Skip to main content

ජැකොලයින්ගෙ නිරුවත, ඉන්දියානු සිනමාව හා අපි

 ශ්‍රි ලංකාවෙන් බිහිවූ එකම බොලිවුඩ් නිලිය වන ජැකොලයින් ෆරිඩිනැන්ඩ්ස් විසින් රඟපානවා යැයි කියනු ලබන නිරුවත්  දර්ශන ගැන ක්ථා බහක් මේ වන විව ඇතිවී තිබේ .පුවත් වෙබ් අඩවි, බ්ලොග් කරුවන්, ගොසිප් වෙබ් අඩ්වි ඇතුලු පාර්ශව ගණනාවක් මේ ගැන වාර්ථා කර ඇති අතර නා නා විධ වාර්ථාකරනයන්ද ඒ අතර වේ . නොයෙකුත් මතවාද ද රාශියක් ඉදිරිපත්වී ඇත . පහත සබැඳි වලින් දක්වා තිබෙන්නේ ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවියක් වන Gossip Lanka News හිත් , බොලිවුඩ් සිනමාව සම්බන්ධ  "බොලිවුඩ් සිංහලෙන්" බ්ලොග් අඩ්වියත් එය වාර්ථා කර තිබූ ආකාරයයි (වඩා අංග සම්පුර්ණ හා මධ්‍යස්ත වාර්ථා නිසා සබැඳි දී ඇත )

01)  http://www.gossiplankanews.com/2011/02/jacqueline-willing-to-drop-her-clothes.html

02) http://bollywood-sinhala.blogspot.com/2011/02/blog-post.html

මේ නිරුවත් දර්ශන කතාව බොහොම දෙනා අතර ජනප්‍රිය බවද පෙනෙන්නට ඇත . ගොසිප් ලංකා හි අදාල ලිපිය සඳහා කමෙන්ටු ගනන 100ද ඉකමවා ඇති අතර,බොලිවුඩ් සිංහලෙන් අඩවියට මා ලාංකීය සිතුවිලි හරහා පිවිසෙන විට "යාම්" සංඛ්‍යාව එකසිය ගණන්ක් බව මතකය .මේ විමසන්නට යන්නේ ඒගැනය .


කලාව සිනමාව  සහ නිරුවත


කලාව යනු මිනිසාගේ හැඟීම් වල භාවමය නිරූපනයයි , මිනිසාට දැනෙන දුක ,සතුට, වේදනාව, කේන්තිය ඇතුලු සියලු හැඟීම් කලාව තුල නිරූපනය වේ . විවිධා කාරයෙන්,ඇතැම් විට යතාර්තයෙන් මිදුන මනකල්පිතයන් ලෙස ඉදිරිපත් වේ.මිනිසාගෙ එක් මූලික හැඟීමක් වූ ශෘංගාරයට කලාව තුල ප්‍රධාන තැනක් හිමිවුයේ ඇත අතීතයේ සිටය. ඒ බොහෝ විට ශෘංගාරය අනිකුත් මිනිස් හැඟීම් කෙරෙහි ඉතා තදින් බලපාන නිසා විය හැක. ඈත අතීතයේ සිට මේ දක්වා බොහෝ කලා නිර්මාන ශෘංගාරය මුල් කරගෙන බිහි වී ඇත , එයින් චිත්‍ර හා මුර්ති වැනි දෘශ්‍ය කලා නිර්මාන වලට ලැබෙන්නේ ,මූලික තැනකි . එනිසා චිත්‍රකලාවේ විකාශනයක් වූ සිනමාව තුලත් බොහෝ විට ශෘංගාරය පාදක වී ඇත.ශෘංගාරය සිනමාවට ගෙන ඒමේදි විවිධ කලාකරුවන් විවිධ උපක්‍රම අනුගමනය කල අතර කාන්තා නිරුවතට ඉන් ප්‍රධාන තැනක් හිමි වෙන්නේ අතීත දෘශ්‍ය කලා අනුගමනය කරමිනි , හොලිවුඩ් සිනමාව ප්‍රංශ සිනමාව මෙන්ම චීන සිනමාව තුලත් කාන්තා නිරුවත භාවිතා වීම නිරන්තරයෙන් දක්නට ලැබුන අතර ඇතැම් විටක එය ඉතා ගැඹුරු භාවිතාවක් වූ අතර ඇතැම් විටක සරල වාණිජ භාවිතාවක් විය .නමුත් ලෝක සිනමාවේ ප්‍රධාන හවුල් කරුවෙක් වූ ඉන්දියානු සිනමාව විශේෂයෙන්ම උතුරු ඉන්දියානු බොලිවුඩ් සිනමාව නිරුවත තමන්ගේ නිර්මාන සඳහා යොදා ගන්නේ නැතිම තරම්ය .ඒ ඇයි ?

