Skip to main content

වාසුදේව ඇමති සහෝදරයාගේ පීඩිත පන්තියේ "බිත්තර"

වාසුදේව නානායක්කාර ඇමතිතුමා ආහ්..සමාවෙන්න ඇමති සහෝදරයා කියන්නේ දුප්පත් මිනිහ එක්ක හිටපු, පීඩිත පන්තියේ ජනතාවගේ අයිතිවාසිකම්, දුක ගැන කතාකරපු මානව හිතවාදියෙක්ය කියලනෙ කියන්නේ . තමන්ගෙ ඡන්දේ අරගෙන කලින් වතාවක කරපු චක්ගුඩු පැනිල්ලත් අමතක කරල
, රතනපුරේ නිදහස් පාක්ෂිකයො මෙතුමව ආයිත් පාරක් පාර්ලිමෙන්තුවට එව්වෙත් ඒ නිසාමයිලුනෙ  .

ප්‍රජන්ත්‍රන්වාදයට ඉතාම අහිතකරයි කියල එතුමන්ලාම කියන 18 වෙනි සංශෝධනයට විරුද්ධත්වය පලකීරිමක් වශයෙන් "පක්ෂව චන්දය් " ලබාදීලා දේශපාලන ඉතිහාසයේ අලුත්ම පිටුවක් පෙරලුවෙත් වැඩි කලයකට කලින් නෙවෙයි නේ . ඒ විතරක්යැ මුලු ආමාථ්‍ය මණ්ඩලේටම ඉන්න එකම " ඇමති සහෝදරයත්" මෙතුමා විතරයිනෙ . ඉතින් මේ සුවිශේශ අමාත්‍ය සහෝදරය අපූරු හෙලි කිරීමක කරල තියනවා . ඒ අපේ රටෙ දුප්පත් ,පීඩිත ජනතාවගේ ප්‍රධානතම ආහාරය උන බිත්තර ගැන

නිලන්ත මදුරාවල මහත්තය එක්ක දිවයින පත්තරේ සාකච්චාවකට එකතු වෙලා තමයි මේ ගැන කියන්නේ මේ තියෙන්නේ උපුට ගත්ත කොටස

" ප්‍රශ්නය - අන් කවරදාකටත් වඩා අද ජීවන වියදම අහස උසට නැගලා නේද?

පිළිතුර - ජීවන වියදම ඉහළ ගොස්‌ තිබෙනවා. ජීවන වියදම ඉහළ යන්න විවිධ හේතු සාධක බලපෑවා. ජල ගැලීම් නිසා අස්‌වනු විශාල වශයෙන් විනාශ වුණා. සාමාන්‍යයෙන් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියන මාසවලද පොල් මිල වැඩිවෙනවා. මිල වැඩි වෙන්නෙ ඵලදාව අඩු වන නිසා. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විධියට වැඩ කරන්න මේ ආණ්‌ඩුවෙන් ඉඩක්‌ නැහැ. ඒ නිසයි අධික ලෙස ඉහළ ගිය බිත්තර මිල අඩු කරන්න ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළේ. සීඝ්‍රයෙන් ඉහළ යන පොල් මිල පාලනය කරන්න ඉන්දියාවෙන් පොල් ආනයනය කිරීමට තීරණය කළේ. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් කවදාවත් මේ වගේ ක්‍රියාමාර්ග අපේක්‍ෂා කරන්න බැහැ. එක්‌සත් ජාතික පක්‍ෂය හැම වෙලාවෙම කල්පනා කරන්නෙ ව්‍යාපාරිකයන්ගෙ පැත්තෙන්. නමුත් මේ ආණ්‌ඩුව කල්පනා කරන්නෙ ජනතාවගෙ පැත්තෙන්.

ප්‍රශ්නය - එක්‌තරා කාලයකදී ජීවන වියදම ඉහළ ගිය හැම වෙලාවෙම ඔබ ජනතාව සමඟ පාරට බැස්‌සා. නමුත් අද ඔබ විවිධ හේතු ඉදිරිපත් කරමින් ජීවන වියදම ඉහළ යැම සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. අද ඉන්නෙ එදා සිටි වාසුදේව සහෝදරයා නෙවෙයිද?

පිළිතුර - ජීවන වියදම ඉහළ යැමට විරුද්ධව අද කව්ද විරෝධය පළකරන්න පාරට බැහැලා ඉන්නෙ. ජනතාව පාරට බැහැලද? නෑ. ඇයි ඒ....? මේ ආණ්‌ඩුව ජීවන වියදම අඩු කරන්න විවිධ ක්‍රියාමාර්ග ගත්ත බව ජනතාව දන්නවා. ඒ ක්‍රියාමාර්ගයක්‌ හැටියට තමයි බිත්තර ආනයනය කළේ. ඒ ක්‍රියාමාර්ගයෙන් පස්‌සෙ බිත්තර මිල පාලනය වූ හැටි ඔවුන් දන්නවා. ජීවන වියදම ඉහළ යද්දී ආණ්‌ඩුව කිසිම පියවරකට නොයනවා නම් ජනතාව පාරට බැසිය යුතුයි. එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව සමයේ සිද්ධවුණේ ඒක. අපිත් එදා ජනතාව සමඟ පාරට බැස්‌සා. නමුත් අද එවැනි අවශ්‍යතාවක්‌ මා දකින්නේ නැහැ. "


සම්පූර්න ලිපිය මෙතනින් බලන්න පුලුවන්


අපේ පීඩිත පන්තියෙ විරුවට අනුව නම් මිල වැඩි උනෙ බිත්තර වල , පොල්වල විතරයි ඒකත් ඉතින් කේරලෙන් ගෙන්නල ලාබෙට දෙන නිසා ජනතාවට ගානක්වත් නැහැ .ඒක නිසයි ජනතාව පාරට බහින්නෙ නැත්තේ , අනේ ඒ නිසා එතුමත් ශේප් එකේ ඉන්නවා ලු .මාස කිහිපයකට කලින් රු 6 ට7ට තිබුන බිත්තරේ කේරලෙන්ම ගෙනල්ලත් රු 12ට දෙන එක එතුමාට අනුව නම් මාර ජනතාවාදි වැඩක්


එතුමා කියන විදිහට එතුමන්ලාට පුත්තලමෙ නාම යෝජනා දීල නැහැ. අපරාදේ අපේ මෛත්‍රිපාල මහත්තයා ගැලපෙන අයට ගැලපෙන තැන නාම යෝජනා දීල නැතෙයි කියල  උනත් කෙනෙක් කියන්න ඉඩ තියනව ඕං! අනෙ අපි නං ඕවට නැහැ

 

Comments

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක අවශ්‍යතාවය

රජය විසින් ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත සහ ඊට විරෝධය පල කරනා  විශ්ව විද්‍යාල සිසුන් මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ . දශක  තුනකටත් එහා ගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ වැයමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ආදාල පනත හැඳින්විය හැක . එම පනනේ සංයුතිය හා අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා කිරීමට මත්තෙන් සුපුරුදු පෞද්ගලික විශ්ව විද්‍යාල "යහපත්ද -අයහපත්ද " යන විවාදය පිලිබඳ යමක් සටහන් කල යුතුය . උක්ත විවාදය කෙලවරක් නොමැතිව දිවෙන්නක් වුවත් ඒ පිලිබඳ මාගේ පැහැදිලි අදහස ඉදිරිපත් කර තැබීම වැදගත්ය . පෞද්ගලික විශ්ව විද්‍යාල සහ/හෝ  මුදලට රාජ්‍ය අංශය විසින් සපයන උසස් අධ්‍යාපනය යන සංකල්පය මා සම්පූර්නයෙන්ම එකඟය . එනිසා පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරෝධය පලකරන්නන්ගේ සමහරක්  තර්කයන්ට පිලිතුරු සැපයීම මාගේ ස්ථාවරයට හේතුන් පාඨකයාට අවබෝධ වීමෙහිලා උපකාරි වනු ඇත . දුප්පත් සිසුනට සිදු කරනා අසාධාරණයක් - යම් පිරිසකට අසාධාරණයක් සිදුවන බව සැබැය . නමුත් වර්ථමානයේ පවතින්නාවු ක්‍රමය තුලද තත්වය ඒසේමය . දිස්ත්‍රික් පදනම නිසා විභාගයේදී වැඩි දක්ෂතාවයන් දැක්වූ සිසුනට  බලාපොරොත්තු වන...