙන්නෙ වයර්මාරු වෙච්ච ගැනුටිකක් අපෙත් වයර් මාරු කරනව

    ReplyDelete
  11. @sire SLT තමයි .මට නම් අවුලක් නැහැ පැමිනිල්ලක් දාන්නම් කිව්ව දවසක් යනකොට වැඩෙ හරි . පැමිනිල්ල නිසාද වෙන මොකක් හරි නිසාද නම් දන්නෙ නැහැ

    ReplyDelete
  12. @ජීවන්තබොහොම ස්තුතියි සබැඳියට මේ ගැන අයෙමත් ලියන්න කරුණු එකතු උනා ඒක කියෙව්වාම

    ReplyDelete
  13. එල කොල්ලො. මෙවා යන්න ඔනේ රට කරවන උන් අතට. අපිට මොනද කරන්න පුලුවන්. හැමදාම වගේ හුල්ලන එක විතරයි. ජිවිතේ බරයි වියදම සැරයි.. කවද මේවා නවතිද?

    ReplyDelete
  14. මම වැඩකරන්නේ ඉන්දියාවේ මුම්බායි වල. මෙහෙ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් දෙන්නේ රිලයන්ස්(Rcom) හා ටාටා ෆෝටෝන්. ස්පීඩ් එක හොඳයි හැබැයි CDMA. ඒවගේම මැක්ස් 100-150kbps තමයි එන්නේ. ඒවගේම තවම මෙහෙ 3G නෑ. නියම බ්‍රෝඩ්බෑන්ඩ් ගන්න නම් MTNL* ගන්න ඕනා. ඒයාලා නම් 2mbps වගේ දෙනවා. ලංකාවට වඩා ගණන් සාධාරණයි, අපේ එවුන් වගේ කස්ටමර්ව මරාගෙන කන ප්‍රතිපත්තියක් මෙහෙ නෑ.

    ඒවගේම පත්තර කාරයෝ බය නෑ, දැන්වීම් වලට වහල්වෙලා ඉන්නේ නෑ, කියන්න තියෙන දේ කියනවා.ඒ නිසා මෙහෙ කොම්පැනිකාරයෝ පත්තර වලට බයේ හරි සාධාරණව වැඩ කරනවා.

    ඉන්දියාවෙ ලොකුම කෝටිපතියෙක් වුනු අනිල් අම්බානිගේ රියන්ස් ගෲප් එක පතුරුගහලා ඒකේ හොරකම් එලිපිට දාපු ලිපියක් ගිය සතියේ ව්‍යාපාරික සඟරාවක පලවුනා.

    සඟරාවයි, ලියපු එකයි, එඩිටරුයි තාම යහතින් ඉන්නවා කිසි අවුලක් නෑ. ලංකාවෙ හැරී ජයවර්ධන හරි සුමල් පෙරේරා ගැන හරි ඔහොම ලිපියක් ලිව්වානම් කොහොමද?

    සඟරාවේ මුල් පිටු කවරය මේ ලින්ක් එකෙන් බලන්න >

    https://lh3.googleusercontent.com/-hWUix-MpiRw/TWnKWK4xn0I/AAAAAAAAAWw/oqZWjlImf9Y/s1600/olb_cover_20110219.jpg

    ලිපියේ අන්තර්ජාල පිටපත මෙතනින් කියවන්න..>

    http://business.outlookindia.com/article.aspx?270573

    * MTNL= fixed line operator

    ReplyDelete
  15. @Kandula (කණ්ඩුල)-බොහොම ස්තුතියි සහෝදරය තොරතුරු වලට , 100 -150KBPS නෙවෙයිද ?(kbps නම් ගොඩක් slow නේ ).

    ඔය මම දීල තියන Link වල speeds දෙන්නේ නැද්ද මචන් ,ඔය ටාටා ල දාල තියෙනෙ 10mbps හිටන්

    3G Licences දුන්නෙත් ලඟදි නෙද?

    මුම්බයි වලටවත් තාම 3G නැද්ද මම දැක්ක Reliance 3G දැන්වීම් යනව world cup match අස්සෙ .

    ඉන්දියාවෙ මාධ්‍ය ව්ලට තියන නිර්භය කම අපෙ මධ්‍ය වලට නැනෙ මචන්, දේශපාලුවන්ටයි කොම්පැනි කාරයින්ටයි කඩේ යන එක විතරයි , මහජනය ගැන හිතිල්ලක් නැහැ (කලාකාරයොත් එහෙම තමා)

    ReplyDelete
  16. unlimited පැකේජ් වලට, fair usage policy දාන එක අන්තිම පහත් ‍රැවටීමක්.

    unlimited දෙන්න බැරි නං, නොදී, මෙන්න මෙච්චරයි දෙන්න පුළුවන් කියලා ඒ ටික දෙන්න ඕන. මුන් හදන්නෙ, unlimited ප්‍රචාරය කියලා, ඊට පස්සෙ නීති දානවා, දවසට උපරිම මෙච්චරයි, මාසෙට උපරිම මෙච්චරයි කියලා. එහෙම නීති දාන්න ඕන නං, unlimited නොකිය, "දවසට උපරිම මෙච්චරයි" කියලා පැකේජ් එක විකුණුවම ඉවරයි නෙ.

    පිට රට වල මේ සෙල්ලම බහුලව කරනවා. ඒ වුනයි කියලා ඔය වාගේ ප්‍රොඩා අපේ රටට අවෂ්‍ය නැහැ. හොඳ දේ මිසක්, ගන්නං වාලෙ හැම කුණු ජරාවක්ම ගන්න ඕන නැහැ නෙ.

    unlimited දෙන්න පුළුවන් නං එහෙම දෙන්න.
    බැරි නං, unlimited කියල ලේබල ගහලා, ඊට පස්සෙ වෙන වෙන fup දාල limit කරන්නෙ නැතුව, ලිමිට් එක කියලා විකුණන්න.

    නැත්තං ඕකෙන් වෙන්නෙ, unlimited පැකේජ් වලට අසාධාරන fup කොන්දේසි දානව, "දවසට උපරිම 200MB, ඊට පස්සෙ වේගෙ බාල කරනවා" වගේ. කෙනෙක් වැඩිපුර ගෙවලා unlimited ගන්නෙ unlimited ඕන නිසා නෙ. unlimited දෙන්න බැරි නං නොදී ඉන්න. නීතියක් නෑනෙ unlimited දෙන්නම ඕන කියලා.

    ReplyDelete
  17. ඔය දේවල් වලට රජය මැදිහත් වෙන්න ඕනි, ඒකටනෙ ආණ්ඩුවක් පත් කරගෙන තියෙන්නෙ . නැතුව කොම්පැනිකාරයින්ට ඕනි විදිහ්ට වැඩ කරන්න දෙන්න නෙවෙයි නෙ .

    මාත් කියන්නෙ Unlimited නම් FUP less UNLIMITED තමයි හරිම ක්‍රමය මොකද unlimited වලත් යන්න පුලුවන් සීමාවත් තියනවනෙ ,

    ඉතින් ඒ ප්‍රමාණය දරාගන්න බැරි නම් නොදී ඉන්න ඕනි පස්සෙ වෙනස් කරන්නෙ නැතුව . හරියට Customer protection තියන රටක නම් මේවා මේ විදිහ්ට කරන්න ද්න්නෙ නැහැ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව