රජය විසින් ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත සහ ඊට විරෝධය පල කරනා විශ්ව විද්‍යාල සිසුන් මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ . දශක තුනකටත් එහා ගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ වැයමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ආදාල පනත හැඳින්විය හැක . එම පනනේ සංයුතිය හා අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා කිරීමට මත්තෙන් සුපුරුදු පෞද්ගලික විශ්ව විද්‍යාල "යහපත්ද -අයහපත්ද " යන විවාදය පිලිබඳ යමක් සටහන් කල යුතුය . උක්ත විවාදය කෙලවරක් නොමැතිව දිවෙන්නක් වුවත් ඒ පිලිබඳ මාගේ පැහැදිලි අදහස ඉදිරිපත් කර තැබීම වැදගත්ය . පෞද්ගලික විශ්ව විද්‍යාල සහ/හෝ මුදලට රාජ්‍ය අංශය විසින් සපයන උසස් අධ්‍යාපනය යන සංකල්පය මා සම්පූර්නයෙන්ම එකඟය . එනිසා පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරෝධය පලකරන්නන්ගේ සමහරක් තර්කයන්ට පිලිතුරු සැපයීම මාගේ ස්ථාවරයට හේතුන් පාඨකයාට අවබෝධ වීමෙහිලා උපකාරි වනු ඇත .
දුප්පත් සිසුනට සිදු කරනා අසාධාරණයක් - යම් පිරිසකට අසාධාරණයක් සිදුවන බව සැබැය . නමුත් වර්ථමානයේ පවතින්නාවු ක්‍රමය තුලද තත්වය ඒසේමය . දිස්ත්‍රික් පදනම නිසා විභාගයේදී වැඩි දක්ෂතාවයන් දැක්වූ සිසුනට බලාපොරොත්තු වන පාඨමාලා වලට ඇතුලත් වීමේ හැකියාව වැලකී යාම , උසස් පෙල සාමාර්ථය විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසු කමක් ලෙස සැලකුවත් ( ලංකාවේ මෙන්ම ලෝකය පුරාමත් ) උසස් පෙල සමත් වන බහුතරයකට විශ්ව විද්යාල වරම් අහිමි වීම යන අසාධාරණයන් වර්ථමානයෙත් දක්නට ඇත .කිසිදු පාර්ශවයකට අසාධාරණයක් නොවෙනා ක්‍රියාමාර්ගයන් ලොව ප්‍රායෝගික නැත . නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක් හරහා ඔය කියනා අසාධාරණයන් යම් තාක් දුරකට අඩු කිරීමේ හැකියාවක් ඇත (පසුවට කථා කරමු )
ශ්‍රි ලංකාවේ තවමත් පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා සූදානම් නොමැත - මේ තර්කය ගෙන එන්නන් මතු කරනා කාරනය වන්නේ ශ්‍රි ලංකාවේ බහුතරයක් ජනතාවගේ ආදයාම් තත්වය තුල උසස් අධ්‍යාපනයේ බර පැන දැරිය නොහැකි බවය . එනිසා ශ්‍රි ලංකාවට තවමත් පෞද්ගලික විශ්ව විද්‍යාලයන් නොගැලපෙනා බවය . ලෝකයේ බහුතරයක් රටවල පෞද්ගලික විශ්ව විද්‍යාල/මුදලට උසස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන අතර එම රටවල් සියල්ලම සංවර්ධිත රටවල් නොවේ . ඒක පුද්ගල ආදායම ශ්‍රි ලංකාවට වඩා අඩු රටවල , දරිද්‍රතාවයෙන් පෙලෙනා ජන අනුපාතය ශ්‍රි ලංකාවට සැහෙන ඉහල අගයක් ගන්නා රටවලද පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වේ . එවන් තත්වයක් තුල ශ්‍රි ලංකාව පමනක් සුදානම් නොමැතිය යන්න වලංගු නොවේ .මේ සඳහා විකල්පයන්ද ඇත ,පනතක අවශ්‍යතාව යටතේ පසුවට කථා කල හැක
සල්ලිකාර මෝඩයින්ට උපාධි හෙවත් ගුණාත්ම ගැටලු - පනතක් තුලින් නියාමනය කිරීමේ බලතල සහිත ආයතනයක් යෝජනා වන්නේ මේ උදෙසාය . ගුණාතමක බව පවත්වා ගැනීම නියාමනයක් තුලදී අපහසු කාර්යයක් නොවේ
නිදහස් අධ්‍යාපනයේ මලගම - නිදහස් අධ්‍යාපනය තෘතියික මට්ටම දක්වා ලබාදීම අතිශයින් වැදගත්ය . සාක්ෂරතාව ඉහල ජාතියක් බිහි කිරීමට එය ඉවහල්ව ඇතිවාක් මෙන්ම වඩාත් දැනුවත් කාර්මික වෘත්තිකයන් බිහි කිරීමටද දායක කර ගත හැක . ඉතා ඉහල පිරිවැයක් සහිත උසස් අධ්‍යාපනය නොමිලේ සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැත . ලොව බහුතරයක් රටවල එසේ සිදුවන්නේත් නැත . එනිසා විශ්ෂඨ අධ්‍යාපනික ජයග්‍රහනයන් ලැබු සිසු සිසුවියන් 20,000 ක ප්‍රමාණයකට නොමිලයේ උසස් අධ්‍යාපනය ලබාදීම ශ්‍රි ලංකා රජය විසින් පමණක් ලබා දෙන සුවිශේෂි වරප්‍රසාදයක් ලෙස සැලකිය යුතුය . එම පිරිස පමණක් උසස් අධ්‍යාපනය ලැබිය යුතුයි හෝ රජය විසින් සියලු දෙනාටම උසස් අධ්‍යාපනය නොමිලේ ලබාදිය යුතුය යන්න අසාධාරණය . තමන් දැක්වූ දක්ෂතාවයන්ට තැග්ගක් ලෙසින් නොමිලයේ උසස් අධ්‍යාප්නය ලබාගනිමින් එවැනි අසාධරණ ඉල්ලීම් රජයේන් ඉල්ලා සිටීමේ කිසි සේත්ම සදාචාරාත්මක වන්නෙ නැත
දැනටමත් ලංකාවේ මුදලට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇත ?? - රජය විසින් ගෙන ඒමට නියමිත පනතට දැඩි සේ විරෝධය පල කරනා සිසුන් අමතක කර දමා ඇති කාරණයක් ලෙස මෙය හැඳින්විය හැක . මේ වන ලංකාවේ විදේස් උපාධි ලබාදෙන ආයතන රාශියක් මෙන්ම දේශිය උපාධි ප්‍රධානය කරන ආයතනයන්ද කිහිපයක් ඇත . වෛද්‍ය වෘත්තිකයින්ගේ ශක්තිය නිසා ආන්දෝලනයට තුඩු දුන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හැරුණු විට අන් කිසිදු ආයතනයක් වෙනුවෙන් සිසුන්ගේ හෝ වෙනයම් පාර්ශවයක විරෝධතා දක්නන නැත . කෝටි පතියන්ගේ ලමයින්ටත් වඩා මධ්‍යම පාන්තිකයින්ගෙ දරුවන් අධ්‍යාපනය ලබනා මෙවන් ආයතන වර්ථමානයේ ක්‍රියාත්මක වෙමින් පවතිත්දි අලුතින්ම ඇති කිරීමක් වශයෙන් විරෝධය දැක්වීම හාස්‍ය ජනකය . කෙසේ වුවත් වර්ථමානයේ පවතිනා මෙම ආයතන නියාමනයක අවශ්‍යතාවය තදින් අවධාරනය කරනා බව පැවසිය හැක .
රජය විසින් ගෙන එන්නට නියමිත පනතේ අන්තර්ගතය නිසි ආකාරයෙන් කිසිවෙකුත් නොදනිතත් රජය පාර්ශවයෙන් ඒ පිලිබඳ මතුව ඇති කරුණු කාරනා සමඟින් ඉදිරිපත් කල හැකි , අංග සම්පූර්න මොඩලයක් ආශ්‍රයෙන් එවැන්නක අවශ්‍යතාවය විග්‍රහ කල හැක . ගෙන එන පනත සියලුම පැති ආවරනය කරන්නක් වීම රජයේ වගකීමක් වන අතර ආරම්භක අවස්ථාවේ නැතත් පසුව හෝ සංශෝධනය වීමේ අවස්ථාවක්ද මේ තුල ඇත
යෝජිත පනතේ මූලිකම පියවරක් ලෙස පවතිනා ආයතන නියාමනයටත් , නව ආයතන සඳහා උපාධි ප්‍රදානය කිරීමේ බලය ලබාදීම සඳහාත් බලතල සහිත නියාමක ආයතනයක් යෝජනා කර ඇති බවක් දැනගන්නට ඇත . වර්ථමානයේ උපාධි ප්‍රදානය කිරීමේ අවස්ථාව ඇති ආයතන පමණක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට වගවන අතර විදෙස් උපාධි ප්‍රධානය කරන්නන් ගේ ගුණාත්මක භාවය පිලිබඳ ශ්‍රි ලංකාවේ නියාමනයක් නැත . එමෙන්ම මෙම ආයතන ජාතික තරුන සේවා සභාව, ආයෝජන මණ්ඩලය වැනි විවිධාකාර ආමාත්‍යාංශ හර්හා ලියාපදිංචිය ලබාගත් ඒවාය . නව නියාමන ඒකකයක් තුලින් මේ සියලුම ආයතනයන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඒවායේ ගුණාත්මක භාවය නිර්ණය කිරීමට හා නිර්‍රික්ෂනය කිරිමට ක්‍රමවේදයක් පහසුවෙන් සකස් කල හැක . දැනට පවත්නා ඇතැම් ආයතවල උපාධිපාඨමාල ඉතාම ඉහල ගුණාත්මක භාවයකින් පවත්වාගෙන යත්දී සමහරක් ආයතනයන්හි ක්‍රියාකාරිත්වය ගැටලු කාරිය . විදෙස් උපාධි පිරිනමන විශ්ව විද්‍යාලයට ඇති පිලිගැනීම මත පමණක් අවසර ලබා දීම සිදු කිරීමත් දේශකයින්, දේශන ශාලා ගාස්තු ආදිය පිලිබඳ නිර්නායක සැකසීම හා ක්‍රියාත්මක කිරීම ත් අදාල නියාමන ආයතන තුලින් සිදු කිරීමෙන් මෙම විෂමතාවය්න් ඉවත් කරගෙන දැනට පවත්නා ආයතනවල ගුණාත්මක භාවය ඉහල දැමිය හෑක . තමන්ගේම උපාධි ප්‍රදානය කිරීමට ඉල්ලුම් කරනා ආයතන වෙනුවෙන්ද මෙවැනිම ගුණාත්මක බව රැක ගැනීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල හැක . පෞද්ගලික උසස් අධ්‍යාපනය පවත්නා බොහෝ රටවල මෙවනි නියාමන කාර්යයන් දැකිය හැක . එනම් මෙම වැඩපිලිවෙල තුලින් සිසුන් මතුකරනා "සල්ලිකාර මෝඩයින්ට උපාධි ගැනීමේ " හැකියාව වැලැක්විය හැක
මෙම මූලික පරමාර්ථයට අමතරව පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු වලටද විසඳුම් මෙවන් පනතක් හරහා ලබා ගත හැක . දුප්පත් සිසුන්ට වන අසාධාරණයන් හා බහුතරයක් ශ්‍රි ලාංකිකයින්ගෙ ආදායම් තත්වය ප්‍රමාණාවත් නොවීම යන කාරණා සඳහා ඇමතිවරය යෝජනා කර ඇති පරිද්දෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වාදිය හැක . මේ අතර පූර්ණ හා අර්ධ ශිෂ්‍යත්ව මෙන්ම විවිධා කාර සිසු ණය ක්‍රමද ඇතුලත් විය හැක . උපාධි ප්‍රධානය සඳහා අවසර ලබන ආයතනයකට යම් සිසුන් ප්‍රතිශතයක් ඉහත පදනම් මත ලබා ගැනීමට අනිවාර්ය කිරීමේ හැකියාවක් ඇත . මේවා ලෝකයේ බොහෝ තැන් වල දක්නට ඇති සංකල්පයන් නිසාත් බලප්ත්‍රය ලැබීම තුල ඔවුන් ලබන්නාවූ වාණිජමය වාසියත් නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල මේ සඳහා යොමු කරවා ගැනීම එතරම් අපහසුවක් නොවනු ඇත .
පෞද්ගලික විශ්ව විද්‍යාල වල වැඩි පඩියට සේවයට යාමට ආචාර්ය වරුන් පෙලඹීම නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල කඩා වැටෙවි යැයි චෝදනාවක් ඇත .මේ සම්බන්ධයෙන්ද නීති රෙගුලාසි පනත තුල අන්තර්ගත කල හැක . උදාහරණයක් ලෙස රජයේ විශ්ව විද්‍යාලයකින් ඉවත් වී යම් නිශ්චිත කාලයක් යන තෙක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බැඳීම තහනම් කිරීම ආදිය සැලකිය හැක . සැබවින්ම මෙය කෙටි කාලීන ප්‍රශ්නයක් පමණක් වනු ඇත . වසර දහයක් පමන ගතවන විට ලංකාවේ උසස් අධ්‍යාපන වටපිටාව දැනට පවත්නා ඌනතා වලින් මිදෙනු ඇත .පෞද්ගලික විශ්ව විද්‍යාල ආගමනයත් සමඟ රට තුලම ආචාර්ය උපාධිය දක්වා ඉගෙනුම ලබන පිරිස වැඩී වීම , පූර්න කාලීන් පශ්චාත් උපාධි පාඨමාලා ඇතිවීම , රාජ්‍ය විශ්ව විද්‍යාල වල පශ්චාත් උපාධි පාඨමාලා වලට ඉහල වටිනාකමක් ලැබීම වැනි තත්වයන් උසස් අධ්‍යාපනය සුලභ වටපිටාවකින් අපේක්ෂා කල හැක
මේ ආකාරයෙන් පෞද්ගලික උසස් අධ්‍යාපන පනතක් හරහා රටක් වශයෙන් අත් කර ගත හැකි බොහෝ වාසි ඇති බැව් විග්‍රහ කල හැක . අවශ්‍ය වන්නේ සියලුම කෝණයන් ආවර්නය කල පරිපූර්න පනතක් සහ එය නිවැරදිව ක්‍රියාත්මක වීමයි ! එක්වරකදී නොහැකි නම් පියවරෙන් පියවර හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වල ගුණාත්මභාවය සුරැකීමේ පියවරයන් සහ රටේ සියලු ජනකොටස් වලට ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාවන් ඇති කිරිම යන මූලික අංග දෙකම ආවරණය යුතුය !
දුප්පත් සිසුනට සිදු කරනා අසාධාරණයක් - යම් පිරිසකට අසාධාරණයක් සිදුවන බව සැබැය . නමුත් වර්ථමානයේ පවතින්නාවු ක්‍රමය තුලද තත්වය ඒසේමය . දිස්ත්‍රික් පදනම නිසා විභාගයේදී වැඩි දක්ෂතාවයන් දැක්වූ සිසුනට බලාපොරොත්තු වන පාඨමාලා වලට ඇතුලත් වීමේ හැකියාව වැලකී යාම , උසස් පෙල සාමාර්ථය විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසු කමක් ලෙස සැලකුවත් ( ලංකාවේ මෙන්ම ලෝකය පුරාමත් ) උසස් පෙල සමත් වන බහුතරයකට විශ්ව විද්යාල වරම් අහිමි වීම යන අසාධාරණයන් වර්ථමානයෙත් දක්නට ඇත .කිසිදු පාර්ශවයකට අසාධාරණයක් නොවෙනා ක්‍රියාමාර්ගයන් ලොව ප්‍රායෝගික නැත . නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක් හරහා ඔය කියනා අසාධාරණයන් යම් තාක් දුරකට අඩු කිරීමේ හැකියාවක් ඇත (පසුවට කථා කරමු )
ශ්‍රි ලංකාවේ තවමත් පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා සූදානම් නොමැත - මේ තර්කය ගෙන එන්නන් මතු කරනා කාරනය වන්නේ ශ්‍රි ලංකාවේ බහුතරයක් ජනතාවගේ ආදයාම් තත්වය තුල උසස් අධ්‍යාපනයේ බර පැන දැරිය නොහැකි බවය . එනිසා ශ්‍රි ලංකාවට තවමත් පෞද්ගලික විශ්ව විද්‍යාලයන් නොගැලපෙනා බවය . ලෝකයේ බහුතරයක් රටවල පෞද්ගලික විශ්ව විද්‍යාල/මුදලට උසස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන අතර එම රටවල් සියල්ලම සංවර්ධිත රටවල් නොවේ . ඒක පුද්ගල ආදායම ශ්‍රි ලංකාවට වඩා අඩු රටවල , දරිද්‍රතාවයෙන් පෙලෙනා ජන අනුපාතය ශ්‍රි ලංකාවට සැහෙන ඉහල අගයක් ගන්නා රටවලද පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වේ . එවන් තත්වයක් තුල ශ්‍රි ලංකාව පමනක් සුදානම් නොමැතිය යන්න වලංගු නොවේ .මේ සඳහා විකල්පයන්ද ඇත ,පනතක අවශ්‍යතාව යටතේ පසුවට කථා කල හැක
සල්ලිකාර මෝඩයින්ට උපාධි හෙවත් ගුණාත්ම ගැටලු - පනතක් තුලින් නියාමනය කිරීමේ බලතල සහිත ආයතනයක් යෝජනා වන්නේ මේ උදෙසාය . ගුණාතමක බව පවත්වා ගැනීම නියාමනයක් තුලදී අපහසු කාර්යයක් නොවේ
නිදහස් අධ්‍යාපනයේ මලගම - නිදහස් අධ්‍යාපනය තෘතියික මට්ටම දක්වා ලබාදීම අතිශයින් වැදගත්ය . සාක්ෂරතාව ඉහල ජාතියක් බිහි කිරීමට එය ඉවහල්ව ඇතිවාක් මෙන්ම වඩාත් දැනුවත් කාර්මික වෘත්තිකයන් බිහි කිරීමටද දායක කර ගත හැක . ඉතා ඉහල පිරිවැයක් සහිත උසස් අධ්‍යාපනය නොමිලේ සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැත . ලොව බහුතරයක් රටවල එසේ සිදුවන්නේත් නැත . එනිසා විශ්ෂඨ අධ්‍යාපනික ජයග්‍රහනයන් ලැබු සිසු සිසුවියන් 20,000 ක ප්‍රමාණයකට නොමිලයේ උසස් අධ්‍යාපනය ලබාදීම ශ්‍රි ලංකා රජය විසින් පමණක් ලබා දෙන සුවිශේෂි වරප්‍රසාදයක් ලෙස සැලකිය යුතුය . එම පිරිස පමණක් උසස් අධ්‍යාපනය ලැබිය යුතුයි හෝ රජය විසින් සියලු දෙනාටම උසස් අධ්‍යාපනය නොමිලේ ලබාදිය යුතුය යන්න අසාධාරණය . තමන් දැක්වූ දක්ෂතාවයන්ට තැග්ගක් ලෙසින් නොමිලයේ උසස් අධ්‍යාප්නය ලබාගනිමින් එවැනි අසාධරණ ඉල්ලීම් රජයේන් ඉල්ලා සිටීමේ කිසි සේත්ම සදාචාරාත්මක වන්නෙ නැත
දැනටමත් ලංකාවේ මුදලට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇත ?? - රජය විසින් ගෙන ඒමට නියමිත පනතට දැඩි සේ විරෝධය පල කරනා සිසුන් අමතක කර දමා ඇති කාරණයක් ලෙස මෙය හැඳින්විය හැක . මේ වන ලංකාවේ විදේස් උපාධි ලබාදෙන ආයතන රාශියක් මෙන්ම දේශිය උපාධි ප්‍රධානය කරන ආයතනයන්ද කිහිපයක් ඇත . වෛද්‍ය වෘත්තිකයින්ගේ ශක්තිය නිසා ආන්දෝලනයට තුඩු දුන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හැරුණු විට අන් කිසිදු ආයතනයක් වෙනුවෙන් සිසුන්ගේ හෝ වෙනයම් පාර්ශවයක විරෝධතා දක්නන නැත . කෝටි පතියන්ගේ ලමයින්ටත් වඩා මධ්‍යම පාන්තිකයින්ගෙ දරුවන් අධ්‍යාපනය ලබනා මෙවන් ආයතන වර්ථමානයේ ක්‍රියාත්මක වෙමින් පවතිත්දි අලුතින්ම ඇති කිරීමක් වශයෙන් විරෝධය දැක්වීම හාස්‍ය ජනකය . කෙසේ වුවත් වර්ථමානයේ පවතිනා මෙම ආයතන නියාමනයක අවශ්‍යතාවය තදින් අවධාරනය කරනා බව පැවසිය හැක .
රජය විසින් ගෙන එන්නට නියමිත පනතේ අන්තර්ගතය නිසි ආකාරයෙන් කිසිවෙකුත් නොදනිතත් රජය පාර්ශවයෙන් ඒ පිලිබඳ මතුව ඇති කරුණු කාරනා සමඟින් ඉදිරිපත් කල හැකි , අංග සම්පූර්න මොඩලයක් ආශ්‍රයෙන් එවැන්නක අවශ්‍යතාවය විග්‍රහ කල හැක . ගෙන එන පනත සියලුම පැති ආවරනය කරන්නක් වීම රජයේ වගකීමක් වන අතර ආරම්භක අවස්ථාවේ නැතත් පසුව හෝ සංශෝධනය වීමේ අවස්ථාවක්ද මේ තුල ඇත
යෝජිත පනතේ මූලිකම පියවරක් ලෙස පවතිනා ආයතන නියාමනයටත් , නව ආයතන සඳහා උපාධි ප්‍රදානය කිරීමේ බලය ලබාදීම සඳහාත් බලතල සහිත නියාමක ආයතනයක් යෝජනා කර ඇති බවක් දැනගන්නට ඇත . වර්ථමානයේ උපාධි ප්‍රදානය කිරීමේ අවස්ථාව ඇති ආයතන පමණක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට වගවන අතර විදෙස් උපාධි ප්‍රධානය කරන්නන් ගේ ගුණාත්මක භාවය පිලිබඳ ශ්‍රි ලංකාවේ නියාමනයක් නැත . එමෙන්ම මෙම ආයතන ජාතික තරුන සේවා සභාව, ආයෝජන මණ්ඩලය වැනි විවිධාකාර ආමාත්‍යාංශ හර්හා ලියාපදිංචිය ලබාගත් ඒවාය . නව නියාමන ඒකකයක් තුලින් මේ සියලුම ආයතනයන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඒවායේ ගුණාත්මක භාවය නිර්ණය කිරීමට හා නිර්‍රික්ෂනය කිරිමට ක්‍රමවේදයක් පහසුවෙන් සකස් කල හැක . දැනට පවත්නා ඇතැම් ආයතවල උපාධිපාඨමාල ඉතාම ඉහල ගුණාත්මක භාවයකින් පවත්වාගෙන යත්දී සමහරක් ආයතනයන්හි ක්‍රියාකාරිත්වය ගැටලු කාරිය . විදෙස් උපාධි පිරිනමන විශ්ව විද්‍යාලයට ඇති පිලිගැනීම මත පමණක් අවසර ලබා දීම සිදු කිරීමත් දේශකයින්, දේශන ශාලා ගාස්තු ආදිය පිලිබඳ නිර්නායක සැකසීම හා ක්‍රියාත්මක කිරීම ත් අදාල නියාමන ආයතන තුලින් සිදු කිරීමෙන් මෙම විෂමතාවය්න් ඉවත් කරගෙන දැනට පවත්නා ආයතනවල ගුණාත්මක භාවය ඉහල දැමිය හෑක . තමන්ගේම උපාධි ප්‍රදානය කිරීමට ඉල්ලුම් කරනා ආයතන වෙනුවෙන්ද මෙවැනිම ගුණාත්මක බව රැක ගැනීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල හැක . පෞද්ගලික උසස් අධ්‍යාපනය පවත්නා බොහෝ රටවල මෙවනි නියාමන කාර්යයන් දැකිය හැක . එනම් මෙම වැඩපිලිවෙල තුලින් සිසුන් මතුකරනා "සල්ලිකාර මෝඩයින්ට උපාධි ගැනීමේ " හැකියාව වැලැක්විය හැක
මෙම මූලික පරමාර්ථයට අමතරව පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු වලටද විසඳුම් මෙවන් පනතක් හරහා ලබා ගත හැක . දුප්පත් සිසුන්ට වන අසාධාරණයන් හා බහුතරයක් ශ්‍රි ලාංකිකයින්ගෙ ආදායම් තත්වය ප්‍රමාණාවත් නොවීම යන කාරණා සඳහා ඇමතිවරය යෝජනා කර ඇති පරිද්දෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වාදිය හැක . මේ අතර පූර්ණ හා අර්ධ ශිෂ්‍යත්ව මෙන්ම විවිධා කාර සිසු ණය ක්‍රමද ඇතුලත් විය හැක . උපාධි ප්‍රධානය සඳහා අවසර ලබන ආයතනයකට යම් සිසුන් ප්‍රතිශතයක් ඉහත පදනම් මත ලබා ගැනීමට අනිවාර්ය කිරීමේ හැකියාවක් ඇත . මේවා ලෝකයේ බොහෝ තැන් වල දක්නට ඇති සංකල්පයන් නිසාත් බලප්ත්‍රය ලැබීම තුල ඔවුන් ලබන්නාවූ වාණිජමය වාසියත් නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල මේ සඳහා යොමු කරවා ගැනීම එතරම් අපහසුවක් නොවනු ඇත .
පෞද්ගලික විශ්ව විද්‍යාල වල වැඩි පඩියට සේවයට යාමට ආචාර්ය වරුන් පෙලඹීම නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල කඩා වැටෙවි යැයි චෝදනාවක් ඇත .මේ සම්බන්ධයෙන්ද නීති රෙගුලාසි පනත තුල අන්තර්ගත කල හැක . උදාහරණයක් ලෙස රජයේ විශ්ව විද්‍යාලයකින් ඉවත් වී යම් නිශ්චිත කාලයක් යන තෙක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බැඳීම තහනම් කිරීම ආදිය සැලකිය හැක . සැබවින්ම මෙය කෙටි කාලීන ප්‍රශ්නයක් පමණක් වනු ඇත . වසර දහයක් පමන ගතවන විට ලංකාවේ උසස් අධ්‍යාපන වටපිටාව දැනට පවත්නා ඌනතා වලින් මිදෙනු ඇත .පෞද්ගලික විශ්ව විද්‍යාල ආගමනයත් සමඟ රට තුලම ආචාර්ය උපාධිය දක්වා ඉගෙනුම ලබන පිරිස වැඩී වීම , පූර්න කාලීන් පශ්චාත් උපාධි පාඨමාලා ඇතිවීම , රාජ්‍ය විශ්ව විද්‍යාල වල පශ්චාත් උපාධි පාඨමාලා වලට ඉහල වටිනාකමක් ලැබීම වැනි තත්වයන් උසස් අධ්‍යාපනය සුලභ වටපිටාවකින් අපේක්ෂා කල හැක
මේ ආකාරයෙන් පෞද්ගලික උසස් අධ්‍යාපන පනතක් හරහා රටක් වශයෙන් අත් කර ගත හැකි බොහෝ වාසි ඇති බැව් විග්‍රහ කල හැක . අවශ්‍ය වන්නේ සියලුම කෝණයන් ආවර්නය කල පරිපූර්න පනතක් සහ එය නිවැරදිව ක්‍රියාත්මක වීමයි ! එක්වරකදී නොහැකි නම් පියවරෙන් පියවර හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වල ගුණාත්මභාවය සුරැකීමේ පියවරයන් සහ රටේ සියලු ජනකොටස් වලට ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාවන් ඇති කිරිම යන මූලික අංග දෙකම ආවරණය යුතුය !
හොඳ ලිපියක් බුවා. සම්පුර්ණයෙන් එකඟයි
ReplyDeleteනෝ කොමෙන්ට්ස්. ඇග්‍රීඩ්..
ReplyDeleteඑකඟ වෙන්න පුලුවන් වගේම බැරි තැනුත් තියෙනව.....
ReplyDeleteසම්පූර්ණයෙන් එකඟයි මිත්‍රය...
ReplyDeleteකියල තියෙන කාරණා වලට එකඟයි.
ReplyDeleteඔය වි.වි ශිෂ්‍යයන් පෙලපාලි යන්නෙ නිදහස් අධ්‍යාපනය රකින්න කියලනෙ. ඇත්තටම ඒක එහෙමද? නිදහස් අධ්‍යාපනය රකින වගකීම ශිෂ්‍යයන්ගෙ අතට දුන්නෙ කවුද? ඔය ශිෂ්‍යයන්ම තමයි උපාධිය අරන් එලියට ගියාම පුද්ගලික වි.වි වල වැඩට යන්න දඟලන්නෙ.
බ්ලොග් ගඩොල් .සාතන් , මාතලන් - ස්තුතියි
ReplyDeleteපිසාචය - එකඟ නොවෙන තැන් මොනවද කියල සටහන් කලා නම් පොඩි සාක්ච්ඡාවක් කරන්න පුලුවන් වෙයි ඒ ගැන
honda lipiyak... mama eka paarak oya pitarata upadi lankawedi ganna dena usas adyapana ayathanayakin upadiya ganna gihin duppath ammageyi thaththageyi laksha ganak naasthi karapu ekek.. e institute ekea palanaya gena yana ekata kalamanaakaranaya kiyana de gana kisima danumak neha.. namuth mokada loku adyapana sudusu kam thiyanawa kiyala thamayi kiyanna. minihage nohakiyawa nisa minihage kaarya mandalaya kelinne pissu..ithin unge pissu nisa mage jivithen awurudu 2kuyi.. laksha gaaanakuyi naasthi unaaa. ithin lankawe mewa gana hariyata nithi rithi nethi nisa.. mata sidda unaaa.. wena athak balaagannaa.. monawa karannada... oyalath oya wage adyapana kadekata yana kota kade pahugiya awurudu wala thathwe.. dan thathwe balala yanna.. mata wagema thawa dethun denekta mehema unaa....
ReplyDeleteකියල තියෙන කාරණා වලට එකඟයි.
ReplyDeleteඔය වි.වි ශිෂ්‍යයන් පෙලපාලි යන්නෙ නිදහස් අධ්‍යාපනය රකින්න කියලනෙ. ඇත්තටම ඒක එහෙමද? නිදහස් අධ්‍යාපනය රකින වගකීම ශිෂ්‍යයන්ගෙ අතට දුන්නෙ කවුද? ඔය ශිෂ්‍යයන්ම තමයි උපාධිය අරන් එලියට ගියාම පුද්ගලික වි.වි වල වැඩට යන්න දඟලන්නෙ.
ඇත්ත ඔය අයම තමා ආණ්ඩුවේ උපාදිය අරන් ගිහින් අන්තිමට ඕවගේ උගන්නන්නේ.ඔය අයගෙන් හැමෝටම නෙවෙයි ගොඩක් අයට තියෙන්නේ තමන්ට තියෙන අවස්ථාව ගැන ප්‍රශ්නයක් මිස නිදහස් අද්‍යාපනය රක ගැනීම කියන ප්‍රශ්නේ නම නෙවෙයි. මම ඉගෙන ගත්ත තැන ඉන්නවා කොළඹ යුනියෙන් අපු බුවෙක්. මිනිහ කියන්නේ එකොළහ වසරෙන්ම සල්ලි දීල ඉගෙන ගත්තනම් උප[අඩිය ගත්තනම් ඉවරයි කියල..
ReplyDeleteAno - අකුරු තුනේ නමකින් හඳුන්වන ආයතනයක්ද ? , ඇත්තටම නියාමනයක් නැති නිසා වෙන අසාධාරනයන් තමයි ඒවා . ළමයින්ට ආයතනයක ගුණාත්මක බාවය ගැන සහතිකයක් නැති කමෙන් සැහෙන වෙහෙසක් දරන්න ඕනි ඒ ආයතන වල පසුබිම හොයන්න
ReplyDeleteරැඩිකල් - ස්තුතියි
ඇත්තෙන්ම මමත් කිසිම කොන්දේසියකින් තොරව ඔබ හා එකඟයි. කියන්න දෙයක් නැහැ. සියල්ල නියමෙටම ඔබ කියලා.
ReplyDeleteano - 9.44AM -ලංකාවේ දැනට තියන තත්වයත් එක්ක 11 වසරෙදි පදනම් පාඨමාලාවකින් පටන් අරන් වයස 20 වෙනකොට උපාධිය ඉවර කරන අය සැහෙන්න ඉස්සර ඉන්නව . මොකද අඩු පඩියකට මුල්ම රස්සාවට ගියත් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධිදාරියා එලියට එන කොට අවුරුදු 4ක අත්දැකිම් තියනව .එතකොට අර රාජ්‍ය විශ්ව විද්‍යාලෙන් එන කෙනාට අරය යටතේ වැඩ කරන්නත් සිද්ධ වෙනවා . ,ඊලඟට මොරටුව ඉංජිනේරු වො වගේ අය ඇරුණාම සමහරක් රාජ්‍ය අංශයෙ අයට පෞද්ගලික අංශයෙ අයත් එක්ක තියන තරඟ කාරිත්වය වැඩියි . සමහර පෞද්ගලික ආයතන පෞද්ගලික අංශයෙ අය තෝරගන්නව රාජ්‍ය විශ්ව විද්‍යාල වල ශිෂ්‍යන්ගෙ තියන ලොකු කම , වැඩි පඩි ඉල්ලීම ඇතුලු තවත් කතන්දර නිසා . ඔය වගෙ දේවල් නිසා තමයි තමන්ගෙ අවස්ථාව නැතිවෙයි කියල බයෙන් දඟලන්නේ . ඔය ගැන මුණු පොතෙ සංවාද වලදි ගොවියගේ කම්කරුවගෙ දරුවො ගැන දුක හිතෙන ටෝක් දෙන සමහරක් ඇයින්ගේ අතිනුත් බලල මල්ලෙන් එලියට පැනල , අපේ උපාධියේ ඩිමාන්ඩ් එක රැකගමුය කියනව මම දැකල තියනව . ස්තුතියි අදහසට
ReplyDeleteමහ වෙදනා - ස්තුතියි
ReplyDeleteමමත් ඉගෙන ගත්තෙ පෞද්ගලික ආයතනයකින්. රසායන විද්‍යා ආයතනය... මෙතැන වැඩ හරියටම සිද්ධ වෙනවා. විභාග ඉගැන්වීම් නියම ප්‍රමිතියට සිදු වෙනවා.. එතැනින් පිට වුන බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාලවල රසායන විද්‍යා විශේෂ උපාධිය කළ සමහර අයටත් වඩා ඉහළ තැන්වලත් ඉන්නවා.
ReplyDeleteමෙතැන වඅඩේ තියෙන්නේ බොහෝ දෙනෙක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පමණක් අල්ලගෙන කෑ ගහන එකයි.. බොහො දෙනෙක් දන්නෙ නැහැ අර ඉස්සෙල්ලා කෙනෙක් කියලා තිබුණා වගේ වෙනත් පෞද්ගලික ආයතන වලින් උපාධි දෙනවා කියලා...
මමත් කියන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි. එතකොට තමයි රාජ්‍ය විශ්ව විද්‍යාලවල ලමයි පෞද්ගලික විශ්ව විද්‍යලවල එවුන් එක්ක තරඟ කරලා රස්සාවල් හොයාගන්න මහන්සි වෙන්නෙ...
දැන් අපේ විශ්ව විද්‍යාල සිසු කට්ටිය හිතන් ඉන්නෙ විශ්ව විද්‍යාලෙන් පිටවෙනකොට අධ්‍යාපන ඇමති තුමා රස්සාව බන්දේසියක තියලා ගේට්ටුව ලඟට වෙලා ඒ අය පිටවෙලා එනකල් බලන් ඉන්න ඕන කියලා....
මුන් ටිකක් මෙහේ ගෙනැත් මෙහේ කොල්ලො කෙල්ලො උපාධියක් ගන්න විඳින දුක පෙන්නන්න ඕන.... සමහරු රෑ එළි වෙනකල් Part time ජොබ් කරලා පන්ති දෙකක් අතර නිවුඩු වෙලාවෙ කොරිඩෝ වල බුදිය ගන්නවා... එහෙම ඉගෙන ගෙනයි දියුණු වෙන්නෙ... ලංකාවෙ එවුන්ට සැප වැඩියි. උන්ට නිදහස් අධ්‍යාපනේ මදිවට මහපොලත් දෙනවා... මෙහේ එවුන් ණය වෙලා ඉගෙන ගන්නෙ.. සාමාන්‍ය ශිෂ්‍යයෙක් විශ්ව විද්‍යාලයෙන් පිට වෙනකොට අවම වශයෙන් ඩොලර් 25000 ක් වත් රජයට ණයයි... ඒකයි මෙහේ තත්තත්‍වය...
1.අධ්යාාපනය නොමිළේම ලබා දීම සිදු නොවිය යුතු බව නිවැරැදි වන්නේ ඒ වෙනුවෙන් මහජන මුදල් අසීමිතව වැය කිරීමට සිදුවන බැවිනි. ඒ ගැන තර්කයක් නැත.
ReplyDelete2.දිස්ත්රිනක් පදනම යටතේ විශ්ව විද්යාැල වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්රිමයාවලිය තුළින් දක්ෂතා දක්වන සිසුන්ට විශ්ව විද්යාල වරම් අහිමිවන බව ඇත්තකි. එහෙත් දිස්ත්රිැක් පදනම ඉවත් කළොත් අධ්යා්පනය තමන් කරා මන්දගාමීව පැමිණෙන දුෂ්කර ප්රවදේශ වල සිසුන්ට ඊට වඩා අසාධාරණයක් සිදුවේ. නගරාශ්රියත අධ්යා්පනය ලැබූවන් මෙසේ තර්ක කරන නමුත් ඈත ප්රමදේශ වලදී විභාග මගින් අභියෝගයට ලක් කරන දැනුම ලබා ගැනීමේ දුෂ්කරතාව කොතෙක්ද යන්න දන්නේ ඊට මුහුණ දෙන්නන් පමණි. පළමුව මේ සමාන අධ්යාාපන අයිතිය තහවුරු කිරීමට පාසල් අධ්යා්පනය පොහොසත් විය යුතුය.
3.ඌණ සංවර්ධිත රටවලද පුද්ගලික විශ්ව විද්යායල පවතියි. එය නිවැරැදියි.
එහෙත් බොහෝ රටවල පවතින එම අධ්යාටපන ක්රවමවේදයන් තුළ සිසුන් අයකරන මුදල් ණයක් වී වසර ගණනකින් ගෙවීමට හෝ රැකියාවක් කරන අතරතුර ආවරණය කිරීමට හැකියාව ඇත. තවම ලංකාවේ ස්ථාපිත කරන්න යන පුද්ගලික විශ්ව විද්යාුල පද්ධතිය තුළ එවැනි අයකිරීම් ගැන නිශ්චිතව නොකියවේ. දැනටත් පවතින මාළඹේ වෛද්ය ආයතනය වගේ ආයතන වල සැබවින්ම ධනපතියන්ට මිස සාමාන්ය් පුරවැසියෙකුට ණයක් ලබාගෙන හෝ තම දරුවන් ඇතුළත් කිරීමට නොහැකි තරම් ඉතාම අධික මිළක් අය කරයි. එසේම දැනටම පවතින ගොඩක් වෙනත් අධ්යාටපන ආයතන වල තත්වයද එසේමය. ඒවා අධ්යාසපනය පෙරටු කරගත් ආයතන වලට වඩා හුදු ව්යා්පාර ස්ථාන ලෙස කටයුතු කරමින් සිටියි. අධ්යාවපන ආයතන වලින් ලාභයක් ලබා ගැනීම වරදක් නැත. එහෙත් අධික ලාභය ලැබීම උදෙසාම පවත්වාගෙන යන්නේනම් එහි ඇත්තේ අධ්යානපනික අරමුණු වලට එහා ගිය ව්‍යාපාරික අවශ්යභතාවයකි.
4. බලතල සහිත නියාමන ආයතනයක් මගින් සුදුස්සන් තේරීමේ ක්රි.යාවලිනය ඔබ පවසන ලෙස න්යායයික ලෙස අගනේය.
එහෙත් ගැටඵවක් වන්නේ දැනටම අපේ රටේ පවතින එසේ බලතල පැවරුණු නියාමන ආයතන තුළ ප්රා්යෝගිකව සිදුවන ක්රිේයාකාරිත්වය දෙස බැලූ විට එය ප්රාපයෝගික තලයේ කෙසේ ක්රිසයා කරයිද යන්නයි. දැනටම රාජ්යක සේවා කොමිෂන් සභාව, පොලිස් කොමිෂම, අධිකරණ සේවා කොමිෂම වගේ එවැනි නියාමන ආයතන තුළින් බොහෝ විට සාධාරණය තීන්දු කරනු වෙනුවට දේශපාලන අවශ්යමතාවයන් ඉටු කරන තත්වයන් පෙනී යයි. ඊට හේතුව වන්නේ මේ නියාමන කොමිෂන් වලට පත්කරනු ලබන්නේ ස්වාධීන ක්රිවයාකාරිකයින් නොවන දේශපාලකයින්ගේ ඉත්තන් වීමයි.
එබඳු තත්වයක් තුළ න්යා්යිකව නිවැරැදි දෙයක් ප්රාලයෝගික තලයේ අප රටේ නිවැරැදිව ක්රිායාවට නැංවිය හැකිද යන්න නැවත සලකා බලන්න.
5. පුද්ගලික විශ්ව විද්යාාල වලට රජයේ විශ්ව විද්යාාල වල ආචාර්ය මණ්ඩලයට ඇතුළත් වීමට නොහැකි ලෙස නීති රීති සැකසීම ප්රාවයෝගික නොවේ. තමන්ට අවශ්යෝ තැනකට සේවය සැපයීමට ඔවුන්ට අයිතිය ඇත. එවැනි බලහත්කාරකම් කිරීමෙන් මානව අයිතිවාසිකම් කඩවීමට ඉඩ ඇති අතර, ආරම්භයේදීම දක්ෂයින් රජයේ විශ්ව විද්යාාල වල සේවයට නොපැමිණ පුද්ගලික විශ්ව විද්යාතල කරා ඇදී යාමට ඉඩ ඇත. ඔබේ අවධානයට ලක් නොවුණද දැනට ජාතික විශ්ව විද්යාිල පද්ධතිය තුළ සමහර විෂයන් සම්බන්ධයෙන් දැඩි ආචාර්ය හිඟයක් පවතියි.
-අනන්ත-
දැනටම සුදුසුකම් ලත් අය විදෙස් විශ්ව විද්යාතල වලට සේවය සැපයීම ඊට හේතුවයි. මේ දක්වාද එවැනි නීති රීති රාජ්ය විශ්ව විද්යාෙල සම්බන්ධයෙන්ද සැකසීමට හැකියාවක් නොමැති වීම තුළ එය සිදු වී ඇත.
ReplyDelete6. අවසාන වශයෙන් කිව හැක්කේ රටේ සියඵම ජනතාවට, විද්වතුන්ට, සිසුන්ට පිළිගත හැකි විනිවිදභාවයකින් යුත් පුද්ගලික විශ්ව විද්යාැල පනතක් ගෙන එන්නේද යන්නයි. එය එසේනම් එය සම්මත කිරීමට පෙර එහි කොන්දේසි සහ ක්රිශයාත්මක වන ආකාරය රටවැසියන් දැනුවත් කල යුතුයි. වෙනත් පාර්ශ්ව වලින් ඉදිරිපත් වන ප්ර්ති තර්ක හෝ යෝජනා සලකා බලා අවසාන කෙටුම්පත සකස් විය යුතුයි. එහෙත් මේ සිදුවෙමින් පවතින්නේ එවැනි විනිවිදභාවයෙන් යුත් පනතක්ද? නැත්නම් පුද්ගලියින් කිහිප දෙනෙකුගේ අත්තනෝමතික තීරණ උඩ සකස් කර මේක හොඳයි කියමින් හංගාගෙන අත යටින් සම්මත කර ගන්න හදන පනතක්ද?
7. එසේම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවක හෝ එහි පවතින අඩුපාඩුකම් ගැන මැදහත් සිතින් බලා විවේචනයකට එළැඹීමට හැකි මහජන නියෝජිතයින් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේද? රජය විසින් ගේන ඕන දෙයකට විරුද්ධ වීම විපක්ෂයේ කාර්ය ලෙසත්, රජය විසින් ගෙන එන ඕනෑම තුප්පහි පනතක් විචාරයකින් තොරව අත උස්සා ඡන්දය දී සම්මත කිරීම ආණ්ඩු පක්ෂයේ කාර්ය ලෙසත් සිතා සිටින මහජන නියෝජිතයින් ඌණ සංවර්ධිත හා අඩු ආදායම් ලබන බහුතරයක් සිටින හැම රටකම යථාර්තයද?
න්යාජයිකව රටට එවැනි ක්රබමවේදයක් අවශ්යට බව සැබෑ නමුත් එය ප්රාගයෝගික කර ගැනීමට යාමේදී දැනට මේ රටේ තියෙන දේශපාලන හා පරිපාලන සදාචාරය අනුව එය සිදුවේද යන්න නැවත සලකා බැලිය යුත්තකි.
ඇත්තෙන්ම රාජ්යා විශ්ව විද්යාරල පුද්ගලික විශ්ව විද්යාකල යනුවෙන් දෙවර්ගයක් පැවතීමට වඩා ජාතික විශ්ව විද්යා්ල පද්ධතියේම සම්පත් පුඵල් කර ඒ හරහාම මුදල් අයකරන අධ්යා පන ක්ර්මවේදයක් ඇති කරන්නේනම් මෙවැනි දැඩි ප්රලතිවිරෝධතා ඇති නොවනු ඇත. එවිට දක්ෂතා දක්වන සිසු සිසුවියන්ට ශිෂ්යේත්ව ක්රමමයක් ලෙස එම විශ්ව විද්යාලල වල අධ්යාතපනය ලබා දිය හැක. එමෙන්ම අපේ රටේ ප්රුධාන ජාතික විශ්ව විද්යා ල වලට ලෝකයේ හොඳ පිළිගැනීමක් තිබෙන බැවින් විදෙස් සිසුන් ආකර්ශණය කර ගැනීමටද හැකියාව පවතියි. එබඳු තත්වයක් යටතේද පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි සඳහා මෙරටේදීම උගන්වා උපාධි පිරිනැමීමට කටයුතු කිරීම අපහසු නොවනු ඇත.
උසස් අධ්යාුපනය සම්පූර්ණයෙන්ම අත්තනෝමතික දේශපාලකයින්ට තමන්ගේ පුහු ජනප්රිියතාවය උදෙසා හෝ පටු වාසි ලැබීම උදෙසා සකස් කිරීමට විධිවිධාන වෙනත් දියුණු හෝ නොදියුණු රටවල විධිවිධාන සැකසී තිබේද යන්න මා නොදනිමි.
-අනන්ත-
පණතක් තිබීම හොද ආරම්භයකි. නමුත් නියාමන ආයතනය පත් කරන්නේ කෙසේද යන්න ගැන ප්‍රශ්න පවතී. මෙහි කිසිම පත්වීමක් දේශපාලනික නොවිය හැකි අන්දමින් සැකසීම කළ යුතුය.
ReplyDeleteඅනන්ත - ඉතා පැහැදිලි විස්තරාත්මක ප්‍රතිචාරයක් වෙනුවෙන් ඔබගේ කාලය වැය කලාට බොහොමත් ස්තුතියි . හොඳ දේත් නරකට කිරීමට කප් ගසා ඇති රටක , මෙයත් එලෙසම සිදුවීමේ අවධානමක් තිබීම ගැටලුවක් තමයි . ඒ වගේම අවසාන ඡේදයේ පවසනා කාරණය මාත් බොහොම තදින් පිලිගන්න දෙයක් , බ්‍රිතාන්‍යය තුල පවතින්නේ මේ වගේ ක්‍රමයක් .දැනට අර්ධ රාජ්‍ය ආයතනත් විශ්ව විද්‍යාල බවට පත් කරල , විදෙස් උපාධි ලබාදෙන ආයතන සහ ලාංකීය විශ්ව විද්‍යාල සියල්ලට ප්‍රමිති රාමුවක් හඳුන්වාදෙනව නම් ඉතාම හොඳයි . වානිජ වශයෙන් කටයුතු කරන්න ගන්නවා නම් අලුතින් විශ්ව විද්‍යාල ඉදිකිරීම ගැටලුවකුත් නෙවෙයි , ඒත් ප්‍රායෝගිකව මෙ තත්වයත් සැහෙන්න අමාරු වෙයි , වර්ථමාන සිසු පරපුරත් එක්ක
ReplyDeleteමිගාර - එකඟයි , ස්තුතියි අදහසට
ආරියනන්ද - ඔබතුමා ඉගෙන ගත්ත ආයතනයෙන් බිහිවුනු අය ඉතාම ඉහල තැන්වල ඉන්නවාය කියල මාත් අහල තියනව . සියල්ලම නොමිලේ ලැබිය යුතුයි කියන විශ්ව විද්‍යාල ශිෂ්‍යාගේ මානසිකත්වය තමයි ප්‍රධාන බාධකය . ලෝකේ කිසිම රටක නොලැබෙන විදිහට උපාධියත් නොමිලේම ලබා දෙත්දි , රස්සාවත් ආණ්ඩුවෙන්ම හොයල දියව් කියල බල කරන එක කොයි තරම් පහත් ක්‍රියාවක්ද කියන එක , අදාල සිසුන්ටත් ඒ මානසිකත්වයට සිසුන්ව ඇදල දාන දේශපාලන බලවේගත් තේරුම් ගන්නවා නම් හොඳයි
ප්‍රශ්නය වෙන්නේ තාම ජාත්‍යන්තර පාසල් වලට වත් ප්‍රමිතියක් හදා ගන්න බැරිඋන එකයි. කොහොම උනත් අපේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය වියාපාරය රටේ යහපතට වඩා, විනාශයටයි වැඩ කරලා තියෙන්නේ.
ReplyDeleteආරියනන්ද ඔබගේ අදහස ඉතාම වටිනවා. මේ දෙමව්පියෝ දුක් විඳගෙන ළමයි විශ්වවිද්‍යාලෙ යවන්නේ මේකටද? මමත් ඔබ කියන දේට එකඟයි. ඇයි අපේ ළමයින්ට බැරි පාට් ටයිම් ජොබ් වලින් ඉගෙන ගන්න. අනික රජයත් දැනගන්න ඕනෙ මේ ජොබ් ඇති කරන්න. මම දන්නවා සමහර රටවල විශ්වවිද්‍යාල ලමුන්ට සංචාරක සේවා කෙටියෙන් ගයිඩ් ජොබ් ලබා දනවා. අදාල පුහුණුවත් එක්ක. මම මේ අයව හමුවෙලා තියනවා. හරිම සුන්දරයි ඒ අයගේ කථා. තරුණ වියේම මහා අත්දැකීම ගොඩක් ලබා ගන්නවා. හැබැයි මේ අයට අදාල ක්ෂේත්‍රයේ හොඳ පුහුණුවකුත් තියනවා. ඇයි අපිට බැරි ? මේ එක උදාහරනයක් විතරයි.
ReplyDeleteමිගාර ඔබ කිව් ආකාරයට තමයි මේක හැදෙන්න ඕනෙ. නියාමන ආයථන වලට දේශ්පාලන පත් වීම බැහැ. ඉන්න ඕනෙ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේම රජයේ හා පුද්ගලික ආයථනවල උගතුන්. එහෙම වුනොත් අපිට ගුණාත්මක අධ්‍යාපනයක් හදා ගන්න ලැබෙයි.
බුවා පුද්ගලික අයට රජයේ සබොටිකල් ලීව් කට්ටියට යන්න පුළුවන් නම හොඳයි නේද?
කැම්පස් එන කොල්ලො කෙල්ලොන්ගෙන් 95%ක් දුප්පත් එවුන්.ඒක හොඳටම දැනෙන්නෙ හොස්ටල් එකේ ඉන්න අයටයි.මොකද රු.25ක් දීල බත් එක ගන්න බැරුව රු.10ට පොඩි කේක් කෑල්ලක් හරි එහෙම නැත්තම් එකෙක් කාල ඉවර කරපු පිඟානක් අරන් ගිහිල්ල රු.6ට"අඩුවක්" ගන්න හරි කොල්ලො මං මගේ ඇස් දෙකෙන් දැක්කා.එහෙම එකේ කවුරු හරි කියනව නම් කැම්පස් එවුන්ට සැප වැඩි කියල ඒක පට්ටපල් බොරුවක්....
ReplyDeleteරැඩිකල් අදහස්- ඉගෙනගෙන ඉවර කට්ටිය කියනව ඇති...මේකට විරුද්දව කෑගහන එක පිස්සුවක් කියල.
ලිඳෙන් වතුර බීල පැත්තකට වෙච්ච කට්ටිය ලිඳ දිහා ආයිමත් හැරිල බලන් නැති එක එකක්.ඒත් ඒ ලිඳෙන් වතුර බොන්න ඉන්න කට්ටිය ලිඳ ආරක්ශා කරන්න යනකොට ඒකට වචනයකින් හරි අකුල් හෙලන එක කොච්චර පහත්ද කියල හිතල බලන්න.
කවද හරි 1 වසරේ ඉඳන්ම තමන්ගෙ දරුවන්ට ලක්ෂගණන් දීලා උගන්නවන්න වෙච්ච දවසකට ඒ පොඩි එවුන් පංති ගාස්තු නැතුව ඉස්කෝලෙ යන්න බෑ කියල අඬනකොට ඔය අයට තමන්ගෙ දරුවන්ගේ මූණ දිහා බලන් කියන්න බැරිවේවි..."පුතේ මං මේ ක්‍රමය ගෙනවට විරුද්දව වචනයකින්වත් උදව් කලේ නෑ කියල..."
oba thumage lipiya hodai.okata mama uttarayak dennam.
ReplyDeleteApi atmartakaminam api degreeya aran maru wenawa.oya mokak awat apita degreeya nati wenne na.issarahata enna inna laksha ganakage jiwita wenuwen api satan karanne anit okkoma nidagena inna welawaka.1984 uturu coloba paudgalika waidya widyala satanedi 120k shishayo tamange jiwite puja kala.ada e uturu coloba paudgalika waidya widyala kalaniye campus eke kotasak.ada dahas gananak waidayawaru eken bihiwenawa.e shishshayo 120 dena jiwita puja karala rakadipu nidahas adyapanaya raka ganna ekada waradi Buwa mahattayo.
menna Uttare hodaaaata kiyawala balanna...
http://imfsacsrilanka.blogspot.com/2010/10/blog-post.html
meket poddak karakila balanna.
http://www.uorunion.co.cc
මගේ හොඳම යහළුවෙක් ඉන්නවා ආණ්ඩුවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල යක . ඉතින් එයාට යමක් කමක් තියෙනවා. යමක් කමක් කිව්වේ උපාදි දෙක තුනක් සල්ලි වලට ගන්න තරම්..එයා ඉතින් ඒ උනාට බලාගෙන උන්නේ මහපොළ ලැබෙනකම්.මට අනේ අපොයි කියල හිතුන මිනිහ මොකටද මහපොළ ගන්න බලාගෙන ඉන්නේ කියල. හ්ම්..... ඒක කියල වැඩක් නෑ. ඒ වගේම ඉංජිනේරු කර්මාන්තෙ කරන්න බලාගෙන ඉන්න මගේ යාලුවෙකුත් ඉන්නවා. එයා කියපු විදිහට එයාල මහපොළ ගන්නේ මතට තිත තියන එක නවත්වන්න. ඉතින් මේවා අපේ දුප්පත් රට වැසියන් ට වැඩිපුර තියෙන සල්ලි නිසා ප්‍රශ්නයක් නෑ. අපිට ඉතින් ගෑස් ගණන් ගියොත්. බස් ගාස්තු ගණන් ගියොත් විතරනේ දැනෙන්නේ. උන්ටත් එහෙමයි. අපිටත් එහෙමයි. අපේ සල්ලි යැ. අනික ඔය නිදහස් අධ්‍යාපනය නැති වෙනවට කෑ ගහන්නේ මව් බිමට තියෙන ආදරේට නොවැ. එකනේ දුප්පත් රටෙන් නොමිලේ ඉගෙන ගෙන සුද්දන්ට කඹුරන්ට යන්න හදන්නේ. මම ඉතින් මෙහෙම කිව්වට ශ්‍රේෂ්ට මිනිස්සු තාම ඉන්නවා ඒරොප්පේ යන්න ඇවිල්ලත් නොගිහින් මේ උතුම් රටේ දුප්පත් බත් පත කන ඈයෝ. තව දෙයක් ඔය උපාදි කඩ අරින ඒක හරියට මස් කඩ අරිනවා වගේ අරින්න ගියෝතින් නම් වෙන්නේ උපාදි අරගෙන මස් කඩ කරන්න ම තමා. මම කිව්වේ.. මේ එකම ජාතියේ ඒවා. ඔය IT වගේ. ලංකාවේ තරම් IT උපාදි ධාරියෝ නැහැනේ කොහෙවත්. අතේ පයේ හිරි හයියෙන් කොරන්ට තියෙන ඔය කාර්මික අංශයේ සුදුසු කම් ඉතින් අපේ ඈයොනට බලු ගානයි නේ. ඉංගිරිසි ගිරව් වෙලා කරේ අර පටිය දාගෙන කළු සුද්දෝ වෙන්න තියෙන ආසාවනේ. මෙව්වා ගැන ඉතින් කතා කරාමත් සමහරුන් ට වැරදිනේ..මැදිහත් මත දාරීන් අපේ රටේදී අන්ත මත දාරින්ටත් අන්තයි කියලනේ හිතන්නේ.. මැදිහත් මිනිස්සු හරිට බුවා වගේ කොමෙන්ටු දාන මහගෙදර වෙදනා වගේ ඈයො ඕක දන්නේ නෑ නේ. එකනේ මෙහෙම දේවල් කතා කොරන්නේ... බොහොම ඉස්තුතියි.