බොලිවුඩය හා නිරුවත
කාන්තා නිරුවත බොලිවුඩයේ භාවිතා නොවීමට ප්‍රධානතම හේතුව වන්නේ ඉන්දියානු සංස්කෘතික බලපැමය( කොහොම උනත් ඇතැම් පැරණි ඉන්දියානු කලා නිර්මාන නම් ශෘංගාරයේ හා නග්නත්වයේ සියලු ඉසව් කර දිවෙන බව ත් කිව යුතුය ) .බොලිවුඩ් සිනමා කරුවා තමන්ගේ නිර්මාන වල ආදරය හෝ ශෘංගාරය සඳහා යොදා ගන්නේ ඉන්දියානුවන්ගේ සංස්කෘතික දායාදයන්වූ සංගීතය හා නර්ථනයයි, එය ඉන්දියානු රසිකත්වය හා කදිමට පැහුන අතර ලෝක සිනමාවටද නව ආරක් විය.තරුන තරුණියන් පමනක් නොව වැඩිහිටියන් පවා වසඟයට ගත් සිනමා තරු පරම්පරාවක් බිහිවෙන නිසා සීමා මායිම් බිඳ දමා යැමේ අවශ්‍යතාවයක්ද නිර්මාන කරුවන්ට නොවීය..ඉඳහිට ඇතැම් අයෙක් මේ වැටකඩොලු බිඳ දැමීමට තැත් කරත් ,අන්තවාදී බලවේග හා ඒ හා බද්ධ වූ දේශපාලනය විසින් ඒවා යටපත් කෙරිනි,කාන්තා නිරුවත තබා දෙතොල් සිපගැනීම් දර්ශනයක් වත් ආන්දෝලනයකින් තොරව ඇතුලත් කල නොහැකි වූ නිසා නිර්මාන කරුවන්ගේ උපරිමය වුයේ තෙත් ඇඳුම් වලින් යුත් සරාගී නර්ථනයක් පමනි . මේ තත්වයට කදිම උදාහරණයක් ලෙස 1990 දශකයෙ මුල් භාගයේ තිරගත් වූ රාජා හින්දුස්ථාන් චිත්‍රපටිය හැඳින්විය හැකිය . අමීර් කාන් හා කරිෂ්මා කපූර් ගේ දෙතොල් සිප ගැනීමේ ගැනීමෙ දර්ශනය ඉන්දියාව තුල ඇති කල ආන්දෝලනය ඉමහත්ය.නමුත් ඇත්ත වශයෙන්ම මේ චිත්‍රපටයේ සිප ගැනීමෙන් අරුත්ගන්නෙ සිප ගැනීමක් නොව ලිංගික දර්ශනයකි.

බොලිවුඩය තුල පැවැති මේ තත්වය වෙනස් වීමට පටන් ගන්නේ පසුගිය දශකයේ අග භාගයෙ සිටය . අඩනිරුවත් දර්ශන දෙතොල් සිප ගැනීම් මෙන්ම ඉතා කලාත්මකව රූප හා අලෝකය භාවිතා කල ලිංගික හා ව්‍යංග නිරුවත් දර්ශනද මේ කාලය තුල සිනමාවට එක් විය . ඉන්දියානු ජන සමාජයෙ ඇතැම් ස්තර වලින් හා අන්තවාදින්ගෙන් බල පැම් එල්ල උනත් . මේවාට පක්ෂ වූ සමාජ තලයක් පැවතීම,මාධ්‍ය වල සහයෝගය ලැබීම , හා ප්‍රධාන දේශපාලන අධිකාරය අත නොපෙවීම හා ඇතැම් විටක අන්ත වාදි ප්‍රහාර හමුවෙ නිර්මාන තිරගත කිරීම්ට සහය දැක්වීම වැනි කරුනු නිසාත් ,නවක රංගන ශිල්පි ශිල්පිනියන් මේ දර්ශනව රඟපැම ප්‍රතිශේප නොකිරීමත් නිසා මේ බොලිවුඩ් සිනමාවේ ශෘංගාරාත්මක නිරූපනයේ පෙරලිකාර ද්ශකය බවට වුවත් නම් කල හැක