ReplyDeleteවිශ්ව විද්‍යාල අද්‍යාපනය හැමදෙනාටම නිදහස් නොවිය යුතුයි කියලයි මා හිතන්නේ. නමුත් ලංකාවේ හැම ක්ෂේත්‍රයකම තියන දේශපාලන මැදිහත් වීම දිහා බැලුවහම, පුද්ගලික විශ්ව විද්‍යාල ඇරීම කියන්නේ, රජයේ විශ්ව විද්‍යාල වලපල්ලට යන එක කියල පැහැදිලියි. හරිනම් කරන්න තියෙන්නේ, රජයේ විශ්ව විද්‍යාල වලට ගෙවා ඉගෙන ගන්න සිසුන් ඇතුලත් කර ගැනීම. නමුත් යහපත් චේතනාවකින් සංශෝදන ගෙනාවත්, ශිෂ්‍ය සංගම් කරන නාඩගම් නිසා මොකුත් කරන්න වෙන්නේ නැහැ. තමන්ගේ අයිතිවාසිකම් ගැන සටන් කරන එක හොඳයි. නමුත් මේ ශිෂ්‍ය ලෝකයෙන් එහා ලෝකය වෙනස්. පරිපාලන ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනා ලංකාවේ උපාධිධරයන්. මේ අය මැටි මෝල්ලු නෙමේ.
ReplyDeleteI totally disagree with Privet universities.In the case of introducing privet universities actual intention of the government is nothing else but to reduce the monetary provisions they spend on education.Some developed countries which don't have free educational system are providing big percentage of there national income than Srilanka on education [Unfortunately I do not have sufficient information to give you].The truth is most of our university students are not in a position to pay on there higher education.(Even primary and secretory education).this will be the first step of sweeping off the free education from our island.Right of education will again be restrict to high class people.This is nothing but U turning of Mr.C.W.WKannangara's policy.Do you know why a person like S.B was given the ministry of higher education? He can manage any kind of force fighting against him."HODIN NETHTHN NARAKIN" Providing chance for education merchants!
ReplyDelete[Sorry for using English:currently not having Sinhala uni codes]
රයිගම - ලංකාවේ ප්‍රමිති කරණයේ අවුල් තියනව ගොඩක් තැන්වල , කොහොම උනත් මේ පනත ඇතුලේ , ප්‍රමිතිකරණ රාමුවක් තියනවාය කියලයි කියන්නේ .
ReplyDeleteමහවෙදනා - ඒක නම් අවුලක් නැහැ නේ ?
පිසාචයා - ලිඳෙන් වතුර බොන එක හරි , ලිඳට ඇතුලට වෙලා ලිං මැඩියො වෙන්නෙ නැතුව . ආර්ථික අපහසුතා තියන ළමයි අර ඒ ලෙවල් පාස් වෙලා ගෙදර ඉන්න අය අතර නැද්ද . සල්ලි කාරයෙකුගෙ ළමයෙක්ව රට යවල උගන්වයි , තමන්ගෙ ව්‍යාපාරයකට එකතු කරගනියි .ඔය දැනටත් ලංකාවේ අපුරුවට කරගෙන පිටරට උපාධියක් කරවයි , අර දුප්පත් ළමයට තමයි විකල්පයක් ඇත්තෙම නැති වෙන්නෙ .
රාවනාගෙ පරපුරේ එකා - ඔබතුමා ගේ කමෙන්ටුවේ අදහස මට පැහැදිලි නැ , ඔය උපාධි "කඩ" යෙදුමම ප්‍රශ්නය වැරදි කොනකින් අල්ල ගැනිල්ලක් කියලයි මම හිතන්නේ
ජයසිරි - සැහෙන්න පරණ තැටියක්නේ ,පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මාය කියල ආණ්ඩුව උසස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කරනවාය කියන්නෙ කොහොමද , ඒක එහෙම ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි . රාජ්‍ය විශ්ව විද්‍යාල වැහුවොත් රජයත් ඊලඟ පාර ගෙදර
ReplyDeleteවෛද්‍ය ශිෂ්‍යයන්ගෙ විරෝධය පිටිපස්සෙ තියෙන්නෙ වෛද්‍ය කවුන්සිලය. වෛද්‍ය වෘත්තිය ලංකාවෙ මාෆියාවක් වගේ පවත්වගන්නෙ ඒකෙන්. ඒ ඒකාධිකාරය බිඳවැටෙනවට තියෙන බය තමයි ඔය එලියට එන්නේ.
ReplyDelete@yango - ඔබතුමා දීල තියන ලිපිය බැලුවා , නිදහස් අධ්‍යාපනය රැකගන්න , හැබැයි සල්ලි දීල ඉගෙන ගන්න උන්ට කුහක කම් නොකර . ඔය දීල තියන ලිපිය තනිකර පාදක වෙලා තියෙන්නෙ වෛද්‍ය විද්‍යාල ගැන . වෛද්‍ය උපාධිය අනික් ඒවාට වඩා සුවිශේෂි අවස්ථාවක් කොහොමටත් . ඒ වගේම ඉන්දියාවේ දේශපාලකයින්ට හා නිලධාරීන් ගෙ වංචාවනුත් සීබිඅයි එකෙන් ඒවා අල්ලන එකත් ඔය එක ක්ෂෙත්‍රයක අදාල දෙයක් නෙවෙයි . ඉන්දියාවේ පුවත් පත් වෙබ් අඩවියක් බැලුවොත් හැමදාම ස්කැම් එකක් ගැන ලිපියක් දකින්න පුලුවන් එහෙම රටක එක සිද්ධියක් අල්ලන් මේ වගේ කතන්දරකට ප්‍රවේශයක් ගන්න එකම වැරදියි. ඊලඟට නිදහස් අධ්‍යාපනය ගැන අඬ වැටෙන දොස්තර මහත්තුරු නිදහස් සෞඛ්‍යය (රටේ සියලු දෙනාටම බලපාන ) බල්ලට දාල පුද්ගලික ඉස්පිරිතාල වලට ප්‍රමුඛතාවය දෙන එකයි හාස්‍ය ජනකම කාරණය . ඊලඟට තවත් තර්කයක් ගේනවා ප්‍රි පේඩ් ඉගනිල්ලක් ගැන . ඒකත් බොරු කථාවක් . ඔය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ගේ උපාධියට ඒ පුද්ගලයෙගෙ දෙමව්පියන්ගෙ බදු මුදල විතරක් නෙවෙයි සැහෙන පිරිසකගෙ බදු මුදල් අයවෙනව . ඊට පස්සෙ උපාධිධාරියට ආණ්ඩුවෙන් රස්සාවක් දුන්නාම ආයෙම පාරක් පඩි ගෙවන්න සල්ලි යන්නෙත් මහජනයගෙන් .
ReplyDeleteමගෙත් යාලුවෝ ඉන්නවා ඇත්තටම උවමනා නැතිව මහපොළ ගන්න අය. ඒ වගේම ඉන්නවා ඇත්තටම ලැබෙන මහපොලත් මදි කට්ටිය (කොහොම උනත් මහපොළ නම් හම්බවෙන්නේ රටේ රටවැසියා සුදු කෙලින සල්ලි නිසා ප්‍රශ්නයක් නෑ ).
ReplyDeleteඔය part time කරලා ඉගෙන ගන්න කතාව මම නම් දැන් නෑ මෙහාට කොච්චර apply කරන්න පුලුවන්ද කියල?
මොකද IT වල නම් සාමාන්‍යන් part time කරලා මාසෙකට හොයන්න පුළුවන් උපරිම ගාන 20000 විතර. meeta වැඩ ගොඩක් හොයන අයත් ඉන්නවා. හැබැයි බහුතරයකට මීට වඩා අඩුයි. ආණ්ඩුවට අලුතින් part time ජොබ් හදන්න බෑ. කරන්න පුළුවන් අලුතින් ණය පහසුකම් ඇති කිරීම පමණයි. ණය කියලත් සමහර ණය ඇති කරන එක බැරි වෙයි. වෛද්‍ය උපාධියට වගේ මොකද අවුරුදු ගානකින් ලැබෙන්න තියන දෙයකට ලක්ෂ 50-60 ණය දෙන්න කව්ද? ඒ වගේම ඒ වගේ ගානක් ගෙවන්න මාසෙකට ගෙවන්න ඕන ගාන වෛද්‍ය වැටුපත් එක්ක ගත්තහම තවත් private channel කරන්න වෙයි.
මම නම් හිතන්නේ විශ්ව විද්‍යාලයකින් උපාදියක් අරන් පිට වෙද්දී ලක්ෂ ගානක ණය තියන එක ඒ පුද්ගලයට නම් හොද දෙයක් නෙමේ. එයාව රස්සාවට ගන්න අයතනයට නම් හොඳ දෙයක් වෙයි මොකද දෙන්න ඕන පඩිය අඩු නිසා (beggars can't be choosers කියල කතාවක් තියෙන්නේ නිකමට නෙමේනේ). රස්සාවට ගන්න අයතනයට නම් හොඳ දෙයක් වෙයි මොකද දෙන්න ඕන පඩිය අඩු නිසා.
ඒ නිසා මම නම් හිතන්නේ නෑ ඒක හොඳ වැඩක් කියලා.මට අනිත් අය ගන නම් කියන්න බෑ, ඒත් මම නම් කැමති නෑ කිසිම ලමයෙක් රස්සාවක් කරන්න කලින්ම ලක්ශ ගානක නය කරුවෙක් වෙනව දකින්න.කවුරු හරි අදහස් කරනවනම් සියලුම උපාධි වලට මුදල් අය කරන්න ඕන කියල ඒක තමා උත්තරය.
නමුත් විශ්ව විද්යාල අධ්‍යාපනය සුදුසුකම් ලැබු සියලු දෙනාට එ අවස්තාව දෙන්න ආන්ඩුවට නොහැකි නිසා මුදල් ගෙවා ඒ පහසුකම ලබ ගැනිමේ අවස්තාව ලබා දිය යුතුයි.
ආන්ඩුවෙ නියාමනය ගැන නම් මට එතරම් බලපොරොත්තු නෑ.
මාලබෙ වෛද්‍ය උපාධියට UGC අවසර ලබ දුන් ආකාරය මෙයට හේතුවයි.මෙවැනි දේ වලින් වෙන්නේ "UGC පිළිගැනීම" ජෝක් එකක් වී අනිත් ඒවටත් තිබෙන තැන නැති වීමයි.
ම ක
No my friend.Go through the Budgets. Expenditure on education is reducing year by year.Even now thousands of university students urge physical facilities for their universities.(Eg: Preradeniya - Management faculty still not established with facilities but one or two batches of students are there ; When I was having my higher education some years ago my friend who attended to Sabaragamuwa for Surveying degree had to fight with government for 5-6 years to establish the faculty with facilities )There are many examples but above two will enough to proof my argument.(How the government treat the free education).
ReplyDelete@ මිගාර,
ReplyDelete//මෙහි කිසිම පත්වීමක් දේශපාලනික නොවිය හැකි අන්දමින් සැකසීම කළ යුතුය//
කවද හරි ඒක අපේ රටේ කරන්න පුළුවන් වෙයිද?
අපට වරදින්නේ ප්‍රශ්නයේ මූලික තැනදීමය.
ReplyDeleteඋදාහරණයක් ලෙස ඉංගිරිසි ඉගැන්වීම වෙනුවට ඉංගිරිසියෙන් උගන්නන්න ගොස් ඇණ ගත්තෙමු.
මෙතනදීත් එහෙමයි.
ලංකාවට අද අවශ්‍ය පෞද්ගලික විශ්ච විද්‍යාලද නැත්තම් ?
එකගයි එකගයි එකගයි, මාත් ඔය ගැනම ඊයේ, http://oyaimai.wordpress.com
ReplyDeleteඑකගයි එකගයි එකගයි, මාත් ඔය ගැනම ඊයේ ලීවා http://oyaimai.wordpress.com
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමාත් මේ ගැන සවිස්තර ලිපියක් හා මිගාර වෛද්‍ය තුමාගේ අදහස් ඇසුරෙන් ලිපි දෙකක් ලියල තියනවා ටික කාලෙකට ඉස්සර...වෙලා තියන වෙලාවක ගිහින් කියවන්න...වැදගත් වෙයි සමහරවිට...
ReplyDeletehttp://sabithl.blogspot.com/2011/07/blog-post_17.html
පිසාචයාට,
ReplyDeleteපුද්ගලික වි.වි පටන් ගත්තාය (දැනටත් තියෙනවා) කියා දැනට පවතින රජයේ වි.වි වසා දමන බව කීම බොරු හුඹස් බියක් ඇති කිරීමකි. ඒ නිසා ළිඳ රැක ගැනීමේ ගැටළුවක් පැන නගින්නේ නැත.
කෙසේ නමුත් රජය පුද්ගලික වි.වි නිසා රජයේ වි.වි වසා දමන්නේ යයි මොහොතකට උපකල්පනය කරමු. එයට විරුද්ධ විය යුත්තේ ශිෂ්‍යයන් ද? නැතිනම් මහ-ජනතාවද? මහජනතාවට නොතේරෙන දෙයක් වි.වි ශිෂ්‍යයන්ට තේරෙන්නේ යැයි ඔබ නොකියනු ඇතැයි සිතමි.
100% එකඟයි
ReplyDeleteකළු පූසා
පුද්ගලික විශ්ව විද්‍යාල පනත ජනේරැවේ ගේන්න යන්නේ අහසේ නොව ලංකාවේ පොලොවේය.ඒ නිසා මේ ගැන කරන සාකච්ඡාව ලංකාවේ සන්දර්භය තුල සිදුකල යුතුය.සංකල්ප ගැන අහසේ වාද කරලා පලක් නැත.
ReplyDelete1.පුද්ගලික විශ්ව විද්‍යාල කතාව එන්නේ රාජ්‍යය සේවා සැපයීමෙන් ඉවත් වෙන්න ඕනෙ කියන නව ලිබරල් න්‍යාය අනුව.ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව දදේ නිමැවුමෙන් 6%ක් රජයක් අධ්‍යාපනය සදහා යොමුකල යුතු උනත් ලංකාවේ ඒ සදහා යෙදෙන්නේ 2%-3% අතර මුදලකි.
https://www.cia.gov/library/publications/the-world-factbook/rankorder/2206rank.html?countryName=Cuba&countryCode=cu®ionCode=cam&rank=2#top
රාජ්‍ය විශ්ව විද්‍යාල වල සම්පත් හා පහසුකම් පිලිබද බරපතල ප්‍රශ්න තිබේ.පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ පාවිච්චි කරන්නේ 1960 ගණන්වල ගෙන්වූ ඔසිලොස්කෝපයකි.ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිකමින් විශ්ව විද්‍යාල මිරිකේ.පුද්ගලික විවි ස්ථාපනය කරන්නට යන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන හිගකමින් මිරිකෙන ඒ සදහා වෙන්කරන ප්‍රතිපාදනත් දවසින් දවස කප්පාදු වෙමින් තිබෙන පසුබිමකය.මෙහිදී ඇතිවන තරගය රාජ්‍ය විවි වලට කිසිසේත් හිතකර නොවේ.මන්ද තරග බිම අසමාන බැවිනි.විශාල ගාස්තු නිසා උක්ත පහසුකම් හොදින් සැපයීමේ හැකියාව පුවිවි වලට ලැබෙන අතර රාජ්‍ය විවි වල හොද ආචාරයවරුන්ද ඒවා අත්හැර පුවිවි වලට යාම වැලැක්විය නොහැක.(එය සීමා කිරීමට නීති ගෙන ඒම කොන්ඩේ බැදපු චීනුන්ට කිව හැක.එලෙස රැකියා ගිවිසුමකට එලඹීම සීමා කරන නීති ගෙන ඒම මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර පහසුවෙන් උසාවියක් ඉස්සරහ අභියෝගයට ලක්කල හැක්කකි.අනිත් අතට එසේ සීමා කරන්නේ කොපමණ කලකටද?අවුරුද්දකට?දෙකකට?ඒ අවුරුදු දෙක ඉවර වෙලා එයාල පුවිවි වලට යාවි.එතකොට ප්‍රශ්නය හරිද?)විශේෂයෙන්ම රාජ්‍ය විවි වල ආචාර්යවරුනට ගෙවන්නේත් සොච්චමකි.එම සොච්චම වැඩිකරන ලෙස ඉල්ලා පසුගිය දිනෙක වර්ජනය කලවිට ආන්ඩුව ඔවුන්ට දැමූ ගෙම්බර් අපි දුටිමු.මේ කිසිවක් ඊනියා පුවිවි සපෝටර්ලා සැලකිල්ලට ගන්නේ නැත.
2.ලංකාවේ පිහිටුවන්නට යන්නේ වානිජමය පරමාර්ථය සහිත පුවිවිය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් වගේ ඒවා එවැනි උපාධි කඩ නොව අපේ රටේ ට්‍රිනිටි සෙන් තෝමස් වගේ සුබසාධක අර්ථයෙන් පවත්වාගෙන යන ලාබ අරමුන රහිත පුද්ගලික ආයතන වේ.වානිජ පරමාර්ථය සමග අධ්‍යාපනය සම්බන්ධ කල විට හටගත හැකි ගැටලු රාශියකි.අද රෝයල් ඉන්ස්ට්ටියුට්හි නීතිය හදාරා පිටවන සෑමකෙනෙක්ම පාහේ පිටවන්නේ ක්ලාස් සහිතවය.ලාභ අරමුණ මත සිසුන් අද්දාගැනීම සදහා මේ වගේ ගොංපාට් වලට පුද්ගලික ආයතන පෙලඹිය හැකි අතර ඉන්දියාවේ පදුරු ගානේ බිහිව තිබෙන උපාධි ප්‍රදාන ආයතනය යැයි කියාගන්නා ඒවා සම්බන්ධව ගැටලු ගණනක් පවතී.දැන් බුවා මේක නියාමනය කල යුතු යැයි කියනු ඇත.ලංකාව් සන්දර්භය තුල හිදගෙන කතාකරන්න යැයි මා කියන්නේ ඒ නිසාය.ලංකාව පුරා තිබෙන ජාත්‍යන්තර පාසල් ටික ප්‍රයිවට් බස් ටික නියාමනය කරගන්න බැරි ආන්ඩුව කරයි නියාමයනය මේක විතරක් නියමෙට!
3.පුද්ගලික විවි ධනවතුන්ටය.මාලඹේ එකෙන් උපාධිය ගන්න ලක්ෂ 65 ක් ගෙවන්න ඕනෑය.මේක කරන්න මේ රටේ 99% දෙනාට මේ කපේදී බැරිය.මේ ඒ ලෙවල් කරල කැම්පස් යාගන්න බැරිවෙන මුදලාලිලාගේ ඇමතිලාගේ නිලධාරින්ගේ බබාලාට ඩිග්‍රිය ගන්න හදන ෂෝට් කට් එකක් මිස වෙනෙකක් නොවේ.දැන් පුවිවි තිබ්බම තත්වය මේකය.දුප්පත් කොල්ලෙක්ට ( ලංකාවේ බහුතරය එහෙමය.46% පමන තාම ඉන්නේ දෛනික ආදායම ඩොලර් 2 ට යටිනි) ඩිග්‍රියක් ගන්න නම් උසස් පෙල කරල කට්ට කාල රිසල්ට්ස් දැමීමට සිදුවේ.නමුත් ඔබට සල්ලි තිබේ නම් කට්ට කන්න හෝ මහන්සි වෙන්න ඕනෑ නැත.එස් 3ක් දාගත්ගොත් සල්ලි වියදම් කරල නිකම්ම සරසවියට යා හැක.මේක ඒලෙවල් කොරල ඇතුලට යාගන්න බැරිව ඉන්න සල්ලිකාරයන්ගේ ලමයින්ට දෙන බෝනස් චාන්ස් එකකි.දුක පේරාදෙනියට මැනේජ්මන්ට් ෆැකල්ටියක් නොදෙන ආන්ඩුව රජරට වෛද්‍ය පීටයට මහාචාරය ඒකකයක් නොදෙන ආන්ඩුව පේරාදෙණියට අලුත් විද්‍යාගාර උපකරණ නොදෙන ආණ්ඩුව - ඒ කියන්නේ සාමාන්‍ය පංතියේ ලමයින්ට ඉගෙන ගන්න තියෙන ආයතන වලට කුඩම්මාගේ සැලකිලි දක්වන ආන්ඩුව- මේ බෝනස් චාන්ස් එක අර අයට අරන් දීම වෙනුවෙන් සෙම දාගෙන පෙන හලාගෙන මහන්සි වීමය.මේවා යට තිබෙන කොමිස් හා වෙනත් වරප්‍රසාද ගැන බුවා නොදන්නවා යැයි නොසිතමි.ඒත් ඒ කිසිවක් ගැන ඔවුන් කතානොකරන්නේ පුද්ගලික විව මාරයි කියල ෆැන්ටසියක් ඔවුන් තුල තිබෙන නිසාය.
- සමන්තභද්‍ර
එංගලනතයේ තියෙන්නෙත් පුද්ගලික විශ්ව විද්‍යාල එකයි.අපේ ලොක්ක දැනටම අපේ රටෙ එකක් දාල තව දුසිම් ගානක් අරින්නත් යනවා.මේව තනිකර අධ්‍යාපනයේ ගුනත්වය හෑල්ලු කොරන කොමිස් වැඩ.මේක නොතේරෙනව නම් ඌ අමු මැට්ටෙක්.පේරාදෙනියේ කොල්ලො 3000 විතර පෙලපාලියක් එන්න හැදුව ඒක නවත්වලා ශිෂ්‍ය සංගම් තහනම් කරා.මේව හරිද?උන් විරුද්ධ නම් විරෝධය දක්වන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනව නෙව.සංගම් තහනම් කරන්නේ මක්කටයි?දුප්පත් කොල්ලොන්ගේ සංගම් තහනම් කරල පෙලපාලි තහනම කරල සස්පෙන්ඩ් කරල කටවල් වහල සල්ලිකාරයන්ට කැම්පස් දාන්නයි මේ හදන්නෙ.මේ ප්‍රයිවට් කැම්පස් මේ රටේ බහුතරයක් වෙනුවෙන් නෙමෙයි.ඒක ධනවතුනට දෙන වරප්‍රසාදයක්.අධ්‍යාපනයේ සම අයිතිය අහිමි කිරීමක්.
ReplyDelete@අනෝ (4.14 ) - අනිවාර්යයෙන්ම , පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට බනින දොස්තර මහත්තුරු කිසි හිරිකිතයක් නැතුව නිදහස් සෞඛ්‍යය තියන රටේ පුද්ගලික වෙදකම කරනව . හැබැයි ඒ අයගේ තර්කය බොහොම ප්‍රභලයි . වෛද්‍ය උපාධියක ගුණාත්මක භාවය ගැන ප්‍රශ්නය අනික් ඒවට වඩා සිරියස්
ReplyDelete@මගේ කථාව - ඔබතුමා මුදලට උසස් අධ්‍යාපනය ලබාදීම කියන සංකල්පයට එකඟ වීම සතුටට කාරණයක් . ණය කියන්නේ එක් දෙයක් විතරයි . මුදල් ගෙවල ඉගෙන ගන්න ආර්ථික හැකියාවක් නැති කෙනෙකුට තියන එක ඔප්ශන් එකක් ,
@ජයශ්‍රි - සහෝදරයා .. රජය අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කරනව නම් , ඒක පුද්ගලික විශ්ව විද්‍යාල තිබුනත් නැතත් කරනව , පුද්ගලික විශ්ව විද්‍යාල පනතක් ගෙනාවාය කියල ඒක අඩු වැඩි වෙන්නෙ නැහැ . අමතක කරන්න එපා ලංකාවේ රජය මෙ කරන්නේ ලෝකේ කිසිම රටක් නොකරන වැඩක් . ඒ නිසා පහසුකම් වල අඬු ලුහුඬු කම් තියෙන්නෙ පුලුවන්
ඔබ්සර්වර් - ඒක නම් ප්‍රශ්නයක් තමයි
ReplyDeleteකතන්දර - පුද්ගලික විශ්ව විද්‍යාල මේ මොහොතේ අවශ්‍යතාවය නොවුනාය කියමු , ඒත් දැනටමත් පෞද්ගලික උසස් අධ්‍යාපනය ලංකාවේ තියනව . ලංකාවේ සැහෙන ලමයි ප්‍රමාණයක් ඒවයෙ ඉගෙන ගන්නවා . ජාවා මුදලාලි වගේ හොරු තවත් බිහිවෙන්නෙ කලින් ඒවා ගැන යමක් කෙරෙන්න අවශ්‍යයයි . ඔබතුමා දකින කාලින උසස් අධ්‍යාපන අවශ්‍යතාව මොකක් වුනත් වර්ථමාන රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් පමණක් ඒවා ඉටු කරගන්න පුලුවන්ද්?
සබිත් - ඔබතුමාගෙ ලිපි දෙකම කියෙව්ව ,එකක පලවෙනි කමෙන්ට් එකත් මගේ .
කලු පුසා - ස්තුතියි
මං නං කියන්නේ කළ යුත්තේ තියෙන විශ්ව විද්‍යාලවලට පෞද්ගලික මුදල් ගෙනැවිත් ඒවා පුළුල් කර වැඩි පිරිසකට ඉගෙන ගැනීමේ පහසුකම් සපයා දීම කියලයි. ඉගෙන ගන්නා අය රැකියා කරන අතරතුරේ තමාට වියදම් වුණු මුදලින් කොටසක් ගෙවීමෙන් මේ අමතර ප්‍රතිපාදන හොයා ගත හැකියි.
Deleteමෙම ක්‍රමය ලෝකයේ වෙනත් රටවල ක්‍රියාත්මක වෙන එකක්. එංගලන්තය, ඕස්ට්රේලියාව වගේ රටවල පුද්ගලික විශ්ව විද්‍යාල දෙකකට වඩා නෑ. ඇමරිකාවේත් තියෙන්නේ මා දන්නා පරිදි දානපතියන් ගේ මුදලින් ඇරඹූ ඒවා තමයි බොහෝදුරට පුදගලිකයි කියලා.
උසස් අධ්‍යාපනය ලාභ හොයන ව්‍යාපාරයක් විය යුතු නෑ!
සමන්ත බද්‍ර - ඔබතුමාගෙ පලවෙනි තර්කය සත්‍යයක් බව පිලිගන්නව . ඔය සඳහා තියන හොඳම විසඳුම වෙන්නෙ රජයේ විශ්ව විද්‍යාලතුලම වාණිජ වශයෙන් සිසුන් ප්‍රමාණයක් ඇතුලත් කරගැනිමේ ක්‍රමවේදයක් ඇති කරන එක . එතකොට් පහසුකම් වැඩි දියුණු කරන්න රජයට ණයක් තුලින් හෝ ආයෝජයකට යන්න පුලුවන් උපයා ගැනීමේ ක්‍රමවේදයක් තියන නිසා .ඔබතුමා ඕකට එකඟද ?ඔඅබතුමා එකඟ වුනත් ලංකාවේ පවතින යථාර්තය තුල කරන්න පුලුවන්ද සිසුන් ඉඩ දෙනවද ? ලංකාවේ රජයන් රටේ බරපතල යුධමය තත්වයක් එක්ක කටයුතු කලේ පහුගිය කාලය පුරාවටම , තවමත් ගෙවිය යුතු යුධ වියදම් තියනව . මෙහෙම තියෙත්දි අධ්‍යාපනය වෙනුවෙන් කරන වැය ප්‍රතිශතය අඩු වීම සම්පූර්ණයෙන් අසාධාරණයි කියන්න බැ .
ReplyDeleteරෝයල් ඉන්ස්ටි ටියුට් එක ගැන නම් දන්නෙ නැ , හැබැයි තොරතුරු තාක්ෂන අධ්‍යාපනය සම්බන්ධ උපාධි ප්‍රදානය කරන ගුණාත්ම භාවය පිලිබඳ පිලිගැනීමක් ඇති ආයතන වල නම් ඔහොම තත්වයක් නැ . මම දන්න තරමින් රෝයල් ඉන්ස්ටියුට් එක කරන්නෙ ලන්ඩන් විශ්ව විද්‍යාල භාහිර උපාධි වලට පහසුකම් සැලසීමක් . ලන්ඩන් විශ්ව විද්‍යාලීය භාහිර උපාධි රටවල් 100ක විතර ප්‍රචලිත එකක් , ඒක සල්ලි දුන් පලියට ෆස්ට් ක්ලාස් දෙන එකක් නෙවෙයි . උපාධියක ක්ලාස් ක්ලැරිෆිකේශන් එකට තරඟයක් නැති නිසා මුලු ශිෂ්‍ය කණ්ඩායම ඉතා දක්ෂ නම් බහුතරයකට ෆස්ට් ක්ලාස් එන එක අරුමයක් නෙවෙයි . සමහර විට අදාල ආයතනය විභාග මට්ටම් වලටත් වඩා ඉතාම ඉහලින් ඉගැන්වීම් කටයුතු කරනවා වෙන්නත් පුලුවන්
ඔය දොස්තර උපාධිය විතරයි ලක්ෂ 50 /60 මට්ටමෙ තියෙන්නෙ දැනට තියෙන අනික් උපාධි විදේශිය ඒවා ලක්ෂ 10-20 අතර , දේශීය ආයතනවල 3-8 අතර . ඔය ආයතවල ඉගෙන ගන්නේ කොටිපතියන්ගෙ ලමයි විතරක් නෙවෙයි . විශේෂයෙන්ම 3-8 අතර මට්ටමේ පාඨමාලා වල සාතිශය බහුතරයක් ඉන්නෙ මධ්‍යම පාන්තිකයින්ගෙ ලමයි . පුද්ගලික බස් හෝ ජාත්‍ය්න්තර පාසල් නියාමනයට මොකුත් නොකලට රජය ජනවාරීයේ ගෙන්න හදන පනත තුලින් බ්‍රිතාන්‍යයේ තියන ආකාරයෙ ගුණාත්මක රාමුවක් යෝජනා කරල තියනව . අර ව සම්බන්ධ එහෙම ඒවා නැති නිසා මතුවෙලා තියන ආකාරයේ ගැටලු ආරම්භක අවදියේදිම නීති රිති සහිතව කරන වැඩ පිලිවෙලකදි මතුවෙන්නෙ නැ
Ano 1.09AM - එකයි නෙවෙයි ලංකාවේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සැහෙන්න තියෙයි , තමන්ගෙම උපාධි දෙන්න බලය තියන පුද්ගලික විශ්ව විද්‍යාලත් කිහිපයක් තියෙයි . ප්‍රතිපාදන කොමිසමේ වෙබ් සයිට් එකෙන් ලිස්ට් එක බලාගන්න . බ්‍රිතාන්‍යයේ තියන සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාල වාණිජ පරමාර්ථ සහිතව තරඟ කාරිව පවත්වාගෙන යන ඒවා , නොමිලේ උපාධි දෙන ඒව නෙවෙයි . ලංකාවෙත් එහෙම කරනවට කැමතිද ?
ReplyDeleteශිෂ්‍ය සංගම් තහනම් කරන ඒවට නම් මාත් විරුද්ධයි . හැබැයි ඉතින් ඔය පාගමන ආවයි කියල මහ දෙයක් වෙන්නෙ නැ ට්‍රැෆික් වැඩිවෙලා අන්තිමේදී පොලිසියෙන් ගුටිකන එක තමයි වෙන්න පුලුවන් ලොකුම දේ
@buwa,
ReplyDelete//ශිෂ්‍ය සංගම් තහනම් කරන ඒවට නම් මාත් විරුද්ධයි . හැබැයි ඉතින් ඔය පාගමන ආවයි කියල මහ දෙයක් වෙන්නෙ නැ ට්‍රැෆික් වැඩිවෙලා අන්තිමේදී පොලිසියෙන් ගුටිකන එක තමයි වෙන්න පුලුවන් ලොකුම දේ //
ඔය පාගමන් යන්නේ ගුටි කන්න බලාගෙනම තමයි. නරක තැනකට පොලුපාරක් වැදිල එකෙක් මැරුනොත් හරි අබ්බගාත උනොත් හරි ඒකෙන් ගොඩයන්න බලන බංකොලොත් දේසපාලකයො ඉන්නවා. වි.වි වල දේසපාලනය කියන්නේ බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්.
ශිෂ්‍ය සංගම් වල හිටපු නායකයො සෑම දෙනාම පාහේ දැන් පූර්ණ කාලීන දේසපාලකයො එහෙම නැත්නම් දේසපාලන පත්වීම් ලබා ඉහල රැකියාවල නියුතු අය.
@Buwa: Free education is a responsibility of the government which should not be neglected.(Specially in a country like Srilanka - This is actually a poor country).Money you spend for education is future investment (Not only for a unit of family but also for a country or nation)
ReplyDelete@Samanthabadra: You have said What I meant to say.Thanks!
@radicaladahas : When pointing the moon, don't look at the finger.
@Jayasri,
ReplyDeleteකියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.
Read this to understand why I look at the finger first :-)
@බුවා- ඔයාම ප්‍රශ්නෙයි උත්තරෙයි දෙකම දීල තියෙනව.
ReplyDeleteමාසෙකට රු.600ක් දීලා ලමයින්ව ටියුශන් යවා ගන්න සල්ලි නැති දෙම්ව්පියො කොමද ලක්ශ ගණන් දීලා මේවට ලමයි ඇතුල්කරන්නේ.අනිත් කාරණය තමයි, ඔය කියා තියෙන ගණන් මිනුම් හැමදාම ඔතනම තියේද...
ඇමරිකාවට පඩයක් ගියත් එදාම පාන් පිටි මිල වැඩිකරන රජයක් එක රැයෙන් ඕවයි ගණන් දාස්ගානින් වැඩි කරන්න ඉඩ නොදෙයි කියල තඹ සතේකට විශ්වාස කරන්න පුළුවන්ද......
@රැඩිකල්- ඒක බොරු හුඹස් බයක් නෙවෙයි .....
මේ අවුරුද්දේ මාළබේ වයිද්‍ය පීඨයට රජය කෝටි 600ක් වෙන් කරල,අත යට ණයක් දෙනකොට මුළු පේරාදෙණිය වි.වි ටම (ෆැකල්ටි 9ට )
වෙන් කරල තියෙන්නෙ කෝටි 116 වගේ ගාණක්....
ඔය දීපු ණය ලැබෙයිද.....?
පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම කළයුතු දෙයක්.ඒ වගේම රජයේ විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කළයුතුයි.
ReplyDeleteමම අධ්‍යාපනය මුදලට දීමට අකමැති වුවත් එය නොකර බැරි දෙයක් බව තෙරුම් ගෙන සිටිමි. හැකි නම් සුදුසු කම් ලැබු සියලු දෙනාටම තමන් සුදුසු කම් ලැබූ තමන් කැමති වි.වි. උපධිය හොද පහසු කම් යටතේ නොමිලෙ දෙන්නට හැකි නම් මම ඉතා කැමතිය.එය කල නොහැකි දෙයක් බව පැහැදිලිය.
ReplyDeleteකෙසේ නමුත් ලන්කාවේ අටවන්නට යන්නේ නියමකාරයේ private/ not-for-profit university (ලාභ නොලබන) නොව proprietary/for-profit (ලාභ ලබන) ය.මාලබෙ ආයතනයද මේ වර්ගයේ එකකි.
බොහො විට පිටරට ඇති මුදලට උපාධි විකුනන ආයතන (diploma mill) මේ වර්ගයේ ඒවාය. මෙනිසා ලන්කාවට තිබෙන නමත් නැති වී යා හැක.
මෙහි සදහන් කර ඇති පේරාදෙනි සිසුන්ගේ උද්ඝොශනය මග නැවත්විම හා එය සමකාමිව නැවතිම ගැන වෙනමම කතාවක් ලිවිය හැක. ඒ මේ ශිෂ්‍ය අයිතිවාසිකම් ගැන මොර දෙන ඒ වෙනුවෙන් පන දෙන්නට සුදානම් යයි කියන ශිෂ්‍ය නායකයන් ගැනය.
ම ක
@ radicaladahas
ReplyDelete//ශිෂ්‍ය සංගම් වල හිටපු නායකයො සෑම දෙනාම පාහේ දැන් පූර්ණ කාලීන දේසපාලකයො එහෙම නැත්නම් දේසපාලන පත්වීම් ලබා ඉහල රැකියාවල නියුතු අය.//
මචං උඹේ නම රැඩිකල් අදහස් උනාට අදහස් නම් අමු ගොබ්බයි.දැනට තියෙන ශිෂ්‍යසංගම් ජවිපෙට හිතවත් එව්ව.එහෙම උන්ට දේසපාලන පත්වීම් හම්බෙලා ඉහල රැකියා හම්බෙනවද?අනේ බං උඹේ මොල පොඩිත්ත.නිකම් බොරු නොකිය හිටපං.දේශපාලන පත්වීම් හම්බෙනව එස්බී දාල තියෙන නිදහස් ශිෂ්‍ය සංගමේ නායකයන්ට නම්.ජයවර්ධනපුර මොකෝ උනේ කියල හොයල බලහං.දැන් සිසුන් අතර නිදහස් එකට කිසි සපෝට් එකක් නැහැ.මොකද කාලයත් එක්ක උන්ට තේරුනා නිදහස් එවුන් කරන්නේ ශිෂ්‍ය අයිතින් වෙනුවෙන් පෙනී ඉන්න මගුලක් නෙමෙයි රස්සාවක් ගන්න් කොන්ත්‍රාත් එකක් කියල.සස්පෙන්ඩ් වෙන අවදානම තියාගෙන ජෙප්පො වැඩකරන්නේ හරි හෝ වැරදි පුද්ගලික ප්‍රතිලාභයකට නෙමෙයි කියල සිසුන් දන්නව.
@ බුවා - මම මතුකල දේවල් සේරටම උත්තර ලැබිල නැහැ.කොහොම වුනත් වෛද්‍ය උපාධියක් ලක්ෂ දෙක තුනට දෙන්න බැහැ කියල එතකොට ඔබ පිලිගන්නවනෙ.ඉංජිනේරු එකක් දෙන්නත් බැහැනෙ.කොලිටි සයන්ස් ඩිග්‍රියක් ඒ ගානට දෙන්නත් බැහැනෙ.නේද?එතකොට ඒවට අදාලව මම අර කීව කාරණය බලපානව නේද?වරප්‍රසාද ලත් හා නොලත් කියල දෙකක් බිහිවීම.අනික ප්‍රයිවට් ඒව ලාභය අරමුනු කරගත්තම වෙන ප්‍රශ්නය ගැනත් ඔයා මුකුත් කියල නැහැනෙ.මම කෝස් එකක් කලා නුවර ඉන්ෆෝමැටික්ස් එකේ.මම ටික කාලයක් කරල වැඩේ අත්හැරියා.ඒකෙ හොදට තේරෙනව උන් පට්ට බොරුවක් කරන්නෙ කියල.නිකම් සල්ලි වලට කෙරෙන වැඩක්.අද ඉස්පිරිතාල වලට වෙලා තියෙන එක ප්‍රයිවට් යුනි හින්ද විවි වලට වෙනව.සල්ලි ගොඩක් හෑව් නම් ඇපලෝ.කිසි අවුලක් නැහැ දොස්තර ලගටම එනව.සල්ලි ටිකක් හෑව් නම් සුවසෙවන.ඉහමොල ඔක්කොම හූරගෙන කනව.හැබැයි සාමාන්‍යයෙන් හොද සර්විස් එකක්.සල්ලි නැත්තං - අපේ රටේ බහුතරය එහෙමයි.සියයට 80%-90% වගේ) ආන්ඩුවේ ඉස්පිරිතාල.ඇදවල් නැහැ.බෙහෙත් නැහැ.පෝලිම.ෆුල් කට්ට.මේක මචං උඹලට අවුලක් නැති වෙන්න පුලුවන්.ඒත් අර සාමාන්‍ය මිනිස්සුන්ටයි ඒ අසමානතාවය දැනෙන්නෙ.දැන් ඔය පෙලපාලි යන්න උත්සාහ කරන්නෙත් ඒ අයගෙ ලමයි.උන්ට අඩුම තරමින් පෙලපාලියක්වවත් යන්න ආන්ඩුව දෙන්නෙ නැහැ හැබැයි නාමල්ගේ කාර් සෙල්ලම් වලට දවස් ගනන් පාරවල් වහනව.මොකක්ද බං මේ අසාධාරණය?ප්‍රජාතන්ත්‍රවාදය අරව මේව ගැන බුදු ටෝක්ස් දෙන ඔයාල මේ කාරණා නොදැක්ක වගේ ඉන්නෙ ඇයි?ඒකයි මම කිව්වෙ ලංකවෙ සන්දර්භය ඇතුලෙ ඉදන් මේක කතාකරන්න.
- සමන්තභද්‍ර
මේ සංවාදයට ආයෙත් මැදිහත් වෙන්න හිතුවා post එකකින්ම.වෙලාව තියෙනව නම් කියවා බලන්න.
ReplyDeletehttp://meeghaya.wordpress.com/2011/12/25/වෙළඳපල-අර්ථක්‍රමයේ-ජනතා/
@පිසාචයා,
ReplyDeleteඔබ ඉදිරිපත් කර ඇත්තේ වැදගත් කරුණකි. පුවත්පත් වාර්ථාවකට සබැඳියක් ඉදිරිපත් කරන්නේ නම් මැනවි. එම මුදල් ප්‍රමාණයන් මත පේරාදෙනිය විවි වසා දමන බවක් පෙන්නුම් කරනවා ද? පේරා ෆැකල්ටි 9ටම කෝටි 116ක් මදිය කියා කිසිවෙකු කිව්වාද?
@සමන්තභද්‍ර,
ඔබ මා කියූ වැකිය උපුටා දැක්වූවත් කියවා ඇත්තේ බාගෙට ය. :-p
*හැම එකාටම* දේශපාලන පත්වීමක් ලැබුනා යයි මා කිව්වේ නැත. ඔබ කියන දේශපාලන පත්වීමක් නොලද, දේසපාලුවෙකුත් නොවුන ශිෂ්‍ය සංගම් නායකයන් කිහිප දෙනෙකුගේ විස්තර හොයාගෙන මගේ බ්ලොගයේ හෝ ඔබේ බ්ලොගයක ඉදිරිපත් කරන්න. අපිට එතකොට සාකච්චාව ඉදිරියට ගෙනයන්න පුලුවන්.
සමන්ත බද්‍ර - ශිෂ්‍ය සංගම් තහනම් කිරීම වගේ වැඩ මම කිසිසේත් අනුමත කරන්නේ නැ , ඒ බව කලින් කමෙන්ටුවකත් සටහන් අරපු බව මතකයි . වෛද්‍ය උපාධිය ලක්ෂ 50ක් හැටක් වුනාට ඉංජිනේරු උපාධිය ඊට බොහොම අඩු මට්ටමක තියෙන්නෙ , අර කලින් ආරියනන්ද මහත්තය සඳහන් කරල තියන රසායන විද්‍යා ආයතනයේ ඉතාම උසස් ගනයේ විද්‍යා උපාධියක් ලබාදෙන්නෙත් ලක්ෂ 50 ගානකට නම් නෙවෙයි . ඔබතුමා නුවර ආයතනයක් ගැන සඳහන් කරල ඒකේ ගුණාත්මභාවය නැතෙයි කියනව , එහෙම තත්වයන් ඇති වෙන එක වලක්වන්න තමයි පනතක් ගේන ඒම අවශ්‍ය වෙන්නෙ . දැනට ලංකාවේ තොරතුරු තාක්ෂනය සම්බන්ධ පාඨමාලා කරන ආයතන රාශියක් තියනව . සමහර ආයතන ඉතාම ඉහල ගුණාත්මක බාවයක් තියාගෙන යත්දි තවත් ඒවා සම්පූර්නයෙන් මුදල් ගසා කැම් බවට පත්වෙලා .ඔය විශම තාවය නැති කිරීමට නියාමනයක් කල යුතුයි කියල තමයි මම අවධාරනය කරල තියෙන්නෙ . රජයේ රෝහල් වල තත්වයට මූලිකවම වග කියන්න ඕනි එක පිරිසක් තමයි ජනතාවගෙ සල්ලි වලින් ඉගෙන ගෙන පුද්ගලික රෝහල් ව්ලදි විතරක් හරියට සේවය කරන දොස්තරල . අනික් කාරණය සුලු මුදලක් ගෙවන්න පුලුවන් කෙනාටත් , සෞඛ්‍ය පහසුකම සම්පූර්නයෙන්ම මුදල ගෙවල ගන්න පුලුවන් කෙනාටත් , නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලැබිය යුතු කෙනාට වගේම නොමිලේ සියල්ල ලබා දෙන . ඒකෙන් වෙලා තියෙන්නෙ අර දුප්පත් මිනිස්සුන්ටම කෙල වෙන එක .නැතුව පෞද්ගලික රෝහල් තිබීමේ වරදක් නෙවෙයි තියෙන්නෙ
ReplyDeleteKc - ස්තුතියි අදහසට
ReplyDeleteපිසාචයා - ඒ වෙනුවෙන් තියන විකල්ප ක්‍රම ගැන මම ලිපියෙ කියල තියනව , නිදහස් උසස් අධ්‍යාපනය නැති රටවල උපාධි ලබාගන්න සියලු දෙනාම සල්ලි කාරයෝ කියලද හිතන්නේ , ශිෂ්‍යතව ක්‍රම සහ ණය ක්‍රම ඒ රටවල ගොඩක් ප්‍රචලිතයි . උසස් පෙල සමත් වුනු ඒත් ආර්ථික ශක්තියක් නැති ළමයින්ට දැනට ලංකාවේ විකල්පයක් නැ . නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමානුකූලව ඇතිවෙනව නම් ඒ වගේ ක්‍රම ඇතිවෙනව .
මගේ කථාව - ලාබ අරමුණු කරනොගත් , වියදම් ආවර්ණයට පමණක් මුදල් අය කරන විශ්ව විද්‍යාල කියන්නෙ බොහොම හොඳ සංකල්පයක් හැබැයි එහෙම එකක් ආරම්භ කරන්න වෙන්නෙ රජයටම තමයි . රජයෙන් ආරම්භයක් ගත්තොත් පසු කාලීනව වෙනත් අරමුදල් ආදියෙන් එහෙම ඒවා හැදෙයි . මෙහෙම එකක් කලොත් ආණ්ඩුවට දැඩි විරෝධතාවය්ක් එනව ආණ්ඩුවම නිදහස් අධ්‍යාපනය අත්හැරල උපාධි විකුනනව කියල .ඒ විරෝධය නම් දැන් වගේම මර්ධනය කරත් , ඒ සඳහා වියදම් කරල රිස්ක් එකක් ගන්න ලංකාවේ රජයක් සාමාන්‍යයෙන් නැබුරුවක් දක්වන්නෙ නැ , අනික මෙහෙ රාජ්‍ය අංශයේ තියන දූෂණත් එක්ක සාර්ථකව කරගන්න ලැබෙයිද කියන්නත් අමාරුයි
කොයිවෙලෙත් කිව්වා වගේ පෞද්ගලික මෙව්වා හොදයි.. ඒක හරිහමන් පෞද්ගලික මෙව්වා එකක් උනානම්... :)
ReplyDeleteසුලඟිල්ල - දැන් ඔය හරි හමන් නොවන මෙව්ව එකය කියන්නෙ මාලබේ සීන් එකද ? ඒක නම් ටිකක් ගැටලු සහගතයි තමා . හැබැයි ලංකාවේ හරි හම්න් මෙව්වා තියනව වෙනත් ක්ෂේත්‍ර වලට . ඊලඟට නියාමන රාමුවක් නිසි පිලිවෙලට දැම්මොත් හරි හමන් මෙව්වා දාන එක ප්‍රශ්නයක් වෙන එකක් නැ . මේ මේ පැත්තේ ආපු පලවෙනි වතාවද ?
ReplyDeleteඔව් අයියේ මාලඹෙ එක තමයි... මාඅත් කෑ ගැහුවට මමත් විස්ස විජ්ජාල සිස්සයෙක් නෙවේ.. තාම එහාට යන්න ඉගන ගන්න එකෙක්. ඔය ගැටලූ කාරී තත්ව ටික අහක් කරලා දාල ගනන් හිලවු ටිකක් අගුකරල ඕකට ගන්න ලකුණු ප්‍රමානේ වැඩි කරල ගත්තනම් ගැටළු ගොඩක් දුරට ඉවරයි... :)
ReplyDeleteඅනිවාර්යයෙන්ම පළවෙනි පාර.. :D වෙලාවක්තිබ්බ වෙලාවක ඇවිත් යන්නම්කෝ...
පොඩි කතාවක් තියෙනවා මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන කියන කොට මතක් වෙන.ඒක තමයි රෙන්න පුකේ ගූ නෑ ඒ වුණාට කතාව ඉන්දියාවට පොහොර දෙන්න. එස්.බී. කරන්න හදන්නේ ඒ වගේ වැඩක්.මෙහෙ විශ්වවිද්‍යාල වල විසදන්න ප්‍රශ්න ඕනෙ තරම් තියෙනවා.ඒත් හදන්නේ පිටරටින් ළමයි මෙහෙට ගෙනෙල්ල උපාධි දීල සල්ලි හම්බ කරන්න.රජයේ තියෙන විශ්වවිද්‍යාල ටික තව ටිකක් වැඩි දියුණු කළා නම් ඔය ප්‍රයිවට් විශ්වවිද්‍යාල දාල ගන්න ළමයිට වැඩි ප්‍රමාණයක් විශ්ව විද්‍යාල වලට ගන්න පුළුවන්.මේක ඔයාගෙ බ්ලොග් එකේ දාන්න පුළුවන්නම් දාන්න.
ReplyDeleteමේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල දාන එක හොදයි කියනව නම් පොඩ්ඩක් මේ රටේ දේශපාලකයෝ මේ රටට කරල තියෙන දේ ගැන ආපහු හැරිල බලන්න.මේ රටේ අධිකරණය වත් ස්වාධීන නැති එකේ ඔය පත්කරන්න හදන නියාමන කොමිසම ගැනවත් ඔය විශ්වවිද්‍යාලවල ඇති කරන ප්‍රමිතිය ගැනවත් කාටද සහතික වෙන්න පුළුවන්.පෞද්ගලීකරණය වුණ හැමතැනම ලාභය පස්සේ දුවන එක තමයි වෙන්නේ.ඒත් අධ්‍යාපනය කියන දෙය මිල කරන්න හැදුවම අධ්‍යාපනයේ ගුණාත්මක බව නැතිවෙනවා.පෞද්ගලික වීශ්ව විද්‍යාල ගැන හොද ලිපියක් තියෙනවා ගිහින් බලන්න
ReplyDeletehttp://flames-of-mind.blogspot.com
පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න හදනකොට මට මතක් වෙනවා පොඩි කතාවක්.ඒ තමයි රෙන්න පුකේ ගූ නෑ ඒත් කතාව ඉන්දියාවට පොහොර දෙන්න.රජයේ විශ්වවිද්‍යාලවල අඩුපාඩු ටික හැදුව නම් පෞද්ගලික විශ්වවිද්‍යාල දාල ගන්න ළමයි ටිකට වැඩි පිරිසක් ගන්න පුළුවන්.ඒත් ඒ අඩුපාඩු ටික එහෙම්ම තියෙද්දි හදන්නේ පිටරට විශ්වවිද්‍යාල මෙහෙ දාල පිටරට ළමයිට උගන්නන්න.අනේ අනේ රටට එන මිනිස්සුත් මරාගෙන කනවා.
ReplyDeleteලංකාවේ හැම දෙයකටම ඔය නීතිය එක ලෙස ක්‍රියාත්මක නොවීම සහ දූෂනව වගේ දේවල් තියනව . ඒව තියනවයි කියල අලුතින් යමක් නොකර මේ විදිහටම සිටිය යුතුයි කියල කෙනෙක් හිතවනව නම් ඒ කියන්නේ ලංකාව හැමදාම එක තැන තිබිය යුතුයි කියන එක . අධ්‍යාපනයට විතරක් නෙවෙයි ලෝකේ ඕනැම සේවාවකට මිලක් තියනව . ඔබතුමාලට නොමිලේම ලැබුනත් රජය (ජනතාව ) ඒකේ වියදම දරනව . මිලක් තිබු පමණින් ගුණාත්ම ක බව පහල යනව නම් ලෝකේ හොඳම විශ්ව විද්‍යාල සියල්ල මුදල් අය කරන්නෙත් , ඒ අතරින් ඉහලින්ම තියන වගේ ඒවා පෞද්ගලික විශ්ව විද්‍යාල වෙන්නෙත් කොහොමද ? . ලංකාවට පිටරට ලමයි ගෙන්න ගන්න එක නම් ලෙසි නැ , දැන් නම් සංචාරකයෙක් වත් එයිද මන්ද .
ReplyDeleteඅපි හිතමු රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන්ගේ පඩි වැඩි කරල , අඩුපාඩු සකස් කරල , අර ඔබතුමාගෙ බ්ලොග් එකේදි කීව වගේ නියමිත ප්‍රතිශතය අධ්‍යාපනයට වෙන්කලා කියල . එහෙම වුනොත් පෞද්ගලික විශ්ව විද්‍යාල දාන්න හෝ රාජ්‍ය අංශයට මැදිහත් වෙලා මුදලට උසස් අධ්‍යාපනය ලබාදෙන්න (නොමිලේ දෙන ටිකට අමතරව ) ඔබතුමා එකඟද ? ශිෂ්‍ය ප්‍රජාව එකඟද ? එකඟ නම් ඒ බවක් රජයට දන්වලා තියනවද?
ප.ලි - ඔබල කියන ප්‍රතිශතය අධ්‍යාපනයට වෙන් කලා කියල උසස් පෙල සමත් සියලු දෙනාට නොමිලේ උගන්වන්න ප්‍රමාණවත් නොවෙනව කියල දන්නව ඇතිනේ
k
ReplyDeleteලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් පත් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටිති. මෙය කටුක සත්‍යකි. (බලන්න 2011 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකානු රට වලටත් වඩා පහතට වැටී ඇති අයුරු)
ReplyDeleteWorld University Ranking
Makerere University Uganda 1,177
University of Khartoum Sudan 1,216
Kwame Nkrumah University Ghana 1,338
Addis Ababa University Ethiopia 1,367
University of Nairobi Kenya. 1,367
University of Colombo 1,447
University of Peradeniya 1,909
University of Moratuwa 2,794
University of Sri Jayewardenepura 3,078
University of Kelaniya 4,434
(World University Ranking 2011 http://www.arwu.org/ )
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහෙනු ඇති බවට සමහරු මත පළ කරති. නමුත් දැනටමත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහී ඇත. අන්තර්ජාතිකව ලංකාවේ විශ්ව විද්‍යාල වල උපාධි වලට ලැබෙන පිළිගැනීම බිඳ වැටී තිබේ. බටහිර විශ්ව විද්‍යාල විසින් තවමත් අපගේ විශ්ව විද්‍යාල සිසුන්ට වාර්ෂිකව ශිෂ්‍යත්ව සීමිත ප්‍රමාණයක් ලබා දෙන නමුදු එය දෙන්නේ අපගේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය ගැන සලකා නොව ලංකාවේ දරිද්‍රභාවය ගැන සලකා බැලීමෙනි. මේ නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය කඩා වටේ යැයි කීම එක්තරා ආකාරයක විහිළුවකි. අපගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනිකව දැනටමත් කඩා වැටී තිබේ. ඉතිරිව ඇත්තේ භෞතික යටිතල පහසුකම් ටික පමණි. එයද තව නොබෝ කලකින් අන්තරය වැනි අන්තවාදී සංවිධාන විසින් විනාශ කරනු ඇත. එවිට උසස් අධ්‍යාපන ආයතන නොමැති සෝමාලියාව , ඇෆ්ගනිස්ථානය වැනි රටවල් තත්වයට අපටද පත්විය හැකිය.