ජැකලයින් නිරුවත් දර්ශන හා Murder 2
මේ සිද්ධියේ සම්පූර්න කතාව දැනගැනීමට නම් ඔබ මා ලබා දී ඇති සබැඳි වලින් එක් ලිපියක් හෝ කියවිය යුතුය ඉන්දීයානු මාධ්‍ය හරහා පුවත් මැවු ජැකොල්යින් නිරුවතින් රඟපාන පුවත් ශ්‍රි ලාංකික වෙබ් අවකාශ්යද කලඹවන්නට සමත් විය . මෙහිදී ජැකොලයින් පවසන්නේ තිර පිටපත ඉල්ලන ඕනැම යමක් තමන් කීරීමට සුදානම් බවය, චිත්‍රපටයේ නිර්මාන කරුවා ඉතිහාසයේ ප්‍රභලම නිරුවත්/සරාගී දර්ශන පොරොන්දුවේ , මේ නිර්මානය වෙන්නේ ඉන්දියාන්ය් ශෘංගාරාත්මක සිනමා නිර්මානකරන්යේ හැරුම් ලක්ෂයක්වූ Murder හි දෙවන කොටසය , අධ්‍යක්ෂකවරයාද එකමය, ප්‍රධාන නලුවාද එකමය ඉතින්මේ ආන්දොලනයේ සාධාරනත්වයක්ද ඇත

අසාර්ථක වූ ඇලඩින් හා නමවත් මතක නොහිටන තත්වයේ නිර්මානයකට පමණක් දායක්වී ඇති ජැකොලයින් මේ සැරසෙන්නේ නව ප්‍රතිරූපයක් තනා ගැනීමටද ? ප්‍රේක්ෂක කුතුහලය අවුස්සමින් අධ්‍යක්ෂවරයා සැරසෙන්නේ ජැකොලයින් ගේ නිරුවත හරහා තම නිර්මාන විකිනීමටද? මේ පැන නැගෙන ප්‍රශ්නය

ජැකොලයින්ගෙ පැත්තෙන් නම් නව ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම ඉතා වැදගත්ය , ඒ ඇය මෙතෙක් අසාර්තක නිසාය (සැබවින්ම ඇය රූමත් වුවත් මෙතෙක් රංගනයේ විශෙෂ දක්ශතා පෙන්වා නැත ) අනික් අතට නිර්මාන කරුවා තමන්ගේ නිර්මානය විකිනීමට තැත් දැරීමත් සාධාරනය ඒ සිනමාව කර්මාන්තයක් නිසාය . වසර ගනනක් සිරගතව සිටි රූප රාමු නිර්මානය වෙත්දී බොලිවුඩය කැල්ඹීමේද වරදක් නැත . Murder 2 හි ජැකොලයින්ගේ නිරුවතෙ භාවිතය ගැන උනන්දුවද ඒ අනුව සාධාරනය. ඒ බොලිවුඩය පැත්තෙන්ය , නමුත් ශ්‍රි ලාංකික ජැකොල්යින් ගේ දායකත්වය නිසා ශ්‍රිලාංකීය අවධානයද Murder 2  විසින් දිනා ගෙන ඇත

ජැකොලයින්ගෙ නිරුවත හා අපි


මේ සිද්දිය සම්බන්ඳව ගොසිප් ලංකා හි මෙන්ම තවත් පුවත් වෙබ් අඩවි තුලත් පල වූ පාඨක අදහස් බොහෝය , සැලකිය යුතු පිරිසක් ජැකොලයින්ව  අනුමත කර තිබූ අතර, ඇතමුන් අස්භ‍ය වීඩියෝවක ජැකොලයින් දකින්නට කැමති යැයිද පවසා ඇත, ඇතමුන්ට අනුව ඇය ශ්‍රි ලාංකිකයෙක් නොවුනා නම්  ඕනි මඟුලක රඟපැවාට කමක් නැත, තවත් සමහරු කියන්නෙ ඇයට නමට් පමනක් ශ්‍රි ලාංකික නිසා අවුලක් නැත කියාය . සමහරෙක්ට අනුව ඇය සිංහල බෞද්ධ නොවේ ඒ නිසා කමක් නැත ......

මේ අදහස් දක්වන්නේ ලංකාවේ අන්තර්ජාල සාක්ෂරතාවය ඇති අයය , මෙය ලංකාවෙ ජීවත් වන් නිලියකගෙ කතාවක් නොවන නිසා අනෙක් මහජනතාවතත් "දේශප්‍රේමි" කණ්ඩායමුත් තවමත් නිහඩය . ඉතින් අනර්කලි, නෙහාරා , ශලනි තාරකා වැනි ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලාංකීය නිර්මානයක නිරුවත් දර්ශනයකට දායක උනා නම් මොනවගෙ තත්වයක් ඇති වෙයි ද? ඒ නිර්මානයේ නිර්මාන කරුවාට කුමක් වේවිද ? ඉතා ඉහල කලාත්මක නිර්මානයක් උදෙසාවත් අපේ රංගන ශිල්පිනියක් මෙවන් දර්ශනයකට පෙනී ඉඳියිද? ඔවුන් ඒ කැප කිරීමට සූදානම් ද? ඔවුන් කැමති වුවත් අපේ සමාජය එයට ඉඩ දෙනවාද ????? ඔබම සිතා බලන්න ...

Comments

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව